වයස අවුරුදු පහ හය වීමටත් මත්තෙන් සුන්බුන් මතින් අහුළා
ගත් පරණ සෙරප්පු දෙකකින් කපා ගත් රෝද දමා සෑදු කුඩා කරත්තයක් හෝ ඉවත දැමුණු මෝටර් බයිසිකල්
ටයරයක් මාගේ ප්‍රධාන ක්‍රීඩා භාණ්ඩයන් විය. මුල් කාලයේදී වතුරානේ අයියා විසින් මා හට
අවැසි කරත්ත සාදා දුන් අතර පසුව මා විසින්ම ඒවා තනාගත හැකි මට්ටමකට පත්විය. සමහර
දින වලදී මාරි පෙට්ටි වැනි ඝණකම වැඩි කාඩ්බෝඩ් වලින් හැඩ කපා තට්ටුව ගසා බර
පටවාගෙන යා හැකි ලෙස සෑදූ ලොරි හෝ බස් රථයක සාඩම්බර හිමි කරුවකු බවටද අප පත් වේ. එම
කාඩ්බෝඩ් කැබලි වල ඇති සිදුරු තුළට රබර් කිරි දමා සවිවෙන්නට ඉඩහැර ඒවා වෙරගැන්වීමේ
ක්‍රමයක්ද අප සොයාගෙන තිබුණි. තවත් කලක් යද්දී ගරාජයකින් හෝ වින්කලයකින් අහුලාගත්
ස්ප්‍රින් කොටස් “ෂොක් ඇබ්සෝබර” වශයෙන් යොදා සාදාගත් වාහන කිහිපයකම හිමිකරුවෙකු
වීමට මා හට හැකිවිය. එවැනි එක් වාහනයක් කන්ටේනර රැගෙන යන වර්ගයේ අනුරු රථයකි. එය
එහි නියම වාහනයේ පරිදිම ඉදිරිපස කොටස වෙනම පැදවිය හැකි වාහනයකි. මා සෑදු බොහෝ වාහන
සුක්කානමක් යෙදු ඒවා නොවීය. ඉදිරිපස රෝද දෙක දෙපසින් යෙදු ඇණ වල ගැටගැසූ සවිමත්
නුලක් මගින් ඇදගෙන යාමට හැකි මෙන්ම, රෝද හැරවිය හැකි වර්ගයේ ඒවාය.
පින්තුරය: httpwww.ucetk.orgmeet-the-children |
ඊට අමතරව ’රණ බට’ නමින් අප විසින් හඳුන්වනු ලැබූ බට වර්ගයෙන් සෑදුණු බට
තුවක්කුවක් අතේ දරමින් එය සැබෑ තුවක්කුවක ස්වරූපය ඇතිව හැඩ වැඩ කරවීමට දැක්වූ
ආයාසයද මාගේ ඉමහත් තෘප්තියට හේතු විය. ඒවාට අප උණ්ඩ ලෙස දැමුවේ බලුදං නමින් අප
හැඳින්වූ ගෙඩි වර්ගයයි. ගෙඩි පොකුරක් ලෙස හැදෙන එය වෙනත් ප්‍රදේශ වල වෙනත් නමකින්
හඳුන්වනවාද යන්න නොදනී. කෙසේ වෙතත් ඉන් වදින පහරකින් තද වේදනාවක් ඇතිවේ.
පහත ලින්කුවෙන් බලුදං සම්බන්ධ වැඩි විස්තර දැනගත හැක.
මෙම සරළ සහ අප විසින්ම සාදා ගන්නා ක්‍රීඩා භාණ්ඩ මගින්
අප ලද තෘප්තිය මුදල් දී ලබා ගන්නා අරුමෝසම් ක්‍රීඩා භාණ්ඩ මගින් ලබා ගත නොහැකිය යන
මාගේ අදහසට බොහෝ දෙනා එකඟ නොවනවා වන්නට පුළුවන. එහෙත් අදටත් මගේ අදහස එයම වේ. ඒවා සෑදීමට
සහ අමුද්‍රව්‍ය සොයා ගැනීමට අප ගත් උත්සාහයට සරිළන පරිදිම අපි ඒවාට ආදරය කළෙමු. හොඳින්
රැක බලා ගත්තෙමු. ගෙවීමට පෙර පටියක් කැඩුණත් සෙරෙප්පු දෙකක් විසි කරන පුරුද්දක්
එදවස මිනිසුන් අතර නොවීය. කම්බියක් ගැටගසා හෝ එය තව දුරටත් පාවිච්චියට ගැනීමට
උත්සාහ කිරීම කාගේත් උත්සාහය විය. එනිසාවෙන් රෝද කැපීමට සුදුසු හොඳ මට්ටමේ රබර්
සෙරෙප්පු සොයා ගැනීමට සිදුවූ වෙහෙස අපමණය.
මා හත වසරේ පමණ ඉගෙන ගනිමින් සිටියදී පැරණි
චොපර් බයිසිකලයක සාඩම්බර හිමිකරුවකු වීමට මා හට අවස්ථාව ලැබුණි. කවුරුන් හෝ
පාවිච්චි කර ඉවත දැමු පැරණි බයිසිකලයක් තාත්තා රැගෙන ආ ඒ දිනය මට හොඳින් මතකය. එහි
යකඩ රාමුව පවා දිරාගොස් තැන් දෙකකින් කැඩී ගොස් තිබුණි. එය වෙල්ඩින් කර පැදීමට
හැකිවන පරිදි ඉතිරි අළුත්වැඩියා කටයුතු සිදු කර ගත්තේ පියදාස මාමාගේ වින්කලයෙනි.
එසේ කලත් බොහෝ දිනවලදී එහි කිසියම් හෝ වෙනත් දෝෂයක් ඇතිවේ. බයිසිකලයේ අළුත්වැඩියා
කටයුතු කිරීම සඳහා පියදාස මාමාගේ වින්කලයට යනවාට වඩා මා වැඩි කැමැත්තක් දැක්වුයේ
චුටි මාමාගේ වින්කලයට යාමටය. මේ චුටි මාමා කළින් කතාවේ සඳහන් වූ අපේ අම්මගේ මල්ලී නොව
වෙනත් අයෙකි. එමෙන්ම ඔහුද අපේ නෑදෑයෙකි.
පාසල් ඇරී ගෙදර පැමිණි පසු හෝ නිවාඩු දිනවල බයිසිකලයේ
අළුත්වැඩියා කටයුතු සඳහා අම්මාගෙන් රුපියල් දහයක් හෝ විස්සක් රැගෙන මා පිටත්ව
යන්නෙමි. වින්කලය ඉදිරිපස තිබු බැංකුවේ බොහෝවිට එහි පැමිණි පාරිභෝගිකයෙකු හෝ අසළ
ජීවත් වු අපගේ නෑදැයින් අතරේ වූ ඉහ නිකට පැසුණු වැඩිහිටි කවුරුන් හෝ පැමිණි සිටිනු
දැකගත හැක. වැඩිපුරම පාහේ එහි පැමිණෙන කරුණාදාස ආතා හැමවිටම පාහේ පවසන්නේ වික්ටෝරියා
රාජිණියගේ පුරාජේරුවය. වයසින් පොඩි එකෙකු වුවත් කුමන හෝ පෙර ජන්මයක පුරුද්දක් නිසාවෙන්දෝ
මට මේ කාලකණ්නි පවුලේ උන් පෙන්නන්නට බැරිය. උන් දකින විටද ඇඟේ මාළු නටන බවක් දැනේ.
ආතාගේ කතා අතරේ වූ පැරණි කතා ඇසීමට ආසා නිසාවෙන්ම ඔහු කියන සියල්ලක් නිහඬව අසා
සිටීම මාගේ පුරුද්දක් විය. යම් කිසිවක් විස්තර ඇතිව අසා ගැනීමට ඇවැසිනම් පමණක් අපි
ඔහුට බාධා කරන්නෙමු. වරක් ඔහු රැජිණගේ අහවල් හමුදාව මෙහි සිටි කාලයේ වූ කතාවක්
කියන්නේය. ජපනුන් බෝම්බ දමන සමයේ පැරෂුට් එකකින් බිමට බට හමුදා භටයකුගේ පැරචුට්
එකක් කෑලි වලට කපා කමිස මැසූ කතාවක්ද ඒ අතර විය. මොහු පැරණි කතා රස කරමින් කියන්නෙක්
වුවද හොඳ බේගල් කාරයෙක් බවද අප දැන්
සිටියෙමු. ඔහු කියන සමහර කතා අසන චුටි මාමා, ආතා අහක බලනතුරු සිට මා දෙස බලා
ඔලෙක්කුවට සිනාසෙයි. කෙසේ වෙතත් කියූ කතා අතර සත්‍ය කරුණු ස්වල්පයක් හෝ ගැබ් වන්නට
ඇත.
තවත් දිනෙක ඔහු කියා සිටියේ ලංගම ට්‍රයල් ගිය
අවස්ථාවේදී සිදුවීමකි. ට්‍රයලය යන අතරතුරේ හැටට හැටේ පාගා යනලෙස පවසා ඇත්තේ
ඉන්ස්පෙක්ටර තැනය. එකවරම බසය ඉදිරියට මිනිසෙකු පනින ආකාරයට පඹයකු විසි කරන බවත්
එහිදී ක්‍රියා කරන ආකාරය අනුව රියදුරු පදවිය ලබනවාද නැද්ද යන්න තීරණය කළ බවත්ය.
බස් එක අනතුරුදායක ලෙස එහෙමෙහෙ කිරීම රැකියාව නොලැබීමට හේතුවන බවත්, පඹයා හැපුනාට
තව ඉදිරියට ගොස් බ්රේක් කර බසය නතර කර ගැනීම අවුලක් නැති බවත්, පඹයා බසයේ හැප්පීමට
පෙර බසය නතර කර ගැනීම හොඳටම හොඳ බවත්ය.
එමෙන්ම මාගේ බයිසිකලය සහ වින්කලයේ අළුත්වැඩියා
සඳහා රඳවා ඇති අනෙකුත් බයිසිකල් පෙන්වා “මේව මොනවද, එංගලන්තේ හදපු හම්බර්, බීඑස්ඒ,
රැලේ බයිසිකල්නේ බයිසිකල්” කියමින් ඔහු සුද්දන්ට ආවඩයි. මේවා මට වහකදුරු මෙනි.
සුද්දන් සෑදු භාණ්ඩ වල ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නයක් නැත. මට ඇත්තේ උන් සමග
කේන්තියකි. එය අදටත් යම් පමණකට මාතුළ පවතී.
මොහුගේ කතා ඇසීම නිසා අප විඳි ලොකුම ගැටළුවක්ද විය.
කතා කරන අතරතුරේ ළඟ සිටින කෙනාට වැළමිටෙන්
අනින අමණ පුරුද්දක් ඔහු සතුවිය. එය මළ කරුමයකි. ඔහුගේ කැහැටු වැළමිට ඇඟේ ඇනෙන විට
කතා එපා වී තරු විසිවේ. නමුත් පරණ කතා ඇසීම නතර කිරීමටද නොහැක. මෙවැනි අපුරු
සිද්ධීන් මගින් මා කුඩාකළ පෝෂණය විය.
මීට අමතරව බාල වියේදී මා අවට පරිසරයෙන් සෑහෙන දෑ උකහා
ගන්නට සමත්විය. ඒ අත්දැකීම් අතර මහා ප්‍රමාණයේ මැරෑටි කියාවන් කිහිපයක් ඇත. ඒවා
යළියළිත් සිහියට ඒම විටෙක වධයක් වුවත් ඒවාට මා මුහුණ දිය යුතුය. මා හට හොඳින් මතක
තිබෙන අතීත කතා අතුරින් එම සිද්ධීන්ද අමතක නොවී තිබීම වරෙක අපහසුවකි. කෙසේ වුවත්
ඒවාද යම් ආකාරයක අත්දැකීම්ය.
මම කුඩාකළදී වන ජීවීනට සහ අනෙකුත් නිවැසි සතුනට හිතකර
නොවන බොහෝ දෑ කළ අයෙක්මි. කුරුල්ලන් විද මැරීම, ගැඩවිළුන් අල්ලා ඇද දෙකට කැඩීම, කූඩැල්ලන්
අල්ලා නොපිට හැරවීම, දිය කූඩැල්ලන් අසු වූ විට බිම දමා පිහියෙන් කපා දැමීම, මාළුන්
ඇල්ලීම, මදුරුවන් පණපිටින් අල්ලාගෙන එක පිහාටුවක් කැඩීම, බත්කුරන් අල්ලා නැට්ටේ
නූලක් ගැටගසා යන්නට හැරීම, ගැරඬින් අහර කුක්කන් ඇස් ගුල්ලන් හැර දකින සියළුම
විසකුරු බවක් පෙනෙන සර්පයින් මරා දැමීම (නයින් හැර; උන්ට මා බියක් දැක්වීය. නමුත්
2000 වසරේදී ගෙට ඇතුළුවීමට උත්සාහ දරු එකෙකු මරා දැමීමට සිදුවිය.), හොර බල්ලන්
බළලුන් හට දැඩි දඬුවම් දීම වැනි නොයෙකුත් ක්‍රියාවන් ඒ අතර විය.
ඒවා එසේ තිබියදීත් මා පරිසරය දෙසට නිරතුරුවම පාහේ ඇස
ගසාගෙන සිටීම මගින් මා ලද හොඳ ඇත්දැකීම්ද බොහෝය. විටෙක අප තෙල් කුහුඹින් යන මගකට
කෑම කැබලි දමා උන් දෙස බලා සිටින්නෝය. උදේ පටන් ගන්නා මේ කාර්යය නතර කරන්නේ අපගේ
ආහාර වේල් ලබා ගැනීමට පමණි. තෙල් කුහුඹින් අතර විශාල ප්‍රමාණයේ උන්ද ගමන් කරති. ඒ
උන්ගේ නායකයින් හෝ රැජිණන් වියහැක. ඒ ගැන මා නොදනී. අප දිගු කරන කුඩා ඉරටු කැබලි
වැනි දෑ වල එල්ලී ඒවා විකා දැමීමට උත්සාහ කරන බැවින් අපි සිතුවේ උන් නායකයන් වියයුතු
බවය. පේලියේ ගමන් කරන විශාල කුහුඹින් “මු මගේ... මූ මගේ...” කියමින් මම හෝ මල්ලී උන්ගේ
අයිතිය සතුකර ගනී. එවිට උගේ ගමන්මග නිරීක්ෂණය කිරීම අයිතිකාරයාගේ වැඩකි. රෑනේ
ගමන්කර උන් නොපෙනී ගියපසු වෙන එකෙකු සොයා ගැනීම සිදුවේ. වරෙක අපි උන්ගේ මග හරස්
කරමින් කුඩා ගල් කැටයක් හෝ එවැනි යමක් දමන්නෙමු. එවිට උන් මාර්ගය වෙනස් කර යාමට හෝ
ඒ මතින් නැග ගමන් කරති. කුඹි පේළිය ගමන්කර හමාර වූ පසු එහි ඉතිරි වන්නේ සාපේක්ෂව ගැඹුරු
කාණුවකි. උන් මෙලෙස පේළි ගැසී කොහි යනවාදැයි අපට සිතාගත හැකි නොවීය.
වයසින් වැඩෙද්දී මා අතට කැටපෝලයක් ලැබීම අවාසනාවන්ත
සිදුවීමක් ලෙස මට දැන් හැඟෙන්නේය. ලැබීම කියා කීවාට මා හට ඒ කිසිවක් කවුරුවත් සාදා
දුන්නේ හෝ ගෙනත් දුන්නේද නැත ඒවා මා විසින්ම සාදා ගන්නා ලද ඒවාය. කැටපෝල සෑදීමේදී
මට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ ඒවායේ පටි ගල් වලට තුවාළ වී ඉක්මනට කැඩී යාමය. කළින් වතාවක්
කියූ පරිදි මා හට රත්තා නම් මිතුරා විසින් ලබා දුන් එළුසම් කැබැල්ලක් අධාරයෙන් එම ගැටළුව
විසඳා ගැනීමට හැකි විය. කැටපෝලය නිසා කුඩා කුරුල්ලන් කිහිප දෙනෙකු මරු දැකීම මා
අතින් සිදු වූ ලොකු වරදකි. ඒ ගැන මා කළින්ද කියා ඇත.
අනතුරුව යම් යම් අවස්ථා වලදී සතුනට හිරිහැර වන දෑ මා
අතින් සිදු වූයේ එළෙස නොකරම බැරි වූ අවස්ථා වලදී පමණකි. ගෙට රිංගා ගත් හොර බළලුන් බල්ලන්
සර්පයන් මීයන් වැනි සතුන් ඉන් අනතුරුව මාගේ ප්‍රහාරයට පාත්‍ර විය. නමුත් කාලයාගේ
ඇවෑමෙන් එයද හීන වී ගියේ ගෙදර සිටින කාල පරාසය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාම නිසාය.
පෙරදී සඳහන් කල සිද්ධි කිහිපය සිදු වූ කාල වකවානුව වන
විටත් කුරුල්ලන් හෝ වෙනයම් සතුන් දෙස බලා උන් ගැන සොයා බැලීම කුඩා කල පටන්ම මාගේ
එක් පුරුද්දක් වී තිබුණි. එමෙන්ම කාලයාගේ ඇවෑමෙන් සතුන් සහ පරිසරයේ විවිධත්වය
සම්බන්ධ විවිධ දෑ ග්‍රහණය කර ගැනීමට මා තුළ තිබූ උනන්දුව වර්ධනය විය.
Tickell’s Blue Flycatcher |
White Browed Fantail |
මිදුලේ හෝ අඹ ගසේ අත්තක ලැග සිටිමින් පෙඳය නටවන
කුරුල්ලාද (White Browed Fantail-බැමසුදු පවන්පෙන්දා), මිහිරි නදින් ගී ගයන කුරුල්ලාද (Tickell’s Blue Flycatcher -රත්ළය නිල් මැසිමාරා) වශයෙන්
ප්‍රධාන වශයෙන් අප පවුලේ උදවියගේ අවධානය දිනා ගත් විශේෂ වූ කුරුළු දෙවර්ගයකි.
මොවුන් දෙදෙනාම නොයෙකුත් අයුරින් අප සැමගේ මතක පොත් සැරසීමට වග බලා ගත්හ. සෑම
දිනකම පාහේ අප අවධි වන්නේ උන්ගේ නද අසමිණි. මෙම දෙවර්ගයම අප නිවස ආසන්නයේ කැදළි
තනා ගත් අයවළුන් විය. එසේම හොඳ ගායකයින් වීම නිසාවෙන් ඔවුන් අපගේ සිත් ගත්තා වීමටද
ඉඩ ඇත. මීට අමතරව සාමාන්‍යයෙන් දැකගත හැකි සියළුම කුරුල්ලන් ගේ දසුනින් අප නිවස අවට
පෝෂණය වී තිබීම වාසනාවක් විය. පසු කාලීනව මා කල ගණනයන් අනුව අප නිවස සීමාවේදී කුරුල්ලන්
වර්ග 90 කට වඩා වැඩි ප්‍රමාණයක් නැරඹිය හැකි බව සොයා ගතිමි.
එයින් අදහස් කරන්නේ වසරේ ඕනෑම දිනක එම අවස්ථාව උදාවන බවක් නොවේ. එම දත්තයන් මා වසර
ගණනාවකදී දුටු දෑහි සංක්ෂිප්තයයි.
කුරුල්ලන් නැරඹීමෙන් සහ ඡායාරූප ගැනීමෙන් ලද හැකි උසස් වින්දයක්
මා විසින් ග්‍රහණය කරගන්නා ලද්දේ විශ්ව විද්‍යාලයට පා තැබීමෙන් අනතුරුවය. අප සගයන්
කිහිප දෙනෙකුගේ උනන්දුව මත ගොඩනැගුණු පාරිසරික සංගමයේ ක්‍රියාකාරකම් මුළදී මා
ඇතුළු බහුතර පිරිසගේ විහිළුවට ලක් විය. නමුත් අහම්බයකින් මෙන් ඔවුන් සමග යන්නට
යෙදුනු පාරිසරික චාරිකාවකින් අනතුරුව මාද එම සංගමයේ සාමාජිකයෙක් විය. එය නිට්ටාවටම
උමතුවක් බවට පරිවර්ථනය වීම ඉතාම ඉක්මනින් සිදු විය. ඊට පෙරදීද කුරුල්ලන්ගේ
හැසිරීම් රටාවන් වෙත මාගේ අවධානය යොමු වූවද ඒවා යම් මට්ටමකින් ඉහළට ඔසවා තැබීමට අප
විසින් පසුව යෙදුනු චාරිකාවන් සහ යම් යම් ක්‍රියාකාරකම්ද හේතු විය.
කුඩා කළ ලද අත්දැකීම් සහ පසුකාලීනව පරිසරය වෙනස් ආකාරයකට
දැකීමට හැකිවූ වටපිටාවක විසීමට ලැබීම
නිසාත් මා පරිසරයට දැක්වූ ඇල්ම කෙමෙන් වැඩුනි.
එමෙන්ම සතුන්ට හානිවන දෑ කිරීම බොහෝ දුරට අඩු වී ගියේය.
ඒ වෙනුවට ජයාරූප හරහා උන් වෙත ළඟාවීමට ඇතිවූ හැකියාව නිසා පැහැදිළි වෙනසක් ඇතිවිය.
නමුත් වරින්වර එහි වෙනස්කම් ඇති නොවන්නේ නොවේ.
දැන් මා පරිසරයට හා සතුනට දැඩි ලෙස ආදරය කරන සියළු
සතුන්ගේ ජීවිත වෙනුවෙන් ඇපකැප වුවෙකු ලෙස වරදවා වටහා නොගත යුතුය. මම පරිසරය
විඳින්නෙක් පමණකි. එමෙන්ම ඒවාට අනවශ්‍ය පරිදි අත පෙවීමට පමණක් විරුද්ධ වන්නෙමි.
අපේ ගෙදර මිදුලේ ඉඳල ගත්තු ෆොටෝ එකක්. ගිය මාසේ ගෙදර ගිහින් බලද්දී පහල ගෙදර මිනිස්සු මේ කොස් ගහ කපලා. |
පරිසරය සම්බන්ධ කුතුහලයෙන් පිරුණු මාහට පහත දැක්වෙන අන්දමේ
අත්දැකීම් ලබා ගැනීමට මා උපත ලද සුන්දර ගම්පියස බොහෝ උපකාරී වූ බව නොකිව මනාය.
.......................................................................
දින වකවානු පැහැදිළිව පැවසිය හැකි නොවෙන මෙම සිදුවීම වරක්
දෙවරක් නොව කිහිප වරක්ම දුටු අපුරු දසුනකි. මාගේ වයස අවුරුදු අටේ නාමයේ පමණ සිට ඉදිරියට වසර
කිහිපයක් පුරා වරින් වර මෙම සිද්ධිය දුටු බවට මා මතකයේ ඇත. කුඩා අවධියේ පටන්ම කෑ
ගසමින් අහසේ කැරකැවෙන උකුස්සන් අපගේ ඉමහත් තෘප්තිය වැඩවූ කුරුල්ලන් වර්ගයකි. උන්ගේ
හඬ ඇසුණු සැනින් එම හඬ අනුකරණය කරමින් කෑ ගැසීම අපගේ ප්‍රධාන විනෝදාංශයක් විය. පසු
කාලිනව වයස අවුරුදු හතර පහක වයසක වූ පොඩි මල්ලිද මෙවැනි කාරියකදී මා හට සහය
දුන්නේය. උඩ කැරකෙන උකුස්සා අපගේ හඬ ඇසී පහතට පියඹා ඒම අපගේ පරිශ්‍රමයේ කූඨප්‍රාප්තියයි.
බොහෝ උන් ඉතා ඉහළ අහසේ සිට පැමිණ අපගේ ශබ්ධය එන දිශාව සොයමින් පොල් ගස් මුදුන්
දක්වා පමණ උසකට කරකැවෙමින් පහතට බසී.
තවත් සමහර දින වල උකුස්සන් පසු පස හඹා යන කපුටන් දිහා අප
දෑස් දල්වා බලා සිටින්නේ එහි අවසානය ඉතා මනරම් එකක් බව දන්නා බැවිනි. රවුමට කැරකි
කැරකී උණුසුම් වා ධාරා දමග ඉහළට පියඹා යන උකුස්සා සමග වෙර වීරියෙන් යුතු කපුටෙක්
හෝ දෙදෙනෙකු ඉහළටම පියඹා යයි. උකුස්සන් මෙන් නොව කපුටන් ඉගිළෙන ක්‍රමය අනුව උන්ට
ඉහළ අහසේ වැඩි වෙලාවක් කරක් ගැසීමට නොහැක. තරමක වේලාවකින් පසුව කපුටන් වෙහෙසට පත්වේ.
කපුටන් පසුපස පැමිණියත් උකුස්සා සෑම විටම පාහේ සිටින්නේ ආරක්ෂාකාරී දුරකිනි. විඩාව
සහ උඩු සුළඟට ඔරොත්තු දීගත නොහැකිව එක් වරම උත්සාහය අත හරින කපුටන්ට සිදුවන දේ බලා ගැනීමටනම් හොඳ ඉවසීමක් තිබිය යුතුය.
අවසානයේ
පරාජිත කපුටා ගලක් පහළට වැටෙන්නාක් මෙන් පහළට වැටේ. ඉක්මනින් පහතට පැමිණීම සඳහා ඌ
මුළු ශරීරයම ගුලියක් ආකාරයට පත්කර ගන්නවා වියහැක. එහෙත් පොළව ආසන්නයට වත්ම නැවතත්
පියාපත් දිගහැර පියඹා යාමට ඌ සමත්වන බව මා සෑම වරකදීම දැක ඇත. ඇත්තෙන්ම එය කපුටාගේ
දස්කමක් ලෙස හැඳින්වුවද වරදක් නැත. මෙය කියවන ඔබ අතරින් එම සිද්ධි දාමය දූටු අයෙකු
වේනම් ඒ ඉතා කලාතුරකින් බව මාගේ අනුමානයයි. මෑත අවුරුදු පහළොවක විස්සක පමණ කාලයේදී
මා එවැනි දසුනක් දුටු බවට සිහිකළ නොහැක. අප ප්‍රදේශයේ සිටි ගම් කපුටන්ගේ පැහැදිළි
අඩු වීමක් පසුගිය කාලයේ සිදුවී ඇත. එමෙන්ම
මා ගෙදර යන්නේ කළාතුරකින් වීමත්, අහඹු සිදුවීමක් මා යන දිනකම සිදුවීමට ඇති ඉඩකඩ ඉතා
අඩු බවද සැළකිල්ලට ගතයුතුය.
.......................................................................
මේ තවත් සිදුවීමකි.
ඒ 1995 වසරේ දිනකි. මා සයිකලයක නැගී හන්දියට යන
අවස්ථාවකදී එකවර පාර මැදට පැමිණි හාවෙක් සහ උකුස්සකු නිසා ගමන මදකට නවතා උන්ගේ
හමුව රස විඳි අයුරු මට මතකය. එකවර පහත් වූ උකුස්සා හාවාගේ පිට මත නැගී ඌට යාමට
නොහැකි වන පරිදි මස තූළට කා වදින සේ නියපොතු ගසාගෙන පියාපත් විදාගෙන සිටියේය.
ඉතාමත් අපූරු දසුනක් වූ එය අතහැර දමා යාමට මාගේ කිසිදු මනාපයක් නොවීය. මා උන්ගේ
ජීවිත වලට බාධා කරන්නෙක් නොවන බැවින්
උකුස්සාට කිසිදු බාධාවක් නොකළෙමි. මාගේ වාසනාවට විනාඩි කිහිපයක් යනතුරුත් කිසිවෙකු
පැමිණියේ නැත. තරමක වේලාවක් ගත වෙද්දී පාරේ දෙපසින්ම පැමිණි මිනිසුන් නිසා (මාද ඇතුළුව)
බියපත් උකුස්සා ගොදුරත් රැගෙන පළා යාමට තැත් කළේය.
තරමක විශාල ප්‍රමාණයෙන් යුතු වූ
හාවා ඔසවා ගැනීමට ඌ අසමත් විය. ඉන් සිදු වූයේ අසරණ හාවාගේ සමෙන් භාගයක් පමණ ගැළවී
යාමයි. එසේ තිබියදීත් පවනට බඳු වේගයෙන් දිව ගොස් පඳුරක් අස්සේ සැඟව ගැනීමට හාවා
සමත් විය. උකුස්සා ඒ අසළම තිබු ලයිට් කණුවකට පියඹා ගියේය. එතැනින් පිටව ඒමේදී හාවා
රිංගු පඳුර දෙස විමසිල්ලෙන් බලා සිටි උකුස්සා මාගේ දෑස් කොණට හසු විය. මෙවන් සිදු
වීම් අදටත් සමහර දිනෙක මා අත්දකින අතර එහිදී ගොදුර හෝ ඝාතකයා සම්බන්ධයෙන් තීරණ
ගැනීමේ අයිතියක් මා හට නොමැති බව මාගේ අදහසයි. ඒ ඔවුන්ගේ ජීවිතයයි. එය වෙනස්
කරන්නට සාධාරණ අයිතියක් මා සතුව නොමැත.
.......................................................................
මේ තවත් අත්දැකීමක්,
එය සිදුවුයේ 1999 වසරේදීය.
උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ වකවානුවයි. පාසල් පටන් ගන්නේ උදෑසන 07:00 උවත් මා
පාසල් යාමට බසයට ගොඩ වන්නේ උදේ 08:20 ටය. කලින් පෝස්ටුවක විස්තර කර ඇති පරිදි
කිලෝමීටර දෙකකට මදක් වැඩි දුරක්
බයිසිකලයෙන් ගොස් මා බසයට ගොඩ වන්නේ ලත්පඳුර හන්දියෙනි.
පාසැල් යාමට සැරසී පැමිණි මා බස් රථයක් එන තුරු සිටි
මොහොතකි ඒ. අඩි 10 ක් පමණ දිගින් යුතු පිඹුරකු විසින් කබරගොයකු සිර කර මරා
දැමීමට කරන ලද උත්සාහයක් මාගේ දෑසින්ම දැක ගැනීමට භාග්‍යය එවේලේ මා ලදිමි. උන්
දෙදෙනා පොර අල්ලමින් සෑහෙන වේලාවක් සටන් කළෝය. වැඩි වාසිය තිබුනේ පිඹුරා අතය. එසේ
කීමට හේතුව කබරයාගේ ගෙළ පෙදෙස පිඹුරා විසින් තදින් වෙලාගෙන තිබීමත් කබරයා සිදුකළ
පහර දීම් ඌ හට නොවදින සීමාවේ ඌ සිටි නිසාත්ය. කෙසේ නමුත් ඌ කබරයාව අල්ලා සිරකර
මරන්නට යන්නේ කුමක් සඳහාද යන්න මා හට ගැටළුවක් විය. සමහර විට ඌ කබරයාව කෑමට සිතුවා
විය යුතුය. මා එම දර්ශනය බලමින් සිටින විට එහි පැමිණි මෝඩ මිනිසකු මාගේ කීම සහ
විරෝධතාවද නොතකා ගැසූ පොළු පහර කිහිපයකින් පිඹුරාගේ ග්‍රහණය පමණක් නොව අවසන් හුස්ම
පොදද ළිහිල් වී ගිය බව මට අද මෙන්ම මතකයේ ඇත.
ඒ මිනිසාට පිඹුරාගෙන් හෝ කබරයාගෙන් ඇති වාසියක් හෝ
අවාසියක් නොමැති වුවත් ඔහු ඒ අපරාධය සිදු කළේ කුමන අරමුණක් සඳහා දැයි මා හට නම්
නොතේරේ.
එය උන්ගේ ලෝකයයි. අප උන්ගේ ලෝකය සම්පුර්ණයෙන්ම පාහේ ආක්‍රමණය
කර ඇත. කාණුවක් පල්ලේ හෝ කුඩා කැලෑ රොදක හෝ රැඳෙමින් උන් ජීවිතය ගෙන යයි. එහිදීද
අපගේ මිනිස් නරුමයන් උන් ජීවත් විය යුත්තේද අපගේ නරුම ක්‍රමවේදය අනුව බව තමාම තීරණය
කර විනිශ්චය ලබා දීමට උත්සුක වෙයි. අඩු ගණනේ උන්ට හිමි වියයුතු නිදහසේ ජීවත්වීමේ අයිතියවත්
උන්ට දිය යුතු බව අප තේරුම් ගන්නේ කවදාද...?
හිහි
ReplyDeleteමං වෙග් තවත් ඩෑල් ඒකක් ඉන්නව කියල අහන්න ලැබුණ ඒකක් සතුටක් හිහි
පුලුවන් නං මගෙ ස්මරණ සෙට් ඒක කයවලා බලන්න
තේරෙයි ඒතෙකාට මං අැයි ඒහෙම කීව කියල
හික්ස්
පට්ට පට පට ඒ්ව මතක් වෙද්දිත්...
මෙහෙ ඉන්න හිච්චො කීප දෙනෙක්ටම මම ඔ් අයිටම් හදල දීල තියනව
උනුත් ඒ්වට හරි මනාප වුණා නෙව...
එළ එළ...
Deleteමම උඹේ බ්ලෝග දා ගත්තා බ්ලොග් රෝලට...
මම අනිවාර්යයෙන්ම ඇවිත් කියවන්නම්....
පරණ සිද්ධි මතක් වෙද්දීත් ආතල් මචං.
අපේ පොඩි එකානම් තාම ටිකක් පොඩියි මේ වගේ සෙල්ලම් බදු හදල දෙන්න.
දැනට අපේ හාමිනේ යන යන තැන්වලින් ප්ලාස්ටික් කෑලි ගෙනත් ගේ පුරවනවා.
ඌ දවසෙන් දෙකෙන් ඒවා කඩල දානවා
තව ටිකක් ලොකු උනාම ඌට හදල දෙන්න ඕනේ අපේ කාලේ සෙල්ලම් බඩු ටිකක්...
ඇ බං ලොක්කෝ උඹත් මං වගේමනේ බං
ReplyDeleteමටත් උඹේ පෝස්ට් බලද්දී එහෙම හිතුනා බං...
Deleteඋඹත් ලේසි පාසු වැඩ නෙමෙයිනේ කරලා තියෙන්නේ...
එළ කිරි තමයි...
ලොකු පුතා, ලස්සන ෆොටෝ ටික. ඒවගේම අතීත මතක ඇවිස්සුනා. ඉස්සර බට තුවක්කුවට අපි දැම්මෙ කොහු කිරිල්ල. කැට පෝලෙන් තිබ්බෙ ලුනු මිදෙල්ල ගෙඩි දාල. ඔයට නැමිල තියන පේර ගස්වල වතුර යටින් ඇවිත් කුරුල්ලන්ගෙන් බේරුන පේර ගෙඩි, අට්ටික්ක තම්බල කලටි පොල් එක්ක.
ReplyDeleteඅම්මෝව් අතීත කාමය ඇවිස්සෙනව. ආසාවෙන් බලපු පෝස්ට් එකක් ලොකු පුතා.
කම්මලේ,
Deleteස්තුතියි මිත්‍රයා කමෙන්ට් එකට...
අපිත් අනුන්ගේ ඉඩම් වල තියෙන කුරුම්බා ගෙඩියේ ඉඳල, පේර, රඹුටන් වගේ හැමදේටම වගකියපු උන් තමයි.
මම අට්ටික්ක කාල නැහැනේ බං..
ඒකනම් ලොකු අවුලක්... වහාම ඒ ගැන සළකලා බලන්න ඕනේ. තාමත් පමා නැහැ.
මාළු අල්ලල ( ලුලො) සුද්ද කරල , තුනපහ ගාල ඉරට්ටකින් හැමතැනම හිල් කරනව , ඊට පස්සෙ කෙසෙල් කොලේක ඔතල පොලවේ වළලලා උඩින් ගිනි තියනව, මරු රසයි.
Deleteඅට්ටික්ක ගෙඩිය ලොකු වෙද්දී ඒකෙ කොදුරුවො ඉන්නව කියල අපි ඉස්සර ලොකු ගෙඩි තම්බන්න ගන්නෙ නෑ .
ඔය විදිහට මාළු කන්න මම හරි ආසාවෙන් හිටියා පොඩි කාලේ ඉඳලම...
Deleteඒත් අදටත් ඒක බැරි උනා.
අද හෙටම පොඩි ගමනක් යන්න හිතාගෙන ඉන්නවා, එතනදිවත් ලුලෙක් මාළු ලෑල්ලෙන් අරගෙන හරි මේ විදිහට හදන්න හිතුනා බං...
හැබැයි ඉතිං, එහෙමෙහෙ ඇවිදින්න ගිය සමහර ගමන් වලදී හොඳ දඩයම් අත්දැකීම් එහෙමත් ගන්න පුළුවන් උනා.
මම ත් පොඩි කාලේ ඔය කෝඳුරු කතාව අහල තිබුනා, මොන හේතුවකටද මන්ද මම හිතාගෙන උන්නේ අට්ටික්කා ගෙඩි වසයි කියලා
අපි ඔය බට තුවක්කුවට බලුදං,කොහිකිරිල්ල දෙවර්ගෙම දැම්මා.ඒවා හොයාගන්න නැතිතැන කඩදාසි කොළ හපල ගුලිකරලා දාල වෙඩි තිබ්බා.වෙඩිල්ල වැදුනම රත්වෙනවා.
ReplyDeleteඅපිටත් බලුදං හොයා ගන්න ලේසි උනේ නැහැ, මම හිතන්නේ හැමදාම හැදෙන්නේ නැති නිසා වෙන්න ඕනේ.
Deleteඒ වගේම කිරිල්ල ගෙඩි පාවිච්චිය ගැනත් අපි දැනගෙන උන්නේ නැහැ,
හැලපෙ කිව්වා වගේම කඩදාසි තමයි ගොඩ වෙලාවට අපිටත් පිහිට උනේ, හැබැයි ඒකෙ බලුදං වලින් වගේ ආතල් එකක් නැහැ.
කුහරය ලොකු බටවලින් වතුර විදින තුවක්කු හදා නැද්ද?
ReplyDeleteපොඩි උණබටවලින් හැදූ තුවක්කුවලට අපි දැම්මේ කඩදාසි හපලා ගුලි හදලා.
කකා,
Deleteඒ වැඩේ කරන්න උනේ නැහැ, හේතුව බොහෝ දුරට අපිට කොහෙන්වත් පුර්වාදර්ශයක් ලැබුනේ නැති නිසා වෙන්න පුළුවන්.
කඩදාසි ගුලි දාන එක අපි සැළකුවේ ටිකක් පහල ශේණියේ පතොරම් පාවිච්චි කරනවා වගේ ගතියකින්... :)
නියම අත්දැකීම් ටිකක්................ මං හිතන විදිහට අදයි මේ පැත්තට අාවේ........ මල්මිගේ බ්ලොගයෙන් තමයි තැන හොයාගත්තේ...... ඒන්නම් කෝ දිගටම.........
ReplyDeleteකුරුටු,
Deleteමුළින්ම සාදරයෙන් පිළිගන්නම්...
ඒ වගේම බොහොම ස්තුතියි කමෙන්ට් එකටත්...
අපේ පරණ අත්දැකිම් මහලොකු දේවල් නොවුනත් හරි සුන්දරයි සහෝ.
ඒකයි මේ විදිහට ලියල තියන්න හිතුවේ...
ඔන්න මම කුරුටුව මගේ බ්ලොග් රෝලටත් දා ගත්තා...
රණ බට? ඒ කියන්නේ අපි උණ බට කියන ජාතියමද? ඒත් අපේ උණ බට තුවක්කුනම් නිකං ඒ කාලේ තිබ්බ අතින් හුලං ගහන බයිසිකල් පොම්ප වගේ.. පුරුකක් එක්ක තියෙන බට කෑල්ලට ගහනව හොඳ කෙලින් අන්දර ලී කූරක්.. බටේට ගන්න කෑල්ලට වඩා අඟල් කාලක් විතර දිගින් අඩුවට තමයි මේ කූර කපා ගන්නේ.. අපි ගත්තේ කුඩුදවුලා කියන ගහේ ගෙඩි.. කොලපාට තද ගෙඩි වර්ගයක්..පොකුරු පිටින් හැදෙන්නේ.. මේ කුඩුදවුල කොල වතුරේ දාල පොඩි කරාම සෙවෙල වගේ සාරයක් හැදෙනවා.. ඒ සාරයෙන් තමයි අපේ පැත්තෙ ගෙවල් වල ගාන්න හුණු දිය කරන්නේ.. එතකොට හුණු ඇඟේ ගෑවෙන්නේ නෑ.. ඒ වගේම මේ කුඩුදවුලා සාරයම ගන්නවා ආස්මි කියන කෑම හදනකොට ඒ රැලි පහසුවෙන් ගන්න.. ඒ ගැන නම් ගොඩාක්ම විස්තර දන්නේ නෑ.. කොහොම උනත් ලොකු මලයා කියන මේ රණ බට තුවක්කුවත් මං කියන උණ බට තුවක්කුවත් එකක්ම නම් ඒක 'සැබෑ තුවක්කුවක හැඩ වැඩ' ගන්න එක කොහොම කරනවද කියලනම් මට හිතා ගන්න බෑ.. කොළ කෑලි වලින් වෙඩිතියන්නේ යමක් කමක් කර ගන්න බැරි 'දුප්පතුන්' තමයි අපේ පැත්තෙත්..
ReplyDeleteඔය පවුකාර වැඩනම් මාත් ඔක්කොම වගේ කරල තියෙනවා.. හැබැයි තටු ගැලෙව්වේ මැස්සන්ගේ.. කූඩැල්ලව අල්ලලා දානව ගැටයක්.. තවම නයෙක් නම් මරල නෑ.. හැබැයි නයි ඇරල තියෙනවා.. විශේෂයෙන්ම සරුංගල් කාලෙට.. කැටපෝලය ටිකක් දරුණු ආයුධයක් තමයි ඒ කාලේ තිබුණ.. කැටපෝල කිහිපයකම උරුමක්කාරයෙක් වෙලා හිටියත් හරියට සතෙකුටනම් විදගන්න බැරිඋනා කවදාවත්ම මගේ තියෙන දස්සකමටම.. තව ඔය වගේ එකක් තමයි සතුටු වෙන්න පුළුවන් කොච්චර බිලී පිති ඔබාගෙන හිටියත් මට ජීවිතේටවත් මාළුවෙක් අහුවෙලා නෑ.. පොඩිම කාලේ සරං චීත්ත රෙදි දෙපැත්තෙන් අල්ලලා පුංචිම මාලු පැටවු නම් අල්ලලා බෝතල් වල දාගෙන ඉඳල තියෙනව සමහර උන් මැරෙනකම්ම.. මේ ඊයෙ පෙරේදත් පොඩි උන් එක්ක මොණරාගල ගිය වෙලේ කුඹුක්කං ඔයේ මාලු පැටවු ඇල්ලුවා.. හැබැයි ගෙදර ගේන්න දුන්නේ නෑ.. ටිකක් තියන් ඉඳල ආපහු ඔයටම දාලා ආවා..
ලොකු මලයගේ මේ පෝස්ට් කියවන එක, මෙහෙම කොමෙන්ට් එකක් දාන එක හරිම ආසාවෙන් කරන්නේ.. ඉඩ තියෙන විදියට දිගටම ලියන්න.. ජය ශ්‍රී!
රණ බට කියල අපි කියන බට ගස්වල කොළ හරි පුංචියි, ඒ වගේම බටගහේ දණ්ඩ ටිකක් ළා කොළ පාටයි. බූව ගතියත් ටිකක් අඩුයි.
Deleteතුවක්කු කමි කිව්වා වගේම තමයි. අපි කරන්නේ ඒකට අමතර බට කෑලි අමුණලා, T56 ඉස්සරහ කොටසේ තියෙන විදිහට ඉලක්කේ ගන්න පුළුවන් විදිහේ කෑල්ලකුත් හයි කොරලා, තව පහලට එහෙම කෑලි බෑලි හයි කොරන එක. ඒවා ඔක්කොම හයි කරන්නේ ඔට්ටපාළු වලින්.
ඊට පස්සේ ඒවා මොනවයින් හරි හොයාගන්න කඩදාසි එහෙම අලවලා පිරෙන පෙනුමක් තියෙන ශේප් එකක් හදා ගන්නවා.
එහෙම කරාම අන්තිමට ඒකෙන් හරියට එල්ලෙකට වෙඩි තියන්න බැහැ.
මේකත් හරියට අර මනමාළියන්ට අන්දනවා වගේ සීන් එකක්, පොඩි ඇන්දිල්ලක් විතරයි.
ඒ උනත් ඇත්ත තුවක්කුවක වගේ පොඩි පෙනුමක් තියෙන නිසා අපි සතුටෙන්.....
කුඩුදවුලා කියන ගහ ගැන මම අදමයි ඇහුවේ. අපේ පැත්තේ ආස්මි හදන්න සාරු ගන්නේ දවුල් කුරුඳු කියන ගහෙන්.
ඒ ගහේ ගෙඩි හැදෙනවද කියල හරියට මතක නැහැ.
අපි හුණු දිය කරද්දී මොනවහරි දෙයක් කලවම් කළා කියල මතකයි.
ඒ ගහකින් ගන්න දෙයක්ද, එහෙම නැත්නම් වෙන මොනවා හරිද කියල හොයල බලන්න ඕනේ...
පොඩි කාලේ විතරක් නෙමෙයි ලොකු උනාට පස්සෙත් මාළු අල්ලන තැනක බලාගෙන ඉන්න හරි මම ගොඩක් මනාපයි.
මට මාළු අහුවෙනවත් එක්ක...
ඒ වගේ පව්කාර වැඩනම් අදටත් බොහොම කළාතුරකින් දුරක ගිය දවසක කෙරෙනවා...
හැබැයි මට එකෙක් අහුවෙද්දී ප්‍රොපෙෂනල් මාළු අල්ලන එකෙකුට හතර පස් දෙනෙක්ම අහු වෙනවා...
මගේ පොස්ට් ලිවිල්ලේ පොඩි අවුලක් තියෙනවා...
ලියන්න වෙලා යනවට වඩා මට වෙලා තියෙන්නේ ඒවා ආපහු එඩිට් කරන්න වෙලා යන එකයි, ඒ නිසා පෝස්ට් වැටෙන්නේ ටිකක් හෙමින්.
ඒ ගැන කමාව... :)
ඔය දවුල් කුරුඳු සහ කුඩුදවුලා සමහරවිට එකක්ම වෙන්න පුළුවන්.. මේක දැක්කමයි මතක් උනේ.. කුඩු දවුලා ගහේ කොල හා කඳ බොහෝ දුරට කුරුඳු ගහකට සමානයි.. කුරුඳු පවුලේම විය හැකියි.. සාමාන්‍ය සුවඳකුත් තියෙනවා.. පොත්තනම් කහට රසයි.. කොළ වතුරට දාලා පොඩි කරපු ගමන් සාරු හැදෙනවා.. ෆොටෝ එකක් බැලුවා ගූගල් වලවත් හොයා ගන්න බැරිඋනා..
Deleteමටනම් තියෙන්නේ ලියන ප්‍රශ්ණේ විතරයි..ආයේ එඩිට් කර කර ඉඳිල්ලක් නෑ.. ලියුවද පෝස්ට් කරා.. හේ හේ.. ඒකනේ අපි ලියන පෝස්ට් මෙච්චර රහ නැත්තේ. ජය ශ්‍රී!
මම පොඩ්ඩක් ඒ ගැන හොයල බැලුවා...
Deleteඒ ගස් වර්ග දෙකම එකයි... මෙන්න ලින්කුව.
http://www.instituteofayurveda.org/plants/plants_detail.php?i=746&s=Local_name
මෙන්න මේ ලින්කුවෙන් ගියාම අපි දන්න ගස් වර්ග ඔක්කොම වගේ සිංග්ලිෂ් නමෙන් හොයා ගන්න හරි ලේසියි. මේකත් අර වෙබ් සයිට් එකම තමයි.
http://www.instituteofayurveda.org/plants/plants_list.php?s=Local_name#D
ඔබතුමා ලියන එව්වයේ අවුලක් නැහැ, අවුල තියෙන්නේ බොහොමයක් ඒවා යම්කිසි මට්ටමක අධ්‍යාපනික කටයුත්තක් සම්බන්ධව ලියවෙන නිසා අපිට කමෙන්ට් කරන්න තියෙන අමාරුව පමණයි.
හැමදේම කලවමේ ලිව්වම ඒ අවුල අඩු වෙනවා...
මෙන්න ඒ ගහේ ෆොටෝ ටිකකුත්... (ලින්කුවනම් පට්ට දිගයි...;)
Deletehttps://www.google.lk/search?q=Neolitsea+cassia&biw=1366&bih=660&tbm=isch&imgil=GPfwNyYoG3nUkM%253A%253BW7XNBxpyBFiJmM%253Bhttps%25253A%25252F%25252Fwww.flickr.com%25252Fphotos%25252Fdinesh_valke%25252F8295527273%25252F&source=iu&pf=m&fir=GPfwNyYoG3nUkM%253A%252CW7XNBxpyBFiJmM%252C_&usg=__4EJWhUBhIN2ovyl1qKRbwWgPQNY%3D&ved=0CDMQyjc&ei=EV6BVK2cAYvhuQT144Jw#facrc=_&imgdii=GPfwNyYoG3nUkM%3A%3BhXcJ-fX4P19HKM%3BGPfwNyYoG3nUkM%3A&imgrc=GPfwNyYoG3nUkM%253A%3BW7XNBxpyBFiJmM%3Bhttps%253A%252F%252Fc1.staticflickr.com%252F9%252F8504%252F8295527273_5a79290247_z.jpg%3Bhttps%253A%252F%252Fwww.flickr.com%252Fphotos%252Fdinesh_valke%252F8295527273%252F%3B640%3B480
නොස්ටැල්ජියාව හැදෙන කතාවක් බං. මාත් ලියන්න හිතං ඉන්නව සෑහෙන කාලෙක ඉඳල මේ ජාතියෙ එකක්. තාමත් ලියන්න උනේ නෑ.
ReplyDeleteඅර පිඹුරන්ට ගහපු වගේ වැඩ මාත් කරල තියනව. හරි හේතුවක් කියන්න බෑ. කොලු කමට කරන වැඩ. නමුත් ශරීරයෙන් ලොකුවුනත් ලොකුවුනේ නැති එකෙක් නිසා වෙන්න ඇති අර බුවා එහෙම කරන්න අැත්තෙ.
හෙහ්..හෙහ්..
Deleteයකෝ එහෙම කරගන්නේ නැතුව ඔය පරණ දෙයක් මොනා හරි ලියපන් බ්ලොග් එකේ.
කොළු කාලේදී අපිත් ඔය නසරානි වැඩ ඇති පදං කොරල තියෙනවා, උඹ කිව්වා වගේම ඒවට හේතු නැහැ.
අර බුවාට මම එපා කිව්වා විතරක් නෙමෙයි බැන්නත් එක්ක. ඒත් කොහෙද, ඌ නතර කලේ නැහැ... :)
ලොකු පුතේ...උඹේ මේ කථාව අතර මැද පොඩියක් නැවතිලා මගේ ළමා කාලයේ මතකයත් එක්ක ටිකක් වෙලා ඉන්න මට උවමනා උනා. මේ ලිපිය ඒ සඳහා මාව පෙළඹෙව්වා කිව්වත් වරදක් නෑ. මම 1 වසරෙ ඉද්දි අම්මා තාත්තා දෙන්නම රැකියාවට ගිය නිසා පාසල ඇරිලා ආවම අම්මලා එනකං උන්නෙ තාත්තගෙ අයියගෙ නිවසෙ. මහප්පට හිටියා මගේ වයසෙ දුවක්...එයයි මමයි දණගාන වයසෙ ඉඳන් එකට හැදුන දෙන්නෙක්. ඉතිං මේ කෙල්ලයි මමයි ඒ කාලෙ ගොඩාක් වෙලාවට කොස්කොළ ඔටුනු හැදුවා...නැත්තං මයියොක්කා කොළ වලින් මාල හැදුවා...එහෙමත් නැත්තං කුරුම්බැට්ට මැෂින් හැදුවා...මම මගේ දරුවෙකුටත් මේ අතීතයේ සුන්දරත්වය උරුම කරන්න හරිම මනාපයි. ඒ අයත් එක්කම මේ දේවල් හැදුවාම ඒ හිත් වලට නිර්මාණශීලීත්වය වගේම තමන් අවට පරිසරයට තියෙන ආදරයත් වැඩි වේවි. කඩෙන් ගේන පිස්තෝල කොටයකට වඩා ගොඩාක් අර්ථවත් වේවි.
ReplyDeleteඔය බට තුවක්කු වලට අපි දැම්මෙ කොහිකිරිල්ල ගෙඩි...ඒ කාලෙ කොහිකිරිල්ල ගස් රාශියක් තිබුන ඉසව්වක් අපේ ගමට යාබදව තිබුනා. ඉතින් කොල්ලො තරගයට වගේ එතනට ගිහින් ඒ ගෙඩි කඩාගෙන මළු වලට පුරව ගත්තෙ. ඊටත් පස්සෙ පිල් දෙකකට බෙදිලා තුවක්කුවෙ සද්දෙ වැඩි වෙන්න නූල් කෝන් එකක් තුවක්කුවෙ අගට අමුණලා තමයි වෙඩි තියන්නෙ..ආයෙ මොනවද කොහි කිරිල්ල කහට බිත්ති පුරාම හිටිනවා...බැනුම් කෝටියයි...මෙන්න මේවනෙ ළමා කාලයෙ ළමයෙක් විදින්න ඕනෙ අත්දැකීම් නැද්ද බං...බෙන් 10 බලන් උන්ට මේවා ලැබෙයිද ?