බ්ලොග් එක පාලුවට ගිහින්
දැන් මාස දෙකකට වැඩියි. ලියන්න ගත්තු පෝස්ට් ඔක්කොම වගේ බාගෙට ලියලා සේව් කරලා ඔහේ
තියෙනවා. නොලියන්න තියෙන ලොකුම හේතුව වැඩ වැඩි වීමටත් වඩා හිතේ නිස්කලංක බවක් නැති
කම. සතුටෙන් සමාදානයෙන් ටික දවසක් හිටියට වාහන කෙලියක් නිසා ඔළුව යකාගේ කම්මල වගේ
වෙලා. තාම ඒක සම්පුර්ණයෙන්ම ඉවර නැහැ. ඒවා පැත්තකට දාමුකෝ.
කලින් පෝස්ට් එකේදී
පොරොන්දු උන අර ලොකු වතුර වල බලන්න යන ගමනේ විස්තර තාම දාන්න බැරි උනා. මහ ජන්දෙට
කලින් දවසේ යාළුවො දෙන්නෙක් එක්ක ඒ ගමන ගියා. නොසෑහෙන කට්ටකුත් කෑවා. මහ වැස්සේ
හොඳට තෙමුනා. ඒ විස්තර තව දවසකින් කියන්නම්කෝ. දැනට ඒ ගැනත් ඇති වගේ...
බ්ලොග් එකේ මුස්පේන්තුකම
යන්නත් එක්ක මොනවහරි ලියන්න හිතාගෙන හිටියත් එහෙම කරන්නත් බැරි උනා. ලිවිල්ල
පැත්තක දාලා බලන්න පුළුවන් දෙයක් පෝස්ට් එකක් විදිහට දාල ජාමේ බේර ගන්න තමයි දැන්
මගේ කම්පනාව...
මේ කම්පනාව කියන වචනේ
වැරදිලා ලියෙව්වා එහෙම නෙමෙයි, හොඳද. එහෙම කියන්නේ මයේ ගෙදර උන්දෑ.
බ්ලොග් එකේ පාළුව
මැකෙන්නත් එක්ක පොඩි පහේ වීඩියෝ එකක් දාන්නම්.
වීඩියෝ එකේ මුල හරිය ටිකක් ඒකාකාරී වගේ දැනෙයි. එහෙමයි කියල නොබල ඉන්නේ නැතුව අන්තිම වෙනකල්ම බැලුවොත් තමයි වටින්නේ.
පොඩි අවුලකට තියෙන්නේ
ෆෝන් එකෙන් වීඩියෝ එක ගනිද්දී මම ඒක මොනිටර් එකකින් බලද්දී ගැලපෙන ඔරියන්ටේෂන්
එකෙන් නොගත්තු එක. සමහර විට මේක ක්‍රොප් කරලා ගන්න ක්‍රමත් ඇති. එහෙම ක්‍රමයක්
තියේනම් දන්න කෙනෙක් කියනවනම් තමයි වටින්නේ...
ඔන්න එහෙනම් ඈ...
යකෝ උඹ පොඩි එකා අර ජරා වතුර ටික බොනකල් බලා හිටියනේ. පොඩ්ඩට බඩේ අමාරුවක් හේම් හැදුනේ නැද්ද?
ReplyDeleteඌ ඒක අතට ගත්තු ගමන්ම ටිකක් බීල දැම්මා. ඒ එක්කම වගේ කොල්ලට ඇහෙන්න හයියෙන් උගුර පෑදුවත් ඌ නිකමට මාව ගණන් ගත්තේ නැහැ...
Deleteඅනික ටිකක් බිව්වට පස්සේ ඉතුරු ටික බොන එක නවත්තල දාන එක තේරුමකුත් නැහැනේ බං...
ඌට කිසි අවුලක් උනේ නැහැ...
මේ වෙනකොට නල්ලච්චිය වැවේ වතුර වලින් කාලක් විතර පෙවිලා අැති මට පිනන්න ඉගෙන ගන්නකොට..මේ ඉන්නෙ එල ද බ්‍රා වගේ
Deleteඋඹ "එළද බ්‍රා" උනේ ඒ වතුර බීපු නිසා වෙන්න ඇති...
Deleteඇයි ඉතින් වැව් වතුර ගහගෙන යන වතුර වගේ පිරිසිදු වෙන්නෙත් නැහැනේ...
පව් යකෝ පොඩි එකා , උඹව අල්ලලා දෙන්නොන ළමාරක්ෂක අධිකාරියට . ඕක බොනකන් උඹ බලන් හිටියද
ReplyDeleteතොට ඇහෙන්නේ නැද්ද කොල්ලා ඒක බොන වෙලාවේ හයියෙන් උගුර පාදනවා...
Deleteඌ නිකමට ගණන් ගත්තේ නැහැ...
ඊට වැඩිය විරෝධතාවයක් දැම්මේ නැත්තේ ඌට ඒක බොන්න තියෙන අයිතියට මම විරුද්ධ උනා කියල මාව ළමාරක්ෂක අධිකාරියට අරගෙන යයි කියල හිතලා...
අන්න කතාව ..ළමයි කරන හැම එකටම එපාාාාාාාාාා කියලා කෑ ගහන එවුන් ළමාරක්ෂක අධිකාරියට අරගෙන යන්න ඔනේ..
Deleteඅද උදේ මම සදුට කෑ ගැහැව්වා ළමයට හැම එකටම එපාාාාාාාාා කියන්න එපා..
Deleteමට ඔනේ කොල්ලෙක් මිසක් බොනික්කෙක් නෙමෙයි කියලා.
ඒක ඇත්ත බං හැම එකටම එපා කියන්න කොහොමටත් හොඳ නැහැ...
Deleteඅපේ එකා කරන සමහර මැරෑටි වැඩ දැකලා අපි නොදැක්කා වගේ අහක බලාගෙන හිනාවෙලා ඉන්න වෙලාවල් තියෙනවා...
උඹල මරු තාත්තල දෙන්නෙක් බං. මාත් ඒ වගේ වෙනවා... :-)
DeleteHi hi..hi.. gahe Katu ulkala manada?
ReplyDeleteමේ මොන කොටසට අදාළවද...
Deleteඅඔ බෝතලයට අදාලව
Deleteඑදායින් පස්සේ තාම අඹ බිව්වේ නැහැ...
Deleteපොඩි එකා බිව්ව ඒව හොඳයි බං අඹ වලට වැඩිය.
Delete///පොඩි එකා බිව්ව ඒව හොඳයි බං අඹ වලට වැඩිය.///
Deleteඅනිවා මචං...
තෝ නං තාත්තෙක් නෙමෙයි කාක්කෙක්
ReplyDeleteපල යන්න...
Deleteහපොයි... :O
ReplyDeleteපොඩි උන්ව ගොඩක් පරිස්සම් කරන්න ඕනේ නැහැ කියන මතයේ ළමයෝ මම ඉන්නේ...
Deleteමේ වතුර ටික එයාට දුන්නේ මමමයි...
බයික් එකෙත් ජරාවක් නැහැ...
එයා බයික් එක අතින් අල්ල අල්ල වතුර එකට අත දැම්මා මිසක් ඒ වතුර එකේ ලොකු අවුලක් නැහැ, සමහර වෙලාවට පොඩි එකා බිම ලෙව කනවත් එක්ක...
ඒ නිසා ඒ වතුර එක බොන එක අවුලක් නැහැ කියලයි මටනම් හිතුනේ...
මෙන්න තාත්තිලා
ReplyDelete+++++++++++++
Deleteවිදානේ,
Deleteඋඹ මොකද මෙතන "තාත්ති තාත්ති" ගාන්නේ...
මට පේන්න බැරි වචනයක් ඕක...
දේශක යා,
උඹ උල්පන්දම් දෙන්නේ අහවල් එකටද...
මෙතන විඩියෝ එකක් නෑ බං..මගේ කම්පියුටරේ අවුලක්ද දන්නෙ නෑ..රායිට් දැන් ආවා..උඔ මට මේක පෙන්නුවා..එල ද බ්‍රා..
ReplyDeleteකොල්ලො එහමයි
තාත්තලත් එහමයි
මේ ලගදි පොඩි මෙන්ඩට ලොකු විස්තරයක් කිව්වා උඔ සම්බන්ද කරලා..සත්තුන්ට ආදරය කරන ඒකේ වටිනාකම..මට ඔනේ ඌ ගහට කොලට සතා සිව්පාවට ආදරය කරන මිනිහෙක් වෙන්න..
පොඩි එකාව එහෙම හදන්න පොඩි කාලේ ඉඳලම ඌට කුරුල්ලෝ සත්තු ගැන හොයල බලන්න පුරුදු කරපන්...
Deleteගෙදරදීම වැඩේ පටන් ගන්න පුළුවන්,
වැඩිය ඕනේ නැහැ, කුඹි පේළියක් යද්දී උන් කරන දේවල්, කුරුල්ලන්ගේ හැසීරීම් වගේ දේවල් බලන් ඉන්න පුරුදු උනොත් ඉබේම පරිසරය ගැන කැමැත්තක් ආදරයක් ඇති වේවි...
මං ගාව තියෙනව බං "දෙවන ප්‍රමාණය ස්වාභාවික අධ්‍යයනය" කියල පරණ ඉස්කෝල පොතක්. ඒකෙ තියෙන දේවල් කියෙව්වම පුදුමයි බං. ඒ කාලෙ පොඩ්උංට ඉස්කෝලෙ කාලෙදිම ගහ කොළ ගැන සතා සිවුපාව ගැන කියා දීලා තියෙන හැටි දැක්කම...
Deleteමගේ ගාව තියෙනවා පරණ සිංහල පොතක්. 10 වසරේද කොහෙද. 1960 ගණන් වලද කොහෙද. ඒ පොතේ තියෙන පාඩම් අපේ කාලේ ඒවාට වඩා හරි රසවත්. මම අදටත් ඒ පොත සරින් සැරේ බලනවා...
Deleteපොඩි උන්ට පොඩි කාලෙදිමයි පරිසරයට මුහු වෙන්න ඉඩ ප්‍රස්ථාව සලසලා දෙන්න ඕනේ...
අවුරැදු 3 දි මම පොඩි මෙන්ඩාව මුහුදේ අත අරිනවා මු යට ගිහින් උඩ එනවා වතුර පෙවිලා කැහැ කැහැ..සදු කෑ ගගහා වෙරලේ එහට දුවනවා මෙහට දුවනවා මාත් එක්ක රන්ඩු වුනා ඒ වුනාට ඌ අද වතුරට පොඩ්ඩක්වත් බය නෑ..
ReplyDeleteඋන්ට මුකුත් වෙන්නෙ නෑ බං... අපිට වඩා හොදට අවුරුදු 3ට අඩු එවුන් පීනනව... උන් බඩේ ඉන්නෙත් වතුර මල්ලක තමයි... ඒක් ඕක කිව්වම අම්මලටයි, සමහර තාත්තලටයි මල පනිනව... ඕනවට වඩා පරිස්සම් කරන අස්සයට රේස් දුවන්න බෑ නේ... උෟට පුළුවන් ඉස්තාලෙ වටේ දුවන්න විතරයි...
Deleteඅක්කන්ඩි කට ඇරපන් ගාල් කාලක් වක් කරන්න..
Deleteමම මේ ඉරිදට බොන්න තියාගෙන හිටපු ගල් බෝතලේ...කමක් නෑ උඔ බිපන්..
මෙන්ඩෝ,
Deleteඅපේ රට වටේ මුහුද, රට ඇතුලේ අම්බානක වැව්, ඇල දොළ ගංගාවල තිබුනට පීනන්න පුළුවන් කීයෙන් කී දෙනාටද...
උඹ කරපු වැඩේ එළ...
අපිත් දැන් අකුණු ගහන්නේ නැතුව ශේප් එකේ වහින වෙලාවට පොඩි එකාට එළියට බැහැලා නාන්න දෙනවා...
පොඩි උන්ට පොඩි උන් විදිහට ඉන්න දෙන්න ඕනේ බං...
කව්ෂි,
Delete///ඕනවට වඩා පරිස්සම් කරන අස්සයට රේස් දුවන්න බෑ නේ... උෟට පුළුවන් ඉස්තාලෙ වටේ දුවන්න විතරයි...///
මෙන්න මේ කතාවටනම් අර මෙන්ඩා කියපු විදිහට ගල් කාලක් නැතත් මසුරන් ටිකක් හරි දැම්මට කමක් නැහැ..
කව්ෂි කියන කතාව සම්පුර්ණ ඇත්ත...
අපේ මිනිස්සු ළමයින්ව එක එක ෆෝමැට් වල දාගෙන හදන්න යන නිසා තමයි ළමයි නිකන් පඹයෝ වගේ වෙලා ඉන්නේ...
මට දවසක පුලුවන් වුනොත් පොඩි එකාව වැස්සට දාන්න
Deleteපහුවෙනිදට වරෙන් මාව බලන්න හදිසි අනතුරැ ඒකකයට
ඒකත් එහෙමද... ;(
Deleteඅපේ එකාට තාම අවුරුදු දෙකයි බං...
ඌ වැස්සේ නාන වීඩියෝ එකකුත් ඇති...
අක්කණ්ඩි.. හිහ් හිහ්.. මෙන්ඩ දවසෙන් දවස තිරිහන් වෙනවද කොහෙද.. :v
Deleteඋඔ කියන්නේ කමියා මට අවුරැදු 30 පන්න ගන්න අවුරැදු පහක්ම ගියා..
Deleteඒ කියන්නෙ මූ අවුරුදු 30 යි කියනකොට මූගේ වයස අවුරුදු 150 ක්.
Deleteයකෝ මෙන්ඩව ගිනස් වාර්ථා පොතට දාන්න ඕනනේ එහෙනම්...
Deleteමේකෙ වීඩියෝ එක මට පේන්නෙ නෑ, ඒත් කමෙන්ට් වලින් තේරුම් ගත්ත දෙයක් තමයි පොඩි එකා ජරා වතුර එකක් බොනකම් උඹ බලාගෙන ඉන්නව.
ReplyDeleteඅපේ එකා පොඩිකාලෙ මල් වාස් එකක මල් ටික විසි කරල පල් වතුර ටික බිවුව . මම විතරයි දැක්කෙ කාටවත් කිවුවෙ නැතිව දවසම ඇහැ දාගෙන හිටිය අවුලක් උනේ නෑ
ඇයි කම්මලයෝ ලොකු එදා අපිට පෙන්නුවේ...
Deleteඑ්වා බලන්න මතක/ සිහිය තිබුන නම් තව කාලක් බොනවානේ
මිට
කම්මල
@කම්මලේ,
Delete///අපේ එකා පොඩිකාලෙ මල් වාස් එකක මල් ටික විසි කරල පල් වතුර ටික බිවුව . මම විතරයි දැක්කෙ කාටවත් කිවුවෙ නැතිව දවසම ඇහැ දාගෙන හිටිය අවුලක් උනේ නෑ///
ඒ කියන්නේ මම වගේ තව එව්වොත් ඉන්නවා...
එළ එළ...
ළමයින්ව පරිස්සම් කරන්න ඕනේ දේවල් තියෙනවා, නමුත් එහෙමයි කියල අනවශ්‍ය විදිහට උන්ව බෝනික්කෝ කලොත් උන් ලෙඩ්ඩු වෙනවා...
විෂබීජ වලටත් ඔරොත්තු දෙන්න පුරුදු වෙන එක හොඳයි...
නැද්ද බං...
@ මෙන්ඩෝ,
///ඇයි කම්මලයෝ ලොකු එදා අපිට පෙන්නුවේ...///
කවදද බං... ;)
ඇයි බං අඔ බිපු දවසේ
Deleteආ... ඔව් නේන්නම්...
Deleteඅඹ බීපු දවසේ මට ගේ තියෙන තැන හොයා ගන්න බැරුව කමියත් එක්ක ගේ පහු කරගෙන ගියා... හෙහ් හෙහ්...
// විෂබීජ වලටත් ඔරොත්තු දෙන්න පුරුදු වෙන එක හොඳයි...// මගේ රස්සාවට හොඳ නැති නිසා මන් මේක වැඩිය කියන්නේ නෑ. නැත්නම් මාත් එහෙමයි හිතන්නේ.. මොකද මං අහල තියෙන විදියට බෙහෙත් පැලැටි වලට කවදාවත් වතුර පොහොර දාල හදන්නේ නෑ. ඒ බාධක ජයගන්න පැලේ ඇතුලෙන් බිහිවෙන ශක්තිය තමයි 'බෙහෙත' වෙන්නේ.. අපි පිට ඉඳන් ඒ බාධක අයින් කරලා දුන්නම ගහ ඔහේ හැදෙනවා විතරයි බ්‍රොයිලර් කුකුල්ලු වගේ.. මෙලෝ 'බෙහෙත්' ගතියක් නෑ..
Delete///ඒ බාධක ජයගන්න පැලේ ඇතුලෙන් බිහිවෙන ශක්තිය තමයි 'බෙහෙත' වෙන්නේ.. අපි පිට ඉඳන් ඒ බාධක අයින් කරලා දුන්නම ගහ ඔහේ හැදෙනවා විතරයි බ්‍රොයිලර් කුකුල්ලු වගේ.. මෙලෝ 'බෙහෙත්' ගතියක් නෑ..///
Deleteනියම පැහැදිලි කිරීම කමියා...
පව් අප්පා ළමයි...
වීඩියෝ එක එන්නේ නෑ බං...මට නම් මේක බලන්නම ඕන..
ReplyDeleteලොකු කියන්නෙ මුන ගැහුන එක විනාඩි 10ට පොඩි මෙන්ඩාගේ විරයෙක් වෙච්ච එකෙක්..එහම එකාගේ පොඩි එකා ගැන කියන්න ඔනේ නෑනේ..
Deleteමචං මනෝ,
Deleteඋඹ ෆෝන් එකෙන්ද බැලුවේ...
මම අප්ලෝඩ් කලේ යු ටියුබ් එකට දාන්න පුළුවන් තරමේ වීඩියෝ එකක්...
බැරිම උනොත් කියපන් මම වෙන කොහෙට හරි අප්ලෝඩ් කරලා ලින්ක් එකක් දාන්න බලන්න...
දැනුත් ට්‍රයි එකක් දැම්මා වීඩියෝ එක පේන්නේ නැ මචං....
Deleteමෙන්ඩා මම වෙලාවක එන්නම් පොඩි මෙන්ඩවත් බලලා උමවත් මුන ගැහිලා යන්න..
පත්තරයා ලංකාවට ආපු ගමන් උඔලා අපේ ගෙදර ගෙනල්ලා බත් කටක් දෙනවා
DeleteThis comment has been removed by the author.
Deleteබත් විතරද? ගල් නැද්ද?
Deleteලොකු PC එකෙන් බැලුවේ බං..ඒත් ආවේ නෑ..ලොකු මොකද ආතරයා මකලා....
Deleteඑතකොට මෙන්ඩා අපිට පාටියක් දෙන්නද යන්නේ...
මෙන්ඩෝ එදාට ගල් නම් බැහැ, නැද්ද බං දෙමළ න යන්න...
Deleteමනෝ,
මේක ටිකක් ලෝඩ් වෙන්න වෙලා යනවා මචෝ. මුණ ගැහිච්ච වෙලාවක මම උඹට මේක පෙන්නනම්...
ආතරයා මැකුවේ වැරදි කමෙන්ට් එකක් වැරදි තැන දාපු නිසා මිසක් කම්මලයගේ ලෙඩේ නිසා නෙමෙයි... :)
හැක්... කොල්ල ලස්සනට වාහනේ සර්විස් කරල අන්තිමට මිනිහත් සර්විස් වෙනව.
ReplyDeleteමොනව උනත් මල් වගේ ළමයි හැදුවොත්නං අන්තිමට වෙන්නෙ සතියට දෙපාරක් තුංපාරක් ඉස්පිරිදාලෙ අරං දුවන්න තමයි. ඒ හින්ද ඔය වගේ දෙයක් උනාට ගනං ගන්න දෙයක් නෑ. හැබැයි ඉතිං ඔය වස විස ජාති අතට අහුවෙන්නැති විදියට තියන්න වෙයි.
කොල්ලා ඒ බයික් එක හේදුවට ඊට කලින් බයික් එකක් හෝදනවා දකින්න විදිහක් තිබුනේ නැහැ, අපි දෙන්න කතා උනේ මු නම් ගිය ආත්මේ සර්විස් එකක් වැඩ කරපු එකෙක්ද කොහෙද කියලා...
Deleteඋඹ කියන කතාව සහතික ඇත්ත මචං...
වස විස, බෙහෙත් ජාති, ගෑණුන්ගේ සරුවාන්ගේ උලන හතර වරම් ක්‍රීම් බීම ආදී ආලේපන වර්ග ඔක්කොම පොඩි එවුන්ට ගන්න බැරි තැන් වල තියන එක තමයි හොඳම දේ...
සීදේවි පොඩි එකා.. උඹ ඔය විස්තරේ කිව්ව වගේ මතකයි හම්බුන වෙලාවක... කොල්ලට වුලක් නැත්තං කමක් නෑ.. හැබැයි රජෝ පරිස්සමින්... නැති වෙළාවටත් ඔය වගේ නසරානි වැඩ කරයි...
ReplyDeleteඔව් ඔව් එදා මේ වීඩියෝව කීප දෙනෙකුට පෙන්නුවා...
Deleteඋඹටත් ඒ වෙලාවේ විස්තරේ කියන්න ඇති...
මේකා මෙහෙම හිටියට හෙන ඇණ පැකට් එක, පුදුම වදයක් දෙනවා සමහර වෙලාවට. සමහර වෙලාවට හෙන ආතල් වැඩ කරන්නේ.
මේ හොඳම කාලෙනේ පොඩි එවුන්ගේ...
///නැති වෙළාවටත් ඔය වගේ නසරානි වැඩ කරයි...///
ඒ වගේ නසරානි වැඩ අනන්තවත් කරන නිසා හැම තිස්සෙම මෙයා ගැන ඇහැ ගහගෙන ඉන්න වෙලා තියෙන්නේ බං...
ලොකු මටත් වීඩියෝ එක පේන්නේ නැහැ.එත් අවුලක් නැහැ කමෙන්ට් වලින් කතාව තේරුම් ගත්තා.
ReplyDeleteළමයි ගැන ඇහැ ගහගෙන ඉන්නවා වගේම උන්ගේ ළමා කාලය උන්ට අත්විදින්න දෙන්න ඕනේ අනිවර්යෙන්ම.
වීඩියෝ එක පේන්නේ නැත්තේ කැපසිටි එක වැඩි නිසා වෙන්න ඇති මචන්...
Deleteසමහර විට ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් වෙලා නැද්ද දන්නෙත් නැහැ...
ඒක අප්ඩේට් කරලා බලපන්...
අපි පොඩි කාලේ වගේ නෙමෙයි දැන් පොඩි එවුන් ගැන ගොඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනේ, ඒකට හේතු ගොඩයි.
ඉස්සරට වඩා අවධානම් සහගත දේවල් ගෙවල් ඇතුලෙත් වැඩි නිසාත් (ගෙවල් ඇතුලේ බඩු මුට්ටු වැඩි නිසා සහ ඉඩකඩ අඩු නිසා සහ විදුලියෙන් ක්‍රියා කරන උපකරණ ඇති නිසා සහ ප්ලග් පොයින්ට් අස්සට ඇඟිලි දාන්න පුළුවන් නිසා), ජෙනරේෂන් වෙනස අනුව ළමයි දඟ වැඩි වෙලා තියෙන බවක් පෙන නිසාත් (මේවට TV එහමත් බලපානවා ඇති)
ලියන්න ගියොත් තව දේවල් තොගයක් කල්පනා කරලා ලිව්වහැකි...
Hooow hooow.. mage job ekata kelinnada hadanne e para..hak hak..
Deleteඋඹ බලන්නේ සයිට් වල සේෆ්ටි නේ, අපි මේ බැලුවේ ගෙවල් ඇතුලේ සේෆ්ටි ගැන...
Deleteජොබ ගැන බය වෙන්න එපා, ජොබ් සේෆ්ටි ඊස් ඕකේ...
මේ කොල්ලට සෑහෙන්න ඥාණයක් තියෙනවා බං. සයිකලේ හෝදන ඩීටේල් විදිහ නම් නියමයි. එක්කො උඹ බයික් එකක් හෝදනවා හොඳට බලාගෙන ඉඳලා ඉගෙන ගෙන වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මේ වයසෙදි මෙහෙම තේරෙනවා නම් හොඳ අනාගතයක් තියෙනවා. අර මෙන්ඩ පොඩිකාලේ ඉස්කෝලෙ කෙල්ලන්ගෙ තන් මිරිකලා බ්‍රා හදන්න ගියා වගේ.
ReplyDeleteඉයන්,
Deleteමම දැනුවත්ව මෙයා කවදාවත් බයිසිකලයක් හෝදනවා දැකල නැහැ, මගේ ගාවවත් අපි දෙගොල්ලන්ගෙම මහ ගෙවල් වලවත් බයිසිකල් නැහැ.
සමහර විට tv එකෙන් වගේ දැක්කද දන්නේ නැහැ.
අපි දෙන්නා මේ වීඩියෝව බලලා කතා උනේ මේකා ගිය ආත්මේ සර්විස් එකක වැඩ කරලා තියෙනවද කොහෙද කියලා.
මමත් ඒ වෙලාවේ කිසි දේකට බාධා නොකර (වතුර එක බොද්දි පවා) මේක වීඩියෝ කලේ මේ සිද්ධිය හරි ඉන්ටරෙස්ටින් නිසා.
මේ වෙද්දී එයාට වයස හරියටම අවුරුදු දෙකයි දවස් අටයි.
තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකට...
ඉයන් කියනවා වගේ බලපන් මගේ අධිෂ්ඨාන ශක්තිය..?
Deleteරා කට්ටකුයි මඥ්ඥොක්කා කෑල්ලකුයි ඉතුරැයි..
Deleteකොහොමද බං? කෝල් එකක් දෙන්නවත් බැරි වුණා. දන්නවනෙ පහුගිය ටිකේ වෙච්ච සීන් කෝන් එක.
ReplyDeleteතාත්තා වාහනේ හෝදනවා බලා ඉඳලද කොහෙද පුත්තරයත් දෙනවා එළටම සර්විස් එක.
මම හිතුවේ උඹ බිසී වෙලය කියලා, පස්සේ කාගේ හරි පෝස්ට් එකකින් තමයි දැක්කේ උඹ අසනීප වෙලා ඉඳලය කියන එක...
Deleteමම කොහෙද බං වාහන හෝදන්නෙ, වාහනේ ඉබේ වැස්සකට හේදුනොත් මිසක් මට මාර කම්මැලියි ඔය කෝස් එකට...
අද තමයි ඉස්සෙල්ලම මේ පැත්තට ආවේ ලොකු පුතේ... කොල්ලට සංසාර පුරුද්දක් තියෙනවා වගේ බයිසිකල් හෝදලා ...දරුවට අර වතුර එක බොන්න දීපු එක නම් හරි නැහැ බන්...
ReplyDeleteඔව් ඔව්...
Deleteඋඹ මෙහාට අලුත් කියල මටත් මතකයි...
සාදරයෙන් පිළිගන්නවා...
ඌ කලින් ආත්මෙක වැඩ කරලා තියෙන්නේ සර්විස් සෙන්ටර් එකකද කොහෙද...
අපි දෙන්නගෙත් අවසාන තීරණය උනේ එහමයි...
කොල්ල අර වතුර පොඩ්ඩක් බිව්වට පස්සේ ආපහු ඌව නතර කරන එක තේරුමක් නැහැ කියලයි මචං මට හිතුනේ...
ඌ අදටත් එහෙමයි, එක එක ජරාව කටේ දා ගන්නවා, ඒ නිසාමද කොහෙද ඌව අනිත් ළමයින්ව වගේ හැම තිස්සෙම දොස්තරලා ගාවට උස්සගෙන යන්න ඕනේ වෙන්නේ නැහැ...
ඒයි..ලියපන්කෝ අලුත් එකක්
ReplyDelete