මා පුංචි වයසේදී මහා නපුරෙක් බව මාගේ ඥාතින් අදටත් පවසන්නේ සිනහා මුසු මුහුනින්ය.නපුරුයි පවසන්නට මම මහා ලොකු නපුරු කමක් කල බව මා හටනම් මතක නැත.
පවුලේ හතර වැන්නා ලෙස උපත ලද මා අප පවුලේ සිටි එකම පිරිමි දරුවාද වීමෙන් මා හට සියල්ලන්ගේම අවධානය සහ ආදරය ලැබීමට මග පෑදීමක් විය. නමුත් මම ටිකක් වෙනස් දරුවෙක් වන්නට ඇත. අපේ පවුලේ උදවියගේ අතින් වෙන කෙනෙකු අතට මාරු වන්නට සිදු වුවහොත් මාගේ සුපුරුදු පැවතුම් වෙනස් වී යයි.
මාගේ ගැලවීම සඳහා කුඩා ප්‍රමාණයේ ආරක්ෂා සංවිධාන යොදා ගැනීමට සිදු විය. වඩාගත් කෙනාගේ මුහුණට කෙල ගැසීම, අතට අහුවන ඕනෑම තැනක් හීරීම, මෙම ආරක්ෂක ක්‍රමවේදයන් වලට අයත් විය. මාගේ මෙම අහිංසක වැඩ නිසාවෙන්ද මොවුන් මා හට නපුරායයි කිවේ.
බොහෝ පුංචි වයසේදී සිදු වූ සහ සිදු කල දෑ අදටත් මාගේ මතකයේ රැදී ඇත්තේ වාසනාවට විය යුතුය.
ආ ඔයාලට කියන්න අමතක උනානේ මම අවුරුදු එකහමාර වෙද්දී මගේ අම්මගෙන් ඈත් වෙලා මගේ ලොකු අක්ක වෙච්ච සුදු අක්ක එක්ක තමයි රෑට දොයි ගත්තේ. ඒකට හේතුවක් කියන්නනම් මම දන්නේ නැහැ. අම්ම අදටත් දුකෙන් වගේ එක මතක් කරන්නේ. ඒ දවස් වලම මම අම්මගෙන් කිරි බොන එකත් නතර කලාලු.
ඔන්න ඔය වගේ දවසක මම ලස්සන හීනයක් දැක්කා. මේ වෙද්දී මට වයස අවුරුදු දෙකක් දෙකහමාරක් කියල තමයි ගෙදර අය කියන්නේ.
මම අපේ මිදුලේ තිබුනේ සුදු වැලිගොඩේ ලස්සනම ලස්සන කාර් එකක් ඇන්දා. ඒක කොච්චර ලස්සනද කියනවානම් ඒක තමයි මම ඒ වෙනකොට දැකලා තිබුන ලස්සනම කාර් ඒක.
හැබැයි මේ කාලේ වෙද්දී අපේ ගෙවල් වල TV තියා විදුලියවත් තිබුන කාලයක් නෙමෙයි.
ඒ වගේම අපේ ගමේ කොහෙවත් මම ඒ දැකපු වගේ ලස්සන කාර් තිබුනෙත් නැහැ. කාර් එකක් දෙකක් තිබුනත් ඒවා ඔක්කොම අර ඉබ්බෝ වගේ කළු පාට කැත කාර්.
ඔයාල අහන්න එපා ඉතින් මම කොහොමද ලස්සන කාර් එකක් දැක්කේ කියලා. කොහොම හරි මම හීනෙන් ඇන්දේ මම දන්න ලස්සනම කාර් ඒක තමයි.
ඒ කාර් එක රතු පාටයි, ඒකෙ දොරවල් අරින්න වහන්නත් පුළුවන්. මිදුලේ ඇඳපු කාර් ඒක රතු පාටට ඇන්දේ කොහොමද කියල මගෙන් අහන්න එපා....
ඒක මම දන්නේ නැහැ, පොඩි කාලේ මට ගොඩක් දේවල් පුළුවන්. ඒක නිසා වෙන්න ඇති මිදුලේ එච්චර ලස්සන දොරවල් අරින්න වහන්න පුළුවන් කාර් එකක් පුංචි මම තනියම ඇන්දේ.
ඒත් ටික වෙලාවකින් කවුදෝ මන්ද ඒක මකල දාලා. ඉතින් මට හරි දුකයි. ඒක ආපහු ඇඳලා දෙන්න කියල කෑ ගගහ තමයි මම හීනෙන් නැගිට්ටේ.
මට මතකයි ගෙදර හැමෝම වගේ ලස්සනට හඳ පායලා තිබුන ඒ මහ රෑ මාත් එක්ක මිදුලට බැහැපු හැටි.
අක්කලා එක එක විදිහට මිදුලේ කාර් අඳිනවා. ඒත් ඒ එකක්වත් මම හීනෙන් ඇඳපු කාර් ඒක තරම් ලස්සන නැහැ.
මම හීනෙන් ඇඳපු කාර් ඒක කොච්චර ලස්සනද කියල එයාල දන්නා එකක්යැ.
මමත් අඬ අඬ කෑ ගහනවා ඇදපාන් ඇදපාන් කියලා...
අන්තිමට කොහොම හරි අඬල අඬලා මහන්සි වෙලා නින්ද ගිය මාවත් කරපින්නාගෙන එයාල ගෙට ගිහින් තිබුනා...
ඒ ටික මට මතක නැහැ ඉතින්, මොකද මට දොයිය ගිහින්නේ තිබුනේ...
ඔන්න ඔය විදිහට මම දැකපු ලස්සනම කාර් එක මට නැති වෙලා ගියා
ලොකු පුතා එක්ක බලද්දී මගේ පුංචි කාලේ චරිතය ඔයිට වඩා හුඟාක් වෙනස්...චූටි කාලේ අම්මා මට කියන්නෙ " රෝස මල " කියලා...ඒ මම සුදුම සුදු හින්දලු...කොහෙත්ම දඟ නැති මම ඕන කෙනෙක් අතට පැනලා යනවලු..හැබැයි අප්පච්චී කොයි වෙලාවේ හරි වඩා ගත්ත ගමන් මම අප්පච්චිගෙ ඇඟට චූ දානවලු...පව්..මතක් වෙද්දී ඇස් වලට කඳුළුත් ආවා...
ReplyDeleteඇත්තටම අර හීන කාර් එක....ඒක තාම මතකද....ඒ වගේම කාර් එකක් හැබෑ ලෝකයේ දැක්කෙ නැද්ද...නැත්තම් දැක්ක වෙලාවේ ආයෙමත් " මේ අර හීන කාර් එක " කියලා මතක් උනාද ?
හපොයි දෙයියනේ...පුදන කොටම කාපි යකා කියලා word verification ..... ඒක අයින් කොරාන්ඩෝ....
ReplyDeleteදිල්>>
ReplyDeleteඔයා ගැන මම මේ සයිබර් අවකාශයේ අහල තිබුනේ හැම අලුත් බ්ලොග් එකකටම ගිහින් දිරි ගන්වන්නියක් විදිහට
ඒක ඇත්ත බව ඔයා ඔප්පු කලා....
බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට
අපි හැමෝටම වගේ ඉතුරු වෙලා තියෙන්නේ පුංචි කාලේ සුන්දර මතකයන් විතරයි නේද
වයසට යන්න යන්න ජිවිතේ සුන්දර බව අඩු වෙනවා
මට ඒ තරම් ලස්සන කාර් එකක් ආපහු දකින්න ලැබුනේ නැහැ තමයි,
කොහොමින් කොහොම හරි මම දැන් කාර් වලට කැමතිත් නැහැ.
අර ඔයා කිව්ව මොකක්ද එක අහක් කළා(word verification)
දැන් හරිද බලන්න
මතක අපි හැමෝට අන්තිමේට ඉතුරු වෙන්නේ මතක විතරයි..
ReplyDeleteමතක වලට පුළුවන් අපිව ජීවත් කරවන්න... ස්තුතියි මතක් කරලා දුන්නට..
දුශ්>>
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදිලා අදහස් කියා පෑවට......
මතකය...උඹව..ජීවත්කරාවී...සහෝ...
ReplyDeleteRaj >>
ReplyDeleteබොහෝම ස්තුතියි දිරිගැන්වීමට...
ඔයාගෙ මේ මතක විස්තර හරිම ලස්සනයි.. කියවන්න ආස හිතෙනවා... ඔහොම යං, ඔහොම යං...මමත් මේ බ්ලොග් ලෝකෙට අලුත් කෙනෙක්...
ReplyDeleteඔයා අර දිල් ගැන කියල තිබුනු එකට බොහොම ස්තුතියි... මොකද මම ඒක දැනගෙන හිටියෙ නැහැ... එයා මගේ බ්ලොග් එකටත් ඉස්සරවෙලාම ඇවිත් දිරිගන්වපු අයගෙන් කෙනෙක්....
ඉතින් පුලුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් කොමෙන්ටුවක් එහෙම දාලා යයි කියලා හිතනවා....
Miyuru >>
ReplyDeleteබොහොම සාදරයෙන් පිලිගන්නවා ඔයාව...
දිල් ගැන මම ඒ විදිහට දැන ගත්තෙත් ඉතින් බ්ලොග් කියවලම තමා...
ඔයාලගේ අහාත් මම දැන් ටිකකට කලින් ගොඩ වැදිලා ආවේ,
ඔයාගේ මතකයත් අකුරු කරන්න, අපිත් ඇවිත් බලල යන්නම් පුළු පුළුවන් වෙලාවට
දිල් මගෙ බ්ලොග් එකටත් ඇවිත් සාමාජිකයෙක් උන කෙනෙක්.
ReplyDeleteහරි. ලොකු පුතාගෙයි මගෙයි තියෙන එක වෙනසක් මම දැන් දැක්කා.
ලොකු පුතා දැන් කාර් වලට ආසා නෑ කියපු එක.
මම ඒකෙ අනිත් පැත්ත. මගෙ පුතත් එහෙමයි. දෙන්නටම කාර් බයික් ගැන obsession එකක් තියෙන්නෙ.
හරි, හැමෝම එකවගෙ වෙන්න ඕනෙ නැහැනෙ.
ඒ වුනත් මොකද දැන් කාර් වලට අකමැති?
henryblogwalker the Dude
@ Dude
ReplyDeleteඒවා හරි පාතයිනේ, ඒ නිසා මට ඕනේ ඕනේ තැන් වල යන්න බැහැ.
ඒකටත් එක්ක ජීප්.
(ඔන්න දැන් තේරුනා නේද මගේ මනාපය කාටද කියලා)
හොඳ ස්පෝර්ට් බයික් වලටනම් මම අදටත් ආසයි,
එව්වයේ නැගල ඉගිල්ලිච්ච කාලයකුත් තිබ්බ මගේ ජීවිතේ :)
තාමත් හිතේ ලොකු ඉඩක් තියෙනවා එයින් එකකට
ආ, එහෙම කියන්න එපායැ. මමත් මාර ආසයි SUV වලට. කාර් කියන එකෙන් මම තේරුම් ගත්තෙ සියලුම මෝටර් වාහන.
ReplyDeletehenryblogwalker the Dude
කියවන්න ගොඩාක් ආස දේවල් තමයි පුංචි කාලේ මතකයන්.. තවත් මහා ගොඩාක් ලියන්න,, අපි එන්නම් කියවන්න..
ReplyDelete@ වර්ණා
ReplyDeleteඔව් වර්ණා ඒ මතකයන් කොච්චර සුන්දරද
ජීවිතයේ අවසානය දක්වාම අමතක නොවෙන මතකයන් ගොන්නක්
මාත් පොඩි කාලේ අන්තිම නරක වසවර්තියෙක් කියල තමයි අම්ම නෑදෑයො එහෙම කියන්නෙ. ඥාති සහෝදර සහෝදරියන්ගෙ සෙල්ලම් කඩාකප්පල් කරන්න, සෙල්ලම් බඩු පොඩි පට්ටම් කරන්න වගේම ඒ අයට තඩි බාන්න මම හරි හපනලු :-)
ReplyDelete