Monday, 6 April 2015

බුන්දල අසිරිය - Bundala National Park & Saltern 2007

කළින් ගිය බුත්තල රහතන්ගල වෙහෙරගල ගමනින් පස්සේ ටික කාලයක් යනකල් ආපහු ගමනක් යන්න ලැබුනේ නැහැ. සමහර විට ඒ කාලේ කැම්පස් එකේ වෙන මොනවහරි වැඩක් තියෙන්න ඇති. වැඩක් නැති වෙලාවට මමත් ඉඳල හිටලා ලෙක්චර් වලට ගිහින් බලල එනවා ලේචාල අපේ කොල්ලන්ට හොඳට උගන්නනවද කියල. ඔය අස්සේ යුනියන් එකේ වැඩයි නොයෙකුත් වැඩයි කරගෙන මේ විදිහට කාලයක් ගතවුනා.
මෙහෙම ඉඳලා හරියටම 2007 පෙබරවාරි මාසේ පළවෙනිදා ඉඳල තුන්වෙනිදා වෙනකල් දවස් තුනක ට්‍රිප් එකක් ලෑස්ති වුනා බුන්දල දිහාවේ යන්න.

ඉස්සර අපේ ගෙදර හැමෝමයි, වැඩපොළේ වැඩ කරන කෙල්ලෝ කීප දෙනෙකුයි එක්කාසුවෙලා හැම අවුරුද්දෙම කොහේ හරි ට්‍රිප් එකක් යන පුරුද්දක් තිබුනා. අපේ ගෙදර තිබ්බ කැරවෑන් වර්ගයේ වෑන් එකේ කිටි කිටියේ හිරවෙලා විස්සකට විතර කිට්ටු පිරිසක් මේ ගමන් වලට සහභාගී වුනා.
මේ ගමන් බොහොමයක් ගියේ ඉස්කෝල නිවාඩු කාලේ අල්ලලා. හැම අවුරුද්දෙම වගේ අපි අනිවාර්යයෙන්ම යන තැනක් තමයි කතරගම. ඒ අපේ තාත්ත බිස්නස් කරපු නිසා තිබ්බ විශ්වාසයක් අනුව කොරාපු දෙයක්. සෝම හාන්දුරුවෝ කියපු බණ නිසා ඒ ගමනත් එහෙම්මම නතර වුනා. එහෙම ගියාම ඒ අවට බලන්න තියෙන තවත් තැන් බලන්න යනවා. කීප වතාවක්ම යාල ගිහින් එපාවෙලා උන්නු අපි වතාවක තීරණය කලා බුන්දල යන්න. අපි ඒ වගේ දෙපාරක් බුන්දල ගිහින් තිබ්බට “බුන්දල පාක් එක මෙලෝ රහක් නැහැ” කියන අදහසක් තමයි අපිට ඇති වුනේ. කොටින්ම කියනවනම් සත්තු නැහැ. කුරුල්ලෝ දෙතුන් දෙනෙක් විතරයි අපි දැක්කේ. මේ කියන කාලේදී අපි පාක් එකකට යන්නේ අලියල, මුවාල, ගෝනලා, ඌරලා, මොණරලා වගේ ලොකු සත්තු බලන්න මිසක් පොඩි පොඩි සත්තු බලන්න නෙමෙයි.

මේ “අලියල, මුවාල, ගෝනලා....” කියන කතාවත් මම කැලේ කොලේ කරක් ගහන්න ගත්තට පස්සෙන් පහු කාලෙක දැන අඳුන ගත්තු අපේ පරණ පොරක් කියාපු කතාවක්. දවසක් වනජීවී දෙපාර්තමේන්තුවේ තිබ්බ මොකක්දෝ මන්ද උත්සවේකට ඇවිත් කතා කරන්න ගත්තලු ඒකෙ ඒ දවස්වල හිටපු නෝනා මහත්තැන් කෙනෙක්. එයැයි සත්තුන්ව අමතන්නේ මෙන්න මේ මම කියපු විදිහට බොහොම ආදරයෙන් කරුණාවෙන් ලෙන්ගතු කමෙන්ලු...

වතාවක හම්බන්තොට පැත්තේ පොල්ගස් මැරිලා වතුර පොදක් නැති වෙච්ච කාලයක් තිබුනා මතකද. ඒ අර එල්නිනෝ කියන අහවල් එක ආපු වතාවේද කොහෙද. අන්න ඒ වතාවෙත් අපි කතරගම දිහාවේ කරක් ගැහැව්වා. එහෙම ගිහින් බුන්දල ගියපු වෙලාවක අපි දැක්කා පාක් එක ඇතුලේ තිබ්බ අවුරුදු සිය ගණන් වයස පළු ගස් ඔක්කොම වගේ මැරිලා ගිහිල්ලා කියලා. අපිත් එක්ක ගියපු ගයිඩ් අයියා කිව්වේ මොකක්දෝ මන්දා දිලීර රෝගයක් නිසා එහෙම වෙච්චි කතාවක් වගේ තමයි මට මතක.
දැන් ඔන්න කැම්පස් එකේ අපේ සෙට් එක බුන්දල යනවා කිව්වම මමත් උන් එක්ක යන්න සෙට් වුනේ අර කළින් බුන්දල ගැන තිබ්බ හිතේ කහට ඔක්කොම ප්ලේන්ටි එක්ක කළවම් කරගෙන බීල ඉවරයක් කරලා දාල. ඉස්සර වගේ වගේ නෙමෙයි, මේ වෙද්දී සමනළයෙක්, බත් කුරෙක්, කුරුල්ලෙක් දැක්කත් ඇති කියන මානසිකත්වය මටත් ඇතිවෙලා අහවරයි.
අපි දැන් ගමන පිටත් වෙන්නේ පෙබරවාරි පළවෙනිදා උදේ. බුන්දල ගිහින් අපි නතරවෙන්න ලෑස්ති කරගෙන තිබුනේ ලුණු ලේවායේ සංචාරක බංගලාවේ. මාසෙකට හමාරෙකට කළින් තමයි නියමිත ලියුම් කරදහි එහෙම යවලා නිසි අවසරය අරගෙන මේ බංගලාව වෙන් කරගෙන තිබුනේ.

මෙන්න බොලේ 30 හරි 31 වෙනිදා හරි දවාලේ බංගලාව වෙන් කොරන්න කපුකම කරාපු අපේ එකාට කෝල් එකක් ආවලු “ලුණු ලේවායේ වැඩ කරන මහත්තැන් කෙනෙක්ගේ කට්ටියක්” එන නිසා පළවෙනිදා රෑ අපි යොදාගෙන තිබ්බ බුකින් එක කැන්සල්ය කියල. දෙවෙනිදා නම් අවුලක් නැතිලු.
ඔන්න දැන් තමයි කෙළිය. අපි කැම්පස් එකේ වාහනේ, බඩු මුට්ටු සියල්ල ලෑස්ති කරගෙන අහවරයි දැන් මේ ගමන යන්න. මට මතක විදිහට කුරූ හරි කවුරුහරි මැදිහත්වෙලා කාගේදෝ කන්ටැක් එකක් හරහා නතරවෙන්න ඇහැකි තැනක් මාට්ටු කොරගත්තා. ඒ අළුත් තැනේ නම “බුන්දල හෙරිටේජ්” කියලයි කියැව්වේ.

ඔන්න අපි දැන් ජනේරුවේ 31 වැනිදා මහ රාත්තිරියේ කවුරුහරි එකෙක් අතපය කහනවට අධාරයක් විදිහට Earth Resource Department එකට දීපු බස් එකේ නැගල අපේ ගමන යන්න කියල පිටත් වුනා. මේ බස් එක දොර දෙකේ දිග බස් එකක්, අර සීට් පණස් ගාණක් තියෙන්නේ. ආන් එයින් එකක්.
ඒත් මේ ගමනේ පොඩි ගැටළුවක් තිබ්බා, නිසා අපි නතරවෙන්න තීරණය කරාපු ලුණු ලේවායේ සර්කිට් බංගලාවේ නතරවෙන්න දෙන්නේ දහ දෙනාටයි. ඉතින් ඒ බස් එක පුරා හිතේ හැටියට එක එක විදිහට හිටගෙන නිදාගෙන අපි අපේ ගමන පිටත් වුනා. කැම්පස් එකෙන් අපිට දෙන්න වෙන වාහනයක් නැති නිසා තමයි මේ ලොකු බස් එක දීල තිබ්බේ. කරන්න දෙයක් නැහැ, දීපු වාහනේ අරගෙන අපි අපේ ගමන යන්න එපායැ.

බඩ පැලෙන්න කාපු කෑමකින් පස්සෙන් පහු උනත් කෙසෙල් ගෙඩියක්, අයිස් ක්‍රීම් ටිකක්, මී කිරි ටිකක් කන්න ඇහැකි බව කොයි කවුරුත් දන්නවනේ. ආන් ඒ වගේ මේ ගමනට ඒ දවස්වල අට නමයේ වගේ පන්තියක ඉගෙන ගත්තු ගලාගේ පොඩි මලයවත් හවුල් කොර ගන්න තීරණය වෙලයි තිබුනේ. රත්නපුරෙන් ඌවත් කුදලගෙන කොහොමින් කොහොමහරි පාරවල් හොයාගෙන කාරිය අපි මේ කියන තැනට උදේ 08:00 වගේ වෙද්දී සේන්දු වුනා. ලස්සන පරිසරයක්. තෙත් කලාපේ ජීවත් උනාට මමත් ගොඩක් මනාප වියළි කලාපෙට...



අපිට නවාතැන විදිහට ලැබුණු තැන මැටියෙන් හදාපු විවෘත මඩුවක් වගේ තැනක්. හොඳ සියඹලා ගස් හෙවනක තමයි ඒක හදල තිබ්බේ. නාන්න කරන්න හොඳින් වට කරලා කවර් කරපු තැන් කීපයක් වගේම හොඳ මට්ටමේ වැසිකිළි පහසුකම් එහෙමත් තිබුනා. බස් එකේ තිබ්බ කෑම බීම හදන්න අවශ්‍ය කරන බඩු මුට්ටු ටික එතනින් බා ගත්තු අපි මුලින්ම කලේ කෑම හදන්න ඕනේ කරන බඩු ටික එතන හිටපු කෝකි අයිය කෙනෙකුට බාර දීපු එක. බස් එකේ ඩබලත් බස් එක අයිනක නතර කරලා අපිත් එක්කම නවාතැන් ගන්න කටයුතු කලා.



උදේ කෑම ලෑස්ති වෙනකල් ඒ අවට පොඩ්ඩක් කරකෙන්නත් අමතක කලේ නැහැ. තණකොළ ගොන්නේ ඇවිදපු පොඩි තාරකා ඉබි පැටියෙකුයි, බිත්තර රොත්තක් බඩ බැඳ ගත්තු බත් කූරෙකුයි බලා කියාගෙන ෆොටෝ ගහන්නත් ලැබුනා. වියළි කලාපයේ නිතර දකින්න පුළුවන් කුරුළු වර්ග අඩුවක් නැතිව මේ හරියෙදිත් හිටියා.
කෑම ලෑස්තියි කියන පණිවිඩය ලැබුනට පස්සේ ඒ වැඩෙත් අහවර කරලා දැම්මා. ඊට පස්සේ තවත් පරක්කු නොවී අපි බුන්දල කළපුව දිහාට ඇවිදින්න පටන් ගත්තා. අපි පාර දිහාට එද්දී ඕනෙනම් වෙලාව උදේ දහය හමාර කිට්ටුව වෙන්න ඇති. පුදුම අව් කාෂ්ටකයක් තිබ්බේ. නිකන්යෑ අර්ධ ශුෂ්ක කියල කියන්නේ. එක එක ගස් ගෝන්නු වතුර පාරවල් ඒ දිහාට හරවලා දැන් ඒ පරිසරයේ තිබ්බ නියම අර්ධ ශුෂ්ක ගතිය සෑහෙන දුරට නැතිවෙලා ගොහින්. පායන කාලෙකට වුනත් බව බෝගයක් හදා ගන්න පුළුවන් තරමට දැන් ඒ පරිසරය පත්වෙලා. එහෙම උනත් අව් කුටකේ නම් කිසිම වෙනසක් නැහැ.



කළපුව අයිනටම පයින් ගිය අපිට තිබ්බ ලොකුම අවුල තමයි කලපු අන්දර වල කටු සෙරෙප්පුව හරහා ඇවිත් අපේ කකුල් වල ඇනෙන එක. යටි පල්ල හිල් වෙන්න කළින් කකුල උස්ස ගත්තත් සෙරෙප්පුවෙන් ඒවා ගලවල දාන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට අඬුවක් වගේ එකක් නැතුව ඒ කටු ගලවා ගන්න බැහැ.

ගිනි මද්දහනේ නිසා කුරුල්ලෝ වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඈතින් තිබ්බ පොඩි දුපතක් වගේ කොටසක කුරුළු රංචුවක් ලැගලා උන්නා. ඊටත් ඔබ්බෙන් අව් රස්නේ බලන්නේ නැතුව වතුරේ පීනමින් හිටපු පෙළිකන් රංචුවකුත් කළපුවේ මැද්දෑවට වෙන්න හිටියා. සෑහෙන ඈතකින් කළපුවයි මුහුදයි එකට සම්බන්ධ වෙන තැන දැක ගන්නත් පුළුවන්කම ලැබුනා. අව්වේ ඉන්න බැරි කමට අපි මේ ඔක්කොම වගේ දැක බලා ගත්තේ ගස් හෙවනවල් වලට වෙලා. ටිකක් දවල් වෙන්න දවල් වෙන්න බඩගිනි ගතියක් දැනෙන්න පටන් ගත්තු නිසා අපි ආපහු හෙරිටේජ් එක දිහාට ගෑටුවා. දවල් කෑමෙන් පස්සේ පොඩි නැප් එකක් දාන්නත් අපි අමතක කලේ නැහැ. ඔහොම ඉඳල ආපහු හවස හතරහමාර වගේ වෙද්දී පයින්ම ගෑටුවා ලේවාය දිහාට.


කලින් රහතන්ගල ගියපු වතාවේ මගේ අතේ කැමරා එකක් තිබ්බ නැති එකේ අඩුව පුරවගන්න හිතාන මම මේ වතාවෙනම් කැමරාවක් අරගෙන ඇවිත් උන්නේ. වෘත්තියෙන් කැමරා ශිල්පියෙක් වෙච්චි මගේ ලොකු මස්සිනා ගාව තිබ්බා තරමක් හොඳ ඩිජිටල් කැමරා එකක්. නමුත් මොකක්දෝ වෙලා ඒක කැඩිලා තිබ්බේ. ඒක හදන්න යන ගාන ලොකු ගාණක් නිසා මස්සිනා ඒක එහෙම්මම තියෙන්න ඇරලා තිබුනේ. මම කැමරා එකක් ගැන හොයල බලද්දී මිනිහා කිව්වා එයාගේ හදන්න දීල තියෙන කැමරාව ගැන. ඒක හදල මගේ වැඩ වලට අරගන්න කියලත් කිව්වා. බුවා කියපු විස්තර අනුව මම ඒ කඩේ හොයාගෙන ගියා. මිනිහ ඒක හදන්න කියල දීල තිබ්බේ කොටුව දිහාවේ උන්නු හොඳ හොරෙක් වගේ පේන එකෙකුට. කඩේ පොර මට කිව්වේ කැමරා එකේ සෙන්සර් එක පිච්චිලා, ඒක හදන්න රුපියල් 16,000 ක් යනවා කියලා. කරන්න දෙයක් නැති නිසා ඌ කියපු ගාණට එකඟවෙලා මම පිටත් වුනා. දවස් ගාණකට පස්සේ මම ගිහින් සල්ලි ගෙවලා කැමරාව අරගෙන ආවා. බඩු වැඩ... මේකට බැටරි කෑලි හතරක් දාන්න ඕනේ. ලෙන්ස් එක එහෙම තරමක් ලොකුවට තිබ්බ ඒ කැමරාව බැටරි කනවා. අන්තිමට මම බැරිම තැන ගෙඩි රුපියල්ම 5,000 ක් දීලා චාරයක්‌ සහ බැටරි කෑලි හතරකුත් ගත්තා. මෙන්න මේ කියපු කැමරාව තමයි මම බුන්දල යද්දී අරගෙන ගියේ.
කළපුව වටේ ඇවිද්දා කියල අමුතු දෙයක් බලාගන්න ලැබුනේ නැහැ වැඩිපුරම කලේ ඇවිදපු එක.

ඒ යන අතරක ගහක වහල හිටපු මීට කලින් දැකල නැති කුරුල්ලෙක්ගේ ෆොටෝ එකක් ගහන්න ගියාම තමයි කැලේක ෆොටෝ ගහන්න යන මනුස්සයෙකුට වෙන්න පුළුවන් හොඳම අබග්ගය මට සිද්ධ උනේ. එක පාරටම කැමරාවේ ස්ක්‍රීන් එකෙන් ඒ කුරුල්ලව පේන්නේ නැතුව ගියා. අමුතු පාට කීපයක් පේන්න පටන් ගත්තා. කැමරා එක ඕෆ් කරලා ආපහු ඔන් කරලා බැලුවත් හරිගියේ නැහැ. ටික වෙලාවකින් මට තේරුණා බඩු බනිස්ම තමා කියලා. දැන් ඉතින් xත්තෙද දන් වළඳන්නේ...


මේ ගමනටත් බඩුම තමයි, මට හිතුනේ එහෙම. ඒ සිද්ධියට අමතරව එදා දවසෙම වගේ කියන්න තරම් විශේෂ දෙයක් සිද්ධ වුනේ නැහැ. ලුණු ලේවායේ බංගලාවේ නතරවෙන්න ලැබුනේ නැතිඑක අපේ වැඩේට සෑහෙන පාඩුවක් වුනා. මෙතන ලයිටුත් නැති හින්ද රෑට කාපු ගමන් නිදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නැහැ.
ටිකක් විතර රෑ වෙනකල් ඉඳල නිදා ගන්න කියල ගියා. බිම එලා ගත්තු පැදුරු වල තමයි නින්ද. එක පැත්තක ගෑල් ළමයි, අනික් පැත්තේ පිරිමි ළමයි. මේක කවර් කරපු නැති මඩුවක් වගේ එකක් නිසා අලි කරදර ගැන හිතේ පොඩි චකිතයක් තිබ්බේ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක්.

තරමක් වෙලා නිදා ගත්තට පස්සේ මාව එක පාරට ඇහැරුනා පොඩි සද්දයක් ඇහිලා. කවුරුහරි වමනේ දාන සද්දයක් වගේ ඇහෙනවා එළියෙන්. එදා හොඳට හඳ පායලා තිබ්බ දවසක්. මේ ලිපිය ලියන්න ගිහින් බැලුවම තමයි දැනගන්න ලැබුනේ එදා තමයි පුර පසළොස්වක පෝය දවස කියලා. මමත් කොයිකටත් කියල ටෝච් එකත් අරගෙන එළියට ගිහින් බලද්දී තමයි දැක්කේ සජ් තනියම එළියට ඇවිත් වමනේ දානවා. හුටා තමයි, ගම කාල වගේ... ඒත් මට එහෙම හිතුනේ නැහැ.
අපි හවස චොකලට් බිස්කට් වගයක් කෑවා. මේකිට මිග්රේන් කියන්නේ අන්න ඒක ඇවිස්සෙනවලු චොකලට් කෑම වර්ග කෑවම, මොක අවිස්සුනත් කමක් නැහැ කියල පෙරේත කමට කාපු නිසාලු මේ වමනේ යන්න පටන් ගත්තේ.

එහෙනම් උඹ වමනේ දාපන්කෝ කියල මම පැත්තකට වෙලා හිටියා. ඒකි ඈක්.. බෑක් ගගා වමනේ දාද්දීත් අපේ අනිත් උන් එකෙකුටවත් ඇහැරුනේ නැහැ. ඒ මදිවට සජ්ගේ වෙන්න මහත්තයා වෙච්ච ගල් පාතයා තලපතෙක් වගේ දපලා බුදි. සමහර විට ඌ අදටත් දන්නේ නැතුව ඇති එදා රෑ මේකි තනියම කබරයා පාරක් දාපු බව.
සජ් කබරය පාර දාල ඉවර වෙලා නිදා ගන්න යනකල් බලන් ඉඳල මමත් එළියට ගොහින් පොඩි පහේ ශරීර කෘත්‍යයක් එහෙම කරලා ඇවිත් ආපහු අළුතෙන් නිදා ගන්න පටන් ගත්තා.
අපි මෙහෙ එන්න කළින් ලේවායට කෝල් කරපු වෙලාවේ එහෙං අපිට කිව්වේ දෙවෙනිදා උදෙන්ම එහාට ගියාට කමක් නැහැ කියලයි. ඒත් අපි තීරණය කරලා තිබුනේ දෙවෙනි දවසේ උදෙන්ම බංගලාවට බඩු මුට්ටු ටික ගෙනිහින් දාලා ජීප් එකක් හයර් කරගෙන බුන්දල පාක් එකට ගිහින් එන්න. අපිට යන්න ජීප් එකක් හොයල දෙන වගකීම බාර ගත්තේ අපිට කෑම හදල දීපු කුක් අයියා.

කුකුළත් අතේ අරගෙන නැගිට්ට අපි උදේ කෑමවේල ඉක්මණටම අරගෙන බස් එකට අපේ අඩුම කුඩුම ටික පැටෙව්වා. ඊට පස්සේ අපිව එක්කරගෙන යන්න ආපු පරණ පහේ ජීප් එකට නැගලා බස් එකත් එක්කම ලුණු ලේවායේ බංගලාවට යන ගමන පටන් ගත්තා.
එතැනට යන්න වැඩි දුරක් තිබුනේ නැහැ. ඕනෙනං කිලෝමීටර හතරක් පහක් වගේ ඇති. ගේට්ටුවේ උන්නු සිකුරිටි අන්කල් කෙනෙක් අපෙන් විස්තර එහෙම අහගෙන බස් එකයි, ජීප් එකයි  ඇතුළට ගන්න ඉඩ දුන්නා.

අපි ගෙනාපු ආහාර ද්‍රව්‍ය ටික එතන බංගලා භාරකරු සහ කෝකියා වෙච්චි “අජිත්” ට බාර දුන්නේ අපි දවල්ට කන්න ආපහු එද්දී කෑම හදල තියන්න කියන පණිවිඩේත් දීගෙන. බස් එකේ අයියලට එතන ඉන්න කියලා අපි ජීප් එකේ නැගල අපේ ගමන යන්න පිටත් වුනා. පාක් එකේ පාරවල් වල තරමක් වතුර එහෙමත් තිබුනා. සමහර පාරවල් සම්පුර්ණයෙන්ම යටවෙලා. මේ තරමට වැහැලත් අපි මෙහෙ හිටපු දවස් දෙකේ තිබ්බේ පුදුමාකාර රස්නයක්.

මේ විදිහට පාක් එකේ ටිකක් දුර ගියපු අපි තරමක සත්තු ප්‍රමාණයක් දැක ගත්තා. ටික වෙලාවකින් අපි පොඩි වැවක් වගේ තැනකට සේන්දු වුනා. එතන හිටපු අලි දෙන්නෙක් පොඩි ෆයිට් එකකට සෙට් වෙනවා වගේ ගතියක් පේන්න තිබුණ නිසා අපි ඒක බලන්න වැවේ මෙහා පැත්තට ඇවිත් වාහනේ නතර කලා. එක පාරටම වගේ එතන හිටපු එක අලියෙක් වලිය පැත්තකට දාලා දඩ බඩ ගාල අපි ඉනා දිහාට එන්න පටන් ගත්තා. කරුමේ කියන්නේ අපි ජීප් එක ගහගෙන හිටපු විදිහට ඉස්සරහට යන්න බැහැ. යනවනම් යන්න ඕනේ රිවස් කරලා හරවාගෙන. අර තඩි අලි පතයා එන්නෙත් පිටි පස්ස පැත්තෙන්.

ඌ ජෙට් එක වගේ ඇවිදින් ජීප් එක ගාව නැටුමක් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. පිටිපස්සේ කකුල් දෙක ලජ්ජාවෙන් වගේ එහේ අඹරනවා, මෙහා අඹරනවා. එ අස්සේ චූ කරලා බිම මඩ කරගෙන එතන මඩ තලනවා. එතන තිබ්බ පස් කණ්ඩියක පස් කනවා... එක විකාරයි. ටික එලාවකින් මුට පොඩි ධෛර්යයක් වගේ එකක් ඇවිත් ජීප් එක ඇතුළටම වගේ හොඬවැල දික් කරන්න ගත්තා. ජීප් එක ඇතුලේ හිටපු අපි එකා පිට එකා වැටිලා පුළුවන් තරම් ජීප් එකේ ඉස්සරහට වෙන්න වළිකෑවා. ඒ අව් අස්සේ සජ් අලියව ෆොටෝ අල්ලනවා. ෂටර් එකේ සද්දේ නිසා මද කිපිලා හිටපු අලි මොටා අපිට කෙළියි කියල රහසෙන් කිව්වත් මේකි නෙමෙයි කණකට ඇහුවේ. අලි මොටා අපිව මේ විදිහට විනාඩි පහළොවක් විස්සක් විතර අත් අඩංගුවට අරගෙන බයිට් කරලා හොඳ ආතල් එකක් ගත්තා.

ටික වෙලාවකින් ඌට උගේ වලිය මතක් වෙලාද කොහෙද එක පාරටම හැරිලා ආපු විදිහටම සද්දයක් නැතුව අපිව අතඇරලා දාලා යන්න ගියා. එතනින් පස්සේ ජීප්පුව හරවාගෙන අපි අපේ ගමන යන්න පටන් ගත්තා. මේ විදිහට පාක් එක පුරා කරක් ගහපු අපි පාක් එකේ කෙළවරක තිබ්බ මාළු වාඩිය ළඟ බැහැලා හිතේ හැටියට වටපිටාවේ සුන්දරත්වය විඳගත්තා.
මේ වෙද්දී “දැන් දවල් වෙලාය, කන වෙලාව කිට්ටු වෙලාය” කියලා අපේ බඩවල් වලින් පොඩි පොඩි මැසේජ් එහෙමත් එවන්න පටන් අරගෙන තිබ්බේ. බඩවල් කියන දේ අනුමත කරලා අපි ආපහු එන්න පිටත් වෙන්නයි දැන් හදන්නේ.


කළින් ගිය පාරේ නෙමෙයි ආපහු එද්දී ආවේ. ඒ ආපු පාරේ එක තැනක් සෑහෙන මඩවෙලා තිබ්බා. එතන තිබ්බ ලොකු මඩ වලකින් එගොඩ වෙන්න හදද්දී ජීප්පුවේ කොහේ හරි තැනක් යට වැදිච්ච බවක් අපේ ශරීර අවයව වලට හොඳට දැනුනා. ඒ එක්කම ඇන්ජිමේ සද්දේ දෙගුණ තෙගුණ වුනා. වලෙන් එගොඩවුනාට පස්සේ වාහනෙන් බැහැගත්තු ඩ්‍රයිවර් අයියයි ගයිඩ් අයියයි පෝස්ට් මෝටම් එක එහෙම තියල බලල තරඟ විස්තරේ අපිට කිව්වා. ජීප් එකේ දුම්බටේ කැඩිලා ගිහින්ලු. එයින් බේරුණා මදැයි වැදිච්ච වැදිල්ලට...

39 comments:

  1. //බිත්තර රොත්තක් බඩ බැඳ ගත්තු බත් කූරෙකුයි// අදමයි එහෙම එකෙක් දැක්කේ.. එකත් එකටම ඉස්සර ඕනතරම් දැකල ඇති ඒත් කවුරු දන්නවද මූ බඩේ බිජු තියං ඉන්නවයි කියලා..

    අර දවාලේ බුදියගෙන ඉන්න ඩෙස්ක් වල රෑ නිදා ගන්න බැරි උනාද බිම නිදා ගත්තේ.. මොනව උනත් සජ් වමනේ දාන බව උඹට ගල්පාතයාට කතා කරල කියන්න තිබ්බා.. එහෙම නැත්නම් හොඳ යාලුවෝ කියන්නේ මිනිහ නැතත් ලෙඩක් දුකක් උණු වෙලාවට ගෑණු දරුවො බලා කියා ගන්න උන් කියල හිතල උඹම ඒක 'බලා ගත්තද"? හැක්..

    අර කැමරාව අප්සෙට් යන්නැත්තේ ශුවර් එකටම ඒකෙන් උඹේ ෆොටෝ එකක් ඇල්ලුවයින් පස්සේ. ඒ කාලේ කොන්ඩෙ නම් එළ.. දැන් වගේ පුස් කාල නෑ. ඉතුරු කොටහත් දාමු ඉක්මණට මට තියෙන්නෙත් අර අලි නාම්බට වගේ 'අස්ස කුලප්පුවක්' මේව කියවන්ට.. ජය ශ්‍රී!

    ReplyDelete
  2. අර වාහනේ ලඟට ආපු අලියව ඔලුව බිම වදින්න තල්ලු කලා නේ?

    ReplyDelete
    Replies
    1. මුන් මොකක් හරි වලත්ත දෙයක් පෙන්නල, ඒකනෙ පස්ගොඩේ ඔළුව ගහගෙන ඉන්නෙ.

      Delete
    2. ක.මි.
      මමත් ඔය එදාමයි එහෙම බිත්ටර ගෙනියන සීන් එකක් දැක්කේ.

      ///අර දවාලේ බුදියගෙන ඉන්න ඩෙස්ක් වල රෑ නිදා ගන්න බැරි උනාද බිම නිදා ගත්තේ.. ///
      නැතුව නැතුව බස් එකේ එද්දී මොන සැප නින්දක්ද...
      අඩේ අයියේ ඔහොම කියන්න එපා, ඔය අපි එක්ක හිටපු කෙල්ලෝ උන්ගේ මිනිස්සු නැති වෙලාවට අපි තමයි බලා ගත්තේ. එකෙක් රට ඉන්න කාලේ උගේ වෙඩිමට ඕනේ කරන ගොඩක් දේවල් ලැස්ති කරලා බන්දලා දෙන්නත් අපි කටයුතු කලා. අපි ඇවිත් එහෙව් යාළුවො... හෙහ් හෙහ්
      දැනටත් යාළුවො මොන තරම් උදව් කරනවා කියලද අපි වැටෙන වෙලාවල් වලට
      මහලොකු සෙට් එකක් ඉතුරුවෙලා නැහැ, ඉන්න පස් හය දෙනා හෙන බොක්ක...

      ඔය කැමරා මගුල ගැන අහන්නවත් එපා, මළ පනිනවා. ඔය මගුල ඒ විදිහට දෙපාරක්ම මාව කෑවා
      ඉතුරු ටික ලියමින් පවතින්නේ...
      හැකි ඉක්මණින් පල කරමි...

      Delete
    3. රාජ්,
      ඔව්වා ප්‍රසිද්ධියේ කියන්න හොඳ කතාද. ඊට පස්සේ නඩු තමයි.
      කැලේ හිටපු අසරණ අහිංසක පොඩි අලියෙක්ව තල්ලු කරලා ඌ පස් කාගෙන බිම වැටිලා හිටියා කිව්වම සෙල්ලං කෙළියක්ද
      සාක්ෂියට ෆොටෝ එහෙමත් එක්ක, බඩුම තමයි...

      Delete
    4. කම්මලේ,
      මේ අහිංසක අපි මොනවා පෙන්නන්නද බං ඒ තරම් ලොකු අලි තඩියෙකුට... උඹල අපිට නිකං කොකං පානවනේ... :-(

      Delete
  3. පෝස්ට් එක ටිකක් දිග වුනත් එක හුස්මෙට කියවගෙන ගියා. ශෝක් ගමන..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි,
      මේ ගමන ඔතනින් නතර උනේ නැහැ, බුන්දල ගෙදර මට්ටමට දැන අඳුන ගන්නකල් මම ඔව්වයේ කාල් ගෑවා...
      දැන් යන්න බැරි උනත් ඒ දවස්වල ගියපු ඒවා මතක් කර කර හරි සතුටු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකනේ...

      Delete
  4. හිමිදිරි පාන්දර වමනෙ දාද්දි, සද්දෙට ඇහැරෙන්නෙ බඩේ ඉන්න පැටියග් තාත්තටලු. මේක ඉතින් වෙන කතාවක් නිසා ලොකූ මේ( ලු) කතාව ගනන් ගන්න එපා.
    ඕපන් තැනක නිදිය ගන්න තිබ්බනම් මටනම් නින්ද යන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. තොපිව කොටියම කන්න ඕනේ... ඔය මනුස්සයා එහෙම මේවා දැක්කොත් ඔට්ටේලියාවේ ඉඳලා කෙළින්ම මෙහෙ ඇවිත් මගේ හොම්බට දෙකක් අනියි වැරදි වැටහීම් ඇතිවෙන විදිහට ප්‍රකාශ නිකුත් කරලා ඒ ශ්‍රී නාමයට කැළැල් ඇති කරනවා කියලා...

      ඔය සජ් කියන්නේ ආකි කෙල්ලෙක්. ඒකිට ඕනේ උනා වෙඩින් කාඩ් ටික ඒකිට ඕනේ විදිහට හදන්න. ඉතිං අන්තිමට එකක් හදලා ගල්පාතයා අතේ එවල තිබ්බා ඒ විදිහට ඉතුරු ටික හදන්නයි කියලා.
      ඌ ඒකට ඕනේ කරන බඩු මුට්ටු ටිකත් ගෙනත් තිබ්බා. අපේ ගොබිලෝ ටික කාඩ් හදන්න කියල අපේ බෝඩිමට එනවා, කාඩ් හැදිල්ල පැත්තක තියලා මුලින්ම බොනවා.
      බොන්නේ නැති ගල්පාතයා නිදි කිරනවා. ආපහු ඇහැරවලා ගත්තත් උගෙන් ඊට පස්සේ වැඩක් නැහැ.
      බිව්වට පස්සේ අපේ ගෙම්බා, වස්සා එහෙම කාඩ්බෝඩ් කපන්නේ ඇදට.
      මේ කෙලිය දවස් දෙක තුනක්ම උනා. අන්තිමට මම තීරණය කලා මුන් එක්ක මේ වැඩේ කරන්න බැහැ. මම තනියම මේකෙ ඉතුරු ටික හදනවා කියලා. ඔන්න ඔහොම කරලයි අපි අපේ උන්ව කසාද බැන්දුවේ... හෙහ් හෙහ්

      එළි පහලියේ නිදා ගන්න එකේ පොඩි ආතල් එකක් තියෙනවා මචං...
      අපි කලින් වතාවක දුවිලි ඇල්ල බලන්න ගිය වෙලාවේ මම කිව්වද කියල මතක නැහැ. උදේ ඇහැරිලා බලද්දී නිදාගෙන තිබුනේ වාඩිය ඇතුලේ නෙමෙයි. බීපු තැනමයි.
      වෙලාවට ගල් උඩ නිකං වාඩිවෙලා ඉන්න බැරිනිසා ස්ලීපින් බෑග් එක උඩ වාඩිවෙලා බීව්වේ. ඒක උඩම තමයි දෙයියනේ කියල නින්ද ගිහින් තිබ්බේ...

      Delete
    2. දෙකක් දාපු කතාව දැම්මනම් මේ ප්‍රශ්නෙ එන්නෙ නෑනෙ. ඒ වෙලාවට මොන අලි, වලස්සුද? සිංහයො කෙලින්ම එලියෙ නිදියන්නෙ.

      Delete
    3. මේ කියන දවසේ අමුවෙන් බං හිටියේ...
      අර බස් එකේ ගිය සිංහයා වගේ එහෙම නෙමෙයිනේද... හෙහ්

      Delete
  5. අපරාදෙ රුපියල් 21000. ඒ වුනාට ඔය ණයට හරි අරං දාලා තියෙන්නෙ නියම පොටෝ කෑලි ටිකක්.
    අලිය සජ් ව දැකල වෙන්නැති දඟර නැටුම් නටන්න ඇත්තෙ, ඌටත් බඩ දගලනව වගේ දැනිලා.

    ReplyDelete
    Replies
    1. ඔය පළවෙනි 21,000. ඊට පස්සේ ආපහු තව 16,000 ක් දීලා හැදුවා. ඒ පාරත් මේ සෙතේමයි...
      කැමරාව පිච්චෙන තැනට වෙනකල් තියෙන්නේ දෙයියනේ කියල මම ගත්තු ෆොටෝ කෑලි...
      අනිත්වා අයිතිකාරයින්ගේ අවසරයකින් තොරව උපුටා පළ කරපු එව්වා...

      අලියෙක් උනත් ගේම ඉල්ලුවොත් අතඅරින ජාතියේ කෙල්ලෙක් නෙමෙයි ඒකි... ඌව දවා අළු කරන්න බැරි කමක් නැහැ
      අලියා සමහර විට අනිත් එකාට පේන්න වෙන්න ඇති නටන්නයි, අපෙන් ගේම ඉල්ලන්නයි ඇත්තේ...
      එතකොට මහන්සියක් නැතුව ෆයිට් එක ගොඩනේ...

      Delete
    2. අපොයි, සජ්ගෙයි ගලාගෙයි හැටි ඇහුවම මට අනේ අපොය් කියල හිතුන

      Delete
  6. නියම ගමනක්නෙ.
    අර කැමරාවෙන් අර විදියට තව ෆොටෝ ටිකක් ගැහුවනං ඔය මොකක්හරි පින්තාරු වගේ නමක් දාල ප්‍රදර්ශනයක් තියන්න තිබ්බ. :D

    ReplyDelete
    Replies
    1. බුන්දල කියන්නේ මම කැමතිම තැනක් උනා මේ ගමනෙන් පස්සේ...
      මම රෑ දෙළහමාරේ බස් එකේ නැගල බුන්දල ගිහින් ඉඳල ෆොටෝ ගහගෙන එන දවස් තිබ්බා, ඒ තරමට උණ

      උඹ කියනකල් අර ෆොටෝ ප්‍රදර්ශන කේස් එක මතක් වුනේ නැහැනේ
      පස්සෙන් පහු කාලෙක මේ වගේ ෆොටෝ වලටත් ලොකු තැනක් ආව නේන්නම්... හෙහ්

      Delete
  7. කවුද යකෝ අර අලියට සරම උස්සලා පෙන්නුවේ. හැබැයි ඔය වගේ ගමනකදී මිග්‍රෙන් පොරක් ඉන්නවා කියන්නේ ,ඌත් අනාතයි ,අපිත් අනාතයි. බුන්දල ආපහු යන්න ඕන ලිස්ට් එකට දාගත්තා උඹේ ෆොටෝ දැකලා

    ReplyDelete
    Replies
    1. මෙච්චර චූටි එකෙන් හුස්ම ගන්නෙ කොහොමද කියලා අලියට ලැජ්ජ හිතිලද?

      Delete
    2. ඉවාන් ලොක්කා.
      අපි හරි අහිංසක ළමයි අප්පා... වෙන කාට උස්සල පෙන්නුවත් අලියෙකුට... හෆොයි... හෙහ් හෙහ්

      බුන්දල යනවනම් පාක් එක විතරක් නෙමෙයි, සීසන් එක අල්ලලා ලුනු ලේවාය දිහාටත් යන්න ඕනේ...
      ඒ කාලෙට ලුනු ලේවායේ කුරුල්ලෝ ලක්ෂ ගාණක් ඉන්නවා...
      ගැටළුව තියෙන්නේ ලුනු ලේවායට ඇතුල් වෙන්න දෙන්නේ උන්ගේ බංගලාවේ නතර වෙනවනම් විතරයි...
      ලොකු පහසුකම් නැතත් මමනම් හරි කැමති ස්පොට් එකක්...

      අර කෙල්ල අපිත් එක්ක අම්බානක ගමන් ගිහින් තියෙනවා, මිග්‍රේන් කේස් එක ආවේ එදා විතරද කොහෙද...

      Delete
    3. Dilshan,
      ///මෙච්චර චූටි එකෙන් හුස්ම ගන්නෙ කොහොමද කියලා අලියට ලැජ්ජ හිතිලද?///

      දවසේ කතාව... අම්මපා උඹනම්... හෙහ්

      Delete
    4. ///මෙච්චර චූටි එකෙන් හුස්ම ගන්නෙ කොහොමද කියලා අලියට ලැජ්ජ හිතිලද?/// පට්ට කතාව ඕයි

      Delete
  8. //තෙත් කලාපේ ජීවත් උනාට මමත් ගොඩක් මනාප වියළි කලාපෙට...// එකෙන්ම...!

    ReplyDelete
    Replies
    1. රට තොටේ ඇවිදින ගොඩක් එවුන් කැමති වියළි කලාපෙට වගේ...
      හැබැයි පුතෝ වියලි කලාපේ වැඩි කාලයක් ඉන්න ගියොත්නම් ලේසි වෙන එකක් නැහැ...

      Delete
  9. කියෙව්වට කමෙන්ට් එකක් ලියන්න අමතක උනා.වෙනද වගේම පිංතූර ටික ලස්සනයි.අර කැමරාවට එහෙම උනේ මොකද?ස්ක්‍රීන් එකේ ලෙඩක්ද?හදාගන්න පුළුවන් උනාද?

    ReplyDelete
    Replies
    1. තැන්කු හැලප අයියේ...
      ඒ කැමරා කබලේ සෙන්සර් එක පිච්චිලා. දෙපාරක්ම ඒක පිච්චුනා... දෙපාරෙම හැදුවා. අන්තිම වතාවේ ඒක හදල මස්සිනාටම දුන්නා තියා ගන්න කියලා.
      ඒකත් එක්ක මේ වැඩේ කොරන්න බැරි නිසා තමයි අන්තිමට මම DSLR කැමරා එකක් ගන්න තීරණය කලේ..

      Delete
  10. චාරිකා සටහන් කියන්නෙ මම උපරිම විඳින දෙයක්...ඔය අලින්ට පේන්නෙ සම්පූර්න ජිප් එක විතරයි කියල තමයි මම අහල තියෙන්නෙ.. ඒ කියන්නෙ ඇතුලෙ ඉන්න කට්ටිය ඇදල ගන්නෙ නෑ... ගහන්නෙ වාහනේට මිසක් මිනිස්සුන්ට නෙමේ...

    ReplyDelete
    Replies
    1. උඹ මේ පළවෙනි වතාවට නේද මෙහාට ගොඩ උනේ.
      සාදරයෙන් පිලිගන්නවා මිත්‍රයා...

      ///ඔය අලින්ට පේන්නෙ සම්පූර්න ජිප් එක විතරයි කියල තමයි මම අහල තියෙන්නෙ.. ඒ කියන්නෙ ඇතුලෙ ඉන්න කට්ටිය ඇදල ගන්නෙ නෑ... ගහන්නෙ වාහනේට මිසක් මිනිස්සුන්ට නෙමේ...///
      ඒකත් එහෙමද...
      ඒත් වාහනේ වීදුරු ඇරලා තිබ්බොත් හොඬවැල ඇතුළට දාල චෙක් කලාම මිනිස්සුන්ගේ ඉව උන්ට දැනෙනවා නේද...
      උන්ට මිනිස් ගඳ හොඳට දැනෙන නිසා වාහනේට ගැහුවත් ගහන්නේ ලොකු මනුස්ස සතෙක් කියල හිතාගෙනද දන්නේ නැහැ...

      වතාවක් මමයි හාමිනේයි ගියා උඩවලවේ. පාර මැද්දේ අලි රංචුවක් හිටියා. ඒ අතරේ හිටියා සතියක් වගේ වයස පොඩි පැටියෙකුත්.
      ඒ වගේ රංචුවක ඇතින්නියෝ වසයි කියලයි මම අහල තියෙන්නේ
      ගයිඩ් මල්ලි කිව්වා උන්ට කිට්ටු කරලා එන්ජිම නතර කරන්ටයි කියලා. මමත් එහෙම කලා.
      අලි සෙට් එක අපි ඉන්නවා කියල ගණන් ගත්තෙ නැතුව උන්ගේ පාඩුවේ කොළ කකා අපි ඉන්න දිහාටම ආවා.
      එකෙක් ඇරලා තිබ්බ වීදුරුවකින් හොඬවැල ඇතුළට දාල පොඩි චෙක්-අප් එකක් කලා.
      ගයිඩ් මල්ලි උගේ හොඬේට පොඩි පාරක් ගහලා "යන්න" කිව්වම ඌ යන්න ගියා
      අනිත් උන් ටිකත් ටික වෙලාවක් වටපිටාවේ කකා ඉඳල යන්න ගියාට පස්සේ තමයි අපි වාහනේ ස්ටාට් කරගෙන පිටත් වුනේ.
      ඒ වගේ හොඳ අලිත් ඉන්නවා... හෙහ් හෙහ්

      Delete
    2. වීදුරු ඇරියත් නැතත් එයාලට අපේ කුයිලෙ දැනෙනවා .... හුඟක් වෙලාවට මද ආපු අය තමා ගේමට එන්නෙ... නැත්නං බොහොමයක් අය හරිම අහින්සකයි... ගහන්නෙ නොකරම බැරිනම් තමා.. හැබැයි ගහන්ඩ පුරුදු වෙච්ච කෙනා දිගටම ගහනවා...
      ඔය හොඬ දාන්නෙ කෑම සුවඳට... නැත්නම් මොකක් හරි නුපුරුදු සුවඳට....

      Delete
  11. නියමයි.. කවුද අප්පේ අර අහිංසක අලියට මුණ බිම හංගගන්න තරම් දෙයක් කලේ.. වැඩේ කැතැයි මොනා උනත්..

    ReplyDelete
    Replies
    1. අනේ මචං, මාවනම් අල්ල ගන්න එපා ඕකට...
      මම හිටියේ පිටිපස්සෙම නෙමෙයි, අන්තිම හරියේ හිටපු එකෙක් හොරාට මොනාහරි කුප්ප වැඩක් කලාද කියලයි මමත් මේ කප්පනා කරන්නේ...

      Delete
  12. දැන් මේකෙ සත්තුය කියන්නෙ අර පඳුරු අස්සෙ ඉන්න බැබුන්ල වගේ උන්ටිකද?

    ReplyDelete
    Replies
    1. උන් බබුන්ලා නෙමෙයි ගිබන් ලා වගේ ජාතියක්... අම්බානෙක සද්දේ... හෙහ්

      Delete
  13. තවත් අපූරු සංචාරයක රසවත් විස්තරයක්!
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිස්ස අයියේ...

      Delete
  14. එල ද බ්‍රා
    උඔ ඡිවිතය විදිනවා..

    ReplyDelete
    Replies
    1. එළ ද බ්‍රා කියලත් අහනවා...

      ජිවිතේ වින්දා කියල තමයි බන් මේ වෙද්දී කියන්න තියෙන්නේ... හෙහ්
      මේ ජීවිතෙන් පොඩ්ඩක් මිදෙන්න උනා මචං නොයෙකුත් ගැටළු නිසා, හැබැයි තව ටික දවසකින් ඒ ඔක්කොම හරියාවි කියල හිතාගෙන ඉන්නවා...
      එතකල් පැරණි මතකයේ එල්ලීගෙන ඉන්නවා...
      නැතිකමට ඒකත් මදෑ... හෙහ්

      Delete
  15. තව කොටසක් එනවද? එහෙනම් අලියල නම් දැකල තියෙනවා ඒ පාර. මුවාල එහෙම හිටියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉතුරු කොටස දැන් ලියල ඉවරයි...
      අලියල විතරක් නෙමෙයි මුවාල එහෙමත් හිටියා... කැමරා එක කැඩිච්ච නිසා උන් මිසින්...

      Delete