මේ කියන්න හදන්නේ මම 4 වසරේ හරි 5 වසරේ වගේ හිටපු කාලේ ගැන කතාවක්. මේ වෙද්දී මාලා අක්කගේ ඉංග්‍රීසි පන්තිය නතරවෙලා තරමක් කල්. ඒ කාලේ අපේ අක්කලට ආරංචි වෙලා තිබුනා අපේ ගමේ තරමක් ඇතුලට වෙන්න හිටපු පැන්ෂන් ගිය චන්ද්‍රසේකර ඉස්කෝල මහත්තයාගේ පුතෙක් වෙන මහානාම කියන අයියා ඉංගිරිස් පන්තියක් පටන් ගන්න යනවා කියල. අක්කල හතර දෙනෙක් හරි පස් දෙනෙක් හරි හිටපු පවුලක බාලම සහ එකම පිරිමි දරුවා තමයි එයා.
ගමේ ආරංචි වෙච්ච විදිහට එයා පේරාදෙණිය කැම්පස් එකේ පශුවෛද්‍යය උපාධිය හමාර කරලා තමයි හිටියේ. ඒත් ඉතින් ඒ වගේ උපාධියක් හමාර කරපු කෙනෙක් පුංචි ගමක ටියුෂන් පන්තියක් කරන්නේ අහවල් එකටද කියල හිතන්න තරම් දැනුමක් මට ඒ දවස්වල තිබුනේ නැහැ. ගමේ අයටත් එහෙම හිතෙන්න නැතුව ඇති. ඒත් දැන්නම් මගේ හිතේ පොඩි කුකුසක් වගේ තියෙනවා ඒ සම්බන්ධව.
පන්තිය ගැන ඉටි රෙදි කෑලිවල ලියපු පොඩි පොඩි දැන්වීම් එහෙමත් හන්දියේ තැන තැන ගහල තිබුනා කියල මම දැක්කේ ටික කාලෙකට පස්සේ.
කොහොමහරි මමයි චුටි අක්කයිත් එයාගේ පන්තියට යවන්න ඕනේ කියලා අපේ අම්මල තීරණය කලා. මේ වෙද්දී මාලා අක්කගේ පන්තියත් නතරවෙලානේ තිබුනේ. මට මතක විදිහට අපේ පන්තිය තිබුනේ සඳුදා හවස් වරුවේ. ඉස්කෝලේ ඇරිලා අපි දෙන්න එක්ක හන්දියේ ටියුෂන් පන්ති තියන තරමක ප්‍රසිද්ධ තැනක් වෙච්චි පොඩි ටකරන් මඩුවක තිබුණ පන්තියට මුලින්ම ගියා. පන්තියේ ළමයි දහ දෙළොස් දෙනෙක් වගේ ඉන්න ඇති පළවෙනි දවසේ. පන්තියට යන්න කළින්ම අපිට ආරංචිවෙලා තිබුනේ පන්ති ගාස්තුව කීයද කියන එක. එයා අමුතු විදිහකට පන්ති ගාස්තු එකතු කලේ. දවසක පන්ති ගාස්තුව රුපියල් පහයි.
පළවෙනි දවසේ අපේ ඉංගිරිස් දැනුම කොහොමද කියල හොයල බලලා ඒ ඒ ළමයින්ට වෙන වෙනම එක එක වැඩ දුන්නා කරන්න. සමහර ළමයින්ට ඉංග්‍රීසි හෝඩියවත් බැහැ. සමහර ළමයි ඊට වඩා ටිකක් දියුණුයි.
කොහොමහරි පළවෙනි දවස මේ විදිහට ඉවරවෙලා මමයි චුටි අක්කයි අපේ ගුරුපාර දිගේ ගෙදර එන්න පිටත් උනා. පන්තිය තිබුනේ පැය එකහමාරක් හරි දෙකක් හරි වගේ කාලයක්. ටික දුරක් අපි පයින් එද්දී මෝටර් බයික් එකක් ඇවිත් අපි ගාව නතර කලා. ඒ ඇවිත් තිබුනේ අපේ සර්. රතු පාර තැපැල් නයින්ටි (MD90) කියන හොන්ඩා වර්ගයේ පරණ බයිසිකලයක් ඒක. හොඳටම පරණ වෙච්ච හෙල්මට් එකක් තමයි එයා දාගෙන හිටියේ.
එදා අපි දෙන්න එක්ක තවත් ළමයෙක හිටියා. සර් අපිට කතා කලා බයික් එකේ යමු කියලා. ගෙදරට යන්න තියෙන කිලෝමීටර දෙකක වගේ දුර පයින් යනවට වැඩිය බයික් එකක යන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද. අපි තුන් දෙනාත් කියන පරක්කුවෙන් බයික් එකේ වාඩි උනා. ඒ බයික් ගැන දන්න අය දන්නවා ඒකෙ තියෙන ලොකුම ලොකු ලගේජ් එක නිසා ලොකු අය තුන් දෙනෙකුට උනත් ඒකෙ වාඩිවෙලා යන්න පුළුවන් බව. මම මේ බයික් ජාතිය ගැන හොඳට දන්නේ ඒ කාලේ අපේ තාත්ත ගාවත් තිබුනේ මේ ජාතියේ බයික් එකක් නිසා.
අපෙන් "හරිද" එහෙම කියල අහලා සර් බයික් එක පදින්න ගත්තා. ඒත් මට තේරුණා එයා යන්නේ නිකන් ගැරඬියෙක් යන විදිහට පාර පුරාම කියලා. අපේ තාත්ත බයික් එකක් පදිද්දී කවදාවත් එහෙම ගිහින් නැහැ. අන්තිමට අඩි දහයක් පහළොවක් යන්න ලැබුනේ නැහැ. අපි ඔක්කොම එක්ක බයික් එක කාණුවට ගියා. කාටවත් මුකුත් උනේ නැති නිසා මේ වෙච්ච දෙයින් අපි බය උනේ නැහැ. ඊට පස්සේ බයික් එක කාණුවෙන් ඇදලා ගන්න සර්ට උදව් කරලා ආපහු බයික් එකේ නැගලා ගෙදර එන්න පිටත් උනා.
ඊට පස්සෙනම් වැඩි කරදරයක් නැතුව හිමීට හිමීට ගමන පටන් ගත්තා. ඒත් පාර පුරා යන ගතියනම් ටිකක් විතර තිබුනා. හොඳ වෙලාවට ඒ පාරේ වැඩිය වාහන යන්නේ නැහැ. වැඩිම උනොත් ඒකෙ එන්නේ මොකක් හරි බයිසිකලයක් වගේ දෙයක් තමයි. අපි බයික් එකේ යන ගමන් සර් කිව්වේ එයාට බයික් පදින්න වැඩිය හුරු නැහැයි කියලා. මට පුදුම හිතුනා. එයා මම වගේ පොඩි කොල්ලෙකුත් නෙමෙයි. ඇයි එයාට අපේ තාත්තට වගේ හොඳට බයික් පදින්න බැරි කියලා.
මේ විදිහට මම එයාගේ පන්තියට යන්න ලැබුනේ බොහොම ටික කාලයයි. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ගිය නිසා රුපියල් පහේ ඉංග්‍රීසි පන්තියට ආපහු යන්න ලැබුනේ නැහැ.
ඒත් ඉතින් මම කොළඹ හිටියේ හරියටම අවුරුද්දනේ, ආපහු ගමේ ඉස්කෝලෙකට යන්න ගත්තට පස්සේ අපේ අම්ම මට කිව්වා ඉංග්‍රීසි පන්තියක් හොයා ගන්න කියලා. මමත් ඉතින් යන්න පුළුවන් පන්ති ගැන ආරංචි කරලා බැලුවා. අන්තිමට මට ආරංචි උනා මම කලින් පන්ති ගිය සර් දැන් මම ඉස්කෝලේ යන නගරයේම පන්ති කරනවා කියලා. පන්ති තියෙන්නේ ඉරිදා දවල් 1:00 ට.
ඔන්න ඉතින් මමත් ගෙදර තියෙන වැඩ ඔක්කොටම වගේ උදව් කරලා ඉවරවෙලා හවස් වරුවේ පන්ති යන්න පටන් ගත්තා. හැබැයි එතකොටනම් පන්තියේ ගාන රුපියල් 5 නෙමෙයි. දවසට රුපියල් 10ක් විතර උනාද කොහෙද.
ඊට පස්සෙනම් වැඩි කරදරයක් නැතුව හිමීට හිමීට ගමන පටන් ගත්තා. ඒත් පාර පුරා යන ගතියනම් ටිකක් විතර තිබුනා. හොඳ වෙලාවට ඒ පාරේ වැඩිය වාහන යන්නේ නැහැ. වැඩිම උනොත් ඒකෙ එන්නේ මොකක් හරි බයිසිකලයක් වගේ දෙයක් තමයි. අපි බයික් එකේ යන ගමන් සර් කිව්වේ එයාට බයික් පදින්න වැඩිය හුරු නැහැයි කියලා. මට පුදුම හිතුනා. එයා මම වගේ පොඩි කොල්ලෙකුත් නෙමෙයි. ඇයි එයාට අපේ තාත්තට වගේ හොඳට බයික් පදින්න බැරි කියලා.
මේ විදිහට මම එයාගේ පන්තියට යන්න ලැබුනේ බොහොම ටික කාලයයි. මම ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ගිය නිසා රුපියල් පහේ ඉංග්‍රීසි පන්තියට ආපහු යන්න ලැබුනේ නැහැ.
ඒත් ඉතින් මම කොළඹ හිටියේ හරියටම අවුරුද්දනේ, ආපහු ගමේ ඉස්කෝලෙකට යන්න ගත්තට පස්සේ අපේ අම්ම මට කිව්වා ඉංග්‍රීසි පන්තියක් හොයා ගන්න කියලා. මමත් ඉතින් යන්න පුළුවන් පන්ති ගැන ආරංචි කරලා බැලුවා. අන්තිමට මට ආරංචි උනා මම කලින් පන්ති ගිය සර් දැන් මම ඉස්කෝලේ යන නගරයේම පන්ති කරනවා කියලා. පන්ති තියෙන්නේ ඉරිදා දවල් 1:00 ට.
ඔන්න ඉතින් මමත් ගෙදර තියෙන වැඩ ඔක්කොටම වගේ උදව් කරලා ඉවරවෙලා හවස් වරුවේ පන්ති යන්න පටන් ගත්තා. හැබැයි එතකොටනම් පන්තියේ ගාන රුපියල් 5 නෙමෙයි. දවසට රුපියල් 10ක් විතර උනාද කොහෙද.
හුගක් සාදාරණ සර් කෙනෙක්නේ.. රුපියල් 5කට ඉංග්‍රීසි උගන්නනවා කියන්නේ..
ReplyDeleteඒ කාලේ හැටියට පොඩි ගානකුත් නෙමෙයි නේද, දවසකට රුපියල් 5 ක් කියන්නේ මාසෙකට රු.20 ක් හෝ 25 ක්...
Deleteසතර කියලා ඉටි කොළ වල ගහලා තමයි අපේ පැත්තෙත් මුලින්ම පංති පටංගත්තේ..ගාන නං මතක නෑ...මේ සර් නං සාධාරන පොරක් වගේ,,,,
ReplyDeleteඔව් මචන්, මෙයා කාලයක් සාධාරණව හොඳට හිටියා තමයි
Deleteනමුත් ඒ ඔක්කොම අතීතෙට ගිහින් හමාරයි
කතාවේ තව කොටස් තියෙනවා වගේ දැනුනා.මොකද ලොකු පුතාගෙන් අපි වැඩිය කියවන්නේ කොටස් තියෙන කතා නේ.
ReplyDeleteසර් ටිකක් සාධාරණයි වගේ..
ඔව් ඔව් මචන්... උඹ හරි. කතාවේ හොඳම හරිය එන්නේ ටිකක් පහුවෙලා
Deleteමම කලින් ගිය මාලා අක්කගේ පන්තියට අය කලේ මාසෙටම රු.10 ක් 15 ක් වගේනේ
ඒ මදිවට තේ බොන්නත් දුන්නා
එහෙම බැලුවහම මෙයා සාධාරණ නැහැ :(
මේ වගේ සර් කෙනෙක් ගැන ඇහුවමයි...............
ReplyDeleteඒ කිව්වේ... දවසේ ගාන අරගෙන උගන්වන කෙනෙක් ගැනද
Deleteමට හිතෙනවා එයා මේ ගැන හිතුවේ වෙනස් විදිහකට කියලා.
මාසෙකට කෙලින්ම ගානක් කිව්වහම අපේ පැතිවල ඉන්න දුප්පත් ළමයි නොඑන්නත් ඉඩ තිබුනා
ඒ වගේම මාසෙට දවස් 4 ක් ඉගැන්නුවත් 5 ක් ඉගැන්නුවත් එයාට ලැබෙන්නේ එකම ගාන
නමුත් මේ ක්‍රමේට එයාට මාසෙකට දවස් 5 ක් පන්ති කරන්න සිද්ධ උනත් පාඩුවක් නැහැ
අමතර ගානකුත් එනවා, ළමයින්ට වැඩිය දැනෙන්නෙත් නැහැ
කොහොමද ටිකිරි මොළේ
01. ඒත් ඉතින් ඒ වගේ උපාධියක් හමාර කරපු කෙනෙක් පුංචි ගමක ටියුෂන් පන්තියක් කරන්නේ අහවල් එකටද කියල හිතන්න තරම් දැනුමක් මට ඒ දවස්වල තිබුනේ නැහැ. ගමේ අයටත් එහෙම හිතෙන්න නැතුව ඇති. ඒත් දැන්නම් මගේ හිතේ පොඩි කුකුසක් වගේ තියෙනවා ඒ සම්බන්ධව.//
ReplyDeleteකුකුසක් ඕනෙ නෑ! පශු වෛද්‍ය වරයෙකුට වඩා ලෙසියෙන් ටියුෂන් සර්ලා සල්ලි හොයනවා.... ඒක වෙන්නැති රහස.
02. තැපැල් 90 යක් අයිටත් තිබුනා. මගේ පරණ කතා වල ඒ ගැන ලියලත් තිබුනා. ඒ කාලෙ තිබුනු ප්‍රයෝජනවත්ම බයික් වලින් එකක් තමා ඕක. දැනුත් එනවා. හැබැයි දැං ලක්ෂ 02 කටත් වැඩියි මම හිතන්නෙ
ඒ දැන් කාලෙනේ චුටි මහත්තයෝ... මේ කියන දවස්වල ටියුෂන් කියන එක අපේ පැතිවල ලොකුවට තිබුනේ නැහැ
Deleteඑයාට නමක් හදා ගන්න වගේම ළමයි වැඩි ප්‍රමාණයක් පන්තියට ගෙන්න ගන්නත් ලොකු කාලයක් ගියා
එයාගේ ආර්ථික දියුණුව ගැන කතා කරනවානම් මම 6 වසරේ ඉඳලා 13 වසර වගේ වෙනකනුත් එයා පන්ති වලට ගියේ අර පරණ බයික් එකේමයි
පස්සේ මම ඉස්කෝලෙන් අස්වෙච්ච කාලේ වගේ වෙද්දී තමයි එයා පොඩි වෑන් එකක් හරි ගත්තේ
අපේ ගෙවල් ඒ කිට්ටුව තියෙන නිසා මම ඒ ගැන හොඳට දන්නවා
තැපැල් 90 කියන්නේ නියම බයික් එකක්, ඕනේ බරක් අදින්න පුළුවන්. හතර දෙනෙකුට උනත් යන්න පුළුවන් හොඳ බයික් එකක්
දැන් කාලේ තියෙන ඉන්දියන් බයික් එකක හදිස්සියකට ගෑස් ටැංකියක්වත් ගේන්න පුලුවන්ද
තැපැල් 90 යෙ තමා අපි ඉස්සර වතුර ගේන්නෙ. ලොකු කෑන් දෙකක් පිටිපස්සෙ බැඳගෙන ආවැකි. පොඩි පොඩි කඳු උනත් තර්ඩ් එකේම අඳිනවා. අපේ ගමේ බිසිනොස් කාරයෝ ගාව තිබුනෙ ඕවා තමා වැඩිපුර. අනික චැලිය. අම්මේ තැඹිලි වෙලෙන්දෝ ඒකට වෙද වද දැක්කම ඇඩෙනවා. හැබැයි මුදලාලිනං යන්නෙ බෙන්ලියෙ. කලුපාට ගාම්බීර මොටෝ බයික් එක.
Deleteඅපේ ගෙදරටත් ලොකු සේවයක් කලා ඒ බයික් එක
Deleteමට මතකයි එකේ සිමෙන්ති කොට්ට 4 ක් අරගෙන එනවා
අපේ ගෙදර තිබ්බ බයික් එකටත් සෑහෙන්න වධ දුන්නා නේන්නම්
ඔව් ඔව්... බෙන්ලි හරි ට්වින්(බෙන්ලියේ පරණ වර්ගය) හරි තිබුනේ ලොකු ලොකු කට්ටිය ගාව තමයි :)
හරියට බයික් පදින්නත් බැරුව පොඩි එවුන් දාගෙන යන්න බය නැද්ද...හොඳ වෙලාවට මුකුත් නොවුනේ..බලමුකෝ ඉතිරි කොටසුත්.
ReplyDeleteඑයාට හිතෙන්න ඇති පුළුවන් කියලා :)
Deleteඅනිත් එක අපිටත් ඒ කාලේ බයික් එකකින් වැටෙනවා කියන එක මහලොකු දෙයක් නෙමෙයිනේ
කොයි වෙලාවෙත් ඉන්නේ දනිස් පොල්කටු දෙක පතුරු ගහ ගත්තු ගමන්මනේ
දැන්නං ඉංග්‍රීසි පංති වැහි වැහැලා. පඳුරකට පයින් ගැහුවම ඉංග්‍රීසි පංති දහයක් විතර විසිවෙනවා.
ReplyDeleteඒකනම් සහතික ඇත්ත...
Deleteටියුෂන් කියන්නේ හොඳ බිස්නස් එකක් කියන එක තේරුම් ගත්තු වෘත්තීන්වේදීන් අතහැරලා ටියුෂන් කරන්න පෙළඹිලා තියෙනවා
ඒක හොඳ ප්‍රවනතාවයක් නෙමෙයි කියලයි මම හිතන්නේ
ඇති පොඩි එවුන්ගෙ කකුල් කැඩුනෙ නැතුවා.
ReplyDeleteTuition? No comment.
තැපැල් නයින්ටි කියන්නෙ Honda MD90 නේද? ඕවා හදලා තියෙන්නෙ ජපානයෙ තැපැල් සේවයටලු. (ලු කියලා කිව්වා). ඒකලු ඔය හැම තැනම මලු එල්ලාගෙන යන්න පුලුවන් විදියට කොකු පවා තියෙන්නෙ.
henryblogwalker the Dude
ඒක ඇත්ත අයියා...
Deleteඔව් තැපැල් 90 සහ Honda MD90 කියන එකම එකයි.
මමත් ඒ තැපැල් 90 ගැන කියවෙන තැපැල් කතාව අහල තියෙනවා
හැබැයි කතාව ඇත්තද කියන එකනම් දන්නේ නැහැ
හ්ම්ම් හ්ම්ම් ඉතින් බොල සර් ලොකු උනාට හැමෝටම බයික් පදින්න පුළුවනෑ.. ඇයි අපේ සර් කෙනෙකුත් හිටියේ.. එයාට අවරුදු 40 ක් විතර ඇති එයාටත් බයික් පදින්න බැහැ :)
ReplyDeleteඑහෙම බැහැනේ, ඉලංදාරියෙක් උනාම එහෙම ඉඳල පුළුවනෑ...
Deleteඔයාගේ සර් වගේ නෙමෙයිනේ, මෙයා ඒ වෙද්දී කැම්පස් ඒකෙන ඊයේ පෙරේද අවුට් වෙච්ච කොල්ලෙක්නේ
කව්ද මේ සර්, සක්විති සර්ද?????????
ReplyDeleteඔබව සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට
Deleteහි..හි...
හපොයි නැහැ, මෙය සල්ලි වංචා කරලා නැහැ මගේ හිතේ
සිරා සර් බොල...රුපියල් 5ට 10ට දැන් බස් එකේ යන්නත් බැහැ නොවැ.. :)
ReplyDeleteඒ දවස්වල අපිට කඩචෝරු කන්න කියල ගෙදින් දෙන්නෙත් රුපියලක් හරි දෙකක් හරි
Deleteඉතින් පන්තියට 5 ක් ගන්නවා කියන්නේ පොඩි ගාණක් නෙමෙයි....
කඩචෝරු ගොඩක් කන්න පුළුවන් ගාණක්, තේරුණාද :)
අනේ වාසනාවන් ඔයාලගෙ සර්ල...ඒකටත් එක්ක මෙහෙ ඉන්න උන්........
ReplyDeleteමොන වාසනාවක්ද...
Deleteකඩචෝරු නොකා පන්තියට දෙන රුපියල් 5 ඉතුරු කර ගන්න තියෙන අමාරුව ඔයා දන්නේ නැහැනේ.
මම 7 වසරේදී බස් එකේ එන්න තියෙන සල්ලි වලින් අයිස් පැකට් කාලා කවුරුහරි හොඳ මුණක් තියෙන මාම කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි ගාවින් වාඩිවෙලා එයාලට කියල බස් එකට ටිකට් අරගෙන ගෙදර ගිහිනුත් තියෙනවා
ඉතින් ඔයාට හිතා ගන්න පුළුවන් වෙයිනෙ එහෙව් මම අර රුපියල් 5 ක් අතේ ඉතුරු කර ගන්න ඇත්තේ මොන තරම් අමාරුවෙන්ද කියලා....
මෙහෙ තැපැල් බයිසිකලේ Honda CT 110 ගියර් 4 යි ක්ලච් එකක් නැහැ. මගෙ ගාව එකක් තිබුන කාලයක් [ඕස්ට්‍රේලියා පෝස්ට් එකෙන් වෙන්දේසි කල එකක්] මරු බයිසිකලේ.
ReplyDeleteඔබා මාමත් බයික් වලට කැමතියි වගේ, නේද
Deleteඕස්ට්‍රේලියා වල තැපැල් බයික් ලංකාවේ දැන් තියෙන ට්‍රැෆික් බයික් වලටත් වඩා ලොකුයි වගේ
ලංකාවේ ට්‍රැෆික් බයික් වලට දැන් තියෙන්නේ TVS 100 බයිසිකල්නේ :)
බුවා කට්ටක් වගේ.. හ්ම්ම්.. හොඳ කතාවක් බලාගන්න පුළුවන් වෙයි.
ReplyDeleteහ්ම්ම්..හ්ම්ම්...
Deleteබලමු බලමු ඉස්සරහට මොනාද වෙන්නේ කියලා
බයික් පදින්න බැරි වුනත් සර් බයික් එකේ දාගෙන ගියපු එක අගය කරන්න වටිනව.
ReplyDeleteඒකනම් ඇත්ත...
Deleteසර්ගේ මුල්ම ගෝලයෝ නිසාත් ගමේ කම නිසාත් එහෙම නොකර බැහැනේ :)