Wednesday 20 May 2015

වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්...

පළවෙනි කොටස බැලුවේ නැත්නම් මෙන්න පාර...
කලින් පෝස්ට් එකේදී දෙවෙනි කොටස ඉක්මණට දාන්න පොරොන්දු උනාට ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වීම සම්බන්ධව සමාව භජනය කරනවා මුලින්ම. රාජකාරි කටුයුතු සඳහා ඔපිසියෙන් පිට යන්න සිද්ධ වෙච්ච නිසාත් අසනීප තත්ත්වයක් නිසා ඇති වෙච්ච ගැටළු නිසාත් වැඩේ පහු උනා. දැනුත් ඔපීසියේ ඉන්නේ කොන්දේ පත්තුවක් ගැට ගහගෙන. හරියට මෝල් ගහක් ගිල්ලා වගේ. ඒකෙන් මේකෙන් වැඩක් නැහැ, ඔන්න දෙවෙනි කොටහ.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

ඔන්න එක පාරටම පාර මැද්දේ විසාල බාධකයක්. මුවාල ලොකු රංචුවක් පාර මැද්දේ. හරියට අර ධර්ගා ටවුන් එකේ... එක්කෝ ඕනේ නැහැ. පාරෙන් අහක් වෙන්න කිසිම උවමනාවක් නැති උන් සෙට් එක අපි දිහා කන්න වගේ බලන් ඉන්නවා. අපිත් උන් “දැන් අහක් වෙයි” “දැන් අහක් වෙයි” කියල බලාගෙන ඉන්නවා. හෝන් ගැහුවේ නැත්තේ ඒක වනෝද්‍යානයක් ඇතුලෙදි සිද්ධ නොකළ යුතු දෙයක් නිසා. ටික වෙලාවක් අපි දෙගොල්ලෝ මුණට මුණ බලාගෙන හිටියා. ඔන්න එක පාරටම හිතට දිරි අර ගත්තු එක මුවිච්චියෙක් උපරිම වේගයෙන් දුවගෙන එන්න පටන් ගත්තා කැබ් එක ඉස්සරහට. හරියට “දෙන්නම් වැඩක්” කියන්න වගේ. හුසේන් බෝල්ට්ගේ නගා වගේ දුවගෙන ආපු මුවී නතර කරලා තිබ්බ කැබ් එකේ දඩාං ගාල හැප්පුනා. හරියට අර රෙස්ලින් කරන උන් දුවගෙන ගිහිං අනිත් එකාගේ ඇඟට පනින්නේ, අන්න ඒ වගේ. අපිව උඩ විසික්ක උනා වගේ උනා. කැබ් එකට පැනපු මුවී බිමට වැටෙනවා වගේ දැක්කත් ඒ සැනින්ම වගේ නැගිටලා ආපහු හැරිලා කැලේ පැත්තට දිව්වා.


ඒ එක්කම වගේ අපිත් කැබ් එකේ හෙඩ් ලයිට් එක ඒ කිව්වේ ඔළු ආලෝකය නිවල දැම්මා. ආන් එතකොටම වගේ කැලේ කඩාගෙන දුවන සද්දයක් එහෙම අහගන්නත් අපිට පුළුවන් උනා. ඒ එක්කම වගේ ලයිට් එක දාල බැලුවත් පළාතකවත් එක මුවෙක්වත් පේන්න හිටියේ නැහැ. මුව රංචුවම මිසින්.
දැන් ඔන්න අපේ වාරේ, අනතුරු සමාලෝචනය සහ අදහස් ප්‍රකාශය. අර මුව දඩල්ලා කැබ් එකේ හැප්පිච්ච හැප්පිල්ලට මොනවා වෙලාද දන්නෙත් නැහැ. ඌ හරියටම හැප්පුනේ වාහනේ මැද හරියට වගේ වෙන්න නිසා ලයිට් මුකුත් කුඩු නොවෙච්ච බව ෂුවර්. ඒ මදිවට ලයිට් දෙකම පත්තු වෙනවත් එක්කනේ. කැලේ කොලේය මහ රෑය කියල බලල බැහැ, මෙව්වා ආණ්ඩුවේ වාහන. ඒ මදිවට කවුරුවත් පිළිගන්න එකක් නැහැ මුවෙක් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙලා දුවගෙන ඇවිත් අපි ගිය වාහනේට පැනලා වාහනේ තැලුනා කියන එක. හැමෝම කියාවි මුන් රේස් ගිහින් අසරණ මුවෙක් හප්පලා දාලය කියලා. කුරූගේ වාහන එළවිල්ල ගැනත් ඉතින් ආයේ කියන්න දේකුත් නැහැනේ.

දැන් ඔන්න වෙච්ච හානිය බලන්න වාහනෙන් බහින්නයි අපේ කල්පනාව. කලින් අර අලි ගඳ එද්දී හද්ද කළුවරේ වාහනෙන් බැහැල හිටපු එකේ මේක මොකක්ද. කැබ් එකේ ලයිට් පත්තු කරලම තියලා බැහැල බැලුවා. එක ලයිට් එකක පොඩි ඉරක් ගිහින්, සෙල් එකේ උඩම හරියේ තැනක මුව ලොම් රොත්තක් ලේ ටිකකින් ඇලිලා තිබ්බා. හෙඩ් ලයිට් එක ප්ලාස්ටික් වර්ගයකින් හදල තිබ්බ නිසා වෙන්න ඕනේ කුඩු නොවී බේරිලා තියෙන්නේ. ඌත් කිසි අවුලක් නැතුව ආපහු දුවගෙන ගියපු නිසා දෙපාර්ශවයම ගොඩ. වෙලාවට මුවී කෙනෙක් පැන්නේ, හදිස්සියෙවත් අන් තට්ටුවක් තියෙන මුව කොල්ලෙක් පැන්නනම් තමයි වැඩේ...
ආපහු වාහනේට ගොඩ වෙච්ච අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. ඔන්න එක පාරටම කුරූ ගේ මීටරේ වැඩ කරන්න ගත්තා. ටික දොහකට කළින් දෙහිවල සත්තු වත්තේ හිටපු මුවාල රංචුවේ මුවාල වැඩියි කියල ගෙනත් අත ඇරලා තියෙන්නේ ඔය කිට්ටුව ඉසව්වටලු. එකත් එකටම මේ ඒ රංචුව වෙන්න ඇති කියලයි ඌ අනුමාන කලේ.

ඒක හරි වෙන්න ඕනේ, කැලේ දිගටම හිටපු සත්තු වාහන පවා හොඳට අඳුරනවා. මුන් ඉතින් සත්තු වත්තේ තිබ්බ මුව වලේම ඉපදිලා ලොකු මහත් වෙච්ච සත්තු වෙන්න ඇති. වාහනේකට කියල දකින්න ඇත්තේ කෑමට කොල ටික ගෙනත් දාන ට්‍රැක්ටර් කබල විතරක් වෙන්න ඇති. ඒකත් ඉතින් දකින්නේ දවල්ටනේ. ලයිට් දාගෙන යන වාහනයක් ජීවිත කාලෙටම දැකල නැතුව ඇති.
දුවගෙන ඇවිත් අපිව හප්පපු මුවා වාහනේ ලයිට් එළිය නිසා ලොකු වැරදි වැටහීමක් ගන්න ඇති කියලයි අපි හිතුවේ. ඌ හිතන්න ඇති ඌ කළුවර කුඩුවක හිරවෙලා ඉන්නවාය, ඒ අව් අස්සේ ගොර ගොර සද්දයකුත් එනවය. එළියට පැනලා බේරිලා දුවන්න හිතාගෙන වාහනේ එළිය දිහාට පැන්නාය කියල අපිම හිතල, අපිම තීරණය කරලා අපේ ගමන යන්න පිටත් උනා.

එතනින් පස්සේ වෙන අවුලක් උනේ නැහැ. රෑ දහය වගේ වෙද්දී අපි බංගලාවට ගියා. එතනින් පස්සේ එදා එහෙ හිටපු කවුරුහරි රත් කරලා තිබ්බ බතක් හොද්දක් කොටා බාල ඇඟපත හෝදගෙන නිදා ගන්න ගියා. ඔන්න ඒ විදිහට කටු වලින්ම ගෙවුණු එදා දවස ඉවර උනා.

මම ඔහාට ගියාම ගොඩ වෙලාවට නිදා ගන්නේ උඩ තට්ටුවේ. එතන තියෙන මෙට්ටයක් කාරිය එළියට ඇදලා අරගෙන හොඳට ඉඩපාඩු තියෙන ඉස්තෝප්පුව වගේ කොටසේ තමයි නිදා ගන්නේ. උදේ වෙද්දී පුදුම සීතලක් තියෙන්නේ. සමහර දවස්වල අපි දවල්ටත් ඔතන මෙට්ට එළාගෙන නැප් එකක් දාගෙන ඉන්නවා. එතන පොඩි අවුලකට කියල තියෙන්නේ හුළඟ තමයි. නිදාගෙන ඉඳල නැගිටින පමාවට මෙට්ටේ ගහගෙන යන තරමට හුළඟ සැරයි. ඔව් ඔව්... උන්ට දීල තිබ්බේ ස්පොන්ජ් ෂීට් වගේ බරෙන් අඩු සැහැල්ලු ලාභ මෙට්ට වර්ගයක් තමයි.

ඔන්න එක දවසක් මට මරු වැඩක් උනා. උදේ පාන්දර 6 ට විතර වගේ මට ඇහැරුනා පොඩි පහේ ශරීර කෘත්‍යයක් කරන්න ඕනේ වෙලා. මේ බිල්ඩිමේ උඩ තට්ටුවට නගින්න පඩිපෙළ තියෙන්නේ එළියෙන්. මම ඔය පඩිපෙළ බැහැගෙන ගිහින් මිදුලට බැස්සා විතරයි මෙන්න අලි පතයෙක් නගුට කෙලින් කරගෙන හොඬවැල රවුම් කරගෙන මගේ ඉස්සරහට දුවගෙන එනවා. නිකං නෙමෙයි ඌ එන්නේ බල්ලෙක් පස්සේ. බලලත් හුරේ කියල දුවනවා. ඊළඟට මගේ වාරේ. චු බර පැත්තකින් තියපු මමත් ආපහු පඩිපෙළ දිගේ උඩට දිව්වා. බල්ලත් අලියගෙන් තරමක් ඈතට දුවගෙන ගිහින් ආපහු අලියට බුරනවා. මේක හරියන වැඩක් නෙමෙයි කියල තේරුම් ගත්තු අලියා වැඩේ අතඇරලා දාල මාරුවෙලා යන්න ගියා. අලියා ටිකක් ඈතට යනකල් බලන් ඉඳල ආපහු පහළට ගොහින් තමයි මගේ වැඩේ අහවරයක් කර ගත්තේ.

පහුවෙනිදා උදෙන්ම කුමාර අයියල හදපු බත් ටිකක් කොටා බාපු අපි දෙන්න එක්ක කැබ් එකත් අරගෙන ලුණුගම්වෙහෙර හතර අතේ ඇවිද්දා. ඒ ගමනේ එක අරමුණක් වෙලා තිබ්බේ විශේෂ කුරුල්ලෙක් ගැන හොයා බලන එක. වතාවක් දෙකක් ඌව දැක්කත් හොඳ ෆොටෝ එකක් ගහගන්න බැරි උනා. මද්දහන වෙද්දී කුරුල්ලොයි වෙනත් සත්තුයි වැඩිය එළියට බහින්නේ නැති නිසා වාහනේ හරවගත්තු අපි දෙන්නා නවාතැන් ඔපිසියට මංගැච්චුවා. නවාතැනට ඇවිත් දවල්ට කාල එහෙම උඩ තට්ටුවට වෙලා සුපුරුදු පරිදි නැප් එකක් දැම්මා.
ආපහු හවස්වරුවේ ගමන තරමක් කළින් යන්න පිටත් උනේ පොඩි වැහි අඳුරක් එන ගතියක් පේන්න තිබ්බ නිසා. වැදගත් සිද්ධි මුකුත් දකින්නේ නැතුව සෑහෙන වෙලාවක් ගියා. උදේ වරුවේ බැරි උනාට හවස් වරුවේ අර කුරුල්ලාගේ තරමක් හොඳ ෆොටෝ ටිකක් ගහගන්න මට පුළුවන් උනා. උගේ ඉංග්‍රීසි නම European Bee-Eater, සිංහලෙන් නම් යුරෝපියානු බිඟුහරයා. මම ඌව දැක්කේ පළවෙනි වතාවට. මේ ඉන්නේ ඌ...

එදා ගමනේදී මම ගත්තු ෆොටෝ වලින් කීපයක් කලින් වතාවේ "වෙහෙරගල" ගැන ලියවුන පෝස්ට් එකෙත් මම දාල තියෙනවා. ඉතුරු ෆොටෝ වලින් කොටසක් මම පෝස්ට් එකේ තැනින් තැන දාන්නම්.
ලුණුගම්වෙහෙර අලි ගැනත් මේ එක්ක යමක් කියන්න ඕනේ, මම දැකපු කැහැටුම අලි ඉන්නේ ඒ පැති වල. බහුතරයක් උන් එහෙමයි. මේ ෆොටෝ වලින් ඒ බව තේරුම් ගන්න ඇහැකියි. ඒ අතරේ අපි කීප වතාවක්ම දැකපු ටිකක් විශේෂ අලි හපුවෙකුත් හිටියා. විශේෂ කියල කියන්න හේතුව ඌ මරණාසන්න අත්දැකීමක් ලබපු එකෙක්ය කියල මට හිතිච්ච  නිසා. “ඒ බව දැන ගත්තෙ කොහොමද, අලියා ඒක උඹට කිව්වද”, ඔන්න ඔය වගේ පුරස්නනම් මගෙන් අහන්න එන්න එපා. මමත් ඒක කලින් දැනගෙන උන්නේ නැහැ, පස්සේ කාලෙක ෆොටෝ බලද්දී තමයි මමත් ඒක දැන ගත්තේ. මමම ඌට නමක් දැම්මා කණේ හිලා කියලා. මෙන්න සාක්කි... 
නුලෙන් තමයි මේ බුලට් එක මිස්වෙලා තියෙන්නේ. බොහෝ දුරට T56 උණ්ඩයක් වෙන්න ඇති කියලයි මට හිතුනේ. දැන් ඉතින් ඒ වෙච්ච දේ මතක් වෙන්නත් එක්ක ඕනෙනම් මෙයැයිට කරාබුවක් දාන්න බැරි කමකුත් නැහැ.

පහුවෙනිදා උදේ මමයි කුරූයි දෙන්න එක්ක පයින්ම ගියා මැණික් ගං ඉවුරට. අර කළින් වෙහෙරගල පෝස්ට් එකේ එතනදී ගත්තු ෆොටෝ කීපයක් මම දාල ඇති. කුරූ පාලමේ අයිනක වාඩිවෙලා ඉන්න අතරේ මම තව පොඩ්ඩක් එහාට ගියා. කොළ කකා ආපු මී මින්නෙක් කැලෙන් එළියට ආවේ ඒ අතරේ. එළිය මදි නිසා හොඳ ෆොටෝ එකක් ගහ ගන්න බැරි උනාට ඌව දැක්ක බව මතක හිටින්න ඇති තරමේ ෆොටෝ කීපයක් ගහගන්න ඇහැක් උනා.
ටික වෙලාවක් එතන ඉඳලා ආපහු ඔෆිස් නවාතැනට ඇවිත් බත් ටිකක් එහෙම කොටා බාල ආපහු කොළඹ යන්න පිටත් වෙන්නයි මගේ කල්පනාව. බඩුමුට්ටු ටික පැක් කරගෙන කැබ් එකේ නැගලා මමයි, කුරූයි, කුමාර අයියයි තුන්දෙනා කැලේ මැද්දෙන් එද්දී එක පාරට ආමි එකේ මහත්තැන් කෙනෙක් කැලේ මැද්දෙන් පාරට දිහාට පැන්නා. පැනලා ඇවිත් කැබ් එක නතර කරන්න සංඥා කලා. අපි කැබ් එක නතර කලේ ටිකක් ඉස්සරහට ගිහින්. එතකොට අපිට පේනවා කැලේ අස්සෙන් මතු වෙච්ච තව නිලධාරියෙක් සරොම් එහෙම ඇඳ ගත්තු මිනිස්සු දෙන්නෙක්වත් අරගෙන කැබ් එක දිහාට එන්න පටන් ගත්තාය කියල. ඒක දැකපු ගමන් කුමාර අයියා අපේ කුරූ ට කියනවා “මහත්තයෝ අපි මේ කැලේ මැද්දේ දිගටම ඉන්න ඕනේ, ගමේ උන් දැනගත්තොත් අපිත් මේ වැඩේට උදව් කලා කියලා අපිට මේකේ වසන්න හම්බ වෙන එකක් නැහැ. මුන් අපිත් එක්ක යන්න ඇහුවොත් බැහැ කියන්න” කියල කිව්වා.

කුමාර කිව්වා වගේම අපි ගාවට ආපු ආමි නිලධාරින් එයාලව පාරට එක්කගෙන යන්න පුළුවන්ද කියල අපෙන් ඇහුවා. පොඩි පොඩි මුණු බලා ගැනීමකින් පස්සේ අපේ උත්තරේ උනේ මහ පාරට යනකල්ම එක්කගෙන යන්න බැහැ, පාර පේන්න පටන් ගන්නකොටම අපි ඔයාලව බස්සනවා, ඒ වගේම කැබ් එකේ පිටිපස්සේ තමයි යන්න වෙන්නේ කියලා. එයාල බොහොම කැමැත්තෙන් අපේ ඉල්ලීමට එකඟ වුනා. කැලේ අස්සෙන් තවත් හමුදා නිලධාරින් පිරිසක් එක්ක අත්අඩංගුවට ගත්තු මිනිස්සු කීප දෙනෙකුත් පාර දිහාට එන බවක් මම ඇස් කොණින් වගේ දැක්කා. ඒ අව්අස්සේ එක නිලධාරියෙක්ගේ අතේ ළපටිම ළපටි, ළාවට මල් පොහොට්ටු හැදිච්ච ළා කොල පාට දළු මිටියක් තිබුනා. වෙලාව උදේ දහය පහුවෙලා ටික වෙලාවක් ඇති, ඒ වෙද්දීත් ඒවා හේබා ගිහිල්ලයි තිබ්බේ.

අපි එක්ක යන්න ආවේ එක හමුදා නිලධාරියෙකුයි, අත්අඩංගුවට පත් වෙච්චි මිනිස්සු දෙන්නෙකුයි විතරයි. පාර කිට්ටුවට ආවට පස්සේ ඒ තුන් දෙනාව කැබ් එකෙන් බස්සලා අපි අපේ ගමන යන්න පිටත් වුනා.
එයාලව බැස්සුවට පස්සේ කුමාරගේ කට කතුර වගේ වැඩ කරන්න ගත්තා. ඌ කියවනවා කියවනවා ඉවරයක් නැහැ. අපි ලුණුගම්වෙහෙර වාරිමාර්ගේ ඔපිසියට ගොඩ වුනා. එතනින් මෙලෝ රහකට නැති තේ එකක් එහෙම බීලා කුරුයි මමයි තණමල්විල යන්න පිටත් වුනා. කුමාර ඔපීසියේ නතර උනා. යන ගමන් අපි දෙන්නට හිතුනේ කුමාරත් අර වැඩේට මොකක්හරි සම්බන්ධයක් තියෙනවවත්ද කියලයි. ඒ මිනිස්සුන්ව කැබ් එකේ ගෙනියන්න හදපු එකට විරුද්ධ වීමේ සිට උන් ටික බැහැල ගියාට පස්සේ කුමාරගේ ප්‍රතිචාර අපිව එහෙම හිතන්න පෙළඹුවා. බොහෝ දුරට ඒ ගමේ කමට හිතේ ඇති වෙච්ච ආවේගයක් වෙන්නත් ඇති.

මේ වගේ ගංජා හේන් ඒ අවට ඕනේ තරම් තියෙනවා. නිකමට වගේ ගුගුල් මැප් එකේ බැලුවොත් පවා පේන මට්ටමේ හේන් යාල, ලුණුගම්වෙහෙර කැලේ ඇතුළේ තියෙනවා. එදා ඒ අල්ලගෙන ගියපු මිනිස්සු දෙන්නව දැක්කම දුක හිතනවා ඇරෙන්න කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ මිනිස්සු මහකැලේ මැද්දේ වතුර ඇදලා ඔව්වා වවලා රැක බලා ගත්තට හම්බ වෙන සල්ලියෙන් සැපක් විඳින්නේ නැති බව තමයි නියම ඇත්ත. සැප විඳිනවා නම් විඳින්නේ ඔය කැලෑ අස්සේ කටු කන එවුන් නෙමෙයි, අහක ඉන්න එවුන්.
ඔය ගංජා සහ බිම්කොහොඹ තහනම ලංකාවට ආපු හැටි දන්නවද. දන්නේ නැත්නම් මම ඒක පෝස්ට් එකක් විදිහටම දාන්නම්. අපුරු කතාවක්...
දැන්නම් ගුගුල් මැප් එකේ බලපු ගමන් ලොකුවට පේන්නේ ගංජා හේන් නෙමෙයි අර කාළකණ්නියා විල්පත්තු කැලේ කප කප කොළණි හදන හැටි.

කැබ් එකෙන් බැහැ ගත්තු මම කුරූගෙනුයි කුමාර අයියගෙනුයි සමු අරගෙන ආපහු කොළඹ බලා එන ගමන පිටත් වුනා. සුපුරුදු පරිදි වාඩිවෙන්න ඉඩ තිබුනේ නැහැ. කොහොම උනත් කොළඹට එන්න කළින් සීට් එකක් හම්බ වෙච්ච එක ලොකු සැනසීමක් වුනා. මම යද්දී ගියපු පාරේම ගිහින් හවස් ජාමේ වෙද්දී බෝඩිමට යා ගන්න පුළුවන් වුනා. පහුවෙනිදා නියමිත පරිදි රස්සාවෙන් අස්වෙන්න බලාගෙන වැඩට ගියා.එදා දවසේ මම සයිට් එකේ හැමෝගෙන්ම වගේ සමු ගත්තා.

ඔන්න ඔය අතරේ එදා දවසේ විශේෂ සිදුවීමක් දැක බලා ගන්න පුළුවන් උනා. පැහැදිළි නැතත් ෆොටෝ කීපයක් ගහගන්නත් පුළුවන් වුනා. උදේ වරුවේ 11:20 ට වගේ පටන් ගත්තු සුර්යග්‍රහණයක් දවල් 02:00 විතර වගේ වෙනකල් බලන්න අපිට පුළුවන් වුනා. මේ තියෙන්නේ මට ලැබිච්ච ඒ අමුතු සමු ගැනීම...


මෙන්න ඒ ගමනේදී ගත්තු තව ෆොටෝ වලින් කොටහක්...
White Bellied Sea Eagle - කුස ඇළි සයුරුකුස්සා
Orange-breasted Green Pigeon - ළයරන් බටගොයා 


Eurasian Hoopoe - පොරෝළුවා 
Plum-headed Parakeet - පඬු ගිරවා 
Paddy field Pipit - කෙත් වැරටිච්චා
Blue-tailed Bee-eater - නිල්පෙඳ බිඟුහැරයා 
Long-billed Sunbird - ලෝටන් සුටික්කා 
මේ අලියව දැක්කම මට මතක් වෙන්නේ සමනළයෙක්...
මොණර රැඟුම්...
වෙහෙරගල ජලාශයේ මියැදෙමින් පවතින ගස්...
පසු කලෙකදී කුඩා ගස් දිරාගොස් විශාල ගස් කඳන් සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරි වූ ලස්සන ජලාශයක් බවට මෙය පත්වෙනු ඇත...


දෙබර වදයක්.

65 comments:

  1. චාරිකාව හොදට විස්තර කරල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ...
      කළින් පෝස්ට් එක කොටයි කියපු නිසා සහ මට දොස් පවරපු නිසා ඔන්න මේක හොඳට දිගට ලිව්වා...

      Delete
  2. මෙදා සැරේ මදි නොකියන්න ලියල තියෙන්නං.අර ආමි කාරයොන්ගෙයි අල්ලගෙන ආපු උන්ගෙයි පිංතූරත් දැම්ම නං මරු.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... කළින් පාර දිග මදියි කිව්වනේ.
      අර වෙලාවේ කැමරා එක තිබ්බේ බෑග් එකේ, අනික ඒ වෙලාවේ ෆොටෝ ගහන්ඩ පුළුවන් කමක් තිබ්බේ නැහැ.
      ට්‍රයි එකක් හරි දුන්නනම් ගුටි කන්නයි වෙන්නේ...

      Delete
  3. ආමි එකෙන් අල්ලන් ආව පලා මිටිවලින් ටිකක් ඉල්ල ගන්න තිබ්බෙ. මම ඔයවිදිහට අලියෙක් දැක්කනම් කරන්න ගිය වැඩේ ඉබේම සිද්ද වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ අපිට පේන්න අතේ තිබ්බේ උසාවියට ගෙනියන සාක්කි. ඒවා ඉල්ලන්න ගියොත් බඩුම තමයි...
      ඔන්න වෙන කොහෙහරි හංගගෙන තිබ්බ ඒවා තිබ්බොත් එවන් ටිකක්නම් ඉල්ල ගන්න එක අවුලක් වෙන එකක් නැහැ

      ///මම ඔයවිදිහට අලියෙක් දැක්කනම් කරන්න ගිය වැඩේ ඉබේම සිද්ද වෙනව./ ///
      ඔච්චරට බය වෙන්නේ මොකද බන්, අලියගෙන් බේරිලා ඉන්න පුළුවන් වටපිටාවක ඉන්නවනම් අවුලක් නැහැනේ.
      ඔන්න පිට්ටනියක් වගේ තැනකදී අලියෙක් මුණ ගැහුනොත් අපිටත් ඔය දේ ඉබේම සිද්ධ වෙයි... හෙහ්. හෙහ්...

      Delete
  4. මේ වල් අලි එක්ක චූ කරන්න වත් නිදහසක් නෑනෙ යකෝ....
    යුරෝපියන් බිගුහරයා දැක්කෙ පළවෙනි පාරට. අනිත් එකා නම් (නිල්පෙඳ බිගුහරයා) ඉතා සුලබ එකෙක් නෙව. අර පොදු පොරෝළුවාගෙ පින්තූරෙත් මල් හතයි. කතාවට කියන්නෙ කුරුලු ලෝකෙ කැතම අප්‍රසන්නම කූඩුව හදන්නෙ උෟ කියලා.
    මුවීට උඹල දැකල සුවිසයිඩ් කරගන්න හිතුණවත්ද බං?

    ReplyDelete
    Replies
    1. ///මේ වල් අලි එක්ක චූ කරන්න වත් නිදහසක් නෑනෙ යකෝ..../// ඒකනේ බං කියන්නේ, මුන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කරනවා.

      ෆොටෝ වලට දීපු පැසසුමට තුති මචෝ...

      ///කතාවට කියන්නෙ කුරුලු ලෝකෙ කැතම අප්‍රසන්නම කූඩුව හදන්නෙ උෟ කියලා./// මම ඒ සීන් එක කලින් අහල තිබ්බේ නැහැනේ.

      ///මුවීට උඹල දැකල සුවිසයිඩ් කරගන්න හිතුණවත්ද බං?... මාව වෙන්න බැහැ, මම ඉඳල හිටලා එහෙ යන එකා වෙච්චි. සමහර විට කුරූගේ මොකක්හරි පළහිලව්වක් වෙන්නත් බැරි නැහැ... හෙහ්...

      Delete
    2. ඇස් වහක් කට වහක් නෑ... උඹේ පොටෝ ඇල්ලිල්ලනං ලොවෙත් නෑ ලොකුස්...
      සමහර කුරුල්ලංගෙ එහෙම නම් ඇහුවෙත් අදයි.
      ආටානාටිය රෑ වෙලා කියවන්නං. දැනට බැලුවෙ පිංතූරු විතරයි.

      Delete
    3. මදාවි, උඹ මාව වෙලාවක මුරුංගා අත්තේ තියල බිමටම වට්ටනවා වෙලාවක (විහිළුවට හොඳේ)...
      කමෙන්ට් එකට තෑන්ක්ස් මචං...
      මම ගොඩක් උන්ගේ සිංහල නම් සහ ඉංග්‍රීසි නම් දෙකම දැම්මේ නොදන්න අයට දැනගන්නත් එක්කම තමයි.

      ///ආටානාටිය රෑ වෙලා කියවන්නං. දැනට බැලුවෙ පිංතූරු විතරයි./// හෙහ් හෙහ්... හොඳයි හොඳයි කියවලම බලපන්කෝ. ආතල් වැඩ ගොඩක් වෙච්ච ගමනක්...

      Delete
    4. //මම ඒ සීන් එක කලින් අහල තිබ්බේ නැහැනේ.// මං දැන ගත්තෙත් ගාමිණි අයියගෙ පොතෙන් බං. ඕං උන්දගෙ පොත ගැන මං ලියාපු හරුපෙත් කියවලාම හිටිං
      https://www.facebook.com/groups/sinhalareaders/818651421544360/?notif_t=like

      Delete
    5. උඹේ ලිවිල්ල බැලුවා...
      ගාමිණි අයියත් පොත් කියවන අය අතරේ ඉන්නවා නේද, මමත් ඔකේ ඉන්නවා. ඒත් බොහොම අක්‍රියව වගේ තමයි ඉන්නේ.
      ඔතන ඉන්න සමහර ඔස්තාර්ලා කියන දේවල් දැක්කම ඔක්කාරෙට එනවා...

      දැන් ගාමිණි අයිය බ්ලොග් එක ලියන්නේ නැති එක අපරාදයක්...
      ඔය පොත මගේ ගාවත් තියෙනවා. ගොඩක් ආසාවෙන් කියවපු පොතක්...

      Delete
  5. නියමයි.හොදට අත්දැකීම ලියල තියෙනවා.මටත් යන්න හිතෙනවා.නිවාඩුවට අවහම ලංකාවට යනවා

    ReplyDelete
    Replies
    1. නාමල්, ඔබව සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් එකට. රටින් පිට ඉන්න කෙනෙකුට ලංකාවට ආවම යෙදෙන වැඩත් එක්ක මේ වගේ ගමන් යන්න ලැබෙන කාලය මදි වෙන්න පුළුවන්.
      නමුත් දැඩි උවමනාවක් තියෙනවනම් යන්න බැරි කමක් නැහැ. හැබැයි මුල ඉඳලම ප්ලෑන් එකක් හදාගෙන නිවාඩු එන්න.
      මොනවහරි දැනගන්න ඕනෙනම් අහන්න, මම දන්න දෙයක්නම් කියන්නම්.
      කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි යාළුවා...
      ජයවේවා...!

      Delete
    2. අනිවා.ස්තුති ඔබට .ලංකාවට එන්න කිට්ටුව ඔබව සම්බන්ද කරගන්නම්.මොකද කැලේ ගැන මට වැඩිය අත්දැකීම නෑ .

      Delete
  6. අර මුවී නම් සියදිවි හානි කර ගැනීමේ චේතනාවෙන්ම පැන්න එකෙක්ද කොහේද?අලි ගැන කිව්ව කතාව ඇත්ත කියලා පින්තුර දැක්කම පේනවා.අර කනේ හිලා නම් මාර ලක්කාරයෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඌට බුට් එකක්වත් වැදුනද දන්නේ නැහැ ඒ වගේ තීරණයකට එන්න...

      ඇත්තටම මම ඔය ඉසව්වේ ඉන්න අලින්ට ඒ තරම් මනාප නැහැ, ඒ උන් කැහැටු සහ කිසි ප්‍රතාපවත් ගතියක් නැති නිසා. ඒත් අර කියමනක් තියෙන්නේ "කාගේ උනත් දරුවෙක්නේ" කියලා, ඒ වගේම මේකට කියන්න තියෙන්නේ "මොනවා උනත් අලිනේ" කියල තමයි...

      කණේ හිලාට වෙඩ්ඩ වැදුනට පස්සේ ගෙදර ගිහින් අලි නෝනට කියන්න ඇති "අද මාර බේරිල්ලක් ඕයි බේරුනේ, මම හිතුවේ කණ ගාවින් ගියා කියලා. පස්සේ බලද්දිනේ දැක්කේ කණ හරහාම ගිහිං කියලා. තව පොඩ්ඩෙන් මම කපෝතියි" කියලා.
      අලි නෝනා කියපු දේවලට වඩා වැදගත් වෙන්නේ ඊට හිතපු දේ දැනගන්න තිබ්බනම් තමයි... හෙහ් හෙහ්... ;)

      Delete
  7. නිවීහැනහිල්ලේ කියවන්න ඕන දේවල් මෙව්වා... කොමෙන්ටුව ඊට පස්සෙ දාන්න අනිවාර්යෙන් එනවා..

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි, කියවලා ඉවර වෙලාම ගුණදොස් කථනයක් කරහන්කෝ...

      Delete
    2. අපූරු චාරිකා සටහනක්... පිංතූර ටික බොහොම රස වින්දා... මේ වගේ ගමන් යන්න බැරි වෙන එක ගැන මට නං තියෙන්නෙ දුකක්. අපි කොච්චර නං කොටු වෙලාද ඉන්නෙ. ටික කාලයක් යන්න ඇරල ෆෝ යි ෆෝ කබලක් අටවාගෙන යන්න ඕන ලංකාව වටේ. නාකි වෙලා හරි යනවා යනවාමයි. අර අලියට කරාබුවක් දැම්මොත් මරුමුස් ගතියක් එයි නේ? වම් කණනෙ විදලා තියෙන්නෙත්. අපූරු ලිපියක්. දිගටම ලියමු...

      Delete
    3. ///මේ වගේ ගමන් යන්න බැරි වෙන එක ගැන මට නං තියෙන්නෙ දුකක්. අපි කොච්චර නං කොටු වෙලාද ඉන්නෙ. ///
      ඕනේ කෙනෙකුට යන්න බැරි කමක් නැහැ බං... වෙන දෙයක් හරි කැප කරලා යන්න උවමනාව ආවොත් යන්න ඇහැකි...
      අපි ඉස්සර පාරේ බස් එකේ ගිහින්, පයින් ගිහින් කොච්චරනම් ගමන් යනවද...

      ///ටික කාලයක් යන්න ඇරල ෆෝ යි ෆෝ කබලක් අටවාගෙන යන්න ඕන ලංකාව වටේ. නාකි වෙලා හරි යනවා යනවාමයි.///
      අද අද එයි මරු පිං කරගන්නේ කියන කියමන අහල නැද්ද...
      මේවත් ඒ ගොඩටම දා ගනින්. හෙහ් හෙහ්...

      Delete
  8. වෙනද වගේම අදත් පෝස්ට් එකයි ෆොටෝ ටිකයි නියමයි.
    තව අල් හතරක් පහක් එහා මෙහා උනානං අර අලියත් සෙත්තපෝච්චි තමයි.
    ඇත්තටම අර වගේ හේන් වලින් අල්ලගන්න උං ගැන දුක හිතෙනව තමයි. උං නොකා නොබී දුක් විඳල, පොලීසියෙනුත් ගුටි කාල කොහෙවත් ඉන්න එකෙක් පෝසත් කරනව.

    ReplyDelete
    Replies
    1. අලියට හිතිච්ච දේ උඩ කමෙන්ට් එකක මනෝජ් ට කියල ඇති. ඌ ටිකක් ලක් කාරයෙක්, නැත්නම් ඉතින් කරබුවක් දාන්න නොමිළේ කණ විද ගන්න ලැබෙන්නේ නැහැනේ අද කාලේ...
      ඔය පළාත්වල මිනිස්සු ගංජා වවන්නේ විකුණන්න වගේම එදිනෙදා ගොවිතැන් හෝ වෙනත් වැඩ කටයුතු කරගෙන යද්දී බොන්නත් එක්ක.
      ඒ අව් කාශ්ටකේ වැඩ කරන එක ලේසි නැහැ එයින් ටිකක් නැතුව.
      මම වීරවිල ගිහින් ඉන්න දවස්වල ඒක හොඳට අත් වින්දා.
      ඔය ගංජා හේන්වල වැඩ කරන මිනිස්සු කියන්නෙත් ගොවිතැන් බත් කරලා ඉහගහ ගන්න බැරි වෙච්ච දුප්පත් මිනිස්සු
      එහෙම නැතුව සුරසැප විඳින්න බලාගෙන ඕවා කරනවා නෙමෙයි.
      අපේ බලධාරීන් ගංජා වලින් වෙන හානියක් ගැන අබමල් රේණුවක්වත් දැනගෙන නෙමෙයි වෙන්න ඕනේ තහනම දිගටම පවත්වාගෙන යන්නේ...

      Delete
  9. නිල් අහස විතරක් තියෙන ලස්සන රූපය ඩෙක්ස්ටොප් ඒකට දාගත්තා.... අවසර ලැබෙයි නේද???

    ReplyDelete
    Replies
    1. මම කලින් ෆොටෝ වලට වෝටර් මාක් දැම්මා. පස්සේ පස්සේ ඒක එක අතකින් කරදරයක් නිසාත් මම වැඩක් ගන්නේ නැති එකේ කවුරුහරි වැඩක් ගනියිනේ කියල හිතල තමයි කුරුට්ටෝ වෝටර් මාක් නැතුව ෆොටෝ දාන්නේ...
      ඒ නිසා මොන අවසරද...
      මමත් දැන් ටික ටික අතහැරීමේ කලාව ප්‍රගුණ කරනවා... හෙහ් හෙහ්...

      Delete
  10. //ඔය ගංජා සහ බිම්කොහොඹ තහනම ලංකාවට ආපු හැටි දන්නවද. දන්නේ නැත්නම් මම ඒක පෝස්ට් එකක් විදිහටම දාන්නම්. අපුරු කතාවක්...//

    අනේ දාහංකෝ

    ගංජනං කමක් නැ කියහංකෝ බිං කොහොඹ අහවල් මගුලකටද තහනං කොලේ

    ReplyDelete
    Replies
    1. ///ගංජනං කමක් නැ කියහංකෝ බිං කොහොඹ අහවල් මගුලකටද තහනං කොලේ///
      අනිවා මචං, ඊළඟ පෝස්ට් එක ඒ ගැන ලියනවා...
      ඔය ඉළව් තහනම නිසා බිං කොහොඹ කිලෝ එකක් රුපියල් 11,000/- කට වගේ තමයි බෙහෙත් බඩු කඩවල විකුණන්නේ...
      ඇයි ඉතින් තහනම් බඩුනේ...

      Delete
    2. වැහි ලේන් කූඩු වලටත් තියෙනව නේද ඔය වගේම ඩිමාන්ඩ් එකක්?

      Delete
    3. ඒ ඩිමාන්ඩ් එක තියෙන්නෙත් මෝඩ චීන්නු ජපන්නු නිසා...
      උන්ගේ කුඩු වල කිසිම ගුණයක් තියෙන දෙයක් නැතිලු, තියෙන්නේ සෙලියුලෝස් කියලයි මම අහල තියෙන්නේ
      සෙලියුලෝස් මිනිස්සුන්ට දිරවන්නෙත් නැති එකේ උන් කරන්නේ ලෝක අපරාධයක්

      Delete
  11. //ලුණුගම්වෙහෙර අලි ගැනත් මේ එක්ක යමක් කියන්න ඕනේ, මම දැකපු කැහැටුම අලි ඉන්නේ ඒ පැති වල.//
    ලංකාවෙ ලොකුම වල් අලි ඉන්නෙ කොහෙද දන්නවද ..?? මාදුරුඔයෙයි සෝමාවතියෙයි ..... උන්ට විල් අලි කියලත් කියනව .. මම දැක්ක ලොකුම වල් අලිය දැක්කෙ මාදුරු ඔය හෙන්නානිගල හරියෙදී ... අන්න අලි .....
    පොටෝ ටිකන් නං පංකාදුයි ඔය 100-400 එකෙන් ගත්ත ඒව නේද ..??
    ඉඳපංකො මමත් ලොකු වෙලා ගන්නව ඔය ලෙන්ස් එකක් ......

    ReplyDelete
    Replies
    1. ///මාදුරුඔයෙයි සෝමාවතියෙයි ..... උන්ට විල් අලි කියලත් කියනව ...
      මම දැක්ක ලොකුම වල් අලිය දැක්කෙ මාදුරු ඔය හෙන්නානිගල හරියෙදී ... අන්න අලි .....///

      මට තාම මාදුරු ඔයයි සෝමාවතී පැත්තෙයි යන්න ලැබිලා නැහැ බං...
      යන්න සෙට් වෙලා හිටපු වෙලාවක මොකක්හරි අහේතුවක් නිසා ඒකත් මිස් උනා...
      මම අහල තියෙනවා මාදුරු ඔය ඉසව්වේ තමයි ලොකුම අලි ඉන්නේ කියන එක.

      ///පොටෝ ටිකන් නං පංකාදුයි ඔය 100-400 එකෙන් ගත්ත ඒව නේද ..??///
      ඔව් ඔව් නැත්තන් වෙන මොකක්ද. උඹට දැන් ගන්නවානම් ගන්න වෙන්නේ 100-400 අලුත් වර්ෂන් එක. ඒක පරණ එකට වඩා ගොඩක් හොඳ ඇති...
      ඉක්මණට ලොකු වෙලා 100-400 ක් ගනින්...

      Delete
  12. ශා, නියමයි.. ෆොටෝ ටික දැක්කම හිත පිරෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Dinesh, දැන් අලුතෙන් ෆොටෝ ගහන්නේ නැති නිසා ෆොටෝ ගබඩාව නම් ළඟදීම හිස් වෙන්න ඉඩ තියෙනවා... හෙහ් හෙහ්...

      Delete
  13. කැලෑ අස්සට රින්ගලම නෑ මමත්,,,ඔය මල් වලින් හොද ගානක් හොයනවා මල් ප්‍රවාහනය කරන උනුත්

    ReplyDelete
    Replies
    1. කැලේ රිංගන එකත් හරියට මලට පුරුදු වෙනවා වගේම වැඩක් තමයි. හොඳ ඇබ්බැහියක්...

      ///ඔය මල් වලින් හොද ගානක් හොයනවා මල් ප්‍රවාහනය කරන උනුත්///
      ඔය හැම මගුලම තියෙන්නේ ඕක තහනම් නිසානේ...
      ඕවා අවශ්‍ය අයට ගෙදර ගහක් දෙකක් වවා ගන්න දුන්නනම් ඕවයේ අධික මිළ පහත බහිනවා වගේම කැලෑ එළිකරලා මහ පරිමාණයෙන් කරන ගංජා හේන් කියන දේත් නැති වෙනවා.
      ඒ හේන් වල රස්සා කරන සුළු පිරිසකට ගැටළු වලට මුණ දෙන්න සිද්ධ උනත් ඒක කැලෑව පැත්තෙන් හොඳ දෙයක්...

      Delete
  14. / ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වීම සම්බන්ධව සමාව භජනය කරනවා මුලින්ම. /

    සමාධිය භජනය කරනවා කිව්වම වැරදියි ලොක්කා...සමාධිය භජනය කරනවා කියන්නෙ සමාව දෙන එක. අපියි සමාධිය භජනය කරන්ට ඕන. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වීම සම්බන්ධව සමාධිය භජන කරත්වා..කිව්වනං හරියටම හරි...:)

    / ඔන්න එක පාරටම හිතට දිරි අර ගත්තු එක මුවිච්චියෙක් උපරිම වේගයෙන් දුවගෙන එන්න පටන් ගත්තා කැබ් එක ඉස්සරහට. /

    අර මුවැත්ති ( මුවිච්චි නෙවෙයි ..මුවිච්චි කිව්වම නිකං ඇණ මුරිච්චි මටා මතක් වුනේ ) දුවගෙන එන්න ඇත්තෙ බොලසගෙ ඩයිහට්සු එක උංට සතුන් වත්තෙදි කොළ ගෙනාපු ටැට්ටරේ කියල හිතල වෙන්න ඕන එකත් එකටම. අහ්හ්හ්. හරිනෙ බං ..මම දැකල තියනව ඔය සතුන් වත්තෙ මුවංට කොළදාන්ට ඉන්නෙ අංගුලිමාලයො මගෙ මරුමුස් බුවාල ටිකක්. බොලාගෙ මූණ දිහා බලාඉන්නකොට මුවැත්තිට හිතෙන්ට ඇති මයෙ මුවා පල්ල මේ නං අර අපිට ඒ කාලෙ කෑම දුන්නු එවුම්ම තමයි කියල ඒ පාර තමයි මම හිතන්නෙ ඔය ආත බූත නැතුව කඩාගෙන ආවෙ.

    / උගේ ඉංග්‍රීසි නම European Bee-Eater, සිංහලෙන් නම් යුරෝපියානු බිඟුහරයා /

    ඔය කුරුල්ලන්ගෙ සිංහල නම් හරි අපූරුයි නේද? යුරෝපියානු බිඟුහරයා,පොරෝළුවා, ළයරන් බටගොයා,කුසඇලි සයුරුකුස්සා..හෙහ්..මාර ගති...

    ඔය නම් දාන්නෙ කවුද දන්නෙ නැද්ද? ආචාර්ය සරත් කොටගම වෙන්න ඕන මම හිතන විදිහට.

    බී ඊටර් සිංහලට බිඟු හරයා....යුරෝපියානු මීමැසි භක්ෂකයා කියලයි මම දැම්මොත් නම දාන්නෙ...හෙහ්,හෙහ්,

    ෆොටෝස් ටිකනම් අන්තිමයි..ඒ කිව්වෙ අන්තිම අපූරුයි....:)

    ReplyDelete
    Replies
    1. රවී අයියේ, අපි දන්න කියන කාලේ හැම එකාම ලියන්නේ කියන්නේ "සමාව භාජනේ" දාන සීන් එක නිසා අපිත් ඇහිල්ලක් බැලිල්ලක් නැහැ ඒකම පාවිච්චි කරනවා.
      සමාධිය භාජනය කරනවා කියන එක ලියන්න හිත දෙන්නේ නැහැ... නිකං දිව ටැපලෙනවා වගේ...

      බොලල්ලා එදා අපි දෙන්න ගියේ හතර ගාතේ ගලවපු කැබ් එකේ... ඔය ජීප්පුවේ තමයි අනිත් දවස් වලට යන්නේ...

      ///හරිනෙ බං ..මම දැකල තියනව ඔය සතුන් වත්තෙ මුවංට කොළදාන්ට ඉන්නෙ අංගුලිමාලයො මගෙ මරුමුස් බුවාල ටිකක්.
      බොලාගෙ මූණ දිහා බලාඉන්නකොට මුවැත්තිට හිතෙන්ට ඇති මයෙ මුවා පල්ල මේ නං අර අපිට ඒ කාලෙ කෑම දුන්නු එවුම්ම තමයි කියල ඒ පාර තමයි මම හිතන්නෙ ඔය ආත බූත නැතුව කඩාගෙන ආවෙ.///

      උඹට කියන්න රවී අයියේ ඔව්වයේ වැඩ කරන සමහර එව්වන්ගේ හැටි කෙසේ වෙතත් වැඩනම් මරුමුස් තමයි.
      උඹල මේ වගේ ඉන්න අපිටනේ මඩ ගහන්නේ...

      /// ඔය නම් දාන්නෙ කවුද දන්නෙ නැද්ද? ආචාර්ය සරත් කොටගම වෙන්න ඕන මම හිතන විදිහට. ///
      නැචුව... නැචුව... වෙන කවුද ඉතින්...

      ///යුරෝපියානු මීමැසි භක්ෂකයා කියලයි මම දැම්මොත් නම දාන්නෙ...හෙහ්,හෙහ්,///
      කොටා ට කියල බලන්න ඕනේ රවී ලොක්කගෙන් උපදෙස් ටිකක් ගන්න කියල ඔය නම් දාද්දි... ආයේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති නම් ටිකක් ලැබෙන බව ෂුවර්... හෙහ් හෙහ්...

      ඇගැයුමට තුති බොස්...

      Delete
  15. පෝස්ට් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉලඟ එක දානකම් බලාගෙන ඉන්නවා විතරයි.
    පොඩි ප්‍රශ්ණයක්.. අන්තිම ෆොටෝ එකේ ඉන්නේ දෙබරු ද? බඹරුද? wasp, bumble bee, hornet ඔය ඔක්කොම මට පට්ට කචල්. තව Apis dorsota කියල එහෙකුත් පෙන්නනව ජාලේ.. කවුද මේ ගැන හරියටම දන්නේ?

    ReplyDelete
    Replies
    1. කමි ඔන්න පිළිතුර වැරදීමකින් වෙනම වැටිලා... හෙහ් හෙහ්...

      Delete
  16. ඊළඟ එක ගංජා ගැන ලියන්න අටමට පොඩි පොරොන්දුවක් වෙලයි ඉන්නේ...

    ඔන්න රොන් ගන්න සහ නොගන්න මැස්සන් වර්ග ටික හයරාකි එක අනුව මම මෙතන දාන්නම්...
    01. කනෙයි මැස්සා.
    02. දඬුවැල් මැස්සා. මී මාසි හැදෙ, නමුත් කුඩයි.
    03. මී මැස්සා ඒ කියන්නේ Bee කියන එකා
    04. බඹරා, උන් තමයි අර සිංහ ගලේ පට්ට ලොකු වද බැඳගෙන ඉන්නේ. ම්මේ මැස්සට වඩා ටිකක් ලොකුයි, සේම් ශේප්... හරිය... Bumble-bee, Hornet නම් දෙකටම සිංහල තේරුම එන්නේ බඹරා උනාට Hornet කියල කියන්නෙ අපේ බඹරට
    බඹරු ගොඩ දෙනෙක් ඇන්නොත් ඉස්පිරිතාලේ තමයි නතර වෙන්න වෙන්නේ...
    බේරෙන්න තියෙන එකම විදිහ තමයි අත්දෙකෙන් මුණ වහගෙන මුණින් අතට බිම දිගා වෙන එක. එහෙම තමයි පොතේ තියෙන්නේ... ;)

    මේ හතර වර්ගයේම පැණි මිනිස් පරිභෝජනය සඳහා ගන්නවා.

    05. එතකොට දෙබරා කියන එකාගේ තැඹිලිට හුරු කහ පාටක් තියෙනවා, පුක හරියේ කළු පාට රවුමක් තියෙනවා. දිග අඟලකට වඩා සුට්ටක් වැඩියි.
    හත් අට දෙනෙක් ඇන්නොත් සෙත්ත පෝච්චි වෙන්නත් පුළුවන්... ඉංගිරිස් නම Wasp කියන එක තමයි හරි වෙන්න ඕනේ.
    මුන්ගෙන් පැණි ගන්න බැහැ, මුන් අපිට ඇන්නොත් අපෙන් පැණි බේරෙනවා.

    Bumble-Bee සහ Apis dorsota කියන දෙන්නම එකම පවුලේ, බඹර වගේ ටිකක් ලොකු වගේම භයානක එකෙක්, උන් ලංකාවේ නැහැ
    ඒ වර්ග දෙකෙන් කොයි එකාද කියල හරියට දන්නේ නැහැ, උන් සාමාන්‍ය මී මැසි ජනපද වලට ඇටෑක් කරලා උන්ව මරණවා.

    මෙන්න විකි එකේ තිබ්බ දෙයක්,
    The stings of the Asian giant hornet (Vespa mandarinia japonica) are the most venomous known,[4] and are thought to cause 30-50 human deaths annually in Japan and 42 in China in July-September 2013 alone.

    කොහොමද වැඩ...

    ReplyDelete
    Replies
    1. ෂහ්. සෑහෙන්න පැහැදිලි උනා.. අඬුව අතලඟ තියෙද්දි අත පුච්ච ගන්නව වගේ මං සෑහෙන්න වටයක් ගිහින් ගිහින් විස්තර හොයාගෙන ඔන්න ඊයේ එක 'වදයක්' අයින් කරා සයිට් එකෙන් කොල්ලො දෙන්නෙකුත් හොයාගෙන ගිහින්.. ඔය කියන විදියට බඹරු Bumble-bee වෙන්න ඕනේ.. අනික.. මං මෙච්චර කාලයක් හිතන් උන්නේ සීගිරියේ ඉන්නේ බඹරු නෙවෙයි දෙබරු Wasp කියලා ..

      Delete
    2. කළ්‍යාණ,

      / මං මෙච්චර කාලයක් හිතන් උන්නේ සීගිරියේ ඉන්නේ බඹරු නෙවෙයි දෙබරු Wasp කියලා .. /

      සීගිරියෙ ඉන්නෙ බඹරු බං..ඒ වගේම සාමාන්‍ය නෝමල් බඹරුත් නෙවෙයි. ඔය ඉන්නෙ කාශ්‍යපගෙ සේනාව ආයම ඉපදිලා. දන්නවද සීගිරියෙ බඹරුන්ගෙ විද්‍යාත්මක නාමය මොකක්ද කියල?

      Kingdom: Animalia
      Phylum: Arthropoda
      Class: Insecta
      Order: Hymerioptera
      Common name: Bumble bee of sigiri
      Scientific name: Bombas kaasyapis soldiaris

      Delete
    3. කමියෝ අපේ බඹරා ඇවිල්ල Hornet කියල තමයි පොතේ පතේ සඳහන් වෙච්ච දේවල් මතක තියාගෙන ඉන්න එකෙක් මට කිව්වේ...

      /// ඔන්න ඊයේ එක 'වදයක්' අයින් කරා සයිට් එකෙන් කොල්ලො දෙන්නෙකුත් හොයාගෙන ගිහින්.. ///
      යකෝ, උන් ආපහු වතාවක් වදේ බැන්දද...?

      රවී ලොක්කා, බොට හොඳටම ෂුවර්ද ඒ කාශ්‍යප ගේ උන්ද එහෙම නැත්නම් මුගලන්ගේ සෙට් එකද කියලා...
      ඒක ලිහා ගන්නේ කොහොමද.

      /// Common name: Bumble bee of sigiri ///
      මේක Hornet of SIgiri කියල වෙනස් වෙන්න ඕනේ... Scientific name එක ගැන තමයි බං මට ගැටළුව තියෙන්නේ.
      ඒකත් ලිහාගෙන කාරිය පේපර් එකක් ලියමුද ඒ ගැන...

      මගේ නමනම් කුරුළු නමක් සම්බන්ධව වතාවක් ලියවුනා... හෙහ් හෙහ්... ;)

      Delete
    4. //සීගිරියෙ ඉන්නෙ බඹරු බං..ඒ වගේම සාමාන්‍ය නෝමල් බඹරුත් නෙවෙයි. ඔය ඉන්නෙ කාශ්‍යපගෙ සේනාව ආයම ඉපදිලා// Bombas kaasyapis soldiaris//
      ඔය ඇත්තමෙයි රවී අයියේ.. (මේකා මේවා කියන විදියට විශ්වාස කරන්නත් බෑ නොකරත් බෑ බොලල්ලා..හැක්..)

      Delete
    5. එහෙම බඹර විශේෂයක් නෑ බං...:)

      Delete
  17. අර ගංජයි බිං කොහොඹයි තහනං කරේ මොන %$$ ද බං.. චැහ්

    අවුසද නෙවැ. මුන්ට ට්‍රැක් .. කරන්න වැඩ නැතුවට ගොං හැතිකරේ .. මට එන තරහා

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් පරණ සිද්ධියක් මචං. අපේ ඉතිහාසයේ වැදගත් කඩඉමක් ...
      ඉක්මණින් දැනුවත් කරන්නම් ඒ ගැන...

      ///අවුසද නෙවැ./// උඹට විතරක් නෙමෙයි බං මටත් තරහ ඒ නිසයි...

      Delete
  18. මං කිව්වේ කැමරාව හම්බ වෙලා තියෙන්නේ ලැබිය යුත්තාට කියලා. පොටෝ ඇල්ලිල්ල නම් පංකාදුයි ලොකු එකෝ.

    ඒක නෙවේ. උඹ ඔය රටපැටවිලා ඉඳලා ආපහු ඇවිත්, දෙන්න එක්ක වාහනේකුත් දාලා පොඩි ව්‍යාපාරයක් පටං ගත්තා නේද? දැන් ඒක කොහොමද? කෙරීගෙන යනවද?

    ReplyDelete
    Replies
    1. ///මං කිව්වේ කැමරාව හම්බ වෙලා තියෙන්නේ ලැබිය යුත්තාට කියලා. පොටෝ ඇල්ලිල්ල නම් පංකාදුයි ලොකු එකෝ.///
      මේ දවස්වල නම් පොඩ්ඩක් කැමරා වලට නිවාඩු දීලා තියෙන්නේ...

      ///ඒක නෙවේ. උඹ ඔය රටපැටවිලා ඉඳලා ආපහු ඇවිත්, දෙන්න එක්ක වාහනේකුත් දාලා පොඩි ව්‍යාපාරයක් පටං ගත්තා නේද? දැන් ඒක කොහොමද? කෙරීගෙන යනවද?///
      ලංකාවට ආපු ගමන්ම ඒ වැඩේ තව පොඩ්ඩක් වැඩි දියුණු කලා Dude අයියේ, දැන් එක දෙක වෙලා තියෙන්නේ...
      නමුත් පහුගිය කාලේ උදා උනේ ඉදිකිරීම් සම්බන්ධ ව්‍යාපාර වලට ඒ තරම් හොඳ කාලයක් නොවෙන නිසා පොඩ්ඩක් පටි තද වෙලා තමයි ඉන්නේ... :(
      තත්වේ අවුල් උනත් ගේම අත අරින්නේ නැහැ, කොහොම හරි ඉහ ගහගෙන ඉන්නවා...

      Delete
    2. උඹලට යහපතක්ම වේවා. ලඟදීම පටි බුරුල් කරන්න ලැබේවා.

      Delete
    3. ///උඹලට යහපතක්ම වේවා.///
      හිතේ කහටක් නැති උඹ වගේ මනුස්සයෙක්ගෙන් ලැබෙන සුබ පැතුම ගොඩක් වටිනවා අයියේ...

      ///ලඟදීම පටි බුරුල් කරන්න ලැබේවා.///
      අපිත් ඒ බලාපොරොත්තුවෙන් තමයි Dude අයියේ දවස ගෙවන්නේ. දැන් හැබැයි තිබ්බට වඩා තත්ත්වය ගොඩක් ෂේප්...

      ලඟදි ලංකාවට එන්නේ නැද්ද, එනවනං කියපන්...

      Delete
  19. පින්තූර ටික ගින්දර...මොකක්ද ලෙන්ස් එක....මුවා කියන්නෙ පණ හයිය නැති සතෙක් කියලා නේද කියන්නෙ...මම අහලා තියෙන්නෙ ඉක්මනින් මැරෙන සතෙක් කියලා පොඩි ආපදාවක් උනත්...ඒ ගැන ලොකු පුතා මොනවත් දන්නවද...ඒක නෙමෙයි බං...මට මේ වගේ ගමනක් යන්න ඕනෙ...යමුද ?

    ReplyDelete
    Replies
    1. සිරා, මේ ලෙන්ස් එක කැනොන් 100-400 ලෙන්ස් එක. දැන් ඒකෙ අලුත් වර්ෂන් එකකුත් ඇවිත් තියෙනවලු. වියයුතු විදිහටම ඒක මීට වඩා ගොඩක් හොඳ වෙන්න ඕනේ...
      කැමරා එක කැනොන් 50D එක...

      ///මුවා කියන්නෙ පණ හයිය නැති සතෙක් කියලා නේද කියන්නෙ...මම අහලා තියෙන්නෙ ඉක්මනින් මැරෙන සතෙක් කියලා පොඩි ආපදාවක් උනත්...///
      හාවා සම්බන්ධව මෙහෙම අහල තිබුනට මුවා ගැන මම මේ කතාව අහල නැහැ. හැබැයි ඔය කුරංගයින්ගේ කුලයේ සත්තු සියුමැළි පෙනුමක් තිබුනට ගොඩක් රළු පැවතුම් වලට ඔරොත්තු දෙන බවක් තමයි මම අහල තියෙන්නේ...
      මේ ගැන තව දුරටත් හොයල බලන්න ඕනේ...

      ///මට මේ වගේ ගමනක් යන්න ඕනෙ...යමුද ?///
      උඹ ලංකාවට එන දවස් ටිකක් කලින් දැනුම් දීපං, මම ගමනක් සෙට් කරන්නං... මාසෙකට හමාරකටවත් කලින් කියපන්කො...

      Delete
    2. එළකිරි ලොකු පුතා..ජයම වෙන්න ඕනෙ බොට...

      Delete
  20. කතාව කියවලාම කමෙන්ට් එකක් දානවා. දැන් බෑ... :-(

    ReplyDelete
    Replies
    1. එහෙනම් පළවෙනි කොටහේ ඉඳලම බලාගෙන ආවනං...

      Delete
  21. හැමදාමත් වගේ පින්තුර ටික ඉස්ම ඉස්තරම්...මොකක්ද අප්පා ඔය ලෙන්ස් එක? කොච්චර විතර ඈත ඉඳලද ඔව්වා ගත්තේ?

    ReplyDelete
    Replies
    1. ඇගයුමට තුති සයුරි,
      මම ඒ දවස්වල පාවිච්චි කලේ Canon 100-400 ලෙන්ස් එක. දැන් ඒකෙ අලුත් වර්ෂන් එකකුත් ඇවිත්.
      ඔය සමහර ෆොටෝ අඩි දහයේ දොළහේ ඉඳල අඩි සීය දෙසිය දක්වා දුර පරාසයක ගත්තු ඒවා...
      මොකද මේ දවස් වල බිසිද, ගොඩක් පරක්කු වෙලා ආවේ... :)

      Delete
    2. නෑ අප්පා...ගම රට පැත්තේ ගියා. ඒකයි එන්න උනේ නැත්තේ

      Delete
    3. ගමරට කිව්වේ... සද්ද බද්දයක් නැතුව ලංකාවට ඇවිල්ල ගියාවත්ද...

      Delete
  22. ලොකූ, වයිල්ඩ් ලයිෆ් පින්තූර වලට ඇත්තටම මගේ වැඩි ප්‍රිය මනාපයක් නෑ
    ඒකට හේතුව හැමෝම ගන්නෙ එකම තාලෙ පින්තූර හින්දා දැකල දැකල එපා වෙලා හින්දා

    ඒත් ලොකූගෙ පින්තූර වලට මම බොහොම ආසයි
    මී මින්නෙක්, බටගොයෙක්, කෙනි හිලෙක්, අර උකුස්සගෙ ගම්බිර ගතිය මතුවෙන ජාතියෙ පින්තූර හා ඒවායේ පැහැදිලි කම හින්දා හරිම ආසාවෙන් බැලුවා ඇත්තම කියන්න..

    හැමෝමත් ප්‍රදර්ශන තියනව තමා.. ඒත් ලොකූට ප්‍රදර්ශනේකට හරියන්න හොඳම වර්ගයේ පින්තූර ඇති කියල හිතෙනව
    එන්නම් හැකි විදිහට උදව් කරන්න...
    කරමු ප්‍රදර්ශනයක් පින්තූර වල විස්තරත් එක්ක...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තිස්ස අයියේ ඇගැයුමට.

      ලංකාවේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ගහන මම පෞද්ගලිකව දන්න කියන ගොඩ දෙනෙක් ඉන්නවා...
      උන්ගේ ෆොටෝ එක්ක බැලුවම මම ගහල තියෙන ෆොටෝ ඒ තරම් හොඳ නැහැ, අනිත් එක මම දැන් ෆොටෝ ගැහිල්ල සම්පුර්ණයෙන්ම වගේ නතර කරලා දාල වගේ ඉන්නේ. එහෙම බැලුවම මම යාවත්කාලින නැහැ.

      හැබැයි ඉතින් තිස්ස අයියා කැමති වෙනස් තාලයේ ෆොටෝ කියන කෝණයෙන් බැලුවම ගත යුත්තක් නැත්තෙත් නැහැ, නමුත් එය මහා සමාජයේ පිළි ගැනීමට ලක් කරවන්න තරම් හොඳ ෆොටෝ තවම මගේ ගාව නැහැ කියන එක තමයි මගේ අදහස...
      අනික ප්‍රදර්ශනයක් තියන එක අතින් කාල හරක් බලනවා වගේ කෙළියක් වගේම, එතනින් එහා වෙනත් ව්‍යාපාරික හෝ ශාස්ත්‍රීය අරමුණු නැතිනම් ඒ තරම් ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි කියන අදහසක් මගේ ඔළුවට රිංගගෙන පැළපදියම් වෙලා ඉන්නවා...

      ඒ කොහොම උනත් උදව් කරන්න ඉදිරිපත් වෙච්ච එකටනම් ගොඩක් ස්තුතියි තිස්ස අයියේ...

      මේ පහළින් දාන ලින්ක් එකේ ෆොටෝ දාල තියෙන්නේ මගේ කැලෑ හිතවතුන් කිහිප දෙනෙක්...

      http://www.chaya.lk/about-us/

      ඒවායේ පින්තුර අතරත් ඔබ කැමති වෙනස් අකාරයේ (සහ තත්ත්වයෙන් උසස්) පින්තුර ගොඩක් තියෙනවා කියල මට හිතෙනවා...
      ඒ ලින්ක් එකේ තියෙන ෆොටෝ ගැන පොඩි අදහසක් මෙතන දාන්න පුළුවන්නම් මම කැමතියි...
      ඒ හරහා මට මගේ පින්තුර ගැන තක්සේරුවක් ඇතිකරගන්න පහසුවක් වේවි...

      Delete
  23. මම පින්තූර ගැන මෙලෝ බෝලයක් දන්නේ නෑ ලොකූ
    ඒ පින්තූර ටිකත් බැලුවා...
    ඒත්... අර කොන්ටෙක්ස්ට්ද මොකක්ද කියන එක එව්වායේ මිසිංද මංද බං....
    දැං අර මෙතන තියන ගිරවගෙ පින්තූරේ ගමු... ගිරව් අපේ වත්තටත් එමට එනවා... දැකලත් තියනවා..
    ඒත් අර ලොකූගේ පින්තූරේ කොල ටිකත් එක්ක ගිරවගෙ තටු හෙන හාමනි එකක් නේද? අනේ මන්ද මට දැනෙන්නෙ එහෙමයි
    එතකොට ගඳපාන මල් අත්තේ සූටික්කා...
    පැහැදිලි අහසක බටගොයා...
    දෙඹර වදේ....
    වෙන වෙනම සබ්ජෙක්ට්ස් නැතුව පින්තූරයක රසය දැනෙන්නේ මට එහෙමයි... අනේ මන්ද බං...
    සින්දුවක් වුණත් කෑලි කඩල මියුසික් ලස්සනයි පද ලස්සනයි කියනවට වඩා සීන්දුව ලස්සනයි කියන්නයි මම ආස..
    ඔන්න අමුවෙන්ම කිව්වා හිතුන දේ...

    [පොටෝ ගැහිල්ල නවත්තල තියන එකට නම් කිසිම මනාපයක් නෑ ඔබ වාගේ කෙනෙක් - අපට කියන්න ගැටලුව මොකක්ද කියල - අපට බැරි දෙයක් කරන්න හැකි කෙනෙකුට අපට හැකි දෙයකින් තල්ලුවක් දෙන්නහැකිනම්....]

    ReplyDelete
    Replies
    1. තිස්ස අයිය කියන දේ තේරුණා...
      අර සිංදු ගැන කියපු දේ මටත් එහෙම්මමයි, ඒ වගේම ගායකයා හෝ ගායිකාවගේ අදහස් චරිතය මොකක් උනත් මට සින්දුව (හෝ නිර්මාණය) රස විඳින්න පුළුවන්...
      ඒ වගේම මම සින්දු අහන්න වඩා කැමති දෘශ්‍ය නොවන මාධ්‍යයකින්, ඉයර් ෆෝන් එකකින්නම් වඩා කැමතියි.
      වාහනේ යන ගමන් රේඩියෝ අහන එකත් මරු ආතල් වැඩේ...

      උදව්වක් දෙන්න අහපු එකම ලොකු දෙයක් තිස්ස අයියේ.
      දැන් මගේ ගාව ලොකු කැමරා ලෙන්ස් මුකුත් ළඟ නැහැ. කරදර සමයේ ඒවා ඔක්කොම වගේ විකුණලා දැම්මනේ.
      කැමරා තිබුනත් ෆොටෝ ගහන්න වෙලාවක් නැහැ.
      සතියේ දවස් හයක් හෝ හතම වැඩ කරනවා... ගෙදර යනවා. ඉතුරු පැය දෙක තුන ගෙදර උදවිය සමග ගත වෙනවා...
      ඔය විදිහට දන්නෙම නැතුව කාලය ගත වෙන එක තමයි වෙන්නේ.
      මතක ඇති කාලෙකින් ට්‍රිප් එකක් විදිහට කොහෙවත් යන්න උනෙත් නැහැ.
      සති දෙකකට තුනකට වතාවක් හාමිනෙයි පොඩි එකයි එක්ක ගමේ ගිහින් එන එක තමයි දැනට යන එකම ට්‍රිප් එක.
      ඒ නැතත් කොහේ හරි ට්‍රිපක් යනවනම් යාළුවෙක්ගෙන් කැමරාවක් ඉල්ලගෙන යන්න පුළුවන්...
      ට්‍රිප් යන්න වෙලාවක් හොයා නොගන්න එකේ වරදනම් ඉතින් මගෙම තමයි... ;(

      Delete
    2. හ්ම්ම්ම්... ඒකත් එහෙමයි නේද එහෙමනම් :-(
      හොඳයි බලාපොරොත්තු නැති කරගන්න එපා..
      අපි බලමුකෝ යමක් කරන්න....

      Delete