මෙන්න දෙවෙනි කොටස... බැලුවේ නැත්නම් බලලම
එන්ඩලා...
පහුවෙනිදා උදෙන් ඇහැරෙද්දි උදේ 06:00 වෙන්න
ඇති ඕනෙනම්. කට්ටිය ලකලැස්ති වෙලා ඇවිත් පාතරාසයට වග කිව්වේ කැම්පස් එකේ
කැන්ටිමෙන්. කාල ඉවරවෙලා බඩු මුට්ටු ටිකත් පොදි බැඳගෙන බස් එකට දාගෙන පිටත් වෙද්දී
වෙලාව උදේ 08:00 විතර උනා. අපේ සත්කාරකයෙක් වෙච්චි චමිතත් අපි එක්ක වෙහෙරගල යන්න එක්කාසු
උනා.
බුත්තලින් පිටත් වීමට පෙර... |
අපේ කොට්ස් හොඳ ගිටාර් වාදකයා, ඌ එන ගමන්
ගිටාර් කොටේකුත් අරගෙන ඇවිත් තිබ්බා. මුලින්ම අපි එද්දී ඒකෙන් පොඩි වැඩක් අරගත්තට
රහතන්ගල නැගපු දවසේ ඒවයෙන් වැඩක් උනේ නැහැ. ඔන්න දැන් වෙලාව හරි. වෙහෙරගල යන්න
ටිකක් දුර යන්න වෙනවා. ඒ වගේම දැන් අපි ඉන්නෙත් හොඳට කාල බඩකට පුරෝගෙන. ඒ වගේම
හොඳට සිංදු කියන්නත් පුළුවන් වෙලාවක. බුත්තල කැම්පස් එකෙන් එළියට ආපු වෙලාවේ ඉඳලම
සින්දු පටන් ගත්තා. සින්දු කියකිය ගියා කියල නැහැ වටපිට බලන්නත් අමතක කලේ නැහැ.
වෙහෙරගලට යන්න කිලෝමීටර 35 ක් විතර තිබුනා කැම්පස් එකේ ඉඳල.
අපි මෙහෙම යන අතරමගදී කැහැටු අලි හිඟන්නෙකුත් දැක්කා. ඒ කොයි හරියෙදිද කියල ටක්කෙටම මතක නැතත් පාර අයිනේ තිබ්බ විදුලි වැටක් අයිනට වෙලා තමයි ඒකා උන්නේ. ඉටි කොළයක් එලාගෙන, හිස් ටින් එකක් ළඟ තියාගෙන නොහිටියට ඌ හිටියේ හිඟා කන්න. මටනම් එවුන්ව දැක්කම මළ පනිනවා. ඒ ඌත් එක්ක නෙමෙයි, උන්ට කෑම දීල ඒ වැඩේට හුරු කරන මිනිස්සුත් එක්ක. මිනිස්සුන්ගේ තියෙන මෝඩ කමට උන්ට කෑම බීම දෙන නිසා උන් උදේ පාන්දර වෙද්දීම වැට අයිනට එනවා මොනවහරි හිඟා කන්න බලාගෙන. ඒකෙන් වෙන්නේ උන්ගේ සාමාන්‍ය අලි ජිවිතයට ලොකු බලපෑමක් එල්ල වෙන එක. මේ විදිහට වැඩිම හිඟන අලි ඉන්නේ උඩවලවේ. අපි අමතක නොකළයුතු වැදගත්ම කාරණය තමයි ඒ කැලේ ඉන්න වල් අලි බව, අළුත් විදිහ අනුවනම් වන අලි. මටනම් ඒ අළුත් හුච්ච්ක්කුව දිරවන්නේ නැහැ.
අපි මෙහෙම යන අතරමගදී කැහැටු අලි හිඟන්නෙකුත් දැක්කා. ඒ කොයි හරියෙදිද කියල ටක්කෙටම මතක නැතත් පාර අයිනේ තිබ්බ විදුලි වැටක් අයිනට වෙලා තමයි ඒකා උන්නේ. ඉටි කොළයක් එලාගෙන, හිස් ටින් එකක් ළඟ තියාගෙන නොහිටියට ඌ හිටියේ හිඟා කන්න. මටනම් එවුන්ව දැක්කම මළ පනිනවා. ඒ ඌත් එක්ක නෙමෙයි, උන්ට කෑම දීල ඒ වැඩේට හුරු කරන මිනිස්සුත් එක්ක. මිනිස්සුන්ගේ තියෙන මෝඩ කමට උන්ට කෑම බීම දෙන නිසා උන් උදේ පාන්දර වෙද්දීම වැට අයිනට එනවා මොනවහරි හිඟා කන්න බලාගෙන. ඒකෙන් වෙන්නේ උන්ගේ සාමාන්‍ය අලි ජිවිතයට ලොකු බලපෑමක් එල්ල වෙන එක. මේ විදිහට වැඩිම හිඟන අලි ඉන්නේ උඩවලවේ. අපි අමතක නොකළයුතු වැදගත්ම කාරණය තමයි ඒ කැලේ ඉන්න වල් අලි බව, අළුත් විදිහ අනුවනම් වන අලි. මටනම් ඒ අළුත් හුච්ච්ක්කුව දිරවන්නේ නැහැ.
ඉඳිකොළ වැව... |
මේ වැවේ නම ඉඳිකොළ වැව. ඒ වැවේ නම පළවෙනි වතාවට මම ඇහුවේ එදා. ඒ කියන්නේ 2006-04-30 වෙනිදා. අදටත් මට ඒ නම හොඳට මතකයේ රැඳිලා තියෙන්නේ ඒ අවට තිබ්බ සුන්දරත්වය නිසා වෙන්න ඇති. එතැනදී අපි සමනල්ලු කීප දෙනෙක්, කුරුළු වර්ග කිහිපයක් සහ ඇදගෙන වැටිලා තිබ්බ ගහක හැදිලා තියෙන ලස්සන කැලෑ ඕකිඩ් මල් පොකුරකුත් දැක ගත්තා. එතැන ටික වෙලාවක් ගත කරපු අපි බස් එකේ නැගල වෙහෙරගල දිහට යන්න පිටත් උනා. මේ වෙහෙරගල ප්‍රොජෙක්ට් එක බලන්න යන ගමන සෙට් උනේ මෙන්න මේ විදිහට. අපේ පහල බැච් එකේ උන්නු කුරූ ට්‍රේනින් උන්නේ ඒ ප්‍රොජෙක්ට් එකේ. උගේ අනුග්‍රහයෙන් තමයි අපි ඒ ගමන ගියේ. ඌ ට්‍රේනින් යන්න කලියෙන් මස් මාළු කිසි දෙයක් කාපු එකෙක් එහෙම නෙමේ. ඒත් ප්‍රොජෙක්ට් වල ජිවිතේ අනුව එහෙම ජීවත් වෙන්න බැරි නිසා අපි එහෙ යන කාලේ වෙද්දී ගේ නිර්මාංශ ජීවිතේට සමු දීලා හිටියේ.
අපි ප්‍රොජෙක්ට් එක කෙරෙන තැනට යද්දී එතන එක
විකාරයයි. කැලේ මැද්දේ මහ විශාල ප්‍රදේශයක් එළිපෙහෙළි කරලා ගස් කපල දාල, පත ගැඹුරු
කාණුවක් වගේ එකක් කපල, සමහර තැන්වල කොන්ක්‍රීට් දාල. හෝ ගාල වැඩ. පොඩ්ඩක් ඒ දිහා බැලුවට පස්සේ මටනම් ඒ බැලිල්ල ඇති උනා.
වෙහෙරගල ප්‍රොජෙක්ට් එක හදන්නේ ලුණුගම්වෙහෙර ජලාශයේ ජල හිඟයට විසඳුමක් විදිහට කියන එකත් අපිට දැනගන්න ලැබුනා. මෙතැනදී ඇත්තටම අපිට පරිසරය සම්බන්ධ දේවල් වලට වඩා වැඩිපුර බලාගන්න ඕනෙකම තිබ්බේ ඒ මහා ව්‍යාපෘතියේ වැඩ කෙරෙන විදිහ. සයිට් එකේ වැඩිපුර වැඩ කරපු ගස් කොළන් කපපු තැන් වල තිබ්බේ පුදුම අව් රස්නයක්. සයිට් එකේ අයිනකට වෙන්න තිබ්බ මැණික් ගඟ අවට පරිසරය හරි සුන්දරයි. ගඟ ගාව නතර කරලා තිබ්බ බැරල් වලින් හදල තිබ්බ පොඩි පාරුව වගේ එකේ නැගල එහා මෙහාටත් ගියා. එතන තිබ්බ සිසිලත් එක්ක අපේ උන් එතනට වෙලා පොඩි විවේකයක් ගන්න අමතක කලෙත් නැහැ.
වෙහෙරගල ප්‍රොජෙක්ට් එක හදන්නේ ලුණුගම්වෙහෙර ජලාශයේ ජල හිඟයට විසඳුමක් විදිහට කියන එකත් අපිට දැනගන්න ලැබුනා. මෙතැනදී ඇත්තටම අපිට පරිසරය සම්බන්ධ දේවල් වලට වඩා වැඩිපුර බලාගන්න ඕනෙකම තිබ්බේ ඒ මහා ව්‍යාපෘතියේ වැඩ කෙරෙන විදිහ. සයිට් එකේ වැඩිපුර වැඩ කරපු ගස් කොළන් කපපු තැන් වල තිබ්බේ පුදුම අව් රස්නයක්. සයිට් එකේ අයිනකට වෙන්න තිබ්බ මැණික් ගඟ අවට පරිසරය හරි සුන්දරයි. ගඟ ගාව නතර කරලා තිබ්බ බැරල් වලින් හදල තිබ්බ පොඩි පාරුව වගේ එකේ නැගල එහා මෙහාටත් ගියා. එතන තිබ්බ සිසිලත් එක්ක අපේ උන් එතනට වෙලා පොඩි විවේකයක් ගන්න අමතක කලෙත් නැහැ.
මැණික් ගං දෑල... |
බැරල් පහුර... |
විවේකයෙන්... |
කුරූ ලාගේ ඔෆිසියක්... අපි බත් කෑවේ මෙතනදීය |
මේ ගමනින් පටන් ගත්තු කුරුල්ලෝ පස්සේ
එළවිල්ල උණක් මට්ටමට වැඩි දියුණු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒක හොඳටම උග්‍ර උනේ
අපේ කැම්පස් එකේ WUS එකෙන් හැම අවුරුද්දෙම
සංවිධානය කරන “සිංහරාජ වැඩමුළුවට” සහභාගී උනාට පස්සේ. දවස් හයක් සිංහරාජේ ඉඳලා කරපු එක එක අධ්‍යයන
කටයුතු, නිරීක්ෂණ සෑහෙන වැදගත් උනා. රාජකාරි කටයුතු වලදී පවා පරිසරය වෙනුවෙන් හැකි
අයුරින් පෙනී ඉන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවේ එතනින් පස්සේ. ඒ වැඩමුළුවේ හොඳම
රිපෝට් එක උනේ මම ලියපු රිපෝට් එක.
ඊට පස්සේ වතාවේ අපි ගියේ බුන්දල. ඒ ගමන ගියේ
දහ දෙනයි. ඒ කතාව වෙනම කියන්නම්කෝ. බුන්දල යද්දිනම් මම අපේ ලොකු මස්සිනාගේ කැඩිච්ච
කැමරා එකක් ආපහු හදාගෙන අරගෙන ගියා. ඒත් ගමනේ බාගයක් යද්දී ඒ කැමරාව ආපහු කැඩුනා.
කුරුල්ලෝ ලක්ෂ ගාණක් හිටපු බුන්දල කලපුවේ ෆොටෝ ගහගන්න බැරි වෙච්ච එක ගැන මට අදටත්
දුකයි. ඊට පස්සේ කවදාවත් බුන්දල කලපුවේ ඒ තරම් කුරුල්ලෝ හිටියේ නැහැ.
අර කැමරාව ආපහු හදා ගත්තට ආයෙත් වතාවක්
කැඩුනා. ඊටත් පස්සේ තමයි Digital SLR කැමරා එකක්
ගන්න ඕනේ කියන අදහස ඔළුවට ඇවිත් හැකි ඉක්මණින් ඒක ක්‍රියාත්මක කලේ.
කුරූ ට්‍රේනින් ඉවරවෙලා රස්සාව කලෙත් එතන.වෙහෙරගල
වැව හදල ඉවර උනාට පස්සෙ කීප වතාවක්ම මම එහේ ගියා. දවස් ගණන් වාරිමාර්ග එකේ කුරූ ල වැඩ
කරපු තැන (නිදා ගන්නේ උයාගෙන කන්නේ බොන්නෙත් එතනම තමයි) නතරවෙලා ඒ අවට තිබ්බ
සුන්දරත්වය හැකි උපරිමයෙන් කැමරා එකේ සටහන් කර ගත්තා. වෙහෙරගල වැව යාල බ්ලොක් 5 සහ
ලුණුගම්වෙහෙර කියන වනෝද්‍යාන දෙකටම අයත්. කළින් ප්‍රොජෙක්ට් එක කරද්දී තිබ්බ
ආලපාළු ගතිය වගේ නෙමෙයි, දැන් එතන හරි සුන්දරයි. මිනිස්සුන්ට සල්ලි ගෙවල නතරවෙන්න
පුළුවන් බංගලාවකුත් වැව් ඉස්මත්තේ හදල තියෙනවා වනජීවී එකෙන්.
මෙන්න මේ කොල පාට ගොඩනැගිල්ල තමයි කුරූ ගේ පසු කාලින ඔෆිසිය, කුස්සිය සහ නවාතැන උනේ... මම ගිහින් ලගා ගහන්නේ ඔකේ උඩ තට්ටුවේ... එහා පැත්තේ කන්ද උඩින් පේන්නේ වනජීවී එකේ බංගලාව |
ඔවුන් එසේ මුදල් ඉතිරි කරගෙන තිබුනේ හරි සරළ
ක්‍රමේකට. පස් කපන යන්ත්‍ර සහ පස් අදින ටිපර් වලින් සිදුකරන ප්‍රකට වංචාවක්
සිදුකිරීමේ මග ඔවුන් විසින් අහුරලා දමල තිබුනා. මේ ප්‍රොජෙක්ට් එක තිබුනේ කැලේ
මැද්දේ නිසා සේවක මහත්වරුන් වටපිටාවේ මිනිස්සු එක්ක එක්කාසු වෙලා කරන හොරකං ටිකත්
ඉබේම නතර වෙනවා. වාහන එළියට ගෙනියන්න අපහසු නිසා ඩීසල් හොරකමත් සිද්ධ වෙන්නේ
අඩුවෙන්. ඒ සියල්ල ඔවුන්ට වාසියක් උනා.
පස්සේ තීරණය උනේ ඒ ඉතුරු මුදල් වලින් වෙහෙරගල
අවට කැලේ තියෙන ගරා වැටුණු එහෙමත් නැත්නම් නිධන් හොරුන් විසින් විනාශ කරපු පැරණි
චෛත්‍යය අළුත්වැඩියා කරන්න යොදවන්න කියලා. මම පස්සේ කාලෙක ගියාම එහෙම තැනකටත් යන්න හැකියාව
ලැබුනා.
මේ තියෙන්නේ අළුත්වැඩියා කරමින් පැවතුනු චෛත්‍යයක්... |
මේ තියෙන්නේ වෙහෙරගල දැන් පෙනුම. මම ගියපු දවසේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල ගියපු නිසා වාන් දොරටු විවෘත කිරීම අරඹමින්... ඒකෙ පුදුම වෙන්න දේකුත් නැහැ, මම සෞදියට ගොඩ බැහැපු දවසෙත් වැස්ස එකේ. |
ජලාශය... |
පළමු වතාවට වාන් දොරටු හයෙන් පහක්ම විවෘත කල වෙහෙරගල... |
මේ එදා අපේ උන් මැණික් ගඟේ තිබ්බ බැරල් පහුරේ නැගලා එහා මෙහා ගියපු තැනට ආසන්න තැනක්... |
මෙතනින් පහළ තියෙන්නේ වෙහෙරගල ආසන්නයේ සහ ලුණුගම්වෙහෙර දී මම ගත්තු ජායාරුප...
රහතන්ගල හරහා වෙහෙරගල ආපු ගමන එතනින්
අවසන්... එදා පටන් ගත්තු ගමන ඉදිරියට ගලාගෙන ගිය හැටි සැරින් සැරේ ලියන්නම්.
මේ වතාවේ ෆොටෝ වැඩියි කියල බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ... හෙහ්
මේ වතාවේ ෆොටෝ වැඩියි කියල බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ... හෙහ්
ලොක්කෙත් හොද පොටො කාරයෙක් වගෙයි හිහි
ReplyDeleteවැඩියක් නෑ බං මරු පොටෝ ටික....
ආයෙත් සංචාර සටහනක් කියවන්ට බලං ඉන්නව....
ලොක්කෙ බුකි ඉන්නව නං මට මැසෙජ් එකක් දාන්ටකො... පොඩි දෙයක් අහන්ට තියේ
ජයවේවා
එහෙම කාලයක් තිබ්බා මචං... දැන් ඒවා සියල්ල නතරවෙලා...
Deleteසංචාරක සටහනක් ලියන එක ලේසි නෑ මචං... ඔක්කොම ආපහු මතක් කරගන්න එපැයි
හිතල ලියන දෙයක් උනාම හිතට එන අදාළ අදහස් ටික ලියන්න ඇහැකි
ඒ මට හිතෙන විදිහ, සමහර විට වැරදිද දන්නෙත් නැහැ. මොකද මම වෙන ජාති ලියල නැහැනේ වැඩිය
ඔන්න දැන් මැසේජ් එකක් දානවා...
මරු පින්තූර ටික ලොකූ. ඉඳිකොළ වැවේ පින්තූරෙයි, මැණික් ගං දෑල කියන එකයි තමයි පට්ටම.
ReplyDeleteඑළ... ඒ කියපු ෆොටෝ දෙකම මගේ නෙමේ මචං...
Deleteමම ගත්තු ෆොටෝ ටිකක් කියල අන්තිමට තියෙන්නේ මම පස්සේ කාලෙක ගත්තු ෆොටෝ... හෙහ් හෙහ්...
නියම ෆොටෝ ටික. Dslr එකෙන් අරන් තියන ෆොටෝ ටික මරු . ලොක්ක නියම පරිසර චායාරූප ශිල්පියෙක්නෙ
ReplyDeleteතැන්කු මචං කමෙන්ට් එකටයි දීපු කෙඩිට් එකටයි දෙකටම...
Delete/// ලොක්ක නියම පරිසර චායාරූප ශිල්පියෙක්නෙ ///
ඒ ඉස්සර බං. දැන් කරන්නේ ඒ කාලේ ගත්තු ෆොටෝ බලන එක.
හොඳයි කියල හිතිලා ඉක්මණට බලපු ෆොටෝ අතරේ තාමත් නොබලපු සමහර ෆොටෝ තියෙනවා මගේ ගාව.
ඒකත් හරියට Book Fair ගිහින් ගන්න පොත් බලන්න වෙන්නේ නැහැ වගේ කේස් එකක් තමා
ෂාහ් උඹත් හොඳ කලා ඇහැක් තියෙන පොටෝග්‍රැපර් කෙනෙක් නොවැ.කවුරු ගත්තත් ගඟේ පිංතූර ටික නං ඇහැට සනීපයි.
ReplyDeleteමමත් පොඩි කාලෙ නිර්මාංශිකයෙක් වෙලා හිටියලු.ඔන්න අපේ පොලිසියෙ මාමගෙ ගෙදර ගිය දවසක(අපි පොලිසියෙ මාමට හරි බයයි ඒ කාලෙ.)බයටම මම නිර්මාංශ කම අත් ඇරල දැම්මලු.යකෝ මට මේකෙන් පෝස්ට් එකක් ලියන්න පුලුවන්නෙ.
ඔහේගෙ බ්ලොගේ අපි ලියන්නැයි අයියෙ. ඔන්නොහෙ ලියල දාන එකයි ඇත්තෙ. :D
Deleteස්තුතියි හැලපේ...
Deleteඅන්න ඒ නිර්මාංශ වීමේ කතාව කියමු බලන්න. මම මේ කල්පනා කලේ එදා හැලප අයියගේ පෝස්ට් එකක තනිකර එළුවෙක් රෝස්ට් කරගන කාපු සීන් එකක් බලාගෙන ඉඳල විස්තර කරලා තිබ්බ එක ගැන...
කාලයක් හරි නිර්මාංශ වෙලා හිටපු බවක් පෙනුණේ නැහැ එව්වයෙන්නම්... joke හොඳේ...
ලියමු ලියමු ඒ කතාව ලියල දාමු එහෙනං
නියම ෆොටෝ ටිකක් වගෙම ලස්සන විස්තරයක්.
ReplyDelete//රාජකාරි කටයුතු වලදී පවා පරිසරය වෙනුවෙන් හැකි අයුරින් පෙනී ඉන්න ඕනේ කියන අදහස// ඔය අදහස හැම කෙනාගෙන ඔලුවෙ තියෙනවනං ලංකවෙ පරිසරය සහ සත්තු මෙච්චර විනාශ වෙන්නෙ නැතුව බේරගන්න තිබ්බ.
ගොඩක් ස්තුතියි මචං...
Deleteඒක ඇත්ත, ඒ අරමුණින් තමයි ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නෙත්... ඒවා ඉස්කෝල මට්ටමෙනුත් කරන්න පුළුවන්නම් වඩා හොඳයි...
කොහොම උනත් පරිසර හානියක් නොවෙන පරිදි සංවර්ධන කටයුතු කරන්න හැකියාවක් නැහැ, අවම කර ගැනීම පමණයි කළ හැක්කේ...
ට්‍රිප් එක මරු... :) කුරුල්ලා වගේ එකෙක්ව දැනන් ඉන්න එකේ වාසිය ඕක තමයි...
ReplyDeleteමං කුරුල්ලගේ බැච් එකේ... මට මතකයි එක පාරක් ඌ අඬ අඬ හිටියා උන්ගේ අම්ම ඇවිත් බෝඩිම අස් කරල දීල ගිහින්, නාන කාමරේ හිටපු මල් ගොළුබෙල්ලෙක් මැරිලා කියලා...
අනිවා...
Deleteඌව දැනන් හිටපු එකේ වාසිය ඌ දැන් අපිට නැති කරලා දාල තියෙනවා. වාරිමාර්ගේ රස්සාවෙන් අස් උනානේ මේකා...
මු හිටිය බෝඩිම හරි පිළිවෙලට තියෙන්න ඇති. ඔය කොයි කාලේද මු බෝඩිමක හිටියේ... ට්‍රේනින් වලින් විතර පස්සේ මු දිගටම අපේ බැච් එකේ උන් එක්ක හවුලේ හිටියේ පටුවත හොස්ටල් එකේ...
උඹව අඳුන ගන්න ලැබීම ගැන සතුටුයි... කුරූ ගේ බැච් එකේ කියන්නේ මාව නොදන්න කෙනෙක් වෙන්න බැහැ...
දිගටම වරෙන් ලියන ඒවා කියවන්න
මටනම් වැදුනෙම සත්තුන්ගෙ පින්තූර ටික. කොහෙම ගත්තද කියල හිතෙනවා. අගෙයි... හරිම අගෙයි.
ReplyDeleteස්තුතියි මදාවියෝ...
Deleteමම වඩා කැමති කුරුල්ලෝ, සත්තු සමනල්ලු වගේ උන් ෆොටෝ ගහන්න...
පොඩි ගේමක් දෙන්න ඕනේ එක ඇත්ත, නමුත් ෆොටෝ කොලිටි එකෙන් සෑහෙන ප්‍රමාණයක් කැමරා එක, ලෙන්ස් එකේ කොලිටි එක මතත් රඳා පවතිනවා...
ඉතුරු ටික තියෙන්නේ අපේ අතේ, කට්ට කාගෙන කැලෑ වල කාල් ගාන එක, සල්ලි වියදන් කරගෙන වාහන හොයාගෙන තෙල් ගහගෙන යන එක, කෑම බීම උයාගෙන කන එක... ආදී නොයෙකුත් දේවල් මහ ගොඩාරියක් තියෙනවා...
මොනවා උනත් මේක ඇබ්බැහි උනොත් ඇබ්බැහි උනා වර්ගයේ රෝගයක්...
අම්මෝ...පින්තුර ටිකේ ලස්සන.
ReplyDeleteමේ ලඟදි මම වීඩියෝ එකක් දැක්කා උඩ වලවේදී අලියෙක් බීපු මනුස්සයෙකුට ගහන එකක්...අලියා හොඳ නිසා නොමැරී බේරුනා කියලා තමයි මට හිතුනේ. නැත්නම් අර මනුස්සයා කරපු විකාර බලාගෙන ඉන්න බෑ අලියට තියා අපිටවත්
ස්තුතියි සයුරි...
Deleteමමත් ඒ වීඩියෝ එක බැලුවා තුන් වතාවක්ද කොහෙද. මම බැලුවේ අලියට ඒ බුරුවව මිස් උනේ කොහොමද කියල...
ඒ මෝඩ මිනිහට මතක හිටින්න අතක් පයක් කඩුවනම් තමා වඩා හොඳ. ඒ මිනිහව මැරුවත් මමනම් අලියට වරදක් කියන්නේ නැහැ. උන්ව විදුලි වැටවල් ගහල කොටු කරලා හිර කරලා තියෙනව මදිවට උන්ව බයිට් එකටත් ගන්න යනවා...
ගියපාර දාපු කොමෙන්ටුව ඩබල් රිපීට් කරමි. //ෆොටෝ ටික දැක්කම ඉරිසියයි.// x 2. ඔය වෙහෙරගල හා ලුණුගම්වෙහෙර ජලාශය එකම ව්‍යාපරයක්ද? අම්මප ගම වෙලත් මට ඔය පැත්ත ගැන තියෙන්නේ බොහොම අඩු දැනීමක්.. අපි ගියොත් යන්නෙ හැමදාම කතරගම දෙයියව නෙවෙයි උගෙ හොර කපුවො ටික බලන්නනේ. උඹේ මේ සටහන් කියවලම මට දැන් ඒ සාම්ප්‍රදායික ගමන් තිත්ත වෙලා තියෙන්නේ. ඒත් මොනා කරන්නද මේ පොඩි එවුන් තනියෙන් දාල යන්න පුළුවන් වෙන දවසක් -දැනටත් යන්නනම් පුළුවන් ඒත් මුං බෑඟිරි දෙනවනේ තනියෙන් ගියොත්- වෙනකම් ඉන්න වෙනව. එතකොට හතර හන්දි පන තියෙද දන්නෙ නෑ..
ReplyDeleteඅඩේ මේ කමෙන්ට් එක මිස් වෙලානේ බොල...
Deleteෆොටෝ වලට ඉරිසියා කොරල බැහැ, සාම්ප්‍රදායික ගමන් බිමන් වලින් මිදිලා ගමනක් දෙකක් ගිහින් බලන්න ඕනේ
පොඩි එවුන් දාල ගිහින් හරියන්නේ නැහැ, අරගෙන යන්න ඕනේ
මම කලින් ලියල තියෙන හුළං ඇල්ල පෝස්ට් එක බලපන්
අපිත් එක්ක ආකි කෙල්ලෙක් ගියා, ලොකු බබාට වයස අවුරුදු දෙකහමාරක් තුනක් වගේ ඇති, අනික බඩේ...
ඌටත් බඩ ඇතුලේ මාස පහක් හයක් වගේ වයස ඇති... අන්න ගෑණු, හෙහ් හෙහ්...
පින්තූර ටිකට නම් ආසාවේ බෑ..
ReplyDeleteවෙහෙරගල ගමන ඉවර වුනාට ඉතුරු ඒවා තියෙනවානේ ඒවත් ඉක්මනින් ලියන්න.
ආ... තුශානි ළමයත් ඇවිත් ඉන්නේ...
Deleteපින්තූර ගැන පැසසුමට තුති වේවා...
තව ගියපු ගමන් බිමන් බර තොගයක් තියෙනවා, නිකං ඔළුවට එන දෙයක් ලියනවා වගේ නෙමෙයි
මතක් කරකර මෙව්වා ලියන්න ගියාම පික්ෂු වගේ... ඒකයි පෝස්ට් දාන්න ප්‍රමාද... හෙහ්