Saturday, 28 April 2018

ඩයලොග් හිඟන්නෝ...


අවුරුදු දෙකකට ආසන්න කාලයක් අකර්මණ්‍ය වී තිබුන බ්ලොගය නැවත පණ ගැන්වූ ඩයලොග් හිඟන්නා හට ඔක්කෝටම කලින් ස්තුති කළ යුතුය...

මට මතක විදිහට මා ඩයලොග් හිඟන්නා ගේ සේවය ස්ථාවරව ලබා ගත්තේ 2008 වසරේදී පමණ විය යුතුය. මාගේ නමට පසු ගෙවුම් පැකේජ තුනක් සහ වහිනවා කියන වචනය ඇසෙන විට පවා නැතිවෙන ඩයලොග් හිඟන TV පැකේජ එකක් සහ මගේ නමට නැතත් මම බිල ගෙවන තවත් ඩයලොග් හිඟන TV පැකේජයක්ද ඇත.
ඉන් එක පසු ගෙවීමේ පැකේජයක් අද දින එනම් 2018.04.28 වන දින අවලංගු කර දැම්මේ හිඟන්නට වුවද දන් දීමේ සීමාවක් තිබිය යුතු නිසාය...

සාමාන්‍යයෙන් මාගේ දත්ත පැකේජයේ දත්ත යාවත්කාලින වනුයේ සෑම මසකම 15 වැනි දිනටය. මා භාවිතා කරන 9GB (10% ක අමතර ඩේටා ප්‍රමාණයක්ද ඔවුන් දෙනු ලැබේ) පැකේජයේ දත්ත සෑම මසකම පාහේ මා හට ප්‍රමාණවත් වන අතර ගිය මස පමණක් එහි වෙනසක් සිදු විය. එනම් 2018.04.10 වැනි දින වන විට පැකේජයට අදාළ දහවල් කාලයේ 5.5GB භාවිතා වී තිබු අතර රාත්‍රී කාලයේ භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇති 4.4GB දත්ත ප්‍රමාණයෙන් 75% ට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව පැවතුනි.

ඉන් පසුව ඔබ ආයතනයෙන් ලද කෙටි පණිවුඩයක් හරහා දුන් උපදෙස් පරිදි රුපියල් 349/- ට (50% ට වඩා වැඩි ටැක්ස් ප්‍රමාණයක් පසුව එකතු වේ) ලබා දෙන දිවා කාලයේ 4.4GB සහ රාත්‍රී කාලයේ ලබා දෙන 2.2GB වන පැකේජයක් දිගුවක් ලෙස 2018.04.10 වැනි දින ලබා ගත්තෙමි. එම දත්ත ප්‍රමාණය 2018.05.10 දින දක්වා වලංගු බවටද ඔවුන් ගේ දත්ත සටහෙන් දක්වා තිබුණි.
එය ලබා ගත් පසු මාගේ සාමාන්‍ය පැකේජයේ ඉතිරිව තිබු 2018.04.15 දින ආරම්භ වනතෙක් වලංගු ව තිබු රාත්‍රී කාලයේ දත්ත 75% ක් පමණ බහිරවයා විසින් ගිල දමා තිබුණ අතර ඉන් කනස්සල්ලට පත් නොවී සිටියේ 15 වැනි දින වනවිට එම ගැටලුව විසඳේ යයි සිතාය. ඩයලොග් ආයතනය යනු හිඟන්නෙක් බව එම සිද්ධිය නිසා නොසිතුන අතර මම එය උපේක්ෂාවෙන් බැහැර කර දැමුවෙමි.

මේ වන විට 2018.04.10 වැනි දින මා විසින් දිගු කරගත් පැකේජයේ දිවා කාලයේ දත්ත වලින් පාවිච්චි වී ඇත්තේ 7% ක් වන අතර රාත්‍රී කාලයේ දත්ත සම්පුර්ණයෙන්ම භාවිතා වී තිබුණි. 

ඉන් අනතුරුව 2018.04.15 දින සුපුරුදු පරිදි මා භාවිතා කරන දත්ත පැකේජයේ දත්ත සියල්ල නැවතත් සක්‍රීය වී තිබුණි.
ඩයලොග් ආයතනය කැළණි හිඟන්නන්ටත් අන්ත බව වැටහෙන්නට පටන් ගත්තේ එවිටය.

2018.05.10 වැනි දින දක්වා වලංගු වන කළින් මාසයට අදාලව දිගු කරගත් දත්ත 93% එලෙසම තිබියදී  මා සාමාන්‍යයෙන් භාවිතා කරන 2018.05.15 දින දක්වා වලංගු  පැකේජයේ දත්ත පමණක් භාවිතා කරවන සෙල්ලම ඇරඹෙන්නේ එවිටය. අදාළ Screen shots මේ සමග අමුණා ඇත.

2018.05.10 දින කල් ඉකුත්වීමට නියමිත කළින් මස දිගු කරගත් දත්ත...

2018.05.15 කල් ඉකුත් වීමට නියමිත මාගේ සාමාන්‍ය පැකේජයේ දත්ත සටහන...

එවිට ඔවුන්ට මා කලින් මුදල් ගෙවා ලබාගත් පැකේජයේ දත්ත භාවිතා කිරීමට බලහත්කාරයෙන් ඉඩ නොදී ඒවා අපතේ යැවීමට හැකි වන අතර මා හට සේවාවක් ලබා නොදී මා ගෙවූ මුදලෙන් අයුතු ලාභයක්  ලබා ගැනීමටද හැකිය.
එමෙන්ම මාගේ සාමාන්‍ය පැකේජයේ දත්ත ප්‍රමාණය ඉක්මනින් අවසන් වුවහොත් නැවත එවැනිම මගඩියක් කර ගාණක් කඩා ගැනීමටද හැකිය.

කෙලින්ම කියන්න තියෙන්නේ ඕවා තුට්ටු දෙකේ වැඩ බවත් හිඟන්නන් පවා ඔයිට වඩා නම්බුකාර ලෙස තමන්ගේ බඩවියත රැක ගැනීමට කටයුතු කරන බවත්ය. නම්බුවක් ඇති ආයතනයක්නම් කළ යුතුව තිබුනේ මා කලින් මසට අදාලව මුදල් දී දිගුවක් ලෙස ලබාගත් 2018.05.10 දින දක්වා වලංගු පැකේජයේ දත්ත අවසන් වූ පසු නව මාසයට අදාළ දත්ත පරිභෝජනය ආරම්භ කිරීමය.

මෙම ලියවිල්ලෙන් මහලොකු දෙයක් බලාපොරොත්තු වන්නේ නැති අතර ඔබ ආයතනයේ  හිඟනකම සහ නිරුවත සැමට පෙන්වීම මාගේ අරමුණ බවටත් සඳහන් කරමි. කරුණු පැහැදිලිව දක්වා ඇති නිසාත් ඔබ ආයතනය විසින් සිදු කරනු ලබන මෙම මගඩිය සම්බන්ධව ඔබ ආයතනය දැනුවත් නොවී සිටීමට කිසිඳු හේතුවක් නැති නිසාත් මා හට ඇමතුම් ලබා දී නිකරුණේ කාලය කා දමන්නට උත්සාහ නොකරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ ආයතනයේ පාරිභෝගික සැළකිල්ලේ හොඳකම නිසා මුළින්ම දත්ත පැකේජය වෙනත් ග්‍රාහකයෙක් හරහා ලබා ගැනීමට කටයුතු කරන බවටද, ඉන් පසුව හැකි අයුරින් අනෙක්වා ගැනද හෙමි හෙමිහිට කටයුතු කරන්නට අදිටන් කරගත් බවටද සතුටින් දන්වා සිටිමි...
එමෙන්ම මෙය Facebook සහ බ්ලොග් හරහා මෙම පහත ක්‍රියාව මෙවැනි අසාධාරණයන්ට ලක්වන ඔබගේ අනෙකුත් පාරිභෝගිකයින්ගේ දැනගැනීම සඳහා ප්‍රචාරය කරන බවද දන්වා සිටිමි...

ස්තුතියි...

මෙම ලිපියේ කොපියක් ඩයලොග් ආයතනයේ විද්‍යුත් තැපෑලට මාගේ දුරකථන අංකද සහිතව යොමු කරන ලදී...

16 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_510.html

    ReplyDelete
  2. මටනං මෙතුවක් කාලෙකට ඩයලොග් වලින් අවුලක් ඇවිල්ල නෑ. අනික්ව ඔයිට හපන් වෙන්න පුලුවං. බලාගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. මටත් කලින් අවුලක් වෙලා නැහැ...
      හැබැයි මෙහෙම වැඩ කරන එක ගැලපෙන්නේ නැහැනේ මචං...
      මොන හිඟන වැඩක්ද...

      Delete
  3. Replies
    1. මුන්ගේ බලු වැඩ මෙහෙම ප්‍රසිද්ධ කරහම අඩු ගානේ ඉස්සරහටවත් මුන් හැදෙන්න බලයිනේ...

      Delete
  4. ඩයලොගා පමනක් නොව ලංකාවේ සියලු ජාලා හිඟන්නෝ ය. ඔය ඩේටා අප මුදල් ගෙවා ලබාගෙන උන්ට ඕනෑ හැටියට භාවිතා කල යුතු ය. ඩේටා දෙන්නෙත් උංය අපි පාවිඡ්චි කල යුතු ආකාරය කියන්නෙත් උං ය. හැබැයි හරියට දවස වන විට අපි බිල ගෙවා තියන්නට ඕනෑ ය. මේවා උංගේම ටෙක්නිකල් හිඟමන් ය. මුංගෙන් මුදල් ගෙවා ලබා ගන්නා උපාංගවල අයිතිය ද උන්ට ය. හැබැයි දෝෂවලට ගෙවන්නේ අපි ය. ඩයලොගාගේ පෙනෙන්නට ඇති එකම හොඳනම් සිග්නල් හොඳකම පමනක්ය.

    ReplyDelete
    Replies
    1. if you are buying a service from someone else , you have to pay and have to accept the service providers conditions. If you can not agree for those T&C , you may refuse the offer and can move towards some other network.

      Delete
    2. කසුන්,
      ඒක ඇත්ත. උන් ගේ රැස් දැන් ටිකක් අඩුවෙලා කම්පැණි කීපයක්ම තියෙන නිසා සහ උන් උන් අතර තරඟයක් තියෙන නිසා...
      මුල්ම කාලේ ගණන් එහෙම කොහොමද...

      Delete
    3. Ano,
      Please just read the post again. There is no T&C for extend data. They are doing day light robbery, that is the problem.

      Delete
  5. ඩයලොග් හිගන්න නිසා හරි ආපහු ලියපං ....

    ReplyDelete
    Replies
    1. ලියන්න මාර කම්මැලියි මචං...
      බලමු ආයේ මොනාහරි කොටන්න පටන් ගන්න පුලුවන්ද කියලා...

      Delete
  6. හොද වැඩේ , උඹලට දෙයක් කරන්න කවුරු හරි අරියාදුවක් කරන්ඩම ඕනෙ. Bell රවුටරයක් ගනින් ඩේට එලෝල දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බැහැනේ බං. මේ ෆෝන් එකේ ඩේටා නේ...
      මටත් රේඩියෝ එකේ යන බෙල් ඇඩ් එකක් ඇහුනා උන් ඩේටා ඩබල් දෙන සීන් එකක් ගැන...

      Delete
  7. ඩයලොග් හිඟන්නා ට ජයවේවා! ආපහු බ්ලොග් ලියනවා නං විතරක් ඩේටා ප්‍රශ්න විසඳේවා.. :D

    ReplyDelete
    Replies
    1. ඕකනේ උඹලත් එක්ක බැරි...
      කන්ඩිෂන් එක්කනේ හැම දේම...

      Delete