Wednesday 8 April 2015

බුන්දල පාක් එක සහ ලුනු ලේවාය - Bundala National Park & Saltern 2007 - දෙවැනි කොටස

පළවෙනි කොටස මෙතනින් බලන්න...

අපි දවල් කෑම වේල කොටා බාලා ආපහු එන බව ගේට්ටුවේ නිලධාරීන්ට දැනුම දීල එහෙම අපි සර්කිට් එක දිහාට එන්න පිටත් වුනා. බුන්දල යාල වගේ නෙමෙයි. උන් එක්ක ඒ වගේ දෙයක් කතාබහ කරලා කරගන්න ඇහැකි. ඉස්සර යාල යද්දී එහෙම කෑමට එළියට ඇවිත් ආපහු යද්දී දෙවෙනි වතාවටත් ටිකට් ගන්න ඕනි. පස්සේ උන් ඒකට වෙනම ක්‍රමයක් හදල තිබ්බා. Multiple Entrance කියල ටිකට් ක්‍රමේ අනුව ටිකට් වල ගාන පොඩ්ඩක් වැඩියි. ඒ උනාට ටිකට් දෙකක ගාන එක ටිකට් එකකට යන්නේ නැහැ. ඒ මොන ක්‍රමේ බැලුවත් බුන්දල ක්‍රමේ සෑහෙන හොඳයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. “අපි දවල්ට කාල ආපහු එනවා” කියන වචන ටික විතරයි ගිය වියදම.

අපිව බංගලාවෙන් බස්සපු ජීප් එකේ අයියා ගෙදර ගිහින් බත් කාල සයිලන්සර් එකත් හදාගෙන එන්නම් කියල පිටත්වෙලා ගියා. බංගලාවට ගියපු අපි මුලින්ම කලේ මුණ කට සෝදගෙන අජිත් හදල දීපු කෑම වේලෙ රස විඳපු එක. අජිත් කෑම හදනවා කියල කිව්වට ඇත්තටම එතන කෑම උයන්නේ අජිත්ගේ හාමිනේ. හරි රසට වැව් මාළු හදන්න උන්දැට පුළුවන්.

මේ පැතිවල වතුර තමයි ගොඩක් වෙලාවට අපිට පත්තියම් වෙන්නේ නැත්තේ. ඒකටත් තියෙනවා පොඩි කෙම් ක්‍රමයක්. බොන්න තියෙන වතුර පුරව ගන්නවා බෝතල් වලට. ඊට පස්සේ බෝතලේට දෙහි ගෙඩිය ගානේ මිරික ගන්නවා. කිවුල ගොඩක් වැඩිනම් දෙහි පොඩ්ඩක් වැඩි කළත් කමක් නැහැ. ඊට පස්සේ කිවුල කැපිලා යන නිසා අවුලක් නැතුව වතුර ටික බොන්න ඇහැකි.

බත් කාල ටික වෙලාවක් එතන එතන ලැගලා ඉන්නකොට ඈතින් අපේ ජීප්පුව එන සද්දේ ඇහෙන්න ගත්තා. කාල එන ගමන් දුම් බටේ හදාගෙන එනවා කියල කිව්වට මිනිහට ඒක හදාගන්න බැරිවෙලා. දැන් මොකදැයි කරන්නේ. මොනා කරන්නද කියල කප්පනා කරකර ඉන්නේ නැතුව ජීප්පුවට නැග ගත්තු අපි ආපහු පාක් එක බලා යන ගමන පටන් ගත්තා.
පාක් එක ඇතුළට වාහනේ දාල ටික වෙලාවකින් අපිට තේරුණා දැන් ඉතින් දකිනවනම් දකින්න පුළුවන් වෙන්නේ බීරි සත්තුන්ව විතරයි කියලා. හරියට චෙන්සෝ එකකින් ගස් කපනවා වගේ හරි මිහිරි සද්දයක් තමයි ජීප්පුවෙන් පිටවුනේ.


සත්තු බැලිල්ල පැත්තකින් දාපු අපි එතනින් පස්සේ ආපහු ගියා තවත් ලස්සන තැනකට. වැලි පරයක් වගේ එකක් දිගේ ගොහින් මාළු අල්ලන ඔරු තියෙන ඉසව්වකට. එතැන වැල්ලේ ඉඳගෙන ෆොටෝ ටිකකුත් ඇල්ලුවා. එතනට යන්න නම් රෝද හතරම බලගැන්වෙන වාහනයක් අනිවාර්යයි. අපි ගිය ජීප් එක පරණ වුනාට ඒවා වැඩ.

ඊට පස්සේ පාක් එකේ තව ටිකක් ඇවිද්දත් අපිට ලොකු දෙයක් බලා ගන්න ලැබුනේ නැහැ. වතුරෙන් යටවෙලා තිබ්බ පාරක් හරහා එද්දී අපිට ලස්සන ෆොටෝ එකක් ගහ ගන්න නම් චෑන්ස් එකක් ලැබුනා. මේ ෆොටෝ එක ගත්තේ ගයිඩ් අයියා වගේ තමයි මතක.
එතනින් පස්සේ අපි කෙළින්ම නවාතැනට එන්න පිටත්වුනා. එදා දවසේ ඒ අවට ගම්මාන වල මිනිස්සුන්ට අලියලා, මුවාලා, ගෝනලාව එහෙම එලවන්න වෙනම පැල්රකින්න ඕනේ වෙන්න නැතුව ඇති. ජීප් එකේ සද්දෙට කිසිම සතෙක් ඒ පැත්ත පළාතක ඉන්න විදිහක් නැහැ. අපේ ගමනෙන් එක දවසකට හරි ඒ වගේ සේවයක් ඒ ගම්මානේ මිනිස්සුන්ට සිද්ධ වෙච්ච එකම මදෑ...

හෙරිටේජ් එකේ වගේ නෙමෙයි මෙතන කරන්ට් එක ඒ කිව්වේ විදුලි බලය තියෙනවා. හැබැයි ජල විදුලිය නෙමෙයි. ජෙනි විදුලිය තමයි තියෙන්නේ. ලුනු ලේවායට කරන්ට් එක ගන්න එකට පොඩි ගැටළුවක් තියෙනවලු. වනෝද්‍යානය හරහා විදුලිය ගන්න එකට වනෝද්‍යාන පරිපාලනයෙන් අවසර දෙන්නේ නැතිලු. අවසර නොදෙන්නේ ඒ හරහා යම් ගැටළුවක් මතුවෙන්න ඇහැකි නිසා වෙන්නත් ඇති. ඒක වැඩක් නෑ... කොහොමහරි මේ සෝල්ට් එකේ බංගලාවේ තියෙන්නේ ජෙනි විදුලිය පමණයි, ඒකත් රෑ 10:00 ට නවත්වනවා. ඊට වඩා ඕනෙනම් වෙනම ගෙවන්න ඕනේ.

මේ බංගලාව ටිකක් පරණ පහේ එකක්, ඒ වගේම අපි වගේ එව්වන්ට කුළියට දුන්නට මේවා හදල තියෙන්නේ ඒ අදාළ ආයතනයේ සේවක මහත්වරුන්ගේ පහසුව තකා. මෙව්වයේ පරණ උනත් අර “ඇටෑක් බාත්රුම්” කියන්නේ අන්න එව්වා තියෙනවා. කාමරෙන් ඒකට යන්න පුළුවන් වගේම, ඒ බාත්රූම් එකෙන් එළියට යන්නත් වෙනම දොරක් තියෙනවා. මේ ගැන පසුකාලීනව මම දැනගත්තේ මෙන්න මේ වගේ කතාවක්.

මට ඔය එක එක ෆීල්ඩ් වල නාකි පහේ යාළු මිත්තරයෝ ඉන්නවා. ආන් එයින් එකෙක් තමයි මට මෙන්න මේ වැදගත් හෙළිදරව්ව කලේ... යකෝ... මේවා ගොඩක් පරණ බිල්ඩින්. අද කාලේ වගේ නෙමෙයි, ඉස්සර. ඔය බාත්රුම් එකෙන් එළියට දොරක් දාල තිබිල තියෙන්නේ නානකාමරේ ඉන්න එකාට එළියට යන්න නෙමෙයි බොලව්. ඇතුළට ගන්න ඕනේ එවුන්ව (ඒ කිව්වේ එකියන්ව) ඇතුළට ගන්නයි කියලා. ඔව්වා රට්ටුන්ට පෙනී පෙනී ඉස්සරහ දොරෙන් කරන්න පුළුවන් වැඩද කියලත් කිව්වා. අන්න එහෙම සරළ සුගම භාෂාවෙන් කිව්වට පස්සේ මට ඉතින් බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ ඒ කතාව තේරුණා.

අපි ඔය සර්කිට් එක බුක් කලේ දවසට රුපියල් 2,500 ක් දීලා. පස්සේ කාලෙක මම රට ඉඳල ආවට පස්සේ බැලුවම ඒකෙ ගැන රුපියල් 7,500 ක් කරලා. බාත් රුම් වල තිබ්බ පරණ ටයිල් අහක් කරලා අළුත් ඒවා දැම්මලු, ජෙනි විදුලිය වෙනුවට දැන් ජල විදුලිය තියෙනවලු. ඒත් අජිත් මට කියපු විදිහට දැන් වැඩිය සෙනග එන්නෙ නැතිලු ගාණ වැඩියි කියල. එයාල ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කලාලු ගාණ 5,000 ට අඩු කරන්න කියල. හැබැයි තවම ඒ ඉල්ලීම ඉටුවෙලා නැහැ කියල තමයි ආරංචිය.

ඔන්න ඉතින් දැන් මේ අජිත්ල හදල තිබ්බ කෑම එහෙම කාරිය කාල රෑ දහය වෙන්න කලින් අපි නිදා ගන්න සෙට් වුනා. එළියේ බුරු ඇඳන් කීපයක් තිබ්බත් ඒවායේ නිදා ගන්න කවුරුවත් ට්‍රයි කලේ නැහැ. නිකං මොකටද අලින්ට කියල බර කිරා ගන්නේ. අපිට එහෙම හිතෙන්න ඇති.

පහුවෙනිදා උදෙන්ම නැගිටලා අජිත් හදල තිබ්බ කිරිබත් ලුණු මිරිසක් එක්ක කොටා බාලා තේ එකක් කාරිය බිව්වා. මොනවා තිබ්බත් වැඩක් නැහැ, මේ පැතිවල තියෙන වතුරෙන් හදන තේ නම් බලු වටින්නේ නැහැ. තේ එකක් බිව්වම එන ගැම්ම ඒකෙන් එන්නේ නැහැ.

සර්කිට් එක ගාව ඉඳලා කලපුව සහ ලේවාය දෙකම තියෙන්නේ තරමක් දුරින්. අපි හිමි හිමීට ඒ අහට ඇවිදින්න ගියේ කුරුල්ලෝ බලන්න හිතාගෙන. මේ පැත්තෙන් ලේවායයි මුහුදයි හා වෙන තැන දක්වාම අපහසුවක් නැතිව යන්න ඇහැකි. කලපුව පටන් ගන්න තැනදිම මම දැක්කේ ලේවායේ එහා පැත්තේ මොකුන්දෝ නළියන ගතියක්. කිට්ටුවට යද්දී තමයි දැක්කේ ඒ කුරුල්ලෝ රොත්තක් කියලා. මම ජීවිතේට ඒ තරම් කුරුල්ලෝ රොත්තක් ඊට කළින් දැකල තිබුනේ නැහැ. ඒ වගේම තමයි ඒ වර්ගයේ කුරුල්ලෝ ඊට කළින් මම දැකල තිබ්බෙත් නැහැ. සමහර විට කෙලින් කොහේදී හරි දැක්කත් ඔළුවට වැටෙන්නෙ නැතුව හරි ඇති.
ඒ වගේම එදා හිටපු තරම් කුරුල්ලෝ ප්‍රමාණයක් ආපහු කවදාවත් බුන්දලදී මම දැකල නැහැ. නමුත් අපිට ඉස්සර යන්න බැරි පැත්තවල් වෙලා තිබ්බ උතුරුකරේ ගියාම කුරුල්ලෝ සෑහෙන ඉන්නවා. සමහරවිට යුද්ධේ කාලේ ඒ පැතිවල නතර නොවී දකුණට ආපු කුරුල්ලෝ දැන් පර්යටනය කළපු භුමි බහුල උතුරුකරයේ දිම නතර කරනවා වෙන්නත් ඇහැකි.

අපි කළපුවේ එහා කෙළවරට යන්න තියෙන පුංචි අඩි පාර දිගේ ඉස්සරහටම ගියා. ඒ යද්දී අපි කිට්ටුවට එද්දී කුරුළු රංචු පොඩ්ඩක් ඉස්සරහට පියඹලා ගියත් ඒ ඉසව්වෙන් වැඩි ඈතකට ගියේ නැහැ. ඒ තරම් ලස්සන දසුනක් මීට කළින් මගේ ජීවිත කාලෙටම දැකල තිබ්බේ නැහැ. මොන තරම් ලස්සනක් දැක්කත් මට ඒ ලස්සන මගේ කැමරාවේ සටහන් කරගන්න බැරිවුනා නේද කියන සිතුවිල්ල අදටත් මට දැනෙනවා. එතනින් පස්සේ අපි කෙළින්ම ගියේ කළපුවයි මුහුදයි යාවෙන තැන කිට්ටුවට. ඒ කාලේ වෙද්දී ඒ දෙක වැලි වැටියකින් වෙන්වෙලා උන්නේ. අපිට යන්න තිබ්බ පටු වැලි තීරුවේ යද්දී අපි එක පාරටම දැක්කේ කිඹුලෙක් කාල ඉතුරු වෙච්ච මී හරකෙක්ගේ බාගයක්. සමහර තැන්වලදී අපිට වතුරට බැහැල යන්නත් සිද්ධ වුනා. ලංකාවේ කළපුවල වැඩිපුරම කිඹුල්ලු ඉන්නවා කියන්නේ බුන්දල කළපුවේ. ඒක දැක්කට පස්සේ පොඩි චකිතයක් වගේ ගතියක් ඇති උනත් අපි එහෙම්මම මුහුදු වෙරළටම වෙනකල් ගියා. 


ඒ මුහුදු වෙරළත් සෑහෙන ලස්සන සහ නිස්කලංක මුහුදු වෙරළක්. කිසිම දේකින් අපවිත්‍ර වෙලා තිබ්බේ නැහැ. මිනිස්සුන්ට ගිහින් එතන අපවිත්‍ර කරන්න බැරි හේතුව නිසාද කොහෙද එතන ලස්සන. ඒ මදිවට වෙරළේ හතර අතේ සිප්පි කටු, පොඩි පොඩි බෙලි කටු, දිලිසෙන වීදුරු වගේ බෝල ගල් විසිරිලා තිබුනා. අපි පුංචි ඈයෝ වගේ ලස්සන සිප්පි කටු, බෙල්ලෝ ඇහිඳින්න පටන් ගත්තා. මේ ළඟකදී ගමේ ගියපු වෙලාවක මම එදා ඇහින්ද සිප්පි කටු කවරෙක දාලා තියෙනවා දැකල බලල ආවත් එක්ක.

ටික වෙලාවකට පස්සේ අපේ උන් කීප දෙනෙකුට එතන මුහදේ නාන්න ආසාවක් ඇතිවෙලා මුහුදේ පනින්න පටන් ගත්තා. අඩුගානේ මුන් වෙනම ඇඳුමක්වත් අරගෙන ගිහින් තිබ්බේ නැහැ. ඇඳන් ඉන්න ඒවා පිටින් නෑවා, ඊට පස්සේ අවුවටම වේලෙන්න අව්වේ ලැගලා ඉන්නවා. ඒ ක්‍රමෙත් හැබැයි නරකම නැහැ.
මම මුහුදේ නාන්න ඒ තරම් මනාපයක් නැති නිසා මම මුහුදේ පැන්නේ නැහැ. මම මුහුදක නාන්න යනවනම් නාන්නේ ඒකට වෙනම අඳින්න ඇඳුමක් තියෙනවනම් සහ මුහුදු නෑමෙන් පස්සේ නාන්න හොඳ වතුර තියෙනවනම් විතරයි. ඔය දෙක ඒකට සෙට් වෙන්නේ කලාතුරකින් නිසා මම මුහුදේ නාන්නේ නැතිම තරම්. ඔන්න වැඩේ...
මේ තියෙන්නේ ඒ පතොක් මල සහ ගෙඩියක්...
ඒවා ඉදුනම දම් පාට වෙනවා
බුන්දල හරියේ තව අපුරු දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ අහල ඇති නේද Dragon Fruit කියන පළතුර ගැන. ඒකත් ඔය පතොක් කුළයේ ගහක්ලුනේ. ඒ වගේම ඊට වඩා පොඩි කැලෑ වර්ෂන් එකක් තියෙනවා ඔය පැතිවල. ඒ ගෙඩි කඩා ගන්න ඕනේ බොහොම පරිස්සමට. කටු පොකුරක් තියෙනවා කොහොම කළත් හතර පහක් ඇනෙන එක නවත්තන්න බැහැ.  ඒ එක්කම ලොකු තරුවක් වගේ කටුවක් තියෙනවා ගෙඩිය ඇතුළේ. ඒක අහක් කරන්නේ නැතුව කෑවා කියන්නේ බඩු බනිස්. මොනවා වෙලා නතර වෙයිද දන්නේ නැහැ. ඔය සියළුම කටු කාගෙන මේ ගෙඩි කන්න හිතෙන පොඩි රසයක් ඒවායේ තියෙනවා. මෙන්න මේක තමයි අවසාන ප්‍රතිඵලය... පේනවා නේද කටේ හැටි.




අපි මෙතන වෙරළේ සෑහෙන වෙලාවක් හිටියා. දවල් වෙලා ආපහු සර්කිට් එකට ඇවිත් ලක ලැස්ති වෙලා බත් එහෙම කාලා ආපහු කොළඹ බලා පිටත්වෙන ගමන ආරම්භ කලා. ඒ එන අතරමගදී බස් එකේ වහලට නැගලා ගහක හිටපු කුරුල්ලෙක්ගේ ෆොටෝ වගයකුත් ගත්තා.
මේ ගමනෙන් පස්සේ මට බුන්දල පරිසරය ගැන ලොකු බැඳීමක් ඇති වුනා. DSLR කැමරා එකක් ගත්තට පස්සේ මම, හාමිනේ එක්ක රෑ 12:30 බස් එකේ නැගලා බුන්දල ගියපු දවස් සෑහෙන තිබ්බා. ගොඩ වෙලාවට අජිත් මට කෝල් කරලා කියනවා මේ දවස්වල කුරුල්ලෝ සෑහෙන ඉන්නවා, ඇවිත් යන්න එන්න කියලා. මොකෙක්හරි විශේෂ කුරුල්ලෙක් ඇවිත් ඉන්නවනම් ඒකත් හැකි ඉක්මණින් මට කියනවා.

දවසක් අජිත් කෝල් කරලා කිව්වා රජ සියක්කාරයෝ (Greater Flemingo) රංචුවක් ඇවිත් ඉන්නවා ෆොටෝ ගහන්න එන්න කියලා. ඊට කළින් මම උන්ව දැකල තිබ්බේ එක වතාවයි. ඒත් යාල හිටපු වෙලාවක සෑහෙන උඩින් පියාඹපු කුරුල්ලෝ දෙන්නෙක් විතරයි.

ඒ ආරංචිය ලැබිච්ච ගමන්ම අපි දෙන්නා එදා රෑ 12:30 බස් එකේ නැගල බුන්දල යන්න පිටත් වුනා. අපි එහාට ගොඩ බැස්සේ 2009 මාර්තු 21, උදේ 07:30 වගේ ඉඳලා දවල් වෙනකල්ම උන්ව හෙව්වත් හම්බ වුනේ නැහැ. දවල් කෑම කන්න ඇවිත් ආපහු ගියත් ඒ වැඩක් උනෙත් නැහැ. මුළු ලේවාය පුරා ඇවිදලා උන්ව හම්බ වෙනකොට වෙලාව හවස 05:30 යි. ෆොටෝ ටිකක් ගැහුවට ඒ තරම් වැඩක් නැහැ. සතුටයි දුකයි දෙකම මිශ්‍ර වෙච්ච හැඟීමක් එක්ක හවස සර්කිට් එකට ඇවිත් දවසේ ඉතුරු ටික ගතකලා.

පහුවෙනිදා උදේ 05:40 වෙද්දී අපි දෙන්න ආපහු ගියා ලේවාය දිහාට. උදේට කෑවෙත් නැහැ. මුකුත් බිව්වෙත් නැහැ. හරියටම උදේ 07:15 වගේ වෙද්දී අපිට ආපහු උන් රංචුව දැකගන්න පුළුවන් වුනා. ගහන්න පුළුවන් උපරිම ෆොටෝ තොගයක් ඒ වෙලාවේ මම ගහ ගත්තා. සමහර ඒවා මම අදටත් හරියට බලල නැහැ. හොඳ ෆොටෝ එකක් ගහගන්න උන්ට කිට්ටු වෙන්න කියල මම ලුනු වතුර එක්කාසු කරලා තියෙන මහ විශාල ලියැද්දකට බැහැල උන්ට කිට්ටු කලා. ටික වෙලාවකින් උන් අපිව මග අරින්න කළපුවේ එහා කොණකට ගියා. දැන් ඔන්න අපි දෙන්න ආපහු උන් පස්සේ. ඒ වෙද්දී හාමිනේ හොඳට හැක් වෙලා. මටනම් සතුටු නිසා බඩගිනිත් නැහැ.
මේ ඉන්නේ මම එනකල් හැක්වෙලා බිම ලැගගෙන ඉන්න මගේ හාමිනේ... හෙහ්

අර කිඹුල්ලු අම්බානෙක ඉන්නවයි කියපු කළපුවේ බැහැල මම ආපහු කුරුළු රංචුවට කිට්ටු කලා. ඒ වතාවේ මම සෑහෙන හොඳ ෆොටෝ තොගයක්ම ගහ ගත්තා. මම ඒ කළපුවේ බැහැපු එක මෝඩ වැඩක්, ජීවිතේ අවධානමේ දා ගැනීමක් බව මම දන්නවා. ඒත් ඒ කිසි දෙයක් ඒ වෙලාවේ මට හිතුනේ නැහැ. හරියටම උදේ 08:45 වෙද්දී අපි අපේ මිෂන් එක කම්ප්ලීට් කරලා සර්කිට් එකට ඇවිත් උදේට කාල කොළඹ බලා යන ගමන පටන් ගත්තා.

කොහොම හරි එහෙම ගහපු ෆොටෝ එකක් ඒ අවුරුද්දේ එක්තරා ප්‍රදර්ශණයක පළවෙනි තැන දිනා ගන්න සමත් වුනා. මේ තියෙන්නේ ඒක...


මේ තියෙන්නේ ඊට පස්සේ වතාවල් වල මම බුන්දලදී ගත්තු ෆොටෝ ටිකක්...
බෙල්ල පුරා කිනිතුල්ලෝ පිරිච්ච මොණර නාම්බෙක්...







මේ හිම නෙමෙයි ලුනු...
රජ සියක්කාරයින් ...


48 comments:

  1. කුරුල්ලෝ ටික නම් පට්ට....... අර වාහනේ ලග හිටගෙන ඉන්න කොක්කු ටිකක් මාරයි...

    ReplyDelete
    Replies
    1. තැන්කු KGGP..
      ඒ ඇවිල්ලා,,, ලංකා වී.වී. පද්ධතියේ පෝෂණ ගුණයෙන් යුතු ආහාර වලින් පෝෂණය ලද කොකටුවන් විශේෂයක්...
      දැන් උන්ගේ ගොඩක් වෙනස්... හෙහ්

      Delete
  2. වෙනද වගේම අදත් පොටෝ ටික ගැන නං කියන්න දෙයක් නෑ එළ.
    ඔය ගමන් යද්දි හොඳ වතුර බූලියක් අරං ගියානං වතුර ගැන ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කොහේ කරන්නද... දවස් තුනක් හතරක් නතරවෙලා ඔය පළාත්වල ඉන්න ගියාම එකෙක් දවසකට වතුර ලීටර් බර ගාණක් බොනවා...
      ලුනු ලේවායක තියෙන වේලිල්ල එක්ක හිතල බලන්නකෝ ආතල් එක
      සමහරවෙලාවට වතුර බුලියක් අරගෙන ගියත් ඒවා සුටුස් ගාල ඉවර වෙනවා, සමහර යක්කු වතුර නාස්ති කරනවත් එක්කනේ

      Delete
  3. කෝ ලොකුපුතාගෙ පින්තූරයක් නැද්ද?
    කිඹුල්ලු ඉන්න තැන් වලට ගිහිල්ල අවදානමක් ගත්තට නං විරෝධය!

    ReplyDelete
    Replies
    1. මමත් ඔය අතරේ ඉන්නවා මචෝ...
      කිඹුල්ලු මතක් උනේ නැහැ බං ඒ වෙලාවේ... කුම්බුලෙක් ආවනම් ඉතින් බඩුම තමයි... හෙහ්

      Delete
  4. මේ රජ සීයක්කාරයෝ වගේ මහ විශාල කොක්කු වගයක් මං දැකල තියෙනවා කයිට්ස් අයිලන්ඩ් එකේ එක කාලෙකට. සංචාරක කුරුල්ලෝ වගයක්. අපිනම් කිව්වේ 'පත අලි කොක්කු' කියල.. ඔය කලපු වගේම සීන් එකක් තමයි ඒ පැත්තේ ගොඩ බිම ඇතුලෙයි වටෙයි දෙකම.. නානා ප්‍රකාර කුරුල්ලෝ වර්ග එනවා කාලෙන් කාලෙට. මේ පෝස්ට් ලියවනකොට දැන් හිතෙනවා මොන අපරාධයක්ද ඒ කාලේ කරේ එහෙට වෙලා කාල බීල දවල් දවසේ කකුල් දෙක පුටුවක් උඩ තියාගෙන මල් පත්තර කියව කියව කියලා.. ඒ නුවණ ආයි ඉතින් ඇතුන් ලවා වත් අද්දන්න බෑනේ.. බොරු කියන්නේ මොකටද මට උඹත් එක්ක පට්ට ඉරිසියයි ලොකු පුතේ.. ඒ මේවයේ ගිහින් නැතුව නෙවෙයි.. ගියාට මේ වගේ ලස්සනට දකින්න පින නැති උන එකට..

    ඔය වගේම තව සීන් එකක් මට මතක් උනා.. පුත්තලමේ ඉස්සෝ ෆාම් කරපු මගේ යාලුවෙක් හිටි නිසා ඒ කාලේ නිතර දෙවේලේ එහෙ යනවා. වනාතවිල්ලුව පැත්තෙ ගිහින් ඇති ඉසේ කෙස් ගානට.. ඒ රා හොයන්නයි අලුත් මාළු හොයන්නයි තව වෙන වෙන දේවල් හොයන්නයි.. මේ ලඟදි මගේ යාළුවෙක් මූණු පොතේ ෆොටෝ වගයක් දාල තියෙනවා දැකල මං හොල්මන් උනා.. අම්මේ.. වනාත විල්ලුවේ ලස්සන!!! පවට පින දෙන්න තාමත් බැරි වෙලා ඉන්නේ.. හ්ම්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ඔය කියන කයිට්ස් දුපත් ආසන්නයේ කුරුල්ලෝ මහ විශාල සංඛ්‍යාවක් ඉන්න බව මමත් අහල තියෙනවා...
      මගේ යාළුවෙකුත් ඉන්නවා, ඔය දුපත් වල නේවි එකේ බෝට්ටු වලින් ගිහින් ෆොටෝ ගහන එකෙක්
      හැබැයි ඌ නේවි බුවෙක් නෙමෙයි. උගේ මල්ලි කෙනෙක් නිසා තමයි ඌ ඔය වාසි ගන්නේ...
      එහෙම බැලුවම උඹලට දුක හිතෙන එක පට්ට සාධාරණයි...
      බොහෝ දුරට ඒ "පත අලි කොක්කු" රජ සියක්කාරයෝ වෙන්න ඇති.

      මට පොඩි මතකයක් තියෙනවා නේවි එකේ කවුරුහරි “ලලිත්” වගේ නමක් තියෙන බුවෙක් ගැන. මිනිහා නේවි එකේ ඉන්න ගමන් ඒ වගේ ලස්සන තැන්වල ෆොටෝ එහෙම ගහන ලංකාවේ ප්‍රසිද්ධ කෙනෙක්...
      අන්න බුවානම් ජොබ් එකේ ඉන්න ගමන් ජොබ් එකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනය ගත්තු කෙනෙක්.
      නමුත් සමහර වැඩ වලදී ඔහු ෆොටෝ ගහන්න කරපු වැඩ ෆීල්ඩ් එකේ විවාදයට ලක් වෙච්ච අවස්ථාත් තියෙනවා

      ඔය විල්ලු පරිසර වලින් ආනවිලුන්දාව හරි විශේෂයි. ඒවා අයත් වෙන්නේ තෙත්බිම් සංරක්ෂිත වලට...
      කොළඹ ඉඳල වැඩි දුරකුත් නැති නිසා සහ කාර් එකකින් හරි බස් එකකින් ගිහින් ත්‍රිවීල් එකකින් හරි ගිහිං යන්න පුළුවන් නිසා දවසක ගමනක් විදිහට යන්නත් පුළුවන්.
      කමි උඹ මට ඉරිසියා කරලා හරියන්නේ නැහැ, ඉඩක් ලැබෙන වෙලාවට ගේ උඩහ කන්දට හරි නැගල වැඩ පටන් ගන්න වෙනවා. තවම ප්‍රමාද නැහැ...
      වෙලාවක කොහෙහරි යමන් ස්ටාට් එකක් විදිහට... ඊට පස්සේ පුරුදු වෙයි ගෙදර උන්වත් ඇදගෙන එහෙමෙහෙ යන්න...

      Delete
    2. කමිය ඒ කයිට් ඉන්නෙත් මුන්ම තමා. එකපාරක් සැරිසරත් පෙන්නුව. මුලතිව්, යාපනේ කියන්නෙත් මරු කුරුළු පාරාදිසි. වෙලාවක යමන් සෙට් වෙලා....හැක් හැක්.

      Delete
    3. ලොක්ක උඹ ඔය කියන්නේ ඩොක්ටර් ලලිත් ඒකනායක.. මේ බලපන් එෆ්.බී. ලින්ක් එක..
      https://www.facebook.com/lalith.ekanayake.73?fref=ts
      පට්ට ඩයල් එක.. ටිකක් චරිතෙ තමයි. ඒ වුනාට මිනිහට ලෝකෙ වටෙන්ම වයිල්ඩ් ලයිෆ් ෆොටොග්‍රැෆි වලට සම්මාන නම් හම්බෙනව. නේවි එකේ මෙඩිකල් ඩිරෙක්ටර්.

      සිංහයා එන දවසක කියපං තාම ඉන්නව යාලුවෝ ගෝලයෝ ඔය හැම තැනම හොඳ ටුවර් එකක් දාමු ඩෙල්ෆ්ට්, කයිට්ස්, පුන්කුඩුතිව් පැත්තේ හොලිඩේ බංගලෝ එකක් එහෙම බුක් කරලා.. යනකොට ලොක්ක වගේ එකෙකුත් එක්කරන් යන්න ඕනි. නැත්නං අපිට ඔය කටුස්සල, මයිනල, හිකනැලාල වගේ සත්තුන්ගේ ලස්සන පේන්නේ නෑනේ.. හැක්..

      Delete
    4. සිංහයා මම මන්නාරමේ ගියා 2012 දෙසැම්බර් මාසේ. ඒ වතාවේ ලොකු සියක්කාරයෝ රංචුවක් හිටියා එහේ
      ඒත් වැස්ස නිසා කිසිම වැඩක් උනේ නැහැ
      මමයි හාමිනේයි දෙන්න එක්ක ලෝරන්ස් ගේ Fourtrees එකේ නතරවෙලා ඉඳල එන්න ආවා
      මිනිහගේ ස්පොට් එකේ කෑම තමයි කෑම...

      කමි ත් ඉන්න එකේ කයිට් පැත්තේ ගිහින් බෝට්ටුවක නැගලා ඒ පැත්ත පළාතත් කවර් කරගෙන එමු...
      මමත් එවරෙඩි... හෙහ්

      Delete
    5. කමි,
      මට බුවාගේ නම අමතක වෙලා තිබිලා ඊයේ යාළු මාළුවෙකුට කෝල් කරලා අහ ගත්තා...
      ඒ වගේම උඹේ විස්තරෙටත් ස්තුතියි
      පොරට සම්මාන ගොඩක් ලැබෙනවා කියල මමත් අහල තියෙනවා, නමුත් ඒ සමහර ෆොටෝ ගහන්න ඔහු පරිසර වේදියෙකුට නොගැළපෙන ආකාරයට ක්‍රියා කරනවා කියන එකත් මම අහල තියෙනවා

      ඔහුට දැන් ටික කාලෙකට කලින් සම්මානයක් ලැබුනාලු කුරුළු පැටියෙක් ඉන්න ෆොටෝ එකකට, ඒක ගන්න දුපතක තිබ්බ කුරුළු කොළනියට ඔහු යෑම සම්බන්ධව සමහරුන් තම අකමැත්ත ප්‍රකාශ කලා
      ඒ වගේම කුරුළු රංචුවක Flying Shot එකක් ගන්න නේවි එකේ ගෝලයෝ දම්මලා ගල් ගස්සපු සිද්ධියක් ගැනත් එතැනදී කියවුනා
      ඒවා ඇත්තද බොරුද කියල මම දන්නේ නැහැ... මොකද ඒ කියන ෆොටෝ එකක්වත් මම ඇස්දෙකට දැකල නැති නිසා.
      සමහර විට ඔහුට සම්මාන ලැබෙන නිසා ඉරිසියාවෙන් කතා කරන උදවිය ඉන්නත් බැරි නැහැ...
      කොහොම නමුත් එවැනි කතා ෆීල්ඩ් එකේ උන් අතරේ කියවෙනවා

      උඩහ පළාතේ හොඳ ටුවර් එකක් දාමු, මමත් එක පයින්... හෙහ්

      Delete
  5. උඹට ඉරිසියාකාරයො ඉන්නවනම් මාවත් ඒ ලිස්ට් එකට ඇඩ් කරගනින් දැන්මම. උඹ ජබුංං ගාල වතුරකටවත් වැටුන කියල ලියහන් අතර මැද්දෙන්, නැත්තම් මට පට්ට ඉරිසියයි.
    ෆොටෝ ගැන ඉතින් හැමදාම වර්ණා කරනවනෙ. හාමිණාගෙ ෆොටෝ එකනම් අරන් තියෙන්නෙ ටෙලි ( හොම්බ දිග ලෙන්ස් ) එකකින් හැංගිලා ඉදන්, නැත්තම් ඒ මූඩ් එකේ හැටියට ලගට ගිහින් ෆොටෝ ගැහුවනම් ලොක්ක ඔන්ද ස්පොට් බුන්දලම.

    ReplyDelete
    Replies
    1. ඒ ලිස්ට් එකත් අර ෆයිල් සීන් වගේ අන්තිමට මිසින් වෙලා ගියොත් එහෙම කියල මම ලිස්ට් එක හදන්න ගත්තේ නැහැ
      අනික දැනට ලොකුවටම තර්ජනයක් නැහැනේ... පහුවෙලා බලමු :-(

      අඩේ... උඹ කිව්වමයි මතක් උනේ, මුලින්ම Salt Pan එකට බැහැපු වෙලාවේ මාව එරුණා... ආපහු ගොඩ ඇවිත් බලද්දී ඔය කලපු වල එහෙම තියෙන තාර වගේ කළු පාට සියුම් මඩ තට්ටුවකින් මගේ කකුල් දෙකම වැහිලා. අන්න ආතල් එක. ඒවා හෝදන එකනේ ගේම...
      ඔන්න මට වෙච්ච පොඩි පහේ කරදරයක්....

      දැන් තොට සතුටු ඇති නේද...

      හාමිනේගේ ෆොටෝ එක උඹ කියපු විදිහටම තමයි මචෝ ගත්තේ, මම කළපුවේ බැහැල ඉන්න ගමන් කුරුල්ලෝ ටීක ඉගිළිලා ගියපු වෙලාවේ අනිත් පැත්ත හැරිලා තමයි ඒ ෆොටෝ එක ගැහුවේ... හෙහ් හෙහ්

      Delete
  6. දැන් මේ හැම කතාවේම අනුන්ගේ ෆොටෝ දාලා උඹ හැංගිලා ඉන්නේ මොකෝ.පොටෝ ටිකනම් පට්ට ගති . උඹ නොදන්නවා වුනාට කිඹුලා අවයව ඉවත් ක්රගෙනාද දන්නේ නෑ. :P

    ReplyDelete
    Replies
    1. ඔය ෆොටෝ වලත් මම ඉන්නවනේ ආයිබෝන්... හිච්චි එකා හින්ද උඹට අඳුරගන්න බැහැ... හෙහ් හෙහ්
      ඔය දවස්වල මගේ ඉනේ සයිස් එක අඟල් 29, දැන් 36+
      කොහොමද කෑම...
      ඉතින් උඹට අඳුරගන්න බැරිවෙන එක අහන්න දෙයක්ද...
      උඹලත් බලන් ඉන්නේ කිඹුලෙක් හරි ඇවිත් අපිට කෙලවලා යයි කියල, මේ කෙලවෙලා ඉන්න තරම මදිද
      යන්තම් නිවාඩු ෂල්ලි ටික මල්ලට දාල කියන මැසේජ් එකනම් ලැබුනා,
      නැති කමට ඒත් මදෑ... හෙහ්

      Delete
    2. ඕ යේස් ඒකනම් මටත් අද ලැබුනා ... එකත් මදැයි

      Delete
    3. තිබිය යුතු පමණට වඩා අඩුවෙන් ලැබුනේ වුවද එයින් මා සැනසුනේ මා කිසිවක්ම බලාපොරොත්තු නොවූ බැවිනි... හෙහ් හෙහ්...

      Delete
  7. මම බූන්දල ගිහිල්ලම නැහැ. ලස්සනට ලියලා හිත් ගන්න විදිහට ඉදිරිපත් කරලා කොහොම හරි දවසක මාත් බූන්දල යනවා

    ReplyDelete
    Replies
    1. ඔයාව සාදරයෙන් පිළිගන්නවා හංසමාලි...
      ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට
      කතරගම පැත්තේ යනවනම් බුන්දලත් ගිහින් එන්න... වරුවෙන් උනත් ගිහින් එන්න පුළුවන්...

      Delete
  8. අර අවෝඩ් විනිං ‍ෆොටෝ එක ගැන නම් කියන්න වචන නෑ. සුපිරියි!
    ඔය කලපුවෙ තනි පංගලමෙ කරක් ගහන කොට අලි මාට්ටු වුණේ නැද්ද බං? එක පාරක් අපේ අක්ක කෙනෙක් ගිහිං අලියෙක් ගෙන් බේරිලා ඇවිල්ල තිබුණෙ අනූනවයෙන්

    ReplyDelete
    Replies
    1. තැන්කු මචෝ...
      ඔය කලපුව හරියේ අලි සෑහෙන්න ඉන්න බව මමත් අහල තියෙනවා
      වෙලාව කියන්නේ කවදාවත් උන්ට අපිව මාට්ටු උනේ නැහැ
      දැන් හිතල බැලුවම තමයි තේරෙන්නේ පිට්ටනිය වගේ ඕපන් තැනකදී අලියෙකුට මාට්ටු උනානම් වෙන සංගෙඩිය...

      Delete
  9. පිංතූර ටික සුපිරි.. කැමරාව ලෙන්ස් ගැන විස්තරයක් දාන්ඩ... අපි යමුද සෙට් වෙලා කොහෙ හරි ලඟදිම....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං...
      මේ ෆොටෝ ටික ගැහුවේ Canon EOS 40D කියන කැමරා එකෙනුයි Canon EF 100-400mm f/4.5-5.6L IS USM Lens එකෙනුයි...
      ඒ දෙක ගැන විස්තර පහළ ලින්ක් විදිහට දාන්නම්
      මේ වෙද්දී මගේ ගාව කැමරා, ලෙන්ස් කිසි දෙයක් නැහැ මචං
      එක එක වෙලාවට ආපු ප්‍රශ්න නිසා සහ ඒවා නිකං ළඟ තියා ගන්න එක වැඩක් නැති නිසා ඒ ඔක්කොම විකුණලා දැම්මා
      ආපහු මුල ඉඳලම පටන් ගන්න ඕනේ... හෙහ් හෙහ්

      ///අපි යමුද සෙට් වෙලා කොහෙ හරි ලඟදිම....///
      ඕනේ මංගල උත්සවේකට යමු මචං... මම එන්නං...

      Delete
    2. ලින්ක් එක දාන්න අමතක වෙලා බං. මෙන්න ලින්ක් දෙක...

      කැමරා එක;
      http://www.the-digital-picture.com/Reviews/Canon-EOS-40D-Digital-SLR-Camera-Review.aspx

      ලෙන්ස් එක;
      http://www.the-digital-picture.com/Reviews/Canon-EF-100-400mm-f-4.5-5.6-L-IS-USM-Lens-Review.aspx

      Delete
    3. ඔය 100 - 400 එක මගේ හීනයක්

      Delete
    4. 100-400 කොලිටි එකත් ටික කාලයක් යද්දී මට මදිඋනා කියල දනුන මචං...
      මට ෆොටෝ ගහද්දි Tripod පාවිච්චි කරන්න හරි අමාරුයි, දකින දේවල් ෆොටෝ ගහන්න තියෙන නිදහස ඒකෙන් සීමා වෙන නිසා
      ඒ ලෙන්ස් එකේ IS එක ටිකක් මදි, නමුත් දැන් අළුතින් එන 100-400 ගොඩක් හොඳ ඇති කළින් එකට වඩා...
      කොහොමහරි ට්‍රයි කරලා එකක් ගමු...

      Delete
  10. මම ගිහිල්ල නෑ බුන්දල.. ගියා වගේ තමා මෙව්වා දැක්කම..ආසාවෙන් කියෙව්වා... ජයවේවා.. අපිට මිස් වෙලා තියන දේවල් නං කොච්චරක්ද.... දිගටම මේවගේ එව්වා දාන්න.. බලන්න එනවා අනිවාර්යෙන්...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට රොම්බ තෑන්ක්ස් මචං...
      බුන්දල සාපේක්ෂව පොඩි කැලයක් නිසා සහ වැඩිපුර ලොකු සත්තු නැති නිසාද කොහෙද මිනිස්සු අතරේ ජනප්‍රිය නැහැ...
      නමුත් කුරුල්ලෝ බලන්න සහ පරිසරය විඳින්න ඒ අවට හොඳ තෝතැන්නක්...
      කලින් ගියපු ඒවා ඇරෙන්න දැන් යැවෙන්නෙම නැහැ වගේ මචෝ...
      ඒ නිසා මේ කතා පෙට්ටිය ඉවරවෙන දවසකුත් ඒවි... හෙහ් හෙහ්...
      ඒත් මොනවහරි ලියන්නම්...

      Delete
  11. පින්තූර ටිකනම් ආයේ ඉතින් කියලා වැඩක් නෑ - පන්කාදු දහයක් විතර!!

    ReplyDelete
    Replies
    1. හෙහ්... හෙහ් ... පන්කාදු කිව්වම මට නිකන් පෘතුග්‍රීසි ගතියක් දැනෙනවා
      ඒ අර පගෝදි කියන වචනේ නිසාද දන්නේ නැහැ
      ඇත්තටම තිස්ස අයියේ පන්කාදු කියන එක පොඩ්ඩක් විග්‍රහ කරන්නකෝ...

      Delete
  12. ලොකුස්ගෙ පින්තූරු ගැහිල්ලනං ඉතිං ආයි දෙකක් නෑ. පංකාදු හතයි!

    ReplyDelete
    Replies
    1. ආයේ දෙකක් නැහැ...
      ඒ වගේම තමයි ඉතින් උඹේ කයි ලිවිල්ලත්... හෙහ්

      Delete
  13. පින්තූර ටිකනං උපරිමයි ලොක්ක.

    අර කිවුල් වතුරට දෙහි දාන කතාවනං අදමයි ඇහුවෙ.

    ReplyDelete
    Replies
    1. තුති මචං...
      වතුර කේස් එක කවුරුවත් කියල නෙමෙයි මචං... පළටුපානෙදී තිබ්බ වතුර බොන්න බැරි කමට කරන්න දෙයක් බැලුවා, නිකමට හිතට ඇවිත් කරපු වැඩක් ඒක...
      හිතපු නැති විදිහට වැඩේ ගොඩ ගියා... බොන්න පුළුවන්නනම් තිබහත් නිමෙනවානම් මොකද කියල අපිත් ඒ විදිහට දිගටම කලා...
      ආයේ ඔව්වයේ අගක් මුලක් හොයන්නේ මොකටද...

      Delete
  14. ලොකු පුතේ..ෆොටෝ ටික නම් පට්ටයි බං...මම ඔය ජාතික උද්‍යාන වලට ගිහිල්ලා නැති තරම් බං...මේ වතාවෙ ආවම ඔවැනි අත්දැකීමක් ගන්න හිත පොර කනවා...අර කට රතු ඡායාරූපය තමයි හොදම එක.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා...
      නොරටක ඉඳල ලංකාවට ආවට පස්සේ මේ අපිට වගේ නෙමෙයි මචං මේ වගේ ගමනක් සෙට් කර ගන්න පහසුයි කියල මට හිතෙනවා...
      හැබැයි එන්න කළින් ඉඳල ප්ලෑන් කරලා ඔක්කොම සෙට් කරගන්න වෙනවා.
      ඒකට කවුරුහරි බුවෙක් ඉන්න වෙනවා, ඒ තියෙන පොඩි පොඩි කටු කෑලි ටික හපන්න ඇහැකි එකෙක්...

      කට රතු වෙන්න කන පතොක් ගෙඩි ආපහු කන්න එහේ යන්න ඕනේ බං වෙලාවක
      මටත් දැන් ඔය ඉසව්වට කාලෙකින් යන්න බැරි උනා... හෙහ්

      Delete
    2. ගමන යන එක පහසුයි..රැකියාවට යන්න නිවාඩු ගන්න කියලා දෙයක් නෑනෙ. අපි කොහෙ හරි යමුද ගල් කේස් එකක් පත්තර කොළයකින් ඔතාන.

      Delete
    3. Ehenam ehema kammu...
      Mama paththara kolayak hoyâ gannam...
      Sure...

      Delete
  15. අන්තිමේ තියෙන පින්තූර ටිකනම් සුපිරියි අයි‍යේ..

    ReplyDelete
    Replies
    1. Aeuruddata gedara awith inna nisa sinhala naha
      Comment ekata godak sthuthiy Dinedh

      Delete
  16. අර කියපු විදියේ බාත්රූම් එකක් සේරුනුවරදී අපිට හමු වුණා. ඒ අත්දැකීම් ලියන්නම වටිනවා. බලමු පස්සේ වෙලාවක. මේ ෆොටෝ වලට වෝටර් මාර්ක් එකක් දැම්මොත් නරකද ? මොකද අන්තර්ජාලේ තරම් හොරු ඉන්න තැනක් තවත් නෑ. මේ සටහනෙන් ගන්න දේවල් ගොඩක් තිබුණා. විශේෂයෙන්ම වතුරට දෙහි දාන එක. මමත් මේ වගේ ගමන් යනවා. ඡායාරූප ගැනීම නම් ඉතිං ජන්ගමෙන් තමයි. මේක මට මිස් වෙච්ච බ්ලොග් එකක්. රෝල්ට දා ගත්තා දිගටම බලන්නම්.

    ReplyDelete
    Replies
    1. Sadarayen piligannawa...
      Mama liyana dekin mokak hari prayojanayak wenawa kiyala ahanna labichcha eka loku sathutak...
      Mama kalin nam watermark demma, ekath katta kanna wena wedak nisa kammali kamstama atha arala demma...
      Sudika blogak liyanawanam mamath e ahata awith yanna ennam...
      Jaya wewa...

      Delete
  17. සුදිකගෙ බ්ලොග් එකෙන් දැක්කෙ. ආයිත් එන්නං කියවන්න.

    ReplyDelete
    Replies
    1. Thanks Draki...
      Sadarayen piligannawa me dihâta...
      Ayeth enna...

      Delete