Tuesday, 27 March 2012

වෙනකෙකුට දුන් මුල්ම පඩිපත...

මගේ බ්ලොග් එකේ ආගිය කතා පරණ විස්තර ලිව්වට මගේ ගැන වැඩිපුර ලියවිලා නැහැ. නමුත් කලින් පෝස්ට් එකක මම දැනට කරන රස්සාව මොකක්ද මම එතන කරන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පැහැදිළි කිරීමක් කලා. එතැනදී මම කිව්වා මම මේ අවුරුද්දේ සිංහල අවුරුදු කන්න ලංකාවට එනවා කියලා. ඒ ඇවිත් දිගටම ලංකාවේ නතරවෙනවා කියලත් මම කිව්වා. ඒත් මගේ සිහිනය දවස් 20 කින් විතර පස්සට දාන්න සිද්ධ උනා පොඩි නිවාඩු ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ මම ලංකාවට එන්නේ සිංහල අවුරුද්දෙන් පස්සේ.


ඒ පෝස්ට් එකේ අපේ යාළුවො අහපු සමහර ප්‍රශ්න වලට මම උත්තර දීල තිබුනා මම ලංකාවට ඇවිත් පොඩි ව්‍යාපාර කටයුත්තක් රැකියාවකට සමගාමිව කරගෙන යන්න හිතාගෙන ඉන්නවා කියලා. ඒත් දැනට මාස කීපෙකට කලින් මට එක පාරටම හිතුනා මම මෙහේ ඉන්න ගමන්ම ඒ වැඩේ පටන් ගත්තොත් මොකද කියලා.  මට මතක විදිහට ඒ නොවැම්බර් මාසේ වගේ හරියක වෙන්න ඕනේ. ඔන්න ඉතින් මගේ අදහස හාමිනේට කිව්වා. පස්සේ  එයා මට කිව්වා එහෙනම් අපි පොඩ්ඩක් කේන්දර එහෙම බලලා මේ කාලේ ඒ වැඩේට හොඳද කියලා බලමුද කියල ඇහුවා, එයාලගේ ගෙදර අය දන්න හොඳ තැනකුත් තියෙනවා කිව්වා. ඉතින් ඔන්න එක දවසක මෙයා නිවාඩුත් දාගෙන ගෙදර ගිහින් පාන්දර 05:00 ට විතර අදාළ තැනට ගියාලු. යන්න කලින් එයාල එනවා කියල අදාළ පුද්ගලයට දැනුම් දීලලු ගියේ.


එතනට ගිහින් බැලුවට පස්සේ ඒ මනුස්සයා නැතිලු. එදා උදෙන්ම මට මේල් එකක් එනවා මේ විස්තරේ කියලා. ආපහු දවසක එහේ යන්න වෙනවා කියලා තමයි හාමිනේ කිව්වේ.  ඔන්න ඉතින් මගේ යක්ෂයා පොඩ්ඩක් ඔළුවට ගහලා ඊට පස්සේ මම කිව්වා කාගෙන්වත් වෙලාවල් බලන්න යන්න දෙයක් නැහැ, මම කියන විදිහට වැඩ ටික කරන්න කියලා. ඔන්න දැන් ඉතින් වෙලාවල් බැලීම් මුකුත් නැතුව අපේ වැඩේ මුල් පියවරවල් සඳහා ටික ටික සුදානම් උනා. 
මට තියෙන්නේ ඕනේ කරන සල්ලි ටික සහ උපදෙස් දෙන එක තමයි. ඔක්කොම වැඩ ටික කලේ මගේ හාමිනේ.


ඒ වෙනුවෙන් මුලිකව ගෙවන්න ඕනේ කරන සම්පුර්ණ මුදල් ප්‍රමාණය මගේ අතේ තිබුනේ නැහැ. ඒ හින්ද මම කලේ මගේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් රත්තරන් බිස්කට් දෙකක් අරගෙන යාළුවෝ දෙන්නෙක් අතේ ලංකාවට එවපු එක. අපිට වාහනේට අදාළ පළමු මුදල් බැඳීම කරන්න තිබුනේ දෙසැම්බර් මාසයේ මැද.
පළවෙනි බිස්කට් එක ගෙනියපු යාළුවට හදිසි වැඩ වගයක් නිසා ඒක මගේ වයිෆ්ගේ අතට ගෙනිහින් දෙන්න වෙන්නේ නැහැ කිව්වා. මගේ නෝනටත් ඒ දවස් වල විභාගයක්. මම ඒ වෙලාවේ මාත් එක්ක එක කැම්පස් එකේ, එක බෝඩිමේ, එක හොස්ටල් එකේ එකට කාගෙන බීගෙන  හිටපු සහ ඊට පස්සෙත් දෙන්නට දෙන්නා ගොඩක් උදව් පදව් කර ගත්තු බැචෙක්ගෙන් උදව් ඉල්ලුවා.
ඌ වැඩ කරන තැන ඉඳලා මගේ නෝනා වැඩ කරන තැනට තියෙන්නේ මීටර් 500 ක වගේ, ඒ වගේම ඌ වැඩ කරන්නේ විකිණුම් අංශයේ නිසා ඕනේ වෙලාවක එළියට යන්නත් පුළුවන් කියල තමයි අපිට කියල තිබුනේ.
ඌ රට ඉඳල ආපු යාළුවව හම්බ වෙන්න කොහොමත් යන බව කළින්ම කියල තිබුනා. ඒ ගිය වෙලාවේ ඌ බිස්කට් එක අරගෙන තිබුනත් මගේ වයිෆ්ට ඒක දෙන්න තව සති තුනකට වැඩිය කල් ගියා. එක එක හේතු නිසා බිස්කට් එක දෙන්න පරක්කු උනා කිව්වා. ඒ හේතුව නිසා අපි දෙන්න අතරේ පොඩි හිත් නොහොඳකුත් ඇති උනා. දැන්නම් ඒක හරි...
(ඒ ඔක්කොම වල්පල් අත ඇරලා දාමු)
කොහොම හරි පළවෙනියට එවපු උවමනාම කරන බිස්කට් එක තමයි මේ විදිහට පරක්කු උනේ.
දෙවෙනි බිස්කට් එක ගෙනාවේ සව්දියට ආවට පස්සේ  මම අඳුන ගත්තු යාළුවෙක්, ඌනම් මගේ වයිෆ්ව හම්බ වෙලාම බිස්කට් එක දීලා තිබුනා දවස් දෙකක් ඇතුළත. ඔන්න වෙනස.......


අන්තිමට ඒකෙන් මට වෙච්ච පාඩු තමයි මේ.
01. අදාළ කාලය ඇතුළත මුදල් බඳින්න බැරි වෙච්ච නිසා අපිට ඒ වාරයේ වාහනය ගැනීමේ අවස්ථාව නැති වී යාම.
02. වාහනයේ මිල රුපියල් ලක්ෂ දෙකකින් වැඩි වීම.
03. රු.2690/- ට තිබු ලීසිං වාරිකය 2846/- දක්වා වැඩි වීම(ලක්ෂයක් සඳහා වසර 4 කට)
04. කැරට් 24 රන් පවුමක මිළ රු. තුන් දහසකින් පමණ අඩු වී තිබීම.


ඒ කාලය ඇතුලත රුපියලේ සිදු වෙච්ච වෙනස් වීම් නිසා ආපහු වාහනයේ මිළ අඩු උනා, ඒ නිසා අපිට සිද්ධ වෙච්ච ශුද්ධ පාඩුව ලක්ෂ දෙකකට වගේ බැස්සා.
(ආ... මට කියන්න අමතක උනානේ මම පළවෙනි බිස්කට් එකත් එක්ක  Nokia N8  ෆෝන් එකකුත් යැව්වා. අන්තිමට මගේ නෝනගේ අතට බඩු පාර්සලේ ලැබෙද්දී ඒකෙ ඩිස්ප්ලේ එක කුඩු වෙලාලු. ඒ බෝනස් එකක්)



ඒ ඔක්කොමත් සතුටු සිතින් අමතක කරලා දාන්න මටයි මගේ නෝනටයි පුළුවන්කම තිබුනා. ඒකට හේතුව මීට වඩා අමාරුකම් වලට අපහසුතා වලට මුණ දීපු පළපුරුද්ද නිසා වෙන්න ඇති.
හැම කරදරයක් අස්සෙම අරුම පුදුම දේවලුත් සිද්ධ වෙනවා. මේ පාර අපේ ආයතනයේ තිබුණ වාර්ෂික උත්සවයේදී මට අඟල් 32, Sony 3D TV එකක් තෑගී විදිහට ලැබුනා. ඒක ලැබුනේ හරියටම පෙබරවාරි 29 වෙනිදා.



කොහොමින් කොහොම හරි බිස්කට් දෙක අතට ලැබිලා ඒවා විකුණලා සල්ලි කරගෙන මාස දෙකක වගේ තවත් හොඳ කට්ටක් කාල හරියටම පෙබරවාරි මාසේ මැද වෙද්දී අපේ සිහිනය සැබෑ උනා.
අපි කලේ ලොරියක් අරගෙන හයර් එකට දාපු එක. ඒ වාහනේ ගන්න ගියපු තැන හිටපු අවුරුදු 40 ක 45 ක වගේ දෙමළ මනුස්සයෙක් අපේ වැඩේට ගොඩක් උදව් කලා. එතනින් අපිට ඕනේ කරන වාහනේ ගන්නනම් අඩුම ගානේ මාස 7 ක් 8 ක් බලාගෙන ඉන්න ඕනේ. ඒත් මේ මනුස්සයා අපිට අවශ්‍ය වාහනේ මාසයක් දෙකක් ඇතුළත අරගන්න ගොඩක් උදව් කලා. වාහනේ අරගෙන ඉවර උනාට පස්සේ එයාට තෑග්ගක් යවන්නත් අපි කටයුතු කලා.



හැබැයි ටික දවසක් යද්දී එයා කරපු උදව් කණපිට ගහගෙන එන ගතියක් තමයි මට පේන්න තිබුනේ. එයා අපිට උදව් කරලා තියෙන්නේ මනුස්ස කමටම නෙමෙයි, තව තව දේවල් හිත ඇතුළේ තියාගෙන. අපි වාහනේ අරගෙන ටික දවසක් ගියාට පස්සේ මේකා මගේ හාමිනේට කෝල් කරකර SMS කරකර ලව් කරන්න හදනවලු. කෝල් කලාම ආන්සර් නොකර ඉඳල සහ  SMS වලට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසුව ඒ කරදරය තරමක් සමනය උනා කියල තමයි දැනගන්න තියෙන්නේ.
ඒත් අපේ වෙලාව කියන්නේ අපිට ඒ මනුස්සයව ඉස්සරහටත් ඕනේ වෙනවා වාහනේ ගැරන්ටි කාලේ ඇතුලත තියෙන වැඩ වලට. ඉතින් අන්තිමට මේ මිනිහා උණු හින්ද බොන්නත් බැරි කැඳ හින්ද නොබීත් බැරි වගේ කේස් එකක් උනා.
මොනවා උනත් මේ වෙලාවේ ඒ මිනිහව තරහ කරගෙනත් බැහැ.


ආ.... මට කියන්න බැරි උනානේ අපි මේ වාහනේ ගත්තේ මගේ නෝනගේ නමට. 

ඒ වගේම තමයි රක්ෂණ අංශයේ වැඩ කරන මම දැකලවත් නැති වයිෆ්ගේ යාළුවෙක් අපිට සැහෙන්න උදව් කලා. එයා නිසා තමයි ගොඩක් අඩු පඩියක් ගන්න මගේ නෝනගේ නමට ලීසිං එක ගන්න පුළුවන්කම ලැබුනේ.

අපි වාහනේට නම දැම්මෙත් අර පුන්‍යසිරියි කමලාවතියි නම දාපු විදිහටම තමයි. හැබැයි අපි දෙන්නගේ ඇත්ත නම්වල අකුරු නෙමෙයි ඒ. අපි දෙන්න ආදරේට කතා කරන පෙට් නේම් ගොඩක් අතුරින් අපි කැමතිම දෙකේ මුල් අකුරු තමයි වාහනේට දැම්මේ.
                                     ෴ I&M Transport ෴

වාහනේ අදාළ ආයතනයේ හයර් එකට දැම්මේ පෙබරවාරි මාසයේ අන්තිම සතියේ වගේ. ගිය සතිය වෙද්දී අපිට ඒ දවස් 7 ට අදාළ ගෙවීම ලැබුනා. මම කලින් අපේ රියදුරු මහතාට පොරොන්දු උනේ අපිට ලැබෙන බිලෙන් 20% ක ප්‍රතිශතයක් එයාගේ පඩිය විදිහට ගෙවනවා කියලා. එයා ඉස්සර අපේ තාත්ත යටතේ වැඩ කරපු කෙනෙක්. ඒ වගේම තරමක් දුරින් අපේ නෑදෑයෝ වෙන විස්වාසවන්ත කෙනෙක්.


පොරොන්දුවේ හැටියට දැනට දවස් තුනකට කලින් අපි එයාට අදාළ ගෙවීම කලා. එයාගේ පඩිය උනේ 13,250/-ක්. ඒත් ඒ ගාණ දැකපු ගමන් එයා ගොඩක් බයවෙලා, මගේ නෝනට කියල තිබුනා "අනේ දුවේ මට තව කීයක්‌ හරි වැඩිපුර දෙන්න, කෑමටයි බීමටයි ගියාම ගෙදරටත් දෙන්න ගාණක් තියෙන්න ඕනිනේ" කිව්වලු. එයා හිතල තිබුනේ අපි එයාට ගෙව්වේ සම්පුර්ණ මාසෙක පඩිය කියලා. එයාට ගෙව්වේ සතියක පඩිය කියල තේරුම් කරලා දුන්නට පස්සේ තමයි එයාගේ බය නැතිවෙලා තියෙන්නේ.
ඇත්තටම මාසෙක පඩිය විදිහට එයාට ලැබෙන මුදල මම ලංකාවේ රස්සාව කරද්දී මට ලැබුණු පඩියටත් වඩා වැඩි මුදලක්. දැනටත් මගේ නෝනට ලැබෙන්නේ එයාගේ පඩියෙන් බාගයක් වගේ ගාණක්.
එයාට වගේ නෙමෙයි අපිට ලැබෙන 80% කොටසෙන් තමයි අපිට වාහනේ නඩත්තු කටයුතු ඔක්කොම කරන්න වෙන්නේ, ඒ වගේම මේ විදිහට හැමදාම වැඩ තියෙන්නෙත් නැහැ. එහෙම බැලුවහම පොඩි අවධානමක් නැත්තෙත් නැහැ. ඒත් මේක පාඩු ලැබෙන වැඩකුත් නෙමෙයි. කොහොම නමුත් අභියෝගයක්  නැති ජීවිතෙන් වැඩකුත් නැහැ කියනවනේ.



කොහොම නමුත් දැන් තමයි මගෙත් බය ටිකක් හරි නැති උනේ. දැන් අප්‍රේල් අන්තිම වෙද්දී බයක් සැකක් නැතුව ලංකාවට ගොඩ බැහැලා ටික දවසක් නිවී හැනහිල්ලේ ඉඳලා වැඩි කරදරයක් නැති තැනක රස්සාවක් හොයාගෙන ජිවිතේ අළුතෙන් පටන් ගන්න ඕනේ.
මම ලංකාවට යන්න කලින් වෙනත් රටවල් දෙකක ඉන්න යාළුවෝ හරහා මිළදී ගත්තු කැමරා උපකරණ ටිකත් මම ලංකාවට ගියාට පස්සේ මගේ අතට ලැබේවි. ඒ කියන්නේ ආපහු ඔයාලව කැලයක් පැත්තේ එක්කගෙන යන්න මට පුළුවන් වේවි.


මොනවා උනත් මේ හැම දෙයක්ම මේ විදිහට කරගෙන යන්න පුළුවන් උනේ මගේ හාමිනේගේ සහයෝගය නිසා. ඇය මගේ ජිවිතයට ලොකු හයියක් උනා හැම වෙලාවකදීම. විශේෂයෙන්ම අගහිඟකම් තිබුණ කාල වලදී ඇය මගේ ලඟින් ඉඳගෙන උපරිම සහයෝගය දුන්නා. මම දන්නවා ඉස්සරහටත් එහෙමම තමයි කියලා.

56 comments:

  1. ඔයාල දෙන්නාගෙම සියලුම බලාපොරොත්තු ඉටුවෙලා..ජීවිතේ සතුට සැනසීම රජවෙන එකක්ම වේවා කියල ප්‍රාර්තනා කරනවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කිරිල්ලියේ....

      Delete
  2. ඇත්තටම සතුටුයි අයියේ.. ජීවිතේ කියන්නේ අභියෝග වලට.. අපි ඒ අභියෝග වලට මූණ දෙන විදිහට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ.. සුභ පැතුම් අයියේ.. කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා පතනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ්...
      ජිවිතේ තියෙන අභියෝග ඉස්සරට වඩා මේ වෙද්දී සංකීර්ණයි. ඒ නිසාම තමයි මට රට එන්න සිද්ධ උනෙත්.
      අවුරුදු 2 ක් ඇතුළත මම ගියපු දුර ගැන මට සතුටුයි... :)

      Delete
  3. සෑම දෙයක්ක්ම සාර්ථක වේවා!!.

    ඒවගේම හොඳ බිරින්දෑවරු හැමෝටම ලැබෙන්නෙත් නැහැ.යාලුවොන්ගෙන් උදවු ගන්න ගියාම ඉතිං අරවගේ ආලාභ වෙන අවස්ථාවල් වැඩිනේ.ලංකාවට ගියාම බ්ලොග් කෙරුවාව නවත්වන්නේ නැහැ නේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං....
      ඒ කතා දෙකම ඇත්ත, ඒත් යාළුවෝ නිසා මට ලැබිච්ච දේවල් ගොඩක් වැඩියි නොලැබුණු දේට වඩා.
      අර යාළුවා උනත් මට සැහෙන්න උදව් කරලා තියෙනවා මීට කලින්. ඒත් අපේ වෙලාවට මේ වෙලාවේ පොඩි ප්‍රමාදයක් සිද්ධ උනා.
      ඒක එතනින් ඉවරයි.
      බ්ලොග් කෙරුවාව මේ දවස් ටිකේ පොඩ්ඩක් අඩපණ උනේ මේ තිබ්බ වැඩ අස්සේ හිතට නිවනක් නොතිබුන නිසා.
      දැනටනම් බ්ලොග් එක නතර කරන්න අදහසක් නැහැ.... :)

      Delete
  4. සුභ පතනවා මචං වැඩේට..ජයෙන් ජය ලැබෙන්න ඕනේ..බය වෙන්න එපා හැමදෙයක්ම හොඳින් වෙයි..ඉතින් එහෙනං ලංකාවට ගිහිල්ලා විස්තර කියලා පිංතූරයක් එහෙම දාන්න කැලෑ පොජ්ජක....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ...
      කොහොමත් ලංකාවට ගිහින් කොහේ කොහේ හරි ඇවිදින්න යන්න ඕනේ ඔක්කොටම කලින්.
      උඹලවත් ඒ ගමන් වලට සහභාගී කර ගන්නම්කෝ....

      Delete
  5. ලොකු පුතාගෙත් ලොකු දුවගෙත් (හික්ස්) සියලු ප්‍රර්ථනා සඵල වේවා. යහපතක්ම වේවා.
    ඉතින් අද ලොකු පුතා ගැන හුඟක් තොරතුරු දැනගත්තා. අර අසරණයා කිව්වා වගෙ බ්ලොග් ලිවිල්ල නවත්තන්නත් එපා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Dude අයියේ...
      නැහැ නැහැ... බ්ලොග් එක නවත්තන්න අදහසක් නැහැ. ඒ හරහා හම්බ වෙච්ච යාළුකම් ගොඩක් වටිනවා.
      ඒ වගේම කියන්න තියෙන දේවල් ඉවරත් නැහැනේ... :)

      Delete
  6. සාර්තක වේවා කියල ප්‍රාර්තනා කරනව. වාහන වල අවුල තමයි ඩ්‍රයිවර්ලගෙ අවුල. විශ්වාසවන්ත කෙනෙක් හොයාගත්තෙ නැත්නං සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්...
      මම මේ මනුස්සයා ගැන දන්න කියන නිසා තමයි බයක් සැකක් නැතුව මමත් නැති වෙලාවේ මේ වැඩේට අත ගැහුවේ.
      එහෙම නැති උනත් අපි වාහනේ දාපු තැනදී එයාට හොර වැඩක් කරන්න බැරි වටපිටාවක් තියෙන්නේ.
      ඒ නිසා කොහොමටත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ
      අනිත් කාරණය තමයි අපි එයාට ගෙවන පඩිය අනුව එයාට පොඩි පොඩි හොරකම් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියල මට හිතෙනවා

      Delete
  7. මගේ පලවෙනි කොමෙන්ට් එක. මෙහි මම කියවපු දෙවෙනි පෝස්ට් එක තමයි මේ.පොස්ට් එක කයෙව්වම මම අමතක කරන්න උත්සහා කරන අතිතයක් නැවතත් හිතට වද දෙන්න ගත්තා .ගොඩක් දුක් විදලා අමාරුවෙන් ගොඩ නගපු(අර්ධ රාජ්්‍ය ආයතනයක ආහාර සැපයුම්) ව්‍යාපාරයට යාළුවෙක්ගේ මාර්ගයෙන් හවුල් කරුවෙක් එක් කරගත්තා. මාස 2ක් යන්න කලින් මට රෙදි බෑග් එක විතරක් අරන් එළියට බහින්න සිදුවුනා සම්පුර්ණ ව්‍යාපාරයම කුමන්තුණයක් කරලා ඔහු අයිති කරගත්තා.පොස්ට් එකේ අවසානයේ බිරිඳ ගැන කල සදහනත්

    // හොඳ බිරින්දෑවරු හැමෝටම ලැබෙන්නෙත් නැහැ.යාලුවොන්ගෙන් උදවු ගන්න ගියාම ඉතිං අරවගේ ආලාභ වෙන අවස්ථාවල් වැඩිනේ//

    කියලා "අසරණයා" දාපු කොමෙන්ටුවත් තදින්ම හිතට වැදුනා මටත් ඒවගේ බිරිදත් ඉන්න නිසා.

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලි ගන්නවා යාළුවා...
      බොහොම ස්තුතියි කමෙන්ට් එකට,
      බිස්නස් එකක් ගොඩ නගන්න කෙනෙක් වෙන මහන්සිය මම හොඳටම දන්නවා.
      එහෙව් එකේ තමන් අමාරුවෙන් පියවරෙන් පියවර හදා වඩා ගත්තු දෙයක් වෙන කෙනෙක් උදුර ගත්තට පස්සේ හිතේ ඇතිවෙන හැඟීම මට තේරුම් ගන්න පුළුවන්
      ඒ වගේ දෙයක් අපේ මස්සිනාටත් සිද්ධ උනා.

      මොනවා නැතත් අපේ ජිවිතේ බෙදා හදා ගන්න ඉන්න හොඳ බිරින්දෑ වරු අතින් මිනිහෙක්ගේ සාර්ථකත්වය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු වෙනවා.
      ඒ සම්පත තියෙන කෙනෙකුට කොච්චර වැටුනත් ආපහු නැගිටින්න අමාරු වෙන්නේ නැහැ....
      ආපහු නැගිටලා ඒ හිටපු තැනටත් වඩා උඩට පලයන්...
      ජය වේවා කියල පතනවා....!

      Delete
  8. සුභ පතනවා අයියේ. වැඩ කටයුතු සාර්තක වේවා.

    මිනිස්සු එක එක විදිහයි නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි....
      ඒක ඇත්ත... මම ඒ මිනිස්සුන්ගේ විවිධත්වයට කැමතියි.
      මිනිස්සුන්ගේ මොන අඩුපාඩුව තිබුනත් එයාල තුල තියෙන සමහර හොඳ ගතිගුණ නිසා උන් ගැන අහිතක් හිතන්න හිත ඉඩ තියන්නේ නැහැ.

      Delete
  9. යාලුවෝ ගැන නම් ඉතින් මට කියන්න තියෙන්නෙත් ඔච්චරයි. මගෙත් බලාපොරොත්තුව ව්‍යාපාර පැත්තට යන එක. බලමු, ලංකාවට ගිහින් ප්ලෑනක් ගහගන්න ඕනේ. අවුරුදු උත්සවේ මග හැරෙයිද?

    ReplyDelete
    Replies
    1. සමහර යාළුවෝ ගැන බැලුවමනම් ඒ කතාව ඇත්ත...
      ඒත් මට ලැබිල ඉන්න බහුතරයක් යාළුවෝ කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නැති ජාතියේ අය.
      මට සහෝදරයෝ සහෝදරියෝ වගේ ඉන්න යාලු මිත්‍රයෝ ගැන හිතුවහමත් හිතට දැනෙන්නේ සතුටක්.

      (එතැනදී ඒ යාළුවා නිසා මට යම්කිසි පාඩුවක් උනා තමයි, ඒත් අපි දෙන්නා අදටත් හොඳ යාළුවෝ)

      ආණ්ඩු වලට, රටට හෝ රටේ ඉන්න මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතුව ගොඩ යන්න ක්‍රම අපේ රටේ තාමත් තියෙනවා.
      (මම මේ උඹට කියනවා නෙමෙයි, දැන් රටේ ට්‍රෙන්ඩ් එක ඒක නිසා)
      ව්‍යාපාර කියන්නේ එක අංශයක්.
      හරියට ප්ලෑන් කරලා පටන් ගනින්, වරදින්න විදිහක් නැහැ. ජයෙන් ජය පතනවා.

      මම ලංකාවට එන්නේ අවුරුදු උත්සවය පහු වෙලා(අප්‍රේල් 27).... :((

      Delete
  10. ලොකු පුතාගෙ සියලු වැඩ ගොඩ දාගන්න ලැබේවා!!

    දැනටමත් කරනවද දන්නෙ නෑ. පුලුවන් නම් මාසේ ගණන් හිලව් බේරෙන දවස‍‍ට සීයට අහවල් ගාණක් පින් අතේ වැඩ වලට ඉතුරු කරගන්න. අපි හිතමු 10% ක් කියලා. එතකොට ආදායම වැඩි උනත් අඩු උනත් ගැටලුවක් වෙන්නෙ නෑ. මොකද අඩු උනත් වැඩි උනත් යන්නෙ ප්‍රතිශතයක් විදිහට. එතකොට මාස ගාණක් යද්දි සෑහෙන මුදලක් එකතු වෙනවා.

    නෙට් එකේ හරි වෙනත් කව්රු හරි උදව් ඉල්ලුවොත් අපිට බය නැතිව උදව් කරන්න මුදල් තියෙනවා. හැම මාසෙම එහෙම වෙන්නෙ නෑ. එතකොට අර මුදල එකතු වෙවී තියෙනවා. ඕනෙ වෙලාවක ඒ වැඩ වලට ගන්න පුලුවනි. වැදගත්ම දේ අපි ඒ වගේ දේකට මුදල් යෙදෙව්වා කියලා අපේ එදිනෙදා වියදම් වලට ඒක දැනෙන්නෙ නෑ. මොකද අපි ඒකට වේලාසනින්ම ලෑස්ති නිසා. දාඩිම මහන්සියෙන් හම්බකරගත්තු මුදල හිතේ කරදරයක් නැතිව දීලා දැම්මම ලැබෙන සතුට ලොකුපුතාටත් දැනිලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධි....
      උඹ කියන විදිහට හැම මාසෙම ගානක් වෙන් කරන ක්‍රමේකට නෙමෙයි, මොනවා හරි දෙයක් දැන ගත්තොත් ඒ වෙනුවෙන් උදව් කරනවා...
      ඊට අමතරව අපේ ගෙදර හැමෝම එකතුවෙලා හැම අවුරුද්දෙම කරන කටයුත්තක් වෙනුවෙනුත් අපි හැමෝම දායක වෙනවා.
      එක එක්කෙනාගේ ක්‍රමවේදය වෙනස්නේ..... ;)
      බලමු උඹේ ක්‍රමේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා.

      උඹ කියන ඔය සතුට මට මේ මාසේ මුල සතියේදීත් දැනුනා මචං....:)

      Delete
  11. Replies
    1. මේ මොකද මේ කඩු ෆයිට්... :(
      ස්තුතියි ඔබා මාමේ.

      Delete
  12. ලොකූට වරදින්නේ නෑ. බ්ලොග් අවකාශයේ මුණ ගැහුන හිතහොදම අතලොස්සක් දෙනාගෙන් කෙනෙක් තමයි ලොකූ.
    යාළුවෝ කියලා හිතන් ඉන්න අය හරියටම යාළුවෝද කියලා බලන්න එයාලට පුංචි අවස්ථාවක් දෙන්න ඕන.එතකොට තමයි යතා ස්වරූපය අපිට දැන ගන්න ලැබෙන්නේ. කොහොම හරි කමක් නෑ ලොකූයි නෝනයි දෙන්නම වැඩේ ගොඩ දාගත්තනේ. තව කල් ගිහින් නැනෝ දෙක තුනකුත් පාරට දැම්මනම් හොද නැද්ද?
    ආනේ ලොකූ ලංකාවට එනවා කියලා මට අක්කවත් කිව්වේ නෑනේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බට්ටි නංගි....

      මගේ යාළුවෝ අතරින් ගොඩ දෙනෙක් එහෙම නැහැ බට්ටි, යාළුවෝ නිසා මගේ හිත රිදෙන්නේ බොහොම කලාතුරකින්.
      ඒ වෙලාවට උන් කරපු හොඳ දේවල් නිසා නරක දේවල් මම අමතක කරලා දානවා.
      බට්ටි එක පාරටම මාව ලොකු බිස්නස් කාරයෙක් කරන්නද කල්පනාව... ;)
      මම එනවා කියල කලින් පෝස්ට් එකකත් දාල තිබ්බ නිසා කියන්න නැතුව ඇති මම හිතන්නේ... :)

      Delete
  13. ඔයාට සුබ පතනවා...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි....!

      Delete
  14. කරදර එක පිට එක ඇවිල්ලා... කොහොම උනත් අන්තිමේදි ආපු නිගමනය තමා ඔයාට හම්බුවෙලා තියෙන්නේ හොඳම හොද බිරිඳක්... අර ලොරිය ගත්තයි කියන කේස් එකෙන් පස්සේ මම හිතුවේ මොකක් නමුත් දුක්ඛිත දෙයක් කියයිදෝ කියලා.... සුභ පතනවා අයියේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ධෛර්යයවන්ත පුංචි කෙල්ලව මගේ බිරින්දෑ කරගන්න ලැබිච්ච එක ගොඩක් ලොකු වාසනාවන්ත කමක් වෙන්න ඇති...

      මට හිතෙනවා පහුගිය දවස් වල වෙච්ච වාසි සහ අවාසි එකිනෙක අරගෙන බැලුවම ඒවා ගොඩක් දුරට සමානයි කියලා.
      ඒ නිසා හිතට කිසිම දුකක් නැහැ.... මුල් දවස් ටිකේනම් හිතේ ලොකු ගින්නක් වගේ තිබුනා, මේ දේවල් මට ඕනේ විදිහට වෙන්නේ නැති උනාම.
      පස්සේ හැම දෙයක්ම නෝර්මල් උනාට පස්සේ තමයි මේ පෝස්ට් එක දැම්මෙත්.
      දැන්නම් හිතට බයක් නැහැ....

      Delete
  15. ජයෙන් ජය මචං...


    අත හිත බ්ලොග් අවකාශයේ කියල වාහනේ ගහපං.. සල්ලි නිසා නෙවේ අපි හිතට දෙන හයිය නිසා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම් කොළුවො...
      හික් හික්.. ඒකත් නරක නැහැ.
      වචනෙකින් දෙන දිරිය උනත් ගොඩක් වටිනවා තමයි බං, ඒ අපුරු මිනිස් ගතිය හිතේ ගැඹුරටම දැනෙන දෙයක්...

      Delete
  16. හරිම සතුටුයි...අපෙනුත් සුබ පැතුම්. ඔය වගේ වැඩක් කරද්දී මුලින් කරදර එනවා කියන්නේ අනාගතය සුබ වෙනවා කියන එක. මමනේ කියන්නේ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සයුරි....
      සයුරි කියනවනම් ඉතිං ආයේ කතා දෙකක් නැහැ... :)

      Delete
  17. සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං....

      Delete
  18. ඔන්න අයියෙ මාත් සුභ පතනව සිතන පතන අයුරින්ම වැඩේ අති සාර්ථක වෙන්න කියල.....!!!

    ReplyDelete
  19. තව පාරක් ආව බං ලොකු පුතා. මේකත් කියන්නම හිතුන නිසා.
    මම උඹ නං ලොකු පුතා...

    ඩ්‍රයිවට ආදායමෙන් පර්සෙන්ටේජ් එකක් පොරොන්දු නොවී නිශ්චිත ගානක් පොරොන්දු වෙනවා.

    ඩ්‍රයිවර් නෑ දෑ කෙනෙක් නම් සම්පූර්ණ වගකීම දීලා නිකම් ඉන්නෙ නැතුව විශේෂයෙන් ඇහැගහගෙන ඉන්නවා.

    දුර දක්නා නුවන පාවිච්චි කර ප්‍රකාශ කරන ලදි. ඒ මම උඹ නම් හරි?
    යහපතක්ම වේවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මට උඹ කියන එක තේරෙනවා බං අයියේ...
      අපිට ලේසියෙන් මිනිහෙක්ව විශ්වාස කරන්න බැහැ තමයි මේ කාලේදී...

      එයා අපේ නෑදෑයෝ වෙන්නේ ගොඩක් දුරින්... (ළඟ නෑදෑයෝනේ ගොඩක් දුරට වේයෝ වෙන්න හදන්නේ)
      ඒ වගේම ඒ මනුස්සයා අපේ තාත්තගේ වාහනේ රියදුරු විදිහට අවුරුදු 8 ක් වැඩ කලා තාත්ත නැති වෙනකල්ම.
      ඊට පස්සේ අපේ මල්ලි එක්ක අපේ ගෙදර තිබුන බිස්නස් එක නතර කරනකල්මත් වැඩ කරපු මනුස්සයෙක්.
      අපේ තිබ්බ ඩිලිවරි ලයින් එක තනියම ගිහින් බඩු විකුණලා ගෙදරට ඇවිත් සල්ලි බේරපු මනුස්සයෙක්
      කොටින්ම කියනවනම් එයා 1996 ඉඳලා අපේ පවුලේ කාගේ හරි වාහනේක තමයි වැඩ කලේ..
      ඒ හේතු නිසා තමයි මමත් එයාව මගේ වැඩේට තෝරාගත්තේ...

      එයාට සම්පුර්ණ වගකීම දීලා නැහැ අයියේ..
      එයා වැඩ කරන්නේ මම කලින් වැඩ කරපු සහ මගේ නෝනා දැනටත් වැඩ කරන ආයතනයේමයි.
      නෝනා වැඩ කරන්නේ "ඔළු කන්තෝරුවේ", (Head Office එකේ)
      ඒ වගේම වාහනේ සම්බන්ධ සියළුම විස්තර ඒ ඒ තැන්වල ඉන්න කළමනාකාර මහත්වරුන්ගේ සිට පහළ ඉන්න අයගෙන් අපිට ලැබෙනවා.
      ඒ නිසා එයාට කිසිම හොරයක් කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ.
      ඒ බව එයත් දන්නා නිසා, ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියල මම හිතනවා...

      වාහනේ දුවන්නේ ඉදිකිරීම් සම්බන්ධ ආයතනයක නිසා වාහනේ දුවන දුර ප්‍රමාණය අනුව තමයි අපිට ගෙවීම් කරන්නේ.
      අන්න ඒ හේතුව නිසාම තමයි එයාටත් ප්‍රතිශතයක් විදිහට ගෙවන්න තීරණය කලේ...
      ඒ ෆීල්ඩ් එකේ ගෙවීම් කරන්නේ ගොඩක් දුරට ඒ විදිහට, නිශ්චිත පඩි දෙනකොට රියදුරන් හොරකම් වලට යොමුවෙන්න බලනවා කියල තමයි ඒ ෆීල්ඩ් එකේ මතය....
      අපි කලේ එයාට ගෙවන ප්‍රතිශතය අනිත් අය ගෙවන ප්‍රතිශතයට වඩා තරමක් වැඩි කරපු එක විතරයි.
      මම ලංකාවේ හිටියත් වැඩිය ඇහැ ගහගෙන ඉන්න පුළුවන් තැනක නෙමෙයි අයියේ වාහනේ දුවන්නේ....
      යාල්පානම්....

      අයියගේ අත්දැකීම් අනුව මේ උපදෙස් කියපු බව මම දන්නවා.
      කොයිකටත් බලමුකෝ ටික දවසක් දුවලා.... :)
      ගොඩක් ස්තුතියි අයියේ...

      Delete
  20. සුබ පැතුම් අයියෙ..ඔයාටත් අක්කටත් දෙන්නටම..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි....

      Delete
  21. හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් ඔයාව බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා.
      සුභ පැතුමට බොහොම ස්තුතියි මචං...

      ඔන්න මමත් ඔයාගේ බ්ලොග් එක පැත්තට ගොඩ උනා
      පුළු පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්කෝ...

      Delete
  22. හාමිනේට ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කාජල්...
      ඔයාව මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  23. //අභියෝගයක් නැති ජීවිතෙන් වැඩකුත් නැහැ// සහතික ඇත්ත.

    ඔබේ උත්සාහය මල්පලගැන්වී දියුණුවෙන් දියුණුවට පත්වේවා! සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගල්මල්...

      Delete
  24. ඔන්න මෙච්චරකල් හොය හොය හිටපු ලොකූ හම්බ උනා.. මුලම පෝස්ට් දෙකක් විතර බැලුවා ෆලෝ කරගන්න බැරි උනා.. හෙව්ව හෙව්ව හම්බ උනේ නෑ අද අහම්බෙන් ආයෙත් හම්බ උනේ.. ආයෙ මිස් වෙන එකක් නෑ..

    පෝස්ට් එක ගැන කියන්න තියෙන්නෙ හැම සාර්ථක මනුස්සයෙක්ගෙම රහස නෝනා තමයි .. :ඩී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සම්මානි හොයාගෙන ආවට... ;)

      //පෝස්ට් එක ගැන කියන්න තියෙන්නෙ හැම සාර්ථක මනුස්සයෙක්ගෙම රහස නෝනා තමයි .. :ඩී//
      මේ කතාව බොහෝ දුරට ඇත්ත කියල මමත් පිළිගන්නවා....

      Delete
    2. කියන්නනම් ගොඩක් දේවල් සිහියට එනවා මේ සිදුවීම් පෙළ කියවද්දී
      මාස ගානක් හඬලා දොඩලා කට්ට කාල අත් වින්ද ලොකූ මහන්සියක ලොකූ ප්‍රතිපලයක් අද අත් විදිනවා
      සතුට අපිරිමිතයි
      ඒත් යම් දෙයක් එකතු කරන්න ඕනි
      හැම සාර්ථක මිනිහෙක් පිටුපස ගැහැනියක් ඉන්නවා වගේම ඒ ගැහැනියගේ සහයෝගයත් පෙරටු කරගෙන සාර්ථක වෙන්න තරම් දහිරියක් උත්සහවන්ත කමක් මිනිහෙක්ට තියෙන්න ඕනි, ඒ වගේම හොද මොළයකුත්
      ඔබේ මොලයෙනුත් හාමිනේගේ සහයෝගේයනුත් අද ලොකු සතුටක් විදිනවා
      මහත්තයා හරිම පිංවන්තයි, ඔබ වගේ පින්වන්තයෙක් ලැබෙන්න හාමිනේ ගොඩාක් පින්වන්තයි
      මැරෙන තුරාවට සහයෝගය

      ඒත් හිතේ පොඩි කහටක් තියනවා
      එකනම් නොකියම බැහැ
      මෙපමණ මැරෙන තුරාවට සහයෝගය දෙන්න ඉන්න කෙනාට කිව්වේ නැහැ නේද "මතකයේ රැදුණු තෙන් ගෙන"
      එහෙම හොද නැහැ නේද?
      මට දුක හැම දේකදීම සහයෝගය දුන් මට, ඔබට අසිරි පතා එක කොමෙන්ටුවක් වත් බ්ලොග් එකට දාන්න බැරි උන එක ගෙන

      Delete
    3. මගේ ආදරණිය ඇනෝ හාමිනේ,
      ඔයාට ගොඩක් ස්තුතියි බ්ලොග් එකට ඇවිත් කමෙන්ට් එකක් දැම්මට.
      මම බලාපොරොත්තු උනා ඔයාගෙන් අද මේ කමෙන්ට් එක ලැබෙයි කියලා.
      බ්ලොග් එක ගැන ඔයාට කිව්වේ නැත්තේ ඇයි කියලත් මම ඔයාට කිව්වනේ.
      මම දන්නවා ඔයා කිසි කහටක් හිතේ තියාගෙන ඉන්නේ නැහැ කියලා...

      දැන් ඉතින් හොඳ ළමය වගේ ඉස්සරහට "මතකයේ රැඳුනු තැන්" බලන්න ඇවිත් කමෙන්ට් එකක් දාලම යන්නකෝ...

      Delete
    4. මාත් ඇනෝ හාමිනේ එක්ක එකඟයි...ඔයා කරල තියෙන්නෙ වැරද්දක්...මොනම හේතුවක් උනත් බාධාවක් වෙන්නෙ නැහැ බ්ලොග් එක ගැන එයාට කියන්න...

      Delete
    5. ඔන්න ඔන්න ඉතිං මෙයා ඇවිලෙන ගින්නට පිදුරු දාන්න හදනවා.... ;')

      Delete
    6. මමත් බලවත් විරෝධය හාමිනේට නොකියුව එක ගැන අයියේ :/

      Delete
    7. ඒ පාර මුන් ටික මාව බිල්ලට දෙන්න වගේ හදන්නේ... :(

      Delete