Wednesday, 28 December 2011

පාසල් විත්ති 05 - සර්ගේ ගෙදර බෝඩිම සහ බබා අක්කාගේ හුරතලේ...

ගිය පාර මම නතර කලේ මම කොළඹ ලොකු ඉස්කෝලෙකට ගිහින් නතර වෙන්න තැනක් නැති නිසා සුනිල්රත්න ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර නතර වෙච්ච තැනින්නේ. අද එතැන් සිට....



මේ විදිහට මම ඒ ගෙදර නතරවෙලා ඉස්කෝලේ යන්න පටන් ගත්තා. අර දවස දෙකකින් ආපහු එනවා කියල කියපු ගෙදර වැඩට හිටපු ගෑනු කෙනා ටික දවසකින් ආපහු ආවා. එයාගේ නම කරුණා. අවුරුදු 45 ක වගේ වයසක උන්නු ගමක හැදිච්ච ගෑනු කෙනෙක්.
එදා මට නතර වෙන්න දීපු කාමරේම තව බුරු ඇඳකුත් තිබුනත් මම එක ඒ තරම් ගණන් ගත්තේ නැහැ. කරුණා නැන්දා ආවට  පස්සේ එයා නතර උනෙත් මම හිටපු කාමරේමයි. කරුණා නැන්දා එහෙම නැත්නම් ඒ ගෙදර වැඩකාරි එක්ක එක කාමරේ නිදා ගන්න දෙන එකගැන විරුද්ධ වෙන්න හරි ඒ ගැන හිතන්න හරි තරමේ තේරුමක් මට තිබුනේ නැහැ.  අපේ ගෙදරත් ඒ වෙද්දී අපිටම කියල තනි තනි කාමර තිබුනේ නැහැ. මම නිදා ගත්තේ  අපේ අක්කල එක්ක එකම කාමරේ.
ඒ නිසා මේ ගෙදරදී එහෙම කරපු එකේ වැරද්දක් තියෙනවා කියල මට හිතුනෙත් නැහැ.


මේ ගෙදර හිටපු මිනිස්සු ටිකක් අමුතුයි. අර සර්ගේ නෝනා වගේ ගෑනු අයව මීට කලින් මම දැකල තිබුනේ නැහැ. එයා හරිම අමුතුයි. සර් එයාට කතා කලේ "බබා" කියලා. සර් විතරක් නෙමෙයි අර වයසක උන්දලා දෙන්නත් එහෙමයි. එයාට කතා කලේ බබා කියලා. ඒ මදිවට එයත් පොඩි එකෙක් වගේ තොඳොල් වෙනවා හුරතල් වෙනවා.
ඒ මනුස්සයට "අක්ක" කියල කතා කරන්න කියල මට සර් උපදෙස් දුන්නා. ඉතින් මමත් එදා ඉඳල එයාට කතා කලේ අක්ක කියලා.
අක්කගේ අම්මයි තාත්තයි තමයි මේ ගෙදර හිටපු අනිත් වයසක දෙන්න. එයාගේ අම්මට "ඇන්ටි" කියල කතා කරන්නත් කිව්වා, එයාගේ තාත්තට "අංකල්" කියල කියන්නත් කිව්වා. ඒ ඇන්ටිගේ ඇස්දෙක පේන්නේ නැහැ. අක්ක සමහර වෙලාවට ඒ මනුස්සයට සලකන්නේ ඒ තරම් කැමැත්තෙන් නෙමෙයිද කියලත් මට හිතුනා. අර අංකල්නම් ටිකක් වසයි, එයාට කොයි වෙලාවෙත් කේන්ති යනවා.


මම මේ ගෙදර නතරවෙලා සුපුරුදු විදිහට ඉස්කෝලේ ගියා. මම හැමදාම යන්නේ සර් එක්ක එයාගේ පරණ මෝටර්බයික් එකේ. ආපහු එන්නෙත් එයා එක්කමයි. අපි හැමදාම යන්නේ එන්නේ විජයකුමාරතුංග මහත්තයාගේ පිළිරුව තියෙන තැනින්. ඒ ඇරෙන්න අපි ඉස්කෝලේ ගියේ මොන පාරෙන්ද කියලවත් මට මතකයක් නැහැ. මේ සර් ඉස්කෝලේ ගිහින් මොනවා උගන්නනවද කියල මම දැනගෙන හිටියේ නැහැ. හැබැයි ගොඩක් දවස්වලට ඉස්කෝලේ ඇරිලා තවත් පැයක් දෙකක් එයා එනකල් ඉස්කෝලේ පාළු මුසල මුළු වලට වෙලා බලන් ඉන්න මට සිද්ධ උනා.
මම ඉස්කෝලේ යද්දී හැමදාම උදේට දවල්ට කන්න කියලා පාන් පෙති දෙක තුනක් මගේ පුංචි කෑම පෙට්ටියට දාල දෙනවා. ඒක කෑවට හවස 3, 4 වගේ වෙද්දී හොඳටම බඩගිනියි. ඒත් ඉතින් සර් ගෙදර යනකල් මටත් ගෙදර යන්න විදිහක් නැහැනේ.


අපේ පන්තියේ මම වගේ ශිෂ්‍යත්වෙන් ආපු ළමයි හිටියේ හතර පස් දෙනෙක් විතරයි. මට මෙතනින් නම් විදිහට මතක දෙන්නෙක්ව විතරයි. එක්කෙනෙක් ලක්මාල්, අනිත් කෙනා චරිත්, ගෙවල් මීගොඩ කියල කියපු ළමයට අපි ඒ දවස්වල කිව්වේ "මීයා" කියලා. ඒ ළමයාගේ ඇත්ත නම මට මතක නැහැ. චරිත්ගේ ගෙවල් කැලණියේ, ලක්මාල් අවිස්සාවේල්ලේ.
අපේ පන්තිබාර ගුරුතුමියගේ නම මානෙල් වගේ තමයි මතක. පන්ති නායකයා විදිහට හිටියේ රශ්මි කියල ළමයෙක්, එයා මුස්ලිම්ද කොහෙද. එයාව මට හොඳට මතක හිටියේ එයාගේ උපන් දිනේට මුළු පන්තියටම කේක් ගෙනත් බෙදපු නිසා. අපේ ඉස්කෝල වල මීට කලින් කවදාවත් එහෙම කරලා තිබුනේ නැහැ කවුරුවත්.
ඒ ළමයි ඉන්ට්‍රවල් එකේදී රගර් ගහනවා. පිට ඉස්කෝල වල ඉඳල ආපු අපි වගේ ළමයි දන්නේ ඔට්ටු සෙල්ලම්, හැංගි මුත්තං වගේ සෙල්ලම්. ඒ නිසා අපි කවදාවත් එයාල එක්ක සෙල්ලම් කලේ නැහැ. අප හතර පස් දෙනා දන්නා කියන පොඩි පොඩි සෙල්ලම් කරගෙන හිටියා. ඉස්කෝලේඅපි හිටපු පැත්තට වෙන්න මහා විශාල කෝන් ගහක් තිබුනා. ලොකු ඉස්කෝලයක් කියල නැහැ, ළමයි ඒකට ගල් ගහනවා කෝන් ගෙඩි කඩා ගන්න. අපි අලුත් නිසා කෝන් ගෙඩි කඩන්න ගියේ නැහැ. අපේ පාඩුවේ හිටියා.


මේ දවස්වල අපිට ඉස්කෝලේ එන දවස් ගාන අනුව කාර්ඩ් එකක් ලකුණු කරලා දවසකට රුපියල් 3 ක්ද කොහෙද දෙන ක්‍රමයක් තිබුනා මතකද. අන්න ඒ කාර්ඩ් එක මට නිකන් දෙයියෝ වගේ ඒ දවස්වල. ඒක ලැබිච්ච ගමන් මම කරන්නේ ඉස්කෝලේ තියෙන සමුපකාරෙන් මොනවා හරි පැණිරස කෑමක් අරගෙන කනඑක. මම ගොඩක් වෙලාවට ටොෆි, චොකලට්, මිල්ක්මේඩ් වගේ දේවල් තමයි ගන්නේ. මම පොඩි කාලේ ඉඳලම පැණිරස කන්න හරි පෙරේතයි.
හැම සති අන්තෙකම වගේ තාත්ත එනවා මාව බලන්න. මාව බලන්න කලින් තාත්ත ගිහින් චුටි අක්කව බලල එනවා. ඒ එන ගමන් මම ඉන්න ගෙදරටත් මොනවා හරි අරගෙන මටත් මොනවහරි අරගෙන තමයි හැමදාම එන්නේ. එදාට මට හරිම සතුටු දවසක්. තාත්ත ආපහු යද්දී මට රුපියල් 30 ක් 40 ක් දීල යන්නත් අමතක කරන්නේ නැහැ. ඒ සල්ලි වලින් තමයි මම දත් බෙහෙත්, සබන් එහෙම ගන්නේ. ඒ ගෙදර අයගේ කිසිම දෙයක් මම පාවිච්චි කලේ නැහැ. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ නාන්න කලින් හැමදාම මම ඇඳපු ඇඳුම් ටික මම හෝදලා දානවා.


සමහර දවස්වලට අක්ක දෙන කෑම එක මදි වගේ දැනුනොත් කැන්ටින් එකෙන් මොනවා හරි අරගෙන කන්නෙත් ඒ සල්ලි වලින්. අතේ සල්ලි ඉතුරු උනොත් චොකලට් එකක් කන දවසුත් නැතුවම නෙමෙයි.
මේ ගෙදර මිනිස්සු ටිකක් අමුතු අය බව මම කලින්ම කිව්වනේ. මේ ගෙදර ගේ ඇතුලෙම බුදු මැදුරක් වගේ කාමරයක් තිබුනා. ඒක බුදු මැදුරක්ද කෝවිලක්ද කියල කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි බුදු පිළිමයකුත් තිබුනා.  ඇන්ටි හැමදාම බුදුන් වඳින්න යනකොට මටත් කතා කරනවා. ඒ ගෙදර සමහර දවස්වලට අමුතු පුජාවක් වගේ දෙයකුත් කරනවා. එදාට ඒ ගෙදර පුජා වට්ටි සහ සෙනග ගොඩකුත් ඉන්නවා. අන්කල් කපුවෙක් වගේ ඇඳගෙන ආවේෂ වෙලා වගේ නටනවත් එක්ක.
මේ අය මාසෙකට වතාවක් පිටකෝට්ටේ රජමහා විහාරෙත් ලොකු පුජාවක් තියනවා. මාවත් මේ හැමදේකටම සහභාගී කර ගන්නවා. මල් කඩන්න අහල පහල ගෙවල් වලට යවන්නෙ මාව.


හැමදාම වගේ ගෙදර එක එක වැඩ වලට කඩේ යන්නෙත් මම. හැබැයි හැමදාම උදේට පාන් ගෙන්න කඩේ යන්නේ අන්කල්.
අක්කයි, කරුණයි දෙන්න එක්ක මිදුල නෙළුවත්, මල් පාත්ති හැදුවත් මටත් කතා කරනවා ඇවිත් වැඩ වලට උදව් කරන්න කියලා. සමහර දවස්වලට සර්ගේ බයික් එක හෝදන්නත් කියනවා. මම මේ කිසිම දෙයක් බැහැයි කියන්නේ නැතුව කළා. අපි ගෙදරදීත් ගෙදර වැඩ කරලා දීල අම්මලට උදව්කරන නිසා මේ දේවල් අමුතු උනේ නැහැ මට.
සුනිල්රත්න සර්ලට ළමයි හිටියේ නැහැ.
සර්රුයි අක්කයි එක දවසක්  මාව ගෝල්ෆේස් එක බලන්න එක්කගෙනත් ගියා, තව දවසක් එයාලගේ නෑදෑ ගෙදරක තිබ්බ දානේ ගෙදරකටත් මාව එක්කරගෙන ගියා.


මේ මොනවා උනත් සර්ගේ මුණේතිබුනේ මහා කපටි පෙනුමක් කියලයි මට හැමදාම හිතුනේ. ඒ වගේම මේ ගෙදරදී මම ජීවිතේට නොදැකපු දේවල් ගොඩක් දකින්න ලැබුනා.
අක්ක සමහර දවස්වලට සර් එක්ක තරහවෙච්ච දවසට ගෙදර ඉන්නේ අඩ නිරුවතින්. ඒ කියන්නේ යට කලිසමත් තනපටත් විතරක් ඇඳගෙන. මම ඉන්නවා කියල ගානක්වත් නැතුව එයා සර්ගේ අවධානය ගන්න එකඑක විකාර කරකර ගේ පුරා ඇවිදිනවත් එක්ක. 
එයා එහෙම බාගෙට හෙළුවෙන් ඉන්නවා දැකපු පළවෙනි වතාවේ මට එක පාරට හිතාගන්න බැරි උනා මම බය වෙන්න ඕනෙද, ලජ්ජා වෙන්න ඕනෙද කියලවත්.
සර්රුත් ඒවා දැකල හිනා වේවි ඉන්නවා මිසක් එයාට මුකුත් කියන්නෙත් නැහැ.

32 comments:

  1. කියවන්න කලින් මම කමෙන්ට් කරනවා. අද පළවෙනියා වෙන 4 වෙනි පෝස්ට් එක. එහෙම වාර්ථාවක් තියන්න ට්‍රයි කරන්නේ.

    ReplyDelete
  2. අයියෝ පිස්සන් කොටුවෙන් පැනලා ආපු බබෙක්ද එහේ හිටියේ.
    මමත් ඉස්සර කව්රු හරි කඩේ යන්න කිව්වහම හරි කැමතීයී පැණිරස කෑමක් ගන්න සල්ලී හම්බ වෙනවනේ ඒකයී..

    ReplyDelete
  3. උඹ ඔය සර්ට නොදැනම කඩේ ගිහින්නේද බං....අර ගැනිටනං බාගේට පිස්සුද කොහෙද..එතකොට අරු සර් කෙනේක් කිව්වනේ..ඉස්කොලේ ලමයින්ට උගන්වන්නේ මොනවද දන්නැ...ඉක්මනට ඔතනින් තොලොන්චි වෙලා ගියේ නැද්ද උඹ......

    ReplyDelete
  4. ඔයා ගැන දුක හිතෙනවා. ඒ උනාට මාර ලස්සන කතාවක්. මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ එහෙමත් කෙනෙකුට. ඔයා ඒවා ලියලා තියන එක හොඳයි.

    ඉතිං ඊට පස්සේ මොනවද උනේ කියලා කියවන්ට ආසාවෙන් ඉන්නවා.:)

    ReplyDelete
  5. ශික් මෙහෙමත් ගැනු :/
    ඔයා ඉක්මනින් ඔතනින් ගියේ නැද්ද ලොකු.?
    ඔයා කොහොම ඉවසන් හිටියද මන්දා ඕවා.
    පොඩි කාලේ ඔයවගේ දේවල් ළමයි ට හුරු කරන්න හොද නැහැයි කියනවා. ගුරුවරු වුනාට මොන මගුලක් උගන්නනවද මන්දා.

    ReplyDelete
  6. මරු " බබා " කෙනෙක් නේ...අපරාදේ කියන්න බෑ...ලොකුටත් අද්දැකීම ගොඩාක් ලැබිලා හැඩයි.... :P

    ReplyDelete
  7. හප්පේ මේක කියවල මගේ ඇස් උඩ ගියානම් දැකපු ඔයාට කොහොම හිතෙන්න ඇත්ද? අර මනුස්සයානම් හරි ගුරුවරයෙක් වෙන්න බැහැ..අනේ මන්දා

    ReplyDelete
  8. මොකද්ද බං ඒ ගෙදර ? මහ පිස්සෝ සෙට් එකක් නේ ඒ ගෙදර ඉඳලා තියෙන්නේ .. මම මෙහෙම අහනවාට උඹ අමනාප වෙන්ඩ එපා මචෝ

    උඹට මොකුත් කරදරයක් වුණේ නෑ නේද ?

    ReplyDelete
  9. අක්ක හාෆ් නේකඩ් ඇවිදින කාලෙ 'ලොකු පුතා' පොඩි එකා හින්ද හොඳා

    ReplyDelete
  10. උඹට නොතේරෙන්නේ උඹ දුක් විඳලා තියෙනවා. හැම වැඩක්ම නවත්වල තාත්ත කොළොඹ අවේ අක්කවයි උම්බවයි බලන්න පව් මචන් උඹලගේ තාත්තා.කතාව ලස්සනට ලියාගෙන යනවා සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  11. හෆ්ෆා... නියම ගෙදරකනෙ නැවතිලා ඉඳලා තියෙන්නෙ ! තව කතන්දර ඇති එහෙනම් ..

    ReplyDelete
  12. දෙයියනේ අපිට කොයින්ද පිනක් මේවගේ බෝඩිමක ඉන්න!

    ReplyDelete
  13. එයා ගුරුවරයෙක් වෙන්න නම් බැහැ නැත් නම් ඔයා වගේ පොඩි ලමයෙක් ඉන්න තැනක අර පිස්සු කෝලමට එහෙම කරන්න ඉඩ දේවිද?

    ReplyDelete
  14. @ බට්ටි
    සුබ නව වසරක් වේවා....!!
    ආ... එකම දවසේ බ්ලොග් ගොඩක පළවෙනියා උනා කියලා බට්ටි ළමයගේ නමත් එහෙනම් අර ගිනස් පොතේ වැටෙයි ළඟදීම. මගේ සුබ පැතුම්...

    එයාට වෙලාවකට පිස්සු තමයි, ඒත් මට නරකටම සැළකුවා කියන්නත් බැහැ
    කඩේ ගියාට එයාලගේ සල්ලි වලින් මම පැණිරස කෑවේ නැහැ බට්ටි, මම කන්නේ තාත්ත මට දෙන සල්ලි වලින්

    ReplyDelete
  15. @ Raj
    ඒ නොතේරෙන කාලෙනේ බං, ඒත් ඉතින් දැන් දැනුම් තේරුම් තියෙන කාලෙත් එහෙම කරපු සහ කරන එක ගැන තමයි මම ගැන මටම දුක
    මෙතනින් පස්සේ ජිවිතේ ගැන මම ඊළඟ කොටසින්ම කියන්නම්, දැන්ම කිව්වොත් කතාවේ රසය නැති උනා කියල උඹලම කෑ ගහයි අන්තිමටම :))

    එයා මොනවද ඉගැන්නුවේ කියල මම අදටත් දන්නේ නැහැ මචන්...

    සුබ නව වසරක් වේවා....!!

    ReplyDelete
  16. @ Podi Kumarihami
    මම ගැන දුක හිතන්න දෙයක් නැහැ පොඩ්ඩි.
    මේ ලෝකේ ඉපදෙන කිසිම මනුස්සයෙකුට හොඳ අත්දැකීම් විතරක් ගන්න බැහැනේ. ඉතින් මම ගැන කුමන කතාද....
    මම ලබපු හොඳ හෝ නරක හැම අත්දැකිමකම මම හොඳක් දකිනවා

    මතක තියා ගන්න පොඩ්ඩි මම මේ තාම ඉන්නේ 6 වසරේ කියලා. :)
    එයින් එහා ජිවිතයේ කියන්න මොන තරම් දේවල්නම් තියෙනවද

    සුබ නව වසරක් වේවා....!!

    ReplyDelete
  17. @ වර්ණා
    ඒ මනුස්සයටත් මොනවහරි මානසික ප්‍රශ්නයක් හරි තියෙන්න ඇති
    එහෙමත් නැත්නම් අර අම්මයි තාත්තයි එයාව හදපු විදිහේ වැරද්දක් හරි තියෙන්න ඇති...

    පුංචි කාලේ ළමයින්ට මේ වගේ අත්දැකීම් නොලැබෙනවානම් හොඳයි තමයි, ඒත් ඒවයෙන් මගේ ජීවිතේට කිසිම බලපෑමක් උනේ නැහැ කියලයි මට හිතෙන්නේ...
    ගුරුවරු ගැනනම් මගේ හිතේ තියෙන්නේ ඒ තරම් හොඳ මතක නෙමෙයි නංගි
    ඒ ගැන ඉස්සරහට මගේ කතාවෙන් කියවන්න ලැබෙයි

    සුබ නව වසරක් වේවා....!!

    ReplyDelete
  18. @ දිල්
    ඔව් ඔව්... මරු බබෙක් තමයි.
    අපොයි කිසිම විශේෂයක් නැහැ, ඒ කාලේ මම පොඩි එකානේ :)

    සුබ නව වසරක් වේවා....!!

    ReplyDelete
  19. @ සයුරි
    හික් හික්... ඒක ඇත්ත...
    ඒ ගැන අද හිතද්දී මට හිතෙන්නේ මේ වගේ මිනිස්සු අපේ සමාජයේ තවත් ඇති කියලා විතරයි

    සුබ නව වසරක් වේවා....!!

    ReplyDelete
  20. @ හිස් අහස
    ඒ වගේ මිනිස්සුත් අපේ රටේ ඉන්නවා බං අපි නොදන්නවා උනාට
    හපොයි නැහැ බං, මොන කරදරද. මම හිච්චි එකානේ ඒ කාලේ

    සුබ නව වසරක් වේවා....!!

    ReplyDelete
  21. @ Observer
    ඒකනේ ඔබා මාමේ මම මේ සඳරුටත් කිව්වේ.... :)

    සුබ නව වසරක් වේවා....!!

    ReplyDelete
  22. @ අසරණයා
    තමන්ගේ අයගෙන් වෙන්වෙලා ඉන්න එක කොහොමත් දුකක් තමයි මචන්
    (ඒ දුකනම් මම තාමත් විඳිනවා)
    තාත්ත ගැන මම වෙනම ලියන්න හිතාගෙන ඉන්න නිසා මම ඒ ගැන වැඩිය ලිව්වේ නැහැ මේ කතාවේදී
    අම්මයි තාත්තයි අපි වෙනුවෙන් ලෝකය ගොඩ නගන්න ගත්තු මහන්සිය මම හොඳටම දන්නවා
    අපිවත් ඒ ගමනේ කොටස් කාරයෝ කරගෙන හරි අපුරු ගමනක් ගියා ඒ දෙන්නා
    ඒ කතාව කවදාහරි මම ලියන්න ගත්තු දාට උඹලටම තේරෙයි ඒ ජිවිතත් එක්ක බලද්දී අපේ ජිවිත මොනතරම් සීනිබෝලද කියලා

    ඔබට සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  23. @ Weni
    ඔව් ඒක ටිකක් අපුරු තැනක්
    කතන්දර මහා ගොඩක්නම් නැහැ, ඒත් නැත්තෙත් නැහැ :)

    ඔබටත් සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  24. @ රාජ්
    හික් හික්... මම පොඩි එකා නිසා වෙන්න ඇති බං අක්ක එහෙම ඉන්න ඇත්තේ
    අනික අක්කත් "බබා" කාලෙනේ (බැඳපු අළුත වගේ)

    උඹටත් සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  25. @ වින්චැට්කිරිල්ලි.
    එයාත් හුළු අත්ත අතින් අරන් ආපු මනුස්සයෙක් නංගි... :))
    එයා බින්න බැහැල හිටියේ නෝනගේ ගෙදර
    තමන්ගේ අම්ම තාත්ත ඉස්සරහ ඒ විදිහට හැසිරෙන්න පුළුවන් කමක් තිබ්බ කියන්නේ ඒ මිනිස්සු ඒවා වැරදියට දකින්නේ නැහැ කියන එකනේ..
    එහෙව් ගෑනිට සද්ද බද්ද දාන්න ගිහින් නිකන් ඉල්ලගෙන කන්න ඕනේ නැහැ කියල එයා හිටියද කියල අපි දන්නේ නැහැනේ කිරිල්ලියේ...

    කිරිල්ලිටත් සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  26. ඔය ඉස්කෝලේ මහත්තයා තාම ඉන්නවද.....

    ReplyDelete
  27. @ ඔබ නොදු‍ටු ලොවක්
    මම හිතන්නේ ඔව්.... මිනිහ ඒ තරම් වයසක කෙනෙක් නෙමෙයි, දැනටත් වයස අවුරුදු 45ක් 50ක් වගේ තමයි ඇත්තේ

    ReplyDelete
  28. ගෙදර නොහිටියන් මට 4වෙනි එක මිස් වෙලානෙ.. ගිහින් ඒකත් බලලා එන්නම්..

    ReplyDelete
  29. @ Dinesh
    ඔව් ඔව් කතාවේ අගක් මුලක් හොයා ගන්න බැරිවෙයි නැත්නම් :)

    ඔබ නොදුටු ලොවක් සහ දිනේෂ්, ඔබ දෙපළටම සුබ නව වසරක් ප්‍රර්ථනා කරනවා...!!

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ලබන අත්ද්දෑකීම් හරි අපූරුයි අයියා. විවිද පුද්ගල සමූහයක්ගෙන් සෑදුම්ලත් දේකට කියන්නෙ සමාජය කියලනම්...........???....!!!

      Delete
    2. ඔයාව මගේ බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා නෙතු...
      හොඳ හෝ නරක අත්දැකීම් දෙකම අපේ ජිවිත වලට පාර කියනවා. ඒකනේ මම මතක වලට කැමති

      ඒ විවිධත්වය නැති උනොත් කවදා හරි දවසක මිනිස්සුන්ට ජීවත් වෙන එකත් එපා වෙලා යාවි නේද...
      මොනා උනත් අපි සමාජය කියල නම දීල තියෙන මේ ඒකකය හරහා මිනිස් සංහතිය වෙනුවෙන් සේවයක් වෙනවා කියල මට හිතෙනවා
      මම පෞද්ගලිකව හොඳ සහ නරක දෙකම තියෙන සමාජය කියන ඒකකයට කැමතියි.

      Delete
  30. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete