විදියබණ්ඩාර කුමාරයා ගැන අපේ රටේ ජීවත්වෙන බොහෝ දෙනෙක් අහල ඇති. එතුමා බොහොම දක්ෂ රණවිරුවෙක් බව තමයි කියවෙන්නේ. ඒ වගේම කෝට්ටේ රාජධානියේ හිටපු සේනාධිනායකයෙක්. මට මතක විදිහට පෘතුග්‍රීසින් යටතේ පඹයෙක් ලෙස ඔටුණු පළඳින ධර්මපාල කුමාරයා කියන්නේ ඔහුගේත් සමුද්‍රා දේවියගේත් වැඩිමහල් පුත් කුමාරයා. සමුද්‍රා දේවිය කියන්නේ හත් වැනි බුවනෙකබාහු රජුගේ දියණි කෙනෙක්. ඇය ඉතාම රූපශ්‍රීයෙන් යුතු වූ කාන්තාවක් බවයි පැවසෙන්නේ.
ධර්මපාල කුමාරයාගේ රාජාභිෂේකයට මොහු විරුද්ධ වීමත් සමග රාජද්‍රෝහියෙකු වශයෙන් පෘතුග්‍රීසීන් අතින් සැළකුම් ලබනවා. එනිසා මොහු කෝට්ටෙන් පලා ගොස් බොහොම අප්‍රසිද්ධියේ පස් දුන් කෝරලයේ පැලැන් නුවර සැඟවී ගන්නවා. එසේ සැඟවීගෙන සේනා සංවිධානය කරගෙන ගොස් පෘතුග්‍රීසීන් හා සටන් වදිනවා. යුධ වැදීම සඳහා මොහු ඉතා විශාල ප්‍රමාණයේ දිගු කඩුවක් භාවිතා කල බවද සඳහන් වෙනවා. එමෙන්ම මොහු හා මුහුණට මුහුණ සටන් කොට කිසිවෙකුට ජය නොගත හැකි රණවිරුවෙක් ලෙසින්ද මොහු හැඳින්වෙනවා.
අවසානයේ පැවති යුද්ධයකදී මෙම අභීත රණවිරුවා සතුරන්ට කොටු වී ඇති අතර විශාල සියඹලා ගසකට පිටුපා ඉදිරියෙන් පැමිණෙන සියළුම සතුරන් මරුමුවට පත් කිරීමට තරම් මොහු දක්ෂයෙකු වීලු.
මොහු යටත් කර ගැනීම ඉතා අපහසු බව දැනගත් සතුරු සේනාවෙන් දෙදෙනෙක් සියඹලා ගසට පිටුපසින් ගොඩ වී විදියබණ්ඩාර විරුවා සිටින දෙසට ඉහළින් පැමිණ ඔහුගේ හිසට කඩුවෙන් කොටා ඔහු මරුමුවට පත් කරපු බවක් තමයි මම අහල තියෙන්නේ.
වීදියබණ්ඩාර කුමාරයා කියන්නේ මම කැමතිම හෙළ රණවිරුවෙක්. මට ඇත්තටම ඕනේ උනේ එතුමා ගැන සඳහනක් කරන්නම විතරක් නෙමෙයි. ඔහු වටා ගෙතී ඇති කතා සහ ස්ථාන නාම සම්බන්ධව කතා කරන්නයි මගේ මේ වෑයම.
වරක් මෙතුමා යුද්ධයකට යාමට පෙර තම දියණිය ඇතුළු පිරිවරට කඳු මුදුනක සුරක්ෂිතව රැඳී සිටින මෙන් පවසා යුද්ධයට පිටත් වී ගොස් ඇත. යුද්ධය දිනුවොත් රතු කොඩියක් ඔසවා ජය ප්‍රකාශ කරන බවටද, පරාජය සුදු කොඩියකින් ප්‍රකාශ කරන බවට කලින් දැනුම් දීමක් සිදු වී ඇත. කෙසේ හෝ යුද්ධය ජය ගැනීමට මොහු සමත් වූවත් සංඥාකරු අත්වැරැද්දකින් සුදු කොඩියක් ඔසවා වැරදි සංඥාවක් දී තිබුණේලු. වැරැද්ද නිවැරදි කරගන්නා විට බොහෝ පමා වී තැබුණි. ඒ වන විටත් දියණිය ගල් ප්‍රපාතයෙන් පහළට පැන දිවි තොරකරගෙන තිබු බවක් කියවේ. එදා පටන් මේ කන්ද හැඳින්වුයේ "දූ මළ ගල" යන නමින්ලු. කාලයත් සමග භාවිතයේ පහසුවට වෙනස් වූ එය දැන් හැඳින්වෙන්නේ "මළදුගල" නමිනි. කෙසේ නමුත් දෙයාකාරයෙන්ම දෙන අර්ථය එකමය.
මළදුගල කන්ද කියල නම වැටිලා තියෙන කන්ද කිලෝමීටරයක හමාරක පමණ දිගකින් යුක්තව තනි කන්දක් ලෙසින් විහිදී ඇති කන්දක්. කන්දේ උස සම්බන්ධව පැහැදිළි අදහසක් මට නැතත් ගුගුල් මැප් ආධාරයෙන් බැලුවහම අඩි 810 ක පමණ උපරිම උස ඇති ස්ථානයක් දැක ගන්න පුළුවන්. බැලූ බැල්මට එය ප්‍රදේශයේ පිහිටි උසම කන්දක් කියලනම් කියන්න පුළුවන්. මේ කන්ද අධික බෑවුම් සහිත වන අතර එක පැත්තක පුංචි ලෝකන්තයක් මෙන් තනි කෙලින් වූ බෑවුමක් පහළින් වූ තැනිතලා භුමිය දක්වාම විහිදිලා තියෙනවා. මේ කැලය රක්ෂිතයක් වශයෙන් නම් කරලද කියල මම හරියටම දන්නේ නැහැ, නමුත් කන්ද ආශ්‍රිත වනය මිනිස් ක්‍රියාකාරකම් වලින් තරමක් බැහැරව තරමක් සන්සුන්ව තියෙනවා දකින්න පුළුවන්. ඒකට හේතුව අධික බෑවුමත් කන්දේ මායිම් රජයේ වතු යායකට මායිම් වී ඇති නිසාත් වෙන්න ඕනේ. කඳු මායිම පුද්ගලික ඉඩම් වලට ආසන්නව තිබුනානම් මිනිස්සුන්ගේ ඇවිදින වැටවල් නිසා කන්දේ වපසරිය දවස ගානෙම අඩුවෙන්න ඉඩ තිබුනා. අපි පුංචි කාලේ ආණ්ඩුවේ වතු යායෙන් කැලේට ගිහිං තිබ්බ ඉඩම් කොටසක් කියලා හඳුන්වලා මේ කැලයෙන් ලොකු බිම් ප්‍රමාණයක් එළි පෙහෙළි කරලා රබර් වගාවක් දැම්මා. ඒ කාලෙදිම මිනිස්සුත් පදිංචි වෙන්න පුළුවන් මට්ටමේ ඉඩකඩම් ලොකු ප්‍රමාණයක් බලෙන් එළි කරලා අල්ල ගත්තා. මේ වෙද්දීනම් ඒ ඉඩම් අල්ල ගත්තු මිනිස්සු ඒ ඉඩම් වල නැති උනත් ඒ ඉඩම් වලට බලපත්‍ර හදා ගන්න ඔවුන් සමත්වුණා කියල තමයි මම දන්නේ.
කොහොම උනත් කන්දේ වැඩි බෑවුමක් තියෙන කොටස මිනිස් අතපෙවිමකින් තොරව අදටත් බේරිලා තියෙනවා දකින්න පුළුවන්.
මළදුගල කන්ද ගැන අපි පුංචි කාලේ අපූරු කතාවක් තිබුනා. ඒකෙ පළතුරු වලින් පිරිච්ච පළතුරු වත්තක් තියෙනවලු. ඒකට යන අයට ඕනේ තරම් ගෙඩි කඩාගෙන කෑවත් එකක්වත් අරගෙන එන්න බැරිලු. ඒ වගේම වතාවක් ඔය කන්දේ නැගපු මනුස්සයෙක් ශරීර කෘත්‍ය කරලා තියෙනවා කඳු මුදුනේ. ඊට පස්සේ ආපහු එන්න පිටත් උනාට හැමතිස්සෙම මග වැරදිලා අර අසුචි ගොඩ ගාවටමලු එවෙන්නේ. අන්තිමට මේ මනුස්සයට තේරිලා මේ කරපු වැඩේ නිසා තමයි පාර වරදින්නේ කියලා, අන්තිමට කැලෑ කොළ ටිකක් කඩාගෙන අසුචි ගොඩත් අරගෙන ගෙදර එන්න පිටත් උනාට පස්සෙලු ආපහු එන පාර හොයා ගන්න ලැබිල තියෙන්නේ.
මෙන්න මේ වගේ කතා නිසා මම ගොඩක් ආසාවෙන් හිටියේ මළදුගල කන්ද නගින්න.
වතාවක් අපේ ලොකු මාම එයාගේ කැම්පස් එකේ යාළුවො ටිකක් එක්ක කන්ද නගින්න ආවා, ඒ 1990 දී විතර වගේ. එදා මමත් යන්න හැදුවට මාව යවන්න අම්ම කැමති උනේ නැහැ. ලොකු මාමනම් කැමති උනා මාව එක්කන් යන්න. අන්තිමට උනේ මගේ හීනේ කල්දාන්න මට සිද්ධ වෙච්ච එක තමයි.
මම මුලින්ම මළදුගල කන්ද නැග්ගේ 1993 අවුරුද්දේ. ඒ අපේ ලොකු මාමාත් එයා උගන්වපු ඉස්කෝලෙ ගුරුවරු කීප දෙනෙක් ඇතුළු පිරිසක් එක්ක. එදා මම දැකපු අහඹු සිදුවීමක් අදටත් මගේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ රැහැයියෙක් සම්බන්ධ අමුතු සිද්ධියක්. කන්දේ තියෙන අධික බෑවුම හින්දා ගොඩක් තැන් වලදී පල්ලෙහා තියෙන ගස්වල මුදුන් තියෙන්නේ අපේ මුහුණු මට්ටමේ. අන්න ඒ වගේ වෙලාවක ගහක කොලයක් උඩ ඉන්න පුංචි සතෙක්ව මම දැක්කා. ඌ කෑගහන්න ගත්තම තමයි මම දැනගත්තේ ඒ රැහැයියෙක් කියලා. ඌ කටුක නාදයක් නිකුත් කරන ගමන් උගේ ඇඟ වගේ දහගුණයක් විතර දිගට සිහින් වතුර පාරක් විදිනවා. මේක ඌ නොකඩවාම කලා සැලකිය යුතු වෙලාවක්. ඒ වෙලාවේ එතන හිටපු අයට කතා කරලා මම ඒ සිද්ධිය එයාලටත් පෙන්නුවා.
පස්සේ කාලෙක මම මේ ගැන පරිසරය ගැන හොඳින් දන්නා කියන විශේෂඥයින් කීප දෙනෙකුගෙන්ම අහල බැලුවා. ඒත් ඒ අය මේක පැහැදිළි කරලා දෙන්න සමත් උනේ නැහැ.
ඊට පස්සේ කීප වතාවක්ම මම මළදුගල කන්දට ගිහිං තියෙනවා යාළුවොත් එක්ක. නමුත් අර වගේ දෙයක් දකින්න ලැබුනේ නැහැ. අනිත් එක එදා අහම්බෙන් දැකපු දේ මට මෑතක් වෙනකල් අමතක වෙලා තිබුනේ. ඒ නිසා ඒ ගැන උනන්දුවෙන් හොයල බැලුවෙත් නැහැ. අනිත් එක ඉස්සර අපි කඳු නගින්නේ විනෝදයක් විදිහට මිසක් පරිසරය අධ්‍යනය කරන්න නෙමෙයිනේ. පස්සේ පස්සේ ෆොටෝ උණත් එක්ක එක පාරම කැලෑ උණත් හැදුනට පස්සේ තමයි ඔය සතා සරුපයා ගහ කොළ ගාව ටිකක් නතරවෙලා බලන්න කරන්න ෆොටෝ ගහන්න පටන් ගත්තේ.
ඒ වගේම තමයි මම එදා දැකපු විදිහේ රැහැයියෙක්ව ආපහු වෙන කොහේදී හරි කැලේකදී දකින්න හම්බ උනෙත් නැහැ.
මේ කන්දේ ඉතා වටිනා ජෛව විවිධත්වයක් දකින්න පුළුවන්. සිංහරාජයේ දකින්න පුළුවන් ශාක වර්ග වලින් වැඩි ප්‍රමාණයක් මේ කන්දෙදිත් දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ කන්දේ යම් යම් ස්ථාන වලදී මම ගත්තු ජායාරූප කිහිපයක්.
මේ කන්දේ ගල් ගුහාව තියෙන හරියේ ලොකු හුළං කපොල්ලකුත් තියෙනවා. ගල් ගුහාවට බහින්න පාරවල් තුනක් තිබුනත් එක පාරක් තමයි ගොඩක් ලේසි. ඒ පාරට යන්නනම් මේ කපොල්ල හරහා යන්න ඕනේ. මේ තියෙන්නේ එතන.
මේ කැලේ කොහොල්ල ලාවළු කියල අපි කියන රස පලතුරු ගසුත්, ඇටිකෙසෙල් ගස් එහෙමත් තියෙනවා. අපි ගිය දවස් වලදී නම් ඒවා ඉදිලා තිබුනේ නැහැ. නැත්නම් ඇටිකෙහෙල් කාපු උගුඩුවන්ට වෙච්ච දේම තමයි අපිටත් වෙන්නේ.
මේ කැලේ ලංකාවට අවේනික කළු වඳුරු රංචුවක්, රිළව් රංචුවක්, වල්ඌරෝ, වල් බාවා, කබල්ලෑවා, හඳුන් දිවියා සහ කුරුළු සහ සමනල් වර්ග බොහෝමයකුත් දකින්න පුළුවන්. කබල්ලෑවා, හඳුන් දිවිය වගේ සත්තුන්ව ලේසියෙන් දකින්න බැහැ.
මෙහේ ඉන්න වඳුරෝ, රිළව් එහෙම කවදාවත් ගම්වලට ඇවිත් බවභෝග විනාශ කරලා යන්නේ නැහැ. ඒකට හේතුව කැලේ ඇතුලේ උන්ට උවමනා කරන ආහාර පාන වර්ග තිබීම වෙන්න ඕනේ.
මේ කැලේ මහා විශාල පුස්වැලක් තිබුනා. ඒත් ඒ කාලේ අපි ඒ තරම් ඒ ගැන සැළකුවේ නැහැ. ඊට අවුරුදු ගානකට පස්සේ වතාවක් මම සිංහරාජ වනාන්තරේ බලන්න ගිය වෙලාවක "සිංහරාජයේ යෝධ පුස්වැල" බලන්නත් ගියා. ඊට පස්සේ තමයි මට හිතුනේ මළදුගල කන්දේ තියෙන පුස්වැලේ කඳ සිංහරාජේදී දැකපු යෝධ පුස්වැලේ කඳටත් වැඩිය ලොකුයි නේද කියලා. මම මේ පුස්වැල දැක්කේ 1997 වගේ කාලෙකදී.
කරුමෙක මහත කියන්නේ සිංහරාජයේ යෝධ පුස්වැල වගේම මළදුගල කන්දේ තිබ්බ යෝධ පුස්වලත් දැන් නැහැ. ඒ පුස්වැල් දෙකම මියගොහින්. සිංහරාජයේ පුස්වැල විනාශ උනේ ඒක බලන්න යන මිනිස්සු ඒක උඩ නැගලා, වැලේ නැගල පද්දලා එකඑක අනවශ්‍ය දේවල් කල නිසා කියල තමයි සමහර උදවිය කියන්නේ. තවත් කට්ටිය කියනවා කාලයාගේ අවෑමෙන් පුස්වැල මැරිලා ගියා කියලා.
නමුත් මළදුගල කන්දේ පුස්වැල විනාශ උනේ නොමිනිස් ක්‍රියාවක අතුරුපලයක් නිසා බව මම හොඳටම දන්නවා. පුස්වැල ළඟ තිබ්බ මහ ගහක් කපපු දැවහොරු තමයි ඒකට වග කියන්න ඕනේ. ගහ කැපුවට පස්සේ එක්කෝ වැලත් කඩාගෙන ඒ ගහ පහළට වැටිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වැල උඩ රැඳිලා තියෙන්න ඇත්තේ ඒ ගහේ. කොහොම හරි අවුරුදු කීපයක් ඇතුලත ඒ යෝධ පුස්වැල හිමීට මියයන හැටි මගේ ඇස්දෙකෙන්ම දැකගන්න තරම් මට අවාසනාව තිබුනා.
මම අන්තිමට කන්දට නැග්ගේ 2007 අවුරුද්දේ, ඒ වෙද්දී පුස්වැල අන්තිම ගමන ගිහිං ඉවරයි.
මේ කන්ද ආශ්‍රිත කැලේ ප්‍රාථමික වනයක් කියල මට හිතෙනවා, නමුත් ඒ ආශ්‍රිතව තාම කිසිම පර්යේෂණයක් සිදු වෙලා නැහැ.
90 දශකයේ අග භාගයේදී මේ කන්දේ රූපවාහිනී සංඥා කුළුණක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ උනා. ඒ හරියටම විදියබණ්ඩාර කතාවේ එන කුමරිය පැන්නායයි කියන ස්ථානය කිට්ටුව. ඒකෙ වැඩකටයුතු බොහෝ මන්දගාමිව තමයි කෙරීගෙන ගියේ. කණුවේ වැඩ ඉවර උනත් අන්තිමට විදුලි බලය ගන්න විදිහක් නැහැ කියලා වැඩේ කල් දදා තමයි තිබුනේ. දැන් අවුරුදු 15 ටත් වඩා වැඩි කාලයක් ගියත් ඒ කණුව අදටත් ඒ විදිහටම තියෙනවා.
බළලා මල්ලෙන් එළියට පැන්නේ කණුවේ වැඩකටයුතු ඉවරවෙලත් ටික කාලයක් ගියාට පස්සේ. මෙතන තිබ්බ නිධානයක් ගන්න ඕනේ කරන වැඩකටයුතු ටික කුළුණ හදන මුවාවෙන් කලා කියල තමයි ගමේමිනිස්සුන්ගේ කටින් කට කියවුනේ. අන්තිමට කිසිම වැඩකට නැති කුළුණක් ඒ කන්ද මුදුනේ ඉතුරු වෙච්ච එක විතරයි උනේ.
මේ කන්දේ සහ ඒ ආශ්‍රිතව එක නිධානයක් විතරක් නෙමෙයි නිධන් කිහිපයක් තියෙන බව මම අහල තියෙනවා විතරක් නෙමෙයි සැලකිය යුතු ප්‍රමාණයක් කරුණුත් දන්නවා.
කන්දේ පන්සලේ වැඩවාසය කරපු වයසක ලොකු හාමුදුරුවෝ මේ කන්දේ තියෙන නිධන් ටික හොරුන්ගෙන් රැකගන්න ලොකු වෙහෙසක් අරගෙන තිබුනා. ගල්ගුහාව ඇතුලේ තියෙන උමං මගේ දිගේ ඇතුලට යන්න බැරිවෙන්න ගල් සහ මැටි වලින් හොඳට අහුරලා වහල දාල තිබුනා මට මතකයි. මේ කියන උමං මග විදියබණ්ඩාර කුමාරයා භාවිතකල බවක් තමයි කියවෙන්නේ.
ඒ හාමුදුරුවෝ මේ මහා මුකලානේ තිබ්බ පරණ පන්සලේ දශක ගණනාවක් වැඩ වාසය කරලා කලේ ලොකු සේවයක්.
නමුත් උන්වහන්සේගේ ජිවිතයේ අවසාන භාගයේ හෝ එතුමා ජිවිතයෙන් සමුගත් අළුතම වගේ උන් වහන්සේ විසින් හොරුන්ගෙන් ප්‍රවේසම් කරගත් එක් නිධානයක් මෙසේ මංකොල්ල කා ගත්තා.
මම සාමාන්‍යයෙන් පන්සල් යන්න කැමති නැහැ, ඒත් කන්දේ පන්සල් යන්න මම පුංචි කාලේ ඉඳලා හරිම කැමතියි. කිසිම මනුස්ස පරාණයක් දකින්න නැති බොහොම අල්පේච්ච බවක් පේන කැලෑවෙන් වටවෙලා තියෙන ඒ පන්සලට ගිහින් ලබන්න පුළුවන් සුවය මොන තරමක්ද කියල වචන වලින් කියන්න බැහැ. මිනිස්සුන්ගෙන් පිරිච්ච සද්ද බද්ද වැඩි ලොකු පන්සලකින් ඒ සුවය කවදාවත් විඳින්න බැහැ. අදටත් ඒ පන්සලේ හාමුදුරු නමක් නැහැ. ගමේ මනුස්සයෙක් පන්සල බලාකියා ගන්නවා. නමුත් මම අදත් යන්න කැමතිම පන්සල තමයි ඒ.
මළදුගල කන්ද හා ඒ ආශ්‍රිත තවත් නිධන් කතා සමගින් නැවත හමුවෙමු....
අපේ අසරණයා කියල තිබුණනේ ඇටි කෙසෙල් සහ වල්බාවා කියන සතාව දන්නේ නැහැ කියලා. බ්ලොගර් මහත්තයාගේ නොපෙනත්කම මගඅරවාගෙන වෙන විදිහකට හරි අමාරුවෙන් තමයි මේ ෆොටෝ දෙක දැම්මේ.
ධර්මපාල කුමාරයාගේ රාජාභිෂේකයට මොහු විරුද්ධ වීමත් සමග රාජද්‍රෝහියෙකු වශයෙන් පෘතුග්‍රීසීන් අතින් සැළකුම් ලබනවා. එනිසා මොහු කෝට්ටෙන් පලා ගොස් බොහොම අප්‍රසිද්ධියේ පස් දුන් කෝරලයේ පැලැන් නුවර සැඟවී ගන්නවා. එසේ සැඟවීගෙන සේනා සංවිධානය කරගෙන ගොස් පෘතුග්‍රීසීන් හා සටන් වදිනවා. යුධ වැදීම සඳහා මොහු ඉතා විශාල ප්‍රමාණයේ දිගු කඩුවක් භාවිතා කල බවද සඳහන් වෙනවා. එමෙන්ම මොහු හා මුහුණට මුහුණ සටන් කොට කිසිවෙකුට ජය නොගත හැකි රණවිරුවෙක් ලෙසින්ද මොහු හැඳින්වෙනවා.
අවසානයේ පැවති යුද්ධයකදී මෙම අභීත රණවිරුවා සතුරන්ට කොටු වී ඇති අතර විශාල සියඹලා ගසකට පිටුපා ඉදිරියෙන් පැමිණෙන සියළුම සතුරන් මරුමුවට පත් කිරීමට තරම් මොහු දක්ෂයෙකු වීලු.
මොහු යටත් කර ගැනීම ඉතා අපහසු බව දැනගත් සතුරු සේනාවෙන් දෙදෙනෙක් සියඹලා ගසට පිටුපසින් ගොඩ වී විදියබණ්ඩාර විරුවා සිටින දෙසට ඉහළින් පැමිණ ඔහුගේ හිසට කඩුවෙන් කොටා ඔහු මරුමුවට පත් කරපු බවක් තමයි මම අහල තියෙන්නේ.
මම මේ ෆොටෝ එක ගත්තේ විකියෙන් මේක දාල තිබ්බේ කැප්පෙට්ටිපොළ මහදිසාවේගේ පින්තුරයක් විදිහට |
වරක් මෙතුමා යුද්ධයකට යාමට පෙර තම දියණිය ඇතුළු පිරිවරට කඳු මුදුනක සුරක්ෂිතව රැඳී සිටින මෙන් පවසා යුද්ධයට පිටත් වී ගොස් ඇත. යුද්ධය දිනුවොත් රතු කොඩියක් ඔසවා ජය ප්‍රකාශ කරන බවටද, පරාජය සුදු කොඩියකින් ප්‍රකාශ කරන බවට කලින් දැනුම් දීමක් සිදු වී ඇත. කෙසේ හෝ යුද්ධය ජය ගැනීමට මොහු සමත් වූවත් සංඥාකරු අත්වැරැද්දකින් සුදු කොඩියක් ඔසවා වැරදි සංඥාවක් දී තිබුණේලු. වැරැද්ද නිවැරදි කරගන්නා විට බොහෝ පමා වී තැබුණි. ඒ වන විටත් දියණිය ගල් ප්‍රපාතයෙන් පහළට පැන දිවි තොරකරගෙන තිබු බවක් කියවේ. එදා පටන් මේ කන්ද හැඳින්වුයේ "දූ මළ ගල" යන නමින්ලු. කාලයත් සමග භාවිතයේ පහසුවට වෙනස් වූ එය දැන් හැඳින්වෙන්නේ "මළදුගල" නමිනි. කෙසේ නමුත් දෙයාකාරයෙන්ම දෙන අර්ථය එකමය.
මළදුගල කන්ද කියල නම වැටිලා තියෙන කන්ද කිලෝමීටරයක හමාරක පමණ දිගකින් යුක්තව තනි කන්දක් ලෙසින් විහිදී ඇති කන්දක්. කන්දේ උස සම්බන්ධව පැහැදිළි අදහසක් මට නැතත් ගුගුල් මැප් ආධාරයෙන් බැලුවහම අඩි 810 ක පමණ උපරිම උස ඇති ස්ථානයක් දැක ගන්න පුළුවන්. බැලූ බැල්මට එය ප්‍රදේශයේ පිහිටි උසම කන්දක් කියලනම් කියන්න පුළුවන්. මේ කන්ද අධික බෑවුම් සහිත වන අතර එක පැත්තක පුංචි ලෝකන්තයක් මෙන් තනි කෙලින් වූ බෑවුමක් පහළින් වූ තැනිතලා භුමිය දක්වාම විහිදිලා තියෙනවා. මේ කැලය රක්ෂිතයක් වශයෙන් නම් කරලද කියල මම හරියටම දන්නේ නැහැ, නමුත් කන්ද ආශ්‍රිත වනය මිනිස් ක්‍රියාකාරකම් වලින් තරමක් බැහැරව තරමක් සන්සුන්ව තියෙනවා දකින්න පුළුවන්. ඒකට හේතුව අධික බෑවුමත් කන්දේ මායිම් රජයේ වතු යායකට මායිම් වී ඇති නිසාත් වෙන්න ඕනේ. කඳු මායිම පුද්ගලික ඉඩම් වලට ආසන්නව තිබුනානම් මිනිස්සුන්ගේ ඇවිදින වැටවල් නිසා කන්දේ වපසරිය දවස ගානෙම අඩුවෙන්න ඉඩ තිබුනා. අපි පුංචි කාලේ ආණ්ඩුවේ වතු යායෙන් කැලේට ගිහිං තිබ්බ ඉඩම් කොටසක් කියලා හඳුන්වලා මේ කැලයෙන් ලොකු බිම් ප්‍රමාණයක් එළි පෙහෙළි කරලා රබර් වගාවක් දැම්මා. ඒ කාලෙදිම මිනිස්සුත් පදිංචි වෙන්න පුළුවන් මට්ටමේ ඉඩකඩම් ලොකු ප්‍රමාණයක් බලෙන් එළි කරලා අල්ල ගත්තා. මේ වෙද්දීනම් ඒ ඉඩම් අල්ල ගත්තු මිනිස්සු ඒ ඉඩම් වල නැති උනත් ඒ ඉඩම් වලට බලපත්‍ර හදා ගන්න ඔවුන් සමත්වුණා කියල තමයි මම දන්නේ.
කොහොම උනත් කන්දේ වැඩි බෑවුමක් තියෙන කොටස මිනිස් අතපෙවිමකින් තොරව අදටත් බේරිලා තියෙනවා දකින්න පුළුවන්.
මළදුගල කන්ද ගැන අපි පුංචි කාලේ අපූරු කතාවක් තිබුනා. ඒකෙ පළතුරු වලින් පිරිච්ච පළතුරු වත්තක් තියෙනවලු. ඒකට යන අයට ඕනේ තරම් ගෙඩි කඩාගෙන කෑවත් එකක්වත් අරගෙන එන්න බැරිලු. ඒ වගේම වතාවක් ඔය කන්දේ නැගපු මනුස්සයෙක් ශරීර කෘත්‍ය කරලා තියෙනවා කඳු මුදුනේ. ඊට පස්සේ ආපහු එන්න පිටත් උනාට හැමතිස්සෙම මග වැරදිලා අර අසුචි ගොඩ ගාවටමලු එවෙන්නේ. අන්තිමට මේ මනුස්සයට තේරිලා මේ කරපු වැඩේ නිසා තමයි පාර වරදින්නේ කියලා, අන්තිමට කැලෑ කොළ ටිකක් කඩාගෙන අසුචි ගොඩත් අරගෙන ගෙදර එන්න පිටත් උනාට පස්සෙලු ආපහු එන පාර හොයා ගන්න ලැබිල තියෙන්නේ.
මෙන්න මේ වගේ කතා නිසා මම ගොඩක් ආසාවෙන් හිටියේ මළදුගල කන්ද නගින්න.
වතාවක් අපේ ලොකු මාම එයාගේ කැම්පස් එකේ යාළුවො ටිකක් එක්ක කන්ද නගින්න ආවා, ඒ 1990 දී විතර වගේ. එදා මමත් යන්න හැදුවට මාව යවන්න අම්ම කැමති උනේ නැහැ. ලොකු මාමනම් කැමති උනා මාව එක්කන් යන්න. අන්තිමට උනේ මගේ හීනේ කල්දාන්න මට සිද්ධ වෙච්ච එක තමයි.
මම මුලින්ම මළදුගල කන්ද නැග්ගේ 1993 අවුරුද්දේ. ඒ අපේ ලොකු මාමාත් එයා උගන්වපු ඉස්කෝලෙ ගුරුවරු කීප දෙනෙක් ඇතුළු පිරිසක් එක්ක. එදා මම දැකපු අහඹු සිදුවීමක් අදටත් මගේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ රැහැයියෙක් සම්බන්ධ අමුතු සිද්ධියක්. කන්දේ තියෙන අධික බෑවුම හින්දා ගොඩක් තැන් වලදී පල්ලෙහා තියෙන ගස්වල මුදුන් තියෙන්නේ අපේ මුහුණු මට්ටමේ. අන්න ඒ වගේ වෙලාවක ගහක කොලයක් උඩ ඉන්න පුංචි සතෙක්ව මම දැක්කා. ඌ කෑගහන්න ගත්තම තමයි මම දැනගත්තේ ඒ රැහැයියෙක් කියලා. ඌ කටුක නාදයක් නිකුත් කරන ගමන් උගේ ඇඟ වගේ දහගුණයක් විතර දිගට සිහින් වතුර පාරක් විදිනවා. මේක ඌ නොකඩවාම කලා සැලකිය යුතු වෙලාවක්. ඒ වෙලාවේ එතන හිටපු අයට කතා කරලා මම ඒ සිද්ධිය එයාලටත් පෙන්නුවා.
පස්සේ කාලෙක මම මේ ගැන පරිසරය ගැන හොඳින් දන්නා කියන විශේෂඥයින් කීප දෙනෙකුගෙන්ම අහල බැලුවා. ඒත් ඒ අය මේක පැහැදිළි කරලා දෙන්න සමත් උනේ නැහැ.
ඊට පස්සේ කීප වතාවක්ම මම මළදුගල කන්දට ගිහිං තියෙනවා යාළුවොත් එක්ක. නමුත් අර වගේ දෙයක් දකින්න ලැබුනේ නැහැ. අනිත් එක එදා අහම්බෙන් දැකපු දේ මට මෑතක් වෙනකල් අමතක වෙලා තිබුනේ. ඒ නිසා ඒ ගැන උනන්දුවෙන් හොයල බැලුවෙත් නැහැ. අනිත් එක ඉස්සර අපි කඳු නගින්නේ විනෝදයක් විදිහට මිසක් පරිසරය අධ්‍යනය කරන්න නෙමෙයිනේ. පස්සේ පස්සේ ෆොටෝ උණත් එක්ක එක පාරම කැලෑ උණත් හැදුනට පස්සේ තමයි ඔය සතා සරුපයා ගහ කොළ ගාව ටිකක් නතරවෙලා බලන්න කරන්න ෆොටෝ ගහන්න පටන් ගත්තේ.
ඒ වගේම තමයි මම එදා දැකපු විදිහේ රැහැයියෙක්ව ආපහු වෙන කොහේදී හරි කැලේකදී දකින්න හම්බ උනෙත් නැහැ.
මේ කන්දේ ඉතා වටිනා ජෛව විවිධත්වයක් දකින්න පුළුවන්. සිංහරාජයේ දකින්න පුළුවන් ශාක වර්ග වලින් වැඩි ප්‍රමාණයක් මේ කන්දෙදිත් දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ කන්දේ යම් යම් ස්ථාන වලදී මම ගත්තු ජායාරූප කිහිපයක්.
මේ කන්දේ ගල් ගුහාව තියෙන හරියේ ලොකු හුළං කපොල්ලකුත් තියෙනවා. ගල් ගුහාවට බහින්න පාරවල් තුනක් තිබුනත් එක පාරක් තමයි ගොඩක් ලේසි. ඒ පාරට යන්නනම් මේ කපොල්ල හරහා යන්න ඕනේ. මේ තියෙන්නේ එතන.
මේ කැලේ කොහොල්ල ලාවළු කියල අපි කියන රස පලතුරු ගසුත්, ඇටිකෙසෙල් ගස් එහෙමත් තියෙනවා. අපි ගිය දවස් වලදී නම් ඒවා ඉදිලා තිබුනේ නැහැ. නැත්නම් ඇටිකෙහෙල් කාපු උගුඩුවන්ට වෙච්ච දේම තමයි අපිටත් වෙන්නේ.
මේ කැලේ ලංකාවට අවේනික කළු වඳුරු රංචුවක්, රිළව් රංචුවක්, වල්ඌරෝ, වල් බාවා, කබල්ලෑවා, හඳුන් දිවියා සහ කුරුළු සහ සමනල් වර්ග බොහෝමයකුත් දකින්න පුළුවන්. කබල්ලෑවා, හඳුන් දිවිය වගේ සත්තුන්ව ලේසියෙන් දකින්න බැහැ.
මෙහේ ඉන්න වඳුරෝ, රිළව් එහෙම කවදාවත් ගම්වලට ඇවිත් බවභෝග විනාශ කරලා යන්නේ නැහැ. ඒකට හේතුව කැලේ ඇතුලේ උන්ට උවමනා කරන ආහාර පාන වර්ග තිබීම වෙන්න ඕනේ.
මේ කැලේ මහා විශාල පුස්වැලක් තිබුනා. ඒත් ඒ කාලේ අපි ඒ තරම් ඒ ගැන සැළකුවේ නැහැ. ඊට අවුරුදු ගානකට පස්සේ වතාවක් මම සිංහරාජ වනාන්තරේ බලන්න ගිය වෙලාවක "සිංහරාජයේ යෝධ පුස්වැල" බලන්නත් ගියා. ඊට පස්සේ තමයි මට හිතුනේ මළදුගල කන්දේ තියෙන පුස්වැලේ කඳ සිංහරාජේදී දැකපු යෝධ පුස්වැලේ කඳටත් වැඩිය ලොකුයි නේද කියලා. මම මේ පුස්වැල දැක්කේ 1997 වගේ කාලෙකදී.
කරුමෙක මහත කියන්නේ සිංහරාජයේ යෝධ පුස්වැල වගේම මළදුගල කන්දේ තිබ්බ යෝධ පුස්වලත් දැන් නැහැ. ඒ පුස්වැල් දෙකම මියගොහින්. සිංහරාජයේ පුස්වැල විනාශ උනේ ඒක බලන්න යන මිනිස්සු ඒක උඩ නැගලා, වැලේ නැගල පද්දලා එකඑක අනවශ්‍ය දේවල් කල නිසා කියල තමයි සමහර උදවිය කියන්නේ. තවත් කට්ටිය කියනවා කාලයාගේ අවෑමෙන් පුස්වැල මැරිලා ගියා කියලා.
නමුත් මළදුගල කන්දේ පුස්වැල විනාශ උනේ නොමිනිස් ක්‍රියාවක අතුරුපලයක් නිසා බව මම හොඳටම දන්නවා. පුස්වැල ළඟ තිබ්බ මහ ගහක් කපපු දැවහොරු තමයි ඒකට වග කියන්න ඕනේ. ගහ කැපුවට පස්සේ එක්කෝ වැලත් කඩාගෙන ඒ ගහ පහළට වැටිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වැල උඩ රැඳිලා තියෙන්න ඇත්තේ ඒ ගහේ. කොහොම හරි අවුරුදු කීපයක් ඇතුලත ඒ යෝධ පුස්වැල හිමීට මියයන හැටි මගේ ඇස්දෙකෙන්ම දැකගන්න තරම් මට අවාසනාව තිබුනා.
මම අන්තිමට කන්දට නැග්ගේ 2007 අවුරුද්දේ, ඒ වෙද්දී පුස්වැල අන්තිම ගමන ගිහිං ඉවරයි.
මේ කන්ද ආශ්‍රිත කැලේ ප්‍රාථමික වනයක් කියල මට හිතෙනවා, නමුත් ඒ ආශ්‍රිතව තාම කිසිම පර්යේෂණයක් සිදු වෙලා නැහැ.
90 දශකයේ අග භාගයේදී මේ කන්දේ රූපවාහිනී සංඥා කුළුණක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ උනා. ඒ හරියටම විදියබණ්ඩාර කතාවේ එන කුමරිය පැන්නායයි කියන ස්ථානය කිට්ටුව. ඒකෙ වැඩකටයුතු බොහෝ මන්දගාමිව තමයි කෙරීගෙන ගියේ. කණුවේ වැඩ ඉවර උනත් අන්තිමට විදුලි බලය ගන්න විදිහක් නැහැ කියලා වැඩේ කල් දදා තමයි තිබුනේ. දැන් අවුරුදු 15 ටත් වඩා වැඩි කාලයක් ගියත් ඒ කණුව අදටත් ඒ විදිහටම තියෙනවා.
බළලා මල්ලෙන් එළියට පැන්නේ කණුවේ වැඩකටයුතු ඉවරවෙලත් ටික කාලයක් ගියාට පස්සේ. මෙතන තිබ්බ නිධානයක් ගන්න ඕනේ කරන වැඩකටයුතු ටික කුළුණ හදන මුවාවෙන් කලා කියල තමයි ගමේමිනිස්සුන්ගේ කටින් කට කියවුනේ. අන්තිමට කිසිම වැඩකට නැති කුළුණක් ඒ කන්ද මුදුනේ ඉතුරු වෙච්ච එක විතරයි උනේ.
මේ කන්දේ සහ ඒ ආශ්‍රිතව එක නිධානයක් විතරක් නෙමෙයි නිධන් කිහිපයක් තියෙන බව මම අහල තියෙනවා විතරක් නෙමෙයි සැලකිය යුතු ප්‍රමාණයක් කරුණුත් දන්නවා.
කන්දේ පන්සලේ වැඩවාසය කරපු වයසක ලොකු හාමුදුරුවෝ මේ කන්දේ තියෙන නිධන් ටික හොරුන්ගෙන් රැකගන්න ලොකු වෙහෙසක් අරගෙන තිබුනා. ගල්ගුහාව ඇතුලේ තියෙන උමං මගේ දිගේ ඇතුලට යන්න බැරිවෙන්න ගල් සහ මැටි වලින් හොඳට අහුරලා වහල දාල තිබුනා මට මතකයි. මේ කියන උමං මග විදියබණ්ඩාර කුමාරයා භාවිතකල බවක් තමයි කියවෙන්නේ.
ඒ හාමුදුරුවෝ මේ මහා මුකලානේ තිබ්බ පරණ පන්සලේ දශක ගණනාවක් වැඩ වාසය කරලා කලේ ලොකු සේවයක්.
නමුත් උන්වහන්සේගේ ජිවිතයේ අවසාන භාගයේ හෝ එතුමා ජිවිතයෙන් සමුගත් අළුතම වගේ උන් වහන්සේ විසින් හොරුන්ගෙන් ප්‍රවේසම් කරගත් එක් නිධානයක් මෙසේ මංකොල්ල කා ගත්තා.
මම සාමාන්‍යයෙන් පන්සල් යන්න කැමති නැහැ, ඒත් කන්දේ පන්සල් යන්න මම පුංචි කාලේ ඉඳලා හරිම කැමතියි. කිසිම මනුස්ස පරාණයක් දකින්න නැති බොහොම අල්පේච්ච බවක් පේන කැලෑවෙන් වටවෙලා තියෙන ඒ පන්සලට ගිහින් ලබන්න පුළුවන් සුවය මොන තරමක්ද කියල වචන වලින් කියන්න බැහැ. මිනිස්සුන්ගෙන් පිරිච්ච සද්ද බද්ද වැඩි ලොකු පන්සලකින් ඒ සුවය කවදාවත් විඳින්න බැහැ. අදටත් ඒ පන්සලේ හාමුදුරු නමක් නැහැ. ගමේ මනුස්සයෙක් පන්සල බලාකියා ගන්නවා. නමුත් මම අදත් යන්න කැමතිම පන්සල තමයි ඒ.
මළදුගල කන්ද හා ඒ ආශ්‍රිත තවත් නිධන් කතා සමගින් නැවත හමුවෙමු....
අපේ අසරණයා කියල තිබුණනේ ඇටි කෙසෙල් සහ වල්බාවා කියන සතාව දන්නේ නැහැ කියලා. බ්ලොගර් මහත්තයාගේ නොපෙනත්කම මගඅරවාගෙන වෙන විදිහකට හරි අමාරුවෙන් තමයි මේ ෆොටෝ දෙක දැම්මේ.
ඇටි කෙසෙල් |
වල්බාවා / වල් බළලා - Jungle Cat |
ඇත්තම කියනවනම් මම මේ ගැන දැන ගත්තේ අද.. මේ වගේ අතීත කතා අහන්න මම ගොඩක් ආසයි.. අනිත් කොටසත් ඉක්මනින් ලියමු..
ReplyDeleteවිදියබණ්ඩාර කුමාරයා ගැන අපේ රටේ වැඩිය පොත පත ලියවිලා නැහැ මම හිතන්නේ.
Deleteඒ නිසා අපේ රටේ ගොඩ දෙනෙක් එතුමා ගැන දන්නේ නැතුව ඇති මගේ හිතේ.
මමත් මේ ගොඩක් දේවල් ලිව්වේ මතකෙන්, ඒ නිසා ඉතිහාසය සම්බන්ධව කොහේ හරි වැරදිච්ච දේවල් තියෙනවනම් කවුරුහරි මාව නිවැරදි කරනවානම් කැමතියි
ඊළඟ කොටස පරක්කු වෙන්නේ නැහැ, ළඟදීම ලියනවා
ලිපිය කියවගෙන ගියා දැනුනෙවත් නැහැ...මේ කන්ද ගැන මම අදමයි ඇහුවේ..ඒක තියෙන්නේ කොහෙද කියලත් කිව්වනම් හුඟක් වටිනවා...නිධාන ගැන කතා අහන්නත් මම හරිම කැමතියි..ඒවායේ තියෙන්නේ හරිම ගුප්ත බවක් නේ..
ReplyDeleteමේක මහලොකු වනාන්තරයක් නෙමෙයි, හතර වටේටම කැලේ එළිවෙලා ඉතුරු වෙච්ච කඳු කොටසක්
Deleteඒ නිසා බොහොම අප්‍රසිද්ධියේ තමයි තියෙන්නේ
තියෙන්නේ පස්දුන් කෝරලේ බොහොම පුංචි ගම්මානෙක... මාරගහදෙනිය කියලා
මෙව්වා විස්තර ඇතුව කිව්වට පස්සේ මාව නිධන් හොරු උස්සයිද දන්නේ නැහැ... :)
නිධාන ගැන කතා ගොඩක් තියෙනවා මගේ ගාව, ටික ටික කියන්නම්
මේවයේ තියෙන සමහර කතා විශ්වාස කරන්නත් අමාරුයි
දැන්නම් නිදන් අරගෙන ඉවරයි.... විදියබණ්ඩාරගේ දුවගේ සොහොන විනාශ කරලා ඒකේ තිබුන දේ අරගෙන
Deleteඒ විස්තරේ දැක්කාම හිතුනා ඔය කැලේ ඇවිදින්න යන්න...ඇත්තටම ඔහොම වනාන්තර සම්බන්ධ කතා අහන්න මම හරිම ආශයි..
ReplyDeleteඔයා කැමති නැද්ද බූත කැලේ ඇවිදින්න.හෝක් හෝක්..
Delete@ වින්චැට්කිරිල්ලි.
Deleteමේ කැලේ විතරක් නෙමෙයි, ලංකාවේ තියෙන ගොඩක් කැලෑවල් වල ඇවිදින එක හරිම ආශ්වාදජනක දෙයක් තමයි.
මට පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ කතා ටික ලියන්න මේ දවස්වල පොඩ්ඩක් වෙලාව මදි එක තමයි
@ අසරණයා
උඹ බුත කැලේ කතාවේදී අපිට කලේ ලොකු අසාධාරණයක්
ඒ ගැන ආපහු විස්තර ඇතුව ලිපියක් බලාපොරොත්තු වෙනවා
ඔව් ඔව් තව කොටසක් දාලම කතාව ඉවරකරනවා ලොකු..
Deleteඅන්න එහෙම වරෙන්...
Deleteමුලින්ම අහන්න ඕනේ පොස්ට් එකක් දාන්න ඇයි මෙච්චර පරක්කු වුනේ කියල.
ReplyDelete..................................................................
මේ පොස්ට් ඒක කියෙවුවහම ප්‍රශ්න ගොඩක් ඇතිවුන.සමහර ඒවා අහන්නත් ලැජ්ජයි.එත් මං අහන්නම්.
1ඇටි කෙසෙල් ගැන අහල තිබුනට දැකල නැහැ.ඒවත් සාමාන්‍ය කෙසෙල් වගේද?
2වල් බාවා කියන්නේ මොකාද?
වැරදි කොඩිය උස්සපු කතාව දන්නවා.එත් කොහේ වුනාද කොහෝමැ උනාද කියල අද දැනගත්තේ.එත් ඒ කතාවේ තව වෙනස් විදියට අහලත් තියෙනවා.
ඕන ලපතුරක් කන්න පුළුවන් ගෙන්න බැහැ කියන කතාවත් දන්නවා.විස්තර ඇතුව අද දැනගතතා.
නිදන් ගැන කියවන්න ආසයි.එකත් ඉක්මනින්ම දාන්න.හැබැයි නිදන් ගත්තු කිසිකෙනෙක් කවදාවත් හොඳින් ඉඳල නැහැ නේද?
වැඩිය දේවල් අහන්න ගියොත් මේකත් පොස්ට් එකක් වෙනවා.ලොකු පුතා ඉතින් පොස්ට් එකක් දැම්මොත් රසයේ උපරිමයි.
ජයෙන් ජය!!..
පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම දැන් තනිකරම බකමුණු ජිවිතයක් ගත කරන එක... ඒ කියන්නේ දැන් මාස දෙකක් තිස්සේ රෑ වැඩ
Deleteඒ අස්සේ ලංකාවට එන්න කිට්ටු නිසා පොඩි ව්‍යාපාර කටයුත්තකට අත ගැහුවා
ඒකෙ වැඩ වලට හාමිනේ එක්ක කතාබහ කරන්න, මේල් කරන්න ගියාම පෝස්ට් එකක් දාන එක මගඅරුනා
01. ඇටි කෙසෙල් සාමාන්‍ය කෙසෙල් වගේමයි, වෙනසකට තියෙන්නේ කෙසෙල් ගෙඩිය ඇතුලේ ඇට ගොඩක් තියෙනවා.
02. වල්බාවා කියන්නේ වල් බළලා කියන බිලාල වර්ගයේ පුංචි සතෙක්. හරියට පුසෙක් වගේමයි. නොදන්න කෙනෙකුට අඳුන ගන්න බැහැ. ඉංග්‍රීසියෙන් Jungle Cat කියල කියන්නේ
ඔහොම හිටපන් ෆොටෝ දෙකක් දාන්න පෝස්ට් එකේ අගට :)
ඔව් මේ කොඩි කතාව ගොඩක් තැන්වල කියනවා මමත් අහල තියෙනවා, නමුත් මේ වගේ ස්ථාන නාම එක්ක ගැලපීමක් තියෙනවද දන්නේ නැහැ.
බුදු පිළිම කඩල, වෙහෙර විහාර විනාස කරපු එව්වන්ට එහෙම වෙන්න එපැයි බන්.
නමුත් සාමාන්‍ය තැන්වල තියෙන නිධන් ගත්තු තාමත් හොඳින් ඉන්න උන්ව මම දැකල තියෙනවා. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ
බොහොම ස්තුතියි මචං කමෙන්ට් එකට
මචං ෆොටෝ දෙක අමුණන්න දෙන්නේ නැහැනේ බ්ලොගර් කාරයා. මොකක්ද මන්ද පිස්සු මැසේජ් එකක් එවනවා...
Deleteමම තව ටිකක් උත්සාහ කරලා බලන්නම්.... :(
එතකොට බැදී පුසයි වල් බාවයි කියන්නේ දෙන්නෙක්ද? නැත්නම් එක්කෙනෙක්ද?
Deleteමොකද කාලයක් අපේ නෑදෑයෝ අතරේ මං ප්‍රසිද්ද වුනේ බැදී පුසා කියල..
බැදී පුසා කියන එක ප්‍රාදේශීය වහරක් වෙන්න ඇති
Deleteවෙන බිළාල කුලයේ සතෙක් නැහැ ඒ නම කියන්න පුළුවන් එකෙක්
ඒ නිසා දෙන්නම එකෙක් වෙන්න ඕනේ
උඹටත් වැටෙන නම්....:)
ලස්සන පොට්ස්ටුව ගොඩක් දේවල් දැන ගත්තා....
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ....
Deleteවැදගත් ලිපියක්.
ReplyDeleteස්තුතියි... ඔයාගේ බ්ලොග් එක පැත්තටත් මම ගොඩ උනා.
Deleteනිවාඩු පාවුවේ ඇවිත් ලිපි ටික බලලම කමෙන්ට් එකක් දාන්නම්.
අපරාදෙ කියන්න බෑ, මං නං ඉස්කෝලෙට වඩා දේවල් ඉගෙන ගන්නෙ සිංහල බ්ලොග් වලින් කියල කියන්න පුළුවන්.
ReplyDeleteඒකනම් ඇත්ත ඔබා මාමේ, බ්ලොග් ලෝකේ කොච්චරක්නම් කියල දේවල් තියෙනවද... ;-)
Deleteඅනෙක් කොටසත් ඉක්මනටම එනකන් බලාගෙන ඉන්නෙ....
ReplyDeleteඊළඟ කොටස ඉක්මනට දාන්නම්...
Deleteදැන් භාගයක් ලියල තියෙන්නේ :)
කොහෙද මේ මළදුගල කන්ද තියෙන්නෙ කියල ලියල නෑ නෙව..
ReplyDeleteමේක තියෙන්නේ පස්දුන් කෝරලේ(කළුතර) මාරගහදෙනිය කියන ගමට කිට්ටුව
Deleteතැන නොකියා ඉන්න තමයි මම මුලින් කල්පනා කලේ
ඒත් පස්සේ හිතුන මේ තැන් ගැන නිධන් හාරන ඔක්කොම වගේ මිනිස්සු කොහොමත් දන්නවා ඇති කියලා
බ්ලොග් බලන අය නිධන් හාරන්න යන එකක් නැහැනේ මෙව්වා කියවල :)
කාලෙකින් කියවපු අපූරුම අපූරු ලිපියක් . . .. බොහොම ස්තූතියි . . .
ReplyDeleteවීදිය බන්ඩාර සහ සමුද්‍රදේවී ගැන අහලා තිබ්බේ වීදිය බන්ඩාරව හිර කරපු වෙලාවේ ගෝවෙන් උමන් කනින්නෝ ගෙන්න ගෙන සමුද්‍රාදේවී එතුමව බේර ගත්තු බවත් (ඒ උමඟද මන්දා අපේ ඉස්කෝලේ - කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ - තාම තියෙනවා නටඹුන්) පරංගි සෙනෙවියෙක් සමුද්‍රදේවිට පෙම් පත් එවල (ඇය ඔහුව තරයේ ප්‍රතික්ෂේප කරද්දිත්) ඒ එකක් ඔහුට හම්බවෙලා ඒ තරහට සමුද්‍රාදේවීව දියවන්නාවේ ගිල්ලවලා මැරුවා කියලාත් විතරයි . . .
බොහොම ස්තුතියි දුකා...
Deleteවිදියබණ්ඩාර චරිතය වටා ගෙතුණු නිධන් කතා කීපයක් මම දන්නවා, ඒ ටිකත් මම ඉස්සරහට ලියන්නම්
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ තියෙන්නේ වෙන කවුරුහරි හාරපු උමගක් වගේ තමයි මට මතක
ඒත් දැන් හරියට මතක නැහැනේ විස්තර :)
සමුද්‍රාදෙවි සම්බන්ධ ඒ කතාව මමත් අහල තියෙනවා, දුකා කිව්වට පස්සේ තමයි මට ඒක මතක උනේ
එයාගේ මරණයෙන් පස්සේ වෙන්නේ ඕනේ එහෙනම් දු කුමරියත් එක්ක ඇවිත් මේ කියන ප්‍රදේශයේ සැඟවී හිටියේ
මොකද මේ ගම් පළාතේ කියන කතාවල කවදාවත් බිසවක් ගැන කියවෙන්නේ නැහැ
මම කියවල තියන විදියට වීදිය බණ්ඩාරගේ පළමු බිසව තමා සමුද්‍ර දේවී ( බුවනෙකබාහු රජුගෙ දුව ) වීදිය බණ්ඩාර එයාව මගුල් පොකුණෙ ගිල්ලවල මරුවෙ පරංගියෙක් එක්ක අනියම් සම්බන්දයක් තියනව කියල සැක කරල. නමුත් පස්සෙ ඔහු ඒකට ගොඩක් දුක් වුනා. ඊට පස්සෙ කන්ද උඩරට රජ කරපු මායාදුන්නෙ රජු ගෙ ( ටිකිරි කුමාරයගෙ පියා) දුව සූරිය දේවි වීදිය බණ්ඩාරගෙ බිසව බවට පත් වෙනව( එතනත් ලස්සන කතාවක් තියනව, මායාදුන්නෙ රජු වීදිය බණ්ඩාරව අල්ලල හිරකරගෙන ඉන්නකොට සූරියදේවිට වීදිය බණ්ඩර ගැන ආලය හිතිල තමා පියා සහ සහෝදරයට හොරෙන් වීදිය බණ්ඩාරව නිදහස් කරගෙන පැනල යන්නෙ ) මෙන්න මේ සූරියදේවි තමා පසුව වීදිය බණ්ඩාර පරංගින්ට අහුවුන අවස්ථාවෙ උමගක් හාරල ඔහුව බේරගන්නෙ.
Deleteවීදිය බණ්ඩාර මියගියේ යාපනයෙදි පහල ඇනෝ කියල තියන විදියට
Charu,
Deleteඔබට බොහොම ස්තුතියි මම අහලවත් නැති මේ කරුණු ටික කියල දුන්නට
එහෙම බැලුවහම සූරිය දේවි නියම වීර කාන්තාවක්නේ
මේ කරුණු දැන ගන්න පුළුවන් පොතක් මිලදී ගන්න තියෙන තැනක් දන්නවනම් මට කියනවද
වීදිය බණ්ඩාරගෙ ජීවිත කතාව චිත්‍ර කතාවක් විදියට පළවුනා 1990 ගණන් වල සත්සිරි පත්තරේ, ඉතාම ලස්සන චිත්‍ර සමග, මම ඒ මුළු කතාවම කියවල තියනව, නමුත් රචකයගෙ නම මතක නෑ. උඩ කියපු කරුණු සේරම ඒ පත්තරේ ගිය ඒව. වීදිය බණ්ඩාර ගැන ළමයින්ට ලියපු පොතකුත් මම දැකල තියනව නමුත් එහි කියවන්න ලැබුනෙ පෙරවදන පමණයි. එහි කියා තිබුන ඒ කාලෙ මුළු ලංකාවෙම නිර්භීතම මිනිසා හැටියට හැඳින්වුවේ වීදිය බණ්ඩාර බව.
Deleteමේ කියන කාලේ ඉඳලා හිටලා ගෙදරට හොරෙන් මමත් සත්සිරි පත්තරේ බලල තියෙනවා
Deleteනමුත් මට ඒ කතාව ගැන මතකයක් නැහැ...
එතුමා ගැන ලියවුනු පොතක් කොහේදී හරි දුටු බවක් මගේ මතකයේ තියෙනවා
ලංකාවට ගියාට පස්සේ පොඩ්ඩක් හොයල බලන්න ඕනේ
//එහි කියා තිබුන ඒ කාලෙ මුළු ලංකාවෙම නිර්භීතම මිනිසා හැටියට හැඳින්වුවේ වීදිය බණ්ඩාර බව.//
මේ ගැනනම් කිසිම විවාදයක් නැහැ මම හිතන්නේ
@ Charu
Deleteමෙතන පොඩි දෙයක් නිවැරදි වෙන්න ඕනේ මායාදුන්නේ රජතුමාගේ රාජ්‍යය වුණේ කන්ද උඩරට නෙමෙයි සීතාවක. ඒ වගේම මායාදුන්නේගේ දියණියක් වීදිය බණ්ඩාර සරණ පාවා ගන්න බව හරි. ඒත් එයාගේ නම මම දන්න විදිහට "කුඩා ටිකිරි අදහසින්"
@ ලොකු පුතා
වීදිය බණ්ඩාර ගැන කියවෙන කුඩා කතා පොතක් එම්.ඩී.ගුණසේන සමාගමෙන් මුද්‍රණය කරලා තිබුණා වගේ මතකයි
ලොකු පුතා මේකට දාන්න ගූගල් මැප් එකකුත්.
ReplyDeletehenryblogwalker the Dude
මොකද අයියා නිධන් හාරන වැඩේ පටන් ගන්නවත්ද.... :))
Deleteෆොටෝ මුකුත් අමුණන්න දෙන්නේ නැහැනේ ඒ පාර මේ බ්ලොගර් මහත්තයා
ඒකනේ අවුල.
හරියටම තැන දැන ගත්තොත් ට්‍රයි එකක් දුන්නැකිනෙ, හික්ස්. ඒක නෙවෙයි ලොකුපුතා මොකද මේ ෆෝටෝ අමුනන්න දෙන්නෙ නෑ කිව්වෙ? කිව්ව නිසාම මම මගෙ Hey Dude බ්ලොග් එක ඇරලා බැලුවා. පුලුවන්නෙ. ඒක බ්ලොග්ස්පොට් බ්ලොග් එකක්
Deletehenryblogwalker the Dude
එහෙනම් කමක් නැහැ... අපිත් සප් එකක් දෙන්නම්කෝ :)
Deleteමේක මගේ බ්ලොග් එකේ විතරක් තියෙන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ
ආපහු මමත් ට්‍රයි කලේ නැහැ වෙලා මදි නිසා
හෙට ආපහු බලන්න ඕනේ..
අපූරු වගේම වැදගත් විස්තරයක්.එදා කතා කල වෙලේ කිව්වා නම් මේ වගේ එකක් ලියලා තියෙනවා කියලා, මම එහෙනම් කියනවා එදාම මේ පෝස්ට් එක දාපං කියලා.
ReplyDeleteතව දෙයක් දැන ගන්න කැමතියි, ඔය වල් බාවාගේ හඬ උඹ අහලා තියෙනවද ? බොහෝම භයංකාර " බාව බාව බාව " කියලා තමා උන් කෑ ගහන්නේ. එකම එකසැරයක් මම දැකලා තියෙනවා.ඒ නම් කැලේක නෙමේ. අනුරාධපුරය පැත්තේ තියෙන ගමකට මේ සතා ඇවිත් උන්න වෙලාවක.උඹ කොහොමත් කැලේට කැමති එකානෙ. මේ විස්තරය බොහෝම වටිනවා.කතා කරන වෙලාවක ආයෙම මේ ගැන මට කියලා දියං.
(ආ...සිංහරාජ ගමන වැලැක්කුවා. නිසි බලධාරියා විසින්. ඒ වගේම මම එක්කන් යන්නම් කියලත් පොරොන්දු උනා. අන්කල්ගෙ නොම්මරය සේව් කරලා තියා ගත්තා.)
මම හිතුවේ නැහැ උඹ මගේ බ්ලොග් එක බලන්න එයි කියලා විස්තර කතා කලාට
Deleteබොහොම ස්තුතියි මචං ඇවිත් කමෙන්ට් එකක් දැම්මට
එදා වෙද්දී මේක ලියල ඉවර වෙලා තිබ්බේ නැද්ද කොහෙද බං
වල් බාවාගේ සද්දේ මම අහල නැහැනේ, එච්චර භයානක සද්දයක්... ??
ඒ සමහර විට ඒ ආපු වල්බාවා මේ වගේ අහිංසක එකෙක් නෙමෙයි වෙන්න ඇති..
ඕනේ වෙලාවක කතා කරලා විස්තර අහපන්, මම පුළුවන් උදව්වක් කරන්නම්
සිංහරාජේ ගමන පලයන් ටික දවසක් ඉන්න බලාගෙන
ගොඩක් වැදගත් ලිපියක් මචං . ගොඩාක් දේවල් මේ ලිපියෙන් ඉගන ගත්තා . නිධන් හොරු ගැන නම් ඉතින් ආයේ කතා කරන්න දෙයක් නෑ නිධන් හාරන්න එන අයගෙන් වැඩි දෙනෙක් ලොකු ලොකු උදවිය . මගේ පලාතෙත් ඔය නිධන් කෙලිය ජයටම ගිය නිසා මම ඒ ගැන තරමකින් දන්නවා .
ReplyDeleteඅර යෝධ පුස් වැලේ රූපයක් දකින්න තිබුනා නම් කොයිතරම් වාසනාවක්ද ?
බොහොම ස්තුතියි මචං..
Deleteනිධන් හොරු රට පුරාම ඉන්නවා බං, අපිට උන්ව නවත්තන්න බැහැ. ඒ තරමට පැතිරිච්ච පිළිකාවක්
පුස්වැලේ ෆොටෝ එකක් මා ගාවත් නැහැ බං. ඒක ගැන උනන්දු වෙච්ච එකම එකා මම වෙන්නත් ඇති බං
මම දන්න මේ වගේ තැන්වලට ආපහු යන්න ඕනේ, ඒවත් විනාශ වෙලා යන්න කලින්
මම ලංකාවේ වැඩිපුරම ඇවිදපු කාලේ මගේ අතේ කැමරාවක් තිබ්බේ නැහැ, ඒ වගේම ඒ කාලේ පරිසරේ නියම ලස්සන මම දැක්කෙත් නැහැ
කැමරාව මගේ අතට ආවට පස්සේ මට ඇවිදින්න යන්න ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්
ඒ වගේම පරිසරයේ ඉස්සර තිබ්බ සුන්දරත්වය ගොඩක් දුරට නැතිවෙලා ගිහින් :)
වීදිය බන්ඩාර පෘතුග්‍රීසීන් පරද්දන්න යාපනයේ එකල හිටපු ප්‍රාදේශීය රජුත් එක්ක එකගතාවයකට එනවා.සිංහල හා දෙමල මිශ්‍ර මහා සේනාවක් හදල පෘතුග්‍රීසීන් අතුගාල දාන යුද්දයට සියල්ල සූදානම් කරනව.නමුත් යුද්දය පටන් ගන්න කලින් හින්දු ක්‍රමයට ආශීර්වාද ලබාගන්න කරන පූජාවක් අතරෙදි අත් වැරැද්දකින් වෙඩි බෙහෙත් ගබඩාවකට ගිනි ඇවිලෙනව.මේ සිද්දිය අනිකා තමන්ට විරුද්දව කරපු දෙයක් කියල දෙගොල්ලොම වැරදියට අවබෝද කරගැනීම නිසා කෝවිල් බිමේදිම සිංහලයන් හා දමිලයන් අතර සටනක් ඇවිලෙනව.මේ යුද්දයෙදි තමයි වීදිය බන්ඩාර මරනයට පත්වන්නෙ.
ReplyDeleteමම මේ කතාව අහල තිබුනේ නැහැ. අපි නොදන්නා වැදගත් තොරතුරක් ලබා දුන්නට බොහොම තුති.
Deleteවිදියබණ්ඩාර මරණයට පත්වෙන්නේ මුස්ලින් හෝ දෙමල සතුරන් අතින් කියලයි මම අහල තිබුනේ
බොහොම ස්තුතියි විස්තරේට වගේම කමෙන්ට් එකටත්...
වැදගත් විස්තරයක්....
ReplyDeleteස්තුතියි මචන්....
Deleteසිරා මචං. නිධන් ගැන කීවම මතක් වුනේ මේ දවස්වල අනුරාධපුරේ වගේම රට පුරා නිධන් හාරන සීන්.
ReplyDeleteමේවට රා** අනුග්‍රහය ලැබෙන කතාවක් ඇහිල තියෙනවා. අනේ මන්දා රජවරු නිධන් කරපුව රජවරු ගත්තට මොකෝ කියන මෝඩ මිනිස්සුත් ඉන්නවා :(
නිධන් වල සමහරක් වර්ග තියෙනවා කාලයත් එක්ක විනාශවෙලා යන ඒවා... (දැනට ඒ ගැන විතරක් හිතේ තියා ගනිංකෝ)
Deleteඇත්තටම කියවගෙන යනකොට මටත් හිතුනෙ පුස්වැලේ පිතූරෙකුත් දාල ඇතිය කියලා............
ReplyDeleteඅහලා නැති විස්තර ගොඩක් දැනගත්තා ලොකු පුතාගෙ පෝස්ට් එකෙනුයි, කමෙන්ට්ස් වලිනුයි... බොහොම ස්තුතියි....
නිදන් කතාවක් මං ඉස්සෙල්ලම ඇහුවෙ බද්දෙගම ප්‍රදේශයේ තියෙන සන්දරවල කියන එකේ... කඩුක්කන් ආඳෙකුයි... රන් කොතලෙකුයි ගැන කතාවක්....
බොහොම ස්තුතියි අක්කේ.
Deleteඒකෙ පින්තුරයක් ගන්න මට වාසනාව නැති උනා.... :(
ඒ වගේ කතානම් ලංකාවේ ගොඩක් තැන්වලට අදාළව තියෙනවා. අපේ ගම්පළාතේ තියෙන දිය ඇල්ලක් ගැනත් මේ කතාවම කියනවා මිනිස්සු
ammo mechchara thorathuru godak danagaththe ada thamai. samawenna loku mata blog eka paththe enna bari unaa. podi podi prashna wagayak unaane :(((
ReplyDeleteබ්ලොග් වල අපි කතාබහ කරන දේවල් වලින් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් තමයි නංගි
Deleteඒකට මක් වෙනවද
ප්‍රශ්නයක් කිව්වේ බ්ලොග් සම්බන්ධ එකක්ද එහෙමත් නැත්නම් පෞද්ගලික හේතුවක්ද
බ්ලොග් සම්බන්ධ දෙයක්නම් සත පහකට ගණන් ගන්න එපා ළමයෝ