මේ කියන කාලේ මම හිටියේ 3 වසරේ වගේ. මේ කාලේ වෙද්දී අපේ පැත්තේ ටියුෂන් පන්ති ඒ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නැහැ. හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් බොහොම සුළු මුදලක් අරගෙන උගන්නන පොඩි පොඩි පන්ති එහෙම තිබුනා.
අපේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදර හිටපු මාලා අක්කත් මේ වගේ පුංචි ඉංග්‍රීසි පන්තියක් දාල තිබුනා. එයා අපෙන් ගත්තේ මාසෙකට රුපියල් 10ක් හෝ 15ක් වගේ ගානක් කියල තමයි මට මතක. ඒ පන්තිය තිබුනේ එයාලගේ ගෙදරට පහළින් තිබුන රබර් ඉඩමේ මැදකට වෙන්න හදල තිබ්බ පුංචි මඩුවක. මේ රබර් වත්ත තිබුනේ බෑවුමක.
අපේ පන්තිය තිබුන තැන විතරක් පොඩ්ඩක් සමතලා කරලා තිබුනේ. වත්ත පුරාම කොඩි වැල් වැවිලා තිබ්බ ලස්සන රබර් වත්තක් ඒක. කොඩි වැල් කියන්නේ රබර් වතුවල පස් සංරක්ෂණයට වවන රනිල කුලයට අයත් ශාක වර්ගයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ Mucuna bracteata කියලා. සෝයා සහ බෝංචි වැනි ධාන්‍යය වර්ග අයත් වෙන්නෙත් මේ කුලයටමයි. ඒ කියන්නේ විපක්ෂ නායක තුමාගේ(රනිල) කුළයේ.
අපි ඉගෙන ගත්තේ ලෑලි පටි ගහල හදල තිබුනේ පුංචි මේස සහ බැංකු වල. මේ පන්තියේ මේ වගේ ඩෙස් පේළි තුනක් තැබුණා. ඒ වගේම ළමයි දහ දොළොස් දෙනෙකුත් හිටියා. එකම පන්තියේ වාඩි වෙලා හිටියට මාලා අක්කා ඒ ඒ ළමයගේ පන්තිය අනුව තමයි උගන්වන එක කරන්නේ. අපිටත් පොඩි පොඩි පාඩම් වැඩ දුන්නා කරන්න.
මමයි චුටි අක්කයි ඇරෙන්න මේ පන්තියේ හිටපු අයගෙන් මට මතක අපේ පන්තියේ හිටපු රොෂාන්වයි, චුටි අක්කලාගේ වයසේ හිටපු උරේෂා අක්කවයි, මෙලානි අක්කවයි විතරයි.
අපි මේ පන්තියේ ආසම කරන වෙලාව තමයි විවේක කාලය. අපිට විනාඩි හතළිස් පහක හරි පැයක හරි වගේ "පුංචි" විවේක කාලයක් තමයි මේ පන්තියේදී ලැබුනේ. ඒ විතරක්යැ මාලා අක්ක ගෙදරට ගිහිං අපිට තේ එහෙමත් හදල අරගෙන එනව හැමදාම වගේ. සමහර වෙලාවට එයාලගේ ගෙදර හදන කිතුල් හකුරු එක්ක කහට. සමහර දවස් වලට මොනවහරි කැවිල්ලක් එක්ක තේ.
ඊට පස්සේ තමයි විවේක කාලයේ තියෙන හොඳම හරිය. අපි මේ රබර් වත්තේ කොඩි වැල් ගාලේ ඔට්ටු සෙල්ලම් තියනවා. දුවන සෙල්ලම් කරනවා. බෑවුම් ඉඩමක් උනත් අපිව වැටුනට ගානක්වත් නැහැ අර කොඩි වැල් ගාල නිසාත් බිම පුරා තට්ටු පිටින් ගොඩ ගැහිලා තියෙන වේලිච්ච රබර් කොළ නිසාත්.
සමහර වෙලාවට අපි පොරබදනවා කොඩි වැල් ගොඩේ පෙරළිගෙන. ඒ වගේම කන්ද පහළට පෙරළිගෙන යනවත් එක්ක. අපි පුදුම සතුටක් ලැබුවේ මේ විවේක කාලයේදී.
ඒ වගේම අපි ඒ රබර් වත්තේ තැනතැන වවල තිබුන මඤ්ඤොක්කා ගස් වල ටිකක් ළපටි හරිය කඩාගෙන කෝටු කෑල්ලක් ඒවායේ ඇතුළට දාල තද කරලා ඇතුලේ තියෙන සුදු පාට බඩේ ගලවල ගන්නවා. අපි මේවා ගලවගන්නේ ගෙදර අරගෙන යන්න. මඤ්ඤොක්කා බඩ පුංචි පුංචි කෑලි වලට කපලා කුකුල් සායම් වල දාල එක එක පාට කරගෙන ලස්සන මෝස්තර අලවනවා පොත් වල. එහෙමත් නැත්නම් කොස් කොළ ඔටුනු, මඤ්ඤොක්කා කොළ වලින් හදා ගන්න මාල දාගෙන කෝටු කෑලි වලින් කඩු හරඹ කරනවා.
මේ විදිහට ඕනෙනං අපි මාස පහ හයක් මාලා අක්කගේ පන්තියට යන්න ඇති. හදිස්සියේම මාලා අක්කට ලැබුණු ගුරු පත්වීමක් නිසා අපේ පුංචි පන්තිය නවත්වන්න සිද්ධ උනා. අපිට එදානම් ගොඩක් දුක හිතුනා.
මම ගිහිං තියෙන මුල්ම සහ හොඳම ටියුෂන් පන්තිය හදිස්සියේම නවත්වන්න උනා මෙන්න මේ විදිහට.
අපේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදර හිටපු මාලා අක්කත් මේ වගේ පුංචි ඉංග්‍රීසි පන්තියක් දාල තිබුනා. එයා අපෙන් ගත්තේ මාසෙකට රුපියල් 10ක් හෝ 15ක් වගේ ගානක් කියල තමයි මට මතක. ඒ පන්තිය තිබුනේ එයාලගේ ගෙදරට පහළින් තිබුන රබර් ඉඩමේ මැදකට වෙන්න හදල තිබ්බ පුංචි මඩුවක. මේ රබර් වත්ත තිබුනේ බෑවුමක.
අපේ පන්තිය තිබුන තැන විතරක් පොඩ්ඩක් සමතලා කරලා තිබුනේ. වත්ත පුරාම කොඩි වැල් වැවිලා තිබ්බ ලස්සන රබර් වත්තක් ඒක. කොඩි වැල් කියන්නේ රබර් වතුවල පස් සංරක්ෂණයට වවන රනිල කුලයට අයත් ශාක වර්ගයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ Mucuna bracteata කියලා. සෝයා සහ බෝංචි වැනි ධාන්‍යය වර්ග අයත් වෙන්නෙත් මේ කුලයටමයි. ඒ කියන්නේ විපක්ෂ නායක තුමාගේ(රනිල) කුළයේ.
![]() |
| ජායාරුපය ගත්තේ මෙතනින් |