පෙබරවාරි
මාසෙන් පස්සේ පෝස්ට් එකක් දාන්න උනේ නැහැ නොයෙකුත් වැඩ රාජකාරි කටයුතු නිසා.
හැබැයි පුළු පුළුවන් විදිහට බ්ලොග් කියවීම වගේම කමෙන්ට් දාන එකත් නොකඩවා කරගෙන
ගියා...
ඊයේ පෙරේදා
දවසක ඉයන් තුමා ලියපු බ්ලොග් පෝස්ට් එක කියෙව්වා වගේම එතන කමෙන්ට් එකකුත් දැම්මා,
ඊට පස්සේ කලණ ගේ පෝස්ට් එක කියවලත් කමෙන්ට් දැම්මා. නමුත් මම කැමති සිංදු දාල
පෝස්ට් එකක් ලියන්න ඒ වෙලාවේ හිතුනේ නැහැ වෙලාව කළමනාකරණය කර ගැනීමේ ගැටළු නිසා...
ඒ අදහස ඔළුවට
ආවේ හරියටම ගිය සෙනසුරාදා උදේ පාන්දර, හරියටම කිව්වොත් පාන්දර තුනයි තිහට විතර.
හදිස්සියේ ඇහැරුනාට පස්සේ නින්ද ගියේ නැහැ. කරන්න තියෙන වැඩ කන්දරාවක් ඔළුව ඇතුලේ
හොල්මන් කරන අතරේ ඒකෙන් මිදෙන්නත් එක්ක ෆෝන් එකෙන් සිංදුවක් ඇහුවා...
ඊට පස්සේ මම
කැමති සිංදු කීපයක් මතක් කර කර ෆෝන් එකේ නෝට් එකක් දා ගත්තා සිංග්ලිෂ් වලින්. ඊට
පස්සේ තමයි ඉතුරු හරිය, සෙනසුරාදා පෝස්ට් එක දාල ඉවර කරනවා කියල හිතුවට කරන්න උනේ
නැහැ, දැන් සතියකට කිට්ටුයි. අද කොහොමහරි ඉවරයක් කරනවා කියල හිතාගෙන පටන් ගත්තා...
හැබැයි මට මේ
සිංදු ගැන වැඩි විස්තරයක් දාන්න වෙලාවක් නැහැ. පුළුවන් කොටසකට විතරක් දාන්නම්.
සිංදු ලිස්ට් දාපු හැමෝගෙම වගේ පෝස්ට් බැලුව. ඒවායේ තියෙනවා මම හොඳටම කැමති සිංදු.
ඒත් මම හිතුවා ඒවයේ නොතිබ්බ මට හොඳයි කියල හිතෙන සිංදු වලින් ලිස්ට් එකක් හදා
ගන්න. ඒත් 16 පනිනවා. තෝර ගත්තු ලස්සන සිංදු ටික කපන්න හිතෙන්නෙත් නැහැ...
(සමහර විට ඒවායේ තියෙන සිංදු මෙතන ඩුප්ලිකේට් වෙන්න බැරි කමකුත් නැහැ මගේ මතක බැරි කමකින්. එහෙම වෙලා තිබ්බොත් ඒ ගැන සමාව භාජනයක දාල දෙන්නය කියා ඉල්ලා සිටිනවාය.)
මම සාමාන්‍යයෙන්
සිංදුවක් අහන්නේ ලොකුවට සද්දෙට දාගෙන නෙමෙයි, හෙඩ් සෙට් එකක් දාගෙන අහන එක තමයි
මගේ ත්‍රිල් එක. වාහනේ යන ගමන් සිංදු අහන එකත් මම කැමති දෙයක්...
ඔන්න එහෙනම්
මගේ සින්දු ලිස්ට් එක. කැමති අනුපිළිවෙලකට නෙමෙයි මෙතන තියෙන්නේ...
01. දෙවැට අයිනේ
මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි... (භද්‍රජී ජයතිලක සහ සමිතා මුදුන්කොටුව)
නෙට් එකේ දාල
තියෙන්නේ සහය ගායිකාව සමිතා මුදුන්කොටුව කියලා. ඒත් මට ඒක ඒ තරම් විශ්වාස නැහැ...
මේ සිංදුවට මම
පොඩි කාලේ ඉඳලම ආසයි. ඉස්සර ගොඩ දවස් වලට මේ සිංදුව උදේට රේඩියෝ එකේ යනවා. ඒ
අතීතකාමය නිසාද දන්නේ නැහැ මම මේ සිංදුවට කැමති...
පසු කාලීනව මේ
සිංදුව අහන්න ලැබුනේ නැතත් අහම්බෙන් රේඩියෝ චැනල් එකක යනවා ඇහිලා ඩවුන්ලෝඩ් කරගෙන
අහන්න ගත්තා...
02. රජ මැදුරක
ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ... (මාලිනි බුලත්සිංහල)
ඉතාම සංවේදී
සිංදුවක්. මේවා හුදකලාව ඉඳගෙන අහන්න වටිනා සිංදු...
03. සිහින හතක්
දුටුවෙමි මම... (වික්ටර් රත්නායක)
04. මා එක්කලා
අමනාපව වී දබර, දුගේ තාත්තා එන්නේ නැහැ ගෙදර... (මාලිනි බුලත්සිංහල)
05. තාත්තා වුනත් මා
බත සරි කරන... (W.D. අමරදේව)
06. කොළොම්තොට නැත
මහලු වී... (W.D. අමරදේව)
07. රනින් මාල මගේ
ඇඹේනියගේ ගෙලේ නෑ... (ග්‍රේෂන් ආනන්ද)
08. අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ... (ග්‍රේෂන් ආනන්ද)
09. ඉපදී ලොවේ
නවාතැන්පොලේ... (ග්‍රේෂන් ආනන්ද)
10. තරිඳු නැගෙන
යාමේ... (මිල්ටන් මල්ලවාරච්චි)
11. සිරීපාදේ
වන්දවන්න හිස ඔලියල් බැඳලා... (නිරංජලා සරෝජිනී)
12. ඇරඹුමම කඳුලක්
වෙලා... (කසුන් කල්හාර)
13. බිරිඳ මගේ ඔබ,
නෑ මා ඔබගේ බිරිඳ නොවේ... (ගුණදාස කපුගේ සහ නන්දා මාලිනි)
14. හන්තානේ කඳු
දන ඇන නමදින සිරි දළදා හාමුරුවනේ... (ගුණදාස කපුගේ)
15. සීත පිනි
බින්දු කඳුළු සලනා, මළානික තරු වැළපෙනා, පාලු මාවත තනිවෙලා...
නැගනියේ නුඹ
කා පතාදෝ මග බලා ඉන්නේ... (ගුණදාස කපුගේ)
සමාජයේ
නොයෙකුත් රැකියා පරාස සහ මිනිසුන් වෙනුවෙන් ලියවුනු ගී ගැයූ කපුගේ...
16. ආදරේ මහා
සුන්දරයි කියා, පේළි පේළි ගෑණු ළමයි මා දිහා බලා...
පාට පාට හීන
ගානේ පා වෙලා ගියා... (රුක්මන් අසිත)
මේ සිංදුව
දවසක් ගෙදර උන්ද එක්ක වාහනේ යද්දී හදිස්සියේ ඇහිලා අමුතු ගතියක් දැනුන නිසා
උනන්දුවෙන් ඇහුවා. මම මේකට කැමති වෙච්ච බව දැනිච්ච හාමිනේ මගේ දිහා බැලුවේ නිකං නක්කලේට
වගේ...
මීට අමතරව මම කැමති සඳු අටෝරාසියක් තියෙනවා...
ඒකට කාරී නැහැ, මාස ගානකින් පෝස්ට් එකක් දාන්න පාර සළසලා දීපු පිනෙන් ඉයන් තුමාව අඹ සම්මානයෙන් පිදුම් ලබන්න ඕනේ කියල ප්‍රාර්ථනා කරනවා...
ඉතාම හදිස්සියේ ලියුවක් බැවින් අඩුපාඩු සහිත විය හැකි බව කල් තියාම දැනුම් දෙමින් ඔළුව බේරා ගැනීමටද කල්පනා කලෙමි...
ඔබ සැමට ජය වේවා...!
සියළුම ගී සබැඳියන් www.youtube.com අඩවියෙන් උපුටා ගන්නා ලදී...
බටකොළ යායාම ගිනි අරන්.. මේ ලිංතොට මල්ලි නිසා.. හැක්..
ReplyDeleteදේශක ලොක්කා, ඔහේ ලිංතොට උන්නැහේට වඩා වැඩිමල් කියල පේනවා මේ කමෙන්ට් එකෙන්...
Deleteහැරමිට්ටක් අතේ තියෙන එක සාධාරණයි එහෙනං...
ජෝක් හරිය...
ලිංතොට උන්නැහේ නිසා මමත් අඩු ගානේ මාස හයකට විතර පස්සේ හරි පෝස්ට් එකක් දාපු එකම මදෑ. හැක්...
මේ තියෙන්නෙ තවත් අපූරු සිංදු ටිකක්..
ReplyDeleteස්තුතියි තුශානි...
Deleteඅපේ ඩේටා පැකේජ් එක ඉවරයි, ඒකයි රිප්ලයි ප්‍රමාද...
දෙවට අයිනේ මල් පිපෙන්නේ.... මාත් ආසම ගීයක්.. ඉස්සර අයිටීඑන් එකේ ලස්සන විෂුවල් එකක් එක්ක ඕක යනවා. පස්සෙ කාලෙ ඕලෙවල් පරණ සිලබස් එකේ ඉංග්‍රීසි සාහිත්‍යයට නිර්දිෂ්ට ‘Pete Seeger'ගෙ 'Where Have all the Flowers Gone' උගන්නවද්දි ඒකෙත් මේ වගේම කතාවක් තියෙනවා නේද කියලා හිතුණා. (මුල් ටික විතරයි හැබැයි)
ReplyDeleteඔය සිංදුව අහන්න ඕනේ කන්දෙකම පිරෙන්න හෙඩ් සෙට් එක ගහගෙන...
Deleteඑතකොට තමයි සිංදුව විතරක් විඳින්න ඇහැකි. ඒක ලොකු වෙනසක්...
මම ලේසියට කැමති නැහැ විෂුවල් එක්ක සිංදු රස විඳින්න. ඒක සිංදුව විඳින්න බාධාවක්...
උඹ කියන ඉංගිරිසි මෙව්වා එකනම් මම දන්නේ නැහැ, ඉංග්‍රීසි සාහිත්‍ය කෙසේ වෙතත් ඒ කාලේ අපිට ඉංග්‍රීසිත් වහ කදුරු වගේ...
හොඳ ගීත එකතුවක්. ඇත්තටම 16 කින් අවසන් කරන්න අමාරුයි. නමුත් 16 තේරුවට පස්සේ හිතට දුකයි.
ReplyDeleteවයස මොක උනත් ගියාට පස්සේ ආසාව එන්නෑ අංකල්.. හැක්..
Delete:D
Deleteවිචා අංකල්,
Deleteසිංදු 16 ක් තේරුවට පස්සේ තව ලස්සන සින්දු බර ගානක් ඔළුවට ආව හෝ ගාල...
දේශා,
උඹ මේ මනුස්සයට ඉන්න දෙන්නේ නැද්ද හැබෑට...
පත්තරේ,
උඹත් සා රස ගෙන් කොපි කරන්න ඉගෙන ගත්තද...
ලස්සන සිංදු ටික ලොක්කා
ReplyDeleteස්තුතියි ඉයන්...
Deleteඉයන් තමයි මේවට වග කියන්න ඕනේ...
මාද ප්‍රිය කරන ගීත කිහිපයක් මේ ලයිස්තුවේ ඇත.
ReplyDeleteලොකු පුතා කියනවා වගේ මේ ගොඩක් සින්දු අහන්න ඕන හෙමිහිට සද්දේ අඩුවෙන්.ඔය අනුරාධපුර,පොලොන්නරුව වගේ දුර ගමන් යනකොට වාහනයේ හිමින් අහගෙන යන්න කියාපු සින්දු තමයි "කොළොම්තොට නැත මහලු වී","රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ" වගේ සින්දු එහෙම.
ඔව් මචං උඹ කියන එක හරි...
Deleteමම මෙතන විෂුවල් එක්ක සිංදු දැම්මේ නෙට් එකේ ඒ විදිහට තියෙන නිසා...
මම සිංදු අහන්න කැමති විෂුවල් නැතුව, වෙන සද්ද බද්ද ඇහෙන්නේ නැති විදිහට...
පට්ට විදිහට සිංදු විඳින්න පුළුවන් එහෙම අහද්දී...
උඹ කියන සිංදු කීපය දෙකක් දාල ඉන්න වෙලාවකත් අහන්නත් මරු...
නියම සින්දු ටිකක් මෙතනත් තියෙන්නෙ.
ReplyDelete1, 9, 11 කියන්නෙ මාත් ආසම සින්දු තුනක්.
ස්තුතියි මචං, කලින් කිව්වත් වගේ මම ආසම සමහර සිංදු අනිත් අය තෝරපු නිසා අහක් කලා, වෙනස් සිංදු ටිකක් තෝරන්න ඕනේ නිසා...
Delete1 යි 16 යි අහල තියෙනවද මතක නෑ.. අනිත්වා නම් ඔක්කොටම ආසයි.. සීත පිනි බිඳු කඳුළු සලනා, සිරිපාදේ වන්දවන්න, රජ මැදුරක, තාත්තා උනත්, දූගේ තාත්තා එහෙම මගේ කැමැත්තේ උඩින්ම තියෙන සිංදු.. දැන් හිතෙනවා ඇයි මම ඒවා තේරුවේ නැත්තේ කියලත්..
ReplyDeleteප්‍රෙෂර් අඩුවෙන්න කියාපු ක්‍රමේ.. ;)
1 අපේ කාලේ සිංදුවකනේ බං...
Deleteඅපි නොදැනුවත්ව අපි කැමති සිංදු සිය ගාණක් තියෙනවා මයේ හිතේ...
ඒකනේ පස්සේ එහෙම හිතෙන්නේ...
ප්‍රෙෂර් බහින්න තව මාසයක් හමාරක් යයි වගේ...
කොහෙද බෙහෙත් ආන්සර් කරන්නෙත් නැහැනේ, කොයිකටත් මම බැලුවේ හොස්පිටිතාලෙක නතර වෙලා සම්පුර්ණ සෝදිසියක් එහෙමත් කර ගන්න කියලා...
නැත්තං කොයි වෙලාවේ හුළං බහියිද දන්නේ නැහැ...
සින්දු කිහිපයකටම කැමතියි. ඒ අතරින් දෙවැට අයිනේ ගීතයට වඩාත් කැමතියි.
ReplyDeleteජයවේවා!!!
දුමින්ද ඔබව සාදරයෙන් පිළිගන්නවා,
Deleteමමත් ඒ සින්දුවට ගොඩක් කැමතියි, ඒකෙ හොඳ ගෝ එකක් එකක් තියෙනවා, උදේකට අහන්න හොඳ සිංදුවක්...
ජයවේවා...!
මරු සිංදු ටික බං..
ReplyDeleteතැන්කු මචෝ...
Deleteගස්ලබ්බත් සිංදු අහන්නෙ කනේ ගහන ඇබ දෙකෙන්.හොඳ ඇබ දෙකක් ගහගත්තම සිංදු අස්සෙ දාල තියන වැඩ කෑලි එහෙම හරි ලස්සනට අහන්න පුළුවන්.. කැමති ගීත කීපයක්ම මේ තේරීම තුලත් තියනවා..
ReplyDeleteජයවේවා..!!
උඹ කියපු වැඩේ මමත් කරනවා, සිංදු අස්සේ තියෙන වැඩ කෑලි අහන එකේ තියෙනවා අමුතු ගතියක්...
Deleteමේ සිංදු වලටත් වඩා මම කැමති සිංදු තියෙනවා මචං, සමහර ඒවා දැම්මේ නැත්තේ අනිත් අය දාල තිබ්බ නිසා...
සමහර ඒවා කැමති උනාට මිස් වෙලා...
ජය වේවා...!
ග්‍රේෂන් ආනන්දගේ 'අම්මා පෙව් කිරි කඳුලෙන්, ඉපදී ලොවේ හා මිල්ටන්ගේ 'තරිඳු නැගෙන යාමේ' ගීත මගේ සිත් ගත් ගීත අතරට වැටෙන ඒවා...........ඔබට ජය
ReplyDeleteග්‍රේෂන්ගේ සිංදු ගොඩක් ඒවා නියමයි...
Deleteඔබටත් ජය වේවා...!
මම ආසම සින්දුවක් "දෙවට අයිනේ මල් පිපෙන්නේ " ඒත් කාලේකින් අහලා තිබ්බේ නැ.. ස්තුතියි ඔබට අහන්න සැලැස්සුවට...මේ සමිතාගේ කටහඬ තමයි..මතක මිහිරියි, බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින් නැඟෙන..
ReplyDeleteඅනිත් සින්දුත් අහන්න අහන්න එපා නොවෙන සින්දු...
මමත් ගොඩක් ආසයි ඒ සිංදුවට, අහම්බෙන් රේඩියෝ එකක යනවා ඇහිලා තමයි ආපහු මතකේ අලුත් උනේ...
Deleteභද්රිජිගේ සින්දුව ඇහුවේ කාලෙකින් . මේ එකතුවත් නියමයි
ReplyDeleteඒ වගේ සිංදු දැන් රේඩියෝ වල එහෙම යන්නේ නැතිම තරම්...
Deleteමගෙ කමෙන්ට් එක නෑනෙ බං,
ReplyDeleteඅන්තිම සිංදුවනම් මම ආස එකක්. බයිට් ඉවරයි මේ දවස් වල පරිස්සමින් ගමන.
අපෙත් බයිට් ඉවර වෙලා බං, මම හොයල බලන්නම් උඹේ කමෙන්ට් එකට මොකද උනේ කියලා...
Deleteඅන්තිම සින්දුවේ පොඩි ගෝ එකක් තියෙනවා බං...
මමත් ඒකට කැමතියි...
මගෙ කමෙන්ට් එක නෑනෙ බං,
ReplyDeleteඅන්තිම සිංදුවනම් මම ආස එකක්. බයිට් ඉවරයි මේ දවස් වල පරිස්සමින් ගමන.
ඕක ඉතින් දෙපාරක් කියන ඕනෙයැ...
Deleteනියම සින්දු ටික . මගේ සින්දු ටිකත් දැම්මා ලඟදි බලන්න ..http://helmalu.blogspot.com.au/2016/08/blog-post_22.html
ReplyDeleteස්තුතියි කවිඳු...
Deleteමමත් මේ දැන් එහෙ ඇවිත් ගියා විතරයි...
දෙවට අයිනේ මල් පිපෙන්නේ...ඉන්ට්‍රඩක්ෂන් මිියුසික් එක මාර ගති...මමත් කැමතිම ගීතයක්...සිරීපාදෙ වන්දවන්න ගීතය රත්න ශ්‍රී නිරංජලාට ලියන්නෙ ඔවුන්ට දරුවෙක් සිටියෙ නැති නිසා ඒ වෙනුවෙන් කෙරෙන බාරයක් විදියට. ඒ ගීතයේ අර්ථය වඩාත් තීවර් කරන්න ගුණදාස කපුගේ ගෙ සංගීතයත්...ආරම්භක සංගීත කණ්ඩ වලට යොදාගෙන තිබෙන එස් රාජ් නැමති වාදන භාණ්ඩයත් සෑහෙන්න ඉවහල් වී තියෙනවා.
ReplyDeleteඔය සින්දු දෙකම හෙඩ් සෙට් එකක් දාගෙන ඇහුවොත් අඩු ගානේ හතර පස් වතාවක් අහල තමයි මම නිකා ඉන්නේ...
Deleteඋඹේ විස්තරයට ස්තුතියි සිරා...
///සිරීපාදෙ වන්දවන්න ගීතය රත්න ශ්‍රී නිරංජලාට ලියන්නෙ ඔවුන්ට දරුවෙක් සිටියෙ නැති නිසා ඒ වෙනුවෙන් කෙරෙන බාරයක් විදියට.///
සිරිපාදේ වන්දවන්න ගීතය ඒ හැඟීම අපුරුවට නිරුපණය කරනවා...
මන් කැමති ගීත කීපයකුත් මෙතන තිබෙනවා ලොකු පුතා
ReplyDeleteඋත්තර පරක්කු උනාට සමා වෙන්න ඕනේ...
Deleteමමත් මේ ලිස්ට් එකට අමතරව කැමති සින්දු තව තියෙනවා, හදිස්සියට ඒවා මතක් උනේ නැහැ...
හප්පේ මටත් එහෙමයි...කැමතිම සින්දු නම් අටෝරාසියක් තියනවා. මේ ලඟදි ආස හිතිච්ච සින්දු තමයි "අපි ආයේ දවසක", "තව දවසක් හමු වී ඉමු" සහ "සරත් සඳේ" කියන ගීත.
ReplyDeleteසයුරි ගොඩ කාලෙකින්, මේ කියපු සිංදු තුන එක පාර ඔළුවට එන්නේ නැහැනේ...
Deleteමට දැන් සිංදු අහන්න වෙලාවකුත් නැහැ, වාහනේ යන එන ගමන් පොඩ්ඩක් ඇහුනොත් තමයි...
නියම එකතුව...
ReplyDeleteකොහේ හෝ නුඹ නතර වේ.. ලඟදි ඇහුව ලස්සන සින්දුවක්
මට මතක විදිහට ධනුවා මීට කලින් මෙහෙ ඇවිත් නැහැ නේද...
Deleteමුලින්ම සාදරයෙන් පිළිගන්නම්...
///කොහේ හෝ නුඹ නතර වේ.. ලඟදි ඇහුව ලස්සන සින්දුවක්///
මේ සිංදුවත් අහල නැහැ කියහන්කෝ...
අලුත් සිංදු අහන්න වෙන්නේ නැතිම තරම්, කොහෙද වෙලාවක් නැහැනේ...
නියමයි
ReplyDeleteස්තුතියි තරිඳු...
Deleteඅගෙයි ලොකු පුතේ!
ReplyDeleteප්‍රතිචාරයක් දෙන්න පමා උනාට සමාව...
Deleteස්තුතියි චන්දන...
අපූරු සිංදුටික....
ReplyDeleteස්තුතියි මචං...
Deleteමචං කවුරු හරි පිංවතෙක් කොමෙන්ටුවක් දැම්මාම තමයි අනේ මෙහෙම එකෙක් ඉන්නවානෙ කියලා බලන්නේ. ඒක මගෙ තදබල වරදක්. මෙ දැන් උඹෙ බ්ලොගයට ගොඩ උනාමයි දැක්කේ උඹ සෑහෙන කාලෙකින් ලියලා නැති බව. ඔය සිංන්දු සෙට් එකම මමත් රස විඳිනවා. ඔය ලිසට් එකේ තියෙන සිංඳු තුලින් මට උඹව කියවන්න පුළුවන්. රස විඳින්න බැරි එකා නිකම්ම පිදුරු මිටියක් ව්තරයි. උඹ ඒ අතින් ගත්තාම පල දරණ මහ රුකක්!
ReplyDeleteමමනම් මගේ බ්ලොග් රෝලේ තියෙන අලුත් වෙන පෝස්ට් ඇති බහුතරය පුළුවන් හැම වෙලාවේම කියවනවා...
Deleteදැන් වෙලාව මදි කමක් නිසා කමෙන්ට් දැමෙනවා අඩුයි, හැබැයි හොඳ පෝස්ට් එකක් දැක්කොත් එලවාගෙන ගිහින් හරි කමෙන්ට් කරනවා...
දැන් තියෙන වඩාත් එක්ක ලියන්න වෙලාව තිබ්බත් ලියන්න කම්මැලි කමක් ගහල තියෙන්නේ සහෝ...
///ඔය ලිසට් එකේ තියෙන සිංඳු තුලින් මට උඹව කියවන්න පුළුවන්. රස විඳින්න බැරි එකා නිකම්ම පිදුරු මිටියක් ව්තරයි. උඹ ඒ අතින් ගත්තාම පල දරණ මහ රුකක්!///
පිස්සු හැදෙනවා මචෝ...
හිස නමා නිහතමානිව ඇගයීම බාර ගන්නවා...
වෙනස් ගීත ලැයිස්තුවක් .. රහයි ....
ReplyDeleteInternet සහ සල්ලි වලින් ජීවිතේ සංකීර්ණ වෙන්න කලින් කාලෙට යන්න පුළුවන් ලියමනක්. බඹරැල්ලට ආයෙත් යන්න කලින් කියවනකොට අහම්බෙන් මේ blog එක හම්බුනේ.
ReplyDelete