මේ සින්දුව මම පුංචි කාලේ රේඩියෝ එකේ යද්දී හරිම ආසාවෙන් අහන් හිටිය විශේෂ සින්දුවක්.
ඊට පස්සේ කාලයාගේ අවෑමෙන් මට ඒ සින්දුව අමතක වෙලා ගිහින් තිබුනේ.
නොවැම්බර් 12 වෙනිදා "මකර සහෝදරයා" මගේ බ්ලොග් එකේ දාල ගිය කමෙන්ට් එකකින් ආපහු ඒ සින්දුව අහන්න වාසනාව පෑදුනා.
ඒකේ 11 වෙනි සින්දුව තමයි "දණගාද්දී ඇවිදින්නට මට අත දුන්න...." කියන ළමා ගීතය.
(තරහ නැතුව ඔය ලින්ක් එකේ පහල තියෙන සින්දු ලිස්ට් එකේ 11 වෙනි සින්දුව හොයා ගන්න)
ඉතුරු සින්දු ටිකත් හරිම අපුරුයි. මේ සින්දුව විතරක් හොයල මෙතන ලින්ක් එක දාන්න හෙව්වට මට හම්බ උනේ නැහැ. යු ටියුබ් එකේ තිබුණු සින්දුව පස්සේ කාලෙක කරපු එකක්, ඒක මේ තරම් හිතට වදින්නේ නැහැ.
සින්දුව අහන්න ගත්තු මාව පාවෙලා වගේ මගේ අතීතයට ඇදිල ගියා.... නොවැම්බර් 12 වෙනිදා ඉඳල අද වෙනකම් මම මේ සින්දුව සිය වතාවකට වැඩිය අහන්න ඇති. පෝස්ට් එක ලියන්න ගත්තෙත් ලියල ඉවර කලෙත් මේ සින්දුව නැවත නැවතත් අහන ගමන්,
------------------------------------------------------------------------------------------------
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
ලෙඩක් දුකක් හැදුනාමත් ලඟම දැවටෙන...
උකුල් තලේ උරේ තබා නටා නළවන...
සුරංගනා කතා කියා කතා පවසන...
අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින...
දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න...
ගුරුහරු කම් හොඳ නොහොඳත් කියලා දුන්න...
මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න...
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... //
වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා...
මම තරුණෙකි කවදා හෝ එය ඉටු වෙන දා...
දෙපා නැමද බුලත් අතින් තෑගි ගෙනෙන දා...
ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවර දා...

දැනට අවුරුදු හතකට කලින් මුසල දවසක මේ සින්දුව මගේ ජීවිතයෙන් නොපෙනෙනා ඈතකට තල්ලු වෙලා ගියා.....
ඔබ වෙනුවෙන් මේ යුතුකම් එකක්වත් කරන්න මට පුළුවන් උනේ නැහැ. අපේ ජීවිතවලට එළියක් දෙන්න ඔබ නොකළ දෙයක් නැහැ. ජිවිතේ අන්තම අන්ත පහළ අඩියේ හිටපු ඔබ අඟලෙන් අඟල උඩට නැග්ගේ අපි වෙනුවෙන් බව මම දන්නවා.
අපිව දාල යන්න ටික දවසකට කලින් මගේ ඔලුව අතගාල "මට ලොකු පුතා ගැනනම් දැන් බයවෙන්න දෙයක් නැහැ" කියල කියපු හැටි මට අදවගේ මතකයි. ඔව්, ඒ වෙද්දී ඔබ මා වෙනුවෙන් කරන්න ඕනේ යුතුකම් කොටස බොහෝදුරට ඉටුකරලා තිබුනේ. ඒත්......
ඔබ වෙනුවෙන් මට කරන්න පුළුවන් උනේ අම්මා කෑගහන සද්දේ ඇහිලා දුවගෙන එද්දී පුටුව උඩ පණනැතුව වගේ වැටිලා හිටිය ඔබව හරියටම විනාඩි පහකින් වගේ ඉස්පිරිතාලෙට එක්කරගෙන ගිය එකයි "දැන් වැඩක් නැහැ, පරක්කුයි" කියල ඔබව ඉස්පිරිතාලේ ඇතුළටවත් ගත්තේ නැති අළුත් දොස්තර මහත්තයා කියපු වචන ටික ඇහිච්ච වෙලාවේ ඉඳල ඉස්පිරිතාලේ බිම වාඩිවෙලා පිස්සෙක් වගේ අඬපු එකයි විතරයි....
වාහනේ ගෙනියන එක මල්ලිට බාරදීල කෘතීම ස්වසනය(ඒ වෙද්දී දැනගෙන හිටියෙ නැති උනත්) දෙන එක මම කලානම් කියන සිතුවිල්ල හැමදාම මගේ හිතට වදදෙනවා.
මට තාමත් හිතෙනවා ඔබට ප්‍රථමාධාරයක් දෙන්න පුළුවන් තරම් දැනුමක් එදා මට තිබුනනම් අදත් ඔබ අපි එක්ක ඉන්නවා කියලා. එක පාරක් වෙච්ච වැරැද්ද ආපහු කවදාවත් වෙන්න දෙන්න බැරි නිසා පස්සේ කාලෙක ජීවිතාරක්ෂක ක්‍රම (Life Saving Course) සම්බන්ධවත් මම ඉගෙන ගත්තා.
ඒ මොනවා කලත් ඔබ ආපහු එන්නේ නැතිබවත්, මගෙන් ඔබට කෙරෙන්න ඕනේ යුතුකම් කොටස ඉටු කරන්න අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නැති බවත් මම දන්නවා. හැමදාම වගේ ඔබව මතක වෙද්දී වැටෙන කඳුළු බින්දු වලට ඒ ණය ගෙවන්න බැරි බවත් මම දන්නවා.
ඔබට ඕනෙම වෙලාවේ අතදෙන්න බැරිවෙච්ච ලොකු පුතාට සමාවෙන්න තාත්තේ....

දුක හිතෙන ලිපියක්.
ReplyDeleteඑයා හිතුව විදියට හැදුනා නම් ඒත් ඇති නේද?
දුක් වෙන්ට එපා ලොකු පුතේ...( මේ නම නම් කියලා වැඩක් නෑ හැබෑටම )
ලොකූ ගැන තාත්තා බයක් නැතුව හිටිය කිව්ව එකම ඇති නේද ලොකූට සතුටින් ඉන්න.
ReplyDeleteසමාවෙන්න ලොකූ මට මේ පෝස්ටුවට මීටවඩා දෙයක් ලියන්න අත්දැකීම් නැති එකට.
ලොකු ජිවිතේ හරි පුදුමාකර දෙයක් කියල මම හැම තිස්සෙම කියන්නේ ඔන්න ඔයවගේ දෙවල් නිසා මචො...උඹේ ලිපිය කියවල මගේ ඇස් දෙකත් තෙත් උනා බං...මොනා කරන්ඩද...උඹ ආපහු ආවම තාත්තා වෙනුවෙන්..පිං ඇති වැඩක් කරපං...
ReplyDeleteඔබගේ ලිපිය මගේ ජීවිතයේද සංවේදී ඉසව්වක් ස්පර්ශ කල බව දැනුනා. ජීවිතය හරිම පුදුමාකාරයි.තමන් ප්‍රියකරන අය හැමදාම තමන් ලග ඉන්නවට කවුරුත් කැමතියි.නමුත් අපිට එහෙම ඉන්න ලැබෙන්නේ නෑ. එක නිසා ඉන්න ටිකේ සතුටින් ජීවත්වීම තමයි කරන්න ඕන
ReplyDeleteමේ සිංදුව මං 5 වසරෙදිද කොහේද ඉස්කෝලෙ තිබුන සමිතියකදි කිව්ව වගේ මතකයි. අතදෙන්න බැරිඋනත් තාත්තල තරහවෙන්නෙ නෑ. ඒ අම්මල තාත්තලගෙ හැටි. ඒගැන හිත හිත දුක් වෙන්න එපා.
ReplyDeleteඅද නම් ලොකූ උබ හදන්නෙ මාව අඬවන්න.... උබට ඒ තරම් දෙයක්වත් කරගන්න පුළුවන් උනා...මම.... අර ලේ දහරාවක් මැද්දේ අප්පච්චී ඔළුව ගහගෙන උන්න හැටි පැත්තකට වෙලා බලාගෙන උන්නා...හ්ම්ම්ම්ම්ම් ! තව ලියන්න බෑ බන්....
ReplyDeleteතාත්තා.. මට ඔයා ඇස් දෙක පියාගන්න වෙලේ ලග ඉන්න බැරි උනා. අර මෝඩ බස් කාරයා හයියෙන් එලෙව්වේ නැහැ, මම එද්දී දුවලා, ඔයා මාව දාලා ගිහින්,කෑ ගහල බිම පෙරලිලා පිස්සෙක් වගේ පැය ගානක් විතර ඇදපු එක විතරයි මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් උනේ තාත්ති.. මම බලද්දී ඔයාව සුදු රෙද්දකින් වහලා, නර්ස් ලා මාව පස්සට අදිද්දී ඔයාගේ මුණ වහල තිබුණු රෙද්ද අයින් කරලා මුළු මුනම බදාගෙන ඉබගෙන ඉබගෙන ගියා මම, ඒ රස්නේ මට තාමත් දැනෙනවා, ඔයාගේ හුස්ම යන වෙලාවේ මට ඔයා ගාවින් ඉන්න බැරි උනානේ තාත්තේ,,ඇයි එහෙම කලේ ....
ReplyDeleteජීවිතේ අස්ථීඑරත්වය ඔහොමම තමයි.
ReplyDelete@ Podi Kumarihami
ReplyDeleteඔව් පොඩ්ඩි, මම එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කළා...
දුක හිතුනු වෙලාවට ඒවා මොන ක්‍රමයකින් හරි පිටකරල දැම්මම හිත සැහැල්ලු වෙනවනේ පොඩ්ඩියේ
//( මේ නම නම් කියලා වැඩක් නෑ හැබෑටම )//
මේ මොකද පොඩ්ඩියේ මේ...?
@ බට්ටි
ReplyDeleteඔව් බට්ටි ඒකත් ඇත්ත තමයි, ඒත් වරදකාරී හැඟීමක් වගේ දෙයක් හිතේ කොනක තියෙනවා
@ Raj
ReplyDeleteඔව් මචං, ඒක ඇත්ත..
පින් අතේ වැඩ වලට මට කෙලින්ම දායක වෙන්න බැරි උනත් ගෙදරින් කරන වැඩ වලට සල්ලි යවල හරි මගේ දායකත්වය දෙනවා මචං
@ Dhanushka Gunasinghe's Hard Code
ඔබව සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා
බොහොම ස්තුතියි කමෙන්ට් එකට
මම හැමදාම දුකින් ඉන්න මනුස්සයෙක් නෙමෙයි. ඒත් එකපාරට මගේ හිත පොඩ්ඩක් අවුල් ගියා මගේ අතීතය මතක වෙලා
@ රාජ්
ReplyDeleteඔව් අම්මල තාත්තල කවදාවත් ළමයි එක්ක තරහ වෙන්නේ නැහැ තමයි...
බොහොම ස්තුතියි මේ දිහාට ගොඩවෙලා කමෙන්ට් එකක් දාපු එකට
@ දිල්
ඔව් දිල්, ඔයාගේ කතාව මගේ කතාවට වැඩිය ගොඩක් දුක බව මම නොදන්නවා නෙමෙයි
හිත හදා ගන්න බලමු,,,,
දුරු රටකට වෙලා තනියම ඉන්නකොට මේ වගේ දේවල් ඔළුවට එනවා වැඩියි...
@ වර්ණා
ReplyDeleteමේ ලෝකේ හැම මනුස්සයෙකුටම පොදු වෙච්ච සත්‍යය තමයි නංගියේ මේක...
අපිට කවද හරි මේ දේට මුණ දෙන්න වෙනවා
ඒත් බලාපොරොත්තු නැති විදිහට එහෙම උනාම තමයි දරාගන්න අමාරු
ලෝකෙට බරක් නොවී දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා හොඳින් ජීවත් වෙමු
@ Weni
හ්ම්ම්... ඒක ඇත්ත. ඒ ඇත්තට මුණ දෙන එක මොන තරම් අමාරු උනත් මුණ නොදීත් බැහැනේ
හිතින් දුක් විදින්න එපා ලොකු පුතේ..තාත්තා ගෙනාපු ආයුෂ ඉවර වෙන්න ඇති. දැන් තාත්තා හොද තැනක ඉදන් බලාගෙන ඇති...ඒක නිසා හැමදාමත් තාත්තට පිං දීලා ආයිත් උඹේම තාත්තා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න....ජීවිතේ කියන්නේ අභියෝග ගොඩක්.පස්ස ගැහුවොත් සුං.......
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඔව් සහෝ ඒක ඇත්ත. මම එහෙම දේවල් කරනවා.
බොහොම ස්තුතියි ඇවිත් කතාබහ කරලා යනවට
මම ජිවිතේ ඉගෙන ගත්තේ අම්මගෙනුයි තාත්තගෙනුයි....
ඒ වගේම තාත්ත ගාව තිබුන ගතිගුණ සහ හැකියාවන් ගොඩක් මටත් පිහිටලා තියෙනවා. ඒ නිසා මම කවදාවත් වැටෙන්නේ නැහැ.
hmm...meka baluwama duka hithuna...eth thaththage hithata barak nowena widiyata haduna kiyanne ekama loku pinak neda....
ReplyDeleteතාත්තා.. මගේ ජීවිතේ වීරයා.. ඇත්තෙන්ම... මං තාත්තා ගැන ලියපු නැති කතා බොහොමයි..
ReplyDeleteදුක් වෙන්න එපා කියන්න බෑ අයියේ.. තාත්තා ඔයාලා දිහා බලාගෙන ඇති.. ඒ නිසා එයාට සතුටක් වෙන විදිහට ඉන්න.. මතු හැම ආත්මෙකම ඒ තාත්තගෙම පුතෙක් වෙලා උපදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න..
C.P.R.ඉගෙන ගත්ත එක අගය කරනවා, තමන්ගෙ ජීවිත කාලය තුල එක ජීවිතයක් හරි බේර ගන්න ලැබුනොත් කොයි තරම් සතුටක්ද?
ReplyDelete@ සයුරි
ReplyDeleteඔව් සයුරි ඔයා කියන එක ඇත්ත....
ඒ තාත්තගේ පුතෙක් වෙලා ඉපදෙන්න ගිය ආත්මෙදි මම කරපු පින මොකක්ද කියල දන්නවනම් මම මේ ආත්මෙදිත් ඒ පින කොහොම හරි කරනවා
@ Dinesh
ReplyDeleteතාත්තලා කියන්නේ අපි හැමෝගෙම ලෝකවල වීරයෝ තමයි...
මම බ්ලොග් ලියන්නත් අවුරුදු ගානකට කලින් ඉඳලා තාත්තගේ ජිවිතේ අකුරු අහුලනවා අම්මගේ මතකය හරහා
ඒක නියම විදිහට මගේ මනසේ ගොනුකරගෙන මම ඒ කතාව බ්ලොග් එකේ දාන්නත් හිතාගෙන ඉන්නවා
තාත්තා අදත් මම දිහා බලාගෙන සතුටින් ඇත්තේ සහෝදරයා
ඔව් සහෝ, ඒ ප්‍රාර්ථනාව මම ගොඩ වෙලාවට කරනවා
@ Observer
ReplyDeleteතාම එහෙම අවස්ථාවක්නම් ලැබුනේ නැහැ ඔබා අයියේ....
උඹටත් ඔය අවස්ථාවට මුණ දෙන්න වුනා, මටත් වුනා!
ReplyDeleteඋඹේ පුතාටත් වෙනවා, මගේ පුතාටත් වෙනවා!
@ කතන්දර Kathandara
ReplyDeleteඒකනම් ඇත්ත කතන්දර... නොවෙනස් වෙන එකම දේ... "මරණය"
සංවේදී සටහනක්.හැමෝටම පොදු දෙයක් දැන් තාත්ත හොඳ තැනක ඇති
ReplyDelete@ අසරණයා
ReplyDeleteඔව් සහෝදරයා එයා හොඳ තැනක ඉඳගෙන අපි දිහා බලාගෙන ඇති
(ඔබව බොහොම සාදරයෙන් පිලි ගන්නවා මගේ ගෙදරට...
කමෙන්ට් එකටත් බොහොම ස්තුතියි)
අනේ මට මේ පෝස්ට් එක මග ඇරිලනෙ...
ReplyDeleteපොස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි කියෙව්වාම පුදුම විදියේ දුකක් හිතට දැනුනෙ... :'(
@ Miyuru
ReplyDeleteඒකට කමක් නැහැ අක්කේ
හැමෝටම පොදු මේ ඇත්ත ගැන හදිස්සියේ හිතට ආපු දුකක් නිසා ලියවුනු පෝස්ට් එකක් මේ....