Friday 27 March 2015

නෙළුම් යායෙන් ඇණ ගැනීම...

ඊයේ (2015-03-26) තිබ්බ බ්ලොග් ලියන්නන්ගේ සම්මාන උළෙලට මමත් ගියා. එහෙම එකකට මම ගියේ පළවෙනි වතාවට...
එහෙන් මෙහෙන් දැකපු බෝඩ් කෑලි වලවත් අදාළ තැනට එන විදිහ හරියටම ගෙඩි පිටින් දාල නොතිබ්බ නිසා තැන හොයා ගන්න හිතාගෙන කෝල් එකක් ගත්තා රාජ් ලොක්කට. ඌ එහෙම එකක් තියෙනවා කියල දන්නෙවත් නැහැ, ඔය කියන තැන ගැන දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි මට කිව්වා “යන්න පුළුවන්නම් පලයන්, කට්ටිය අඳුන ගන්නත් පුළුවන් වෙයිනෙ” කියලා.

පස්සේ මට කල්පනා වුනා ඒ වෙද්දී ක.මි. එතනට ගිහින් ඇති බවත්, මිනිහගෙන් අහල බැලුවොත් තැන හොයා ගන්න පුළුවන් කියලත්. යන්තම් ක.මි. ට කෝල් කරලා තැන එහෙම අහගෙන එතනට යද්දී හවස 04:00 පහුවෙලා තියෙන්න ඇති. මම ටිකක් පරක්කු වෙන්න හේතු උනේ, ඔය කතා එහෙම මග ඇරලා බ්ලොග් වලින් කමෙන්ට් වලින් අඳුරගෙන ඉන්න සුන්දර මිනිස්සුන්ව ප්‍රායෝගිකව හමුවෙලා කතා කරන එකට මුල්තැන දෙන්න හිතාගෙන.

වන්කගිරියක් වගේ තිබ්බ දොරවල් කීපයකින් ඇතුළට ගිහින් බලද්දී, එතන හිටපු පිරිසක් “අර දොරෙන් ඇතුළට යන්න” කියල පෙන්නපු දොරෙන් ඇතුළට ගියා. ගියපු පරක්කුවෙන් මම ආපහු හැරිලා ආවේ මම ඇතුළට ගියේ වැරදි පැත්තේ තියෙන දොරකින් කියන සිතුවිල්ල නිසා. ඒ දොරෙන් ගියාම මාව  කෙළින්ම යැවුනේ ස්ටේජ් එක පිටිපස්සකට වගේ හරියකට. එළියට ඇවිත් ආපහු උන් සෙට් එකෙන්ම ඇහුවම කිව්වේ “මෙතන පොඩ්ඩක් වෙනස් විදිහට තියෙන්නේ, ස්ටේජ් එක අයින දිගේ ගිහින් පිටිපස්සට යන්න ඇහැකි” කියලා.

ඒ අවට සහ හමුව පැවතුන කොටස දිහා බැලුවම හිතා ගන්න පුළුවන් කවුරු නමුත් නමගිය හොඳ වෘත්තීයවෙදියෙක්ගේ ඩිසයින් වැඩක්ය කියලා.
ඒ කුරුබිලිය දිගේ ඇතුළට ගිහින් පිටිපස්සට යද්දී ක.මි. මාව දැකලා අත වනලා කතා කලා. මිනිහ හිටියේ දෙවෙනි පේළියේ. ඒ පේළියේ සීට් දහ පහළවක් තිබ්බට දෙපැත්තේ කොන් දෙකේ කීප දෙනෙක් වාඩිවෙලා ඉන්න නිසා ඇතුළේ සීට් වලට වෙන කෙනෙකුට යන්න බැහැ. ඒ තරමට සීට් අතරේ ඉඩ. ඒ නිසා තනියම වාඩිවුණා ඉස්සරහ පේළියේ. ඒ පුටු පේළිය, ඒ ශ්‍රවණාගාරය වගේ එක ඩිසයින් කරපු එකා වෙන්න ඕනේ අපි පොඩි කාලේ අහල තිබ්බ “ලබ්බේ තොවිලේ” කියන කතාව නිර්මාණය කරන්න ඇත්තේ කියල මට හිතුනා.

එතනට ගිහින් ටික වෙලාවක් යනකල් එතන වෙන්නේ මොනවද කතා කරන්නේ මොනවා ගැනද කියන එක ගැන මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.
ටික වෙලාවකට පස්සේ කරුණාරත්න පරණවිතාන කියන මහත්තයා කතා කරන්න ස්ටේජ් එකට ගොඩ වුනා. මෙන්න වැඩේ කැමරා අතින් කටින් එල්ල ගත්තු පොරවල් සෙට් එකක් උඩ ඉඳල පහළට බැස්සා.

ඒ එක මනුස්සයෙක් කැමරාව අරගෙන එහා මෙහා යද්දී ස්ටේජ් එක ඉස්සරහදි නිකං බඩගාගෙන යනවා වගේ නැමීගෙන තමයි ගියේ.  ඔන්න මගේ මීටරේ හිමීට වැඩ කරන්න ගත්තා. ස්ටේජ් එකේ හයි කරලා තියෙන එක එක TV චැනල් වල මයික් ටික මුලින්ම දැක්කා. ඊට පස්සේ හොරාට හැරිලා බැලුවම දැක්කා හෙන සෙට් එකක් වීඩියෝ කැමරා අටෝගෙන ඉන්නවා කියන එකත්. මම ස්ටේජ් එක ඉස්සරහින් කිසි ගාණක් නැතුව ආපු හැටිත් මතක් වුනා. මේක ටිකක් බරපතල රාජකාරියක් බව මට තේරුනේ ඒ වෙලාවේ.

කතාව යන අතරේදී හෝ එක ඉවර උනාට පස්සෙද මන්ද ටිකක් වයසක පහේ මනුස්සයෙක් ශාලාවට ආපු බවත් මම හිටපු පේළියේම වාඩි වෙච්ච බවත් මම දැක්කේ ඇස් කොණින් වගේ.
කතාව ඉවර වුනාට පස්සේ එක්කෝ ස්ටේජ් එක උඩ යක්කු නැටුවා, එහෙම නැත්නම් තෑගී බෝග දුන්නට පස්සේ යක්කු නැටුවා. ඒවා සිද්ධ වෙච්ච පිළිවෙල මතක නැතත් එහෙම දෙයක් සිද්ධ වුනා. කොහොම නමුත් ඒ නැටිල්ලනම් මට ඒ තරම්ම දිරෙව්වෙ නැහැ.

තෑගී දෙන්න ගිය වෙලාවේ කියවුනේ කරූ ජයසුරිය මහත්තයට වේදිකාවට ගොඩවෙන්න කියල. මෙන්න ඒ ගමන අර වයසක පහේ මනුස්සයා වේදිකාවට ගොඩ වුනා. එතුමාගේ නම කිව්වේ නැත්නම් මම ඔහුව අඳුන ගත්නේ නැහැ.
හේතුව කියන්න දන්නෙ නැති නිසා “ඇයි ඒ වගේ ප්‍රසිද්ධ මනුස්සයෙක්ව වත් අඳුන ගන්නවත් බැරිද” කියන ප්‍රශ්නේ මගෙන් අහන්න එපා.
එතුමා නැගල මුළින්ම කතාවක් කලා.(එහෙම තමයි මතක) කතාවෙන්වත් පෙනුමෙන්වත් මම ඔහුව හැඳින්නේ නැහැ. ඒ වගේම ඒ කතාවෙවත් අපි හිටියේ නැහැ. ඊට පස්සේ වෙන්න ඕනේ තෑගී ටික බෙදල දුන්නේ.
තෑගී බෙදන වෙලාවේ අඩුවක් නැතුව අපේ මාධ්‍ය කලාවේ පශ්තාත්බාගය දැකගන්නත් මට පුළුවන් වුනා. මම විතරක් නෙමේ මගේ පිටිපස්ස පේලියේ වාඩිවෙලා හිටපු ක.මි. ඇතුළු පිරිසටත් ඒ භාග්‍යය අඩු නැතුවම උදා වුනා මම හිතන්නේ.
තමන්ගේ කැමරා එකේ ෆොටෝ කෑලි ටික අල්ලගන්න පොරකාපු සමහරුන්ගේ ශරීර කොටස් වෙනත් අයගේ කැමරා වල සටහන් වෙනවා මම බලාගෙන හිටියා. එහෙම වෙච්ච කෙනෙක් ටිකක් මුණ ඇඹුල් කරගෙන හිටපු හැටි දැක්කම මට හිත ඇතුළෙන් පොඩි හිනාවකුත් ගියා.

සම්මාන, තෑගී දුන්නට පස්සේ මාධ්‍යවේදියෙක් කියල හඳුන්වපු කෙනෙකුට වෙනම තෑග්ගක් දුන්නා. එයාගේ Voice Recorder එක එයාගේ මාධ්‍ය සගයෙක් හරි, කවුරුහරි එකට හිටපු කෙනෙක් කොහේදෝ අමාත්‍යංශයකදී හොරකං කරපු නිසා ඒ වෙනුවෙන් ලබා දෙන අළුත් එකක්ලු.
ඒ පාර ඒ මනුස්සයත් කතාවක් කරන්න පටන් ගත්තා. සමහර විට මට හරියට මතක නැද්ද කියන්නත් බැහැ. තෑග්ග දීපු අයට ස්තුති කරන බවක් මම දැක්කේ නැහැ, ඒ මනුස්සයා ස්තුති කලේ පරණ එක උස්සපු උන්ට. ඒ තමුන්ට මේ අළුත් රෙකෝඩර් එක ලැබුනේ ඒ අය නිසාය කියලා. ඒ ගමන් දේශපාලන තැටියකුත් වාදනය වුනා.

එයාගේ  කතාවේ බ්ලොග් ලිවිල්ලට අදාළව මට වැදගත් දෙයක් විදිහට තේරුණේ “හරියට සිංහල ලියපියව්” කියල බ්ලොග් කාරයින්ගෙන් ඉල්ලීමක් කරලා ඒ සඳහා පොතක් නිර්දේශ කිරීම පමණයි. ඒක ඇත්ත, බ්ලොග් වල භාෂාව, ව්‍යාකරණ වල දෝෂ සෑහෙන තිබෙනවා. ඒකට හේතුව විදිහට මම දකින්නේ බොහෝ බ්ලොග් රචකයින් ඒවා සිදු කරන්නේ රැකියාවක් වශයෙන් නොවීමත්, එය දෙවැනි ක්‍රියාවක් ලෙසින් සැළකමින් කරනා නිසා වෙන්නත් පුළුවන්.
(ඉඳහිට අයෙක් තමන්ගේ බ්ලොගය හරහා මුදලක් ඉපයිය හැකි වෙතත් ඔහු හෝ ඇයගේ යැපුම් මාර්ගය බ්ලොගය වීමට ඉඩක් තියෙන්න බැහැ. ලංකාව ඒ වගේ තැනක තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නැහැ.)

ඒ එක්කම මගේ ඔළුවට නිකං අකුණක් ගහනවා වගේ එක දෙයක් මතක් වුනා. අපිට බලන්න ලැබෙන පත්තර සියල්ලේම පාහේ ලිපි හෝ වෙනත් සටහන් ලියන්නෙ මේ අපි වගේ රස්සාවක් කරන ගමන් ආතල් එකට බ්ලොග් ලියන උදවිය නෙමෙයි නේද කියලා.

හරි ඔන්න දැන් තමයි යක්කු කීප දෙනෙක් ස්ටේජ් එකට ආවේ. ටික වෙලාවකින් දෙයියොත් ආව. කොහොමත් යක්කුයි දෙයියොයි දෙගොල්ලොම එකට ඉන්න බව අමුතුවෙන් කියල දෙන්න දෙයක් නැහැනේ. ඒ කොල්ලෝ කීප දෙනා අපිව හිනස්සන්න යම් උත්සාහයක් ගත්තා. ඔය කොයි රංගනයත් කරන්නේ ජීවිතය කියන නියම රඟමඩලේ තමන්ට අයත් රංගනය හරියාකාරව ගෙනියන්න බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඒ මදිවට AC එකෙන් පට්ට සීතල හුළං පාරක් කෙළින්ම මගේ මුණට වදිනවත් එක්ක. AC එකේ outlet ටික (Fan Coil Unit) එක හයි කරලා තියෙන්නේ ස්ටේජ් එකේ යට කොටසේ. ඔහොම මෙහෙම ගිහින් මට තේරුණා තව කතා දෙකක් අහන්න මෙතන ලගින්න බැහැ කියලා. ඉස්සර ලෙක්චර් ගියාම නිදා ගන්න පුරුද්ද එක්ක මට මේ වගේ වාඩිවෙලා කතා අහන්න හරි අමාරුයි. කට දෙක වෙන්න ඈනුම් හැත්තෑ පහක් විතර යන්න ඇති ඒ හිටපු ටිකට.

මම හිතාගෙන හිටියේ මම එද්දී අනිත් කතා ටික ඉවරවෙලා, මේ අන්තිම කතාව වෙන්න ඇති කියල. ඇයි ඉතින් 02:00 නේ පටන් ගන්නවා කියල කිව්වේ. ශේප් එකේ කරුණු කාරණා හොයල බලද්දී දැනගන්න ලැබුනේ කරුණාරත්න මහත්තයට පස්සෙලු ඉතුරු කතා දෙක තියෙන්නේ. උත්සවේ පටන් අරගෙන තියෙන්නේ 03:00 ත් පහුවෙලා කියල දැන ගන්නත් ලැබුනා.
වෙලාව 05:45 වගේ වෙද්දී වගේ මම තීරණය කලා තවත් මෙතන ඉඳල තේරුමක් නැහැ කියලා. මම බලාපොරොත්තු වුන වැඩේ ඒ කියන්නේ ගැදරින් කියන එකට මෙතන ලොකු තැනක් ලැබෙන බවක් නැහැ කියලත් මගේ අක්මාවට තේරුණා. එහෙම දෙයක් උනත් වෙන්නේ ගොඩක් රෑ වෙලා වෙන්න ඕනේ.

බ්ලොග් සම්මාන උළෙලක් කිව්වට මේක මම හිතාගෙන ආපු වර්ගයේ ගැදරින් එකක් නෙමේ. එතන කෙරුණු කතා සහ පසුව එතනට ආපු දේශපාලන මුහුණුවරත් එක්ක අපි වගේ බ්ලොග් කාරයින්ට ඒ උත්සවය අදාළ නැහැ කියල මට තේරුණේ පස්සේ. පෞද්ගලිකව හඳුනාගත්තු බ්ලොග් කාරයෙක්, දෙන්නෙක් එක්ක පොඩ්ඩක් සෙට්වෙලා වචනයක් දෙකක් කතා කරන එක මීට වඩා සැපයි කියල තේරුම් ගත්තු මම ආපහු ඔය වගේ ලොකු ලොකු උත්සව වලට යන්නේ නැහැ කියල ඊයෙම තීරණය කලා.

ගෙදර කිට්ටුවට එද්දී මහ වැස්සක් වහින්න පටන් ගත්තා. සෑහෙන කාලෙකට පස්සේ කළින් ඕෆ් වෙලා තේරුමක් නැති ගමනක් යන්නේ නැතුව කළින්ම ගෙදර ගියානම්...

ප.ලි.
වැරදි වැඩකට වැරදි තැනකට ගිය එක සම්බන්ධ වැරදිකාරයා මමම බව මට තේරුණේ අද උදේ ආපහු ඇවිත් දේශකයා ගේ බ්ලොග් එකේ තිබ්බ දැන්වීම් ආපහු බලද්දී.
පහළ තියෙන දැන්වීමේ රවුම් කරලා තියෙන කොටස් ටික බැලුවම ඒක තේරේවි...
“ජයග්‍රහණයේ කොටස් කරුවන්ට උපහාර පුදනු ලැබේ...”  මේ කොටස දැක්කට හරියට තේරුම් ගත්තනම් නාස්ති වෙච්ච මගේ කාලය ගැන දුක් නොවෙන්න ඉඩ තිබ්බා. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැක කියා කියන්නට ඇත්තේද මම වගේම ඇණගත්තු එකෙක් වෙන්න ඇති.
“වැඩ ගොඩයි, කතා ටිකයි, සාජ්ජය ලොකුයි” කියලත් ඒ දැන්වීම් වලම තිබ්බා...
මෙන්න මේ විදිහටම...
උපුටා ගත්තේ මෙතනින්...

68 comments:

  1. /* සම්මාන, තෑගී දුන්නට පස්සේ මාධ්‍යවේදියෙක් කියල හඳුන්වපු කෙනෙකුට වෙනම තෑග්ගක් දුන්නා. එයාගේ Voice Recorder එක එයාගේ මාධ්‍ය සගයෙක් හරි, කවුරුහරි එකට හිටපු කෙනෙක් කොහේදෝ අමාත්‍යංශයකදී හොරකං කරපු නිසා ඒ වෙනුවෙන් ලබා දෙන අළුත් එකක්ලු. */

    කා ගැනද ඒ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. කකා, මම හිටපු තත්ත්වය අනුව ඒ වගේ ප්‍රශ්න අහන එක යුක්ති සහගතද කියල හිතෙන්නේ නැද්ද.
      කරූව හරිහැටි දන්නේ නැති මගෙන් අර මාධ්‍යවේදියා ගැන අහන්න යන උඹට මඩු වලිගෙන් ගහන්න හිතෙනවා...
      මම ඔය මිනිස්සුන්ව දන්නේ නැහැ, ඔය එක බල්ලෙක්වවත මට වැඩක් නැහැ.
      ඔය උත්සවේ තිබ්බ තැන ඉඳලා කිලෝමීටර 2 ක් ඇතුළත අවුරුදු හය හතක ඉඳල ගෙයක් අරගෙන ඉන්න මම ලංකාවේ වෙන ගූ කේස් ගැන ඒ තරම් උනන්දු නැහැ...
      අඩු තරමේ ඊයේ එතනට යනකල්වත මම එහෙම තැනක තියෙනවා කියලවත් දන්නේ නැහැ...
      ඒ මම උන්ගෙන් යැපෙන්නේ නැති නිසා වෙන්නත් ඇති... හෙහ්
      ලොකු පුතා...

      Delete
  2. මේ මං උඹත් එක්ක කතා කලාද බං . මට මතක නැනේ

    ReplyDelete
    Replies
    1. මැෂින් බිජ්ජා අමු තිත්ත කුණුහරුප/ දෙපිටකාට්ටු කතා කියන නිසා මටත් පොරව එපා උනා. නුගත් කමනේ. ඒකට බලන්න අපේ කකා. කවදාවත් කේන්ති අරං කුණුහරුප කිකියා හැසිරෙනවද? නැහැනේ. ඒක තමයි කකාගේ තියෙන උගත් කම. අනික සිංහල බ්ලොග් ලියන ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකන් හාල් කෑලි විතරයි.

      ඒත් කකා එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබුනත් නැතත් කකා පොරක්. හොද රස්සාවක් කරන,රට රාජ්ජ වල ඇවිදින, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්.

      කකා කියන්නේ වඳ පිදපු මොටයියෙක් වත් එහෙමත් මැෂින් රෙපෙයාර් කරනා නුගත් බාස්සුන්නැහැ කෙනෙක්, මිනිස්සුව රවට්ටන මීමුරේ මාම කෙනෙක්,තෙල් බෙහෙත් වෙළෙන්දෙක්, කෙන්දරකාරයෙක් නෙමෙයි. කකා කියන්නේ බ්ලොග් එක බිස්නස් එකක් කර නොගත්තු ආදර්ශමත් කෙනෙක්. කකාට ජය වේවා.

      Delete
    2. අටම්,
      මම කාත් එක්කවත් කතා කරන්න නතර උනේ නැහැ. මට ලොකු හිරිකිත ගතියක් දැනුනා...
      ඒ නිසා මම හැකි ඉක්මණින් මාරු උනා... සෙට් වෙනවනනම් වෙලාවක සෙට් වෙමු... එකට ලොකු සීන් ඕනේ නැහැ, අද බොමුද කියල අහන request එකක් ඇති... සරළ මිනිස්සු එක්ක නැතුව මම ලොකු බුවාලා එක්ක සෙට් වෙන්න කැමති නැහැ...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. (කළින් දමා තිබු කමෙන්ටුව හොඳින් සප්පායම් වී සිටි අවස්තාවක දැමුවකි. එහි තිබු යම් අවුලක් නිසා නැවත පිළිතුරු සැපයීමට තීරණය කලෙමි.)
      ඇනෝ....
      උඹ මම ගැන දන්නේ නැති නිසා අටමව හම ගහනවා. මම කවුද කියල දැනගත්තු දවසට අටමා, කාකා පැත්තක තියල මාවත් හම ගහන්න බලයි.
      මිනිස්සු කරන රස්සාව අනුව මිනිස්සුන්ව ලඝු කරන්න බැහැ...
      බ්ලොග් එකක් ලියන ඕනේ කෙනෙක් තමන්ගේ කාලය වැය කරගෙන එහෙම කරන්නේ යම් අරමුණක් ඇතුව.
      ඒකෙ ආදර්ශමත් චරිත සහ නොවෙන චරිත ඉන්නවා. හරියට අපේ සමාජයේ වගේම තමයි.
      කෙනෙකුට හොඳයි කියල පෙන දේ තව කෙනෙකුට නරක වෙන්න පුළුවන්...
      ලොකුවට හිතන්න දෙයක් නැහැ.

      Delete
    5. අඩේ දැන් එතකොට බොග් ලියන්න පුලුවන් කැම්පස් වලින් ඩිග්‍රි අරන් ලොකු ලොකු පු‍ටු වල වාඩි වෙච්ච උන්ට විතරද ඇනෝ???

      Delete
  3. මං මේකට එන්න කියලා half day leave එකකුත් දැම්මා. අන්තිම මොහොතෙ සෙට් වෙච්ච අත්‍යවශ්‍ය වැඩක් නිසා එන්න බැරි වුණා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. (පළමු කමෙන්ටුව ඉවත් කර දැමීමි)
      මචං.... මට අමුතුවෙන් නිවාඩු දාන්න දෙයක් තිබුනේ නැහැ... ශේප් එකේ ඔෆිස් එකෙන් මාරුවෙලා එතනට ගියා.
      මේ වගේ සීංකෝන් කරන්න ඕනේ කියන මතයේ මම ඉන්නවා... නමුත් මේ විදිහට මිනිස්සුන්ට එපා වෙන විදිහට නෙමෙයි.
      මේක මහා විකාරයක් විදිහට මට පෙනුනේ...

      Delete
  4. මටනම් ඉතින් කවදාවත් අපේ කට්ටිය සෙට් වෙන එකකට එන්න ලැබෙන එකක් නැති වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි සෙට් වීම් වඩා සුභයි වගේ... ලංකාවට එන වෙලාවක කියපන් සෙට් වෙන්න...

      Delete
  5. අජිත් අයියේ, මෙන්න මූ බයිනෝ!

    ReplyDelete
    Replies
    1. බනීමක් නෙමෙයි බං... එපා වීමක් තිබ්බේ...

      Delete
  6. මේ අද දවසට දැක්ක දෙවනි පළු ඇරිල්ල හිහි

    ReplyDelete
    Replies
    1. පළු ඇරියා නෙමෙයි බං... මම මගේ අදහස කිව්වා. එච්චරයි...
      අපි රිලැක්ස් වෙන්න හිතාගෙන ගිය තැනක් Business promotion එකක් එහෙම නැත්නම් Seminars වලටත් එහා ගියාම සහ කොහෙවත් නැති දේශපාලනයක් ඒ අතරට රිංගුවම දැනුන කලකිරීමයි මම ප්‍රකාශ කලේ...

      Delete
  7. ලොකු පුතා උතසවය හොදනැත්තම් ගිය එක අවුලක් නෑ. අපිනම් පොඩ්ඩක් විදගෙන හිටියෙ මේක ඉවරවෙලා පොඩ්ඩක් අදුන ගන්න. විදීම කොච්චරද කිවුවොත් අන්තිමට සිංදු ( ඌට සිංදු ) කියපු එකාගෙ බෑගිරියත් අහගෙන හිටිය.
    ඉතා කෙටි කාලයකින් සංවිදානය කිරීමත්, ඉවෙන්ට් මැනේජ්මට් කාරයො බ්ලොගස්ල කියන්නෙ මොක්කුද කියල නොදැන හිටීමත් තමයි අවුල. අනික මීඩියා සෙට් එක. උන් මෙතනට ගැලපෙන උන් නෙමේ. කෙසේ වෙතත් අතින් කාල සංවිදානය කරපු කෙනාටත් සැලකීමක් වගේම ඔහුව දැන අදුනා ගැනීමටත් මේ වගේ උත්සව වලට ජීවිතේට සහබාගී නොවෙන මම ඉවර වෙනකල්ම රැදුන. එතනදි මම හමුවෙන්න බලා පොරොත්තු වෙලා හිටිය කිහිප දෙනෙක් හමුවීමේ සතුට විදින්න ලැබුන.
    ලොක්කවත් දැන හදුනා ගැනීමේ අවස්තාව නොලැබීම කණගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. උඹලව හම්බ වෙන්න තිබ්බනම් හොඳයි...
      ෆන් එකට විතරක් සෙට් වෙන වෙලාවක් තිබුනොත් හම්බ වෙමු. එහෙම නැත්නම් පොඩි පොඩි පොකට් මීටින් වගේ පොඩි සෙට් වීමකදීවත් හම්බ වෙන්න බලමු...

      උඹ හොඳ දෙයක් මතුකලා. මොන අරමුණකින් හරි මේ උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් ඔහුට ලැබිය යුතු ක්‍රෙඩිට් එකේ බර දේශපාළුවන් ගා ගැනීමෙන් අඩු කරගත්තා කියල මට හිතෙනවා...

      Delete
  8. පරිසරය වෙනස් වීමේදී එම පරිසරයට අනුගත නොහැකි ජීවීන්ට පැවැත්මක් නොමැති ජීවීන්ට පැවැත්මක් නොමැති අතර, වඳවීයාමටද ලක් විය හැක.

    එතන කවුරුත් ළොකු පොරව්ල් හිටියේ නෑ. ඒක තමන්ගේ මානසිකත්වය. තමනුත් ළොකු පොරක් කියලා හිතා ගත්තාම ඒ ලෙඩේ ඉබේම සනීප වෙනවා. ඇයි තමන් පොඩි කෙනෙක් කියා සිතන්නේ.. නමත් ළොකු පුතා වෙච්චි...

    ෆන් එකට කැමති නම් සයිබර් ෆෙස්ටිවල් එන්න. ඒත් එතනටත් ළොකු පොරවල් එනවා.. මොකෝ බ්ලොග් කාරයෝ ඔක්කොම ළොකු පොරවල් මට නම්..

    අපේ අභිමානය උපරිමයෙන්ම රැකුනා ඒ උත්සවයෙදි.. ආපු අය සාක්ෂි දරයි...

    ReplyDelete
    Replies
    1. මාතලන්,
      නමත් මමත් ලොකු නැත්තේ නැහැ, නමුත් මම බ්ලොග් හරහා ලොකු පොරවල් දකින්නේ නැහැ. දකින දකින හැම එකාම කතා කරන්නේ සරළකම් ගැන. කොහෙහරි ගිහින් ගත්තු ෆන් ගැන. අතීත සිද්ධි ගැන. ඒ බහුතරයක් ඒවට ආස නිසා.
      ඒ වගේම බ්ලොග් ලියන ගොඩක් පොරවල් වෙන නම් වලින් ලියන්නේ තමන්ගේ ලොකු පොඩිකම් බ්ලොග් වලට අදාළ නැති නිසා.
      ලොකු පොරවල්ම කියන වචනයම නෙමෙයි... ඇත්තටම වඩා සුදුසු “ලොකු සීන් සමග දේශපාලනය” කියන වචනය වෙන්න ඕනේ..

      මම එතනට ගියේ කතා කරනවා කියල දාල තිබ්බ උන්ගේ කතා තුන ඒ වෙද්දී ඉවර ඇති, දැන් ඉන්න උන් එක්ක කතා කරන්න, අඳුන ගන්න එහෙම පුළුවන් වෙයි කියන හැඟීමෙන්. ඒකයි මම පහුවෙලා ආවෙත්.
      ඒ වගේම එතන හිටපු උන් ලොකුද, පොඩිද කියන එකට වඩා එතන සිද්ධිය දේශපාලන වශයෙන් ලොකු කරලා තිබ්බා. බ්ලොග් සම්මාන උළෙල කියන එක “යම්කිසි සීමාවකට” ලඝු කරලා තිබ්බා. අන්න ඒවා ගැනයි මම පෝස්ට් එකේ කතා කලේ.
      දේශපාළුවෝ එතනට ආපු එක, උන් එතන කතා කරන්න ගත්තු එක, Voice Recorder එකක් නැති කරගත්තු එකෙක්ව එතනට ගෙනත් විකාර කියවන්න සලස්වපු එක, මාධ්‍ය කාරයෝ හැටහුටා මාරකින් එතන පිරී ඉතිරි උන්ගේ සුපුරුදු විකාර දකින්න ලැබිච්ච එක...

      එතන වෙන්නේ මොකක්ද කියන එක උඩ මම highlight කරලා තියෙන “ඒ ලඝු කිරීම” මම කළින් තේරුම් ගත්තනම් මම එතනට එන එකක් නැහැ,
      උඹ කිව්වා වගේ සයිබර් ෆෙස්ටිවල් එකකට එන එක තමයි අපි වගේ උන්ට ගැලපෙන්නේ...

      පස්සේ කෙරිච්ච කතා හොඳයි කියල මම උඹලගේ බ්ලොග් වල තියෙනවා දැක්කා. නමුත් අරුන්ගේ ගොබ්බ කතා, විකාර නාඩගම් වගේ දේවල් හරහා කාලය නාස්ති වීමත් එක්ක මේකේ අවසානය කවදා එයිද, කීයට අනිත් උන් එක්ක වචනයක් හරි කතා කරන්න අවස්තාව එයිද කියන හැඟීමත් මගදී නැගිටලා යන්න හේතු වුනා...

      Delete
    2. නැවතත් කියන්න තියෙන්නේ මෙච්චරයි..

      වෙනස්වන පරිසරය අනුව හැඩගැසිය නොහැකි ජීවීන් වඳවී යාමට ලක් වනු ඇත.

      මේ නිසා බ්ලොග් වලට ලැබුන ප්‍රසිද්ධිය හා පිළිගැනීම ඊට විශාලයි. ඒකයි දේශපාළුවෝ පෙන්නන්න බැරි අපි ඔක්කෝම උනත් සහභාගි උනේ...

      Delete
    3. /// වෙනස්වන පරිසරය අනුව හැඩගැසිය නොහැකි ජීවීන් වඳවී යාමට ලක් වනු ඇත. ///

      මාතේ, මේක හැමතැනටම හැමතිස්සෙම "දෙහ්" ගාල අදාළ වෙන්නේ නැහැ, ලෝකයේ ජීවත්වෙන සියළුම චීටා සත්තුන්ගේ ජීන් පුල් එක, එක සමාන වෙලත් ලෝකයේ වේගවත්ම සතා වෙච්ච චීටා අදටත් ජීවත් වෙනවා. උන්ට තව දුරටත් පරිණාමය වෙන්න බැහැ.
      එහෙව් චීටා කාලයක් තිස්සේ අදටත් නොනැසී ජීවත් වෙනවා සහ උගේ වේගයට කිට්ටු වෙන්නවත් කිසිම සතෙකුට හැකියාවක් නැහැ.
      ඒ නිසා ජාන විවිධත්වය අතින් විවිධත්වයක් තියෙන මිනිස් සත්තු වන අපි ගැන විශේෂයෙන් මම ගැන සැක තියා ගන්න එපා.

      දේශපාළුවෝ එන බවක් කලින් කිසිම තැනක කියා තිබුනේ නැහැ. එහෙම උනානම් මම එන්නෙම නැහැ. ප්‍රේමදාස මහත්තයාගේ ගම්උදාව රැලියකට 1992 හෝ 93 දී ඉස්කෝලෙන් එක්ක ගියාට පස්සේ එදා තමයි දේශපාළුවෙක්ගේ දේශණයක් මම සජීවීව ඇහුවේ.

      බ්ලොග් වලට ප්‍රසිද්ධිය නොලැබෙන්න හේතුව අපේ උන්මයි. අනිත් එකෙක්ගේ බ්ලොග් එකක් බ්ලොග් රෝල්ට දා ගන්නේ නැහැ, අළුත් එවුන්ට කමෙන්ට් එකක් කරන්නේ නැහැ. තමන්ගේ බ්ලොග් එකේ උන්නතිය ගැන විතරක් බලාගෙන බ්ලොග් ලියන උන් කී දෙනෙක් ඉන්නවද.

      ඒ මොනවා නැතත් තමන්ගේ සතුටට බ්ලොග් ලියන උන් ඔය කිසි දෙයක් ලොකුවට තකන්නේ නැතුව බ්ලොග් ලියනවා බං...
      එහෙම උන් ගොඩ දෙනෙක් මේ බ්ලොග් අවකාශේ ඉන්නවා...

      Delete
    4. චීටා එහෙම ඉන්නේ චීටගේ පරිසරය වෙනස් වෙලා නැති නිසා...

      දේශපාලණයෙත් තොර ජීවිතයක් මේ රටේ නෑ.. අනික වෙන තැන්වල වගේ පිලිගැනීමකුත් තිබුනේ නෑ.. එකෙක්වත් නැගිට්ටෙත් නෑ.. පොරටත් තේරුනා මෙතන තියෙන වෙනස..

      Delete
    5. ඒ කියන්නේ චීටාට වගේම පරිසරය වෙනස් නැත්නම් අපිටත් පවතින්න පුළුවන් කියන එකද...
      එහෙම නැහැ මාතේ... පරිසරේ විතරක් නෙමේ, වෙන ඕනේ මගුලක් තිබ්බත් චීටා ගොඩ ගිහින් ඉන්නේ වෙන හේතුවක් නිසා...
      ඌට තවම ප්‍රශ්ණයක් මතුවෙලා නැහැ... එහෙම ආපු පළමු වතාවෙන්ම සියළුම චීටාවන් මේ ලෝකෙන් සමු ගන්නවා....
      එදාට අපි උඹල කාටවත් ඒක ගොඩ දාන්න බැහැ...උඹට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවනම් වෙනම කියපන්...

      හරි අපි ඒක අත්හරිමු... තව කතා කරන්න ඕනෙනං වෙනම හම්බ වෙමු...
      ඒ නිසාම තමයි පරිසරය, එසේත් නැත්නම් ඒ අවට කොයියම් හෝ අපිත් යන තැනකට ඒ වගේ හාල්පාරු දේශපාළුන් එනවද, නැද්ද කියන එක වැදගත් වෙන්නේ...
      අපි උන්ව ගණන් ගත්තේ නැත්නම්..... මුකුත් ඕනේ නැහැ............... අපි ඔක්කොම උන්ව ගණන් ගන්නේ නැතිනම්....
      අන්න එතනයි වෙනස....
      ඇයි බං අපි බල්ලෝ නාවන්නේ...
      මම කවදාවත් බල්ලෝ නාවලත් නැහැ, රැලේ යන පුසෝ නාවලත් නැහැ....
      ඒ සියළු දේ නවතලා තිබෙනවා පමණයි....
      මෙතඩ් එකට යන්නේ පොඩි ගාණක් පමණී....

      Delete
    6. ලොකූ, මාතලන් මට කතාකරපු පලවෙනි වෙලාවෙම කිවුවෙ, " මචං මම මේ වගේ තැන් වලට එන්නෙ නෑ. ඒත් අජිත් කට්ටක් කාල එංගලන්තෙ ඉදන් ඇවිත් මේ කරන දේට නෑව්ත් බැරිකමට ආවෙ " කියල. අනික උඹ එතන ඉදල අඩුපාඩු පෙන්නල ලිපියක් දැම්මනම් මෙයිට වැඩිය හොදයි.
      උඹේ චීටගෙ කතාව තේරුම් ගන්න බෑ. වෙලවක සෙට් වෙලා ඒ ගැන කතාකරමු.

      Delete
    7. මචං කම්මලේ,
      මම එතනින් ගියේ 05:45 ට. ඉවෙන්ට් එක තියෙනවා කියල තිබුනේ 02:00 සිට 06:00 දක්වා. මම යද්දිත් ඉවෙන්ට් එකෙන් බාගයක්වත් ඉවර නැහැ.
      මම හරියටම තිතටම වැඩ කරනවා කියන එකම නෙමෙයි, වෙලාව කියන එක නාස්ති කරන්න බැරි වෙලාවලුත් තියෙනවා මචං...
      ඒ වගේම එතන පොලිටිකි ගතියක් ඉස්මතු වෙන ගතියක් තමයි මම හිටපු කොටසෙන් මට දැනුනේ... ඒ සියල්ල නිසා තමයි මට යන්න හිතුනේ.

      උඹල කියන කරුණු බොරු සහ වැරදියි කියල මම කියන්න යන්නේ නැහැ. එහෙම හිතන්නෙත් නැහැ. අජිත් ල කරපු දේ ලඝු කරන්න යන්නෙත් නැහැ.

      චීටා ගැන අධ්‍යනය කරලා හොයා ගත්තු මුල් කාලේ ඉඳලම ලෝකේ ඉන්න සියළුම චිටාවන්ට තියෙන්නේ සහ ඉදිරියට හම්බ වෙන පැටවුන්ටත් තියෙන්නෙත් එකම වර්ගයේ ජාන පමණයි. උන් අතරේ කිසිම ජාන විවිධත්වයක් නැහැ.
      නමුත් උන් අනාදිමත් කාලෙක පටන් අදටත් ජීවත් වෙනවා. වෙනස් පරිසර පද්ධති වල පවා උන්ට ජීවත් වෙන්න හැකියි.
      නමුත් ඌ පරිණාමය වෙලා අවසන්.
      හැබැයි උන්ට කලින් වැළඳී නැති නව රෝගයක් වැළඳුනොත් චීටාවුන් සියල්ල ලොවෙන් තුරන් වෙලා යනවා. උන්ට ඒ ලෙඩේ එක්ක ෆයිට් කරන්න ප්‍රතිශක්තියක් ගොඩනගා ගන්න බැහැ.

      වෙලාවක සෙට්වෙලා කතා කරමු. මමත් උඹල ගොඩ දෙනෙක්ව අඳුනගන්න කැමැත්තෙන් ඉන්නේ...

      Delete
    8. මම උඹල තුන්දෙනා එක්කම බීල තියෙන නිසා මේ කියන්නේ.. ඔය කතා ඇදල ගන්නවනම් අමතර බෝතල් බර ගානක් රෙඩි කර ගනිල්ලා.. @ එවන් අවස්ථාවක් උදා වෙනකම් ඇඟිලි ගනිමින්..

      Delete
    9. එළ...
      /// මම උඹල තුන්දෙනා එක්කම බීල තියෙන නිසා මේ කියන්නේ.. ///
      මම හිතන්නේ ක.මි. ට පුළුවන් වෙයි වගේ කපුකම කරන්න...
      තැනක් වෙලාවක් සෙට් කරගම්මු එහෙනම්...
      එන සෙනසුරාදත් නරකම නැහැ...

      Delete
    10. කමියගෙන් නොම්බරේ ඉල්ලගෙන කෝල් එකක් දෙන්නම්. ඕනෙ වෙලාවක සෙට් වෙමු. ඉරිද නැතිව

      Delete
    11. හරි මචෝ...
      අද හෙටම කෝල් එකක් දීපන්...

      Delete
  9. අඩේ..වචනයක් හරි කතාකරන්න හම්බුන් නෑනෙ අයියා එක්ක..
    ඔය සෙට් වෙන වෙලාවක දැනුවත් කරන්න..
    අදමයි මේ පැත්තෙ ආවෙ.... ජය!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹව සාදරයෙන් පිළිගන්නවා...
      වෙලාවක කතා බහ කරලා සෙට් වෙන්න පුළුවන් වැඩකදී හම්බ වෙමු.

      කොල්ලුපිටිය අවටදී හම්බ වෙන්න පුළුවන් බ්ලොගාල දෙතුන් දෙනෙක් ඉන්නවා. මමනම් සමහර වෙලාවට උන් එක්ක සෙට් වෙනවා.
      කිට්ටුව ඉන්නවනම් කියපන්...

      Delete
  10. දැන් තියන අතිශය දියුණු තාක්ෂණයකින් යුතු කැමරා වලින් ටිකක් ඈත ඉඳන් මේ වගේ උත්සව කවර් කරන්න බැරිද ලොකූ?
    මම නොදන්න සාස්තරයක් ලොකූ දන්න නිසයි මෙහෙම අහන්නේ.
    මගුලත් මරණයත් උත්සවයත් අනතුරත් කැමරාකරුවන් හින්දා මහ ආමානුසික තත්වෙකට ගිහිල්ලා නේද?
    උත්සවයක් නම් සහභාගි වන්නන්ට කරදරයක් නොවන විදිහටත් අනතුරක් අබග්ගයක් නම් විපතට පත්වූවන් ගලවාගන්නන්ට බාදාවක් නොවීත් පින්තූර ගන්න දැන් මෙවලම් ඕන පදම් තිබේ නේද ලොකූ?
    මේක පොඩි අවුල් තත්වයක්. නොදනිමි කාගෙ දොසා :-(

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියා සෑහෙන කාලෙකින් මේ පැත්තේ... සාදරයෙන් පිළිගන්නවා... හෙහ්
      මොකද බැරි තිස්ස අයියේ, උන්ට ඉවෙන්ට් එක ගැන අදහසක් තියෙනවනම් කළින් අදාළ තැන්වල පිටිපස්සට වෙලා ස්ථානගත වෙන්න පුළුවන්.
      ටෙලි ලේන්ස් එකකින් කිසි කරදරයක් නැතුව ඒ ගත්තු සියළුම ෂොට්ස් ගන්නත් පුළුවන්. ඒවා කොලිටි එකෙන් වැඩිත් එක්ක.
      වතාවක් මම යාළුවෙක්ගේ මල්ලි කෙනෙක්ගේ වෙඩිමක් ෆොටෝ ගහන්න ගියා ඒ යාළුවයි, තව එකෙකුයි එක්ක.
      වෙඩින් එකේ කිසිම දේකට බාධා නොවෙන්න අපි ෆොටෝ ගහල දුන්න.
      උන්ගේ උවමනාව නිසා එක තැනක තියලා ගෘප් ෆොටෝ ටික ගහල දුන්නා. ඒ ඇරෙන්න අපි කිසි ෆොටෝ එකකට කිසිම කෙනෙකුට අරෙහෙම ඉන්න, මෙහෙම ඉන්න කියල කිව්වේ නැහැ.
      අපි එහෙම කලේ ඒක අපේ රස්සාව නෙමේ නිසාද දන්නේ නැහැ.
      රස්සාවට ෆොටෝ ගහන ඇය තමන් ඉන්නවා කියන එක සහ ඒ අවස්ථාවට තමන්ගේ වැදගත් බව පෙන්වන්න මිනිස්සුන්ට කරදර වෙන විදිහට හැසිරෙනවා වෙන්නත් පුළුවන්.
      ඔය මුකුත් ඕනේ නැහැ, දැන් ඔය මැච් ගහද්දි එකෙක්වත් පිට්ටනියට ගිහින් ෆොටෝ ගහනවද. කිසි කතාවක් නැතුව එළියට වෙලා හෙන සිරා ෆොටෝ ගහන්නේ... හෙහ් හෙහ්

      Delete
  11. අඩේ උඹ ගියාද බං කමක් නෑ තවත් අද්දැකීමක් නෙව

    ReplyDelete
    Replies
    1. ලොකුම අත්දැකීම නිසා තාමත් විඳවනවා...
      අර පට්ට කුල් AC එක හරියටම මුණට වැදිලා එදා රෑ වෙද්දීම උගුර දැවිල්ල හැදිලා හෙම්බ සෙට් වීගෙන ආවා.
      තාමත් උගුරේ අවුල සහ චුරු චුරුව එහෙම්මමයි.
      ඒ ශ්‍රවණාගාරේ ඩිසයින් එක කරපු එකාව හොයා ගන්න පුළුවන්නම්...

      Delete
    2. අවුලක් නෑ.. හොඳටම 'මතකයේ රැඳුනු තැනක්' වෙයි.. හැක්..

      Delete
    3. මට විතරක් නෙමේ ගෙදර ඔක්කොටම මතක හිටින විදිහට වැඩේ සිද්ධ උනා...
      ඊයේ පොඩි එකාට නින්දක් නැහැ, මට දැන් ඒ මදිවට කැස්සකුත් හැදිලා... හෆොයි...

      Delete
  12. ලොකූ.. ඔය 'ජයග්‍රහණයේ කොටස් කරුවන්ට' කියන කෑල්ල ඔය ඇඩ් එක හදපු එකා උගෙ අතින් දාපු මගුලක්.. ඒක වෙන ජයග්‍රහණයක් එක්ක කිසිම සම්භන්දයක් නෑ.. අජිත් අයිය මේ නම් ටික ප්‍රසිද්ධ කරේ දෙසැම්බර් මාසේ.. මට තේරුණු විදියට උඹ මේ සීන් එක ගැන සම්පූර්ණ විස්තරේ හරියටම දන්නෙ නැතුව තමයි එතනට සෙට් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම ලියන්න බැරි නිසා අර උඩින් කියුව වගේ සෙට් වෙච්චි දවසක කියන්නම්.. දැනට කෙටියෙන් කියනවනම්..

    ඔය නෙළුම් යාය කියන්නේ ලංකා නිව්ස් වෙබ් එකේ විශේෂාංගයක්. අජිත් අයිය තමයි ඒකෙ සංස්කාරක.. කාලයක් බ්ලොග් කියවපු ලියපු එකෙක් නිසා මිනිහට උපරිමෙම්ම ඇම්ම තියෙනව බ්ලොග් ගැන.. අන්තිම කාලේ දිගටම නෙළුම් යායේ ගියෙ සිංහල බ්ලොග් වල ගිය ලිපි විතරයි.. හොඳ ලිපියක් දැක්කම මිනිහ කතෲ ගෙන් අහල කැමතිනම් ලින්ක් එකත් එක්කම ඒකෙ පල කරනවා. ඔහොම ගිහින් ලන්ඩන් වල ඉන්න අපේ මිත්‍ර අරූ ඇතුළු පිරිසක් සෙට් වෙච්චි වෙලාවක ආපු අදහසක් තමයි මේ බ්ලොග් සම්මාන සීන්කෝන් එක.. වැඩිය හිතන් නැතුවම මෑන් ගිය දෙසැම්බරයේදී නෙළුම් යායේ පළවෙච්චි ලිපි අතුරින් කීපයක් මේ සම්මාන සඳහා තෝරගත්ත බව පළකලා. කවුරුත් ඉතින් ඕක ලොකුවට ගනන් ගත්තෙ නෑ.
    නමුත් මේක හැබෑවක් වෙන බව දැන ගත්තම සමහරු මිනිහට පළු යන්න බැන්න.. තේරීම් අසාධාරණයි කියල.. ඒක ගැන මොකුත් මම කියන්නේ නෑ. මම කියන එකම දෙය ඒ වෙලාවේ ඒක උන්ගෙ තීරණේ කියල.. මේක ජාතික උත්සයක් නෙවෙයි.. වියදම් කරන්නේ කාගෙවත් සල්ලි නෙවෙයි උන්ගෙ සල්ලි.. ඔය ඕනතරම් ල්න්කාවේ සම්මාන උළෙලවල් කරන්නේ ඒවයේ තෙරීම් සාධරණද? හැමෝම පක්ශපාතීයි.. ඒ සම්මාන ගන්නේ ඉල්ලල.. මෙතන තියෙන වෙනස මුන් සම්මාන දුන්නේ ඉල්ලන්නේ නැතුව.. සම්මානේ අතට දෙනකන්වත් එකෙක්ගෙවත් මූණක්වත් අඳුනන්නේ නෑ.. තනිකරම උන් රසවිඳපු නිර්මානෙකට අගයක් දෙන එකක් විතරයි. පසුව දැන ගන්න ලැබුනු විදියට මේ සම්මන සඳහා නම් නිර්දේශ කරල තියෙන්නේ අරූ. ඒ වගේම රුපියල් ලක්ශ පහ හමාරකට වැඩිය අජිත් අයිය තනියෙම වියදම් කරල තියෙනව.. කතා ගොඩයි..

    උත්සවේ ගැන කියනවනම් මිනිහ එංගලන්තෙ ඉඳල ලංකාවට ආවේ ඊට දවස් දෙක තුනකට කලින් මේ වෙනුවෙන්ම..

    බ්ලොග් නොලියන ලංකාඩේලි එකේ හිමාශියි තව මෑන්ගේ යාලු ප්‍රොක්ටර් කෙනෙකුයි තමයි මෑන් වෙනුවෙන් මෙහෙ වැඩ කරවල තියෙන්නේ. අපි එකෙක්වත් සත පහක උදව්වක් කරේ නෑ.. අපිට එහෙම කරදරයක් කරෙත් නෑ.. මිනිහ එංගලන්තෙ ඉඳන් හිතල ලංකාවේ බ්ලොග් ගැන මෙලෝ හසරක් නොදන්න එවුන් කීප දෙනෙකුට කියල ඇරේන්ජ් කරපු එකක්.. ඉවාන්ටද කොහෙද කියල තියෙනව රාජගිරියේ සෝලිස් එක බුක් කරන්න බලන්න කියල.. නමුත් සෝලිස් එක එදා තිබිල නෑ.. ඒ පාර හිතවත්කමට කරුණාරත්න පරණවිතානට කිව්වම ඔය ජනමාධ්‍ය ශාලාව හම්බෙලා තියෙන්නේ. එහෙම තමයි දේශපාලනේ ඔතනට ආවේ.. කරූ පරනවිතාන කියන්නෙත් බ්ලොග් කාරයෙක් උනත් දැන් වෙන පාරක යන එකෙක්.. කරූ ජයසූරිය කියන්නේ නිදහස් මාද්‍ය පනතද මොකක්ද එකක් ගෙනාපු එකා(ලු ) ඉතින් උන් සරල සැහැල්ලු මිනිස්සු කියල හිතල උන් එක්ක පෑහෙන්න ගිය එක තමයි අජියට වැරදුනේ. උත්සවේ පටං ගත්තම උනු දේවල් ඌට බියෝන්ඩ් කන්ට්‍රෝල්..

    අවුල් ගොඩාක් තිබ්බ තමයි.. හැබැයි නාලක ගුනවර්දනගේ කතාව.. ජාතික ගී පොල්තෙල් පහන් සන්දර්ශන නැතිකම අර අටම කියුව වගේ 'වළං කට්ටෙන් හූරනව වගේ' කියපු සිංදු වගේ බ්ලොග් වලට ආවේනික වෙනස් කමුත් කීපයක්ම තිබ්බා.. ඒ ඔක්කොටම වැඩියෙන් මේ අජිත් ල ලංකා නිව්ස් වෙබ් එකේ එඩිටර් (නම් චින්තක ද කොහෙද මට මතක නෑ) එතකොට අරූ වගේ උන් පට්ට සරල සිරා හිත හොඳ සෙට් එකක් බන්.. උඹ කියන්නේ අපි සෙට් වෙල ඉන්නකොට උන් එහෙ එංගලන්තෙ තනියම ඉඳන් බෝතලයක් කඩාගෙන ස්කයිප් වලින් අපිත් එක්ක සෙට් උනා. අපිට ඩිනර් එක එහෙ ඉඳන් ඕඩර් කරා.. පැය ගනන් අපිත් එක්ක මල් කැඩුවා.. බ්ලොගා ලගෙ අවුරුදු උත්සවේ සම්පූර්ණ වියදම උන්ගෙ ගානේ දරන්න ඉල්ලන්නෙවත් නැතුව කැමති උනා.. මට තේරිච්චි එක තමයි මුන් කරන්න දෙයක් නැති කමට ලංකාවෙන් පිට හිටියත් ඒ ගන හිතින් දුක් වෙන උන් සෙට් එකක් කියලා.. උන්ට ඕනි උනේ මොකක් හරි කරන්න.. අඩු පාඩු තිබ්බ තමයි.. ඒත් අපිත් උදවු කරල ඊලඟ එක උඹ කියුව වගේ පට්ට ගැදරින් එකක් කරමු ඔය දේශපාලකයොයි මීඩියා කාරයොයි ජෝකර්ලයි හලලා.. තව තව මේ ගැන ලියල බ්ලොග් ලෝකෙ කතා බහක් ඇති කරල ඊලඟ පාර සිලෙක්ශන්ස් මීට වඩා (ටිකක්) සාර්ථක කර ගමු. මේක වැටෙන්න නොදී අරගෙන යමු. මොනව උනත් මේකෙන් බ්ලොග් කාරයෝ කියන්නේ කවුද කියන එකත් උන් ලියන ඒවත් තව පොඩ්ඩක් හරි වැඩියෙන් ජනතාව අතරට යනවා. අන්න ඒ අදහසින් දිගටම මේ අදහසට බැක් කරපන්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ක.මි.
      මේකට කිවයුතු අදහස් කීපයක් තියෙනවා. ටිකක් දිගට ලියන්න වෙනවා. මම ඒ ටික අද රෑ වෙලා ලියන්නම්. දැන් පොඩි වැඩකට යන්න වෙනවා.

      Delete
    2. නියම පැහැදිලි කිරීම කමියො, වෙච්ච ඇත්තම සිද්දිය මේක බවට මමත් සාක්කි.

      Delete
    3. ///මට තේරුණු විදියට උඹ මේ සීන් එක ගැන සම්පූර්ණ විස්තරේ හරියටම දන්නෙ නැතුව තමයි එතනට සෙට් වෙලා තියෙන්නේ.///
      තොරණ තියෙන තැන ගැන යන්තම් විස්තර තිබ්බට තොරණ ගැන විස්තර කොහෙවත් තිබ්බේ නැහැනේ ආයිබෝං...
      අපි ඉතින් මගුල් ගෙයක් තියෙනවා කියල යාලුවෙක් SMS එකක් ගහල කිව්වත් තැන හොයාගෙන යන ජාතියේ උන් නිසා ඕකේ උප්පත්තිය හොයන්න ගියේ නැහැ.
      ඇඩ් එක දැක්කා, "හුරේ අපේ උන් සෙට් වෙන්න නේද හදන්නේ, 06:00 ට event එක ඉවර වෙනවනම් අවුලක් නැතුව පැයක් හමාරක් බ්ලොගාල එක්ක සෙට් වෙලා චැටක් දාගෙන ඉඳල යන්න පුළුවන්නේ" කියන පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව උඹ වගේ movement පොතේ ලියලා මාරු වෙන්නේ නැතුව පොතේම අත්සන් කරලයි මම ඔෆිස් එකෙන් තොලොංචි වුනේ... හෙහ් හෙහ්

      කළින් ඉඳල දන්න කියන මනුස්සයෙක් වෙලත් ඉවාන්ව, ඉවාන් විදිහට මම අඳුන ගත්තේ එදා... ඌත් අපි වගේම වෙන්න ඇති මාරුවෙලා එන්න ඇත්තේ.
      ඌ මාව දන්නේ නැහැ මයේ හිතේ... හෙහ්.
      කොහොම නමුත් උඹ මේ ඇත්ත විස්තරේ කියපු එක හොඳයි ක.මි...

      සංවිධායක මහතුන්ට පිටින් ගිහින් පොලිටිකි සීන් එක උනානම් මගේ හිතේ මේ ඉවෙන්ට් එක සම්බන්ධව පොලිටිකි ගැන තිබ්බ අවුල මම ඉල්ලා අස්කර ගන්නවා
      අර පරණවිතාන කියන හාදයා අනිවාර්යයෙන්ම සෙනරත් පරණවිතානගේ නෑදෑයෙක් වෙන්න ඇති. පොරටත් පසුකාලීනව ඔළුවේ පොඩි මෙව්වා එකක්වෙලා පිස්සු නැටුවා කියල අපේ ඉතිහාසේ ටීචර් අපිට ඉගැන්නුවා...

      මම හිතන්නේ තැන නිසා දවස වෙනස් කරන්නේ නැතුව, අවශ්‍ය දිනයට ගන්න පුළුවන් තැනක් හොයා ගන්න පුළුවන් උනානම් මීට වඩා සාර්ථකව වැඩි පිරිසක් සහභාගී වෙන්න තිබ්බා කියලා...

      බ්ලොග් ප්‍රසිද්ධ කරවන්න TV, Radio වලට වඩා බුකිය සහ පත්තර වැදගත් වෙනවා...
      TV එකේ යන තත්පර පහේ දහයේ නිව්ස් එකක් හරහා කවුරුහරි බ්ලොග් කියවන්න එනවානම් උන්ටයි මුලින්ම සම්මාන දෙන්න ඕනේ...

      ///ඒ ඔක්කොටම වැඩියෙන් මේ අජිත් ල ලංකා නිව්ස් වෙබ් එකේ එඩිටර් (නම් චින්තක ද කොහෙද මට මතක නෑ) එතකොට අරූ වගේ උන් පට්ට සරල සිරා හිත හොඳ සෙට් එකක් බන්..///
      අරූ ව කියවන්න පටන් ගත්තු දවසේමයි ඌ නියම මනුස්සයෙක් කියල මට තේරුම් ගියේ.
      අනිත් උන්ව මම හරියට දන්නේ නැති උනාට උනුත් එහෙම වෙන්න ඇති. බලමු ඉස්සරහට උන් ගැනත්...

      ///උඹ කියන්නේ අපි සෙට් වෙල ඉන්නකොට උන් එහෙ එංගලන්තෙ තනියම ඉඳන් බෝතලයක් කඩාගෙන ස්කයිප් වලින් අපිත් එක්ක සෙට් උනා. අපිට ඩිනර් එක එහෙ ඉඳන් ඕඩර් කරා.. පැය ගනන් අපිත් එක්ක මල් කැඩුවා.. බ්ලොගා ලගෙ අවුරුදු උත්සවේ සම්පූර්ණ වියදම උන්ගෙ ගානේ දරන්න ඉල්ලන්නෙවත් නැතුව කැමති උනා.. ///
      අවුරුදු උත්සවේ කෙරෙනවානම් කරමු. මමත් හැකි අයුරින් සප් එක දෙන්නම්...

      ///මට තේරිච්චි එක තමයි මුන් කරන්න දෙයක් නැති කමට ලංකාවෙන් පිට හිටියත් ඒ ගන හිතින් දුක් වෙන උන් සෙට් එකක් කියලා.. උන්ට ඕනි උනේ මොකක් හරි කරන්න..///
      මමත් ලංකාවෙන් පිට හිටිය එකෙක්...
      මුදුන් මුල කපල දාලා ලංකාවෙන් ගිය උන් ඇරෙන්න අනිත් උන්ට "එක්කෝ හැකි ඉක්මණින් එන්න හිතෙනවා"... දරුවන්ගේ ඉගෙනීම හරි වෙනත් බරපතල හේතු නිසා ඇරෙන්න අපේ ටයිප් එකේ උනේ පිටරටක ඉන්නවනම් ඉන්නේ හිතකින් නෙමේ බං...

      මම සෞදියේ හිටපු රස්සාවේ හැම අවුරුද්දෙම මුළු පවුලටම ලංකාවට එන්න යන්න ටිකට්(පසුව වසරකට දෙවරක් බැගින් ), සියළුම බෙහෙත් හේත් ඔපරේෂන් හෝ ඕනෑම වෛද්‍ය කටයුත්තක් සඳහා සීමාවක් නොමැතිව වියදම්, ළමයින්ගේ ඉස්කෝල වල පොත් පත් වල සිට school van එකේ වියදමත් දරණ, සතියට දවස් 5 ක් වැඩ කරන්න තිබ්බ ආයතනයක ස්ථීර රැකියාව අත ඇරලා ලංකාවට ආපු එකෙක් මම...
      මටනම් ඒක මහ කාලකණ්නි රස්සාවක් වගේම ඒ රට කාලකණ්නි රටක්...
      යම්කිසි අවශ්‍යතාවයන් නිසා නොරට හිර වෙච්ච මිනිස්සු කී දාහක් ඇත්ද...

      සිලෙක්ෂන් එකේ අවුලක් තිබෙන බව දුටුවා. මම ඒ කිසිවක් ගැන ලිව්වේ නැහැ මට අදාළ නැති නිසා.
      නමුත් එහි අවුලක් තිබ්බ බවක් උඹේ කියමනෙන් ගම්‍ය වීමම මම එකසිය ගාණට අගය කරනවා...
      අංක එක ගත්තු එකා මගේ පෞද්ගලික මිත්‍රයෙක් උනත් "නිල් කට්රොල් මල" දෙක වීම ගැන පොඩ්ඩක් හිතට දුකයි බං...

      ///අඩු පාඩු තිබ්බ තමයි.. ඒත් අපිත් උදවු කරල ඊලඟ එක උඹ කියුව වගේ පට්ට ගැදරින් එකක් කරමු ඔය දේශපාලකයොයි මීඩියා කාරයොයි ජෝකර්ලයි හලලා.. තව තව මේ ගැන ලියල බ්ලොග් ලෝකෙ කතා බහක් ඇති කරල ඊලඟ පාර සිලෙක්ශන්ස් මීට වඩා (ටිකක්) සාර්ථක කර ගමු. මේක වැටෙන්න නොදී අරගෙන යමු. මොනව උනත් මේකෙන් බ්ලොග් කාරයෝ කියන්නේ කවුද කියන එකත් උන් ලියන ඒවත් තව පොඩ්ඩක් හරි වැඩියෙන් ජනතාව අතරට යනවා. අන්න ඒ අදහසින් දිගටම මේ අදහසට බැක් කරපන්.. ජය ශ්රී්! ///

      උදව් කරන්න කිසිම බැරි කමක් අපි උඹලට නැහැනේ... පට්ට ගැදරින් එකක් කරමු. ඒ ගැන ඉක්මණින්ම සෙට්වෙලා කතා කරමු... අවුරුද්දට තව වැඩි කාලයක් නැහැ... හෙහ් හෙහ්...

      මේ සෙනසුරාදා සෙට් වෙනවානම් සිංහල බ්ලොග් ලෝකේ හිටපු(දැනටත් ඉන්නවා නොඉන්නවා වගේ) බ්ලොග් සක්විත්තෙක් (මටනම් අදටත් ඌ සක්විති කෙනෙක්) මම එක්කගෙන එනවා... මොකද කියන්නේ...

      ක,මි, කම්මලේ මා ක්ෂණික ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්නාහුය...

      Delete
    4. සෙනසුරාදා වනවිට පඩි හම්බෙන්නේ නැති නිසා එදානම් මට පොඩ්ඩක් අවුල්හුය.. කම්මලේ මොකද කියන්නේ? බ්ලොග් සක්විත්තාව ඕල්වේස් වෙල්කම්ය.

      Delete
    5. මම ඉතින් එවරෙඩි පූස වගේ , නමයෙ ඉලක්කමෙන් නෙමේ අටේ ඉලක්කමෙන් දෙපාරක් පනින්නම්. බ්ලොග් සක්විත්ත ගමේ යයිද දන්නෙ නෑ මේ සතියෙ. මම රෙඩි. ඉවානය එයි කෝල් එකක් දුන්නොත්.
      ක.මි . අලියෙක් විකුනපු සල්ලි තියනව, අවුලක් ගන්න එපා.

      Delete
    6. ඉවාන්ටත් කියමු, අර බුවා ගමේ යන්නේ නැහැ බං... ඌ ගමේ යනවා කිව්වේ සිංහල අවුරුද්දට...

      අලියා විකුණලා ඉවර උනේ මේ දැන්, එහෙට මෙහෙට ගෙවන්න තිබ්බ ගණන් ටික ගෙව්වට පස්සේ හෙණ්ඩුවක් ගන්න වගේ ගාණක් තමයි ඉතුරු වෙන්නේ....
      ඒකට කමක් නැහැ... අපේ වැඩේට ඒ වැඩිත් එක්ක... ඒ වගේම අලියා නිසා තිබ්බ කරදර වලින් මිදෙන්න ලැබීම ගැන හිතට මාර සනීපයි...

      අළුතෙන් අලියව ගත්තු මනුස්සයට කිසිම කරදරයක් නොවී අලියගෙන් කොටන් අදින්න ලැබේවා කියල හදවතින්ම පතනවා...

      Delete
    7. කෝ බොලව් තාම එකෙක්වත් කිව්වේ නෑනේ.

      Delete
    8. ඔන්න කිව්වා.... හෙට වරුවෙන්...
      තැන තාම මම දන්නෙත් නැහැ, කමියා තමයි තැන දන්නේ... පුංචි බොරැල්ල අවට කියල තමයි "තතු නොදත්" ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුනේ...

      Delete
    9. කවුඩ බං සක්විති? මමනම් දන්නෙ එකම එක බ්ලොග් සක්විතිකෙනෙක් ගැන විතරයි!

      Delete
    10. වයසින් බැලුවම පොඩි කොල්ලෙක් උනාට ඌ තමයි එදා අපි එක්ක හිටපු සීනියර්ම බ්ලොගා...
      දැන් වැඩිය ලියන්නේ නැති හිස් අහස...

      ///මමනම් දන්නෙ එකම එක බ්ලොග් සක්විතිකෙනෙක් ගැන විතරයි! ///
      හරි මචං, එක එකාට එක එක චොයිස් තියෙනවනේ, මටනම් මු එළ කොල්ලෙක්.
      එතකොට කවුද උඹ දන්න එකා...
      අර උඹේ යාළුවද... හෙහ් හෙහ්

      Delete
    11. සඳරුගෙ ලියමන් වලට මමත් එදත් අදත් හෙටත් බොහොම කැමතියි.

      ඒත් මිනිහ නොලිය ඉඳල එක පාරම නැගිටල මහින්දට ඡන්දෙ දෙන්න කියල හෙන සෙන්ටිමැන්ටල් පෝස්ට් දෙකක් දාල ගාස්තුවට ලැප්ටොප් එකකුයි සල්ලියි "මං කියන සක්විතිගෙන්" ගත්තට පස්සෙ ඉඳල මට සඳරු කියන පුද්ගලය ගැන තියෙන්නෙ පිළිකුලක්.

      සඳරුගෙ මිළ ලැප්ටොප් එකයි කියන්නෙ, ඌ බොහොම බාල/ලාභ මිනිහෙක්. ඒ හින්ද උඹ ඌට සක්විති කියන නම දැම්ම එක හරි, නමුත් ඒ මම "සක්විති" කියන අර්ථයෙන්.

      Delete
    12. සිංහයෝ උඹ මෙතන නම් එක්කෝ කාගේ හරි ලණුවක් කාල නැත්නම් හිතේ කේන්තියකට වලිගෙ පාගගෙන කියල හිතෙනව.. සඳරු කියන එකාව මට පහුගිය සෙනසුරාද හම්බුනා.. මං හිතන්නේ මේ කතාව ඇදිච්චි නිසා උනත් මෙතන කියන්න බැරි තරම් අමාරු 'අහේතුවක්' නිසා තමයි ඌ මේ දවස් වල බ්ලොග් නොලියන්නේ. සඳරු දකින්න ගොඩක් කලින් මං 'උඹව දැක්කේ'.. උඹ සාමාන්‍යෙන් මෙහෙම අහේතුකව විවේචනය කරන එකෙක් නෙවෙයි..

      Delete
    13. මචං ඉන්දික උඹ කවදාහරි සඳරුව හම්බවෙලා තියෙනවද.
      උඹ කියන සක්විති සහ සඳරු අතර ඇයි හොඳයි කමක් දැන් නැහැ කියලයි මම දන්නේ. ඌ උඹට ඇරපු දවස් වලම මුන්ටත් ඇරලා මුන්ට ගමේ ඉන්න බැරි මට්ටමට වැඩ වගයක් වෙච්ච කතාවක් මගෙත් එක්ක කියල තියෙනවා.
      කාටද මන්ද කියල උන්ගේ ගමට අලි එනවට විදුලි වැටක් ගස්සවල දෙනවා කියල මුන්ව අන්දපු සීන් එකක් ගැන කිව්වා. ඊට පස්සේ මී මුරේ එක්කගෙන ගිහින් එතනත් මුන්ව වාත වෙලා තියෙනවා. (ඒවා සියල්ල සිද්ධවෙලා තියෙන්නේ ඌ රස්සාවක් නැතුව ගමේ හිටපු කාලේ)

      මම ඌට ජොබක් සෙට් කරන්න හැදුවට හරිගියේ නැහැ. ඊට පස්සේ ඌට ජොබ් එකක් හම්බවෙලා කොළඹ ආවා. ඒ ජොබ සෙට් වෙලා තියෙන්නේ උගේ බ්ලොග් එක නිසා. ඒ ආවට පස්සේ ඌ පෝස්ට් එකක් දැම්මත් දැම්මේ නිවාඩුවකට ගෙදර ගියාම විතරයි.

      /// ඒත් මිනිහ නොලිය ඉඳල එක පාරම නැගිටල මහින්දට ඡන්දෙ දෙන්න කියල හෙන සෙන්ටිමැන්ටල් පෝස්ට් දෙකක් දාල ගාස්තුවට ලැප්ටොප් එකකුයි සල්ලියි "මං කියන සක්විතිගෙන්" ගත්තට පස්සෙ ඉඳල මට සඳරු කියන පුද්ගලය ගැන තියෙන්නෙ පිළිකුලක්. ///

      උඹ කියන මේ එක පාරට නැගිටපු නැගිටිල්ල තමයි ඌ කොළඹ ඉඳල ජන්ද නිවාඩුවට ගෙදර යාම. ඌ ආපහු අවුරුදු නිවාඩුවට ගෙදර ගියාම සමහර විට ආපහු නැගිටියි...
      මම සඳරු වෙනුවෙන් මේ ටික ලිව්වේ ඌ මේකටවත් උත්තර දෙන්න බ්ලොග් වලට එන්නේ නැති නිසා සහ උඹ කාගෙන් හරි හොඳ ලණුවක් කාල ඉන්න බවක් පේන නිසා...

      Delete
    14. @ඕයි උප සාන්ත තමුසෙ මට වඩා අකුරක් හරි ඉගෙන ගත්ත එකෙක් ලු නේද ...ඉතින් ඇයි ඕයි

      මේ වගේ ගෑනු වැඩ කරන්නේ ..? අම්පාරේ ඉන්න මම මහින්දට කඩේ යන්න ඒරොප්පේ ඉන්න

      තොගෙන් අවසර ගන්න ඕන නැති වග ඔය මන්ද බුද්දික මොලේට තේරෙන් නෑ ද ?.. අනික තමයි

      උප සාන්ත තමුසෙ සල්ලි නැති කරගත්ත හිතේ අමාරුව මගේ පිටින් යවන්ඩ හදන්ඩ එපා ..

      තමුසෙගේ ගොං කමට තමුසෙ සල්ලි නැති කරගන්ඩ ඇති එවුවට මම වග කියන්න ඕනද ? ..

      මට ලැප් ටොප් එකක් හම්බුනානම් ඕයි තමුසෙගෙ මොංගල් කමෙන්ට් එකට උත්තර ලියන්න ගමේ

      එනකම් ඉන්නේ නෑ ..කොහෙද තමුසෙ මොලේ තියෙන එකෙක්යැ .. මොලේ තියෙනවනම්

      තමුසෙ සල්ලි නැති කරගත්ත දුක මගේ පිටින් යවාවි යැ ...

      උප සාන්ත... ඉන්ටර්නෙට් එක තියෙන නිසා ඈතක ඉඳන් ඔය විදිහට මට ඇති තරම් බැනපං ..

      හැබැයි බං මගේ ලඟ පාතක ඉඳන් "මට සඳරුව පිළිකුල්" කියලා කීවොත් අන්න ඒ වෙලාවට මම

      තොගේ ඔය කට .. කපනවා ...එතකොට තමුසෙගේ ගෑනිත් තමුසෙව පිලිකුල් කරයි ..තමුසෙ ඔය

      පිලිකුලට බේත් ගන්න ඕන නම් ඇවිත් මාව හම්බෙන්ඩ එනවා ..මොකද මාත් කොළඹ යනවා

      එනවා නේ ..තමුසෙට තනියෙම මාව හම්බෙන්ඩ එන්න බයනම් යාලුවෙකුත් එක්ක එනවා ...

      ඕයි උපසාන්ත දැන්ම ඔය සිංහ රූපේ අහක් කොරනවා ... කක්කුස්සියට ගිහිං ගහගන්නවා

      තමුසෙගේ පුකේ හොඳ පොටෝ එකක් ගහලා දාගන්නවා ෆ්‍රොෆයිල් පින්තූරෙට ...පුකේ වැඩ

      කරන තමුසෙ වගේ මිනිස්සුන්ට ඕයි බිච්චියක හිටෝලා.. ගූ මුට්ටි වලින් ගැහැවුවත් මදි ...

      .................................

      මේ තමයි මම මගේ බ්ලොග් ලියපු කාලෙටම එකෙකුට බැන්න පලවෙනි වතාව ....
      ලොකු පුතා සමාවෙයන් උඹගේ බ්ලොග් එකේදි මේ ගොං නාම්බට බයින්න සිද්ද වුණාට ...

      ආ ...ඒ වගේම උඹලා ඔක්කෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

      Delete
    15. හද්ද කැලේ අල උදුරංකන වැදි බය්යෙක් මට කිව්වොත් "අඩෝ උපසාන්ත, උඹ යහපාළනේට කඩේ ගියෙ වාසි බලං නේද ඩෝ" කියල, මගෙ පුකේ මයිලවක් ඒකට සැලෙන්නෙ නෑ, මොකද මම එහෙම නොවෙන බව මම දන්න නිසා.

      ඒත් මම ගිහින් වැදි බය්යෙක්ට කිව්වොත් "මල්ලි ඔයාගෙ මිළ ලැප්ටොප් එකයි කියන්නෙ, උඹ බොහොම බාල/ලාභ මිනිහෙක්" කියල, උගෙ උන්ඩුක පුච්ච්යෙ ඉඳල සලිතවෙලා, මයිල් ඉස්මයිල් වෙලා, මහ හය්යෙන් බුරාන පනිනව රෙද්ද ගැලවිච්චි තරහට...

      හෙහ්... හෙහ්...හබරළ කොළයක් ඇන්න අංගජාතකේ වහගනින් කොළුවො, කපුටො කොටාවි පණුවට...

      මම පිළිකුල් භාවනාව කොරන්න හිතපු දාක එන්නං ඔය උත්තමය හම්බුවෙන්න...හෙහ්..හෙහ්..

      Delete
    16. //ඒත් මම ගිහින් වැදි බය්යෙක්ට කිව්වොත් "මල්ලි ඔයාගෙ මිළ ලැප්ටොප් එකයි කියන්නෙ, උඹ බොහොම බාල/ලාභ මිනිහෙක්" කියල, //

      එහෙම කියන්න උඹට තියෙන අයිතිය මොකද්ද ? .. ඇයි උඹ සිංහයද ?

      අනික මට ලැප්ටොප් හම්බුනා කියලා උඹ කියන්නේ කොහොමද ? උඹ දැක්කද ඒක .දැං කෝ බං ඒ ලැප්ටොප් එක..?...ඇයි බං උඹට මේ උන් හිටි ගමන් මට මඩ ගහන්න හිතුනේ .. උඹට කාගෙන්ද කොන්ත්‍රාත් එක ආවේ .. උඹට ඒකට සල්ලි හම්බුනා නේ ? ...

      උපසාන්ත ඉන්ටර්නෙට් තියෙනකං උඹ සිහයා.... හිටගෙන බොරු කියපං .....ඒත් වැරදිලා හරි මේ අල උගුල්ලං කාපු බයියාට පේන්න ඉන්න එපා ..

      මේ.........දැන්නං අර අවංක පුකේ මයිල්.... බල්ටි ගහනවා ඇති නේ ..

      Delete
  13. මේ ලිපිය ලිව්වට ස්තුතියි. කල්‍යාණ මිත්‍ර මා වෙනුවෙන් බැට් කිරීම ගැනත් ගොඩක් ස්තුතියි. අපි ඊයෙම තීරණයක් ගත්ත ඊළඟ උත්සවේට දේශපාලකයන්ට කතා කරන්නේ නැහැ කියල. සෙනසුරාදා කරනවා කියල. වැඩේ බ්‍රහස්පතින්දා කල නිසා කට්ටිය ආවේ නැහැ. ඔනමන්ටල් මේ ගැන ලියල තිබුන. දවස ගැන මම හිතන් හිටියේ සෙනසුරාදා ගන්න. ඉවාන්ට සෝලිස් එක ගන්න බැරි වුන. මීඩියා කට්ටිය මටත් බැන්න පරක්කු වෙලා පටන් ගත්ත කියල. මම උන්ට ඒ ගමන යන මල දනෙක යන්න කිව්වා. හැබැයි උන් ඒත් හිටිය. කරු එනකම්ම. පරක්කු වෙලා පටන් ගත්තේ බන්දුල නානායක්ක්කාරවසම් ආවේ (එනවා කිව්වේ තුනට) තුනට . මට ඕන කරන අංග කීපයක් මග හැරුන ඒ නිසා. මම නොකරපු කතාව (කරපු කතාවට අමතරව) දානවා මගේ බ්ලොගයේ.ඒක බලන්න.
    හැබැයි එකක් කියන්නම්. අපි තේරුවා ඒවා අපට හොඳයි. ඒවා එහෙම තෝරන්න හේතු මම වෙන තැන්වල ලියල තියෙනව. අකුරු වැරදුනත්, ක්ෂණිකව සිද්ධිය ඉදිරිපත් කිරීම. බ්ලොග් කරුවන්ට උදව් කිරීම සංවාද කිරීම, වගේ ගොඩක් දේවල්. අපි ඊළඟට තෙරුවත් තෝරන්නේ ඒ විධිහටම තමයි. තෝරන් කලින් ඒ තේරුවා කිසිම කෙනෙක් අපි පෞද්ගලිකව දන්නේ නැහැ. දැන් දන්නවා.
    මන් එකක් කියන්නම් මේ සම්මාන ගත්ත එවුන් ටික මට උදව් කලේ නැහැ මේක කරන්න. උන්ගේ මොරාල් ප්‍රශ්න නිසා වෙන්න ඇති. සම්මාන ලැබෙන නිසා උදව් කරන්න බැහැ වගේ. අවුලක් නැහැ. සම්මාන නොගත්ත එවුන්ගෙන් උදව් කලේ වචනයෙන් හරි දේශකයා වගේ කීප දෙනෙක්. අන්තිමේදී වැඩේ භාර දුන්නේ අපේ ලංකාවේ වෙබ් මාධ්‍යවේදීන් කීප දෙනෙකුට.
    ඒ නිසා දැන හෝ නොදැන බ්ලොග්කරුවන් අපට උදව් කලේ නැහැ. නමුත් අපි යම්කිසි දෙයක් කලා එකට සංවාදයක් ඇති වෙලා ප්‍රසිද්ධියක් ලැබිල තිබෙනවා. අපට දැනට ඒ ඇති.
    දැන් මේ නිසාම ඕගොල්ල පට්ට ගැදරින් එකක් ගැන කතා කරනවනේ. ඒකත් ජයග්‍රහණයක්.
    මම මේ ලියපු කෙනා දැක්ක තනියම ඉඳගෙන සිටිනවා ඒ පේලියේ. කණගාටුයි කතා කරන්න නොලැබීම ගැන. අර ජනමාධ්‍යවෙදිය්ට කතාවක් තිබ්බේ නැහැ. ස්තුති කරන්න කියල මයික් එක ඉල්ලා ගත්ත. ඉස්සරහට මිට වැඩිය තද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. අජිත්,
      ඔබටත් බොහොම ස්තුතියි පැමිණ අදහස් දැක්වුවාට. උඹල සෙට් එක එකතුවෙලා කාපු කට්ට දැන් පැහැදිළිව තේරෙනවා.

      ///අපි ඊයෙම තීරණයක් ගත්ත ඊළඟ උත්සවේට දේශපාලකයන්ට කතා කරන්නේ නැහැ කියල. සෙනසුරාදා කරනවා කියල.///
      ඉදිරියේදී ගන්න තීරණය කල වෙනස්කම් ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක සියළුම බ්ලොගාලා ලබපු ජයග්‍රහණයක්...
      එතනට ආපු හැමෝම "සම්මාන උළෙල පට්ට සිරා, ඊළඟ පාරත් මේක කරමු" කියල දිරි ගැන්වීම් පමණක් කළානම් මේ වගේ තීරණයකට ඉතා ඉක්මණින් එළඹෙන එකක් නැහැ කියල මට හිතෙනවා...

      අපි සෙට් වෙමු කියල කිව්වේ උඹලට ඉහලින් යන්න "පට්ට වැඩක් කරන්න ඕනේ" කියන අදහසක් හිතේ තියාගෙන නෙමෙයි කියන එකත් කියන්න ඕනේ සහෝ.
      මම ඒකෙන් අදහස් කලේ වැඩි පිරිසක් සහභාගී වෙන, හැමෝටම වගේ අනිත් අයත් එක්ක කතා කරන්න ලැබෙන දෙයක් කරන්න උත්සාහ කරමු කියන අර්ථයෙන්. මම ඒ දේ කිව්වේ කලණ කියපු අවුරුදු උත්සවේ ගැනත් ඔළුවේ තියාගෙන.
      එහෙම නැතුව වෙනම කණ්ඩායම් වශයෙන් කල්ලි ගැහෙන්න මගේ කොහෙත්ම අදහසක් නැති බව කියන්නේ ඒ වගේ අදහසක් කාට හරි මම කියපු කතාව නිසා ඇතිවෙන්න පුළුවන් නිසාය.

      බ්ලොගාලගේ නිදහස මානසිකව මෙන්ම භෞතිකවත් ලබන්න පුළුවන් නිදහස් වටපිටාවක රැස්වෙන්න පුළුවන් නම් වඩා හොඳයි කියන මතයේ තමයි මම ඉන්නේ...

      එදා එතනට ඇවිල්ලත් හැමෝම එක්ක කතා කරන්න බැරිවීම සම්බන්ධව මටත් කණගාටුයි...
      එහෙනම් ආයෙත් වෙලාවක සෙට් වෙමුය...

      Delete
    2. මම බ්ලොග් එකක් නොලිව්වත් ඒ අවස්තාවෙ සහබාගී උනේ , අජිත්ල කැපවෙලා කරපු දේට සහබාගීත්වයෙන්වත් කලගුණ දක්වන්න. ඊලග වතාවෙ වඩාත් සාර්ථකව සංවිධානය කරන්න විවේචන ප්‍රයෝජනවත් වෙයි.
      ස්තූතියි අජිත් ඔබ එදා ලබා දුන් සියළුම දේට.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ස්තුතියි කම්මල. පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඕනමන්ටල් මගෙන් ඇහුවා සෙනසුරාදා ප්‍රශ්නය. මම එයාට කෙලින්ම කිව්වා ඒක මගේ තීරණයක් නෙමේ විවේචනය කරන්න කියල. ඒකෙන් වැඩක් වුණා හොඳ ලියන අයත් විවේචන කරන අයත් දෙපිරිසම ඉන්න ඕනේ. විවේචන විතරක්ම ආවනම් අපි වැඩේ අත් ඇරලා දාන්න වුනත් පුළුවන් නිසා. සම්මාන ගත්ත අයගෙන් මේක සංවිධානය කරන්න උදව් ඉල්ලීම පොඩ්ඩක් සදාචාරමය වශයෙන් ප්‍රශ්නයක් ලෙස හැඟුණ නිසා තමා ඒ වැඩේ අත හැරලා ආණ්ඩුව දෙසට හෙවත් ජනමාධ්‍ය අමාත්යංශය දෙසට හැරුනේ. හැබැයි ඒ ගොල්ලෝ වැඩි බලපෑම් කරන්න ආවේ නැහැ.ඉවාන්ලා , කල්‍යාණ මිත්‍රල කීප වතාවක්ම ඇහුව උදව් කරන්න පුළුවන් කොහොමද කියල. අපට හරි අදහසක් තිබ්බේ නැහැ.
      මට දවසකට කලින් පුවත් පත් සාකච්චාවක් කරන්න කියල වෙලාව හදල දුන්නා. මම ඒක ප්‍රතික්ෂේප කලා. ඒක මගේ වැරැද්දක්. ඒක කලා නම් තව සෙනග එනවා.

      Delete
    5. පුවත්පත් සාකච්ජාවකට ගියානම් ලොකු වැඩක් වෙන්න ඉඩ තිබුනා...

      බ්ලොග් ජනප්‍රිය කරන්නත් පුවත්පත් සහ බුකිය, SMS වගේ ක්‍රම TV වලට වඩා වැදගත් බවයි මගේ අදහස...
      TV එක බලන කෙනාට ලින්ක් එකක් හරි, නමක් හරි මතක තියා ගන්න ලේසි නැහැ. නමුත් අනෙකුත් මාධ්‍ය ඒ අතින් ඉදිරියෙන් සිටිනවා

      Delete
  14. අම්මප ලොකු පුතා , උඹව අඳුනගන්න වෙච්ච හැටි. අල්ලගන්නම් ඊළඟ ඔඩිට් එකට ආවම ..හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...
      වැරැද්ද කාගෙද. අපි දෙන්නවම දැනගෙන උන්නු කමිය මට උඹ ගැන කිව්වේ නැහැනේ...

      ඔඩිට් කිව්වම මතක් උනේ, මම ටක් ගාල ගිහින් බැලුවේ මේ පාර කවුද අපේ ඔඩිට් එකට එන්නේ කියල...
      වෙලාවට උඹ නැහැ අපේ ලිස්ට් එකේ... හෙහ්...

      Delete
    2. යකෝ මේක මාග බ්ලොග් ලෝකෙ වෙලාද ඒ ගමණ?

      Delete
    3. සිංහයෝ, කට පරිස්සම් කර ගනිපිය...

      Delete
  15. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16454-2015-04-05-07-40-39
    කල්‍යාණ මිත්‍ර අර වියදම් වැඩි හරියක් දැරුවේ චන්දිම විතාන ආරච්චි (ලංකානිව්ස්වෙබ් ප්‍රධාන කර්තෘ )

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කිරීමට හා පබ්ලිශ් කිරීමට දෙකටම ස්තූතියි අජිත් අයියා..

      Delete