මේ සින්දුව මම පුංචි කාලේ රේඩියෝ එකේ යද්දී හරිම ආසාවෙන් අහන් හිටිය විශේෂ සින්දුවක්.
ඊට පස්සේ කාලයාගේ අවෑමෙන් මට ඒ සින්දුව අමතක වෙලා ගිහින් තිබුනේ.
නොවැම්බර් 12 වෙනිදා "මකර සහෝදරයා" මගේ බ්ලොග් එකේ දාල ගිය කමෙන්ට් එකකින් ආපහු ඒ සින්දුව අහන්න වාසනාව පෑදුනා.
ඒකේ 11 වෙනි සින්දුව තමයි "දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න...." කියන ළමා ගීතය.
(තරහ නැතුව ඔය ලින්ක් එකේ පහල තියෙන සින්දු ලිස්ට් එකේ 11 වෙනි සින්දුව හොයා ගන්න)
ඉතුරු සින්දු ටිකත් හරිම අපුරුයි. මේ සින්දුව විතරක් හොයල මෙතන ලින්ක් එක දාන්න හෙව්වට මට හම්බ උනේ නැහැ. යු ටියුබ් එකේ තිබුණු සින්දුව පස්සේ කාලෙක කරපු එකක්, ඒක මේ තරම් හිතට වදින්නේ නැහැ.
සින්දුව අහන්න ගත්තු මාව පාවෙලා වගේ මගේ අතීතයට ඇදිල ගියා.... නොවැම්බර් 12 වෙනිදා ඉඳල අද වෙනකම් මම මේ සින්දුව සිය වතාවකට වැඩිය අහන්න ඇති. පෝස්ට් එක ලියන්න ගත්තෙත් ලියල ඉවර කලෙත් මේ සින්දුව නැවත නැවතත් අහන ගමන්,
------------------------------------------------------------------------------------------------
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...

දැනට අවුරුදු හතකට කලින් මුසල දවසක මේ සින්දුව මගේ ජීවිතයෙන් නොපෙනෙනා ඈතකට තල්ලු වෙලා ගියා.....
ඔබ වෙනුවෙන් මේ යුතුකම් එකක්වත් කරන්න මට පුළුවන් උනේ නැහැ. අපේ ජීවිතවලට එළියක් දෙන්න ඔබ නොකළ දෙයක් නැහැ. ජිවිතේ අන්තම අන්ත පහළ අඩියේ හිටපු ඔබ අඟලෙන් අඟල උඩට නැග්ගේ අපි වෙනුවෙන් බව මම දන්නවා.
අපිව දාල යන්න ටික දවසකට කලින් මගේ ඔලුව අතගාල "මට ලොකු පුතා ගැනනම් දැන් බයවෙන්න දෙයක් නැහැ" කියල කියපු හැටි මට අදවගේ මතකයි. ඔව්, ඒ වෙද්දී ඔබ මා වෙනුවෙන් කරන්න ඕනේ යුතුකම් කොටස බොහෝදුරට ඉටුකරලා තිබුනේ. ඒත්......
ඔබ වෙනුවෙන් මට කරන්න පුළුවන් උනේ අම්මා කෑගහන සද්දේ ඇහිලා දුවගෙන එද්දී පුටුව උඩ පණනැතුව වගේ වැටිලා හිටිය ඔබව හරියටම විනාඩි පහකින් වගේ ඉස්පිරිතාලෙට එක්කරගෙන ගිය එකයි "දැන් වැඩක් නැහැ, පරක්කුයි" කියල ඔබව ඉස්පිරිතාලේ ඇතුළටවත් ගත්තේ නැති අළුත් දොස්තර මහත්තයා කියපු වචන ටික ඇහිච්ච වෙලාවේ ඉඳල ඉස්පිරිතාලේ බිම වාඩිවෙලා පිස්සෙක් වගේ අඬපු එකයි විතරයි....
වාහනේ ගෙනියන එක මල්ලිට බාරදීල කෘතීම ස්වසනය(ඒ වෙද්දී දැනගෙන හිටියෙ නැති උනත්) දෙන එක මම කලානම් කියන සිතුවිල්ල හැමදාම මගේ හිතට වදදෙනවා.
මට තාමත් හිතෙනවා ඔබට ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන් තරම් දැනුමක් එදා මට තිබුනනම් අදත් ඔබ අපි එක්ක ඉන්නවා කියලා. එක පාරක් වෙච්ච වැරැද්ද ආපහු කවදාවත් වෙන්න දෙන්න බැරි නිසා පස්සේ කාලෙක ජීවිතාරක්ෂක ක්‍රම (Life Saving Course) සම්බන්ධවත් මම ඉගෙන ගත්තා.
ඒ මොනවා කලත් ඔබ ආපහු එන්නේ නැතිබවත්, මගෙන් ඔබට කෙරෙන්න ඕනේ යුතුකම් කොටස ඉටු කරන්න අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නැති බවත් මම දන්නවා. හැමදාම වගේ ඔබව මතක වෙද්දී වැටෙන කඳුළු බින්දු වලට ඒ ණය ගෙවන්න බැරි බවත් මම දන්නවා.
ඔබට ඕනෙම වෙලාවේ අතදෙන්න බැරිවෙච්ච ලොකු පුතාට සමාවෙන්න තාත්තේ....