Showing posts with label ලේබල් නැති.... Show all posts
Showing posts with label ලේබල් නැති.... Show all posts

Saturday, 15 October 2011

මතක සුවඳ.....

මතක සුවඳ ඔස්සේ නිරතුරුවම හමා යනු ඇත්තේ මතකයන්ය, ඒවා අලුත් හෝ පරණ හෝ වේවා කුමන අකාරයේ හෝ මතකයන් වනවාට සැක නැත.

මගේ බ්ලොගය පටන් ගැනීමට පෙර කලක් මම සිංහල බ්ලොග් කරණයේ යෙදෙන බොහෝ දෙනෙකුගේ බ්ලොගයන් බලමින් ගත කලෙමි. ඇනෝ කෙනෙකු වශයෙන් බ්ලෝග කීපයක කමෙන්ටු ද දැමුවෙමි. ඇනෝවකු වී සිටීම මදිපුංචි කමක් දෝ හැඟෙන අවස්ථාද බොහෝ විය. නමගිය බ්ලොග් කරුවන් ඇනෝ ප්‍රතිචාර(හොඳ ඒවා පවා) නොසලකා හරින අයුරුද දුටුවෙමි.

එක වරම මාගේ සිතේ "මමත් බ්ලොග් එකක් පටන් ගත්තොත් මොකද" යන සිතුවිල්ල ඇදී ගියේය.
එයට හේතු වුයේ මේ මදිපුංචි කම් නොවන බව කිව යුතුමය. ප්‍රධාන හේතුව වුයේ මා සතුව කීමට දෑ තිබීමය.
how to start a blog ලෙසින් අන්තර්ජාලයේ සෙවීමෙන් මෙය අටවා ගැනීමේ මග පහල විය.
මම මහා කතන්දර කාරයෙක් නොවෙමි, නමුත් මා හට කීමට තරම් සුන්දර ළමා කාලයක්, අතීතයක් උරුම වී තිබිණි. මා දිවි ගෙවූ සුන්දර ගම් පියසේ සුවඳ අදටත් මා සිතේ දැවටෙමින් ඇත්තේ මා ඉන් දුරක වෙසෙන නිසා විය හැක.

දිනකට අන්තර්ජාලයේ සැරිසරන පැය 4 ක් හෝ 5 ක් ද මා සතුව ඇත. (මගේ රැකියා ස්ථානයේ මා හට අන්තර්ජාලය නොමැති බව කරුණාවෙන් සලකන්න)
20mb/sec උපරිම වේගයක් සහිත අන්තර්ජාල පහසුකමක්ද හොඳට හෝ නරකට මා සතුව ඇත.

අවසානයේ මහා ලොකු පැනයක් ඇති වුයේ බ්ලොගයට නමක් දැමීමට ගිය අවස්ථාවේදීය. අලුත උපන් බබෙකුට නමක් තේරීමේදී ඇති වන ගැටලුවට සමාන මට්ටමේ ගැටළු මා සිත තුළ තෙරපින.
අවසාන සිත් ගත් නමක් සපයා ගැනීමට කිහිප වතාවක්ම නියපොතු හැපීමටද සිදු විය.
ඉතින් අදින් පහුව මමත් ඔබ හා කතා කරන්නම්. බොහෝ දුරට මුල් කාලයේදී තනිව කතා කරන්නටද සිදු වේවි, එහෙත් තනිකම මා හට අරුමයක් නොවේ. විටෙක එය මා කරා සැනසීම රැගෙන එන්නේය.

නමුත් මාගේ නව බ්ලොගය හා ඔබ සම්බන්ධ වෙන්නේනම් එය මාගේ සතුටට හේතු වනවා නොඅනුමානය.
මීට
ලොකු පුතා