Friday 3 February 2012

තුන්වන නිධන් කොල්ලයෙන් පසුව ජිවත් වීමේ වාසනාව ලදිමි

ඉන් පසුව මොවුන්ගේ අවධානයට ලක් වී තිබුනේ මහ වනයේ ඇතුලක තිබු ඉපැරණි දාගැබකි. එය පාදම දක්වාම ගරා වැටී තිබු එකක් බව කීවද එය මුසාවක් වීමටද පුළුවන. එවැනි දේ නිසා මා ඔහුට බැනවැදුණු අවස්ථා ඇති නිසා ඔහු කරුණු වෙනස්කර කීවා වන්නටද හැක. වනයක් මැද ඇතැයි පැවසුණු එය මිනිස් ඇසෙන් බොහෝ දුරක තිබු එකක් බව පැවසු කතාව ඇත්තක් වන්නට ඇත. මිනිස් ඇසට කිට්ටුවෙන් ඇති තැනක එවැන්නක් කිරීම තරමක් අපහසුය. එහි මැද වූ හතරැස් හැඩයේ ලිඳක් වැනි කොටසේ පතුලේ නිධානය ඇති බවක් වදුලේ ලියවී තිබුණේලු. මේ ලිඳ වැනි කොටස මනාව ඇතිරූ ගඩොල් සහ එකල භාවිතා කල සිමෙන්තියක් වැනි වූ මැටි මිශ්‍රණයෙන් මනාව පුරවා වසා තිබී ඇත. මෙවැනි නිධානයක් ගොඩ ගැනීම පහසු දෙයකැයි සිතු පිරිස බොහෝ සතුටින් වැඩට බැස ඇත. එයට හේතුව ගල් කැඩීමට බෝර දැමිය යුතු නොවීමය. නමුත් සති ගණනක් තිස්සේ ගඩොල් සහ බදාම මිශ්‍රණය ඉවත් කරමින් අඩි 30 ක් පමණ යටට හෑරුවත් අවසානයක් දැකිය නොහැකි වූ නිසා එය අත්හැර දැමු බව ඔහු පැවසීය.
නිධන් හොරු විසින් විනාශ කරනු ලැබූ මහ වනයක් මැද පිහිටි දාගැබක් නැවත ගොඩනැගෙමින් පවතින අතරතුර....
නැවත ගොඩනැගීමේ  කටයුත්ත වෙනුවෙන් තම කාලය හා ශ්‍රමය  වැයකර තිබුනේ මාගේ හොඳම මිතුරෙකි.
වියදම ලැබී තිබුණේ රජයේ යම් ව්‍යාපෘතියකින් ඉතුරු වූ මුදල්ය.
ඒ සඳහා වෙහෙසවූ මා මිතුර ඔබට සහ ඔ‍බගේ කණ්ඩායමට මාගේ ප්‍රණාමය
දාගැබක් තුළ තිබූ නිධන් ගලක්
නමුත් මෙවැනි ස්ථාන වල ඇත්තේ නිධන් වස්තු නමින් හඳුන්වනු ලබන ධාතුන් වහන්සේලා වැනි දෑ
මිසක් රන් මුතු මැණික් නොවන බව බොහෝ දෙනෙක් නොදනී.
වරක් මොවුනට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් නිසා යම් වැදගත් තොරතුරක් මා හට දැනගන්නට ලැබුණි. එනම් මැණික් නිධාන සම්බන්ධවයි. මොවුනගේ කණ්ඩායමට වරක් කොහේදෝ තිබු නිධානයකින් මැණික් පිරවූ මුට්ටියක් ලැබී ඇත. නමුත් එහි තිබු මැණික් සියල්ල අජීවී වී එනම් මැරී තිබී ඇත. එයට හේතුව ලෙස මේ කරුණ මා හට දැනගන්නට ලැබිණි.

පෙර කල නිධන්ගත කරන සියලුම මැණික් නිධාන වලට ජලය සැපයෙන මගක් සකසා තිබෙන බව ඔහු කිවේය. එම ජල සැපයුම නතර වී බොහෝ කලක් ගියහොත් මැණික් මැරෙන බවද ඔහු පැවසීය. එය ඇත්තක් හෝ බොරුවක් හෝ වියහැකි වුවද මැණික් සහිත නිධානයන් ජල සැපයුම් සහිත ස්ථාන වල පිහිටා ඇති බවනම් ඇත්තකි.
නිධන් හාරන්නන් කැමතිම නිධන් වර්ගය ලෙස ඔවුන් නම් කරන්නේ මැණික් සහිත නිධානය. එයට හේතුව ඒවා කිසි කරදරයකින් තොරව මේ දැන් පොළවෙන් ලැබුනා සේ විකුණා ගැනීමට ඇති හැකියාවයි.


මැණික් සහිත එවැනි නිධානයක් ඇති තැනක් සම්බන්ධ හෝඩුවාවක් බොහෝ මෑතකදී මා හට දැනගන්නට ලැබුණි. ජලපහරක ඇතැයි කියවෙන එම නිධානය මා අසා ඇති විශේෂිතම නිධානයකි. ඉදිබුවෙකුගේ හැඩයට කොටා ඇතැයි කියවෙන ගලක් තුළ මැණික් පුරවා ඇති බව කියවේ. එම ස්ථානය සහ කියූ සලකුණු සත්‍යය බව මා හට පසුව තහවරු කර ගැනීමට හැකියාව ලැබුණි. අතේ කැමරාවක් නොතිබූ නිසාත් අධික ලෙස වැඩකටයුතු බහුල වූ නිසාත් ගියවර නිවාඩුවේදී එය බැලීමට යන ගමන කල් දැමීමට මා හට සිදු විය. මා නැවත ලංකාවට යනතෙක් එය සුරකී තිබුණහොත් එම ස්ථානය නරඹා ජායාරුප කිහිපයක් මතු කාලයේදී පළකිරීමට කටයුතු කරන්නෙමි. එය පිහිටි ස්ථානය වැනි අනවශ්‍ය කරුණු මගෙන් නොඅසනවානම් මැනවි.

එලෙසින්ම ඔවුන් රත්‍රන් බුදු පිළිම වැනි දෑ ලැබෙනවාට ඒ තරම් මනාපයක් නොදක්වයි. එයට හේතුව ඒවා එලෙසම විකුණා ගැනීමට ඇති අපහසුවත් උණුකර(මකවා) රත්‍රන් කුට්ටි ලෙස විකිණීමෙන් ඇති වියහැකි අනිසි ප්‍රථිපල වලට ඇති බියත් නිසාය. නමුත් එලෙස සිදු කරන උදවියද ඉන්නා බව සැබෑය. කෙසේ හෝ නිධන් ගැනීමෙන් පසුව වාසනාව නොව අවාසනාව ලඟා කරගත් මිනිසුන් බොහෝ ඇත්තේය.


දිනක් මා මිතුරකු අප නිවසට පැමිණියේ මළදුගල කන්ද තරණය කිරීමටත් කුරුල්ලන් සහ වටපිටාව ජායාරූප ගැනීමටත් සිතාගෙනය. දිනය 2007 ජනවාරු 14 වැනිදායි. ගමන ආරම්භයේ පටන්ම නොයෙක් කුරුළු, සමනල වර්ග දැකබලාගත් අප තිදෙන (මම, මිතුරා සහ අක්කාගේ පුතා) මුලින්ම කන්දේ පන්සල නැරඹීමට ගියෙමු. සෑම වසරකම කන්ද මුදුනේ පිරිතක් කියන සිරිතක් ගමේ පැවතෙන්නේය. නමුත් මෑතකදී පිරිත කඳු මුදුනේ කීම අපහසු නිසා පන්සල පිහිටි මට්ටමේ තරමක් දුරින් ඒ සඳහා වෙනම ස්ථිර පිරිත් මඩුවක් තනා ඇත.
කන්දේ පැත්තක පිහිටි ස්ථිර පිරිත් මඩුව
එම ස්ථානයද නැරඹු අපගේ ඊළඟ අරමුණ වුයේ කඳු මුදුනය. කන්දට කිහිප වරක් ගොස් ඇති මා හට කන්දේ සියලුම ස්ථාන හොඳින් මතකයේ තිබීම නිසා සහ හොඳින් එම පෙදෙස දන්නා නිසා බිය වන්නට කිසිම හේතුවක් නැත. සුපුරුදු පරිදි කඳු මුදුනටත් අප බොහෝ ප්‍රිය කරන උමග සහිත ගල්ගුහාව ඇති ස්ථානය දක්වාත් ගමන් ඇරඹුවෙමු. මෙහි පිවිසෙන සෑම විටම පාහේ හොඳින් එලිය ඇති විදුලි පන්දමක් රැගෙන යාම මාගේ සිරිත වේ. කැලෑවක හෝ වෙනත් ගමනක් වේවා කුමන හෝ ගමනක් යද්දී අධිබල විදුලි පන්දමක් රැගෙන යාමේ මාගේ පුරුද්ද අදටත් එසේමය.
කෙසේ හෝ දාඩිය මුගුරු පෙරාගෙන ගල් ගුහාව අසලට පිවිසි අපහට ගල් දෙබොක්කාව හරහා එන සිසිල සුළං රැල්ල මහත් සහනයක් විය. මද වෙලාවක් එහි ගිමන් හල පසු ගල් ගුහාවට බැසීමට සුදානම් වුනෙමු. එහි ඇත්තේ දැඩි අඳුරකි. වෙනදා පුරුද්දට ගලෙන් පහලට රූටා බැසීමට සුදානමින් පහලට කකුල් දෙක දමා විදුලි පන්දම දැල්වීමි.
වෙනදා උඩ ඇති ගලෙන් අඩි හතරක් පමණ පහලින් ඇති පොළව එදා තිබුනේ නැත. පොළව ඇත්තේ එතැන සිට අඩි විස්සක් විසි පහක් පමණ පහලිනි. වෙනදා පුරුද්දට පහළට පැන්නේනම් මගේ කකුල් දෙකෙන් ආපසු ඇවිදීමට ලැබේදැයි පවා සිතීමට නොහැක.
මෙම ජායාරුපයෙන් එහි හාරා ඇති විශාල වල යන්තමින් දැකගත හැකිවනු ඇත.
මෙය ගනු ලැබුවේ ගල් ගුහාව වෙත වෙනත් පසකින් පිවිසීමෙන් පසුවය.
පසුව වෙනත් මගක් ඔස්සේ ගියද අප හට වෙනදා මෙන් ගල් ගුහාවේ උමග ආසන්නයට යා නොහැකි විය. ඒ පැත්තටද සිදු වී තිබුනේ එයමය.
වෙනදා එතරම් අවහිර වලින් තොර මාර්ගය අද වෙද්දී ගල් ගුහාවේ පොළවෙන් ගොඩගෙන විසිකරනු ලැබූ විශාල ගල්වලින් අවහිර වී ඇති අයුරු. නිධන් කොල්ලයට පෙර මෙම විශාල ගල් වලින් බිත්ති සේ බැඳ ගුහාවේ කොටස් ආවරණය කර තිබුණි.
නිධන් හෑරීම් සිදු වූ බව දැනගෙන තිබුනද ඉන්පසුව මා මෙහි පැමිණියේ මුල් වතාවටය. මෙම සිද්ධිය දුටු පසු සහ ඇතිවූ තිගැස්ම නිසා එතන වැඩි වෙලාවක් රැඳී සිටීමට සිතක් අප හට තිබුණේ නැත. මාව වලට වැටුනේනම් සිදුවන දෑ හිතා ගැනීමටත් නොහැක. මා හොඳින් එළිය ඇති විදුලි පන්දමක් ගෙන ආවේ සහ පහළට බැසීමට පෙර එය දල්වා බැලුවේ වාසනාවටමය.
කන්දේ අනිත් පස බැලීමද පසෙක තබා අප තිදෙනා පල්ලම් බැසීමට තීරණය කළෙමු.


සති කීපයක අවෑමෙන් මා හට ගමේ මිතුරා දැක ගැනීමට අවස්ථාවක් ලැබුනේ අහම්බයකින් මෙනි. මේ වනවිට ඔහු ගමෙන් පිට පතලක රැකියාව කරමින් සිට ඇති අතර අහම්බයකින් මෙන් ගම ආ මොහොතක මා හට මුණගැසිනි.
අප මලදුගල කන්ද නැග්ග බවත් නිධන් ගොඩගෙන ඉතුරු වූ වලේ නොවැටී ජිවිතේ බේරාගත්තේ නුලෙන් බවත් ඔහුට පවසා හොඳට දෙහි කැපුවෙමි. වලේ ගැඹුර අඩි 20 ක් පමණ වූ බව මම කියූ විට ඔහුගේ මුහුණින් අමුතු හැඟීමක් දැක ගන්නට හැකි විය.


"එහෙනම් මට ආරංචි වෙච්ච දේ හරි" යයි පැවසු ඔහු තවත් කතාවක් මගේ කණේ තැබුවේය. ඔවුන් නිධන් හෑරූ අවස්ථාවේ එතරම් ගැඹුරකට හෑරුවේ නැති බවත් ඔවුනට පසුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් එම ස්ථානයේම නැවතත් නිධන් හෑරූ බවක් ඔවුනට ආරංචි වූ බවද ඔහු කියා සිටියේය. එසේනම් ඔවුන් විසින් එතරම් ගැඹුරට වල හාරා ඇති බවක් ඔහු අනුමාන කළේය. 
එය ඇත්තක් බව මම නැවත වෙනත් මාර්ග වලින්ද තහවරු කරගත් අතර ඔවුන් විසින් ගොඩ ගත්තේ කුමන අන්දමේ දේවල් දැයි දැනගැනීමට මා උනන්දු වුයේ නැත. උවමනාවක් තිබුණිනම් ඒ ගැන සොයා ගැනීමට බැරි කමක්ද නොතිබුණි.
කෙසේනමුත් එකම ස්ථානයකින් නිධන් දෙකක්ම ගොඩගෙන ඇති බව පමණක් සක්සුදක් සේ පැහැදිළිය.


තවත් කොටසක් ළඟදීම....

31 comments:

  1. අපො අද කාලේ ඉන්න ලොකුම නිදන් හොරු දෙශපාලුවො තමා...

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් වලට ඒ අයගේ නම ගෑවෙනවා

      Delete
  2. දේශපාලනය අස්සේ හැංගිලා තමයි මේ හැම දේම වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව කරන අයත් ගොඩක් ඉන්නවා සහෝ...
      පත්තර වල කොච්චරනම් ඒ වගේ අහුවෙන අය ගැන විස්තර යනවද
      ඒ ගොඩක් ඒවා දේශපාලන හයියක් නැති අය කරපු දේවල්..... :)

      Delete
  3. ලොකු පුතාට තිබ්බෙ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙ රස්සාඅවක් හොයා ගන්නනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක හරියන වැඩක් නෙමෙයි අයියේ
      ආසාවට මේවා ගැන හෙව්වට රස්සාවක් විදිහට කරන්න ගියාම එපා වෙන්නත් ඉඩ තියෙනවා

      Delete
    2. කතාව ඇත්ත බං. අපි නිවාඩු වෙලාවට ගිටාර් ගහන්න ආසයි. මගෙ යාලුවෙක් වැඩකලා ආමි බෑන්ඩ් එකේ. මං උගෙන් ඇහුවා ඌ රස්සාවට ගිටාර් ගහන හන්දා 'උඹ නම් හරිම වාසනාවන්තයෙක් නේද' කියලා. මූ කියනවා. 'හෙන්රි අයියේ, විස්වාස කරපං මට ගිටාර් එක පේන්න බෑ. මම නිවාඩු වෙලාවට වත්තෙ කාණුවක් කපන්න ඊට වැඩිය ආසයි' කියලා.

      henryblogwalker the Dude

      Delete
  4. ඕවා අපි උඹල වගේ උන්ට කරන්න බැහැ.දේශපාලකයින් නැත්නම්.අපේම ජන්දෙන් ඇවිල්ලා අපිටම කෙලිනවා.

    ReplyDelete
  5. මේවා දැක්කමත් හිත කීරිගැහෙනවා.....ඔය නිදන් වදුල කියන්නේ ඇත්ත එකක්ද....

    ReplyDelete
    Replies
    1. මගේ හිතනම් කීරි ගැහුනේ මාව අර වලට වැටුනානම් කියල හිතිලා.....:)
      නිධන් වදුල කියන පුස්කොල පොත(හෝ පොඩි පොඩි කොටස් විදිහට තියෙන ඒවා) මම ඇස්දෙකට දැකලා නැහැ
      නමුත් තියෙන බව ඇස්දෙකෙන් දැකපු අය කියන දේවල් අනුව ඒක ඇත්තක් බව පිළිගන්න පුළුවන්

      Delete
  6. මට නම් භය හිතෙනවා මේවා දකිනකොට...

    ReplyDelete
    Replies
    1. හා.. හා.. කිරිල්ලි බය වෙන්න එපා. ඔව්වා ඔහොම තමයි
      මේවත් ඉතින් අපේ සමාජේ අහන්න දකින්න තියෙන දේවල්මනේ

      Delete
  7. දැනුයි කියෙව්වෙ, මට මේක මිස් වෙලා තිබිල, සොරි

    ReplyDelete
    Replies
    1. සොරි කියන්න දෙයක් නැහැ ඔබා මාමේ :))

      Delete
  8. ammo dakiddi bayai.. ara anthima pinthure nikan paathaalayak wage :0

    ReplyDelete
    Replies
    1. ඒක ගල් දෙබොක්කාවක්.... :)
      ඒ හරහා ගියාම තමයි ගල් ගුහාවත්, ඉස්සර තිබුන කියන උමගත් තියෙන්නේ

      Delete
  9. අපොයි මේක පොඩි කාලේ බලපු කතාවක් වගේ. ටිකක් බයත් හිතෙනවා තමා.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ විතරක් නෙමෙයි, ලොකු කාලෙත් බය හිතෙන දේවල් තියෙනවා අපේ රටේ ඇති පදම්.... :)

      Delete
  10. ඇති අප්පා අඬු කඩාගන්නෙ නැතුව බේරුනා...
    මෙහෙම කතා ඇහෙනකොට හරිම දුකයි... මෙච්චර කල් නොදැන හිටියා නෙවේ... ඒත් ඇස් දෙකටම දැක්ක කෙනෙකුගෙ කතා අහනකොට.....

    ReplyDelete
    Replies
    1. මම දැකපු දේවල් ඔයාල එක්ක බෙදාහදා ගන්න හිතුවෙත් ඒ නිසාම තමයි
      ඔන්න මියුරු අක්කා විතරයි මම බේරිච්ච එකගැන කතා කලේ :))

      Delete
  11. මේ වැරදි සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක නොවීම තමයි හිතට තියෙන දුක....

    ReplyDelete
    Replies
    1. නීතිය ක්‍රියාත්මක නොවෙනවාම නෙමෙයි සහෝ.....
      ඒ ගැනත් මම ටිකක් කියන්නම්කෝ ඉස්සරහට

      Delete
  12. රටට හිමි සම්පත් කොල්ල කන උන්ට යන්න අපායක් හදන්න වෙයි.මුං ගැන කියලා දැනුවත් කිරීම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහෝදරයා.....
      මගෙත් අරමුණ මේ ගැන නොදන්න අයව දැනුවත් කිරීම තමයි

      Delete
  13. අර නන්දගෙ සින්දුව

    "රට කරවන්නනම්"

    කියන සින්දුව සර්වකාලීනයි කිව්වට මේ තීන වස්තු ඉවරවෙනකල් විතරයි වගේ. ඒකත් ලඟදිම වෙයිනෙ!

    ReplyDelete
    Replies
    1. හික්...
      ඔව් යාළුවා.. මේවා ළඟදීම ඉවර වෙයි කියල මටත් හිතෙනවා

      Delete
  14. අනේ ඔය නිදන් ගන්න උන්ට මොකවත් වෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ... එහෙම වෙච්ච දේවලුත් මම දැකල තියෙනවා

      Delete
  15. නිධානෙකින් බුදු පිළිම හම්බුණොත්නේ ප්‍රශ්නේ. අපේ සීයා කෙනෙක් පොළොන්නරුවේ ඉන්න කාලේ එයාට නිධානයක් හම්බෙලා තියෙනවා. ඒකේ ඔක්කොම තිබිලා තියෙන්නේ රත්තරන් කාසී. පස්සේ එයා ඒවා මකවලා ඒවායින් ලොකු ආදායමක් අරගෙන තියෙනවා. පස්සේ ලොකු සල්ලිකාරයෙකුත් වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. බුදු පිළිම විතරක් නෙමෙයි හසිත, ඒ ඒ යුග වල ශිල්පිය ක්‍රම විදහා දක්වන අසිපත්, තෝමර, හෙල්ල, ඒ වගේම කාසි වශයෙන් භාවිත කල රන් කාසි පවා පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිතයි.
      ඓතිහාසික වටිනාකමක් නැති නිධාන ලෙස මම පිළිගන්නේ මැණික් නිධාන සහ රන් කුට්ටි හෝ සලකුණු කිසිවක් නැති රන් නිධාන විතරයි.

      Delete