මගේ බ්ලොග් එකේ ආගිය කතා පරණ විස්තර ලිව්වට මගේ ගැන වැඩිපුර ලියවිලා නැහැ. නමුත් කලින් පෝස්ට් එකක මම දැනට කරන රස්සාව මොකක්ද මම එතන කරන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පැහැදිළි කිරීමක් කලා. එතැනදී මම කිව්වා මම මේ අවුරුද්දේ සිංහල අවුරුදු කන්න ලංකාවට එනවා කියලා. ඒ ඇවිත් දිගටම ලංකාවේ නතරවෙනවා කියලත් මම කිව්වා. ඒත් මගේ සිහිනය දවස් 20 කින් විතර පස්සට දාන්න සිද්ධ උනා පොඩි නිවාඩු ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ මම ලංකාවට එන්නේ සිංහල අවුරුද්දෙන් පස්සේ.
ඒ පෝස්ට් එකේ අපේ යාළුවො අහපු සමහර ප්‍රශ්න වලට මම උත්තර දීල තිබුනා මම ලංකාවට ඇවිත් පොඩි ව්‍යාපාර කටයුත්තක් රැකියාවකට සමගාමිව කරගෙන යන්න හිතාගෙන ඉන්නවා කියලා. ඒත් දැනට මාස කීපෙකට කලින් මට එක පාරටම හිතුනා මම මෙහේ ඉන්න ගමන්ම ඒ වැඩේ පටන් ගත්තොත් මොකද කියලා. මට මතක විදිහට ඒ නොවැම්බර් මාසේ වගේ හරියක වෙන්න ඕනේ. ඔන්න ඉතින් මගේ අදහස හාමිනේට කිව්වා. පස්සේ එයා මට කිව්වා එහෙනම් අපි පොඩ්ඩක් කේන්දර එහෙම බලලා මේ කාලේ ඒ වැඩේට හොඳද කියලා බලමුද කියල ඇහුවා, එයාලගේ ගෙදර අය දන්න හොඳ තැනකුත් තියෙනවා කිව්වා. ඉතින් ඔන්න එක දවසක මෙයා නිවාඩුත් දාගෙන ගෙදර ගිහින් පාන්දර 05:00 ට විතර අදාළ තැනට ගියාලු. යන්න කලින් එයාල එනවා කියල අදාළ පුද්ගලයට දැනුම් දීලලු ගියේ.
එතනට ගිහින් බැලුවට පස්සේ ඒ මනුස්සයා නැතිලු. එදා උදෙන්ම මට මේල් එකක් එනවා මේ විස්තරේ කියලා. ආපහු දවසක එහේ යන්න වෙනවා කියලා තමයි හාමිනේ කිව්වේ. ඔන්න ඉතින් මගේ යක්ෂයා පොඩ්ඩක් ඔළුවට ගහලා ඊට පස්සේ මම කිව්වා කාගෙන්වත් වෙලාවල් බලන්න යන්න දෙයක් නැහැ, මම කියන විදිහට වැඩ ටික කරන්න කියලා. ඔන්න දැන් ඉතින් වෙලාවල් බැලීම් මුකුත් නැතුව අපේ වැඩේ මුල් පියවරවල් සඳහා ටික ටික සුදානම් උනා.
මට තියෙන්නේ ඕනේ කරන සල්ලි ටික සහ උපදෙස් දෙන එක තමයි. ඔක්කොම වැඩ ටික කලේ මගේ හාමිනේ.
ඒ වෙනුවෙන් මුලිකව ගෙවන්න ඕනේ කරන සම්පුර්ණ මුදල් ප්‍රමාණය මගේ අතේ තිබුනේ නැහැ. ඒ හින්ද මම කලේ මගේ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් රත්තරන් බිස්කට් දෙකක් අරගෙන යාළුවෝ දෙන්නෙක් අතේ ලංකාවට එවපු එක. අපිට වාහනේට අදාළ පළමු මුදල් බැඳීම කරන්න තිබුනේ දෙසැම්බර් මාසයේ මැද.
පළවෙනි බිස්කට් එක ගෙනියපු යාළුවට හදිසි වැඩ වගයක් නිසා ඒක මගේ වයිෆ්ගේ අතට ගෙනිහින් දෙන්න වෙන්නේ නැහැ කිව්වා. මගේ නෝනටත් ඒ දවස් වල විභාගයක්. මම ඒ වෙලාවේ මාත් එක්ක එක කැම්පස් එකේ, එක බෝඩිමේ, එක හොස්ටල් එකේ එකට කාගෙන බීගෙන හිටපු සහ ඊට පස්සෙත් දෙන්නට දෙන්නා ගොඩක් උදව් පදව් කර ගත්තු බැචෙක්ගෙන් උදව් ඉල්ලුවා.
ඌ වැඩ කරන තැන ඉඳලා මගේ නෝනා වැඩ කරන තැනට තියෙන්නේ මීටර් 500 ක වගේ, ඒ වගේම ඌ වැඩ කරන්නේ විකිණුම් අංශයේ නිසා ඕනේ වෙලාවක එළියට යන්නත් පුළුවන් කියල තමයි අපිට කියල තිබුනේ.
ඌ රට ඉඳල ආපු යාළුවව හම්බ වෙන්න කොහොමත් යන බව කළින්ම කියල තිබුනා. ඒ ගිය වෙලාවේ ඌ බිස්කට් එක අරගෙන තිබුනත් මගේ වයිෆ්ට ඒක දෙන්න තව සති තුනකට වැඩිය කල් ගියා. එක එක හේතු නිසා බිස්කට් එක දෙන්න පරක්කු උනා කිව්වා. ඒ හේතුව නිසා අපි දෙන්න අතරේ පොඩි හිත් නොහොඳකුත් ඇති උනා. දැන්නම් ඒක හරි...
(ඒ ඔක්කොම වල්පල් අත ඇරලා දාමු)
කොහොම හරි පළවෙනියට එවපු උවමනාම කරන බිස්කට් එක තමයි මේ විදිහට පරක්කු උනේ.
දෙවෙනි බිස්කට් එක ගෙනාවේ සව්දියට ආවට පස්සේ මම අඳුන ගත්තු යාළුවෙක්, ඌනම් මගේ වයිෆ්ව හම්බ වෙලාම බිස්කට් එක දීලා තිබුනා දවස් දෙකක් ඇතුළත. ඔන්න වෙනස.......
අන්තිමට ඒකෙන් මට වෙච්ච පාඩු තමයි මේ.
01. අදාළ කාලය ඇතුළත මුදල් බඳින්න බැරි වෙච්ච නිසා අපිට ඒ වාරයේ වාහනය ගැනීමේ අවස්ථාව නැති වී යාම.
02. වාහනයේ මිල රුපියල් ලක්ෂ දෙකකින් වැඩි වීම.
03. රු.2690/- ට තිබු ලීසිං වාරිකය 2846/- දක්වා වැඩි වීම(ලක්ෂයක් සඳහා වසර 4 කට)
04. කැරට් 24 රන් පවුමක මිළ රු. තුන් දහසකින් පමණ අඩු වී තිබීම.
ඒ කාලය ඇතුලත රුපියලේ සිදු වෙච්ච වෙනස් වීම් නිසා ආපහු වාහනයේ මිළ අඩු උනා, ඒ නිසා අපිට සිද්ධ වෙච්ච ශුද්ධ පාඩුව ලක්ෂ දෙකකට වගේ බැස්සා.
(ආ... මට කියන්න අමතක උනානේ මම පළවෙනි බිස්කට් එකත් එක්ක Nokia N8 ෆෝන් එකකුත් යැව්වා. අන්තිමට මගේ නෝනගේ අතට බඩු පාර්සලේ ලැබෙද්දී ඒකෙ ඩිස්ප්ලේ එක කුඩු වෙලාලු. ඒ බෝනස් එකක්)
ඒ ඔක්කොමත් සතුටු සිතින් අමතක කරලා දාන්න මටයි මගේ නෝනටයි පුළුවන්කම තිබුනා. ඒකට හේතුව මීට වඩා අමාරුකම් වලට අපහසුතා වලට මුණ දීපු පළපුරුද්ද නිසා වෙන්න ඇති.
හැම කරදරයක් අස්සෙම අරුම පුදුම දේවලුත් සිද්ධ වෙනවා. මේ පාර අපේ ආයතනයේ තිබුණ වාර්ෂික උත්සවයේදී මට අඟල් 32, Sony 3D TV එකක් තෑගී විදිහට ලැබුනා. ඒක ලැබුනේ හරියටම පෙබරවාරි 29 වෙනිදා.
කොහොමින් කොහොම හරි බිස්කට් දෙක අතට ලැබිලා ඒවා විකුණලා සල්ලි කරගෙන මාස දෙකක වගේ තවත් හොඳ කට්ටක් කාල හරියටම පෙබරවාරි මාසේ මැද වෙද්දී අපේ සිහිනය සැබෑ උනා.
අපි කලේ ලොරියක් අරගෙන හයර් එකට දාපු එක. ඒ වාහනේ ගන්න ගියපු තැන හිටපු අවුරුදු 40 ක 45 ක වගේ දෙමළ මනුස්සයෙක් අපේ වැඩේට ගොඩක් උදව් කලා. එතනින් අපිට ඕනේ කරන වාහනේ ගන්නනම් අඩුම ගානේ මාස 7 ක් 8 ක් බලාගෙන ඉන්න ඕනේ. ඒත් මේ මනුස්සයා අපිට අවශ්‍ය වාහනේ මාසයක් දෙකක් ඇතුළත අරගන්න ගොඩක් උදව් කලා. වාහනේ අරගෙන ඉවර උනාට පස්සේ එයාට තෑග්ගක් යවන්නත් අපි කටයුතු කලා.
හැබැයි ටික දවසක් යද්දී එයා කරපු උදව් කණපිට ගහගෙන එන ගතියක් තමයි මට පේන්න තිබුනේ. එයා අපිට උදව් කරලා තියෙන්නේ මනුස්ස කමටම නෙමෙයි, තව තව දේවල් හිත ඇතුළේ තියාගෙන. අපි වාහනේ අරගෙන ටික දවසක් ගියාට පස්සේ මේකා මගේ හාමිනේට කෝල් කරකර SMS කරකර ලව් කරන්න හදනවලු. කෝල් කලාම ආන්සර් නොකර ඉඳල සහ SMS වලට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසුව ඒ කරදරය තරමක් සමනය උනා කියල තමයි දැනගන්න තියෙන්නේ.
ඒත් අපේ වෙලාව කියන්නේ අපිට ඒ මනුස්සයව ඉස්සරහටත් ඕනේ වෙනවා වාහනේ ගැරන්ටි කාලේ ඇතුලත තියෙන වැඩ වලට. ඉතින් අන්තිමට මේ මිනිහා උණු හින්ද බොන්නත් බැරි කැඳ හින්ද නොබීත් බැරි වගේ කේස් එකක් උනා.
මොනවා උනත් මේ වෙලාවේ ඒ මිනිහව තරහ කරගෙනත් බැහැ.
ආ.... මට කියන්න බැරි උනානේ අපි මේ වාහනේ ගත්තේ මගේ නෝනගේ නමට.
ඒ වගේම තමයි රක්ෂණ අංශයේ වැඩ කරන මම දැකලවත් නැති වයිෆ්ගේ යාළුවෙක් අපිට සැහෙන්න උදව් කලා. එයා නිසා තමයි ගොඩක් අඩු පඩියක් ගන්න මගේ නෝනගේ නමට ලීසිං එක ගන්න පුළුවන්කම ලැබුනේ.
අපි වාහනේට නම දැම්මෙත් අර පුන්යසිරියි කමලාවතියි නම දාපු විදිහටම තමයි. හැබැයි අපි දෙන්නගේ ඇත්ත නම්වල අකුරු නෙමෙයි ඒ. අපි දෙන්න ආදරේට කතා කරන පෙට් නේම් ගොඩක් අතුරින් අපි කැමතිම දෙකේ මුල් අකුරු තමයි වාහනේට දැම්මේ.
෴ I&M Transport ෴
වාහනේ අදාළ ආයතනයේ හයර් එකට දැම්මේ පෙබරවාරි මාසයේ අන්තිම සතියේ වගේ. ගිය සතිය වෙද්දී අපිට ඒ දවස් 7 ට අදාළ ගෙවීම ලැබුනා. මම කලින් අපේ රියදුරු මහතාට පොරොන්දු උනේ අපිට ලැබෙන බිලෙන් 20% ක ප්‍රතිශතයක් එයාගේ පඩිය විදිහට ගෙවනවා කියලා. එයා ඉස්සර අපේ තාත්ත යටතේ වැඩ කරපු කෙනෙක්. ඒ වගේම තරමක් දුරින් අපේ නෑදෑයෝ වෙන විස්වාසවන්ත කෙනෙක්.
පොරොන්දුවේ හැටියට දැනට දවස් තුනකට කලින් අපි එයාට අදාළ ගෙවීම කලා. එයාගේ පඩිය උනේ 13,250/-ක්. ඒත් ඒ ගාණ දැකපු ගමන් එයා ගොඩක් බයවෙලා, මගේ නෝනට කියල තිබුනා "අනේ දුවේ මට තව කීයක් හරි වැඩිපුර දෙන්න, කෑමටයි බීමටයි ගියාම ගෙදරටත් දෙන්න ගාණක් තියෙන්න ඕනිනේ" කිව්වලු. එයා හිතල තිබුනේ අපි එයාට ගෙව්වේ සම්පුර්ණ මාසෙක පඩිය කියලා. එයාට ගෙව්වේ සතියක පඩිය කියල තේරුම් කරලා දුන්නට පස්සේ තමයි එයාගේ බය නැතිවෙලා තියෙන්නේ.
ඇත්තටම මාසෙක පඩිය විදිහට එයාට ලැබෙන මුදල මම ලංකාවේ රස්සාව කරද්දී මට ලැබුණු පඩියටත් වඩා වැඩි මුදලක්. දැනටත් මගේ නෝනට ලැබෙන්නේ එයාගේ පඩියෙන් බාගයක් වගේ ගාණක්.
එයාට වගේ නෙමෙයි අපිට ලැබෙන 80% කොටසෙන් තමයි අපිට වාහනේ නඩත්තු කටයුතු ඔක්කොම කරන්න වෙන්නේ, ඒ වගේම මේ විදිහට හැමදාම වැඩ තියෙන්නෙත් නැහැ. එහෙම බැලුවහම පොඩි අවධානමක් නැත්තෙත් නැහැ. ඒත් මේක පාඩු ලැබෙන වැඩකුත් නෙමෙයි. කොහොම නමුත් අභියෝගයක් නැති ජීවිතෙන් වැඩකුත් නැහැ කියනවනේ.
කොහොම නමුත් දැන් තමයි මගෙත් බය ටිකක් හරි නැති උනේ. දැන් අප්‍රේල් අන්තිම වෙද්දී බයක් සැකක් නැතුව ලංකාවට ගොඩ බැහැලා ටික දවසක් නිවී හැනහිල්ලේ ඉඳලා වැඩි කරදරයක් නැති තැනක රස්සාවක් හොයාගෙන ජිවිතේ අළුතෙන් පටන් ගන්න ඕනේ.
මම ලංකාවට යන්න කලින් වෙනත් රටවල් දෙකක ඉන්න යාළුවෝ හරහා මිළදී ගත්තු කැමරා උපකරණ ටිකත් මම ලංකාවට ගියාට පස්සේ මගේ අතට ලැබේවි. ඒ කියන්නේ ආපහු ඔයාලව කැලයක් පැත්තේ එක්කගෙන යන්න මට පුළුවන් වේවි.
මොනවා උනත් මේ හැම දෙයක්ම මේ විදිහට කරගෙන යන්න පුළුවන් උනේ මගේ හාමිනේගේ සහයෝගය නිසා. ඇය මගේ ජිවිතයට ලොකු හයියක් උනා හැම වෙලාවකදීම. විශේෂයෙන්ම අගහිඟකම් තිබුණ කාල වලදී ඇය මගේ ලඟින් ඉඳගෙන උපරිම සහයෝගය දුන්නා. මම දන්නවා ඉස්සරහටත් එහෙමම තමයි කියලා.