Tuesday, 5 June 2012

විදියබණ්ඩාර කුමරාගේ ඔටුන්නේ ඉතුරු ටික කෝ....

ලංකාවට ආවට පස්සේ මට එක පෝස්ට් එකක්වත් දාන්න බැරි උනා. ඒකට හේතුව උනේ වෙලාවක් නැතිකමම නෙමෙයි. හිතේ එකලාසයක් නැති කම කියලයි මට හිතෙන්නේ. රට ඉන්න කාලේ මේ තරම් නිදහසක් නැති කාලෙදිත් බ්ලොග් එකට පෝස්ට් එකක් දෙකක් කොහොමහරි දානවා. ඒත් ලංකාවට ඇවිත් රස්සාවක්  නොකර ගෙදරට වෙලා හිටපු කාලේ දැන් මාසෙකට වඩා දවස් කීපයක් වෙනවා. ඒත් මේ කාලයේදී මට එක පෝස්ට් එකක්වත් දාන්න බැරි වෙච්ච එකට මගේ කම්මැලිකමත් ලොකු හේතුවක් උනා කියල මට හිතෙනවා.


මම ආපහු පරණ පුරුදු පුරුදු නිධන් කතාවකින්ම වැඩ අල්ලන්නයි මගේ කල්පනාව. මේ කතාව අපේ ගෙදර ඉඳලා කිලෝමීටර 2 ක් වගේ දුරකින් තියෙන තැනක වෙච්ච ඇත්ත සිද්ධියක්. ඊයේ දවල් වෙච්ච කතාවක් නිසා මට එක පාරටම මේ කතාව පෝස්ට් එකකට දාන්න ඕනේ කියල හිතුනා.
ඊයේ දවල් අපේ ගෙදරට ආපු ලොකු මාමා ටික වෙලාවක් මාත් එක්ක කතා බහ කරකර හිටියා. එයා කලා අංශයෙන් ගුරු උපදේශක වරයෙක්. අපේ ගම්පලාත ගැන ලියවෙච්ච පොතක තිබුණ යම් කරුණක් ගැන තමයි ලොකු මාමා මාත් එක්ක කතාබහ කලේ. ඒ පොතේ හැටියට විදියබණ්ඩාර කුමාරයාගේ ඔටුන්නේ කොටසක් කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බවක් ලියවිලා තිබුණු බවක් ලොකු මාමා මා හට පැවසිය.
එක පාරටම මට මතක් උනේ ගිය සතියේ වෙච්ච සිද්ධියක්. ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිදින්න ගියපු වෙලාවක මම මේ ඔටුන්න ලැබුණ බව කියන  ඉඩමේ දාල තියෙන තීන්ත කඩේට ගොඩ උනේ පොඩි වැඩක් කරගන්න. ඒ කඩේ ඉන්නේ ඉඩමේ හිමිකරුගේ පුතා. කඩේට ගොඩවෙලා මගේ වැඩේ කෙරෙනකල් ඔහුත් සමග ඒ පරණ සිද්ධිය ගැන පොඩ්ඩක් කතාබහ කරන්න මට හිතුනේ අහම්බෙන් වගේ. ඔටුන්න හම්බ වෙච්ච සිද්ධියට දැන් අවුරුදු හය හතක් විතර වෙනවා මට මතක විදිහට.


ලොකු මාමා මට කියපු විදිහට දැන් කෞතුකාගාරයේ තියෙන්නේ ඔටුන්නේ කොටසක් විතරයි. මේක ඇහුවම මට පුදුම හිතුනේ ඇයි මේ එක කොටසක් විතරක් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන්නේ කියලයි.
මේ සිද්ධිය සිද්ධවෙච්ච කාලේ විතරක් නෙමෙයි ඊයේ පෙරේදා අහම්බෙන් වගේ දැන ගත්තු විදිහටත් විදියබණ්ඩාර කුමාරයාගේ ඔටුන්නේ කොටසක් විතරක් නෙමෙයි සම්පුර්ණ ඔටුන්නම කෞතුකාගාරයේ තියෙන්න ඕනේ.



දැනට අවුරුදු හයකට විතර කලින් වෙච්ච මේ සිද්ධිය මම අප දැනගත්තේ මෙන්න මේ විදිහට.
අදාළ ඉඩම තරමක කඳු ගැටයක් සහිත ඉඩමකි. එහි හිමිකරුගේ අනුමැතිය ඇතිව වෙනත් පාර්ශවයක් පස් කැපීමේ නිරතවී සිට ඇත. එම පස් යම් කිසි ඉඩමක් ගොඩ කිරීමේ කටයුත්තක් සඳහා ට්‍රැක්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇත. පස් කැපීමට යොදාගත් යකඩ ඉන්නක ඇනුන අමුතු යමක හඬ ඇසුණු පිරිස කල විපරමේදී මැටි මුට්ටියක් තුළ තිබූ එම රන් ඔටුන්න ලැබුණු බවය. නමුත් එය බෙදා ගැනීමට යාමේදී ප්‍රශ්නයක් ඇතිවූ බවක් එදවස කියැවුනි. එනම් ඉඩමේ හිමිකරු එහි සම්පුර්ණ අයිතිය ඔහු සතු බවත්, පස් කැපු අය එහි සම්පුර්ණ අයිතිය ලබා ගැනීමට තැත්කළ බවත්ය. කෙසේ හෝ එය කොටස් වලට කඩා බෙදා හදා ගැනීමට මොවුන් ක්‍රියා කර ඇති බවක්ද කියැවුනි. ඉන් අනතුරුව මෙම සිද්ධිය කෙසේ හෝ පොලිසියට ආරංචි වී ඇති බවත් එය පොලිසියෙන් රැගෙන ගොස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවත් එදවස අප ඇසු කතාව විය.


ගිය සතියේ ඉඩම් හිමි කරුගේ පුතා හමුවී මා අසාගත් කතාව මෙසේය.
ඔවුන්ට අයත් ඉඩමේ පස් කැපීමේ යෙදුනු පිරිස එම කාර්යය කරගෙන ගොස් ඇත්තේ යන්ත්‍ර සුත්‍ර ආධාරයෙන් නොව මිනිසුන් කිහිප දෙනෙකුගේ ශ්‍රමයෙන් වන අතර, කන්දිය කැඩීමෙන් පසු වැටෙන පස් කෙළින්ම ට්‍රැක්ටරය තුළට වැටෙන සේ තබා තම කාර්යය කරගෙන ගොස් ඇත. එහිදී යකඩ ඉන්නක වැදී මැටි මුට්ටිය තුළ වූ රන් ඔටුන්න කොටස් හයකට කැඩී ට්‍රැක්ටරය තුළට වැටුණු බවත් එහි සිටි හය දෙනා එම රන් කොටස් 6 බෙදාගත් බවත්ය. ඉන් එක් අයෙකු තමාට ලැබුන කොටස උකස්‌ කිරීමට රජයේ බැංකුවකට ගොස් ඇති බවත් බැංකුව හරහා ලැබුණු තොරතුරු හරහා ඔටුන්නේ කොටස් සියල්ලම පොලිසිය භාරයට ගත්බවත් ඉන් සතියකට පමණ පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට එම කොටස් ලබා දුන් බවත් ඔහු පැවසීය.


(රන් ඔටුන්න කොටස් හයකට කැඩී එහි සිටි හය දෙනා එම කොටස් හය  බෙදාගත් බව කියූ කියමන පමණක් මා විශ්වාස නොකළේ, එය ඉබේ කැඩුණු බවක් මා විශ්වාස නොකරන නිසාය)



මා ඇසු මෙම කතා දෙකෙන්ම කියවෙන පරිදි එම ඔටුන්නේ සියළුම කොටස් පොලිසිය වෙත ලබා දී ඇති බව කියවිණි. පොලිසිය හරහා එම කොටස් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන් බවද කියවිණි. නමුත් පොතේ ඇති පරිදි කෞතුකාගාරයේ ඇත්තේ එක කොටසක්ලු.
ඉතිරි කොටස් කිහිපය නතර වුයේ කොහිදැයි සිතීම ඔබට බාරය.

43 comments:

  1. ඔය සිද්ධිය සිද්ධ වුනේ මොන ගම් පළාතේද ???

    ReplyDelete
    Replies
    1. මේක සිද්ධ උනේ පස්දුන්කෝරළේ ප්‍රදේශයේ....

      Delete
    2. වීදිය බණ්ඩාර රජකම් කරපු පාලින්ද නුවර එහෙමත් නැත්නම් පැලැඳ තියෙන්නේ ඔය පැත්තේ නේද ?

      Delete
    3. ඔව් හසිත, මේ ඒ පැත්ත තමා....
      මට මතක විදිහට පැලෑඳ නිසා තමයි මේ පැත්තට පාලින්දනුවර කියන නම වැටෙන්නත් හේතු උනේ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඉතිරි කොටසට ඉතින් දෙයියන්ගේම පිහිට තමා ....

    ReplyDelete
    Replies
    1. නැහැ රොබින්....දෙයියන්ගේ පිහිට අපිට ඕනේ නැහැ.
      අපිට ඕනෙකමක් තියෙනවනම් මෙව්වා ගැන හොයන්න බැරි කමක් නැහැ.

      මොන අහේතුවකටද දන්නේ නැහැ, මෙව්වා පස්සේ යන්න තරම් ලොකු උනන්දුවක් හිතේ ඉපදෙන්නේ නැහැ....:(

      Delete
  4. ඉතිරි කොටස් ටික ඉතින්.........................

    කාලෙකට පස්සේ උනත් ලියවෙලා තියෙන්නේ ගොඩක් වැදගත් දෙයක්.. ඕවට ඇත්තටම උනේ මොකද කියලා දන්නේ දෙයියොම තමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... හ්ම්ම්....
      ඒ උනාට හැම දේම බෙන්ගාල බොක්කට ගියා කියලම හිතන්න එපා.
      ඊට මෙහා පොඩි පොඩි බොක්කවල් තියෙනවා ඕනේ දෙයක් ගිලගන්න පුළුවන් තරමේ...:))

      Delete
  5. ඒත් මම හිතුව මොකද මේ ලමයට ගෙදර ගියාට පස්සෙ උනේ කියල..මේ දවස් වල අපේ ගෙවල් පැත්තෙ අමුතුම කුරුල්ලො වගයක් ඉන්නව..මට මතක් උනේ ඔයාව..

    ReplyDelete
    Replies
    1. ඔව කිරිල්ලි.... මට පොඩි කම්මැලි කමක් ඔලුවට ගැහුවනෙ.
      නරකද ෆොටෝ එකක් දෙකක් ගහලා අපිට පෙන්නුවොත්...
      කවුද කින්ද මන්ද කියල අඳුන ගන්න හරි බැරියෑ...
      ගෙවල් කියල කිව්වේ ලංකාවේ ගෙදරද, එහෙමත් නැත්නම් පිටරට ගෙදරද...??

      Delete
    2. මෙහෙ මෙහෙ පිටරට ගෙදර..ටිකක් එහායින් විශාල ගහක එයාල ඉන්නෙ..ගොඩාක් වර්ග වල අය ඉන්නව..පොටෝ ගන්න බැහැ ඒක විශාල ගහක් එයාලව පේන්නෙ නැහැ හොඳට..එක්කෙනෙක් ඉන්නව ඒ ජෝඩුව මේ කාලෙට එනවලු කූඩුවක් හදල බිත්තර දාල පැටව් හදන් යන්න..ඒ දෙන්නගෙන් කිරිල්ලි දුඹුරු පාට කුරුල්ල කලු හොට කහ පාටයි සැළලිහිනිය වගේ..කිරිල්ලි කිසිම සද්දයක් කරන්නෙ නැහැ..අම්මෝ ඒ කුරුල්ල නම් යකෙක්..!!වෙලාවකට කෑගහනව සැළලිහිනියෙක් වගේ..වෙලාවකට මයින්නු වගේ..තව වෙලාවකට කොහා කෑගහනව වගේ..තවත් වෙලාවකට කියවනවා කටට නිවනක් නැතුව..!!
      මටම හිතා ගන්න බැහැ චූටි හොටක් තියන මේ පුංචි කුරුල්ල මෙච්චර මේ තරම් සද්ද දාන්නෙ කෝමද කියල....කෝම උනත් ගෙදර මේ දවස් වල අපි ඉන්නෙ කන් වල ඇඟිලි ගහගෙන..!!

      Delete
    3. වින්චැට් කිරිල්ලව බලන්න වෙන්න ඇති ඒ අය එන්නේ...
      ඔයා මේ කියන කුරුල්ලා "Eurasian BlackBird" කියන කෙනාද දන්නේ නැහැ.
      පොඩ්ඩක් ජාලයේ සර්ච් කරලා බලන්න, එතකොට එයාද නැද්ද කියන එක තහවරු කරගන්න පුළුවන් වේවි.

      Delete
  6. ඉතුරු කොටස කාක්කෙක් අරං යන්න ඇති.

    අයෙත් කම්මැලි නැතිව ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් බං... එහෙම කියල හිත හදා ගම්මු...

      කම්මැලි නැතිව ලියන්න ඕනේ කියන එකනම් මටත් හිතුනා.
      ඒත් ඉතින් දන්නේ නැද්ද රස්සාවක් නොකර ගෙදරට වෙලා ඉන්නකොට එන වස කම්මැලිකමේ තරම
      අද හෙටම රස්සාවට ගියාම මිට වඩා පොස්ට් ටිකක් දකින්න ලැබේවි...:)

      Delete
  7. මම දන්නවෝ................................................................................

    ඉතිරි කොටස මං ගාවෝ.......................................................................................................................................................................

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ මේ... කෑ ගහන්න එපා.
      තියෙනවනම් පරිස්සමින් තියා ගන්ඩෝ...
      නැත්නම් කොයි වෙලාවේ මංකොල්ල කයිද කියල කියන්න බැහැනේ.

      ස්තුතියි යාළුවා...
      මේ විඳින සැප එක්ක බැලුවම රාජ සම්පත් කියන්නේ මොන කජ්ජක්ද... ;)

      Delete
  8. වෙල් කම් බැක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චුටි මහත්තයා.......

      Delete
  9. කොහොමද දන්නෙ නෑ හරියට ඔ‍ටුන්න කොටස් හයකට කැඩුනෙ ? හය දෙනෙක් හිටපු නිසා වෙන්න ඇතිනේ...... හිහ්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...
      එහෙම දේවලුත් වෙනවලු. අපියි කියල ඉතින් මක් කරන්නද....:(

      Delete
  10. අප්පේ ඔං ලියන්ඩ අරං දැන් වැඩටික එකලාසයක් කොරගත්තැයි..දිගටම සෙට්වෙමු එහේනං බ්ලොග් බොක්කුව උඩට

    ReplyDelete
    Replies
    1. වැඩ ටික එකලාසයක් උනේ නැහැ.
      එහෙම වෙන්නේ නැහැ කියන එක මම තේරුම ගත්තා
      ඒ නිසා වැඩ අස්සෙම බ්ලොග් එකටත් බැල්මක් දාන්න ඕනේ කියලා මම හිතුවා
      ඔව් බං, මේ බෝක්කුව නැති උනාමත් හ‍රි පාළුයි නේන්නම්.

      Delete
  11. කාගේ කාගේත් රට, ජාතිය ගැණ තියෙන කැක්කුම තමන්ට කෑල්ලක් හමථබවෙනකං විතරයි.

    එදාට අර ජාති ආලේ කිසිල්ලේ!

    ReplyDelete
    Replies
    1. එහෙම කෑලි බෑලි හම්බ උනත් කෙලින් ඉන්න මිනිස්සු ඉන්නවා ආයිබෝං....
      හැබැයි ඒ ඔක්කොම පොඩි මිනිස්සු.
      නිධානෙකින් ලැබිච්ච බුදු පිළිමයක් උණු කරන්න හිත හදා ගන්න බැරුව කෙළින්ම බුදු පිළිමේ පිටින්ම විකුන්නන්න ගිහින් අමාරුවේ වැටිච්ච එවුන් මම ඇස්දෙකට දැකලා තියෙනවා.
      උන්ගේ හිතේ තියෙන ආලේ මොකක්ද කියල කියන්න මම දන්නේ නැහැ.
      නමුත් උන්ට බුදු පිළිමේ උණු කරලා රත්රන් කුට්ටි විදිහට විකිනුවානම් අවුලක් වෙන්නේ නැහැ කියන එක මම දන්නවා.
      කොහොම නමුත් ඒ වගේ මිනිස්සුත් ඉන්නවා....:(

      Delete
  12. Replies
    1. ස්තුතියි යාළුවා....!

      Delete
  13. ලිපිය ගොඩක් වටිනවා ,., එලම එල ඈ ,.,ජයෙන් ජය ,.,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදු මහත්තයා..
      ඔබට ජයවේවා...!

      Delete
  14. වටිනා දැනුවත් කිරීමක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්ද්‍රජිත්,
      කෞතුකාගාරයට ගිහින් මේ ඔටුන්නේ කොටස බලාකියාගෙන ඇවිත් මම ආපහු ඔයාලට කියන්නම්කෝ...

      Delete
  15. අනේ අම්මේ... සිද්ධ වෙන දේවල් වල හැටියට බාගයක්වත් තියනවා ඇති..

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම ආපහු ලියන්න ගත්ත එක ගැන සතුටුයි

      Delete
    2. ඒකත් ඇත්ත තමයි...
      ස්තුතියි ක්සැන්ඩර්, දැන් අපහු කම්මැලි නැතුව ලියන්න ඕනේ කියල හිතට ගත්තා.

      Delete
  16. පරණ නිදන් ලිපි කතාවලට අළුත් කතාවක් කාලෙකට පස්සේ... පත්තරේක තිබුනා උසාවියේ කුඩු ග්‍රෑම් ගනනකට වැරදිකරු කලාම ඒ වැරදිකාරයා කිව්වලු "මම වැරදිකාරයා මේ ග්‍රෑම් ගානකට නෙමෙයි කිලෝ ගානකට" කියලා... ඉතින් හිතාගන්න පුළුවන්නේ.අනික ඉතින් කුඩු මාට්ටු උනාම ඒවා පොලිසියේදි පාන් පිටි වෙනවලුනේ මට නම් තේරෙනවා මොකද වුනේ කියලා හැබැයි දැන්නම් මලාට ඔව්වා හොයන්න හම්බුවෙන්නේ නෑ... අපේ දේවල් විනාස කරන්නේ අපේ එවුන්මයි

    ReplyDelete
    Replies
    1. ඔව් ගැමියා, එක එක වැඩ අස්සේ කම්මැලි කමත් ඔළුවට ගැහුවම මුකුත් ලියන්න හිත එකඟ කරගන්න බැරි උනා.
      ඒකයි පහුගිය දවස්වල් සද්ද නැතුව හිටියේ.
      මට හිතා ගන්න බැරි ඔය ඉතුරු කොටස් ටික නතර උනේ කොතනද කියලා.
      පොලිසියද....
      පුරාවිද්‍යා ආයතනයද....

      Delete
  17. ඉතිරි කොටස් ගැන අහන්න කට්ටිය ඔයාව හොයන් ඒවි....

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම දැනගත්තොත් කට්ටිය හොයාගෙන එනකල් ඉන්නේ නැහැ.
      පොස්ට් එකකින් ඔය හැමෝවම දැනුවත් කරනවා...

      Delete
  18. ඔ‍ටුන්නකින් කෑල්ලක් සමග හරි ආපසු පැමිණි ලොකු පුතාව සාදරයෙන් පිළිගනිමු!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. රිප්ලයි එක පමා උනාට සමාව...
      දැන් ඉතින් පුළු පුළුවන් වෙලාවක ආපහු මුණගැහෙන්න බලමු.
      ඒත් තාමත් හරි ට්‍රැක් එකට වැටුනේ නැහැ වගේ....:(

      Delete
  19. කාලෙකට ඉස්සර කුමනදි අපේ කම්කරු කොල්ලෙකුට කාණුවක් කපද්දි රත්තරං බඩු වගයක් ලැබුනා. පොලිසියට ආරංචිවෙලා ඇවිත් පුදුමාකාර උනන්දුවකින් රාජකාරිය කළේ ...!

    ReplyDelete
  20. හ්ම්ම් නිධාන කතාවක්. තණ්හාය ජායති සෝකෝ කියල තමයි කියන්න වෙන්නේ. අදමයි ගොඩ වැදුනේ ආයෙම එන්නම්කෝ පාර මතක තියාගෙන.

    ReplyDelete