2013
අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තිබුනේ 23 වෙනි සිකුරාදා. දවස් තුනේ නිවාඩුව අල්ලලා
කොහේ හරි යන්න හිතාගෙන හිටිපු නිසා වාහනේ හදන්න තිබ්බ ගොඩක් අඩුපාඩු හදන්නය කියල
මම ඒ දවස්වල “හැමදාම වගේ”යන ගරාජ් එකක් වෙච්ච හුණුපිටියේ තියෙන එරංගගේ ගරාජ් එකට
වාහනේ දැම්මේ 23 වෙනිදා පාන්දරින්. වාහනේ හදන්න දාල මම ආපහු වැඩට ආවේ හවස් අතේ අපේ
රියදුරු මහත්තැන් කෙනෙක් යවලා වාහනේ ගෙන්න ගන්න බලාපොරොත්තුවෙන්.
හවස 04:00
විතර වෙද්දී වැඩ ඉවර බවත්, වාහනේ ගෙනියන්න එවන්න කියල මට කෝල් එකක් ආවා. අපේ
රියදුරු සහ ඔපරේටර් වෙච්ච කරූව
තමයි වාහනේ ගේන්න පිටත් කලේ. මිනිහට JCB, Excavator,
Tower crane, Crawler crane, mobile crane, Light vehicle, Heavy vehicle, ගල් රෝල්,
බොබ් කැට් ආදී එකී නොකී හැම දෙයක්ම ඔපරේට් කරන්නත් ඕනෙම වාහනයක් එළවන්නත් පුළුවන්.
ඔන්න ඉතින් මිනිහ ගිහින් ගෙවන්න තිබ්බ බරපතල බිලත් ගෙවල ඉවරයක් වෙලා වාහනේ අරගෙන
ඇවිත් තිබ්බා. වාහනේ සයිට් එකට ගේද්දී ඕනෙනම් වෙලාව හවස 05:30 ට වගේ ඇති.
හදල ගෙනාව
කිව්වට මම ඉතින් ආයේ ඕක බලන්න ගියේ නැහැ, සුපුරුදු පරිදි රෑ 07:00 ට ඕෆ් වෙලා ගෙදර
යන්න පිටත් උනා. අපේ සයිට් එකේ ඉඳලා ගෙදරට යන්න තියෙන්නේ කිලෝමීටර 6 ක් වගේ දුරක්.
එදා පාරේ වාහන සෑහෙන වැඩි දවසක්. ගෙදරට යන කිලෝමීටර 6 න් ඕනෙනම් 4 ක් යන්න ඇති.
චටස් පටස් වගේ අමුත් සද්ද බද්ද ටිකක් ඇහෙන්න ගත්තා එන්ජිම දිහාවෙන්. තව ටික
වෙලාවකින් මොකක් හරි යකඩයක් එකට ඇතිල්ලෙන සද්දයක්.
මේ එක්කම
වාහනේ බ්රේක් නැති උනා, පවර් ස්ටියරින් නැති උනා, ඔය වගේ වෙන්න ඕනේ දේවල් ගොඩක්
සිද්ධ උනා. ඒ වෙලාවේ මම ආවේ කොළඹ තියෙන අතුරු පාරක, ටිකක් ඉඩ තියෙන තැනකට එනකල්
මුළු ඇඟේ හයියෙන් එහෙට මෙහෙට කපකපා මුළු බරම දාල බ්රේක් ගහගෙන ඇවිත් ඉඩ තියෙන තැනක
වාහනේ නතර කරගෙන ගරාජ් එකට කෝල් කලා. ඌ කිව්ව විදිහට මට කරදරයක් නැතුව ගෙදරට යා
ගන්න පුළුවන්ලු. ඒත් බ්‍රේක් පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැති වාහනේක ඉතුරු
කිලෝමීටර් දෙකට ආසන්න දුර යන එක ගැන කොළඹ ට්‍රැෆික් ගැන දන්න කෙනෙකුට තේරෙයි. ආසිරි
හොපිටල් එක හරහා නාවලට යන පාරේ ඒ වගේ වෙලාවට යන එක මොන තරම් ලේසි පහසු වැඩක්ද
කියලා හිතා ගන්නකො.
![]() |
මේ තියෙන්නේ ඒ ගමන ගිය වාහනේ, දැන් මගේ ළඟ නැහැ. මට සෑහෙන උදව් වගේම කරදර දීපු වාහනයක්. හැබැයි දැන් ජපන් වාහන පදිද්දී තියෙනවා මේ වාහනේ පදිද්දී තිබ්බ පහසුව ඒවයේ නැහැනේ කියලා |
කොහොමහරි හෙණ
ගේමක් දීගෙන ගෙදරට ගිහින් ආපහු ගරාජ් එකේ එරංගට කෝල් කලා, දැන් මුකුත් කරන්න බැරි
බවත් හෙට මොනවා හරි කරමු කියන උත්තරේ එක්ක අපි දෙන්නගේ ගමේ යන සිහිනය බොඳ උනා. ඒ
වෙද්දී අපේ පොඩි එකා හම්බ වෙන්න තව මාසයක් වගේ තිබ්බ නිසා ගොඩක් දුර යන්න මගෙනම් ඒ
තරම් කැමැත්තක් තිබුනේ නැහැ.
පහුවෙනිදා උදේ
08:00 ට විතර එරංග ආවා මිනිහගේ හොඳ ගෝලයෙක් එක්ක, මම කිව්ව විස්තර වලට මිනිහ
දැනගෙන තියෙනවා කුඩු උනේ මොනවද කියන එක. එදා අළුත් බඩු ගන්න තැනක් නැති නිසා ගරාජ්
එකට දාපු වාහනේක ඩ්‍රයිව් බෙල්ට් එකයි, බෙල්ට් ඇජෙස්ටර් එකයි එරංග ගලවගෙනම ඇවිත්
තිබුනා. කලින් දවසේ හවස මිනිහගෙන්ම දාපු බෙල්ට් එක කැඩිලා එතනින් වෙච්ච හානියක් නිසා
එතැනින්ම දාපු අළුත්ම බෙල්ට් ඇජෙස්ටර් එකත් කුඩු වෙලා. එක්කෝ ඒකෙ අනිත් පැත්ත. පැයක්
හමාරක් විතර යද්දී වැඩේ ඉවර උනා. එරංග ආපහු සල්ලි ගත්තේ නැහැ, ගෝලයට කීයක් හරි
දෙන්න කිව්වා එච්චරයි.
අපේ ගමන්
බිමන් කැන්සල්, පරක්කු වෙච්ච නිසා එයාට ගමේ යන්න එන්න බැහැ කිව්වා. හාමිනේව
එක්කගෙන ගිහින් එයාලගේ ගෙදර නතර කරලා මම තනිවම් පිටත් උනා ගමේ යන්න. ඒ වෙද්දී අපේ
කොළුවා හම්බ වෙන්න තව තිබ්බේ මාසයක් වගේ, ඒ නිසා කොළඹින් පිට යනවට වඩා එයා කොළඹ
ඉන්න එක හොඳ බව තමයි කොහොමත් මගේ අදහස වෙලා තිබුනේ.
කොහොමහරි එදා ගමට
යද්දී දවල් දෙක වගේ වෙලා තිබුනා, ගමේ යාළුවා වෙච්ච එරංගල ගෙ නැතිවෙච්ච නංගිව සිහි
කරලා හැම අවුරුද්දෙම දෙන බෙලි මල් දන්සල එදත් තිබුනා. මම යද්දී අන්තිම හරිය උනාට ගමේ යාළුවො ඔක්කොම වගේ එතන.
එතනදී මාත් එක්ක කතා කරපු නිලන්ත කිව්වා මචං අපි මාකෙළිය දිහාවේ කැලේ ඇතුළේ ගස්
වගයක් පෙරලනවා JCB එකෙන්. ඒ ඉඩම තියෙන්නේ ගඟ අයිනෙම, මරු ඉඩම. ලොකු
ගස් ගැලෙව්වට පස්සේ ඒ ඉඩම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්, ඕනෙනම් අක්කරයක් රුපියක්
පණස් දාහකට වගේ ගන්න පුළුවන් වෙයි. හෙට යමුද බලන්න කියල ඇහුවා. ඔන්න දැන් වැඩේ
ස්ථිරයි.
ඉතින්
පහුවෙනිදා උදේ මම නිලන්ත, එරංග , පොඩි ජනක හතර දෙනාත් එක්ක වාහනේට ගොඩවෙලා මේ කියන
දිහාව බලන්න යන්න පිටත් උනා. මාකෙලි ඇල්ල පහුකරගෙන ගිහින්, ඔය කුකුලේ ජල විදුලි බලාගාරයේ
කේබල් රුම් එක තියෙන තැන පහු කරනකොටම වගේ වම් අත පැත්තට තියෙනවා උඩහට පාරක්. ඒ පාර
පටන් ගැන්මේ ඉඳලම දුෂ්කරයි. අනාදිමත් කාලෙක දාපු තාර ගැලවිලා ගිහින්.
ඔහොම ටිකක්
දුර ගියාම පොඩි පල්ලමක් එක්ක පාර දෙපැත්තකට බෙදෙනවා. එතනින් අපි යන්න ඕනේ දකුණු
පැත්තට කියල කිව්වේ නිලන්ත. ඒ පැත්තට හරවන්න යද්දී දඩ බඩ ගාල වාහනේ යට වැදුනා. ඒත්
පසුබට නොවී තව ඕනෙනම් මීටර සීයක් ඉස්සරහට යන්න ඇති යට වැදී වැදී. දැන් පාරේ තණකොළ
වැවිච්ච අයින ඇරෙන්න පාර හරියටම වාහනේ පළලට වඩා බොහොම පොඩ්ඩයි තියෙන්නේ. පාරේ
ඉස්සරහ කොටස පොඩි පල්ලමක්, ඒ පල්ලමේ වාහනයක් යන්න හිතන්නවත් බැහැ. අපි බැස්සත්
අපෙන් බාගයක් වැහෙන තරම් ලොකු කාණුවක් පාර පුරා. දැන් කට්ටියගෙන් නිලන්තට බැනුම්
පුරෝලා, තෝ කිව්වේ එතනටම යන්න පුළුවන් කියලනේ, දැන් බලපන් මේකේ යන්නේ කොහොමද
කියලා.
එතන ඉඳල හෙණ
ගේමක් දීගෙන වාහනේ විසි තිස් වතාවක් එක තැන කප කප හරව ගත්තා, ආපු පාරේ හැටියට
රිවස් කරන්නත් බැහැ. එහෙම ගිහින් පාරෙන් ටිකක් ඇතුළකට වෙන්න තිබ්බ ගෙදරක මිදුලකට
වාහනේ දාල ඒකෙ තිබ්බ අඩුම කුඩුම ටික අතින් පයින් එල්ලගෙන ගමන පිටත් උනා. යනවා යනවා
ඉවරයක් නැහැ. ඉස්සරහට යන හැම අඩියක් ගානෙම අපි නිලන්තව පතුරු ගහනවා. ඔහොම ගිහින්
දොළ පාරකින් එගොඩ උනා. මේ පහලින් තියෙන්නේ ඒක.
මේ තියෙන්නේ
ඊළඟට එගොඩ වෙච්ච දොළ පාර.
ඔය විදිහට අපි
කඳු නැගගෙන පල්ලම් බැහැගෙන නිලන්ත පස්සෙන් යනවා. එක හරියක් පහු කරද්දී ගමේ
මිනිස්සු එකතුවෙලා ශ්‍රමදානයක් දාගෙන පාර අයිනේ කැලේ එළි කරලා කාණු ගොඩ දානවා. තව
හරියක් පහු කරද්දී මිනිස්සු කීප දෙනෙක් තේ වවන්න ඉඩමක් හදනවා. ඔහොම ඔහොම ගිහින්
අපි කිලෝමීටර හතරක් හෝ පහක් වෙන්න යන්න ඇති. අන්තිමට අපි සේන්දු උනා පාර ඉවරයි වගේ
පේන හරියකට. ඒ කෙළවරේ කටුමැටි ගහපු පොඩි ගෙයක් තියෙන බව ඈතට උනත් පේනවා. අපි
ඉස්සරහට එනවා තරුණ ජෝඩුවක් සහ තරමක වයසක මනුස්සයෙක්. තරුණ ජෝඩුව එක්ක ආගිය කතා
කරපු නිලන්ත යන්නේ කොහෙද කින්ද මන්ද කියල ඇහුවම අර මනුස්සයාගේ උත්තරේ උනේ මතුගං
යන්න කියල යන ගමන් කියල කිව්වා. අපි ආපු කාරණේ කිව්වම යන්න ගියපු ගමන පැත්තක දාල ඒ
ජෝඩුව ආපහු හැරුනා. අර මැටි ගෙදර තමයි ඒ තරුණ ජෝඩුවගේ ගෙදර. අපි ඒ ගෙදරට ගිහින් වතුර
ටිකක් කාරිය බීලා, බුලත් විටක් එහෙම කාල වටපිටාව බලබල ඉන්න ගමන් තමයි දැක්කේ අර
ජෝඩුව එක්ක මගදී මුලිච්චි වෙලා ගමනක් යන්න ගිය වයසක උන්දැත් ගමන පැත්තක දාල එහෙම්මම
නතර වෙලාය කියල. මේ ගමේ නම ගෙඳගල. ගොඩක් පුරාණ ගම්මානයක්. ඒ වැඩිහිටියා ගමේ පුරාණය ගැන කතන්දර කීපයක් එහෙමත් කිව්වා. සුද්දන්ට බයේ ඇවිත් හැංගිච්ච මිනිස්සුන්ගෙන් මේ ගම ආරම්භ වෙච්ච බවකුත් කියවුනා වගේ තමයි මතක.
අර කියපු ඉඩම
ගැන විස්තර ඇහුවම, ඒ මිනිස්සු කියනවා, ඒ අයිතිකාරයි මෙහෙ නෙමෙයි ඉන්නේ ගවරගිරියටත්
එහානේ. ආපහු කියනවා නෑ නෑ එයා නොවෙයි අයිති කාරයා, අරයා කියලා. ඕකෙන් මේකෙන් අපිට
තේරුණා මේ වැඩේ හරි යන්නේ නැහැ. නිලන්ත මේ ගමන ලැස්ති කරගෙන තියෙන්නේ එදා වේල ශේප්
කර ගන්නය කියන එක අපිට පැහැදිලි උනා. මොකද ඌ හැමදාම හංදියේ බාර් එක ගාව ඉඳගෙන අතේ
සතේ නැතුවත් හොඳට පදම් වෙන්න දන්න එකා වෙච්චි. දැන් ඉතින් ආපු එකේ කොයිකටත් කියල ඉඩමත්
පොඩ්ඩක් බලාකියාගෙන ගෙනාපු බෝතල් දෙකත් හිස් කරලා දාල යමුය කියලා හිතාගෙන ඉඩම
තියෙන දිහාට යන්න පිටත් උනා.
ඒ ගෙදර ඉස්සරහ
තිබුනා මහ විශාල වල්ලපට්ට ගහක්. එදා තමයි මම ඒ ගහ වල්ලපට්ටය කියල අඳුර ගත්තේ.
හැබැයි අදටත් මට ඕක අඳුර ගන්න බැහැ, ටැපලෙනවා. මේ කියන කාලේ වල්ලපට්ට උන්මාදේ මහා
විශාලෙට පැතිරීගෙන ගිහින් නැති අවධියක් නිසාද කොහෙද ඒ ගහ ඉතුරුවෙලා තිබුනා.
නිලන්තගේ
යාළුවට කියලා වීදුරු දෙකකුත් ඉල්ලගෙන, යාළුවත් එක්කම පල්ලම් බහින්න පටන් ගත්තා. අර
වයසක උන්දැත් දැන් ඔන්න අපේ පස්සේ. නිලන්ත JCB එකෙන් ගස්
පෙරළන්න ගියා කියපු කැලේ මැද්දෙන් කපපු අලුත් පාරක් වගේ එකක් දිගේ තමයි දැන් අපි
යන්නේ. ඒකෙ JCB එකක් කොහොම ගියාද කියල හිතා ගන්න බැහැ, අපි
ගියෙත් බඩ ගාගෙන වගේ. JCB එක ඉස්සරහ බකට් එක
බිම තියාගෙන පස්සේ බකට් එකෙන් ඇද ඇද ලු පහළට බැස්සේ. අළුත කපපු ගස් වල පොතු පට්ට
බිම තියෙන නිසා හොඳට ලිස්සනවා, පයින් යන එක ගොඩක් අමාරු උනා. ටික වෙලාවකින් ඈතින්
දිය ඇල්ලක් පේන්න ගත්තා. මේ හරියේ කූඩැල්ලෝ ගමකට.
ඔහොම ගිනින්
නිලන්තලා ගස් පෙරලද්දී හිටපු වාඩියට අපි ගොඩ උනා. පොලෝ මට්ටමෙන් අඟල් හයක් හතක් උඩින්
තිබ්බත් වැස්ස නිසා වාඩියේ බිම විදිහට තිබ්බ ලෑලි තෙත් ගැහිලා. ඒ මදිවට එතනත්
කූඩැල්ලෝ. එතනින් පොඩ්ඩක් එහායින් තමයි අර දිය ඇල්ල වැටෙන්නේ. ඒක වැටෙන්නේ ගඟකට.
මට මැප් එකකවත් ඒ හරිය කොහෙද තියෙන්නේ කියල තාම හිතා ගන්න බැහැ. ඒ ගඟ කුකුළේ ගඟ
කියල තමයි මට මතක. නමුත් කුකුළේ ගඟට වැටෙන අතු ගංගාවක් වෙන්නත් බැරි නැහැ. දිය
අල්ලේ නම කුරුපොඩි ඇල්ල. එදාමයි මම ඒ වගේ දිය ඇල්ලක් ගැන ඇහුවේ. මේ තියෙන්නේ
කුරුපොඩි ඇල්ල තරමක් ළඟ ඉඳල ගත්තු එකක්. මේ තැන පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ඔක්කොම
ෆොටෝ ගත්තේ නොකියා E71 ෆෝන් එකකින්, ඒ නිසා
තත්ත්වය ඒ තරම් හොඳ නැහැ.
මේ ගමන වගේම
නිලන්ත එක්ක ගියපු වෙලාවක අමුතු නමක් තියෙන තවත් දිය ඇල්ලක් හම්බ වෙලා තියෙනවා, ඒ
කහබත් ඇල්ල. ඒකෙනම් ෆොටෝ තියෙනවද කියලත් ෂුවර් නැහැ.
අන්තිමට අපි
තීරණය කලා වාඩියේ ඉන්නේ නැතුව ගඟ මැද්දේ තියෙන ගල් තලාවකට ගොඩ වෙන්න. නිලන්තගේ
යාළුවා ගෙදරින් එන ගමන් එයාගේ නෝනා මහත්තයට කතා කරලා “අර ඊයේ රෑ වියපු ඉත්තෑ මස්
ඉතුරු තිබ්බා නේද, අන්න ඒ ටික අපිට දෙන්න” කියලා ඒකත් අරගෙන ගියේ කටගැස්ම විදිහට.
ගඟේ වතුර වලින් කලවම් වෙන ඕල්ඩ් කෙග් එකකින් බාගයක් විතර ඉවර වෙද්දී අපි එක්කම ගඟේ
බැහැල උන්නු අර අංකල් ට අපි කතා කරා පොඩ්ඩක් ගන්න එන්න කියලා, එක පාරෙන් වීදුරුව
පුරෝලා කාලකට වග කිව්වා.
නාන්න ලැස්ති
වෙලා ආවේ නැති උනාට මේ වතුර ටික දැක්කම නාන්නේ නැතුව ඉන්න අපිට බැරි උනා. නාන ගමන්
ගල් තලාවට ගොඩ වෙලා පොඩ්ඩක් සප්පායම් වෙන ගමන් අර අන්කලුයි, නිලන්තගේ යාළුවයි එක
එක කතන්දර කියන්න ගත්තා. වෙසක් පෝය දවසේ ඉත්තෑ මස් කොයින්ද ඇහුවම ඒකගේ උත්තරේ උනේ
කලින් තිබ්බ උගුලකට අහුවෙලා ඉඳලා මන්ද තියපු එකා අරගෙන ඇවිත් තිබුනා. පෝය කියල
නිකං හිටියොත් මස් නරක් වෙන නිසා එදාම සුද්ද කරලා ගමේ මිනිස්සු අතරේ බෙදා ගත්තාය
කියලා.
ඒ අස්සේ කොහෙද
මන්ද ඉඳල අන්කල් කාරයාගේ යාළුවෙක් මතු උනා. හැබැයි මිනිහ මතු උනේ නිකං නෙමෙයි මෙගා
බෝතලයක් පුරෝලා කිතුල් රාත් අරගෙන. මිනිහත් ඇවිත් දැන් අපිට එක්කාසු වෙලා අපිට අර
රා ටික බොන්න කියලා ඕල්ඩ් කෙග් එකට කෙලින්න පටන් ගත්තා. ඔය අලුත් බාපු රා
තියෙනවනේ, අපි ඕවට ඒ තරම් මනාප නැහැ, ඒකට හේතුව නිකං බඩ පිරෙනවා මිසක් වැඩක් නැති
වීම නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි.
කොහොමහරි මේ
වයසක උන්දලා දෙන්න පදමට ආවට පස්සේ අර කුරුපොඩි ඇල්ලේ අතරමැද තියෙන නිධානයක් ගැන
කියවන්න ගත්තා. එතන දුරට පේන මොකක්ද සළකුණක් තියෙනවා කියල කිව්වම එහෙම මොකක්ද එකක්
තියෙන බව අපිත් දැක්කා. හැබැයි එතන තියෙන්නේ මොනවද කියල කියපු ඒවා ගැන මට දැන් මතක
නැහැ. ඒ වගේම ඒ ලිස්සන ගල දිගේ නැගල ලඟට ගිහින් ඒක බලන්න ගිහින් බෙල්ල කඩා ගැනීමේ උවමනාවක් අපි කාටවත් ඒ වෙලාවේ ආවේ නැත්තේ හොඳ වෙලාවට. බෝතල් දෙකයි රා ටිකයි බීල ඉවර වෙද්දී හැමෝම වගේ හිටියේ හොඳ පදමක. විශේෂයෙන් අර
මුල ඉඳලම අපි එක්ක ඉඳපු අංකල්.
අත පත ගාගෙන
ආපහු අර බණ්ඩක්ක වගේ ලිස්සන පාර දිගේ ඇවිත් නිලන්තගේ යාළුවගේ ගෙවල් ගාවට ආවට පස්සේ
එහෙන් බත් ඩිංගක් කාල යමු කියල ලොකු පෙරැත්තයක් ආව. ඒ වෙද්දී වෙලාව දවල් 01:00 පහු
වෙලාද කොහෙද තිබ්බේ. කොහොම හරි අපි එන්න පරක්කු වෙද්දී නිලන්තගේ මිත්‍රයාගේ හාමිනේ
බත් හදල ඉවරයි. ආයේ පෙරැත්ත කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ තිබ්බ බඩගින්නේ හැටියට.
ලොකු දේවල්
හදල තිබුනේ නැහැ, ඒ වෙලාවෙම කඩා ගත්තු කොච්චි දාලා පොල් සම්බලයක් විතරයි හදල තිබුනේ බත්
කන්න. හැමෝම බත් පිඟන් දෙක ගානේ වග කිව්වා හායි හූයි ගගා. ඒ තරම් රහයි.
බත් කාල අපහු
බුලත් විටක් එහෙම කාල, මිත්‍රයගෙන් සමු අරගෙන වාහනේ නතර කරලා තිබ්බ තැනට එද්දී ආපහු
දාඩියෙන් පෙඟිලා ඉවරයි. ඉඩමක් බලන්න ගිහින් නිධානයක් හංගගෙන ඉන්න දිය ඇල්ලක් බලාගෙන ආපු ගමන හවස තුනහමාර හතර වගේ වෙද්දී අපේ ගමට ආවට පස්සේ නිමා උනා.
මුලින් තියෙන ඇල පාර දැක්කම පුදුමත් හිතුනා අපේ ගමේ ස්කෝලේ ලගත් ඔය විදියම ඇල පාරක් තියෙනවා. අක්කරයක් රුපියල් පනස්දාහකට හම්බ වේවී කියලන්ම් විශ්වාස කරන්න.
ReplyDeleteකරන්න බෑ වචනයක් හැලිලා...
Deleteසිංහ මචන්,
Deleteමේක මහ කැලයක් ඇතුළේ තියෙන්නේ, හැබැයි ඉතින් ඉස්කෝලයක් අයිනේ මේ වගේ දොළ පාරක් තියෙනවා කියන්නේ මොන තරම් වාසනාවක්ද...
මේ කියන හරියේ ඉඩම් වල ලොකු වටිනාකමක් නැහැ මචං, හැබයි මේ තැනේ තියෙන වටිනාකම අනුව ඒ ගාණට දෙන එකක් නැහැ...
මොකද දැන් ගං වල මිනිස්සු දන්නවා මේ වගේ තැන් වල තියෙන ඉඩම් ගන්න එන්නේ මොකක්හරි වෙනත් වටිනාකමක් තියෙන නිසාය කියලා...
හැමදාම වගේ ලස්සන පිංතුර ටික.ගමනත් හොඳා සුදානමෙන් ගියා නං හොඳ සොමියක් ගන්න තිබ්බා නේද?
ReplyDeleteමෙහෙම දිය ඇල්ලක් තියෙන බවක්වත් යන්න කලින් නිලන්තය අපි එක්ක කිව්වේ නැහැ...
Deleteඑහෙම උනානම් අඩු ගානේ කැමරා එකක් හරි ගෙනියන්න තිබ්බා, මගේ සමහර ගමන් කිසි සැලසුමක් නැතුව ගියපු ඒවා, ඒ වගේම ආපහු යන්න හිතෙන්නේ නැති තරම් දුරවල් පයින් ගාටපු ඒවා...
හැබැයි මෙතනටනම් ආපහු යන්න පුළුවන්ද කියල බලන්න ඕනේ...
ගමේ එරංග යි ගරාජ් එකේ එරංග යි දෙන්නෙක් නේද?
ReplyDeleteපට්ට ප්ලේස් එක.. යන්න ලේසි ක්‍රමයක් නැද්ද මන්ද.. නිධාන හාරන්න නෙවෙයි ඉතිං.. :)
කොහේ ගියත් අන්කල් කෙනෙක් නම් සෙට් වෙනවම තමයි.
ඔව් ඔව්, ගරාජ් එකේ එරංග කොළඹ අවට එකෙක්, අනිකා අපේ ගමේ එකානේ...
Delete///පට්ට ප්ලේස් එක.. යන්න ලේසි ක්‍රමයක් නැද්ද මන්ද.. නිධාන හාරන්න නෙවෙයි ඉතිං.. :) ///
සමහර විට පාර මැද්දේ තිබ්බ ලොකු කාණු පද්ධතිය දැන් හදල ඇති, එහෙම උනොත් සෑහෙන දුරක් වාහනෙන් යන්න පුළුවන්...
හැබැයි ඉතින් Ground Clearance ටිකක් වැඩි ජීප් එකක් හරි කැබ් එකක් හරි තිබ්බොත් අර කටුමැටි ගහපු ගේ ගාවටම යන්න බැරිවෙන එකක් නැහැ...
වැඩිය දුරක් නැහැ, එදා අපි ගියපු තැනට ප්‍රධාන පාරෙන් ඇතුළට හැරුන තැන මතකද, අන්න ඒ හන්දියේ ඉඳලා මේ කියන තැනට ඕනෙනම් උපරිම කිලෝමීටර 15 ක් ඇති...
///කොහේ ගියත් අන්කල් කෙනෙක් නම් සෙට් වෙනවම තමයි.///
මේක ඉතින් සදාතනික සත්‍යයක් වගේ වෙලා...
මේ ලඟදි මාළු අල්ලන්න ගියපු වෙලාවකත් ඔය සිද්ධියම උනා, අපි නාන්න ගියපු තැනට පොඩ්ඩක් එහා තැනකට ගියේ...
කොහෙද හිටපු පොරක් ඇවිත් කෙළලා ගියේ නැද්ද අපි ගාව තිබ්බ කොටයක් හිස් වෙන්නම...
ඊට පස්සේ ඉතින් අලි දෙඤ්ඤං කොටි දෙඤ්ඤං තමා...
මට පේන්නෙ උඹ ඔය මාකෙලි ඇල්ල පහුකරල වමට හැරෙනවයි කිව්ව පාර කුකුලේ ප්‍රොජෙක්ට් එක කරද්දි ප්‍රෙෂර් ෂාෆ්ට් එක මතුවෙන කන්ද මුදුනට යන්ට තාර දාල හදපු පාර වෙන්න ඕන. අර තාර ගැලවිලයි කියල එහෙම කිව්වෙ...
ReplyDeleteඒ පාර තියෙන්නේ පොලිසිය ගාවින් උඩහට යන්න නේද, අර පාලමෙන් එගොඩ වෙලා...
Deleteයකා වංගුව එහෙම හම්බ වෙන්නේ ඒ පාරේ යද්දී නේද...
මම හිතන්නේ මේක ඇවිදිල්ලා ඉස්සර ඉඳලම ඒ ගමට යන්න තිබ්බ පාරක්, අනික Pressure Shaft එක ඇත්තේ ටර්බයින් තියෙන රුම් එකට හරි කෙලින් උඩහට වෙන්න නේද...
අර කියපු පාරේ තාර තිබ්බේ බොහොම පුංචි දුරක්, ප්‍රධාන පාරට පේන්න විතරක් වගේ. හෙහ් හෙහ්...
/ ඒ පාර තියෙන්නේ පොලිසිය ගාවින් උඩහට යන්න නේද, අර පාලමෙන් එගොඩ වෙලා… /
Deleteපොලීසිය ගාවින් තියෙන පාර යන්නෙ දැන් අර ආමි කෑම්ප් එකක් තියෙන කන්ද මුදුනට නේද? එක අතකට මම මේ කියන්නෙ කුකුළේ ප්ජොජෙක්ට් එක කරද්දි තිබ්බ පාරවල් ගැන. දැං එව්ව හුඟක් වෙනස් වෙලා ඇති අනිවාර්යයෙන්ම.
අර මම කිව්ව එක ප්‍රෙෂර් ෂාෆ්ට් නෙවෙයි පස්සෙයි මතක් වුනේ. හරි නම සර්ජ් ෂාෆ්ට්. ඒක තියෙන්නෙ පොළව යට පවර් හවුස් එකට ටිකක් කලින් වතුර ගේන උමඟෙ ඉඳල කෙලින්ම සිරස්ව උඩට. කන්ද උඩිං මතුවෙනව මහ විසාල ළිඳක් වගේ. හදිස්සියෙන් වත් මොනව හරි වෙලා උමඟෙ ප්‍රෙෂර් එක වැඩි වුනොත් ඒක රිලීස් වෙන්නයි ඔය ෂාෆ්ට් එක තියෙන්නෙ.
ඔව් ඔව් ඒ උඩ ආමි කෑම්ප් එකක් තියෙනවා තමයි, මගේ යාළුවො දෙන්නෙක් ගිලිලා මැරිච්ච වෙලාවේ ඩොක්යාඩ් එකේ උදවියට කඹයක් ගෙනත් දෙන්න මම ඒ කෑම්ප් එකට ගිහින් තියෙනවා...
Deleteඒ යන පාරේ යකා වංගුවට ටිකක් එහායින් පාර ආපහු දෙකට බෙදෙනවා, අන්න එතනින් එක පාරක ගියාම තමයි ඔය කියන ලිඳ වගේ එක ගාවට යන්න පුළුවන්. මට මතක ඒ විදිහට තමා...
ඒ පාර නිතරම වගේ වහල තියෙන්නේ, මම ඔය කියන විශාල ලිඳ ගාවට ගිහිල්ල නැහැ. හැබැයි තියෙන්නේ එතනම් උඩහ කියල තමයි මම දන්නේ. ඒක ලොකු දැළක් දාල වහල තියෙන බවකුත් මම අහල තියෙනවා. යුද්දේ දවස් වල ඔතනත් සෑහෙන පරිස්සම් කලාලු ඔතනින් බෝම්බයක් දැම්මොත් මුළු බලාගාරේම විනාශ වෙන නිසා...
වෙලාවක යන්න ඕනේ එතනට බිලි පිත්තක් කාරිය අරගෙන. ඔය කියන ලිඳේ මාළු සෑහෙන ඉන්නවා කියල තමයි මම අහල තියෙන්නේ. ගිහිල්ල බලලම තමයි ඇත්ත දැනගන්න වෙන්නේ...
ඔය ප්‍රෙෂර් කතන්දරේ මමත් අහල තියෙනවා...
ඔය දැං ආමි කෑම්ප් එක තියෙන්නෙ ඒ දවස්වල ස්කන්ස්කා ලෝකල් ස්ටාෆ් හිටපු කෑම්ප් එකේ. මම හිටියෙත් ඒකෙ. සුද්දො හිටිය එක්ස්පැට්‍රියට් කෑම්ප් එකේ තමයි දැන් කුකුළේ රිසෝට් එක තියෙන්නෙ.
Deleteඒ ආමි කෑම්ප් යන පාරෙන් ගිහිල්ල අර ළිඳ ගාවට යන්ට පුලුවන්ද? ඒ දවස්වල නම් ලිඳට යන පාර තිබ්බෙ ස්විච් යාඩ් එක කියල තිබ්බ උපදවන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කරන හුවමාරු මධ්‍යස්ථානය. ඒක තිබ්බෙ පොලීසිය ගාවින් වමට හැරෙන්නෙ නැතුව කෙලින්ම තව කිලෝ මීටර් දෙකක් වගෙ ගිහිල්ල ආයම වමට හැරිල පාළමකිං එගොඩ වෙලා.අන්න ඒ ස්විච් යාඩ් එකට දකුණු පැත්තෙන් වට වංගු ගහගෙන කන්ද උඩට යන්ට ඕන ළිඳ ළඟට.
අපේ ආමි කට්ටිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාවට යවන්ට කලින් පුහුණු කලේ ඔය කෑම්ප් එකේ. දෙතුන් පාරක් විසිර යාමෙ පෙළපාලි රූපවාහිනී ප්‍රවෘත්ති වලට පෙන්නද්දි මම දැක්ක අපි හිටපු කෑම්ප් එක ඈත පේනව.
හරි හරි රවී තුමෝ,
Deleteඔයා කියන තැනින් කැලේ මැද්දෙන් ගියාම ළඟ වෙන්න එපැයි. එතන කේබල් එන ටනල් එක දිගේ පහළට බැහැගෙන ගිහින් ඒ දවස් වල ටර්බයින් හයි කරන්න තිබ්බ ලෝකේ ස්පේස් එකට අපි බහිනවත් එක්ක, වැඩි දුරක් නැහැ...
හැබැයි අපි ආපහු වටෙන් එද්දී එන්නේ සන්කෙන් එකේ වෑන් එක ගෙන්නගෙන, පොලිසිය ගාවින් එගොඩ වෙන්න තියෙන පාර දිගේ...
ඒ ස්විච් යාඩ් එක කියන එක තියෙන බිල්ඩිම කලේ සන්කෙන් එකෙන් නේද...
මම මේ කියන ඊය අල්ලට යන පාර ගොඩක් පොඩි එකක්, හැබැයි ඒක තියෙන්නේ හරියටම ස්විච් යාඩ් එක පහුවෙලා බලාගාර සීමාව ඉවර උනාට පස්සේ වම්පැත්තට...
ලංකාවට ආවොත් කියන්න, වෙලාවක යමු ඔය පැත්තේ...
රවී යය කියපු කෑම්ප් කතාව හරි, දැන්නම් සාම සාධක හමුදාව ඉන්නවද කියලවත් නැහැ. වැඩිපුර දකින්න තියෙන්නේ රිසෝට් එකේ වාහනයක් දෙකක් එහෙ මෙහෙ යන එක විතරයි...
නියම ගමනක්, පොටෝ පේන්නේ නෑ .
ReplyDeleteලලිත්,
Deleteෆොටෝ ඒ තරම් ලොකු රෙසොලුෂන් එකකින් නෙමෙයි දාල තියෙන්නේ. ආපහු රිෆ්‍රෙශ් ආපරක් දීල බලමු...
මටනම් කොම්පියුටර් එකෙන් වගේම ෆෝන් එකෙනුත් ෆොටෝ ටික පේනවා...
මේවා කලින් සැලසුම් කරපු ගමන් නෙමෙයි නිසා ගමනෙන් ගන්න පුළුවන් නියම වටිනාකම ලැබුනේ නැහැ, හැබැයි ඉතින් මේ වගේ තැනකට ගියත් මදෑ...
නියම පොට් එකකටනෙ ගිහිල්ල තියෙන්නෙ. ආයෙ පාරක් යමු නිදානෙ ගන්නත් එක්කම. හැක්..
ReplyDeleteආපහු ලේසියෙන් ඔතනට යන්න පුලුවන්ද කියල බලලා යන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ...
Deleteනිධන් ගන්න බැහැ බං, ඕවට බාගෙට මැරෙන්න වෙනවා...
අන්තිමට අහු උනාම කුඩුවේ ලගින්නත් වෙනවා...
ඒ නිසා නිධානෙ ඕනේ නැහැ, නිකං ගිහින් එන්න බලමු... ;)
ලස්සන තැනක් බං.
ReplyDeleteඔය නිධන් කතා නම් මිනිස්සු අතරේ තියන කටකතා කියලයි මටනම් හිතෙන්නේ.
ඔව් මචං...
Deleteමෙතන නාන්න එහෙමත් කියාපු තැන, දිය ඇල්ලත් වැටෙන නිසා හොඳට අව්ව වැටෙන දවසක ගියානම් දිවය ලෝකේ ගියා වගේ තමයි...
///ඔය නිධන් කතා නම් මිනිස්සු අතරේ තියන කටකතා කියලයි මටනම් හිතෙන්නේ.///
සමහරු යම්කිසි වෙනස් ලක්ෂණයක් දැකපු ගමන් හිතනවා එතන නිධානයක් ඇති කියලා, ගොඩක් ඒවා බොරු. හැබැයි එහෙම නොවෙන ඇත්ත තැන් තියෙනවා...
3D මැප් එකක් ගලේ කොටලා නිධානයක් තියෙන හැටි සළකුණු කරපු එකක් මම දැකල තියෙනවා. ඒ ගලේමයි නිධානෙ තියෙන්නේ, මහ කැලයක් ඇතුළේ තියෙන ගෙදරක මිදුලේ තමයි ඒක තියෙන්නේ, මහ විශාල ගල් තලාවක් තියෙනවා ගේ අයිනේ ඉඳල. අන්න ඒකෙ තමයි ඕක තිබුනේ. කරුමේ කියන්නේ ඒ දැකපු වෙලාවේ ෆොටෝ එකක් ගහගන්න වත් ඔළුවට ආවේ නැහැ ඒ වෙලාවේ...
ඒ වගේම පන්සල් වල, බුදු පිළිම වල නිධන් ගන්න හාරන ඒවා නම් බොරු වැඩ...
2000 වර්ෂය අවට කාල වකවානුවේ සංවිධානාත්මක වැඩසටහනක් ගියා නිධන් හාරන මුවාවෙන් පැරණි බුදු පිළිම ආදිය විනාශ කිරීමේ...
කොච්චර දුකක් විඳගෙන ගියත් කමක් නෑ කියලා හිතුනා දිය ඇල්ලේ ලස්සන දැක්කම. බොහොම ස්තුතියි අපිටත් පෙන්නුවාට.
ReplyDeleteමේ කියන ප්‍රදේශය අවට ඉතා ලස්සන පරිසරයක් තියෙනවා බලන්න, මේ පෝස්ට් එක ලියල ඉවර උනාට පස්සේ මටත් ආපහු එහෙ යන්න තියෙනවනම් කියන හැඟීම ආවා...
Deleteමරු වතුර ටික
ReplyDeleteකිලෝමීටර් විස්සක් අහල පහලක තිබ්බානං නේද
Deleteඉයන්,
Deleteඔයා කලින් වතාවේ මිස් කර ගත්තේ මෙහෙම එකක් තමයි...
හැබැයි එතනට යන එක ගොඩක් ලේසියි මීට වඩා, අතරමග කාලය නාස්ති උනේ නැත්නම් කොළඹ ඉඳලා පැය දෙකක් යන්න කලින් අදාළ තැනට යන්න පුළුවන්...
අටමෝ,
උදේ 07:00 වෙද්දී කොළඹින් පිටත් උනොත් මේ ගමනත් ඒ තරම් ලොකු වැඩක් නෙමෙයි. අරීට වඩා තව ඕනෙනම් අමතර පැයක් යයි...
ඒ ගමන අමතක නොවන අත්දැකීමක්
Delete///ඒ ගමන අමතක නොවන අත්දැකීමක්///
Deleteකොහෙද ඉයන් පොල්ල තිබ්බනේ අන්තිම මොහොතේ...
ඒ උනාට ඉයන් අපිට යන්න වාහනේ දෙන්න ඇහුවා
Deleteනිධන් කතා කියන්න එපා දේසපාලුවෝ බෝර දායි ඇල්ලට
ReplyDeleteපහසුවෙන් ගන්න පුළුවන් ඒවා ටිකට මේ වෙද්දී පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ප්‍රාදේශීය දේශපාලුවන් ගේම දීලා ඉවරයි...
Deleteමෙච්චර අමාරු තැන්වලට උන් අත ගහන්නේ නැහැ...
ඔය ගමන යද්දී ගිය වාහනේ මරු. හැබැයි නිතරම එන ලෙඩ තමා කරුමේ . නැත්තං නියමම වාහනේ
ReplyDeleteඔව් බං...
Deleteදැන් ජපන් වාහන පදින්න ගත්තට තමයි ඒකෙ අගේ තේරුනේ, දුර යද්දී ඩීසල් ලිටරේට කිලෝමීටර 14 ක් 15 ක් කරනවා, කොළඹ 10+ කරනවා. ලෙඩ අවුල නැත්නම් ඇත්තටම පදින්න හරි පහසු වාහනයක්...
ලෙඩ එන්න ලොකුම හේතුව ගරාජ් වලින් හරිහැටි හදන්නේ නැති කම බව මට මේක විකුණන්න කලින් අන්තිමට හදපු ගරාජ් එකට ගියාමයි තේරුනේ...
ඒ මනුස්සයව කලින් මුණගැහුනා නම් සමහර විට තාම මේ වාහනේ මගේ ගාව...
දිය ඇල්ලටයි තමයි වැඩිපුර හිත ගියේ.. ලස්සන තැනක්..
ReplyDeleteඔව් තුෂානි, ඇත්තටම ලස්සන තැනක්. යන ගමන තමයි ටිකක් අමාරු උනේ...
Deleteදැන් පාර හොඳ නම් ආපහු වතාවක් යන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ...
වතුර ටික දැක්කහම දුවගෙන ගිහින් 'ජබුං' ගාල පනින්න හිතෙනවා අප්පා. මට ඔය ලෙඩේ තදටම තියෙනවා. නියම ගමන.
ReplyDeleteඕවයේ වතුර හරි හීතලයි බං...
Deleteඅපි එදා ගිය දවස් වල වැස්ස, වෙලාවට අපි දිය ඇල්ල කිට්ටුවට ගිහින් ටික වෙලාවකින් අව්ව පොඩ්ඩක් පායපු නිසා ගැටළුවක් උනේ නැහැ...
මමත් නාන්න කැමති මේ වගේ පිරිසිදු වැඩිය හයියෙන් ගලාගෙන යන්නේ නැති වතුර පාරවල් වල...
'ජබුං' ගාල පනින්න
Deleteකෝ ගැබුරු නැහැනේ.
ගැඹුර නැහැ වගේ පේන්නේ වතුර ගොඩක් පැහැදිලි නිසා, නැත්තං ජබුං ගාල පනින්න පුළුවන් තරමේ ගැඹුර තියෙන තැන් තිබුනා...
Deleteඔය අන්තිම ෆොටෝ එකේ එහෙම තැන් තියෙනවා...
ශහ්ඃ... හරිම රසවත් නෙව.. සීතල බර වතුරක ගිලිලා නාලා.. බඩ පපුව පුච්චගෙන.. කෑලෑ ගඳ ගගහා.. නියමයි නියමයි... හෙහ් හෙහ්..
ReplyDeleteජයවේවා..!!
තනියම ගමේ ගියා කියන්නේ මේ වගේ මොකක් හරි වැඩකට සෙට් වෙනවාම තමයි...
Deleteඅඩු ගානේ ඉතින් දවස් තුනකවත් නිවාඩුවක් එන්න ඕනේ ඉතින් නිවිහැනහිල්ලේ මේ වගේ වැඩකට සෙට් වෙන්න...
දවසක් දා ගනින් යන්න..නිදන් එපා අරක්කු සමග සිතල වතුර ටිකක් නා ගන්න
ReplyDeleteමගේ දැන් තියෙන වාහනේ ඔය පාරේ යන්න බැරි වෙයි මචෝ. ටිකක් උස වාහනයක් ඕනේ කරනවා කිට්ටුවට යන්න...
Deleteහැබැයි ඉතින් යනවනම් කොළඹ ඉඳල වාහනේ ඇවිත් ඉතිරි ටික ගමේ කාගේ හරි Tata කැබ් එකක් වගේ කතා කර ගත්තනම් ඇති වෙයි...
නිධන් නම් කොහොමත් වැඩක් නැහැ, මම කරන්නේ ආසාවට විස්තර හොයා බලන එක විතරයි බං...
කවදා හරි වයසට ගිය දවසක අපිට කියන්න ඉතුරු වෙන්නේ ඔය වගේ අත්දැකීමක් විතරයි මචෝ
Deleteදැන් ඉතින් අපි වයසයිනේ බං...
Deleteඒකනේ මේ පරණ මතක එළියට අදින්නේ, හෙහ් හෙහ්...
බලහංකො අපේ පැත්තෙ තියෙන ලස්සන දේවල්. මේව වෙන කොහෙවත් නෑ. මමත් හරිම ආස කෑමක් සම්බෝලයි බතුයි. වෙන ලුනුමිරිසකුත් එක්ක බත් ඩිංගක් කන්න තිබුනනම් කියල වැඩක් නෑ.
ReplyDeleteමමත් ඒකනේ බං ගමට කැමති, කොහේ ගියත් ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන්...
Deleteකොහෙද මේ රස්සාවල් එක්ක ගමේ ඉන්න තියෙන කාලය සෑහෙන සීමා වෙලානේ බං තියෙන්නේ...
ගමේ ගියාම මටනම් අම්ම හදල තියෙන කෑම ඔක්කොම වගේ පට්ට රහයි...
පින්තූර ටික දැක්කම නම් ඇල්ල බලන්න යන්න ආසාවේ බෑ.
ReplyDeleteමටත් හිතෙනවා ආපහු එතනට ගිහින් එන්න, බයික් එකක යන එක වැඩිය ලේසි වෙයි වගේ...
Deleteමීට වඩා හොඳ හොඳ ෆොටෝ ටිකක් ගහගෙන එන්න ඕනේ...
මට ඔක්කොටම ඉස්සෙල්ල කියහං ඇයි අර ලෑන්ඩ් රෝවර් එක වික්කේ? කොහොමද ඒක කරන්න හිත හදාගත්තේ? කඩෛම ප්‍රශ්ණය. ඒක කීයක් විතරද මාකට් එක බං?
ReplyDeleteඕං බලහංකො ඉතිං ස්වභාව සෞන්දර්යය ගැන අහන්න තියෙද්දි මේ යකා අහපු ප්‍රශ්ණෙ. එක එක විදියෙ ඩයල් තියෙනවනෙ බං. It takes all those types to make a world.
මුලින් ඒක අවුරුදු දෙක හමාරක් තිස්සේ මාව විකුණුවා, ඊට පස්සේ ලෙඩ ටික හදල කරලා මම ඒක විකුණලා දැම්මා...
Deleteඅනිත් වාහන ගණන් වැඩි උනාට පස්සේ දැන් ඒකත් 24, 28 වගේ ගණන් වලට යනවා...
හොඳට මේන්ටේන් කරපු වාහනයක් බලල ගත්තොත් කිසි ගැටළුවක් නැහැ, මම ඉතින් දන්නේ නැද්ද. ගියා වටෙන් පිටෙන් බලල වාහනේ ගත්තා...
දෙපාරක්ම ඇණගත්තට පස්සේ මේ පාර ගත්තු වාහනේ (Subaru Forester SUV -2002) එක ගත්තේ ටිකක් හොයල බලලා දන්න කියන ගරාජ් එකකටත් පෙන්නලා...
ඒකනම් තාම වද දෙන්න ගත්තේ නැහැ, ඒක ටික ටික වද දෙන්නේ පොකට් එකට. දෙයියනේ කියල පෙට්‍රල් බොනවා...
///ඕං බලහංකො ඉතිං ස්වභාව සෞන්දර්යය ගැන අහන්න තියෙද්දි මේ යකා අහපු ප්‍රශ්ණෙ. එක එක විදියෙ ඩයල් තියෙනවනෙ බං. It takes all those types to make a world.///
අනිවා මචං...
අපිත් දැනගන්න ඕනේ ඒ ඒ ඩෑල් වලට හරියන විදිහට උත්තර දෙන්න. හෙහ් හෙහ්...
අහම්බෙන් වුනත් ගිහින් තියෙන්නේ නියම ගමනක්නේ.ලොකු පුතලාගේ ගමේ මොනවා හරි බලන්න වරදින්නේ නැහැ නේද ?
ReplyDeleteඔව් ඔව් ගමන සෑහෙන හොඳයි, පොඩ්ඩක් මහන්සි උනාට පාඩුවක් උනේ නැහැ...
Delete///ලොකු පුතලාගේ ගමේ මොනවා හරි බලන්න වරදින්නේ නැහැ නේද ?///
ඇත්තටම ඒ පැත්තේ සමහර දේවල් තියෙනවා මචං මමත් තාම දැකල නැති. අනිත් එක මම අපේ ගම කියල කිව්වට මම ගම කියල සළකනවා අපේ ඡන්ද කොට්ඨාශයම වගේ, ඒකයි කේස් එක. කොටින්ම කිව්වොත් ඒ අපේ ගං පළාත. හෙහ් හෙහ්...
කොහොමත් ඉතින් ඒ හැමතැනම මට ගම වගේ තමයි, කොහේ ගියත් ලොකු වෙනසක් නැහැ...
හරිම ලස්සන ගමක් වගේ...දොළ පාරවල් නිකන් වීදුරු වගේ නේ. හැබැයි කූdallo ඉන්නවා කිව්වම ලස්සන අමතක උනා. මම මේ ලෝකෙම්ම බයම සතා තමා ඕකා.
ReplyDeleteඅපේ ගම අවට සහ එතනින් තවත් ටිකක් එහාට ගියාම තියෙන්නේ පුදුම සුන්දර පරිසර පද්ධති. හැබැයි ඉතින් කූඩැල්ලෝ ඉන්නවා කියලා ඒ සුන්දරත්වය විඳින්න පසුබට වෙන එක අපරාධයක්...
Deleteකූඩැල්ලන්ගෙන් බේරෙන්න ක්‍රම ඕනේ තරම් තියෙනවනේ, අන්න ඒ මොනා හරි කරගෙන ගියාම ගැටළුවක් වෙන එකක් නැහැ...
කොහොමත් ගෑණු උදවියට එක එක ෆෝබියා තියෙනවනේ එක එක සත්තු වර්ග වලට, විශේෂයෙන් පුංචි පහේ සත්තුන්ට...
කැරපොත්තෝ, මකුළුවෝ වගේ. දැන් බලන්න සයුරිට තියෙන්නේ කූඩැළු ෆෝබියාව... ;)
ලොකූ ඔයා මගේ බල්ලා මල ඇල්ල පෝස්ට් එකට කමෙන්ට් කරලා තිබුණ දිය ඇල්ල නේද මේ? මට මතකයි ඔයා 'කහබත් ඇල්ල' කියලා එකක් ගැනත් කියලා තිබුණා. හරිම ලස්සනයි මේ ඇල්ල නම්...
ReplyDeleteමගේ ටු බී එක්ස්ප්ලෝර්ඩ් ලිස්ට් එකේ ඉහළටම මේ ඇල්ල ආවා. මට උදව් කරපං රත්තරනේ...
මම ඒකෙ කහබත් ඇල්ල ගැන කිව්වා බව මට මතක නැහැ, හැබැයි මේ කහබත් ඇල්ල නෙමෙයි. මේක කුරුපොඩි ඇල්ල...
Deleteඋඹට එන්න පුළුවන් දවසක් කියහන්, මට එන්න බැරි උනත් මම ජොකියෙක් ලෑස්ති කරන්නං උඹල එක්ක යන්න...
බයික් වල යනවනම් කිට්ටුවටම වගේ යා ගන්න බැරිවෙන එකක් නැහැ...
අර දොළ පාරවල් වලින් එගොඩ වෙන එක විතරනේ පොඩ්ඩක් අමාරු වැඩකට තියෙන්නේ...
මේවනෙ බ්ලොග්ස්. මමත් ලියල බලන් ඉන්නව කමෙන්ට්ස් වැටෙන කම්.= සුපිරියි හොඳෙ
ReplyDeleteගොඩක් ස්තුතියි හංසමාලි ළමයෝ...
Delete(මේ ඒක නෙමේ, ඔයා මාව මුරුංග බ්‍රාන්ච් එකේ එහෙම තියන්න හදනවා හෙම නෙමෙයිනේ... )
ගවරගිරිය කොහෙද තියෙන්නෙ?
ReplyDeletehttps://www.google.lk/maps/place/Gavaragiriya/@6.6590657,80.2352998,14z/data=!3m1!4b1!4m2!3m1!1s0x3ae3b7ddc3c4ef95:0x21738d607246226b?hl=en
Deleteමේ ඇවිල්ලා මෝල්කාව, කෙළින්කන්ද පැත්තට එහා පැත්තෙන් තියෙන පැරණි ගමක්...
ගවරා සම්බන්ධව පවතින තවත් එක ස්ථාන නාමයක්...
අයිතිවෙන්නේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට...
ලියපන්කො ආයමත් මොනවා හරි
ReplyDeleteඅම්බානක් බිසී වෙලා බං...
Deleteතව මාසයක් දෙකකින් තත්ත්වය සමනය වෙයි...
මොනවහරි ලියපංකෝ දෙවියනේ
ReplyDeleteඅම්බානක් බිසී බං...
Deleteවැඩ වැඩි උනහම මට ලියන්න බැහැ, ඒ වැඩ ගැන හිත හිතා ඉන්නවා මිසක්...
ඔය වර්ගයේ වාහනයකට මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ ඔය වහනය ගැන තවත් විස්තර ටිකක් පුළුවන් නම් දානවද ඕක හදන්න හොද ගරාජ් එකක් එහෙම තව සාමාන්යෙන් ගනන්වනම් කියක් වගේ ගානකට ද ගණන් ඕනෑ වගේ විස්තර ටිකක් දන ගණන් පුළුවන් ද
ReplyDeleteමචං,
Deleteමම උඹට ෆුල් විස්තරයක් දෙන්නම්...
උඹේ ෆෝන් නම්බර් එක කියල මට මේල් එකක් දාපං...
kelum1980@gmail.com
වැඩ පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් කෝල් එකක් දෙන්නම්...
මොකා ...මාකෙලි ඇල්ල කිව්වා ... ඒ කියන්නේ උඹ ඒ දිය ඇල්ලටත් කෙලිය එහෙනං ඈ ... කැතයි හොඳේ ... :-D
ReplyDeleteපට්ට ලස්සනයි බං, ලංකාවට ගොඩ බැහැපු වෙලාවකට කොළඹින් පිට යන එක තමයි මම කරන්නෙ. කාන්තාරේ ඉඳල ඇවිල්ල තවත් කාන්තාරෙක ඉන්නෙ මොන මගුලකටද ?
වෝටෆොල් හන්ටින් සහ කෑම්පින් මගේ ආසම විනෝදාංශ වලින් දෙකක්, කන්තාරෙ ඉන්නකං නම් Oasis & Fort හන්ටිං. ලොක්කො ආපු වෙලාවක සෙට් වෙන්න මම මේලක් දාන්නම් එවපංකෝ උඹේ නොම්මරේ !
ඔතන කෙලලා තියෙන්නේ මම නෙමෙයි කන්ඩෝ...
Deleteඕකටත් කෙළලා තියෙන්නේ අර විදියේ බණ්ඩාර උන්නැහේ වගේ තමයි මට මතක...
කුරුපොඩි ඇල්ල, කහබත් ඇල්ල වගේ දිය ඇලි වෝටෆෝල් හන්ටර්ස්ලටවත් අහු නොවිච්ච ඒවා කියලයි මට හිතෙන්නේ...
/// වෝටෆොල් හන්ටින් සහ කෑම්පින් මගේ ආසම විනෝදාංශ වලින් දෙකක්, ///
කාලෙකින් කෑම්පින් කලේ නැහැ කියහන්කෝ...
දැන් දැන් පවුල් බරත් එක්ක හැම දෙයක්ම ඉතා වේගයෙන් ඈත් වෙමින් පවතිනවා... ;(
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Delete