Saturday, 31 December 2011

පාසල් විත්ති 06 - අක්ක බබාගේ බෝඩිමේ තවත් කතා

ඇත්තටම අක්කගේ මේ අමුතු හැසිරීම මට විශේෂයක් උනේ නැහැ. එයා ටිකක් අමුතු කෙනෙක් කියල මට හිතුන මිසක්, එයා අඩ නිරුවතින් හිටපු එක ගැන මම ගෙදරට කිව්වෙත් නැහැ. මට මුලින් දැක්ක දවසේ ලොකු පුදුමයක් උනා සහ මාව ටිකක් බය උනා විතරයි. හැමදාම මාව බලන්න එන්නේ තාත්ත නිසා මම තාත්තට ඕව කියන්න ගියෙත් නැහැ.
ඒ වයස වෙද්දී මම ගෑනු පිරිමි අතරේ තියෙන ලිංගික ක්‍රියාකාරකම් වගේ දේවල් ගැන මම දන්නෙ නැහැ. කලින් ඉස්කෝලෙදි සිංහල භාෂාවේ තියෙන කුණුහරප ඔක්කොම වගේ ඉගෙනගෙන හිටියට ඒවායේ තේරුම දැනගෙන හිටියෙත් නැහැ නොවැ.
(හැබැයි දැන් කාලේ 6 වසරේ ඉන්න පොඩි එව්වොනම් මේවා ගැන අපිටත් වඩා දන්නවා ඇති මගේ හිතේ)


මේ විදිහට මම ටික කාලයක් මේ ගෙදර නතර වෙලා ඉස්කෝලේ ගියා. කිසි විශේෂයක් තිබුනේ නැහැ. ඒත් එක දවසක අක්ක මට කිව්වා දහම් පාසල් යන්න ලෑස්ති වෙන්න කියලා. මම ඉස්සර ඉඳලම ඔය වැඩේට ටිකක් කම්මැලියි. ඒත් ඉතින් බැහැ කියන්නත් බැහැ. මොනවා කරන්නද දැන් ඉතින් ඉරිදට පස්ස පැත්තට ඉර පායනකල් නිදා ගත්තු නින්දත් ඉවරයි. තාත්ත ආපු වෙලාවට තාත්තට කියලා ගෙදර තිබුන ජාතික ඇඳුම ගෙන්න ගත්තා. ඉස්කෝලෙට ඇඳපු සුදු කොට කලිසමට උඩින් සුදු සරම හරි අමාරුවෙන් පටලවාගෙන පටියකින් ගැටගහගෙන දහම් පාසල් ගමනත් පටන් ගත්තා. මාව දහම් පාසල් එක්කගෙන යන වැඩේ බාර දුන්නේ උඩහ ගෙදර හිටපු මගේ වයසේම වගේ ගෑනු ළමයෙකුට. එයා ඉස්සරහින් යනවා. මම එයාට වඩා අඩි පහළොවක් විස්සක් වගේ පිටිපස්සෙන් යනවා. මෙහෙම ගිහින් ටික වෙලාවකින් එයාට තව යාළුවෙකුත් එකතු උනා. ඒ යාළුවා එක පාරටම පිටි පස්ස හැරිලා. "Hey boy, What is your name" කියලා ඇහුවේ නැතෑ. මාව එක පාරටම කරකවල අතඇරියා වගේ උනත් මගේ නම යන්තමට කියා ගන්න පුළුවන්කම මට ලැබුනා. මගේ වෙලාවටද මන්ද ආපහු කිසි කතාබහක් සිද්ධ උනේ නැහැ අපි අතරේ. මේ විදිහට මම යාන්තම් දවස් දෙකක් දහම් පාසල් ගියත් දහම් පාසල් ගමන ඒ දවස් දෙකෙන්ම නතර උනා. නතර වෙන්න හේතුවනම් මට මතක නැහැ. මට මතක විදිහට ඒ දහම් පාසල තිබුනේ පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙද කොහෙද.
කරුණා නැන්දා ඉස්සර මැදපෙරදිග ගෙදරක වැඩ කරපු කෙනෙක්. එයාගේ වැඩ වලත් පිළිවෙලක් තිබ්බා. එයා ඒ දවස්වල කියනවා අරාබි ගෙදර හිටිද්දී එයාල හරියට කුකුල් මස් කනවා කියලා. එක්කෙනෙක් තනියම කුකුලෙක් කනවා කියලත් කිව්වා. ඒත් එයාට ඒ තම්බපු කුකුල් මස් කන්න අප්පිරියයි කියලත් කිව්වා. කියපු කතා අහලා කටට කෙල ඉනුවත් මමනම් ඒවා සත පහකට විස්වාස කලේ නැහැ.
කබ්සා බත් එකක්
බ්‍රෝස්ටඩ්
(ඒත් දැන් තමයි මටත් තේරෙන්නේ මෙයා කියල තියෙන්නේ ඇත්ත තමයි කියලා)
මෙහෙම ටික කාලයක් හිටපු කරුණා ආපහු රට යන්න ඕනේ කියල අස්වෙලා ගෙදර යන්න ගියා. එයා ගියාට පස්සේ එයාගේ දුවව එහේ ගෙදර වැඩට එක්කගෙන එන්නම් කියල තමයි එයා කිව්වේ. සතියකට විතර පස්සේ අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර යද්දී කළු කොට තරුණ වයසේ කෙල්ලෙක් කරුණා නැන්දත් එක්ක එහේ ඇවිත් හිටියා, ඒ එයාගේ දුවලු. එයාට අපි හැමෝවම අඳුන්වල දීලා එහෙම කරුණ නැන්දා ගෙදර ගියා.  ලබන සතියේ රට යනවා කියල තමයි එයා කිව්වේ.  කරුණා නැන්දා හිටපු විදිහටම දැන් රෝහිණි නිදා ගන්නෙත් මගේ කාමරේමයි. රෝහිණි කරුණා නැන්දා තරම් වැඩපලට දක්ෂ නැහැ. ඒ වගේම තමයි එයාගේ කට ඒ තරම් හොඳ නැහැ.  ගෙදර අය එක්කත් එකටඑක කියාගෙන එන වෙලාවල් තියෙනවා. පිරිසිදු කමත් ටිකක් අඩුයි වගේ.
නමුත් අක්කයි රෝහිණියි දෙන්නම මට ටිකක් විතර ආදරෙන් හිටියා.
කොහොමත් මම පිට ගෙදරක ගිහින් හිටියොත් ඒ ගෙවල්වල මිනිස්සු මට කැමති වෙනවා. මොකද මම බොහොම නිෂ්ශබ්ද කාටවත් කරදරයක් නැති, වැඩපල වලට උදව් කරන ළමයෙක්නේ....


වතාවක් මම යාලුවෙක්ගෙ ගෙදර දවස් 3 ක් නතර වෙලා හිටියා ට්‍රේනින් එකකට යන්න. මම එයාට කලින් ගෙදර එනවා. ඒ ගෙදර වතුර බහින බට එහෙම හිර වෙලා, වතුර එන බට ලීක් වේවි තමයි තිබුනේ. මම ඒ ටික එක දවසක හවස හදල දැම්මා. මගේ යාළුවගේ ඇඳුම් හෝදන්නේ, මදින්නෙත් ඒ ගෙදර අය. මගේ ඇඳුනුත් ඉල්ලුවා හෝදන්නයි මදින්නයි. මම දුන්නේ නැහැ. මේ වෙද්දී අපේ වයස අවුරුදු 22 ක් වගේ ඇති. අන්තිමට මට ආපහු දුර පළාතකට යන්න වෙච්ච නිසා එහෙන් යන්න උනා. මම ගියාට පස්සේ අරූගේ අම්ම හැමදාම ඌට බනින්නේ  මගේ හොඳ කිය කියාලු. ඉතින් මගේ යාළුවා මට කිව්වේ "තෝ ආපහු අපේ ගෙවල් පැත්ත පළාතේ එන්න එපා, මට ගෙදරිනුත් යන්න වෙලා තමයි නතර වෙන්නේ" කියල තමයි.


මෙහෙම ගිහින් සිංහල අවුරුදු නිවාඩුව ලැබුනා. පුදුම ආසාවෙන් තමයි මම එදා ගෙදර ආවේ. හැමදාම වගේ අපිව එක්කගෙන යන්න ආවේ තාත්තා. මුලින්ම මාව අරගෙන ඊට පස්සේ අක්කගේ ඉස්කෝලෙට ගිහින් එයාවත් එක්කගෙන තමයි අපි ගෙදර යන්න පිටත් උනේ. අපේ ගෙදර ඉස්සර තිබුන හැමෝම ඒකට එකතුවෙලා සමරපු ලස්සන අවුරුදු කාලයන් වලින් එකක් ඒ විදිහට ගෙවිලා ගියා. හැමදාම වෙනවා වගේ ඒ නිවාඩුවත් හිතපු නැති තරම් ඉක්මනට ගෙවිලා ගිහින් ආපහු බෝඩිමට යන දවසත් ආවා. චුටි අක්කනම් හැමදාම වගේ ගෙදර ආවහම ආපහු යන්නේ අඬලා තමයි. මම ඇඬුවේ නැති උනාට ලොකු දුකකින් තමයි ගෙදරින් යන්නේ.
අපි එනගමන් ගෙදර හදපු කැවිලි ටිකකුත් අරගෙන ආව සර්ලගෙ ගෙදර අයට දෙන්න. තාත්ත ගියාට පස්සේ මම ඒ ටික අක්කට දුන්නා. එයා ඒක අරගෙන හිනාවක්‌ දාලා ""ආ...."" කියල කිව්වා, එච්චරයි.


මේ විදිහට ආපහු ඉස්කෝලේ ගමන පටන් ගත්තා. මට මේ දවස් වෙද්දී ඉංග්‍රීසි විෂය තරමක් අමාරුවෙලා තිබුනේ. අක්ක ඒකට දීපු පිළියම තමයි මට දෙන ගෙදර වැඩ එයා කියල දෙන එක. කියල දෙනවා කියන්නේ එයා කටින් කියද්දී මම පොතේ ලියනවා. මට තේරුනේ නැහැ මේ වැඩෙන් වෙන්නේ මාව අමුම අමු මැට්ටෙක් වෙනඑක බව. මගේ ඉස්කෝලේ වැඩ ටික කෙරෙන නිසා මමත් හරි සතුටින් එයා කියන විදිහට කලා.


එක දවසක් අපි ඉස්කෝලේ යද්දී ඉස්කෝලේ එතන ලොකු කලබලයක්. අපේ ඉස්කෝලෙන් එළියට යන පුංචි ගේට්ටුවක් තියෙනවා. ඒ ගේට්ටුව ගාව හැමදාම දෙමළ මිනිස්සු දෙතුන් දෙනෙක් ලස්සන තරු ස්ටිකර් එහෙම ගෙනත් විකුනනවා. ඒ අය විකුණන ස්ටිකර් වල මොනවද මත්ද්‍රව්‍ය වර්ගයක් දාල විකුනනවා කියල අහුවෙලා. පොලිසියෙනුත් ඇවිත් තිබුනා. එදා හවස සර් මට ඒ ස්ටිකර් දෙක තුනක් පෙන්නුවා. ඒවායේ කිසිම වෙනසක් නැහැ, සාමාන්‍යය තරු ස්ටිකර් වගේමයි. එයා ඒවා පෙන්නලා මගෙන් ඇහුවා මමත් ඒවා සල්ලි දීලා ගත්තද කියලා. වෙලාවට මම පැණිරස කනවා මිසක් ඔව්ව ගන්න ගියේ නැත්තේ.


මෙහෙම ටික දවසක් ගිහින් අගෝස්තු වාර අවසාන විභාගෙත් කිට්ටු උනා. ඒ අස්සේ සර්ලගෙ ගෙදරත් ලොකු කලබලයක්. එයාල කතරගම යන්න ලෑස්ති වෙනවා. ට්‍රිප් එක යන්න හදන දවස් තුනේම මට වාර විභාගේ තියෙනවා. දැන් අක්කයි සර්රුයි අතරේ කතාවක් යනවා මට මොකද කරන්නේ කියලා. මාව වෙන ගෙදරක නතර කරලා යන්න මුලින් කතා උනත් පස්සේ මම එහේ ඉඳල ඉස්කෝලෙට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නිසා ඒකත් යටගියා. අන්තිමට මේක වාර අවසාන විභාගේ නෙමෙයිනේ, මම ඒක පන්තිභාර ටීචර් එක්ක බලාගන්නම් කියලා මාවත් ට්‍රිප් එක එක්කගෙන යන්න සර් තීරණය කලා. මටත් මාර සතුටුයි, විභාගෙනම් හැමදාම තියෙනවනේ, ඒ වගේද ට්‍රිප් එකක් කියන්නේ. අපේ ගෙදරින් ඇහුවොත් කියන්න කිව්වා, මට ඒ වෙනුවෙන් විභාගේ වෙනම තියනවා කියල වෙන දවසක.


අන්තිමට සර්ගේ පරණ ගෝලයෝ කියල කියාපු තරුණ පිරිසකුයි, තව කවුද සර්ගේ යාලුවෝ කීප දෙනෙකුයි, ඉස්සර සර්ලගෙ ගෙදර නතරවෙලා ඉස්කෝලේ ගියා කියපු ලොකු අක්ක කෙනෙකුයි එයා බඳින්න ඉන්න අයියයි, සර්ලගෙ ගෙදර හිටපු අපි ඔක්කොමයි මේ ගමන ගියා. අපි ට්‍රිප් එක ගියේ පොඩි රෝසා බස් එකක. අර AC බස් සයිස් එකක, හැබැයි AC නැහැ.
සර් එයාගේ පරණ ගෝලයෝ ටිකත් එක්ක බස් එකේ පිටිපස්සේ සීට් එකේ වාඩිවෙලා බෝතලයක තිබ්බ මොනවදෝ අක්කට හොරෙන් බොන හැටිත් මම ඇස් කොනකින් වගේ දැක්කා. සර්ගේ පරණ ගෝලයෝ ටිකයි, අර අනිත් අයයි හරි සුහදශිලියි. මාත් එක්ක හොඳට කතාබහ කලා. මේ ට්‍රිප් එක මට ලොකු සතුටක් ගෙන දීපු එකක් බව කියන්නම ඕනේ.
උපුටා ගැනීම http://beautyofyala.blogspot.com/
සර්ලගෙ ගෙදර අය කතරගම දේවාලේ මොකක්දෝ මන්ද ලොකු පුජාවක් තියන්න බාර වෙලාලු හිටියේ. ඒකට තමයි මේ ගමන ඇවිත් තිබුනේ. අපි කතරගමට ඇවිත් නාල, කාල එහෙම ඉවර වෙලා දේවාලෙට ගියා. එදා මොකක් හරි පෙරහරක් වගේ එකක් තිබුනා. අර අන්කල් එතන ගිහින් ආවේශ වෙලා වගේ කාවාඩි නැටුවා. ටික වෙලාවක් ගිහින් මෙන්න අක්කත් නටන්න ගත්තා පිස්සු හැදිලා වගේ. මමත් හරි බයෙන් හිටියේ මාවත් ආවේශ වෙලා නැටවෙන්න පටන් ගනීවිද කියලා. වාසනාවකට වගේ එහෙම උනේ නැහැ. පස්සේ දවසේ රෑ අපි කිරිවෙහෙරේ පෙරහැරත් බැලුවා. අක්ක මගේ අතේ ගැටගහගන්න කියලා පාට පාට නුලකුත් අරගෙන දුන්නා.
අපි එන දවසේ යාල එහෙමත් ගියා. බස් එක පිරෙන්න සින්දු හඬ රැව් දුන්නා  සර්ගේ ගෝල පිරිසගෙන්. එයාල කිව්වේ බොහොම ලස්සන පරණ සින්දු.


කතරගම ගමන ගිහින් ආවට පස්සේ සර් මගෙන් ප්‍රගති වාර්තා පොත ඉල්ල ගත්තා. දවස් දෙක තුනකට පස්සේ මට ඒක ආපහු ලැබුනා. පුදුම විදිහේ ප්‍රතිපලයක් එක්කම. මම ලියපු විෂයන් වලට තරමක් අඩු ලකුණු.  ඉංගිරිසි වලට තිබුනේ ලකුණු 30 ගානක්.  මම ලියපු නැති විෂයන් තුනට හොඳට ලකුණු තිබුනා.  කොහොම හරි මම පන්තියේ 12 වෙනියා හරි ඒ වගේ සැළකිය යුතු තැනක ඉන්න විදිහට පොතේ ලකුණු කරලත් තිබුනා. අපේ පන්තිබාර ටීචර්ගේ අත්සනත් දාල තිබුන මගේ ප්‍රගති වාර්තාවේ.
මේ ගමනින් පස්සේ දවස් කීපයකට පස්සේ ආපහු ඉස්කෝලේ නිවාඩු දුන්නා. මමත් සුපුරුදු සතුටෙන්ම ගෙදර බලා ඉගිල්ලිලා ගියා තාත්තගේ අතේ එල්ලිලා. අපි යන ගමන් චුටි අක්කලාගේ හොස්ටල් එකටත් ගිහින් එයාවත් එක්කගෙනම තමයි ගෙදර ගියේ. තවත් ලස්සන නිවාඩු කාලයක් මේ විදිහට ආරම්භ උනා.


ප.ලි.
මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.

30 comments:

  1. හික්... ඇයි යකෝ මුහුදු රැළි දැක්කම චු යනවද.ඇත්තටම ඒ නම් බබෙක් තමයි.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. ඔයාටත් නවතින්න අහුවෙලා තියෙන්නෙ මාර තැනක්නෙ...
    මොකෙක්ද අනේ ඒ අක්ක බබා.... සර්නුත් ඊට දෙවෙනි නෑ...
    කතාව ලස්සනට ලියල තියෙනව....

    "තෝ ආපහු අපේ ගෙවල් පැත්ත පළාතේ එන්න එපා, මට ගෙදරිනුත් යන්න වෙලා තමයි නතර වෙන්නේ" හික්ස්... ඇත්ත නේන්නං........

    ReplyDelete
  3. මට හම්බුනේ නෑනේ මේ වගේ බෝඩිමක් හප්පා......

    ReplyDelete
  4. කාලය සුන්දර ලෙස ගෙවී ගිහින් නේද? අක්කා බබා කතාව තවත් රසවත් කරලා. ඔය කිව්වත් වගේ හය වසරලුනේ. බලමුකෝ 10, විතර වෙනකොට කොහොමද කියලා....:D:D

    සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා....!!!!

    ReplyDelete
  5. හිහි... චූ ගිහින්ද ඊයා..
    බබාලා නැති ගෙදර නාකි බඩගානවා කියන්නේ ඕක තමයි...

    සුභ නව වසරක් වේවා ලොකු,..

    ReplyDelete
  6. @ අසරණයා
    හික් හික්... බබෙක්ම තමයි

    සුබ නව වසරක් වේවා ඔබටත්...!!

    ReplyDelete
  7. @ Miyuru
    ඔව් අක්කේ, ඒක මාරම තැනක් තමයි
    හික් හික්..

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  8. @ ඔබ නොදු‍ටු ලොවක්
    ඒ දැන්නේ එහෙම කියන්නේ, ඔය කියපු වයසේදී හම්බ උනානම් උඹටත් මට වෙච්ච සෙතේම තමයි

    සුබ නව වසරක් වේවා මචං...!!

    ReplyDelete
  9. @ Podi Kumarihami
    කාලයනම් අපිව දාල ගොඩක් ඉස්සරහට ගිහිං තමා
    පුංචි කාලේ වෙච්ච මේ සිද්ධි දැන් තමයි මටත් ලස්සනට පේන්න ගත්තේ
    ඒකයි මම මෙහෙම ලියන්න කල්පනා කලේ
    තව කතා ගොඩක් තියෙනවා පොඩ්ඩි
    ඉස්සරහට කියවලම බලමුකෝ

    පොඩ්ඩිටත් වළව්වේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා කියල පතනවා...!!

    ReplyDelete
  10. @ වර්ණා
    හික්,,, ඒකනම් ඇත්ත තමයි.

    ඔයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  11. මම තව ටිකකින් වැඩට යනවා...
    ආපහු ඇවිත් බ්ලොග් එක බලන්න වෙන්න අලුත් අවුරුද්දේ තමයි :))

    මම නැති අතරේ ඇවිත් බ්ලොග් එක බලන කමෙන්ට් දාන ඔබ සැමටම සුබ නව වසරක් වේවා කියා පැතුම් ලොකු පුතාගෙන්.....!

    ReplyDelete
  12. අතීතය සිහිනයක් පමණයි කිව්වළු..කොහොම උනත් කතාව හොඳින් ගලා ගෙන යනවා..හිටි හැටියේ හදිසියේ වගේ එකතු කරන කොටස් වලදී එහෙට මෙහෙට යන ගතියක් තියෙනවා..ඒකත් වෙනසක් නොදැනෙන්න ලිව්වනං තවත් අපූරුයි...

    ReplyDelete
  13. ඒ සර් ''බබා'' ට කියල දීල නෑ වගේ කවුරුහරි යමක් දුන්නාම ''ස්තූතියි'' කියන්න කියල....අනේ චූ බබා..!

    ReplyDelete
  14. මුහුදු රැල්ලට බය උනාම ඔහොම වෙනවද?? දිගටම ලියමුකෝ බලන්න..

    සුභම සුභ නව වසරක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  15. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  16. @ මාරයාගේ හෝරාව
    ඔව් බං මාරයා ඒක ඇත්ත...
    මම බොහෝම හදිස්සියෙන් මතක් වෙච්ච කොටසක් එකතු කරලා තියෙන විදිහ හරි නැහැ තමයි

    සිතුම් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා...!
    දැන් පිළිවෙලක් වෙන්න කාලේ හරි වගේ :)

    ReplyDelete
  17. @ වින්චැට්කිරිල්ලි.
    ඔව් නේන්නම්.
    එයාට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙන්න ඇති කියල කියල මට දැන් හිතෙනවා
    (හරි වැඩේනේ... ඔයාගේ කමෙන්ට් ඒක ස්පෑම් වෙලා තිබිල මේ දැන් හොයා ගත්තේ)

    ඔයාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  18. @ Dinesh
    එයා බබෙක්නේ, ඒ නිසා වෙන්න ඇති :))

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  19. @ ඔබ නොදු‍ටු ලොවක්
    සුබ පැතුමට බොහෝම ස්තුතියි සහෝ...

    ReplyDelete
  20. ඔං අවුරුදු දවසේ..සුබ නව වසරක් මචං...උබ ඉක්මනට ඔය ගේදරින් තොලොන්චි උනා නේව..ලොකු දෙයක්...මචං අපි ජනවාරි 7 ගාලු යනව උබ මේසැරේ නෑනේ..අප්‍රියෙල් වල ලංකාවට ආවොත් කොළඹදි සෙට් වෙමු..ජය

    ReplyDelete
  21. සුබ නව වසරක් වේවා!

    [post eka thaama kiyewwe natha]

    ReplyDelete
  22. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  23. @ Raj
    සුබ නව වසරක් මචං...
    හික්... තව ටිකක් තියෙනවා, හොඳම හරිය තාම ආවේ නැහැ මචං
    මම දැක්කා උඹල ගාලු යන්න එක්කාසු වෙනවා, පරිස්සමින් ගිහිං වරෙල්ලා
    මම අප්‍රියෙල් වල ආවට පස්සේ වෙලාවක සෙට් වෙමු

    ReplyDelete
  24. @ Observer
    එසේම වේවා... එසේම වේවා...

    ඔබා මාමා 2012 කියල නැහැ, තාමත් කුස්සියේ රජකම අතඇරියේ නැහැ නේද
    ඔච්චරම බලයට කෑදර වෙන්න හොඳ නැහැ
    හරි හරි...
    එහෙනම් කතාව බලලම එන්නකෝ

    ReplyDelete
  25. @ Gaminie Vijith Samarakoon
    ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා....!

    ReplyDelete
  26. හප්පේ...බබෙක්ම තමයි. ලොකු පුතා අයියාටත් මාර අත්දැකීම් තමයි තියෙන්නේ...දැන් මතක් කරලා හිනා වෙන්න පුළුවන් නේද..

    ReplyDelete
  27. @ සයුරි
    හික් හික්...
    හිනා වීම කෙසේ වෙතත් මතක් කරන්නනම් ගොඩක් දේවල් තියෙනවා සයුරි.

    ReplyDelete
  28. සුභ නව වසරක් වේවා! ලොකු පුතා, පහුගිය දවස් වල කිසිම බ්ලොග් එකකට එන්න බැරිවුනේ නිවාඩුවට ලංකාවට ඇවිත් හිටි නිසයි. දැන් ආයෙම එනවා. මග හැරුනු ඒවත් පස්සෙ කියවන්න ඕනෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  29. @ Dude
    එසේම වේවා Dude අයියේ....
    ඒකට මොකද, අපිත් දන්නවනේ නිවාඩුවක් ආවහම වෙන හරිය. නෙට් යන්න කොහෙද වෙලාවක්

    ReplyDelete