Thursday, 26 April 2012

සමු ගන්න අවසරයි....!

ජීවිතය ගලා ගියේ මට උවමනා ආකාරයට නොවේ. සෙමින් ගලායන ජීවිතයකට වඩා ඉක්මන් බවක් මා බලාපොරොත්තු වීම එම හැඟීමට හේතු වූවා විය හැක. කෙසේ නමුත් 2009 වසර අවසානය වන විට තීරණයක් ගතයුතු බවට මූලික සංඥා මතුවෙමින් තිබුණි. ජිවිතයේ යම්කිසි අඩුවක්, එසේත් නැතිනම් කිසියම් කඩා වැටීමක් සිදුවී ඇතිබව මා හට දැනෙමින් පැවතුනි. ස්ථාවර බවක් පිලිබඳ කිසිදු හැඟීමක් දැනුනේ නැත.


හරියටම අදින් වසර දෙකකට මදක් වැඩි කාලයකට පෙර දිනෙක එනම් 2010 ජනවාරි මස 27 වැනිදා ආදරණීයන්ගේ කඳුළු මැදින් ලක්මවට සමුදී නිරුදක කතරක් බලා ඒමට හිත හදා ගැනීමට මා හට සිදු විය.
ඒ අවස්ථාවේ මා දුටු අවසන් තුරුම්පුව එය විය. මා එය දමා ගැසුවෙමි.
නව රැකියා ස්ථානයේ අප හට තිබූ තත්ත්වය සහ පිළිගැනීම ලංකාවේදී මෙන් නොව, අහස පොළව මෙන් දුරස්ථ විය. මුල් කාලයේදී හිතට දැනුණු දුක සහ වේදනාව නිසා රැකියාව හැරදමා ආපසු ලංකාවට ඒමට කීප වරක්ම සිතුනද ආපසු හැරීමට නොහැකි මාවතක මා සිර වී ඇතිබව වටහා ගැනීමෙන් පසු එම කටුක ජිවිතයට මුහුණ දීමට හිත හදා ගැනීමට හැකි වීම එක්තරා අතකින් වාසනාවක් විය.


හැමදාමත් බලාපොරොත්තු නොවන තරම් වේගයෙන් ගෙවී යන නිවාඩුවක් අවසානයේ ලංකාවෙන් පිටත්ව ඒමේදී හිතට දැනුණු කාලකන්ණි හැඟීමත්, රාජකාරි ස්ථානයේ මා දුටු අප්‍රසන්න භාවයත් නිසා නැවත පැමිණීමේදී හිතට ඇතිවූ හැඟීම කෙබඳුදැයි විස්තර කිරීමට වචන මා හට නොමැත. තමන්ගේ උන්ගෙන් සමුගෙන රටින් පිටව ඒමේදී හිතට දැනෙන හැඟීම කෙබඳුදැයි බොහෝ දෙනෙකුට අත්දැකීම් ඇතුවාට සැක නැත.



ජිවිතයේ කඩඉම් එකින් එක බොහෝ සෙමින් ජය ගන්නා අතරතුරේදීම  මෙයින් මිදී පළායාමේ නිශ්චිත මගක් ඉක්මනින් පාදාගැනීම මාගේ ඊළඟ අරමුණ විය.
දැනට මාස කීපයකට පෙර එම පියවරද සාර්ථකව ඉදිරියට තැබීමට හැකි වීම මාගේ මෙන්ම මාගේ බිරින්දෑගේද වාසනාවක්ම විය. මෙහි ගෙවූ ජීවිතය කෙරේ සිතතුළ ඇතිව තිබූ අකමැත්ත එම මග පහසු කලාක් වැන්න.

(මා තැබූ පියවර කෙබන්දක්දැයි සහ මා දයාබර බිරින්දෑ මට දුන් සහය ගැන කළින් පෝස්ටුවකදී මා සඳහන් කර ඇත)
ඇත්ත වශයෙන්ම එය මහා පියවරක් නොව, කුඩා පියවරක් වුවද සිතට ගෙන දුන්නේ මහා හයියකි. එය නොමැතිව වුවද මේ කාලය වනවිට ලංකාවට යායුතු බවට මා තීරණය කර තිබූ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත.
ලංකාවට ගොස් නැවත රැකියාවක් සොයාගැනීමට නොහැකි වෙතැයි යන දෙගිඩියාව නිසා මෙවැනි රටවල සිරවී සිටින මිනිසුන් මා ඇති පදම් දැක ඇත්තෙමි. සමහරුන් පවුලේ වගකීම් නිසාද සමහරුන් ගෙවල් ඉඩකඩම් වෙනුවෙන්ද මෙහි සිරවී සිටින බව මා දුටුවෙමි. ඒ ඇරෙන්නට මෙහි ජීවත් වීම සැපතක් ලෙස දකින ඉතාම සුළුතරයක්ද දැක ගැනීමට හැකිවිය. (මම මෙහිදී කතා කරන්නේ ශ්‍රී ලාංකිකයින් ගැන පමණි)
මෙහි පැමිණි පළමු දින පටන් මා සිත තුළ ඇතිවූ නොපහන් හැඟීම නිසාම ඕනෑම වෙලාවක මින් පිටවී යාහැකි වන පරිදි මා නිදහස්ව සිටිය යුතුය යන අදහස මා සිතේ මුල්බැස ගත්තේය. මෙම රැකියාවෙන් පිටවී යාමට නොහැකි වනසේ බන්ධනයන් ඇතිකර ගැනීම නුවණට හුරු නැත. කෙළින්ම කියන්නේනම් ණය නොවී ජිවිතයට ශක්තිමත් අඩිතාලමක් දමාගැනීම මගේ මූලික අරමුණ විය. බිරිඳගේ සහයෝගය සමගින් අපගේ ඉලක්කය කරා ලඟාවීමට මීට ටික දිනකට පෙර හැකි විය.
බලාපොරොත්තුව සඵල වූ පසුව තව දුරටත් මෙහි රැඳී සිටීමෙන් පලක් නැත. ඒ මට සිතෙන හැටිය. ජීවිතයේ පංගුකාරයින් සොයා මා යළි ගමන්කළ යුතුව ඇත.

ඔව් ඔබ සිතුවා නිවැරදිය. මේ මොහොත වන විට ආදරණිය මතකයන් සොයා මව්බිම බලා මා පළා යමින් සිටින්නෙමි....

හෙට සිට මතකයේ රැඳුනු තැන් සමගින් ලංකාවේදී හමු වෙමු....!



ප.ලි.
කුමන කරදර අපහසුතා මැද වුවත් අපේ ජීවිත වලට ආලෝකයක් ලබා ගැනීමට උදව් වූ ආයතනයටත් (නම කීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි), මා හා සේවය කල සියළු දෙනාටත් මා හට මෙම රැකියා අවස්ථාව ලබා ගැනීමට උදව් උපකාර කල මිතුරු කැලටත්, මා හට රැකියාවක් කිරීමට අවස්ථාව සළසා දුන් මේ රටටත් අවංක ස්තුතිය පුද කර සිටිමි.....

71 comments:

  1. තියපු පියවර සාර්ථක වීම ගැන ගොඩක්ම සතුටුයි අයියේ... මට රටින් පිට ඉඳලා අත්දැකීම් නැති වුනත් තමන්ගේ අයත් එක්ක එකට ඉන්න එක දාහෙන් සම්පතක් කියලයි මට හිතෙන්නේ...

    අයියගේ ජීවිතේ තව දුරටත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවි යැයි මා විස්වාස කරනවා එසේ වෙන්නැයි ප්‍රාර්ථනා කරනවා.. හෙට එන ගමන කිසිදු කරදරයක් අන්තරාවක් නැති සාමකාමි ගමනක් වෙන්නැයිත් පතනවා... එහෙනම් ආයෙමත් ලක්මෑණි තුරුලට ලොකු පුතා එනවා නේ....ජය වේවා අයියේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගැමියා...
      තමන්ගේ අය නැති අඩුව දැනෙන්න ගත්තම රට ඉන්නවා කියන එක සෑහෙන අමාරු දෙයක් බං...

      මම ඊය උදේ පාන්දර වෙද්දී ලංකාවට ගොඩ බැස්සා. ගෙදරට ලඟා වෙද්දී බාගෙට වගේ මැරිලා හිටියේ නිදි මතයි මහන්සියයි නිසා...
      ඊයේ දවසෙම නිදා ගත්තා මිසක් බ්ලොග් එක බලන්න උනේ නැහැ.
      සුබ පැතුම් ඔක්කොටම ආපහු වතාවක් ස්තුතියි සහෝදරයා...

      Delete
  2. කමෝන් මචං . උපන් රටට වඩා තවත් වටින තැනක් කොහේද බං අපිට . ජීවිතේ දිනා ගන්නනේ උඹ රට ගියේ ඉතින් දැන් උඹ දිනලා අලුත් ජීවිතයක් ගතකරන්නයි ලැහැත්තිය නේ ? සුබ පැතුම් මගෙන්

    හැකි නම් ලංකාවට ආවාම මට කෝල් එකක් දියං . මට මේල්ලුවක් දැම්මොත් මම අංකය එවන්නම් ..

    hisahasaඇට්gmail.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳරු.
      ජිවිතේ එක පාරට හිතට දැනිච්ච ලොකු වෙනස නිසා පොඩ්ඩක් අන්දමන්ද වෙලා වගේ ඉන්නේ බං.
      තව ටික දවසක් බලලා රස්සාවක් හොයා ගන්නත් ඕනේ, වැඩ කීපයක් තියෙනවා ඉවර කරගන්න.
      ඊට පස්සේ තමයි බං හිතට නියම නිදහසක් දැනෙන්නේ.
      මොනවා උනත් ගෙදර අයත් එක්ක එකට ඉන්න ලැබිච්ච එක ලොකු දෙයක්.

      මම උඹට මගේ ෆෝන් නම්බර් එක දාල මේල් එකක් දැම්මා....

      Delete
  3. නියමයි...අපිට අපෙ රට වගෙ තැනක් තව කොහෙද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්ද්‍රජිත්.
      ඇත්ත මචං, මටත් අපේ රටට වඩා හොඳ තැනක් තවත් නැහැ. ආපහුනම් කොහේ හරි ට්‍රිප් එකකට යන්න හිතිලා ගියොත් මිසක් රටින් පිට යන්න කිසිම හිතක් නැහැ... :)

      Delete
  4. මමත් උඹ ඉන්න තැනට එන්න තව ටික කාලයක් බලං ඉන්න වෙනවා.ස්ථාවර වෙන්න තව කාලයක් යනවාවගේ.

    පරිස්සමින් එන්න ලංකාවට.උම්බට කවදාවත් වරදින්නේ නැහැ.

    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. ලංකාවට එන්න නෙවේ යන්න කියපං. උබ හරියට මෙහෙ ඉන්නව වගේ කතාව.. හිකිස්..

      ජයෙන් ජය !

      Delete
    2. හි හි ඒක නම් ඇත්ත.

      හැබැයි මටත් ඕක වෙනවා. කාගෙන් හරි අහන්නේ ලංකාවට ගියාද කියලා නෙමෙයි "ආවද" කියලා :)

      Delete
    3. අසරණයා:
      ගොඩක් ස්තුතියි මචං.
      මම ඊය උදේ ලංකාවට ආව
      උඹටත් හිතේ තියෙන දේවල් ඔක්කොම සාර්ථක කරගෙන ඉක්මනටම ලංකාවට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

      sAm (සෑම්), සයුරි:
      රට හිටියට අපි හිතින් ඉන්නේ ලංකාවෙනෙ, ඒකනේ ඒ විදිහට කියවෙන්නේ.

      Delete
  5. ලොකු පුතා, යහපතක්ම වේවා. හැකි වුනොත් අවුරුද්ද අන්තිමේදි හමුවෙමු. පස්සෙ අත්දැකීමුත් බෙදාගමු.
    සුභ ගමන්!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අර මෙව්වා මෙදා ගද්දි මාවත් එක්කං යන්ඩකෝ අයියේ....:P

      Delete
    2. Dude:
      ගොඩක් ස්තුතියි බං අයියේ...
      ආපහු ලංකාවට එද්දී පොඩ්ඩක් දැනුම් දීල එන්න.
      අර කිව්වත් වගේ කතාබහ කරන්න කොච්චරනම් දේවල් තියෙනවද...

      බුද්ධි:
      උඹට කියන්නේ නැතුව කොහොමද.... ;)

      Delete
  6. නිහතමානී කම හිතේ පුරවන් ඉන්න ඔයා වගේ හොඳ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු හැමදාම ඉටුවෙනව අයියේ...ගෙදර ගිහින් සතුටින් ජීවිතේට මුහුන දෙන්න ඔයාල දෙන්නටම මම ආදරෙන් සුභ පතනවා...සුභ ගමන් අයියේ..සියලු පැතුම් මල් පිපේවා..!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකටයි, සුබ පැතුම් වලටයි ගොඩක් ස්තුතියි කිරිල්ලි...

      Delete
  7. ඒකත් හොඳයි. අපට ලංකාවට ආපු වෙලාවක මුන ගැහුනු හැකි. දිගටම ලියන්ට හොඳේ.
    ඔබ දෙදෙනාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක ඇත්ත... වලව්වේ ඇත්තෝ දකින්න වාසනාවක් අපිටත් ලැබේවි වගේ...
      ගෙදර ආව කියල නැහැ, පුළුපුළුවන් වෙලාවට ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.
      ඔයාට ගොඩක් ස්තුතියි පොඩ්ඩි.....

      Delete
  8. ලොකු පුතා අකැමැත්තෙන් දුරු රටකට වෙලා ඉන්න බව මුල ඉඳලම කියල තිබ්බ නිසා හරිම සතුටුයි ආරංචිය ඇහුවම.... අවුරුද්දට පස්සෙ නතර වෙන්නම ලංකාවට යනව කියල තිබ්බෙ ගොඩ කාලෙකට කලින් නිසා මං හිතුව මං මේ පැත්තෙ ආවෙ නැති කාලෙම ලංකාවට ගියාවත්දෝ කියල..... ඔයාගෙ අරමුණු ඉෂ්ඨ කරගැනීමේ අඩිතාලම දැනටමත් දාල තියෙන නිසා ඉතුරු ටිකත් වරදින එකක් නෑ...... ඒ සියළුම බලාපොරොත්තු ඒ විදියටම ඉටු වේවා කියල පතනවා.....

    සුපුරුදු විදියටම බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න එන්න....

    ReplyDelete
    Replies
    1. උඹට ගොඩක් ස්තුතියි අක්කේ...
      ඒ දවස්වල ඉඳලම ඔයාල මගේ හිත හදපු හැටි මට මතකයි.

      පහුගිය කාලේ වැඩිය ලියන්න බැරි උනේ එක එක දේවල් ගැන හිතන්නයි, එහෙං එන්න කලින් කරන්න තිබ්බ වැඩ ටික කරලා ඉවර කරන්නයි තිබ්බ නිසා..
      දැන් තියෙන ප්‍රශ්නේ තමයි ජාල ප්‍රශ්නේ, අපේ ගෙදරට ඩොන්ගල් වල සිග්නල් නැහැ. ගෙදර තියෙන ADSL ලයින් එකේ තියෙන්නේ ගොඩක් අඩු ධාරිතාවක්. ඒක වැඩි කරගෙන ඉන්න ඕනේ ඔක්කොටම කලින්...

      Delete
  9. ඇත්තටම හිතට දැනෙන ලිපියක් , විශේෂයෙන්ම මමත් 2006 වසරෙදි මෙවන්ම අත්දැකිමක් ලබපු නිසා මට තවත් ළඟයි වගේ මේ ලියැවිල්ල . සුබ පතනම් ඔබට ..ඒ වගේම සුවදායක ගුවන් ගමනක් වේවා කියලත් පතනවා ..දැන් ඔබ ලංකාවට අඩිය තියත්දි දැනෙන සතුට, කඳුළු වෙලා එළීයට එද්දි .දැනෙන සැහැල්ලුව උපිරිම සතුටින් විඳින්නට ලැබේවා කියල පතනවා .........

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියේ...
      ඒ දැනෙන හැඟීම හරිම අපුරුයි තමා. මට ඒ සතුට හොඳටම දකින්න පුළුවන් උනා අම්මගේ අස්දෙකෙනුයි, හාමිනේගේ අස්දෙකෙනුයි.
      ලංකාවට ගොඩ බැහැලා බඩුමලු උස්සගෙන එද්දිනම් පුදුම මහන්සියක් දැනුනේ, ඒත් ටිකෙන් ටික ගම දිහාට කිට්ටු වෙද්දී හිතටයි ගතටයි පුදුම සනීපයක් දැනුනා.

      Delete
  10. කලින් ආව නම් අපිත් එක්ක කඹ අදිනවා.. අපරා‍දේ :)

    ජය ශ්‍රී පරිස්සමෙන් එන්ට..

    ReplyDelete
    Replies
    1. මමත් කලින් හිතාගෙන හිටියේ අවුරුද්දට කලින් එන්න තමයි.
      ඒත් වෙන කෙනෙක්ගේ නිවාඩු ප්‍රශ්නයක් නිසා එන්න ලැබුනේ අවුරුද්ද පහු වෙලා...
      ලබන අවුරුද්දෙවත් කඹ අදිමු... ;)

      දැන් ගෙදරට ඇවිත් බොහොම නිස්කලංකව ඉන්නවා බං.

      Delete
  11. ඉලක්කයන් වෙත ලංවීමට හැකි වීම සහා නැවත ආරණීයයන් සමග එක්වීමට ලැබීමටත් සුභපැතුම්.
    මීට වඩා සතුටක් තියෙනවද කෙනෙකුට ලැබිය හැකි.
    ලොකුපුතා.වාසනාවන්තයි...
    දෙදෙනාම.එක්වී..ජීව්තය..තවතවත්.ලස්සන.කරගන්න.
    (ගනිපු ලොරියෙන් කොහොමද...යාළුවො අතේ දැනුත් මුදල් යවනවද...)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝ....
      දැන් ඉතින් ලංකාවේ පැලපදියම් වෙන්න ඕනේ කරන වැඩ කටයුතු ටික හිමීට කරගන්න ඕනේ.

      ලොරිය ගැන තාම හොයල බලන්න බැරි උනා... හෙට දිහාට වගේ ඒ ගැන බලන්න ඕනේ.
      රට ඉන්නකොට යාළුවො තමයි හැමදේටම ඉන්නේ, ඉතින් උන් අතේ තමයි ගෙවල් වලට එවන බඩුමුට්ටු සල්ලිමේ හැම දෙයක්ම එවන්න වෙන්නේ.
      දැන් ඉතින් ආපහු රට ඉඳල සල්ලි එවන්න වෙන්නේ නැහැනේ... ;)

      Delete
  12. අඩේ සාදරයෙන් ලංක් මව උඹව පිළිගනීවී..ජයෙන් ජය..ලංකාවෙදී උරදෙන කර්තවයට උනුසුම් සුබපැතුම් මගේන්...වරෙන් මේ ලක් පොලොව සිපගනින්...උඹ ආපුවෙලාවක මට මෙලක් දාපන් traj1981@gmail.com දුක අංකය එවපන්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං...
      මම ඊයේ උදේ ලංකාවට ගොඩ බැස්සා.
      උඹට මේල් එකක් දාල ඇති, පුළුවන් වෙලාවක කෝල් එකක් දීපන්.

      Delete
  13. ලංකාවට ආවත් දිගටම ලියන්න ....... පින්තූර සහිත ඒවත් දාන්න. ගුඩ් ලක්. සුභ පැතුම්......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හර්ෂණ,
      මම ඉස්සරහට පින්තුර සහිත ලිපි ටිකක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ.
      දැනට බාගෙට ලියපු දෙක තුනක් තියෙනවා, සම්පුර්ණ කරපු ගමන් දාන්නම්.

      Delete
  14. ෂා එහෙනම් අයියා ඇවිත්. සුභ පැතුම් අයියේ දියුණුවේ හිනිපෙත්තටම යන්න වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බට්ටි නංගියේ...
      ඔය පැත්තේ ආවොත් මම එන්නම්කෝ මුණ ගැහිලා කතාබහ කරලා යන්න.

      Delete
    2. ආවොත් කියන්නේ. එනිවා එනවා කියන්න.

      Delete
    3. නැහැනේ බං, තාම ගෙදරට වෙලා ඉන්නවා මිසක් කොලොම්පුරේ පැත්තේ එන්න හිතුවෙවත් නැහැනේ.
      තාම කරන්නේ කකා බිබී ගෙදරට වෙලා ඉන්න එක තමයි....

      එන්නම් එන්නම් අනිවාර්යයෙන් එන්නම් උඹලව බලල යන්න.... :)

      Delete
  15. කොච්චර ලොකු දෙයක්ද. ඔබගේ ජීවිතය සාර්ථක වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් ස්තුතියි පිණිබිඳු....

      Delete
  16. ලංකාවට ඇවිල්ල ගත කරන ජීවිතය අතිශය සාර්ථක වේවා......සුභ පැතුම්....!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පිස්සා මල්ලි,
      උඹල වගේ හිත හොඳ මිනිස්සු අතරට ආපහු එන්න ලැබිච්ච එකම වාසනාවක් බං.

      Delete
  17. ටිකක් දුකෙන් වගේ ලිව්වට මේ කතාව අරමුණ දිනා ගත්තු මිනිහෙක් කියන දෙයක් නේද?

    ඉලක්කය සපුරාගෙන ආපසු එක ලොක්කාට ම‍ම සුබ පතන්නෙ, පාවෙන රුපියල් වලින් මෙහෙදිත් ආරක්ෂා වෙන්න හැකියාව ලැබේවා කියලයි!

    පස්සෙ වෙලාවක හමුවෙමු. මේ පුංඩි කිලෝමීටර් ගාන ඇතුලෙ අපිට කොයිවෙලාව අමුවෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අරමුණ සාර්ථක උනේ මම මගේ අරමුණ කෙටි එකක් කර ගත්තු නිසා.
      ඒත් ජිවිතේ කියන සම්පුර්ණ කතාවේ මම ඉන්නේ ගොඩක් අතරමග....
      රුපියල පාවෙන එකෙන් වාසි ලබපු අපි(රට ඉඳල සල්ලි එවද්දී) ඒකෙන් පාඩුවක් උනත් හිත හදා ගන්න ඕනේ බං.
      ඔව් බුද්ධි, අපිට ගොඩක් ඉක්මනට හම්බ වෙන්න අවස්ථාවක් ලැබේවි.
      ස්තුතියි මචං.

      Delete
  18. මං දැකල තියෙන දෙයක් තමයි අපේ කට්ටියට පිටරට ඉන්න කොට (තියෙන නිදහස නැති හින්දාද මන්දා) මිතුරු සබඳකම් ගැණ තියෙන උනන්නුව ලංකාවට ආපුවාම අමතක වෙලා යනවා.

    බලමු..!!

    අනාගතයට මගෙනුත් සු'පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියල මටත් හිතෙනවා කතන්දර....
      පිටරට ඉඳිද්දී අපි ඉන්නේ තනියම, වගකීම් අඩුයි. තියෙන එකම අඩුව තනිකම සහ තමන්ගේ අය ළඟ නැහැ කියල හිතට දැනෙන අඩුව.
      ඒත් ලංකාවේදී පවුල් බර වගකීම් එක්ක එකතු උනාම නිදහසේ පොඩි අඩුවක් වෙන්න පුළුවන්.
      එහෙම උනාම යාළුකම් ටිකක් දුරස් වෙන්න පුළුවන් කියල මට හිතෙනවා.
      බලමු, ලොකු පුතාට මේ දේවල් වලට කොයි විදිහට මුණ දෙන්න වේවිද කියලා.
      ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට.

      Delete
    2. කතන්දරගේ කතාවෙ ඇත්තක් තියෙනවා... හේතුව නම් අනේ මන්දා

      Delete
  19. Adai mea paththata goda wadune. Kathaawata tikak withara duka hithuna. Eth sathutu wenna puluwn jeewithe dinapu nisa. Api jeewithe diha apahu harila balanakota apu gaman maga diha balala sathutu wenna puluwn nm eka watinawa. E sathutai upayanna oone, sallima newei....

    Jeewithe thawa thawath sarthaka wenna kyla prarthana karanawa. Jaya!!!

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිළිගන්නවා මේ දිහාට...
      මම ආ මග ගොඩක් කටුකයි වගේම ඒ ආපු මග දිහා බලල සතුටු වෙන්න පුළුවන් කමක් මට තියෙනවා දඟ මල්ල.
      ගොඩක් ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට මහි....

      Delete
  20. දුක් විඳපු ජීවිතයක් කියන්නෙ හොඳහැටි පන්නරය ලැබුනු යකඩයක්, ලේසියකට කැඩෙන්නෙ නැවෙන්නෙ නෑ. ඒ වගේ ජිවිතේ දුශ්කරම කාලයක විඳපු අත්දැකපු දේවලුත් උදව් කරගෙන ජිවිතයේ ජයෙන් ජය ලැබ ගන්න. ඔබට සදා ජය!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාළුවා...
      ඕනෙම දෙයක් නිකම් ලැබෙනවට වඩා ආයාසයෙන් ලබා ගන්න වෙන එකට මම කැමතියි.
      ඒකෙන් අපිට අත්දැකීම් වල වටිනාකම කියල නිම කරන්න බැහැ.
      ගොඩක් ස්තුතියි...

      Delete
  21. ආරංචිය ඇහුවමත් සතුටුයි. ලඟදි පේන්න හිටියේ නැත්තෙත් ඒක නිසා වෙන්න ඇති. එහෙනම් කවදාහරි ලංකාවේදී හමු වෙමු. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සයුරි.
      ලඟදි පේන්න හිටියේ නැත්තේ ලංකාවට යන්න කිට්ටුව ගොඩක් වැඩ තිබ්බ නිසා, ලංකාවට ගියා කියල නැහැ, ටික දවසක් යනකල් පොඩ්ඩක් බ්ලොග් එකේ වැඩ කටයුතු ඒ තරම් හොඳින් කෙරෙන එකක් නැහැ.
      අළුත් නවාතැනක් හොයාගෙන පොඩ්ඩක් සෙට්ල් වුනාට පස්සේ ආපහු යථා තත්ත්වයට එන්නම්කෝ....
      ජය වේවා...

      Delete
  22. සතුටුයි අයියේ.. ලංකාවෙන් පිට ජීවිත ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ලෝකේ කොහේ හිට්යත් ඒ වෙනස හොදට තේරෙනවා.. අළුතින් යන්න හදන ගමනට සුභ පැතුම් අයියේ.. බලාපොරොත්තු ඒ විදිහටම ඉටු වෙන්න කියලා පතනවා.. ජය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්..
      ලංකාවෙන් පිට ඉන්නකොට තමයි අපිට ඒ අඩුව හරියට තේරෙන්නේ.
      ලංකාවේ ඉන්නකල් ඒ තරම් අගයක් නැහැ. ඒක තේරුම් ගන්න ලැබිච්ච එකම ලොකු දෙයක් කියලයි මම හිතන්නේ.

      Delete
  23. ලොකු පුතාලගේ පැත්තේ කාලෙකින් අවේ. ඒ අවාම තමයි එනවා කියලා දැක්කේ. එහෙනම් ලොකෙන්ම උතුම්, වසර 10,00000ක් පැරණි පෞඩ ඉතිහාසයක් හිමි හෙළ දෙරණට සාධරයෙන් පිළිගනිමු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Leo...

      උඹල එකතුවෙලා අපිට ඒ ප්‍රෞඩ ඉතිහාසය ගැන හරියට කියල දෙන එකම කොයි තරම් දෙයක්ද.

      Delete
  24. ලංකාවේ අය පිටරට දී කොහොමද අපිටම කපන්නේ කියන එක මම හිතන්නේ ලොකු පුතා දන්නවා ඇති නේ? මමත් ඔය අත්දැකීම් එහෙම්මම විඳලා තියන හින්ද මේ ලිපිය කියවද්දී මට මේ දේ හොඳටම දැනුනා. ඒත් බයක් නැතුව ඔය ගත්තු තීරණේ සාර්ථක වේවා කියල මම සුභ පතනවා. ලංකාව තරම් තැනක් ලෝකේ කොහෙවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං සුබ පැතුමට...

      මම හිටපු තැනනම් ලංකාවේ අය ඒ තරම් හිටියේ නැහැ.
      හිටපු අය අතරින් පොඩ්ඩක් ඔළුව හොඳ නැති උන් එකෙක් දෙන්නෙක් හිටියා තමයි...
      ඒත් උන්ව ඒ තරම් ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් වටපිටාවක් මම ඉක්මනට හදා ගත්තා.
      මගේ හොඳ යාළුවො දෙන්නෙක් එතන හිටපු නිසා මට ගොඩක් ලොකු කැපිලි ආවේ නැහැ.
      ඒත් ඉවසගෙන ඉන්න බැරි උනේ ඉන්දියන් බල්ලෝ බුරන සද්දේ තමා...:(

      ලංකාවට ආවම හිතට දැනෙන සුවය ගැනනම් කතා කරලා වැඩක් නැහැ....

      Delete
    2. අපේ නම් ඉන්දියන් බල්ලෝ හිටියේ නෑ. හිටියත් ගැට ගහන්න තරම් මම සිංහයෝ ටික හදල තියලයි ආවේ. :D මොකද ලියන්නේ නැත්තේ දැන්?

      Delete
    3. ඒ ගැන අහන්නත් සතුටුයි මචං.
      අපි හිටපු තැන්වල 95% කට වඩා හිටියේ අල්ලපු රටේ උන්. ඒ වගේම අවුරුදු 25, 30 පරණ උන්.
      ඒ නිසා උන්ගේ බලයට එරෙහිව නැගී ඉන්න අපිට ටිකක් අමාරුයි. ඒකට ලොකුම හේතුව ලංකාවේ අය වැඩි කාලයක් ඒ රටවල රැඳී ඉන්නේ නැති එක.
      මම මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ සහෝ....
      රැකියාවක් සහ නවාතැනක් යන දෙක තාම හොයා ගත්තේ නැහැ. ඒ වැඩ ටික පොඩ්ඩක් හරි ගියපු ගමන් ආපහු පුරුදු විදිහට උඹලව හම්බ වෙන්න එන්නම්. එතකන් යලට මහට තමයි පෝස්ට් එකක් දාන්න වෙන්නේ...:(

      Delete
    4. සියලු පැතුම් සඵල වේවා!! ඉක්මනින් ආපහු ලියන්න,කියවන්න ලැබේවා!! මමත් ආවා.. සැහෙන කට්ටක් කන්න උනා මුලටම. එත් දැන් දැන් ආයෙම එපා වේගන එන්නේ, ලංකාවේ තියන තත්වේ හොඳ මදි මටනම්.

      Delete
    5. ඔන්න පොස්ට් එකක් දැම්මා කාලෙකින්...
      මමත් තාම රස්සාවක් හොයා ගත්තේ නැහැ, ඊට කලින් කරන්න තියෙන වැඩ රාජකාරි වෙනුවෙන් තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.
      තව ටික දවසක් බලලා රසාවක්‌ හොයා ගන්න ඕනේ. නිකම්ම ඉන්නත් බැහැනේ.

      තත්ත්වේ හොඳ මදි කියන්නේ ආපහු රට යන්න එහෙම අදහසක් ඇති උනාවත්ද... :(

      Delete
  25. සුබ පැතුම්.... පිට රටක ඉන්නව කියන එක අමාරු දෙයක්.. ඒක තේරුම් ගන්න යන්නම ඕනි.

    මට නම් යෑමක් තියෙන්නේ... :(

    ReplyDelete
    Replies
    1. පිළිතුර පමා වීම ගැන සමාව බජනය කරනවා.
      ටික දවසක් ගෙදරින් පිට හිටියේ.
      යන ගමන පරිස්සමින් ගිහින් එන්නකෝ. ජය වේවා...!!

      Delete
  26. මෙහේදි අපට මුනගැහෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා, ලොකු පුතේ. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගාමිණී අයියේ,
      හැකි ඉක්මනින් ඔයා ඉන්න පැත්තේ එන්න හිතාගෙන ඉන්නවා, එන්න කළින් දැනුම් දෙන්නම්කෝ

      Delete
  27. තව මාස දෙක තුනකින් ඔය තීරනේ ගන්න හිතං ඉන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි බං,
      ලංකාවට ආවම හිතට දැනෙන ගතිය කියල වැඩක් නැහැ.
      හැබැයි ඉතින් මට තාම බ්ලොග් එකට පෝස්ට් එකක්වත් දාන්න බැරි උනා එක එක වැඩ නිසා.
      තවම රස්සාවක්, නවාතැනක් හොයාගෙන එකලාසයක් උනේ නැහැ.
      එහෙම වෙච්ච ගමන් උඹලව බලන්න පුළු පුළුවන් වෙලාවට සයිබරේට ඇවිත් යන්න බැරි වෙන එකක් නැහැ

      Delete
  28. ඒක නෙමේ අයියේ මේ නරුටෝ කියන කාටුන් එකේ කැරැක්ටර් එකක් වගේ මට පේන්නේ... ගාරා කියන කැරැක්ටර් එක.හිතලමද ගත්තේ??

    ReplyDelete
  29. ලොකු පුතේ උඔ කොහිදෝ.......!

    ReplyDelete