ඔන්න මම මේ කියන්න යන්නේ මටම සිද්ධ වෙච්ච කතාවක්,
මුලින්ම කියල ඉන්නම්කො අපේ ගෙදර ඉඳල මම ගිය ඉස්කෝලෙට තියෙන දුර සහ මම ඉස්කෝලේ ගිය විදිහ
ක්‍රමය 01
2.5 Km බයිසිකලයකින්ද, ඉතිරි 16 Km බස් එකකින්ද ඉතිරි 1 Km පා ගමනින්ද ගොස්
ක්‍රමය 02
0.5 Km පමණ බයිසිකලයකින් හෝ පා ගමනින්ද ඉතිරි කිලෝමීටර 18 බස් රථයකින්ද ගොස් පෙර ලෙසම ඉතිරිය පා ගමනින්ද ගොස්
ක්‍රමය 03
1.5 Km බයිසිකලයකින්ද, බසයෙන් 20 Km ද ගොස් පෙර සේම පා ගමනින් ගොස් මගේ පාසලට ලඟා විය හැක
මේ අංක 03 විදිහට යනවා කියන්නේ වෙනමම පාරක් සහ යනවනම් යන්න පහසුම විදිහ. බස් එහෙමත් ගොඩක් පටන් ගන්නේ එතනින්. ඒත් මම එහෙන් යන්න කැමතිම නැහැ.
මම වැඩිපුරම යන්න කැමති උනේ අංක දෙක ක්‍රමයට.
මොකද මගේ යාළුවෝ ඔක්කොම වගේ ඉන්නේ ඒ පැත්තේ......
මම වැඩිපුරම යන්න කැමති උනේ අංක දෙක ක්‍රමයට.
මොකද මගේ යාළුවෝ ඔක්කොම වගේ ඉන්නේ ඒ පැත්තේ......
(තව තව හේතු තියෙනව, ඒවත් පස්සේ දැන ගන්න බැරියැ)
ඔන්න ඔහොමයි මම ඉස්කෝලේ ගියේ,
සමහර දවස් වල මම පාන්දර 05:30 බස් ඒකෙ ඉස්කෝලේ ගිය කාලෙකුත් තිබුනා. ඒ යන්නේ වෙන මොකකටවත් නෙමෙයි ඉස්කෝලේ පටන් ගන්න කලින් ගිහින් ක්‍රිකට් ගහන්න.
පිට්ටනියට එන පිළිවෙලට තමයි බැට් කරන්න හම්බ වෙන්නේ. ඉතින් පාන්දරින් නොයා ඉන්නත් බැහැනේ.
ඒත් ඒ දවස් වල මම පාන්දර ඉස්කෝලේ යනවට ගොඩාක් තරහ බල්ලෝ දෙන්නෙක් හිටියා.
එකෙක් ටිකක් ඇඟ පත තියෙන ලොකු එකෙක්. අනිත් එක්කෙනා ටිකක් කැහැටු එක්කෙනෙක්.
දෙන්න ඉන්නේ එකට නෙමෙයි කිලෝමීටරයක වගේ පරතරයකින් තමයි මේ දෙන්න රැකලා ඉන්නේ.
දෙන්න ඉන්නේ එකට නෙමෙයි කිලෝමීටරයක වගේ පරතරයකින් තමයි මේ දෙන්න රැකලා ඉන්නේ.
හැමතැනම වෙනවා වගේ මුලින් ඉන්නේ ලොකු එකා.
ඔන්න මම කරුවලේ සයිකලේ පැදගෙන එද්දී මේ ලොකු එකා පස්සෙන් පන්නනවා හුරේ තියලා.
මේ කාලේ වෙද්දී අපේ පාරේ එළියක් තියෙන වෙලාවක යනවා කියන්නෙත් ලොකු ගේමක්, හැමතැනම අලි නාවන්න පුළුවන් සයිස් එකේ මඩ වලවල්.
දැනටත් ඒ වගේ එව්වා ටිකක් ඉතුරු වෙලා තියෙනවා.
ඒ වගේම තමයි මට මේ පාරේ තියෙන හැම මඩ වලක්ම වගේ මතකයි, ඉතින් ඒ නිසා කවදාවත් ටෝර්ච් එකක් අරගෙන ගියෙත් නැහැ.
අනික ටෝර්ච් එකක් ඉස්කෝලෙට අරගෙන ගියොත් එහෙම ඉතින් ඕක දකින එව්වන්ගෙන් අහන්න වෙන කතා.... :)
ඉතින් පාන්දර 5:30 ට විතර ඔය පාරේ යනවා කියන්නේ, කුමන කතාද. නිකනුත් නෙමෙයි කළුවරේ බල්ලෙකුත් පස්සෙන් පන්නද්දී. හොඳකට කියල තියෙන්නේ ගෙවල් වල ලයිට් එලිය පොඩ්ඩ පොඩ්ඩ පාර දිහාවට වැටිලා තියෙන එක තමයි.
මමත් ඉතින් දන්නා වේගෙන් පදිනවා, ඒත් මු හැමදාම මගේ කකුල ගාවින්ම වගේ එනවා. කොයි වෙලාවේ කකුල හපයිද කියල කියන්න බැහැ.
මටයි කියල හැමදාම මේක බලාගෙන නිකන් ඉන්න බැහැනේ, බැරි පුළුවන් ගාතේ අර බව්වට පයින් එකකුත් ගහන්න හදනවා, බයිසිකලේ පදින ගමන්ම. ඒත් කවදාවත් ඌට වැදුනේනම් නැහැ.
මෙහෙම බල්ලොත් එක්ක ඔට්ටු වෙවී ඔස්කොලේ යන අතරේ එක දවසක් මම අර කවුදෝ කළා වගේ අලුත්ම සොයා ගැනීමක් කළා
ඒක මම කළා නෙමෙයි "ඉබේටම වගේ සිද්ධ උනා".....
මුකුත් නෙමෙයි වුනේ. එක පාරටම මම බයික් එකේ බ්රේක් ගැහුවා.
බ්රාස්..... ගාල.
දැන් බයික් එක නතර වුනා. මම එහෙම කලේ මුට මාව හපා කාල පැනල යන්න දෙනවට වඩා ඌත් එක්ක ෆේස් ටු ෆේස් ගේමක් දෙන එක හොඳයි කියල හිතාගෙන.
මෙන්න බොලේ වැඩක්,
මගේ කකුල හපන්න ඔන්න මෙන්න වගේ ආපු බල්ලා වෙන ගමනක් යන්න ආපු එකෙක් වගේ හිමීට හැරිලා යන්න යනවා.
මෙයාට දැන් පොඩ්ඩකට කලින් කරපු සහ කරන්න හදපු හැමදේම මේ ඩිංගට අමතක වෙලා වගේ.... හික්
මගෙත් මොකද, මමත් ඉතින් ආපහු මගේ ගමන ගියා...
ඉතින් ඊට පස්සේ මම ඔය පස්සෙන් පන්නන බල්ලන්ටනම් බය වුනේ නැහැ ඕන්. එක තැන නතර වෙන්න ගහන බ්රේක් පාරක් විතරයි ඕනේ කරන්නේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කැමති කෙනෙකුට කරලා බලන්නත් පුළුවන්.
කලාට පස්සේ මටත් කියන්න මොකද වුනේ කියලා.. හොඳද
ප.ලි.
මෙම ක්‍රමය මම කරපු විදිහටම අනුගමනය නොකර බව්වන් ලවා කවා ගත්තාට වග කියනු නොලැබේ




