Showing posts with label පුද්ගලික.... Show all posts
Showing posts with label පුද්ගලික.... Show all posts

Tuesday, 3 November 2015

හැමදාම නැති හැමතැනම නැති ට්‍රයිසිකල් සුප්...

බ්ලොග් එක පාලුවට ගිහින් දැන් මාස දෙකකට වැඩියි. ලියන්න ගත්තු පෝස්ට් ඔක්කොම වගේ බාගෙට ලියලා සේව් කරලා ඔහේ තියෙනවා. නොලියන්න තියෙන ලොකුම හේතුව වැඩ වැඩි වීමටත් වඩා හිතේ නිස්කලංක බවක් නැති කම. සතුටෙන් සමාදානයෙන් ටික දවසක් හිටියට වාහන කෙලියක් නිසා ඔළුව යකාගේ කම්මල වගේ වෙලා. තාම ඒක සම්පුර්ණයෙන්ම ඉවර නැහැ. ඒවා පැත්තකට දාමුකෝ.

කලින් පෝස්ට් එකේදී පොරොන්දු උන අර ලොකු වතුර වල බලන්න යන ගමනේ විස්තර තාම දාන්න බැරි උනා. මහ ජන්දෙට කලින් දවසේ යාළුවො දෙන්නෙක් එක්ක ඒ ගමන ගියා. නොසෑහෙන කට්ටකුත් කෑවා. මහ වැස්සේ හොඳට තෙමුනා. ඒ විස්තර තව දවසකින් කියන්නම්කෝ. දැනට ඒ ගැනත් ඇති වගේ...

බ්ලොග් එකේ මුස්පේන්තුකම යන්නත් එක්ක මොනවහරි ලියන්න හිතාගෙන හිටියත් එහෙම කරන්නත් බැරි උනා. ලිවිල්ල පැත්තක දාලා බලන්න පුළුවන් දෙයක් පෝස්ට් එකක් විදිහට දාල ජාමේ බේර ගන්න තමයි දැන් මගේ කම්පනාව...
මේ කම්පනාව කියන වචනේ වැරදිලා ලියෙව්වා එහෙම නෙමෙයි, හොඳද. එහෙම කියන්නේ මයේ ගෙදර උන්දෑ.

බ්ලොග් එකේ පාළුව මැකෙන්නත් එක්ක පොඩි පහේ වීඩියෝ එකක් දාන්නම්.

වීඩියෝ එකේ මුල හරිය ටිකක් ඒකාකාරී වගේ දැනෙයි. එහෙමයි කියල නොබල ඉන්නේ නැතුව අන්තිම වෙනකල්ම බැලුවොත් තමයි වටින්නේ.

පොඩි අවුලකට තියෙන්නේ ෆෝන් එකෙන් වීඩියෝ එක ගනිද්දී මම ඒක මොනිටර් එකකින් බලද්දී ගැලපෙන ඔරියන්ටේෂන් එකෙන් නොගත්තු එක. සමහර විට මේක ක්‍රොප් කරලා ගන්න ක්‍රමත් ඇති. එහෙම ක්‍රමයක් තියේනම් දන්න කෙනෙක් කියනවනම් තමයි වටින්නේ... 
ඔන්න එහෙනම් ඈ...