අද පෝස්ටුවක් දැමීමට හිතාගෙන
හිටි දවසක් නොවේය. මෙන්ඩා සහ තවත් උන් කිහිප දෙනෙක් පෝස්ටු නොදමන්නට හේතු මාගෙන්
විමසු අතර ඒ ඒ අවස්ථා වලදී හේතු දැක්වීම් සිදු කලෙමි. මෙම පෝස්ටුව පෝස්ට්ටුවක් දමන මෙන් සිදු කල
ඉල්ලීම් වල ප්‍රතිපලයක් නොවන බව කියන්නට වන්නේ කණගාටුවෙනි. එයට හේතුව මෙය මාගේ
අවංක වූ හර්දය වස්තුව කැකෑරීම හේතුකොට ගෙන ලියවෙන්නක් බැවිනි.
වැඩියමක් ලියන්නට අදහසක්
මාගේ නැත. ලංකාවේ පසුගිය වකවානුවේ එනම් 2015 මුල භාගයේ පටන් අද දක්වාම විශාල
වෙනස්කම් කිහිපයක් සිදු වූ බව නොදන්නා කෙනෙක් මෙරට වසන්නට හැකියාවක් ඇතැයි මා
නොසිතමි. සිටින්නේනම් ඒ අපගේ කොළු පැටියා වැනි වූ කුඩා දරුවන්ය. එම වෙනසෙන් මා
වැන්නවුන් ලද එක් ප්‍රථිපලයක් (අපමණ අගයක්) මත මුලිකව පිහිටා මෙම පෝස්ටුව ලියවෙන බැව්
දන්වා සිටින්නේ සතුටිනි.
මෙම වෙනසට අමතරව කලකට
ඉහත කමියා විසින් පළකරන්නට යෙදුනු පෝස්ටුවක කියූ පරිදි පඩිපතට සහ බෝනස් එකටද හෙනහුරා
වැදුණු බව යළි යළිත් සිහිපත් කරන්නේද හදපුරා නැගෙන සතුටිනි. එයට අමතරව අප ලබමින්
සිටි ප්‍රවාහන පහසුකම්ද කප්පාදු වුයේ පාරිතෝෂික දීමනාවක් වශයෙනි.
ඉන්පසුව පැමිණියේ මෙම අයවැයයි.
ඒ සම්බන්ධව රවී තුමාට පළු යනකල් බැන වැදුණු පෝස්ට් මම බුකියේ දැක ඇත්තෙමි. මට
තේරුම් ගන්නට බැරිද එයයි. අයවැය සම්බන්ධ අප්රසාදයන් රටේ ජනපති හෝ අගමැති වෙත යොමු
නොවී රවී තුමාට පමණක් එල්ල වන්නේ මන්දැයි තේරුම් ගැනීම බස්සීගේ සමහර පෝස්ට් තේරුම්
ගන්නවාක් මෙන්ම අපහසුය.
![]() |
අවන්ත ආටිගලයන්ගේ කාටුනය බුකියෙන් උපුටා ගන්නා ලදී... |
රවී තුමාගේ අයවැය වැඩි
ජන්ද කොච්චරකින්දෝ සම්මත වී ඇති බව ඇසුනේ අද දින ප්‍රමාද වී සේවයට වාර්තා කරන
අතරේදීය. එය සම්මත වීමටත් පෙර එයට ඡන්දය දීමට බාර් හිමියෝ අත උස්සා ඇති බව මා දැන
ගත්තේ ගිය සතියේය. පහලින් දැක්වෙන්නේ එයට සාක්ෂිය. ඊටත් යටින් ඇත්තේ හරියටම ගිය වසරේ
අවසාන දිනයේ තිබු තත්ත්වයයි. මාගේ හර්දය වස්තුව කැකෑරුනේ වැඩිමනත්ම මෙයටය.
![]() |
මෙය 2015.12.02 වැනි දිනදී සිදුකළ මිළදී ගැනීමකින් උපුටා ගත් කොටසකි... |
![]() |
මෙය 2014.12.31 වැනි දිනදී සිදුකළ මිළදී ගැනීමකින් උපුටා ගත් කොටසකි... |
මෙම කාරණය ඇතුළු අප හට
නරකට බල පවත්නා සියලු කරුණු අප රටේ පොදු ජහමනයා වෙත බලපාන අයුරින් හෝ ඊටත්
වැඩියෙන් (ඉදි කිරීම් ක්ෂේත්රයද අපමණ අගයක් ලබා ඇති නිසා) මටද බලපෑවද මෙම වෙනස සහ අපමණ අගය ලබා ගැනීමට මා
දායකයෙක් නොවූ බව සිතා සතුටු වීමේ හැකියාව දැනට මා සතුව ඇත.
අයවැය හා ඒ සම්බන්ධ උක්ත
කරුණ පෙන්වා දක්වන අතරතුරේ අයවැයේ අන්තර්ගත කරුණු කීපයක් සම්බන්ධව සුළු අදහසක්
දැක්වීමටද අදහස් කලෙමි.
අයවැයේ හොඳ කාරණයක් ලෙස
පෙනෙන පෞද්ගලික අංශයේ සේවකයින්ද සතියේ දින පහක් පමණක් වැඩ කළයුතු ලෙස වූ යෝජනාවට
කුමක් වුවාදැයි නොදනී. එය සම්මත වුවා නම් වඩා කැමතිය. ඒ කුමකටවත් නොවේය, පෞද්ගලික
අංශයේ සේවය කරන අනෙකුත් මිනිසුන් ගැන සිතාය. උන්
වැඩට නොඑන විට අපට වැඩට එන්නට සහ යන්නට පහසුවන තවත් දිනක් සතියකට උදා වන නිසාය.
අප හට සතියේ දින හෝ සති
අන්ත දින කියා වෙන වෙනම වර්ග දෙකක් කලින් තිබුනේ නැති අතර ඉදිරියටත් නොතිබෙනු ඇත.
සතියකට දින හතක් ඇති බව කුඩා කාලයේදී අප ඉගෙනගෙන ඇති අතර එම දින හතම සතියේ දින බව
අප හට සහතික කොට කියාදී ඇත්තේ අප වැඩ කරන ක්ෂේත්රය සහ ආයතනය මගින්ය. එවිට අප උදේ
07:00 සිට රෑ 07:00 දක්වා එම සතියේ දින හත තුළ වැඩ කලයුතු වන්නාහුය. එයින් පසු
මාසයටම එක්වරක් පමණක් ලැබෙන දින දෙක හමාරක හෝ තුනක දීර්ඝ නිවාඩු කාලය (මෙය සිංහලෙන්
“ෂඩ්ඩවුන්නෙක” ලෙසින්ද හැඳින්වේ) ගම්බිම් බලා ගොස් අඹුදරුවන් දැකබලා ගැනීමට
යෙදවෙන්නාහුය.
ලොකු පුතා මෙයින් මදක්
අපගමණය වී ඇති අතර මසකට එක ඉරිදාවක් හෝ දෙකක් සේවයට වාර්තා නොකරන අතර සඳුදා සිට
සෙනසුරාදා දක්වා උදේ 07:00 සිට රෑ 07:00 හෝ සමහර දිනවල ඊටත් වඩා වැඩියෙන් රාජකාරිය
සඳහා අදාළ රැකියා ස්ථානයේ රැඳී සිටීමට වැයකරයි.
එම යෝජනාවෙන්ද අප
වැන්නවුන්ට පලක් නමැති බව වටහා ගන්නට දැන් අපහසු නොවනු ඇත.
අප හට වැඩ කිරීමට සිදුවී
ඇති ආකාරය කීමට මීට වැඩිමනත් කරුණක් එකවර සිහියට නැගුන නිසා එයද ලියා තැබීමට
සිත්විය. 2013 වසරේ මැයි 01 දා මා සිටියේ වැඩ බිමේය. අධික සුළඟක් පැවති දිනයකි.
වැඩබිමේ ඉදිරිපස වූ දැවැන්ත ගේට්ටුව එකවර මාර්ගය දෙසට පෙරළි ගිය බව දැන ගන්නට
ලැබුනේ ආරක්ෂක අංශය හරහාය. මා හට එතරම්ම අදාළ කරුණක් නොවුනත් එය සීයට සීයක්ම ආරක්ෂිතව
පිළිසකර කිරීමේ කාරිය සඳහා මා පිටත් විය. ඊට කලින් එයට යම් යම් ප්‍රතිකර්ම යෙදුවද
සාර්ථක නොවී වැඩබිම් සේවක මහතුන් දෙදෙනෙකුගේ ඔළු පැලීමට එය සමත් වී තිබුණි.
එම වැඩය
සඳහා අවැසි උපදෙස් අපගේ සේවක මහතුන් වෙත ලබා දී එය අධීක්ෂණය සඳහා ආරක්ෂිත
හෙල්මටයද දමාගෙන මාර්ගය අයිනේ සිටගෙන සිටියේ අදාළ කාර්යය මා බලාපොරොත්තු වන පරිදිම
සිදුකර ගතයුතු නිසාය.
අප එම වැඩය ආරම්භ
කරද්දීම වාගේ රතු පැහැති මැයි පෙළපාලියක් ගාළු පාරේ ඉදිරියට ඇදී එන බව පෙනෙන්නට
තිබුනත් අප අපගේ කාර්යය දිගටම සිදුකරගෙන ගියෙමු. පෙළපාලියේ මුල කොටස අපව පසු කරගෙන
ගිය අතර මා සිටියේ ඔවුනට පිටුපා අපගේ කටයුත්ත දෙස ඇස යොමාගෙනය. එකවර මාගේ ඔළුව
කම්පනයට පත්වුයේ පෙළපාලියේ ගමන් ගත් කෙනෙකු ඔහු අත්වූ තරමක කෝටුවකින් වැරෙන් පහරක්
මාගේ හෙල්මටය වෙත එල්ල කල බැවිනි. මැයි පෙළපාලියේ යමින් ගමන් කමින් බොමින් ප්‍රීති වෙන
ඔහු එදින වැඩ කරන්නට සිදුව ඇති අප සම්බන්ධව ඇති කරගත්තේ අනුකම්පාවක් නොව කෝපයක්
වීම පුදුම සහගතය. අනෙක ඔහු පහර දුන්නේ සුදු හෙල්මටයක් දමාගෙන වැඩය සඳහා උපදෙස්
දෙමින් සිටි මා හට මිසක් කහ පැහැති හෙල්මටය දමාගෙන සිටි සේවක මහතෙකු වෙත නොවේ.
පුද්ගලික අංශයට විශ්‍රාම
වැටුපක් දෙන්නට අදහස් කරන යෝජනාව සම්බන්ධ මගේ අදහස “අනේ එපා” කියාය. ඔය විශ්‍රාම
වැටුප නම්වූ වෙනසෙන් අපිට දැනට ලැබෙන EPF, ETF එකට කෙළ වෙන ආකාරය හා ප්‍රමාණය නොදන්නා නිසා ඒක කොහෙත්ම එපාය.
දැනට මසක පඩියෙන් 20% ක් EPF සඳහාද, 3% ක් ETF සඳහාද තැන්පත් වීමත් එයට ස්ථීර තැන්පතු සඳහා ගෙවන
පොළියටත් වඩා වැඩි පොළියක් ලැබීම මටනම් ඉහටත් උඩින්ය. මේ දැන් තහවරු කරගත් පරිදි 2014 වර්ෂය සඳහා පොළිය 10.5%ක් ගෙවූ බවද, 2013 දී පොළිය 13% බවද දන ගන්නට ලැබුණි. අවුරුදු 55 වෙනකල් ජීවත්ව
සිටියොත් එකවර ලබා ගැනීමට හැකි එම මුදල තව තවත් මැන්ටල් වූ පසු මසකට වරක් ලැබෙන
විශ්‍රාම වැටුපකට වඩා මටනම් අගේය.
නමුත් මෙම ආර්ථික ඔස්තාර්ලා මෙම පොළිය අඩු කරන්නට ක්‍රියා කරන්නටද ඉඩකඩ ඇති බව කල්තබාම සිහියේ සිහිතබා ගැනීම හෘදයාබාධ වලින් වැළකීමට හොඳ පිළියමක් වනු නොඅනුමානය.
ආහාර හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව අයවැයෙන් සිද්ධ වුයේ කුමක්දැයි යන්න ගැන ලොකු අදහසක් මා තුළ නැත. කවදාවත් ඔය මෑතකාලින බඩු මිලවල් මගේ මතකයේ රැඳෙන්නේ නැත. මට මතක පොඩි කාලේ කඩේ ගිහින් රුපියල් පහට (5/-) හාල් ගෙන ආ හැටිය. සත දහයේ ලොසින්ජර කාපු හැටිය. නයිස් නමින් හැඳින්වූ මොකක්දෝ මන්දා ලොකු රවුම් රසකැවිල්ලක් ඉස්කෝලේ අයිනේ සිටි ආච්චිගෙන් සහ 10 ට එක බැගින් මිළදී ගත් හැටිය. ඩීසල් රුපියල් 13/- ට තිබු කාලය සහ පෙට්‍රල් රුපියල් හතළිස් ගණන් වලට තිබු කාලයයි. යෙන් එක සත 23 ට කාලයක් තිබු බවද අමතක නැත.
මා ඒ ගැන වද වෙන්නට නොයන්නේ බඩුමිල අඩු උනත් වැඩි උනත් සතියකට තුන් හතර
වතාවක් වැඩ ඇරී ගෙදර යන ගමන් ගොඩ වෙන්නට ඇති තැනකින් සුදු කවර වලට පුරවා ගෙදරට බඩු
ගෙන යායුතු නිසාය. නමුත් සුදු මලු වල පැමිණි කොටසක් ටික දිනකට පසුව වැඩට යාමට
පිටත් වන මා අතටම කළු කවර වල බහා අවසන් ගමන් යැවීම පිණිස ගෙනයාමට සිදුවීම අපරාධයකි. සුදු
කවර පැමිණීම මෙන්ම කළු කවර පිටව යාමද නොකඩවා සිදුවන කරුණකි.
ඒ සම්බන්ධව විරුද්ධ වීමට යාම ජීවිතයටද තර්ජනයක් වීමට ඉඩ ඇති බැවින් නොදොඩා සිටීම යහපතිය. වැඩිදුර
නොදොඩා සිටීමට ඉහත අමුණා ඇති වර්ගයේ බිල්පත් සමග ඒ ඒ වර්ගයේ සුදු කවරද ගෙදරට
පැමිණීම හේතුවක් වන බවද නොකිවමනාය.
කෙසේ නමුත් මේ සියල්ල
බෙල්ල දක්වා හිරවෙන මට්ටමක් ඇතිවන දිනක් පැමිණියහොත් ඉහත සඳහන් බිල්පත් වලට අදාළ
සුදු කවර ප්‍රමාණය අවම කිරීම හෝ බැරිම උනොත් නතර කිරීම මගින් හෝ ගැටළුව නිරාකරණය
කරගත හැකිවනු ඇති බව මාගේ විශ්වාසය වේ. රාජ් ද එවැනි වූ අදහසක සිටින බව කියූ පෝස්ටුව ඔබ හට මතක ඇතැයි සිතමි.
අයවැය සම්බන්ධව කිසිවක්
ලියන්නට අදහසක් තිබුනේ නැති අතර වසරක් ඉක්ම යාමට පෙර වැඩි වී ඇති 78.50% ක අපමණ වැඩිවීම්
අගයක් ලබා ඇති ඉහත අමුණා ඇති බිල්පත් යුගලයේ නව බිල්පත ඒ වෙත මා යොමු කල බවද පවසා
සිටිමි.
දැනට මේ හොඳටම ඇතිය...
// මටද බලපෑවද මෙම වෙනස සහ අපමණ අගය ලබා ගැනීමට මා දායකයෙක් නොවූ බව සිතා සතුටු වීමේ හැකියාව දැනට මා සතුව ඇත //
ReplyDeleteබොලේ හැබෑට..... මම විතරක් නොවෙයි ද යහපාලනේට චන්දේ නුදුන්නේ??
ඇයි සරස තුමා එහෙම කියන්නේ...
Deleteපැරදිච්ච පැත්තට තිබ්බෙ එක ඡන්දෙයැ...
ඒකත් ඇත්ත නේන්නම්!
DeleteAssalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
Deletesedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau
කෑෂ් රිසිට් දෙකෙන් මම තේරුම්ගත්ත කාරණේ නම් අවස්ථා දෙකේම උඹ කීල්ස් සුපර් එකට ගිහිං තියෙන්නෙ රෑ හතහමාරෙන් පස්සෙ බවයි.කාල්ස්බර්ග් වලට වඩා හෙනකන් නරකද.
ReplyDeleteඔය ඉතින් අපි පැය 12 සේවය අහවර වෙලා ගෙදර යන අතරමග...
Deleteතව ටිකක් යන්නත් තියෙනවා...
හෙනකන් හෙණ ගණන් නේ හැලපේ...
Deleteඊට හොඳයි පොල් ගෙඩියක් බිඳලා වතුර ටික බොනවා... හෙහ් හෙහ්...
ඊයා ඔය දෙකම වැඩක් නැ , ස්ටෝන්ග් කෑන් දෙකක්වත් නං තව කමක් නැ
Deleteනැ මං කියුවේ වෙරි වෙන්ඩ නෙමෙයි හුජුජ බරවත් හැදෙන්ඩ
DeletePhone eke sinhala font naha ban...
DeleteStrong wagema Special Brew ekath saraine...
කාල්ස්බර්ග් ස්පෙෂල් බෘ එක තමා රසම... හේන්කන් එකත් ඉතිං ඒ වගේ තමා
Deleteමචං..එල ද බ්‍රා ඇත්ත..
ReplyDeleteසෙනසුරාදා දවස අපේ සතියේ දවස් වලින් කවර් කරලා තිබුනත් හැම සෙනසුරාදාකම මම ගෙදර යනකොට පාන්දර දෙකයි තුනයි..
ETF, EPF නැති විදේශිය ගැනුම් කරැගේ ලංකාවේ නියෝඡිතයෙක් විදිහට දැන් ඉන්න පඩිය වගේ දෙගුනයකට රස්සාවක් ලැබුනත් මම ගියේ නැත්තෙ කවදාහරි මම මැරන දවසක සදුට ETF, EPF වලින් ලොකු මුදලක් ලැබෙන නිසා ඒකටත් මුන් කෙලියොත් හෙන ගහනවා..
මෙයාලා එන්න ඉස්සර වෙලාම කිව්වනේ “රටකට ඔනේ අපමන අගයක්“ කියලා..
අපේ නිවාඩු ගැන අපිට බලාගන්න පුලුවන්..කරැනාකරලා අපේ ළමයිනුත් එක්කම වහබිලා මැරෙන්න වෙන්නෙ නැති වෙන්න තත්වයක් හදලා දෙන්න පුලුවන්නම් හොදයි..
අපේ ETF, EPF එකට කෙළින්න තමයි හැම එකාම බලාගෙන ඉන්නේ...
Deleteබලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...
ඔක්කොම හරි මුන් හිතේ හැටියට අරක්කු, බියර් වලට කෙළින කෙලිල්ල තමයි දිරවන්නෙම නැත්තේ...
/ETF, EPF නැති විදේශිය ගැනුම් කරැගේ ලංකාවේ නියෝඡිතයෙක් විදිහට දැන් ඉන්න පඩිය වගේ දෙගුනයකට රස්සාවක් ලැබුනත් මම ගියේ නැත්තෙ කවදාහරි මම මැරන දවසක සදුට ETF, EPF වලින් ලොකු මුදලක් ලැබෙන නිසා /
Deleteඉතිං ඒ රස්සාවට ගිහිං, පඩියෙං බාගෙයක් ඉතිරි කිරීමේ ගිණුමක දැම්මනං වාසියි නෙ. නැද්ද?
අත්දෙක උස්සලා කියන්න පුලුවන් මේ පාපකර්මේට මම හවුල් නෑ කියලා..
ReplyDelete:)
Delete:) x2
Deleteමම මගේ පලමු වෙනි ඡන්දයම දැම්මේ ස්වාධින කණ්ඩායමක අපේක්ෂකයෙකුට.ඒ තමයි මගේ පලමු වෙනි වගේම අවසාන ඡන්ද දැමිල්ල.ඉන් පස්සේ මම ඡන්දයක් දැම්මේ නෑ කිසිම පක්ෂයකට.මම මේ ප්‍රධාන පක්ෂ දෙකටම කැමති නෑ.පක්ෂ දෙකක් වුනාට හැමදාම එකම උන් ටික තමයි දෙපැත්තට පැන පැන මේ රට කන්නේ.මටනම් මේ කිසිම කෙනෙකුට ඡන්දයක් දෙන්න හිතෙන්නේ නෑ.මුන් ඔක්කොම එකයි.
Deleteකතාව ඇත්ත මනෝ, මම මහින්දට ජනාධිපතිවරනයකදී ඡන්දේ දුන්නේ මේ වතාවේ විතරයි...
Deleteඊට කලින් ඡන්දේ දෙන්න අවස්ථාවක් ලැබුනේ නැහැ...
මේ පාර ඡන්දේ දෙන්න හේතුව ඒ මනුස්සයගේ සහ ක්රමයේ යම් යම් වැරදි තිබ්බත්, දැන් ඉන්න සෙට් එකට වඩා හොඳ බවත් උන් ඇවිත් ලොකු හානියක් කරයි කියලත් මට හිතිච්ච නිසා...
ඔය වෙනස කරන්න මුලික වෙච්ච අය අර මනුස්සයාගේ සහ ක්රමයේ අඩුපාඩු හදා ගන්න කටයුතු කෙරෙව්වා (කතා කිරීමට එහා ගිය දෙයක්) නම් කොච්චර වටිනවද...
ඕක විතරක්නං මදැයි. ගල් බෝතලේටත් 160 ක් ම කෙලලනෙ. කෝ මේ ගල් බලකායෙ උං.
ReplyDeleteගල් බලකායේ උන් ගල් බොන්නේ නැති නිසා උන් දැන් බලනවා ඇත්තේ වෙන වෙන අරක්කු ජාති වැඩිවෙලා තියෙන්නේ කීය ගානේද කියල වෙන්න ඇති...
Deleteඊයේ රැත් ගල් බෝතලයක් ගැහැව්වා..
Deleteඉකොනොමැට්ටටයි මාතයියටයි කමෙන්ට් එකක් දැම්මා..
අපේ පොට් එකේ දැන් ගල් බාගෙ 900 /- ඩන්හිල් ලයිට් දෙක 100/-
Deleteවාහනේ අයිනක නවත්තගෙන පොඩි අඩ්ඩක් ගහන එක තමයි දැන් මම කරන්නෙ.
This comment has been removed by the author.
Deleteඅපේ එකෙක් දැං කියනවා, ඉස්සර කෂ්ටිය සෙට් වෙලා බිව්වලු. දැං අල්මාරියෙ හංගගෙන බොනවලු.
Delete///අපේ එකෙක් දැං කියනවා, ඉස්සර කෂ්ටිය සෙට් වෙලා බිව්වලු. දැං අල්මාරියෙ හංගගෙන බොනවලු.///
Deleteඒක තමයි හොඳම විසඳුම. හෙහ් හෙහ්...
ane pako dan kiyapan dunne na kiyala, lajjai bola.
ReplyDeleteඅයියෝ ඇනෝ මිත්‍රයා, මම බ්ලොග් වල දේශපාලනය වැඩිය කතා කරලා නැහැ තමයි...
Deleteහැබැයි ලැජ්ජ වෙන්න වෙන විදිහට එක පාරක්වත් ඡන්දෙ දීල නැහැ, දෙන්නෙත් නැහැ...
මම මේ අවස්ථාවේ ඒ සතුට විඳින එකට උඹ බාධා කරන උඹයි හරිනම් ලැජ්ජ වෙන්න ඕනේ... හෙහ් හෙහ්...
එල කතාව පුතේ!
Deleteදැන් අහගත්තා නේද ඇනෝ
Deleteබියර් සහ අරක්කු වල අවුරුද්දක් තුල මිල වැඩිවීමේ වෙනසක් ඇත. එය ප්‍රධාන හේතුව වන්නේ බොහෝ කලක සිට බියර් සඳහා අඩු ප්‍රමාණයක සුරා බද්දක් අය කලේ එය 4% ක මධ්‍යසාර පරිමාවකින් යුක්තවූ බැවිනි. අරක්කු වර්ග 33.5% ක මධ්‍යසාර පරිමාවකින් තිබුණත් බොහෝ විට ඒවා පානය කරන්නේ තවත් යමක් මිශ්‍ර කිරීමෙන් නිසා පානය කිරීමෙදී සැර 10% සිට 15% අතර ප්‍රමාණයක් ගනී. පසුගිය අවුරුදු කිහිපය තුල බීර නිපදවන්නන් උත්සාහ කලේ ස්ට්‍රෝන් වර්ගයේ බීර නිපදවීමටය. ප්‍රතිශතය අනුව ගෙවිය යුතු බද්ද අඩු නිසා 8% ක බීර නිපදවූ විට 8% අරක්කු නිපදවූවානම් ගෙවිය යුතු බද්දට වඩා අඩු මුදලක් ගෙවීමෙන් ඔවුහු එය නිපදවූහ. මෙහි ප්‍රතිපලය වූයේ කලින් 100% ක් ව තිබූ 4% ක් සැර බීර වෙලඳාම 10% දක්වා පහත වැටීමත් 90% ක් ම 8% ස්ට්‍රෝන් බීර විකිණීමත්ය. තවද බීර විකිණීම 200% කින් පමණ ඉහල ගියේය.
ReplyDeleteබීර බදු වල තිබූ අසාධාරණ අවාසිය සහ ජොන්ස්ටන් සහ මාතලේ වසන්ත වෙන අයගේ නම්වලින් පිටරටින් ගෙන්වාගත් බදු නොගෙවූ එතනෝල් යොදාගෙන විශාල ප්‍රමාණයේ සුරා බදු නොගෙවූ අරක්කු වෙලඳ පොලට එවීම නිසා බදු ගෙවූ අරක්කු නිශ්පාදනය සීග්‍රයෙන් පහල ගියේය. සුරා බදු දෙපාර්තමේන්තුව බීර ප්‍රශ්ණය ගැන මුදල් අමාත්‍යාංශය සහ නිශ්පාදකයින් අතර සාකච්චා කළත් යටින් ලැබෙන විශාල මුදල් ප්‍රමාණයකට පින් සිද්ද වෙන්නට මුදල් ඇමති තුමා ඒ ගැන කිසිවක් නොකරන ලදී.
එක අරක්කු බෝතලයට බදු පමණක් රුපියල් 780 ක් වූ අවදියක ජොන්ස්ටන් සහ වසන්ත මුද්‍රිත මිල දර්ශණ සමඟ ඒවා එලිපිට විකුණුවේ රුපියල් 650 කටය. ජනවාරි මස සිට මෙම වැරදි හරි ගැස්සවීමට නිසා රජයේ සුරාබදු ආදායම ජනවාරි සිට මේදක්වා සියයට හැත්තෑ පහකින් වැඩිවී ඇත. එනම් වසරකට බිලියන් 75 කින් පමණය. පසුගිය කාලයේ රටට අහිමි කල ධනස්කන්දය ගැන වටහා ගැනීමට මෙය උදාහරණයකි. බීර මිල අසාමාන්‍ය ලෙස වැඩිවීම මෙයින් පැහැදිලි වූවායැයි සිතමි.
///එක අරක්කු බෝතලයට බදු පමණක් රුපියල් 780 ක් වූ අවදියක ජොන්ස්ටන් සහ වසන්ත මුද්‍රිත මිල දර්ශණ සමඟ ඒවා එලිපිට විකුණුවේ රුපියල් 650 කටය. ///
Deleteඉයන් මේක මටනම් හතර බීරි කතාවක්, උන් ටැක්ස් ගෙවන්නේ නැතුව ගෙනාපු එතනෝල් වලින් හදල මිනිස්සුන්ට අරක්කු ලාබෙට දුන්න කියලද මේ කියන්නේ...
හැම ආණ්ඩුවකින්ම අරක්කු, බියර් ටික ටික හරි වැඩි කලා මිසක් කවදාවත් අඩු කලේ නැහැ...
කොහෙද එහෙම ලාබ අරක්කු බාර් වල තිබුනේ, තිබුනානම් ඒ ලාභ අරක්කු මොනවද. ටැක්ස් ගෙවපු එතනෝල් වලින් හදපු නිසා මිළ වැඩිවෙලා වෙළඳාම පහත බැහැපු බ්‍රෑන්ඩ් මොනවද...
ටැක්ස් ගෙවන්නේ නැතුව එතනෝල් ගෙන්නලා උන් අධික ලාභයක් ලබන්න ඇති, නමුත් ඒ ලාභය මිනිස්සුන්ටත් දුන්නා, ඒ නිසාය මෙහෙම අසාධාරණ විදිහට ගණන් වැඩි කරන්නේ කියන කතාව මම පිළි ගන්නේ නැහැ...
ඔයා මේ කතා කරන්නේ බොන මිනිහා ඉන්න තැන ඉඳගෙන නෙමෙයි ඉයන්, ඔයා කතා කරන්නේ අරක්කු මුදලාලිගේ තැන අරගෙන...
මිළ අඩු උනාම මිනිස්සු ඒ වර්ගය පරිභෝජනය වැඩි කරනවා. ඒකෙ ගාන වැඩි කලාම ආපහු ගාන අඩු ඔප්ෂන් එකකට යනවා. ඒක පාරිභෝගිකයින්ගේ ස්වභාවය...
///මෙහි ප්‍රතිපලය වූයේ කලින් 100% ක් ව තිබූ 4% ක් සැර බීර වෙලඳාම 10% දක්වා පහත වැටීමත් 90% ක් ම 8% ස්ට්‍රෝන් බීර විකිණීමත්ය. තවද බීර විකිණීම 200% කින් පමණ ඉහල ගියේය. ///
මේක ඇවිල්ල මම හිතන විදිහටනම් ගේමක්, බීර විකිණෙන එක වැඩි බව දැකලා වැඩි අදායමක් ලබන්න ටැක්ස් එක වැඩි කරලා කියන එකයි මම හිතන්නේ...
අනික සැර බියර් හැම එකම වැඩි කරන්න ඕනේ නේද ඉයන්ගේ තර්කය සම්පුර්ණ වෙන්න...
එහෙමනම් Anchor Strong Beer 8.8 එක තාම 248/- ට තියෙන්නේ කොහොමද...
මිළ අඩුවීම කියන සාධකය මත දැන් ප්‍රොමෝට් කරන්න ඕනෙවෙලා තියෙන්නේ ඒ කොම්පැණි එකේ සැර බියර් එක විතරක් නිසාද...
එවැනි නෝටි වැඩ කිරීමට එරෙහිව යහපාලනය විසින් අරුන්දිකට උප ඇමති කමක් ද වසන්ත පෙරේරාට තව මෙකක්ද මගුලක්ද ලබා දී දඬුවම් කර ඇත.
Delete//එවැනි නෝටි වැඩ කිරීමට එරෙහිව යහපාලනය විසින් අරුන්දිකට උප ඇමති කමක් ද වසන්ත පෙරේරාට තව මෙකක්ද මගුලක්ද ලබා දී දඬුවම් කර ඇත.//
Delete"යහාපලනය ගැන මට තියෙන ප්‍රධාන විවේචනයත් ඕකයි.බලන් ගියාම මේ ආණ්ඩුවේ නැත්තේ මහින්ද විතරයි.
///යහාපලනය ගැන මට තියෙන ප්‍රධාන විවේචනයත් ඕකයි.බලන් ගියාම මේ ආණ්ඩුවේ නැත්තේ මහින්ද විතරයි.///
Deleteමේ පතෝල ආණ්ඩුවෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැහැ, ඒ කියන්නේ වැඩක් කරපු එකම මනුස්සයා මහින්ද කියන එක...
//එකම මනුස්සයා මහින්ද කියන එක//
Deleteමහින්ද ගැන මගේ තියෙන විවෙචනය නැති වෙන්නේ නැහැ ලොක්කෝ.
අයවැයෙන් වෙනත් බදු වර්ග ඉහල යාමක්ද දක්නට ලැබේ. එයට හේතුව නම් රාජයේ සේවක වැටුප් ප්‍රමාණය ඉතා විශාල ලෙස වැඩි වීමයි. 2005 දී 700,000 ක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව 2014 වන විට මිලියන 1.4 දක්වා ඉහල ගොස් තිබුණි. මීට කලින් වැටුප් වැඩිකලේ රුපියල් 1,000 කින් හෝ වැඩිම වුනොත් 2,500 කිනි. රුපියල් 10,000 කින් වැටුප් වැඩිවීම මසකට බිලියන් 14 ක් අතිරේක වියදමක් රජයට ගෙවීමට සිදුවේ. වසරකට එය බිලියන් 168 කි. එම මුදල පියවා ගැනීමට බුදල් අච්චු ගැසුවොත් වන්නේ උද්ධමනය හරහා මිල ගණන වැඩිවී පඩි වැඩිවීම් නොලැබුණ සහ රැකියාවල් නැති අයට අහිතකර ලෙස බල පෑමය. එසේනම් එකම විසඳුම බදු හරහා එම මුදල සොයා ගැනීමය. රජය කර ඇත්තේ එයයි.
ReplyDeleteඔන්න ඔය 10,000/- තමයි ඔක්කොටම මුල.
Deleteඒක වැඩිකලා කියල දැන් ඒ මිනිස්සුන්ටත් වැඩක් නැතුව ඇති ආපහු බඩු මිල වැඩි උනාම...
රාජ්‍ය සේවකයෝ ඉන්නේ ලක්ෂ 14 යි. නමුත් රටේ ඉන්න මිනිස්සු හැමෝම බත් කනවා...
රුපියල් 30/- ට 35/- ට වී ගන්න ගමන් අස්ප ගණන් වලට හාල් විකුණන්න නොදී හාල් ගණන් අඩු කලානම්, පඩිය 10,000/- ක්ම වැඩි නොකර ඉන්න තිබුනා...
සුරා බද්දෙන් දැන් බිළියන 75 ක් වැඩිපුර එනවනම්, ඒක එතැනින්ම ශේප් කර ගන්න තිබුනා...
2014 වසරේ ලංකාවේ හාල් පරිභෝජනය කිලෝ මිළියන 2,950 ක්, ඉස්සර 25/- ට 28/- ට වී ගන්න කාලේ හාල් කිලෝව තිබ්බා රුපියල් 60/- ට අඩුවෙන්. දැන් කඩේ වී ගන්නේ 30/- ආසන්නව නේද. නමුත් දැන් හාල් 70/- ට වඩා වැඩියි. ඔතනත් තියෙනවා ආණ්ඩුවට අල්ල ගන්න පුළුවන්කම තිබ්බ බිළියන කීපයක්...
නමුත් දැන් 10,000/- වැඩි කරලා ඉවරයි නිසා අපි ඔක්කොගෙම බොටු මිරිකලා ආපහු ඔය බිළියන 168 හොයන එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ...
විසඳුමක් තියෙනවා. සල්ලි අච්චු ගැසීම. එතකොට වෙන්නේ පහලම ස්ථර වලට හොම්බෙන් යන්න වැදීම. ඒ හැර මුදල් ඇමති බිල් ගේට්ස් වුනානම් ගෙදරින් ගේන්න තිබ්බා. වෙන ක්‍රමයක් නැත.
Deleteඑල ද බ්‍රා
Deleteඉයන්,මමත් යහපාලනය වෙනුවෙන් පෙනි හිටපු සහා ජනවාරි අටවැනිදා මහින්ද ගෙදර යැවීම නිවැරදි බව අදටත් පිළිගන්න කෙනෙක්.නමුත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන යහපාලකයෝ කතා කරන කොට කිව්වේ නැහැනේ මෙහෙම බදු ඉහළ නංවන බව.
Deleteගැලරියට කතා කරමින් කිව්වේ අනවශ්‍ය දුෂණය,වංචාව පිටු දැකීමෙන් මේ මුදල් හොයා ගන්නවා කියලායි.එහෙම කියා බලේ අරන් මෙහෙම බදු ගහන කොට හිතෙන්නේ අර පිටු දකිනවා කිව්වා එව්වා මේ ආණ්ඩුවේත් අඩු නැතුව තියෙනවා කියලායිනේ.
///ගැලරියට කතා කරමින් කිව්වේ අනවශ්‍ය දුෂණය,වංචාව පිටු දැකීමෙන් මේ මුදල් හොයා ගන්නවා කියලායි. ///
Deleteඒක විශ්වාස කරලා ඡන්දෙ දුන්නනම් කියන්න වෙන්නේ අහු උනා කියල තමයි...
පුද්ගලිකව මට ලැබෙන දේවල් ගැන හිතලා නෙමේ මම ජන්දේ දෙන්නේ.ප්‍රතිපත්තියක් වශයෙන් "අඩු නරක"තෝරා ගන්නයි බලන්නේ.මහින්දගේ කාලෙට වඩා රට එක දශමයක් හරි ඉස්සරහායින් තියෙනවා කියලා මම හිතනවා.බලාපොරොත්තු වෙච්චි වෙනසම නැතත් තියෙන මේ සුළු හෝ වෙනස ගැන මට තියෙන්නේ "ධන"අදහසක්. ඒ නිසා මම අහු උනා කියලා මම පිළිගන්නේ නැහැ.
Deleteයහපාලනේට ඡන්දේ දීපු බහුතරයක් රාජ්‍ය සේවකයෝ (හමුදාවේ සහ පොලිසිය ඇතුළුව) දුන්නේ බඩ ගැන හිතලා...
Deleteමේ වෙද්දී විදෙස් සංචිත වලට එහෙම කෙළවෙලා, ඩොලර් එක තිබුනට වඩා සෑහෙන නැගලා තියෙද්දී රට පොඩ්ඩක්වත් ඉස්සරහින් තියෙනවා කියලා මමනම් හිතන්නේ නැහැ...
රටේ ව්‍යාපෘති නතරවෙලා ඒවායේ වැඩ කරන සේවකයෝ පාරට වැටෙන එකත් රට ඉස්සරහට යාමට අයිතිද...
ධන අදහසක් ඇති කරගෙන ඉන්න එක වෙනම කාරණයක්, තමන් කරන හෝ කරපු දේ නිවැරදියි කියල තමන් විශ්වාස කිරීම මනුෂ්‍ය ස්වභාවයක්...
නමුත් එකින් එක කරුණු විමසලා බැලුවොත් තේරේවි ඒ ධන අදහස ඇත්තටම ධන ද කියලා...
මම දන්නා ආර්ථික විජ්ජාවක් නෑ.. මරා ගේ මජර වැඩ නිසා ඒකා ව පරද්දන්න හෙන කට්ටක් කාගෙන ගිහින් චන්දෙ දුන්නා.. මගේ දැනීමේ හා විස්වාසයේ හැටියට ඒ ගිය රේට් එකේ ගියානම් ලංකාව සිම්බාබ්වේ පහු කරනවා මේ අවුරුදු පහ ඇතුලේ.. මුදල් හා බලය අවභාවිතය කියන එක උපරිමේට ගිහින් තිබුනේ.. අන්න ඒක 'තාවකාලිකව' හරි නතර කරන්න 'මහින්දට විරුද්දව' චන්දෙ දුන්නා මිසක් මට මේ යහපාලනයක් ගැන නම් විස්වාසයක් තිබුනේ නෑ.. ඒක නිසා තමයි මහා මැතිවරණය වර්ජනේ කරේ..
ReplyDeleteඋඹ කියනවා වගේ මුන් ආපු දවසේ ඉඳන්ම කලෙත් අපේ බඩට කෙලපු එකම තමයි..
උබ ආර්ථික විද්‍යාව දන්නෙ නැත්නං බොරු කයිවාරු නොගහ ඉදපන්. උබ දන්න සිම්බාබ්වේ ආර්ථිකේ .
Deleteමනින්දගේ කාලේ ඔය කියන ආර්ථික විනාශයක් උනානං විදේශ සංචිත ඉතිහාසයේ වැඩිම අගයකට වර්ධනය උනේ කොහොමද ?
දැන් යන විදියට සිබ්බාබ්වේ ඉස්සර කරයි. දත මැදගෙන හිටපන්
කමි,
Deleteබලය සම්බන්ධව යම් යම් ගැටළු තිබුන බව මමත් පිළිගන්නවා...
මුදල් සම්බන්ධ කතාව වැරදියි, ඒක ඡන්ද දවස්වල කල නොමග යැවීමක්. බලය සම්බන්ධවත් යම් ප්රතමාණයක් එහෙමයි...
අපේ ප්රෝජෙක්ට් එකේ අපිට කරන්න තියෙන වැඩ වල වටිනාකම බිළියන 03 ක් වගේ. පස්සේ ආපු වැඩත් එක්ක ගත්තම ඔක්කොම ඕනෙනම් 04 කට කිට්ටු වෙයි...
ඒ වැඩ ප්‍රමාණය අපි දැන් අවුරුදු තුනකටත් වඩා වැඩි කාලයක් තිස්සේ කරනවා...
10,000/- ක් පඩි වැඩි කරනවා කියන යහ පොරොන්දුව දැකපු ගමන් ඕක වැඩි කරලා බලන්න හැකියාව තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දේ තමයි එහෙම පඩි වැඩි කරන්න අවුරුද්දකට බිළියන 168 ගානේ ඕනේ වෙනවා කියන එක...
අපේ ප්‍රොජෙක්ට් එකේ අපේ වැඩ වල වටිනාකමත් එක්ක සංසන්දනය කරද්දී බිළියන 168 ක් කියන එක මොන තරම් විශාල මුදලක්ද කියන එක හිතා ගන්න පුළුවන්නේ, ඒකත් නිකං නෙමෙයි හැම අවුරුද්දෙම...
දැන් මහින්ද යුගයට වඩා ඉන්ධන හරහා වසරකට බිළියන 16 ක ලොස් වීමකුත් වෙනවා...
එකතුව බිළියන 184 යි. මට මතක විදිහට අපේ රටේ දැනට තියෙන හයිවේ ටික හදන්නවත් ඒ තරම් මුදලක් වැය වෙලා නැහැ...
මහින්ද සමයේ අපෙන් බදු ගහලා මුදල් අවභාවිතය කලා කිව්වට ඒ මිනිස්සු ඒ කාලේ වැඩක් කලා, විදෙස් සංචිත වැඩි උනා. එක එක ව්‍යාපෘති හරහා මිනිස්සු අතට සල්ලි ආවා. ඩොලර් එක දවස ගානේ ඉගිලුනේ නැහැ මේ වගේ...
දැන් මජර මහින්ද හොරා කන්නේ නැහැනේ, ඒ වගේම මුදල් අවභාවිතය කරන්නෙත් නැහැනේ. අලුතෙන් ආපු අය දුෂකයෝ නෙමෙයි නිසානේ මිනිස්සු ඡන්දේ දීල තියෙන්නේ. එතකොට ඒ ඉතුරු වෙන සල්ලි බහිරවයා ගිලින නිසාද දැන් මේ හැම දේම වැඩි කරන්නේ...
ඡන්දෙට කලින් කියපු ගොන්කමට 10,000/- වැඩි කලාට ඒක ගෙවන්න උනාම තමයි මුන්ටත් තේරෙන්න ඇත්තේ රටක් කරන එකත් ලේසි පහසු කෙලියක් නෙමෙයි කියලා...
මුන් ආපු ගමන් සල්ලි අච්චු ගැහුවා, පොඩි පොඩි කොල ගැන මතක නැහැ. කෙළින්ම 5,000/- ඒවා තමයි ගහල තිබුනේ. ඉන්සුරන්ස් එකේ බිළියන 27.5 ක් මහ බැංකුවට ගත්තා. අකුරගොඩ හදන්න වෙන් කරලා තිබ්බ මිළියන 700 ක් හරි 800 ක් හරි මහ බැංකුවට ගත්තා...
මටනම් පේන්නේ ඉස්සර කෙසේ වෙතත් දැන්නම් සිම්බාබ්වේ කරා නොපසුබටව යමින් පවතිනවා කියල තමයි. නවත්තන්න නම් කරන්න වෙන්නේ අපිට කෙළලා අපෙන්ම ගන්න එක තමයි...
උඩින්ම කොලේ ඉරා ගත්තනේ මන් දන්නා ආර්ථික විජ්ජාවක් නෑ කියලා.. හැක හැක.. දැන් ඉතින් උඹලා දෙන්නම කියන ඒවාට ඔලුව පහත කරගෙන ඉන්නවා.. උත්තර දෙන්න යන්නේ නෑ..
Delete///උඩින්ම කොලේ ඉරා ගත්තනේ මන් දන්නා ආර්ථික විජ්ජාවක් නෑ කියලා.. හැක හැක.. දැන් ඉතින් උඹලා දෙන්නම කියන ඒවාට ඔලුව පහත කරගෙන ඉන්නවා.. උත්තර දෙන්න යන්නේ නෑ..///
Deleteඒකත් එහෙමද, හෙහ් හෙහ්...
මම ජනවාරි අට වෙනිදා මහින්දට විරුද්ධව ජන්දේ දුන්නා.ඒ ගැන පසුතැවිල්ලක් නැහැ.ඒ ගත්තේ හරි තීරණේ කියලා මම විශ්වාස කරනවා.මහා ජන්දේ දුන්නේ ජවිපෙ එකට ඒ ගැනත් මගේ පසුතැවිල්ලක් නැහැ.අඩු නරක තමයි ඒ වෙලාවේත් තෝරා ගත්තේ.
ReplyDeleteඋඹ ඒ වෙලාවේ අඩු නරක තෝර ගත්තා කියන කාරණය ඒ වෙලාවේ නිවැරදි වෙන්න පුළුවන් පෙන්නපු සුරංගනා ලෝකෙත් එක්ක, ඒ අඩුය කියල කියපු නරක දැන් තියෙන්නේ ඒ වෙලාවේ කියපු අඩු මට්ටමේද කියන එකයි ඔලුව පොඩ්ඩක් කල්පනා කරලා දැන් විමසලා බලන්න ඕනේ...
Deleteඅර මාකට් කරපු සරළකම් කෝ, අඩු වියදං කෝ, පවුල් සමාගම් අඩු උනාද වැඩි උනාද...
මේ වෙනසෙන් උනේ මිනිස්සුන්ට ජීවත්වෙන්න පහසු වෙච්ච එකද අපහසු වෙච්ච එකද...
තාම බජට් එකේ නියම ප්‍රතිපල අපට දැනෙන්න පටන් ගත්තේ නැහැ, මේ ආරම්භය පමණයි...
තව සතියකින් ටයර් මිළ 6% කින් වැඩි වෙනවා, රජයේ මුද්දර ගාස්තු ඉස්සර තිබුනේ 1% යි, දැන් ඒක 1.5% ක් කරලා...
දැන් ක්‍රෙඩිට් කාඩ් වලින්, ලීසිං වලින් සහ රජය දැනුවත්ව කරන මිළදී ගැනීම් සියල්ලටම ඔය අමතර 0.5% වදින්න ගත්තම තව තේරෙනවා ලැබිච්ච පහසුව ගැන...
මේ දේවල් බජට් එකේ කොහෙවත් කියවෙච්ච බවක් මටනම් මතක නැහැ...
යහපාලනය වෙනුවෙන් ඡන්දේ දීපු බහුතරයක් ඡන්දේ දුන්නේ බඩු මිළ අඩු වෙයි, ජීවත් වෙන්න පහසු වෙයි කියන එක ගැන හිතලා...
ඡන්ද පොරොන්දු බහුතරයක් තිබ්බේ, පඩි වැඩි කිරීම්, ජීවන වියදම අඩු කරනවා වගේ දේවල්...
දුර්දාන්ත පාලනය අවසන් වෙච්ච ගමන් ජනතාවට සනහ සළසනවා කියලත් කිව්වා නේද... හෙහ් හෙහ්...
//මම ජනවාරි අට වෙනිදා මහින්දට විරුද්ධව ජන්දේ දුන්නා.ඒ ගැන පසුතැවිල්ලක් නැහැ.ඒ ගත්තේ හරි තීරණේ කියලා මම විශ්වාස කරනවා.මහා ජන්දේ දුන්නේ ජවිපෙ එකට ඒ ගැනත් මගේ පසුතැවිල්ලක් නැහැ.අඩු නරක තමයි ඒ වෙලාවේත් තෝරා ගත්තේ.//
ReplyDeleteමනෝජ් කරපු වැඩේ තමයි මමත් කලේ, ඉලෙක්ට්‍රික් කාර් වලට බදු ගහපු එක තමයි තියන අවුල.
ඒක විතරද තියෙන එකම අවුල. රජයේ සේවකයින්ගේ පඩි ගෙවන්න ආණ්ඩුවට හැම අවුරුද්දෙම බිළියන 168 ක් හොයන්න වෙන එක අවුල් නැද්ද...
Deleteඒක ගන්න වෙන්නේ මුකුත් නොලැබුණු පුද්ගලික අංශයේ අපෙනුත් එක්ක වීම අවුලක් නැද්ද...
බියර් අරගෙන තියෙන්නේ එහෙනං....දැං වැඩිවෙලා තියෙන්නේ බදුද? බඩුද?
ReplyDeleteඔය මකල තියෙන්නේ අනිත් එව්වා. බදු සහ බඩු දෙකම වැඩිවෙලා, නෙහ්...
Deleteඅවුලක් නැහැ මහින්දව ගෙදර යවා ගත්තනේ කියලා සැනසෙන එකයි තියෙන්නේ...
ඔන්න අපි නම් ඔය වෙනසට හවුල් නෑ මහත්තයෝ... ;)
ReplyDeleteඒකට දායක උනේ නැහැ කියල හිතන්න පුළුවන් වීමත් ලොකු සහනයක්...
Deleteදැන් නවලෝක එකේ මිනිස්සු අස් කරනවා, තාම අපේ පටන් ගත්තේ නැහැ...
පහුගිය මාස නමයටම අපිට හම්බ වෙලා තියෙන්නේ ප්‍රොජෙක්ට් දෙකයි...
මුන් ඇණගත්තේ පඩි වැඩි කිරිල්ලෙන්...
අපේ ගම් පැතිවල රාජ්‍ය සේවයේ නියුතු පිරිස අඩුයි.ප්‍රධාන ආදායම් මාර්ගය තේ.මේ වතාවේ තේ මිල පහල වැටුනා.තේ වතු වලින් ආදායම් ලබන පිරිස වගේම තේ වතුවල කුලියට වැඩ කරලා ජීවත් වෙන පිරිස වැඩියි.තේ මිල පහල වැටීම මේ දෙපිරිසට සෘජුවම බලපෑවා.
ReplyDeleteතේ විතරක් නෙමෙයි මචං රබර් වලටත් කෙළ වෙලා නේද...
Deleteඅටවෙනිද චන්දෙ දුන්නෙ යූ එන් පී කාරකමටම විතරක් නෙවෙයි... ඒ ගිය විදියට ගියා නං කොහෙන් නතරවෙයිද හිතාගන්න බැරි උන හන්ද... මහ චන්දෙට යූ එන් පියට චන්දෙ දුන්නෙ රට දියුණු කරාවි කියන විශ්වාසෙට.. රවියට මුදල් ඇමතිකම ලැබුණු එකෙන්ම ඒ විශ්වාසෙ පොඩ්ඩක් හෙල්ලුනා... බලාගෙන ඉන්නව මිසක් වෙන කරන්න දෙයක් නෑ... පිස්සු කෙලිනව ඉවරයක් නෑ.. මේක යූ එන් පී ආණ්ඩුවක් නෙවෙයි.. එහෙම බැලුවම යහපාලනය කැඳ හැලියක් තමා... හැබයි මගේ දැක්මෙ හැටියට මහ චන්දෙදි මහින්ද මහත්තය දිනල අගමැති උනා නං තවත් විජ්ජුම්බරයක් බලන්න තිබ්බ... හැමෝගෙම හොඳ සහ නරක තියනව... මහින්දට යුද්දෙ සම්බන්දව ගෞරවය දෙන්න බෑ කිව්වොත් ඒ කුහක කම.. පාරවල් ටික හදපු එක වැරදියි කිව්වොත් ඒ කුහකකම... නාස්තිය, අකාර්යක්ශම කලමනාකරනය සහ නෑදෑ සංග්‍රහය දුර්වලකම්... මහින්දට සොඳුරු ආඥාදායකයෙක් වෙන්න තිබ්බ... ඒත් ෆේල් උනා..( මෙව්ව කිව්වෙ උඹේ හිත හැදෙන්න හැක්.. මෙව්ව මතවාදී ගැටුම් බං) මේකට උත්තර දීල උඹෙයි මගෙයි කාලෙ කන්න හදන්න එපා... කොටින්ම කිව්වොත් යහපාලනේට චන්දෙ දීපු මං ෆුල් අන්දොස්... හැබැයි මහින්දට පෙන්ශන් දීපු එක ගැන ෆුල් සැටිස්.. වරද්දගන්න එපා.. 2005 මහින්ද "මහත්තය" නෙවෙයි..2015 මහින්ද...
ReplyDelete///මේකට උත්තර දීල උඹෙයි මගෙයි කාලෙ කන්න හදන්න එපා...///
Deleteඑළ...
මචෝ, වෙනසක් ඒ කිව්වේ හොඳ වෙනසක් වෙනවනම් අපි කවුරුත් කැමතියි. නමුත් එහෙම වෙනසක් කරන්න පුළුවන් සෙට් එකක් නෙමෙයි සෙට් උනේ කියල තේරිච්ච නිසා තමයි බං නොදන්නා යකාට වඩා දන්න යකා හොඳයි කියන තියරිය අනුව හිතුවේ...
අපි හිතපු දේ නිවැරදි බව ඔප්පු වෙන බවක් තමයි අදටත් මම දකින්නේ...
මේක පැහැදිලි කුමන්ත්‍රණයක්! අලුතින් පත්වීමට නියමිත ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහාම නොවේනම් බියර් බිලක් අවුරුද්දක් තියාගත්තේ මොන එහෙකටද ?
ReplyDeleteThilaka Sitha සාදරයෙන් පිළි ගන්නවා, මීට කලින් කමෙන්ට් කරලා නැහැ කියල තමයි මතක...
Deleteඔපීසියේ තියෙන මගේ මේස ලාච්චු ටික දැක්කනම් එහෙම කියන්නේ නැහැ. හෙහ් හෙහ්...
ඒ විතරක්ද මම හැමදාම වියදම් කරන ඒවා ලියනවා, ලැබෙන ඒවත් ලියනවා...
කැම්පස් ඉන්න කාලේ ඒ කිව්වේ දැනට අවුරුදු දහ දොළහකට කලින් එක එක දේවලට වියදම් කරපු ඒවා පවා මගේ ගාව ලිඛිතව තියෙනවා, නමුත් බිල් වශයෙන් නම් නැහැ...
බිල් විදිහට තියෙන්නේ මෑත කාලින ඒවා කිහිපයක් පමණයි...
මේ ආණ්ඩුවේ තියරි සුන්දරයි. ප්‍රැක්ටිකල් නරකයි.
ReplyDeleteEPF, ETF, විශ්‍රාම වැටුප්, ඉන්දියාවත් සමඟ වෙළඳ ගිවිසුම, වාහන බලපත්‍ර මේ ඔක්කොම තියරි ආර්ථික විද්‍යානුකූලව හරි. ඒ උනාට ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ඒවා වෙන්න ඕන. උදාහරනයක් ලෙස කියනවානම් කොළබ මෙගා පොලිස් එක. මට තේරිලා තියන විදිහට කොළඹ දියුනු කරන්න තිබුනු ලොකුම බාධාව සැලසුම් වල දුර්වල කමට වඩා ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලකම්.
දැන් සිංගප්පූරුවෙන් ගෙනත්නෙ ප්ලෑන් කරන්නේ. දැන් කට්ටිය ඔක්කොමගෙන් අදහස් අරන් ඔක්කොම පන්ඩිතයො එක්කනේ කරන්නේ. ඒ දණ්ඩේ යන්න බැරි පන්ඩිතයො මෙගා පොලිස් හදයිද කියලා තමා දැන් බලන් ඉන්න තියෙන්නේ. මෙගා පොලිස් එක හදලා ඉවර කරද්දී මෙගා සිටියක් වෙලා නොතිබ්බොත් ඇති. (මේ කියන්නේ Judge Dredd එකේ තියන megacity one එක. 1995 ෆ්ල්ම් එකේ වගේ )
මමත් යහපාලනේට නොදුන්නෙ ඇවිත් මොන නාඩගමක් නටයිද කියලා හිතා ගන්න බැරි වෙච්ච නිසා.
මෙගා පොලිස් කියන එක ඡන්දෙට කලින් UNP මන්ත්‍රී කෙනෙක් ලස්සනට පැහැදිළි කලා. කොළඹ අපරාධ වැඩි නිසා අනිත් පැතිවල තියෙන පොලිසි වලට වඩා ලොකු පොලිසියක් දාන එකලු මෙගා පොලිස් කියන්නේ කියල තමයි උන්දැගේ පැහැදිලි කිරීම...
Delete///මමත් යහපාලනේට නොදුන්නෙ ඇවිත් මොන නාඩගමක් නටයිද කියලා හිතා ගන්න බැරි වෙච්ච නිසා.///
මමත් එසේමය. තියෙන සිස්ටම් එකක් එක පාර කණපිට ගහන්න හොඳ නැහැ කියන පාඩම මම ඉගෙන ගත්තේ කැම්පස් එකේ දේශපාලනයෙන්. තිබ්බ ක්‍රමය වෙනස් කරලා හොඳක් කරන්න ගිහින් වෙච්ච විනාසේ දැකපු එකෙන් මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා...
ඒ නිසා වෙනසක් උනත් සිද්ධ වෙන්න ඕනේ ක්‍රමානුකුලව කියන අදහසේ තමයි මම ඉන්නේ...