මම පුංචි කාලේ ගියේ ගමේ ඉස්කෝලෙට. මගේ අක්කල තුන් දෙනාත් ඉස්කෝලේ යන හින්ද මාව ඉස්කෝලෙට එක්කගෙන යන්න පළවෙනි දවසේ ඇරෙන්න අනිත් දවස් වල අම්මල තාත්තල ගොඩ වෙලාවට ආවේ නැහැ. ඒත් සමහර දවස් වලට ඉස්කෝලේ ඇරෙන වෙලාවට තාත්ත මෝටර් බයිසිකල් එකේ එනවා අපිව එක්කරගෙන යන්න. අපිව කියල කිව්වේ මාවයි, චුටි අක්කවයි. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් පන්තියේ හිටියේ.
අපේ ගෙදර ඉඳල ඉස්කෝලෙට කිලෝමීටර 3 ක් විතර තියෙනවා, අපි උදේට පයින් ඉස්කෝලෙට යද්දී සුදු අක්කා (වැඩිමල් අක්කා) හරි පොඩි අක්කා(දෙවෙනියා) හරි මගේ පොත් බෑග් එක අරගෙන යන වෙලාවලුත් තියෙනවා. මම බොහෝම අකමැත්තෙන් තමයි උදේට ලැස්ති වෙලා ඉස්කෝලේ යන්නේ. ඉතින් මම බෑගිරි ගගා අක්කලාගේ පස්සෙන් යනකොට තමයි සුදු අක්ක හරි පොඩි අක්ක හරි මගේ බෑග් එක අරගෙන යන්නේ.
ඒ දවස් වල අපි සුදු ඇඳුම් නෙමෙයි, පාට ඇඳුම් තමයි ඇන්දේ ඉස්කෝලේ යන්න. සමහර දවස් වල මට තිබිච්ච හොඳම ඇඳුම වෙච්ච "පොලිස් සුට්" එක ඇඳගෙනත් ඉස්කෝලේ යනවා. අපේ ගෙදර තාමත් ඇති මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්න ෆොටෝ එකක්. එක වසරේ පොඩි එකෙක් වෙච්ච මට අක්කල එක්ක හරිහරියට පයින් යන එක ටිකක් අමාරුයි. ඒත් ඉතින් අක්කලට පරක්කු වෙලා ඉස්කෝලේ ගියොත් බැනුම් කෝටියයිනෙ. ඒ නිසා එයාල පුළුවන් තරම් වේගෙන් තමයි යන්නේ.
ඒ දවස් වල අපි සුදු ඇඳුම් නෙමෙයි, පාට ඇඳුම් තමයි ඇන්දේ ඉස්කෝලේ යන්න. සමහර දවස් වල මට තිබිච්ච හොඳම ඇඳුම වෙච්ච "පොලිස් සුට්" එක ඇඳගෙනත් ඉස්කෝලේ යනවා. අපේ ගෙදර තාමත් ඇති මම ඒ ඇඳුම ඇඳගෙන ඉන්න ෆොටෝ එකක්. එක වසරේ පොඩි එකෙක් වෙච්ච මට අක්කල එක්ක හරිහරියට පයින් යන එක ටිකක් අමාරුයි. ඒත් ඉතින් අක්කලට පරක්කු වෙලා ඉස්කෝලේ ගියොත් බැනුම් කෝටියයිනෙ. ඒ නිසා එයාල පුළුවන් තරම් වේගෙන් තමයි යන්නේ.
ඒ දවස් වල ඉස්කෝල ඇරුනේ දවල් 11:30 ට වගේ තමයි මට මතක. තාත්ත අපිව එක්කගෙන යන්න ආවේ නැති දවස් වලට මමයි චුටි අක්කයි පයින්ම ගෙදර එනවා. 1 වසර සහ 2 වසර පන්ති දෙකම ඇරෙන්නේ මේ වෙලාවටද කොහෙද. ඉතින් අපේ පාරේ අපේ ගෙවල් පැත්තට එන ළමයි රොත්තක් හිටියා අපේ තනි නොතනියට. තනියම උනත් ඒ දුර පයින් එන්න අපේ කිසි බයක් තිබුනෙත් නැහැ.
ඒ පයින් එන ගමන අපිට පුදුම සතුටක් ගෙනදුන්නා. අපි ඒ දවස් වල වතුර ගෙනියන්නේ බෙල්ලේ එල්ලගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් වල. ආපහු එන වෙලාවට ඒවායේ වතුර නැහැ, ඉවරයි. බීල ඉවර වෙනවද එහෙම නැත්නම් නාල ඉවර වෙනවද කියල මතක නැහැ.
තාරපාර දිගේ එන කිලෝමීටරයක වගේ දුර අපි වැඩි කලබලයක් නැතුව තමයි එන්නේ. ඊට පස්සෙ අපේ ගෙවල් වලට හැරෙන ගුරු පාරට හැරිච්ච ගමන්ම වගේ තියෙන්නේ දං කැලෑව. ඒක අපි දන්නා කාලේ ඉඳලා තාමත් ඒ විදිහටම තියෙනවා. දැනට අවුරුදු 26ක් තිස්සේ වෙලා තියෙන එකම වෙනස තමයි එකම එක මුල්ලක පොඩි ගේ පොඩ්ඩක් එක්ක ලෑලි තට්ටුවක් තියෙන පොඩි කඩයක් දාල තියෙන එක විතරයි.
අපේ රාජකාරිය පටන් ගන්නේ එතනින්. ඇති වෙන්න දං, බෝවිටියා කඩාගෙන කාල ඊට පස්සෙ තමයි කැලයෙන් එළියට එන්නේ. මේ වෙද්දී අපිට හොඳටම වතුර තිබහයිත් එක්ක. අපි හැමදාම වතුර බිව්වේ එකම ගෙදරකින්, ඒ ගෙදර නම කලන්සුරිය ඇන්ටිලාගේ ගෙදර. ඒක තිබුනෙත් මේ දං කැලයට බොහෝම කිට්ටුවෙන්. ඒ ගෙදර හිටපු අක්කල කවුරුහරි සුදු පාට එනමල් ජෝග්ගුවකින් තමයි අපිට බොන්න වතුර ගෙනත් දෙන්නේ. මෙහෙම දීල පිරිමහන්න බැරිවෙච්ච වෙලාවට ගෙනත් ලිඳෙන් වතුර ඇදලා අපේ අතට වත්කරනවා බොන්න. ඊට පස්සෙ අපේ බෝතල් වලටත් වතුර පුරවලා දෙනවා. ඒ අක්කල ටික අපිට වතුර බොන්න දීලම ලොකු පිනක් අත්කරගන්න ඇති මගේ හිතේ.
අපේ රාජකාරිය පටන් ගන්නේ එතනින්. ඇති වෙන්න දං, බෝවිටියා කඩාගෙන කාල ඊට පස්සෙ තමයි කැලයෙන් එළියට එන්නේ. මේ වෙද්දී අපිට හොඳටම වතුර තිබහයිත් එක්ක. අපි හැමදාම වතුර බිව්වේ එකම ගෙදරකින්, ඒ ගෙදර නම කලන්සුරිය ඇන්ටිලාගේ ගෙදර. ඒක තිබුනෙත් මේ දං කැලයට බොහෝම කිට්ටුවෙන්. ඒ ගෙදර හිටපු අක්කල කවුරුහරි සුදු පාට එනමල් ජෝග්ගුවකින් තමයි අපිට බොන්න වතුර ගෙනත් දෙන්නේ. මෙහෙම දීල පිරිමහන්න බැරිවෙච්ච වෙලාවට ගෙනත් ලිඳෙන් වතුර ඇදලා අපේ අතට වත්කරනවා බොන්න. ඊට පස්සෙ අපේ බෝතල් වලටත් වතුර පුරවලා දෙනවා. ඒ අක්කල ටික අපිට වතුර බොන්න දීලම ලොකු පිනක් අත්කරගන්න ඇති මගේ හිතේ.
දන් ආපහු ගමනේ යා.... අපේ ගෙදරට යන මේ පාර ගුරුපාරක්, ඊට පස්සෙ පාරේ තියෙන එක මඩවලක්වත් මග ඇරෙන්න දෙන්නේ නැහැ අපි. ඒ හැම එකකටම බැහැ බැහැ තමයි අපි පාරේ යන්නේ. වතුර කානුවක් උනත් අතඅරින්නේ නැහැ.
මේ හරියේ පාර එක දිගට මීටර පන්සීයක් වගේ දුර පේන කෙලින් හරියක් තියෙනවා. සමහර දවස් වලට අපි මෙහෙම කැරකි කැරකි යද්දී දකිනවා ඈතින් ලොකු ළමයි ඉස්කෝලේ ඇරිලා එන හැටි. ඒක දැක්කමනම් අපි තවත්නම් පරක්කු වෙන්නේ නැහැ. බෑග්මලු කරේ එල්ලගෙන දුවන්න පටන් ගන්නවා.
එහෙම හදිස්සියක් ආපු නැති දවස්වල අපේ ඊළඟ නවාතැන තමයි "ලොවිගහ යට ගෙදර", ඒ ගෙදරින් අහල අපි ගොඩක් දවස් වලට ලොවි කඩාගෙන කනවා. එතනින් පස්සෙනම් ආපහු පලතුරු ගස් වැඩිය නැහැ. ඒත් බෝවිටිය ගස්නම් හැමතැනම වගේ තියෙනවනේ. ඒවා අත අරින්නෙත් නැහැ අපි. සමහර බෝවිටියා ගෙඩි හොඳටම ඉදිලා පිපිරිලා ගිහිනුත් තියෙනවා, ඒත් අපි ඒවා කන්නේ නැහැ. කවුරු හරි කියල තිබුනා එහෙම ඇරිලා තියෙන්නේ නයි කාපු ගෙඩි කියලා. අපි කන්නේ හොඳටම ඉදිච්ච, පොත්ත පිපිරුණු නැති ගෙඩි. (අර කතාව පට්ට බොරුවක් වග ටිකක් ලොකු උනාට පස්සේ දැනගත්තා)
ඔන්න ඔහොම ගිහින් මට මතක විදිහට චුටි අක්ක 4 වසරට ගියාට පස්සෙද කොහෙද එයාටත් හවස් වෙනකන් ඉස්කෝලේ ඉන්න උනා. ඒ කියන්නෙ මට තනියම තමයි පයින් ගෙදර එන්න උනේ. මෙහෙම එන දවස් වලට අපි එකඑක දඟවැඩ කරනවා. ඒවා නවත්තන්න අක්කලත් නැහැනේ. මාත් එක්ක හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන යාලුවෝ ටිකක් හිටියා. අමිල, රොෂාන්, සුපුන්(කෙල්ලෙක්) සහ තවත් ගොඩ දෙනෙක් හිටියා නම් මතක නැති. මේ හැම දෙනාගේම ගෙවල් තිබුනේ අපේ ගෙදරට ටිකක් එහායින්. ඒ කියන්නෙ මම තමයි මුලින්ම ගෙදර යන්නේ.
අපි එන අතරමග හරියේ මැටිගහපු ගෙයක් තියෙනවා. ඒ ගෙදර තියෙනවා ලොකු "පිණිජම්බු" ගහක්, ඒ උනාට ඒ ගෙදර හිටපු ආච්චි කවදාවත් ඒවා අපිට කඩාගන්න අවසර දුන්නේ නැහැ. අපිත් ඉතින් ඔය ගහේ තියෙන පිණිජම්බු දිහා බලබල කෙළ පෙරපෙර තමයි හැමදාම වගේ ඉස්කෝලේ ඇරිලා එන්නෙ. එක දවසක් අපි එද්දී දැක්ක අර ආච්චිලගේ ගෙදර දොරවල් වහල තියෙනවා. අපිට පුදුම සතුටක් දැනුනෙ. ආච්චි එනවද කියල බලාගන්න එක අපිට පවරලා රොෂාන් පිනිජම්බු ගහට නැග්ගා. මේ කියන ගෙදර තියෙන්නේ පොලිසිය කිට්ටු හරියේ. අක්කල එක්ක එන දවස් වල අපි මේ හරියේදී දඟවැඩ කරන්නෙ නැහැ. ඒත් දැන් අපි තනියම එන ලොකු ළමයිනේ. දැන් ඉතින් කවුරුත් නැහැ තහංචි දාන්න. රොෂාන් ගහේ ඉඳල ගෙඩි කඩකඩ පහලට දානවා. අපි ඒවා අහුලා අහුලා බෑග් වලට දා ගන්නවා. (බෑග් කියල කිව්වට ඒ ජාතියේ බෑග් දැන්කාලේ ළමයි ඉස්කෝලේ අරගෙන යන්නේ නැහැ. බොහොම තුනී කැන්වස් රෙද්දකින් මහල තිබුණු වැඩි සවි ශක්තියක් නැති බෑග් ජාතියක් ඒවා)
ඔන්න ඔය අතරේ අර ආච්චි ගේ ඇතුලේ ඉඳල දොරත් අරගෙන ආවෙ නැතෑ එළියට. ඒ මදිවට කොහේදෝ ගිහින් හිටපු ඒ ගෙදර අයිතිකාර සීයත් ඒ වෙලාවේම බයිසිකලයක් පැදගෙන ගෙදරටම ආවා. ආපු ගමන් ගහේ ඉඳල හිමීට බහින්න හදන රොෂාන්ව අල්ල ගත්තා. අපිත් බය වැඩි කමටමද මන්ද පැනල දුවන්න ගියේ නැහැ. අර දෙන්න එක්ක ප්‍රශ්න වැලක් අපි දිහාවට එල්ල කරනවා. අපේ නම් අහගෙන, අම්ම තාත්තගේ නම් එහෙමත් අහගෙන, ඊට පස්සෙ පන්ති වල විස්තරත් අහගෙන ඉස්කෝලෙට ඇවිත් මේ ගැන පැමිණිලි කරනවා කියල අපිව හොඳටම බය කලා.
අපි එන අතරමග හරියේ මැටිගහපු ගෙයක් තියෙනවා. ඒ ගෙදර තියෙනවා ලොකු "පිණිජම්බු" ගහක්, ඒ උනාට ඒ ගෙදර හිටපු ආච්චි කවදාවත් ඒවා අපිට කඩාගන්න අවසර දුන්නේ නැහැ. අපිත් ඉතින් ඔය ගහේ තියෙන පිණිජම්බු දිහා බලබල කෙළ පෙරපෙර තමයි හැමදාම වගේ ඉස්කෝලේ ඇරිලා එන්නෙ. එක දවසක් අපි එද්දී දැක්ක අර ආච්චිලගේ ගෙදර දොරවල් වහල තියෙනවා. අපිට පුදුම සතුටක් දැනුනෙ. ආච්චි එනවද කියල බලාගන්න එක අපිට පවරලා රොෂාන් පිනිජම්බු ගහට නැග්ගා. මේ කියන ගෙදර තියෙන්නේ පොලිසිය කිට්ටු හරියේ. අක්කල එක්ක එන දවස් වල අපි මේ හරියේදී දඟවැඩ කරන්නෙ නැහැ. ඒත් දැන් අපි තනියම එන ලොකු ළමයිනේ. දැන් ඉතින් කවුරුත් නැහැ තහංචි දාන්න. රොෂාන් ගහේ ඉඳල ගෙඩි කඩකඩ පහලට දානවා. අපි ඒවා අහුලා අහුලා බෑග් වලට දා ගන්නවා. (බෑග් කියල කිව්වට ඒ ජාතියේ බෑග් දැන්කාලේ ළමයි ඉස්කෝලේ අරගෙන යන්නේ නැහැ. බොහොම තුනී කැන්වස් රෙද්දකින් මහල තිබුණු වැඩි සවි ශක්තියක් නැති බෑග් ජාතියක් ඒවා)
ඔන්න ඔය අතරේ අර ආච්චි ගේ ඇතුලේ ඉඳල දොරත් අරගෙන ආවෙ නැතෑ එළියට. ඒ මදිවට කොහේදෝ ගිහින් හිටපු ඒ ගෙදර අයිතිකාර සීයත් ඒ වෙලාවේම බයිසිකලයක් පැදගෙන ගෙදරටම ආවා. ආපු ගමන් ගහේ ඉඳල හිමීට බහින්න හදන රොෂාන්ව අල්ල ගත්තා. අපිත් බය වැඩි කමටමද මන්ද පැනල දුවන්න ගියේ නැහැ. අර දෙන්න එක්ක ප්‍රශ්න වැලක් අපි දිහාවට එල්ල කරනවා. අපේ නම් අහගෙන, අම්ම තාත්තගේ නම් එහෙමත් අහගෙන, ඊට පස්සෙ පන්ති වල විස්තරත් අහගෙන ඉස්කෝලෙට ඇවිත් මේ ගැන පැමිණිලි කරනවා කියල අපිව හොඳටම බය කලා.
ඒ දවස් වල අපේ ඉස්කෝලේ හිටියේ "පෙරේරා" කියල ප්‍රින්සිපල් කෙනෙක්, එයා ගුරුවරයෙක් නෙමෙයි යකෙක්. හදිස්සියෙවත් ළමයෙක් පන්ති වෙලාවේ චු බරක් හැදිලා හරි චු කරන්න යනවා දැක්කොත් ගෑනු ළමයෙක්ද, පිරිමි ළමයෙක්ද කියල බලන්නේ නැතුව අතේ තියෙන වේවැලෙන් ගහනවා පුදුම අමානුෂික විදිහට. එක දවසක් මම බලාගෙන ඉඳිද්දී අපිට වඩා පන්ති තුනක් විතර උඩ පන්තියක හිටපු "බටකොළ ආච්චි" කියන ගෑනු ළමයට මේ විදිහට ගැහුවා. අන්තිමට ඒ ළමයට එතනම චු ගියා. ඒ දවස් වල අපේ ඉස්කෝලේ තිබ්බේ මේ වගේ කැලෑ නීතියක්. මේ කියන කාලේ රටේ තිබ්බේ භීෂණ යුගයක්. ඉස්කෝලේ ලොකු අයියල උනත් මේ මිනිහට විරුද්ධව කටක් අරින්න යන්නේ නැහැ.
ඒ දවස් වල මට ඒවායේ ලොකු තේරුමක් තිබ්බේ නැහැ. මම හිතන්නේ මිනිහ පොලිසිය හමුදාව එක්ක එකතු වෙලා කෑ ගහන අයව මෙල්ල කරන්න ඇති ඒ දවස් වල. සුදු අක්ක ගෙදර ඇවිත් කියනවා සමහර ගුරුවරු එයාලගේ පන්තිවල හිටපු කොල්ලන්ට තර්ජනය කරලා තියෙනවා කියල හමුදාවට අල්ලලා දෙනවා කියලා.
ඒ දවස් වල මට ඒවායේ ලොකු තේරුමක් තිබ්බේ නැහැ. මම හිතන්නේ මිනිහ පොලිසිය හමුදාව එක්ක එකතු වෙලා කෑ ගහන අයව මෙල්ල කරන්න ඇති ඒ දවස් වල. සුදු අක්ක ගෙදර ඇවිත් කියනවා සමහර ගුරුවරු එයාලගේ පන්තිවල හිටපු කොල්ලන්ට තර්ජනය කරලා තියෙනවා කියල හමුදාවට අල්ලලා දෙනවා කියලා.
ඉතින් මේ වගේ මිනිහෙක් ගාවට අපිව අරගෙන යනවා කියල කිව්වහම කාටද බය හිතෙන්නේ නැත්තේ. මෙහෙම විස්තර අහද්දී අපි කාගේ හරි තාත්ත කෙනෙක්ව අඳුනන බවක් අර වයසක උන්දැගේ කතාවෙන් තේරුණා. කොහොමින් කොහොමහරි අපිව හොඳටම බයකරලා ඉවරවෙලා අර නාකි උන්දලා දෙන්න අපිට යන්න දුන්නා. නිකන් නෙමෙයි "උඹලට අදට සමාව දෙනවා, ආපහු එහෙම අහු උනොත් කිසි සමාවක් නැහැ" කියල තමයි අපිව නිදහස් කලේ. එදායින් පස්සෙ අපි කවදාවත් ඒ පිණිජම්බු ගහ දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ.
ඒ ගෙදර කවදාවත් පොඩි ළමයි ඉන්නවා අපි දැකල නැහැ, අපිට කවදාවත් පිණි ජම්බු ටිකක් කඩා ගන්න දුන්නේ නැත්තේ මොකද කියල මට හිතාගන්න බැහැ. දැන් ඒ ගෙදරත් නැහැ, පිණි ජම්බු ගහත් නැහැ. අර නාකි උන්දලා දෙන්න අපේ පුංචි හිත් තලපු එක විතරක් මගේ මතකේ ඉතුරුවෙලා.
ඒ ගෙදර කවදාවත් පොඩි ළමයි ඉන්නවා අපි දැකල නැහැ, අපිට කවදාවත් පිණි ජම්බු ටිකක් කඩා ගන්න දුන්නේ නැත්තේ මොකද කියල මට හිතාගන්න බැහැ. දැන් ඒ ගෙදරත් නැහැ, පිණි ජම්බු ගහත් නැහැ. අර නාකි උන්දලා දෙන්න අපේ පුංචි හිත් තලපු එක විතරක් මගේ මතකේ ඉතුරුවෙලා.
//දැනට අවුරුදු 26ක් තිස්සේ වෙලා තියෙන එකම වෙනස තමයි එකම එක මුල්ලක පොඩි ගේ පොඩ්ඩක් එක්ක ලෑලි තට්ටුවක් තියෙන පොඩි කඩයක් දාල තියෙන එක විතරයි.//
ReplyDeleteමේ වගේ දෙයක්නම් අහන්නත් සතුටුයි..අපි පොඩි කාලේ දුව පැනපු තැන් වෙනස් වෙලා තියනවා දකිනකොට දැනෙන දුක ඔයාට දැනෙන්නේ නැතුව ඇති එහෙනම්...
අනේ අර ආච්චියි සීයයි යනකොට පිනි ජම්බු ගහත් අරගෙන ගියාද දන්නේ නැහැ..
අවුරුදු 26 ක් තිස්සෙ වෙනස් නොවුණු චුට්ටක් ඈත ගමක වත් තියෙනවද කියල අහන්නත් සන්තෝෂයි.
ReplyDeleteඅර පිනා නං නරුමයෙක්.
ගම් වල ආච්චිල සීයල ගහක ගෙඩියක් දරුවෙකුට දුන්නෙ නෑ කියන එක නම් පුදුමයි.
හිහි , ඇත්තටම කියන්න කණගාටුයි මම බෝවිටිය දං මේ මුකුත් කාලා නැහැ, මෙහෙ හොයාගන්නත් නැහැ, වීර ද කොහෙද මඩු පල්ලි ගිය වෙලාවක නම් කෑවා..
ReplyDeleteලොකු අයියාට සුන්දර ලමාකාලයක් හිමිවෙලා තියෙන්නේ, හැබැයි ඉතින් අර ජම්බු කඩන්න දුන්නේ නැති එකනම් කතා වැඩක්. සයුරි කියුවා වගේ ඒ දෙන්නා යනකොට ගෙනියන්න කියලා හිතාගෙන හිටියද දන්නේ නැහැනේ ,, හික් හික්,
හම්මෝ මහම නපුරු ප්‍රින්සිපල් කෙනෙක්නෙ. පව් අර ගෑනු ළමයා. මම ඉගෙනගත්ත ඉස්කෝල දෙකේම හිටියේ සිස්ටර් කෙනෙක් තමි ප්‍රින්සිපල්. වසයි, හැබැයි ළමයිව හොදට හැදුවා. ඉස්සර සිස්ටර් ශූ කියනකොට මුළු ඉස්කෝලේ වගේම නිශ්ශබ්ද වෙනවා, ඒ තරමටම ඇයගේ කටහඩට අපි බයයි.. එත් එයා විශ්‍රාම ගනිද්දී මුළු ඉස්කෝලේම වගේ ඇඩුවා..
මම බිංදුවේයි එකේ පංතියේ ඉන්නකොට...අම්මයි තාත්තයි දෙන්නම ඉස්කොලේ නිසා දවල්ට ඉන්නේ ලොකු අම්මලගේ ගෙදර..එහේ අක්කල එක්ක තමයි ගෙදර යන්නේ....ඔය යන මග මදටිය ගහක් තියෙනව..අපිත් අර රතුපාට වෙච්චි මදටිය ඇට අහුලනව ඉවරයක් නැ...
ReplyDeleteඇයි පහේ සිස්සත්වෙට පංති යනකොට මග දිගටම දං කැලේ..අපි පාංති යන්නේ පැයකට විතර කලිං..ඉටපස්සේ දං කැලේ තමා ඉතින්..මරු බං
හරිම සුන්දර ලමා කාලයක්. මටත් හරි ආසයි ඔය කියන ඉස්කෝලෙට යන්ට. ඒක දැනුත් තියනවද?
ReplyDeleteඅර පින්තූරේ තියන ජම්බු නම් කාලා තියනවා. අනෙක් ඒවා නම් කියවලා තියනවා විතරයි. පේනවා නේද පොඩිකමට ගස් නැගලා, ගෙඩි කඩලා අහුවෙලා තියන හැටි.:D
@ සයුරි
ReplyDeleteඅපි දුවපැනපු, හොර කුරුම්බා කඩපු, සෙල්ලම් කරපු ගොඩක් නැත් නැතිවෙලා ගිහින්, නමුත් මොකක්දෝ අහේතුවකට අර ඉඩම විතරක් ඉතුරුවෙලා තියෙනවා
//අනේ අර ආච්චියි සීයයි යනකොට පිනි ජම්බු ගහත් අරගෙන ගියාද දන්නේ නැහැ..//
හික්..හික්... ඒකත් කියන්න බැහැ
@ Observer
ReplyDeleteගම තරමක් වෙනස් වෙලා, ඒත් තාමත් ගමක තියෙන සුන්දරත්වයේ ලොකු අඩුවක් වෙලා නැහැ
හැමෝම නෙමෙයි ඔබා අයියේ, මේ දෙන්න තමයි එහෙම කලේ. සමහර විට ඒ දෙන්න ඒවා විකුණලා ගානක් හොයාගත්ත වෙන්නත් බැරි නැහැ.
@ වර්ණා
ReplyDeleteපොඩි කාලේ කියල නැහැ දැන්හරි කමක් නැහැ දං, බෝවිටියා, හිඹුටු, මොර ටිකක් හොයාගෙන කන්න. අපේ පැත්තෙනම් තාම ඕව තියෙනවා.
ඒ ගමේ හැමතැනකම වගේ මගේ මතක තියෙනවා. අපි පුංචි කාලේ කුඹුරු වල වතුර පිරුනහම ඒවායේ පැනල නානවත් එක්ක.
මේ මතක නිසානේ නංගියේ මම ගමට ආස...
තුන්වෙනියට මම ගිය ඉස්කෝලෙත් ගොඩාක් සැර හොඳ ප්‍රින්සිපල් කෙනෙක් හිටියා. අවාසනාවකට ලොකු ළමයි ස්ට්‍රයික් කරලා එයාව එලෙව්වා. හැමදාම හොඳ ප්‍රතිපල තිබ්බ ඉස්කෝලේ බොහොම ඉක්මනට කඩාගෙන වැටුන එයාට පස්සේ පාලනය කරපු අය අතින්
නමුත් දැන් ආපහු තත්ත්වෙකට ඇවිත්ලු...
@ Raj
ReplyDeleteඅපිත් මදටිය ඇට, ඔලිඳ ඇට අහුලන එක කළා....
ඇයි රබර් ඇට අහුලාගෙන ඒවයෙන් "ටීක් බෝල" ගහනවා
ටීක් බෝල ගන්න එක සල්ලි යන වැඩක් නිසා අපි කලේ එහෙම
අපේ ලමයින්ටත් ඒ වගේ ළමා කාලයක් ලබා දෙන්න පුලුවන්නම් මොන තරම් හොඳද...
@ Podi Kumarihami
ReplyDeleteපොකු තාමත් ඉස්කෝලේ යනවද.....?
ඒ ඉස්කෝලෙනම් තාම තියෙනවා. අපි ගියපු විදිහටම ඉස්කෝලේ යන්නනම් අපේ ගමේ පදිංචි වෙන්නත් වෙයි... :))
ගඩාගෙඩි වර්ග තාමත් ගම්වල තියෙනවා පොඩ්ඩියේ, නිවාඩු ආවහම ලංකාවේ ටිකක් ඇවිද්දනම් ඔව්ව හොයා ගන්න බැරිකමක් නැහැ
ඒ වගේ හොරා කාපු සිද්ධිනම් මහගොඩක් මතකේ තියෙනවා :)
අපි නම් පොඩි ඉස්කෝලෙ ගියේ මහ පාරක් දිගේ... සිස්සත්තෙන් පාස්වෙලා ලොකු ඉස්කෝලෙ ගියේ බස් එකේ.... ඒ උනාට ගෙයි පිටිපස්සෙ දං බෝවිටියා පිරිච්චි කැලෑව.... හවසට නම් ඉන්නෙ ඒකෙ... අපේ ගෙදර වත්තෙත් පළතුරු තිබුණා හරියට... අන්නාසි, අඹ, වෙරළු, පැෂන්, රඹුටන්, අලිගැට පේර, ගස්ලබු ඔය වගේ.... ගමේ අසිරිය වින්දෙ අම්මලාගෙ මහ ගෙදර ගියාම... ඒක නම් හරිම සුන්දර මතකයක්... ඒ ගම නම් දැන් සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා...හරිම දුක හිතෙනවා....
ReplyDeleteලොකූලගෙ පැත්ත තාමත් ගමේ කම තියෙන බව ඒ පැත්තට ගිය වෙලාවෙ දැක ගන්න පුළුවන් උනා.... හැබැයි අවුරුදු 26 ක් ම නොවෙනස්ව තියෙන එක නම් ඇත්තටම වටිනවා....අතීතයේ සොඳුරු මතකයන්....
ReplyDelete@ Miyuru
ReplyDeleteඅපේ ගමත් තරමක් දුරට වෙනස්වෙලානං තමයි
නමුත් තාමත් ගමක තියෙන්න ඕනේ සුන්දරත්වය තියෙනවා
ඒකනේ මම අපේගමට මෙච්චර කැමති
@ දිල්
ReplyDeleteමෙන්න මෙයා අපිටත් හොරෙන් අපේ ගමට ඇවිත්...
අවුරුදු 26 ක් තිස්සේ සම්පුර්ණයෙන්ම වගේ නොවෙනස්ව තියෙන්නේ අර දං කැලෑව විතරයි
අනිත් හරිය ටිකක් විතර වෙනස් වෙලා දිල්
අපිත් පුංචි කාලේ දුවපැන ඇවිදපු ගොඩක් තැන් මේ වෙද්දී වෙනස්වෙලා ගිහිං
ටිකක් විතර ජනාකීර්ණ වෙලා
ඒත් තාමත් ගමක් කියන්න පුළුවන්කම ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්.
පුංචි කාලේ සොඳුරු මතකයන් ගැනනම් කියල වැඩක් නැහැ....
ඒ තරම්ම සුන්දරයි
සමහර වයසක උන්දැලා ඉන්නවා ඔය වගේ.. පොඩි කාලේ මතක රැදුන තැන් තාමත් ඒ විදිහටම තියෙනවා කියන එකනම් සතුටක්.. මොකද අපි ආයෙම එහෙම ගියොත් මේ ඒ තැන්ද කියලත් හිතා ගන්න බෑ..
ReplyDeleteඅපේ ඉස්කෝලේ වටේම තිබුනේ දන් බෝවිටිය.ඒත් කවදාවත් මං කාල නැහැ.නයි කාපුවා කියලා අපි පොඩි කළෙම භය කරලා තිබුනේ
ReplyDeleteමගෙ බ්ලොග් එකේ මොකක්ද අවුලක් උනා..මම කියවන බ්ලොග් ලිස්ට් එක පේන්නෙ නැතුව යාලුවො 20 ක් විතර පේන්නෙ නැති උනා..අදයි ඔයාව හොයා ගත්තෙ...............
ReplyDelete@ Dinesh
ReplyDeleteසමහරුන්ට වයසට ගියාට පස්සේ ඒ වගේ ලෝබ සිතුවිලි පහල වෙනවා තමයි
මගෙත් මතක පොතේ තිබ්බ සමහර තැන් ඒ විදිහට කාලයත් එක්ක ගොඩක් වෙනස් වෙලා තියෙනවා
නමුත් කීප පොලක් ඒ විදිහටම තියෙන එක ලොකු සතුටක්
@ අසරණයා
ReplyDeleteඅපිවත් එහෙම බය කරලා තමයි තිබ්බේ, ඒත් අපි හොරෙන් ගිහින් තමයි දං, බෝවිටියා එහෙම කෑවේ
සමහර විට වැඩිහිටියෝ අපිව එහෙම බය කරන්න ඇත්තේ ඒ වගේ ලඳුකැලෑ වල ගොඩක් සර්පයෝ ඉන්න නිසා වෙන්න ඇති....
@ වින්චැට්කිරිල්ලි.
ReplyDeleteබ්ලොග් සහෝදරයා ඉඳල හිටලා ඒ වගේ පිස්සු කෙළිනවා... :)))
මරු පෝස්ට් එක ලොක්කා. ලොකු පුතා දැකලා තියෙනවද ගල් අන්නාසි? ඒක අන්නසි පඳුරක් වගේමයි නමුත් පොඩි ගෙඩි පොකුරක් හැදෙනවා. අන්න ඒවයෙ පැලිච්ච ගෙඩි නයි කාපුවා කියලා අපිත් විශ්වාස කලානෙ.
ReplyDeleteඒක නෙවෙයි ඔය වගෙ මැරයො ගුරුවරු වුනාම ළමයින්ට ඉස්කෝලෙ එපා වෙන එක පුදුමයක් නෙවෙයි. මම නම් එක හෙලා විරුද්ධයි ඔය වගෙ හිට්ලර්ලට. අර ආච්චිගෙයි සීයගෙයි පුතෙක්ද දන්නෙ නෑ ඔය මෑන්!
ජිවිතයේ අපිට ඉතිරිවෙන්නෙත් ඔය ටික තමා,මොනවා උනත් අද කතාවටත් අපි සුබ පතනවා,දිගටම ලියන්න පන තියෙනකන් අපි කියවනවා,උබේ අදහස් හරි උබේ හිතේන් අකුරු වෙන අදහස්......
ReplyDelete@ Dude
ReplyDeleteගල් අන්නාසි පඳුරක් අපේ ගේ උඩහා කන්දේ තිබුනා
අපිනම් ඒවාට වැඩේ දෙනවා ඒ දවස්වල....
//අර ආච්චිගෙයි සීයගෙයි පුතෙක්ද දන්නෙ නෑ ඔය මෑන්!//
හික්.. හික්... ඒකනම් ඇත්ත
@ අනුපිය
ReplyDeleteබොහොම ස්තුතියි මචන්...
මේ වගේ අකුරු කරන්න පුළුවන් මතක කොච්චරනම් තියෙනවද හිත ඇතුලේ
පුළුපුළුවන් වෙලාවට ටික ටික එළියට දාන්නම්.
අපේ ඉස්කොලෙ ඉස්සර හරියට දිය උල්පත් පිරිලා. අපි ඒ දවස්වල එක එක්කෙනාට වෙන වෙනම වතුර බොන්න වළවල් හාරගෙන හිටියේ. උදේට ගිහින් ඉහලා ගහල කොලයකින් වහලා තියලා සැරින් සැරේට ගිහින් බීලා එනවා. ඒත් අපි ලොකු වෙද්දී ඒවයේ උල්පත් තිව්න වගක්වත් නැතුව ගියා. උඩ තිබුණ කැළෑ එළිකරලා තේ හිටවුව නිසා.
ReplyDelete@ බට්ටි
ReplyDeleteඑහෙම තමයි බට්ටියේ හැමදේම පුදුම විදිහට වෙනස් උනා මේ පුංචි කාලෙට
අපේ ඉස්කෝලෙත් ඔහොම උල්පත් වතුර පිරෙන වලක් තිබ්බා.
ගොඩ දවස්වලට ටැප් වල වතුර එන්නේ නැති නිසා අපිත් වැඩිපුර වතුර බොන්නේ ඒකෙන් තමයි.
මාතර හිටිය කාලේ මමත් ඉස්කෝලේ ගියේ වෙලක් මැද්දෙන් පයින්,කිලෝමීටරයක් විතර,ඒදන්ඩක් උඩිනුත් යන්න තිබුනා,වෙරළු,අඹ වගේ ජාති තමයි පළතුරු තිබුනේ,ඒ අතීතෙට ගියා....
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඒ කාලේ අපි ගෙවපු ජිවිතේ මොනතරම් රසවත්ද
මමත් දවසගානෙම අතීතෙට එබිකං කරලා පරණ මතක අවුස්සගෙන රස විඳිනවා.
මට අපේ තාත්තගෙ මුල් ගම, කඩුවෙල කොරතොට මතක් උනා මේක කියෙව්වහම.
ReplyDeleteමම කඩුවෙල තියෙන පරතොට කියන ගමට ගිහිං නැහැ
ReplyDeleteඒත් අපේ පැත්තෙත් තියෙනවා පරතොට කියල ගමක්
මම පොඩි කාලෙනම් ඒක හැබෑවටම නමේ අර්ථයෙන්ම ගමක්, හරියට දැන් කාලේ මී-මුරේ වගේ
මම ඉස්සර හරි ආසයි ඒ පැත්තට
මේ වෙද්දී ටිකක් නෙමෙයි ගොඩක්ම වෙනස් වෙලා, ගමේ තිබ්බ සිරියාව නැතිවෙලා ගිහිං
ඔය කියන්නෙ ඉංගිරිය පැත්තෙද?
ReplyDeleteඔව් පැත්තෙනුත් එන්න පුළුවන්..
Deleteඉංගිරියේ ඉඳලා ගොඩක් දුරයි මගේ හිතේ
අපේ ගෙවල් වල ඉඳලත් සෑහෙන දුරක් තියෙනවා
අර බටකොළ ආච්චි ළමයා ගැන කිව්වම මතක් වුණේ අපේ ඉස්කෝලෙ හිටියා වික්‍රමසිංහ කියල ප්‍රින්සිපල් කෙනෙක්.ළමයෙක් පොඩි වැරැද්දක් කරත් වේවැලෙන් ගහනවා.එයාගෙන් ගුටි කාලා චූ නොගිය ළමයෙක් නැහැ.ගොඩාක් වේලාවට උදේ රැස්වීමෙදි ස්ටේජ් එකට නග්ගලා තමයි ගහන්නෙ.දවසක් රැස්වීම වෙලාවකදි මම කම්මැලි කමට එතනින් මාරු වෙන්න ගිහින් ඒක දැකල මට ස්ටේජ් එක උඩට කතාකරා.මගේ කකුල් දෙක වෙව්ලුවා.මම බයෙන් බයෙන් නැග්ගා ස්ටේජ් එක උඩට.පළවෙනි පාර ගහන්න වේවැල උස්සද්දිම මට බයටම බිම වාඩි වුණා.නැගිටපන් කියලා ප්‍රින්සිපල් සැර කරාම මම නැගිට්ටා.ඊට පස්සෙ වේවැලෙන් ගැහුවා පස්ස පැත්තට.තුන්වෙනි වේවැල් පාර වදිද්දි මට ගවුමෙම චූ ගියා.එදා ඒ සිදුවීමෙන් පස්සෙ ප්‍රින්සිපල් මාව නෝට් කරන් හිටියෙ.පස්සෙ දවසක කැන්ටිමේ කෑම ඉවරවෙලා නිසා මම ඉස්කොලෙ ඉදන් පාරෙන් එහා පැත්තෙ තියෙන කඩේට ගියා කෑම ගේන්න එදා අහුවලා මට වේවැලෙන් ගගහ කකුල් දෙකේ චූ බේරෙද්දි ඉස්කෝලෙට ඇදන් ආවා.ඒ සිදුවීමෙන් පස්සෙ මම ගොඩක් මානසිකව වැටුණා.ප්‍රින්සිපල් දකින හැම වෙලාවෙම මගේ යට ඇදුමෙ මුත්‍රා පොඩ්ඩක් පිටවුණා.මගේ වාසනාවට ප්‍රින්සිපල් ඊට අවුරුද්දකට පස්සෙ වෙන ඉස්කොලෙකට මාරු වෙලා ගියා.
ReplyDeleteමම නම් හිතන්නෙ පිරිම ගුරුවරු ගැහැනු ලමයින්ට ඒ වගේ වේවැලෙන් ගහන එක සුදුසු නැහැ. මං ගිය පාසල මිශ්‍ර පාසලක්. ඒකෙත් වේවැල් පාර දෙන ප්‍රින්සිපල් කෙනෙක් හිටියා. හැබැයි එයා වේවැල් පාර දෙන්නෙ කොල්ලන්ට විතරයි. කෙල්ලන්ට ගහන එක නියෝජ්‍ය විදුහල්පතිනියට තමයි භාර. ප්‍රින්සිපල් පස්ස පැත්තට වේවැල් පාර දෙන්නෙ බරපතල වරදකට විතරයි. ඒ පාරවල් නම් ඉවසන්න බැහැ. මමත් එක පාරක් එයාගෙන් වේවැල් පාරවල් 4ක් පස්ස පැත්තට කාල තියෙනවා. ඒ දවස්වල පහල පන්තිවල ඉන්න අපි කොට කලිසමට යටින් යට ඇදුම් ඇන්දෙ නැති නිසා පස්සට වදින පාරවල් තදින්ම වදිනවා. පාරවල් හිටින්න.
Deleteඔයා කීය වසරෙ ඉන්දෙද්දි ඔය අත්දැකීමට මුහුන දුන්නෙ?
Deleteදං, බෝවිටිය, ලොවි, රඹුටන්, පඩ ගෙඩි, රඹුටන්, අඹ ගැට, වෙරළු, ජෑම් ගෙඩි අතට අහු වෙන මොනවද බන් ඒ දවස් වල නොකෑවෙ :)
ReplyDelete