කලින් පෝස්ටුවේ කියපු විශාල වතුර වල බලන්න යන්න
තව දවස් කීපයයි තියෙන්නේ. ඒ වලේ නම මාදෙයියාව කියල විතරක් දැනට ලියල තියන්නම්. ඒ ගමනට
කලින් මේ කතාවට අමතරව කියන්න තියෙන කළු කොටියා ගැනයි කිතුල් මැදීම ගැනයි කියන්න මම
කල්පනා කලා.
කිතුල් මදින රස්සාව ගැන
කියන්න කලින් මුලින්ම සෝමේ මාමයි, කළු කොටියයි අතර ඇති වෙච්ච සිද්ධි කීපයක් කියල
ඉන්න එක වැඩිය හොඳයි කියල මට හිතුනා. මම මුලින්ම ඒ ඉසව්වේ කළු කොටියෙක් ඉන්නවා
කියල ඇහුවේ අපේ ලොකු මස්සිනාගේ උවමනාවකට
සෝමේ මාමා ජීවත්වෙන මහ කැලේ කරක් ගහපු මුල් දවසෙමයි. මම ඕක කළින් පෝස්ට් එකෙත්
කිව්වද කොහෙද.
මේ ආරංචිය ඇහිච්ච ගමන්
මම කලේ එතනින් එහා ඉතුරු විස්තර ටිකත් අහගත්තු එක. ඒ වෙලාව මිදුලේ තිබ්බ පොඩි ගල්
ගෙඩියක් උඩ වාඩිවෙලා පෙණ දාන රා ලොකු වීදුරුවක රහ බලන ගමන් තමයි සෝමේ මාමගේ කතාවට
මම ඇහුන්කන් දුන්නේ.
දවසක් සෝමේ මාමා
තුවක්කුවත් අරගෙන ඔය කිතුල් ගස් තියෙන ඉසව්වේ යනකොට එක පාරට දැක්කලු කළු පාට සතෙක්
එයා එයා නැගගෙන යන කඳු බෑවුමේ පහළට බැහැගෙන එනවා. මෙන්න මේ වෙලාවේ තමයි සෝමේ මාමා
මුලින්ම කළු කොටියව දැකල තිබුනේ. සෝමේ මාම එක පාරට ගහක කඳට මුවා වෙනවත් එක්කම වගේ
කොටිය දැක්කලු සෝමේ මාමව. සෝමේ මාමව දැකපු ගමන් කොටිය පොඩි සද්දයක් දාන්නත් අමතක
කරලා තිබුනේ නැහැ. (ඔය තුවක්කුව දැන් නැහැ, ඒ ගැනත් තියෙනවා මරු කතාවක්)
ඒ වෙද්දී කොටිය ඉඳල
තිබුනේ සෝමේ මාමට ගොඩක් කිට්ටුවෙන්, අඩි පහ හයක් විතර උස ගලක් උඩින් පහළට බැහැගෙන
එන්න ලෑස්තිවෙලා. දැන් සෝමේ මාමා ඉන්නවලු ගහට මුවා වීගෙන තුවක්කුව කොටියා දිහාට
උරුක්කු කරගෙන, කොටියත් පහළ ඉන්න සෝමේ මාමා දිහා බලාගෙන ඉන්නවලු. වෙලාවට කොටිය
එතනින් පහළට ආවේ නැතිලු. එහෙම ආවනම් කරන්න දෙයක් නැහැ “වෙඩි තියල දාන්න වෙනවා”
කියල බොහොම සැහැල්ලුවෙන් සෝමේ මාම කියල දැම්මා. සෝමේ මාමව මග ඇරපු කොටියා අඩි
පාරෙන් පිට තරමක් ගැඹුරු හරියකට පැනලා කැලේ අස්සෙන් නොපෙනී ගියාලු.
ඔය “වෙඩි තියන” කතාව
ඇහිච්ච ගමන් මම මුලින්ම කලේ කතාවට මැද්දෙන් පැනපු එක. කළු කොටියට අත තැබීම වහාම
තහනම් කරමින් ඌව රැකගන්න ඕනේ බවට සෝමේ මාමව පොරොන්දු කර ගන්න වැඩි අමාරුවක් උනේ
නැහැ.
සෝමේ මාම මල් කපන්න
යද්දී සමහර දවස් වලට නැන්දවත් එක්කගෙන යනවලු. එහෙම එක්ක යන්නේ වැල් පොටකින් පහළට
බාන තෙලිජ්ජ මුට්ටිය අල්ල ගන්න හවුල් කාරයෙක් ඉන්න එක වඩා පහසු නිසා. ඔහොම ගිය
දවසක සෝමේ මාමා කිතුලේ නැගල මල කපද්දී නැන්දා ඉඳල තිබුනේ කිතුලේ පාමුළ. මාම තෙලිජ්ජ
මුට්ටිය දෙන්න පහළ බලද්දී එක පාරට දැක්කලු ඉත්තෑවෙක් දඩයම් කරගෙන කටේ තියා ගත්තු
කළු කොටියා තරමක් ඈතින් එනවලු නැන්දා ඉන්න දිහාට. සෝමේ මාම එක පාරට “ඉක්මණට ඔය ගල
උඩට නැග ගනින් ගෑණියේ” කියල කෑ ගැහුවලු. සෝමේ මාමගේ සද්දෙත් එක්ක කොටියා ඉස්සරහට
එන එක නතර කලාලු. නැන්දත් ඉක්මණට ගල් ගෙඩිය උඩට නැග ගත්තට පස්සේ කළු කොටියව හිතේ
හැටියට බලා ගන්න පුළුවන් උනාලු. මේ දෙන්න හිටිය කියල කොටිය පොඩ්ඩක්වත් කලබල උනේ
නැහැ කියලයි සෝමේ මාම කිව්වේ. මම හිතන්නේ සෝමේ මාමල ඉඳල හිටලා කළු කොටියව දැක්කට
දවස ගානේ කිතුල් කපන්න යන සෝමේ මාමලව කළු කොටියනම් හැම තිස්සෙම වගේ දැකල පුරුදු
ඇති කියලයි. ඒ නිසා වෙන්න ඕනේ ඌ මේ මිනිස්සුන්ව දැක්කා කියල කිසි කලබලයක් කරදරයක්
නැතුව මග ඇරලා යන්නේ.
මෙහෙම ටික දවසක් ඒ
ඉසව්වේ හිටපු කළු කොටියා අවට හිටපු ගෝන්නු පස් හය දෙනෙකුක් ඒ වෙද්දී මරාගෙන කාල
තිබුනා. දැන් ආපහු මගේ වාරේ. මම සෝමේ මාමට වහාම මගේ ෆෝන් නොම්බරේ කොලේක ලියල දීලා
කිව්වේ ආපහු කළු කොටියා සතෙක්ව මරපු එකක් දැක්කොත් කාල ඉවර වෙන්න කලින් මට කෝල්
එකක් දෙන්න මම හැකි ඉක්මණින් එන්නම් කියලා. ඒත් සෝමේ මාමගේ උත්තරේ එක්ක මගේ
බලාපොරොත්තුව බිඳිලා ගියා. දැන් සතියකින් දෙකකින් උගේ සද්දේවත් ඇහුනේ නැහැ කොල්ලෝ.
කොහෙද කැලේ අඟලක් අඟලක් ගානේ “වල්ලපට්ට” කපන්න යන එවුන් යනවනේ. ඌ වෙන කොහාටහරි
ගිහිල්ලද කොහෙද කියල කිව්වා.
රා මුට්ටිය හිස් වෙද්දී
දවල් දොළහ විතර වගේ උනා. රා පැහිල මදි නිසාද මන්ද රා වීදුරු තුනක් හතරක් බිව්වා
කියල ඇඟට ලොකුවට දැනුනෙ නැහැ. අපි සෝමේ මාමලාගේ ගෙදර යද්දී මොනවහරි අඩුම කුඩුම
ටිකක් උස්සගෙන යනවා. අපි අපේ වැඩේ අහවරයක් වෙද්දී එදා උදේ යනකොට අරගෙන ගියපු
කුකුල් මස් හොඳට කොච්චි දාල බොහොම රහට හදල රතු කැකුළු බතක් පරිප්පුවක් මැල්ලුමක්
එක රහ කෑම වේලක් හදල මේසෙට වඩම්මලා තිබ්බා. එදා ගිහින් හිටපු අපි හතර පස් දෙනා
මදියි නොකියන්න සප්පායම් වෙලා සෝමේ මාමටයි නැන්දටයි සමු දීල ගෙවල් දොරවල් බලා එන්න
පිටත් උනා.
ඔහොම ගිහින් මටත් තිබ්බ
වැඩත් එක්ක සෝමේ මාමව අවුරුද්දකට වඩා වැඩි කාලයක් මුණ ගැහෙන්නවත් කෝල් එකක්
දෙන්නවත් බැරි උනා. අන්තිමේදී මම අහම්බෙන් වගේ කෝල් එකක් දීපු වෙලාවක සෝමේ මාම
බොහොම පශ්චාත්තාපයෙන් මට කිව්වේ ආපහු කළු කොටියා ආපු බවත් ගෝනුන් තුන් හතර දෙනෙක්
මරාගෙන කාපු බවත් එකෙක් කෑවේ පාර අයිනේ ඇති පිට්ටැන්නක් වැනි තැනක සිට බවත්ය. කෝල්
එකක්වත් දෙන්න විදිහක් උනේ නැති බවත් එයට හේතුව මගේ ෆෝන් නොම්බරය ලියාගත් කොළ
කෑල්ල කොහේදෝ නැති වී ඇති නිසා බවත්ය.
කොහොමහරි ඒ චාන්ස් එකත්
මිස් උනා. ඊට පස්සේ අලුත්ම ආරංචිය ලැබුනේ මම මේ පෝස්ට් එකේ මුල කොටස දාන්න කලින්
ගියපු වතාවේ. ඒ වතාවේ කළු කොටියා කොටිච්චියෙක්වත් සහේට අරගෙන ඇවිත් තිබ්බ කියලයි
ආරංචිය ලැබුනේ. ඌ සාමාන්‍ය පාට කොටියෙක් කියලයි සෝමේ මාම කිව්වේ. මෙතැනදී කළු
කොටියා පිරිමි සතා විදිහට උපකල්පනය කලේ ඌ ප්‍රමාණයෙන් ලොකු බවක් මට දැනගන්න ලැබුන
නිසා.
ඇත්තටම කිව්වොත් මම අපේ
මලයවත් ඇදගෙන 2015 ජුනි 13 වෙනිදා සෝමේ මාමලාගේ ගෙදර ගියේ කළු කොටියව දැක ගන්න
පුළුවන් වෙයි කියන විශ්වාසයක් හිතේ කොණකවත් තියාගෙන නෙමෙයි. මොනවහරි අලුත් ආරංචි
ටිකක් අරගෙන ආවත් ඇති කියන අදහස ඇතුව. කළු කොටියා ආපු ආරංචිය මේ වතාවේ සෝමේ මාම
හරි වෙලාවට දුන්නත් තනියම යන්න කම්මැලි නිසාත් ගමන් සගයෙක් හොයා ගන්න බැරි වෙච්ච
නිසාත් තමයි මාසයක් කිට්ටු වෙන්න ප්‍රමාද උනේ.
අපි තුන්දෙනා සෝමේ මාමගේ
පුංචි පැලේ පිළ වගේ කොටසේ වාඩිවෙලා බෝතලයක් හිස් කරන ගමන් තමයි සෝමේ මාම මේ කතාව
කිව්වේ.
කොටිය ඇවිල්ල කියල අපිට
පණිවිඩේ දීපු ආසන්න දවසක සෝමේ මාම නැන්දත් එක්ක හන්දි එන්න කියල කුකුලත් අතේ අරගෙන
පිටත් වෙලා. ගංගොඩේ මිනිස්සුන්ට ඔය කිලෝමීටර 8 ක් 10 ක් පයින් යනව කියන්නේ මහලොකු
දෙයක් නෙමෙයි. කොහොමත් මෙයාල පහළට යද්දී හැමදාම වගේ යන්නේ පයින්, ආපහු බඩුවක්
මුට්ටුවක් අරගෙන එද්දී තමයි ත්‍රිවිල් එකක එන්නේ.
ගේ ගාව ඉඳල කිලෝමීටරයක්
වගේ යද්දී එක හරියක් තියෙනවා පාරට පස් දාන්න පස් කපපු තැනක්. ඔතන දෙපැත්තේම
තියෙන්නේ කඳු බිත්ති සහ ඊට උඩහින් කැලේ. මේ හරියේදී ඉස්සරහින් ගිහින් තිබ්බේ
නැන්දා. වෙලාව උදේ 06:00 ට වගේ ඇති කියල තමයි කිව්වා සෝමේ මාමට මතක. එක පාරටම දඩස්
ගාල උඩ ඉඳල ලොකු බර පොදියක් පාරට ඇදගෙන වැටිලා.
තඩි ගෝනෙක්ගේ බෙල්ලෙන්
අල්ල ගත්තු කළු කොටියා ගෝනත් එක්කම අඩි 10 ක් විතර පහළට තමන්ගේ ඉස්සරහට වැටෙන හැටි
තමයි ළා එළියෙන් මේ දෙන්න දැකල තියෙන්නේ.
ඒක දැකපු ගමන් නැන්දා
පාර මැද්දේ හිටගෙන ගල් ගැහිලා වගේ ඉන්නවලු. එක පාරටම ඉස්සරහට පැන ගත්තු සෝමේ මාමා
“දුප් වල් ගෙරියා” කියල හයියෙන් කෑ ගහලා. ඊට අමතරව තව කුණුහරප ටිකකුත් කියල
තියෙන්නේ කළු කොටියා රතු පාටට කට ඇරලා ගොරවපු නිසා වෙන්නත් ඇති. මේ කොටියා කළු පාට
උනාට කළුද සාමාන්‍ය පාටද කියලවත් දන්නේ නැති කොටියගේ අම්ම පණ පිටින් හිටියනම් වෙලාවේ
කිඹුහුම් යන්න ඇති කියලයි මට හිතුනේ. ඒත් එක්කම
නැන්දත් කෑ ගහන්න පටන් අරගෙන තිබුනා. දෙන්නගේ සද්දෙට බයවෙච්ච කළු කොටියා
ගෝනව අත ඇරලා පැනල දුවනකල් දෙන්නත් එක්ක කෑ ගෑවලු. ගෝනගේ බෙල්ල අතඇරලා කොටිය
දිව්වට ඒ වෙද්දී ඌ මැරිලා ඉඳල තියෙන්නේ. යන ගමන පැත්තකට දාල කමිසේ ගලවල දාල, සරමත්
කැහැපට ගහගත්තු සෝමේ මාමා නැන්දත් එක්ක එකතුවෙලා ගෝනව ඇදගෙන යන්න හැදුවලු. උගේ බර
වැඩි කමට ඒ දෙන්නට ඌව අදින්න බැරි වෙලා.
පස්සේ දෙන්නත් එක්ක ඊට
තව එහායින් තියෙන පැලකට ගිහින් ඒකෙ හිටපු මනුස්සයට කතා කරල මේ සිද්ධිය කියල
තියෙනවා. කොටියගේ දඩයමක් පැහැර ගත්තා කියල කිව්වට පස්සේ අර මනුස්සය එන්න බෑම කියල.
පස්සේ “තමුසේ බය නැතුව එනවා, අපි දෙන්න එකතුවෙලා කොටියව එලෙව්ව එකේ තමුසේ බය
වෙන්නේ මොකටද” කියල පොඩි ඉන්ජෙක්සොන් එකකුත් ගහල තමයි ඒ මනුස්සයව එක්කගෙන ගිහින්
තිබුනේ.
යන්න ආපු ගමන පැත්තක දාල
නැන්දට ආපහු ගෙදර යන්න කියලා පිටත් කරන අර දෙන්නත් එක්ක ගියාලු ගෝන කුණ ගාවට. ගෝනව
අර කිට්ටුව තිබ්බ ගෙදරට ඇදගෙන ගිහින් මස් කරලා අර මනුස්සයටත් කොටහක් දීලා මස්
තොගයක්ම සෝමේ මාමා ගෙදර ගෙනල්ල තිබුනා. ඊට පස්සේ වැඩ තිබිල තියෙන්නේ ෆෝන් එකට.
පොලිසියේ සහ හන්දියේ දන්න අඳුනන කීපෙ දෙනෙක්ම ඉර මුදුන් වෙන්නත් කලින් සෝමේ
මාමලාගේ පැලට ඇවිත් තිබුනා ගෝන මස් කන්න. ඒ ආපු උදවිය ගෝන මස් කන්න ඕනේ කරන අඩු
වැඩිය හන්දියෙන් අරගෙන ඇවිත් තිබුනා.
දැන් බහිමු කිතුල්
කතාවට. සෝමේ මාමා කැලේ වෙන්කරගෙන ඉන්න කොටහේ කිතුල් ගස් 3,000 ක් විතර තියෙනවා
කියල තමයි සෝමේ මාම කියන්නේ. ඔයින් ගස් 10 ද කොහෙද මල් කපන්න ලයිෂන් දුන්නත්
මිනිහා උපරිම කපන්නේ ගස් හතරයි හරි පහයි ලු, පහුගිය දවස් ටිකේ එහෙමවත් නැහැ. මෙන්න
කිතුල් මල් කපන සෑස්තරේ.
මුලින්ම සුදුසු වයසේ
මලක් තියෙන ගහක් තෝරාගෙන ඒකෙ හැර ගහනවා. හැර කියල කියන්නේ අර රිටි වගේ ලී කිතුල්
ගහට තියලා වැල් වලින් ගැට ගහල තියෙන්නේ ගහට නගින්න පහසු වෙන්න, ආන් ඒක.
හැර ගහන්න ගොඩ වෙලාවට
ගන්නවා කියන්නේ හැඩවක, කන්පෙත්ත, වැලි පියන්නා වගේ ලී වර්ග. හැර බඳින්න කහ වැල්
(වෙනි වැල්), රදලිය, කිරිඳි , මස්කෙඳි, පට්ටික්කා වගේ වැල් වර්ග පාවිච්චි කරනවා.
ඊට පස්සේ මල් දණ්ඩ බුව නැතිවෙනකල් හොඳට පෙරන්ගාල දවස් තුනක් විතර වේලෙන්න අරිනවා.
ඊට පස්සේ හුණු වලට දෙහි ඉස්ම කලවම් කරලා හොඳට මල් දන්ඩේ ගාල බිලී කටු කියන වැල්
වර්ගයේ පට්ට වලින් මල හොඳට වේලනවා. ඔන්න ඕක තමයි ඔය පළාතේ බෙහෙත් බැඳිල්ල.
බඳපොටට අනිවාර්යයෙන්ම
ගන්නේ කිරිඳි වැල්. බඳපොට කියන්නේ සේෆ්ටි බෙල්ට් එකක් වගේ. හැරේ නැගගෙන ඉන්න ගමන්
මල කපද්දී සහ සියළුම වැඩ කෙරෙද්දී උඩ ඉන්න මනුස්සයගේ ජිවිතේ රඳා පවතින්නේ ඔය වැල්
පොටේ.
තෙලිජ්ජ වලට මන්දොර මුල්
හරි පොතු හරි දැම්මම රා වෙන්න නොදී තියා ගන්න පුළුවන්. ඊට පස්සේ ගෙදර ගේන තෙලිජ්ජ
ටික ලොකු භාජන වල දාල උණු කරනවා. ලිප ගාවට වෙලා ලිපට තනි රකින්න උවමනාවක් වෙන්නෙත්
නැහැල්ලු මේක හරියට දැනගත්තට පස්සේ. ලොකු දර කොටයක් දෙකක් ලිපට දැම්මම කොටේ
පත්තුවෙලා ඉතුරු වෙන්නෙත් නැහැ, අඟුරු රස්නෙත් ඇතිලු පැණි උණු කෙරෙන්න.
සාමාන්‍යයෙන් මලක් දවසට
දෙපාරක් කපන්න පුළුවන්. අලුත් මලක්නම් උදේට තෙලිජ්ජ බෝතල් 20 ක් සහ හවසට බෝතල් 15
ක් විතර ගන්නත් පුළුවන්. මීටත් වඩා හොඳ අස්වැන්නක් දවසට තුන් පාරක් මල කපන්න
පුළුවන්නම් ගන්න පුළුවන්. ඒක ඉතිං මහන්සියේ හැටියට තමයි.
සාමාන්‍යයෙන් මාස දෙකක්
විතර එක මලක් කපන්න පුළුවන්. ඔය මාස දෙකේදී එක වාරයක්, දවසක් හරි දෙකක් හරි මොනයම්
හේතුවක් නිසා හරි මල කපන්න බැරි උනොත් වැඩේ කචල්. එක වාරයක් ඒ කියන්නේ අපි හිතමු
අපිට හවස කැපිල්ල මිස් වෙනවා කියලා. එතකොට පහුවෙනිදා උදේ දවල් සහ රෑ විදිහට වැඩි
වාර ගාණක් මල කපලා ආපහු යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන්. කපන්න බැරිවෙන කාල
පරාසය දවසක් වගේ උනොත් ඊළඟ දවස් දෙකක් වගේ කපන වාර ගාන වැඩි කරගෙන මල ගොඩ දා ගන්න
පුළුවන්. දවස් දෙකක් වගේ මිස් උනොත් ගොඩ දා ගන්න තියෙන හැකියාව අවම වෙනවා, සමහර
විට නැති වෙලාම යනවා. කොහොමටත් එක වරුවකට වඩා මිස් උනොත් පළදාව සැළකිය යුතු ප්‍රමාණයකින්
අඩු වෙනවා. ඔහොම වෙලා මලකින් තෙලිජ්ජ වෑහෙන එක නතර උනහම කියන වචනේ තමයි “මල
ගැහෙනවා” කියලා. සමහරු ඕකට “මල ඇරෙනවා” කියලත් කියනවා.
ඔන්න අපි දැන් යමු මේකේ
කමර්ෂල් පැත්තට.
අපි හිතමු අලුත් මල්
නැතුව පරණ මල් තියෙන ගස් පහක මල් පහක් (5) කෙනෙක් කපනවය කියලා. එක ගහකින් හොඳටම
අඩු ප්‍රමාණයක් තෙලිජ්ජ ලැබෙනවය කියලත් හිතමු. ඒ කියන්නේ උදේට බෝතල් 10 ක් විතරයි,
හවසට බෝතල් 5 ක් විතරයි කියලා. එතකොට දවසකට ගස් ඔක්කොගෙන්ම ලැබෙන්නේ බෝතල් 75 යි.
තෙලිජ්ජ බෝතල් පහකින් පැණි බෝතලයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ දවසට පැණි බෝතල් 15
යි. මේ විදිහට මාස දෙකක් මල් කැපුවොත් ගස් ඔක්කොගෙන්ම පැණි බෝතල් 900 ක් ලැබෙනවා.
සෝමේ මාමලාගේ ගෙවල්
කොච්චර කැලේ තිබ්බත් ගෙදරටම ඇවිත් පැණි බෝතලයක් රුපියල් 350/- ගානේ අරගෙන යන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. ඒ
කියන්නේ මාස දෙකේ අවම අදායම රු.315,000/- යි.
ඒ ජෝඩුවට තමන් කපන මල්
වලින් එන තෙලිජ්ජ වලින් පැණි හදාගෙන කැලෙන් අහුල ගන්න දර ටිකක් දාල ලිප අවුලල පැණි
ටික උණු කරගත්ත කියල කිසි පාඩුවක් තියෙනවද. උදේ පාන්දර පිටත් උනාම අට නමය විතර
වෙද්දී ගෙදර, ආපහු හවස තව පැය දෙකක් තුනක් යයි මල් කපන්න. ඔය අතරේ රා පොඩ්ඩක් උනත්
හදාගෙන බොන්නත් බැරි කමක් නැහැනේ.
අපි සෝමේ මාමලාගේ ගෙදර
යද්දී ඔය බඩුමුට්ටු එහෙම ගෙනියන එකට සෝමේ මාමා වැඩිය කැමති නැහැ, පොල් වලට අවුලක්
නැහැ එහෙ පොල් නැති නිසා, එතනින් පස්සේ ඉතින් සීල් වලට කොහොමටත් අවුලකුත් නැහැ.
එදා එද්දී සෝමේ මාම මගෙත් එක්ක කිව්වේ පරණ ජීප් එකක් ගන්න ඕනේ කතාවක්. පරණ
ලෑන්ඩ්රෝවර් එකක් ගන්න හිතාගෙන හිටපු සෝමේ මාමගේ අදහස මම ලත් තැනම ලොප් කරලා
දැම්මා. ඒ පාරට ඒ පැත්තේ ගරාජ් වලට ගැලපෙන්නේ පරණ පොලිස් ජීප්පු, අර පිටි පස්සේ
කැන්වස් එක ගහල තියෙන මිට්සුබිෂි වර්ගයේ ඒවා. ගලින් ගලට පැනගෙන ගෙදරට යන්න තියෙන
පාරත් JCB එකක් ගෙනල්ලා හොඳට කපන්න
තමයි සෝමේ මාමගේ හිතේ තියෙන්නේ. මේ සියල්ල කරන්නේ අවුරුදු 65 ක 70 ක වගේ ධෛර්යවන්ත
මනුස්සයෙක්.
හයි හත්තිය තියෙන පිරිමි
දෙතුන් දෙනෙකුට මේක බිස්නස් එකක් විදිහට කරන්න ලොකු හැකියාවක් තියෙනවා. කොහොමද නිකන්
ඉන්න තරුණ ශරීර කුඩු දෙක තුනක් නිකන් ඉන්න එකේ කැලේ වාඩියක් කාරිය අටෝගෙන ගස්
දහයක පහළොවක විතර මල් කැපුවොත් එහෙම.
ඔන්න ඔය අදහස හිතේ තියාගෙන
සෝමේ මාම අපේ මලයට එදා මෙන්න මෙහෙම කිව්වා. දවසේ පඩි දෙන්න ගහකට නගින්න බයක් හැකක්
නැති, මේ වැඩේ අතරමග දාල යන්නේ නැහැයි කියල විශ්වාස මිනිස්සු දෙන්නෙක් හොයාගෙන
ඇවිත් එක දිගට මාස හයක් හතක් මේ වැඩේ කරපං කොල්ලෝ. මල් හත අටක් මමම හැර ගහලා හදල
දෙන්නම්. පළවෙනි පාර මල් කපලත් දෙන්නම්, ඉන්නකල් කන්න බොන්නත් දෙන්නම්. එහෙම
කරලවත් ගොඩ යන්න බලපන් පිස්සු නට නට ඉන්නේ නැතුව.
ඔය ඔක්කොම කතාවල් අහගෙන ඉඳලා
උදේටත් කාල සෝමේ මාමගෙනුයි නැන්දගෙනුයි සමු අරගෙන අපි දෙන්න පිටත්වෙලා එද්දී
හරිහැටි රස්සාවක් කරන්නේ නැතුව පිස්සු නටන අපේ මළයා ඒ වැඩේට කර ගහන්න කැමැත්තකින් ඉන්න
බවක් තමයි කතාවෙන් තේරුණේ. මම එදා දවල්ම ආපහු කොළඹ ආවා.
පස්සේ ආරංචි කරලා බලද්දී
එහෙම දෙයක් කණට වැටුනද කියලවත් ගාණක් නැතුව අපේ මලයා සුපුරුදු පිස්සු කෙළින ජීවිතේ
පටන් අරගෙන තියෙන බව තමයි මට දැනගන්න ලැබුනේ.
කළු කොටි (leopard) කීපදෙනෙක් කළුතර , ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල සිංහරාජයට මායිම්ව තියන පෙදෙස් වල හා රත්නපුර දිස්ත්‍රික්කය තුල ජීවත් වෙනවා. මේ සතුන් මිනිසුන්ට මුන ගැහෙන්නෙ ඉතා කලාතුරකින්.
ReplyDeleteකලකට පෙර දෙනියායෙදි (මාතර දිස්ත්‍රික්කයේ) හා කහවත්ත(රත්නපුර දිස්ත්‍රික්කයේ) සතුන් ඇල්ලීමට ඇටවු උගුල් වලට අසුවෙලා කළු කොටි දෙන්නෙක් අකාලයේ මියගියා.
මොවුන් වර්ණ වෙනස් වීමක් මිස separate species නෙමෙයි
ලංකාවෙ අනිත් කොයිදේ වගෙම මෙ සතුන් ගේ පැවැත්ම ආරක්ෂාව ගැනත් කිසිම සංවිධානාත්මක වැඩපිළිවලක් නෑ. වෙන රටක මේ වගේ අලංකාර දුර්ලභ සතෙක් හිටිය නං කොයිතරම් උනන්දු වෙනවද ආරක්ෂා කරගන්න.
මේ වගේ සතෙකුට වෙඩි තියන එක ලොකු අපරාධයක්. මොකද මේ සතුන්ගේ බෝවීම ඉතාම සීමිතයි. ඝාතනය කරන සතා ගැහැණු සතෙක් නං ලොකු බලපෑමක් වෙනවා. ඒක හින්දා යම කෙනෙක් ඉන්නවනං මේ ආකාරයට මේ සතුන් මුණගැහෙන ඒ අයව දැණුවත් කරන්න ඕනෑ සතුන් නොමරා ආරක්ෂා වෙන්න.
විශේෂයෙන්ම උන් සැරිසරන පැතිවල සතුන් අල්ලන උගුල් නොඅටවන්න. දිනෙන් දින සිද්ධවෙන වාසස්ථාන සීමා වීම වගේම සතුන් අල්ලන උගුල් තමයි කළු කොටින්ගෙ ප්‍රධාන මාරක වෙලා තියෙන්නෙ.
මිනිස්සුන්ව දැනුවත් කලොත් මිනිස්සු මේ දේවල් වලින් බොහෝ දුරට වැලකෙනවා. තවකාලයක් කළු කොටියා මිහිතලයේ ජීවත් වෙන්න ඒක උදවුවෙයි.
කොටින් අනිත් මාංශ භක්ෂක සතුන්ට වගේම දඩයමක් ලැබෙන්නෙ කලාතුරකින්. මැරුනු කළු කොටි දෙන්නගෙම උදරය හිස්ව තිබිල තියෙන්නෙ.
Deleteඅප්පච්චියේ එහෙනං අර ගෝනව උදුරගත්ත එක මහා පාපකර්මයක්නේ
Deleteමුලින්ම පැණිකු ව සාදරයෙන් පිළි ගන්නවා. ඒ වගේම දීර්ග විස්තරයට ගොඩක් ස්තුතියි.
Deleteමට මතක විදිහට කළු කොටි දෙන්නෙක් නෙමෙයි පහුගිය කාලේ තුන්දෙනෙක් මැරුණා.
///ඒක හින්දා යම කෙනෙක් ඉන්නවනං මේ ආකාරයට මේ සතුන් මුණගැහෙන ඒ අයව දැණුවත් කරන්න ඕනෑ සතුන් නොමරා ආරක්ෂා වෙන්න.///
අපිනම් කැලේ කොලේ යද්දී මුණ ගැහෙන මිනිස්සුන්ව හැකි උපරිමයෙන් දැනුවත් කරනවා. මගෙත් එක්ක ගමේ ඉන්න යාළුවො එහෙමත් දැන් සර්පයෙක් උනත් මරන්නේ නැතුව යන්න අරිනවා මම කියල තියෙන දේවල් නිසා.
අපිට සංවිධාන වශයෙන්ම නෙමෙයි තනි තනිවත් මේ වගේ දැනුවත් කිරීම් කරන්න පුළුවන්.
///මොවුන් වර්ණ වෙනස් වීමක් මිස separate species නෙමෙයි ///
ඒක ඇත්ත. කළු පාට කොටි බිහිවෙන්නේ පරිසරයට අනුගත වීම නිසා කියල මට හිතෙනවා. මොකද වියළි කලාපයේ වගේ නෙමෙයි, තෙත් කලාපයේ දඩයම් කර ගන්න සුදුසු සත්තු ප්‍රමාණයෙන් අඩුයි. සුපුරුදු කහ පාටට වඩා තව අඳුරු පාටක් හමේ තිබුනොත් තව දුරටත් නොපෙනී සතෙක් ලඟට කිට්ටු වෙන්න තියෙන හැකියාව වැඩි කරගන්න පුළුවන් කම නිසා වෙන්න ඕනේ "කළු කොටි" බිහි වෙන්නේ.
ඒක පැහැදිළි වෙන්න තව හේතුවක් තමයි කළු කොටි වාර්තා වෙලා තියෙන සියල්ලම වගේ වාර්තා වෙලා තියෙන්නේ තෙත් කලාපයෙන් වීමත් ඒවා ඝණ වනාන්තර වීමත් නිසා.
///කොටින් අනිත් මාංශ භක්ෂක සතුන්ට වගේම දඩයමක් ලැබෙන්නෙ කලාතුරකින්. මැරුනු කළු කොටි දෙන්නගෙම උදරය හිස්ව තිබිල තියෙන්නෙ.///
කළු කොටි ඉන්න කැලෑ වල දඩයම් කරගන්න සුදුසු සත්තු ඉන්නේ බොහොම සීමිතව. ගෝන්නු එහෙම හිටියත් මහ එළිය තැන්නේ වගේ සුලභව නැහැ.
කැලේ ඉන්න ගෝන්නුන්ව මිනිස්සු දඩයම් කරන නිසා උන්ගේ ගහණයත් අඩුයි, වල් ඌරෝ උනත් දැන් වැඩිපුර ගැවසෙන්නේ ගං ආශ්‍රිතව. හිටියත් කඳු පල්ලම් තියෙන ගස් කොළන් බහුල කැලයක දඩයමක් කරගන්න එක වියළි කලාපේ වගේ පහසු නොවෙන්නත් පුළුවන්.
ඒ නිසා වෙන්න ඕනේ උන් ගං වදින්න ඇවිත් උගුල් වලට අහු වෙන්නේ.
කළු කොටියා ගම්වල ඉන්න බල්ලෝ අල්ලාගෙන කන්න පුරුදුවෙලා ඉන්න නිසා ගම්මු උන්ට "බලුගොව්වා" කියන නමත් කියනවා.
ඔය කියන හේතු එක්ක බැලුවම උන් විශාල ආහාර ගැටළුවකින් පෙළෙන බව පිළිගන්න පුළුවන්.
අටමෝ,
Deleteමිනිස්සු ඔය වගේ දේවල් ලොකුවට හිතුවේ නැති උනාට ඒ වගේ සතෙක්ගේ දඩයමක් උදුරා ගන්නවා කියන්නේ මහ විශාල පාප කර්මයක් තමයි බං...
අටමො මෝඩ කොමෙන්ට් දාන්නෙ නැතුව නූල කැඩිල නං නුලක් අමුණගනිං...
Deleteහා මචං
Deleteකළු කොටියව දැකගන්න් ලැබුනොත් එක භාග්‍යක් මාත් හිතන්නේ, කොටියද දිවියද ? නැත්තම් මේ දෙන්නම එකෙක්ද? මම ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ.
ReplyDeleteකොහම හරි රා මැදීමේ පාඩම නම් ඉගෙන ගත්ත ... හැක
රා කට්ටක් හැම හවසම
Deleteබඩට දාන දාන දවස ලගයි
ටංට ටටං ටංට ටටං
ටංට ටටං ටංට ටටං
කවුරුහරි දන්න කෙනෙක් ඉවාන්ට පැහැදිලි කරන ගමං මටත් පැහැදිලි කරන්ඩ , මාත් දන්නේ නැ . ඉස්සර ඉදන් තියන ප්‍රශ්නයක්
Deleteකොටියා ඇවිල්ලා අර ඉන්දියාවේ ඉන්න මුහුනෙත් ඉරිතියන පොර නේද
අපේ බුවා පුල්ලි තියන අල්ලපු රටේ බුවාට වඩා ටිකක් පොඩි වර්ශන් එක නේද , මුහුනත් අරයගේ තරමට ලොකුත් නැ නේද අරය තරම් සැර පාටකුත් නැනේද
ගෝනා හෙන සයිස් හන්දා මැන් ගෝනට ෂොට් එක දෙන්ඩ විශේෂ ක්‍රමයක් එහෙම පාවිච්චි කරනවද
කළු කොටියා කලුයි කියුවට කළුම නැ නේද , තදම තද දුඹුරු කළු පාට අතරින් ලාවට පුල්ලි සෙට් එක තියනව නේද
ඉවානයෝ,
Delete///මම ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. ///
හරි හරි ඔහොම හිටු කියල දෙන්න.
Sri Lankan leopard කියන ලංකාවේ ඉන්න බළල් පවුලේ මහඑකාගේ විද්‍යාත්මක නාමය Panthera pardus kotiya.
LTTE සංවිධානේ ලාංජනේ ඉන්නෙ ව්‍යාඝ්‍රයා. අපි යම්කිසි වකවානුවක ව්‍යාඝ්‍රයා ලාංජනය වෙච්ච LTTE එකට "කොටි" කියන නම වැරදියට භාවිතා කරන්න පටන් ගන්නවා.
අන්න එතන ඉඳල අපේ මිනිස්සු අපේ රටේ ඉන්න leopard ට දිවියා කියන නම පමණක් භාවිතා කරන්න පුරුදු වෙනවා.
ඊට පෙර මිනිස්සු පොදුවේ ඔය නම් දෙකම පාවිච්චි කරපු බව ජනවහර අනුව තේරුම් ගන්න පුළුවන්.
කෙනෙක් තරහට (සමහර වෙලාවට ආදරේට පවා) "තෝව දීයා කාපිය", "තෝව කොටියා කාලත් මදිනේ මේ කරලා තියෙන වින්නැහියට" ආදී වශයෙන් භාවිතා කරපු බව දැක ගන්න පුළුවන්...
නමුත් ඇත්තටම විද්‍යාත්මක නාමය අනුවත් ලංකාවේ ඉන්නේ "කොටියා". ඉරි ඉරි තියෙන ඉන්දියාවේ, බෙංගාලයේ සයිබීරියාවේ ඉන්න වර්ගය ව්‍යාඝ්‍රයෝ...
ලංකාවේ දිවි වර්ග කීපයක් ඉන්නවා, උන් තමයි කොටියා ඇරෙන්න ලංකාවේ ඉන්න බළල් පවුලේ සාමාජික පිරිස.
අඳුන් දිවියා, කොළ දිවියා සහ බළල් දිවියා කියන සත්තු කොට්ඨාශ.
බළල් පවුලේ සාමාජිකයින්ට පොදු ජන වහරේ දීයා කියන නම භාවිතා කරන අවස්ථා දකින්නත් පුළුවන්.
රා මදින රස්සාව දැනගෙන ඉන්න එක පාඩුවක් වෙන්නේ නැහැ, හෙට අනිද්දා අපිව මේ ප්‍රොජෙක්ට් එකෙන් එළියට දැම්මම ඒකටවත් යන්න බැරියැ.
උඹවත් අලුත් බොස් එලෙව්වොත් එහෙම අපි සෙට්වෙලා කිතුල් මදිමු.
කමියත් එන්න රෙඩි වෙලා ඉන්නේ... ;)
ඔන්න අටමෝ ඉවානයට තොරණේ සම්පුර්ණ විස්තරේම කිව්වා....
Deleteඉන්දියාවේ ඉන්න උන් ඇවිල්ලා ව්‍යාඝ්‍රයෝ...
අපේ බුවා පොඩි උනාට ඌ අපේ රටේ ඉන්න ලොකුම එකා නිසා ඌ කැලෙන් එන තර්ජන නැතුව ඉන්නවා. තර්ජනේ තියෙන්නේ මිනිස්සුන්ගෙන්.
කොටි ඔය හැම සතාගේම වගේ හුස්ම හිර කරලා මරන්නේ, බෙල්ලේ යට පැත්ත හපාගෙන ඉඳලා තමයි දඩයම් කරන සතාගේ හුස්ම හිර කරන්නේ.
එතකොට ගෝනා ලොකුයි කියන එක ඒ තරම් ගැටළුවක් වෙන්නේ නැහැ.
කළු කොටියාගෙත් තද කළු සහ කළු පාට අඩු දුඹුරු වගේ උන් ඉන්නවා මචං. මමත් මේ පෝස්ට් එකට දාන්න ෆොටෝ එක හොයද්දි ඒ වගේ පට්ට වෙනස් වෙනස් උන්ගේ ෆොටෝ දැක්කා. නිකමට වගේ සර්ච් පාරක් දාල බලපන්, මාර ලස්සනයි.
///රා කට්ටක් හැම හවසම
Deleteබඩට දාන දාන දවස ලගයි
ටංට ටටං ටංට ටටං
ටංට ටටං ටංට ටටං///
චඃ... මේක මිස් උනානේ, මිස් වෙච්ච එකම තමයි කාරිය. හරියට ජොනී බට්ටේක්ගේ උඩට කකුල තිබ්බ වගේ දැනුනා මේ "ටංට ටටං ටංට ටටං" කියන අකුරු ටික දැක්කම...
මං මේක ආයේ දාන්නැ බං අර ඇනෝ එපා කියුවනේ
Deleteමොකෙක්ද තෝ... උඹ ඌට එච්චරට බයද බං...
Deleteඑක්කෝ අර කලින් "ටංට ටටං ටංට ටටං" වෙච්ච උන් දෙන්නගෙන් එකක්වත්ද දන්නේ නැහැ ඒ කමෙන්ට් කලේ...
අර මුල් එකාගෙන්නම් ටිකක් ප්‍රවේසම් වෙයන්.
අඩේ මටත් කියහන්.. ගල් රස්සාව එපා වෙලා ඉන්නෙ...
Deleteඅපි මුලින් ටෙස්ට් රන් එකක් දාල බලල උඹටත් කියන්නම්... ;)
Deleteඅඩේ මාවත් අරන් පලෝ...මට සුද්දියන්ට බොඩි මහලා එපාාාාා වෙලා තියෙන්නෙ
Deleteබොඩි මහන එක ඔච්චර එපා වෙන වැඩක්ද බන්, මම හිතුවේ උඹ ඒ ඒ සයිස් හරියට උඹ විසින්ම මැනලා කරලා අරගෙන ඒ රස්සාව කරනවා ඇති කියලා...
Deleteකමක් නැහැ එහෙනම් උඹත් වරෙන්. තව එකෙක් වැඩි උනා කියලා මහලොකු අවුලක් වෙන එකක් නැහැ...
අඩු ගානේ කුඩැල්ලන්ට කන්න තව එකෙක් එකතු උනාම එකෙක්ව කන කුඩැල්ලෝ ගාන හරි අඩු වෙන්නේ නැතෑ... හෙහ් හෙහ්...
මේක ටිකක් කලින් පොස්ට් කරන්න බැරි උනාද? කිතුල් මලේ ආර්ථික වාසිය හරියට ගණනය කර ගන්න බැරිඋනා.. රෑට ගාන හදා ගත්තොත් හෙට අනිද්දා වෙනකොට ඔෆිස් එකේ වෙකන්සියක් එන්නත් බැරි නෑ.. ඔය කිව්වට මාත් බොලාලයේ මල්ලි වගේ තමයි. උනන්දුව ටික දවසයි..
ReplyDeleteඔක්කොමත් හරි ඔය ගස් කොළ පොතු වර්ග වල නම් මතක තියාගෙන ඒවා හොයා ගන්නේකනේ අමාරුම..
Deleteකිරිඳි වැල් නම් නොට් රෙකමන්ඩ්ඩඩ්.. ඔන්ලි ෆුල් බොඩි හානස්.. හැක හැක හැක..
වැඩේ නම් කිසි අවුලක් නෑ වගේ.. මොකද කියන්නේ කොම්පැනියට කුද ගහගන්න කියල හෙට දෙමුද රෙසිග්නේෂන්? විවේක වෙලාවට උබ කොටිය හොයා හොයා ෆොටෝ ගහපන් මං රා කට්ටක් ගහල බ්ලොග් කියවන්නම්.. :p
දවසක් දෙකක් වැඩේ මිස් උනාම ඕන වැඩක් අවුල් වෙනවා.. එකම වෙනස ඒ වගේ වුනාම කියන්නේ අපි කියන්නේ 'මල පනිනවා' කියලා.. හැක හැක..
උඹ හරියන්නේ ඔය රස්සාවටම තමා , කවදාවත් ගහපල්ලේ වැටෙන්නැ සේප්ටිය හන්දා , ඕන අකුලක රිංගත හැකි වලහ හන්දා , වැස්ස පින්න අවුලක් නැ වතුරෙම හිටිය එකා හන්දා .......ඒ විතරක් යැ ....අනිත් උන් උදේ හයට දවල් දොලහට , හවස හයට තුන්වේලට මල කපනකොට උඹට හතරවෙනි කට් එකකුත් දැම්මහැකි , ......හැක ..හැක ....ඇයි ඉතින එක දෙක වෙනකං බුකියේ මල් කඩන එකන ...නිදාගන්ඩ කලින් කිතුල් මල් ටිකකුත් කපලම බුදිය ගං.
Deleteකමි,
Delete///ඔය කිව්වට මාත් බොලාලයේ මල්ලි වගේ තමයි. උනන්දුව ටික දවසයි..///
හැබැයි ඉතින් නොමිළේ රා ලැබෙන එක ඔය උනන්දුව වර්ධනය කරගන්න සුදුසු කාරනාවක් විදිහට සළකන්න බැරි වෙයිද.
අනික සෝමේ මාමට වගේ නොමිලේ වතුර, කරන්ට් එක එහෙමත් ගන්න පුළුවන් ඉසව්වකනම් තවත් උනන්දු වෙන්න පුළුවන් වෙයි නේද.
ඕවා මතක තියා ගන්න දෙයක් නැහැ, පොඩි මැනුවල් එකක් හදමු. එක්කෝ ඕනේ නැහැ, මේකටත් මෙතඩ් ස්ටේට්මන්ට් එකක් ලිව්වනම් හරි.
එතකොට කිසි දෙයක් ඔළුවේ තියා ගන්න ඕනේ නැහැනේ.
///කිරිඳි වැල් නම් නොට් රෙකමන්ඩ්ඩඩ්.. ඔන්ලි ෆුල් බොඩි හානස්.. හැක හැක හැක.. ///
ඕවා ඉතින් අපේ ක්‍රමේට කරමු, ෆුල් බොඩි හානස් එකක් එක්ක සේෆ්ටි බෙල්ට් එකක් දාමු.
///වැඩේ නම් කිසි අවුලක් නෑ වගේ.. මොකද කියන්නේ කොම්පැනියට කුද ගහගන්න කියල හෙට දෙමුද රෙසිග්නේෂන්? විවේක වෙලාවට උබ කොටිය හොයා හොයා ෆොටෝ ගහපන් මං රා කට්ටක් ගහල බ්ලොග් කියවන්නම්.. :p ///
රෙසිග්නේෂන් දෙන්න දෙයක් නැහැ, අද හෙටම අපි ඔක්කොමවත් එක්ක කොම්පැණියම ප්‍රොජෙක්ට් එකෙන් එළියට දාන්න හදන නිසා ඒ කොළ කෑල්ලවත් කොම්පැණියට ඉතුරු කරලා දෙන්න බලමු.
හැබැයි තින් උඹට එහේ ගිහින් බ්ලොග් බලන්නනම් හම්බ වෙන එකක් නැහැ, ෆෝන් එකට සිග්නල් හොයා ගන්නත් ගලක් උඩට නගින්න ඕනේ.
ඩයලොග් TV නම් බලන්න පුළුවන් අවුලක් නැතුව.
මල පනිනවා කියන වචනේ හැදුනේ "මල ඇරෙනවා, මල ගැහෙනවා" කියන වචන වලින්මද දන්නේ නැහැ, නේ... හෙහ් හෙහ්...
කමි,
Delete///ඔය කිව්වට මාත් බොලාලයේ මල්ලි වගේ තමයි. උනන්දුව ටික දවසයි..///
හැබැයි ඉතින් නොමිළේ රා ලැබෙන එක ඔය උනන්දුව වර්ධනය කරගන්න සුදුසු කාරනාවක් විදිහට සළකන්න බැරි වෙයිද.
අනික සෝමේ මාමට වගේ නොමිලේ වතුර, කරන්ට් එක එහෙමත් ගන්න පුළුවන් ඉසව්වකනම් තවත් උනන්දු වෙන්න පුළුවන් වෙයි නේද.
ඕවා මතක තියා ගන්න දෙයක් නැහැ, පොඩි මැනුවල් එකක් හදමු. එක්කෝ ඕනේ නැහැ, මේකටත් මෙතඩ් ස්ටේට්මන්ට් එකක් ලිව්වනම් හරි.
එතකොට කිසි දෙයක් ඔළුවේ තියා ගන්න ඕනේ නැහැනේ.
///කිරිඳි වැල් නම් නොට් රෙකමන්ඩ්ඩඩ්.. ඔන්ලි ෆුල් බොඩි හානස්.. හැක හැක හැක.. ///
ඕවා ඉතින් අපේ ක්‍රමේට කරමු, ෆුල් බොඩි හානස් එකක් එක්ක සේෆ්ටි බෙල්ට් එකක් දාමු.
///වැඩේ නම් කිසි අවුලක් නෑ වගේ.. මොකද කියන්නේ කොම්පැනියට කුද ගහගන්න කියල හෙට දෙමුද රෙසිග්නේෂන්? විවේක වෙලාවට උබ කොටිය හොයා හොයා ෆොටෝ ගහපන් මං රා කට්ටක් ගහල බ්ලොග් කියවන්නම්.. :p ///
රෙසිග්නේෂන් දෙන්න දෙයක් නැහැ, අද හෙටම අපි ඔක්කොමවත් එක්ක කොම්පැණියම ප්‍රොජෙක්ට් එකෙන් එළියට දාන්න හදන නිසා ඒ කොළ කෑල්ලවත් කොම්පැණියට ඉතුරු කරලා දෙන්න බලමු.
හැබැයි තින් උඹට එහේ ගිහින් බ්ලොග් බලන්නනම් හම්බ වෙන එකක් නැහැ, ෆෝන් එකට සිග්නල් හොයා ගන්නත් ගලක් උඩට නගින්න ඕනේ.
ඩයලොග් TV නම් බලන්න පුළුවන් අවුලක් නැතුව.
මල පනිනවා කියන වචනේ හැදුනේ "මල ඇරෙනවා, මල ගැහෙනවා" කියන වචන වලින්මද දන්නේ නැහැ, නේ... හෙහ් හෙහ්...
අටමෝ,
Deleteඔව් ඔව් දැන් අපි මේකට ටෙක්නිකලිම සෙට් වෙන්න හදන්නේ, මොකද රස්සාව ඔන්න මෙන්න තියෙන වෙලාවේ එල්ලෙන්න අලුත් අත්තක් හොයා ගන්නත් එපැයි.
/// ඇයි ඉතින එක දෙක වෙනකං බුකියේ මල් කඩන එකන ...නිදාගන්ඩ කලින් කිතුල් මල් ටිකකුත් කපලම බුදිය ගං.///
යකෝ මේක හැමතැනම කියන්න එපා, කවදාහරි මුගේ නෝනා මහත්තයා මු බුකියේ මල් කඩන බව දැනගන්නේ අපි කාගේහරි බ්ලොග් එකෙකින්ම තමයි. අන්න එදාට ඔය සේෆ්ටි ප්‍රිකෝෂන් වලට මොකද වෙන්නේ කියල බලමු. හෙහ් හෙහ්...
මල් කැඩිල්ල නිසා තව පාරක් මල කපන්න ලැබෙනවා කියන්නේ අමතර වාසියක්නේ මචං, ඒ කියන්නේ මුව බුසිනොස් පාට්නර් විදිහට ගන්න එක පාඩුවක් වෙන්නේ නැහැ...
කිතුල් මල් කැපීම ගැන ඩිප්ලෝමා එකක් කරා වගේ.. NVQ 4 විතර ඉල්ලන්න පුළුවන්.. හැක.හැක..
Deleteමට කොහේ ගියත් පොඩි ලෙඩක් තියෙනවා ප්‍රශ්නයක් දෙකක් අහන්න. ඉතින් මෙන්න ඊලඟ ප්‍රශ්නේ.
දැන් ඔය කිතුල් මල් අවුරුද්ද පුරා වැටෙනවද? නැත්නම් මාස දෙක ඉවර වුනාම තව මාස හතරක් විතර කුලී වැඩ හොයන යන්න වෙයිද ඊලඟ මල වැටෙනකම්.. අතුරු අදායම් මාර්ග එහෙම මොනවද ඕකත් එක්ක සමාන්තරව කරන්න පුළුවන්? මං කියන්නේ හිරේ විලංගුවේ වැටෙන්නේ නැති වැඩ?
පොඩ්ඩක් හොයල බැලුවොත් බ්ලොග් වලින් ප්‍රචාරණයක් දීල කිතුල් පැණි හකුරු හොඳ රා කෑන් එහෙම පිටරට පටවන්නත් බැරි වෙන එකක් නෑ.. ඔය රට ඉන්න බ්ලොග් කාරයෝ ටිකත් එතකොට ගාව ගතහකිනේ..
ෂාහ්.. මාස්ටර් ප්ලෑන් එකක් ගහල බහින්න ඕනි වැඩක් වගේ..
///කිතුල් මල් කැපීම ගැන ඩිප්ලෝමා එකක් කරා වගේ.. NVQ 4 විතර ඉල්ලන්න පුළුවන්.. හැක.හැක.. ///
Deleteමේක ගැන පොතකුත් ලිව්වනම් වැඩේ හරි, PhD එකක් කලා හා සමානයි.
///දැන් ඔය කිතුල් මල් අවුරුද්ද පුරා වැටෙනවද?/// කිතුල් මල් නිකන් කෙහෙල් මල් වගේ තමයි කාලයක් කියල නැහැ. ඒ නිසා ගැටළුවක් වෙන්නේ නැහැ.
///අතුරු අදායම් මාර්ග එහෙම මොනවද ඕකත් එක්ක සමාන්තරව කරන්න පුළුවන්? මං කියන්නේ හිරේ විලංගුවේ වැටෙන්නේ නැති වැඩ? ///
හතු පිපෙන කාලෙට ගෝනි ගණන් ගලවන්න පුළුවන් හතු වර්ග හැදෙනවා. අර කළු පාටට වගේ හුරු හතු ජාතිය. ඊට පස්සේ සුදු පාට අඩියක් දෙකක් වගේ දිග වැල් වගේ හතු ජාතියක් එහෙම හැදෙනවා. සමහර ඒවා කිලෝ එක 1,000/- ක් විතර වෙනවා.
ඊට අමතරව තියෙන දේවල් හිරේ විලංගුවේ නැතත් උසාවියෙන් දඩ කන්න වෙන වැරදි, මෙන්න ඒ ලිස්ට් එක
01. වල්ලපට්ට සෙවීම
02. වෙනිවැල්ගැට කැපීම
බ්ලොග් වලින් ප්‍රචාර දෙන්න ඕනේ නැහැ, සෝමේ මාමලාගෙන් 350/- ට පැණි ගන්න මනුස්සයා ඒවා හොඳට පෙරලා එහෙම බාගේ සහ සම්පුර්ණ බෝතල් වලට දාලා ලේබල් කරලා, හොඳ මුඩි ගහලා ෆුඩ් සිටි වලට එහෙම දානවා. ඒවා විකුණන්නේ අස්ප ගණන් වලට.
බෝතලේ 800/- ට වැඩිද කොහෙද.
ඇත්තටම බැලුවොත් මේක බිස්නස් එකක් විදිහට හොඳට කරන්න පුළුවන් වැඩක්. ඒත් ඉතින් මටනම් කම්මැලියි.
කිතුල් මල් පදම් කරන්න "කැස්පර් ප්‍රතිකාරකය" කියල එකක් කිතුල් සංවර්ධන මණ්ඩලෙන් දෙනව. ඒ ගැන දැනුවත්ද සෝමේ මාමල?
Deleteඒ ගැන දැනුවත් කියන්නේ හොඳටම දැනුවත්, ඒක හොයා ගත්තු එකාගේ මව් පාර්ශවය මතක් කරනවා අපේ පැතිවල ගොඩක් මිනිස්සු...
Deleteඊට වඩා හොඳට මේ මිනිස්සු ස්වභාවික දේවල් වලින් හදන දේ වලින් ගහට හෝ මලට හානියක් නොවෙන විදිහට කිතුල් කර්මාන්තෙ කරනවා.
ඔය කැස්පර් කතාව එන්නේ කලින් තිබ්බ සම්ප්‍රදායික බෙහෙත් කතන්දරේ ගොඩක් සංකීර්ණ නිසා සහ ඒ ලිස්ට් එකේ තිබ්බ සමහර කොළ පොතු වර්ග හොයා ගන්න අපහසු නිසා වෙන්න ඕනේ.
ඊට වඩා කිතුල් මලකට බෙහෙත් බැඳිල්ල හැමෝටම කරන්න බැහැ කියන මතයකුත් සමාජයේ තිබුනා.
නමුත් සෝමේ මාම කරන ප්රතිකර්මය ස්වාභාවිකයි වගේම ඕනේ කෙනෙකුට පහසුවෙන් කරන්නත් පුළුවන්...
ඒ දේ ප්‍රමෝට් කරලා බලමු, මමත් අද ගෙදර ගියාම අල්ලපු ගෙදර එකාට කියල උන්ගේ ගෙදර වැටෙන මලක් හදන්න ඌට අයිඩියා එක දීල බලන්න ඕනේ සාර්ථක අසාර්ථක භාවය කොහොමද කියලා...
ජොබ් එක අතෑරලා ඒකට ගියොත් හොදයි වගේ...මොකෝ කියන්නෙ ලොකු පුතේ
ReplyDeleteහ්ම් හ්ම්...
Deleteදැනටම එකෙක් සෙට්වෙලා ඉන්නවා, තව එකෙක් සෙට් උනාය කියල වැඩි වෙන්නේ නැහැ...
වෙලාවක් කලාවක් බලලම වැඩේ පටන් ගම්මු...
අපේ පැත්තෙ නං තෙලිජ්ජ පැහෙනවට දැම්මෙ හල්පොතු.ඒක නෙවෙයි වැඩේ මට සැට් කරල දෙන්න බැරිද බං.
ReplyDelete///අපේ පැත්තෙ නං තෙලිජ්ජ පැහෙනවට දැම්මෙ හල්පොතු.///
Deleteඒ ඒ පළාත් අනුව සුලබ ගස් වැල් කොටස් මේවා වෙනුවෙන් පාවිච්චි කරන්න ඇති. එහෙම බැලුවම මිනිස්සු කාලයත් අත්දැකීමත් සමග පරිසරයෙන් උකහාගෙන තියෙන දැනුම මොන තරමක්ද කියල හිතා ගන්නවත් බැහැ...
මේ වගේම ඒ පළාතට ආවේනික කෑමක් වෙන "බෙරලිය" හදන හැටි කාගෙන් හරි අහගෙන බ්ලොග් එකේ ලියන්න ඕනේ. අපේ අම්මල පවා බෙරලිය මල් හදන්න දන්නේ නැහැ, ඒ විතරක් නෙමේ මම හිතන්නේ කාලවත් නැතුව ඇති.
මමත් කාල තියෙන්නේ එක වතාවයි, ඒකත් සිංහරාජෙදී.
///ඒක නෙවෙයි වැඩේ මට සැට් කරල දෙන්න බැරිද බං.///
හරි හරි සෙට් වෙමු... දැන් ඔන්න හතරක් හරි, වැඩේට හරියන නියම ගාන...
මේ පැත්තෙ උන් ඕකට බෙහෙත් තොගයක් බඳිනවා ලොකූ. ඒවා ඇහුවාම ඕක එපා වෙනවා. දැන් ඕක හරියට බඳින්න දන් උන් අඩු නිසා වැඩේ කරන්නෙ දෙතු දෙනයි. ඔය ක්‍රමේ කියලා දෙන්න ඕනෙ මුන්ට. දැන් කිතුල් ගසුත් අඩුයි. ඔක නැති වෙනවා කියන්නෙ හරි අපරාදයක් බං.
ReplyDeleteඇත්ත මචං, මමත් කලින් අහල තිබුනේ එක එක පොතු වර්ග කොළ වර්ග හැට හුටා මාරක් කොටලා බෙහෙත් බඳිනවා කියලා.
Deleteමේ ලේසි ක්‍රමේ මමත් මේ ඇහුවමයි.
ඔය කියන මිනිස්සුන්ට මේක ට්‍රයි කරලා බලන්න කියපන්, ඇත්තටම අපරාදේ මේ වගේ සාස්තරයක් නැතිවෙන එක.
පුළුවන්නම් උඹලගේ පැත්තේ එවුන් බඳින බෙහෙත් ලිස්ට් එක මේකේ දාපන්කෝ.
එතකොට ඔය හැමදේම අපිත් දැන ගන්නවනේ...
අහලා බලල අද හෙටම ලියලා දාන්නම්. ඕවා නැති වෙන්න දෙන්න හොඳ නෑ.
Deleteඋඔ දැන් ඔය රා මැදිල්ල නවත්තලා නේද මගෙ ලොකු පුතේ?
ReplyDeleteනියම රා මැදීමේ මැනුවල් එකක්නෙ බං. අම්මපා මේ තේක්ක වවනවට වඩා හොඳයි කිතුල් වැව්වනාං.
///උඔ දැන් ඔය රා මැදිල්ල නවත්තලා නේද මගෙ ලොකු පුතේ?///
Deleteමොන නැවත්තිල්ලක්ද, දැන් තමයි හරියට පටන් ගන්න වෙන්නේ. නිකං නෙමෙයි අමාරුවෙන් හොයා ගත්තු රස්සාවට කෙළ වෙලා ගියාට පස්සේ... ;(
මේ වගේ දේවල් මැනුවල් ගත වෙලා තියෙන එක හොඳයි බං. කවදාහරි මේවා නැතිවෙලා යන්න තියෙන ඉඩ වැඩියි.
තේක්ක වැවිල්ල පැත්තක දාල කිතුල් වවල හරියන්නේ නැහැ, තේක්ක ටික එහෙම්මම තියෙන්න ඇරලා කොහේ හරි කැලේක තියෙන කිතුල් ගස් 10 ට පර්මිට් එක හදා ගනින්.
රක්ෂිතේ තියෙන ගස් වලට පර්මිට් දෙනවා. හැබැයි ඉතින් මොන මොනා හරි කන්ඩිෂන් එහෙම තියෙනවද දන්නේ නැහැ පර්මිට් ගන්න එක සම්බන්ධව.
තේක්ක වැවිල්ල දැන් එච්චර කරන්නේ නැහැ නේද ලොකු.ඔය තේක්ක ගස් වලට පොළවේ තියෙන වතුර,සාරය සැහෙන්න උරා ගන්නවයි කියනවා නේද?අනුරාධපුරේ අපේ අම්මාලාගේ ඉඩම් වල තිබ්බ තේක්ක එහෙම කපලා දැම්මායින් පස්සේ අලුතෙන් තේක්ක පැල දැම්මේ නැහැ තේක්ක තියෙන පොළවේ වෙන වගා හරි යන්නේ නැහැ කියලා.
Deleteතේක්ක වලින් එහෙම බලපෑමක් තියෙන බව මමත් අහල තියෙනවා.
Deleteඊට වැඩිය ලොකු බලපෑමක් තියෙනවා ගිනි කූරු කියන ගස් වර්ගයෙන් සහ දැන් පොල් තෙල් වෙනුවට ගන්න පාම් ඔයිල් හදන්න ගන්න "ඔයිල් පාම්" කියන ගස් වර්ගයෙන්.
ඒ දෙකෙන්ම භූගත ජලය පවා උරාගෙන්න බවත්, වැසි වතුර පොළවට උරා ගන්න කර්තව්‍ය සඳහා නිසි පරිදි දායක නොවීමත් හරහා අදාළ ප්‍රදේශ වල වතුර හිඟ කරවන්න සමත් වෙන බවක් කියවෙනවා.
ගිනි කූරු කියන ගහට සමහරු ඇට්ටෝනියා කියලත් කියනවා.
කොයිකටත් අපි ඒ වගේ වගාවක් කරද්දී පරිසරයට ගැළපෙන නොගැළපෙන බවත් පොඩ්ඩක් හොයල බලනවානම් හොඳයි.
තැනක තියනව පීදෙන්ඩ ලග ගස් හතරක් පහක් , කොරන විදිහත් දැං දන්න එකේ , උබගේ මේ ගණං හිලව් ටිකත් පෙන්නල , මැෂින් හැදිල්ල නවත්තල බාගේට බාගේ කපමුද කියල ටෝකක් දාල බලන්ඩ ඕන
ReplyDeleteඔය කියන වැල් වර්ග ලී වර්ගම ඕනේ නැහැ, උණ ලීයකින් හැර ගහගෙන වැඩේ කරන්න පුළුවන්...
Deleteගණන් හිලව් පෙන්නන්න දෙයක් නැහැ, ඒ ගෙදර එකාට කියහන් හවසට රා බෝතලයක් දෙකක් දෙන්නම් කියලා.
නිකං ඉන්නවට ඒ මදෑ...
එහෙම තමයි අපේ පැත්තේ සමහරු මල් කපන්නේ. ගහ අයිති එකාට රා පොඩ්ඩක් දුන්නම වැඩිත් එක්ක.
අනික මැෂින් හදන එක නතර කරන්නේ මොකටද, උදේ හවහ මල කපපන්, දවල් දවසේ පුරුදු රස්සාව කරපං.
උඹලත් කරන්න හදන්නේ අටුව කඩල පුටුව හදනවා වගේ වැඩමනේ...
ශික්...එන්න ටිකක් පරක්කු වුනා.ඒ ටිකට මුන් ඔක්කොම මල කපන්න සෙට්වෙලා.දැන් ඉතින් මොනවා කරන්නද?මම දානවා ඔය හරියෙන් ඉන්ටර්නෙට් කැෆේඑකක්.බොලාට සිග්නළුත් නැති එකේ සෑහෙන්න බිසිනොස් තියෙයි මට.අවුලකට තියෙන්නේ මේ උගුඩුවෝ සේරම මල්කපන්න ගියාම දවසකට වැඩිමවුනොත් එක හකුරු මුලක් හදයි.අනිත් තෙලිජ්ජ ඔක්කොම රා කරන්න වෙනවනේ උඹලාට බොන්නම.කැෆේ එකේ ගාස්තුව පැයකට රා බෝතලයයි.
ReplyDeleteකලු කොටියනම් මගෙත් ෆේවරිට් සබ්ජෙක්ට් එකක්.කොහොමත් මම කොටියන්ට හෙන ආසයි.ගොඩක්ම ව්‍යාඝ්‍රයාට.උගේ අර කොට්ට වගේ තියන අත් පට්ට.ඉස්සර සර්පයෝ ගැන ඉගනගන්න සත්තු වත්තේ කරක් ගැහුවා ටික කාලයක්.(තරුණ සත්වවේදීන්ගේ සංගමය ).ඒ කාලෙත් සර්පයෝ ඉගනගත්තට වඩා මම කලේ "වලේ" හිටපු එක කොටි දිහා බලාගන.ඔය කොටි රැකගන්න කරන්න තියන එකම වැඩේ ගම්වැසියන් දැනුවත්කරන එක විතරයි.වෙන කිසිමදෙයක් ප්‍රායෝගික නෑ කියලා මටනම් හිතෙන්නේ.
අනේද කියන්නේ... මටත් ඔය කොටි, වලස්සු, අලි කිව්වහම කොට්ටයක් වගේ කියල හිතල දුවගෙන ගිහින් බදාගන්න හිතෙනවා. උන්ගේ කොට්ට අත් ( කොටියෝ, සිංහයෝ, වලස්සු) දැක්කම හරි ආසයි.
Deleteමම මේක කියෝනකොට කල්පනා කලේ, කැලේදී මට ඔය කළු කොටියෙක් හම්බුනොත් දුවන්නේ උගේ පැත්තට, බදාගන්න...! ඌ ආයේ එන්නේ නැහැ ලොවෙත් හෙහ් හෙහ්...
//ඉස්සර සර්පයෝ ගැන ඉගනගන්න සත්තු වත්තේ කරක් ගැහුවා ටික කාලයක්.(තරුණ සත්වවේදීන්ගේ සංගමය )// ඇයි දැන් යන්නේ නැත්තේ? මැදි වයසේ උන්ගේ සත්වවේදීන්ගේ සංගමය වැඩිය ඇක්ටිව් නැද්ද? හැක හැක හැක..
Delete//කැලේදී මට ඔය කළු කොටියෙක් හම්බුනොත් දුවන්නේ උගේ පැත්තට, බදාගන්න...! ඌ ආයේ එන්නේ නැහැ ලොවෙත් හෙහ් හෙහ්...// ඒ කියන්නේ කළු කොටිය කියල නෑ.. හොල්මන් වලට බයයි.. බුදු අම්මෝ.. මෙන්න අපිත් දිව්වෝ.. බුහහහහා..හා..
කසුට්ටෝ,
Deleteඋඹත් ඔය තරුණ මොකක්ද එකේ හිටියද... දැන් ඉතින් සර්පයෝ ගැන ආසාවක් නැද්ද බං.
වලේ ඉන්න ව්යාඝ්රයින්ගෙන් ගොඩක් තද පාට එවුන්ට තමයි මමනම් කැමති...
උඹේ නෙට්කැෆේ අයිඩියා එකත් නරකම නැහැ.
///අවුලකට තියෙන්නේ මේ උගුඩුවෝ සේරම මල්කපන්න ගියාම දවසකට වැඩිමවුනොත් එක හකුරු මුලක් හදයි.///
තෝ හිතුවද මැරෙනකල් බිව්වත් අපි දෙතුන් දෙනාට දවසට රා බෝතල් 75 ක් දවසකට බොන්න පුළුවන් කියලා.
ඔන්න ඩයිනෝසර පැටියෙක් වගේ ඉන්න කසුට්ට එතනට ඇවිල්ල නෙට්කැෆේ එක දාල අපේ උන් බ්ලොග් බලන්නයි මල් කඩන්නයි ගියොත් තමයි අවුල. පැයකට රා බෝතලේ ගානේ තොට දුන්නම රා බෝතල් 24 ක්ම් උඹට යනවනේ. අන්න එතකොටනම් අපිට දවසට හකුරු මුලක් හදන්න තරම තමයි ඉතුරු වෙන්නේ. ඇයි ඉතින් අපිත් බොන්න එපැයි.
යේක පාඩු බිෂිනොස් එක අප්පා...
හකුරු හදන එක ඇත්තටම පාඩුයි බොල, පැණි බෝතල් දෙකක් විතර යනවලු හකුරු මුලක් හදන්න. ලාබයක් ගන්නනම් සීනි පොඩ්ඩක් දාන්නම වෙනවා.
කිලෝ එක 550/- කට වගේ දෙන්න පුළුවන් වෙන්නේ එහෙම හැදුවම තමයි.
උපේක්ෂා,
Deleteතෝ යන්නේ එහෙම නැහැ යාල, විල්පත්තු වගේ පැතිවල. විශේෂයෙන් සත්තු වතු වලට එහෙම යන්නම එපා. එව්වයේ ඉන්න බළල් පවුලේ අසරණ, අහිංසක සත්තු, වලස්සු එහෙම රටෙත් ඉන්නේ නැතුව දුවගෙන යයි උඹ එනවා දැක්කම.
දැනට තියෙන්නේ අලි මිනිස් ගැටුම විතරයි, උඹ නිසා මිනිස්-කොටි, මිනිස්-වලස් ගැටුම් එහෙම ඇති වෙන්නත් පුළුවන් ඔය විදිහට හැසිරෙන්න ගත්තොත්...
මේ එක නෙමෙයි කැලේ යද්දී ඇත්තටම කළු කොටියෙක් හම්බ උනොත් දුවගෙන ගිහින් එක අතකින් හොඳට බදාගෙන මට කෝල් එකක් දීපන් ඉන්න තැන කියලා. මම එන්නම් උගේ ෆොටෝ එකක් ගහගෙන යන්න.
මේ පැත්තෙනං හැර ගහන වැඩේට ගන්නෙ උණ ගස්.
ReplyDeleteහැක් බලාගෙන ගියාම ඒක නියම බිසිනොස් එකක්නෙ. අම්මප කැලේ වාඩියක් ගහගෙන වැඩේ කළාට පාඩු නෑ. හැබැයි ඉතිං අපේ මස්සිනා කාරය කියන විදියටනං වාඩි ජීවිතේ හෙන කට්ටක් කන්න ඕන එකක් කියලයි ආරංචි.
(අර ෆොටෝ එකේ ඉන්න කොටිය දත් මැදල නෑ. :P)
අපේ ගමේ ගන්නෙත් ගොඩ වෙලාවට උණ ගස් තමයි.
Deleteවාඩි ජිවිතේ ලොකු අවුලක් වෙන්නේ කූඩැල්ලෝ ඇලජික් උන්ට තමයි...
සෝමේ මාම කැලේ ඒ කියන්නේ රක්ෂිතේ ඇතුලේ හොරෙන් තමයි ගේ පොඩ්ඩ අටෝගෙන ඉන්නේ, දැන් කොහොමහරි ඒ ඉඩම මිනිහට අයිතියි. ඒ කතාව පස්සේ කියන්නම්.
එහෙම ඉඳගෙන අහල පහළ තියෙන කිතුලක දෙකක මල් කපාගෙන මේ රස්සාව කරද්දී කැලේ වාදී ගහගෙන ඉන්නවට වඩා ලොකු වෙනසක් තියෙනවා.
මැටි ගේ උනාට, නළ ජලය, විදුලිය, ඩයලොග් TV, ටෙලිෆෝන් එහෙම තියෙන නිසා මොන අවුලක්ද.
අනවශ්‍ය සද්දයක් බද්දයක් නැතුව ආතල් එකේ ජීවත් වෙන්න පුළුවන්නේ...
ඌ දත් මැදලා නැතුව විතරක් නෙමෙයි පිස්සු හැදිලා වගේ සෙමත් බේරෙනවා. මම හිතන්නේ ෆයිට් එකක් අතරකදී ගත්තු ෆොටෝ එකක්ද දන්නේ නැහැ.
ඒ සයිට් එකට ගිහින් කියවල බලන්න ඕනේ.
ඔය කලූ කොටියා ඉන්න තෙත් කලාපෙට වඩා මගේ කැමැත්ත ලොකු වියළි කලාපෙට ලොකු.
ReplyDeleteකාලෙකට කලියෙන් ඔය සිංහරාජේ මැද්දෙන් පාරක් කපන්න ගියා මතකද ලොකුට.ඒ වගේ වැඩ වලින් වෙන්නේ පරිසර පද්ධති බිඳ වැටීමක් කියන එක ඔය යෝජනා අරන් එන ලොකු මහත්තුරුන්ට නොතේරන හැටියක්.
මමත් වැඩිය කැමති වියළි කලාපෙට තමයි මචන්, සත්තු එහෙමත් සෑහෙන සුලභයි. ගහක හෙවනක ඉන්නකොට වදින හුළඟත් එක්ක දැනෙන සනීපෙ කියල වැඩක් නැහැ.
Deleteඔය ප්‍රොජෙක්ට් එකට විරුද්ධ අපිත් කෑ ගැහුවා ඒ දවස් වල. නමුත් දැන් මගේ අදහස විවාද සම්පන්නයි.
මුලින්ම මෙන්න මේ ටික ගුගල් මැප් එකේ සැටලයිට් මුඩ් එකෙන් ගිහින් බලපන්;
සිංහරාජයට අයත් බව හොඳටම පේන කොටසේ Rainforest Ecolodge කියල හෝටලය හදල තියෙන්නේ, සුරියකන්දට පහළින් විශාල ප්‍රදේශයක කැලේ කපලා හදපු මොනවද ගොඩනැගිලි පේන්න තියෙනවා.
ඒ වගේම පොතුපිටිය දිහාවෙන් සිංහරාජ මායිම කියල වෙන්වෙලා තියෙන කොටස ඇතුළේ දෙල්ගොඩ ගඟ දෙපැත්තේ ගෙවල් සෑහෙන ප්‍රමාණයක් ගම්මාන විදිහටම හැදිලා. සමහර විට ඒවා පැරණි ගම්මාන වෙන්නත් පුළුවන්.
අන්න ඒ මිනිස්සුන්ට වෙන්න ඕනේ ඔය පාර කපන්න හදන්න ඇත්තේ.
ගුගල් මැප් එකේ ඒ පාර හදන්න හදපු ප්‍රදේශය පොඩ්ඩක් බැලුවම මටනම් පේන්නේ කපන්න හදපු පාරේ විශාල කොටසක් තියෙන්නේ සිංහරාජ මායිමෙන් පිට කියලා.
සමහර විට සම්පුරණ පාරම තියෙන්නේ සිංහරාජ මායිමෙන් පිට වෙන්නත් ඉඩ තියෙනවා (ගම්මාන වශයෙන් ගෙවල් හදල තියෙන කොටස අයිති නැහැ කියල සැළකුවහම)
මම මේ දාන මුල් ලින්ක් එකෙන් කපන්න යෝජනා වෙච්ච පාරේ පටන් ගැන්ම සහ අවසානය ඔළුවේ තියාගෙන ගුගල් මැප් එකේ හොඳට බලපන්. ඒ පාර තියෙන්නේ ගොඩක් දුරට මායිමෙන් එළියේ...
අනිත් එක සිංහරාජ කැලේ එළි කරන්න පුළුවන් උපරිමයම වගේ මේ වෙද්දී මිනිස්සු විසින් එළි කරලා ඉවරයි. දැන් ඉතුරුවෙලා තියෙන්නේ ස්වභාවික හේතු නිසා ඉතුරු වෙච්ච කොටස. ඒ කියන්නේ විශාල කඳු බෑවුම් නිසා එතනින් එහාට එළි කරගෙන යන්න බැරිකම නිසා තමයි මිනිස්සු නතරවෙලා තියෙන්නේ...
මේ ලින්ක් එකෙන් පාර කපන්න තීරණය වෙලා තිබ්බ හැටි බලාගෙන ගුගල් එකට ගිහින් හිතෙන බලන්න පාර හැදෙන්න තිබිල තියෙන හැටි.
http://www.sundaytimes.lk/110731/News/nws_17.html
https://www.google.lk/maps/@6.4318656,80.5869155,13z?hl=en
හරි ලොකු ඔය පාර සිංහරාජෙට පිටින් ගියා කියමුකෝ.එත් බං උඹ හිතනවාද ඕකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ කියලා.විශේෂයෙන්ම ඔය වගේ සංවේදී පරිසර කලාපයකදී.
Deleteවිල්පත්තුව හරහාත් පාරක් කැපුවා නේද මන්නාරමට.මම හිතන්නේ අලුත් පාරක් නෙමේ එක "පරණ විල්පත්තු පාර"තමයි යුද්දෙන් පස්සේ බස් එකක් යන්න තරම්.පස්සේ ඔය බස් වලට අහු වෙලා සත්තු එහෙම මැරිච්ච බවත් වාර්තා උනා වගේ මතකයි ලොකුවෝ.
මේ හරියේ තියෙන්නේ සිංහරාජ බෝඩර් එක වගේ කොටසක්, ඒ වගේම දැනටත් අපි සිංහරාජේ යන ප්‍රධාන පාර වෙන කුඩව පාර යන්නෙත් ඒ වගේම වටපිටාවක. නමුත් කුඩව පාර හරහා සිද්ධ වෙන විශේෂ හානියක් නැහැ වගේ තමයි මට පේන්නේ.
Deleteඅලුත් පාර කැපෙන්නේ එක ගමකට යන්න වීම නිසා ලොකු වාහන ප්‍රමාණයක් යන්නේ නැතිකම හරහා ගැටළු පැන නැගීම අවම වේවි කියල මම හිතනවා.
ඊට වැඩිය හානියක් වෙනවා හරිහැටි මායිම් වෙන් කරලා වැටක්වත් ගහන්නේ නැතුව මිනිස්සුන්ට ඉඩම් අල්ල ගන්න අවස්ථාව සලසලා දෙන එක තුළින්...
ඔය පැතිවල මිනිස්සු කිසි වග විභාගයක් නැතුව කැලේ අල්ල ගන්නවා. දැන් මේ කතාවේ සෝමේ මාමත් කරලා තියෙන එහෙම දෙයක්නේ.
විල්පත්තු කේස් එක සෑහෙන වෙනස් බං, පරණ පාර තියෙද්දී ආපහු වෙනම පාරක් අළුතෙන් කැපුවා. කැත නැතුව මීටර් 100 ක් විතර පළලයි ඒ පාර. මම එතනට ගිහිල්ලත් බැලුවා. එහෙම අලුතෙන් කැලේ කපලා පාර හදන එකෙන්(සම්පුර්ණ කලානම්) ඕනෙනම් කිලෝමීටර පහක හයක දුරේ අඩු වීමක් ලැබෙන්න පුළුවන්. ඒ පොඩි වාසියට වඩා කැලේ කොච්චර වටිනවද.
බොහෝ දුරට ඒක කරන්න ඇත්තේ ඒ අවට තිබ්බ ගස් ටිකට කෙළින්න වෙන්නත් ඇති... අන්තිමට පරිසර සංවිධාන හරහා ඒක නතර උනා.
දැන් පාවිච්චි වෙන්නේ පරණ පාර, ඒක අළුත්වැඩියා කලාද කියන එකනම් මම දන්නේ නැහැ. මොකද මම ගමන් යන්නේ රෑ නිසා කවදාවත් ඒ පාරේ යන්න ලැබිල නැහැ...
ඒකට හේතුව ඉස්සර ඔය පාර හවස 6 ට වැහුවා, නමුත් බොහොම මෑතක ඉඳලා කාල සීමාවක් නැතුව මුළු දවසෙම පාර ඇරලා කියල තමයි ආරංචි. දැන් ගමන් බිමන් යැවෙන්නේ නැති නිසා ඒ යැවුනෙත් නැහැ.
හයට පාර වහන්නේ නැති එකත් සත්තු අහු වෙන්න ලොකු හේතුවක්, මොකද උන් හුරුවෙලා තිබ්බ ක්‍රමේනේ වෙනස් වෙලා තියෙන්නේ.
ඊට අමතරව සත්තු අහුවෙන එක වැඩිපුරම වෙන්නේ අපේ මිනිස්සු වාහන එළවන ක්‍රමේ වරදින් සහ පාලකයින් කෙසේ වෙතත් ඔය පාරවල් ඩිසයින් කරන උන්ගෙත් වරදින්.
උන් සත්තු පාර පනින ප්‍රධාන තැන් ටිකවත් බලලා ඒවායේ සත්තුන්ට පාර මාරු වෙන්න ඉඩක් හදන ක්‍රමවේදයක් හදල නැති එකෙයි වරද...
කිතුල් මැදිල්ල එපාවෙන වැඩක් බං. පොල් නවගේ නෙවේ, පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් කිතුල් ගහ ඉක්මනටම තරහ වෙනව. අපි හදපු හොඳට වෑස්සුන කිතුලක් හුලඟකින් පස්සෙ අවුල් වුනා. කොහොම උනත් කරන්න පුළුවන් කෙනා ගොඩ.
ReplyDeleteකොටියගෙ පින්තූරයක් ඇල්ලුවොත් දාපංකො.
මේක රස්සාවට කරන මේ පැතිවල මිනිස්සුන්ගෙන් ඔය මැසිවිල්ල එනවා මට ඇහිලා නැහැ. අපේ පැතිවල ගොඩක් උන්ට තියෙන ගැටළුව හරියට බෙහෙත් බඳින්න දන්නේ නැතිකම නිසා එන ගැටළු සහ වැහි හින්ද මල් ඇරෙන කේස් එක තමයි.
Deleteඅපේ ගෙදරට එහා ගෙදර කිතුල් ගස් කීපයක් තියෙනවා. ඒ ගෙදර අයියට අයිඩියා එකක් දාල බලන්න ඕනේ මේ ක්‍රමේට බෙහෙත් බැඳලා මලක් හදමු කියලා.
ගමේ ගියාම රා ටිකක් හරි බොන්න බැරියෑ....
බෙහෙත් ඔ්න නෑ බං. අර කැස්පර් ටිකක් දැම්ම නං ගොඩ. විදාතා මධ්‍යස්ථාන වල තියනව. මල මුලින් හාරල දාන්නයි තියෙන්නෙ. මලේ දිග අනුව චාට් එකක් තියනව දාන්න ඕන ප්‍රමාණය. වැඩේ ගොඩ.
Deleteමචං රාජ්,
Deleteඕක දැම්මම සමහර මල් වලින් අසීමිත විදිහට තෙලිජ්ජ එනවා, හැබැයි ඒ මලෙන් පස්සේ ගහ මැරෙනවලු. සමහර ඒවායේ දවසක් දෙකක් හොඳට තෙලිජ්ජ ඇවිත් එක පාරට නතරවෙලා යනවලු.
උඹ කියපු මලටත් මේ බෙහෙත් ගැහුවද, එහෙමනම් ඕක හුළඟ නිසා වෙච්ච දෙයක් නොවෙන්න ලොකු ඉඩක් තියෙනවා...
අපේ පැත්තේ කිසිම මිනිහෙක් දැන් ඔය බෙහෙත් හගන්නේ නැහැ. අහන අහන එකා බනිනවා ඔය බෙහෙතට... ස්වභාවික දේවල් විතරයි පාවිච්චි කරන්නේ...
සෝමෙ මාමල වාසනාවන්ත මිනිස්සු බං... අපි මේ ගත කරන යාන්ත්‍රික ජීවිතත් එක්ක බැලුවම
ReplyDeleteකොටිය කියන්නෙ හරිම අපූරු සතෙක්. අලිය දිහා වගේම කොටිය දිහාත් සෑහෙන වෙලාවක් බලා උන්නැහැකි. උඔ ඔය සදහන් කරන පැත්ත ගැන යාන්තමට හිතා ගත්තහැකි
ඔව් බං... ඒ ජෝඩුව කැලේ ඇතුලේ ඉඳගෙන ගත කරන ජිවිතේ මාත් දකින්නේ වාසනාවක් විදිහට.
Deleteඅපි මොන මගුලක්ද මේ ටවුන් වල හිරවෙලා කරන්නේ.
කොටි දිහා සෑහෙන වෙලාවක් බලන් ඉන්න පුළුවන් උනාට උන් ඉක්මනට මාරු වෙනවනේ. ඒකට අලි.
උන් උන්ගේ පාඩුවේ උන්ගේ වැඩේ කරගෙන ඉන්න නිසා හොඳට උන්ගැන බලන්න පුළුවන්.
ඔව් ඔව්... උඹ ඔය පැත්ත ගැන දන්න මනුස්සය වෙච්චි. මේ පැත්ත නොදැන ඉන්න විදිහක් නැහැ.
කැහො
Deleteදවසක යමුද?
ඔව් මාගේ මතකය මේ අවස්තාවේ දිව යනවා කුලසේන ෆොන්සේකා මහතාගේ "සෝමපුර වීරයෝ" පොතේ සුංගාවිල හරියේදී අර අලියට තට්ටු කරලා ෆොටෝ ගන්න සුදූ කැමරා ඩයල් එක. අලියෙක් ගහල මළා කියල තිබුනේ. ඒ ගැන විස්තර දන්නවා නං කියහන්කෝ. කළු කොටියගේ පින්තූරේ දැක්කම එකත් කොටියව මළපන්නල ගත්ත එකක් වගේ හිතුනේ.... නියම ලිපිය මචං... අපිත් "කැස්පර් ප්‍රතිකාරකය දාල" කිතුල් මලක් ෆෝම් කරගන්න හැදුව.. හරිගියේ නෑ... ආයේ බලන්න ඕන මලක් වැටුනම...
ReplyDeleteමටත් ඔය සුද්දගේ සීන් එක හොඳට මතකයි, ඒත් මිනිහගේ නම මතක් වෙන්නේ නැහැ. මොලේ නියුරෝන ගොඩකට කෙළවෙලා මම හිතන්නේ.
Deleteකළු කොටියා මළ පැනලා ඉන්නේ සමහර විට ෆයිට් එකකදී වෙන්නත් පුළුවන්. කූඩු කරලා ඉන්න සතෙක් නෙමෙයිනම් කැලේ ඉන්න සතෙක්ව ඔය විදිහට කේන්ති ගන්වන එක ටිකක් අමාරු වැඩක් මම හිතන්නේ.
කිතුල් මලක් වැටුනොත් මම මේ පෝස්ට් එකේ දාල තියෙන බෙහෙත(දෙහි යුෂ සහ බුලත් කන හුණු මිශ්‍රණය) ගාලා බලපන්.
සෝමේ මාමලාගේ ගමටම ඒ බෙහෙත හරි යනවනම් උඹට විතරක් වරදින්න විදිහක් නැහැනේ...
ඒ සුද්දගෙ නම එරික් ස්වෝන්. මිනිහ ගැන හොඳ විස්තරයක් ඩී.ඇම්. පරණගම මහත්තයගෙ 'මහවැලි ගඟ දිගේ' පොතේ තියෙනවා. ස්වෝන් මැරුම් කෑවෙ 'විල් අලියෙක්' අතින්. අලි දඩයම් කරපු බේකර්ස්, රොජර්ස් වගේ වල් බලු සුද්දො එක්ක බලද්දි ස්වෝන් වටින මනුස්සයෙක්. සෝමාවතිය අවට 'මීන් විල්ලුව' වගේ විල්ලු වල විල් අලින් බහුලව දැක ගන්නට පුළුවන්. ලංකාවෙන් හම්බවෙන විශාලතම සහ සුන්දරතම අලි තමයි විල් අලි. උන් ලංකාවට ආවේණික උප විශේෂයක්. විද්‍යාත්මක නම Eliphas maximus maximus wilaliya
Deleteමං මේ බ්ලොග් එකට කැමති තව හේතුවක් මේ. පෝස්ට් එක වගේම කමෙන්ට්ස්වලත් කතා කරන්න දෙයක් තියෙනවා.
විස්තර වලට ගොඩක් ස්තුතියි ඩිලෝ.
Deleteමටත් ඔය සැමුවෙල් බේකර්, රොජර් වගේ ගස් බල්ලන්ව පේන්න බැහැ. බේකර් ගේ පොත් වල අකුරු අස්සෙන් මට පේන්නෙම උගේ දුෂ්ඨ කම්.
කිරිබොන වයසේ අලි පැටව් ඉන්න අලි අම්මලාව මරල තිබහට මැරිච්ච අලියාගේ කිරි බීපු පාහරයෙක් තමයි බේකර් කියන්නේ.
ඔය ගැන පෝස්ට් එකක් දැනටම මම ලියල තියෙන්නේ, ඒක පොඩ්ඩක් එහාට මෙහාට කරලා දාන්න ඕනේ.
මගේ ගාව ඔය "මහවැලි ගඟ දිගේ" කියන පොත නැද්ද කොහෙද මචං... ;(
මේ පාර බුක් ෆෙයාර් එකේ හොයල බලන්න ඕනේ...
මහවැලි විල්ලුවේ ඉන්න විල්අලි බලන්න යන්න තාම බැරි උනා. අපි එක්ක වැඩ කරන එකෙක්ගේ ගෙවල් තියෙන්නේ ඒ කිට්ටුවම. නමුත් ඌ ඒ තරම් මනාපයක් දැක්වුවේ නැහැ අපි එහෙ එනවට.
ඌ ගෙදර යන්නෙත් නැති තරම්, ඌ ඒ පලාතට වෛර කරනවා. එහේ මිනිස්සුන්ට ඒ සමාජයට වෛර කරනවා කියලයි මට තේරුනේ.
පොඩි කාලේ ඉඳල ඒ පැත්තේ සෑහෙන කට්ටක් කාපු එකෙක්.
ඌව බලෙන් ඇදගෙන හරි වෙලාවක උන්ගේ ගෙදර ගිහින් විල්අලි එහෙම බලල එන්න යන්න ඕනේ.
මම අහල තියෙනවා මාදුරු ඔය ඉන්න අලිත් සෑහෙන ලොකු සහ ලස්සන අලි කියලා.
උඹ කිව්වා වගේ බ්ලොග් එකක පෝස්ට් එකත් එක්ක කමෙන්ට් වලින් මතුවෙන කතා වල සමහර වෙලාවට පෝස්ට් එකටත් වඩා ලොකු වැදගත් කමක් තියෙනවා.
ඩිලා,
Deleteඩී.ඇම්. පරණගම මහත්තයගෙ ඔය කියන 'මහවැලි ගඟ දිගේ' පොත ගැන විස්තරයක් දියන්කෝ.ප්රකශකයෝ කවුද ?කොහෙන්ද ගන්න පුළුවන් වගේ.
ප්රකාශනය විජේසූරිය වගේ මතක. අද සෑට හරියටම කියන්නම්. මං ගත්තේ අපේ ඔෆිස් එකට පොත් විකුණන්න ආපු බුවාගෙන්. ඒකෙ තියෙන්නෙ මහවැලි ගග දිගේ විවිධ අරමුණු ඔස්සේ යාත්‍රා කරපු උදවියගේ අත්දැකීම්. සමහරු නිල රාජකාරියක් හැටියටත් බහුතරයක් ආතල් එක පිණිසත්, අලි බැලීම, කුරුල්ලන් බැලීම ආදී අරමුණු ඔස්සේත් යාත්‍රා කරල තියෙනවා. පොත හොයා ගන්නම බැරි වුණොත් කියපං. බලලා ආපහු දෙන පොරොන්දුව පිට දෙන්නම්. පොත් මං ගාව ගොඩ ගහගෙන ආඩම්බරේට ඉන්න මං කැමති නෑ. ඇත්තටම කියවන්න ආස එවුන්ට බලලා ආපහු දෙන්න දෙනවා. ඒත් ආයෙ හම්බවෙන්නෙ ටිකයි. ඒත් මං මට්ටු වෙන්නෙ නෑ ආයෙ දෙනවා. හැක්...
Deleteහොයන්න බැරි වුනොත් මම උඹට කියන්නම්.දීපු පොත් නොලැබුණු එව්වා මගෙත් සැහෙන්න තියෙනවා.එත් ඉතින් මොකෙක් හරි කියවනවා ඇතිනේ කියලා හිත හදාගෙන ඉන්නවා.
Deleteඩිල්ශාන්.. ස්තුතියි... එරික් ස්වෝන්.. අන්න හරි... ඇත්තටම ඒ පොත හොයාගෙන කියවන්න ඕන... ඇනොපිලිස් ඔය දේට හොඳ කතාවක් කිව්වා. බ්ලොග් කියවීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ලුණු දෙහි රසය නම්, පොස්ට් එක ලුණු නම් කමෙන්ට් කියන්නෙ දෙහි...
Deleteඔය පොත "පොත් ෆෙයාර්" එකේදී හොයා ගන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ.
Deleteබැරිම උනොත් උඹගේ සහය පතන්නම්.
උඹල කවුරුහරි ගාව තියෙනවද "රාණි රාජපක්ෂ" මහත්මිය පරිවර්ථනය කරපු "ටොම් සෝයර්" පොත.
විජේසුරිය ද කොහෙද පබ්ලිෂර්.
පුළුවන්නම් තියෙන තැනකින් හොයල දීපන් කීයක් දීල හරි ඒ පොත ගන්න ඕනේ...
මට ඒ පොත කියවන්න විතරක් තිබිල මදි, ඒක ළඟ තියා ගන්නමයි හොයන්නේ...
මං කියවලා තියෙන්නෙ චන්ද්‍ර අනගිරත්න මහත්තයා පරිවර්තනය කරපු ටොම් සෝයර්. මට හිතෙන්නෙ මාක් ට්වේන්ගෙ ශෛලියට අනගිරත්න මහත්තයගෙ උත්ප්රාසාත්මක භාෂාවත් කදිමට ගැලපුණා කියල. රාණි රාජපක්ෂ මහත්මියගෙ පොත කියවලා නෑ. උඹ මෙච්චර පාරට්ටු කරන එකේ ඒකත් කියවන්න ලොකු ආසාවක් ආවා.
Deleteඒ පොත කියෙව්වට පස්සේ මම චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ පොත කියෙව්වා. මටනම් අහසයි පොලවයි වගේ දැනුනේ.
Deleteඅදත් ඒ පොත හොයන්න ඇවිද්දා, ලැබුනේ නැහැ. නැති කමට චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ පොත සල්ලි දීල අරගෙන ආවා.
ප්‍රිය රසික ජනයිනි, සමාවුව මැනවි 'මහවැලි ගඟ දිගේ' කෘතියේ ප්‍රකාශකයා විජේසූරිය නොව සරසවිය.
Deleteසුදු ඩයල් එක "එරික් ස්වෝන්". ලංකාවෙ හිටපු දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
Deleteරොජර්ස්, බේකර්, හැරි ස්ටෝරි වගේ දඩයක්කාරයින්ගෙ කාලෙයි ස්වෝන්ගෙ කාලෙයි වෙනස් නේ?
Deleteබේකර්ලගෙ සතුන් massacre ගැන කියවනකොට තරහ යනව තමයි, ඒත් ඒකාලෙ context එක වෙනස් අලි vermin ගාණට හිටිය.
ඔය යුරෝපීය දඩයක්කරුවන් (බේකර්ගෙන් පසු කාලෙ - ස්ටෝරිගෙ කාලෙ) තමන්ගෙ පොත්වල බැනල ලියල තියනව දේශීය දඩයක්කරුවන් නියඟ කාලෙ, සතුන් ගැබ්ගන්න කාලෙ වගේ closed season එකේ දඩයම් කිරීම ගැන.
ඒ කවුරුවත් සාධාරනීකරණය කරන්න කියනව නෙමෙයි. ඒත් අතීතයේ ගොඩක් දේවල් වර්ථමානයේ context එකෙන් judge කරන්න අමාරුයි කියන එකයි මං කියන්න තැත් කරන්නෙ
///ඒ කවුරුවත් සාධාරනීකරණය කරන්න කියනව නෙමෙයි. ඒත් අතීතයේ ගොඩක් දේවල් වර්ථමානයේ context එකෙන් judge කරන්න අමාරුයි කියන එකයි මං කියන්න තැත් කරන්නෙ///
Deleteමුලින්ම මේක පිළිගන්නවයි කියල කියලා ඉන්න එපැයි.
නමුත් මේ සම්බන්ධව මට තියෙන්වා බිත්තරේ නිසාද කිකිළි හැදුනේ, කිකිළි නිසාද බිත්තරේ හැදුනේ වගේ අදහසකුත්,
///බේකර්ලගෙ සතුන් massacre ගැන කියවනකොට තරහ යනව තමයි, ඒත් ඒකාලෙ context එක වෙනස් අලි vermin ගාණට හිටිය. ///
සුද්දා අපිව සිවිලයිස් කරනව කියන එකක් කරන ගමන් උන්ගේ වගා කටයුතු ඉතා අධික වේගයෙන් ව්‍යාප්ත කරපු නිසා නේද අලි, කොටි සහ වලස්සු මරන්න අවශ්‍යතාවක් ඇති උනේ.
කලින් අපේ රටේ මිනිස්සුන්ට ඒ අලි, කොටි එහෙම බරක් වෙලා තිබුනේ නැහැ නේද.
ඊට පෙර මිනිස්සු හිටියේ බොහොම ස්වල්පයක් නිසා ගැටුම් අඩුවෙන් තියෙන්න ඇති කියල මම හිතන්නේ වන සත්තුන්ට ස්වභාවික භුමිය ඇති තරම් පරිභෝජනයට තිබු නිසා...
මිණි කන කොටියෙක් ගැන මෑත ඉතිහාසයේදී පවා අපි අහල තිබුනෙත් පුනානි කොටියා ගැන විතරනේ, නමුත් ඉන්දියාවේ තත්ත්වය කොයි තරම් හයානක වෙලා තිබුනද කියන එක ජිම් කෝබට්, කෙනත් ඇන්ඩර්සන් කියවද්දී තේරෙනවා.
///ඔය යුරෝපීය දඩයක්කරුවන් (බේකර්ගෙන් පසු කාලෙ - ස්ටෝරිගෙ කාලෙ) තමන්ගෙ පොත්වල බැනල ලියල තියනව දේශීය දඩයක්කරුවන් නියඟ කාලෙ, සතුන් ගැබ්ගන්න කාලෙ වගේ closed season එකේ දඩයම් කිරීම ගැන. ///
ඇත්ත... නමුත් එහෙම බැනල තිබුනේ ඔවුන්ට දඩයම් සතුන් හිඟ වේවි කියන බියක් නිසා නෙමෙයිද.
ඔය කියන දඩයක්කරුවන් සතෙක් මරලා(බොහෝ විට ඔවුන් මරන්නේ රැලේ ඉන්න හොඳම ජාන හිමි පිරිමි සතෙක්) උගේ ඔළුව ගෙදර ගිහින් එල්ල ගන්නවා, එහෙම නැත්නම් හම ගහගෙන ගිහින් ගෙදර බිමට දාගෙන ඉන්නවා. ඒකෙන් ඔවුන් ඒ සත්ත්ව ප්‍රජාව සෑහෙන දුර්වල කලා.
මුවන්ගේ ගෝනුන්ගේ අඃ තට්ටු වල දිග අඩු වීම සම්බන්ධ ඔවුන්ගේම වාර්තා මේක සනාත කරනවා.
නමුත් ඉස්සර දුප්පත් දේශීය ජනතාව දඩයම් කලේ කෑමට පමණයි, වගා හානි කරපු සත්තුන්ව නොයෙකුත් ක්‍රම වලින් එළවලා දැම්මා.
නමුත් සුද්දන් හරහා එකවර පැමිණි වෙළඳාම ක්‍රම සහ අවි ආයුධ නිසා අපේ මිනිස්සුත් (බහුතරයක් මුස්ලිම් මිනිස්සුත් ඇතුළුව) දඩයම් හරහා මුදල් හොයන්න පටන් ගත්තා.
එහෙම සිවිලයිස් වෙන්න කලින් අපේ මිනිස්සු අතින් මේ තරම් හානියක් වන සතුන්ට සිද්ධ උනේ නැහැ.
ඒ සිවිලයිස් කිරීම හරහා අදටත් අපේ මිනිස්සු කිසි වග විභාගයක් නැතුව, කාලයක් මිම්මක් නැතුව සතුන් මරනවා... මේ හොඳ උදාහරණයක්,
ජන්දේ දවසට කලින් දවසේ අපේ ගමට ටිකක් මෙහා ගමක කොල්ලෙක් මට කියනවා "අපරාදේ මහත්තයෝ, ඊයේ ආවනම් අර දිවිය කියන්නේ, අන්න උගේ මස් ටිකක් කන්න තිබ්බා කියලා. මාර රහයි කියලත් කියලා මගෙන් හොඳට අහ ගත්තා.
ඇත්තටම ඌ නෙමෙයි කොටියව දඩයම් කරලා තිබ්බේ. උගේ යාළුවො වගයක්.
මම වැඩේ හාර ඇවිස්සුවට පස්සේ ඌ මට කියනවා, ඒ කොල්ලෝ ටික ඌවම මරන්න හිතාගෙන නෙමෙයි වෙන්න ඇති දඩයම් කරන්න ඇත්තේ.
සමහර විට මන්දකට හරි බැඳපු තුවක්කුවකට හරි වෙන්න ඇතිලු අහු වෙන්න ඇත්තේ කියලා...
සෝමේ මාමා කර්මාන්තය සහ වෙළඳපොල හඳුනාගෙන කටයුතු කරන බව පෙනෙනවා. කිතුල් ගස් 3000 ක් කියන්නේ මිලකළ නොහැකි සම්පතක්. මේ සඳහා සංගමයක් පිහිටුවාගෙන කර්මාන්තය දියුණු කරගතහොත් මුළු ගමකටම දියුනුව ලැබෙනවා.
ReplyDeleteකළු කොටියාගේ පින්තූරයක් ගැනීම විශේෂ ව්‍යාපෘතියක් ලෙස දියත් කරන්න වෙයි. සාමාන්‍යයෙන් ඔබේ නිවසේ සිට සෝමේ මාමලාගේ දිහාවට යන්න කොච්චර වෙලා යනවද? කොටියා දැක්කා කියලා කෝල් එකක් දුන්නට වැඩක් වෙයිද?
ඒ කිතුල් ගස් 3000 තියෙන්නේ සෝමේ මාමා කැලේ ඇතුලේ වෙන් කරගෙන ඉන්න තමන්ගේ සීමාවේ විතරයි. ඒ අවට තියෙන්නේ ගෙවල් හතක අටක් විතරයි. එකෙනුත් කිතුල් රස්සාව හැමෝම කරන්නෙත් නැහැනේ.
Deleteඒ නිසා කිතුල් මදින කීප දෙනාට ඔය වගේ ගස් විශාල ප්‍රමාණයක් තියෙන වපසරියකට නොනිළ අයිතියක් කියන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා.
ඒ මිනිස්සු හැම දෙනාම වගේ හොඳ සැපවත් ජීවිත ගත කරන බව තමයි මටනම් පෙනුනේ.
දැන් මම ඉන්නේ ගෙදර නෙමෙයි, කොළඹ. හදිස්සියේ ඌ ආව කියල කෝල් එකක් ඈවිත් එහේ යන්න ගියත් අඩුම ගානේ පැය හතර පහක් යනවා එහාට යන්න.
ඒත් ඌ ගෝනෙක් වගේ ලොකු සතෙක් මරා ගත්තු වෙලාවක පණිවිඩේ ලැබුනොත් ගැටළුවක් නැහැ. එහෙම සතෙක්ව කන්න උන් දවස් දෙකක් හෝ තුනක් විතර ගත කරනවා. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්.
නමුත් වඩා පහසු විදිහ ඌ යන එන බව සැක කරන්න පුළුවන් පාරවල් වල ඉබේ වැඩ කරන කැමරා හයි කරන එක.
දැනට මගේ හිතේ තියෙන්නේ එහෙම අදහසක්.
නමුත් එහෙම ගන්න ෆොටෝ වල තත්ත්වය ඒ තරම් හොඳ නැහැ, ඒත් ඉතින් පණ පිටින් ඉන්න කළු කොටියෙක්ගේ ෆොටෝ එකක් මේ වෙද්දී කවුරුවත් ගහල නැති නිසා එහෙම ෆොටෝ එකක් උනත් සෑහෙන වටිනවා.
ඊටත් වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා, ඒක තමයි ඌ ඒ අවට ඉන්න බවට නිවැරදි තොරතුරු ලැබුන වෙලාවක මොකෙක්හරි සතෙක්ව ඇමට බැඳලා ඌ ඒ සතාව දඩයම් කලාට පස්සේ ෆොටෝ ගහන්න අවස්ථාවක් ලබා ගන්න එක.
නමුත් ඒ අදහසේ අපිට සහ අපේ ක්‍රමේට පොඩි නොගැලපෙන ගතියක් තියෙනවා.
සතෙක් මරලා ඇමට දාන්න අවශ්‍ය නැහැ. ෆ්‍රීස් කරපු කුකුල්ලු දෙන්නෙක් තුන්දෙනෙක් ගෙනිහින් කැලේ පුරා ගඳ විසිරෙන්න පුච්චලා කම්බියක ගැට ගහලා තියන්න.
Deleteඒ අදහසත් නරක නැහැ,
Deleteසහායක ඩැනී කෙනෙකුත් හොයාගෙන ගිහින් මේ ක්‍රමේට ට්‍රයි එකක් දුන්නට පාඩුවක් වෙන එකක් නැහැ...
ඔත්තුවට තුති විචා...
මම ගිය පාර උඹේපෝස්ට් එකේ ඔය කතානායකයට ත්‍රී වීල් වල යන්න ආදායමක් තියෙනවද කියලා අහපු ප්‍රශ්ණයට උඹ නිසි පිළිතුරු දීලා තියෙනවා. ඇත්තෙන්ම අපි මොනවද බං හම්බකරන්නෙ. මේකනේ රස්සාව!
ReplyDeleteකලු කොටි ගැන කතාකරන්න අනිත් බුවා තමයි ගාමිණී සමරකෝන්. මේ දවස්වල හෙන බිසි.
ඒ මිනිස්සුන්ට ඔයිටත් වඩා ඒවයෙන් හම්බු කරන්න පුළුවන් ඕක බිස්නස් එකක් විදිහට මිනිස්සු දැම්මල හරියට කරනවානම්.
Deleteනමුත් ඒ මිනිස්සු අවශ්‍යතාවයට වඩා හොයන්න යන්නේ නැහැ.
ජිවිතේ ගොඩක් සංකීර්ණ කර ගන්නවට වඩා එක අතකින් ඒකත් හොඳයි.
සෝමේ මාම ගත්තොත් දවල් දවසම ගෙදරට වෙලා නැන්දත් එක්ක "Animal Planet", "National Geographic" වගේ සත්තු හරි පරිසරය සම්බන්ධ වැඩසටහන් බලා කියාගෙන දැහැමෙන් සෙමෙන් ඉන්නවා.
මේ වෙද්දී ගාමිණි අයියා බ්ලොග් අත ඇරලම දාල නේද ඉන්නේ...
ඒ මනුස්සයෙග් අත්දැකීම් බ්ලොග් වලින් නැතත් පොත් විදිහට හරි එළි දක්වනවනම් මාර වටිනවා.
ගාමිණිගෙ පොත් කීපයක්ම තියෙනවා. ඒවා බ්ලොග් ලියන්නත් කලින් ලියපුවා. බ්ලොග් එකට ගිහින් බලාපං.
Deleteබ්ලොග් ගැන දැන ගන්නත් කලින්ම මම ඒ පොත් අර ගත්තා. මම ඉතින් කැලේ කොලේ සිද්ධි ලියවිච්ච පොත් එකක් නෑර ගන්න මනුස්පයෙක්නේ. හෙහ් හෙහ්...
Deleteගාමිණි අයියා බ්ලොග් එක අතඇරලා දාපු එක හරි පාඩුවක්. උන්දැගෙ පොතක් ගැන මම පොත් කියවන අය ගෲප් එකේ රිවිව් එකකුත් ලිව්වා.
Deletehttps://www.facebook.com/groups/sinhalareaders/818651421544360/?notif_t=like
අපේ ඩූඩයියා ගැනත් ඒ පොතේ තියෙනවා... හැක්
මේ ඒකෙ ගාමිණි අයියා දාල තිබ්බ කමෙන්ට් එක,
Delete///මලේ, ඒ අගය කිරීම මට ලොකූ සතුටක්. මම ලබාපු අත් දැකීම් තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්න එක ලොකු පිනක් කියලත් හිතෙනවා. තමන් වෙනුවෙන් හඬක් නගන්න බැරි වන ජීවීන් වෙනුවෙන් යමක් ලියන්න ලැබීමත් වාසනාවක් ...///
ඩුඩ්ඩා ගැන කියල තියෙනවය කියල කිව්වේ මේ "තමන් වෙනුවෙන් හඬක් නගන්න බැරි වන ජීවීන්" කියල ලියල තියෙන එකටද... හෙහ් හෙහ්...
ඔව් බං වල් උං වන අපි වෙනුවෙනුත් හඬක් නගන්න එපායැ. ඒ පොතේ තියෙන අර අලියා පන්නපු අත්දැකීම ගැන මමත් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා ඉස්සර.
Deleteගාමිණී ඇත්තෙන්ම මගෙ හොඳම යාලුවෙක්. ඌ මට වඩා තරමක් සීනියර් වුනාට අපි එක ඉස්කෝලෙට ගියේ. නිවාඩුවට ලංකාවට ගියාම මම අනිවාර්යයෙන් යන තැනක් තමයි එහෙ මෙහෙ දුවන ගමන් හරි.
ගාමිණියට වැඩ අධික කාලයක් වුනා මේක. රාජකාරිමය වශයෙන් වගේම දරුවෝ දෙන්නගේ විවාහ වගේ දේවල් නිසාම. ඒ එක්කම ලියවිල්ල ගැන යම් කළකිරීමකුත් තියෙනවද කියලා මට වෙලාවකට හිතෙනවා.
ඒ කොයිහැටි වෙතත් ගාමිණී අංක එකේ චිත්‍රශිල්පියෙක්, ලේඛකයෙක් වගේම තත්වයෙන් ඔලුව උදුම්මවා නොගත්ත, උණුවෙන හිතක් ඇති මහත්මයෙක් කියලා නම් මට සැක නැතුව කියන්න පුලුවන්.
උඹල දෙන්න යාළුවො කියල මම දැනගෙන හිටියේ නැහැ. මම රට ඉන්න කාලේ ගාමිණි අයිය එක්ක මේල් වලින්ද කමෙන්ට් වලින්ම මන්දා සෑහෙන අදහස් හුවමාරු කර ගත්තා.
Deleteමම ගිරිතලේ පැත්තේ යන්න හිතාගෙන හිටියට යන්න බැරි උනා.
දැන් ගමන් බිමන් යැවෙන්නෙම නැති තරම්. ඒ නිසා එහෙ යවෙයිද කියල ෂුවර් නැහැ. නැත්තන් ගාමිණි අයියව හම්බ වෙන්න ලොකු කැමැත්තක් හිතේ තියෙනවා.
ලොකූ, උඹලගෙ මල්ලිට තිබ්බ චාන්ස් එක මට තිබ්බනම් සෝමෙ මාම වගේ කැලේට වෙලා ඉන්නව. ඇත්තටම මම ඔය තැනට යන්න පුදුම ආසාවකින් ඉන්නෙ.
ReplyDeleteලොක්කයි , කල්‍යාණයි පැණි කර්මාන්තෙ පටන් ගත්තොත් කියපල්ල මමත් පොල් ගෙඩි ටිකකුයි ,කුකුළු මසුයි ගල් අරක්කුයි අරන් එන්නම්.
ඌ නැතිකර ගත්තු චාන්ස් ගැන කිව්වොත් කෑ ගැහෙනවා.
Deleteතාත්ත අම්ම එක්ක එකතුවෙලා අවුරුදු 30 ක් තිස්සේ කට්ට කාල කට්ට කාල ගොඩ නගපු බිස්නස් එක තාත්ත නැති වෙද්දී හොඳම මට්ටමේ තිබ්බේ. EPF ගෙවන සේවකයෝ 10 ක් විතර හිටියා, නොගෙවන අය තව 5 ක් 6 ක් වගේ හිටියා. කළුතර දිස්ත්‍රික්කය සහ දකුණු පළාතේ පැතිරිච්ච ඩිලිවරි ජාලයක් තිබ්බා.
තාත්ත නැතිවෙලා අවුරුදු 4 ක් වගේ යද්දී ඒ සියල්ල ඉවරයි, අම්ම බිස්නස් කිරීම මල්ලිට බාර දීලා එයා production පැත්ත විතරක් බැලුවා. කළින් තාත්ත ඉන්න කාලෙත් අම්ම කලේ ඒ කොටස.
වැඩපොලෙන් එළියට බඩු කොච්චරක් යනවද, ඒවායෙන් කොච්චරක් විකිණිලා සල්ලි වෙනවද, එහෙම සල්ලි වෙන ඔක්කොම සල්ලි ආපහු අම්මගේ අතට ලැබෙනවද. මේ කිසි දෙයක් බැලුවේ නැහැ.
කොටින්ම කොළඹ ඇවිත් ගන්න බඩු මුට්ටු සහ අනෙක් වියදං ඇරලා බැලුවම ඒ ගණන් වලට බඩු විකුණන එකෙන් පලක් තියෙනවද. මෙන්න මේ කිසි දෙයක් බැලලත් නැහැ. මම ඒ කාලේ කැම්පස්, මටත් ඕවා හොයන්න වෙලාවක් තිබ්බේ නැහැ.
අන්තිමට වැඩපොළ වහලා දැම්මා...
අද වෙද්දී අපේ ට්‍රාන්ස්පෝට් කැපුනා, බලමු හෙට වෙද්දී එළියට වැටුනොත් අනිවා මමත් යනවා සෝමේ මාමා ඉන්න දිහාට... හෙහ් හෙහ්...
///ලොක්කයි , කල්‍යාණයි පැණි කර්මාන්තෙ පටන් ගත්තොත් කියපල්ල මමත් පොල් ගෙඩි ටිකකුයි ,කුකුළු මසුයි ගල් අරක්කුයි අරන් එන්නම්.///
එළ එළ වරෙන්, බ්ලොග් එකේදී "ගල්" කියල කිව්වට එද්දී වෙන මොනාහරි බොන්න පුළුවන් එකක් ගේපිය,
නැත්නම් තෝව කළු කොටියගේ ෆොටෝ එකක් ගහන්න කන්න දාන ඇමක් විදිහට පාවිච්චි කරනවා...
කම්මලයා තෝ මාව දාලා ගියොත් ලබන ආත්මේ කලු කොටියෙක් වෙලා කනවා..
Deleteමාත් එනවා
මෙන්න ජොබ්, මේවා දාලා ඇවිත් සෙට් වෙන්න හිතෙනවා..
ReplyDeleteඅපි මේක කරලා බලල කියනකල් ඔය රස්සාවම කරගෙන හිටපං...
Deleteහදිස්සියෙවත් පැණි මිළ බැස්සොත් එහෙම...
ලොකු පුතේ, ඩූඩා මට ලිංකුව එවලා පෝස්ට් එක එක හුස්මට කියෙව්වා. කියවලා ඉවරවෙනකොට මට රා වීදුරු තුන හතරක් ඇදලා දැම්මා වගේ ආතල් එකක් දැනුනා. රා මැදීම ගැන මේ වගේ විස්තරාත්මක තොරතුරු මම දැනගෙන හිටියෙ නෑ.
ReplyDeleteකාලෙකට ඉස්සර කලු කොටියෙක් මන්දකට අහුවෙලා මැරිලා ඉඳලා අපේ එවුන්ට ලැබිලා, මම ගිරිතලේ ඉන්දෙද්දි එහාට අරගෙන ආවා. මගේ බ්ලොග් එකේ ලියලා තියෙන්නේ ඌ ගැන. http://gaminievijith.blogspot.com/2012/05/18.html
කොළඹට ආවට පස්සේ බ්ලොග් එක පාලුවට ගියා. පැන්ෂන් ගිහිල්ලා ආයෙත් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.
ජයවේවා ...!
ගාමිණි අයියේ, කල්ප කාලෙකින් බ්ලොග් එකක උඹේ කමෙන්ට් එකක් දැක්කාම දැනිච්ච සංතෝසේ...
Deleteඅනේ ඉක්මණට පැන්ෂන් පලයං දෙයියනේ..
ගොඩක් සතුටුයි ගාමිණි අයියේ කාලෙකින් දැකගන්න ලැබිච්ච එකට.
Deleteකිතුල් කර්මාන්තෙ ගැන විස්තර හොයලා බ්ලොග් එකේ දාන්න මට හිතුනේ සෝමේ මාම අපිට ඒ ගැන විස්තර කලාට පස්සෙයි.
ඒ සම්බන්ධව මීට අමතරවත් කරුණු ඇති කියල මම හිතනවා.
තව විස්තර ලැබුනොත් බ්ලොග් එකේම දාන්නම්. ගාමිණි අයිය කිව්වා වගේ මේ ගැන මේ තරමක් විස්තර මමත් දැනගෙන හිටියේ නැහැ ඒ ගැන උනන්දු වෙලා සෝමේ මාමාගෙන් විස්තර අහල දැන ගන්නකම්.
ගාමිණි අයිය කියන කළු කොටියට අමතරව තව දෙන්නෙක් උගුල් වලට අහුවෙලා මැරුණ බවක් තමයි මට මතක.
මේ ලින්ක් එකේ තියෙන ලිපිය මම කලින් පෝස්ට් එකේදී ෂෙයාර් කලා වැඩිදුර විස්තර බලන්න කැමති අයට බලන්න.
හැකි ඉක්මණට බ්ලොග් එකට පණ දෙන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
ජය වේවා...!
ගාමිණී අයියගේ කමෙන්ට් එකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඩුඩ්ඩට. තෑන්ක්ස් ඩුඩ්ඩො... :)
මම කොළඹ විශ්ව විද්‍යාලයෙ විද්‍යාපති (M.Phill.) උපාධිය හදාරනවා. නිබන්ධන මාතෘකාව "ශ්‍රී ලංකාවේ විවිධ සත්ව ගහණයන් තුල ඇලි සතුන් සහ වෙනස් වර්ණ ප්රභේදයන් ඇති වීමේ සම්භාවිතාව (Possibility of occurring albinism and different color morphs in different species in Sri Lanka)". මට මේ කලු දිවියා ගැන තව තොරතුරු ටිකක් දැන ගන්න පුලුවන් නම් වැදගත් වෙයි. මට ඔබතුමාගෙ email ලිපිනය හරි දුරකතන අංකය හරි ලබාගන්න පුලුවන්ද.
ReplyDeleteමුළින්ම ඔබව සාදරයෙන් පිළි ගන්නවා සහ කමෙන්ට් එකට ස්තුතියි. මගේ ෆෝන් නම්බර් එක 077-2251070.
Deleteඇමතුමක් දෙන්න, හැකි අයුරකින් සහයක් දෙන්නම්.
ස්තුතියි උදව්වට. කලු කොටි ගැන උනන්දු කස්ටිය මේ පිටුවෙ ඉන්න නිසා මම මෙතෙක් හොයාගෙන තියෙන විස්තර ටිකක් කියන්නම්. ලංකාවෙ කලු දිවියන් ගැන සහතික කරපු වාර්තා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට විතර. එයිනුත් 90%කට වඩා තෙත් කලාපයෙන්, එකක් විතරක් හෝර්ටන් තැන්නෙන්. දෙකක් ශ්‍රීපාද අඩවියෙන්. අනිත්වා ඔක්කොම සිංහරාජ වනාන්තරයෙන්
ReplyDeleteකලු දිවියන් හරියටම කිව්වොත් පැන්තරයන් බිහිවෙන්නෙ ආසියාව හා අප්‍රිකාව පුරා හමුවන දිවියන් ඒ කියන්නෙ විද්‍යාත්මකව Panthera pardus ලෙස හැඳින්වෙන විශේෂයෙන් සහ මධ්‍යම හා දකුණු ඇමරිකාව පුරා හමුවන ජගුවරයන් (විද්‍යාත්මකව - Panthera onca)අතරින් විතරයි. දිවියන්ගෙ ද්විත්ව නිලීනයන් තමයි කලු පැහැ ගන්නෙ. (වෙනත් විශේෂ වල ද්විත්ව නිලීනයන් කියන්නෙ ඇලි සතුන් උනත් ද්විත්ව නිලීන දිවියන් කලු පැහැ ගන්නවා.) නමුත් ජගුවරයන් අතරින් ප්රමුඛ ජාන තියෙන සතුන් තමයි කලු පැහැ ගන්නෙ. සාමාන්‍යයෙන් ඕනෑම සත්ව ගහණයක ප්රමුඛ ජාන තියෙන සතුන් සංඛ්‍යාත්මකව වැඩියි. ඒ නිසා කලු ජගුවරයන් සංඛ්‍යාව සාපේක්ශව ප්‍රමාණයෙන් වැඩියි
ලංකාවෙ කලු දිවියන් දුර්ලභ උනාට මලයාසියාවෙන් ගොඩාක් වාර්තා තියෙනවා (සාමාන්‍යයෙන් මුලු ගහණයෙන් 30%ක් විතර ). නමුත් ඉන්දියාවෙත් ලංකාවෙත් තියෙන වාර්තා ප්‍රමාණය 1%කටත් අඩුයි
ලංකාවෙ මුලින්ම කලු දිවියෙක් ගැන ලිඛිත සාක්ෂි හමුවෙන්නෙ රොබට් නොක්ස් ගෙ “An Historical Relation of the Island Ceylon” (එදා හෙළදිව) පොතෙන්. ඒකෙ කියවෙන හැටියට දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ සත්ව එකතුවෙ කලු දිවියෙක් ඉඳලා තියෙනවා. ඊලඟට W. W. A. Phillipsගෙ “Manual of the mammals of Sri Lanka”පොත ලියන කාලෙදි (1920-25 විතර) හෝර්ටන් තැන්න ආශ්‍රිතව කලු දිවියෙක් ජීවත් වෙලා තියෙනවා.
ලංකාවෙ වියලි කලාපයෙන් ලැබෙන එකම සහතික කල වාර්තාව තියෙන්නෙ 1970-80 කාලෙදි ඉඟිනියාගල වනාන්තරය ආශ්‍රිතව. වාර්තා කරල තියෙන්නෙ වනජීවී දෙපාර්තමේන්තුවෙ හිටපු කීර්තිමත් සහකාර අධ්‍යක්ශකවරයෙක් උන එඩ්මන් විල්සන් මහත්මයා
ඉන් අනතුරුව මෑත කාලය ගත්තොත් 1997 දිත් 2004 දිත් ශ්‍රීපාද අඩවිය ඉහළ කොටසේ (මලුවට කිට්ටුව) කලු දිවියන් දෙදෙනෙකු සැරිසරනවා කීප දෙනෙකු විසින්ම දැක තිබෙනවා. ඒ වගේම 2004 -2006 කාලය තුල හිනිදුම වීරපාන හා රත්නපුර කලවාන ප්‍රදේශ වලින් කලු දිවියන් දෙදෙනෙකු වාර්තා වෙලා තිබෙනවා. මේ ප්‍රදේශ දෙකේම දඩයක්කාරයෝ මෙම සතුන්ව මරල මස් ආහාරයට ගෙන තිබෙනවා
මෙතෙක් දුටු වාර්තා වලට පමණක් සීමා වෙලා තිබෙන කලු දිවියන් පිලිබඳ භෞතික වාර්තාවක් මුලින්ම ලැබෙන්නෙ 2008දි. ඒ අකුරැස්සට කිට්ටුව පිටදෙණිය ප්‍රදේශයෙන් කලු දිවියෙකු කියල සැක හිතන්න පුලුවන් දිවියෙකුගෙ වලිග කොටසක් සහ ලොම් එකතුවක්.
මේ අසම්පූර්ණ වාර්තා සම්පූර්ණ වෙන්නෙ 2009දි දෙණියාය මාවුල්දෙණියෙදිත්, 2013දි දෙණියාය තලපලාකන්ද ප්රදේශයෙදිත් උගුල් වලට හසුවෙලා මියගිය කලු දිවියන්ගෙ සිරුරු හමුවීමෙන්. මම හිතන විදියට ඒ ගැන විස්තර මේ ගොඩක් දෙනා දන්නවා.
මේ තමයි මට ලැබුන වාර්තා. අනිවාර්යයෙන්ම අසම්පූර්ණ ඇති. මේක කියවන අයත්වත් වාර්තා දන්නව නම් ලියල එවන්න (උදාහරණයක් විදියට සඳරු කියපු කොටි හමේ කතාව වගේ).
ඇත්තටම සතුන්ගෙ වර්ණ වෙනස්වීම් ගැන අධ්‍යයනය කරන එකත් ගොඩක් සිත්ගන්නා සුලු වැඩක්. තවත් මේ වගේ හදාරන්න ආසා හිතෙන වෙනස් වර්ණ ප්‍රභේදයක් තමයි දෙණියායෙන්ම වාර්තා උන "සුදු වඳුරන්".
මහඑළිය තැන්න ආශ්‍රිතව දැනට වසර කීපෙකට කලින් කළු කොටියෙක් දැකපු බවට පිළිගත හැකි සාක්ෂියක් ලැබුනා.
Deleteනමුත් ඊට පස්සේ කවුරුවත් ඌව ඒ ආසන්නයක දැකපු බවට වාර්තා වෙලා නැහැ.
මම කලින් පෝස්ට් එකක කිව්වද කියල මතක නැහැ, අපේ ගම් පළාතේ හිටපු දඩයක්කාරයෙක් වෙච්ච ජෝන් මාමත් වතාවක් වල් ඌරෙක් කියල හිතලා කළු කොටියෙකුට වෙඩි තියලා තිබුනා. කොටි හම මේ මෑතක් වෙනකල්ම ගෙදර තිබිලා.
දුර්වර්ණ වීමක් වෙලා සහ ලොම් හැලෙන්න ගත්ත නිසා ඒක පිටිපස්සේ මඩුවක දාල තිබිලා බල්ලෝ ඇදගෙන කාලා. මම මේ ගැන උනන්දු වෙන්න මාස දෙක තුනකට කලින් විතර තමයි ඒක විසික්කා කරලා තිබුනේ.
මීට අමතරව දෙනියායේ ඉන්න ප්‍රසිද්ධ දඩයක්කාරයෙකුත් වතාවක් කළු කොටියෙක් මරලා තිබුනා. ඒ ගැන පොඩි විස්තරයක් කාලෙකට කළින් පත්තරේ ගියා.
///වෙනත් විශේෂ වල ද්විත්ව නිලීනයන් කියන්නෙ ඇලි සතුන් උනත් ද්විත්ව නිලීන දිවියන් කලු පැහැ ගන්නවා.///
කොටියන්ගේ පැහැය වෙනස් වීම් සම්බන්ධව කතාව හරි සිත් ගන්නා සුළුයි වගේ.
ඔබ මට ඇමතුමක් දුන්නොත් ඔය සුදු වඳුරන් සම්බන්ධව වැඩිදුර විස්තර දැන ගන්න මගක් සලසලා දෙන්න පුළුවන්...
ඔව් ඇත්තටම එතනදි වෙන්නෙ දේහ වර්ණයට අදාළ වියයුතු ජානය නිලීන වෙනකොට වෙනත් ජානයක ලක්ෂණ ඉස්මතු වීමක්.
Deleteඒ කියන්නේ දිවියන් අතරේ ඇලි සත්තු නැද්ද
ReplyDeleteසුදු පැහැ දිවියන් ඉතාම කලාතුරකින් වෙනත් රටවලින් වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒ ඇලි සතුන් නෙවෙයි. වෙනත් ජාන විකරණයක් හරි චර්ම රෝගයක් හරි නිසා සුදු පැහැගැන්වුණු සතුන් විදියටයි විශ්වාස කරන්නෙ
Deleteමම සිංහරාජ චාරිකාව ගිය වෙලාවෙ මන්දකට අහුවෙලා මිය ගිය කලු කොටියෙක් ගැන අපේ මඟ පෙන්වන්නා කිව්ව බවක් මතකයි. ජගුවර් කියන බළල් පවුලෙ සතත් කලුපාටයි නේද.සත්ව ලෝකයේ ලොකුම පවුල බළල් පවුල කියලනෙ කියන්නෙ. ලොකු පුතාගෙ විස්තර ඇහුවම අර වතුර වළයි සෝමෙ මාමයි දකින්න ආසාවක් ඇති උනා....
ReplyDeleteඒ කාලේ කළු කොටි ගැන රටේම වගේ ලොකු කතිකාවතක් ඇති උනා, ඒ නිසා පොඩ්ඩක් හරි ඒ සම්බන්ධව ඉන්න හැමෝම වගේ ඒ ගැන දැනුවත් උනා.
Deleteජගුවර් ලගේ කළු පාට සත්තු ටිකක් වැඩිපුර ඉන්නවා තමයි, ඒකට හේතුව උන් ඉන්න පරිසරය අනුව වෙන්න ඇති.
අර ලොකු වතුර වල බලන්න ගියා මචං ඡන්දෙට කළින් දවසේ, තාම පෝස්ට් එක ලියා ගන්න බැරි උනා...
හැකි ඉක්මණට දාන්නම්...
උඔට 100 වෙනි කමෙන්ටුව දැමිමට ලැබිම සතුටක්...
ReplyDeleteමට මේ බ්ලොග් එක ආය මිස් වෙන්නෙ නෑ
ගල් බෝතලයක් ගහලා කතා කරන්න දේවල් තියනවා උඔත් එක්ක
///උඔට 100 වෙනි කමෙන්ටුව දැමිමට ලැබිම සතුටක්...///
Deleteඑළ එළ එහෙම එකකුත් වෙලා නේන්නම්. උඹේ කමෙන්ට් එක දැකල තමයි මචෝ කමෙන්ට් වලට රිප්ලයි කරන්න මතක් උනේ...
වෙලාවක සෙට් වෙමු, කමියත් ඉන්නවනේ. උඹ කොළඹ පැත්තේ එන වෙලාවක පොඩ්ඩක් කලින් කෝල් එකක් දීපං...
යකෝ..කොළඔට විනාඩි 20යි.මට ඔනේ සෝමේ මාමා එක්ක සෙට් වෙන්න
Deleteඑහෙනම් මම ගෙදර යන දවසක් ටිකක් කල් වේලා ඇතුව උඹට කියන්නම්...
Deleteසෝමේ මාමා නම් ඉතින් කොයි වෙලෙත් ගෙදරනේ ඉන්නේ...
පත්තරයත් ආවම දවසක් දාගෙන හරි යමු
Deleteඔය කළු කොටියා කියන්නේ අඳුන් දිවියටමද එහෙම නැත්නම් වෙන එකෙක්ද? ලංකාවේ කොටි නෑ කියලයි අහල තියෙන්නේනම්. එකම දවසක් අපි පාර අයිනක ඉඳලා දිවියෙක් දැකලා තියනවා යාල හරහා අම්පාරේ යද්දී (සත්තු වත්තේ ඇරෙන්න).
ReplyDeleteලංකාවේ නැත්තේ කොටි නෙමෙයි ව්‍යාඝ්‍රයෝ. පොදු වහරේ මිනිස්සු දිවියා කියල කිව්වට අපි දන්න ලංකාවේ ඉන්න පුල්ලි තියෙන බළල් පවුලේ ලොකුම සාමාජිකයා කොටියා කියල හඳුන්වන එක තමයි වඩා නිවැරදි.
Deleteඅඳුන් දිවියා කියන්නේ සාපේක්ෂව ගොඩක් පොඩි බළල් පවුලේ සාමාජිකයෙක්.
කළු කොටියා කියන්නේ දැන් සයුරි "දිවියා" කියල කියපු සතාගෙම වර්ණ විපර්යාසයක් නිසා බිහිවෙන සතෙක්...
Machanla
ReplyDeleteSri Lankan big cat ( Panthera pardus kotiya) is a sub species peculiar to Sri Lanka and should always called "KOTIYA"
Kotiya is the vernacular word for Big Cat, whereas Diviya (or Deeya) is used for smaller varieties if cat family.
Black Tiger is not a result of adaptation to environment or due to any other biological or nutritional reason. It is due to a genetic reason. This is called "Melanism" or heavy pigmentation due to high Melanin content. This is similar to "Albinism" or "Leucism", all three terms referring to occurrence of pigmentation at different levels and all are due to genetic reasons.
Yes, occurrence of Black Tigers are more common in dry Zone. So we have to conclude that the gene pool responsible for the heavy pigmentation is more rich in that area, like large number of Tuskers can be seen in North Western province.
You may be able to find some more information about Tigers and Black Tigers from these links.
http://www.lakdasun.org/forum/index.php?topic=444.0
http://www.lakdasun.org/forum/index.php?topic=428.msg1715#msg1715
https://en.wikipedia.org/wiki/Melanism
https://en.wikipedia.org/wiki/Leucism
https://en.wikipedia.org/wiki/Albinism
Loku Putha: All the best, your Blog is maxxxxxxxxxxxxxxaaaaaaaaaaaa., Ela,
By the way, do you guys know the reason due to which big cats and small cats are differentiated?
"Occurrence of Black Tigers are more common in dry Zone" ???????????
DeleteAccording to all physical evidences and records, black panthers are more common in wet zone, especially dense jungles. Sometimes the dusky nature of those jungles might help for camouflaging of black panthers. Hence gene pool could be narrowed down with recessive genes for body color resulting more black individuals.
Yap, only big cats can roar (with the aid of elastic segment of Hyoid bone, small cats have a hard Hyoid bone). There are few more differences like feeding (big cats tend to feed lying down; small cats feed standing up) and standing postures and the shape of the pupil (smalls usually have pupils which show as a slit under bright light, bigs have round pupils) etc.
See below pictures
Standing posture
Standing posture
You are warmly welcome dear Ano,
DeleteThank you very much for valuable comment and your appreciation about the blog...
///Black Tiger is not a result of adaptation to environment or due to any other biological or nutritional reason. It is due to a genetic reason.///
I Thought from the beginning dense forest may lead their gene pool to be darker(or for the melanism) for their existence...
Actually I haven't study about these things properly as I am not involving this field much. But, now I think my thought is bit similar with what Deshaprema said.
///Yes, occurrence of Black Tigers are more common in dry Zone.///
This would be wet zone and terms of "black tiger" must change as "black leopard". I believe this may be a mistake...
///Loku Putha: All the best, your Blog is maxxxxxxxxxxxxxxaaaaaaaaaaaa., Ela,///
Thank you very much Ano...
///do you guys know the reason due to which big cats and small cats are differentiated? ///
Actually I didn't had an idea about their difference. Thank you Deshaprema for your scientific explanation.
Are there any record about the Black Tiger...?
HI Deshaprema,
DeleteThanks for valuable info;
About the occurrence of Leopards with high pigmentation (Melanistic Animals) in Wet Zone; yes they blend more with darker environment and there are more chances for their success as a predator and their survival, specially as cubs. They do not have this advantage in brightly lit dry zone and their survival has to be low. When this happens over a very long time (thousands of years not hundreds or a few generations) naturally more Leopards with high pigmentation will remain in wet zone and eventually generate melanistic progeny among normally pigmented offspring.
Melanistic adults too give birth to normally pigmented cubs and only a small percentage will have Melanistic coats.
In dry zone they become progressively lesser and lesser. Natural selection and survival of the fittest; they call it.
BTW, U seem to be a sort of expert on wildlife...
Yes, the English word for Sinhala term Kotiya has to be Leopard. Thanks for pointing out
ReplyDeleteThank You and that i have a dandy proposal: Whole House Reno home renovation on a budget
ReplyDelete