අපේ ගෙදරට පහළ ගෙදරක ඉන්නවා පොඩි කොලු ගැටයෙක්. මේකාගේ නමනම් මට හරියට මතක නැහැ, ඒත් ගෙදරට කියන්නේ "බණ්ඩාර" කියලා. ගමේ කොල්ලෝ ඌට කියන්නේ බණ්ඩා කියලා. පොඩි එකා කාලේ ඉඳලම මේකා ටිකක් වසවර්තියා. පස්සේ කාලෙක හමුදාවටත් බැඳිලා හිටියා යුද්ධේ දවස්වල. ඒත් අන්තිමට එහෙනුත් පැනල ඇවිත් ගමේගොඩේ ඉබාගාතේ යන්න පටන් අරගෙන තිබුනා. හමුදාවට බැඳුනත් බණ්ඩා කියන්නේ ශරීර ප්‍රමාණයෙන් බොහොම පුංචි කොල්ලෙක්. කවුරුහරි බණ්ඩාව දැන් දැක්කත් හිතේවි තාම ඉස්කෝලේ යන කොළු ගැටයෙක් කියලා.
අපේ ගෙදර තියෙන්නේ තරමක කඳු ගැටයක් උඩ. එක දවසක් මම පහළ බලනකොට දැක්කා මේකා දිරච්ච පුවක් ගහකට ගල් කැට විසිකරනවා. ගෙදර ගියාම මට තියෙන පුරුද්දක් තමයි ගේ අවට හැමතැනකම වගේ කැමරා එකත් කරගහගෙන ගිහින් ෆොටෝ ගහන එක. මමත් කැමරා එකත් අරගෙන ගියා පහළට. බැලින්නම් මේකා ගල්කැට විසික්කා කොරල තියෙන්නේ පුවක් ගහේ තිබ්බ බිළයක් දිහාවට. ඒ බිළයේ බකමුනෝ ඉන්නවා කියලා බණ්ඩා මට කිව්වා. මේ දිරච්ච පුවක් ගහ තියෙන්නේ උන්ගේ ගෙදරට යන පාර අයිනේ. ඇත්තටම කිව්වොත් ඒකලාගේ ඉඩමේ තමයි මේ ගහ තියෙන්නේ. මේකාට කවුදෝ මන්ද එහා ගමේ මනුස්සයෙක් කිව්වලු බකමුනෙක් අල්ලලා ගෙනත් දුන්නොත් රු1000 ක් දෙන්නම් කියලා. බකමුනෙක් අල්ල ගන්න හිතාගෙන තමයි මු මේ දඟලන්නේ.
එදා මම ගෙදර ගිය වෙලාවෙත් අපේ අම්ම මට කිව්වා පහළ ගෙදර පුවක් ගහක තියෙන බිළේක බකමුනෙක් ඉන්නවා කියල පහළ ගෙදර නැන්දා කිව්වා කියලා. ගමේ ගියාම අපේ අම්මයි අහල පහල අයයි මට ඒ වගේ පණිවිඩ දෙනවා. හවස්වෙලා ඒ පැත්තේ යන්න හිතාගෙන හිටපු වෙලාවක තමයි මම අහම්බෙන් වගේ මේ සිද්ධිය දැක්කේ. වෙලාව හවස 4:30 ට වගේ ඇති මම හිතන්නේ. කළුවර වැටිලත් නැති වෙලාවේ ඒ පොඩි බිලයෙන් මුළු ඇඟම වගේ එලියට දාගෙන ඉන්න මෙන්න මෙයාව මට දකින්න ලැබුණා. හරියටම කියනවනම් දවස 2008-03-03 වෙනිදා.
මෙයා ඇත්තටම බකමුනෙක් නෙමෙයි බස්සෙක්. හරියටම කියනවනම් එයාගේ නම පෙරදිගු කන්බස්සා (Oriental Scope Owl - Otus Sunia). මෙතන තියෙන අන්තිම ෆොටෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් පුවක් ගහේ කඳට සාපේක්ෂව බස්සාගේ ශරීර ප්‍රමාණය කොයි තරම්ද කියලා.
මම මුලින්ම බණ්ඩාට කිව්වා ආපහු මේ සත්තුන්ට කරදර කරන්න එපා කියලා. මොන අහේතුවකටද දන්නේ නැහැ මේකා මම කියපු දේ පිළි අරගෙන පැත්තකට උනා. ඊට පස්සේ බණ්ඩා තවත් බස්සෙක් ඉන්න තැනක් ගැන හෝඩුවාවකුත් දුන්නා. අපේ ගෙවල් අහල පහළ කොහොමටත් කුරුළු වර්ග සෑහෙන්න ප්‍රමාණයක් දකින්න පුළුවන්.
ගණන් මිනුම් වශයෙන් කිව්වොත් මම අපේ ගෙවල් සීමාවේ විතරක් දැකල තියෙනවා කුරුළු වර්ග 90ක් පමණ. ඒ වගේම ගමට ආසන්න ගමවල් වලිනුත් එක්ක මම දැකල තියෙනවා මේ වෙනකොට කුරුළු වර්ග 118 ක්. මම දැකපු මේ ගොඩක් කුරුළු වර්ග සියල්ලේම වගේ ජායාරූප මා ගාව තියෙනවා. සමහර කුරුළු වර්ග බොහොම දුර්ලභ ඝනයේ අය.
ඊට දවස් කීපෙකට පස්සේ සති අන්තයේ මම ආපහු ගෙදර ගියා. එදා මම යමින් ගමනුත් පුවක් ගහ දිහාට පොඩ්ඩක් ඇහැ දාගෙනමයි ගියේ. ඒත් අර බිළය ඇතුලේ කිසි සතෙක් ඉන්න පාටක් පෙන්න තිබුනේ නැහැ. ටිකක් හවස් උනාටත් පස්සේ මම කීප වතාවක්ම ඇවිත් බැලුවා බස්සා ඉන්නවද කියලා. ම්හ්හ්... ඌ පේන්න නැහැ. මට හිතුනා මම නැති අතරේ බණ්ඩා බස්සාව අල්ලාගෙන විකුණලාද කියලත්. මේකා එහෙව් පුතයා. ඒ සැකය පිටින්ම මම එදා රෑ නිදාගන්න ගියා, මහ රෑ මට ඇහුනා බස්සන්ගේ සද්දේ. ඒත් හරියටම කියන්න බැහැනේ ඒ කෑ ගැහුවේ බිළේ හිටපු බස්සමද කියලා.
පහුවෙනිදා ඒ කියන්නේ 2008-03-08 වෙනිදා පාන්දර ඇහැරිච්ච ගමන්ම මම කලේ ආපහු අර පුවක් ගහ ගාවට ගිහින් බලපු එක. හැමතිස්සෙම සුදානම් පිට තියෙන මගේ කැමරා ආම්පන්න ටිකත් අරගෙන තමයි මම පල්ලම් බැස්සේ. මෙන්න ඒ වෙලාවේ මම දැකපු දේ.
මෙයාව දැක්ක වෙලාවේ මට ගොඩක් සතුටු හිතුනා. කලින් දවසේ දැකපු ලොකු බස්සා නෙමෙයි එතන හිටියේ. එයාගේ පැටියෙක්. ඌ හරි පුංචි එකෙක්. මෙයාල මෙළොව එළිය දැකලා සති තුන හතරකින් පියඹා යනවා. ඉතින් එදා මම ආපහු ආව දවසේ මේ අය සමහර විට බිළය ඇතුලේ තමයි ඉන්න ඇත්තේ. සමහර විට මෙයා මෙතන ඉඳගෙන හිටියේ දොරට වැඩුමෙන් පස්සෙද දන්නෙත් නැහැ.
මට තවත් සතුටු හිතුනේ මම ආපහු කොළඹ යනකල් ඉඳල බණ්ඩා මේ කුරුළු පවුලට කරදර කරපු නැති එක ගැනයි. ඊට ටික දවසකට පස්සේ මේ පුවක් ගහ මහ වැස්සකට කඩාගෙන වැටිලා තිබුනා. ඒත් ඒ වෙද්දී බකුසු පවුල කැදැල්ලෙන් පිටවෙලා ගිහින් තිබුණු බව දැනගෙන හිටපු නිසා හිතට ලොකු සහනයක් දැනුනා.

මුල ටික කියවද්දී මට හිතුනේ අපේ බණ්ඩා ගැන කියනව කියලා.
ReplyDeleteඅපේ පැත්තේ බිළයට කියන්නේ බෙනේ කියල.
අපේ මිදුලේ කාක්කෝ වගයක් බකමුණ පටියෙක්ට වට කරගෙන අනිද්දී අම්ම උ ගෙට අරගෙන මාස තුනක් විතර කිරි ,කෑම දීලා හැදුවා.පවු වැඩේ කියන්නේ ඌට පිහබින්න බැරිලු.පස්සේ මොනවා වුනාද කියල දන්නේ නැ.මම නිවාඩුවට ලංකාවට යද්දී ඌ හිටියේ නැ..
නැහැ නැහැ... මේ වෙන බණ්ඩා කෙනෙක්
Deleteඌ පොඩි කාලේ ඉඳල පියාඹන්න පුරුදු වෙච්ච නැති නිසා වෙන්න ඇති ලොකු උනාමත් පියාඹන්න බැරි වෙන්න ඇත්තේ
මුලින්ම පියාඹද්දී උන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගයත් ගොඩක් වැදගත් වෙනවා ඇති මම හිතන්නේ
ගෙදර අයගෙන් අහල බැලුවේ නැද්ද බකමුණු පැටියට වෙච්ච දේ ගැන
ආආ... මට කියන්න අමතක උනානේ... අපේ පැත්තෙත් වැඩිපුර භාවිතා වෙන්නේ බෙනේ කියන වචනේ තමයි
Deleteබිළේ කියන වචනේ මම නිකමට වගේ ලිව්වේ.... :)
අපේ ගේ ඉස්සරහ කොහොඹ ගහේ කඳ වැහෙන්නම ගොඩාක් ඝණට වැල් වර්ග එතිල තිබුන...ඒ වැල් අස්සෙ ගහට කිට්ටුවෙන් ඔය වගේ බස්සො උන්න පැටව් එක්ක...දවල්ට අපි පැටව් අල්ලගෙන එනව..එයාලට මෙලෝ දෙයක් පේන්නෙ නැහැ..ඇස්පියාගෙන ටොක් ගාල කඩාගෙන වැටෙනව නින්දෙන්...රෑ වෙනකොට අපූරුවට ඇස් ඇරගෙන යනවා..
ReplyDeleteවින්චට් කිරිල්ලිත් හරියට කපුටු වර්ගයේ කුරුල්ලෙක් වගේනේ
Deleteබකමුණු පැටවුන්ට කරදර කරලා තියෙන්නේ පොඩි කාලේදී :)
අනේ හරිම ලස්සනයි ඒ පින්තූර ටික.... මම නම් තවම ඔය වගේ බෙනයක් ඉන්න බකමූනෙක් දැකලා නැහැනෙ.... අතු උඩ ඉන්න එව්වො නම් දැකල තියෙනවා.....
ReplyDeleteස්තුතියි අක්කේ....
Deleteපොඩ්ඩක් වටපිට හෝදිසියෙන් බලන්න ඕනේ මෙව්වා දකින්න ඕනෙනං
දැන් මම මෙහෙම කිව්වා කියලා පාරේ යද්දී උඩ බලාගෙන ගිහින් වැටිලා අතපය කඩාගෙන ඇවිත් මට එහෙම බනින්න එපා හරිද
මුලම පින්තූරෙනම් සිරා....මං ආසම ඒකටයි අන්තිම එකටයි.අයියා වන ජීවි පින්තූර ගන්න කෙනෙක්ද??
ReplyDeleteනියමයි..........
බොහොම ස්තුතියි නංගි
Deleteවනජීවී ෆොටෝ ගහන එක තමයි මගේ විනෝදාංශය
මරු පින්තුරු ටික සහෝ.. කතාවට වඩා මට ඒ ටික අල්ලලා ගියා.
ReplyDeleteස්තුතියි මචං.....
Deleteහදිස්සියේ වගේ මේ ෆොටෝ ටික දැක්කම මට ඒ සිද්ධිය මතක උනා.
ඒකයි කතාවක් විදිහට ලිව්වේ.
පිංතූර එකතුව නම් පංකාදුයි. කවදත් වගේ ඔබේ ලිවීම් රටාව තුලින් අපිත් ඒ පරිසරයේ සැරි සැරුවා හා සමානයි.
ReplyDeleteබොහොම ස්තුතියි ගල්මල්....
Deleteහප්පා මම හිතුවේ මේ මං ගැන කියන්නේ කියලා..බැලින්නං වෙන බන්ඩෙක් නේ...ලස්සන පිංතූර ටික..අපිටත් බලන්න දාන්නකෝ අනික් ඒවත්.....
ReplyDeleteමැරෑටි වැඩ අතින් උඹත් මීට දෙවෙනි නැහැනේ...
Deleteස්තුතියි මචං. පුළු පුළුවන් වෙලාවට දාන්නම් පොඩි කතාවක් එක්කම
පින්තූර ටිකනම් අරන් තියෙනවා නියමෙටම.. ආයේ ඒකේ කියන්න දෙයක් නෑ.. අර කුරුළු වර්ග ඔක්කොමගෙම වගේ පින්තූර තියෙනවයි කියපු එකේ දාමුකෝ ඒ පින්තූර ටිකත්..
ReplyDeleteස්තුතියි දිනේෂ්....
Deleteඉස්සරහට දාන්නම්කො ඒවත් ටික ටික
අනේ ලස්සන බසු පැටියෙක්. පව්. ලස්සනම ලස්සන පින්තුරු ටික.....:)
ReplyDeleteස්තුතියි පොඩ්ඩි...
Deleteඔයා දැන් ලියන්නේ නැද්ද.... ?
ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකට යන්න බැහැනේ
මගේ බ්ලොග් එක අප්සෙට් ගිහින්. ප්‍රොෆයිල් එකත් පරන එක නෙමේ. ඒත් ඒකේ පැත්තකින් 'පොඩි කුමාරිහාමි' කියලා ඇති. ඒක ක්ලික් කරලා බලන්ට. :D
Deleteඊයේ ඔයා දාපු පෝස්ට් එකෙන් මම ඔයාගේ බ්ලොග් එකට ගියා
Deleteඒ වගේම ඔයා දැන් කියපු විදිහටත් යන්න පුළුවන්
ඉක්මනට බ්ලොග් එකේ අප්සට් එක හදා ගන්න බලන්න.... ;-)
නියමයි...කතාවයි රූපයි ගාන්ට ගලපලා...
ReplyDeleteස්තුතියි ඉන්ද්‍රජිත්....
Deleteමේක ඇත්ත කතාවක්, දිනය තැන වෙලාවල් නම් ගම් මේ හැම දෙයක්ම ඇත්ත
ගලපලා කිව්වෙ ගොතල කියන්න නෙවෙයි ගැලපෙන බව කියන්න.
Deleteමම ඒක තේරුම් ගත්තේ වැරදියටනේ... සමාව භජනය කරනවා....
Deleteහොද පිංතූරටික. අරවගේ ගල්ගහන එවුන් ඔය පිංතූර ගැනීමේ වැඩවලට උදව්වට ගත්තනං ඔවුන් හොද පරිසර හිතකාමියෝ වෙනව.
ReplyDeleteස්තුතියි රාජ්.
Deleteඒත් බං මුන් පොඩ්ඩ බැරිවෙනකොට ආපහු කට්ටි පනිනවානේ
ලොකු පුතා කියන්නේ බ්ලොග් ලෝකයේ පරිසරවේදියා. නියමයි!
ReplyDeletehenryblogwalker the Dude
හි..හී... මම විතරක් නෙමෙයි තව පරිසර වේදියෝ ගොඩ දෙනෙක් ඉන්නවා අයියේ :)
Deleteස්තුතියි කමෙන්ට් එකට
නියම පින්තුර ටික.
ReplyDeleteමම පොඩි කාලේ බස්සෝ රෑට කෑගහන සද්දෙට හරිම බයයි
ස්තුතියි ඔබා මාමේ.
Deleteමමනම් බය නැහැ. බකමුනෝ, උළමෝ, නරි කෑ ගහන සද්දේ අහන්න මම ඉස්සර ඉඳලම කැමතියි
ඒත් මෑතක ඉඳලා ගමේ ගියාමත් ඒ සද්ද ඇහෙනවා හරි අඩුයි
මුන් දෙන්නම හරිම ලස්සනයි...පින්තුර ටිකත් අගෙයි..
ReplyDeleteස්තුතියි සයුරි....
Deleteලස්සන පින්තූර අයියේ... මම හරියට දැකල නෑනේ මීට කලින්... බොහොම වටිනවා..
ReplyDeleteස්තුතියි ශානි....
Deleteමෙයාල ටිකක් සුලබව දකින්න පුළුවන් අය, බස්සන්ව වැඩිය දකින්න පුළුවන් රෑ කාලෙටනේ
එහෙමත් නැත්නම් දවල්ටත් ටිකක් අඳුරු තැන්වල ඉන්නවා දකින්න පුළුවන්
මේ වගේ හොඳට එලිය තියෙන තැනක ඉන්නවා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්
මම කොළඹදීත් කීප වතාවක්ම මෙයාලව දැකලා තියෙනවා
අඩේ ලොකුපුතා අයියා නියමයිනෙ,
ReplyDeleteකොහෙද මේ පළාත?
ඔයාව සාදරයෙන් පිළි ගන්නවා මෙහාට...
Deleteබොහොම ස්තුතියි මල්ලි,
දිහාව කළුතර දිස්ත්‍රික්කයේ "මාරගහදෙනිය" කියන ගම
නියමයි අයියා,
Deleteමගෙ ගාව තියන්නෙ කොලර්ඩ් ස්කොප්ස්ගෙ විතරයි,
මං මීට කලින් කීපපාරක් මේ පැත්තෙ ඇවිත් තියනවා :)
කලින් ඇවිත් ගිය බවක් මට මතක තිබුනේ නැහැ
Deleteසමාවෙන්න ඒ ගැන
මගේ ගාව කොලර්ඩ් ගේ විතරක් නෙමෙයි බස්සෝ වර්ග කීපයකම ෆොටෝ නැහැ :(
සතුන්ට හිංසා කරන එක නම් මමත් කිසිම විදියකින් අනුමත නොකරන වැඩක් බොහොම ලොකු පිනක් කරගෙන තියෙන්නෙ.
ReplyDeleteගහකොළ සතා සීපාවට ආදරේ කරන්න මිනිස්සු පෙළඹෙන තරමට අපිට ලෝකය හොඳ තැනක් කරගන්න පුළුවන් වේවි...
Deleteඅනේ ශෝක් නේද එහෙම සතෙක්ව දකිද්දී හිතේ තියෙන කරදර ඔක්කොම නැති වෙනවා වගේ දැනෙනවා..
ReplyDeleteමේ දවස් වල මම බලු සුරතල් බලනවානේ. එයාත් එක්ක ඉද්දිත් කිසිම දුකක් හිතට එන්නේ නැහැ :)
සමහර මිනිස්සුන්ට එහෙම දකින ලස්සන ලස්සන දේ තමන්ටම කියල අයිති කරගන්න හිතෙනවා
Deleteඑහෙම හිතලා එක්කෝ ඒ සතාව, එහෙමත් නැත්නම් ඒ සතාව මරලා උගේ හම, එහෙමත් නැත්නම් කැලේ තියෙන ලස්සන මල් පිපෙන ගස් ගලවාගෙන එනවා
නමුත් ගෙදර අරගෙන ආවට ඒ ගෙනාපු දේවල් එකකවත් කැලේදී තිබ්බ ලස්සන ආපහු දකින්න ලැබෙන්නේ නැහැ
සතෙක්නම් ඌ ඉන්නේ දුකින්, හමක් නම් ටික දවසකින් ලොම් ටික හැලිලා පරනවෙලා යනවා, මල් ගස් මැරෙනවා....
ඒත්.... එහෙම ලස්සන ආපහු බලන්න ඕනෙනං අරගෙන එන්න ඕනේ එකම දේ මේ වගේ ගත්තු ෆොටෝ එකක් විතරයි
ආපහු බලු සුරතල් බලන්න ගත්තද... හොඳයි හොඳයි.