Wednesday 4 April 2012

කුරුළු ගෙදර කරදරයක්....

මම වනජීවී ජායාරූප ගහන්න පටන් ගත්තට පස්සේ වැඩිම ජායාරූප ප්‍රමාණයක් ගහල තියෙන්නේ කොහේදී වෙන්න ඇතිද.
ඒ ලංකාව පුරා ප්‍රසිද්ධ වනෝද්‍යානයකදී එහෙම නෙමෙයි. අපේ ගේ අවට පරිසරය තමයි මට ගොඩක් වෙලාවට ෆොටෝ ගහන්න ඕනේ කරන කරුණු කාරණා සපයලා දෙන්නේ. මම ගෙදරින් පිට බෝඩිම් වල නතරවෙලා හිටියත් ගොඩක් දුරට සති අන්තේ ගෙදර යනවා.
ගෙදර යද්දී වෙන මොනවා නැතත් කිලෝ ගාණක් බර කැමරා බඩු ටික උස්සගෙන යන්නනම් අමතක කරන්නේ නැහැ.
එහෙම ගිය වෙලාවල් වල ගත්තු තරමක් විශේෂ ජායාරූප කිහිපයක් තමයි මම අද පෝස්ට් එකට දාන්න කල්පනා කලේ.
මේ පහළ ෆොටෝ එකේ ඉන්නේ අපේ ගෙවල් අහල පහළ නිතරම වගේ දකින්න පුළුවන් ගොඩක් ලස්සන පුංචි කුරුල්ලෙක්. දකින්න නැති උනත් අඩු ගානේ එයාගේ ලස්සන හඬ හරි අහන්න ලැබෙනවා නිතර දෙවේලේම වගේ.


මෙයාගේ සිංහල නම තමයි "රත්ළය නිල් මැසිමාරා", ඉංග්‍රීසි නම Tickell's Blue Flycatcher. වැඩිදුර විස්තර ඕනේ කෙනෙකුට ඉංග්‍රීසි නමින් දාල තියෙන දිගුවෙන් ගිහින් බලාගන්න පුළුවන්.
මේ පහළ දාල තියෙන ෆොටෝ එකේ තියෙන්නේ මේ වර්ගයේ කුරුළු ජෝඩුවක්‌ අපේ ගේ පිටිපස්සේ තියෙන කණ්ඩියේ පොඩි ගුළක හදපු පුංචි කූඩුවක්. මේ අය අපේ ගේ අවට මේ වෙද්දී හතර වතාවක් කූඩු හදල තියෙනවා. එක වතාවක් අපේ ගෙදර තිබුන දෙහි ගහේ. අනිත් තුන් වතාවෙම මේ පුංචි සිදුරේ. මෙතනට කිසි කරදරයක් නැතුව ගැරඬියෙකුට, පූසෙකුට කිට්ටු වෙන්න පුළුවන්. මේ වගේ තැන්වල මෙයාලා කූඩු හදනවා ගොඩක් අඩු උනාට මීට කලින් එතන කිසි කරදරයක් උනේ නැති නිසා  මෙයාල ඒ තැනට කැමති උනා වෙන්න ඇති. මේ තියෙන්නේ තුන්වෙනි වතාවේ මම එයාලගේ කූඩුවක් ඇතුලේ පුංචි බිත්තර දෙකක් දාල තියෙනවා දැකල ගත්තු ෆොටෝ එකක්.


එදායින් පස්සේ මමත් ගෙදර ආපු ගමන් කරන්නේ මේ පුංචි කුරුළු පවුල හොඳින් ඉන්නවද කියල හොයල බලන එක. සමහර දවස් වලට අපේ අම්මට කෝල් එහෙමත් දීල අහල බලනවා මේ අයගේ සැපදුක්.


සති අන්තේ ඉවරවෙලා වැඩට ගියත් නිතරම වගේ අම්මට කෝල් එකක් දීල මේ අයගේ සැපදුක් අහන වැඩේ මම අතපසු කලේ නැහැ. එක දවසක් අපේ අම්ම මට කිව්වා දැන් බිත්තර පුපුරලා පුංචි කුරුළු පැටව් දෙන්නෙක් කුඩුවේ ඉන්නවා කියලා. මම ගොඩක් නොඉවසිල්ලෙන් හිටියේ සති අන්තේ උදා වෙනකල්.  ඒත් එක දවසක් අම්මට කෝල් කලාම අම්මා කිව්වා දැන් එතන කුරුළු පැටව් දෙන්නෙක් නැහැ, එක්කෙනයි ඉන්නේ කියලා. මොකෙක් හරි සතෙක්වත් කන්න ඇති කියල තමයි අම්ම කිව්වේ.
ඒ ආරංචිය ආවට පස්සේ දවසේ මම ගෙදර ආවා, ආපු ගමන් ගිහින් කුරුළු කූඩුව ගාවට තමයි ගියේ. මෙන්න ඒ වෙනකොට ඒ කුඩුවේ ඉතුරුවෙලා හිටපු කුරුළු පැටියා. එතන බිම පුංචිම පුංචි කුරුළු පැටියෙක්ගෙ පිහාටු කෑලි කීපයක් සහ පොඩි පොඩි සුන්බුන් ටිකක් තියෙනවා කියලත් මම දැක්කා. සමහර විට කුරුළු පැටියව කුඩුවෙන් වැටිලා ඉන්නවා දැකපු පුසෙක්වත් කන්න ඇති. එහෙම නැතුව ඌ කූඩුව ඇතුළට පැනලා මේ විනාසය කලානම් එක පැටියෙක් ඉතුරු වෙන්න විදිහක් නැහැ කියල තමයි මට හිතුනේ. එහෙමත් නැත්නම් කුරුළු පැටියා වෙන හේතුවක් නිසා මැරුණට පස්සේ කුරුළු මව්පියෝ එයාව කුඩුවෙන් එළියට දැම්මා වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්.
එදා දවස පුරාවට ඉතුරු වෙච්ච පැටියට කෑම කවන කුරුළු අම්මවයි තාත්තවයි මට දැක ගන්න ලැබුනා බොහොම ලඟට. මේ ඉන්නේ කුරුළු පැටියාගේ අම්ම.


මම මේ කුඩුවේ ඉන්න කුරුළු පැටියාගේ ෆොටෝ එක ගැහුවේ 2008-05-11 වෙනිදා උදේ 07:30 ට. මෙන්න එදාම උදේ 11:01 ට මම දැකපු දේ. 






මේ ඉන්නෙනම් එයාගේ නැති වෙච්ච සහෝදරයා හරි සහෝදරිය හරි නෙමෙයි. ඒත් මේ උකුස්සාගේ (Crested Serpent Eagle- සිළු සර්ප උකුස්සා) කටේ ඉන්නේ පුංචිම පුංචි කුරුළු පැටියෙක්. ස්වභාවධර්මය කියන්නේ මිනිසා විසින් පාලනය කලයුතු ධර්මතාවයක් නෙමෙයි කියන මතයේ මම ඉන්න නිසා මට මෙයා ගැන කිසිම කහටක් ඇති උනේ නැහැ. එයාගේ වැඩේ එයාට කරගන්න දීලා මම ෆොටෝ දෙක තුනක් ගහපු එක තමයි කලේ.

කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සෙත් ඒ කුරුළු පවුල එතනම කූඩුව හදලා පුංචි බිත්තර දෙකක් දාල තිබුනා. මොකක්දෝ අහේතුවකට ඒ බිත්තර පුපුරලා පැටව් එළියට ආවේ නැහැ. එදායින් පස්සේ ඒ කුරුළු ජෝඩුව අපේ කණ්ඩියේ කූඩු හදන එක නතර කරලා දැම්මා.
ඒත් අපේ ගේ අවට හැමදාම වගේ එයාලගේ සද්දේ ඇහෙන්න තියෙනවා වගේම ගොඩක් වෙලාවට මට එයාලව දකින්නත් ලැබෙනවා.
මේ ඔක්කොම ෆොටෝ අපේ ගෙදර වට පිටාවේදී ගත්තු ඒවා. මෙච්චර ලස්සන පරිසරයක තියෙන මගේ ගෙදර, ගම ගැන මම මෙච්චර ආදරේ ඇයි කියල දැන් තේරෙනවා නේද.




ප.ලි.
මම බ්ලොග් එකක් ලියනවා කියල මම මගේ නෝනට මේ වෙනකල් කියල තිබුනේ නැහැ. පෝස්ට් කීපයක් දැම්මට පස්සේ බ්ලොග් එක ගැන එයාට කියන්න තමයි මම හිතාගෙන හිටියේ. මම එහෙම හිතුවේ ඒකෙන් එයාව පුදුම කරවන්න හිතාගෙන. ඒත් ඒ දවස එන්න එන්නම පහු උනා, අන්තිමට අද තමයි එයාට බ්ලොග් එක ගැන කිව්වේ. කලින් කිව්වේ නැහැ කියල පොඩි පහේ දෝස් මුරයක් අහන්න උනාට එයා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ වගේම කලින් පෝස්ට් එක බලලා ඇනෝ කමෙන්ට් එකකුත් දාල ගිහින් තිබුනා.... :)

54 comments:

  1. මම ඔයාගෙ පෝස්ට් වලින් ආසම කුරුල්ලො ගැන ලියන ඒවට...මටත් කුරුල්ලො ගැන පුදුම පිස්සුවක් තියෙන්නෙ(ඔව් ඉතින් මම කිරිල්ලියෙක්නෙ.)....

    ReplyDelete
    Replies
    1. ඔයා ඔයාගේ වරිගයා ගැන ආස වෙන්නේ නැතුව කවුරු ගැන ආස වෙන්නද.... ;)
      කුරුල්ලෝ බලන්න හරි ෆොටෝ ගහන්න හරි පුරුදුවෙන එක ගොඩක් හොඳ විනෝදාංශයක්.
      හිතට පුදුම සනීපයක් දැනෙන්නේ

      Delete
  2. අයියා කාලයක් වනජීවි එකේද වැඩ කලේ.. එහෙනම් මීට වඩා චායාරූප ඇති කියලා හිතනවා.. වෙලාවක ඒ ගැනත් දාන්න.. මමත් මේ චායාරූපකරණයට කැමති නිසා මේ වගේ සුන්දර දේවල් දකින්න ආසයි..

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ දිනේෂ්... මම විනෝදාංශය විදිහට තමයි මේ දේවල් පටන් ගත්තේ
      දැන්නම් ඒකට ඇබ්බැහි වෙලා.
      වනජීවී එකේ වැඩ නොකලට මම ගත්තු තරමක් හොඳ ජායාරූප එකතුවක් මගේ ළඟ තියෙනවා
      ඉස්සරහට දාන්නම්කෝ ඒවත්....
      ලංකාවට ගියාට පස්සේ ආපහු පටන් ගන්න ඉන්නේ ෆොටෝ ගැහිල්ල.... :)

      ජයාරුපකරණයට කැමතිනම් පොඩියට හරි පටන් ගන්න, පොඩි කැමරා එකකින් උනත් ගොඩක් හොඳ ෆොටෝ ගහන්න පුළුවන්...

      http://www.bhphotovideo.com/c/product/842330-REG/Nikon_26294_Coolpix_L810_Digital_Camera.html

      http://www.bhphotovideo.com/c/product/842335-REG/Nikon_26329_Coolpix_P510_Digital_Camera.html

      මෙන්න මේ වගේ කැමරා එකක් ගත්තනම් වයිල්ඩ් ලයිෆ් ෆොටෝ වගේම හැම දෙයක්ම එකම කැමරාවකින් කරගන්න පුළුවන්.
      SLR එකක් ගන්නවට වැඩිය 1/10 කටත් අඩුවෙන් තමයි වියදම යන්නෙත්

      Delete
  3. ඔයා හරිම ලස්සන පරිසරයක ජීවත් වෙන කෙනෙක්...ලස්සන පින්තූර. අර උකුස්සාගේ කතාව දුකයි, ඒත් ඒ තමයි ලෝක ස්වභාවය කියලා ඉවසන්ට වෙනවා නේද?

    ඇනෝ කමෙන්ට් දාලා ගිය නෝනා නියම නෝනා කෙනෙක්නේ.:D

    මම කැමතී ඔයාගේ පොඩි කාලේ කතාවලටත්.:)))

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි...
      අපේ ගෙවල් තියෙන පැත්ත ගොඩක් ලස්සනයි තමයි. හැබැයි ඉතින් ඒ ලස්සන හැමෝටම පේනවද කියන එකනම් ප්‍රශ්නයක්.

      ඒ ස්වභාවය තේරුම් ගන්නේ නැතුව වෙනස් කරන්න යන එකෙන් වෙන්නේ සමතුලිතභාවය වෙනස් වෙන එක. ඒ නිසා හිත හදාගෙන ඉන්න එක හොඳයි.

      ඒ ඇනෝ නෝනා තමයි මගේ නෝනා.... :))

      කමෙන්ට් එකට ස්තුතියි පොඩ්ඩි....

      Delete
  4. මරුනෙ බං. ක්ෂණික අවස්ථා නියමෙට අර‍ගෙන තියනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්...
      නිතරම කැමරා එක සුදානම්ව තියෙන නිසාත් මමත් මොන වැඩේ කලත් කන්දෙක එළියෙන් ඇහෙන සද්ද වලට යොමුකරගෙන ඉන්න නිසාත් මේ වගේ දේවල් ලේසියෙන් මග ඇරෙන්නේ නැහැ...

      Delete
  5. විශිෂ්ට ඡායාරූපකරණයක්නෙ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං....

      Delete
  6. කලිනුත් පොස්ට් එකක කිව්වනේ මට නම් ෆොටෝ ටික තමයි ඉතින් අල්ලලා යන්නේ. ඒ වැඩේට නම් ඉතින් ඔබ සැබෑම දක්ෂයෙක්. මටත් 200 ලෙන්ස් එකක් ගන්න තිබ්බ ආසාව අවෙත් ඔය වයිල්ඩ් ලයිෆ් පින්තුරු ගන්නමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ක්සැන්ඩර් | Xander...
      පුළුවන්නම් අඩුම ගානේ 300 වගේ ලෙන්ස් එකක් ගන්න බලන්න.
      200 ලෙන්ස් එකේ නාභි දුර පොඩ්ඩක් මදි කුරුල්ලන්ගේ ෆොටෝ ගහන්න.
      බැරි කමකුත් නැහැ, ඒත් පස්සේ ආපහු 300 ක් හරි 400 ක් හරි ගන්න හිතෙනවා.... :)
      ඒ නිසා එක පාරම ලොකු ලෙන්ස් එකක් ගන්න එක හොඳයි කියල තමයි මට හිතෙන්නේ...

      Delete
  7. පින්තූර ටික නම් නියමයි.කියන්න වචන නෑ.ඔයා ගෙදර ඉන්නකොට හරිම සතුටින් ඉන්නවා ඇති.හරිම ලස්සන පරිසරයක්නෙ.

    //ස්වභාවධර්මය කියන්නේ මිනිසා විසින් පාලනය කලයුතු ධර්මතාවයක් නෙමෙයි කියන මතයේ // මේකනම් වනජීවි ෆොටෝ ගන්න හැම කෙනෙක්ගෙම හිතේ තියෙන දෙයක් නේද??

    දෙයියනේ නෝනට දැන්ද කිව්වෙ බ්ලොගේ ගැන. :O මට එහෙම වුනානම් සුපිරිම දෝස් මුරයක් දානවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගි...
      තමන්ගේ ගෙදර කියන්නේ ඕනෙම කෙනෙක් ගොඩක් සතුටින් ඉන්න තැනක්නේ. මම කැමතිම පරිසරයක අපේ ගෙදර තියෙන නිසා මම ගොඩක් ඒ ගැන සතුටු වෙනවා.

      ඒක තමයි කැලෑවේ නීතිය, එව්වා වෙනස් කරන්න යන්න ඕනේ දේවල් නෙමෙයි. හැමෝම වගේ එහෙම හිතනවා කියන එක ගොඩක් දුරට ඇත්ත.

      හා..හා... එයා දැන් මාත් එක්ක යාළුවෙලා ඉන්නේ, ආපහු ෆයර් වෙලා එන්න බැරි නැහැ මේවා කියවලා.... :(

      Delete
  8. ලස්සන පිංතූර ටිකක්.....මම මොණරෙක් ෆොටෝගන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දියක් පස්සේ කියන්නං....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං...
      උඹටත් හරි හරි දේවල්නේ වෙන්නේ, මේකත් අපුරු සිද්ධියක් වෙන්න ඇති කියල හිතනවා.
      පෝස්ට් එකක් විදිහටම දාපන්කෝ ඉක්මනටම...

      Delete
  9. උඹ මාර පොරක්නෙ ලොකු පුතා. ඒ කිව්වෙ ජීනියස් කියන එක සිංහලෙන්, හරි?

    ඔය වෙලාවට තමයි ආධුනියයගෙයි ප්‍රවීනයගෙයි වෙනසක් දකින්න බැරුව යන්නෙ. පින්තූර ටික නම් ප්‍රවීනයි.

    ඒක තමයි උඹ ගාමිණී සමරකෝන් එක්ක මෙච්චර ‍ෆිට්. ඒකාටත් ඔය අමාරුවමයි තියෙන්නෙ. ගාමිණීටත් ඔයවගෙ අමෙරිකාවෙන් අරන් ආපු කැමරා ආම්පන්න තිබ්බා. ගාමිණී ගෙදර ආපු වෙලාවක කොටි පැනලා ඒවා අරන් ගියා.

    පොඩ්ඩි කිව්වා නේද ලොකු පුතා ලස්සන පරිසරයක් ජීවත් වෙනවා කියලා. ඇත්ත නම් ලස්සන පරිසරයක ජීවත් වීමම නෙවෙයි. තමන් අවට තියෙන ලස්සන දේ දකින ඇහැ හුඟ දෙනෙකුට නෑ. මගෙ පොඩි එකත් කැමරා අරන් ගේ වටේ දුව දුව ලේන්නු කුරුල්ලො ෆෝටෝස් ගන්නවා.

    ලොකුදුව මොකෝ ඇනෝ කමෙන්ට් දැම්මෙ. දැන් දාන්න කෙලින්ම ලොකුදුව කියලා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබ්බනේ අයියේ... පහල කමෙන්ට් එක දැක්කට පස්සේ තමයි මම ගිහින් බලල ඉවරවෙලා මේක පබ්ලිෂ් කොලේ...
      ගොඩක් ස්තුතියි අයියේ.
      ගාමිණී අයියගේ බ්ලොග් එක ගැන දැනගත්තේ ඔයාගේ බ්ලොග් එක හරහානේ, එක වගේ හිතන අය අතරේ ඉක්මනට හිතවත්කම් ගොඩනැගෙනවා කියන එක ප්‍රසිද්ධ දෙයක්නේ.

      පරිසරය ගැන අයියා කියල තියෙන කතාව ගොඩක් දුරට ඇත්ත, ගොඩදෙනෙක් තමන්ගේ වටපිටාව ගැන හරියට දන්නේ නැහැ. ලස්සනක් දකින්නෙත් නැහැ.

      "ලොකු දුවට" එකවුන්ට් එකක් හදල දෙන්න ඕනේ... :)

      Delete
  10. පව්..කුරුලු අම්මට බය හිතෙන්න ඇති ආයෙත් ඔයාලගෙ කණ්ඩියේ බිත්තර දාන්න..

    ෆොටෝස් ටිකනම් හරිම ලස්සනයි..පැහැදිලියි..ඒ වුනාට අර උකුස්ස කුරුලු පැටියව කටේ තියන් ඉන්න ෆොටෝ එකටනම් මට තරහක් ආවා..ඇයි ෆොටෝ ගැහුවෙ ඒ උකුස්සව එලවලා දාන්න තිබුනනෙ :(

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුරට එහෙම වෙන්න ඇති... මේ කුරුල්ලෝ සාමාන්‍යයෙන් ගෙවල් ආශ්‍රිතව කූඩු හදන්නේ නැහැ.
      ඒත් අපේ ගෙදර තිබ්බ නිස්කලංක බව නිසා වෙන්න ඇති අවුරුදු ගානක් තිස්සේ එතන කූඩු හදන්න ඇත්තේ.

      ස්තුතියි සිහින...
      මට මෙයාගේ ෆොටෝ 4 ක් විතරයි ගහන්න ලැබුනේ, මාව දැකපු හැටියේ කුරුළු පැටියාවත් අරගෙන ඉගිළිලා ගියා...
      එයාව එළවලා දැම්මත් ඒ කුරුළු පැටියව බේරගන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් පොඩි සතෙකුට කෑම දීල හදන්නත් බැහැනේ.
      මම එයාව බේරගන්න ගියානම් එයාගේ ජිවිතේ බේරෙන්නේ නැහැ වගේම අර උකුස්සාගේ බඩගින්න නිවන්න තව සතෙකුටත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා නේද...

      Delete
    2. හ්ම්ම්.. ඒකත් ඇත්ත තමයි නේද..:(

      Delete
  11. මේ උකුස්සා ඉන්න ෆොටෝ දෙක හරියට පේන්නේ නැහැ නේ ආයි දාන්න බැරිද.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබව සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට....
      ඒ ෆොටෝ දෙක ටිකක් වැඩි රෙසලුෂන් එකකින් දාල තිබුනේ. දැන් පොඩ්ඩක් අඩු කරලා දැම්මා, බලන්නකෝ හරිද කියලා.

      Delete
    2. ස්තූතියි
      දැන් හරි
      මාත් අද තමා මේ බ්ලොග් එක දැක්කේ
      සින්ඩි හරහා බ්ලොග් කියවෙන්නේම නැහැ කවුරු හරි ෂෙයා කලොත් විතරයි අලුත් බ්ලොග් එකක් දකින්නේ :-)

      Delete
  12. අපේ ගෙදරත් ඉස්සරහ මල් වැටේ කෝටන් ගහක කොණ්ඩ කිරිල්ලියෙක් බිත්තර දාපු දවසේ ඉදලා මම හොරාට බලනවා. ආනේ පැටව් හැදුනට පස්සෙත් මම හොරා බැලුවා. අපේ ගෙදර ආපු මාම කෙනෙක් මහ එකා ඉන්න වෙලාවෙම බැලුවා.ඊට පස්සෙන්දම හරියට පියාඹන්නවත් බැරි කුරුළු පැටව්ටික ඒ කුරුළු අම්මා අත්තෙන් අත්තට අරන් ගියා. මට හොදටම ඇඩුනා. අර මාමා ලග හිටියේ නැතිා වුනාට හොදටම බැන්න.

    ReplyDelete
    Replies
    1. උන් කූඩු හදන්නේ ගොඩක් වෙලාවට මල්ගස් වල හරි ඒ වගේ පහත තැන්වල තමයි.....
      කූඩුව දිහා බැලුවා කියලා ඉගිල්ලෙන්න බැරි මට්ටමේ පැටවුන්ව අරගෙන යන්න බැහැ එයාලට.
      ගොඩක් දුරට ඒ පැටවුන් ඉගිල්ලෙන්න කාලේ හරි හරි ගිහින් තමයි එයාල කුඩුවෙන් පිට වෙන්න ඇත්තේ.
      කොන්ඩ කුරුල්ලෝ කියන්නේ මිනිස්සුන්ට වැඩිය බය කුරුළු වර්ගයක් නෙමෙයි බට්ටි

      මම හිතන්නේ අර මාමගේ වැරද්දක් නැතුව ඇති කියලා.... :(

      Delete
  13. ෆොටෝ ටික නම් ගොඩාක් ලස්සනයි අයියේ... ලස්සනටම අරගෙන තියෙනවා... ! හැකියාවක් තියෙනම් මෙන්න මෙතෙන්ටත් ගිහින් වචනයක් දොඩලා එන්න... ජය !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි....
      මම ඒ ලින්ක් එකට ගියා, ඒත් එතන කමෙන්ට් කරන්න විදිහක් මට තාම හොයා ගන්න බැරි උනා
      ආපහු උත්සාහයක් අරගෙන බලන්නම්කෝ...

      Delete
  14. බ්ලොගර් පිස්සු කෙලිනවාවගේ ලොකු පුතා. මම උදේ දාපු පබ්ලිෂ් වෙච්ච කමෙන්ට් එක මිසිංනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් කරපු අසාධාරණේ හරි ගැස්සෙව්වා Dude අයියේ.... :)

      Delete
  15. කතාව කියවද්දී එක හරියකනම් හරිම දුකක් හිතෙනවා දැක්කම
    අර උකුස්සා කරන නපුරු වැඩේ ගැන
    මම එතන හිටියනම් ඒ උකුස්සා එලවලා දානවා, කුරුළු පැටියා මැරිලා හිටියත් නැතත්
    මම එක දවසකුත් දැක්කා ඔය ජාතියේ උකුස්සෙක්ම පොඩි සතෙක් අල්ලාගෙන කනවා ගෙදර වත්තේ
    එදානම් හලෝ මට එයාව එලවන්න අමතක උනා, එයා ඒ තරම් ලොකුයි.
    මම එක බලාගෙන හිටියා කටත් අරගෙන, හිටියේ වත්ත පහල සෝමා නැන්දලගේ ගෙවල් හරියට වෙන්න
    මම දැක්ක විදියටනම් ඌ අල්ලාගෙන හිටියේ පොඩි සර්පයෙක්
    මට එක මහත්තයට කියන්න අමතක උනා
    කුරුල්ලා දැක්කම තමා මතක උනේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔයාත් මෙහෙම කියන එකනේ ඉවසගෙන ඉන්න බැරි....
      උගේ කෑමවේල නැතිකරලා දැම්මනම් බොහෝ දුරට ඌ තව එකෙක් අල්ලාගෙන කනවා
      එතකොට එකෙක්ගේ නෙමෙයි දෙන්නෙක්ගේ ජිවිත නැති වෙනවා
      එහෙම නැතුව හැමදාම උකුස්සාගේ කෑම වේල නැති කරලා දැම්මොත් ඌ බඩගින්නේ මැරෙනවා
      ඒ නිසා මේ වගේ වේලාවකදී පැත්තක් ගැනීමෙන් දෙපාර්ශවයටම වෙන අමුතු සෙතක් නැහැ

      ඉස්සරහට ෆොටෝ ගහන්න යද්දී ඔයාව එක්කගෙන යන්න බැරිවේවි මෙහෙම ගියොත්නම්... :(

      Delete
    2. එහෙම කියන්න එපා ඉතින්
      මොකද මම ඔයාට ෆොටෝස් වලට ලැබෙන හොද චාන්ස් එකක් නැති කරන්නේ නැහැ
      ඔයා දන්නවනේ මම ඒ වෙලාවට මගේ පාඩුවේ පැත්තකට වෙලානේ ඉන්නේ
      අනික එහෙම එලෙව්වොත් මට කනක් ඇහිලා ඉන්න බැරි වෙයි
      මාව එක්කගෙන නොගියොත් ඉතින් ඔයාට කනක් ඇහිලා ඉන්න බැරි වෙයි

      Delete
  16. මහත්තයෝ නරකද තියන පින්තූර ටික හැමෝටම බලාගන්න දවසක එළිදැක්මක් කලොත්
    ඒ තරමට ලස්සනයි
    පින්තූරෙත් එක්ක කතන්දරෙත් තියෙන්න ඕනි
    එතකොට තමා ලස්සන වැඩි
    පුංචි ලස්සන පින්තූරෙක ලොකූ කතාවක්

    ReplyDelete
    Replies
    1. දැන්නම් ෆොටෝ ගහන හැටිත් මතක නැහැ වගේ, ඒත් ලංකාවට ආවට පස්සේ ආපහු වැඩේ පටන් ගන්න පුළුවන්නේ
      ෆොටෝ එකතුව තව ටිකක් තර උනාට පස්සේ ඒ ගැන සලකලා බලන්නම්කෝ...

      Delete
  17. උඹ ළඟ හොඳ කැමරාවකුත් තියෙනවා කියල හිතනවා.නැත්නම් මෙච්චර පැහැදිලිවට ගන්න බැහැ නේ.

    හැම වෙලාවේම කැමරාව අටවාගත්තු ගමන්ද ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම් පෙළ ෆොටෝ ගත්තු දවස්වල මම පාවිච්චි කලේ Canon 40D කැමරා එකක් සහ Canon 100-400mm L ලෙන්ස් එකක්.
      ඒත් රට එන්න කළින් ළඟ තිබ්බ කැමරා ආම්පන්න ඔක්කොම ටික විකුණලා දාල තමයි ආවේ

      ඔව් මචං, ගොඩක් වෙලාවට එහෙම තමයි.... :)

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. විශිෂ්ටයි...පැටවා නැති උනාම කුරුළු ජෝඩුවට කොයි තරම් දුක හිතෙන්න ඇත්ද...පැටව් හැදීම සම්බන්ධයෙන් නම් මම කැමතිම කට්ටියක් තමයි කුරුල්ලෝ. බල්ලෝ බළල්ලු න් ට වඩා කුරුළු දෙමව්පියෝ හරි එකතුයි. පියාගෙන් පවුලට ලැබෙන දායකත්වය බොහොම වැඩියි. :)) ඒ මට හිතෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි...
      සමහර වෙලාවට ඒ අය ගොඩක් කලබලයෙන් කෑ ගගහා නැති වෙච්ච පැටව් හොයනවා මම දැකල තියෙනවා.
      දෙමව්පිය යුතුකම් අතින් මෙන්ම පවුලේ එකමුතුව අතින්ද කුරුල්ලෝ ගොඩක් ඉදිරියෙන් ඉන්නවා අනික් සතුන්ට වඩා
      කුරුළු පවුලක පියාගේ මෙහෙය උපරිමයෙන් දකින්න ලැබෙන්නේ කෑදැත්තාගේ පවුලෙන්
      බිත්තර රකින කාලය පුරාම කූඩුව ඇතුලේ ඉන්න කිරිල්ලිට කෑම බීම සපයන්නේ පිරිමි සතා
      ඒ කාලෙට ගැහැණු සතාගේ පිහාටු හැලිලා ඉගිල්ලෙනවත් බැහැ...
      ඒ වගේම කුරුළු වර්ග ගොඩක මිනිසුන් තුළ දකින්න නැති හොඳ ගුණාංග දකින්න පුළුවන්...

      Delete
    2. කෑදැත්තා ගැනත් කිව්වට ස්තුතියි...ලොකු පුතාගේ කමෙන්ට් දෙකක් මගේ පෝස්ට් එකට ඇවිත්. ඒත් ඒවා ඉන්විසිබල් :( මොකද දන්නේ නෑ. මමනම් මුකුත් කරේ නෑ.

      Delete
    3. ඒ ගැන හොයා බලන්න වහාම කමිටුවක් පත්කලොත් නරකද.... ;)

      Delete
  20. මම ආසම වැඩක්..

    වෙලාවක්.. කැමරාවක්.. තියෙනව නම් සෑමත් කරනවා.. ථ((

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් හොඳ හිත නිවෙන විනෝදාංශයක් සෑමෝ.... :)

      ඔක්කොටම කළින් කැමරා එකක් ගනින්.
      එතකොට වෙලාව හොයාගන්න බැරිවෙන එකක් නැහැ...

      Delete
  21. පොටෝ නං නොම්බර එකයි. ලොකුපුතා මූණුපොතේ ඉන්නවද?

    හාමිනේ නං බයානක කෙනෙක් වගේ ඇනෝ කමෙන්ට් කාරියක් නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධි...
      හාවා හඳ දකින්න වගේ ඉඳල හිටලා ගොඩවෙන මුණු පොතක් මටත් තියෙනවා... :)))
      ඒකෙ තියෙන ගොන්පාට් නිසා මුණුපොත මට දැන් එපාවෙලා තියෙන්නේ බං

      මුණු පොතෙන් ඈත්වෙන්න හිතාගෙන ෆ්ලිකර් එකේ එකවුන්ට් එකක් හැදුවා
      තාම ඒකටත් ෆොටෝ දාන්න බැරි උනා.
      පුදුම කම්මැලි කමක් තියෙන්නේ ෆොටෝ ටිකක් අරගෙන කපලා කොටලා ඇල්බම් එකක් හදන්නත් :(

      නෝනානම් හැමෝගෙම නෝනලා වගේ තමයි, හරිම භයානකයි...

      Delete
  22. අනේ හරිම ආස හිතෙනවා දැක්කම :)

    ReplyDelete
  23. හරි ලස්සන පොටෝ ටික
    කුරුළු පවුලට වෙච්ච දේට නං හරි දුකයි
    ඒත් ඒ උන් ගෙනාපු ආයුෂ තරම වෙන්නැති

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා.
      බොහොම ස්තුතියි කමෙන්ට් එකට.
      කුරුළු පවුල ගැන මටත් ගොඩක් දුකයි, ගිය අවුරුද්දෙත් මම ගෙදර ගිය වෙලාවේ එයාලව දැක්කා (සමහර විට ඒ පවුලම නොවෙන්නත් පුළුවන්)
      ලෝකයේ හැම සත්වයාටම පොදු වෙච්ච ධර්මතාවය ඒක තමයි.... :(

      Delete
  24. ලොකූ නියම පින්තුර ටික මචො...පරිසර රූසොබා විදින උබවගේ එකේක් මගේ මිතුරෙකු වීම ගැන අප්‍රමාන සතුටක් දැනේන්නේ බං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා....
      උඹත් සොබා සෞන්දර්යය විඳින්න දන්න එකෙක් බව මම දන්නවා.

      කාලෙකින් නේද ආපහු බ්ලොග් ලෝකෙට ආවේ.. මග ඇරිච්ච ඒවත් එක්ක අල්ලලා දැන් ඉතින් ලියපන්.

      Delete
  25. හරිම අපූරුයි ලොකු පුතා. අදමයි මම මේ බ්ලොග් එක දැක්කේ. බොග් අතර තියන හොඳම බ්ලොග් එකක් කියලා හිතෙනවා. පෞද්ගලිකවත් මම මේ පොස්ට් එකට ගොඩක් කැමතියි. මමත් විශ්වාස කරන්නේ අපි අවට පරිසරයේ අපි නොදැකපු සුන්දර දේවල් බොහොමයක් තියනවා කියලා. උඹට බොක්කෙන්ම සුබ පැතුම්. දිගටම මේ වගේ ෆොටෝ එක්ක පොස්ට් දාපන්. මේ වගේ ෆොටෝ ගන්න තවත් වාසනාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete