මම වනජීවී ජායාරූප ගහන්න පටන් ගත්තට පස්සේ වැඩිම ජායාරූප ප්‍රමාණයක් ගහල තියෙන්නේ කොහේදී වෙන්න ඇතිද.
ඒ ලංකාව පුරා ප්‍රසිද්ධ වනෝද්‍යානයකදී එහෙම නෙමෙයි. අපේ ගේ අවට පරිසරය තමයි මට ගොඩක් වෙලාවට ෆොටෝ ගහන්න ඕනේ කරන කරුණු කාරණා සපයලා දෙන්නේ. මම ගෙදරින් පිට බෝඩිම් වල නතරවෙලා හිටියත් ගොඩක් දුරට සති අන්තේ ගෙදර යනවා.
ගෙදර යද්දී වෙන මොනවා නැතත් කිලෝ ගාණක් බර කැමරා බඩු ටික උස්සගෙන යන්නනම් අමතක කරන්නේ නැහැ.
එහෙම ගිය වෙලාවල් වල ගත්තු තරමක් විශේෂ ජායාරූප කිහිපයක් තමයි මම අද පෝස්ට් එකට දාන්න කල්පනා කලේ.
මේ පහළ ෆොටෝ එකේ ඉන්නේ අපේ ගෙවල් අහල පහළ නිතරම වගේ දකින්න පුළුවන් ගොඩක් ලස්සන පුංචි කුරුල්ලෙක්. දකින්න නැති උනත් අඩු ගානේ එයාගේ ලස්සන හඬ හරි අහන්න ලැබෙනවා නිතර දෙවේලේම වගේ.
මෙයාගේ සිංහල නම තමයි "රත්ළය නිල් මැසිමාරා", ඉංග්‍රීසි නම Tickell's Blue Flycatcher. වැඩිදුර විස්තර ඕනේ කෙනෙකුට ඉංග්‍රීසි නමින් දාල තියෙන දිගුවෙන් ගිහින් බලාගන්න පුළුවන්.
මේ පහළ දාල තියෙන ෆොටෝ එකේ තියෙන්නේ මේ වර්ගයේ කුරුළු ජෝඩුවක් අපේ ගේ පිටිපස්සේ තියෙන කණ්ඩියේ පොඩි ගුළක හදපු පුංචි කූඩුවක්. මේ අය අපේ ගේ අවට මේ වෙද්දී හතර වතාවක් කූඩු හදල තියෙනවා. එක වතාවක් අපේ ගෙදර තිබුන දෙහි ගහේ. අනිත් තුන් වතාවෙම මේ පුංචි සිදුරේ. මෙතනට කිසි කරදරයක් නැතුව ගැරඬියෙකුට, පූසෙකුට කිට්ටු වෙන්න පුළුවන්. මේ වගේ තැන්වල මෙයාලා කූඩු හදනවා ගොඩක් අඩු උනාට මීට කලින් එතන කිසි කරදරයක් උනේ නැති නිසා මෙයාල ඒ තැනට කැමති උනා වෙන්න ඇති. මේ තියෙන්නේ තුන්වෙනි වතාවේ මම එයාලගේ කූඩුවක් ඇතුලේ පුංචි බිත්තර දෙකක් දාල තියෙනවා දැකල ගත්තු ෆොටෝ එකක්.
එදායින් පස්සේ මමත් ගෙදර ආපු ගමන් කරන්නේ මේ පුංචි කුරුළු පවුල හොඳින් ඉන්නවද කියල හොයල බලන එක. සමහර දවස් වලට අපේ අම්මට කෝල් එහෙමත් දීල අහල බලනවා මේ අයගේ සැපදුක්.
සති අන්තේ ඉවරවෙලා වැඩට ගියත් නිතරම වගේ අම්මට කෝල් එකක් දීල මේ අයගේ සැපදුක් අහන වැඩේ මම අතපසු කලේ නැහැ. එක දවසක් අපේ අම්ම මට කිව්වා දැන් බිත්තර පුපුරලා පුංචි කුරුළු පැටව් දෙන්නෙක් කුඩුවේ ඉන්නවා කියලා. මම ගොඩක් නොඉවසිල්ලෙන් හිටියේ සති අන්තේ උදා වෙනකල්. ඒත් එක දවසක් අම්මට කෝල් කලාම අම්මා කිව්වා දැන් එතන කුරුළු පැටව් දෙන්නෙක් නැහැ, එක්කෙනයි ඉන්නේ කියලා. මොකෙක් හරි සතෙක්වත් කන්න ඇති කියල තමයි අම්ම කිව්වේ.
ඒ ආරංචිය ආවට පස්සේ දවසේ මම ගෙදර ආවා, ආපු ගමන් ගිහින් කුරුළු කූඩුව ගාවට තමයි ගියේ. මෙන්න ඒ වෙනකොට ඒ කුඩුවේ ඉතුරුවෙලා හිටපු කුරුළු පැටියා. එතන බිම පුංචිම පුංචි කුරුළු පැටියෙක්ගෙ පිහාටු කෑලි කීපයක් සහ පොඩි පොඩි සුන්බුන් ටිකක් තියෙනවා කියලත් මම දැක්කා. සමහර විට කුරුළු පැටියව කුඩුවෙන් වැටිලා ඉන්නවා දැකපු පුසෙක්වත් කන්න ඇති. එහෙම නැතුව ඌ කූඩුව ඇතුළට පැනලා මේ විනාසය කලානම් එක පැටියෙක් ඉතුරු වෙන්න විදිහක් නැහැ කියල තමයි මට හිතුනේ. එහෙමත් නැත්නම් කුරුළු පැටියා වෙන හේතුවක් නිසා මැරුණට පස්සේ කුරුළු මව්පියෝ එයාව කුඩුවෙන් එළියට දැම්මා වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
එදා දවස පුරාවට ඉතුරු වෙච්ච පැටියට කෑම කවන කුරුළු අම්මවයි තාත්තවයි මට දැක ගන්න ලැබුනා බොහොම ලඟට. මේ ඉන්නේ කුරුළු පැටියාගේ අම්ම.
මම මේ කුඩුවේ ඉන්න කුරුළු පැටියාගේ ෆොටෝ එක ගැහුවේ 2008-05-11 වෙනිදා උදේ 07:30 ට. මෙන්න එදාම උදේ 11:01 ට මම දැකපු දේ.
මේ ඉන්නෙනම් එයාගේ නැති වෙච්ච සහෝදරයා හරි සහෝදරිය හරි නෙමෙයි. ඒත් මේ උකුස්සාගේ (Crested Serpent Eagle- සිළු සර්ප උකුස්සා) කටේ ඉන්නේ පුංචිම පුංචි කුරුළු පැටියෙක්. ස්වභාවධර්මය කියන්නේ මිනිසා විසින් පාලනය කලයුතු ධර්මතාවයක් නෙමෙයි කියන මතයේ මම ඉන්න නිසා මට මෙයා ගැන කිසිම කහටක් ඇති උනේ නැහැ. එයාගේ වැඩේ එයාට කරගන්න දීලා මම ෆොටෝ දෙක තුනක් ගහපු එක තමයි කලේ.
කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සෙත් ඒ කුරුළු පවුල එතනම කූඩුව හදලා පුංචි බිත්තර දෙකක් දාල තිබුනා. මොකක්දෝ අහේතුවකට ඒ බිත්තර පුපුරලා පැටව් එළියට ආවේ නැහැ. එදායින් පස්සේ ඒ කුරුළු ජෝඩුව අපේ කණ්ඩියේ කූඩු හදන එක නතර කරලා දැම්මා.
ඒත් අපේ ගේ අවට හැමදාම වගේ එයාලගේ සද්දේ ඇහෙන්න තියෙනවා වගේම ගොඩක් වෙලාවට මට එයාලව දකින්නත් ලැබෙනවා.
මේ ඔක්කොම ෆොටෝ අපේ ගෙදර වට පිටාවේදී ගත්තු ඒවා. මෙච්චර ලස්සන පරිසරයක තියෙන මගේ ගෙදර, ගම ගැන මම මෙච්චර ආදරේ ඇයි කියල දැන් තේරෙනවා නේද.
ප.ලි.
මම බ්ලොග් එකක් ලියනවා කියල මම මගේ නෝනට මේ වෙනකල් කියල තිබුනේ නැහැ. පෝස්ට් කීපයක් දැම්මට පස්සේ බ්ලොග් එක ගැන එයාට කියන්න තමයි මම හිතාගෙන හිටියේ. මම එහෙම හිතුවේ ඒකෙන් එයාව පුදුම කරවන්න හිතාගෙන. ඒත් ඒ දවස එන්න එන්නම පහු උනා, අන්තිමට අද තමයි එයාට බ්ලොග් එක ගැන කිව්වේ. කලින් කිව්වේ නැහැ කියල පොඩි පහේ දෝස් මුරයක් අහන්න උනාට එයා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ වගේම කලින් පෝස්ට් එක බලලා ඇනෝ කමෙන්ට් එකකුත් දාල ගිහින් තිබුනා.... :)