Saturday, 19 December 2015

නල්ලමලේ වෙනස...

Google image
අද උදේ සිංහ FM එකේ “තුමනි උත්තර බඳින්න” නම්වූ වැඩසටහන අසන්නට හැකි වුයේ ප්‍රමාද වී සේවයට වාර්තා කල බැවිනි.
එහිදී මොකෙක්දෝ මන්දා සේවක සංගම් වල එක්තරා නිලධාරියෙක් (මාගේ මොලය එවැනි දත්ත ගබඩා කර ගැනීම ප්‍රතික්ෂේප කරන බැවින් ඔහුගේ නම හෝ දරන තනතුර මතකයේ නැත, ) කියා සිටියේ ඔවුන් වැඩ වර්ජනය නතර කලේ ඉල්ලීම් 12 න් 11 ක්ම දිනා ගත් බැවින් වර්ජනය නොකළ බවයි.
ඔවුන් දිනා ගත්තා යැයි කියන ඉල්ලීම් සියල්ල මා දන්නේ නැත, ඌ කිව්වේද නැත. එකක් හෝ දෙකක් කියූ නිසා සහ ඇසුන නිසා මෙසේ ලියා තබමි. එනම් රුපියල් 5,000/- ට වැඩි කරන්නට හැදු දුම් සහතිකය රුපියල් 1,500/- ට අඩු කර ගැනීම ඔවුන්ගේ ජයග්‍රහණයකි. මෙය තනිකර වංචාවකි. නොදන්නා උන් මෙයින් පසුවත් දැන ගනිත්වා.
රුපියල් 25,000/- ට වැඩි කරන්නට හැදු තක්සේරු ගාස්තුව රුපියල් 5,000/- ට අඩු කර ගැනීමට හැකි වීමද ඔවුන්ගේ ජයග්‍රහණයකි. මට මතක එපමණය.
ගැටලුව එය නොවේ.
මේ මන්දබුද්ධිකයින් ඇතුළු බහුතර පිරිසක් අපට අමතක කරවන්නට උත්සාහ කරන වැදගත්ම කාරණය හරිම අපුරුය. මිනිසුන් හට කලින් දුම් වාර්තාව වෙනුවෙන් වැය කල මුදලම ඉදිරියටත් වැය කරන්නට සිදුවන අතර මේ රුපියල් 1,500/- අමතර ගාස්තුවක් වශයෙන් ආදායම් බලපත්‍රය ලබා ගන්නා විට ගෙවන්නට සිදු වේ. එය දුම් පරීක්ෂාව හරහා අය කර ගැනීමට දැරූ තැත අදාළ ආයතන දෙක ප්‍රතික්ෂේප කර ඇත. ඉන් පසුව එය රජය මගින් කෙලින්ම අය කර ගන්නට තීරණය වී ඇත.
කලින් තිබුනාට වඩා අමතරව ගෙවන්නට සිදු වන රුපියල් 1,500/- ඌගේ ජයග්‍රහණයක් බව ඇසීමද සතුටකි.
කලින් රුපියල් 2,500/- ක උපරිමයකට වාගේ ගත හැකිව තිබු තක්සේරු වාර්තාව රුපියල් 5,000/-  ක් එනම් 100% ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වීමද උන්ගේ ජයග්‍රහණයකි.

වෙනස මගින් ලද තවත් ජයග්‍රහණයන් දෙකක් මෙසේ වාර්තා කර තබමි...

52 comments:

  1. Replies
    1. තව ඉස්සරහට මොන මොනව අහන්න හම්බවෙයිද මන්ද.

      Delete
    2. නරක දේවල් අහන්න විතරක් ලැබුනට කමක් නැහැ, වෙන්නෙ නැතුව...

      Delete
    3. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. කිතුල් ගහට නැගපු එකාටත් නිදහසට කාරනා තිබුනේය... පිරිමි මිසී කෙනෙකු වන සමන් රත්නප්‍රිය කොලුවාටද යහපාලන අන් කොන් රසවිඳින අතර මනරන්ජන වැඩවර්ජන වලට කස්ටිය රැස්කර එහෙත් වැඩවර්ජන නොකිරීම ගැන කුමක් හෝ නිදහසට කාරනාවක් සොයා ගත යුතුය...

    ReplyDelete
    Replies
    1. එදා කතා කලේ "සමන් රත්නප්‍රිය" කියන මනුස්සයද, බැලුවම සරස ලොක්කත් නොදන්නා මගුලක් නැහැනේ...

      Delete
  3. ලේ පුච්ච ගන්නෙ නැතිව, පුරුදු පෝස්ට් ලියහං බං මේව අහලම එපාවෙලා. කොයි එකා මේ රට කරනව කියල ආවත් ඔච්චර තමයි.

    ReplyDelete
    Replies
    1. තිබ්බ එකට වඩා සුඛිත මුදිත කරනවා කියලා ආපු වහතු සෙට් එක මිනිස්සුන්ට අරින ඇරිල්ල දැක්කම මේවා නිකම්ම ලියවෙනවා මචෝ...

      Delete
  4. වැඩිකලේ දුම් සහතික ගාස්තුව නොවේ. අඩුකලේද එය නොවේ. එය පණතේ පැහැදිලිව දක්වා ඇත.
    රජය පවත්වාගෙන යාමට කොහෙන් හෝ මුදල් සෙවිය යුතුය. වාහන බද්ද, පැරණි වාහන වලට අදාල බද්ද, නව ලියාපදිංචි බද්ද ආදිය වැඩිකිරීමට කටයුතු කලේ එබැවිනි. කෙසේ වුවත් වෘත්තීය සමිති ඉල්ලීම් වල බලපෑමට හෝ යම් සහනයක් ලබාදීමට තරම් නම්‍යශීලී විම ගැන මට ඇත්තේ ප්‍රසාදයකි. වර්ජන කිරීමට සූදානම් වෙද්දී වෘත්තිය සමිති වලට මරණ තර්ජන නැතිවීමම ලොකු දෙයකි.(කසාද බැඳීමේ ගාස්තුව ගැන මතක ඇතැයි සිතමි)
    "වෙනස" මඟින් ඇතිකල ප්‍රජාතනත්‍රවාදය නරක නැත. කප්පාදු කිරීම් වලට එරෙහිව සටන් කලයුතුය. කිසිදු අවුලක් නැත.
    අයවැය නිපන්දුවක් විය හැකිය. නමුත් ෆ්‍රී හිට් එකට ගැසීමට දැවීගිය එකාට එන්නට මේ කපේදී ඉඩ තියන්නේ නැත. ඒකත් කිවයුතුය.

    ReplyDelete
    Replies
    1. රාජ්, මුලින්ම අයවැයේ ඕක තිබුනේ දුම් වාර්ථාව 5,000/- ක් කරනවා කියල. ඒ එක්කම කියවුනා දැනට තියෙන ආයතන දෙකට අමතරව අලුතෙන් දුම් වාර්තා ලබා දෙන්න ආයතන පිහිටුවන්නත් කටයුතු කරනවා කියලා...
      ඊට පස්සේ දැනට පවතින ආයතන දෙක ආණ්ඩුවට කියල තියෙනවා ඒ වැඩි කරන්න හදන මුදල ඒගොල්ලෝ හරහා ගන්නේ නැතුව කෙළින්ම ගන්න කියලා. ඒකෙන් උනේ දුම් වාර්තාව වෙනුවෙන් කලින් විදිහටම ගෙවන්න වෙන එක...
      ඊට අමතරව තව 1,500/- කුත් ගෙවන්න වෙන එක. කලින් නොතිබ්බ 1,500/- ක් ගෙවන්න වෙන එක ජයග්‍රහණයක් වෙන්නේ කොහොමද කියන එකයි මට තියෙන ගැටළුව...

      ///කෙසේ වුවත් වෘත්තීය සමිති ඉල්ලීම් වල බලපෑමට හෝ යම් සහනයක් ලබාදීමට තරම් නම්‍යශීලී විම ගැන මට ඇත්තේ ප්‍රසාදයකි. වර්ජන කිරීමට සූදානම් වෙද්දී වෘත්තිය සමිති වලට මරණ තර්ජන නැතිවීමම ලොකු දෙයකි.(කසාද බැඳීමේ ගාස්තුව ගැන මතක ඇතැයි සිතමි)///
      කළින් නොතිබ්බ 5,000/- ක් අපේ ඇඟේ ගහන්න ඇවිත් ඒක 1,500/- ට අඩු කර ගත්තු එක මාර ජයග්‍රහණයක් කියලද හිතන්නේ...
      ඒකත් එක වතාවක් නෙමෙයි, හැම අවුරුද්දෙම ගෙවන්න වෙනවා...

      බහුතරයක් කසාද බඳින්නේ එක වතාවයි. එහෙම නැතුව හැම අවුරුද්දෙම කසාද බඳින අයට ඒක ටිකක් විතර දැනෙන්න පුළුවන්. නමුත් එහෙම අයටත් කලින් කසාදෙ දික්කසාද කර ගන්න ඊට වඩා සෑහෙන මුදලක් යන නිසා ඒකත් ලොකු ගැටළුවක් වෙන්න විදිහක් නැහැ නේද...

      ///"වෙනස" මඟින් ඇතිකල ප්‍රජාතනත්‍රවාදය නරක නැත.///
      නරකයි කියල කවුද කියන්නේ, ලැබිච්ච වල්බුරු නිදහස උපරිමයෙන් භුක්ති විඳින බව හැමදාම කොටුව ස්ටේෂන් එක ගාවින් සහ කොල්ලුපිටිය හන්දිය දිහාවෙන් දැක ගන්න පුළුවන්...
      ලොකුම ගැටළුව ඒ හරහා අනිත් මිනිස්සු රස්තියාදු වෙන එක සහ කිලෝමීටර තුන හතරක් යන්න පැය තුන හතරක් යන එක. ඒ හරහා වෙන නාස්තිය ගැන කවුරුවත් හිතන්නේ නැහැ...

      ///නමුත් ෆ්‍රී හිට් එකට ගැසීමට දැවීගිය එකාට එන්නට මේ කපේදී ඉඩ තියන්නේ නැත.///
      ඒ ගැන තාමත් වද වෙන්නේ ඇයි මචං...
      අපිනම් වොරි වෙන්නේ බැට් එක අතට ගත්තු මන්ද බුද්ධිකයෝ බැට් එකෙන් අපේ ඔළු වලට කෙළින්න එන එක ගැනය...

      Delete
    2. //"වෙනස" මඟින් ඇතිකල ප්‍රජාතනත්‍රවාදය නරක නැත.//

      අනේ නිකාහිටහං බං

      Delete
  5. ඔය, ඔය, ලොකු. මොනවද මේ කියන්නේ. අපි හෙන සුබසාදන රාජ්‍යක්.

    ReplyDelete
  6. රජයක් උනාම ජනතා හඬට කන් දෙන්න ඕනේ.මේ විදියට නම්‍ය විදියට කටයුතු කරන එක හොඳයි.අයවැයේ බොහෝ අඩුපාඩු ඇතත් මටත් මේ රජය කලින් එකට වඩා නම් තවමත් හොඳය.

    ReplyDelete
    Replies
    1. කලින් ගෙවන්න නොතිබ්බ 1,500/- ක් වාර්ෂිකව ගෙවන්න කියන මට්ටමට ආණ්ඩුව නම්‍යශීලි වෙලා නේන්නම්...

      ///අයවැයේ බොහෝ අඩුපාඩු ඇතත් මටත් මේ රජය කලින් එකට වඩා නම් තවමත් හොඳය.///
      තමන්ගේ මට්ටම් තම්මට්ටං කියල කියන්නේ කට කහනවටද ආයිබෝං...

      Delete
  7. // නමුත් ෆ්‍රී හිට් එකට ගැසීමට දැවීගිය එකාට එන්නට මේ කපේදී ඉඩ තියන්නේ නැත. ඒකත් කිවයුතුය. //

    // මටත් මේ රජය කලින් එකට වඩා නම් තවමත් හොඳය. //

    කර ගල ගගා එනවා මම නොදුටිම් ද
    කර ගල ගගා එනවා මම නොදුටිම් ද
    කර ගල ගගා එනවා මම නොදුටිම් ද
    කර ගල ගගා එනවා මම නොදුටිම් ද .....?

    ReplyDelete
    Replies
    1. දුටුවත් නොදුටුවා සේ හිඳිමි මෙයා...

      Delete
  8. මොනවද ගොනෝ මේ කියවන්නෙ. වැඩ වර්ජන නතර කරපු එකා කියන කතාව උඹගෙ ගොන් මොලේට තේරෙන්නෙ නැද්ද ? 5000, 1500 දක්වා අඩු කිරීමයි, 25000, 5000 දක්වා අඩු කිරීමයි කියන්නෙ උන්ගෙ ජයග්‍රහණයක් නැත්නම් මොන ලබ්බද ? උන් මේ විධියට සටන් කළේ නැත්නම්, තොට දුම් මගුලට 5000කුයි, තක්සේරු මගුලට 25 000 කුයි ගෙවන්න වෙනවනෙ හරක් පැටියො. උඹ වගේ මෝඩ මූසල, ගොන් නාම්බෙක්. මේ වගේ එකක්වත් තේරෙන්නෙ නැතනම් ඔය බොග් කට්ට දීපන් ළමයෙකුට.

    ReplyDelete
    Replies
    1. 5000 - 1500 දක්වා අඩු උනේ නෑ නේද ? ඒ වගේම 25000 - 5000 දක්වා අඩු උනෙත් නෑ නේද ?
      හරි ..හරි ලොක්කට බය නැතිව ගොනා කියන්ඩ පුළුවන් උඹ වගේ නිර්භීත ගෝරිල්ලෙකුට විතරයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @ Anonymous19 December 2015 at 11:51

      මොකද මචං මේ ගාල කඩාගෙන වගේ...
      බ්ලොග් එක ළමයෙකුට දෙන්න කියල තමයි මමත් හිතාගෙන ඉන්නේ, කොහොද අපේ එකාට තාම අකුරු කියවලාවත් නැහැනේ. පොඩ්ඩක් හිටපන් ඌට අකුරු කියවල ඉවර වෙනකල්වත්...

      මචං මම මේ නිකමට වගේ අහන්නේ, කලින් ගෙවන්න නොතිබ්බ එකක් අපේ ඇඟේ ගහ ගන්න සිද්ධ වෙන එක අපේ ජයග්‍රහණයක් වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් තේරුම් කරලා දෙනවද...
      ඒක සම්පුර්ණයෙන්ම ඉවත් කර ගන්න පුළුවන් උනානම් ඔන්න ඒක ජයග්‍රහණයක් කියල කියන්න පුළුවන්...
      අනිත් එක දැන් කම්මලේ කියන්න වගේ කොහෙද සම්මත වෙලා තියෙන්නේ ඔය අඩුවීම ගැන...
      ගෙවන්න වෙනකල් කියන්න බැහැ කීයක් ගෙවන්න වෙයිද කියන එක ගැන...

      @ කම්මල
      ගොනා කිව්වට කහටක් හිතන්න ඕනේ නැහැ බං, අපිත් හිසේ කෙස් ගානට ගොන් වැඩ කරනවනේ. ඒ ගැන දන්න අපේම එකෙක් වෙන්න ඇති මේ...

      Delete
    4. උඹ අර නාකි විචා වගේ නෙමෙයි නේද ? ඇල් වතුරත් නිමල බොන්නෙ ඈ ??
      මේකනෙ මචෝ, දැන් මොන ආණ්ඩු ආවත් උන් යහමින් ටැක්ස් පාර දීල, අපි වගේ පොඩි උන්ගෙන් කඩා ගන්නවා. දැන් ඔය රවිය බජට් එක කියෙව්වට, ඕක හැදුවෙ රනිල් ප්‍රමුඛ මලික් සෙට් එක කියල තමයි හුදී ජනය විශ්වාස කරන්නෙ. බජට් එක ජබට් වෙනකොට රනිය පොර වගේ සංශෝධන ගේනවා, මිනිස්සු රවියගෙ පළු අරින අතරෙ රනිය වීරය වෙනවා. මේකත් රාජපක්ෂ ටැක්ටික්ස්නෙ. පහුගිය කාලෙම මරා කළෙත් තමන්ගෙ ඇමතියො ලවා ඔක්කොම ජනතාවට කෙලවන දේවල් ගෙනල්ල, මිනිස්සු කෑගහනකොට ඒවා ටිකක් සැර බාල කරලා තමන් වීරය වෙන එකනෙ. කොහොම වෙතත්, ඔය වෘත්තීයකාරයො කැගැහුවෙ නැත්නම් ඔව්වා අඩු වෙන්නෙ නෑනෙ, ගෙඩිය පිටින් ගෙවන්න වෙනවා. හැබැයි උන්ටත් සීමාවක් තියෙනවනෙ, ඔක්කොම අකුලා ගන්න කිව්වොත්, ඒක ප්‍රැක්ටිකල් නැතිවෙන්න පුළුවන්නෙ. ඒක නිසයි මම කිව්වෙ උන්ගෙ යම්කිසි ජයග්‍රහණයක් කියලා.

      Delete
    5. අපි නොදන්නවද බං රවිගේ කෙරුවාවල්.

      Delete
  9. පුපුරා හැලීම පටන්ගෙන ඇත. ජහමනතාවනි කරුණාකර දැන්වත් තේරුම්ගන්න. මාරුවෙන් මාරුවට බැලුවා, කෙලවුනා, දැන් දෙගොල්ලම එකට.ඒත් කෙලවුනා. දැන්වත් ඔබට නොතේරේද??

    ReplyDelete
    Replies
    1. ජහමනයාට කෙළ වෙන එක කොහොමත් වෙනවා, නමුත් දැන් කෙළවෙන රේට් එක ටිකක් වැඩියි...
      ඒකයි ගැටළුව...

      Delete
  10. රෑ පිනි පොදේ සීත මිටියාවතේ 
    මේ කේතකී මල් වනේ 
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමා වේද 
    දුක් දොරකින් හෙට දිනේ…

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මෙයා...
      මේකනම් තේරෙන්නෙම නැහැ...

      Delete
  11. තව ඉස්සරහට..... තව ඉස්සරහට....

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඉස්සරහට ගියොත් හුස්ම හිරවෙයිද දන්නෙත් නැහැ...

      Delete
  12. ලොක්කා සමග දේශපාලනය කතාකරන්නට ගොසින් කාලය නාස්ති වේ.. මොනව උනත් ගෝඨා ඉන්න කාලෙ මිනිස්සු වර්ජන කලේ නෑ... දුමට සල්ලි ගන්න පටන්ගත්ත එකට එකෙක් කට ඇරියෙ නෑ....

    ReplyDelete
    Replies
    1. මචං මිනිස්සු වර්ජන කරන එක මම කොහොමටත් අනුමත කරන්නේ නැහැ, වර්ජන වලින් වෙන්නේ පුදුම නාස්තියක්...
      මිනිස්සු මත පැටවෙන අනිසි බර සම්බන්ධව කතා කරන්න සහ පෙනී සිටින්න ඕනේ මිනිස්සු පත් කරලා යවන නියෝජිතයින්...
      නමුත් උන් කට වහගෙන හැම එකටම අත් උස්සලා වර්ජන කරන මට්ටමට මිනිස්සුන්ව පත් කරන එකයි ගැටළුව...

      දුම විතරක් නෙමෙයි ඒ වතාවේ ෆෝන් වලටත් පරිසර බද්දක් කියල එකක් ගැහුවා. ඒවා පාරිසරික පැත්තෙන් ගත්තොත් හොඳ වැඩ. නිකම්ම නෙමෙයිනේ සල්ලි ගත්තේ. වාහනේ දුම පරිසාධිත මට්ටමේ තියෙනවද කියල චෙක් කරලනේ සල්ලි ගත්තේ. ඒකෙන් යම් හොඳක් වෙනවා සහ ඒ හරහා ආණ්ඩුව ගාණක් හෙව්වා, දෙකම සිද්ධ උනා...
      නමුත් ෆෝන් වලට ගන්න ගාස්තුව පුස්සක්...
      ඒ ගාස්තුව ගන්න පටන් ගත්තේ පරණ ෆෝන්, බැටරි එහෙම ඩිස්පෝස් කරන්න පටන් ගන්නවා කියලා, නමුත් ඒක ක්‍රියාත්මක උනේ නැති වීම නිසයි ඒක පුස්සක් වෙන්නේ. නැත්නම් ඒකත් නරක වැඩක් නෙමෙයි...

      දුම චෙක් කරන්න සල්ලි ගන්න එකට කට අරින්න පුලුවන්ද මනුස්සයෙකුට. ඒ නිසයි විරෝධයක් ආවේ නැත්තේ.
      නමුත් දුමට සල්ලි ගන්න අතරේ ඒකට තව තව කෑලි එල්ලන එකට කට අරින්නේ නැතුව ඉන්න බැහැ, ඒකයි මේ විදිහට හරි කටවල් ඇරෙන්නේ...

      ඒ සාධක එහෙම්මම තියෙද්දී දුම් වාර්ථාව සහ මේ අලුත් අහවල් එක උඹ සංසන්දනය කරන්නේ මොන පදනමකින්ද කියන එකයි මට තියෙන ගැටළුව ...

      Delete
  13. මුං මොන මගුලක් කොරනවද මං දන්නෑ
    හිතුවයි කියලා අපි මක් කරන්නද..
    අපි ඔහේ පැත්තකට වෙලා බලා ඉමු බන්....
    සුබ නත්තලක්...

    ReplyDelete
    Replies
    1. පැත්තකට වෙලා බලන් ඉන්න තිබ්බා මචං මේ මගුලට මමත් දායක වෙලා තිබ්බනම්...
      එහෙමනම් "තමන්ගේ මට්ටම් තම්මට්ටං" කියලා පැත්තකට වෙලා ඉන්න තිබ්බා...

      උඹටත් සුභ නත්තලක් වේවා...!

      Delete
  14. ඇත්තම කිව්වොත් මටනම් කොහොමත් මේ හැම ආණ්ඩුවකම අවුල්මයි පෙන්නේ.කොටින්ම කිව්වොත් හැමෝම කොලේ වහලා ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, කොයි ආණ්ඩුවත් කොලේ වහල ගහනවා, නමුත් මුන් හැම තිස්සෙම ගහන්න හදන්නේ කොලේ වහලා...

      Delete
    2. ආණ්ඩු වල සාර්ථක,අවංක පුද්ගලයො නැතිව නෙවෙයි මචං.මේ ආණ්ඩ දෙකේම එහෙම අය හිටියා.ඒ අස්සේ වාචාලයොයි,හොරු තක්කඩි වැඩි පුර ඉන්නවා.උන් තමයි හැමදාම තමයි මේ ආණ්ඩු රන් කරන්නේ.කැලේ මාරුවුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.

      Delete
  15. වෙනස මාරයි! කාල හමාරයි!

    ReplyDelete
    Replies
    1. කන්න ලේසි වෙන්න ගෙනාපු ආණ්ඩුවනේ බං...
      දැන් ඉතින් දෙන හැටියකට කමු...

      Delete
  16. සක්.. උඹේ මතකයේ මේ දවස්වල රැඳෙන්නේ මේ වගේ හුට්ටප්පර විතරයි.. කෝ අර ලස්සන පරණ මතක?

    ReplyDelete
    Replies
    1. ඇයි බං මැරෙන්න කිට්ටුව සොහොන් ලකුණු පේන්න වගේ පොකට් එකට කෙළවේගෙන කෙළවේගෙන එද්දී මෙව්වා ලියනවා නෙමෙයි ලියවෙනවා...
      මාදෙයියාව බලන්න ගියපු පෝස්ට් එක ලියල ඉවරයි...
      අද හෙටම පබිලිස් කරන්නං...

      Delete
  17. මම ගණන් බලපු විදියට ඒ කියන්නේ විවිධ පත්තර හා web තොරතුරු වලින් ගරා ගත්ත විධියට දුම් සහතිකය මට බලපාන්නේ මෙහෙමයි. මට තියෙන්නෙ පරණ ඩිසල් කාර් එකක්.දුම් සහතිකය දෙන ආයතනයට රුපියල් 1100 යි. ගණන තවමත් වැඩි කර නැත.ලයිසොන් කඩදාසිය දෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලයිසම සඳහා රුපියල් 7500 යි. කලින් ඒක 6000ක් උනත් වාර්ෂික ලයිසන් ගාස්තු 25%කින් වැඩි කරන බව රනිල් ලොක්කා එක වචනයකින් කියල තිබුනා. අලුතින් හඳුන්වා දුන් දුම් සතික බද්ද රුපියල් 15000යි එකතුව රුපියල් 10500යි. මේ අනුව මගේ දවසේ බලපත්‍ර වියදම රුපියල් 29.16යි.වැඩි නැහැ නේද? හැබැයි මම හංසයාට කතිරය ගහපු කෙනෙක් නම් නෙමෙයි.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මට මතක විදිහට සමරසේකර මේ ඉසව්වුට ආපු පලවෙනි වතාව නේද, සාදරයෙන් පිළිගන්නවා...
      ලයිසමත් 25% නුත් වැඩි කරනවා කියල අර උන්දා කියලද...

      ///හැබැයි මම හංසයාට කතිරය ගහපු කෙනෙක් නම් නෙමෙයි.///
      මමත් ඒකටනම් හවුල් නැහැ, එහෙමයි කියල නැහැනේ...
      ගහන ගැහිල්ල ගහන්නේ සමස්ථ පොදු ජහමනයාට වෙච්චි කොට වෙනසක් නැතුව ඒ බෙදිල්ල නම් හැමෝටම සමසේ බෙදා හදා දෙනවා. හෙහ් හෙහ්...

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. දුම් සහතික බද්ද 15000 කියල ලියවුනු තැන එක 1500 කියල වෙනස් වෙන්න ඕනෑ.

    සමරසේකර

    ReplyDelete
  20. Replies
    1. ඔබව සාදරයෙන් පිළි ගන්නවා මිත්‍රයා...
      යන විදිහට යනවා මිසක් වෙන මක්කා කරන්නද...

      Delete
  21. අදට අවුරුද්දයි.. දැනට නං බඩු ම තමයි.. මැදපෙරදිග ඉන්න වෙයි වගේ තව පහක් හයක්..

    ReplyDelete
    Replies
    1. කලින් ආපු බවක් මතක නැහැ, කොහොම උනත් උඹව සාදරයෙන් පිළිගන්නවා මචං...

      ///අදට අවුරුද්දයි.. දැනට නං බඩු ම තමයි.. මැදපෙරදිග ඉන්න වෙයි වගේ තව පහක් හයක්..///
      මරු අවුරුද්දක් තමයි ගෙවුනේ. අපිටත් ආපහු ඔය පැත්තේ ගාටන්න වෙයිද කියන එක ගැනයි මට සැක...

      Delete
    2. මෙහෙ කලින් ආවද? ඇයි බං මේ නිදන් කතා කියපු පොටෝ ගහපු ලොකු පුතා නෙවේ ද?

      Delete
    3. හෙණ ගහපිය කිව්වලු, උඹව අමතක වෙන තරම් දිග කාලෙකට පස්සේ නේද උඹ ඇවිත් කමෙන්ට් කලේ...
      එහෙම නැත්නම් මගේ මොලේ සෛල දැන් පොඩ්ඩ පොඩ්ඩ මැරීගෙන එනවාවත්ද...
      සමා වෙයන් මචං උඹව අමතක උනාට...

      Delete