Tuesday, 10 January 2012

පාසල් විත්ති 08 - රෝහිණීට හාද්දක්... බෝඩිමට සමු දුනිමි

එක දවසක් අපේ පන්තියේ හිටපු චරිත් අමුතු කතාවක් අපේ කනේ තිබ්බා. මේ ලොකු ඉස්කෝලේ ඉන්න මුල් ගුරුතුමා ඉස්සර වැඩ කලේ එයා ඉගෙන ගත්තු ඉස්කොලෙලු, කැලණිය පැත්තේ. අන්තිමට එහේ වෙච්ච මොකක්දෝ මන්ද ප්‍රශ්නයක් නිසා ළමයි ස්ට්‍රයික් කරලා එයාව ඉස්කෝලෙන් පැන්නුවා කියල තමයි එයා කිව්වේ. මම බෝඩිමේ අක්ක එක්ක මොනවහරි කතා කරකර හිටපු වෙලාවක අපේ පන්තියේ ළමයෙක් මෙහෙම කතාවක් අපිට කිව්වා කියල කිව්වා. ඉතින් අක්කත් ඒක අහගෙන හිටියා මිසක් ඒ කතාව ඊට එහාට ගියේ නැහැ. මටත් ඒ කතාව එහෙම්මම අමතකවෙලා ගියා.


සමහර දවස්වලට නිදා ගන්න ගියාම රෝහිණි මගෙන් අපේ පවුලේ විස්තර ගමේ විස්තර එහෙම අහනවා. ඉතින් නින්ද යනකල් අපේ දෙන්න මේ වගේ අනං මනං කතා කරන එකගැන එක දවසක් අක්ක මට පොඩි සවුත්තුවක් දැම්මා. ඔය දෙන්න මහ රෑ වෙනකල් කතා කරකර ඉන්නේ මොනවද. ඔය දෙන්න හරියට කසාද ගෑනියි මිනිහයි වගේනේ කියලා. ඒ මදිවට සර් එක්කත් ඒක කියකිය මාව සවුත්තු කලා.
කෙල්ලෙක් එක්ක යාළුයි කියල කියන එක තරම් ලොකු අවමානයක් නැහැ ඒ දවස්වල අපිට. මට ගොඩක් කේන්ති ගියා අක්ක කියපු කතාවට. මමත් කවුරුවත් කාමරේ නැති වෙලාවක් බලලා අක්කට ලියුමක් ලිව්වා. ඒකේ තිබුනේ මෙන්න මේ වගේ සාරාංශයක්.
අක්කනම් අයියල එක්ක යාළුවෙලා ඉන්න ඇති, ඒත් මමනම් කාත් එක්කවත් යාළු නැහැ කියලා වගේ තේරුමක් තියෙන දේවල්.
එහෙම ලියල මගේ පොතක් අස්සේ ඒ ලියමන හංගල තිබ්බා. ඒක ලිව්වේ හිතේ තිබුන දුක අඩු කරගන්න මිසක් අක්කට දෙන්න නෙමෙයි.
එක සති අන්තෙකදී මාව බලන්න තාත්ත ආවේ නැහැ. ඒ වෙනුවට නුගේගොඩ ටියුෂන් පන්ති ආපු අපේ සුදු අක්ක එයාගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක ආව මාව බලල න්නයි, බෝඩිමට සල්ලි දීලා යන්නයි. බෝඩිමේ සල්ලි අපි හැමදාම ගෙව්වේ මාසේ ගානේ. මාසේ මුල සතියේදී සල්ලි දෙනවා. එයාල ආවට වැඩි වෙලාවක් එහේ හිටියේ නැහැ, අක්ක එක්ක ඉස්සරහ පුටු සැටියේ වාඩි වෙලා විනාඩියක් දෙකක් කතා කරපු සුදු අක්කා මට සල්ලිත් දීල පන්ති යන්න පරක්කු වෙනවා කියල හදිස්සියෙන් වගේ ආපහු යන්න ගියා. ඒ මදිවට මට කන්න මුකුත් ගෙනත් තිබුනෙත් නැහැ.



සාමාන්‍යයෙන් උදේට ඉස්කෝලේ යන්න මාව ගොඩක් වෙලාවට රෝහිණි හරි වෙන කෙනෙක් හරි ඇවිත් ඇහැරවනවා. ඉස්සර මට උදේට කන්න පාන් හදල දුන්නේ අක්කනේ. ඒත් දැන් රෝහිණි ආවට පස්සේ අක්ක හොඳට නිදා ගන්නවා. උදේට බොන්න තේ හදන්නෙත් රෝහිණී. මම නැගිටින්න කලින් රෝහිණිත්, සර්රුත් නැගිටිනවා.
එක දවසක් මට උදේ ඇහැරවන්න කලින් චූ බර හැදිලා නැගිට්ටා. එදාත් මම සුපුරුදු විදිහට සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න තමයි අර ප්ලාස්ටික් දොර ආවරණය හරහා ගියේ. ලොකු කෙනෙකුට ඒ දොර හරහා යන්න බැහැ සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න. ඒත් මම පුංචි නිසා මට යන්න පුළුවන්. නාන කාමරේට යන්නනම් කුස්සිය පහු කරගෙන යන්න ඕනේ මේ ගෙදර. මම චූ දාන්න යද්දී දැකපු දසුනෙන් මට උන් හිටිතැන් අමතක වෙලා ගියා.
අපේ සර් රෝහිණිව බදාගෙන ඉන්නවා කුස්සිය ඇතුලේ.


මගේ චූ බර කොහෙන් ගියාද කියල නැහැ, චූ දැමිල්ල පැත්තකට දාපු මම ආපහු කාමරේට ආවා. ඇවිත් ඇඳේ ඇලවුනා.
ටික වෙලාවකින් කාමරේට ආපු රෝහිණි "xxx බබා" ඔයා මොකද බයවෙලා වගේ ආපහු ආවේ. ඔයා මුකුත් දැක්කද කියලත් ඇහුවා.
මම කිව්වා නැහැ කියලා.
ගෑස්ලිප වැඩ කරන්නේ නැතුව සර් ඒක හදහද හිටියේ කියල රෝහිණී කිව්වා.
ඊට පස්සේ මමත් මුකුත් දැක්කේ නැති ගානට ගිහිං ලෑස්තිවෙලා ඉස්කෝලේ යන්න පිටත් උනා සර් එක්ක. සර් දෙතුන් පාරක් මගේ දිහා හොරෙන් බලනවා මම දැක්ක එයාගේ කපටි බැල්ම දාගෙන.


මෙහෙම දවසක් දෙකක් ගියාම එක දවසක සති අන්තෙක සර් මට ටිකක් සැරෙන් කතාකලා සාලෙට එන්න කියලා.
උඹ මොනවද මේ කියන්නේ "අක්ක එකඑක කොල්ලෝ එක්ක යාළුවෙලා හිටිය" කියලා, උඹ දැක්කද ඒවා කියල ඇහුවා. උඹට මෙහේ ඉන්න බැරිනම් පලයන් යන්න කියල බැන්නා.

කොහොමහරි මම නැති අතරේ අක්ක මගේ පොත් අවුස්සපු වෙලාවක මම අර ලියල තිබ්බ ලියුම දැකල කියවලා ඒක සර්ට දීල. ඒ විතරක් නෙමෙයි අර චරිත් කියන ළමයා ප්‍රින්සිපල් සර් ගැන කියපු කතාවත් සර්ට කියලා. සර් මේ දෙකම ගැන කියකිය මට හොඳටම බැන්නා. මම එදා දවසෙම ගොඩක් ඇඬුවා.

ඉස්කෝලේ ගියාම මම ප්‍රින්සිපල් ගැන එක එක කතා පතුරනවා කියලා මාව විනයබාර ගුරුතුමෙක් ගාවට යවනවා කියලත් කිව්වා.



මම කිව්වා මම ලියුම ලිව්වේ අක්ක මාව රෝහිණී එක්ක යාලුයි කියල කියකියා විහිලු කරන නිසා. මම කා එක්කවත් යාලු නැහැ.
මම ගෙදරට කියල අලුත් බෝඩිමක් හොයා ගන්නම් කිව්වා අලුත් අවුරුද්දේ. මම ආපහු මෙහේ එන්නේ නැහැ කියල මම අඬඅඬකිව්වා.
මේ වෙද්දී දෙසැම්බර් නිවාඩුවත් කිට්ටුවෙලා තිබුනේ.

අන්තිමට එක දවසක ලොකු අයිය කෙනෙක් අතේ කවුද මන්ද සර් කෙනෙක් අපේ පන්තියට පණිවිඩයක් එවල තිබුනා මාව එක්කගෙන එන්න කියලා. මම ඒ සර් හිටපු ලැබ් එකක් වගේ ලොකු ශාලාවට ගියේ බයේ ගැහි ගැහී. මාව එතනට ගෙනත් අරලපු අයියා යන්න ගියා. දැන් එතන ඉන්නේ මමයි අර සර්රුයි විතරයි. එයා මහා මරුමුස් පාටයි. අතේ ලොකු වේවැලකුත් තිබුනා.

එයා මගෙන් එකඑක ප්‍රශ්න ඇහුවා, ප්‍රින්සිපල් ගැන කතාව මගෙන් ඇහුවේ මාව ගොඩක් බයකරලා. මම කිව්වා මම එහෙම එකක් දන්නේ නැහැ. අපේ පන්තියේ ඉන්න "චරිත්" කියන ළමය තමයි එහෙම කතාවක් අපිට කිව්වේ කියලා මම කිව්වා.
ඊට පස්සේ එයා  ඇහුවේ "උඹ දන්නවද මේක මොකක්ද කියලා, මේක මට දුන්නේ උඹ ඉන්න ගෙදර සර්" කියල කිව්වා, එයා අතේ මම අක්කට ලියපු ලියුම තිබුනා. එයා ඒක පෙන්නලා කිව්වා මට අදම පුළුවන් උඹව මේ ඉස්කෝලෙන් එළවලා දාන්න කියලා.
මම කිව්වා බෝඩිමේ අක්ක මම ඒ ගෙදර වැඩකාරි එක්ක යාළුයි කියල විහිලු කරනවා. නිසා තමයි මම මේක ලිව්වේ කියලා.
ඊට පස්සේ ඇහුවා සර්ලගෙ ගෙදර මුකුත් ප්‍රශ්න තියෙනවද එහෙම කියලා. ඉතින් මම කිව්වා එක දවසක් උදේ සර් රෝහිණීව බදාගෙන ඉන්නවා දැකපු බවත්. එයා ගැන විස්තරත් බොහොම හොඳින් අහගත්තා. පස්සේ මම කිව්වා මට එහේ ඉන්න බැහැ, මේ පාර නිවාඩුවෙන් පස්සේ මම අලුත් බෝඩිමක් හොයාගෙන යනවා කියලා.

මම රෝහිණීගෙයි සර්ගෙයි සිද්ධිය කිව්වට පස්සේ ටික වෙලාවකින් මට පන්තියට යන්න කියලා ඒ සර් කිව්වා.
පස්සේ ප්‍රින්සිපල් ගැන කියපු කතාව ගැන හොයන්න චරිත්වත් එතනට එක්කරගෙන ගියාද කියල මම දන්නේ නැහැ. මොකද මම හිටියේ හොඳටම බයවෙලා.



කොහොමහරි එදායින් පස්සේ අක්කලාගේ ගෙදරින් මට තිබ්බ සැළකිලි ගොඩක් අඩුවෙලා ගියා. ඉස්සර ගෙදර වැඩකාරි රෝහිණී මට කිව්වේ "xxx බබා" කියලා, ඒත් මේ කාලේ වෙද්දී අක්ක කතා කරනවා වගේම එයත් මට "xxx"  කියල නම විතරක් කියල කතා කරන්න පටන් අරගෙන තිබුනේ.
ටිකක් හරි හොඳින් මට  ආදරෙන් සැළකුවේ අර ඇස්දෙක පේන්නේ නැති ඇන්ටි විතරයි.



මගේම වෙලාවට වගේ ඒ සතියෙම දෙසැම්බර් ඉස්කෝල නිවාඩුව ලැබිලා මම ගෙදර ගියා. ගෙදර ගියා විතරයි එහේ තව යුද්ධයක්.

එදා සුදු අක්කල මාව බලන්න ආපු ගමන් තකහනියේ එහෙං පිටවෙලා ගියපු හේතුව මම දැනගත්තේ එදා. සුදු අක්කල එක්ක පුටු සැටියේ වාඩිවෙලා හිටපු අක්ක එයාල ඉස්සරහත් කිසි ලජ්ජා බයක් නැතුව ඔක්කොම එළියපේන විදිහටලු වාඩිවෙලා හිටියේ. එයා ගෙදර ආපු ගමන් මේක අම්මට වාර්තා කරලා.
මම ගෙදර ගියා විතරයි අම්මයි, අක්කලයි මාව වටකරගෙන ගෙදර ගැන විස්තර ඇහුවා. අක්ක හැමදාම ඉන්නේ ඔහොමද කියලත් ඇහුවා. මමත් ඉතින් විස්තර ඔක්කොම ටික කිව්වා. රෝහිණීයි සර්රුයි එදා බදාගෙන හිටපු හැටිත් කිව්වා. ඒවා ඇහුවට පස්සේ අම්ම ඔලුවේ අතගහ ගත්තා. අක්කලනම් මාව නෝන්ඩි කරන්න තියා ගත්තා. මෙයා ඒක තමයි බොහොම ආසාවෙන් එහෙට වෙලා හිටියේ කියකියා.
නිවාඩුවෙන් පස්සෙනම් මාව එහේ නතර කරලා බැහැ කියල තමයි අම්මල කිව්වේ.



කොහොමහරි නිවාඩුවෙන් පස්සේ අලුත් බෝඩිමක් හොයා ගන්නකල් තව ටික දවසක් සර්ලගෙ ගෙදර ඉන්න වෙනවා කියල තමයි අම්ම කිව්වේ.

අන්තිමට 1992 ජනවාරි මාසේ ආපහු ඒ කාලකන්ණි ගෙදරට මට යන්න උනා. මම එදා ගියේ අම්ම එක්ක. අපි එහේ යන්න කලින් කැලණිය කැම්පස් එක කිට්ටුව බෝඩිමක් බලන්නත් ගියා. එතන අපේ ලොකු මාම ඉස්සර  කැම්පස් යද්දී දන්නා කියන තැනක්ලු. එතන නිකන් ගුබ්බෑයමක් වගේ තැනක්. එතන මට හරියන්නේ නැහැ කියල අම්මා කිව්වා. අන්තිමට නතරවෙන්න හරියකට තැනක් හොයා ගන්නත්  බැරිඋනා. ඉතින් මමයි අම්මයි ආපහු සර්ලගෙ ගෙදරට ගියා.


එහෙට ගියාම සර් නිකන් නක්කලේට වගේ අපේ අම්මට කිව්වා xxx කිව්වනේ මෙහෙන් යනවා කියලා, ඒ නිසා මම තව ළමයි දෙන්නෙක්ව නවත්ත ගත්තා කියලා.
පස්සේ බලද්දී සර් තව ගෑනු ලමයෙකුයි පිරිමි ළමයෙකුයිත් එහේ නතර කරගෙන. ඒ අයියා අපේ ඉස්කොලෙමයි. ඒ අයියයි අක්කයි සහෝදරයෝ, දැන් ඒ දෙන්න නතරවෙලා ඉන්නේ මම කලින් හිටපු කාමරේ.

දැන් මට ඉන්න හරියකට තැනකුත් නැහැ, අපි ඉක්මනටම අලුත් තැනක් හොයා ගන්නම්, එතකල් මෙයාට මෙහේ ඉන්න දෙන්න කියලා අම්ම සර්ට කිව්වා. එදා අම්මගේ මුණේ තිබ්බ දුක මම හොඳටම දැක්කා. අන්තිමට මට එදා මගේ බඩුමුට්ටු ටිකත් අරගෙන අංකල්ගේ කන්තෝරු කාමරේට යන්න සිද්ධ උනා. ඒකේ බිම තමයි මට නිදාගන්න උනෙත්. හරියටම සතියක් මම කන්තෝරු කාමරේ තමයි නිදා ගත්තේ.


මට නතර වෙන්න අලුත් තැනක් හොයා ගන්න මගේ අම්මලට පුළුවන් උනෙත් නැහැ. අන්තිමට මාව ඒ ඉස්කෝලෙන් අස් කරගෙන යන්න අම්මල තීරණය කළා.
ඒ ඉස්කෝලෙන් අස්වෙන දවසේ එක එක දේවල්වලට ආධාර විදිහටයි, මොකක්දෝ මන්ද මැච් එකකටයි කියල ලොකු ගාණක් මගේ දුප්පත් අම්මලාගෙන් කඩා ගන්නත් ඒ හිඟන ඉස්කෝලේ පරිපාලනෙන් කටයුතු කරලා තිබුණා. අම්ම ඇස්දෙකේ කඳුළු පොරෝගෙන අතේ තිබ්බ ඔක්කොම වගේ සල්ලි ටික ඒවාට ගෙවලා බොහොම අමාරුවෙන් මාව ඉස්කෝලෙන් අස්කර ගත්තා.
ඒ වෙද්දී අපේ අලුත් පන්තිබාර ටීචර් අම්මගෙන් අහල තිබුණා ඇයි මාව ඉස්කෝලෙන් අස්කරන්නේ කියලා. ඉතින් අම්ම වෙච්ච ඔක්කොම දේවල් ඒ මිස්ටත් කියල තිබුණා.
ඊට පස්සේ මමයි අම්මයි දෙන්න එක්ක ඉසුරුපායේ ගොඩ වෙලාවක් රස්තියාදු උනා මට යන්න ඉස්කෝලයක් හොයා ගන්න.  අන්තිමට කිසිම විසඳුමක් නැතුවම මම අම්ම එක්ක ගෙදර ආව, ඒත් මට යන්න ඉස්කෝලයක් ලැබිල තිබුනේ නැහැ ඒ වෙද්දීත්.


අම්ම මාත් එක්ක කියල තියෙනවා "අනිත් දරුවෝ වගේ නෙමෙයි ඔයා ඉපදුනු වෙලාවෙ මට කිසිම වේදනාවක් දැනුනේ නැහැ" කියලා.
සමහර විට අපේ පවුලට ලැබුණු පළවෙනි පිරිමි දරුවා නිසා ඇති වෙච්ච සතුටටද දන්නෙත් නැහැ.
ඉස්පිරිතාලේ ගිහිං නතර වෙච්ච හැටියේම වගේ මාව හම්බ උනාලු. ඊට පස්සේ පහුවෙනිදා ටිකට් කපාගෙන ගෙදර ආවලු. ඒ දවසෙවත් මම නිසා කිසිම වේදනාවක් වින්දේ නැහැ කියල කියපු අම්ම මේ දවස්ටිකේ මම නිසා පුදුම දුකක් වින්දබව මට මේ වෙනකොට තේරිලා තිබුනේ.

40 comments:

  1. හැමදාම රෑ දෙගොඩ හරියේ චූ දාන්න යනවට බොට හොද පාඩම්. නිදා ගන්න කලින් කරන මගුලක් කරලා නිදියන්න පුරුදු වුනානම් ඔය එක මගුලක්වත් නෑනේ.
    සර්ගේ කාඩ් කුඩු වුන නිසා උන්දැට උඹව පේන්න බැරි වෙන්න ඇති. එහෙම තමයී සුදු හුණු ගාගෙන ඉන්න කට්ටිය. හැබෑටම ඔය කියන අක්කා කොයි හරියෙද ඉන්නේ. කීයක් ගියත් කමක් නෑ ගිහින්ු මූණ ටිකක් බලලා එන්න හිතෙනවා.
    හිනා වෙවී කමෙන්ට් කලාට ලොකූගේ පෝස්ට් එකේ අම්මා ගැන කියපු ටික කියවද්දී ම‍ගේ ඇස් දෙක බොද වුනා.ඔයාගේ අම්මත් මගේ අම්මා පන වගේමයී.

    ReplyDelete
  2. 'හප්පට සිරි ගජ' ලොකු පුතාටත් වෙලා තියෙන දේවල්

    ReplyDelete
  3. අර බට්ටි කිව්වත් වගේ ලොකූට වෙන හැම මන්නුලක්ම වෙන්නෙ ඔය චූ බර හන්දනෙ...ඕක දාන්න නොයා ඉන්නම බැරි උනාද ?

    යස පාඩම කෙල්ලන්ට ලියුම් ලියනවට....ලොකූ.... අර XXX....උඹේ ඇත්ත නම් ඔන්න ඔහෙ ලියලා දාන්නද මම ? හි හි හී

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. ඒත් මෙයා කොල්ලෙක් නේ. චූ බර හැදිච්ච ගමන් චූ දාන්න ඕනෑ. අපිට වගේ ගොඩක් වෙලා තද කරගෙන ඉන්න බෑ.

      Delete
  4. මහ ජරා ඉස්කෝලයක්. මම හිතන්නෙ අර චිත්‍රපටි වලටත් ඉස්කෝලෙ කුලියට දුන්න ප්‍රින්සිපල් හිටපු ඉස්කෝලෙ මේ

    ReplyDelete
  5. කරුණාකර මේ පාසලේ නම ලියන්න.

    ඇයි ඉස්කෝලේ ස්වයං නියෝජිත අයිතිකාරයෝ වලි දායි කියලා බයද?

    මේකත් බලන්න. http://kathandara.blogspot.com/2011/09/i-have-nothing-to-hide.html

    .

    ReplyDelete
  6. //මුල් ගුරුතුමා ඉස්සර වැඩ කලේ එයා ඉගෙන ගත්තු ඉස්කොලෙලු, කැලණිය පැත්තේ. අන්තිමට එහේ වෙච්ච මොකක්දෝ මන්ද ප්‍රශ්නයක් නිසා ළමයි ස්ට්‍රයික් කරලා එයාව ඉස්කෝලෙන් පැන්නුවා කියල තමයි එයා කිව්වේ.//

    කතාව තවම කියෙව්වේ නැහැ... ඊට කලින් මේ කමෙන්ට් එක දැම්මේ.. පන්නපු කේස් එකට අපේ සම්බන්ධයක් ඇති කියා සිතමි.. (පෞද්ගලිකව විමසමු මචං)

    ReplyDelete
  7. ලෙසටම ලියලා බොල.. කියන්න දෙයක් නැහැ..

    සර් තමා උබව විනාස කොරලා තියෙන්නේ..

    ReplyDelete
  8. ඇයි බං රැට කාල වතුර ගොඩක් බොන්නේ.උඹනේ ප්‍රශ්නේ හදාගෙන තියෙන්නේ.ඒ දෙන්නගේ නිදහස නැති කරලා.

    අම්මා ගැන තියෙන ජේදය මාර විදියට දැනුනා.

    ReplyDelete
  9. ඇයි ඉස්කෝලෙ නම නොලියන්නෙ? ඔක්කොම හොඳ විතරද ඉස්කෝලවලට අයිති? නරක අයිති අම්මලටමද?

    හොඳ වෙලාවට අපිව ඔහොම බෝඩිමක නොතිබ්බෙ!

    ReplyDelete
  10. හොදවෙලාවට ගියේ/ ඔතන හිටියනම් මානසික ලෙඩෙක් වෙන්න තිබුනා..
    මට නම් මාර තරහක් එන්නේ :/

    ReplyDelete
  11. හෙම්..ජිවිතේ තවත් අඳුරු මතකයක්...ඔයවගේ කාලකන්නී ගුරුවරු තමා ලමයින්ගේ හෙනේට හිටින්නේ...පාහර හැත්ත

    ReplyDelete
  12. අම්මෝ ඒ විස්තරේ කියෙව්වම පිස්සු ඩබල් වෙනවනෙ ලොකු පුතා. සත්‍යය ප්‍රබන්ධයට වඩා භයානක අවස්ථාවක් වගෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  13. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  14. නවකතාවක් ලියන්න පුළුවන් වැඩක්නේ වෙලා තියෙන්නේ

    ReplyDelete
  15. දෙවිහාමුදුරුවනේ හප්පා..මුලින්ම මට හිතුනෙ රෝහිණීට මහ රෑ උම්ම දෙන්න ගිහින් මෙයාව බෝඩිමෙන් දොට්ට දාල කියල..හ්ම්ම්ම්...

    ReplyDelete
  16. හපෝ...මම හිතුවා ඔය සර් නම් ඔහොම එකෙක් තමයි කියලා...ඉස්කෝලෙන් අස් උන එකනම් ලොකු දෙයක්..අන්තිම හරියෙදි නම් හොඳටම දුක හිතුනා...පව් අහිංසක දෙමව්පියෝ..

    ReplyDelete
  17. අනේ මමත් නම් හිතුවේ රෝහිණී මහ රෑ ඔයාට උම්මා දෙන්ට ගිහින් වැඩේ වැරදිලා කියලා. මදෑ ගෑනු ලමයින්ට ලියුම් ලියන්ට ගියා. ඉතින් එදායින් පස්සේවත් පාඩමක් ඉගෙන ගත්තද? :D

    ReplyDelete
  18. @ බට්ටි
    බට්ටියෝ,,, මේක මේ අවේලාවේම හැදිච්ච චූ බරක් නෙමෙයිනේ...
    උදේ පාන්දර සාමාන්‍ය වෙලාවට හැදෙන චූ බරක් එදා පොඩ්ඩක් කලින් එන්න ප්ලෑන් කරලා :)
    ඉතින් මම මක්කරන්නද
    ඒ මුණවල් වල දකින්න තරම් ලොකු දෙයක් නැහැ නංගි
    එයාලත් මේ සමාජයේ ජීවත්වෙන තවත් මිනිස් පරාණ ටිකක්, වෙනසකට තිබුනේ එයාලට පොඩි එකෙක්ව තේරුම් ගන්න තරමේ මොළයක් ඒ වෙද්දී නොතිබ්බ එකතමා
    මිනිස්සුන්ගේ ස්වභාවය මම හොඳට තේරුම් අරගෙන ඉන්නේ, ඒ නිසා මට මෙයාල ගැන කිසිම කේන්තියක් නැහැ
    මම අදටත් එයාලට ණයගැතියි මට ඒ ඉස්කෝලෙන් අස්වෙන්න පාර හදල දුන්න එකට

    අම්මල ගැනනම් කියන්න තියෙන්නේ, අම්මල කවුරුත් එහෙම තමයි බට්ටි

    ReplyDelete
  19. @ Observer
    මේ මගේ ජීවිතෙන් පුංචි කොටසක් ඔබා මාමේ
    මගේ අත්දැකීම් අතරේ තියෙන සමහර දේවල් ගැන මටත් පුදුමයි
    ඒත් එහෙම දේවල් උනේ නැති ගානට ඉන්න සහ ඒවයෙන් වැටෙන්නේ නැතුව ඉන්න මම පුරුදු උනේ කොහොමද කියල අද වෙද්දී මටම පුදුමයි

    ReplyDelete
  20. @ දිල්
    ඔහොම කියන්නේ නැහැ උදේට හැදෙන චූ බර ගැන හරියකට දන්නා මනුස්සයෙක් :))
    කොල්ලන්ට කෙල්ලන්ට වගේ චූ බර දරාගෙන ඉන්න අමාරුයි, පිරිමින්ගේ මුත්‍රාශය ගෑනු උදවියට වැඩිය පොඩියි කියල තමයි මම අහල තියෙන්නේ
    කෙල්ලන්ට ලියුම් ලිවිම අතින්නම් මම ගොඩක් දුර්වලයි කියල මම අදත් පිළිගන්නවා
    ලියපු ගොඩක් එව්වා මෑතක් වෙනකල් මගේ ගාවම තිබිල මේ ලඟකදී පුච්චලා දැම්මා

    හා..හා... කට කට

    ReplyDelete
  21. @ ඊ මේල් කවිකාරි
    එහෙම කතාවක් මම අහල නැහැනේ කවිකාරියේ.
    ඒකත් මම ඒ දවස්වලම දැනගෙන උන්නනම් මල කෙළියක්ම තමයි වෙන්නේ... :)

    ReplyDelete
  22. @ කතන්දර Kathandara
    අනේ නැහැ කතන්දර...
    කාටවත් බයක් නිසා නෙමෙයි එහෙම කලේ. අනික ඒ ඉස්කෝලෙටනම් අයිතිකාරයෝ ඉන්නවද කියලත් මට සැකයි

    මම කලින් මේ ඉස්කෝලේ පින්තුරයක් දාල ඇති, ඒකෙ තියෙනවා ඉස්කෝලේ අඳුනගන්න කෙනෙකුට අඳුනගන්න ප්‍රමාණවත් විස්තර
    (ඒ ෆොටෝ එක ලොකු කලාම)

    ඔබගේ පෝස්ට් දෙකම බැලුවා

    මම අවුරුද්දක් ගිය මේ ඉස්කෝලේ නම වෙන මොකවත් නෙමෙයි "ඉසිපතනේ" :))

    ReplyDelete
  23. @ sAm sRi
    හික්.. ඒකත් එහෙමද... චරිත් කියන යාළුවා ආවේ ධර්මරාජෙන්
    මේ කතාව උනානම් වෙන්න ඕනේ 1991 ට කලින්
    දැන් ගලපලා බලපන් උඹ දන්නා විස්තරේ හරිද කියලා

    නැහැ බං...මම ඒක හිතන්නේ අනිත් පැත්තට
    ඒ මිනිස්සු මට හොඳින් හිටියනම් මම එහෙන් අස්වෙලා එන්නේ නැහැනේ...
    එහෙන් අස්වෙච්ච නිසා තමයි මම දැන් හොඳ තැනක ඉන්නේ
    මම දිගටම පතනේ ගියානම් අනාතයි

    ReplyDelete
  24. @ අසරණයා
    මම චූ දාන්න ගියේ උදේ බං...
    අනික මම ඒ දෙන්නව දැක්ක කියල අක්කට කේලම් කියන්න ගියෙත් නැතුව හොඳ එකා වගේ හිටියනේ

    ReplyDelete
  25. @ ඉන්දික උපශාන්ත
    ඉස්කෝලෙ ගැන කතාව මම කතන්දරට දීපු උත්තරෙත් තියෙනවා
    බයක් නිසා නෙමෙයි දැම්මේ නැත්තේ, කාට කියල බය වෙන්නද සහෝ...

    පොඩි කාලේ බෝඩින් වල නොහිටිය එකනම් වාසනාවක්ම තමයි

    ReplyDelete
  26. @ Raj
    බහුතරයක් ගුරුවරු ගැන මගේ හිතේ ලොකු මනාපයක් නැත්තේ මේ වගේ සිද්දි ගොඩක් මගේ හිතේ හිරවෙලා තියෙන නිසා වෙන්න ඇති බං...

    ReplyDelete
  27. @ Dude
    තව ඉස්සරහට ලියාගෙන යද්දී උඹට තේරෙයි අයියේ ප්‍රබන්ධයට වඩා සත්‍යය මොනතරම් භයානකද කියලා

    ReplyDelete
  28. @ jacksonlibrary
    බොහොම ස්තුතියි ඔබගේ දිරි ගැන්වීමට....

    ReplyDelete
  29. @ සජීව විජේවීර
    ඒකනම් ඇත්ත...
    අපි එකිනෙකා ලබන අත්දැකීම් පොතක ලියවෙන දේවල්වලටත් වඩා විවිධයි විෂමයි කියල මට හිතෙනවා

    ReplyDelete
  30. @ වින්චැට්කිරිල්ලි.
    හපොයි, කිරිල්ලි මම ගැන හිතල තියෙන හැටි විතරක්... :)

    ReplyDelete
  31. @ සයුරි
    කොහොමත් එයාට තියෙන්නේ මහා කපටි පාට මුණක්...
    ඒ ඉස්කෝලෙන් අස්වෙන්න ලැබිච්ච එකනම් මම පෙර කල ලොකු පිනක් නිසා වෙච්ච දෙයක් වෙන්න ඕනේ
    දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් නොකරන කැපකිරීමක් නැහැනේ

    අම්ම තාත්ත දෙන්නව මගඇරෙන්න නොදී තියාගන්න ඕනේ සයුරි අපේ මේ ජීවිතයේදී
    මට තාත්තව ටිකක් මගඇරුනා, මගේ අධ්‍යාපනය නිසාත් ඒ කාලේ තිබ්බ එක එක මානසික තත්ත්ව නිසාත්
    (මහලොකුවට නෙමෙයි, ටිකක්)
    ඒ කියන්නේ ගෙදරින් ට්‍රිප් එකක් ගියත් මම යනවා අඩුයි, බෝරිං වෙයි කියල හිතලා
    අන්තිමට තාත්ත නැති උනාට පස්සේ මට ගොඩක් දුක හිතුනා මට තාත්ත එක්ක ඉන්න තිබුන අර වෙලාවල් "ටික" මගඅරුනා නේද කියල හිතලා
    තාත්ත නැතිවෙලා දැනට අවුරුදු 8 ක් කිට්ටු වෙන්න එනවා, ඒත් මට තාමත් තාත්තව හීනෙන් පේනවා
    ඒත් මම අම්මවනම් මගඇරෙන්න දෙන්නේ නැහැ කීයටවත්...

    ReplyDelete
  32. @ Podi Kumarihami
    හික්... පොඩ්ඩිත් හිතල තියෙන දේවල්
    නැහැ නැහැ, ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තෙත් නැහැ
    පුරුදු විදිහටම කෙල්ලන්ට ලියපු ලියුම් මගේ ගාවම හංගලා තියාගත්තා
    එයාල ඇවිත් ඉතින් මගේ කාමරේ අවුස්සලා ලියුම් හොයා ගන්න කියලයැ
    ඒකෙන් උනේ එව්වයේ තියෙන්නේ මොනවද කියල ඒ අය දැනගත්තේ නැති එක තමයි :(

    ReplyDelete
  33. @ වර්ණා
    ඔයාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබිල මේ දැන් අහු උනේ :(

    ඒ වෙච්ච හැමදේම මගේ හොඳට සිද්ධ උනා කියල තමයි මටත් හිතෙන්නේ

    ReplyDelete
  34. දෑස් පාදන්න ඉන්න ගුරුවරුම ඒ දෑස් වලට අදුරක් වෙන වෙලාවල් නැතුවම නෙමෙයි.. අන්තිමේ අම්මා ගැන ලියලා තිබුන ටික මාරම විදිහට හිතට දැනුනා..

    ReplyDelete
  35. හප්පේ මාර සීන් ටිකක් නේ.....ඇත්තම සීන් එක මේකද බෝඩිමෙං යන්න...ගෑස් ලිප එහෙම රෙපෙයාර් කරන්න ගියේ නෑ නේද.....

    ReplyDelete
  36. @ Dinesh
    ඒක ඇත්ත... අපි හැමෝගෙම දෙමව්පියෝ අපි වෙනුවෙන් විඳපු දුක් ඔහොම තමයි දිනේෂ්.

    ReplyDelete
  37. @ ඔබ නොදු‍ටු ලොවක්
    ඔව් ඔව්... ඒක තමයි. ගෑස් ලිප් හදන්න තරම් තේරුමක් නැහැ බං ඒ දවස්වල

    ReplyDelete
  38. ඇත්තටම මහ පුදුම මිනිස්සු... පව් ඔයාලගෙ අම්මලා... ඔයාට වැඩි හොඳ කරන්න ගිහිල්ලනෙ මේ ඔක්කොම.... ලොකු දෙයක් ඔතනින් අස්වෙලා එන්න වෙච්චි එක....

    ReplyDelete
    Replies
    1. ඒ අය කොහොමත් ටිකක් අමුතු අය තමයි
      මගේ අම්මයි තාත්තයි ගැනනම් මගේ හිතේ ලොකු දුකක් ඇතිවුනා මේ කතාව ආපහු මතක් කරගෙන යද්දී සහ එයාල අපි වෙනුවෙන් කරපු කැපකිරීම් මතක් වෙද්දී
      එහෙං අස්වෙලා ආවේ නැත්නම් මම කොහෙන් නතර වෙයිද කියල හිතා ගන්නවත් බැහැ තමයි :)

      Delete