අපේ ගෙදරට හැරෙන පුංචි හන්දියේ එකම එක කඩයක් තිබ්බා. ඒ තමයි "අප්පුහාමි ආතාගේ" කඩේ. අපි වගේ ගමේ මිනිස්සුන්ට ඕනේ කරන හැමදෙයක්ම වගේ ඒ කඩේ තිබුනා. හාල් තුනපහ වර්ග, එළවලු, අල, පරිප්පු වගේ හැම දෙයක්මත්, සබන් කැටේ, දත් බෙහෙත් මේ හැම දෙයක්ම වගේ එතන තිබුනා. කඩේ ඉස්සරහ ලී මැස්සක එළවළු එහෙමත් තිබුනා. ගොඩක් වෙලාවට ගමේ එළවලු එහෙම තමයි තිබුනේ.
අප්පුහාමි ආතත් ඒ ආච්චිත් දෙන්න තමයි මුල් කාලේ ඒ කඩේ පටන් අරගෙන තිබුනේ. ඒත් මට මතක කාලෙකදී අප්පුහාමි ආතා කඩේ වැඩකලේ නැහැ. එයා ඉඳල හිටලා කඩේට ඇවිත් ගියාට මම මේ කියන කාලේ වෙද්දී කඩේ වැඩකටයුතු බලාකියා ගත්තේ ඒ ආච්චිත් එයාලගේ පුතෙක් සහ දුවල දෙන්න. නෑදෑකමට නැන්දලා මාමලා උනත් අපි ඒගොල්ලන්ට කතාකලේ අයියේ, අක්කේ කියලා.
අපිත් සතියකට දවසක් දෙකක් මේ කඩේට යනවා ගෙදරට ඕනේ කරන බඩුමුට්ටු ටික අරගෙන එන්න. මුලදී මේ විදිහට කඩේයන වැඩේ කලේ මමයි චුටි අක්කයි. අපිට කඩේ යද්දී අරගෙන යන්න රෙදි බෑග් කීපයක් අම්ම මහල දීලා තිබුනා. අම්ම ඒවා මහන්නේ තාත්තගේ පරණ කලිසම් වලින්. ඒ නිසා අපිට කවදාවත් ෂොපින් බෑග් කියල දැන්කාලේ අපි කියන ප්ලාස්ටික් බෑග් කඩෙන් ගන්න උවමනා උනේ නැහැ.
ඒ වගේම තමයි මේ රෙදි මල්ල එල්ලගෙන කඩේ යන එක අපිට ලැජ්ජාවක් උනෙත් නැහැ. ඒකෙන් අපේ ගෙදරට වාසියක් මිසක් අවාසියක් උනේ නැහැ. ෂොපින් බෑග් ගන්න යන වියදම ඉතුරු වෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ. ඒ වගේම තමයි ඒක පරිසරයටත් බොහොම හිතකාමීයි.
මෙන්න මෙහෙම මමයි චුටි අක්කයි දෙන්න එක්ක කඩේ යද්දී අපිට සමහර වෙලාවට පාරේ ඉන්න බල්ලන්ගේ බිරුම් වලට ලක්වෙන දවසුත් තියෙනවා. ඒත් ඉතින් දෙන්නෙක් ඉන්න නිසා බයවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගල් ගෙඩියක් අතට අරගෙන බය කලාම උන් දුවනවා.
මෙහෙම ගිහින් අපි හැමදාම වගේ අපේ ගෙදරට ඕනේ කරන හාල්, පරිප්පු, අල, ලාම්පු තෙල්(භූමි තෙල්) එහෙමත් අරගෙන එනවා. අපේ ගෙදරට කරන්ට් එක තිබ්බේ නැතිනිසා සතියකට ලාම්පු බෝතලයක් හමාරක් විතර යනවා චිමිණි ලාම්පු පත්තු කරන්නයි, කුප්පි ලාම්පු පත්තු කරන්නයි. ඒ දවස්වල ගෙනාපු බඩුමුට්ටු වලින් මට හොඳට මතකයි හාල් වල ගාන. මම ගාන අඩුවෙන්ම හාල් ගෙනත් තියෙන්නේ කිලෝ එක රුපියල් 4.50 ට. අනිත් බඩු වලනම් ගණන් මට ඒ තරමට මතක නැහැ.
අපිට ඒ කාලේ කුඹුරක් තිබ්බේ නැති නිසා හාල් ගේන්න උනේ හැමදාම කඩෙන්. හැබැයි කවදාවත් සුදු හාල් ගේන්න අපිට අවසර තිබුනේ නැහැ. අම්ම කියන්නේ හැමදාම රතු කැකුළු හාල් ගෙන්න කියලා. කඩෙන් ගේන හාල් කියල කිව්වට මේ කඩේ තිබුණු හාල් ගොඩක් හොඳ තත්ත්වයේ තිබ්බ ගමේම කුඹුරුවල හාල්.
බොහොම කලාතුරකින් අල්ලපු ගෙදරින් අතමාරුවකට සුදු හාල් ටිකක් ඉල්ල ගත්තු දවසක ඇරෙන්න අපිට සුදු බත් ටිකක් කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. පස්සේ කාලෙක අපිටම කියල කුඹුරක් තිබුනත් කවදාවත් ඒකෙ සුදු හාල් වර්ග වැපිරුවේ නැහැ. ඒ පුරුද්ද සහ නොලියවුණු නීතිය අදටත් එහෙම්මමයි.
ඒ වගේම තමයි අපි කවදාවත් ගේන්න ඕනේ කරන බඩු ලිස්ට් එක තුන්ඩුවක ලියාගෙන යන්නෙත් නැහැ. අම්ම ගේන්න කියන බඩුටික අමතක කරන්නේ නැතුව හැමදාම වගේ අපි ගේනවා. හැබැයි ගේන්න තියෙන බඩු ප්‍රමාණය වැඩිනම් අපේ අතට පොඩි කොල කෑල්ලක් ලියල දෙන්න අම්ම අමතක කරන්නෙත් නැහැ.
හැබැයි ඉතින් අපේ මලයටනම් කොලේක ලියල දුන්නේ නැත්නම් ගේන්න කියපු දේවල් වලින් බාගයක්වත් ගේන්නේ බොහොම කලාතුරකින්. එයා කඩේ ගිය දාට කඩේ ගිහින් ආපු පරක්කුවෙන්ම ආපහු කඩේ දුවන හැටි අපිට බලාගන්න පුළුවන්.
අපි මේ විදිහට කඩේ යද්දී සෙරෙප්පු එහෙමවත් දාගෙන යන්නේ නැහැ, නිකම්ම තමයි යන්නේ. අපේ ගෙදර ඉඳල කඩේට යන පාර වැලි පාරක්. ඒ වගේම හැමතැනම මඩවලවල් තියෙන නිසා ඒවායේ බැහැ බැහැ යන්න අමාරුයිනේ සෙරෙප්පුත් එක්ක. කොහොම උනත් මේ විදිහට මඩවලවල් වල බැහැගෙන ගියාට කඩේ ගාවම තියෙන කාණුවෙන් මඩටික හෝදගෙන තමයි අපි කඩේට යන්නේ. නැත්නම් කඩේ ඉන්න මිනිස්සු අපි දිහා බලන්නේ නිකන් සත්තු ටිකක් දිහා බලන විදිහටනේ.
අපි කඩේට යද්දී ඒ කාලේ ගමේ හිටපු සල්ලි තියෙන ගෙදරක හිටපු ළමයෙක් කඩේට එන්නේ රතුපාට පොඩි චොපර් බයිසිකල් එකක. මටත් ඒක දැක්කට පස්සේ ඒ ගැන ලොකු ආසාවක් ඇති උනා. ඒත් මම කවදාවත් තාත්තාගෙන් චොපර් බයික් එකක් ඉල්ලුවේ නැහැ. ඒක මගේ හිතේ තිබ්බ හීනයක් විතරයි. ඒ ආපු ළමය පස්සේ මම ගමෙන් ටිකක් දුර ඉස්කෝලෙට යන කාලේදී මගේ යාළුවෙක් උනත් එක්ක. අපි එයාට කිව්වේ "පාන්බඩා" කියලා.
ටිකක් ලොකු උනාට පස්සේ මම කඩේ ගියේ තනියම, ඒ කාලේදී සමහර වෙලාවට කිලෝ අටේ, දහයේ බරවල් උස්සගෙන මීටර 500 ක විතර දුරින් තියෙන අපේ ගෙදරට අරගෙන එන දවසුත් තිබුනා. තව ටික කාලයක් ගියාම මගේ සහායක ඩැනී උනේ අපේ මලයා. අපි දෙන්නා එක්ක අපේ සෙල්ලම් කරත්තත් ඇදගෙන මඩවලවල් වල බැහැගෙන කඩේ ගිය හැටි මට අද වගේ මතකයි.
අන්තිමට එක දවසක මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවක පොඩි චොපර් බයික් එකක් අපේ ගෙදර තියෙනවා දැකලා මට ගොඩක් පුදුම හිතුනා. බලද්දී අපේ තාත්තා මටත් බයික් එකක් අරගෙන ඇවිත්. කවුරු හරි කෙනෙක් කාලයක් යනකම් පැදලා තරමක් අබලන් වෙලා තිබ්බට ඒකට මං ගොඩක් ආස උනා. ඒකේ ඉස්සරහ රෝදේ පොඩියි, පිටිපස්සේ රෝදේ ලොකුයි. එකේ ගියර් එහෙමත් තිබුනා. එක එක විදිහට සද්දේ එන පොඩි නලාවකුත් තිබුනා. පිටිපස්සේ රෝදේ හයිවෙන පොඩි යකඩ කුරු දෙකෙන් එකක් පුපුරලා. ටයර් දෙකත් ගෙවිලා හිල්වෙලා එහෙම තමයි තිබුනේ. ඒක හංදියට ගෙනිහින් වෙල්ඩින් කරලා, අළුත් ටයර් දාලා ගෙනත් දෙන්නම් කියල තාත්ත කිව්වා. මට මේක ලැබුනේ මම ඉල්ලලා නෙමෙයි, ඒ නිසා මට ගොඩක්ම සතුටු හිතුනා.
තාත්ත කියපු විදිහටම ඒක හදල ගෙනත් දුන්නා. ඊට පස්සේ මොනවහරි අඩු පාඩුවක් උනොත් මමම ගිහිං චුටි මාමගේ වින්කලේට ගිහින් හදාගෙන එන්න පුරුදු උනා. හැබැයි අර වෙල්ඩින් කරපු බට දෙකනම් සරින් සැරේ කැඩිලා මට හරියට කරදර කලා ඒ දවස්වල. ඒත් කොහොමහරි එක වෙල්ඩින් කරගෙන හදාගෙන ඇවිත් මම ඒ බයික් එක ගොඩ කාලයක් පැද්දා.
මම අපේ ගෙදරට කරන්න පුළුවන් ලොකු වැඩ ගොඩක් කරලා දුන්නාමේ බයික් එකෙන්. අපේ තාත්තට අයිති අපේ ගෙදරට ටිකක් දුරින් තියෙන පුංචි ඉඩමක තේ වවල තිබුනා. මම හැමදාම ඉරිදා උදේට කඩේ ගිහින් පාන් ගෙනත් ඊට පස්සේ තේ වතුරයි හොදි එකකුයි අරගෙන කිලෝමීටර 3 ක් විතර දුරින් තියෙන එ ඉඩමට අරගෙන යනවා. එතන හැමදාම දෙමළ මිනිස්සු දෙන්නෙක් ඇවිත් දළු කඩනවා. මම යන්නේ එයාලට කෑම අරගෙන. ඊට පස්සේ එයාල කඩලා තියෙන කිලෝ 20 ක් 25 ක් බර දළු මල්ල මගේ පුංචි බයිසිකලේ ඉස්සරහ තියාගෙන ගොඩක් අමාරුවෙන් පැදගෙන එනවා ගෙදරට.
ඒ වගේම තමයි කියන පරක්කුවෙන් කඩේ ගිහිං අම්මට ඕනේ කරන බඩු ගෙනත් දෙන එකත් කලා මේ බයික් එකෙන්. පස්සේ කාලෙක මේ බයික් එක අපේ මලයාගේ වෙලාත් තිබුනා බොහොම සුළු කාලයක්. මට වගේ නෙමෙයි මිනිහට බයික් එකක් නෙමෙයි මොන දේ දුන්නත් හරියකට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ටික දවසකින් ඒ හැමදේම බොහොම අබලන් තත්ත්වෙට පත්වෙලා නැති නාස්තිවෙලා යනවා. මම මේ බයික් එක අන්තිමට දැක්කේ පස්සේ කාලෙක කොහේදෝ මන්දා අස්සක තිබිලා පරණ යකඩ බඩු එකතු කරන්න ආපු මනුස්සයෙකුට විකුනන්න යන වේලාවකදී.
කොච්චර අබලන් වෙලා තිබ්බත් මගෙත් එක්ක ගොඩ කාලයක් එකට හිටපු මිතුරෙක්ගේ වෙන්ව යාමකදී සිද්ධ වෙන හිත බරවෙන ගතිය මට ඒ වෙලාවේදී දැනුනා.
අප්පුහාමි ආතත් ඒ ආච්චිත් දෙන්න තමයි මුල් කාලේ ඒ කඩේ පටන් අරගෙන තිබුනේ. ඒත් මට මතක කාලෙකදී අප්පුහාමි ආතා කඩේ වැඩකලේ නැහැ. එයා ඉඳල හිටලා කඩේට ඇවිත් ගියාට මම මේ කියන කාලේ වෙද්දී කඩේ වැඩකටයුතු බලාකියා ගත්තේ ඒ ආච්චිත් එයාලගේ පුතෙක් සහ දුවල දෙන්න. නෑදෑකමට නැන්දලා මාමලා උනත් අපි ඒගොල්ලන්ට කතාකලේ අයියේ, අක්කේ කියලා.
අපිත් සතියකට දවසක් දෙකක් මේ කඩේට යනවා ගෙදරට ඕනේ කරන බඩුමුට්ටු ටික අරගෙන එන්න. මුලදී මේ විදිහට කඩේයන වැඩේ කලේ මමයි චුටි අක්කයි. අපිට කඩේ යද්දී අරගෙන යන්න රෙදි බෑග් කීපයක් අම්ම මහල දීලා තිබුනා. අම්ම ඒවා මහන්නේ තාත්තගේ පරණ කලිසම් වලින්. ඒ නිසා අපිට කවදාවත් ෂොපින් බෑග් කියල දැන්කාලේ අපි කියන ප්ලාස්ටික් බෑග් කඩෙන් ගන්න උවමනා උනේ නැහැ.
ඒ වගේම තමයි මේ රෙදි මල්ල එල්ලගෙන කඩේ යන එක අපිට ලැජ්ජාවක් උනෙත් නැහැ. ඒකෙන් අපේ ගෙදරට වාසියක් මිසක් අවාසියක් උනේ නැහැ. ෂොපින් බෑග් ගන්න යන වියදම ඉතුරු වෙනවා කියන්නෙත් ලොකු දෙයක්නේ. ඒ වගේම තමයි ඒක පරිසරයටත් බොහොම හිතකාමීයි.
මෙන්න මෙහෙම මමයි චුටි අක්කයි දෙන්න එක්ක කඩේ යද්දී අපිට සමහර වෙලාවට පාරේ ඉන්න බල්ලන්ගේ බිරුම් වලට ලක්වෙන දවසුත් තියෙනවා. ඒත් ඉතින් දෙන්නෙක් ඉන්න නිසා බයවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගල් ගෙඩියක් අතට අරගෙන බය කලාම උන් දුවනවා.
මෙහෙම ගිහින් අපි හැමදාම වගේ අපේ ගෙදරට ඕනේ කරන හාල්, පරිප්පු, අල, ලාම්පු තෙල්(භූමි තෙල්) එහෙමත් අරගෙන එනවා. අපේ ගෙදරට කරන්ට් එක තිබ්බේ නැතිනිසා සතියකට ලාම්පු බෝතලයක් හමාරක් විතර යනවා චිමිණි ලාම්පු පත්තු කරන්නයි, කුප්පි ලාම්පු පත්තු කරන්නයි. ඒ දවස්වල ගෙනාපු බඩුමුට්ටු වලින් මට හොඳට මතකයි හාල් වල ගාන. මම ගාන අඩුවෙන්ම හාල් ගෙනත් තියෙන්නේ කිලෝ එක රුපියල් 4.50 ට. අනිත් බඩු වලනම් ගණන් මට ඒ තරමට මතක නැහැ.
අපිට ඒ කාලේ කුඹුරක් තිබ්බේ නැති නිසා හාල් ගේන්න උනේ හැමදාම කඩෙන්. හැබැයි කවදාවත් සුදු හාල් ගේන්න අපිට අවසර තිබුනේ නැහැ. අම්ම කියන්නේ හැමදාම රතු කැකුළු හාල් ගෙන්න කියලා. කඩෙන් ගේන හාල් කියල කිව්වට මේ කඩේ තිබුණු හාල් ගොඩක් හොඳ තත්ත්වයේ තිබ්බ ගමේම කුඹුරුවල හාල්.
බොහොම කලාතුරකින් අල්ලපු ගෙදරින් අතමාරුවකට සුදු හාල් ටිකක් ඉල්ල ගත්තු දවසක ඇරෙන්න අපිට සුදු බත් ටිකක් කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. පස්සේ කාලෙක අපිටම කියල කුඹුරක් තිබුනත් කවදාවත් ඒකෙ සුදු හාල් වර්ග වැපිරුවේ නැහැ. ඒ පුරුද්ද සහ නොලියවුණු නීතිය අදටත් එහෙම්මමයි.
මේ තියෙන්නේ අපේ කුඹුර. මතක ඇති කාලෙක කුඹුරට බැස්සේ නැති උනත් මම හරි ආසයි කුඹුරු වැඩ කරනකොට කුඹුරට යන්න. ඒත් කාලෙකින් ඒකටවත් වෙලාවක් ලැබුනේ නැහැ. |
හැබැයි ඉතින් අපේ මලයටනම් කොලේක ලියල දුන්නේ නැත්නම් ගේන්න කියපු දේවල් වලින් බාගයක්වත් ගේන්නේ බොහොම කලාතුරකින්. එයා කඩේ ගිය දාට කඩේ ගිහින් ආපු පරක්කුවෙන්ම ආපහු කඩේ දුවන හැටි අපිට බලාගන්න පුළුවන්.
අපි මේ විදිහට කඩේ යද්දී සෙරෙප්පු එහෙමවත් දාගෙන යන්නේ නැහැ, නිකම්ම තමයි යන්නේ. අපේ ගෙදර ඉඳල කඩේට යන පාර වැලි පාරක්. ඒ වගේම හැමතැනම මඩවලවල් තියෙන නිසා ඒවායේ බැහැ බැහැ යන්න අමාරුයිනේ සෙරෙප්පුත් එක්ක. කොහොම උනත් මේ විදිහට මඩවලවල් වල බැහැගෙන ගියාට කඩේ ගාවම තියෙන කාණුවෙන් මඩටික හෝදගෙන තමයි අපි කඩේට යන්නේ. නැත්නම් කඩේ ඉන්න මිනිස්සු අපි දිහා බලන්නේ නිකන් සත්තු ටිකක් දිහා බලන විදිහටනේ.
පාර දෙපැත්තේ මේ තරම් කැලේ නැති උනාට මෙන්න මේ වගේ පාරක් තමයි අපේ පාර |
ටිකක් ලොකු උනාට පස්සේ මම කඩේ ගියේ තනියම, ඒ කාලේදී සමහර වෙලාවට කිලෝ අටේ, දහයේ බරවල් උස්සගෙන මීටර 500 ක විතර දුරින් තියෙන අපේ ගෙදරට අරගෙන එන දවසුත් තිබුනා. තව ටික කාලයක් ගියාම මගේ සහායක ඩැනී උනේ අපේ මලයා. අපි දෙන්නා එක්ක අපේ සෙල්ලම් කරත්තත් ඇදගෙන මඩවලවල් වල බැහැගෙන කඩේ ගිය හැටි මට අද වගේ මතකයි.
අන්තිමට එක දවසක මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවක පොඩි චොපර් බයික් එකක් අපේ ගෙදර තියෙනවා දැකලා මට ගොඩක් පුදුම හිතුනා. බලද්දී අපේ තාත්තා මටත් බයික් එකක් අරගෙන ඇවිත්. කවුරු හරි කෙනෙක් කාලයක් යනකම් පැදලා තරමක් අබලන් වෙලා තිබ්බට ඒකට මං ගොඩක් ආස උනා. ඒකේ ඉස්සරහ රෝදේ පොඩියි, පිටිපස්සේ රෝදේ ලොකුයි. එකේ ගියර් එහෙමත් තිබුනා. එක එක විදිහට සද්දේ එන පොඩි නලාවකුත් තිබුනා. පිටිපස්සේ රෝදේ හයිවෙන පොඩි යකඩ කුරු දෙකෙන් එකක් පුපුරලා. ටයර් දෙකත් ගෙවිලා හිල්වෙලා එහෙම තමයි තිබුනේ. ඒක හංදියට ගෙනිහින් වෙල්ඩින් කරලා, අළුත් ටයර් දාලා ගෙනත් දෙන්නම් කියල තාත්ත කිව්වා. මට මේක ලැබුනේ මම ඉල්ලලා නෙමෙයි, ඒ නිසා මට ගොඩක්ම සතුටු හිතුනා.
මෙන්න මේ වගේම තමයි මගේ බයික් එක |
මම අපේ ගෙදරට කරන්න පුළුවන් ලොකු වැඩ ගොඩක් කරලා දුන්නාමේ බයික් එකෙන්. අපේ තාත්තට අයිති අපේ ගෙදරට ටිකක් දුරින් තියෙන පුංචි ඉඩමක තේ වවල තිබුනා. මම හැමදාම ඉරිදා උදේට කඩේ ගිහින් පාන් ගෙනත් ඊට පස්සේ තේ වතුරයි හොදි එකකුයි අරගෙන කිලෝමීටර 3 ක් විතර දුරින් තියෙන එ ඉඩමට අරගෙන යනවා. එතන හැමදාම දෙමළ මිනිස්සු දෙන්නෙක් ඇවිත් දළු කඩනවා. මම යන්නේ එයාලට කෑම අරගෙන. ඊට පස්සේ එයාල කඩලා තියෙන කිලෝ 20 ක් 25 ක් බර දළු මල්ල මගේ පුංචි බයිසිකලේ ඉස්සරහ තියාගෙන ගොඩක් අමාරුවෙන් පැදගෙන එනවා ගෙදරට.
ඒ වගේම තමයි කියන පරක්කුවෙන් කඩේ ගිහිං අම්මට ඕනේ කරන බඩු ගෙනත් දෙන එකත් කලා මේ බයික් එකෙන්. පස්සේ කාලෙක මේ බයික් එක අපේ මලයාගේ වෙලාත් තිබුනා බොහොම සුළු කාලයක්. මට වගේ නෙමෙයි මිනිහට බයික් එකක් නෙමෙයි මොන දේ දුන්නත් හරියකට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. ටික දවසකින් ඒ හැමදේම බොහොම අබලන් තත්ත්වෙට පත්වෙලා නැති නාස්තිවෙලා යනවා. මම මේ බයික් එක අන්තිමට දැක්කේ පස්සේ කාලෙක කොහේදෝ මන්දා අස්සක තිබිලා පරණ යකඩ බඩු එකතු කරන්න ආපු මනුස්සයෙකුට විකුනන්න යන වේලාවකදී.
කොච්චර අබලන් වෙලා තිබ්බත් මගෙත් එක්ක ගොඩ කාලයක් එකට හිටපු මිතුරෙක්ගේ වෙන්ව යාමකදී සිද්ධ වෙන හිත බරවෙන ගතිය මට ඒ වෙලාවේදී දැනුනා.
සෝයි පොඩි කාලයක් නොවැතිබිලා තියෙන්නේ....
ReplyDeleteඅනිවා මචං... පොඩි කාලේ කරපු හැම දෙයක්ම වගේ හරිම සුන්දරයි
Deleteආපහු ඒ වගේ කාලයක් එන්නේ නෑ නේද කියල හිතෙනකොට හරි දුකක් දැනෙන්නේ
අාතල් ඒකෙ ඉදල තියෙනවා වගෙ.
ReplyDeleteහි...හී... ආතල්ද කියලත් අහනවා
Deleteමඩවලවල්, කරත්ත, ඔට්ටු සෙල්ලම්, හොරා පොලිස්, කල්ලි ගහන එක මේ වගේ කොයි තරමක්නම් කියලා සෙල්ලම් ජාති කලාද :)
නියමයි මචං.. ලස්සන අතීතයක්..
ReplyDeleteඅපේ පත්තර කඩේ බයිසිකලේ දවසක් අපේ තාත්ත මාව පන්තිය එක්ක ගිහින් කොල්ලො මට විහිළු කලා.. එත් මම ගණන් ගත්තෙ නැහැ. අපිව මේ තත්වෙට ගෙනාවේ ඒව තමා.. මම ලියන්න හිතන් ඉන්නේ.. උඹ මට කලියෙන් සිරා එකක් ලියල බොල..
ජය !
ඔව් යාළුවා, ඒ කාලේ කොච්චරනම් ලස්සනද
Deleteවහලටයි බිත්ති වලටයි පොල් අතු ගැට ගහපු පොඩි මඩුවකින් ජිවිතේ පටන් අරගෙන, මේසන් වැඩ, වඩු වැඩ කරලා එතනින් පස්සේ පොඩියට පටන් ගත්තු බිස්නස් එකකින් අඩියෙන් අඩිය ඉහලට නැගපු මගේ අම්මගෙයි තාත්තගෙයි ජිවිත කතාව ගැන හොඳටම දන්න මම දන්නවා මනුස්සයෙක් කකුල් දෙකෙන් නැගිටින්න විඳින දුක කොහොමද කියලා....
ඒ නිසා මමනම් කවදාවත් මිනිහෙක්ගේ නැතිබැරි කමකට අසරණ කමකට හිනා වෙන්නේ නැහැ....
මමත් කවදාහරි අපේ අම්මගෙයි තාත්තගෙයි කතාව ලියන්න ඉන්නේ
දැන් ඒ ගැන කරුණු එකතු කරගෙන යනවා. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි
උඹගේ කතාවත් ලියපන් මචං... උඹ ලියන විදිහට මම කැමතියි
ජයවේවා....!
ආ මේ දාලා තියෙන්නේ අලුත් පෝස්ට් එකක්..ලොකු පුතා ඉස්සර හරිම හොඳ ළමයෙක් බව පේනවා. මට චොපර් එකක් ලැබුනේ 1 වසරේදී. ඒක පැදලා ම ඒ දවස්වල මම මගේ යාළුවො හැමෝටම වඩා උසයි. පස්සේදී ඒක නෑයෙක් ට දුන්නා වගේ තමයි මට මතක...
ReplyDeleteමේකේ බාගයක් කලින් ලියල තිබුනේ, ඒ නිසා තමයි මෙච්චර හරි ඉක්කමනට පෝස්ට් එකක් දාන්න ලැබුනේ...
Deleteලොකු පුතා ඉස්සර විතරක් නෙමෙයි දැනටත් හොඳ ළමයෙක්.... :)
1 වසරේදී චොපර් එකක් තිබුනා කියන්නේ සයුරි හරි වාසනාවන්ත ළමයෙක්නේ
මටනම් 1 වසරේදී තිබුනේ අපේ නැන්දගේ පුතා හදල දීපු කරත්තයක් විතරයි
මට මේ චොපර් එක ලැබුනෙත් මම 7 වසරේදීද කොහෙද
ලොකු පුතා මාර සරළව ලියනවනේ..... අපි දොගොල්ලගෙ අතීතෙ ගොඩක් දුරට එකයි. ලොකු පුතා දන්නවනේ මගේ චොපර් බයිසිකලේ ගැන... අර මමයි කුමාරයි හුළං ගැහුවේ.
ReplyDeleteදෑස් මානයෙන් ගිළිහී යන මා දුටු සුන්දරත්වයේ මතකය නැවත අකුරු කරන එක කොච්චර හොඳද! මම හිතන්නෙ මේ වගේ පරිසරයක හිටපු හංදා වෙන්ඩැති මේ ලිපි කියවද්දි හිතට පොඩි බර ගතියක් දැනෙනවා ඒකාලෙ මතක් වෙද්දි.... දිගටම ලියන්න ලොකු පුතා. මමත් ආයෙත් ලියන්න යන්නෙ චුටි මහත්තයගේ කතා.
ඒක හොඳයි.මම ඒ මචං ඒ චුටි මහත්තයාගේ කතා හැම එකක් වගේ කියවල තියෙනවා.මාර ජොලි.කමෙන්ට් නම් කලේ නැහැ.
Deleteඑත් ලඟදි දැක්කේ නැහැ ඒ විදියේ කතා.
ස්තුතියි චුටි මහත්තයා,
Deleteඅපේ වයස් වල අයගෙන් පස්සේ මේ වගේ අතීත කතා තියෙන අය ගොඩක් අඩු ඇති මම හිතන්නේ
උඹේ චොපර් බයික් එක අමතක වෙනවද බං උඹේ බ්ලොග් එක බලපු එකෙකුට.... :)))
චුටි මහත්තයා ගැන ලියපු කතා ටික මම එක හුස්මට කියෙව්වේ, ඒ තරම් හිතට වැදුණු පෝස්ට් ටිකක් තවත් නැතුව ඇති
ආපහු චුටි මහත්තයා කරලියට එනවනම් කොච්චර දෙයක්ද
මටනම් ඒ වගේ පෝස්ට් එකක් අනිත් ඕනෑම පෝස්ට් එකකට වඩා දස දහස් ගුණයක් වටිනවා
අසරණයා:
එකනේ බං, දැන් බුද්ධි ලියන්නේ වෙන වෙන දේවල්නේ
ආපහු චුටි මහත්තයව ගේනවා කියන්නේ ලොකු දෙයක්
මගේ අතීතෙට උඹ මාව අරන් ගියා මචං.. රුපියලක් දුන්නහම ඒ රුපියල පරිස්සම් කරපු හැටි අදත් මට සල්ලි පරිස්සම් කරන්න කියල දෙනවා.. ඒ වගේම තමයි මගේ බයිසිකල් එක. ලියන්නම් කෝ ඒ කතාවල් නිසි අවසරේ ලැබුන දාක.
ReplyDelete4 වසරේදී මම ගෙදරින් සල්ලි වගයක් හොරකම් කරලා අමතක නොවෙන පාඩම් ගොඩක් ඉගෙන ගත්තා
Deleteඒ ලැබිච්ච දඬුවම් නිසාමද මන්දා මම හොඳ ළමයෙක් උනා
ඊට පස්සේද කොහෙද මට ගෙදරින් දෙන සල්ලි එකතු කරලා ඕනේ කරන දේවල් ගන්න පුරුද්ද ඇති උනේ
බයික් කතාව ලියන්න ඉක්මනට අවසරේ ගත්තනම් මොකද වෙන්නේ
මටත් මතකයි අක්කයි මමයි ඉස්සර කඩේ යනවා.කවදාවත් මම කඩේකින් බඩුවක් ඉල්ලන්නේ නැහැ.අක්ක තම ඉල්ලන්නේ.මොකද ලැජ්ජයි.ඉස්සෙල්ලම කඩේකින් අයිස් පැකට එකක් ඉල්ලුවේ තුන වසරේදී.බස් එකේ ටිකට් ගන්නේ අක්කා.අක්කා ඉස්කෝලේ යන්නේ නැති දවස වල මම යන්නෙත් නැහැ.බස් එකක ටිකට් ඉල්ලන්න ලජ්ජා නිසා.උඹේ චුටි අක්කවගේ මගේ අක්කත් පොඩි කාලේ එකටමයි හිටියේ.
ReplyDeleteමටත් බයිසිකල් දෙකක් අරන් දුන්නා. ජියර් තියෙන බයිසිකලේ ඉල්ලුවත් ඒක මට ලැබුනේ 18 උපන්දිනේට.කවදාවත් ඉල්ලපු දෙයක් ඉක්මනින් ලැබෙන්නේ නැහැ.
මටත් පොඩි කාලේ ටිකක් සබකෝලය තිබ්බ තමයි. මමයි අක්කයි කඩේ යන දවස්වල කඩෙන් බඩු ඉල්ලුවේ චුටි අක්ක තමා
Deleteඊට පස්සේ ඉතින් මම තනියමනෙ කඩේ ගියේ, තවත් ගොඩ කාලෙකට පස්සේ තමයි මගේ සහායක ඩැනී විදිහට මල්ලි ආවේ
මමයි චුටි අක්කයි එකට හිටියට පොඩ්ඩ ඇත්නම් වළි, ඇඟවල් වල කෑලි නැහැ හූරගෙන
අම්ම කරන්නේ දෙන්නටම ගහලා ආවේ දනගස්සවල තියන එක :(
මම පුංචිම පුංචි කාලේ පොඩි පොඩි සෙල්ලම් බඩු ඉල්ලුවට පස්සේ ගෙදරින් ආපහු ඉල්ලීමක් කලේ එකම එක වතාවයි
ඒ කැම්පස් යන කාලේ මෝටර් බයික් එකක් ගන්න සල්ලි ඉල්ලපු එක... ඒත් මම හිතුවේ නැහැ ලැබෙයි කියලා.
ඒත් මම හිතපුවත් නැති වෙලාවක අම්ම ඇවිත් මගේ අතේ රු.65,000/- ක් තිබ්බම එදාත් මම ගොඩක් පුදුම උනා
සැහැල්ලු සුන්දර ලමා කාලයේ ලස්සන මතක සටහන්. ඔබේ මතක සටහන් ඔස්සේ අපිවත් අතීතයට අරන් ගිය මේ පොස්ටුවට බොහෝම කැමැතියි.
ReplyDeleteබොහොම ස්තුතියි ගල්මල් සහෝ....
Deleteමම අතීතයට පුදුම ආසාවක්, ආදරයක් තියෙන්නේ...
ඒ කාලේ මහලොකු සැප සම්පත් නොතිබුනත් කුප්පි ලාම්පු එළිය වටේ අපි ඔක්කොම හිටපු හැටි, හෙවනැලි වලින් එකඑක රූප හදපු හැටි,
කට්ටියත් එක්ක රෑට ගේ ඉස්සරහ පඩියේ වාඩිවෙලා අහසේ තරු දිහා, උල්කාපාත දිහා, දේවතා එළි දිහා බලාගෙන හිටපු හැටි කොහොම අමතක කරන්නද
මටත් තිබුනා ඔහොම බයිසිකලයක්,,,ඒක නම් මම හිතවත් ළමයෙක්ට දුන්නා,පස්සේ කාලෙකදී
ReplyDeleteමගේ බයික් එක එහෙම දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ...
Deleteඒක අන්තිමට ඒ තරම්ම අබලන් වෙලා තිබුනේ
හොද සුන්දර ළමා කාලයක් තිබිලා තියෙනවා අයියට.. ඉල්ලන්නේ නැතුව දෙයක් ලැබෙද්දි තියෙන සතුට වැඩියි.. මටත් ඔය අත්දැකිම තියෙනවා..
ReplyDeleteඔව් දිනේෂ්, ඒ සුන්දර කාලය මතක් වෙනකොට ඇස්දෙකට කඳුළුත් එනවා.
Deleteමම වගේ වැඩිපුර ඉල්ලන්නේ නැති ළමයෙකුට ඒ සතුට දැනෙන අවස්ථා ගාන ගොඩක් වැඩියිනේ එතකොට...
පාන් ගෙඩිය ශත 20ට ගන පුළුවන් අතීතයකට මවත් ඇද ගෙන ගියා ඔබ..කවදාවත් බයිසිකලයක් නොතිබ්බ මට සහ මගේ යාළුවො හැමෝටම වගේ එක එක සයිස් එකේ වාහන වලින් අයින් කරපු ටයර් තිබුනා පදින්න. ඒක තමයි ඒ කාලෙ අපේ වාහනෙ...
ReplyDeleteඒ ගානට බඩු මුට්ටු ගත්තු කතා මමත් අහල තියෙන්නේ අපේ අම්මල තාත්තලාගෙන් තමයි...
Deleteමගේ ගාවත් ඔය කියන ජාතියේ ටයර් දෙකක් තිබුනා
එකක් මෝටර් සයිකල් එකක ටයර් එකක්, අනික මම හිතන්නේ කාර් එකක එකක්ද කොහෙද
තනි කෝටුවකින් වගේම කෝටු කෑලි දෙකකිනුත් ඒවා පදින එක ඒ කාලේ අපෙත් ලොකු විනෝදාංශයක් තමයි...
කෝටුවෙන් ගාණට වංගු අරගෙන යද්දී තියෙන ආතල් එක පොඩි සෙල්ලම් කාර් එකකින් ගන්න බැහැ :)
ඇයි ලොකු පුතා, ඇයි වෙනී රිම්? රිම් එක කෝටුවෙන් පදින එක මාර ආතල් වැඩේ. අනික කෝටුව රිම් එකට මාර විදියව ෆිට් වෙනවනෙ.
Deleteලොකු පුතා මගෙ පළවෙනි බයිසිකලේට වුනෙත් ඔය ඉරණමමයි. දැක්කමත් දුකයි, මේ ළඟක් වෙනකල් මහ ගෙදර බාත් රූම් එකේ කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩ වතුර ටැංකිය යට තියෙන පොඩි හෙවනෙ තෙමි තෙමී තියෙනවා මම දැක්කා. අපේ අතීතය අපේ සිහිවටන වැදගත් අපිට විතරයි ලොකුපුතා.
henryblogwalker the Dude
අතීතේ මතක් උනා....ඉස්සර දවසක් අම්ම සීනි ගෙන්න කියලා මව කඩේ ඇරියා....සතියකට වගේ ගේන්නේ එක පාර..මට මතක සීනි කිලෝ දෙකක් වගේ සිලි සිලි බෑග් දෙකක දාලා බයික් එකේ හැඩල් එකේ තියාගෙන පැදගෙන ආවා..මඟ දිගට කකුලට වැලි වැටෙනවා වගේ තේරුනා...ගෙදර එනකොට සීනි 500යි...ඉතුරුවා මඟ.....
ReplyDeleteඋඹ කලොත් කරන්නේ මේ වගේ වැඩක් තමයි... :)
Deleteකඩේ ගිහින් බඩු ගෙන්න රෙදි බෑග් මහල දෙන්න මේ වගේ දේවලුත් හේතුවක් වෙන්න ඇති මගේ හිතේ
මටත් මතකයි දවසක් මගේ අතින් හාල් ගෙනාපු කවරයක් හිල් උනා.
ඒත් වැඩිපුර අපතේ යවන්නේ නැතුව ජාමේ බේරගෙන ආවා...
හරි සුන්දර මතකයක්නෙ අයියෙ මට නම් කඩේ යන්න කිව්වොත් රටේම තියෙන වැඩ මතක් වෙන්නෙ ඒ වෙලාවට තමයි.
ReplyDeleteහික්...
Deleteඋඹනම් මලේ හරි කීකරු දරුවෙක් වගේ
අපිනම් පොඩි කාලේ කඩේ යන්න හරි කැමතියි, ටොපියක් දෙකක් කන්න අවස්ථාවක් එහෙමත් ලැබෙනවනේ :)
අපේ අත්තම්ම ජීවතුන් අතර ඉන්දැද්දි තමයි අපටත් කුඹුරු තිබ්බෙ... ඒවයෙ වැපිරුවෙත් රතු කැකුළු විතරයි... ඉතින් හැමදාම කන්නෙ රතු බත්.... ඒ නිසා අපි ඒ දවස්වල හරි ආසයි සුදු බත් කන්න... උණු උණු සුදු බතුයි පොල් සම්බෝලෙයි කරවල බැදුමයි තමයි මගේ රාජ භෝජනේ උනේ....
ReplyDeleteමම නම් පොඩි කාලෙම ලොකු බයිසිකලේකටම ප්‍රමෝට් උනා... මං ගොඩක් උස නිසා පොඩි බයිසිකල් පදින්න බැහැ ඒ කාලෙ... දණිස් දෙක වදිනව හැන්ඩ්ල් එකේ.... :D ලොකු පුතාගෙ කතාව කියවලා වෙනදා වගේම හිත ගමට ගියා....
අපිත් එහෙම තමයි අක්කේ ඒ දවස්වල හරිම ආසයි පොල් සම්බල එක්ක සුදු බත් කන්න
Deleteහැබැයි ඉතින් ලේසියෙන් එහෙම චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ...
මටනම් ඉතිං බයිසිකල් ලැබුනේ ගොඩක් ලොකු උනාට පස්සෙනේ, 7 වසරේදී වගේ
මේක කියවපුවාම මටත් ඒ කඩේට යන්ට හිතෙනවා. අර අල, පරිප්පු ලියලා තියනවා දැකාම කන්ටම හිතෙනවා අප්පා. උයලා තියනවාට වඩා රහයි. :D
ReplyDeleteඒ කඩේට යන්න ඕනේ නිකම්ම නෙමෙයි, මම ගියපු විදිහට මඩ වලවල් වල එහෙම බැහැගෙන
Deleteඑතකොට තමයි ඒ ගමනේ ගතියක් තියෙන්නේ :)
ඇයි පොකු, ඔයාලගේ වලව්වේ උයන මනුස්සයා හරියට අල, පරිප්පු උයන්න දන්නේ නැද්ද... ?
දැන් කොච්චර අබලන් උනත් කාලයක් තිස්සේ අපේ හිත් දිනාගත්තු ඒ වගේ දේවල් අපෙන් වෙන් වෙද්දී පුදුම දුකක් හිතෙන්නේ. ඔයාගේ ඒ කතාවනම් ඇත්ත ලොකු. මටත් තිබුනා මම පොඩි කාලේ සෙල්ලම් කරපු බෝනික්කෙක් මේ ලගක් වෙනකම්ම. එත් මේ ලගදි අම්මි එක විසික් කරලා තිබුනා. මම හොයද්දි එක නැහැ, මට පුදුම දුකක් දැනුනේ :(
ReplyDeleteඔයා ඉතින් බෝනික්කව ආපහු ඉල්ලලා ඇඬුවෙ එහෙම නැද්ද... :(
Deleteඇයි නැත්තේ .. ගෙදර එකම කාලගොට්ටියයි. මම වැඩට ගිහින් ඉන්න වෙලාවක යි අම්මි එක විසික් කරලා තිබුනේ කුණු ලොරි කාරයා එක අරන් ගිහින් :(
Deleteමට මැවිලා පේනවා ඔයාලගේ ගෙදර තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්න ඔන්න මෙන්න ගානට තිබුන හැටි.... :)
Deleteදැන් ඉතින් මොනා කරන්නද, හිත හදා ගන්නවා මිසක්....
එකනේ. මම ඉතින් වසයිනේ :D
Deleteලස්සන අතීතයක් ගැන, ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteස්තුතියි හරී.....
Deleteමාත් අතීතෙට ගෙනිච්ච. පාරවල් ටිකට තාර වැටුනත් අපේ ගමත් තාම මෙහෙමයි.
ReplyDeleteඅපේ පාරටනම් තාමත් තාර දාල නැහැ...
Deleteතැනින් තැන කොන්ක්‍රීට් කරලා විතරයි :)
ලොකු පුතාටත් මිහිරි මතකයන් තියෙන ළමා කාලයක් තිබිල තියෙනව. ආස හිතුන කියවන කොට.
ReplyDeleteස්තුතියි ඔබා මාමේ
Deleteගමක උපන්න එකේ වාසනාව තමයි ඔබා මාමේ..... :)
ගම මතක් වෙද්දි දුක හිතෙනව...අපේ වත්තෙ පුවක් ගස් තිබුන ඒවල කොලපට්ට වැටුනාම මාව ඒව උඩ ඉන්දවන් අය්යල ඇදන් යනවා....ඒක නම් හරිම ශෝක් ගමන...මටත් චොපර් එකක් තිබුනා...ඒකෙ ඉස්සරහ කූඩයක් තිබුන...මම ඒකෙ මගෙ බෝනික්කිව තියාගෙන පදින්නෙ...බොනික්කව ඉස්කෝලෙ එක්ක ගියා...හොස්පිටල් එක්ක ගියා....හිනා යනව මතක් වෙද්දි දැන්..........
ReplyDeleteමටත් දුක හිතෙනවා ගම මතක් උනාම, ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ගෙදර යන්න තව ටික දවසක් තියෙන නිසා...
Deleteඅපි පුවක් ගහෙන් වැටෙන කොලේට කියන්නේ කොළපත කියලා
අපිත් එව්වා පැදලා තියෙනවා ඇති වෙන්න
හරි ෂෝක් වැඩක් තමයි :)
ළමා කාලය මතක් උනා බන්... දැන් හැම් දේම වෙනස් වෙලා.. පොඩි කාලේ මගෙත් හීනයක් චොපර් බයික් එකක්... හරි ගියේ නෑ වැඩේ. පස්සෙ මව්න්ටන් එකක් හම්බුනා 6 වසරෙදි...
ReplyDeleteසරල ලියවිල්ලක්... අපූරුයි
ස්තුතියි මචං....
Deleteහැමදේම වෙනස් උනත් මතකයට වෙනස් වෙන්න දෙන්න හොඳ නැහැ බං
මම දැනටත් අම්මට කෝල් කරලා සමහර වෙලාවට ගොඩ වෙලාවක් අපේ අතීතේ ගැන කතා කරනවා
මගේ හිතට ඒක හරි සුවයක්...
උඹට 6 වසරේදී මවුන්ටන් එකක් ලැබුනා කියන්නේ ලොකු දෙයක්නේ, මට චොපර් එක ලැබුනෙත් 7 වසරේදී වගේ.... :)
අපිත් දැනටත් රතු හාල්ම තමා. පුන්චි කාලෙ ගමක ඉන්න වාසනාව තිබුනෙ නෑ අප්පා... දැන්නම් ඉන්නෙ ගමේ.ඒත් ඒකත් ගැමි ගතිය අයින් වීගෙන යන ගමක්. :(
ReplyDeleteඒත් පුන්චි කාලෙ සුන්දර මතකයන් නම් ගොඩයි..:))
මමත් දැන් මෙහෙ ඉඳගෙන කන්නෙම සුදු බත් නිසා රතු බත් ටිකක් කන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ...
Deleteපුංචි කාලේ බැරි උනාට මොකද දැන් හරි ගමක ඉන්න ලැබිච්ච එක ලොකු දෙයක්නේ
ගොඩක් ගමවල් වලට දැන් ඒ දේ සිද්ධ වේගෙන යනවා, මොනවා කරන්නද ඉතින්...
පුංචි කාලේ මතක හිතේ තියන් ඉන්නේ නැතුව ලියලා දාන්න, අමතක වෙලා ගියොත් එහෙම අපරාදේ... :(
"පස්සේ කාලෙක අපිටම කියල කුඹුරක් තිබුනත් කවදාවත් ඒකෙ සුදු හාල් වර්ග වැපිරුවේ නැහැ. ඒ පුරුද්ද සහ නොලියවුණු නීතිය අදටත් එහෙම්මමයි."
ReplyDeleteලොකු පුතා අපිට නං කවදාවත් කුඹුරක් තිබිලා නෑ. ඒක නිසා මම දන්නෙ නෑ ඔය ගැන. නමුත් මම හිතන් හිටියෙ වී කොටන විදියෙනුයි සුදු හෝ රතු හාල් ලැබෙන්නෙ කියලා. වපුරන විදියෙන් නෙවෙයි.
ඒ කියන්නෙ රතු කුරුට්ට ඉතුරුවෙන්න කෙටුවොත් රතු හාල්, ඊටත් වඩා පොලිෂ් කරොත් සුදු කැකුලු හාල්. එහෙම නෙවෙයිද?
මේක ගොං ප්‍රෂ්ණයක් නම් ඩිලීට් කරලා දාපං ලොකු පුතා
නෑ හාල් වර්ග ගොඩක් තියෙනවා.රතු හාල් පොලිෂ් කරලා ගන්න මිනිස්සුත් ඉන්නවා.සුදු කැකුළු ,කැකුළු සුදු කියන්නේ වී වර්ග 3 ක්.ලොකු පුතා මිට වඩා විස්තරයක් කියවී.
Deleteරතු හාල් වල නිවුඩ්ඩ(කුරුට්ට) සම්පුර්ණයෙන්ම අහක් කරන්න බැහැ කියල තමයි මම දන්නේ.
Deleteමොන තරම් කුරුට්ට අහක් කලත් මම දන්නා විදිහර රතු හාල් තනිකරම සුදු කරන්න බැහැ
එහෙම කලත් ලා රෝස පාටක් ඉතුරු වෙනවා
හැබැයි එහෙම කරපු බත් හරි රසයි
මම එහෙම කරලා අම්මගෙන් බැනුම් අහල තියෙනවා ගොඩක් දවස්වලට..... :)))
වී වර්ග වල නම් අනුව කියන්න මට දැන් හරියටම මතක නැහැ
ඒත් අපි ඉස්සර වැව්වා "හේරත් බණ්ඩා" කියල මනුස්සයෙක්ගේ නමකින් තියෙන රතු කැකුළු වී වර්ගයකුත්, ඒ වගේ මිනිස්සුන්ගේ නම් වලින් වී වර්ග තිබුනා ඒ කාලේ
ඒ වගේම අපේ පැත්තේ "මළකඩ" කියන නමින් හඳුන්වන සුදු පාට වී වර්ගයකුත් තිබ්බා, ඒකෙම රතු පාට ප්‍රබේධයකුත් තිබුනා
මේ බිත්තර වී ගොඩක් වෙලාවට අපි ගන්නේ ප්‍රදේශයේ ඉන්න කවුරු හරි ගොවි මහත්තයෙක්ගෙන්
පලවෙනි පාර එහෙම අර ගත්තට පස්සේ ඊලඟ පාර ඉඳලා අපිටම බිත්තර වී හදා ගන්න පුළුවන්
ඊට පස්සේ කාල වල තමයි බිත්තර වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගන්න අපි පුරුදු උනේ
හැබැයි ඒ වී වර්ග වලින් බිත්තර වී හදා ගන්න පුලුවන්ද කියන එක අපි බලල නැහැ
කොහොම උනත් අයියගේ ප්‍රශ්නෙට පැහැදිළි උත්තරේනම් රතු සහ සුදු කියල වෙන වෙනම වී වර්ග වලින් තමයි රතු හාල් සහ සුදු හාල් කියන දෙක ගන්නේ....
ස්තුතියි අසරණයා, ස්තුතියි ලොකු පුතා, බලං ගියාම ඒක ගොංම ප්‍රශ්නෙකුත් නෙවෙයි. අහපු එක හොඳයි කියලා දැන් හිතෙනවා.
Deletehenryblogwalker the Dude
මට නම් චොපර් තිබුනේ නෑ. ටිකක් ලොකු වුනහම රජයෙන් දීපු බයික් එකක් හම්බවුනා. ඒක ගෑනු එකක් කියලා අයියා පැද්දේ නෑ. මම තමයි ඉතිං වැඩ්ඩා. ඉස්සරහ කූඩෙකුත් තිබුනා. ඒකෙ බඩුදාගෙන එනවා. හැබැයි අපේ ගෙදර ඉදන් කඩේට මීටර් 50ක්වත් නෑ. ඒත් ඉතිං යන්නේ බයිසිකල් එකෙන් තමයි.
ReplyDeleteපුංචි කාලේ අපිත් පාර අද්දර ගෙදරට එන්න කලින් විල පාරේ ටිකක් එහාට වෙන්න තමයි හිටියේ. එහේ ඉදල නම් කඩයකට ගොඩ දුර එන්න ඕන. ඒ දවස් වල අක්කා මාව නම් කඩේ යන්න කතා කර ගන්නේ නෑ.පාර පුරාම මඩ වළවල්. මුල ටිකේ මම ජබොග් ගාලා හැම මඩවලකටම පනිනවා. ඊට පස්සේ පාර කිට්ටු වෙද්දී දොල පාරක් තියෙනවා ඒක දිගේ ඇවිත් සුද්දා වගේ කඩේට යනවා.
ආආ... මේ ඉන්නේ අපේ ජාතියේ එකෙක්.
ReplyDeleteඅපිත් එහෙම තමයි, මඩ වලවල් පේන්න බැහැ.
පුදුම ආසාවකින් තමයි ඒවාට පනින්නේ.... :)
මමත් 3වසරේදී ඉදන්ම අපේ තාත්තාගෙන් බයිසිකලයක් අරන් දෙන්න කියලා කරදර කලා. එ වුණාට කවදාවත් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුනේ නැහැ. පහුකාලයක ටිකක් තෙරෙන වයසට එන එකට ඒ අදහස මමම අත ඇරියා. අපි නම් රතුහාලේ බත් කන්න බෑ කිව්වාම අපේ අම්මා අල්ලපු ගෙදර නැන්දලා එක්ක හාල් ජාතිය මාරු කරගන්නවා
ReplyDeleteඒකනම් ටිකක් දුක හිතෙන වැඩක් නේද....
Deleteඒ හින්දමද දන්නේ නැහැ, මම පොඩි කාලේ ලොකු ලොකු දේවල් ඉල්ලලා ගෙදරට කරදර කලේ නැහැ
අපේ අම්මනම් අපිට ලේසියෙන් සුදු බත් කන්න චාන්ස් එකක් දුන්නේ නැහැ
ඒත් දැන්නම් සුදු බත් ඕනෙම නැහැ, ඒ තරමටම කාල එපාවෙලා තියෙන්නේ :(
පොඩි කාලේ දුකක් හිතුනාට, අම්මාටයි තාත්තාටයි තිබුණා නම් අරන් නොදි ඉන්නෙ නැහැ. බයිසිකලයක් නොලැබුනාට අම්මාගෙනු තාත්තාගෙනුයි ලැබුණ දේවල් මිල කරන්න බැහැ
Deleteඒක ඇත්ත සහෝ...
Deleteඅපි වෙනුවන් එයාල කරපු කැප කිරීම කිසිම විදිහකට ලඝු කරන්න බැහැ
පුංචි කාලෙ සංවේදී මතක. අර කුඹුර දැක්කමනම් හිත පුරු පුරු ගානව. කොළ පාට පිරුණ කුඹුරු මගේ මතක ගමට ගෙනියනව. අපිටත් උනේ ලොකු පුතාට වෙච්ච දේම තමා. ගම්වල හිටපු අපි සුදුබත් කන්න හරි ආසයි. මොකද හැමදාම රතු කැකුළු. මගේ හිතේ මැතකදි තමා සුදු සහල් වර්ග ගම්වල වගාකරන්න ගත්තේ.
ReplyDeleteඔව් මචං... ගමේ මතක හරි සුන්දරයි.
Deleteදැන්නම් අපේ කුඹුරේ හදපු රතු බත් ටිකක් කන්න ආසාවෙන් තමයි මම ඉන්නේ.
මට උඹේ බ්ලොග් එකට කමෙන්ට් දාන්න බැහැ.
ඉස්සර වගේ නෙමෙයි වෙනම ලොග් වෙන්න කියල කියනවනේ, ඒකෙන් ලොග් වෙන්න ගියාම Error Msg එකක් එනවා :(