අන්තිමට මේ විදිහට කීප වතාවක් ඉසුරුපායේ රස්තියාදු උනාට පස්සේ මට අපේ ගමට කිට්ටුවෙන් තියෙන අධ්‍යාපනයට ගොඩක් හොඳ බව කියවෙන ගෙදර ඉඳලම යන්න පුළුවන් ඉස්කෝලයක් ලැබුනා.
චුටි අක්කගේ අඩිපාරේ ගිහිං කොළඹ ඉස්කෝලෙකට යන්න ඕනේ වෙච්ච මට මේ ඉස්කෝල ගැන මුලින් කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් මේ ඉස්කෝලෙට ආවට පස්සේ මම තේරුම් ගත්තා මේ තමයි මට ගැලපෙනම තැන කියලා.
අර ඉස්කෝලෙන් අර බෝඩිමෙන් මිදිලා ආපහු ගමට, ගමේකම තියෙන ළමයි අතරට එන්න ලැබිච්ච එක ගැන මට පුදුම සතුටක් දැනුනේ.
එදා මුලින්ම මාව ඉස්කෝලෙට බාර දීපු දවසේ අම්මත් අපේ පන්තිය ගාව හිටියා හවස්වෙනකල්. එදා අපේ පන්තියේ සමිතියේදී ළමයින් දක්වපු දක්ෂතා දැකල අම්මටත් ගොඩක් සතුටුයි. අම්ම එදා හවස්වෙනකල් මම එනකල් හිටියේ මම මීට කලින් බස් එකේ තනියම ගිහිං නැති නිසා.
ඊට පහුවෙනිදා ඉඳල මම තනියම ඉස්කෝල ගමන පටන් ගත්තා වගේම ඒ ඉස්කෝලේ වටිනා සිහිවටන ගොඩක් මගේ ජීවිතේට එකතු කලා.
මම කලින් පෝස්ට් වල ලියපු හොරෙන් නාන්න යන ඇළ එහෙමත් තියෙන්නේ මේ ඉස්කෝලේ ගාව තමයි. අන්තිමට මම උසස්පෙළ කලෙත් මේ ඉස්කෝලේමයි.
ගුරුවරු සම්බන්ධව මට තියෙන අඳුරු මතකයන් මෙතනින් නිමා වෙන්නේ නැහැ. ඒ කතාවල් බ්ලොග් එකේ දානවද නැද්ද කියන දෙගිඩියාවක තමයි මම තාමත් ඉන්නේ. බලමු ඉස්සරහට....
...............................................................................................................
දැන් මේ කියන්න හදන්නේ 2005 වසරේදී වෙච්ච සිද්ධියක්......
මේ වෙද්දී මම උසස් අධ්‍යාපනය ලබනවා, ඒ කාලේ මට කැම්පස් එකේ ඉඳල ගෙදර යන්න එන්න බයික් එකක් අරගෙන දීල තිබුන අපේ අම්මල.
එක දවසක් මම අහම්බෙන් වගේ මගේ බයික් එකේ නැගල ඔය පැත්තෙන් ගියා. මම පිටකෝට්ටේ හිටියේ 1991 දිනේ. 2005 වෙද්දී ඒ පැත්ත මට මතක තිබුනට වැඩිය ගොඩාක් වෙනස්වෙලා. රජමහා විහාරයට හැරෙන තැනම පල්ලියකුත් හදලා. ඒ දවස්වල එතන හිස් ඉඩමක්ද කොහෙද තිබුනේ.
මට එක පාරට හිතුන අර ගෙදරට ගිහිං එන්න. ඒ ගෙදරට යන පුංචි පාර හොයා ගන්නත් බැරි උනා එක පාරටම. මම ඒ ළඟ තිබුන කඩෙන් ඇහුවා "සුනිල්රත්න" මහත්තයලගේ ගෙදරට යන්නේ කොතනින්ද කියලා. ඒ මනුස්සය කිව්වා එහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා "අර ඉසිපතනෙ වැඩ කරපු කෙනා" කියලා. ඒත් එයා දන්නේ නැහැ කිව්වා. අන්තිමට මම මට මතක විදිහට හරියි කියල හිතුන බොහොම වල් වැදිච්ච පාරකින් පහළට බැස්සා. එහෙට යන්න කලින් ඒ කඩෙන්ම කේක් ගෙඩියකුත් ගන්න මම අමතක කලේ නැහැ.
හරි එතන තමයි ගේ,,,,
ඒ ගෙදර ඉස්සර තිබ්බ පෙනුම දැන් නැහැ, ටිකක් පරණවෙලා ජරාවාස වෙලා වගේ ගතියක් තමයි මට දැනුනේ.
මම යද්දී අක්ක ගේ ඉස්සරහ ඉඳගෙන පොඩි එව්වෝ දෙන්නෙකුට කෑම කවනවා. මට මතක විදිහට එතන හිටියේ කෙළි පොඩ්ඩෝ දෙන්නෙක්ද කොහෙද, අක්ක තරුණ කාලේ මුණුවර තිබ්බ ඒ ළමයින්ගේ. අක්කනම් ඒ වෙද්දී තරමක් වයස පාටයි.
මම කවුද කියල අක්ක මුලින් අඳුනගත්තෙ නැහැ. ඉතින් මම කවුද කියල මමම අඳුන්වල දුන්නා, ඊට පස්සේ එයා සර්ට කතා කලා.
මෙන්න අර ඉස්සර අපේ ගෙදර නතරවෙලා හිටපු xxx ඇවිත් කියලා. සර් ඇවිත් මට ගේ ඇතුළට කතා කලා. මම ඉතින් සර් එක්ක ගේ ඇතුළට ගිහිං වාඩිවෙලා තේ එකක් එහෙම බොන ගමන් විස්තර කතා කලා. එයත් මගේ විස්තර ඇහුවා. මම කිව්වා මම දැන් කැම්පස් එකේ ඉගෙන ගන්නවා, තව මාස කීපෙකින් කෝස් එක ඉවරයි කියලත් කිව්වා. එයානම් දැන් හිටපු ඉස්කෝලෙන් අස්වෙලා අධ්‍යාපන කාර්යාලයේ කිව්වා වැඩ කරන්නේ. උදව්වක් ඕනෙනං කියන්න කිව්වා.
දැන් මොකටද උදව්...
මම එහෙම කිව්වේ නැහැ, හිතුනා විතරයි.
කොහොම උනත් අක්කනම් මගෙත් එක්ක වැඩිය කතා කරන්න ආවේ නැහැ, ටිකක් ලජාවෙන් වගේ තමයි එයා හිටියේ.
සමහරවිට ළමයි ලැබුනට පස්සේ අක්කල ජිවිතේ තේරුම් ගත්ත වෙන්නත් පුළුවන්. හැබැයි සර්ගේ මුණේ එදා වෙද්දීත් මම අර කපටි පෙනුම එහෙම්මම තියෙනවා කියල දැක්කා. කාලයත් එක්ක එයාගෙනම් වෙනසක් වෙලා නැහැ වගේ. ඉස්සර ඉඳලම බාගෙට තට්ටේ පෑදිලා තිබ්බ ඔළුගෙඩියේ මුදුන හරියේ තට්ටේ වහගන්න වවාගෙන හිටිය දිගු කෙහෙරැලි ටික ඒ විදිහටම තිබුනා.
එයාලගේ ළමයි එයාලගේ වයසත් එක්ක බැලුවහම ගොඩක් පොඩියි කියල මට හිතුනා. මම හිතන්නේ මේ ළමයි ලැබෙන්න ඇත්තේ ගොඩක් පස්සේ කාලෙක වෙන්න ඇති.
අන්තිමට මම අංකල් ගැනයි ඇන්ටි ගැනයි ඇහුවා. ඇන්ටි දැන් ටික කාලෙකට කලින් නැති උනාලු. අංකල් නම් බොහොම වයසට ගිහිං කන්දෙක ඇහෙන්නෙත් නැහැ. කාවවත් අඳුනගන්නත් බැහැ.
එයාට මාව අඳුන්වල දෙන්න හැදුවට හරිගියේ නැහැ.
දැන් ඒ ගෙදර වැඩකාරියෙකුත් නැහැ. මම ඒ ගැන අහන්න ගියෙත් නැහැ.
කොහොම නමුත් මම සර්ලගෙ ගෙදර ගියේ එයාලට රිද්දන්න හිතාගෙන නෙමෙයි. මම කැමතියි අතීතයේ සැරිසරන්න. ඒ වගේම මම කලින් ගෙවපු ජීවිතේකට එක පාරටම එබිලා බලන්න. ඒක මගේ එක පුරුද්දක්.
මේ වගේ කාලයක් තිස්සේ මග ඇරිච්ච ජිවිත එක පාරට හමු උනාම කලින් කොයි තරම් ප්‍රශ්න තිබුනත් මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා.
ඒ නිසා වෙන්න ඇති මට ලේසියෙන් කා එක්කවත් එක දිගට තරහවෙලා ඉන්න අමාරු.
මේ විදිහට මගේ ජිවිතයේ අවුරුද්දක් වැනි කෙටි කාල පරිච්ජේදෙකදී හමුවෙච්ච එක්තරා චරිත කිහිපයක් සම්බන්ධව මගේ හිතේ තැන්පත් වෙච්ච මතකයන් මෙතනින් නිමා වෙනවා.
මාත් එක්ක මෙච්චර දවස් රැඳී ඉඳල මගේ ඉස්කෝලෙ කාලේ 6 වසරේදී මම විඳපු බොහොම අපූරු සහ දුක්බර මතකයන් කියවපු කමෙන්ට් කරපු ඔබ හැමටම බොහොම ස්තුතියි.
චුටි අක්කගේ අඩිපාරේ ගිහිං කොළඹ ඉස්කෝලෙකට යන්න ඕනේ වෙච්ච මට මේ ඉස්කෝල ගැන මුලින් කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් මේ ඉස්කෝලෙට ආවට පස්සේ මම තේරුම් ගත්තා මේ තමයි මට ගැලපෙනම තැන කියලා.
අර ඉස්කෝලෙන් අර බෝඩිමෙන් මිදිලා ආපහු ගමට, ගමේකම තියෙන ළමයි අතරට එන්න ලැබිච්ච එක ගැන මට පුදුම සතුටක් දැනුනේ.
එදා මුලින්ම මාව ඉස්කෝලෙට බාර දීපු දවසේ අම්මත් අපේ පන්තිය ගාව හිටියා හවස්වෙනකල්. එදා අපේ පන්තියේ සමිතියේදී ළමයින් දක්වපු දක්ෂතා දැකල අම්මටත් ගොඩක් සතුටුයි. අම්ම එදා හවස්වෙනකල් මම එනකල් හිටියේ මම මීට කලින් බස් එකේ තනියම ගිහිං නැති නිසා.
ඊට පහුවෙනිදා ඉඳල මම තනියම ඉස්කෝල ගමන පටන් ගත්තා වගේම ඒ ඉස්කෝලේ වටිනා සිහිවටන ගොඩක් මගේ ජීවිතේට එකතු කලා.
මම කලින් පෝස්ට් වල ලියපු හොරෙන් නාන්න යන ඇළ එහෙමත් තියෙන්නේ මේ ඉස්කෝලේ ගාව තමයි. අන්තිමට මම උසස්පෙළ කලෙත් මේ ඉස්කෝලේමයි.
ගුරුවරු සම්බන්ධව මට තියෙන අඳුරු මතකයන් මෙතනින් නිමා වෙන්නේ නැහැ. ඒ කතාවල් බ්ලොග් එකේ දානවද නැද්ද කියන දෙගිඩියාවක තමයි මම තාමත් ඉන්නේ. බලමු ඉස්සරහට....
...............................................................................................................
දැන් මේ කියන්න හදන්නේ 2005 වසරේදී වෙච්ච සිද්ධියක්......
මේ වෙද්දී මම උසස් අධ්‍යාපනය ලබනවා, ඒ කාලේ මට කැම්පස් එකේ ඉඳල ගෙදර යන්න එන්න බයික් එකක් අරගෙන දීල තිබුන අපේ අම්මල.
මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ මගේ බයික් එක වගේම බයික් එකක පින්තුරයක්.. |
මට එක පාරට හිතුන අර ගෙදරට ගිහිං එන්න. ඒ ගෙදරට යන පුංචි පාර හොයා ගන්නත් බැරි උනා එක පාරටම. මම ඒ ළඟ තිබුන කඩෙන් ඇහුවා "සුනිල්රත්න" මහත්තයලගේ ගෙදරට යන්නේ කොතනින්ද කියලා. ඒ මනුස්සය කිව්වා එහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා "අර ඉසිපතනෙ වැඩ කරපු කෙනා" කියලා. ඒත් එයා දන්නේ නැහැ කිව්වා. අන්තිමට මම මට මතක විදිහට හරියි කියල හිතුන බොහොම වල් වැදිච්ච පාරකින් පහළට බැස්සා. එහෙට යන්න කලින් ඒ කඩෙන්ම කේක් ගෙඩියකුත් ගන්න මම අමතක කලේ නැහැ.
හරි එතන තමයි ගේ,,,,
ඒ ගෙදර ඉස්සර තිබ්බ පෙනුම දැන් නැහැ, ටිකක් පරණවෙලා ජරාවාස වෙලා වගේ ගතියක් තමයි මට දැනුනේ.
මම යද්දී අක්ක ගේ ඉස්සරහ ඉඳගෙන පොඩි එව්වෝ දෙන්නෙකුට කෑම කවනවා. මට මතක විදිහට එතන හිටියේ කෙළි පොඩ්ඩෝ දෙන්නෙක්ද කොහෙද, අක්ක තරුණ කාලේ මුණුවර තිබ්බ ඒ ළමයින්ගේ. අක්කනම් ඒ වෙද්දී තරමක් වයස පාටයි.
මම කවුද කියල අක්ක මුලින් අඳුනගත්තෙ නැහැ. ඉතින් මම කවුද කියල මමම අඳුන්වල දුන්නා, ඊට පස්සේ එයා සර්ට කතා කලා.
මෙන්න අර ඉස්සර අපේ ගෙදර නතරවෙලා හිටපු xxx ඇවිත් කියලා. සර් ඇවිත් මට ගේ ඇතුළට කතා කලා. මම ඉතින් සර් එක්ක ගේ ඇතුළට ගිහිං වාඩිවෙලා තේ එකක් එහෙම බොන ගමන් විස්තර කතා කලා. එයත් මගේ විස්තර ඇහුවා. මම කිව්වා මම දැන් කැම්පස් එකේ ඉගෙන ගන්නවා, තව මාස කීපෙකින් කෝස් එක ඉවරයි කියලත් කිව්වා. එයානම් දැන් හිටපු ඉස්කෝලෙන් අස්වෙලා අධ්‍යාපන කාර්යාලයේ කිව්වා වැඩ කරන්නේ. උදව්වක් ඕනෙනං කියන්න කිව්වා.
දැන් මොකටද උදව්...
මම එහෙම කිව්වේ නැහැ, හිතුනා විතරයි.
කොහොම උනත් අක්කනම් මගෙත් එක්ක වැඩිය කතා කරන්න ආවේ නැහැ, ටිකක් ලජාවෙන් වගේ තමයි එයා හිටියේ.
සමහරවිට ළමයි ලැබුනට පස්සේ අක්කල ජිවිතේ තේරුම් ගත්ත වෙන්නත් පුළුවන්. හැබැයි සර්ගේ මුණේ එදා වෙද්දීත් මම අර කපටි පෙනුම එහෙම්මම තියෙනවා කියල දැක්කා. කාලයත් එක්ක එයාගෙනම් වෙනසක් වෙලා නැහැ වගේ. ඉස්සර ඉඳලම බාගෙට තට්ටේ පෑදිලා තිබ්බ ඔළුගෙඩියේ මුදුන හරියේ තට්ටේ වහගන්න වවාගෙන හිටිය දිගු කෙහෙරැලි ටික ඒ විදිහටම තිබුනා.
එයාලගේ ළමයි එයාලගේ වයසත් එක්ක බැලුවහම ගොඩක් පොඩියි කියල මට හිතුනා. මම හිතන්නේ මේ ළමයි ලැබෙන්න ඇත්තේ ගොඩක් පස්සේ කාලෙක වෙන්න ඇති.
අන්තිමට මම අංකල් ගැනයි ඇන්ටි ගැනයි ඇහුවා. ඇන්ටි දැන් ටික කාලෙකට කලින් නැති උනාලු. අංකල් නම් බොහොම වයසට ගිහිං කන්දෙක ඇහෙන්නෙත් නැහැ. කාවවත් අඳුනගන්නත් බැහැ.
එයාට මාව අඳුන්වල දෙන්න හැදුවට හරිගියේ නැහැ.
දැන් ඒ ගෙදර වැඩකාරියෙකුත් නැහැ. මම ඒ ගැන අහන්න ගියෙත් නැහැ.
කොහොම නමුත් මම සර්ලගෙ ගෙදර ගියේ එයාලට රිද්දන්න හිතාගෙන නෙමෙයි. මම කැමතියි අතීතයේ සැරිසරන්න. ඒ වගේම මම කලින් ගෙවපු ජීවිතේකට එක පාරටම එබිලා බලන්න. ඒක මගේ එක පුරුද්දක්.
මේ වගේ කාලයක් තිස්සේ මග ඇරිච්ච ජිවිත එක පාරට හමු උනාම කලින් කොයි තරම් ප්‍රශ්න තිබුනත් මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා.
ඒ නිසා වෙන්න ඇති මට ලේසියෙන් කා එක්කවත් එක දිගට තරහවෙලා ඉන්න අමාරු.
මේ විදිහට මගේ ජිවිතයේ අවුරුද්දක් වැනි කෙටි කාල පරිච්ජේදෙකදී හමුවෙච්ච එක්තරා චරිත කිහිපයක් සම්බන්ධව මගේ හිතේ තැන්පත් වෙච්ච මතකයන් මෙතනින් නිමා වෙනවා.
මාත් එක්ක මෙච්චර දවස් රැඳී ඉඳල මගේ ඉස්කෝලෙ කාලේ 6 වසරේදී මම විඳපු බොහොම අපූරු සහ දුක්බර මතකයන් කියවපු කමෙන්ට් කරපු ඔබ හැමටම බොහොම ස්තුතියි.
උඹේ කතා සෙට් එකම කියවගෙන යද්දී මටත් මගේ ජිවිතේ කතා ගොඩක් මතක වුනා.මිස්ගේ වතුර බෝතලේ ගැන ලිව්වෙත් මේ පොස්ට් ටික නිසා.
ReplyDeleteඒ කාලේ අඳුරු මතකයන් දැන් සොඳුරුයි කියල හිතෙනවා නේද?
මට ලංකාවෙ ඉස්කෝලෙ මතකයන් තියෙන්නෙ 4 වසරට එනකම් විතරයි.....හැබැයි මම ඒ කාලෙ කොල්ලෙක් වගේ පෝරිසාද වැඩ කරල තියෙන්නෙ ගොඩක්ම......!
ReplyDeleteමමත් ටික කාලයක් බෝඩිං ජීවිතේ හිටියා..මේ කථා සෙට් එකම කියෙව්වේ ඒවා මතක් කර කර..කාපු කටු ගැන පෝස්ට් එකක් ලියන්න හිතෙනවා.මේ හා සමානම කටුක අත්දැකීම් ගොඩක් ලැබුනා ඒ අවුරුදු 4 ට....එළ එළ මේ ඇත්තම ගේ ද?.....
ReplyDeleteලියමු ලියමු... උඹටත් හොඳ හොඳ අත්දැකීම් නැතෑ.
Deleteඋඹ දැනටත් ලියන ඒවා එක්ක බැලුවහම, උඹනම් බෝඩින් වල මොනවා කරාද කියල හිතා ගන්නවත් නැහැ
ඔව් බං... මම මේ වෙනතුරු බ්ලොග් එකේ ලියල තියෙන හැම දෙයක්ම මම අත්දැකපු දේවල්
කමෙන්ට් වලට වෙනවෙනම පිළිතුරු දෙන්න පුළුවන් පහසුකමක් දාල තියෙනවා කියල දැක්කේ දැන් :))
නියමයි...අර අන්තිමට කිව්වා වගේ මමත් හරිම කැමතියි පරණ චරිත මුණ ගැහෙන්න..පරණ මතක පිරුන තැන් වලට යන්න...ඒත් ඒවා වෙනස් වෙලා තිබුනොත් (හොඳ හෝ නරක දෙපැත්තටම) ලොකු දුකක් දැනෙනවා..
ReplyDeleteමටත් ඒ දුක දැනෙනවා... හැබැයි එහෙම දැනෙන්නේ මම ගොඩක් ආදරේ කරපු තැනක් වෙනස්වෙලා තියෙනවා දැක්කහම තමයි
Deleteමට ඕනේ උනේ මේ මිනිස්සුන්ට(මට හොඳින් හිටියේ නැති උනත්) කොහොමද කියල විස්තර බලා කියාගෙන එන්න නිසා මෙතනදිනම් දුකක් දැනුනේ නැහැ
ලොක්කා ජිවිත පොතේ පරිච්චේද කිහිපයක් අපිත් එක්ක දිග හැරිය උබට ඉස්තුතී සහෝ....
ReplyDeleteමගේ කතා කියවලා හැමදාම වගේ වචනයක් හරි කියල ගිය උඹලට මමයි බං ස්තුති කරන්න ඕනේ....
Deleteඉස්කොලේ ඔය අට නවය වගේ හිටිය කාලේ මතක් වෙනකොට දැන් නම් දුක හිතෙනවා අය ඒ කාලේ එන්නේ නෑ නේ ද කියලා.බීටගේ බ්ලොගේ පැත්තෙත් කැරකිලා යන්න එන්න හරිය...........
ReplyDeleteපුංචි කාලේ ආපහු එන්නේ නැති එක ගැනනම් ලොකු දුකක් තමයි තියෙන්නේ...
Deleteකමෙන්ට් කරන්න බැරි උනාට මම ඊයෙත් ඒ පැත්තට ඇවිත් ගියා
අදනම් ඇවිත් කමෙන්ට් කරලම ආවා :))
හැම අක්කකෙනෙක්ම වගේ ඒ අක්කත් තැන්පත් වෙලා:)
ReplyDeleteකාලයේ වෙනස...
Deleteඔහොම තමයි බං, අපි උනත් ඉස්සර ජිවිතේ ගැන හිතපු විදිහට නෙමෙයිනේ දැන් හිතන්නේ
බෝඩින් ගැන නම් ඕනෙ තරම් කතා කරන්න පුළුවන් නේද ලොකූ....මොකද මේ කාලෙකට පස්සෙත් ආයෙම අර පැත්තට ගියේ...?? රෝහිණිගේ මෝහිනී මතක් වෙලාද ?
ReplyDeleteඒකනම් ඇත්ත දිල්...
Deleteඅනේ නැහැ, මම ගියේ එහේ විස්තර කොහොමද කියල දැනගන්න එක පාරට ආසාවක් ඇති වෙච්ච නිසා මිසක් මෝහිණී නිසානම් නෙමෙයි ඕන්..
ඔව්ව ඔහොම තමයි. මිනිස්සු සමහර දේවල් තේරුම් ගන්න මට්ටමට පරිනත වෙන්න කාලයක් යනව. සමහරු මැරෙනකම්ම එහෙම වෙන්නෙ නෑ. මිනිස් ස්වභාවය. සුන්දර අත්දැකීම් වලට වඩා කටුක අත්දැකීම් ජීවිතයට පාර කියල දෙනව.
ReplyDeleteඒකනම් සහතික ඇත්ත...
Deleteඅපිට පන්නරයක් ලබා දෙන්නේ අපි ලබපු අඳුරු මතක මිසක් සුන්දර මතක නෙමෙයිනේ
ඔයා නියමයීනේ ලොකු අයියේ. ඒහෙම තමයී හොද අය. තමන් හිටපු තැන් කවදාවත් අමතක කරන්නේ නෑ.
ReplyDeleteහිටපු තැන් අමතක කරනවට වැඩිය මම පරණ මතක වලට ආස නිසා තමයි බට්ටි මේ ගමන ගියේ...
Deleteමොනවා උනත් ඒ මිනිස්සු මට දවසක් හරි කන්න දීපු එක අමතක කරන්නත් බැහැ තමයි
කවුරු අතිනුත් වැරදි වෙනවනේ
මුල ඉඳන්ම බලන්න වෙනව.. නැත්තන් කතාව දන්නෙ නෑනෙ.. උඩින් බලාගෙන යද්දි රෝහිණී මෝහිණී නම් දැක්ක.. මගේ කෙල්ලො දෙන්න එහෙම නෙමෙයිනෙ.. ;)
ReplyDeleteඒක හොඳයි, නැත්නම් කතාව ග්‍රීක් වගේ තියෙයි :)
Deleteඑකෙක්නම් උඹේ කෙල්ලෙක්ද කියලත් සැකයි, යක්ෂ පෙනුමක් තමයි තිබ්බේ
ශා....නියම බයික් එකක්නෙ තිබිල තියෙන්නෙ......බයික් එක හින්දමත් කෙල්ලො සෙට් වෙන්න ඇති...හෙහ්...හෙහ්....
ReplyDeleteමාත් ගිය වතාවක ලංකාවට ආපු වෙලාවේ පොඩි කාලෙ හිටපු ගෙදර බලන්න ගියා.
මේ පාර ආවම , ගිය ඉස්කෝල බලන්න යන්න හිතං ඉන්නව.
ප. ලි.
කොමෙන්ට් අකුරු සයිස් එක ලොකු කරන විදියක් දන්නව නං මේකට ඊයක් එවනවද? sanathwijewardene@gmail.com Thanx
මොන කෙල්ලොද, ඕක නිසා සෙට් වෙන්න තිබ්බ ඒවත් නැති උනා මිසක් :))
Deleteමමනම් ගිය පාර නිවාඩු ගියාම ඉස්කෝලෙ ගාව පොඩ්ඩ වෙලාවක් නතරවෙලා ඉඳල බලාගෙන ඉඳල ගියා හවස් වරුවක
හැබැයි දැන් එතන අපේ නෙමෙයි වගේ තමයි දැනෙන්නේ
ඔබා මාමේ මම තව පොඩ්ඩෙන් බලන්නම් වැඩේ කරන්න පුළුවන්ද කියලා
පුළුවන් උනොත් ඔයාගේ දිහාවට ඇවිත් කමෙන්ට් එකක් දාලම කියන්නම්
@අසරණයගේ බෝතල් සීන් එක කියවද්දි මට තේරැනා ලොකු පුතාගෙ කතාවලින් මතක් වෙන්න ඇති කියලා..
ReplyDeleteඅපරාදේ අක්කගෙ කතා ඉවරද? තව ඒ වගේ සීන් තියෙනවනම් දාන්ට..
රෝහිනීට මොකද එතකොට වුනේ ?
අපි ගොඩ දෙනෙක්ගේ හිත් ඇතුලේ මේ වගේ කතා තියෙනවා බං...
Deleteඒ වගේම නැතත් තව ලියන්නනම් ගොඩක් දේවල් තියෙනවා
හිමි හිමීට ලියන්නම්කො ඒවත්...
රෝහිණීටනම් මොකද උනේ කියල දන්නේ නැහැ කොල්ලෝ
සමහර විට පස්සේ කාලෙක අක්කම සීන් එක හොයාගෙන එලවල දැම්මද දන්නේ නැහැ පවුලේ සාමය රැකගන්න
මචං ස්ට්‍රයික් එකක් කරල එලවපු සර් කෙනෙක් කීව නේද??
Deleteස්ට්‍රයික් එක ගැන කතාවක් ඇදිල ආවේ ඉස්කෝලෙ මුල් ගුරුතුමා සම්බන්ධව...
Deleteමම නතරවෙලා හිටපු සර් නමයි, අර යාළුවා කියපු විදිහට එයා ඒ ඉස්කෝලෙත් මුල් ගුරුතුමා විදිහටම හිටිය කියල තමයි කිව්වේ
මේ කතාවේ නිවැරදි භාවය ගැන මම දන්නේ නැහැ මචං
අපිට ඒ කතාව කියපු යාළුවා එහෙම තමයි කිව්වේ, ඒත් ඉතින් ඌත් ඒ කාලේ පොඩි එකෙක්නෙ
කොහොම නමුත් මට ඒ ඉස්කෝලෙන් ගැලවිලා එන්න මග පෑදුනා ඒ කතාව නිසා
කැළණිය පැත්තේ ඉස්කෝලයක් කියපු නිසා මම පොඩ්ඩක් හෙව්වේ.. මොකද අපේ එකෙත් එහෙම සීන් එකක් වුණා. ඒ මුල් ගුරැතුමාද දන්නේ නැහැ ඔහෙට ආවේ
Deleteවෙන්නත් පුළුවන්...
Deleteහැබැයි මට ඒ ප්‍රින්සිපල්ගේ නමනම් මතක නැහැ
මම වගේනම් ආයෙම ඒ මතක හොයාගෙන යන්නේ නෑ.. ඒත් අයියා එහෙම ගිය එක ගැන මට සතුටුයි...
ReplyDeleteරෝහිණි ගැන ආරංචියක් නැද්ද එතකොට...
මගේ ඉතින් ඔය වගේ පිස්සු වැඩ තියෙනවනේ බං...
Deleteඒ නිසා තමයි ඒ ගෙදර හොයාගෙන ගියේ
රෝහිණී ගැනනම් මම හොයල බැලුවේ නැහැ :)
හරි ඒ සීරීස් එක ඉවර වුනාට තව සීරීස් තියෙනවනෙ. ඒවත් දාන්නකො!
ReplyDeletehenryblogwalker the Dude
ඔව් ඔව් කතානම් එමටයි... හිමීට ලියාගෙන යන්නම්කෝ
Delete@ අසරණයා
ReplyDeleteවතුර බෝතලේ කතාව කියෙව්වහමනම් ගොඩක් දුක හිතුන මචං.
සුන්දර මතක වලට වැඩිය හැමදාම අපේ මතකෙට එන්නේ අපිට පන්නරය ලබා දීපු අඳුරු මතක තමයි සහෝ...
@ වින්චැට්කිරිල්ලි.
ReplyDeleteඅපිනම් ඉතින් 4 වසර විතරක් නෙමෙයි ඊට පස්සේ ඔක්කොම වසරවල් ටිකත් ලංකාවට වෙලා නිදහසේම අධ්‍යාපනය ලබපු අයනේ
///හැබැයි මම ඒ කාලෙ කොල්ලෙක් වගේ පෝරිසාද වැඩ කරල තියෙන්නෙ ගොඩක්ම......!///
ඉතින් එව්වත් ටිකක් ලියමු බලන්න
ආආආ... එහෙම කරන්නත් බැහැනේ ඔයාගේ බ්ලොග් එකේ... නේද
හැංගිලා ඉන්නත් එපැයි
ඔය වගේ අතීතේ සැරි සරන්ට මාත් නම් හරි කැමතියි. ලස්සන අතීතෙකට අපිව අරං ගියාට ස්තූතියි. :)
ReplyDeleteඅපි හැමෝම අතීතයට මනාපයි නොවැ පොඩ්ඩියේ
Deleteබොහොම ස්තුතියි මගේ කතාව කියවල ඔයාගේ අදහස් කියා පෑවට
අම්මෝ ලොකු ට අසුන්දර ලමාකාලයක් තමයි හම්බෙලා තිබුනේ. ඒ ගැන නම් ගොඩාක් දුකයි. ඒත් ඒ අත්දැකීම් වලින් ගත්ත පන්නරය අනාගතේදී වටිනවා
ReplyDeleteහපොයි නැහැ නංගි,
Deleteමට තිබුනේ බොහොම සුන්දරම සුන්දර ළමා කාලයක්
මේ කතා පෙලෙන් කියවුනේ නරක සිදුවීම් චුට්ටක් තිබුන ඒත් මම සුන්දරයි කියල සලකන මගේ ළමා කාලයෙන් හොඳම අවුරුද්දක් තමයි
දුක් වෙන්න දෙයක් නැහැ නගෝ...
මේ සිද්ධ වෙච්ච දේවල් වලින් මට කිසිම පාඩුවක් උනේ නැහැනේ
ඒ වගේම ඒ දවස් වලවත් අදටත් මට මෙව්වා ගැන දුකක් නැහැ
මට හරි සුන්දර විදිහට තමයි මේවා පේන්නේ, ඒකනේ මම එයාලව බලන්නත් ගියේ
ලොකු එහෙම හිතන එක ගොඩාක් හොදයි. අපි කව්රුත් මිනිස්සුනේ
Deleteලස්ස්නයි..මතකයන් අතර සැරි සැරීම එක වෙලාකට සතුටක් උනත් තවත් වෙලාවකට දුකක්.
ReplyDeleteමුලින්ම පුංචි කුමාරිව සාදරයෙන් පිළිගන්නවා...
Deleteඒක ඇත්ත... මතකය හිත සතුටු කරනවා වගේම හිත රිදවන වෙලාවලුත් තියෙනවා නේන්නම්.
මොනා උනත් මමනම් මතක වලට කැමතියි
ඇත්තටම බෝඩිමක ඉන්නව කියන්නෙ අමුතුම දෙයක් එහෙම ඉඳල අපිට ලැබෙන අත්දැකීම් කියල නිම කරන්න බෑ...මම ඔක්කොම කියෙව්ව ලස්සනට ලියල තියෙනව....ජය වේවා එහෙනම්...!!!
ReplyDeleteඔබව සාදරයෙන් පිලිගන්නවා මගේ පුංචි බ්ලොග් එකට.
Deleteබෝඩින් ජිවිතේ හොඳ සහ නරක අත්දැකීම් දෙකම ලබා දෙනවා තමයි
නමුත් පුංචි කාලේ ගෙදරින් පිට ජීවත්වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියල මට හිතෙනවා
ලොකූ ඔයාගේ මේල් ඇඩ්රස් එක මගේ කමෙන්ට් බොක්ස් එකට දාලා එවන්න පුළුවන්ද?
ReplyDeleteමම දැන් ටිකකට කලින් ඔයාගේ පණිවිඩේ දැක්කේ.
Deleteහරි මේල් ඇඩ්රස් එක එව්වා....
පරණ මතක නම් හරිම සුන්දරයි තමා දැන් මතක් කරනකොට.... ඒත් සමහර ඒවා විඳිනකොට නම්.... ආපෝ....
ReplyDeleteඅම්මගේ කමෙන්ට් එක මට මග ඇරිලා
Deleteසමා වෙන්න ඒ ගැන
ඒක ඇත්ත, ඒ කාලේ ජිවිතේ විඳපු බොහොම අසුන්දර අත්දැකීම් දැන් මතක් වෙද්දී පේන්නේ සුන්දර වෙලා තමයි :)
ඔයාගෙ කමෙන්ට් එකේ මුල්ම වචනෙ දැක්කම මට හිනා ගියා....මට හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්නැත්තෙ කියල.... මෙච්චර කල් දූල දෙන්නෙක් උන්නු මට එහෙනම් ලොකු පුතෙකුත් ඉන්නව දැන් ඈ....හික්...හික්...හික්...
Deleteආ... පොඩි අත්වැරද්දක් වෙලානේ
Deleteමම වගේ ලොකු පුතෙක් ලබන්න තරම් අක්ක පිං කරලා තියෙනවා එහෙනම් :)