Saturday 30 January 2016

කළු කොටියාගෙන් මාදෙයියාවට...

කරන්නට හරි හමන් වැඩක් නැතුව ඉපිසියට වෙලා හිටපු දවස් ටිකේ කලෙත් අනිත් බ්ලොග් වලට කමෙන්ට් කොටපු එක. එහෙම නැත්නම් මුණු පොතේ ලැගගෙන ඉඳපු එක. පස්සෙන් පහු දැඩි තීරණයක් ගත්තා හැමදාම නෙට් යද්දී ඉබේම ඕපන් වෙන මුණු පොතේ ලින්ක් එක අහක් කරලා දානවා කියලා. ඒත් කොහෙද, සැරින් සැරේ ගිහින් එබිලා බලලා එන්න හිතෙනවා.
කරුමෙට කකුල් හතරයි කියන්නැහේ එක පාරටම අම්මබානක බිසී වෙන්නත් සිද්ධ වෙච්ච නිසා බාගයක් තියලා තිබ්බ මේ පෝස්ට් එකේ ඉතුරු ටික ලියන එක එන්න එන්නම කල් දාන්න සිද්ධ උනා. ආපහු ඉඩවරක් ලැබෙන විනාඩි දහයෙන් පහළවෙන් තමයි පෝස්ට් එක ටිකෙන් ටික ලියලා එකලාසයක් කර ගන්න සිද්ධ වෙන්නේ. වෙලාව තිබුනත් හැම තිස්සෙම මගේ මෙසේ ගාව කැරකෙන සහ මාව මුණ ගැහෙන්න එන එව්වෝ එන්නේ මම ඉන්න තැනට පිටිපස්සෙන් නිසා මගේ මොනිටරේට රබර් ඇස් වදිනවා වැඩියි. ඒ නිසා නිදහස් වෙලාවක් තිබුනත් කවුරුවත් මගේ මොනිටරේ අහලක නැති වෙලාවට තමයි මට මොනවා හරි ලියන්න සිද්ධ වෙන්නේ. හරි දැන් ඉතින් කතාවට යමු.

ඔන්න ඉතින් මම කලින් හිතාගෙන හිටපු විදිහටම සහ කලින් කළු කොටියා ගැන කියපු පෝස්ට් එකේ කියපු විදිහටම 2014 අගෝස්තු මාසේ තිබ්බ මහ මැතිවරණ  නිවාඩුවට ගමේ ගියා, කලින් වතාවේ වගේම වයිෆ්ට ඡන්දේ තිබුනේ කොළඹ. මට ගමේ. ඒ නිසා මම ගියේ තනියම. ඒ දවස් වල ළඟ තිබ්බ වාහනෙත් විකුණලා නිසා බස් වල, ටැක්සි වල තමයි ගමන බිමන. එදා හවස් වරුවේ බස් වල යන්න බැරි මට්ටමට සෙනග වැඩි බවක් තේරිච්ච නිසා බජට් ටැක්සි එකක යන්න හිතාගෙන හිටියත් ඒ ගැටළුවට හොඳ විසඳුමක් ලැබුණා. අපේ කමියා ගාල්ලේ යනවා කියපු නිසා මමත් ඌ එක්ක එල්ලිලා ගමේ යන්න කියල පිටත් උනා. හයිවේ එකට දාල ටික දුර යද්දී තමයි මතක් උනේ දොඩම්ගොඩින් එළියට බැහැල කමිය මාව හැලුවට පස්සේ ඉතුරු ටික යන්න වෙන්නේ බස් එකේ නේද කියලා. කොළඹින් බස් එකේ සෙනග වැඩියි වගේම ඒ හරියෙදිත් බස් වල සෙනගනේ. ඒ නිසා ගමේ යාළුවෙකුට වහාම මාව අරගෙන යන්න එන්න කියලා පණිවිඩේ දුන්නා. ඒත් කමි මට කිව්වේ කමක් නැහැ මාව ගෙදරටම දාල එන්නම් කියලා. ඒ ගමන දුර වැඩියි. මාව දාන්න ගියොත් කමියට ගෙදර යන්න වෙන්නේ යක්කු ගස් නගින ජාමේ. ආගිය කතා කතා කර කර ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් අපි දෙන්නා දොඩම්ගොඩ එක්සිට් එකෙන් එළියටත් ආවා. මාව එතනින් හලපු කමියා ආපහු හයිවේ එකට එන්ටර් වෙලා ගාල්ලේ යන්න පිටත් උනා. ඒ වෙද්දී මාව එක්ක යන්න ආපු ත්‍රිවිල් මිත්‍රයත් ඇවිත් උන්නේ.

ඔන්න අපි දෙන්න දැන් ගම්පියස බලා පිටත් වෙනවා. ගෙදර කිව්වට ගෙදර යන්න කලින් යන්න තියෙන ගමන් කීපයක් ගිහින්ම ගෙදර යන්නයි මම හිතාගෙන හිටියේ. මම එදා ගමේ එන බව ආරංචිය අහපු මගේ රථාචාරියෝ දෙන්න මම එනකල් මග බලාගෙන ඉන්නවා කියන පණිවිඩේ මම කොළඹින් පිටත් වෙන්න කලින්ම මට දැනුම් දීලයි තිබුනේ. මගේ ප්‍රමාදය නිසා දෙන්නත් එක්ක ලත්පඳුර හන්දියේ බාර් එකට ගිහින් පොඩ්ඩක් අනුමත වෙලා තිබුනා. මම යන්නත් කලින් දෙන්නගෙන් එකෙකුට ටිකක් වැඩිවෙලා බස් එකක නැගලා ගෙදර ගිහින් තිබුනා. අනිකා තමයි උගේ වාහනෙත් පාක් කරන්න අරගෙන ගිහින් තිබුනේ. ගෙදර ගිහින් තිබුනේ අජිත්, මම එනකල් බලාගෙන හිටියේ චානක. චානක එක්ක පොඩි චැටක් දාගෙන ඉඳලා වාහනේ හදන්න තියෙන ඒවා හොයල බලලා ඌවත් වාහනේ එක්කම පිටත් කරලා, හන්දියේ ඉන්න යාළු මිත්‍රයෝ එහෙමත් මුණ ගැහිලා ගෙදර යනකොට ටිකක් රෑ උනා. ඒ අතරේ වෙච්ච දේවල් කියන්න දෙයක් නැහැනේ. ඔව් ඔව් එහෙම තමයි උනේ. ගමේ ගියාම ගමේ යාළුවො ආස්සරය කරන්නත් එපැයි.

පහුවෙනිදා පස්ස පැත්තට අව්ව වැටෙනකල් හිතේ හැටියට නිදා ගත්තා. ගමේ ගිහින් මගේ පරණ ඇඳේ හිතේ හැටියට නිදා ගන්න එකෙන් දැනෙන්නේ පුදුම සනීපයක්. කොළඹ ඉන්නවා වගේ නෙමෙයි හොඳ සනීපෙට  නින්ද යනවා. කොළඹදී නින්ද කැඩිලා මගදී ඇහැරුනොත් එහෙම ආපහු නින්ද යනවා බොරු. එහෙදි එහෙම නැහැ, මළා වගේ තමා පුදුම වෙනසක් තියෙන්නේ.
එදා දවසෙම වගේ හිටියේ ගෙදර, හවස් අතේ පොඩ්ඩක් පාර දිහාට ගියත් වැඩිය කළුවර වැටෙන්න කලියෙන් ගෙදර ආවා. ඒ එන්න කලින් ගමේ යාළුවෙක්ව කතා කර ගත්තා පහුවෙනිදා සෝමේ මාමලාගේ දිහා යන්න, උගේ බයිසි මොටෝ එකෙන්. ගමනක් යන්න තියෙනවා කියල බැලුවේ නැහැ පහුවෙනිදා උදේත් මම ඇහැරුනේ අටත් පහුවෙලා. මුලින්ම කලේ මිත්තරයට කෝල් එකක් දීපු එක, මගේ කෝල් එකට තමයි දෙයියනේ කියල ඌත් ඇහැරුනේ.

උදේට හීල් බත් පිඟානක් ඇදලා ඇරලා කලිසමකුයි, ටී කමිසෙකුයි දාගෙන බලාගෙන හිටියා යාළුවා ඒ කියන්නේ එරංගය එනකල්. වැඩිවෙලාවක් බලන් ඉන්න උනේ නැහැ විනාඩි දහයකින් පහළොහකින් වගේ ඌ අපේ ගෙදරට ආවා. දෙන්නත් එක්ක ගමන යන්න පිටත් වෙද්දී වෙලාව උදේ 09:00 ට වගේ ඇති. බයික් එකේ නැගගත්තු අපි දෙන්න බදුරලිය හන්දිය දිහාට යද්දී අතරමගදී හන්දිය පැත්තේ ඉඳල උදේ රැයින්ම වැඩ අල්ලන්න බලාගෙන (ඔව් ඔව් අපිත් ඇතුළුවම තමයි) ඌරු මස් වගයකුත් අරගෙන මගේ යාළු මිත්‍රයෝ දෙන්නෙක් වෙච්ච රුවනයි, නිලන්තයයි ගෙවල් පැත්ත බලා ඇදෙනවා. උන් දෙන්න අපිව දැකල බයික් එක නතර කලා.

“කොහෙද බං යන්නේ” කියල අහපු රුවනට එරංගය කිව්වේ “මෙන්න මුගේ වැඩකට ගරාජ් එකකට යනවා බං” කියලා. මේ එදා දවසේ මතක තියෙන විදිහට ඌ කියපු පළවෙනි බොරුව.
මටත් කම්මැලියි බං, දැන් උඹල නැතුව දැන් මේ වැඩේ පටන් ගන්න වෙන්නෙත් නැහැනේ. එහෙම කිව්ව රුවනා බයික් එක හරව ගත්තා. බයික් එකේ පිටිපස්සේ මස් ටික කවරෙක දාගෙන එල්ලගෙන හිටපු නිලන්තය උඩබිම බලනවා. උඹව බදුරලිය හන්දියට ගෙනිහින් දාන්නම්, බස් එකේ නැගලා ගෙදර ගිහින් අපි එද්දී මස් ටික හදල තියපන් කියන උපදෙසත් දීලා අපි තුන් දෙනා ගමන පිටත් වෙන්නයි ලෑස්තිය.

හන්දියේ ඉන්දිකයගේ කඩෙන් “පැයකින් දෙන පොරොන්දුව” පිට උගේ කසිකබල් හෙල්මට් එකත් ඉල්ල ගත්තා. ඒ දවසේ දෙවෙනි බොරුව. ඒකෙ අමුණන ගැජට් එක කැඩිලා, බයික් එක හැප්පුනොත් මට කලින් හෙල්මට් එක විසි වෙනවා. ඒ තියා බයික් එක ටිකක් හයියෙන් යද්දී වදින හුලන් පාරටත් ඒක විසික්ක වෙන්න හදනවා.
කලවාන පාර දිගේ ගිහින් අත්වැල්තොට හන්දියෙන් දෙනිහේන කියන ගමට හැරෙන පාරෙ තමයි අපි යන්න ඕනේ. අත්වැල්තොට කඩේකින් සිගරැට් 20 පැකට් එකක් ගත්තා සෝමේ මාමට. බුලත් විට හෙව්වට හම්බ උනේ නැහැ. අපි හන්දියට යද්දී පොලිසියේ කීප දෙනෙක් සහ සිවිල් මිනිස්සු කීප දෙනෙක් බොහොම අපහසුවෙන් බිත්ති වල ඇලිල උන්නු ඡන්ද අපේක්ෂකයින්ගේ මුණු ගලවනවා.

ඒකත් බලා කියාගෙන මමයි එරංගයි ගමන පටන් ගත්තත් රුවන එතැනදී මුණ ගැහිච්ච කාත් එක්කද කදයක් දාගෙන හිටියා. අපි ඩබල් දාගෙන ගියපු නිසා තමයි ඉක්මණට පිටත් උනේ. කිලෝ මීටර තුනක් හතරක් ගියත් රෝසා පේන්න නැති නිසා මගදී හම්බ වෙච්ච ඕනේ දෙයක් ගන්න තියෙන වර්ගයේ ගමේ කඩයක් ගාව අපි දෙන්න නතර උනා. විනාඩි පහක් දහයක් වගේ යද්දී ඌ ආවේ තොපි දෙන්න මාව මරන්න අරගෙන යනවද, “මේ කැලේ මැද්දේ කොහෙන්ද ගැරාජ්” කියාගෙන. යන දිහාව වැඩක් නැහැනේ යමං කියලා ඌව තවත් ටිකක් බයිට් කරලා තුන් දෙනාගෙන හෙල්මට් ගලවලා කඩේ හිටපු මුදලාලි මල්ලිට බාර දීලා ගමන පිටත් උනා.
හෙල්මට් ගැලෙව්වේ නැත්නම් අපි වලවල් වල වැටෙනකොට, ගල් ගෙඩි උඩින් යනකොට උඩ විසික්කා වෙන හෙල්මට් එක ඔළුවේ වැදිලා ඔළු කටුව තැලෙන එක ෂුවර්. දැන් ඔන්න ගමන ටිකක් පහසුයි, ඒත් ඉතින් අශ්වයෙක් පිටේ යනකොට වගේ උඩ විසි වේවි යද්දී මට හිතුනේ මේ ගමනට වඩා ත්‍රිවිල් එකක නැගලා යන එක ටිකක් හරි හොඳයි කියලා.  ඇයි ඉතිං බයික් එකක් තරම් හයියෙන් යන්න බැරි නිසා මේ තරම් උඩ විසි වෙන්නේ නැති වෙන්න හිමීටනේ යන්නේ. අනික අපි දෙන්නගේ බරට පාත්වෙලා තිබ්බ බයික් එකේ යට තියෙන මොනවද මන්ද උපාංග  හත් අට වතාවක්ම පාරේ තියෙන ගල්ගෙඩි වල වැදුනත් එක්ක.
වැඩිදුරක් යන්න ලැබුනේ නැහැ, අපිට ඉස්සරහින් හොන්ඩා CRV එකකුයි, තව ෆෝ වීල් වෑන් එකකුයි ඉබි ගමනින් ඉස්සරහට යනවා. ඒ හැම වාහනයක් ඉස්සරහම පයින් යන මනුස්සයෙක් වාහනේ යට වදිනවද නැද්ද කියල බලබල තමයි යන්නේ. කවුදෝ මන්දා දුරින් ආපු සෙට් එකක් වාහන වලින් ඇළක නාන්න යනවා වගේ. ඉබි ගමනින් යන උන්දැලා ඉඩ තියෙන තැනකදී අපිට යන්න ඉඩ දුන්නා.

සෑහෙන කට්ටක් කාල සෝමේ මාමලාගේ ගෙදරට ගොඩවෙලා බලද්දී සෝමේ මාමා ගෙදර නැහැ. නැන්දා අපිට කිව්වේ ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ල සෝමේ මාමව එක්කගෙන ගියාලු ඡන්ද මධ්‍යස්තානේ හදන තැනට. ඒ අවට ඡන්ද 50 ක් විතර තියෙනවලු. ඉස්සර ඡන්ද මධ්‍යස්තානේ දාන්නේ ගමේ තිබුන ඉස්කෝලෙලු. දැන් ඉස්කෝලෙ නැහැ, ඒක ගරා වැටිලා බිමට සමතලා වෙලා. ඒ හරියේ ළමයින්ට යන්න වෙන්නේ බදුරලිය පැත්තේ තියෙන ඉස්කෝල වලටලු. දවස ගානේ යන්න බැරි නිසා සමහරු ඒ කිට්ටුව ගෙවල් කුළියට අරගෙන ළමයි ඉස්කෝලේ යවනවලු.
දැන් අපේ මිෂන් එක සෝමේ මාමව හොයන එක. ආපහු හති දාගෙන කන්ද නැගලා සෝමේ මාමගේ ගෙදර ඉඳන් පාරට ඇවිත් බයික් දෙකේ නැගලා තව ටිකක් කැලේ පැත්තට යද්දී සෝමේ මාම ඉස්සරහට එනවා. මාදෙයියාව බලන්න යන්න ආපු බව කිව්වම සෝමේ මාමගේ උත්තරේ උනේ “දැන් යන්න වෙලා මදිනේ” කියලා. එතකොට වෙලාව 11:00 ට වගේ තියෙන්න ඇති. මම මිනිහගෙන් ඇහුවේ පාරේ ඉඳල කිලෝමීටර එකක් එකහමාරක් වගේ දුරක් නම් තියෙන්නේ වෙලා මදි වෙන්නේ කොහොමද කියලා.

සෝමේ මාමවත් බයික් එකේ දාගෙන ආපහු ඇවිත් රෝසාව යවල පිහියකුයි කූඩළු කෝටුවයි ගෙන්න ගත්තා. කූඩළු කෝටුව හදා ගන්නේ මෙහෙමයි. ලුනු දුම්කොළ එකට කොටලා අඩි දෙකක් විතර දිග කොටුවක අගිස්සක පොට්ටනියක් වගේ වෙන්න රෙදි කෑල්ලකින් ගැට ගහ ගන්නවා. කූඩැල්ලෝ ඇඟේ එල්ලුනාම අර පොට්ටනිය පොඩ්ඩක් උන්ගේ ඇඟේ ගාපු ගමන් උන්ව වැටෙනවා. සෝමේ මාමලාගේ ගෙදරට කලින් තමයි මාදෙයියාවට හැරෙන්න තියෙන්නේ. කැලෑව මැද්දෙන් තියෙන පොඩි අඩි පාරක් දිගේ යන්න තියෙන්නේ. බයික් දෙකේ තරමක් දුර යන්න පුළුවන් වගේ පෙනිච්ච නිසා දිගටම ගියා. පාර අයිනේ තිබ්බ කෝටු වලට වැටකෙයියා කටු වලට හුරගෙන ඕනෙනම් මීටර 200 ක් යන්න ඇති. එතනින් එහාට යන්න බැහැ. දැන් අඩිපාර උනාට ඉස්සර මේ පාරවල් වල ලී මුදලාලිලාගේ කාර් පවා ගියා කියල සෝමේ මාම කිව්වේ. ඒ මැතිනිගේ කාලේ සිංහරාජේ ගස් කපලා තුනී ලෑලි හදන්න ගන්න ගෙනියන්න ක්‍රියා කරපු කාලේ.

මේ දොළ පාර දිගේ තමයි අපි ගියේ. දොළක් කිව්වට ඇත්තටම මේක මගුර ගඟේ ආරම්භය. මේකත් ගිහින් මාදෙයියාවට වැටෙනවා.

බයික් දෙක මග නතර කරලා පයින් ගමන පටන් ගත්තා. ගමන පටන් අරගෙන ටික වෙලාවකින් යෝජනා උනේ ගඟ දිගේ බැහැලා යමු කියලා. එහෙම ටිකක් දුර ගියාට පස්සේ ගමන අමාරු නිසා මම යෝජනා කළා ආපහු ගොඩින් යමු කියලා. මමයි සෝමේ මාමයි එරංගයි ආපහු ඉවුරට ගොඩ උනා. ඒ වෙද්දී මට හොඳට තේරුම් ගිහින් තිබ්බේ මගේ ඇඳුම් පැළඳුම වල තියෙන නොගැළපෙන ගතිය. ඒ කිව්වේ කලිසමේ නිෂ්පාදන දෝෂයක් නිසා කකුල ගොඩක් උස්සලා ගලකට එහෙම නගින්න අමාරුයි, දාගෙන ගියපු සෙරෙප්පු දෙකේ වතුර ටිකක් ගෑවිච්ච ගමන් කකුල සෙරෙප්පු දෙකෙන් ලිස්සනවා. රුවනා තනියම ගඟ දිගේ ඇවිත් සෑහෙන දුරකට පස්සේ තමයි ආපහු ගොඩට ආවේ. ඒ අතරමගදී ඌව ගඟට වැටිලා. ෆෝන් එකට වතුර ගිහින්. ඌ අපිව දැක්ක ගමන් එරංගයට කනුකුනු ගාන්න ගත්තා “තෝ එක්ක ගමනක් ගියොත් මගේ ෆෝන් එකට කෙළවෙනවා” කියලා. ඊට කලින් සතියේ ඉරිදා උන් දෙන්නත් එක්ක එරංගගේ නෑ ගෙදරක බොන්න ගිහින් ආපහු එද්දී පොඩි ඒ දණ්ඩක් වගේ පටු පාලමකින් එන්න තියෙන තැනකදී රුවනව බයික් එකත් එක්කම ඇළට වැටිලා. එදත් ෆෝන් එකකට කෙළ උනාලු.
මේ තියෙන්නේ ගමන පටන් ගත්තු මුළ හරියේදී දැකපු කොකුම් ගහක්, ඒක කවුරු හරි ටිකක් පලුදු කරලා තිබුනා. කොකුම් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. මේවා අරගෙන යන්නේ සබන් වගේ දේවල් හදන්න කියල තමයි මම අහල තියෙන්නේ. 

ටික දුරක් ගියාම කොළරොඩු ගොඩක් අස්සේ ඉඳල මතු වෙච්ච කුණකටුවෙක් දැකලා සෝමේ මාමයි එරංගයි, රෝසයි තුන් දෙනාම බයවෙලා මට කතා කළා. ඒ වෙද්දී මාව මහන්සියට හැක්වෙලා ඉවරයි. මම ආවේ ටිකක් පහුවෙලා. කෝටුවක් අරගෙන ඌව අපි යන පාරෙන් එහාට අරගෙන දැම්මා. ෆොටෝ එකක් ගහ ගන්න උනේ නැහැ මහන්සියටම අමතක වෙච්ච නිසා. ඒ මදිවට මගේ ඇඳුම් ඔක්කොම සම්පුර්ණයෙන්ම දාඩියෙන් පෙඟිලා. ෆොටෝ ගහන්න තිබ්බ එකම උපකරණය වෙච්ච ෆෝන් එක අන්ලොක් කරගන්න බැහැ ඇඟිලි තෙත් ගැහිලා තියෙන නිසාද කොහෙද ටච් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැති නිසා.

කොහොමින් කොහොම හරි දණගාගෙන බඩගාගෙන මාදෙයියාවට යද්දී වෙලාව දවල් 01:00 ත් පහු උනා. එතනට ගියාට පස්සේ තමයි මම කල්පනා කලේ සෝමේ මාමගේ කිලෝමීටරේ කොච්චරක් දුරයිද කියන එක ගැන. අඩු ගානේ කිලෝමීටර හයක හතක වත් දුරක් වගේ තමයි මට දැනුනේ. මාදෙයියාව ගාවදි ෆොටෝ දෙක තුනක් අල්ල ගන්න පුළුවන් උනා. සෝමේ මාමලා කියපු තරම් මාදෙයියාව විශාල නැහැ. නමුත් ගැඹුරු බවනම් හොඳට පේනවා. වලේ හැම තැනම වගේ සුළි කැරකෙනවා. තුන් පැත්තකින් වලට වැටෙන දොළ පාරවල් තුනක් තනි සහ ලොකු දොළ පාරක් වෙලා පහලට ගලාගෙන යනවා. සුළි වැඩි වෙන්න හේතුව ඒක. වලේ වපසරිය ඕනෙනම් අක්කර කාලත් හෝ ඊට පොඩ්ඩක් වැඩි ඇති. එකපාරට උඩට මතුවෙලා නොපෙනී ගියපු ලොකු මාළුවෙක් දැකපු අපිට සෝමේ මාම කලින් වතාවක කියපු “අපි තරම් ලොකු මාළු” ඔය වලේ ඉන්නවා කියල කියපු කතාවනම් ඇත්තක් වෙන්න පුළුවන් කියල හිතුනා.
මේ මාදෙයියාව, දොළවල් දෙකක් වැටෙනවා පේනවා, අනිත් එක වම් පැත්තෙන් වැටෙන්නේ. ඇඟට පණ තිබුනනම් පොඩ්ඩක් පහළට බැහැල ඒකත් අහුවෙන්න ෆොටෝ එකක් ගන්න තිබුනා.

මෙතනින් තමයි උඩ ෆොටෝ එකේ නොපෙනෙන දොළ ගලාගෙන එන්නේ.




මාදෙයියාවට උඩින් තියෙන ගල් තලාවේ ටික දොහකට කළින් කවුරුහරි වාඩියක් ගහගෙන නතරවෙලා තිබුනා. බොහෝ දුරට වල්ලපට්ට කාරයෝ වෙන්න ඇති.

වල්ලපට්ටා වලට මේ තරම් ලොකු ඉල්ලුමක් එන්න හේතුව විදිහට පොදුවේ අපි දන්නේ මිළ අධික සුවඳ විලවුන් වර්ගයක් හදන්න ඒවා පාවිච්චි කරන බවක්. නමුත් ළඟදි මේ ගැන අහන්න ලැබිච්ච අමුතු මාදිලියේ කතාවකුත් මෙතන ලියන්න හිතුනා. අපේ රටෙන් පිටතට වල්ලපට්ට වැඩිපුර යවන්නේ අරාබිකරයේ රටවල් වලටලු. අර ප්‍රසිද්ධ කාරණයට අමතරව වල්ලපට්ටා පාවිච්චි කරනවලු අරාබියේ ඉන්න සල්ලි කාරයෝ තමනුගේ බිරින්දෑ වරුන්ට දුම් අල්ලන්න. බලන්න මොන තරම් ආදරයක්ද කියල තියෙන්නේ. ඔය දුම් වැදුනම වැඩිපුර පාවිච්චිය එක්ක හරි ස්වාභාවිකවම හරි ලිහිල් වෙලා තියෙන උන්දලාගේ ඇකිලෙන්න ඕනේ තැන් ඇකිලෙනවලු. හෝ ගාලා අපේ රටේ තියෙන වල්ලපට්ට ගස් වලට කෙළවෙන්න හේතුව වෙන්නේ අරාබි ගෑණුන්ගේ අහවල් එකට දුම් අල්ලන්නය කියල අහපු ගමන් මට හිනාත් ගියා. මේ කතාව අපේ ලොකු මාමට කියල තිබුනේ මුස්ලිම් මනුස්සයෙක්, ඒකෙ ඇත්ත නැත්ත ගැන මට සහතිකයක් නැහැ. නමුත් මේ වගේ දේවල් වලට ඔය මිනිස්සු දක්වන උනන්දුව එක්ක මේක ඇත්තක් වෙන්නත් ඉඩ තියෙනවා. හරි හරි, දැන් ඉතින් ඔය අහල තියෙන ඉතුරු වෙච්ච වල්ල පට්ට ගස් ටික කපල ගෙදර ගෙනියන්න හදනවා එහෙම නෙමෙයි.

එතන අපි පැය බාගයක් හරි ඊට වඩා ටිකක් වෙලා ඉන්න ඇති. මට දාඩිය දාපු දැමිල්ලේ හැටියට මාව ඩීහයිඩ්‍රෙඩ් නොවී බේරුනේ ගඟේ වතුර නොකඩවා බීපු හින්ද වෙන්න ඕනේ.
ආපහු ගමන පටන් ගත්තට මට අනිත් තුන්දෙනා යන වේගෙන් යන්න බැරි මට්ටමට මට මහන්සියි. සෝමේ මාමත් බැරි බැරි ගාතෙන් තමයි ආපහු ආවේ. ආපහු ගඟ දිගේ යන්න බැහැ කියල හිතිච්ච අපි හම්බ වෙච්ච අඩි පාරක් දිගේ ගමන පටන් ගත්තා. ටික දුරක් ගියාම අඩි පාර කන්දක් දිගේ ගිහින් වාඩියක් තියෙන ඉසව්වකට ආවා. හැර ගහපු කිතුල් ගස් කීපයක් තිබුනත් ඒවා පරණ ඒවා බවක් තමයි පේන්න තිබුනේ. වාඩියට වෙලා පොඩි විවේකයක් එහෙම අරගෙන ආපහු ගමන පටන් අරගෙන ටික දුරක් යද්දී මමයි සෝමේ මාමයි ගොඩක් පහු වෙලා. අරුන් දෙන්න සෑහෙන ඉස්සරහට ගිහින් තිබ්බා.
හීං පොද වැස්සක් පටන් අරගෙන තිබ්බ නිසා පය ඉක්මන් කරන්න හැදුවත් කකුල් දෙකයි ශරිරෙයි ඒකට ඉඩ දුන්නෙම නැහැ. පොද වැස්ස මහා වැස්සක් බවට පත්වෙලා අපි හොඳටම තෙත බරියං උනත් ෆෝන්, පර්ස් වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නෙමෙයි ඒක. බයික් නතර කරපු තැනදී යාළුවො දෙන්න ඉන්නවා, රුවනා අතේ පැළ පොල් ගෙඩියක්. මගදී දැකල අරගෙන ආවලු සෝමේ මාමට දෙන්න.

ගෙදර ගිහින් බත් ටිකක් කාල යමු කියල සෝමේ මාම කිව්වත් අපි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලේ මහන්සි වැඩි කමටමයි. රුවනා ගිහින් සෝමේ මාමව ගෙදරට ගිහින් දාල එනකල් අපි දෙන්න ටික ටික ඉස්සරහට ගියා. හෙල්මට් තියල ආපු කඩේ හරියට එද්දී වැස්ස පොඩ්ඩක් අඩුවෙලා, ඒත් කඩේ ගාවට යන්න කලින් මම දැක්ක එතන පොලිසියෙන් ඉන්නවා කියලා. මුලින්ම කලේ එරංගට ඉන්න කියලා කඩේට ගිහින් හෙල්මට් ටික අරගෙන එන එක. ඒ ඇවිත් කඩේ ගාව නතර කරලා තිබහ වැඩි කමට බීම බෝතලයක් බීලා පොඩි සිලි කවර කීපයක් ඉල්ලා ගත්තේ ෆෝන් සහ පර්ස් තව දුරටත් තෙමෙන එකෙන් බේර ගන්න...

තුන්දෙනා එක්ක ගෙවල් තියෙන ඉසව්වට යද්දී හවස තුනහමාර පහුවෙලා. අපේ පැත්තට වැහි පොදක් වැටිලා නැහැ, හෙණ ගහන්න අව්ව පායලා. එරංගගේ අයියලාගේ ගෙදර එදා කවුරුවත් නැහැ, එහෙට ගිහින් උගේ සරමක් ඇඳගෙන තෙත ඇඳුම් වේලෙන්න දාල රුවනව යැව්වා දවසේ ඉතුරු හරිය කරන්න ඕනේ අඩුම කුඩුම ගේන්න. දවල්ට කෑවේ නැති උනත් එදා ගෙදර යද්දී රෑ දහය පහුවෙලා තිබුන කියලනම් හොඳටම ෂුවර්...

83 comments:

  1. Replies
    1. සක් අල්ලපු මෙසේ ඉන්න මටත් කලින් මූ දැකලානේ..

      Delete
    2. වල්ල පට්ට ගහට ඒ නම වැටුනෙ ඇයි කියල දැනගත්තෙ අද තමයි. හැක්..
      ෆොටෝ ටික හැමදාම වගේ ලස්සනයි. අර ්‍වලට බැහැල බලන්න එහෙම හිතුනෙ නැද්ද? 

      Delete
    3. කමියා, පරචිත්ත විජයපත්‍ර ඥානය... හැක්...

      Delete
    4. ඕකේ නියම නම 'වල්ලට පට්ට' කියල මන් හිතන්නේ.. හැක හැක හැක.. උඹේ විජයපත්තර ඥානේ නම් හරිම 'මිහිරි'යි..

      Delete
    5. @ Praසන්ன,
      දෙමළ නයන්නා පලවෙනි කමෙන්ට් එක බුක් කරන්නේ තිතක් තියලා. හෙහ් හෙහ්...
      මේ ෆොටෝ ගැහුවේ නොකියා ලුමියා ෆෝන් එකෙන් බං...
      ඒකත් ඇති මේ වගේ සීන් වල ෆොටෝ ගහන්න...

      @ කමි
      මු බලාගෙන ඉඳල තියෙන්නේ කාගේ හරි පෝස්ට් එකක් වැටෙනකල් තිතක් තියල යන්න, ඒකනේ උඹට කලින් මු පැන්නේ...
      ඔය විජය පත්තර ඥානය ඉස්සර අපිටත් හරි හරියට තිබුනා, නමුත් ඒක ඒ තරම් මිහිරි උනේ නැහැ...

      වල්ල පට්ට කියන නම හැදුනේ දුම් ඇල්ලිල්ල නිසා නම් වෙන්න බැහැ, පට්ට කියන එක හරි, ඉතුරු කෑල්ල ආපු හැටි ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිළි කිරීමක් කලානම්...

      Delete
    6. චෑ මට එක වෙන්න බැරි ද

      Delete
  2. මාදෙයියාවට බැහැලා බැලුවේ නැද්ද කොච්චර ගැඹුරුද කියලා..:p

    උඹේ අර සූමින් ද මොනවද කැමරාව නැති එකේ අඩුව නම් මෙහෙටම දැනුණා..

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ලොකු කරලා ආපහු ආපහු බලනකොට එතන හෙන බයංකාර ලුක් එකක් තියෙනවා තමයි.. අර ebay එකෙන් එමටම ගෙන්න ගත්ත ගැජට් එකත් අරන් ආපහු දවසක යමන් මාළු බාන්නවත්.. :)

      Delete
    2. කලින් බැහැපු වලක් ගැන කියද්දි ආයෙත් බැහැල ගැඹුර බලන්න කියන්නෙ.... අනේ මන්ද ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @ කමි
      ඒකට බැස්සනම් ගලක් වගේ යට යනවා ෂුවර්, මම හිටියේ බාගෙට මැරිලා බං...
      ලොකු කැමරාවක් තිබ්බනම් ඒක උස්සගෙන යන්නත් එපායැ, මේ වගේ සීනරි ගහන්න ෆෝන් එකේ තියෙන කැමරා එකත් නරකම නැහැ (නැති කමට)...

      ඒ පත මාළු අර පොඩි ගජමට්ටෙන් අල්ලන්න බැරි වෙයි...

      @ කම්මල
      මාව අල්ල ගන්න එපා ඕවට, මමනම් කලින් වල බැස්සේ නැහැ...
      ඕකට බැස්සය කියන්නේ මාස්ටර් ඩයිවර්ස් එකේ සෙට් එකක්, අපි ගියේ වතුර තරමක් අඩු කාලෙක. වැඩි කාලෙක සෑහෙන භයානක ඇති...
      ඒ ආපු සෙට් එක වලේ ගැඹුර බලන්න ගලක් ගැට ගහල දැම්මලු, නුල් පන්දු දෙකක් දැම්මත් අඩිය වදින පාටක් නැති නිසා ගැඹුර බලන්න බැරි උනා කියලයි සෝමේ මාම කිව්වේ...
      අපිට නුල් පන්දු ගෙනියන්න අමතක උනා. සැක්...

      Delete
    5. මාළු අල්ලන ගැජට්....තොපි කොයි වල යන්නද ඉතින්....

      Delete
    6. ඔව් ඔව්, කොහේ හරි ගිහින් ඒ වගේ පුණ්‍යකරුමයක් කරන එක අපිට අකැපද...

      Delete
  3. //ඌරු මස් වගයකුත් අරගෙන මගේ යාළු මිත්‍රයෝ දෙන්නෙක් වෙච්ච රුවනයි, නිලන්තයයි ගෙවල් පැත්ත බලා ඇදෙනවා.//

    ඔන්න යාලුවෝ!

    ReplyDelete
    Replies
    1. උන් එහෙම තමයි, වල් ඌරෙක් දැක්කත් කෝල් එකක් දීල හරි කියනවා...

      Delete
    2. උන් එහෙම තමයි, වල් ඌරෙක් දැක්කත් කෝල් එකක් දීල හරි කියනවා...
      ඌරටද

      Delete
    3. හ්ම් හ්ම්ම්. ඌරන්ට තමයි කෝල් කරන්නේ...

      Delete
  4. සංචාරක සටහන්, කියවන් යද්දී ගම මතක් උනා.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. නගරේ ඉන්න ගොඩක් උන් තාම තම තමන්ගේ ගං පළාත් ගැන මතක් කරන්නෙත් හරි ආසාවෙන් මචං...

      උඹේ බ්ලොග් එක මම රෝලේ එල්ල ගත්තා...

      Delete
  5. //වල්ලපට්ටා පාවිච්චි කරනවලු අරාබියේ ඉන්න සල්ලි කාරයෝ තමනුගේ බිරින්දෑ වරුන්ට දුම් අල්ලන්න. //

    අන්න එහෙම වැදගත් වැඩකටනං ඔය ගහක් දෙකක් කපාගෙන ගියාට මොකෑ :D චැහ් …එතකොට ගිණි කබලකට දාලද බං දුං ගහන්නෙ?? හැක්..
    වැඩිය දුං ගැහුවොත් ගැජමැටික් එක ඉදෙයි බොලව් අර කෙහෙල් කැං දුං ගැහුව වාගෙ.. එතකොට තොබ්බ ටිකත් නෑ !!! ඕ යේස්

    ReplyDelete
    Replies
    1. තොබ්බ නෙවෙයි තිබ්බ :D

      Delete
    2. ///එතකොට ගිණි කබලකට දාලද බං දුං ගහන්නෙ?? හැක්.. ///
      අනේ මන්ද මචං, ඔව්ව ඒ කාලේ දැනගත්තනම් අරාබි කාරයෙක්ගෙන් අහල බලන්නවත් තිබ්බා...

      දුම ගහල වැඩිවෙලා ඉදිලා හරි ඔව්වා කහ ගැහෙනවානම් අපේ උන් පට්ට මනාප වෙයිනෙ බං...

      Delete
  6. යකෝ වල්ලපට්ට මේ තරම් වටිනවාද?????? මේ අලුත් තොරතුර දැනගත්තොත් වල්ලපට්ට රටින් පිට යන ඒකක් නෑ මයේ හිතේ.............

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, අපේ උන් ගස් කපලා වල්ල පට්ට රෙසින් එක හොයාගත්තු ගමන්ම දුවයි ගෙදර...

      Delete
  7. මම බැලුවා මේ කියන්නේ කොහේ මාදෙයියාවද කියලා. මොකද මම දන්නා මාදෙයියාව තියෙන්නේ කෑගල්ලේ.

    කොටියා ගැන ආරංචි නැද්ද?

    හ්ම්.........මමත් පොඩි වල්ලාපට්ටා කෑලි ටිකක් හොයාගන්න බලන්න ඕනේ. :D

    ReplyDelete
    Replies
    1. මෙහේ මාදෙයියාව කියල කියන්නේ මේ වතුර වලේ නම...
      ඒ අවට ජීවත් වෙන මිනිස්සු කීප දෙනෙක් විතරයි ඔය නම දන්නේ...

      කොටිය ගැන මුකුත් අහන්න ලැබුනේ නැහැ, සෝමේ මාම පහුගිය දොහේ අසනීප වෙලා පුතාලගේ ගෙදර හිටියේ, ඒ නිසා නිව්ස් මුකුත් ලැබුනේ නැහැ...

      ///හ්ම්.........මමත් පොඩි වල්ලාපට්ටා කෑලි ටිකක් හොයාගන්න බලන්න ඕනේ. :D///
      එනපොට හොඳ නැහැ වගේ...

      Delete
  8. ඉහිල් වුන ඒවා තද කරන්නද දන්නෙ නෑ අරාබියො දුම් අල්ලන එකනං හොඳසීරුවට කරනවා.දැනගත්ත එකත් හොඳා උන්ගෙන් ඉල්ලගන්න ඕනෑ දුම් අල්ලන කබලකුයි කුඩු ටිකකුයි.

    ReplyDelete
    Replies
    1. අහවල් එකකට දුං අල්ලන්ඩද බොලේ

      Delete
    2. ///ඉහිල් වුන ඒවා තද කරන්නද දන්නෙ නෑ අරාබියො දුම් අල්ලන එකනං හොඳසීරුවට කරනවා.///
      එහෙම තමයි කියන්නේ...
      අනිත් එක වල්ලපට්ට රේසින් එක ගොඩක් සුවඳත් එක්කනේ. හෙහ් හෙහ්...

      ///උන්ගෙන් ඉල්ලගන්න ඕනෑ දුම් අල්ලන කබලකුයි කුඩු ටිකකුයි.///
      උන්ගෙන්නම් ඉල්ල ගත්තට කමක් නැහැ, මෙහෙ ඇවිත් ගස් පෙරළන්නේ නැතුව...

      Delete
    3. අටමෝ,
      අපි දන්නේ නැහැනේ සාධාරණ අවශ්‍යතාවයක් තියෙනවද කියල කවුද දන්නේ, අනික මෙහෙ ඇවිත් ගස් පෙරළන්නේ නැතුව අරාබි කාරයෙක්ගෙන් පොඩ්ඩක් ඉල්ල ගන්න එකේ ලොකු අවුලක් නැහැ මයේ හිතේ...

      Delete
  9. බුහැක්... හිහි..
    වල්ල පට්ට..
    මං කීවෙ කතාව වල්ල පට්ටය කියල හිහි..
    අර කූඩලු කෝටුව නං හොද ඩිවයිස් එකක් වගේ හෙහ්
    අනාගත‍ේ දවසකදි උවමනා වෙළුි. මතක තියාගන්න ඕන හෙහ්

    ReplyDelete
    Replies
    1. එළ එළ...

      මචං කූඩළු කෝටුව පොඩ්ඩක් තෙත ගස්ස ගත්තම තමයි හරියටම වැඩ කරන්නේ, කොහොමටත් ඕක කොටපු ගමන්ම නෙමෙයිනේ පාවිච්චි වෙන්නේ. ටික වෙලාවක් ගියාම ලුණු දිය වෙලා පොට්ටනියෙ රෙද්ද තෙත ගැහෙනවා...
      කැලේ යද්දී කූඩළු කෝටුව හරියට වටිනවා...

      Delete
  10. සුපිරි ෆන් එකක් නේ බන් අරන් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. මේ ගමනනම් කටු සමග ෆන්...
      එහෙම නැත්නම් ගමේ ගියාම කොහොමත් ෆන් තමයි...

      Delete
  11. මේ ලඟදි රා බොන්න ගියෙත් මෙතෙන්ටමද?

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ, රා බොන්න ගියපු තැනට වැඩි කරදරයක් නැතුව වාහනෙන්ම යන්න පුළුවන්...

      Delete
    2. මම තමයි සෝමේ මාමා එක්ක ගහේ බාගයක් දුර නැගලා මුට්ටිය අරගෙන බැස්සේ

      Delete
    3. මටනම් ගහේ නගින්න නෙමෙයි ඒ කන්ද නැගලා හොඳ පණ ගිහින් තිබ්බේ...

      Delete
  12. අඩේ කූඩලු කෝටුව ගැන දුන්න ක්ලූ එක නං පට්ට. මෙච්චර කල් අපි පාවිච්චි කරේ කෝටුව අගට සබං කෑල්ලක් ගැට ගහලා. මේ වැඩෙත් කරල බලන්න ඕන.
    ඊයෙ පෙරේද ඇලි හත ගියා. ඒක ලියන්න එද්දි තමයි මේක දැකල මේ පැත්තට ගොඩ වුණේ.
    කිව්වත් වගේ මූණු පොත මහ හෙණයක් බං.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් ගංවල මිනිස්සු අවශ්‍යතාවය අනුව තම තමන් විසින්ම හොයා ගන්න ඒවානේ. ඒ නිසා සාර්ථකභාවය වැඩියි...
      උඹේ ගමන ගැනත් ඉක්මණට ලියපන්...

      Delete
  13. //වල්ලපට්ටා පාවිච්චි කරනවලු අරාබියේ ඉන්න සල්ලි කාරයෝ තමනුගේ බිරින්දෑ වරුන්ට දුම් අල්ලන්න. //
    ඉස්සර මුළු අරාබියම වල්ල පට්ට කැලයක්ලු, එහෙ එවුන් ඔක්කොම ගස් කපල දුං අල්ලපු හින්දලු කාන්තාරයක් උනේ.
    හැමදාම අපිට ඉරිසියා හිතෙන පෝස්ට් ලියන ලොකු කොල්ලො දවසක් මාවත් ඔහෙ එක්කන් පල

    ReplyDelete
    Replies
    1. ඇයි බොටත් 'දුකට පුං' අල්ල ගන්නද? හැක්...

      Delete
    2. @ කම්මලේ
      අරාබිය කාන්තාරයක් වෙච්ච හැටි දැනගත්තේ අදයි, උඹත් මාර සොයා ගැනීම් කරන්නේ. හෙහ් හෙහ්...
      වෙලාවක අර වගේ ගමනක් යමන්, මෙහෙන් උදේ පාන්දර පිටත් වෙන්න ඕනේ. නැත්නම් වෙලා මදි වෙනවා...

      @ ඩිලෝ
      කියන්න බැහැ, බෝර් වෙලාද දන්නේ නැහැනේ...

      Delete
  14. යකඩෝ වල්ලපට්ට වලින් එහෙම වැඩ ගන්නවද?
    රට යවන්න දගලපු අය මේක දැන ගත්තම ආයි යවන එකක් නෑ ශුවර් එකටම.

    ReplyDelete
    Replies
    1. ඒවා විකුණලා හම්බුවෙන ගානත් එක්ක බැලුවම් අපේ උන් ඕවා විකුණන්නේ නැතුව ඉන්නේ නැහැ, සාමාන්‍ය විදිහට විකුණලා තව අමතර ගහක් දෙකක් කපයි ගෙදර ප්‍රයෝජනේට...

      Delete
  15. කාලෙකට පස්සෙ... කොහොම හරි යහතින් ආපහු ආවනෙ. කොහොමත් ඔය නිතරම පයින් යන අයගෙන් දුර ගැන අහන්න හොඳ නෑ. කිලෝමීටරයක් කියලා ගිහින් බලනකොට කිලෝමීටර් පහක් විතර වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලියන්න පොඩි කම්මැලි ගතියකුත් තිබ්බා මචං...
      උදේ 11:00 විතර මාදෙයියාව බලන්න යමු කිව්වම, දැන් වෙලාව මදි කියල සෝමේ මාම කිව්වේ දුර ගැන කෙසේ වෙතත් ඒ ගමනට යන කාලය ගැන අදහසක් මිනිහගේ ඔළුවේ තියෙන්න ඇති...
      අපි ඕක හිතන්නේ දුර අනුවනේ, මිනිහ මට කලින් කියල තිබ්බේ කිලෝමීටරයක් හමාරක් ඇති කියල කියපු එක තමයි මම ඔළුවට දා ගත්තේ...

      Delete
  16. මරු නේ.. සම්පුරුණයෙන්ම වෙනම ලෝකෙකට ගියා වගේ.. වල්ලට පට්ට කෑල්ලක් දෙන්නෙයි බොට.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං වෙනම ලෝකයක්, අඩු ගානේ ෆෝන් වලටවත් සිග්නල් නැහැ...
      සිංහරාජේ යනවාටත් වඩා කැලෑ ගතිය වැඩියි...

      උඹ ගාව වල්ලපට්ට කෑල්ලක් තියෙනවනම් දෙකට කඩලා අර විචා මාමටයි හැලපෙටයි දීල දාපං...

      Delete
  17. ඔන්න මාත් ආවා ලොක්කා බලලා යන්න ලොක්කත් දකුනේ නෙව.
    ගමේ කතා අහනකොට පට්ට ගැම්මක් එනවා..
    ජය වේ.

    ReplyDelete
    Replies
    1. උඹව සාදරයෙන් පිළිගන්නවා...
      මම මේ කියපු ගොඩක් ප්‍රදේශ අයිති උනේ බස්නාහිර පළාතට...
      දෙනිහේන ගම දකුණු පළාතේ බෝඩරේ වගේ තියෙන්නේ...
      අපේ ගමත් අයිති වෙන්නේ බස්නාහිරට මචං. හැබැයි දකුණු පළාත් බෝඩරේ කිට්ටුයි...
      අපිට ගම සහ ඒ හා බැඳිච්ච අපේ අතීතේ නිසා තමයි බං ගැම්මක් එන්නේ...
      ජය වේවා...!

      Delete
  18. මාදෙයියාවට නේද වැටෙනවා කිව්වේ "මාකෙළි ඇල්ල".මරු ගමනක් නේ ගිහින් තියෙන්නේ.ඉතින් පුතා ජන්දේ දාන්ට ගියේ නැතිද එදා ?

    ReplyDelete
    Replies
    1. මදෙයියාවට වැටෙන වතුර ඉස්සරහට ගලාගෙන යන්නේ මගුර ගඟ විදිහට, මාකෙළි ඇල්ල ඇවිත් කුකුළේ ගඟට(මැප් එකේනම් කුඩා ගඟ) වැටෙනවා, ඊට පස්සේ සෑහෙන වටයක් ගහගෙන එන මගුර ගඟ සහ කුකුලේ ගඟ එකට එකතු වෙනවා...
      පස්සේ ඒ ඔක්කොම කළු ගඟට වැටෙනවා...

      අපි මේ ගමන ගියේ ජන්දෙට කලින් දවසේ මචෝ, පහුවෙනිදා ගිහින් ජන්දේ දුන්නා... :)

      Delete
  19. අපේ (කිව්වට අම්මලාගේ ) පැත්ත පාස් කරන්නේ යන්නේ. ඔය පැත්ත ගැන කියද්දි මට නිකම් හිතුනා මේ කියන්නේ සිංහරාජේ බෝඩරේ ගමක් කියලා. කව්ද දන්නේ එහෙ කියලා. හැබැයි ගොඩක් අය බස්නාහිර පලාතේ ඇති කියලා හිතන්නේ නැති තැන් තියන පලාතක්. :)

    තව මහින්ද මාමගේ හොඳම සපෝටර්ලා ඉන්න පැත්තක්නේ. ;)

    aka

    ReplyDelete
    Replies
    1. මට මතක විදිහට මම කලින් පෝස්ටු වල කිව්වා මේ හරිය සිංහරාජේට ආසන්න බව, සමහර විට ඔබ ඒවා කියවන්න නැතුව ඇති...
      බස්නාහිර පළාත, දකුණු පළාත සහ සපරගමු පළාත යන පළාත් තුන එකට මුණ ගැහෙන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි...
      ඒ නිසා ඔය පළාත් තුනටම මේ ලස්සන පරිසර පද්ධතිය පොදුවේ දැකගන්න පුළුවන් වෙලා තියෙනවා...

      ///හැබැයි ගොඩක් අය බස්නාහිර පලාතේ ඇති කියලා හිතන්නේ නැති තැන් තියන පලාතක්. :)///
      ඒකට හේතුව ගොඩ දෙනෙක් ලංකාවේ හරිහැටි සංචාරය කරලා නැති නිසා...

      ///තව මහින්ද මාමගේ හොඳම සපෝටර්ලා ඉන්න පැත්තක්නේ. ;)///
      නැචුව නැචුව...
      හැබැයි ඉස්සර එහෙම නැහැ, අගලවත්ත, බුලත්සිංහල එහෙමත් unp එක දිනුවා...
      මතුගම ගැනනම් මට මතක නැහැ...

      Delete
    2. ///තව මහින්ද මාමගේ හොඳම සපෝටර්ලා ඉන්න පැත්තක්නේ. ;)///

      හිහ.. හිහ..හිහ.. ඇනෝ දාපන් පහක්..

      Delete
  20. මේක ලියන එකත් "හොඳම" එකෙක් තමයි....

    ReplyDelete
  21. මම බලන් හිටියේ කොටියා එනකන්....
    එදත් කිවුවා වගේ අර නේවි කාරයවම තමයි ඔය වලට බස්සන්න වෙන්නේ.ඒකා දෙන සැප නිසා දණහිස් දෙක තාම අල්ලන්න බෑ.රිදෙනවා.
    වල්ලපට්ටනම් දැන්ම ඕනේ නෑ.ඒත් ගහක් දෙකක් වවාගන්න ඕනේ දැන්ම.පස්සෙ කාලෙක ඕනේ උනොත්.....

    ReplyDelete
    Replies
    1. කොටියා එනකල් ඉන්නවා කියන්නේ හරියට අර එළුවාගේ මොකක්ද එක වැටෙනකල් ඉන්නවා වගේ වැඩක්, මට ඒ වැඩේට ෆුල් ටයිම් යෙදෙන්න විදිහක් නැහැ මචං...
      ඒකයි ගැටළුව...
      ඔය වල බලන්න ආපහු යන්න ඕනේ හොඳට ෆිට්නස් හදාගෙන...
      එහෙම කරගෙන නේවි කාරයවත් අරගෙන ගිහින් ඌව වලට දාමු...

      නිකම්ම ගස් වැව්වට වැඩක් නැහැ බං, රෙසින් එක හැදෙන්න ගහ පළුදු කරල මක්කද එකක් කරන්න ඕනේ, ඒකට දැන් උපදෙස් දෙනවා මොක්කුන්ද එවුන් වගයක්...

      Delete
    2. පල යන්න නෙවි කාරයා නැත්නම් එදා එකෙක්වත් වතුරට බහින්නේ නැහැ බයට බල්දියෙන් නාලා ගෙදර එනවා

      Delete
  22. නියම විස්තරයක්. මේ සිංහරාජේ පැත්තක්ද? වතුර වල නම් ගැඹුරු පාටයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියේ, මේ සිංහරාජේට අයිති කැලයක් නෙමෙයි නමුත් ඒකටම ඈඳුණු සහෝදර වනාන්තරයක්...
      ආපහු යන්න පුළුවන් උනොත් ඔය වලේ ගැඹුර බලන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ...

      Delete
  23. වල්ල පට්ට වලින් එන්නෙ මහ අමුතු පහිටු ගඳක් මට නම්.. අර දෙමල කඩවල අල්ලන දුමේ එන ගඳ... ඔය කියන තැන හරියටම ගැඹුර බලල පබ්ලිශ් කරපන්කො. එහෙම හෙනම ගැඹුර නම් මිනිස්සු දැනගනියි නෙ මෙහෙමත් තැනක් තියනව කියල.

    ReplyDelete
    Replies
    1. මම වල්ලපට්ට දැකල තියෙන්නේ එක වතාවයි...
      මටනම් ඒක එච්චර චා සුවඳක් විදිහට දැනුනේ නැහැ, නමුත් සැර වැඩි සුවඳක් කියල තමයි මතක...
      ගැඹුර බලන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ වෙලාවක...

      Delete
    2. මෙහෙ තියනවා බඩු.. ඔය කියන තරම් ලොකු ලොට් වලින් නෙවෙයි.. ගස් තියනවා.. ඔය කියන විදිහට කඳ ඇතුලට කුණේ බැහැපු තැන් හාරලා පුච්චලා බැලුවම අර කිව්ව වගේ සර වැඩි සුවඳක් එන්නෙ.. සුවඳ වැඩිකමට ගඳක් මට නම් දැනෙන්නෙ. උරුලෑවගෙ උරුලෑ සට්ටම් බෙහෙතට ගන්නවනේ.. මම දන්නා විදිහට ඒ උගේ වෘෂණ කෝෂ. ඒවායින් තමයි ඔය කියන උරුලෑ ගඳ එන්නෙ. ඒවායින් බොහොම මිල අධික සුවඳ විලවුන් හදනවලු. ගඳ වෙන්නෙ සුවඳ වැඩි කමට කියලයි කියවෙන්නෙ. civet

      Delete
    3. සජ්ජා ඇත්ත කියහන් උබත් ගෙදර උන්දැට දුන් ඇල්ලුවා නේද

      Delete
  24. ඔන්න සර ස තුමාත් වල්ල පට්ට ගැන ලීවා...

    http://mallepol.blogspot.com/2016/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම දැක්කා, ඊයේ රෑම ෆෝන් එකෙන් කියෙව්වා...
      සිංහල නැති නිසා කමෙන්ට් කලේ නැහැ...
      දැන් එන්නම් ඒ පැත්තේ...

      Delete
  25. උබ කොහමත් ගහට කොළට සතා සිව්පාවට ආදරය කරන මිනහෙක් මචෝ. එදා උබ අපිව එක්කරගෙන ගිහින් දුන්නා අත්දැකීම ජිවත කාලයටම මතක තියනවා

    ReplyDelete
    Replies
    1. උඹ ආපහු කමෙන්ට් කරන්න හදා ගත්තු එක එළ ද බ්‍රා...

      ///එදා උබ අපිව එක්කරගෙන ගිහින් දුන්නා අත්දැකීම ජිවත කාලයටම මතක තියනවා///
      එදා අපිට වෙලා මදි උනා බං, දවසේ සෑහෙන වෙලාවක් අපතේ ගියා...
      නමුත් වෙලාවේ හැටියට ඒත් මදෑ...

      Delete
    2. ඊළග ආතල් එකට මාවත් දාගනින් ලොකු පුතා...කොලුවා දැන් සිරිලංකාවෙ නිත්ය පදිංචිය...

      Delete
    3. හරි මචං, මුලින්ම නිවාඩු පාඩුවේ වෙලාවක හම්බ වෙමු...

      දැනට නම් කොහෙවත් යන ප්ලෑන් මුකුත් නැහැ, ගොඩ වෙලාවට මේ වගේ ගමන් යැවෙන්නේ එක පාරට හිතිලා, මම උඹව අමතන්නම් ඒ වගේ වෙලාවක...

      Delete
  26. නාන්න නියම පොට් එකක්නෙ...වතුර බොහොම පිරිසිදුයි..එතනින්ම බොන්න පුලුවන් තරමයි...පීනන්න ආසයි....

    ReplyDelete
    Replies
    1. අර වලේනම් නාන එක භයානකයි මචං...
      ඇලවල් තුනක් වැටෙන නිසා ගොඩක් සුළි කැරකෙනවා, හැබැයි අර මුලින් දාල තියෙන ෆොටෝ එකේ වගේ තැන්වල නම් නාන්න පුළුවන්...
      ඒත් ඔය වතුර පට්ට හීතලයි බං...
      ඔය වතුර බීලා තමයි එදා පණ ගැට ගහගත්තේ...

      Delete
  27. නියම විස්තරයක්.
    දවසේ පලවෙනි, දෙවැනි කිය කියා බොරු ගාන ගණන් කරලා, කෝ අන්තිම බොරුව කිව්වේ නැහැනේ?

    මම මේ වගේ කැලවල් ගානේ බඩගාන්න මාර ආසයි. එකම වැඩේ කුඩල්ලෝ. ඔය කියන විදියට කුඩලු කෝටුව හොඳ වෙයි එහෙනම්. වතුරේ තියෙන පිරිසිඳුකම දැක්කම ඇඩෙනවා.

    අපිත් කැම්පස් කාලේ කැලේ මැද්දෙන් හන්තාන නැග්ගා. මම ඉතින් වැඩේ දන්න නිසා ගැලපෙන ඇඳුමක් ඇඳගෙන ගියේ. සමහර කෙල්ලෝ ටයිට් සායවල් ඇඳගෙන ගිහින් නෑව !


    නියමයි

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කොහෙද බන් බොරු කියන්නේ, දිව දනිස් දෙකේ ගෑවෙන ගාණට හති...
      කුඩල්ලෝ කන්නේ නැති වෙන්න කුඩළු මේස් දාන්නත් පුළුවන්, ඒකත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්...
      හැබැයි සපත්තු දාන්න ඕනේ, ඒක වඩාත් හොඳ වෙන්නේ සර්ප ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්නත් පුළුවන් නිසා...
      ඒවා රු.200/- කට වගේ සිංහරාජේ කඩවල් වල ගන්න තියෙනවා...

      කැලේ කිව්වට මම වැඩියම කැමති වියළි කලාපේ ඒවාට, ඒකට හේතුව ෆොටෝ ගහන්න ලැබෙන චාන්ස් එක වැඩි නිසා...
      හයික් යන්න ඉස්සර ආස උනාට දැන් බැහැ බං...

      ///වතුරේ තියෙන පිරිසිඳුකම දැක්කම ඇඩෙනවා. ///
      අපේ පැත්තේ ගොඩක් වතුර පාරවල් හොඳ පිරිසිදුවට තියෙනවා...

      කැලේ යද්දී ඇඳුම වැදගත් බව දැනගෙන හිටියට කිලෝමීටර එකක් යන්න තියෙනවා කියපු නිසා මම ඒ ගැන වැඩිය හිතුවේ නැහැ, ඒකයි අවුල...
      කෙල්ලෝ ටයිට් සායවල් ඇඳගෙන හන්තානේ යද්දී කොල්ලන්ට පුදුම මෙව්ව එකක් ඇතිවෙන්න ඇති නේද... ;)

      Delete
  28. ඔය කඳු නැගිල්ලෙ තියෙන්නෙ පුදුම ආතල් එකක් නෙව.. ලෝක කුසලානෙ රගර් ටීම් එකක බෝලෙට අහු උනා වගේ හැඟීමක් ආවත් නියම තෘප්තිමත් වැඩක්.. අනික්පාර නූල් පන්දුවකුත් ඇන්න යමෝ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර වෙනිවැල් ගැට තම්බගෙනත් බොනවා ඇඟට දැනෙන සනීපෙට...
      ආපහු ඔය වලේ ගැඹුර බලන්න එතනට පයින් ගාටනවා කියන එක මතක් වෙද්දීත් කකුල් දෙක ගැහෙනවා බං...

      Delete
  29. කලින් දවසකත් කිව්වා වගේ උඹව සෙට් වෙච්චි දවසක කිහිප දෙනෙක් අල්ලාගෙන හොඳ කටු කෑම්පින් ට්‍රිප් එකක් යන්න හෙන ආසයි බං !

    ReplyDelete