මම ඉස්සෙල්ල පෝස්ට් එකේ කියපු විදිහට මේ පෝස්ට් එකෙන් කතා කරන්න හිතාගෙන ඉන්නේ අපේ ගමේ සහ ඒ අවට ගම්වල හිටපු අඩුකුලේ කියල හඳුන්වපු මිනිස්සු ගැන.
මඩුපොල කිට්ටුව තියෙන ගම්වලනම් මේ වගේ අඩුකුල වලට අයිති මිනිස්සු ගොඩදෙනෙක් පදිංචි වෙලා හිටිය කියල මම දන්නවා. ඒත් ඒ මිනිස්සු සම්බන්ධව මට ලොකු අත්දැකීමක් නැහැ. ඒ මිනිස්සු ගොඩ දෙනෙක් "බඩහැල" සහ "බෙරව" කුලයට අයිති අය. රජකාලයේ පටන් එයාලට අයිති රස්සාව වෙච්ච කුඹල් කර්මාන්තය සහ නැටුම්ශිල්ප බෙර ශිල්ප වල අදටත් යම්ප්‍රමාණයක එයාල යෙදෙනවා කියන එක විතරයි මම දන්නේ.
අපිට ඒ පැතිවල යන්න එපා කියල තමයි ඉස්සර අපේ අම්මල තාත්තල කිව්වේ. ඇත්තටම ඒ මිනිස්සු අතරේ ගොඩක් දරුණුකම් තිබුනා මේ කියන කාලේ වෙනකොට. කොහොම හරි මමත් අර දේවාලයෙන් එහාට ගිහින් තියෙන්නේ එකම එක වතාවක් විතරයි.
නමුත් මම ඉස්සෙල්ල පෝස්ට් එකේදිත් මතක් කරපු අල්ලිස් මාමා, රෙදි නැන්දා, කම්මලේ ගෙදර සුටන් සහ ඒ ගෙදර ළමයි ගැන තමයි මේ පෝස්ට් එකේ වැඩිදුර කතා කරන්න හදන්නේ.
මේ මිනිස්සු ඒ දවස් වල සමාජයේ තිබුණු තත්ත්වය නිසා යම්ප්‍රමාණයක පීඩනයකට ලක්වෙලා තමයි ජීවත් උනේ.
මෙතනින් මම කතා කරන "අල්ලිස් මාමා" සහ "රෙදි නැන්දා" යන දෙන්න අයිති වෙන්නේ "රජක"(රදා හෝ රදව යනුවෙන්ද අප ප්‍රදේශයේ වහරයි) කුලයේ...
ඉස්සෙල්ලත් කිව්වා වගේම අල්ලිස් මාම ගැන මට තියෙන ලොකුම මතකේ තමයි එයා මඩුපොලේ වැඩකටයුතු වලට බොහොම මහන්සියෙන් උරදීල වැඩ කරන එක. පන්දම් ඔතන එකේ පටන්, පාවඩ සැපයීමෙන්, දුම්මලකබල අල්ලන එකෙන් සහ තවත් නොයෙකුත් ආවතේව කරන එකෙන් එයාගේ සේවය දේවාලෙට ලබා දුන්නා. ඒ වගේම ගමේ මළගෙයක් උනොත් නැතුවම බැරි චරිතයක් තමයි මේ මනුස්සයා. නෑදෑයින්ට පණිවිඩේ යවන්න කලින් ගමේ රෙදි මාම වෙච්ච අල්ලිස් මාමට පණිවිඩේ යවනවා. කොහේ හරි තොවිල් ගෙයක් තිබුනොත් එතනට සේවය සපයන එකත් අල්ලිස් මාමගේ අනිවාර්ය සිරිතක්.
හදිස්සියේ අල්ලිස් මාම පාරකදී තොටකදී දැක්කත් බොහෝම බයපක්ෂපාතව පාරේ අයින් වෙලා අහිංසක විදිහට හිනා වෙන මනුස්සයෙක් තමයි අල්ලිස් මාමා. ඒකට ලොකු පොඩි කියල කිසිම භේදයක් තිබුනේ නැහැ. ඔලුවේ තියෙන රෙදි පොට්ටනිය අත් දෙකෙන් අල්ලාගෙන පාරේ අයිනේ තියෙන තණකොළ ගොන්නටම ගිහින් අහිංසක විදිහට හිනාවෙන මේ මනුස්සයාගේ අහිංසකකම අදටත් මට මැවිලා පේනවා. අල්ලිස් මාමට ටිකක් ලොකුවට වවපු උඩු රැවුලක් තිබුනා. මම දන්නා කියන කාලේ ඉඳලම ඒ රැවුල සුදු පාටයි. කවදාවත් මේ මනුස්සය උඩුකයට කමිසයක් ඇන්දේ නැහැ. කොහේ ගියත් ඇන්දේ මේස්බැනියම විතරයි.
අල්ලිස් මාමගේ හාමිනේ ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ. බොහෝ දුරට මම ඉපදෙන්නත් කලින් ඒ මනුස්සය මියපරලොව ගිහින් වෙන්න ඇති. ගමේ සොහොනට බොහොම කිට්ටුවෙන් තිබ්බ පුංචි ගෙදරක හිටපු අල්ලිස් මාමාගේ ගෙදර හිටියේ එයාගේ දෝනියන්දයි, ඒ දුවගේ පුතෙක් වෙන ළමයෙකුයි. මේ මිනිස්සු කිසි කෙනෙක් ගමේ අය එක්ක වැඩි බජනෙට යන ගතියක් ඒ දවස්වල තිබුනේ නැහැ.
ගමේ රෙදි මාම වෙච්ච අල්ලිස් මාම අපේ ගමේ හැම ගෙදරකටම සේවය සැපයුවේ නැහැ. එයා යන ගෙවල් ටිකක් එයාට වෙනම වෙන්වෙලා තිබුනේ මේ විදිහටම සේවය සපයන තවත් රෙදි නැන්දා කෙනෙක් අපේ ගමට හිටපු නිසා. ඒ උනත් එයා අපේ ගමේ ඕනෙම කෙනෙකුගේ මරණෙකට, මගුලකට ඕනේ කරන උදව්පදව් ටිකනම් එයාගේ සේවාදායකයෙක්ද නැද්ද කියල බලන්නේ නැතුව කිසිම අඩුපාඩුවක් නැතුව කළා.
මම ඉස්සර ඉඳලම ගමේ හිටපු මේ වගේ විශේෂ මිනිස්සු ගැන උනන්දුයි. ඒ නිසා එයාල ගැන විස්තර හොයල බලන ගතියක් මගේ තිබුනා. ඒ විතරක් නෙමෙයි ගමේ ගියපු ගමන් ගමේ ඕපාදුප ටික ඔක්කොම අම්මගෙන් අහල දැනගන්න පුරුද්දක් මට තියෙනවා. මේ පුරුද්ද නිසා දැනට අවුරුදු තුන හතරකට කලින් මම ගෙදර ගියපු වෙලාවක අල්ලිස් මාම ගැන අම්මගෙන් අහල බැලුවා. ඒ මනුස්සය මැරිලා දැන් ටික දවසක් වෙනවා කියල අම්ම මගෙත් එක්ක කිව්වා.
ගම්වල මිනිස්සුන්ගේ හරිහැටි සැලකිල්ලක් ලබන්නේ නැතුව නිහඬ සේවයක් කරපු ඒ වගේ මිනිස්සු කී දෙන්නම් මේ විදිහට හොර රහසේම එයාල කරපු සේවයට කිසි ඇගයීමක් ලැබෙන්නේ නැතුවම මැරිලා යන්න ඇත්ද.

අපේ ගෙදරට හැමදාම ආවේ ගියේ මම මේ විස්තර කරන්න යන රෙදි නැන්දා තමයි. මට මතකයි අපේ ඉස්කෝලේ ඇඳුම වල යවන්න බැරි අඹ කහට, කජු කිරි පැල්ලම්, මජං, එහෙමත් නැත්නම් මලකඩ පැල්ලම් වගේ තිබුණ ඇඳුම් ඔක්කොම රෙදි නැන්දට දානවා හෝදන්න. රෙදි නැන්දට දාපු කමිස කලිසම් වල එක එක ගෙදරට අදාලව එයා මොකක්දෝ මන්ද කොච්චර හෙදුවත් යන්නේ නැති තීන්ත වර්ගයකින් පොඩි පොඩි සලකුණු වගයක් දාල තිබුනා. ඒ සලකුණු වලින් තමයි එයා අදාළ රෙදි මාරු නොවී අයිතිකාරයින්ටම බාර දෙන්නේ.
රෙදි නැන්දට දාපු රෙදි බොහොම ඉක්මනට දිරල යන බව අපේ අම්ම හැමදාම වගේ කියනවා. මම හිතන්නේ එයා කහට පැල්ලම් යවන්න "පරමාණු" කියන නමින් කඩවල විකුනන්න තියෙන ක්ලෝරීන් පාවිච්චි කරනවා වෙන්න ඕනේ.
ඒත් සතියකට හරි දෙකකට හරි වතාවක් අපේ ගෙදරට ගොඩවෙන රෙදි නැන්දව අම්ම කවදාවත් හිස්අතින් ආපහු යැව්වේ නැහැ. එයාට හෝදන්න දෙන්න තරම් කිලිටි වෙච්ච ඇඳුම් නැති දවසක උනත් අම්ම මොනවා හරි ඇඳුමක් දෙකක් රෙදි නැන්දට දෙනවා හෝදන්න අරගෙන යන්න. ගෙදර බත් තියෙනවනම් බත් එහෙම කන්න දීල බත් නැති වෙලාව්කනම් තේ එකක් එහෙමත් බොන්න දීල හෝදන්න බාර දෙන රෙදි වලට සල්ලිත් දීල තමයි එයාව යවන්නේ.
අම්ම එහෙම කරන්න හේතුවත් අපි එක්ක කියල තියෙනවා, "ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මේකෙන්, හැමදාම එන ගෙවල් වලින් මොනවා හරි දෙයක් හෝදන්න දුන්නේ නැත්නම් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද" කියලා.
මේ රෙදි නැන්ද අපේ ගෙදර ආවහම අම්මත් එක්ක ටික වෙලාවක් කතා කරකර ඉඳල යන සිරිතක් තිබුනා. එහෙම කතා කරද්දී එයාගේ ජිවිතේ ගැන ගොඩක් දේවල් අම්ම එක්ක කියනවා.
ඒ වගේම තමයි ඒ මිනිස්සු වැඩක් නොකර කුලියක් ගන්නෙත් නැහැ. රෙදි නැන්දගේ තවත් ප්‍රධාන වගකීමක් තමයි ගමේ ගෑනු ළමයෙක් වැඩිවියට පත් උනාට පස්සෙ ඒ ගෙවල් වලට ගිහින් එයාගේ යුතුකම් කොටස ඉටුකරන එක. පස්සෙ පස්සෙ රෙදි නැන්දගේ ළමයි ලොකුවෙලා රස්සාවල් කරද්දී එයාල කැමතිවෙලා නැහැ එයාලගේ අම්ම මේ රස්සාව කරනවට. ඒත් ඒ මනුස්සයා ඒ රස්සාව අත්අරින්න කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. අපේ ගෙදර ආවහම අම්ම එක්ක කියනවා මට ඇහිලා තියෙනවා "දුලා කැමති නැහැ මම මේ රස්සාව කරනවට, මම උන්ට කන්න බොන්න දීලා ඉගැන්නුවේ මේ රස්සාව කරලා, මම මැරෙනකම්ම මේක කරනවා" කියපු හැටි මට අදටත් මතකයි. උන්දෑ කිව්ව වගේම මැරෙනකම්ම ඒ රස්සාව කලා.
මම ගෙදර ගියපු වෙලාවක රෙදි නැන්දගේ මරණෙ ගැන හෝඩුවාවත් මගේ කණේ තිබ්බේ අපේ අම්මා.

ඊට පස්සෙ කම්මලේ ගෙදර.
මේ ගෙදර හිටියේ සුටන් කියල මනුස්සයෙකුයි, එයාගේ පවුලයි, අපේ වයසේ වගේ කොල්ලෙ දෙන්නෙකුයි (ජයන්ත, නිලන්ත), තව පොඩි කොල්ලෙක්(සුජන්ත) සහ පොඩි කෙල්ලෙක්(සුජානි). මෙතනින් සුටන් මාම අයිති උනේ රජක කුලයට නෙමෙයි, එයා "නවන්දන්න" කුළයට අයත් කෙනෙක් වෙන්න ඕනේ. පරණ කුළක්‍රමයට අනුවනම් කර්මාන්තකරුවන් සියල්ලම වගේ අයිති වෙන්නේ මේ කුළයට.
කම්මලේ ගෙදර කියල නම වැටෙන්න හේතුව එයාල එයාල පාරම්පරික කම්මල් කරුවන් වීමම වෙන්න ඇති. මම ගොඩක් පුංචි කාලේ සුටන් මාම කම්මලක් කළා කියල අපේ අම්ම කියල තියෙනවා. නමුත් මම දන්නා කියන කාලෙක එයා කම්මල් වැඩ කලේ නැහැ.
කම්මල කියන්නේ මම හරිම ආස තැනක්, වරු ගණන් කම්මල් වල යකඩ තලන හැටි මම බලාගෙන ඉඳල තියෙනවා.
කම්මලේ ගෙදර ළමයිනුත් කවදාවත් ගමේ කිසිම ළමයෙක් එක්ක රණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. එයාලගේ පාඩුවේ එයාල ඉන්නවා. වැඩිය බජනයක් නැහැ. ඒ වගේම තමයි ඒ කාලේ මේ ළමයි අපිටත් කවදාවත් නම කියල කතා කරල නැහැ. සුටන් කියන්නෙ ඒ කාලේ ඉඳල අදටත් කිසිම ස්ථීර රස්සාවක් කරපු මනුස්සයෙක් නෙමෙයි. කුලී වැඩ, එහෙමත් නැත්නම් වීමෝලේ ගෙදර වී කොටන්න උදව් කරන එක, එහෙමත් නැත්නම් ඒ ගෙදර මොනවා හරි වැඩක් කරන එක තමයි එයා කලේ. අදටත් එහෙමයි. ගොඩ වෙලාවට පාරෙම තමයි ජීවිතේ. අඩුකුලේක කියල හංවඩු ගැහිලා තිබුනට මේ මනුස්සයා අනිත් මිනිස්සු වගේ පහත් ගණයට අයිති රස්සාවල් මුකුත් කලේ නැහැ.
ඒ වගේම තමයි ඒ මනුස්සයගේ මුනේ හිනා පොදක් තියෙනවා මම දැකල තියෙන්නේ බොහොමත් කලාතුරකින් දවසක තමයි. මුනේ තියෙන්නේ මහා අමුතු ගුප්ත පෙනුමක්. සමහර දවස් වලට කොහෙන් හරි හොයා ගත්තු දේකින් අනුමත වෙලා ඉන්න බවක් පේන්න තිබුනත් කවදාවත් කාටවත් වචනයකින්වත් හිරිහැරයක් කරපු මනුස්සයෙක් නෙමෙයි. ඒත් ඒ මුණේ සමහර දාට පුදුමවිදිහේ කුරිරු බැල්මක් තියෙනවා මම දැකල තියෙනවා. ඒ මුණ හරියට රතු ඉන්දියන් කාරයෙක්ගේ වගේ. එයාගේ බිරින්දෑ ඉස්සර වතු වැඩ වලට ගියා.

මේ හැමදෙනාගෙම තිබ්බ පොදු ලක්ෂණයක් තමයි එයාල ගමේ ඕනෙම වැඩිහිටි ගෑනු කෙනෙකුට "හාමිනේ" කියල කතා කරන එක. පිරිමියෙකුටනම් "බාසුන්නැහේ, අප්පුහාමි, රාලහාමි, මහත්තයා, මුදලාලි" වගේ මොකක් හරි එයාගේ තරාතිරම අනුව කොටසක් නම අගට ඈඳලා තමයි කතාකරන්නේ. කවදාවත් නෑදෑකම් කියල කතා කරන්නේ නැහැ.
ගෙදරදී අපට ලැබුණු අභාෂයක් මත ඒ අයව හඳුන්වද්දී ඒ හැමෝටම "මාමා" හෝ "නැන්දා" කියා අමතන්නට පුරුදුවෙලා හිටියත් ගමේ බොහෝදෙනෙක් ඒ අයට වැඩිහිටිබව නොසලකා කෙලින්ම නම කියලා තමයි කතා කරන්නේ.
(ගම්වල බොහෝවිට එකිනෙකාට කතා කරන්නේ බොහෝවිට නෑදෑකමකින් අමතමිණි)
කවදාවත් මේ මිනිස්සු ගෙදරකට ඉස්සරහ පැත්තෙන් එන්නෙ නැහැ. උස පුටුවල වාඩි වෙන්නේ නැහැ. කවුරුවත් දෙන දෙයක් කෙලින්ම අතින් ගන්නෙ නැහැ. මේසයක් උඩින් හරි තියන්න කියල තමයි දෙන දෙයක් උනත් ගත්තෙ.

අපේ ගෙදරත් ඒ අයට වතුර දෙන්න, තේ දෙන්න, කෑම දෙන්න වෙනම භාජන අපේ අම්මත් වෙන් කරලා තියාගෙන හිටියා. ඒ වගේම මේ ගෙවල් වලට යන්න එපා එයාල දෙන කිසි දෙයක් කන්න එපා කියන උපදේසය අපි පොඩි කාලේ අපිට ලැබිල තියෙනවා. මේ මිනිස්සු ගාව නොයෙකුත් වශී ගුරුකම් වර්ග තියෙනවා කියන එක ගම්වල ප්‍රසිද්ධ කාරණයක් නිසා තමයි අම්මල එහෙම කියන්න ඇත්තේ.
ඒත් අලුත් පරම්පරාවේ කොල්ලෝ කෙල්ලෝ රස්සාවල් එහෙම කරගෙන අනිත් මිනිස්සු වගේම ටිකක් දියුණු වෙලා ආවට පස්සෙ මේ කුලභේදය අපේ ගමෙන්නම් දැන් නැත්තටම නැතිවෙලා ගිහින්. දැන් ගමේ කොල්ලෝ කුලමළ මුකුත් නැතුව කාගෙන, බීගෙන එකට ඉන්නවා. අපේ ගෙදරත් අර වෙනම පිඟන් කෝප්ප කතා මුකුත් නැහැ දැන්, මල්ලිගේ යාලුවෝ වෙච්ච අර ළමයි දැන් අපේ ගෙදර ඇවිත් ඉස්සරහ පුටුසෙටියේ වාඩිවෙලා ඉඳල අපේ ගෙදරින් කාල බීලත් යනවා.

ඒ මදිවට මගේ පුංචි අම්මගේ පුතා අර කම්මලේ ගෙදරට නෑදෑ වෙන කෙල්ලෙක්ව කසාද බැඳ ගත්තත් එක්ක. මුලින් මුලින් පුංචි අම්ම ටිකක් බරබර ගාල තිබුනා. ඒත් පස්සෙ කෙල්ලව ගෙදරට එක්කගෙන එනවට කැමැත්ත දීලා. අන්තිමට අර කෙල්ලගේ ගතිගුණ හොඳයි කියල දැක්කට පස්සෙ අර අමනාපකම් ඉවරෙටම ඉවර වුනා.
දැංනං මේවා අඩුයි පොඩි කාලේ අපේ ගමෙත් එක පැත්තක් තිබ්බා රදා කියලා රෙදි හෝදන අය ඉන්න. තව පැත්තක් තිබ්බා බෙරවා අය ඉන්න බලි තොයිල් කරන අය ඒ පැත්තේ ඉන්නේ...තහනං අපිට ඒ ගෙවල් වල යන්න..ඒ අය ආවත් වාඩි වෙන්නේ බිම...කාලෙත් එක්ක ඒවා නැතිවෙලා ගිහිල්ලා..ඒක හොඳයි..වැඩේ කියන්නේ මම ඔය බෙරව කෙල්ලෙක් එක්ක යාළු උනානේ...හප්පේ අම්මා මාව මරන්න ගියා...හික් හික් ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපෙත් පොඩි කාලෙ මතකයි එක ගම්මානයක්ම තිබ්බා රොඩී ගම්මානයක් කියලා.. දැන් නම් ඒවා ඇත්තෙත් නෑ.. මම අනුමත කරන්නෙත් නෑ ඒ වැඩවසම් ක්‍රමයේ අය සමාජය වෙනස් වෙනකොට අනිත් අය පිලි ගන්න තිබුනා..ඒ අයත් අහින්සකව පැත්තකට වෙලා හිටියා.. හැබැයි පහු කාලෙ අලුතින් එන පරම්පරාවල් එක්ක ඒවා නැතිවෙලාම ගියා..ඒ ගැන සතුටුයි..
ReplyDeleteමම අහලා තියෙන විදියට මේ වගේ දේවල් කරපින්නාගෙන උන්නේ නුවර පැත්තෙ ඈයෝ... වාසගමක් කිව්ව ගමන් දන්නවා මේ අහවලා කියලා..ඒත් දැන් ඒ තත්වය දැන් නෑ.... ඒත් මේ කතාවත් එක්කම මම එක දෙයක් මතකෙට ආවා... අපේ පංතියේ උන්න එක කෙල්ලක් යාලු වෙලා උන්නේ ඔය කියන විදියට රෙදි වැඩ කරපු " රදා " කියන කුලයට අයිති කොල්ලෙක් එක්ක.... මේ පිරිමි ළමයා හරිම හොඳ...ඒ වගේම ලස්සන කෙනෙක්... ගෑණු ළමයගේ තාත්තා බෙර වයන කෙනෙක්...ඒ පැත්තේ විහාර වල හේවිසි ගහනවා...ශබ්ද පූජා වලට.... දවසක් මේ කෙල්ලයි...අර කොල්ලයි කතා කර කර ඉන්නවා දැකපු කෙල්ලගෙ ගෙවල් පැත්තේ කෙනෙක් කෑ ගහලා ඇහුවලු ..." හා සද්දයි සුද්දයි එකතු වෙලා මොනවද කරන්න යන්නෙ " කියලා...ඒ ගෑණු ළමයා ඇඬුව හරියට එදා...
ReplyDeleteඉස්සර අපේ අම්මත් ඔය කුල ප්‍රශ්ණ ගැන කතා කියල දෙනව අපිට.දැන් නම් ඕව ගැන එලිපිට හොයනව අඩුයි හැබැයි ඉතින් මගුල් තුලාවලදී නම් තවත් ඕව බලන අය නැතුවත් නෙමේ.
ReplyDeleteඔය පංති පරතරේ හරියන මගුලක් නෙමේ..බං...නමුත් ඔය කුල ගොත්‍ර සමාජයේ යම් යම් අවස්තාවලදී...වෙන් වෙන්ව ක්‍රියාත්මක වියයුතු තැනුත් තියෙනව....ඇතුවත් බැරි නැතුවත් බැරි කුල
ReplyDeleteඔබ තුමා මොන කුලයෙඩ්ද උසස් එකක වෙන්න ඈති
ReplyDeleteලිපියෙ මාතෘකාවම හරි නැහැ...
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteහික් හික්... ඒ කුලවල ඉන්න කෙල්ලෝ මාර ලස්සනයි නේන්නම්
ඔව්, දැන් ඔය කුලමල කතා බොහෝදුරට නැතිවෙලා ගිහිල්ල තමයි
එක හොඳයි, නැත්නම් ඒ මිනිස්සු ගොඩක් පීඩනයකින්නේ ජීවත් වෙන්නේ
@ Weni
ReplyDeleteඔය කුල භේදය ඇති උනේ ඒ කාලයේ අවශ්‍යතාවය අනුවනේ
ඒ වගේම තමයි ඒ අවශ්‍යතාවය නැති වෙලා ගියාම කාලයත් එක්ක ඒව නැති වෙලා යනඑක සාමාන්‍යයි
කොහොමත් අපි දකින්න ඇත්තේ ඔය කුල භේදයේ අවසාන ජවනිකාව වෙන්න ඕනේ
@ දිල්
ReplyDeleteනුවර අය විතරක් නෙමෙයි හැමපැත්තකම වගේ මිනිස්සු අතරේ කුළභේදය තිබ්බ දිල්, නුවර අය අතරේ ඒක වැඩිපුර තිබ්බ බව ඇත්ත
අර ළමයි දෙන්නනම් පව්...
ඒත් දැන්කාලේ ඕව අඩුවෙලා ගිහින් තියෙන එකනම් ලොකු දෙයක්
@ නදී
ReplyDeleteඔව් ඔව් නදී, පත්තර වල තියෙන මංගල දැන්වීම් ටික බැලුවහම හිනාත් යනවා
@ Raj
ඔව් බන් ඒක ඇත්ත, ඒකනේ කාලයත් එක්ක ඒ දේවල් නැති වෙලා යන්නේ
උඹ කිව්වා වගේ වටිනාකම් නැතුවමත් නෙමෙයි, නමුත් ඒ මිනිස්සු සමාජයේ කොන්වෙලා පීඩාවට පත්වෙන නිසා ඕවා නැතිවෙලා යන එක තමා හොඳ
@ ඇනෝ
ReplyDeleteමගේ බ්ලොග් එකට ආපු පලවෙනි ඇනෝ තමයි ඔබතුමා හෝ ඔබතුමී.
මට හරි සතුටුයි මගේ බ්ලොග් එකටත් ඇනෝ කෙනෙක් ආපු එකගැන
ඒක සාපේක්ෂයි සහෝදරයා/සහෝදරි,
මම පහතරට සාමාන්‍ය මනුස්සයෙක්.
රටේ බහුතරයක් අයත්වෙන ගොවිතැනින් දිවි ගෙවපු කුළයට අයත්.
උඩරට ක්‍රමය අනුව මමත් පහත් කුලයකට අයත් කෙනෙක්.
උඩරට මිනිස්සු පහතරට අයට ඉස්සර කියන්නේ "පාතයෝ" කියලලු(පොදුවේ හැමෝටම)
දැනුත් කියනවද දන්නේ නැහැ
ඒකයි මම කිව්වේ ඒක සාපේක්ෂ දෙයක් කියලා
@ සපතේරු උන්නැහේ
ReplyDeleteඇත්තටම ඒක මම කාටවත් ගරහන්න දාපු දෙයක් නෙමෙයි අයියේ.
මාතෘකාව ටිකක් අමුයි වගේ තමා :(
නමුත් එදා(සහ සමහර විට අදත් යම් කොටසක්) අපේ සමාජයේ භාවිතය අනුවම මාතෘකාව දාපු එක විතරයි මම කලේ
ලිපියට මාතෘකාව දාද්දි "ලංකාවේ කුළ ක්‍රමය" කියල හරි වෙනත් නමක් හරි දැම්මනම් මට මීට වඩා ගොඩක් කරුණු හොයාගෙන ඒ ගැන හදාරලා ලියන්න වෙනවා.
මොකද අපේ රටේ කුළ වර්ග 20 කට වැඩිය තියෙනවා, එහෙමනම් මට ඒ හැම එකක් ගැනම ලියන්න වෙනවා.
මම ලිව්වේ මම ලබපු අත්දැකීම් කිහිපයක් එක්ක මම ඒ මිනිස්සු ගැන අවධානයෙන් හිටපු නිසා හොයාගන්න ලැබිච්ච කරුණු කිහිපයක් විතරයි.
කුළක්‍රමය අනුමත කරලා ඒ මිනිස්සුන්ට ගහරන්න ලියපු පෝස්ට් එකක් නෙමෙයි මේක.
වැරදි වැටහීමක් ඇති කරගන්න එපා
මල්ලි අපි මෙහෙම හිතමු කුල ජාති ගැන එකා ලෙත් තාමත් හිතන අය ඉන්නව නමුත් ඇක්සිඩන්ට් එකක් අමාරුව කට ලේ ටිකක් රොහල් ගත උනාම කුල මල බලන්නෙ නැ එ අතින් හරි කුහකයො තව එකක් ඔය හිතන පිරිමි ගැන බලන්න අර වැඩෙට නම් ඔය මුකුත් බලන්නෙ නැ නෙද ???
ReplyDelete@ 21:19 ඇනෝ
ReplyDeleteඅන්තිමට කියල තියෙන එකනම් සහතික ඇත්ත....
ඉස්සර කාලේ අඩු කුලේ කියල සලකපු කුළවල ගෑනු ළමයින්ට උසස්යයි කියා ගත්තු කුළවල මිනිස්සුන්ගෙන් සෑහෙන අතවර සිද්ධවෙලා තියෙනවලු
ඒකට කුළමල භේදයක් නැහැල්ලු... හික් හික්.
ඒත් තාමත් පත්තර වල යන මංගල දැන්වීම් ඔය "කුළ" මනස්ගාත වලින් පිරිලා
ඒවත් කාලයත් එක්ක නැතිවෙලා යයි කියල මට හිතෙනවා
ඉස්සර කාලේ ඔය කුල මල සිද්දි කර පින්නාගෙන අපෙ වයසක මිනිස්සු ජීවත් වුණා ... අද කාලේ තරුණ එවුන් නම් ඔවුවා පිලිගන්නවා බෝම අඩුයි
ReplyDeleteතව ටික කාලෙයක් යනකොට ඔය කුල මල හෙවීම නැත්තටම නැතිවෙලා යාවි ..කාලයත් එක්ක මේ හැමදෙයක්ම වෙනස් වෙනවා
@ හිස් අහස,
ReplyDeleteඔව් බන්, ඒක ඇත්ත.
මේවත් ඔය විදිහට ගිහින් නැත්තටම නැතිවෙලා යයි....
ඔන්න මාත් ඉතින් ආවා ලොකු පුතාලගේ ගෙදර.:D
ReplyDeleteවිස්තර ගොඩාක් එක්ක හොඳ ලිපියක්. හැබැයි දැන් කාලේ ඔය එකක්වත් නෑ. (අපි ඉන්න මේ රටවල්වල මිනිස්සු ඔය මොනවත් දන්නෙත් නෑ. )
පොඩ්ඩි නම් ඔය කුල භේද තුට්ටුවකට මායිම් කරන්නේ නෑ අනේ.:)))
රෙදි නැන්දල, මාමල, ඇඳුම් මාර්ක් කලේ ඒ දවස් වල තිබ්බ ' ඉන්ඩියන් ඉන්ක් ' කියන තීන්ත වලින් කියලයි මගෙ මතක.
ReplyDelete@ Podi Kumarihami
ReplyDeleteපොඩි කුමාරිහාමිව මගේ පුංචි ගෙදරට බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා
වළව්වක කුමාරිහාමි කෙනෙක් කිව්වම සුළුපටු දෙයක්ද :)))
ඔව් පොඩ්ඩි... දැන්කාලේ තරුණ පරම්පරාව ඔව්ව ගණන් ගන්නේ නැහැ තමයි
ඒත් එව්වා ගණන් ගත්තු සමාජයක් මම පුංචි අවධියේ අපේ ගම්වල තිබුනා
ඒ අත්දැකීම් තමයි මම මේ ලිව්වේ....
බොහොම ස්තුතියි අගැයීමට
@ Observer
ReplyDeleteබොහොම ස්තුතියි ඔත්තුවට...
ඔබා අයියත් නොදන්න දෙයක් නැහැනේ බලාගෙන යනකොට :)
අනේ මේක කියෙව්වම මට අපේ රෙදි නැන්දව මතක් උනා.... මං පොඩි කාලෙ හරිම ආදරෙයි ඒ මනුස්සයට, ඒ වගේම එයා ළඟින් එන සුවඳට හරිම ආසයි... අපේ අම්මත් මල්ලිගෙ අම්ම වගේ එයාට කන්න බොන්න දීලා කතා කර කර ඉඳලා තමයි යවන්නෙ.... හැබැයි කවදාවත් වෙනම ආසන, පිඟන් කෝප්ප නම් තිබුණෙ නෑ.... එයාට කෑම බීම දුන්නෙත් අපි කෑම කන මේසයෙමයි... වාඩි වෙන්න කිව්වෙ සාලෙ පුටුවකින්.... භාජනත් අපේ ගෙදරට එන ඕනම කෙනෙකුට දෙන විදියේ ඒවා... හැමදාම වැඩිපුර කීයක් හරි දෙනවා.....
ReplyDeleteඅපේ රෙදි වලට උන්දැ දාල තිබුණු මාක් එක තමයි .X කියන එක...
@ Miyuru
ReplyDeleteමමත් හරි ආසයි ඒ වගේ පීඩිත පන්තියේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න, උදව්පදව් කරන්න. එයාලගේ ජිවිතගැන දැනගන්න
ඒ මිනිස්සු ගාව මනුස්සකම ගොඩක් තියෙනවා, අනිත් මිනිස්සුන්ට වැඩිය
අපේ පැත්තේ තිබ්බ තත්ත්වය අනුව තමයි අක්කේ ඒ කාලේ එහෙම උනේ
දැන් ඒ ඔක්කොම සාමාන්‍යය තත්ත්ත්වයට හැරිලා
අපේ ගමෙත් ඉන්නවා ඔය කුල දෙකම.රෙදි නැන්දා ගේන ඇඳුම් අඳින්න ගොඩක් ආසි මොකද ඒවා සුවඳයි
ReplyDelete@ අසරණයා
ReplyDeleteඔව් ඒක ඇත්ත, ඒ මිනිස්සු රෙදි හෝදලා, මැදලා එහෙම ගෙනත් දෙන නිසාද මන්දා අමුතු පුසුඹක් තිබුනා එයාල හෝදන රෙදි වල.
තාමත් ඒ මිනිස්සු රෙදි හෝදන රස්සාව කරනවද...?
මං දන්නා විදියට දන් රෙදි හෝදන රස්සාව කරන්නේ නෑ.ගැණු ළමයෙක් ලොකු වුණාම කරන දේවල් ටික ඒ නැන්ද කරනවා දූලත් එක්ක
ReplyDeleteඑංගලන්තයේ ඉතිහාසය හා සාම්ප්‍රදායිකත්වය ලෝකෙට පෙන්වන්න අධික වියදමක් දරමින් තියාගෙන ඉන්න රැජින සහ රාජ්‍යත්වය වගේ අපේ සමාජයේ අතීත වැඩවසම් ක්‍රමයේ සලකුනු පවත්වාගෙන එන ඒ ඒ කුල වල ට අයිති අය ඉන්නවනම් ඒ අයව විශේෂ දීමනා සහ උසස් සමාජ තත්වයජ්න් හිමිකර දීලා රජයෙන් නඩත්තු කල යුතුයි කියලා මම නම් හිතන්වා . ..
ReplyDeleteඅපේ මිනිස්සු ඒ වගේ දේකට කැමති වෙයි කියල හිතන්න අමාරුයි දුකා...
Deleteකරන්න පුළුවන්නම් හොඳ දෙයක්
මම ඇත්තටම කැමතියි ඒ ඒ මිනිසුන්ගේ අනන්‍යතාවය රැකෙන විදිහට ජිවත් වෙන ක්‍රමයක් මේ ලෝකේ තියෙනවනම්
ඒ විවිධත්වය තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ
දැන් බලන්න වැදී ජනතාවට මොකද වෙලා තියෙන්නේ කියලා
ඒ අයත් සිංහල මිනිස්සු වගේ උනාම ඒ අයහේ ඇති වටිනාකමක් නැහැ
නමුත් ඒ අයට පරණ විදිහට ඉන්න කියන්නත් බැහැ
මේ සීන් එකෙදිනම් රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ටිකක් අමාරුයි වගේ
සෑහෙන කාලෙකට පස්සේ මේකට cmnt එකක් මන් දන්නෙ, මන් කිව්වේ පොස්ට් එක දාලා ගොඩක් කල්.මේක මගේ පලවෙනි cmnt එක.මේක මන් ඇනෝ විදියට දන්නා හිතුවා පෞද්ගලික හේතු නිසා.
ReplyDeleteමම බොදු ගොවි කුලයේ කෙනෙක්.(මට එකෙන් වැඩක් නැ )මන් ලගදි ප්‍රේම සම්බන්දයක් පටන් ගත්ත, කොහොමහරි මේක මගේ අක්කට අහු උනා. අක්ක ගැනු ළමය ගැන අහල ඊට පස්සේ ඇහුවේ "මල්ලි ගෑනු ළමයාගේ වාසගම මොකද්ද " කියල. ඇත්තටම මට මතක තිබුනේ නැ හොද වෙලාවට.මන් කිව්වා අහල කියන්නම් කියල. අක්ක කිව්වා බොදු ගොවි නොවුනොත් ගෙදරින් මොනවා වේවිද දන්නෙ නෑ කියල.
මන් ඉතින් අහල බැලුවහම එයා රදා කුලයේ කෙනෙක්. දැන් මන් ඉන්නේ හිත යට ලොකු බයකින්.මොනවා වේවිද කියල ලොකු සැකයක් බයක් දෙගිඩියාවක් හිතේ තියෙනවා.
මාත් අක්කත් campus. කුල මල අපට වැඩක් නැ. එත් අපේ අම්මල ගැන බයක් හිතේ තියෙනවා. ටිකක් ඕව ගැන හොයනවා මගුල් තුලා වලදී.
මොනවා කරන්නද මට රැවුලත් ඕන. කැදත් ඕන. එන දේකට මුණ දෙනවා.
ඔමාගේ කමෙන්ට් එක නිසා තමයි මම මේ කමෙන්ට් එක දැක්කේ...
Deleteතවම අපේ රටේ කුළ බේදය තියෙනවා, ඒවා ගැටළු විදිහට බලපාන්නේ නැත්තෙත් නැහැ පහල සමාජ ස්ථරයෙදී...
සමහර වෙලාවට හදවතට එකඟව ගන්න තීරණ වැරදි වෙන අවස්ථා නැත්තෙත් නැහැ, කුළයට වඩා වැදගත් වෙන්නේ හැදියාව.
නමුත් පවුලකට එක්කාසු වෙන කෙනා එයාගේ කුළය නිසා අපහසුතාවට පත්වෙන අවස්ථා බහුල නිසා මේ දේ හරි සංකීර්ණ ගැටළුවක්...
අවුරුදු ගානකට පස්සේ කියන්න දෙයක් තියෙනවා, හැම දේම හොදින්, ලබන අවුරුද්දේ අපි කසාද බදිනවා. කුල ප්‍රශ්න ආවේ නෑ. :)
Deleteඑහෙම දෙයක් අහන්න ලැබීමත් සතුටක්. මට නම් කුල ප්‍රශ්නෙ ආවා. ආදරේ නැති උනා...
Deleteඅලුත් ලිපි තිබ්බට මන් කියවන්න පටන් ගත්තේ මන් ආස ලිපියකින්,, ලොකු, මේ වගේ දේවල් ලියන්න කියවන්න මාත් ආසයි,,, නියමයි,,, ඉස්සර අපේ පුංචි අම්මා යාළුවෙච්ච කොල්ලා රත්තරන් බඩු හදන කුලේ (අචාරියා)කෙනෙක් කියලා ආච්චි අම්මලා මැරෙන්න හැදුවා විරුද්ද වෙලා,, දැනුත් එයාගේ ඔය කුල මල කතා තියෙනවා,,, එයාගේ විතරක් නෙමේ අපේ අම්මල උණත්,, මේ වගේ ලිපි ලියන්න
ReplyDeleteඔය වගේ ප්‍රශ්න අදටත් ගම්වල ප්‍රශ්න වෙනවා, සමහර දේවල් ඇත්තටම ඒ ඒ සමාජ මට්ටම් අනුව මතුවෙන ගැටළු
Deleteනගරයේ වගේ නෙමෙයි ගමේදී මිනිස්සු එකිනෙකා අතරේ බැඳීම හිතවත් කම් වැඩියි, ඒ නිසාම අනිත් අයගේ දේවල් හොයනවත් වැඩියි
එවැනි කරුණු එක්ක ගත්තම උඩුගං බලා පීනන්න වෙන වෙලාවක එහෙම කළයුත්තේ සියල්ල හොඳින් හිතල බලලා
නැත්නම් සමාජයේ තමන් තහවරු කරගෙන ඉන්න තත්ත්වය වගේ දේවලට බල පානවා
ඒකනේ අඩු කුලේ උනත් දුර ගමකින් කෙනෙක් බඳින එක ලොකු ගැටළුවක් නොවෙන්නේ
මේ වගේ ලිපි ලියද්දි ඒවායේ නිරවද්‍යතාව ගැන ගොඩක් හොයල බලල ලියන්න වෙනවා ඔමා, ඒ නිසාම වෙන්න ඕනේ මේ වගේ ලිපි ලියන එක අඩු වෙන්න හේතුව.
එකම වගේ දේවලට කොටුවෙලා ඉන්නේ නැතුව වෙනස් දේවල් ටිකකුත් ලියන්න උත්සාහයක් දරන්න ඕනේ...
අලුත් ලිපි තිබ්බට මන් කියවන්න පටන් ගත්තේ මන් ආස ලිපියකින්,, ලොකු, මේ වගේ දේවල් ලියන්න කියවන්න මාත් ආසයි,,, නියමයි,,, ඉස්සර අපේ පුංචි අම්මා යාළුවෙච්ච කොල්ලා රත්තරන් බඩු හදන කුලේ (අචාරියා)කෙනෙක් කියලා ආච්චි අම්මලා මැරෙන්න හැදුවා විරුද්ද වෙලා,, දැනුත් එයාගේ ඔය කුල මල කතා තියෙනවා,,, එයාගේ විතරක් නෙමේ අපේ අම්මල උණත්,, මේ වගේ ලිපි ලියන්න
ReplyDelete