මම නැති අතරේ මගේ කරත්තේ නැති නාස්ති කොරල දාල තිබුනා අපේ මලයා. එයාට අක්කල කියන්නේ පොඩි මල්ලි නිසා මමත් එයාට කියන්නේ පොඩි මල්ලි කියලයි. අන්තිමට අපි දෙන්න පුරුදු විදිහට සෙල්ලම් කරන්න පටන් ගත්තා. බට තුවක්කුද, සෙල්ලම් කරත්තද, ඒ අස්සේ ගෙදර වැඩයි මේ හැම එකක්ම අතරේ කොහොමින් කොහොම හරි මේ නිවාඩුවත් බොහෝම නරක විදිහට ඉක්මනටම ගෙවිල ගියා. නිවාඩුව ඉවර වෙලා ආපහු බෝඩිමට යන දවස තමයි මේ ලෝකේ තියෙන එපාම කරපු දවස.
ඇයි අපිට ඉස්කෝලේ නොයා ඉන්න බැරි කියල හිතිච්ච දවසුත් තිබුනා හරියට. ආපහු ඉතින් බර වෙච්ච හිතත් අරගෙන අක්කලාගේ බෝඩිමට ගියා නිවාඩුවෙන් පස්සේ. කරුම බෝඩින් ජිවිතේ.
මම ශිෂ්‍යත්වේ පාස් වුනාට පස්සේ අම්මල කවකටු පෙට්ටියකුයි තීන්ත පෑනකුයි අරගෙන දුන්නා. ඒ ඇරෙන්න මට වෙන කාගෙන්වත් කිසිම දෙයක් ලැබුනේ නැහැ. ඊට පස්සේ මම ලබපු ජයග්‍රහණ වලට කියලත් කිසිම දෙයක් මට ලැබිල නැහැ පිට අයගෙන්. හැබැයි අම්මගේ මුණේඋතුරන ආදරේත්, තාත්තගේ මුණේ උතුරපු සතුටත් මට නොඅඩුව ලැබිල තියෙනවා.
මම මේ කියන දවස්වල (1991) තීන්ත පෑනක් කියන්නෙත් අපිට මහමෙරක් වගේ වටින වස්තුවක්. මගේ මේ වටිනා කියන වස්තුන් ටික මම නිවාඩුවට ගෙදර එද්දී ගෙදර අරගෙන එන්නේ නැහැ, මට දීල තිබුන මේස ලාච්චුවේ දාල වහල තියල තමයි මම ගෙදර එන්නේ. මොනවා හරි ඉස්කෝලේ වැඩක් කරන්න දීල තියෙනවනම් ඒ පොත් ටික විතරක් මම අරගෙන එනවා. ඒ ඉස්කෝලෙ මිස්ලා නිවාඩු කාලේදී ගෙදරදී කරගෙන එන්න කියල ගොඩක් වැඩ දුන්නේ නැහැ. ඒ අතින්නම් මාර හොඳයි.
වෙනද වගේම තාත්ත මාවයි, චුටි අක්කවයි එක්කගෙන කොළඹ ආව. මුලින්ම අපි චුටි අක්කගේ හොස්ටල් එකට ගිහිං එයාව එහෙට ඇරලවලා ආව. ඊට පස්සේ මම. බෝඩිමට ගිහිං මාව ඇරලවපු තාත්ත ආ පයින්ම වගේ ආපහු යන්න ගියා. තාත්ත ගියාට පස්සේ මම කාමරේට ගිහිං ඇඳුම් එහෙම මාරු කරගෙන මුණකට හෝදගෙනම ආවා. අක්කත් මගෙන් ගෙදර විස්තර එහෙමත් ඇහුවා. දවස සාමාන්‍යය විදිහට ගෙවී යමින් තිබුනේ. ඒත් මම අහම්බෙන් වගේ ලාච්චුව ඇරලා බැලුවා. කවකටු පෙට්ටිය තියෙනවා. ආආආ.. කෝ මේ කවකටුවේ තුඩ, ඒ මදිවට ඒක උණුවෙලා ගිහිං, කළු ගැහිලත් එක්ක. මට හරි දුක හිතුනා ඒකට වෙලා තිබ්බ විනාසේ දැක්කහම.
මම ගිහිං අක්කාගෙන් ඇහුවා මේකට ඔයගොල්ලෝ මොනවහරි කලාද කියලා. එතකොට අක්ක කිව්වා "බලන්නකෝ xxx... සර් ඕක ගෑස් ලිපට අල්ලලා රත්කරලා මොකක්ද මන්ද ප්ලාස්ටික් භාජනයක් හිල් කරන්න හැදුවා, රස්නේ වැඩි කමට වෙන්න ඇති, ඒක උනුවෙලා ගියා" කියලා.
ඔයාට මොනවහරි වැඩක් කරන්න තියෙනවනම් අංකල්ගේ කන්තෝරු කාමරේ තියෙන ලාච්චුවේ තියෙන කවකටුව අර ගන්න කියලා. අංකල් ඉස්සර වැඩ කරලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට. එයා තාමත් සමහර වෙලාවට ලොකු කඩදාසි කොළ මෙසේ උඩ එලාගෙන ඒ වගේ වැඩ කරනවා මම දැකල තියෙනවා. ඒත් ඉතින් එයා ගාව තියෙන ලොකු කවකට්ටෙන් මට වැඩක් නැතිබව එයාලට තේරෙන්නේ නැද්ද. අනික ඒක මට තියාගන්න දෙන්නෙත් නැහැනේ. මගේ කවකටුව කැඩුවට ඒ වෙනුවෙන් අලුත් එකක් අරගෙන දෙන්න එයාල උනන්දු උනේ නැහැ, මටත් අලුත් එකක් ඉල්ලන්න පුළුවන් කමක් තිබුනෙත් නැහැ. අන්තිමට උනේ මට තෑගී ලැබුණු කවකටුව නැති වෙච්ච එක විතරයි.
සමහර දවස් වලට මමයි රෝහිණීයි නින්ද යනකල් ගෙවල් වල විස්තර කතා කරනවා. කතා කරනවා කිව්වට, රෝහිණි මගෙන් අහනවා අපේ ගෙදර විස්තර. මම ඒවාට උත්තර දෙනවා. මට කලින් රෝහිණි නිදා ගන්න දවසුත් තියෙනවා. මම සමහර දවස්වලට ඉස්කෝලේ වැඩ මොනවහරි කරකර ඉඳලා පරක්කු වෙලා නිදා ගන්නවා.
එක දවසක් රෝහිණි කලින්ම නිදා ගත්තා, මමත් පාඩම් වැඩ වගයක් කරලා නිදා ගන්න ගියාට රස්නේ වැඩි කමට හරියකට නින්ද යන්නේ නැහැ.
කොහොමටත් මේ කාලේ වෙද්දී එහේ ගෙදර හරි රස්නෙයි,
මෙහෙම අමාරුවෙන් නිදා ගත්තු මට කොරේ පිටට මරේ කියන්නැහේ මහ රෑ ඇහැරුනා චූ බරක් හැදිලා. මම ඉතින් නැගිටලා චූ දාන්න යන්න කාමරේ ලයිට් එක දැම්මා. දොරට කිට්ටුවම තියෙන බුරු ඇඳේ නිදාගෙන හිටපු රෝහිණීව දැකපු ගමන් මගේ චූ බරත් කොහෙන් ගියාද කියල නැති උනා. මහ රෑ 12 ට මෝහිණීව දකින මනුස්සයෙක් බයවෙන තරමට මම බය උනාද කොහෙද. බෝඩිමේ අක්ක එදා බාගෙට හරි වහගෙන හිටපු ටික රෝහිණී එළියට දාගෙනම නිදි. මේ පාරනම් මාව හොඳටම බය උනා,
ඊඊඊඊඊ...... ඇයි මේ @#&$^@*.....!!
ඉක්මනට සිහි එළවාගත්තු මම කාමරෙන් එළියට ගියේ කිසි සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න. හැබැයි මම එළියට ගියේ කාමරේ ලයිට් එක දාල. නැත්නම් මට ආපහු එන්න පාර පේන්නේ නැහැනේ. මම ගිහිං චූ දාල ආවට පස්සෙත් එයා එහෙම්මමයි. එහේ ගේ ඇතුළෙම නාන කාමරයක් තිබුණු නිසා හොඳයි. නැත්නම් කලිසමේම චූ යනවා මට.
ඊට පස්සේ ලයිට් එක නිවල දාල මම නිදා ගන්න ගියා, ඒත් නින්ද මගේ ගාවට එන්න ටික වෙලාවක් නෙමෙයි ගොඩ වෙලාවක්ම ගියා. ඇයි ඉතින් මෙච්චර පොඩි වයසකදී දකින්න ඕනේ දෙයක්ද දැක්කේ.
!@~$#$ #* ^$ *^, >?:*&)-(

කිරි අප්පට බල්ලා පැනපි කිව්වලු...ලොකු පුතා ලොකු උනාට පස්සෙත් ඔය බෝඩිමේ හිටියද හැබෑටම?
ReplyDeleteහප්පේ රෝහිනීගේ මෝහිනීනේ දැකලා බය වෙලා තියෙන්නේ...හික් හික් දැං නං බයවෙයි ඕවට නේ...මගෙත් මුල්ම නටරාජ් කවකටු පෙට්ටිය තාම මතකයි....
ReplyDeleteහිකීස්... කවදහරි ඔය මෝහිනීව දකින්න් වෙනවනේ කියලා හිත හදා ගත්තෙ නැතිද ?
ReplyDeleteරෝහිනීගේ මෝහිනීව ඔය අපූරුවට දැකලා තියෙන්නේ?? දැකලා නෙමේ බලලා තියෙන්නේ.....හි හී...පෙව්න හන්දා දකින්න ඇති කියලා අපි හිතමුකෝ...එහෙම නොවැ ලියලා තියෙන්නෙ....
ReplyDeleteහොද වෙලාවට ඒ කාලේ ඔය මෝහිණි දැක්කේ..
ReplyDelete!@~$#$ #* = කවකටුව ???
ReplyDeleteරෝහිණීට කවකටුවෙන් ඇන්නේ නෑ නේද?
ReplyDeleteහක..හක්..හික්..ඇඩ්‍රස් නැ යකො..ඇඩේනව..උබ 5 වසරෙදිම විෂ්වවිජ්ජාලේ ගොහින් නෙව.
ReplyDeleteඔයාට තිබ්බේ අම්මලා දෙන සල්ලී වලින් පැණිරස නොකා රෝහිණීට දිග කලිසමක් අරන් දෙන්න.
ReplyDeleteහපුච්චියේ......උඹත් ඉතින් අහක බලාගෙනම ඉන්නැති නේ..අපිත් ඉතින් එහෙම හිතාගන්නම්කෝ................
ReplyDeleteතොවිලයක් කරන්න ඕනේ උනේ නැහැනේ..උඹට හොඳටම ෂුවර් ද උඹ නැවතිලා හිටියේ සර් කෙනෙක්ගේ ගෙදරක කියල.සමහරවිට පියන් කෙනෙක්ද දන්නේ නැ..
ReplyDeleteහෙහ් හෙහ් ඔහොමත් පොඩි එවුන් බය කරන එක හරිද?
ReplyDeleteඅපෝ ලොකු මොනාද ඒ බෝඩිම ශික් විතරක්..
ReplyDeleteඅපොයි දෙවියනේ.....!
ReplyDeleteබට්ටි කිව්ව වගේ ඔයාට තිබුනෙ එයාට කලිසමක් අරන් දෙන්න....
@ සයුරි
ReplyDeleteහික්...බල්ලෙක් පැන්නනම් ගලක් හරි ගහන්න තිබ්බා, ඒත් මේකට...?
මගේ පාසල් ලිස්ට් එකේ තව පාසලක් තියෙනවා කියල විතරක් කියන්නම්කෝ දැනට
@ ඔබ නොදුටු ලොවක්
ReplyDeleteඔව් බං බයවෙන වැඩමයි උනේ ඒ බෝඩිමේදී...
දැන්නම් ඉතින් රෝහිණි නෙම්වෙයි මෝහිණීටවත් බය නැහැ :))
@ Weni
ReplyDeleteපිස්සුද බං අයියේ,
ඉස්සරහට ඔහොම ඒවා දකින්න වෙනවා කියන එකවත් දැනගෙන උන්නේ නැහැ බං ඒ වයසේදී
@ කතන්දර Kathandara
ReplyDeleteඋපකල්පනය වැරදියි
!@~$#$ #* = කවකටුව X
මෙන්න මට ඒ වෙලාවේ හිතිච්ච සමාන වචනේ
http://i40.tinypic.com/w2ggif.jpg
එහෙම වෙන්නේ කොහොමද, ඒ සන්ධියේ මං හිච්චි එකා වෙච්චි...
@ Raj
ReplyDeleteහා හා... කට වරද්ද ගන්නවා එහෙම නෙමෙයි, 5 නෙමෙයි 6 වසරේ
@ බට්ටි
ReplyDeleteහැමදාම රෑට බය වෙන්න උනානම් එහෙම මට කරන්න ඉතුරු වෙන්නේ ඒක තමයි :)
@ කෝඩුකාරයා
ReplyDeleteඔය ඔය... පොඩි එව්වන්ව නරක් කරන්න හදනවා
බැලුවා නෙමෙයි බොල දැක්කා මිසක් :((
@අසරණයා
ReplyDeleteමමත් දන්නේ නැහැ මචං ඒ සර් ඉස්කෝලේ ගිහිං මොනවද කලේ කියලා
උඹල දැන්මම බුවාට ඔහොම කියනවනම් තව ඉස්සරහට.....?
@ ``` Outsider```
ReplyDeleteඒකනේ, මෙයාලට ඒකවත් තේරෙන්නේ නැහැ
අනික මම හිටියේ 6 වසරේ, ඉතින් බය නොවී පුළුවන්ද
@ වර්ණා
ReplyDeleteමොනවා කරන්නද නංගි, ඉස්කෝලේ හොස්ටල් නැති නිසා හොයාගන්න ලැබිච්ච තැන තමයි මේ
@ වින්චැට්කිරිල්ලි.
ReplyDeleteඑහෙම කරලා කොහොමද...
එතකොට මම ටොපි චොකලට් එහෙම කන්නේ නැද්ද :(
ගෙදර හිටියනම් සීනි බෝතලේ හරි බහින්න පුළුවන්, එක්කෝ පිටි ගොඩකුයි සීනියි එකට දාල ක්‍රීම් වගේ හදාගෙන හරි කන්න තිබ්බා
ඒත් මෙහේදී එහෙම බැහැනේ
හපොයි මෙයා බෝඩිංවල ඉඳලා දැකලා තියන දේවල් පොඩිකමට...:D
ReplyDelete"එක්කෝ පිටි ගොඩකුයි සීනියි එකට දාල ක්‍රීම් වගේ හදාගෙන හරි කන්න තිබ්බා"
ReplyDeleteහැක හැක හැක ලොකු මම දැනටත් ඔහොම කනවා :)))
ලොකු පුතාටත් වෙන දේවල්! ඔය වගෙ මෝහිණී + බෝඩිමක් දැන් ලැබුනොත් ලොකු පුතා මොකද කියන්නෙ?
ReplyDeletehenryblogwalker the Dude
loku පුතා චුටි කාලෙම දැක්ක එහෙනං මෝහිනී ඈ..
ReplyDeleteලොකූටත් මාර සිද්දිනෙ වෙලා තියෙන්නෙ ඇත්තට .........
ReplyDelete@ Podi Kumarihami
ReplyDeleteමමයි කියල මොනවා කරන්නද ඉතින්.... :(
@ Dude
ReplyDeleteඑදා වගේම තමයි බය වෙයි...
(මම නෙමෙයි මෝහිණී)
හැබැයි මම ඒ බෝඩිමේ ඉන්න එකක් නැහැ, ශේප් එකේ මාරුවෙලා යාවි, මොකටද අහකයන නයි රෙද්ද අස්සේ දාගන්නේ කියල හිතලා
@ වර්ණා
ReplyDeleteතව පොඩ්ඩෙන් මග ඇරෙනවා
හි..හි... මමත් එහෙමයි,
දැනුත් සව්දියේ කියල බලන්නේ නැහැ, අපිමයි වැඩ කරන තැනදී අපේ තේ එක හදා ගන්නේ
කවුරුත් නැති වෙලාවට මේ වගේ ක්‍රීම් ටිකක් එහෙම තාමත් කැවෙනවා
@ Observer
ReplyDeleteඒකනේ පොඩි කාලේ දැකපු නිසා බයවෙලා විතරක් නිකන් හිටියා, තොවිල් නටන්න උනේ නැහැ :)))
@ Sammani
ReplyDeleteඔයාව සාදරයෙන් පිළිගන්නවා බ්ලොගේට....
හික් හික්.. මොනා කොරන්ටද නගෝ වෙච්චි දේවල් වලට
ලොකු පුතා වාසනාවන්ත දරැවෙක් බොල..
ReplyDelete@ sAm sRi
ReplyDeleteඔය කිව්වේ කතාවක්... :))
උඹව මගේ පුංචි බ්ලොග් එකට සාදරයෙන් පිලි ගන්නවා සහෝදරයා...
එල එල... අපි එලෝ එලෝ බලන්නම් :)
ReplyDeleteඅනේ බලන්නකෝ... අළුත් අවුරුද්දෙ පෝස්ට් ටික මට මග හැරිලනෙ....
ReplyDeleteඅනේ අප්පේ ලොකු පුතා පොඩි කාලෙම විස්සවිජ්ජාලෙ ගිහින්නෙ...හික්ස්...
මට මේක කියෙව්වම පොඩි කාලෙ සිද්දියක් මතක් උනා.... අර මං කතාවල කියන නැන්දා, අපේ ලොකු නගා (අවු: 6 ක් විතර ඇති එතකොට )බිම හාන්සිවෙලා ඉන්නකොට ඒ ළඟින් ගිහිල්ලා... කෙල්ල නොදැකිය යුතු ඒවා දැකලා අම්මගෙන් හොඳ ප්‍රශ්ණයක් ඇහුවා.... අම්මා ඒ වෙලාවෙ හිනාව තද කරගෙන එයාට මොනවද කියලා, ගිහින් නැන්දට බැන්නා... පස්සෙ කාලෙකදි නම් අපි මතක් කර කර හිනා වුනා....
ඒකට මක් වෙනවද අක්කේ
Deleteඔයා දැන් ආවනේ අපිව බලල යන්න
ඒ ගිය විස්ව විජ්ජාලෙන් ඉගෙන ගත්තු දෙයක් නැහැ බං අක්කේ
ඔයාගේ නගාටත් මාරම වැඩ තමයි වෙන්නේ
පව් පොඩි එකා.... :)