Saturday 22 October 2011

කවුරු හරි මේවා අඳුරනවද...




මෙන්න මගෙන් පොඩි ප්‍රශ්නයක්... කවුරු හරි මේවා අඳුරනවද...
මමත් මේ වගේ දෙයක් දැක්කේ ජීවිතේටම එක පාරයි... මොකද මමත් එහෙට ගිහින් තියෙන්නේ තාම එක පාරයි.
මෙව්වයේ සාමාන්‍යය මල් වර්ග මම විතරක් නෙමෙයි ඔයාලගෙන් ගොඩ දෙනෙකුත් දැකල ඇති...
ඒත් මේක ඒ අතුරින් විශේෂයි කියල මම දන්නවා...
පුදුම ලස්සන පරිසරයක, පුදුම විදිහට හිත නිමා ගන්න පුළුවන් තැනකදී මම මේක ජායාරුපගත කලේ
මම දැන්ම කියන්නේ නැහැ මම මේවා දැක්කේ කොහෙන්ද කියලා
බලන්න යන්න කැමතිනම් තියෙන තැන මම කියන්නම්
හැබැයි ඊට කලින් ඔයාලගේ අදහස් දැන ගන්න ඕනේ...

21 comments:

  1. එක පාරටම දකිනකොට මට හිතුනෙ බෝවිටියා කියලා.... ඒත් ලොකු කරලා බලනකොට තමයි කොල වෙනස් බව පෙනුනේ.... මල් විතරක් නෙවෙයි, කොලත් හරිම ලස්සනයි.... පොට්ටුත් එක්ක එකට තියෙනකොට තවත් ලස්සනයි.... ඒවත් පිපුනාම මල් වට්ටියක් වගේ තියේවි....

    අනේ මන්දන්නෑ මොනවද කියලා.... මාත් බලන් ඉන්නවා කවුරු හරි දන්න කෙනෙක් කියනකම්......

    ReplyDelete
  2. Miyuru>>
    අපි බලමු අනිත් අය මොකද කියන්නේ කියලා...
    කවුරුවත් කිව්වේ නැත්නම් මම අද හවස් වෙද්දී කියන්නම් මේ මොනවද කියලා...

    ReplyDelete
  3. මට පොඩ්ඩක් නින්ද ගියානේ...
    දැන් වැඩට යන්නත් ඕනේ, මම හෙට උදේ ඇවිත් කියන්නම් මේ මොනවද කියලා

    ReplyDelete
  4. අඩේ දැකල පුරුදුයි වගේ..බං ඒත් මතකෙට එන්නැ....

    ReplyDelete
  5. බොරු කියන්නෙ මොකටද ..මම නම් දැක්කෙත් අදමයි...මේ අපේ රටේ මල් ජාතියක් නෙමේ නේද ?

    ReplyDelete
  6. ඊයේ අද සහ හෙට

    ReplyDelete
  7. සමා වෙන්න යාළුවනේ පරක්කු වුනාට... දැන් තමයි රාජකාරිය හමාර කොරල බෝඩිමට ආවේ...
    Miyuru ට එක පාරටම දැකපු ගමන් හිතිච්ච දේ හරියි කියල මම කිව්වොත් ඔයාල මොකද හිතන්නේ
    ඒ වගේම දිල් ට හිතිච්ච දේ වැරදියි කියල කිව්වොත්....
    ඇත්ත... රාජ් මෙව්වා නොදැක ඉන්න විදිහකුත් නැහැනේ... හැබැයි මේ විදිහටමනම් නෙමෙයි ඕන්...
    බිඟු දැකපු විදිහෙත් වැරද්දක් කියන්න බැහැ...

    අපේ ගමේ ගොඩේ තියෙන බෝවිටියම තමයි මේ, හැබැයි සීතල සහ අධික සුළං තත්ත්ව යටතේ මේ ගස් කුරු ශාක විදිහට තමයි හැදිලා තිබුනේ...
    ඒ උනාට අපිට ගමකදී දකින්න ලැබෙන බෝවිටිය ගහකට වැඩිය මල් ගොඩක් හැදිලා තියෙනවා..
    ඒකට හේතුවක් කියන්න දන්නේ නැහැ...
    මෙතන මේ වගේ මල් පිරිච්ච ගස් ගොඩාක් තිබුණා
    මේක මම දැක්කේ දෝතළුගල දී, නකල්ස් කඳු තීරයේ තියෙන එක සුන්දර කන්දක් තමයි ඒ...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. හුරේ.....!!

    අපි උදේ හවස දකින ගස් උනත් පරිසරයට ඔරොත්තු දෙන විදියට හැඩ ගැහුනම අඳුරගන්න බැරිවෙන හැටි...... බෝවිටියා බොන්සායියක් හදාගත්තනම් ලස්සනට තියේවි නේද.....

    ReplyDelete
  10. උඹ කියන එක ප්‍රැක්ටිකලීම හරී මොකැ..ගිය සතී අන්තේ මම හිටියේ විල්පත්තුවේ....ඒ එක්කම මුහුද අයිනටත් ගියා...උබට කියන්න...අර කැලේ අතුලේ රුස්ස ගස් විදිහට වැඩෙන පලු ගස් මුද අයිනේ කුඩා පඳුරු විදිහට හැදිලා තියෙනව...ලඟදීම ඒ චාරිකාව ලියඥා....

    ReplyDelete
  11. Miyuru >>
    ඔව් එහෙම කලොත් ලස්සනට තියේවි... ට්‍රයි එකක් දීල බලන්න, එහෙම කරන්න බැරි වෙන්න හේතුවක් නැහැනේ
    හදාගත්තොත් අපිටත් කියන්න... :)

    Raj >>
    මමත් එතනට ගිහින් තියෙනවා, හරි අපුරු තැනක්
    ඔය කියන ගස් මමත් දැක්ක, එත් ෆොටෝ ගහන්න වුනේ නැහැ
    කැමරා එකක් තිබුනේ නැහැනේ, ඉක්මනට කැමරා එකක් ගන්න ඕනේ
    නැත්නම් අතක් පයක් කැඩුනා වගේ
    චාරිකාව ගැන ඉක්මනට ලියපන්...

    ReplyDelete
  12. හහ නම් ඔය මල් දැකලා තියෙනවා. ඔය මුස්සැන්ඩාගස් වල හැදෙන මල් නේද?

    ReplyDelete
  13. batti>>
    batti ව සාදරයෙන් පිළි ගන්නවා මේ ඉසව්වට
    අනේ batti මට ඔය මුස්සැන්ඩා කියල කිව්වට ඔළුවට එන්නෙම නැහැනේ මොනවද කියල, දැන් මේ වැඩට යන්න හදන ගමන්
    ඒ නිසා ජාලයෙන් හොයල බලන්න වෙලාවකුත් නැහැ
    ඒත් මේ මල් අපි හැමෝම දන්නා කියන බෝවිටිය මල් ම තමයි

    ReplyDelete
  14. අදමයි දැක්කේ අප්පා..

    ReplyDelete
  15. @ වර්ණා
    මේවා ගමේගොඩේ හැමතැනම වගේ තිබුන ගස් වර්ගයක්. ඒත් දැන් ටිකක් දකින්න අඩුයි තමා.

    ReplyDelete
  16. නගරය හැදුනු වැදුණු මට ගමක් කියන්නේ අලුත් දෙයක්, එත් ගමක ජීවත් වෙන්න ගොඩාක් ආසයි.. කවදාහරි මම බදින්නෙත් ගමක ගොවියෙක්ම තමයි.. හික්ස්

    ReplyDelete
  17. @ වර්ණා
    දරුවෝ මට ඒ කමෙන්ට් එක මිස් වෙලානේ, ගම්වල ඉන්න සමහර උදවියට ගම එපා වෙලා. ඒකට හේතුව පහසුකම් මදි නිසාලු
    නගරේ ඉන්න අයට නගරේ එපා වෙලා. ඒකට හේතුව ජීවිතයේ ඒකාකාරී බවලු
    මමනම් ජීවිතෙන් වැඩි හරියක් හිටියේ ගමේ
    ඊට පස්සෙ කොළඹ යම් කාලයක් හිටියත් හැමදාම ගෙදර දුවනවා සති අන්තෙට
    එක සති අන්තයක යාලුවන්ගේ කීමට ගෙදර නොයා හොස්ටල් එකේ හිටපු මට අඬුනා ගෙදර මතක් වෙලා

    අන්න ඒ තරමේ ආසාවක් ගමට නැත්නම් නගේ ගමගැන හීන මවන්න එපා. ගම ලස්සනයි, අව්‍යජයයි. නමුත් අර්ධ ගම ඒ තරම්ම සොඳුරු නැහැ.
    ගොවිතැන කියන්නෙ මමත් බොහෝම ආස දෙයක්, වෙන දේකට නෙමෙයි ගොවිතැනක් කරන එකෙන් හිතට දැනෙන්නේ භාවනාවක් කරනවා වගේ හැඟීමක්.
    පුන්චි පුංචි පැළ ලොකු වෙලා මල් හැදිලා ගෙඩි, කරල් හැදෙනවා දකින එක මොන තරම් සුවයක්ද.

    ඒත් මේ මොන දේ තිබුනත් තමාට හුරුපුරුදු ජීවිතේ එක්ක මේ වගේ අලුත් ජීවිතේක තියෙන ගැටීම් නිසා ඔයාට ගම එපා වෙන්නත් බැරි නැහැ.
    ඒ නිසා බොහෝම කල්පනාවෙන්

    ReplyDelete
  18. මේකයි අයියේ ගම ගැන කොච්චර ආසාවක් තිබුනත් , අපි මේ පුංචි කාලේ ඉදන් පුරුදු උණු පැවැත්ම වෙනස් කරලා ගමක ජීවත් වෙන්න බැහැ තමයි, ඒක මම පිලිගන්නවා, මම ගොඩාක් නගරෙක හැදුනු කෙනෙකුත් නෙමෙයි, ඒ නිසා මම දන්නවා මට පුළුවන් උත්සහා කරන්න, ඒ නිසා ලගකදී මම මහියංගනේ අපේ අදුනන කෙනෙක්ගේ ගෙදර නවතින්න යන්නයි ඉන්නේ නිවාඩුවකට :))))

    ReplyDelete
  19. අන්න එහෙම එන්න එපායැ...
    යන්න යන්න.... ඔයාට හොඳ අත්දැකීම් ගොන්නක් එකතු කරගන්න පුළුවන් වේවි.
    ජයවේවා....!!
    තමන් ආස කරන ජීවිතේ හොයාගෙන ඒ විදිහට ජීවත් වෙන මිනිස්සු තමයි ජීවිතේ විඳින්නේ
    අනිත් ගොඩ දෙනෙක් ජීවිතේ විඳවනවා

    ReplyDelete
  20. බොහෝවිට මේ සාමාන්‍ය බෝවිටියා විශේෂය නෙමේ. හොර්ටන් තැන්න, නකල්ස් කඳු වැටිය වගේ තැන් වල දැකිය හැකි වෙනත් බෝවිටියා විශේෂයක් . මේ ලින්ක් එකෙන් ඒ ගැන විස්තර බලාගන්න පුලුවන් http://biodiversityofsrilanka.blogspot.com/2015/01/osbeckia-lanata.html. ලංකාවේ බෝවිටියා විශේෂ 10 තියෙනවා. ඉන් 6 ක්ම ලංකාවට ආවේනිකයි. මේකත් එයින් එකක්

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදි බව මමත් හිතනවා...
      මම හිතුවේ සීතල නිසා ඇතිවන වෙනසක් කියලා...

      Delete