මේ කියන්න යන්නෙත් කැලෑ කතාවක් උනාට වෙනදට වඩා වෙනස්
කතාවක්, කතාවක් කියල කිව්වට කතා කීපයක්, සිදුවීම් කීපයක්. කොයිකටත් කියල කියවලම
බලන්නකෝ.
මම රස්සාවෙන් අස්වෙලා රට යන්න හිතාගෙන හිටියේ 2010 පෙබරවාරි 17 වෙනිදා. ඊට කලින් රටේ තොටේ ඇවිදින්න යන්න හිතාගෙන ටිකක් කළින් කරකර
හිටපු රස්සාවෙන් අස්වෙන්න මම තීරණය කලා. මට අස්වෙන්න තිබුනේ ජනවාරි 15 වෙනිදා.
එහෙම තිබුණත් ඊට කලින් ඉඳලම මම ඇවිදින වැඩේ පටන් අරගෙන
තිබ්බේ. රස්සාවෙන් අස්වෙන්න ලියුම දුන්නට
පස්සේ මම වැඩිය වැඩට ගිහිල්ලම නැහැ කියල තේරෙන්නේ මගේ ෆොටෝ කලෙක්ෂන් එක බැලුවම.
දෙසැම්බර් මාසේ අපිට ෂට් ඩවුන් තිබුනේ 13, 14, 15 සති
අන්තයේ. ගෙදර ගිහින් ඇවිත් 16 වෙනිදා මම අස්වීමේ ලියුම දුන්නා. එතනින් පස්සේ 25, 26,
27 මම නුවරඑළියේ. ආපහු ජනවාරි 06, 07, 08 මම ඉඳල තියෙන්නේ ගෙදර. ඊට පස්සේ 12, 13,
14 මම ඉඳල තියෙන්නේ වෙහෙරගල. ඒ දවස් ටිකත් ෂට් ඩවුන් එකක්. ඔහොම වෙලා ජනවාරි 15
ආපහු ඇවිත් රස්සාවෙන් අස්වුණා.
මම මේ දින වකවානු කියන්න හේතුව වුනේ වැඩබිමක වැඩ කරන
උදවිය දන්නවනේ මෙව්වයේ එහෙම ලේසියෙන් නිවාඩු ගන්න හැකියාවක් නැති විත්තිය. ගොඩ
වෙලාවට නිවාඩු දෙන්නේ මාසෙකට වතාවයි. ඒකට කියන්නේ ෂට් ඩවුන් එක කියලා.
හැබැයි මම කවදාවත් ඒ නිවාඩුව විතරක් අරගෙන අත පිහිදාගෙන
හිටපු මනුස්සයෙක් නෙමෙයි. එහෙම කරන්නත් සාධාරණ හේතු තියෙනවා. සමහර දවස්වල නයිට් එහෙම
ගහල එක දිගට කටු කාගෙන වැඩ කරලා තියෙන නිසා ඒ වගේ චෑන්ස් ගන්න පුළුවන් කම මට
තිබුනා.
ඔන්න ඔහොම කොහොමින් හරි මම ජනවාරි 12 වෙනිදා උදේ කුරූ ට
කෝල් එකක් දාල කිව්වා මම අද එනවා හවස මාව ගන්න වරෙන්ය කියලා. ඌ මාව ගන්න තණමල්විලට
එන්නම් කිව්වා. එදා සයිට් එකේ පඩි දවස. උදේ 10 ට විතර ඕෆ් වෙලා කැමරා ආම්පන්න ටික
දාපු බෑග් එකත් පිටේ එල්ලගෙන පොඩි බෑග් එකකට රෙදි කඩමාලු ටිකකුත් දමාගෙන වෙහෙරගල
යන්න පිටත් වුනා. බත්තරමුල්ලේ බෝඩිමෙන් පිටත් වෙච්ච මම මුලින්ම ගියේ කඩුවෙලට. පරක්කු
වෙන නිසා මම දවල්ට කන්න නතර උනෙත් නැහැ. කඩුවෙලින් කෙටි කෑම ටිකක් බඩට දාගෙන තේ
එකක් බිව්වා. පොඩි වතුර බෝතලේකුත් අරගෙන බස් එකක් එනකල් කල්මරන්න පටන් ගත්තා. ඒ අව්අස්සේ
පොඩි පහේ චු බරක් හැදිච්ච නිසා කඩයක් පිටිපස්සේ තියෙන ටොයිලට් එකක් හොයාගෙන ගියේ ඒ බරෙන් නිදහස් වෙන්නය කියල හිතාගෙන. මම එතනට
යද්දී ගිනි මද්දහනේ කියල බලන්නේ නැතුව හොඳට ඇඳ පැළඳ ගත්තු බුවාස්ලා දෙන්නෙක් මුල්ලකට
වෙලා අමුවෙන්ම කාලක් ක්‍රියා කරනවා. කාලක් කිව්වට කාලක්ම නෙමෙයි කාලවල් දෙකක්, ඒ
කිව්වේ බාගයක් විතර.
එදා දවසේ මොකක්හරි විශේෂත්වයක් තිබුනා, එක්කෝ පහුවෙනිදා මොකක්
හරි ජන්දයක් හරි වෙන මොකක් හරි අහවල් එකක් නිසා හරි බස් වල යන්න සෑහෙන සෙනග හිටපු
දවසක්. ඒ මදිවට බසුත් ටිකක් අඩුයි. ටික වෙලාවක් එතන ඉන්නකොට අර බුවාලා දෙන්නත්
හිමීට බෑග් මලු දෙකකුත් අරගෙන බස් නතර කරන තැනට ආවා. විනාඩි හතළිස් පහක් විතර එතන
හිටගෙන හිටියට පස්සෙයි ඕන් බස් එකක් ආවේ. ඒකෙත් හොඳටම සෙනග. අමාරුවෙන් බෑග් දෙකත්
එල්ලගෙන බස් එකට නැග ගත්තා. බෑග් දෙක ඩ්‍රයිවර් මහත්තයා ඉන්න කිට්ටුව ඉස්සරහින්ම
තියලා, මමත් ඒ කිට්ටුවම අයිනක හිටගෙන තණමල්විල බලා යන මගේ ගමන පටන් ගත්තා. කැමරා
එක නිසා බෑග් දෙක එතන තියෙන්න ඇරලා පිටිපස්සට යන්නත් බැහැ. බස් එක යනවා යනවා
ඉවරයක් නැහැ. හිටගෙන ඉඳල මට එපාවෙලා තිබුනේ. එදා දවසේ හොඳකම කියන්නේ තණමල්විලෙන්
බහිනකල් මට වාඩිවෙන්න තියා හේත්තු වෙන්න සීට් මුල්ලක්වත් හම්බ වුනේ නැහැ.
තණමල්විල කිට්ටු වෙද්දී මම මුලින්ම කලේ කුරූට මගේ
පැමිණීම දන්වලා කෝල් එකක් දීපු එක. උගෙත් හොඳකම කියන්නේ මම තණමල්විල බහිද්දීත් ඌ
ඇවිත් හිටියේ නැහැ. ඌ එන්න තව විනාඩි පහළොහක් විස්සක් යනවා කියපු නිසා ළඟ තිබ්බ කඩේකට
ගිහින් තේ එකක් කාරිය බීලා එළියට ඇවිත් ටික වෙලාවක් ඉන්නකොට මෙන්න මු එනවා වෙනද
වගේ කබල් ජීප් එකෙන් නැතුව ටිකක් ඉතර අලුත් කැබ් එකක නැගගෙන.
මෙන්න අපි වෙනද යන වාහනේ. මු කැලේ ඇතුලේ මේ දරහැව වගේ
වාහනේ නැගගෙන වල ගොඩැලි බලන්නේවත් නැතුව හුරේ කියල යනවා. ඒකෙ පිටිපස්සේ වැඩිවෙලා
යන උන්ට සොරිම තමයි.
කැබ් එක ඇතුලේ පිටිපස්සේ සීට් එකේ තව කවුද බුවෙකුත්
හිටියා. මිනිහගේ නම කුමාර වගේ තමයි මට මතක. බුවා කුරූල එක්ක වැඩ කරන සේවක මහත්තැන්
කෙනෙක්. මම දැන් කැබ් එකේ ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා බෑග් මළු ටික පිටිපස්සේ සීට්
එක උඩට පැටෙව්වා. ඔන්න අපි දැන් ගමනේ. බස් එකේ හිටගෙන ආපු අමාරුවත් එක්ක මේ වෙද්දී
මට හොඳට මහන්සිත් එක්ක. අපි එදා වෙහෙරගල යන්න ඇතුල් වුනේ ලුණුගම්වෙහෙර පැත්තෙන්. ලුණුගම්වෙහෙරට
ඇතුල්වෙන ගේට්ටුව ගාව තිබුණ විදුලි වැටේ අනිත් තැන්වලට වඩා පොඩි පිළිවෙල ගතියක්
තිබුනා. විදුලි වැට ඒ කොටසේදී හදල තිබුනේ කම්බි කොයිල් එකක් වගේ එකකින්. අතින්
අල්ලන්න හොඳ ප්ලාස්ටික් හැන්ඩ්ල් එකකුත් තිබුනා. ඒ හැන්ඩ්ල් එක ඇතුලෙන් යන කම්බිය
අගිස්සේ කොක්කක් තියෙනවා විදුලි වැටේ තියෙන මුද්දක අමුණන්න. වාහනයක් ඇතුළට හරි
එළියට හරි යද්දී ඒක ගලවල අහක් කරලා ඊට පස්සේ ඒ කොක්ක වගේ කොටස අමුණලා දානවා. අපි
එතනට ගියාට පස්සේ ඒ වැඩ කොටස කලේ කුමාර අයියා. වාහනේ ඇතුළට ගන්නකල් ඉඳලා කොක්ක
අමුණල දාපු කුමාර අයියා ඇවිත් කැබ් එකට නැග ගත්තා.
වාරිමාර්ගේ වාහන නිසා ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී අනවශ්‍ය ප්‍රශ්න
අහන්නෙ නැහැ. ඒ වගේම තමයි උන් ඇවිත් විදුලි ගේට්ටුව අරින්නෙත් නැහැ, වහන්නෙත්
නැහැ. නිකං යන්න දීලා තියෙන එකේ ගේට්ටු එහෙම ඇරගෙන කොකු ගලෝගෙනම පලයල්ලා කියල වගේ
තමයි එතන හිටපු සික්ක අයියලා ටික ඉන්නේ. අපේ අමතර වාහනයක් ගියොත් තමයි පොඩ්ඩක්
ඇවිත් හෝදිසි කරලා බලන්නේ “මේ වාහනේ කොහෙද යන්නේ” කියලා. ඒකත් ඉතින් වාරිමාර්ගේ
වාහනයක් කියල කිව්වට පස්සේ වැඩි කතාවක් නැතුව අපි ඔක්කොම ඇතුළේ.
ඔන්න අපි දැන් ඉස්සරහට යනවා. මේ වෙද්දී බිම්කළුවර වැටිලත්
අහවරයි. අපි දැන් ටික ටික කැලේ ඇතුළට යනවා. මෙහෙම ගියාම එක හරියක් තියෙනවා පාර
හරහා සපත්තු පාළමක් දාල තියෙන. අන්න ඒ හරියේදී අපි එක පාරට දැක්කා මොකෙක්හරි තරමක
සතෙක් උඩ පනිනවා, ආපහු වැටෙනවා. ආපහු උඩ පනිනවා කියලා.
වාහනේ හිමීට කිට්ටු කරලා බලද්දී පත වල් බළල් තඩියෙක්.
පොඩි පොඩි කෘමි සත්තු අල්ල ගන්න පොදි කනවා. පොඩියි කිව්වට පළගැටියෝ වගේ සත්තුන්වද
කොහෙද ඌ අල්ලගෙන කෑවේ.
මේ වගේ චෑන්ස් එකක් ලේසියෙන් එන්නේ නැති නිසා කුරූට මම කිව්වා
කැබ් එක නතර කරපිය කියලා. කුමාර අයියට කියල කැමරා බෑග් එක අරගෙන කැමරා එක එළියට
ගත්තා. හදිස්සියේ ආපු නිසාද කොහෙද එදා මම ටෝච් එක අමතක වෙලා ඇවිත් තිබ්බේ. ඒ නිසා
කැමරා එක ෆෝකස් වෙන්න ගහන්නවත් එළියක් තිබ්බේ නැහැ. බළල් හාමිට එළිය වදින විදිහට
කැබ් එක පොඩ්ඩක් කැලේ පැත්තට හරවන්න කියල කිව්වේ ඒ අඩුව පිරිමහ ගන්න. ඒ එළියේ
පිහිටෙන් යාන්තමට ෆොටෝ කෑලි දෙක තුනක් කොටා ගත්තා. ඒත් හොඳම මට්ටමේ ෆොටෝ එකක්වත්
එතන තිබුනේ නැහැ. පූස් නාට්ටව දැක්ක කියල කියන්න ඇති වෙන්න ෆොටෝ දෙකක් තුනක්නම්
තිබුනා.
දැන් ඉතින් කියන්න එපා මු ගෙවල් වල ඇති කරන පුසෙක් වගේ කියලා. පෙනුම එහෙම උනාට මේකා කැලෑවේ ඉන්න පුස් වර්ගයක්. සිංහලෙන් නම කිව්වොත් Jungle Cat වගේ තමයි මතක. මෙයාට සාමාන්‍ය වහර අනුව වල්බළලා එහෙමත් නැතිනම් වල්බාවා කියලත් කියනවා.
ඔන්න දැන් ඌ ටික ටික ඉස්සරහට යන්න තිබා ගත්තා. ඒ පැත්තට
යන්න කියල කිව්වට කුරූ යන්න හදනවා, ඒත් වාහනේ යැවෙන්නේ නැහැ. පුෂා ගැන හිතන එක
පැත්තක දාලා එන්ජිම සැර දාල අල්ලන්න කිව්වා. ම්හු... වැඩේ හරි යන්නේ නැහැ. රෝද එක
තැන කරකැවෙනවා විතරයි.
ඔන්න අපි තේරුම් ගත්තා දෙයියනේ කියල අපේ කැබ් එක එරිලය,
තල්ලුවක් නැතුව යා ගන්න බැරි විදිහට හිරවෙලාය කියලා. රජයේ වාහනයක් නිසා හතරගාතේ “ඒ
කිව්වේ ෆෝ වීල් එක” ගලවලලු තියෙන්නේ වියදම අඩු කර ගන්නය කියල හිතාගෙන. ඒ අපේ මෝඩ
මිනිස්සුන්ගේ තියෙන පිස්සු මරගාත වැඩ. ඒ වගේ වාහනේක හතරගාතේ ගැලෙව්වා කියල ලැබෙන
මහලොකු සෙතක් නැහැ. තියෙන එකම සෙතේ තමයි මේ වගේ වෙලාවක බඩු හම්බ වෙන එක. මේ වෙද්දී
වෙලාව රෑ හතත් පහු වෙලා. හොඳටම කළුවර වැටිලා.
කරුමෙට කකුල් හතරයි කියල කියනවනේ. අන්න ඒ වගේ එදා මගේ
ගාව ටෝච් එකක් තිබ්බෙත් නැහැ. කැබ් එකෙත් හෙඩ් ලයිට් ඇරෙන්න වෙන එළියකුත් නැහැ.
සීන් එකටම ගැලපෙන විදිහට හීනියට පොද වැස්සකුත් පටන්
ගත්තා. මගේ අතේ තිබ්බ ෆෝන් එකේ බැටරිය ගොඩක් බැහැල තිබ්බේ නැහැ. ඒකේ සහන් එළියෙන්
බැලුවම තේරුනේ කැබ් එකේ පැත්තක් පාර අයිනේ වැලිවලින් ගොඩවෙලා තණකොළ වැවිල වැහිලා
තිබ්බ කණුවකට දෙරි ගහල කියලා.
ආණ්ඩුවේ වාහනයක් කියල නැහැ. මේකේ දෙයියනේ කියල ජැක් එකක්නම් තිබ්බා, කාපට් දෙක තුනකුත් තිබ්බා, අමතර රෝදය ඒ කිව්වේ සිංහලෙන්නම් ස්පෙයාර් වීල් එකත් තිබ්බා. ඔන්න අපිට දැන් කැබ් එක ගොඩ දා ගන්න තිබ්බ බඩු මුට්ටු ටික. ඊට අමතරව අපි
තුන් දෙනෙක් හිටියා.
මුලින්ම කලේ ජැක් එක ගහලා එරිල තියෙන පිටිපස්සේ රෝදේ
පොඩ්ඩක් උස්ස ගත්තා. ඊට පස්සේ එතන යට තිබ්බ වැලි අත් වලින්ම අහක් කලා. මම කලා වගේ
කිව්වට ඇත්තටම මේ වැඩ වලින් වැඩි හරියක් කලේ කුරූගේ කම්කරු නිලධාරි මහත්තැන්
කෙනෙක් වෙච්ච අපේ කුමාර අයියා. ඊට පස්සේ ස්පෙයාර් වීල් එක අර වලට එබුවා. ඊට උඩින්
අර බෝල බෝල හිලවල් තියෙන කාපට් තියෙන්නේ, ආන් එයින් එකක් දාලා ජැක් එකේ බර අහක්
කරලා දැම්මා. මේ වැඩ යන අතරේ සරින් සැරේ අලි කුයිලේ එනවා යනවා කියන එකත් අපිට
නොතේරුනා නෙමෙයි. එක පැත්තකින් කරන්ට් වැට තිබ්බ නිසා ඒ පැත්තෙන් අලින්ට එන්න
බැහැ. අපේ වාහනේ පාරෙන් වැඩිපුර බරවෙලා තිබ්බේ ඒ පැත්තට. අලි ආවත් කරන්න දෙයක්
නැහැ, ඌ එන්න කලින් වාහනේ ඇතුළට පැනගන්න එක ඇරෙන්න වෙන විසඳුමක් නැහැ.
දැන් ඔන්න අනිත් රෝදෙටත් කාපට් එකක් රින්ගෙව්වා. ඒ
පැත්තේ වැලි අහක් කරන්න ඕනේ උනේ නැහැ. ඊට පස්සේ රිය පැදවීමේ වාරය මගේ. මම දෙතුන්
පාරක් විතර ට්‍රයි කරලා සැර දැම්මට පස්සේ කැබ් එක යාන්තං පාර දිහාට ආවා. දැන්නම්
මාර සැටිස්. හැබැයි එකසිය ගාණට බඩගිනියි. වෙලාව රෑ නමයත් පහුවෙලා. පැය දෙකකට වඩා
අපි එතන කට්ට කාල තිබ්බා. පොළවේ වාලපු ස්පෙයාර් වීල් එක ගොඩ අරගෙන, කාපට් ටිකයි,
ජැක් එකයි ඔක්කොම කැබ් එකේ පිටිපස්සට පැටෙව්වා. ඒවා කැබ් එක ඇතුළට ගන්න බැරි තරමට
වැලි වලින් වැහිලා. අපිත් ඊට දෙවෙනි නැහැ, චුරු චුරු පොද වැස්සේ තෙමිලා අපිත්
තෙමිච්ච කුකුල්ලු වගේ. ඒකත් කමක් නැහැ කියමුකෝ.දැන් ඔන්න කුරූ අපිවත් කැබ් එකේ
දාගෙන උන්ගේ ඔෆිසිය, නවාතැන හරි මොකක්ද මන්ද මම අර කළිනුත් පෝස්ට් එකක කියල
තිබ්බේ, අන්න ඒක බලා ගමනේ යෙදෙනවා.
එහෙම ගමන පටන් ගත්තට අපිට අපේ ගමනාන්තෙට ඒ කිව්වේ අපේ
නවාතැනට නිදහසේ යන්න බැරි උනා. කොරේ පිටට මරේ කියල කියන වර්ගයේ වැඩක් සිද්ධ වෙන්න
වැඩි වෙලාවක් ගියේ නැහැ, ඒ සිද්ධිය ඊළඟ
කොටසින්ම බලමු.
ගමනක් ගැන හොද විස්තරයක ආරම්භය වගේ...
ReplyDeleteලංකාවෙන් යන්න කළින් අන්තිම ගමන, කටු වලින් පිරිච්ච එකක්...
Deleteඉතුරු ටික ලියල තියෙන්නේ ෆොටෝ ටික එකලස් කරගන්න බැරි වෙච්ච නිසා කොටස් දෙකකින් දාන්න තීරණය කලා... හෙහ්
හයියෝ හිත හදාගෙන කියවන්න හිතුව රසවත් විස්තරයක් දිගට.. වාහනේ ගොඩගන්න මහන්සි වෙච්චි පාර ටයිප් කරන්න කම්මැළි හිතුනද? කෝ ඉක්මණට ඉක්මණට.. හෙහ්..
ReplyDeleteඉතුරු ටික ලියල ඉවරයි බොලල්ලා, ෆොටෝ ටික හොයල කපල කොටලා ගන්න වෙලාව මදි නිසා පෝස්ට් එක දෙකට කපන්න උනා...
Deleteඅද හෙටම දානවා, කොහෙද එක එක මරාල සෙට් වෙනවනේ, නැත්නම් මේ වෙද්දීම දෙවෙනි කොටස දාල ඉවරයි...
අයියෝ මාවත් වාහනේ එක්ක එරුණ වගේ . අනේ මචං ඉක්මනට ලියහං
ReplyDeleteහරි බොස් හරි, අද හවස් වෙද්දී කොහොමහරි දාන්න ට්‍රයි එකක් දෙනවා... ෂුවර්...
Deleteකතාව රහට ලියං ඇවිත් අතර මග නතර වුනාම ලියපු එකාව හොයං ඇවිත් හොම්බට අනින්න හිතෙනවා. ඒත් ඒකම තමයි ලියන්නාගේ දක්ෂතාවය මචං. නියමයි
Deleteඑහෙම බැලුවම අර නිදහස් සිතුවිලි ලියන රවී අයියගේ හොම්බ මේ වෙද්දී නාලු වෙලා තියෙන්න ඕනේ මිනිස්සුන්ව අමාරුවේ දාන හැටියට...
Deleteඅපි මේ ඉඳල හිටලා පොඩි පහේ බ්රේක් එකක් ගහනවා මිසක්කා පුරුද්දට කරන දේවල් නෙමේ මචං... හෙහ් හෙහ්...
ගමනක් කියලා පටන් ගත්තට කටු කෑමක් නේ බන් ලියලා තියෙන්නේ
ReplyDeleteඔහොම තමයි බන් වැඩේ සිද්ධ උනේ, ලංකාවෙන් යන්න කලින් ගියපු අන්තිම ට්‍රිප් එක අමතක නොවෙන්නම වැඩේ සෙට් උනා...
Deleteඅර ජීප්පුව දැක්කම ගෝඩ්ස් මස්ට් බී ක්‍රේසි මතක් උනා. හෑල්ල කියවන්න පස්සෙ එන්නං සුදා...
ReplyDeleteඅනිවා....
Deleteඑක දවසක් මමයි අපේ හාමිනෙයි ඕකේ කුරූ එක්ක නැගලා වටයක් ගියා. මම කැමරා එකත් අරගෙන පිටිපස්සේ හිටියේ. කිසි වෙනසක් නැහැ ආයේ මල්ලේ දාල පොළනවා කියන්නේ, ඊට එහා...
කුරූ එක එලවන්නේ හරියට හයිවේ එකේ බෙන්ස් එකක් එලවනවා වගේ, මම පිටිපස්සට වෙලා කැමරාව බේර ගෙන මමත් බේරිලා ඉන්න හෙන ගේමක් දුන්නේ... හෙහ් හෙහ්
පුදුමයි ඔය වාහනේ ජැක් එකක් තිබ්බ එක ලංකාවෙ තියෙන සීටීබී බස් වලවත් ජැක් එකක් නැතිකොට.
ReplyDeleteහොඳ කතාවක ආරම්භයක් වගේ. ඉතුරු කොටහත් ඉක්මනින් දමනු ඇතැයි බලාපොරොත්තු වෙනව.
වාහනේ ඔරිගීනල් ආපු හතරගාතෙත් ගලවල තිබ්බ එකේ ජැක් එකක් තිබ්බ එක ගැන මටත් පුදුම හිතුනා බං...
Deleteඅද හවස් වෙද්දී ඉතුරු කොටහ දාන්න ට්‍රයි එකක් දෙනවා මචෝ...
ජීප්පුව පිටිපස්සෙ ඉන්න මුස්ලිම් දැරිවිත් බොලාගේ කණ්ඩායමේ කෙල්ලෙක්ද?ඉතුරු හරියත් ඉක්මනට ලියපං.
ReplyDeleteඔව් බං හැලප අයියේ, ඒකි අපිත් එක්ක ගමන් කීපයක් ගිහින් තියෙනවා. අපිට වඩා ටිකක් පහල බැච් එකක කෙල්ලෙක්.
Deleteදැනුත් පොඩි එව්වෝ සෙට් වෙලා යන ගමන් වලට ඒ ළමයා සහභාගී වෙනවද කොහෙද...
///ඉතුරු හරියත් ඉක්මනට ලියපං.///
හරි හරි, මග එනවා ඉතිරිය...
වාහනේ එරුණා කිව්වා ගමන් කතාවත් එරුණ නෙ. ඉතුරු ටිකත් ඉක්මනටම ලියමු. අහල තියනවා කැලෑ වල තියන අමිහිරි සද්ද වලින් වල්බළලාගෙ කෑගැහිල්ලත් මයිල් කෙලින් වෙන සද්දයක් කියල.
ReplyDeleteකතාව එරුනේ ෆොටෝ නිසා බං, නැත්නම් පෝස්ට් එක ලියල තියෙන්නේ...
Deleteමම ඔය වල් බළලාගේ සද්දේ ගැන කතාව අහල තිබ්බේ නැහැනේ බං...
මම අහල තියෙනවා "ඕළු මුවා" කියන මුව වර්ගයනම් කෑ ගහද්දි එකසිය ගාණට බය වෙන සද්දයක් එනවා කියලා.
ඒ සද්දේ හරියට "බ්ලොක් ගල්" ගහන මැෂින් එකකින් එන සද්දේ වගේ සද්දයක්ලු...
අමිහිරි සද්ද කියලා පැත්තකට දාල තිබ්බට මම ආසම සද්දයක් තමයි උළමා කෑ ගහන සද්දේ, රෑ දෙළහට විතර ඒ සද්දේ ඇහෙද්දී මම ටෝච් පොල්ලකුත් අරගෙන මිදුළට බැහැල බලනවා.
අපේ අම්මට ඌරු ජුවල් මම උගේ සද්දේ පස්සෙන් යන්න හදන එකට...
කාලෙකින් ඒ සද්දේ අහන්න ලැබුනේ නැහැ...
Me welâwe Sinhala font nathi nisâ reply heta wena thuru pamâ kirêmata siduwe.
ReplyDeleteE dambandha Samawa bâjanaya karanu labê...
පටන්ගද්දිම පරිප්පුවක් කාලනෙ. හා.. හා දාමු ඉක්මනට ඉතිරි කොටස. වල් බලල්ලු අපේ ගම් පලාතෙ තාමත් දකින්න පුළුවන්. ඇදිරි වැටෙන වෙලාවට තමයි එලියට බහින්නෙ.
ReplyDeleteඔහොම තමයි බං පරිප්පු කියන ජාතිය. අපිට ලැබෙන්න ගත්තම ලැබෙන්නේ සම්පුර්ණයෙන් නොමිළේ...
Deleteකතාව හරි, මේ දැන් මග එනවා...
අපේ පැති වලදී මම මුන්ව දැකල නැහැ,.. හැබැයි ලංකාව පුරා මුන් නැති වෙන්නත් බැරි නැහැ.
අපේ ගං පළාත්වල ඉන්නේ (Rusty Spotted Cat) බළල් දීයා කියල කියන අනිත් වර්ගය... උන් ටිකක් තද පාටයි වගේම මරුමුස් පාටයි.
ඒකුන් තමයි ගෙවල් වල ඇති කරන පුසන්ව මරාගෙන කන්නේ...
සමහර විට උඹ කියන්නෙත් උන් ගැනද දන්නේ නැහැ...
මේ ඉන්නේ ඒ වර්ග දෙක,
Jungle Cat:
http://www.lhnet.org/jungle-cat/
Rusty Spotted Cat:
http://www.wildcatconservation.org/wild-cats/asia/rusty-spotted-cat/
ෂරි, ෂරි ලොක්ක ලින්ක් එකේ ඉන්න බුවාල තමයි ඉන්නෙ.
Deleteකොයි ලින්ක් එකේ ඉන්න එකාද ඉන්නේ, මම හිතන්නේ දෙවෙනි ලින්ක් එකේ ඉන්න එකා වෙන්න ඕනේ උඹලගේ හරියේ ඉන්නේ.
Deleteඌ ටිකක් දුර්ලභ එකෙක්...
දෙවෙනි ලින්ක් එකේ ඉන්න එකා තමයි. වතුර තියන කිට්ටුවක තමයි මම දැකපු හැමදාම දැක්කෙ. ඒ කියන්නෙ ලදු කැලෑවක අතරින් යන ඇලක් ලග.
DeleteJungle cat සාමාන්යයෙන් ඉන්නෙ වියලි කලාපෙ.
Deleteලංකාවෙ පොඩිම වල් බළලා වන Rusty-spotted cat (Prionailurus rubiginosus phillipsi) දකින්න ලැබෙන්නෙ කලාතුරකින්
ඔය ගම්පහ පැත්තෙ දකිනවයි කියන්නෙ කොල දිවියා Fishing cat වෙන්න ඕනෙ - මෙහෙ ඉන්න ලොකුම වල් බළලා - Prionailurus viverrinus සමහරු දිවියෙක් /දිවි පැටියෙක් කියල රැවටෙනවා
ප්‍රා,
DeleteRusty-spotted cat දකින එක ගොඩක් අමාරුයි තමයි.
Fishing cat ට කොළ දිවියා වගේම කොළ දීයා කියලත් කියනවා. ඌ ගොඩක් පළාත් වල හිටියත් මිනිස්සුන්ට ලේසියෙන් දකින්න වෙන්නේ නැහැ. සමහර වෙලාවට හොරකමේ ඇවිත් මාට්ටු වෙනවා, සමහර වෙලාවට ළිං වල වැටිලා ඉඳල හම්බ වෙන වෙලාවල් තියෙනවා.
හැබැයි උගේ වල්ගේ කොටියාගේ තරම් ශරීර ප්‍රමාණයට සාපේක්ෂව දිග නැති කමෙන් කොටි පැටියෙක් නෙමෙයි කියල අඳුන ගන්න පුළුවන්.
නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට ඒ ගැන ලොකු අදහසක් නැහැ.
වල් බළලාව ගැමි වහරේදී වල් බාවා කියන නමෙනුත් හඳුන්වනවා...
ජීප් එරිල කාපු කටුනම් අනන්තයි අප්‍රමාණයි....ලියපං ඉතිරිය වහාම ...:)
ReplyDeleteහම්බාවා දැකල නැද්ද මලේ?
/// ජීප් එරිල කාපු කටුනම් අනන්තයි අප්‍රමාණයි.... ///
Deleteරවී අයියට නැත්නම් ඒ වගේ කුණ්ඩවාලි ආයේ ඉතින් වෙන කාට තියෙන්නද...
හම්බාවා දකින්න මං කරලා තියෙන පිං මදිය කියන්නේ, ඌ උඩහ පළාතේ තමයි වැඩිමනක් ඉන්නේ. මගේ යාලුවෙක් එකසිය ගාණට පට්ට ෆොටෝ එකක් ගහල තිබ්බ හම්බාවෙක්ගේ...
බලමු හොයා ගන්න ඇහැකි උනොත් ලින්ක් එකක් මෙතනට ඔබන්නම්.
මම හිතන්නේ රවී අයියනම් ඌව දැකල ඇති... හරි අහිංසක මුණක් තියෙන්නේ... ;)
අපි පොඩි කාලෙ හම්බාවො හිටිය කෑගල්ලෙ අපේ ගෙදර පිටිපස්සෙ කැළෑ මණ්ඩියෙ. ඒත් දැකගන්න එක හරිම අසීරුයි. අපි එහෙ හිටිය අවුරුදු අටක වගෙ කාලෙටම මම දැක්කෙ දෙපාරයි. එක පාරක්නම් බොහොම පැහැදිලිවම දැක්ක, දඬුලේනෙක් වගේමයි. හැබැයි ඊට පොඩියි. ගාත් හතර අතර තියෙන හම වගෙ කොටස දිගඇරල පාවෙලා යන්න පුලුවන් ඌට. Flying කියල කිව්වට ඇත්තටම ඌ කරන්නෙ Gliding වගෙ එකක්. එක ගහක මුදුනෙ ඉඳල තවත් ගහක මුලට වගෙ ඒ විදිහට පාවෙලා යනවලු.
Deleteආයෙම හම්බාවො දකින්ට ඉන්නවයි කියල මේ වාර්තාවෙ තියනව
මෙන්න බුවා...:)
Deleteකෑගල්ලේ හරි ඔය කොහේ හරි උඩහ පැත්තක ෂුවර් පිටම උන්ව බලන්න පුළුවන් කියල අපේ උන් අතරේ පහුගිය කාලේ කතාවක් යනවා මමත් දැක්කා
Deleteඒත් එහෙ යන්න උනේ නැහැ වැඩ නිසා... සමහර විට රවී අයිය කියන හරියමද දන්නේ නැහැ.
මගේ යාළුවා ගහල තිබ්බේ එහෙ ගිහින් ගත්තු ෆොටෝ එකක්ද දන්නේ නැහැ, මම කියපු ෆොටෝ එකේ ඉන්න හම්බාවා පොඩි අව් රැල්ලක් වැටෙන තැනක අපුරුවට අත්තක් උඩ ඉන්න ෆොටෝවක් තිබ්බේ...
මු එක කොහෙවත් අප්ලෝඩ් කරලා නැහැනේ මගේ වෙලාවට.... ;(
ඇති යාන්තම් මාත් ගිහින් තියෙන තැනක් ගැන කතාවක් ලියවෙනවා..
ReplyDeleteහප්පේ ජීප් එක එරුනට පස්සේ ඉතින් ගමන ගැන කවර කතාද.. ඉතිරියත් ලියමු අයියේ..
ඒක නෙමෙයි, දැන් ලංකාවෙද ඉන්නේ??
එළ එළ... උඹ ගියපු තැනක් ලියවිච්ච එක මොන තරම් දෙයක්ද.
Deleteනැත්නම් හැමදාම දුක සෝකෙන්නේ ඉන්න වෙන්නේ...
ඉතිරිය ලියල ඉවරයි බං, අද කරුම වැඩ ටිකක් සෙට් උනා, අනිවා ඩෙෆා හෙට ෂුවර් එකටම දානවා...
///ඒක නෙමෙයි, දැන් ලංකාවෙද ඉන්නේ??///
ඔව් බං, ඒ දවස්වල ලංකාවට ආවේ ආපහු ලංකාව මුහුදුබත් වෙනවා කිව්වත් ආපහු වෙන රටකට යන්නේ නැහැ කියල හිතාගෙන...
ආයේ හිඟා කෑවත් රට යන්නේ නැහැ කියල හිතුනා මචං. දැන් ඕනේ පුයන්නක් කයන්නක් කියල මෙහෙ වැටීගෙන ඉන්නවා...
ලංකාවට එන වෙලාවක කියපන්. අපි ඉන්නේ අගනුවර කිට්ටුව... ;)
කතාවේ ඉතුරුටිකත් මේ ගැම්මෙන්ම, මේ රසවත්කමින්ම ලියාපං ලොකු එකෝ මං වගේ කම්මැලි වෙන්නේ නැතිව.
ReplyDeleteඅර විදුලි වැට අරින විදිය හරිම බයානකනේ බං. ඒ වයර් ගැලෙව්වට පස්සේ එකිනෙක ගෑවුනොත් මොකද වෙන්නේ? ඕවා DC නේද?
කතාව අදවත් දාන්න ඕනේ, ඊයේ මාව බෙල්ල ගාවටම හිරවෙලා හිටියේ එක එක වැඩ වලට හිර වෙලා.
Deleteඇත්තටම Dude උඹ දැන් ගොඩක් කම්මැලි වෙලා තමයි, පෝස්ට් දාන්නේ නැතිම තරම්.
ඒ වැටවල් DC කරන්ට් එකෙන් තමයි වැඩ කරන්නේ, වෝල්ටේජ් එක අඩුයි, ඇම්පියර් ගාන වැඩියි. ගෑවුනොත් විසික්කා වෙනවලු.
නමුත් අලියාගේ ප්‍රතිරෝධකතාවට වඩා මිනිසාගේ ප්‍රතිරෝධකතාව වැඩි නිසා මිනිස්සුන්ට ඒ කරන්ට් එක වදින්නේ නැද්ද දන්නේ නැහැ.
අලි වැටවල් ගහන දොස්තර ලොක්කෙක් ඉන්නවා, මිනිහගෙන් ඒ ගැන අහල බලන්න ඕනේ.
යමක් දැනකියා ගත්තොත් උඹලටත් දැනගන්න දාන්නම්...
///අර විදුලි වැට අරින විදිය හරිම බයානකනේ බං.///
මිනිස්සුන්ටත් වදිනවානම් ඉතින් ආයේ භයානක නේන්නං... හෙහ්
අර ජීප්පුව සෑහෙන ඇන්ටික් එකක්නෙ..ඕක ඩයිහට්සු වෙන්න ඕනෙ...බොලා මේ කියන පැති වලට ගිහිල්ලම නෑ බං...හරි ආසයි මෙහෙම ගමනක් යන්න...ආව දවසක යමුද...සහයෝගයක් දෙනවද බොලා ලංකාවෙ ඉන්නවා නම්...
ReplyDeleteසමා වෙන්ඩ ඕනේ පමාවට,
Deleteඔව් මචං ඒක ඩයිහට්සු එකක්. පරණ උනාට කිසි කරදරයක් නැතුව වාහනේ දිව්වා.
///ආව දවසක යමුද...සහයෝගයක් දෙනවද බොලා ලංකාවෙ ඉන්නවා නම්...///
ලංකාවට එන වෙලාවක ටිකක් කළින් කියපන්, ඕනේ උදව්වක් දෙන්නම්...
එළකිරි ලොකු පුතා..බොලාලා මේ ලගදි මූඩි කඩපු සෙට් එකේ අයත් ඉන්නවා ගමන ගියොත් යන්න ඔන්න...
Deleteඒකත් එහෙමද. ඒ වෙලාවෙත් ඒ වගේ කතාවක් පොඩියට එළියට ඇදිල ආව තමයි... :)
Deleteමට මේ දේශාඨන සටහන් කියවන්න ආසාව ආවේ රොබින්සන් කෲසෝ එකේ පරිවර්තනය කියෙව්වට පස්සේ...
ReplyDeleteඒත් කියවන්න ලැබෙන හැම සටහනක්ම එකවගේ රහ නෑ..
ඒ ලියවිල්ලට දස්කමක් තියෙන්න ඕනෑ නේද? අපිව ගෙනයන්න ඕන ලියන්නාගේ ඇහැ කන ගිය හැමතැනකම අපට නොදැනී..
ලොකූගෙ පින්තූරත් එක්ක මේ වැඩේ කෙරෙනව අපූරුවට...
හත වසරේදී එහා පන්තියේ හිටපු එකෙක් පොතක් කියවනවා දැකල මම ඇහුව ඒ පොත මොකක්ද කියලා.
Deleteඌ හෙන උජාරුවෙන් වගේ කිව්වා ඒ "රොබින්සන් කෲසෝ" පොත කියලා
මම ඒ දවස්වල වැඩිය පොත් බලන්නේ නැහැ, මගේ ගාව පොත් නැති නිසා. පරණ විජය පත්තර තොගයක් එක්කාසු කරගෙන බලන එක තමා මගේ කාරිය වෙලා තිබ්බේ. අපේ ඉස්කෝලේ පුස්තකාලේ පොත් තිබ්බෙත් බොහොම පොඩ්ඩයි.
මට එදා හිතුනේ ඒ පොත හරි බරසාර එකක් කියලා, ඇයි ඉතින් නමත් හරි අමුතුයිනේ.
කමෙන්ට් එකටයි, පැසසුමටයි බෙහෝමත්ම ස්තුතියි තිස්ස අයියගේ...
වල් පුස සැහෙන්න ලොකු සතෙක් වගේ. fox සයිස් එකට ඉන්නවා.
ReplyDeletehttp://nelumyaya.com/?p=2475
මේ කමෙන්ට් එක දැක්කේ සෑහෙන පරක්කු වෙලා...
Deleteඅපි එදා දැකපු වල් බළලා සාමාන්‍ය පුසෙක් තරම මිසක් ගොඩක් ලොකු නැහැ.
නමුත් උන් සෑහෙන තරමක් ලොකු වෙනකල් වැඩෙන්න පුළුවන් සතෙක් බව තමයි පොතේ පතේ තියෙන්නේ. විශේෂයෙන් අප්‍රිකානු රටවල ඉන්න එකා...