මම පුංචි කාලේ ගියේ ගමේ ඉස්කෝලෙට. මගේ අක්කල තුන් දෙනාත් ඉස්කෝලේ යන හින්ද මාව ඉස්කෝලෙට එක්කගෙන යන්න පළවෙනි දවසේ ඇරෙන්න අනිත් දවස් වල අම්මල තාත්තල ගොඩ වෙලාවට ආවේ නැහැ. ඒත් සමහර දවස් වලට ඉස්කෝලේ ඇරෙන වෙලාවට තාත්ත මෝටර් බයිසිකල් එකේ එනවා අපිව එක්කරගෙන යන්න. අපිව කියල කිව්වේ මාවයි, චුටි අක්කවයි. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් පන්තියේ හිටියේ.
අපේ ගෙදර ඉඳල ඉස්කෝලෙට කිලෝමීටර 3 ක් විතර තියෙනවා, අපි උදේට පයින් ඉස්කෝලෙට යද්දී සුදු අක්කා (වැඩිමල් අක්කා) හරි පොඩි අක්කා(දෙවෙනියා) හරි මගේ පොත් බෑග් එක අරගෙන යන වෙලාවලුත් තියෙනවා. මම බොහෝම අකමැත්තෙන් තමයි උදේට ලැස්ති වෙලා ඉස්කෝලේ යන්නේ. ඉතින් මම බෑගිරි ගගා අක්කලාගේ පස්සෙන් යනකොට තමයි සුදු අක්ක හරි පොඩි අක්ක හරි මගේ බෑග් එක අරගෙන යන්නේ.
ඒ දවස් වල අපි සුදු ඇඳුම් නෙමෙයි, පාට ඇඳුම් තමයි ඇන්දේ ඉස්කෝලේ යන්න. සමහර දවස් වල මට තිබිච්ච හොඳම ඇඳුම වෙච්ච "පොලිස් සුට්" එක ඇඳගෙනත් ඉස්කෝලේ යනවා. අපේ ගෙදර තාමත් ඇති මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්න ෆොටෝ එකක්. එක වසරේ පොඩි එකෙක් වෙච්ච මට අක්කල එක්ක හරිහරියට පයින් යන එක ටිකක් අමාරුයි. ඒත් ඉතින් අක්කලට පරක්කු වෙලා ඉස්කෝලේ ගියොත් බැනුම් කෝටියයිනෙ. ඒ නිසා එයාල පුළුවන් තරම් වේගෙන් තමයි යන්නේ.

ඒ දවස් වල ඉස්කෝල ඇරුනේ දවල් 11:30 ට වගේ තමයි මට මතක. තාත්ත අපිව එක්කගෙන යන්න ආවේ නැති දවස් වලට මමයි චුටි අක්කයි පයින්ම ගෙදර එනවා. 1 වසර සහ 2 වසර පන්ති දෙකම ඇරෙන්නේ මේ වෙලාවටද කොහෙද. ඉතින් අපේ පාරේ අපේ ගෙවල් පැත්තට එන ළමයි රොත්තක් හිටියා අපේ තනි නොතනියට. තනියම උනත් ඒ දුර පයින් එන්න අපේ කිසි බයක් තිබුනෙත් නැහැ.
ඒ පයින් එන ගමන අපිට පුදුම සතුටක් ගෙනදුන්නා. අපි ඒ දවස් වල වතුර ගෙනියන්නේ බෙල්ලේ එල්ලගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් වල. ආපහු එන වෙලාවට ඒවායේ වතුර නැහැ, ඉවරයි. බීල ඉවර වෙනවද එහෙම නැත්නම් නාල ඉවර වෙනවද කියල මතක නැහැ.
තාරපාර දිගේ එන කිලෝමීටරයක වගේ දුර අපි වැඩි කලබලයක් නැතුව තමයි එන්නේ. ඊට පස්සෙ අපේ ගෙවල් වලට හැරෙන ගුරු පාරට හැරිච්ච ගමන්ම වගේ තියෙන්නේ දං කැලෑව. ඒක අපි දන්නා කාලේ ඉඳලා තාමත් ඒ විදිහටම තියෙනවා. දැනට අවුරුදු 26ක් තිස්සේ වෙලා තියෙන එකම වෙනස තමයි එකම එක මුල්ලක පොඩි ගේ පොඩ්ඩක් එක්ක ලෑලි තට්ටුවක් තියෙන පොඩි කඩයක් දාල තියෙන එක විතරයි.
අපේ රාජකාරිය පටන් ගන්නේ එතනින්. ඇති වෙන්න දං, බෝවිටියා කඩාගෙන කාල ඊට පස්සෙ තමයි කැලයෙන් එළියට එන්නේ. මේ වෙද්දී අපිට හොඳටම වතුර තිබහයිත් එක්ක. අපි හැමදාම වතුර බිව්වේ එකම ගෙදරකින්, ඒ ගෙදර නම කලන්සුරිය ඇන්ටිලාගේ ගෙදර. ඒක තිබුනෙත් මේ දං කැලයට බොහෝම කිට්ටුවෙන්. ඒ ගෙදර හිටපු අක්කල කවුරුහරි සුදු පාට එනමල් ජෝග්ගුවකින් තමයි අපිට බොන්න වතුර ගෙනත් දෙන්නේ. මෙහෙම දීල පිරිමහන්න බැරිවෙච්ච වෙලාවට ගෙනත් ලිඳෙන් වතුර ඇදලා අපේ අතට වත්කරනවා බොන්න. ඊට පස්සෙ අපේ බෝතල් වලටත් වතුර පුරවලා දෙනවා. ඒ අක්කල ටික අපිට වතුර බොන්න දීලම ලොකු පිනක් අත්කරගන්න ඇති මගේ හිතේ.

දන් ආපහු ගමනේ යා.... අපේ ගෙදරට යන මේ පාර ගුරුපාරක්, ඊට පස්සෙ පාරේ තියෙන එක මඩවලක්වත් මග ඇරෙන්න දෙන්නේ නැහැ අපි. ඒ හැම එකකටම බැහැ බැහැ තමයි අපි පාරේ යන්නේ. වතුර කානුවක් උනත් අතඅරින්නේ නැහැ.
මේ හරියේ පාර එක දිගට මීටර පන්සීයක් වගේ දුර පේන කෙලින් හරියක් තියෙනවා. සමහර දවස් වලට අපි මෙහෙම කැරකි කැරකි යද්දී දකිනවා ඈතින් ලොකු ළමයි ඉස්කෝලේ ඇරිලා එන හැටි. ඒක දැක්කමනම් අපි තවත්නම් පරක්කු වෙන්නේ නැහැ. බෑග්මලු කරේ එල්ලගෙන දුවන්න පටන් ගන්නවා.
එහෙම හදිස්සියක් ආපු නැති දවස්වල අපේ ඊළඟ නවාතැන තමයි "ලොවිගහ යට ගෙදර", ඒ ගෙදරින් අහල අපි ගොඩක් දවස් වලට ලොවි කඩාගෙන කනවා. එතනින් පස්සෙනම් ආපහු පලතුරු ගස් වැඩිය නැහැ. ඒත් බෝවිටිය ගස්නම් හැමතැනම වගේ තියෙනවනේ. ඒවා අත අරින්නෙත් නැහැ අපි. සමහර බෝවිටියා ගෙඩි හොඳටම ඉදිලා පිපිරිලා ගිහිනුත් තියෙනවා, ඒත් අපි ඒවා කන්නේ නැහැ. කවුරු හරි කියල තිබුනා එහෙම ඇරිලා තියෙන්නේ නයි කාපු ගෙඩි කියලා. අපි කන්නේ හොඳටම ඉදිච්ච, පොත්ත පිපිරුණු නැති ගෙඩි. (අර කතාව පට්ට බොරුවක් වග ටිකක් ලොකු උනාට පස්සේ දැනගත්තා)
ඔන්න ඔහොම ගිහින් මට මතක විදිහට චුටි අක්ක 4 වසරට ගියාට පස්සෙද කොහෙද එයාටත් හවස් වෙනකන් ඉස්කෝලේ ඉන්න උනා. ඒ කියන්නෙ මට තනියම තමයි පයින් ගෙදර එන්න උනේ. මෙහෙම එන දවස් වලට අපි එකඑක දඟවැඩ කරනවා. ඒවා නවත්තන්න අක්කලත් නැහැනේ. මාත් එක්ක හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන යාලුවෝ ටිකක් හිටියා. අමිල, රොෂාන්, සුපුන්(කෙල්ලෙක්) සහ තවත් ගොඩ දෙනෙක් හිටියා නම් මතක නැති. මේ හැම දෙනාගේම ගෙවල් තිබුනේ අපේ ගෙදරට ටිකක් එහායින්. ඒ කියන්නෙ මම තමයි මුලින්ම ගෙදර යන්නේ.
අපි එන අතරමග හරියේ මැටිගහපු ගෙයක් තියෙනවා. ඒ ගෙදර තියෙනවා ලොකු "පිණිජම්බු" ගහක්, ඒ උනාට ඒ ගෙදර හිටපු ආච්චි කවදාවත් ඒවා අපිට කඩාගන්න අවසර දුන්නේ නැහැ. අපිත් ඉතින් ඔය ගහේ තියෙන පිණිජම්බු දිහා බලබල කෙළ පෙරපෙර තමයි හැමදාම වගේ ඉස්කෝලේ ඇරිලා එන්නෙ. එක දවසක් අපි එද්දී දැක්ක අර ආච්චිලගේ ගෙදර දොරවල් වහල තියෙනවා. අපිට පුදුම සතුටක් දැනුනෙ. ආච්චි එනවද කියල බලාගන්න එක අපිට පවරලා රොෂාන් පිනිජම්බු ගහට නැග්ගා. මේ කියන ගෙදර තියෙන්නේ පොලිසිය කිට්ටු හරියේ. අක්කල එක්ක එන දවස් වල අපි මේ හරියේදී දඟවැඩ කරන්නෙ නැහැ. ඒත් දැන් අපි තනියම එන ලොකු ළමයිනේ. දැන් ඉතින් කවුරුත් නැහැ තහංචි දාන්න. රොෂාන් ගහේ ඉඳල ගෙඩි කඩකඩ පහලට දානවා. අපි ඒවා අහුලා අහුලා බෑග් වලට දා ගන්නවා. (බෑග් කියල කිව්වට ඒ ජාතියේ බෑග් දැන්කාලේ ළමයි ඉස්කෝලේ අරගෙන යන්නේ නැහැ. බොහොම තුනී කැන්වස් රෙද්දකින් මහල තිබුණු වැඩි සවි ශක්තියක් නැති බෑග් ජාතියක් ඒවා)
ඔන්න ඔය අතරේ අර ආච්චි ගේ ඇතුලේ ඉඳල දොරත් අරගෙන ආවෙ නැතෑ එළියට. ඒ මදිවට කොහේදෝ ගිහින් හිටපු ඒ ගෙදර අයිතිකාර සීයත් ඒ වෙලාවේම බයිසිකලයක් පැදගෙන ගෙදරටම ආවා. ආපු ගමන් ගහේ ඉඳල හිමීට බහින්න හදන රොෂාන්ව අල්ල ගත්තා. අපිත් බය වැඩි කමටමද මන්ද පැනල දුවන්න ගියේ නැහැ. අර දෙන්න එක්ක ප්‍රශ්න වැලක් අපි දිහාවට එල්ල කරනවා. අපේ නම් අහගෙන, අම්ම තාත්තගේ නම් එහෙමත් අහගෙන, ඊට පස්සෙ පන්ති වල විස්තරත් අහගෙන ඉස්කෝලෙට ඇවිත් මේ ගැන පැමිණිලි කරනවා කියල අපිව හොඳටම බය කලා.

ඒ දවස් වල අපේ ඉස්කෝලේ හිටියේ "පෙරේරා" කියල ප්‍රින්සිපල් කෙනෙක්, එයා ගුරුවරයෙක් නෙමෙයි යකෙක්. හදිස්සියෙවත් ළමයෙක් පන්ති වෙලාවේ චු බරක් හැදිලා හරි චු කරන්න යනවා දැක්කොත් ගෑනු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද කියල බලන්නේ නැතුව අතේ තියෙන වේවැලෙන් ගහනවා පුදුම අමානුෂික විදිහට. එක දවසක් මම බලාගෙන ඉඳිද්දී අපිට වඩා පන්ති තුනක් විතර උඩ පන්තියක හිටපු "බටකොළ ආච්චි" කියන ගෑනු ළමයට මේ විදිහට ගැහුවා. අන්තිමට ඒ ළමයට එතනම චු ගියා. ඒ දවස් වල අපේ ඉස්කෝලේ තිබ්බේ මේ වගේ කැලෑ නීතියක්. මේ කියන කාලේ රටේ තිබ්බේ භීෂණ යුගයක්. ඉස්කෝලේ ලොකු අයියල උනත් මේ මිනිහට විරුද්ධව කටක් අරින්න යන්නේ නැහැ.
ඒ දවස් වල මට ඒවායේ ලොකු තේරුමක් තිබ්බේ නැහැ. මම හිතන්නේ මිනිහ පොලිසිය හමුදාව එක්ක එකතු වෙලා කෑ ගහන අයව මෙල්ල කරන්න ඇති ඒ දවස් වල. සුදු අක්ක ගෙදර ඇවිත් කියනවා සමහර ගුරුවරු එයාලගේ පන්තිවල හිටපු කොල්ලන්ට තර්ජනය කරලා තියෙනවා කියල හමුදාවට අල්ලලා දෙනවා කියලා.

ඉතින් මේ වගේ මිනිහෙක් ගාවට අපිව අරගෙන යනවා කියල කිව්වහම කාටද බය හිතෙන්නේ නැත්තේ. මෙහෙම විස්තර අහද්දී අපි කාගේ හරි තාත්ත කෙනෙක්ව අඳුනන බවක් අර වයසක උන්දැගේ කතාවෙන් තේරුණා. කොහොමින් කොහොමහරි අපිව හොඳටම බයකරලා ඉවරවෙලා අර නාකි උන්දලා දෙන්න අපිට යන්න දුන්නා. නිකන් නෙමෙයි "උඹලට අදට සමාව දෙනවා, ආපහු එහෙම අහු උනොත් කිසි සමාවක් නැහැ" කියල තමයි අපිව නිදහස් කලේ. එදායින් පස්සෙ අපි කවදාවත් ඒ පිණිජම්බු ගහ දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ.
ඒ ගෙදර කවදාවත් පොඩි ළමයි ඉන්නවා අපි දැකල නැහැ, අපිට කවදාවත් පිණි ජම්බු ටිකක් කඩා ගන්න දුන්නේ නැත්තේ මොකද කියල මට හිතාගන්න බැහැ. දැන් ඒ ගෙදරත් නැහැ, පිණි ජම්බු ගහත් නැහැ. අර නාකි උන්දලා දෙන්න අපේ පුංචි හිත් තලපු එක විතරක් මගේ මතකේ ඉතුරුවෙලා.