මම දන්නේ නැහැ මම මේ කරන්න හිතාගෙන ඉන්න වැඩේ හරිද වැරදිද කියන එක ගැන, සමහර විට දෝෂාරෝපණ අහන්න වෙන්නත් පුළුවන්. ඒත් මම පුංචි කාලේ ඉඳල අද වෙනකල්ම බොහොම ආදරෙන් එකතු කරලා රැකබලා ගත්තු පරණ පත්තර කොළ ගොඩක් අස්සේ හැංගිලා තිබුන ලස්සන අතීත කතාවක් බ්ලොග් එකේ ලියන්න
පුළුවන්ද කියන එක ගැන පොඩි මුට්ටියක් දාල බැලිල්ලක් තමයි මේ කරන්න යන්නේ.
පත්තරේ නම තමයි අපි කවුරුත් දන්න කියන දිවයින පත්තරේ. හරියටම කියනවනම් 1993 දෙසැම්බර් මාසේ 12 වැනි ඉරිදා දිවයින පත්තරේ කතාවක් පටන් ගත්තා. පළවෙනි කොටසින් ඒ තරම් ආසාවක් ඇති නොවුනට දෙවෙනි කොටස ඒ කියන්නේ දෙසැම්බර් 19 වෙනිදා කොටස කියෙව්වට පස්සේ මට හිතුනා මේ කතාව එකතු කරන්න ඕනේ කියලා. එහෙම හිතලා දෙවෙනි පත්තර කොලේ කඩාගෙන ඉවර වෙලා ඊට පස්සේ පළවෙනි පත්තර කොලේ හෙව්වා, ඒත් මට ඒක හොයාගන්න ලැබුනේ නැහැ. ගෙදර හැමෝගෙන්ම ඇහුවත් ඒ පත්තර කොලේට වූනේ මොකක්ද කියල කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.
ඒ දවස් වල අපේ ගෙදරට අළුතින් කොටසක් එක්කාසු කරන්න පටන් අරගෙන තිබුනේ. ගෙදර හදා ගත්තු සිමෙන්ති ගල් වලින් තමයි මේ වැඩේ සිද්ධ වුනේ.
ඉස්සර ගෙවල් වල සිමෙන්ති ගල් හදද්දී පොලවට පත්තර කොල හරි සිමෙන්ති බෑග් වල කොල හරි දාල තමයි සිමෙන්ති ගල් හදන්නේ. ගල් ගහන අච්චුව හදල තිබුනේ සරනේරු වලින් හයි කොරලා, ලොක් කරන්න එහෙම
පුළුවන් විදිහට. වැඩේ පහසුව තකා සිමෙන්ති ගල් අච්චුව හදල තිබුනේ උස අතට ගල් ගහන්න
පුළුවන් විදිහට නෙමෙයි. සිමෙන්ති ගල කොටන්නේ පළල අතට. වැය වෙන සිමෙන්ති බදාම ප්‍රමාණය
අඩු කරගන්න මැද හරියට ඔය ගල් කෑලි එහෙමත් දානවා. ඒ වැඩේ තරමක් දෝෂ සහගත එකක් කියල දැන්
හිතුනත් දැනට අවුරුදු 21 ට කලියෙන් හදාපු ඒ කොටස අදටත් ඔය යස අගේට තියෙන්නේ.
එක දවසක් බිත්තියේ ගල් වරියක් බැඳලා ඉවර උනාට පස්සේ එළියට පේන්න තිබ්බ මුණතේ
“යදම්” කියන අකුරු කීපය ළාවට පේන්න තිබ්බ පත්තර කොළ කෑල්ලක් ඇලිලා තියෙන බව මම
දැක්කා. මම දුකින් ඒ දිහා බලාගෙන හිටිය මිසක් ආපහු ඒ පත්තර කොලේ හොයා ගන්නේ කොහොමද කියලා ඒ දවස් වලම කල්පනා කලේ නැහැ. ඒක තමයි මම කරපු ලොකුම මෝඩ වැඩේ. මේ කියන කාලේ මම හිටියේ 8 වසරේ, එතනින් පස්සේ ඉස්කෝලේ නිවාඩු ලැබෙන දවස් වලදී සැරින් සැරේ මේ කතාවේ මම ගාව තියෙන කොටස ටික කියවද්දී හැමදාම හිතනවා පත්තර කන්තෝරුවකට ගිහින් හරි ඒ පත්තර කොල කෑල්ල හොයා ගන්න ඕනේ කියලා. කොහොමින් කොහොම හරි ඒක සිතුවිල්ලකට විතරක් සීමා වුනා.
මෙහෙම ගිහින් අවුරුදු ගණනාවක් ගිහිල්ලත් මම කොළඹ ඇනෙක්සියට ගෙදර තිබ්බ බඩු මුට්ටු අරගෙන ආපු වෙලාවේ මට තිබ්බ වටිනාම මතකයන් ටික අරගෙන එන්න මම අමතක කලේ නැහැ. බඳින්න කලින් පුච්චන්න
ඕනේ ඒවා ටික කළින්ම පුච්චපු නිසා ඉතුරුවෙලා තිබ්බේ මෙන්න මේ වගේ වටින දේවල්
විතරයි.
අන්න ඒ පරණ මතක අතරේ තිබ්බ එක දෙයක් තමයි ROOTS කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය, හැබැයි ඒ පත්තර පිටු විදිහට. පරිවර්තනය සිදුකරලා තිබුනේ “සමන් වික්‍රමාරච්චි” කියන මහත්මයා.
ඒ වගේම "ජනක රත්නායක" කියන මහත්මයාගේ විශිෂ්ට ඝණයේ සිතුවම් වලින් කෘතියට අවශ්‍ය කරන සියුම් ආලෝකයකුත් ලැබිල තිබුණා. ඇලෙක්ස් හේලි (Alex Haley) කියන කළු ඇමෙරිකානුවා දොළොස් වසක් තිස්සේ තම පරපුරේ අක්මුල් සොයා යෑමෙන් පසු හෙළිවූ අතීතය ලියා තැබූ විශිෂ්ට ඝණයේ කතා පුවතක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.
වහල් සේවය වේවා, රට රටවල් පිටින් අල්ලා ගනිමින් සිදුකළ මංකොල්ල කෑම්, මනුෂ්‍ය ඝාතන හෝ වේවා, මේ සියල්ල පිටුපස සිටියේ සභ්‍යයැයි තමන් විසින්ම හඳුන්වා ගත් දේව භක්තිය මනෝවිකාරයක් කරගත් අමනයන් පිරිසක්. උන් කරපු නොපෙනත් කම් වලට සරිලන වන්දි මේ ලෝකෙදි වගේම ඉදිරි අනාගතේදීත් ලැබෙන්න ඕනේ...
මේ කොටස ලියවුනේ උන් අපේ වගේ රටවල් වලට සහ අප්‍රිකාවේ රටවල් වල උන්ගේ ආගම්
පතුරවන්න සිද්ධ කල සංස්කෘතික සහ මානව සංහාර සම්බන්ධව උපන් කේන්තියෙන්.
මෙන්න මෙවැනි කොටසක් පත්තර පිටුවේ හැමදාම වගේ පළවුණා.
ඇලෙක්ස් හේලිගේ නවකතාවේ අනුවාදය
මේ ආඛ්‍යානය වූ කලී එක්තරා මිනිසෙකු දොළොස් වසක් තිස්සේ ස්වකීය පරම්පරාවේ මුල් ඇදුනු තැන් සොයා ගිය ගමනේ කතාවයි.
ඒ මිනිසා නම් කළු අමෙරිකානුවකු වූ ඇලෙක්ස් හේලිය, ඔහු පුවත්පත් කලාවේදියෙකි. වහලුන් සහ නිදහස් මිනිසුන්, ගොවින් සහ කම්මල්කරුවන්, නීතිඥයන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ආදී වශයෙන් වූ පරම්පරා හයක් ඔස්සේ ඔහු තම මුල් සොයා අප්‍රිකාවට යයි. තමා උපන් බිමින් උදුරාගෙන වධ වේදනා මධ්‍යයේ යදමින් බැඳ නවීන ලෝකයේ වහල් වෙළඳ පොළ වෙත රැගෙන ආ කුන්ටා කින්ටේ නම් දහසය හැවිරිදි ගෝත්‍රික තරුණයා හමුවන තෙක් ඔනු අතීතයට යයි. ROOTS ඒ කතාවයි.
මෙම වෘතාන්තය රූපවාහිනී තිරයටද නැගිණි. ලොව වැඩිම ජනකායක් නැරඹු රුපවාහිනි මාලා නාටකය ලෙස වාර්තා තැබූ එය කලකට පෙර අප රටේ රුපවාහිනියේද ප්‍රදර්ශනය විණි. “යදම්” යනුවෙන් ප්‍රථම වරට සිංහලට නැගෙන්නේ එම කතාවයි.
රූපවාහිනියේ ප්‍රචාරය වෙච්ච බවක් කිව්වට අපි ඒ කතාව කළින් බලල තිබුනේ නැහැ.
1993 වකවානුව වෙද්දී අපේ ගෙදර කාර් බැටරියෙන් බලන්න ඇහැකි කළු සුදු National වර්ගයේ අඟල් 12 TV එකක් තිබුනා. ඒකෙන්
මොකක්හරි කතාවක් හරි ෆිල්ම් එකක් පැහැදිළිව බලනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ.
උණ බටටේකට ඇන්ටණාවක් අමුණාගෙන උද බලාගෙන එහෙමෙහෙ ගෙනියනවා තරම කරුමයක් ඒ දවස්වල
අපිට තිබ්බේ නැහැ. එහෙම වෙන්න හේතුව අපේ ගෙවල් හතර වටෙන්ම කඳු වලින් වටවෙලා
තියෙන නිසා වෙන්න ඕනේ.
කාලයක් තිස්සේ යටපත් වෙලා තිබ්බ පත්තර පිටුව හොයා ගැනීමේ මෙහෙයුම
හදිස්සියේම දවසක් ඔළුවට ආපහු ආවේ 2013 අවුරුද්දේ දවසක. එදා දිවයිනේ වැඩ කරන මගේ යාළුවකුට
කෝල් කරලා බැලුවම උගේ උත්තරේ වුනේ උන්ගේ පුස්තකාලයේ පැරණි පුවත්පත් ඔක්කොම තිබුනත්
ඒවායෙන් කොපි ගන්න බැරි බවත් මහජන පුස්තකාලයෙන් කොපියක් ගන්න පුළුවන් වේවිය කියලත්.
එහේට කෝල් කලාට පස්සේ එයාලගේ උත්තරේ වුනේ යම්කිසි ගැටළුවක් නිසා ෆොටෝ කොපියක්
ගැනීමේ හැකියාවක් නැහැ කියන එක තමයි. එතනින්ම ආපහු වතාවක් මගේ උත්සාහය නිරර්ථක වුනා.
ඔහොම ඉඳලා 2014 මැද හරියෙදි වගේ පළවෙනි කොටස නැතුව දෙවෙනි කොටසේ ඉඳල කතාව
ලියන්න පටන් ගන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවා. දෙවෙනි කොටස සම්පුර්ණයෙන්ම Word Document එකක් විදිහට ලියල ඉවරවෙලා තුන්වෙනි කොටස ලියන්න යද්දී කතාව
සම්බන්ධව හිතේ ඇතිවුන යම් මානසික තත්ත්වයක් නිසා ඒ වැඩේත් අතරමග නතර කරලා දාන්න
හිතුනා. මට බය හිතුනා මම පොඩි කාලේ ඉඳල ආදරේ කරපු ඒ කතාවට දැන් මම වෛර කරන්න පටන්
ගනීවිද කියලා.
ආපහු වතාවක් 2015.03.31 වෙනිදා හදිස්සියේම හිතට ආපහු අදහසක් නිසා දිවයින
කන්තෝරුවට කෝල් කරන්න මට හිතුනා. මගේ අවශ්‍යතාව එතනට දැනුම් දුන්නා. එතනට ඇවිත්
කතෘ මණ්ඩල අනුමැතියක්ද මොකක්ද එකක් අරගෙන පුස්තකාලය ඇතුළට එන්න කියල එතනින් දැනුම්
දුන්නා. ඊට පස්සේ මගේ පෙන්තාටත් කෝල් එකක් දීලා සිද්ධිය කියලා මම දිවයිනට පත්තරේට
ගියා. මමයි මේ කියන මිත්තරයයි දෙන්නත් එදා ඒ හම්බ වුනේ හරියටම අවුරුදු 10 කින් විතර
වගේ. පුස්තකාලය භාර නිලධාරි මහත්තුරු මගේ වැඩේ වෙනුවෙන් අදාළ පුවත්පත සොයා දෙන්න
වැඩි වෙලාවක් ගත්තේ නැහැ. එක අවුරුද්දක පත්තර ටික ලොකු පොතක් විදිහට එකට බයින්
කරලයි තිබුනේ. ඒ වගේම ඒ විදිහට බයින් කරලා තියෙන පත්තර ගැලවීම තහනම්ලු. මම කිව්වේ
මට ෆොටෝ ටිකක් ගහගන්න තිබුනම ඇති කියල. මගේ මිත්තරයා හොඳ කැමරා එකකින් ඒ වැඩේ කරවලා
දෙන්න හැදුවත් ෆෝන් එකේ තියෙන කැමරා එක මගේ වැඩේට සෑහෙන නිසා මුළු ලිපියම කවර් වෙන
විදිහට ෆොටෝ කීපයක් ගහගත්තා. ඊට පස්සේ යාළුවා එක්ක පොඩ්ඩක් ආගිය විස්තර කතාබහ කරලා
එහෙම මම ආපහු එන්න ආවේ ලොකු සතුටක් හිතේ තියාගෙන.
පොඩි නැහැ මේක හරියටම අවුරුදු 22 ට ආසන්න කාලයක් තිස්සේ හිත යට තිබිලා
මතුවෙච්ච අදහසක් එක්ක ලබා ගත්තු ජයග්‍රහණයක්...
දැන් තමයි ගැටළුව...
මම ඒ ලිපි පෙළ පරිවර්ථකගෙන් හෝ දිවයින පත්තරෙන් නිසි අවසරයක් නැතිව බ්ලොග්
එකේ පළ කරන්න පුළුවන්ද, එහෙම කරන එක හරිද...? වැරදිද...?
දැනට තියෙන වාතාවරණය අනුව සමන් වික්‍රමසිංහ මහත්මයව හොයාගෙන ඒ අවසරය ලබා
ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැළකිය යුතු මට්ටමේ ගැටළුවක්.
කොහොම නමුත් ජාලය හරහා මට ඒකට පොඩි විසඳුමක් ලැබුනා.
මේ පරිවර්තනය පොතක් විදිහට එළි දැක්වූ බවක් මම කලින් දැකල
තිබ්බේ නැහැ, පොත් කඩ ගානේ, බුක් ෆෙයාර් එකේ කරක් ගහන මට ඒ පොත හම්බ උනේ නැති උනාට
“යදම්” පොතක් විදිහට පළවෙලා කියල මට අන්තර්ජාලය හරහා දැනගන්න ලැබුනා. ඒ හෝඩුවාව හරහා
මම මුලින්ම කලේ පොතේ කොපියක් හොයා ගන්න පුළුවන්ද කියල හොයල බලන එක.
මේ පොත 1997 දී පළකරලා තියෙන බව සහ දැනට පොතේ කොපියක් හොයා ගන්න බැරි බවක්
තමයි හැමතැනින්ම වගේ දැනගන්න ලැබුනේ.
ඊට පස්සේ සමන් මහත්තයව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් ගැන හොයා බැලුවා.
පොත පළකරලා තියෙන්නේ සංහිඳ ප්‍රකාශකයෝ. සරසවි එකට කෝල් කරලා සංහිඳ එකේ නොම්බරේ
ඉල්ල ගත්තා. එතනින් “සමන් වික්‍රමාරච්චි” මහත්තයාගේ දුරකථන අංකයක් ඊයේ වෙද්දී ඉල්ල
ගන්න පුළුවන් වුනා.
ඊයේ දවසෙම ඒ අංකෙට කෝල් කලාට උත්තර නැහැ, අද උදේ කතා කරලා බැලුවම වැරදි
අංකයක් කියන සුභ ආරංචිය මේ දැන් වගේ ලැබුනා. භාවිතයෙන් ඉවත් කරපු දුරකථන අංක නැවත වෙනත් පුද්ගලයින්ට නිකුත් කරන නිසා ඒ අංකය දැන් වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ.
දැන් මම මොකක්ද කරන්න ඕනේ කියන ගැටළුව තවමත් මගේ ඉදිරියේ...
පුළුවන්නම් අදහසක් දෙන්න...
පොත නං මගෙ ළඟ මෙහෙ හරි ලංකාවෙ ගෙදර හරි නොවැරදීම තියෙනවා.ඒත් දෙන්න ක්‍රමයක් නෑනෙ.
ReplyDeleteඒ උනාට හැලප අයියේ කේස් එක මේකෙනේ. මම පොතක් හෙව්වේ ළඟ තියා ගන්න... එහෙම නැත්නම් පත්තර කොළ ටික මගේ ගාව තියෙනවා කතාව බලා ගන්න පුළුවන් විදිහට.
Deleteමගේ ප්‍රධාන ගැටළුව තියෙන්නේ "යදම්" හරි ඒ වගේ වෙනත් පොතක් හරි එහෙම නැත්නම් පත්තරේක ගිය දෙයක් හරි බ්ලොග් එකක පළ කරන එකේ තියෙන සදාචාර සම්පන්න භාවය සම්බන්ධ අදහස...
හැලපෙ අයියෙ පොත ලංකාවෙ තියනවනම් කියහං, ඉවානයව වහලෙන් බස්සල පොත ගන්නම් ඌ ගෙදරත් දන්නව අනික පලපුරුදු ගෙවල් බිදින්නා.
Deleteමම දැනන් හිටියේ නැහැනේ ඉවාන් මේ තරම් දක්ෂයෙක් කියල... ඌව බැංකුවකට බැස්සුවොත් මොකද වෙන්නේ...
Deleteමේ දවස් වල පොතක් ගන්න ගේකට බහිනවට වඩා බැංකුවකට බහින එක ගොඩක් වැදගත්... හෙහ්
මටත් යමක් කියන්න තිබුනත් නොකිය හිටියෙ.දැන් පොත බ්ලොගේ පළකරන වැඩේ අල වෙලා කියල දැනගන්න ලැබුන නිසා මෙහෙම ලියනවා.
Deleteඔය සිද්දවෙච්ච දේ හොඳයි.ඒ මගේ පුද්ගලික අදහස.කතාව බ්ලොගේ දැම්මනං බැණුම් මිස වෙන දෙයක් උඹට ලැබෙන්නෙ නෑ ලොකු පුතා මල්ලි.මම උඹට වඩා දවසක් හරි කලින් බ්ලොග් ලියන්න ආව නිසා මටත් පොඩි පොඩි අත්දැකීම් කීපයක් තියෙනවා.
පළවෙනි කාරණේ අපි උපරිමව රස වින්ද දෙයක් අනික් අයගෙත් රස වින්දනය තකා හුදෙක් සද් භාවයෙන්ම පමණක් අනික් අයට දුන්නත් ඒ අය රස විඳින්නෙ නෑ.මම වෙන වැඩක් පටන් ගන්න හිතල උදාහරණ ගන්න රටේ ප්‍රකට කෙටිකතා දෙකක් මගේ බ්ලොගේ දැම්මම මට ලැබුනෙ බැණුම් පමණයි.ඒ ගමන මම ඒ වැඩේ අත ඇරලම දැම්මා.දැන් ඔය පොඩ්ඩි බුරාත් එක්ක එකතුවෙලා හොඳ රසවත් කතාවක් පරිවර්තනය කරල බ්ලොගේ දානවා. බලන්න යන්නෙ කීයෙන් කී දෙනාද?
ඔය වෙච්ච වැඩේ හොඳයි කියල මම කිව්වෙ ඒකයි.පොත් ගෙනත් බ්ලොගේ දානවට වඩා තමන්ගෙ අත්දැකීමක් හරි මොකක් හරි අහපු කතාවක් හරි ලිව්වා නං ඕනෑ තරම් කට්ටිය බලන්න ඒවි.ඒ නිසා ඔය පොත් වැඩේ ඉස්සරහටත් නොකර ඔහොමම අත ඇර දාන්න.
මේ ටික මම කලින් නොලිව්වෙ මම උඹව අධෛර්ය කරනව කියල වැරදි වැටහීමක් ඇතිකරගනී කියල හිතලයි.නමුත් බ්ලොග් ලෝකෙ යථාර්ථය ඕක තමයි.
ඔව් හැලප අයියේ, ඒක එහෙම වෙන්නත් පුළුවන් තමයි. කමක් නැහැ වෙච්ච දේ නිසා අඩු ගානේ ඒ මනුස්සය හරි පොත අලුතෙන් පබ්ලිෂ් කරන්න ට්‍රයි කළොත් මදෑ...
Deleteඑතකොට ඒක අලුතෙන් ගන්න අයට හරි රස විඳින්න පුළුවන් වේවිනෙ...
ලියමු ලියමු,,, අපි අපේ කතා මොනාහරි ලියාගෙන ඉම්මු, ඒක ඇඟට ගුණයි...
///මේ ටික මම කලින් නොලිව්වෙ මම උඹව අධෛර්ය කරනව කියල වැරදි වැටහීමක් ඇතිකරගනී කියල හිතලයි.නමුත් බ්ලොග් ලෝකෙ යථාර්ථය ඕක තමයි.///
මට එහෙම හිතන්නේ නැහැ හැලප්ස්... (හිතුවක් කියන්නේ නැහැ... හෙහ් හෙහ්... ;p ජෝක් හරිය)
අඩු ගානේ මේ දේ නිසා මගේ ගාව නොතිබ්බ පලවෙනි කොටස හරි මගේ අතට ලැබුනනෙ, ඒ ගැන හැපී...
මට මතක විදියට සමන් වික්‍රමාරච්චි කියන්නෙ ගම්පහ උසාවියෙ 1990 ගණන්වල හිටිය ජජ් කෙනෙක්. විචාර ලිපි එහෙම ලිව්වා ඉස්සර. ඒ ඔස්සේ හොයාගන්න බලන්න. සමහර විට පදිංචිය ගම්පහ වෙන්නත් පුළුවන්.
ReplyDeleteහොදුවාවට ස්තුතියි යාළුවා... මම ආපහු ට්‍රයි එකක් දෙන්නම් ෆෝන් නොම්බරේ හොයා ගන්න...
Deleteමට දැනගන්න ඕනේ එහෙම බැරි උනොත් මේ පරිවර්තනය කරපු අයගේ නම් ගං ඇතුව හරි ඒ කතාව බ්ලොග් එක පල කරන එක සදාචාර සම්පන්නද කියන එකයි...
///හොදුවාවට/// යන්න "හෝඩුවාවට" ලෙසින් නිවැරදි විය යුතුයි
Deleteනොම්බරේ ඉල්ලල එකෙක්‍ට මේලක් දැම්ම බලමු හරියයිද කියල.
ReplyDeleteඑළකිරි කොල්ලෙක්නේ උඹ... බලමු බලමු.
Deleteඑහෙම අවසරයක් අරගෙන ඒ වගේ වැඩක් කරන එක හොඳයි.
එහෙම උනොත් එයාට ආපහු පොත අච්චු ගහන්න බ්ලොග් එකේ තියෙන සොෆ්ට් කොපිය උනත් ගන්න පුළුවන්නේ...
කොහොමහරි ප්‍රශ්න ටික අහවරක් කරගත්තට පස්සේ අපිට කතාව දෙන්න...
ReplyDeleteපොත් ගුල්ලා මෙහාට අලුත් යාළුවෙක් වගේ. සාදරයෙන් පිලිගන්නවා...
Deleteලංකාවේ ගොඩක් හොඳ පොත් තියෙනවා අලුතෙන් ප්‍රින්ට් කරන්නේ නැති නිසා කොපි හොයා ගන්න බැරි
එහෙම පොත්වත් මේ විදිහට ජාලගත කරන්න ලැබෙනවානම් හොඳයි කියල තමයි මම හිතන්නේ
කොයිකටත් නිසි අවසරයක් ගන්න පුළුවන්ද බලල ඉම්මු.
කතාව දෙන්නම් ඊට පස්සේ...
ඔබ මේ අදහස කෙටියෙන් "පොත් කියවන අය" කියන FB page එකේ දාන්න. සමන් එතන ඉන්නවද කොහෙද, ඒ නැතත් එතුමන්ව දන්න අය ගොඩක් එතන ඉන්නව, ඔවුන් උදව් කරාවි කියල හිතනව. ඒත් නැත්තන් මේක අපේ නලීන් දිල්රුක්ෂට යොමු කරන්න, මිනිහ උදව් කරයි
ReplyDeleteMama e group eken ahak unâ wage mathakayi ethana dirawanne nathi nisâ...
DeleteNalin ta msg ekak dâla balannam...
Sthuthiy hoduwâwata...
මම නමෙන් සර්ච් කලා, සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම, පොත් කියවන අය ගෘප් එකේ ඔහු නැහැ වගේ...
Deleteබලමු මොකක් හරි විදිහකට ඔහුගේ ෆෝන් නම්බර් එක හොයා ගන්න විදිහක් සෙට් වේවි...
ඔබ පොත් කියවන අයෙක් නම් සමන් වික්‍රමාරච්චිව කොහොම නොදැන ඉන්නද? ඔහු සිංහල නවකතා සහ වෙනත් කෘති රාභියක් ලියා තියෙනවා විතරක් නොවෙයි, සිංහල සාහිත්‍යය ගැන විචාර රාශියකුත් ලියා තියෙනවා.
ReplyDeleteමෙන්න මේ වගේ පොඩි සර්ච් එකක් කළා නම් විස්තර හොයා ගන්න හැකියි.
සමන් නීතිඥයෙක් සහ හිටපු විනිසුරුවරයෙක් නිසා පරිවර්තනය කිසිසේත් ම අනවසරයෙන් දාන්න යන්න එපා.
තවත් එකක්. රූට්ස් කියන ටෙලි මූවි එක රූපවාහිනියේ පෙන්නුවේ 1993 ට වඩා වසර කීපයකට කලින්. ඒ ඉංගිරිසි එකක්. ඒ දවස්වල හඬ කැවීම් හෝ උප සිරැසි තිබුණේ නෑ.
මම ගොඩක් වෙලාවට කියවන්නේ පරිවර්තන. ඒ එක්කම කඩේකට හරි බුක් ෆෙයාර් හරි ගියාම ඒ වෙලාවේ හිතට වදින පොත්. මට මෑත කාලයකදී මෙතුමාගේ පොත් මුකුත් දකින්න ලැබුනේ නැහැ. සමහර විට තියෙන්නත් ඇති මම නොදැක්කා වෙන්නත් පුළුවන්.
Deleteමම සර්ච් කලේ Saman Wikramarachchi කියලා, එහෙම සර්ච් කලාම මේ තරම් දේවල් තිබ්බේ නැහැ.
///සමන් නීතිඥයෙක් සහ හිටපු විනිසුරුවරයෙක් නිසා පරිවර්තනය කිසිසේත් ම අනවසරයෙන් දාන්න යන්න එපා.///
මේ හෝඩුවාවට නම් එකසිය ගාණට තෑන්ක්ස්. අන්තිමට වන්දිත් ගෙවල තමයි නතර වෙන්න වෙන්නේ...
නඩු දැම්මොත් එහෙම එපා කියන්නද...
කොහොමහරි එයාව හොයා ගන්න බලන්නම්...
//සමන් නීතිඥයෙක් සහ හිටපු විනිසුරුවරයෙක් නිසා පරිවර්තනය කිසිසේත් ම අනවසරයෙන් දාන්න යන්න එපා.//
Deleteමම රසිකලොජිස්ට් එක්ක මුළුමනින්ම එකඟයි ඒ මතුකරපු කාරණය ගැන.
Dude ලොක්ක,
Deleteනිකං අත පුච්ච ගන්නේ මොකටෙයි නේද බං...?
සමන් මහත්මය තවමත් පුවත්පත් වලට ලිපි ලියනව...
ReplyDeleteමට මතක විදියට බුකියෙත් න්නව
මං රික් කලා වගේ මතකයි හැබැයි ඇක්සෙප්ට් කලේ නෑ
මොකක් ම හරි උත්සාහයක් දරල බලන්නං ඔහුව සම්බන්ධ කරගත හැකි මගක් දැනගන්මට
ඔහු දැනට ලියන්නේ මොන පත්තර වලටද...
Deleteබුකියේ චෙක් කලාට ඔහුව හොයා ගන්න බැරි උනා.
මමත් දැන් ආපහු ට්‍රයි කලා කකා දාල තිබ්බ ලින්ක් හරහා සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් හොයා ගන්න...
ඒත් තවමත් බැරි උනා...
අපිටත් කතාව කියනවන්න අවස්ථාව ලබා දෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඒ උත්සාහය අපතේ ගියා තුෂානි...
Deleteමම මේ දැන් සමන් වික්‍රමාරච්චි මහත්තයාගේ ෆෝන් නම්බර් එක හොයාගෙන කෝල් කලා.
එයා ඒක පොතක් විදිහට පල කරලා තිබෙන නිසා බ්ලොග් එකේ දාන එක ගැටළුවක් බව තමයි එතුමාගේ අදහස වුනේ.
කොහෙවත් ඒ පොතේ කොපි හොයා ගන්නත් නැහැ කියල මම කිව්වම, ඔහුගේ අදහස වුනේ ඉදිරි කාලෙක ඒ පොත ප්‍රින්ට් කරන්න බලන්නම් කියල... එහෙමවත් වෙනවද කියල බලමු...
කලින් පොත බලපු කෙනෙක්ගෙන් අහල බලන්න ඕනේ ඒ පොතේ "ජනක රත්නායක" මහතා ඇඳපු ලස්සන චිත්‍ර ටික තිබුනද කියලා...
ඒ චිත්‍ර සෑහෙන ලස්සනයි...
ඒ ටික නැත්නම් පොතෙන් වැඩක් නැහැ...
මමත් මහත් ආසාවෙන් කියවපු පොතක්. මේක මිලදී ගන්න පුළුවන්ද කියලා රට වටේම හෙව්වා. ගන්න තිබුණෙ නෑ. පොතේ ජනක රත්නායකගෙ චිත්‍ර නම් නැත. මේ පොතේ දෙවැනි කොටසකුත් තියෙනවා. කුන්ටා කින්ටේ වහලෙක් හැටියට නගරයේ ගත කරන ජීවිතය ගැන. ඒ කොටස තාම පරිවර්තනය කරලා නෑ. අපරාදෙ ඔයාගෙ උත්සාහය අපතේ ගියේ. මිලදී ගන්නවත් නැති පොතක් රීප්‍රින්ට් වෙන්නෙත් නැත්නම් මෙහෙම පාඨකයන්ට කියවන්න ලැබෙන එක වටිනවා නේද?
ReplyDeleteජනක රත්නායකගේ පින්තුර ටිකෙන් ලොකු ගැම්මක් ඇවිත් තිබුනා කතාවට...
Deleteපත්තරේක පලවෙච්ච දෙයක් කියන්නේ නිකන් ජනසතු වෙච්ච දෙයක් වගේ මට හිතෙනවා, මම වැරදි වෙන්නත් පුළුවන්.
සමහර විට පත්තරෙන් අවසරේ අරගෙන දාන්න බැරි කමකුත් නැතුව ඇති...
ඒත් ඉතින් පරිවර්තනය කරපු කෙනා අකමැතිනම් ඊට එහා දෙයක් කරන්න අපිට බැහැනේ බං...
ඒ උනත් අපරාදේ, මොකද මම හිතන විදිහට සමන් මහත්තය ගාවවත් ඒ පින්තුර ටික නැතුව ඇති, එහෙම නැත්නම් පින්තුර ටික පොතේ දානවට ජනක මහත්තයා අකමැති උනාද දන්නෙත් නැහැ. ඔව්ව වෙන්නේ එහෙමනේ... ;)
///මිලදී ගන්නවත් නැති පොතක් රීප්‍රින්ට් වෙන්නෙත් නැත්නම් මෙහෙම පාඨකයන්ට කියවන්න ලැබෙන එක වටිනවා නේද? ///
හෙට අනිද්දම ප්‍රින්ට් කරන විදිහට තමයි එතුමා මට කිව්වේ, අපි ටික කාලයක් බලමු. එහෙම උනේ නැත්නම් ආපහු අහල බලමු.
1997 දී පොත ප්‍රින්ට් කලා කියන්නේ නිකං අකුරු අමුණලා වෙන්න ඇති පොත ගහන්න ඇත්තේ.
ආපහු ප්‍රින්ට් කරනවා කියන්නේ වෙනම ටයිප් සෙටින් කරන්න වෙනවා නේද
මම ඒක බ්ලොග් එකේ ලිව්වනම් එතුමාට ටයිප් සෙටින් එක අලුතින් කරන්නේ නැතුව බ්ලොග් එකෙන්ම සොෆ්ට් කොපිය ගන්න තිබ්බා
බ්ලොග් බලන සුළු පාඨක පිරිසක් අතරේ මේ කතාව බෙදිලා ගියත් පොත විකිණෙන එකට ඒකෙන් කිසිම බාධාවක් වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස...
මොකද, සල්ලි දීලා පොත් අරගන්න උන් කොහෙන් හරි ඊට කලින් ඒ පොත කියවල තිබුනත් අර ගන්නවා.
දැන් උඹයි මමයි බැලුවත් එහෙමනේ, අපි දෙන්නම ඒක කියවල තියෙනවා
නමුත් පොත ගන්න තියෙනවද කියල හොයල බලනවා තියෙන පෙරේත කමට... ;p
දැන් දැන් ඔය දිග දිග නවකතා/පරිවර්තන කියවනවා අඩුයි. කාලයේ ප්‍රශ්න නිසා. හොඳටම විවේක දවසක් හරි නින්ද නොයන රැයක් හරි තිබුණොත් නම් පුලුවන්. දිග දිග බ්ලොග් ලිපි උනත් මගහැරෙනවා මේ තත්ත්වය යටතේ.
ReplyDeleteමක්කා වුනත් හොඳ වැඩක්!
ඒ නිසාද උඹ පොඩි පොඩි කයි ලියන්නේ...
Deleteඒ උනත් බං හොඳ පෝස්ට් එකක් දැක්කම මමනම් දිගයි කියල බලන්නේ නැතුව කියවනවා ෆෝන් එකෙන් හරි
මේ වැඩේට පොඩි බාල්දියක් වැටුනා බං, දැන් ඒ වැඩේ හරියන්නේ නැහැ
අවශ්‍ය කාරණා සපුරාගෙන කතාව අපිටත් බලන්න බ්ලොග් එකේ දාන්න ලැබෙන්න කියලා සුබ පතනවා..
ReplyDeleteබලමු බලමු... එයා ආපහු පොත පබ්ලිෂ් කලේ නැත්නම් විතරක් මම පස්සේ අහල බලල ට්‍රයි එකක් දෙන්නම්...
Deleteඑතකල් ටිකක් බලාගෙන ඉම්මු...
ලොකු පුතේ මටත් මේක කියවද්දි තමා මගේ කුඩා කාලය ගැන හිතුනේ..... අැත්තට ම අපි කලුසුදූ රූපවාහිනිත් බැලුවා නේද??? ඒත් දැන්....???
ReplyDeleteකළුසුදු විතරක් නෙමෙයි බං, මතක නැද්ද ඒ TV කලර් කරගන්න ඒ ඉස්සරහින් පාට කීපයක් තියෙන ප්ලාස්ටික් තහඩුවක් වගේ එකක් එහෙම ඇල්ලුවේ නැද්ද.
Deleteටීවී එකේ එක එක තැන් එක එක පාටයි, දැන් කාට හරි එහෙම දෙයක් පෙන්නුවොත් හිතයි මුන්ට පිස්සුය කියලා
එහෙව් අත්දැකීම් තියෙන එක ගැන මටනම් මාර සතුටුයි බං...
ඒ විතරක් නෙමෙයි බන් පත්තර කොල කෑලි එකතු කරලා ඉස්කෝල නිවාඩු කාලේ කියවන්න තියාගෙන ඉන්නවා.
මම වතාවක් ලෝක අපරාධයක් කලා, අද මම ඒ ගැන ගොඩක් දුක් වෙනවා.
අපේ ගෙදර තිබුනා 1983 - 4 වගේ කාලේ ඉඳලා විජය පත්තර තොගයක්.
මම ඒවා පිළිවෙලට හදල ගොඩ ගහල තිබුනේ.
සමහර පත්තර වල අතරින් පතර පින්තුර එහෙම කපාගෙන තිබුනා අපේ අක්කලා.
ඒ උනත් එතන තිබ්බ පත්තර ඔක්කොම වගේ පිළිවෙලකට තිබ්බා.
මම හැම නිවාඩුවකදිම වගේ මේ ටික අරගෙන කියවනවා.
පස්සේ ඔ ලෙවල් එහෙම ලියල ඉවර උනාට පස්සේ කාමරේ ඉඩ නැති නිසා ඒ ටික එළියේ කාමරේකට ගෙනිහින් දැම්මා.
එහෙම්මම කාලයත් එක්ක ඒ ටික මගේ හිතෙනුත් ඈත්වෙලා ගියා.
පස්සේ පස්සේ ඒවා කාවෝ කාල දිරල වගේ ගියාට පස්සේ අපේ අම්මගේ අතින් අවසන් ගමන ගිහින් තිබ්බා
හොඳට තිබ්බ ටික පරණ පත්තර විදිහට විකුනුවලු.
ඒ ටික දැන් තිබ්බනම් තව ටික දවසකින් අපේ පොඩි එකෙක් හරි කියවයි, පුදුම ලස්සන කතා, චිත්‍ර ඒවායේ තිබ්බේ...
දැන් ඉතින් මොනා කරන්නද...?
ලොක්කා,
ReplyDeleteඔය රූට්ස් කතාව සත්‍ය කථාවක් නොව ඇලෙක්ස් හේලිගෙ ප්‍රබන්ධයක් සහ වෙනත් අයෙක් කරපු නිර්මාණයක් කොල්ල කෑමක් කියල සාධක සහිතව ඔප්පු වෙලා තියනව. නිර්මාණයක් මංකොල්ල කෑමේ වරදට මුල් රචකයාට ඩොලර් 650,000 ක වන්දියක් ගෙවල හේලි නඩුව සමථයකට පත්කරගෙන.
ඇත්තටම ප්‍රබන්ධයක් විදිහට රූට්ස් අපූරු නිර්මාණයක්. ඒකෙ ගැටළුවක් නෑ. ඒත් මෙහෙම ඉතාම අශෝභන සිද්ධියකුත් රූට්ස් පසුබිමේ තියනව කියල බහුතරයක් දන්නෙ නෑ. මේ ඒ ගැන අරුණි අවුරුදු දෙකකට වගෙ ඉස්සර ලියපු සටහනක්
රවී අයියේ,
Deleteඋඹට අරුණි කරපු එකම උඹ මට කරපු එක වැරදියි. මම අරුණිගේ කමෙන්ට් එක කියෙව්වා.
ඒ වගේම මම හිත හදා ගන්න හරි නැති වෙන්න හරි මොන මගුලකට හරි මෙන්න මේ දේ හිතනවා. කුන්ටා කින්ටේ ඇලෙක්ස් හේලි ගේ මුත්තා නොවෙන්න පුළුවන්.
නමුත් කුන්ටා ගේ කතාව ඒ දවස්වල තිබ්බ වහල් වෙළඳාමේ යතාර්ථය නෙමේද.
මම හිච්චි එකා සන්ධියේ නිසා ඒක ඇත්ත කතාවක්ද ගොතපු එකක්ද කියන එකට වඩා මම ඇත්තටම ආදරය කලේ ඒ කතාවට...
ඒක ඇත්ත කතාවක් නෙමෙයි කියන එක දැන ගත්තත් ලොකු අවුලක් දැනුනේ නැත්තේ ඒ නිසා වෙන්න ඕනේ...
මිනිස්සු ගැනනම් මම හිතන්නේ නැහැ, අවසන් පලය ගැන නොහිතුවොත් කිසිම මිනිහෙක්ගෙන් අපිට දෙයක් ගන්න බැරි වේවි...
ඒක හරියට අර කලාකරුවන්ගේ දේශපාලනය ඔවුන්ගේ ගීත හෝ රඟපෑම් රස විඳින්න බාධාවක් කර ගන්නවා වගේ වැඩක්...
නෑ බං වරදවා හිතන්න එපා..ඇත්ත නැත්ත පැත්තක තිබ්බාවෙ රූට්ස් ඇවිල්ල විශිෂ්ඨ ප්‍රබන්ධයක්..මම කලිනුත් ඒක කිව්වනෙ. ඕකෙ දෙවෙනි කොටසත් ඒ වගේමයි ...Queen. ඇලෙක්ස් හේලි ලිව්වද කාගෙන් හරි හොරකම් කලාද, කතාව ඇත්තටම උනාද නැත්තං ගොතපු කතාවක්ද කියල එච්චර හිතන්න එපා. අතිවිශිෂ්ඨ ප්‍රබන්ධයක් කියල හිතල රස විඳපන්...දැට්ස් ඕල්...මමත් අර මුලින්ම ඔය සීන් එක දැනගත්තට පස්සෙ නිකං කරකවල අතෑරිය වගෙ උනාට පස්සෙ එහෙම හිතල හිත හදාගත්ත. ඒත් ඇත්ත මොකක්ද කියල දැනගන්න එක වැදගත්ය කියල හිතලයි මේ කතාව උඹට කිව්වෙ.
Deleteමම ඒක දන්නවා බං රවී අයියේ, මට කියන්න ඕනේ උනේ අපේ උන් අතරේ වතාවක් අර කලාකරුවෝ සම්බන්ධව මේ වගේ දෙයක් මතුවෙච්ච නිසා...
Deleteඑහෙමයි කියල මේ වගේ දෙයක් විසික්කා කරලා දාන්න පුළුවන්ද හිතක් පපුවක් තියෙන එකෙකුට...
///ඒත් ඇත්ත මොකක්ද කියල දැනගන්න එක වැදගත්ය කියල හිතලයි මේ කතාව උඹට කිව්වෙ.///
ඒක හරි, එහෙම දැනගන්න එක අපතේ යන්නේ නැහැ. ඒත් ඉතින් "බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ" පොඩ්ඩක් අවුල් වෙනවනේ මේවා ඇහුවම, ඒකනේ සීංකෝන් එක... :)
අලියට ඇහැ තියන්න කියලා ඇස් බැඳලා කරකවලා කණා මුට්ටිය බිඳින පොල්ලෙන් ඔළුවට ගැහුවා වගේ.. අරුණි ශපීරෝ, ඇලෙක්ස් හේල්ස්, රවී, ලොකු පුතා, සමන් වික්‍රමාරච්චි ඔක්කොම ඔළුව වටේ කැරකෙනවා..
ReplyDeleteමේ පහලින් කියල තියෙන කතා දෙක එකකට එකක් පරස්පරයි කියල හිතෙන්නේ මට විතරද?
//වටිනාම මතකයන් ටික අරගෙන එන්න මම අමතක කලේ නැහැ. බඳින්න කලින් පුච්චන්න ඕනේ ඒවා ටික කළින්ම පුච්චපු නිසා ඉතුරුවෙලා තිබ්බේ මෙන්න මේ වගේ වටින දේවල් විතරයි.
අන්න ඒ පරණ මතක අතරේ තිබ්බ එක දෙයක් තමයි ROOTS කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය. පරිවර්තනය සිදුකරලා තිබුනේ “සමන් වික්‍රමාරච්චි” කියන මහත්මයා.//
//කොහොම නමුත් ජාලය හරහා මට ඒකට පොඩි විසඳුමක් ලැබුනා.
මේ පරිවර්තනය පොතක් විදිහට එළි දැක්වූ බවක් මම කලින් දැකල තිබ්බේ නැහැ, පොත් කඩ ගානේ, බුක් ෆෙයාර් එකේ කරක් ගහන මට ඒ පොත හම්බ උනේ නැති උනාට “යදම්” පොතක් විදිහට පළවෙලා කියල මට අන්තර්ජාලය හරහා දැනගන්න ලැබුනා. ඒ හෝඩුවාව හරහා මම මුලින්ම කලේ පොතේ කොපියක් හොයා ගන්න පුළුවන්ද කියල හොයල බලන එක.///
කොහොම උනත් මට හොඳට හිතට ඇල්ලුවේ මේ ටික..
//බඳින්න කලින් පුච්චන්න ඕනේ ඒවා ටික කළින්ම පුච්චපු නිසා//
ඔය වැඩේ කරන්න අමතක වෙලා අපේ උන්දෑ මට තාමත් මඩ ගහන තැන් කීපයක්ම තියෙනවා.. හැක්.
අඩේ.... දැන් තමයි මටත් ඒක ක්ලික් වුනේ, රුයිතෙට හිතන උඹ වගේ එකෙකුට එතන අහුවෙන පොඩි කොස්සක් තියෙනවා නේන්නම්...
Deleteහරි හරි, ඒවා වැඩක් නැහැ. අපිල ගිහින් යේක පෝස්ට් එකේම හදල දාන්නම්...
ඇත්තටම මම උස්සගෙන ආවේ පරිවර්තනය තමයි, හැබැයි ඒ පොතක් විදිහට නෙමෙයි පත්තර කොළ මිටියක් විදිහට...
///ඔය වැඩේ කරන්න අමතක වෙලා අපේ උන්දෑ මට තාමත් මඩ ගහන තැන් කීපයක්ම තියෙනවා.. හැක්.///
ඒ ගැන කම්පනා කරලා තමයි මම ඒ ගැන කළින්ම ගත යුතු ක්‍රියාමාර්ග ටික ගත්තේ, නැත්නම් ඉතින් ආපහු කණක් ඇහිලා වසන්න කියලයැ...
අපේ පොඩි එකා TV එකේ ලස්සන කෙල්ලෝ ඉන්න Add එකක් එහෙම යද්දී කට ඇරගෙන බලාගෙන ඉන්න වෙලාවල් තියෙනවා.
වෙන වෙලාවල් වල මළාට බත් ගුලියක් කවන්න බැරි උනාට අන්න ඒ වගේ වෙලාවල් වලට ඌටත් හොරෙන් උගේ කටට බත් ගුලියක් එහෙම ඔබන්න ඇහැකි...
අන්න ඒ වගේ වෙලාවට මගේ දිහා බලලා හරි ආදරෙන් මෙන්න මෙහෙම කියනවා....
"ගහේ කටු උල් කරන්න ඕනේ නැහැනේ, තාත්ත වගේම නැතැයි පුතත්" කියලා...
අර පොඩි එකා නොතේරුම් කමට බලන එකෙනුත් කෙළ වෙන්නෙත් මට... ඔන්න ජිවිතේ...
පරණ එව්වා පිච්චුවා කියලත් වැඩක් නැහැ... කරත්ත රෝදේ වගේ පස්සෙන් එනවා...
බුදු හාමුදුරුවෝ නිකං නෙමෙයිනේ ඔව්වා දෙසන්න ඇත්තේ... හෙහ් හෙහ්...
/ බඳින්න කලින් පුච්චන්න ඕනේ ඒවා ටික කළින්ම පුච්චපු නිසා /
Deleteහෙහ්, මාත් බඳින්ට කලින් ඔහොම පසුව අනවශ්‍ය අර්බුදයට තුඩුදියහැකි සියලු ලිපි ලේඛන සහ සාක්ෂි පුළුස්සල දැම්ම. ඒත් තාමත් ඔය මඟ ඇරිච්ච එව්ව අහුවෙල පොඩි පොඩි සුනාමි සහ ටෝනේඩෝ හටගන්නව ඉඳහිට. ඒත් ප්‍රධාන ප්‍රශ්ණෙ ඒක නෙවෙයි. බැන්දට පස්සෙත් අවුරුදු පතා වගෙ ඔය පුළුස්සන ව්‍යාපෘතිය කරන්ට සිද්ධ වෙච්චි එක...හෙහ්,හෙහ්,
ඈ බන් රවී අයියේ, අවුරුද්දෙන් අවුරුද්ද පුච්චන්න තරමට බඩු ගොඩ ගැහෙනවා කියන්නේ බන් ටෝනාඩෝ, සුනාමි නෙමෙයි උඹට හයිඩ්‍රජන් බෝම්බයක් නොගහ ඉන්න එකම මදැයි අර මනුස්සයා...
Deleteඔය පිච්චුවාය කිව්වට අපි ගාවත් තාම ඉතුරු වෙච්චි පොඩි පොඩි කොට කෑලි හෙම තියෙනවා, එව්වනම් ඉතින් නිධන්ගත කරලා වගේ තමයි තියෙන්නේ... හෙහ්
" මේ මම ඇවිල්ල බොහොම අවංක මනුස්සයෙක්..ඒ නිසා අපි බඳින්ට ඉස්සෙල්ල මම වෙන කෙල්ලො එක්ක යාලුවෙලා හිටිය ඔක්කොම විස්තර මට ඔයාට කියන්ට ඕන. "
Delete" ඉතිං අනේ ගිය සුමානෙ ඔයා ඒ ඔක්කොම විස්තර මා එක්ක කිව්වනෙ ..මතක නැද්ද? "
" හරි, හරි ඒ ගිය සුමානෙට කලින් එව්වනෙ……."
රවී අයියේ අපි මේ ඔෆිස් එකක් අස්සේ ඉන්නේ, ඒ මදිවට ලොක්කෝ දෙන්න මේන් කියල මගේ මුණ ඉස්සරහමයි ඉන්නේ...
Deleteඋඹ මේ කියන කතා වලට හිනා යද්දී ඔෆිස් එකේ උන් බලනවනේ මුට පිස්සුද කියල
///" මේ මම ඇවිල්ල බොහොම අවංක මනුස්සයෙක්..ඒ නිසා අපි බඳින්ට ඉස්සෙල්ල මම වෙන කෙල්ලො එක්ක යාලුවෙලා හිටිය ඔක්කොම විස්තර මට ඔයාට කියන්ට ඕන. "///
අපේ උන්දලට කොහෙද... පරණ ආතල් සිද්ධියක් කියන්න ගියත් "අපොයි... මට ඕවා අහන්න උවමනාවක් නැහැ"
"මම කැමති නැහැ ඔයා වෙන කෙල්ලෙක් එක්ක හිටපු ඒවා අහන්න"...
ඔහොම කියල මගේ යහපත් අතීතය බලෙන් වළලලා දානවා.
පුදුම ගෘහස්ථ හිංසනයක් අප්පා...
ඔය කියන 1993 ලංකාවෙ වැඩිපුරම විකිණුන පත්තරේ තමයි දිවයින. ඒ වාර්තාව අදටත් නොබිදුන එකක් කියලයි ලංකාවෙ නමගිය ජාතික පත්තරයක වැඩ කල කාලෙ මට අහන්න ලැබුනෙ. ඔබ ඔය කියන ලිපිය හොයාගන්න ඔතරම් උනන්දු නම් දිවයින කාර්යාලයට කථා කර විමසන්න...නැත්තං ජාතික ලේඛනාරක්ෂක හා ප්‍රලේඛන මණ්ඩලය අමතන්න. සොයාගත හැකි වෙයි.
ReplyDeleteසිරා කොළුවො,
Deleteමම ඒ පත්තරේ දිවයින කන්තෝරුවට ගිහින් හොයා ගත්තා. පත්තර වාර්තාව ගැන අපිව දැනුවත් කලාට ස්තුතියි මචං...
ඉස්සර දකුණු පළාතට පත්තර ඇදලම දෙකට නැමුන වෑන් එකක් තිබුනලු දිවයින පත්තර කන්තෝරුවට. අලුතින් ගිණුම්කරණය බාර ගත්ත අය ඉතිරි වෙන පත්තර වලට අාපසු මුදල් ගෙවීම නැවැත්තුවට පස්සෙ නියෝජිතයො විකුනගන්න හැකි ගානට පත්තර ගත්තා. අතිරික්ත ඉල්ලුම සපයන්න බඩු තිබ්බෙ නෑ. ඒ වාසිය ගත්තා ලංකාදීප. එයාලා ඉතිරි වෙන ඒවට මුදල් ගෙව්වා. ටික ටික පත්තරේ නැගලං අද ලංකාවෙ අංක 1 ට වැජබෙනවා. සමහරු අංක 1 ට ආවම කවදාවත් වැටෙන්නෙ නෑ කියලයි හිතන්නෙ. දිවයිනට උනෙත් ඒක.
Deleteඒ කාලේ එක එක තැන්වල ගිහින් චාරිකා සටහන් වගේ ලිපිත් තිබ්බ වගේ මතකයි දිවයිනේ. ලස්සන පින්තුරත් තිබුන වගේ මතකයි.
Deleteදැන් ලංකාදීප එක වෙන්න ලහිපිට පත්තරේ ලොකු හේතුවක් වෙනවා කියල මම හිතනවා.
ඉස්සර මිනිස්සු වාහන, ඉඩම් වගේ දේවල් හොයන්න බැලුවේ Sunday Observer පත්තරේ. පස්සේ ඒක Sunday Times එකේ Hitad එකට ගියා. ඊටත් පස්සේ තමයි ලහිපිට කරළියට ආවේ.
///සමහරු අංක 1 ට ආවම කවදාවත් වැටෙන්නෙ නෑ කියලයි හිතන්නෙ. දිවයිනට උනෙත් ඒක./// හෙහ් හෙහ්... මේකනම් පට්ට ඇත්ත...
ඔයත් මගේ ජාතියේම බුවෙක්..
ReplyDelete//බඳින්න කලින් පුච්චන්න ඕනේ ඒවා ටික කළින්ම පුච්චපු නිසා ඉතුරුවෙලා තිබ්බේ මෙන්න මේ වගේ වටින දේවල් විතරයි./// මේ අරවා නේද
///මේ අරවා නේද/// නැචුව නැචුව... හෙහ් හෙහ්...
Deleteඋඹ තාම බැඳලා නැහැ නේද ඔමා... එහෙව් එකේ දැන්ම මොකොටෙයි පුච්චන්නේ...
තව ටික දවසක් තියාගෙන ඉඳලා කාරිය, සැන්ට් පුසුඹ එහෙම බලලා වෙඩිමට දවස් කීපයක් තියල කරන්න ඕනේ වැඩ...
ඔබේ මෙම ලිපියෙන් අපව දැනුම්වත් කළාට ස්තූතියි. මේ සටමන ලියන්නේ තවත් කරුණක් පවසන්නයි.හෙට කොළම නව නගර ශාලාවේ පැවැත්වෙන අහස පොත් වැස්ස වැඩසටහනෙදෙී මෙම පොත නැවත මුද්‍රණයකින් එළිදකිනවා. ඒ මුල් නමින්ත පර්වර්තක බෙන් රස්නැක්.එ කෘතිය ගැන කෙටි පොත් පිංචක් සෑදීමට අරමුණු කරගෙන සිටන බැවින් ඔබේ මෙම කරැණුත් යෙදවීමට සිතුණා. උපුටා ගත් බවක් දක්වමින් මේ කරුණු දැක්වීමට අවසර පතමි. මේ ලිපිය ලියූ පුද්ගලයාගේ නම ද දිය හැකි නම් අගෙයි. ස්තූතියි -ඩිල්ෂානි චතුරිකා දාබරේ-
ReplyDelete