Tuesday 28 July 2015

නිධන් වදුල, කළු කොටියා සහ කිතුල් මැදීම -01

මුකුත් ලියන්න හිතෙන්නෙම නැහැ, හරි කම්මැලියි. කිසි ප්‍රෙෂර් එකක් නැතුවම ගැස්ට්‍රයිටීස් තද වෙලා. දවල් අතේ පොඩි පහේ ඔපරේසමකට යන්න හිටියට ඒකත් කැන්සල් උනා. කාලෙකින් මුකුත් ලිව්වේ නැති නිසාත් මොනවාහරි ලියන්න ඕනේ කියල හිතිච්ච නිසාත් පොඩි පහේ පෝස්ට් එකක් ලියල දාන්න හිතුවා.

තාත්තගේ යාලුවෙක් වෙච්ච සෝමේ මාමා කලින් වැඩ කලේ අපේ ගමේ ඉස්පිරිතාලේ. තාත්තගේ මරණේ සිද්ධවුනේ 2004 දී. තාත්ත ජීවත්වෙලා හිටපු කාලේදී සෝමේ මාමව මට ඒ තරම් මතකයක් තිබ්බේ නැති තරම්. පස්සේ කාලෙක දවසක් දෙකක් හම්බවෙලා කතා බහ කලාට පස්සේ තමයි මට මතක් උනේ එක දවසක් අපේ ගෙදර ඇවිත් තාත්ත එක්ක ගේ ඇතුලේ බොන්න හදල අම්මගෙන් බැනුම් අහගෙනත් ගියපු කෙනෙක් නේද කියල.
මෙන්න මගේ පරණ යාළුවා, සෝමේ මාමගේ පැලට යන අඩිපාර ගාව....
දැනට අවුරුදු තුනකට විතර කලින් මගේ ගාව පරණ ජීප්පුව තිබ්බ කාලේ මම අපේ ලොකු මස්සිනාත් එක්ක සෝමේ මාමලාගේ ගෙදර ගියා දවස් දෙකක්. ඔය ගමන යන්න ඒ ජීප් එකටත් සෑහෙන කට්ටක් කන්න සිද්ධ උනා. ප්‍රධාන පාරෙන් උඩට යන්න තියෙන පාරේ මුල කොටසේ කොන්ක්‍රීට් දාල තිබුනා මීටර් හාර පන්සීයක් විතර. කොන්ක්‍රීට් එක ඉවර වෙන තැන පාර හරහා පොඩි දොළ පාරක් ගලාගෙන යනවා. ඊට පස්සේ කඳු පල්ලම් තඩි ගල් ගෙඩි උඩින් ගලින් ගලට පැන පැන දොළ පාරවල් දහයක් දොළහක් පහු කරගෙන මට හිතෙන විදිහට කිලෝ මීටරම දහයක් දොළහක් විතර කැලේ මැදට යන්න  ඕනේ. එක තැනකදී රටේ ප්‍රකට ගඟක මුල හරියෙනුත් එගොඩ වෙන්න ඕනේ.
මේ ඒ අතරමග තියෙන විශේෂ හොර ගහක්, සාමාන්‍යයෙන් හොර කියන්නේ තනි ගහක්. නමුත් මේ ගහ මුල හරියෙන්ම් ගස් පහක් විදිහට බෙදිලා ඒ එක ගහක් වට අඩි තුන හතරක පමණ ප්‍රමාණයෙන් යුතුව හැදිලා තියෙන එක විශේෂ පිහිටීමක්...

මේක මෝහිනී ඇල්ල කියලයි දැන ගන්න ලැබුනේ, ෆෝන් එකෙන් ගත්තු ෆොටෝ නිසා පැහැදිලි නැහැ...
ඔය ගමන ගියේ අපේ ලොකු මස්සිනාගේ උවමනාවකට, කොයිකටත් කියල මම කැමරා එකත් වාහනේට පටෝ ගත්ත. එකෙන් ලොකු ප්‍රයෝජනයක් උනේ නැතත් මගෙත් එක්ක ගියපු සෝමේ මාමත් ඇතුළු හැම කෙනාම බයෙන් මැරෙන්න හදපු කැතම කැත පළා පොළඟෙක් බලා කියාගෙන ෆොටෝ එකක් අල්ලගෙන එන්න නම් පුළුවන් උනා.

ඒ මනුස්සය දෙවෙනි කසාදෙ කරගෙන තියෙන්නේ පොතේ පතේ ලියල එහෙම නෙමෙයි. පලවෙනි කසාදෙ නැන්දා ජීවත්ව හිටිද්දීම සහ කරදඬු උස් මහත් වෙච්ච පුතාලගේ විරෝධය මැද්දේ තමයි සෝමේ මාම ඒ නැන්ද එක්ක සහේට ගිහින් තිබ්බේ. ඒ ගෑණු මනුස්සයා මීගමු පැත්තේ කෙනෙක්. ඔය අහ  පාර අයිනේ තිබ්බ පොඩි පැලක තමයි මුන්දා ජීවත්වෙලා තිබ්බේ. ඒ නැන්දා එහෙට ආපු හැටියක් එහෙමත් මම දන්නේ නැහැ. මම මේ තරම හරි දැනගත්තේ අපේ මලයගෙන් සහ මස්සිනාගෙන්. කොටින්ම කියනවානම් මගෙත් එක්ක කැලේ යන සමහර යාළුවෝ ඉන්නවා, උන් කසාද බැඳලද, ළමයි බමයි ඉන්නවද, උන්ගේ ගෑණු රස්සා කරනවද ඕවා කිසි දෙයක් මම දන්නේ නැහැ.

වතාවක් මම ගෙදර උන්දලා එක්ක වීරවිල ගියා. ඒ ගිහින් කතරගම සිතුල්පව්ව එහෙමත් ගියා මතක ඇතිනේ. මම එහේ ගියාම නිදහසේ ජීවත් වෙන ගෙදරට එහා ගෙදර ඉන්න අනුර බාප්පා ගැනත් මේ වගේම ගැටළු තොගයක් අපේ උන්දැගෙයි නැන්දම්මාගෙයි ඔළුවට ඇවිත් මගෙන් අහන්න ගත්තා. අනුර බාප්පාගේ ගෑණු මනුස්සයා මොකද කරන්නේ, එයා ගෙදර නැත්තේ මොකද, එයා උසද කොටද මහතද කියල ප්‍රශ්න ලෝකයයි.
මම ඕවා දන්න එකක්යැ. මම අනුර බාප්පා ගැන දන්නේ මම එහේ ගියාම මට කන්න තමන් කන විදිහටම පිළි ජාති නැතුව හේනේන් කඩාගෙන ආපු වම්බට්ටක් එක්ක, මෑ කරළක් එක්ක හරි බත් ඩිංගක් හදල දෙන එකයි, පළාතට ගැලපෙන අනුපාන කිසි බයක් හැකක් නැතුව ගෙයි ඉස්තෝප්පුවේ පුටුවක වාඩිවෙලා ගන්න(අපිටත් දීල) නිතරම ආකහේ ඉන්න පුද්ගලයෙක් බවත්, මම ආවහම සීල් පොඩ්ඩක් ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් බවත්, අවුරුදු හත අටක පොඩි පුතෙක් ඉන්න බවත් විතරයි.
එදානම් විනාඩි පහක් දහයක් ගියේ නැහැ ඒ අවශ්‍ය කරන කරුණු කාරණා ටික හොයා ගන්න අපේ නැන්දම්මයි එයාගේ දු පොඩිත්තයි සමත් වෙලා තිබුනා. දැන් යමුකෝ ප්‍රධාන කතාවට.

සෝමේ මාම අර නැන්දත් එක්ක පැටලවිලා කියල දැනගත්තු සෝමේ මාමගේ  පුතෙක් ඇවිත් අර නැන්දගේ පැල්කොටේ කඩල බිඳලා දාල බඩුමුට්ටු ඔක්කොම කුඩු කරලා දාල ගිහින් තිබුනා. එතනින් පස්සේ තමයි මේ ජෝඩුව මහ මුකලානෙට ගිහින් රක්ෂිතේ පොඩියට පැලක් අටෝගෙන ඒ අලුත් ජීවිතේ පටන් අරගෙන තිබ්බේ. මොනවා නැතත් මේ දෙන්නගේ තරමක වයස් පරතරයක් තියෙන බවනම් මට තේරිලා තිබුනත් කැලේ කොලේට හැඩ ගැහිලා අපුරුවට ජීවත් වෙන්න ඒ දෙන්න සමත් වෙච්ච බවක් තමයි මට තේරුනේ.තේ පොඩ්ඩක් වවාගෙන, එළවළු පලාවක් වවාගෙන හිටපු මුන්දලා හැම ඉරිදම පොළේ යන එක පුරුද්දක් වශයෙන් කරන්නේ සමාජයට පොඩ්ඩක් ඔළුව දාල එන්න ඕනේ නිසා වෙන්න ඕනේ.

ඒ යද්දී මහ පාරට තියෙන කිලෝමීටර දහයේ දොළහේ දුර පයින් ගිහින් ඉතුරු කිලෝමීටර දහය බස් එකේ ගිහින් තමයි පොළට යනවය කියන්නේ. ආපහු එද්දී බස් එකේ එන්න පුළුවන් දුර ඇවිත් ඉතුරු ටික එනවය කියන්නේ ත්‍රීවීල් එකේ. ඒ දුර යන්න ත්‍රීවීල් එකක් රුපියල් 2,500/- ක් ගන්නවලු. ඒකෙන්ම පාරේ තත්ත්වය හිතා ගන්න පුළුවන් වේවි.
කූඩැල්ලන්ට ලේ ටිකක් හෙම දන් දීල ඉවරවෙලා සෝමේ මාමලාගේ පුංචි පැලට දවල් වෙද්දී ගාටන්න අපිට පුළුවන් උනා. සෝමේ මාම ඒ වෙලාවේ ගහෙන් බාල අරගෙන ආපු පෙණ දාන කිතුල් රා ටිකක් තොල ගාල සෝමේ මාමගේ කැලෑ කතා අහන්න ගල් ගෙඩි උඩ වාඩි උනා. සෝමේ මාමට ආණ්ඩුවෙන් පෙන්ෂන් එක හම්බ උනත් මිනිහා තවම හොඳ සනීපෙන් ඉන්නවා. ඔය කියන කාලේ කිතුල් මල් පහක් හයක් මැදගෙන ඒවායේ ආදායමත් අරගෙන තමයි ජීවත් උනේ.

මිනිහ අපිට කියපු කතාවක් නිසා මගේ ඔළුවේ කොන්ඩ ගස් කෙළින් උනා. පණ පිටින් ඉන්න කළු කොටියෙක් ඒ අවට ඉන්නවා කියල සෝමේ මාම විතරක් නෙමෙයි ඒ නැන්දත් දැකල තියෙනවලු.
ඊට පස්සේ මම ඔය ගැන හොයල ෆොටෝ එකක් ගහන්න පුළුවන් ක්‍රමයක් ගැන කල්පනා කරද්දී පහු ගිය මැයි මාසේ ඒ කියන්නේ 2015 මැයි මාසේ 30 වගේ කිට්ටුව ආපහු ආරංචිය ආවා ඌ ඒ ඉසව්වට ඇවිත්ය කියලා. වාහනෙත් නැති එකේ බස් එකේ ගියා අදාළ දිහාට, අපේ මලයවත් කළින්ම කතා කරගෙන පිටත් උනා ඒ ගමන. පැය තුනකට වඩා වැඩි මහ දුෂ්කර ත්‍රිවිල් ගමනකින් පස්සේ කළුවර වැටෙද්දී සෝමේ මාමලාගේ ගෙදරට යන්න අපිට පුළුවන් උනා.

එදා වැස්ස නිසි ත්‍රිවිල් එකේ ආපු මහන්සිය නිසි කොටි අල්ලන්න නෙමෙයි පාන් කියා ගන්න බැරුවයි අපි දෙන්න උන්නේ. ඒ මදිවට වැහින්නත් පටන් ගත්තා. අන්තිමේදී කළු කොටියව ෆොටෝ ගහන්න ට්‍රයි කරන මිෂන් එක පසුවට සහ වෙන ක්‍රමේකට කරන්න තීරණය කරලා අපි තුන් දෙනාත් එක්ක අපි එහේ යනකොට අරගෙන ගියපු බෝතලේට වග කියන්න පටන් ගත්තා. මේ වෙද්දී කලින් වගේ නෙමෙයි සෝමේ මාම සැටලයිට් TV එකකුත් අරගෙන, ටර්බයින් එකක් ගහල ගෙදරට කරන්ට් එකත් අරගෙන. ගෙටත් කටු මැටියෙන්ම තව පොඩි කාමරයකුයි ඉස්තෝප්පු කෑල්ලකුයි එක්කාසු කරලත් තිබ්බා.

ඔය අතරේදී තමයි සෝමේ මාම තමන්ගේ පරණ මතකය එළියට දාන්න පටන් ගත්තේ. ඔය අතරේ තිබ්බ එක දෙයක් තමයි නිධන් වදුල ගැන, අනික කිතුල් මැදිල්ල ගැන.
කළු කොටිය ගැන පස්සේ ලියන්නම්. මේ මොහොතේ ලොකු දෙයක් ලියන්න වෙලාවක් නැති නිසා මම නිධන් වදුල ගැන කියන්නම්. ඉස්සර කාලෙක සෝමේ මාම කවුද මන්ද ඇමති කෙනෙක් ගාව බොහොම ළඟ සේවකයෙක් වශයෙන් වැඩ කරගෙන හිටියලු. ඒ ගෙදර තිබිල ඔය පොත අරගෙන එන්න ඉල්ලුවම අර මනුස්සය ඇහුවල උඹට මොටද ඕක කියලා. පොඩ්ඩක් බලල ගෙනත් දෙන්නම් කියල කිව්වට පස්සේ අර ඇමතියත් අකමැත්තක් පෙන්නලා නැහැ.
ඕක අරගෙන ආවට මේ මනුස්සයට මේකේ ඇති පළක් පොරෝජනයක් දන්නේ නැති නිසා ඒකෙ කොපියක් ගන්නෙවත් නැතුව පහුවෙනිදම ඒක ගෙනිහින් දුන්නා කියල අද මිනිහ කියන්නේ බොහොම විස්සෝපෙන්. හැබැයි මිනිහත් නිකං ඉඳල නැහැ, තමන්ට අදාළ තැනකට අදාළ එක කවියක් කට පාඩම් කරගෙන.
මිනිහ ඒක ඒ දවස් වලම හෙව්වලු කිසි සළකුණක් හොයා ගන්න බැරි වෙච්ච නිසා ඒ වැඩේ අත ඇරලා දැම්මලු. වචන කීපයක් අඩු කරලා ඒ වදුල මම මෙතන පල කොරනවා. නිකමටවත් මේක පස්සේ යන්න හිතන්න එහෙම එපා. ඕවා මහ වාත වෙන්න පුළුවන් වැඩ.

Xxxxxxතොට පරණ තොටුව
එහි xx වැලක් කොටා ඇත
එය අල්ලා මිනිසෙක් ඇත
එහි මහා නිධානයක් ඇත

මෙන්න මේ වගේ පොඩි පොඩි විස්තර සහිත කවි වගේ ඒවා තමයිලු ඔය නිධන් වදුලේ තියෙන්නේ. සමහර මිනිස්සු සැක පහළ කරනවා නිධන් කියන ජාතිය තියෙනවද කියන එක ගැන. එහෙම දේවල් තියෙනවා, ඒක ඇත්ත බව පිළිගන්න පුළුවන් කරුණු කාරණා සෑහෙන ප්‍රමාණයක් මම අහල දැකල ලියල තියෙනවා. අපේ පැත්තේ එහෙම දේවල් අරගෙන එක පාර පෝසත් වෙච්ච මිනිස්සු අදටත් ඉන්නවා.
නමුත් ඒ පන්සල් වල චෛත්‍ය අස්සේ, බුදු පිළිම ඇතුලේ එහෙම නෙමෙයි. වෙන වෙන් තැන්වල. අර වගේ තැනක තිබුනත් තියෙන්නේ ආගමික භක්තියකින් තැන්පත් කරන බොහොම සුළු සුළු දේවල් කියල තමයි කියන්නේ.
නිධන් හාරන මුවාවෙන් ඉස්සර කාලෙක පැරණි බෞද්ධ වෙහෙර විහාර, පිළිම වහන්සේලා විනාශ කරන ව්‍යාපාරයක් ලංකාවේ විශාල ව්‍යාපාරිකයෙක් යටතේ තිබුන බවක් මම අහල තියෙනවා, ඒක කෙරෙව්වා කියන මිනිහ එක පාරට වැටුනේ හරියට මහ විශාල ගහක් කඩා වැටෙනවා වගේ, අදටත් පණ පිටින් ඉන්නවා. නමුත් උන්නද මළාද කියල නැතුව වගේ තමයි ඉන්නේ.
ඒ වගේම අපිට අද වෙද්දී සතියකට නිධන් හාරන්න ගිහින් පොලිසියට අහු වෙච්ච සිද්ධි කීයක්නම් අහන්න දකින්න ලැබෙනවද.ඒ නිසා මම මේ ලියන එවයෙන් මේ වගේ වැඩ වලට උත්ප්‍රේරණයක් ගන්නේ නැත්නම් තමයි මම වඩා කැමති.


ඔය නිධන් පස්සේ යනවට වඩා හොඳයි කිතුල් මදින එක, මම ඊළඟ පෝස්ට් එකකින් ඒ ගැනයි, කළු කොටියාගේ කතාවයි කියන්නම්.
ඔය කිට්ටුවම මහ අද්භූත විශාල වලක් තියෙනවලු ලොකු ගල් තලාවක. ඒකට ලොකු දොළ පාරවල් හතරක් වැටෙනවලු. ඒ වල අක්කරයක තරමේ ලොකු එකක් කියලයි සෝමේ මාමා සහ ඒක බලන්න ගියපු අනිත් මිනිස්සුත් කියන්නේ. පතුලක් පේන්නේ නැති විශාල සුළි කැරකෙන ඒ වල මහ භයානක තැනක් විදිහට තමයි ඒ මිනිස්සුත් සළකන්නේ. මුකුත් ඕනේ නැහැ වතාවක සෝමේ මාමව හම්බ වෙන්න ආව මාස්ටර් ඩයිවර්ස් එකේ කිමිඳුම් කරුවෝ පවා ඒකට බහින්න බය උනා කියලයි සෝමේ මාමා කියන්නේ.
අපි ගියපු වෙලාවේ වැහැලා ගල් තලාව ලිස්සන නිසා එතනට යන්න බැරි උනා. හැකි ඉක්මණින් ඒ ගැනත් මම දාන්නම්. මොකද ඒක බලා ගන්න මටත් පුදුම කුතුහලයක් තියෙන්නේ. එහෙනම් අදට ඇති...

92 comments:

  1. superb.... very interesting

    ReplyDelete
    Replies
    1. ලොග් වෙන්න බැරි උන නිසා ඇනෝ දැම්ම නොදා ඉන්න බැරි කමට .

      ඔය නිධන් ගැන නම් මමත් පොඩි කාලේ අහල තියෙනවා. කොටින්ම නිධන් වදුලක් අප්පච්චි ගෙදර ගෙනාව. අපේ අය්යා කාරය ඕකට ලැස්ති වෙනකොට අම්ම පොලවේ පස් කෑවේ නැති ටික විතරයි. හරියටම දන්නේ නැති හේතුවක් නිසා වැඩේ යට ගියා.

      පුද්ගලිකව මම පිළිකුල් කරන දෙයක් තමයි නිදන් හෑරිල්ල. නිදන් ගත්ත අයගෙන් වැඩිදෙනෙක් අන්තිමට හිඟමනට පවා වැටෙනවා, සමහරු හිටපු ගමන් මැරිලා යනවා, එක්කෝ විඳවන දෙයකින් ඉතිරි කාලේ ගෙවන්න වෙනවා. ඒ නිසා නෙවෙයි මම අකමැති, නිකන් ලැබෙන දේවල් නම් ඕනෙම නැහැ. අනිත් එක අමනුස්ස බලවේග එක්ක ගුස්ති අල්ලන්නත් වෙනවා. දන්නා සාත්තරයකින් ජිවත් වෙන එක හොඳයි රජකම ලැබුනත්.

      ඉතිරි ටික ලියමු.

      තවත් දෙයක් හිතුන, අවුලක් හිතන්න එපා... ඔය හඳුන් දිවියා හෝ වෙනත් මිනිස් ඇසින් වසන් වෙච්ච දේවල් ප්‍රසිද්ධ කරන්න යන එක ලංකාවේ මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. ඔන්න හොඳ ලස්සන ඇල්ලක් කිව්වොත්, ඊට පස්සේ දවසේ ඉඳල යනවා ඔතන බේබදු හැසිරීම් දක්වන්ට. දුර්ලභ සතෙක් කිව්වොත් ඌ දකිනකල් කැලේ දෙවනත් කරනවා. එක්කෝ දඩයම් පිස්සුව වැහෙනවා. ඒවා සංරක්ෂණයට ඉදිරිපත් වෙන්නේ බොහොම ටික දෙනයි. ඔබත් එයින් කෙනෙක් කියල හිතනවා.

      ඔබේ අරමුණ ඉෂ්ඨ වෙන්න කියල පතනවා. එතකොට අපිට බැරිය වැදගත් පෝස්ටුවක් බලාගන්න, නැද්ද?

      Delete
    2. ආ... ඒ උඹද.

      ///ඒ නිසා නෙවෙයි මම අකමැති, නිකන් ලැබෙන දේවල් නම් ඕනෙම නැහැ. අනිත් එක අමනුස්ස බලවේග එක්ක ගුස්ති අල්ලන්නත් වෙනවා. දන්නා සාත්තරයකින් ජිවත් වෙන එක හොඳයි රජකම ලැබුනත්.///

      මෙන්න මේක කාට කාටත් වැදගත් වෙන දෙයක්,
      මම ඔය සමහර නිධන් තියෙනවය කියන තැන් සැළකිය යුතු ප්‍රමාණයක් දන්නවා. සමහර ඒවා හද්ද ඩොටේ. බලු බල්ලෙකුට දැනෙන්නේ නැතුව හාරන්න පුළුවන්.
      මුකුත් ඕනේ නැහැ අපේ මහගෙදර, මම මෑතකදී ගත්තු ඉඩමක පවා ඔය මොනවද මන්ද අයිටම් වගයක් තියෙනවා කියල දැනගන්න ලැබුනා.
      මගෙත් නැහැනේ ඕවට ඇල්මක්, ඒ නිසා ඒව එහෙම්මම තියෙන්න ඇරලා බඩකට පුරවගන්න කීයක් හරි හම්බුවෙන රස්සාවත් කරගෙන, දන්න කියන බ්ලොග් ලිවිල්ලයි බැලිල්ලයි කරගෙන සාමයෙන් සමාදානයෙන් හවසට පොඩ්ඩක් අනුමත වෙලා දිවි සරි කරගෙන ඉන්නවා.

      ඔය කියන දුර්ලභ කළු කොටි ඉන්න බව මිනිස්සු ගොඩ දෙනෙක් දන්නවා. එහෙමයි කියල උන් එක තැනක ඉන්න ජාතියක් නොවෙන නිසා ලොකු ගැටළුවක් වෙන එකක් නැහැ.
      නමුත් උඹ කියන කාරණේ මොකක්හරි තැනකට නම් ටක්කෙටම හරි.
      මට මතකයි ඉස්සර මී-මුරේ කියන්නේ මිනිස්සු යන එන තැනක් නෙමෙයි. අර සුරිය අරණ ෆිල්ම් එක හදල ඒ ලස්සන පරිසරය තියෙන්නේ මී-මුරේ කියල ප්‍රසිද්ධ උනා විතරයි අපේ එවුන් ගිහින් ඒ පැත්ත විනාස කරන්න පටන් ගත්තා.
      මම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නැති තැන් ප්‍රසිද්ධ කරනවා අඩුයි.

      මෙතන මම කියපු සෝමේ මාම ඉන්න හරිය සම්බන්ධව පවා මම ස්ථාන නාම සඳහන් කලේ නැත්තේ ඒකයි. කීප දෙනෙක් මම කියපු සමහර වචන වලින් යම්කිසි අදහසක් ඇති කරගෙන තිබුනත් එහෙම වෙන්නේ ඒ අය යම් ප්‍රමාණයක් ඒ පැත්ත ගැන දන්නා නිසා.

      ///ඔන්න හොඳ ලස්සන ඇල්ලක් කිව්වොත්, ඊට පස්සේ දවසේ ඉඳල යනවා ඔතන බේබදු හැසිරීම් දක්වන්ට. ///
      මම මේ කියන පැති වල බොන්න යන්න බැහැ බං, ඒ තරම් දුෂ්කරයි. ඒ නැතත් මම ගොඩ වෙලාවට ගුරු මුෂ්ටිය තියා ගන්නවා ප්‍රසිද්ධ සමාජයෙන් වහන් වෙලා තියෙන තැන් සම්බන්ධව.

      ///ඔබේ අරමුණ ඉෂ්ඨ වෙන්න කියල පතනවා. එතකොට අපිට බැරිය වැදගත් පෝස්ටුවක් බලාගන්න, නැද්ද? ///
      ස්තුතියි මචං. විස්තර සියල්ල සමග උඹලා හමුවට ළඟදීම එන්නම්...

      Delete
    3. ආ... ඒ උඹද.

      ///ඒ නිසා නෙවෙයි මම අකමැති, නිකන් ලැබෙන දේවල් නම් ඕනෙම නැහැ. අනිත් එක අමනුස්ස බලවේග එක්ක ගුස්ති අල්ලන්නත් වෙනවා. දන්නා සාත්තරයකින් ජිවත් වෙන එක හොඳයි රජකම ලැබුනත්.///

      මෙන්න මේක කාට කාටත් වැදගත් වෙන දෙයක්,
      මම ඔය සමහර නිධන් තියෙනවය කියන තැන් සැළකිය යුතු ප්‍රමාණයක් දන්නවා. සමහර ඒවා හද්ද ඩොටේ. බලු බල්ලෙකුට දැනෙන්නේ නැතුව හාරන්න පුළුවන්.
      මුකුත් ඕනේ නැහැ අපේ මහගෙදර, මම මෑතකදී ගත්තු ඉඩමක පවා ඔය මොනවද මන්ද අයිටම් වගයක් තියෙනවා කියල දැනගන්න ලැබුනා.
      මගෙත් නැහැනේ ඕවට ඇල්මක්, ඒ නිසා ඒව එහෙම්මම තියෙන්න ඇරලා බඩකට පුරවගන්න කීයක් හරි හම්බුවෙන රස්සාවත් කරගෙන, දන්න කියන බ්ලොග් ලිවිල්ලයි බැලිල්ලයි කරගෙන සාමයෙන් සමාදානයෙන් හවසට පොඩ්ඩක් අනුමත වෙලා දිවි සරි කරගෙන ඉන්නවා.

      ඔය කියන දුර්ලභ කළු කොටි ඉන්න බව මිනිස්සු ගොඩ දෙනෙක් දන්නවා. එහෙමයි කියල උන් එක තැනක ඉන්න ජාතියක් නොවෙන නිසා ලොකු ගැටළුවක් වෙන එකක් නැහැ.
      නමුත් උඹ කියන කාරණේ මොකක්හරි තැනකට නම් ටක්කෙටම හරි.
      මට මතකයි ඉස්සර මී-මුරේ කියන්නේ මිනිස්සු යන එන තැනක් නෙමෙයි. අර සුරිය අරණ ෆිල්ම් එක හදල ඒ ලස්සන පරිසරය තියෙන්නේ මී-මුරේ කියල ප්‍රසිද්ධ උනා විතරයි අපේ එවුන් ගිහින් ඒ පැත්ත විනාස කරන්න පටන් ගත්තා.
      මම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නැති තැන් ප්‍රසිද්ධ කරනවා අඩුයි.

      මෙතන මම කියපු සෝමේ මාම ඉන්න හරිය සම්බන්ධව පවා මම ස්ථාන නාම සඳහන් කලේ නැත්තේ ඒකයි. කීප දෙනෙක් මම කියපු සමහර වචන වලින් යම්කිසි අදහසක් ඇති කරගෙන තිබුනත් එහෙම වෙන්නේ ඒ අය යම් ප්‍රමාණයක් ඒ පැත්ත ගැන දන්නා නිසා.

      ///ඔන්න හොඳ ලස්සන ඇල්ලක් කිව්වොත්, ඊට පස්සේ දවසේ ඉඳල යනවා ඔතන බේබදු හැසිරීම් දක්වන්ට. ///
      මම මේ කියන පැති වල බොන්න යන්න බැහැ බං, ඒ තරම් දුෂ්කරයි. ඒ නැතත් මම ගොඩ වෙලාවට ගුරු මුෂ්ටිය තියා ගන්නවා ප්‍රසිද්ධ සමාජයෙන් වහන් වෙලා තියෙන තැන් සම්බන්ධව.

      ///ඔබේ අරමුණ ඉෂ්ඨ වෙන්න කියල පතනවා. එතකොට අපිට බැරිය වැදගත් පෝස්ටුවක් බලාගන්න, නැද්ද? ///
      ස්තුතියි මචං. විස්තර සියල්ල සමග උඹලා හමුවට ළඟදීම එන්නම්...

      Delete
  2. මරයිනෙ මාස්ටර් ඩයිවර්ස්ලත් බහින්නැති අරවල ගැන ඉක්මනට ලියහං ඇ

    ReplyDelete
    Replies
    1. වතාවක් මගේ යාළුවො දෙන්නෙක් අපේ පැත්තේ දිය ඇල්ලක නාන්න ගිහින් මළා.
      ඒ වෙලාවේ එකෙක්ගේ මිණිය හම්බ උනේ අඩි 120 ක් විතර ගැඹුරේ තිබිල කියලයි මාස්ටර් ඩයිවර් එකේ වතුරට බැහැපු දෙන්නා කිව්වේ. උන් ඒ වලට බැස්සෙත් ඉනේ කඹ ගැට ගහගෙන, ඒ වල තවත් ගැඹුරුයි කියලයි ඩයිවර්ස්ල දෙන්න අපිත් එක්ක කිව්වේ.
      ඔය වගේ තැන් සෑහෙන තියෙනවා බං.
      මම ජන්ද නිවාඩුවට ඒ පැත්තේ කරක් ගහන්න හිතාගෙන ඉන්නේ. ඉක්මණට විස්තරේ දාන්නම්.

      Delete
  3. පළා පොළගාගෙ පින්තූරෙ නම් සුපිරි....

    ReplyDelete
    Replies
    1. අඩේ මචං, ඒක එච්චර සිරාද. මට ඒ ෆොටෝ එක අවුල්නේ... :(
      මම හෙණ සිරා කියල හිතාගෙන ඉන්න ෆොටෝ එකක් ඉස්සරහට දානවා, බලමු මොකද වෙන්නේ කියලා.
      උඹල ඒක චාටර් කියයිද දන්නේ නැහැ.

      Delete
    2. දාකො බලංට. මේක නම් මට සුපිරි. ඕකට ඔච්චර කිට්ටු වෙන්න එපා බොල. ඇගට පනී

      Delete
    3. උඹ කිව්වමයි මතක් උනේ, මම මේක ගත්තේ කැනොන් 100mm f2.8 macro ලෙන්ස් එකකින්. මේක ගන්න මම ඌ ගාවට ගොඩක් කිට්ටු වෙද්දී කැලේම ඉන්න සෝමේ මාමත් මැරෙන්න හැදුව ඌ මාව කයි කියල.
      අපේ ලොකු මස්සිනා නම් ඌව දැකපු ගමන් සෑහෙන දුරකට පලා ගිහින් තමයි නතර උනේ... :)

      Delete
  4. අර පරණ ජීප් එකනම් පට්ට භාණ්ඩේ... එක විකුණුවද? හැබෑටම නිදන් වදුල් හොයන්නේ උඹ අර හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතෙක්වත්ද?

    ReplyDelete
    Replies
    1. ඕක විකුණුවේ වෙන මුකුත් නිසා නෙමෙයි බං. අනිත් වාහන ගැන හිතලා. විශේෂයෙන් ත්‍රිවීල් නිසා.
      රෝද එළියට පන්නලා තියෙන නිසා ට්‍රැෆික් එකේදී වෙන වාහන වල ටයර් ගෑවෙන්න බලනවා.
      අස්සෙන් රිංගන්න හදන ත්‍රිවිල් සමහර වෙලාවට රෝද වල ගෑවිලා හිර වෙච්ච වෙලාවලුත් තියෙනවා.
      අනිත් එක මේක කොළඹ දුවන්න අමාරුයි බරපතල වැඩි නිසා...

      ///හැබෑටම නිදන් වදුල් හොයන්නේ උඹ අර හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතෙක්වත්ද?///
      උන් ඕව ගැන හොයන්න හිතන්නත් කළින් බොල මම ඔව්ව ගැන විස්තර හොයන්න පටන් ගත්තේ...

      මට ඕව ගැන හොයන්න කුතුහලේ වැඩි උනේ අන්ඩාපුරේ ට්‍රේනින් හිටපු කාලේදී ඒ අවට නිධන් සම්බන්ධ කියවුන කතා අහලා.
      සජිත් මහත්තය බැකෝ දාගෙන තලගුලි විහාරේ ඉස්සරහ තියෙන පොකුණේ තිබ්බ කිලෝ 400 ක් විතර බර රත්තරන් ඇඳ අර ගත්තු ඒවා එහෙම අහල...
      මට තව ලියන්න බැරි උනා ඒ ට්‍රේනින් කාලේ ජීවිතේ ගැන, අන්න සබන් කිව්වලු.
      අපි නතරවෙලා හිටපු ගෙදර පරණ ආරච්චි බුවෙක්ගේ ගෙයක්, ඒ ඉඩම අක්කර 17 ක් තිබුනා. ඕකේ මැදට වෙන්න ලොකු ගල් ගෙඩි එක්ක නිධන් හාරපු වලවල්, ඊට පස්සේ වේළුසුමන යෝධයා (ඒ ගෙදර හිටපු ප්‍රින්සිපල් ඇන්ටි කියපු විස්තර අනුව) ඔත්තු බලපු බැලුම්ගල එක්ක තියෙන ගල් ගුහාව.
      ඕකෙත් ලොකු නිධානයක් තියෙනවා කියල ඒ පැත්තේ මිනිස්සු කියනවා.
      ඔන්න ඕවා තමයි මට මේ ගැන හොයන්න ලැබිච්ච උත්ප්‍රේරක. හෙහ් හෙහ්...

      Delete
  5. දිලා කිවුවා වගේ පලා පොළඟගෙ ෆොටෝ එක නම් පට්ට... කිතුල් රා ගැන මතක් උනත් කටට කෙල උනනවා බං. ඉස්සර අපෙ ගමෙත් හරියට තිබුනා. අර ලයිසොං ගන්න මගුලක් හින්දා දැන් මල් කපන උන් නෑ.

    ReplyDelete
    Replies
    1. මට ඒ ෆොටෝ එක ලස්සන නැහැනේ බං, බලපන් අපි අපි අතරෙත් තියෙන ඇහේ වෙනස්කං...
      මට කිතුල් රා බොන්න එපා උනා මේ මෑතකදී. බොනවා බොනවා බඩ පැලෙන්න සයිස්. පොඩ්ඩක්වත් වදින පාටක් නැහැ.
      වෙලාවට අපි අරගෙන ගියපු ඕල්ඩ්කෙග් එකක් තිබිල ඒක හරහා තමයි ගොඩ ගියේ.

      ලයිෂන් අරගෙන හරි කිතුල් මදින්න හිතේවි උඹලට මම ඒ ගැන ලිව්වට පස්සේ...

      Delete
    2. මචං මුං මේ ෆොටෝ එක ලස්සනයි කියන්නෙ උඹව අන්දන්න නෙවෙයි නම්, මුං ඡායාරූප කරනයේ මූලික සිද්ධාන්තවත් නොදන්න හරක්.

      Delete
    3. මෙහෙමයි ඇනෝ,
      කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතට පේන්නත්, කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනට පේන්නත් පුළුවන් නිසා උගේ කමෙන්ට් එක නිවැරදියි කියල මම හිතනවා.
      ෆොටෝග්‍රැෆි වල තියෙන සිද්ධාන්ත අනුව මමත් ෆොටෝ ක්රොප් කරන්නේ නැහැ මචං තියෙන කම්මැලි කමට...
      මම සමහර වෙලාවට පිළිවෙලට ක්රොප් කරලා තියෙන ෆොටෝ බ්ලොග් එකට දාද්දි පැහැදිළිව පේන විදිහට ක්රොප් කරලා දානවා මෙලෝ සිද්ධාන්තයක් හිතන්නේ නැතුව.
      මම මේ ෆොටෝ එක හොඳ එකක් විදිහට දකින්නේ නැත්තේ ඌව පසුබිමෙන් හොඳට වෙන්වෙලා කැපිලා පේන්නේ නැති නිසාත් උගේ පාට හරියට නැති "හොඳ නැති සාම්පලයක්" නිසාත්...

      Delete
    4. ඇනෝ මහත්තයෝ....
      මම ඒ ෆොටෝ එක පට්ටයි කිවුවේ සිද්ධාන්ත දිහා බලලා නෙවෙයි. ලොකු පුතාට සිද්ධාන්ත කියලා දෙන්න තරම් එකෙකුත් නෙවෙයි මම. එහෙම සිද්ධාන්ත බැලුවොත් කියන්න වෙයි ෆොටෝ එක බර්න් වෙලා තියෙනවා, සර්පයාගෙ ඔළුව විතරයි ෆෝකස් වෙලා තියෙන්නෙ, පසුබිමින් වෙන් වෙලා පේන්නෙ ඔළුව විතරයි උවමනා ඩීටේල්ස් අඩුයි, ෆ්‍රේම් එකට ඇරේන්ජ් කරලා තියෙනවා හොඳ නෑ ඔය වගේ දේවල් කියන්න නෙවෙයි මං මේකට ආවෙ. මන් ඒක පට්ටයි කිවුවෙ ලොකූ ඒක අරන් තියෙන විදිහ නිසා. ටෙලියක් දාලා ගත්තද දන් නෑ. ඒත් නෝමල් රේන්ජ් ලෙන්ස් එකකින් ඔහොම ගන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා. අනික ඒ සර්පයාගේ ඔළුව විතරක් ෆොකස් වෙලා තියෙන නිසාත්, ඌ බලන් ඉන්න ඈන්ගල් එක නිසාත් දැනෙන්නෙ වෙනස්ම හැඟීමක්. මම ඒක පට්ටයි කිවුවේ ඒ අදහසින්. මන් හිතන්නෙ ලොකූ එකඟ වෙයි මේ කාරණා වලට. ඒ අතින් ෆෝටෝ එක පට්ටයි කියලා මිසක් උනාට මේක ඉස්තරම් ෆොටෝ එකක් කියලා කිවුවෙ නැත්තෙ ඒකයි. අනික ඉතින් බොරුවට බටර් ගලා මුරුංගා අත්තේ තියන්න තරම් ලොකු පුතා බබෙකුත් නෙවෙයි කියලා මම නම් දන්නවා මහත්තයෝ...

      Delete
    5. උඹ කියන එක මමත් පිළි ගන්නවා, ඔය අඩු පාඩු නිසා වෙන්න ඇති මමත් ඕක හොඳ නැති එකක් විදිහට දැක්කේ.
      හැබැයි උඩ Dilshan ගෙස් කරලා තියෙන විදිහට මම උගේ ලඟට ගිහින් ඔය ෆොටෝ එක ගහපු එක ඇත්ත. ඒ නිසා සහ ලෙන්ස් එකේ DOF නිසා තමයි උගේ ඔළු ගෙඩිය විතරක් ෆෝකස් වෙලා තියෙන්නේ.
      මම පාවිච්චි කලේ කැනොන් 100mm f2.8 macro ලෙන්ස් එකක් නිසා ටිකක් කිට්ටු වෙන්න උනා තමයි, අනික කැමරා ෆ්‍රේම් එක ඇතුලෙන් බලාගෙන කිට්ටු වෙද්දී නොදැනීම සර්පයට ඕනෙවට වැඩා කිට්ටු වෙන්න බැරි කමකුත් නැහැ තමයි.

      උඹ මේ ෆොටෝ එකේ දැක්කය කියන වටිනාකම් ටික ඒ ඒ කෝණ වලින් බැලුවම මටත් ටිකක් ටිකක් පේනවා. හෙහ් හෙහ්...

      Delete
    6. මම ෆොටෝ එකක් මනින්නෙ ඒක මට ෆීල් වෙන විදිහෙන් ලොකූ. ෆොටෝග්‍රැෆි සිද්ධාන්ත වලින් මැන්නොත් ගන්ඩම දෙයක් නැති ෆොටෝ එකකත් සමහර වෙලාවට ෆීල් වෙන දෙයක් තියෙනවා කියන එක උඹත් දන්නවනේ. අනික බං අපිට මතක සටහනක් විදිහට ගන්න ෆොටෝ එකකට මොන සිද්ධාන්තද.

      Delete
    7. කැමා ලෙසටම උත්තරේ දීල තියෙන නිසා මෙතන ඇත්තටම මට කියන්න දෙයක් නෑ. ඒත් මාත් මේ ෆොටෝ එක අගය කල නිසා මේ දේත් කිව යුතුයි. ඇනෝ කිව්ව හරි. මං නං ඡායාරූපකරණ සිද්ධාන්ත ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. හැබැයි මට ෆොටෝ එකක් පට්ට වෙන්නෙ (විශේෂයෙන් වනජීවී එකක්) එකෙ තියෙන යම් යම් විශේෂතා නිසා. මේක මට නං පට්ට. මොකද මං දන්නවා මේ සතා දුර්ලභ එකෙක්. ලොකූ මේ පින්තූරෙ අරන් තියෙන්නෙ සෑහෙන අවදානමක් අරං. පළා පොළගුන්ගෙ සම්පූර්ණ ඡායා‍රූප අපි දැකල තියෙනවා. ඒත් උගෙ ඔලුව මේ වගේ සමීපව දැකල නෑ. මේකෙ ෆෝකසින් අවුට්ය, ලයිටින් අවුල්ය, කොම්පොසිෂන්, ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් මේව මෙක රස විදින්න මට කොහොමටවත් බාධා නෙවෙයි.

      Delete
    8. ඒ පොටෝව මගෙත් හිතට අල්ලල ගියා. ඇනෝ උඹට ඒ සර්පය මුනගැහුනොත් හොඳ පොටෝවක් අල්ලල දාපං අපිටත් බලන්න.

      Delete
    9. Machan, Boru kiyanna baha, Photo eka avul, details madi, depth eka madi. Aperture punchi karala poddak depth ekka gaththanam oyita wada honda wenna thibuna aniwa, defa. E wade normal kit lens ekakinuth karanna puluwan maxa details ena widiyata. Umbata mama kiyanna one nehene. Eth machan Canon honda camera ekak, honda lens set ekak use karanakota, mona labba gahuwath quality balapan, nethnam umbe hobby eka nohobi wenawane macho.

      Me comment eka umbe Blog ekata ho, me me blog post ekata adala ne machan, adala karagannath ep. Umbe Blog eka Patta, Maxxa, ela machan, all the best.

      Delete
    10. මචං,
      උඹ කියන කාරණාව කිසි සීයට දෙසීයක්ම මම පිළිගන්නවා. ඔය ෆොටෝ එකේ අවුල් ගොඩක් තියෙනවා.
      ඇත්තටම බැලුවොත් ඔය ෆොටෝ කිසි උවමනාවකින් ගත්තු එකක් නෙමෙයි. අරමුණ වෙන දෙයක් වෙලා තිබ්බ ගමනකදී හදිස්සියේ ගත්තු එකක්.
      අනිත් එක තමයි .
      ඒ ගමනේදී මම ගහල තිබුනේ ෆොටෝ දෙක තුනයි. ජීප් එකේ ෆොටෝ එක සහ පොළඟගේ ෆොටෝ එක විතරයි ඒ ගමනේදී අරගෙන තිබුනේ.
      උඹ කිව්වත් වගේ 18-55 කිට් ලෙන්ස් එකෙන් ගන්න ෆොටෝ සමහර වෙලාවට සෑහෙන හොඳ මට්ටමක තියෙන බව මමත් අත්දැකලා තියෙන දෙයක්.

      ///Me comment eka umbe Blog ekata ho, me me blog post ekata adala ne machan, adala karagannath ep. Umbe Blog eka Patta, Maxxa, ela machan, all the best.///
      බොහොම ස්තුතියි සහෝ...
      මට මේ වචනත් එක්ක සහ කලින් කරපු කමෙන්ට් එක්කත් ඒකට දාපු ලක් දසුන් ලින්ක් එකත් එක්ක නිකමට වගේ හිතෙන දෙයක් තියෙනවා. ඒ තමයි උඹ මගේ මිත්‍රයෙක්දෝ කියල. කොහොම නමුත් උඹේ පැසසුමට ගොඩක් තුති මචෝ...

      Delete
  6. ඊළග පෝස්ටුව දාන කං ඉන්නම එපැයි... කළු කොටි ලංකාවෙ ඉන්නවද බං...
    බලමු ඊලග පෝස්ට් එක එනකං
    හැබැයි කවද දායිද දන්නෑ

    ReplyDelete
    Replies
    1. කළු කොටි ලංකාවේ ඉන්නවා මචං...
      දැනට මැරිච්ච උන් දෙතුන් දෙනෙක් තමයි හම්බ වෙලා තියෙන්නේ. තවම කවුරුවත් ෆොටෝ ගහල නැහැ.
      මම කාලෙක ඉඳලා ට්‍රයි කරනවා ඒ පළවෙනියා වෙන්න, තවම බැරි උනා.

      /// හැබැයි කවද දායිද දන්නෑ ///
      නැහැ නැහැ, ඊළඟ එක ඉක්මණට දාන්නම්... :)

      Delete
    2. කළු කොටි කීප දෙනෙක්ම දෙනියාය පැත්තෙදි පහුගිය දවස්වල අවසන් ගමන් ගියා මචං මදුවලට අහුවෙලා. මේ ලංකාවෙන් හම්බවෙන කලුකොටියා සාමාන්‍ය එකාගෙ කලර් වේරියේෂන් එකක් නොවෙන බවයි ඒ පින්තුර දැක්කම මට හිතුණෙ. බොහෝ විට අලුත් විශේෂයක් වීමට ඉඩ තිබේ. සජීවි කළු කොටියෙක් ඡායාරූප ගත කළ පළමු වැන්නා වීමට උඹට හැකිවේවා කියලා පතනවා. දෙනියාය පැත්තෙ මිනිස්සු මේ සතාට කියන්නේ 'බලුගොව්වා' කියලාලු. මේ ගැන තම්බපණ්ණි මැගසින් එකෙත් ආටිකල් එකක් ගියා

      Delete
    3. ඔව් මචං මම ඒ නිව්ස් ඔක්කොම වගේ දැක්කා. මටත් ලොකු වෙනසක් පේනවා උගේ ශරීරයේ.
      බලුගොව්වා කියන නම මමත් අහල තියෙනවා. කළු කොටියා ගැන විස්තර ඊළඟ පෝස්ට් එකකින් දාන්න හිතාගෙන ඉන්න නිසා ඒ ගැන වැඩිය ලියන්නේ නැතුව ඉන්නම්.
      සුභ පැතුමට තුති මචං...

      Delete
    4. කළු කොටියෙක් මාත් දැකල තියනව. ඔය උඹල කියන කොටියද මම දන්නෙ නෑ. පාට කළුයි. හැබැයි වැඩිය ලොකු නෑ.

      Delete
    5. උඹ කොයි පළාතෙදීද එයින් එකෙක් දැක්කේ. මමත් අර මැරිච්ච එවුන්ගේ පින්තුර දැක්කම හිතුනේ උන් ටිකක් පොඩියි කියල සාමාන්‍ය එකාට වඩා....

      දැනට මැරිච්ච එවුන් තුනක් හම්බ වෙලා තියෙනවා. අපේ ගමේ මනුස්සය දඩයම් කරපු එකාට අමතරව දෙනියාය පැත්තේ ඉන්න දඩයක්කාරයෙක් කළු කොටියෙක් මරල තියෙනවා.
      උන්ව දැකපු මිනිස්සු ගොඩක් ඉන්නවා, නමුත් තවම එයින් එකෙක්ව ෆොටෝ ගහල හරි වීඩියෝ කරලා හරි පණ පිටින් ඉන්න බවට තියෙන කිසිම රෙකෝඩ් එකක් නැහැ.
      මට හිතෙන්නේ මුන්ගේ අතිශය දුර්ලභ බවකට වඩා මේ සත්තු මිනිස්සුන්ට නොපෙනී ඉන්න හදන ගතියක් තියෙනවද කියලයි.

      Delete
    6. අපේ පැත්තෙදි. උගුලකට අහුවෙලා මැරිල තිබුන.

      Delete
    7. Ehenam u genada danne naha paththara wala thibune...

      Delete
    8. කළු කොටියෙක් පිදුරුතලාගල රක්ෂිතයෙ ඉන්නව කියල මම එහෙ ගියවෙලාවක කෙනෙක් කිවුව. හග්ගල රක්ෂිතයෙ හිටපු එකෙක් මද්දකට අහුවෙලා මැරිල හිටිය ඌනම් පෙනුමෙන් ලොකුයි.

      Delete
    9. ඔය ඉසව්වේදී කළු කොටියෙක් පාර හරහා යනවා දැකපු කෙනෙක් ඒ ගැන මාත් එක්ක FB එකේදී ගියපු කතාවකදී කිව්වා
      හැබැයි ඒ අවුරුදු පහ හයකට කලින්...

      Delete
  7. නිධාන ගැනනං අනේ මන්ද. හැබැයි නිධං, මැණික් වලින් ගත්ත සල්ලි ඉක්මනට වියදම් කරල දාන්නැතුව ළඟ තියාගෙන හිටියොත්නං වැඩක් වෙන්නෙ නෑ කියල තමයි දන්නෙ.

    කිතුල් රා නං නියම බීම තමයි. මේ දැං පොඩ්ඩකට ඉස්සරවෙලා අපේ අල්ලපු ගෙදර බුවා මලකට බෙහෙත් බඳින්න කියල මොනවද මන්ද කුප්පියක් අරගෙන ගියා.

    අර වල ගැන ඉතුරු විස්තර ටිකත් දාමු.

    ReplyDelete
    Replies
    1. ඔය සල්ලි ගැනනම් දන්නේ නැහැ, අපේ පැත්තේ ඉන්න ලොකු බිස්නස් කාරයෝ, පොඩි දේශපාළුවෝ රස්සාවට නිධන් හාරපු කාලයක් තිබුනා. දැන් ඒ සල්ලි වලින් පෙන්න වරදක් නැතුව ඉන්නවා. හැබැයි අපිට කියන්න බැහැනේ බං ඉස්සරහ ගැන.

      කිතුල් රා නරකම නැහැ, ඒත් අන්තිමට බීපු දෙපාරේම උනේ මගේ බඩ පිරෙන එක විතරයි. පැහිල මදිද දන්නේ නැහැ.
      කිතුල් වලට බෙහෙත් කියල මහලොකු විශේෂ දෙයක් බඳින්න ඕනේ නැහැල්ලු බං.
      මම කිතුල් පෝස්ට් එකක් දාන්නම්, උඹල කරන රස්සා අතඇරලා ඒ වැඩේට බහියි ඒක කියෙව්වම.

      වල ගැන ජන්ද නිවාඩුවෙන් පසුව...

      Delete
    2. හරියට මදිනවා නම් ඕකට බදින්න ඕනෙ බෙහෙත් වර්ග තියෙනවා බං. අනික පොල් රා වගේ නෙවෙයි කිතුල් ගස් කිලි වලට අහු වෙන්න හොඳ නෑ. මං පොඩි දවස් වල ඉඳන් සෑහෙන කාලයක් අපෙ ගෙදරම ගහක් මැද්දා සිස්ටම් එක හොඳටම දන්න මම කෙනෙක්. ගහක් කිල්ලට අහු උනොත් රා බත් වෙනවා. ඒ කියන්නෙ රා වෙනුවට මුට්ටි‍යේ ඉතුරු වෙන්නෙ බත් ඇට වගේ දෙයක්. ඒත් දැන් ගහට විදින්න කැස්පර් කියල එන්සයිම් එකක් එනවා. ඒකෙන් ඕනෙම ගහක මුලෙන් උනත් රා ගන්න පුලුවන්. බෙහෙත් බඳින්න ඕනෙත් නෑ. ඒ රා අර වගේ රසත් නෑ. සැරත් නෑ. ඒකයි දැන් කිතුල් රා හොඳ නෑ කියන්නෙ. ඒ ඉස්සර බීපු රා වල රස මතක් වෙද්දි මේ මොනාද කියලා හිතෙනවා බං. :(

      Delete
    3. මචං, සෝමේ මාමා මට හරි සරළ බෙහෙතක් කිව්වා මලට බඳින්න. මම ඒ විස්තර ටික ලියන්නම්.
      අර එන්සයිම ගැහුවම ගහ ඉක්මණට මැරිලා යනවලු බං. අපේ පැත්තේ උන් නිකමටවත් ඒවා ගහන්නේ නැහැ.
      මටනම් හොඳ රා බොන්න පුළුවන් ගං පළාතේ ගියාම.
      විකුනන්න නෙමෙයි බොන්න විතරක් හදන මිනිස්සු ගාව හොඳ රා තියෙනවා.

      Delete
  8. නියමයි.. මම එදත් කිව්වැහැ උඹ නං පුදුම වාසනාවන්තයි...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... එහෙම එකක් නැහැ බං.
      මම වෙන වෙන දේවල් කැප කරගෙන හරි මේ කියන ජාතියේ වාසනාවල් හොයාගෙන යනවා.
      ඕක මහ අමාරු දෙයක් නෙමෙයි. ලොකු වියදමක් නැතුව පාරේ බස් එකේ උනත් ගිහින් හොයාගෙන එන්න පුළුවන් දෙයක්...

      Delete
  9. ජීප්පෙක පට්ට ඈ.. ඒක දුන්නේ අපරාදේ.. නැන්දම්මයි හාමිනායි විනාඩි පහෙන් අනුර බාප්පගේ ජාතකේම හොයා ගත්ත එතකොට.. හැක් හැක්..
    කිතුල් රා කට්ටක් බීල (වැඩිය ගැඹුරු නැති..) දොල පාරකින් නාල සද්ද බද්ද අඩු තැනක දවසක් දෙකක් ගත කරන්ඩ පුදුම දොළ දුකක් තියෙන්නේ.. සැක්. මේ කෙහෙල්මල් රස්සා අතෑරල උඹේ අර කවියේ හිස්තැන් පුරෝගෙන නිධානයක්කත් හාරන්න යන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි..

    ReplyDelete
    Replies
    1. ඕකට පස්සේ ගත්තු ජීප් එක නිසා කාපු කටු සහ වෙච්ච පාඩුව මතක් වෙද්දී උඹට විතරක් නෙමේ මටත් කීප වතාවක්ම ඕක හිතිලා තියෙනවා.

      හපොයි ඔය ගෑණු උන්දලා ඉන්නවා නේද, ඔව්වට උපන්ගෙයි හපන්නු. හෙහ් හෙහ්...

      ///කිතුල් රා කට්ටක් බීල (වැඩිය ගැඹුරු නැති..) දොල පාරකින් නාල සද්ද බද්ද අඩු තැනක දවසක් දෙකක් ගත කරන්ඩ පුදුම දොළ දුකක් තියෙන්නේ.. සැක්. මේ කෙහෙල්මල් රස්සා අතෑරල උඹේ අර කවියේ හිස්තැන් පුරෝගෙන නිධානයක්කත් හාරන්න යන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි..///
      ඔය කියන සේරම වැඩ ටික කරන්න වැඩිය මහන්සි වෙන්න ඕනේ නැහැ, අපේ පැත්තේ වරෙන්.
      කවියේ ඉතුරු වචන ටිකත් මම දන්නවනේ, ඒකත් කියල දෙන්නම්.
      තැනත් දන්න නිසා තැන පෙන්නන්නත් පුළුවන්.
      කිතුල් රා බොන්න මලකුත් සෙට් කරලා දෙන්නම්.
      හැබැයි හාරන වැඩේ උඹ කර ගනින්...
      පොලිසියට අහු උනොත් උඹම බේර ගනින් ආයේ මාව ගාවගන්නේ නැතුව...

      ඔය අපි කරන රස්සාව තියෙනවා නේද , ඕක මොකක්ද කියල අපේ උන්ට හිතෙන්න පුළුවන් කිතුල් මල් කෝස් එක ගැන ඇහුවම.
      ඒක වහාම ලියනවා... අන්න රස්සා...

      Delete
  10. ඔය නිධන් සිද්ධි හරිම රසවත්......

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු, ඒක ඇත්ත.
      නමුත් ඕවා ගන්න ගිහින් මිනිස්සු හිරේ විලංගුවේ වැටෙන ඒවා, අතට ගත්තු එක කටට දාගන්න කලින් පොලිසියෙන් හරි වෙන බලවතෙක් ඒවා කොටා බාන ඒවා, ඕවා හොයා ගන්න මිනිස්සු කන කට්ට ඇහුවම ඕවයේ තියෙන රසවත් බව නැතිවෙලා යනවා මචං.
      පොලිසියෙන් අල්ලන්නේ නැත්නම් මම ගොඩක් ආස දෙයක් තමයි නිධානයක් හාරන එක වීඩියෝ කරන එක. ලොකු කුතුහලයක් තියෙනවා ඕක පියවරෙන් පියවර සිද්ධ වෙන හැටි දැකබලා ගන්න.

      Delete
  11. ලංකාවේ කොටියා නෑ නේද? මේ කියන්නේ දිවියා ගැන නේද? (leopard).
    දෑන් කාලේ නම් දන්නේ නෑ අපි පොඩි කාලේ අපේ වත්තටත් එනවා හරක්ව කන්න නම්. මම නම් දැකලා නෑ. ඒත් එයාලගේ කක්කා නම් දැකලා තියෙනවා. කකුල් හෙමත්.

    ලොකු පුතා මේ කියන්නේ සිංහරාජේට මායිම් වෙන ගමක් ගෑන නේද?

    ReplyDelete
    Replies
    1. Sri Lankan leopard කියන ලංකාවේ ඉන්න සතා ගේ විද්‍යාත්මක නාමය Panthera pardus kotiya.
      LTTE සංවිධානේ ලාංජනේ ඉන්නෙ ඉන්දියන් ව්‍යාඝ්‍රයා. අපි යම්කිසි වකවානුවක ඉන්දියන් ව්‍යාඝ්‍රයා ලාංජනය වෙච්ච LTTE එකට "කොටි" කියන නම වැරදියට භාවිතා කරන්න පටන් ගන්නවා.
      අන්න එතන ඉඳල අපේ මිනිස්සු අපේ රටේ ඉන්න leopard ට දිවියා කියන නම පමණක් භාවිතා කරන්න පුරුදු වෙනවා.

      ඊට පෙර මිනිස්සු පොදුවේ ඔය නම් දෙකම පාවිච්චි කරපු බව ජනවහර අනුව තේරුම් ගන්න පුළුවන්.
      කෙනෙක් තරහට (සමහර වෙලාවට ආදරේට පවා) "තෝව දීයා කාපිය", "තෝව කොටියා කාලත් මදිනේ මේ කරලා තියෙන වින්නැහියට" ආදී වශයෙන් භාවිතා කරපු බව දැක ගන්න පුළුවන්...

      නමුත් ඇත්තටම විද්‍යාත්මක නාමය අනුවත් ලංකාවේ ඉන්නේ "කොටියා". ඉරි ඉරි තියෙන ඉන්දියාවේ, බෙංගාලයේ සයිබීරියාවේ ඉන්න වර්ගය ව්‍යාඝ්‍රයෝ...
      ලංකාවේ දිවි වර්ග කීපයක් ඉන්නවා, උන් තමයි කොටියා ඇරෙන්න ලංකාවේ ඉන්න බළල් පවුලේ සාමාජික පිරිස.
      අඳුන් දිවියා, කොළ දිවියා සහ බළල් දිවියා කියන සත්තු කොට්ඨාශ.
      බළල් පවුලේ සාමාජිකයින්ට පොදු ජන වහරේ දීයා කියන නම භාවිතා කරන අවස්ථා දකින්නත් පුළුවන්.

      හරක්ව කන්න කොටි එනවා කියන්නේ Buru Babe ගේ ගෙවල් තියෙන්නේ වියළි කලාපයේ ද.
      මොකද තෙත් කලාපයේ ඒ ගැටළුව දකින්න අඩුයි.

      ///ලොකු පුතා මේ කියන්නේ සිංහරාජේට මායිම් වෙන ගමක් ගෑන නේද?/// හ්ම්ම්... හ්ම්ම්...

      Delete
  12. ලොකු පුත්තරයෝ මාරයි බං උඹට තියෙන අත්දැකීම්. අර වගේ මිනිස්සු ගතකරන ජීවිතය හිතා ගන්න බෑ නේද? ඉතිං බං ත්‍රී වීලර් එකකට 2500ක් දෙන්න ආදායමක් හොයනවද ඔය මාමා?

    අර ජීප් එක NISSAN PATROL එකක් නේද?

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද ලොකු පුතේ උඹ nature photograph ගන්නවා තරම්ම ආසාවෙන් මම වාහන වල photos ගන්න බව? උඹේ අර ජීප් එකේ පින්තූරෙට මම කැමතියි.

      Delete
    2. ඔය මනුස්සයාගේ ජීවිත කතාව මම ගොඩක් කෙටියෙන් ලිව්වේ. ඔය කැලේට ගිහින් පැලක් අටෝගෙන තේ ගස් ටිකක් වවාගෙන, දඩයමක් කරගෙන, කිතුල් ගහක් දෙකක් මැදගෙන ඉන්න ගත්තට පස්සේ ඔය මනුස්සයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නඩු දානවා.
      ඒ මනුස්සයව රිමාන්ඩ් කරලත් තිබ්බලු ඒ වැරැද්දට. හැබැයි අන්තිමේදී මම මැයි මාසේ එහෙ යද්දී මිනිහට උසාවි තීන්දුවක් ලැබිල තිබුනා එතැනින් අක්කර දෙකක කොටසක් බලපත්‍ර සහිතව දෙන්න ඕනේ කියලා.

      ///ඉතිං බං ත්‍රී වීලර් එකකට 2500ක් දෙන්න ආදායමක් හොයනවද ඔය මාමා?///
      කිතුල් මදින රස්සාවෙන් අපි උඹල හිතනවට වඩා ලොකු අදායමක් එනවා. මම ඒ ගැන ඉක්මණටම ලියන්නම්.
      මිනිහ එදා මගෙන් ඇහුවා ජීප් එකක් ගන්නවනම් ගන්න හොඳ මොන ජාතියේ එකක්ද කියලත්.

      ///අර ජීප් එක NISSAN PATROL එකක් නේද?///
      ඔව් ඔව්, උඹට මතක නැද්ද මම වතාවක් ලංකාවට නිවාඩු ආපු වෙලාවක කුමන ගියපු කතාව මතකද. අර ස්පෙයාර් වීල් එක නැතුව ගිය ගමන,
      ඒක ගියෙත් ඔය වාහනේනෙ.

      ///උඹ දන්නවද ලොකු පුතේ උඹ nature photograph ගන්නවා තරම්ම ආසාවෙන් මම වාහන වල photos ගන්න බව? උඹේ අර ජීප් එකේ පින්තූරෙට මම කැමතියි.///
      ඒකත් එහෙමද, වෙලාවක ඒ ගැන මොනා හරි ලියමු. ඒ පින්තුරෙට නම් මමත් කැමතියි.
      තව මතකද අපි කුමන ගිය වෙලාවේ ලොකු වතුර වැලකින් එගොඩ වෙන පින්තුරේ. ආන් එකටත් මම කැමතියි.
      උඹට මේ පින්තුර මොනාහරි ඕනෙනම් කියපන්...
      මගේ ඕනෙම පින්තුරයක් නිසි අවසරයකින් තොරවම ගන්න පුළුවන්... ;-)

      Delete
    3. ස්තුතියි ලොකු පුතා. මම අනුන්ගේ දේපල පාවිච්චි කරන්න හරි අකමැතියි. බ්ලොග් පෝස්ට් එකක වුනත් අනුන්ගෙ පින්තූරයක් දාන්නේ නොකරම බැරි වුනොත්. නමුත් උඹට ස්තුතියි.

      උඹ දන්නවද වාහනේක නියම පෙනුම එන්න ළඟට ගිහින් frame කරලා බැරි බව. ඒක තරමක් ඈත ඉඳන් zoom කරාම තමයි නියම හැඩේ එන්නේ. මම අත්දැකීමෙන්මයි ඉගෙන ගත්තේ.

      Delete
    4. මම එහෙම කිව්වේ මම දැන් ටික ටික පුළු පුළුවන් දේවල් අත අරින්න පුරුදු වෙන නිසා, ඒ කියන්නේ මම බණ භාවනා කරනවා කියන එක නෙමෙයි. ඒක හරි පහසුයි බං හැම මගුළෙම එල්ලිලා ඉන්නවට වඩා...

      මමත් ඉස්සර ෆොටෝ වල වෝටර් මාක් ගහලා හණ ගහල තමයි දැම්මේ, නමුත් අපි දාන ෆොටෝ එකක් කවුරුහරි මොනයම්ම හෝ ප්‍රයෝජනයක් ගන්න එක හොඳයි කියල පස්සේ කාලෙක හිතිච්ච නිසා ඒ වැඩේ අතඇරලා දැම්මා...

      මුකුත් ඕනේ නැහැ බං, වතාවක් අපි අහම්බෙන් දැකපු ටිකක් වෙනස් කුරුල්ලක්ගේ ෆොටෝ ගැහුවා. අනිත් උන් හිටියේ මට වඩා සීනියර් උන්. උන් ඒ කුරුල්ලව ඒ තරම් ගණන් ගත්තේ නැහැ. මම ඉතින් අහුවෙන ඕනේ මගුලක් ෆොටෝ ගහන නිසා අම්ම මෝ නැතුව උගේ ෆොටෝ ගැහුවා.
      ටික කාලයක් ගිහින් අරින් එකෙක් මට මේල් එකක් දාල තිබ්බා ඒ කුරුල්ලා ලංකාවේදී මුල් වතාවට දැකල තියෙන්නේ අපියි කියලා, ඒ වෙනුවෙන් පේපර් එකක් ලියනවා කියලා.
      මගෙන් ෆොටෝ එහෙමත් ඉල්ල ගත්තා. පේපර් එක ලියල මගේ නමත් දාල තිබුනා. මගේ නම දාල තිබුනේ එතන හිටපු විට්නස් එකක් විදිහට විතරයි.
      හැබැයි මම ගහපු පින්තුරයක් ඒකට දාල තිබුනේ වෙන එකෙක් ගහපු විදිහට. මැගසින් වගයකත් ඒ විදිහටම තමයි දාල තිබුනේ.
      අදටත් මම ඌ එක්ක හිතවත්, උන් පස්සේ කාලෙක මට කිව්වේ ඒක අත්වැරද්දක් කියලා.

      එදා අපි එක්ක ඒ ගමන ගියෙවත් නැති සීනියර් පොරක්ගේ නමක් එහෙමත් පේපර් එකේ මැගසින් එකේ ලියලා තිබුනා එතන හිටපු විදිහට. ඌත් පස්සේ කාලෙක මට කියනවා "ඔව් බන් එදා අපි දැකපු අර කුරුල්ල" කියලා...
      ඔහොම දේවල් මේ ෆීල්ඩ් එකේ හරියට වෙනවලූ...
      ඒ නිසා පුළුවන් දේවල් ටිකක් හරි අත්ඇරලා ඉන්න එක මේ හැම දේටම පහසුයි.

      ඔය ජීප් එකේ ෆොටෝ එක සෑහෙන දුරක ඉඳන් ටෙලි ලෙන්ස් එකකින් ගත්තු එකක්. එතකොට උඹ කියපු විදිහට දුර ඉඳලා zoom කරන ඉෆෙක්ට් එකම එනවා...
      එහෙම ගන්න ෆොටෝ වල පොඩි ගතියක් තියෙනවා තමයි...

      Delete
    5. ඩූඩ්,
      //ඉතිං බං ත්‍රී වීලර් එකකට 2500ක් දෙන්න ආදායමක් හොයනවද ඔය මාමා?//
      1.හොඳ කිතුල් පැණි බෝතලයක් රුපියල් හාරසීයක් විතර වෙනව.
      2.කිතුල් ගහෙන් ගන්න මීරා හෙවත් තෙලිජ්ජ හෙවත් තෙලිදිය බෝතල හයකින් පුළුවන් පැණි බෝතලයක් හදන්න.
      3.හොඳ දේශගුණයක් තියන (මේ කියන) පළාතෙ දවසට තුන් සැරයක් කිතුල කපන්න පුළුවන්.
      4.එක වරකට පොඩි කලයක් විතර තෙලිජ්ජ ගන්න පුළුවන්.
      5.හිතල බලපංකො කිතුල් ගස් හතර පහක් කැපුවොත් ගන්න පුළුවන් ආදායම!

      Delete
    6. ඒක තමයි රාජ් මමත් කිව්වේ අපි උඹල කරන රස්සා වලට වඩා සල්ලි හොයන්න පුළුවන් කියල මේ වැඩෙන්...
      සම්පුර්ණ විස්තරේ දාන්නම් පෝස්ට් එකකින්ම.
      සෝමේ මාමගේ වැයික්කියේ කිතුල් ගස් 3000 ක් විතර තියෙනවලු. මිනිහ කපන්නේ එයින් පහක් හයක් විතරයි කිව්වා.
      ඒ ගස් මාක් කරනවා වගේ දෙයක් කරලලු තියෙන්නේ, ඒ නිසා වෙන මිනිහෙක් එයාගේ ගස් වල මල් කපන්න එන්නේ නැහැල්ලු.

      Delete
  13. මීට කලින් මෙහෙ ඇවිල්ලා නැතුවද මන්දා. ඒ නිසා වහාම මගේ බ්ලොග් රෝලට දමාගත්තා. ඔබ මගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය ඔබේ බ්ලොග් රෝලට දමා ඇති බව දැක්කා. මා බ්ලොගර් අඩවියකුත් පවත්වාගෙන යනවා. http://wicharaka.blogspot.com

    බොහොම සිත්ගන්නා සුළු මාතෘකාවක්. පරිසර චාරිකා කියන්නේ. කවදාවත් එපා වෙන්නේ නැති දෙයක්. මේ ප්‍රදේශය කොහෙද කියා නොකිව්වත්, මෝහිනී ඇල්ල නිසා ඉඟියක් ලැබෙනවා.

    ඇත්තටම කළු කොටියෙක් ඉන්නවානම් ලෝකෙම හොල්ලන පින්තූර ගන්න පුළුවන් වෙයි. ඔබ අහලා ඇති, එවැනි සතකු පින්තූරයකට ගන්න, විවිධ උපක්‍රම සහ දීර්ඝ කාලයක් අවශ්‍ය වෙනවා. එවැනි පින්තූරටක් මිල කරන්න බැහැ. උත්සාහය අතහරින්න එපා. වනසත්ව ඡායාරූපවේදීන් සමග සාකච්ඡා කර බලන.

    ReplyDelete
    Replies
    1. මටත් මතක විදිහට විචාරක මේ පැත්තේ ඇවිත් නැද්ද කොහෙද තමා. බ්ලොගර් එකත් එල්ල ගන්නම්, ඒවත් එක්ක වැඩ කරන්න පහසුයි.
      ///මෝහිනී ඇල්ල නිසා ඉඟියක් ලැබෙනවා. /// දන්නෝ දනිති...

      ඔය කියන දිහාවේ කළු කොටියා ඉන්න එක ඉර හඳ වගේ ෂුවර්. වෙන රටවල් වලනම් සෑහෙන පින්තුර ගහපුවා තියෙනවා.
      අපේ රටේ තමයි තවම අවස්ථාවක් ලැබුනේ නැත්තේ.
      අනික ඔය ඝණ කැලෑවේ තනියම ඌ එනකල් රකින වැඩේ කරන්නත් ලේසි නැහැ.
      ලොකුම ගැටළුව තමයි ඒ ඉසව්වට යන්න තියෙන අමාරුව. මොන වාහනේ ගියත් එහාට ගියාම වෙනිවැල් ගැට බොන තරමට ඇඟපත රිදෙනවා.

      ///වනසත්ව ඡායාරූපවේදීන් සමග සාකච්ඡා කර බලන.///
      මම මේ ගමන යන්න සෑහෙන දෙනෙකුට කතා කලා. මේ වෙනකල් මාත් එක්ක යන්නවත් එකෙක් ආවේ නැහැ. පස්සේ මගේ යාළුවෙක් කැමරා ට්‍රැප් ටිකක් දෙන්නම් කිව්වා. ඒ ටිකවත් අටවන්න තමයි මම හිතාගෙන ඉන්නේ.
      දිරි ගැන්නුමට ස්තුතියි විචා...

      Delete
  14. කළු කොටි ලංකාවෙ ඉන්නවා කියලා ඇහුවමයි. පොටෝවක් වැටෙයිනෙ කවද හරි පඳුරු තලල ඉවර වුණාම.
    පළාපොළඟා මල් හතයි ඈ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං උඹ දැක්කේ නැද්ද පත්තර වල තිබුනා උගුල් වලට අහුවෙලා මැරිච්ච කළු කොටි තුන් දෙනෙක් ගැන විස්තර...
      ඒ ෆොටෝ එක වට්ටගන්න ලේසි නැහැ මචෝ...
      නමුත් උපරිම ට්‍රයි එක දෙනවා.

      ///පළාපොළඟා මල් හතයි ඈ... /// තැන්කු මචෝ...

      Delete
    2. ඔය කළු කොටියෙක්ගේ සංරක්ශනය කරපු සිරුරක් තියනවා මාදුරුඔය වනජීවී එකේ.දැන්නම් ඒක කෞතුකාගාරයක්ද කොහේද...

      Delete
    3. මුලින්ම අහු වෙච්ච එකාව ඔය දිහාවේ තියෙන කෞතුකාගාරයකට අරගෙන ගියා තමයි, හැබැයි මට මතක තිබ්බේ ඒ ගිරිතලේ කියල.
      කලින් අපිත් එක්ක බ්ලොග් ලියපු කෙනෙකුත් එතන වැඩ කලා, නමුත් දැන් කාලෙක ඉඳල ලියන්නේ නැහැ.

      ඒ ගිරිතලේ තමයි, මගේ මතකය හරි. මේ තියෙන්නේ ගාමිණි අයියා කළු කොටිය ගැන ලියපු ලිපිය.

      http://gaminievijith.blogspot.com/2012/05/18.html

      Delete
  15. ///වතාවක් මගේ යාළුවො දෙන්නෙක් අපේ පැත්තේ දිය ඇල්ලක නාන්න ගිහින් මළා.
    ඒ වෙලාවේ එකෙක්ගේ මිණිය හම්බ උනේ අඩි 120 ක් විතර ගැඹුරේ තිබිල කියලයි මාස්ටර් ඩයිවර් එකේ වතුරට බැහැපු දෙන්නා කිව්වේ. උන් ඒ වලට බැස්සෙත් ඉනේ කඹ ගැට ගහගෙන, ඒ වල තවත් ගැඹුරුයි කියලයි ඩයිවර්ස්ල දෙන්න අපිත් එක්ක කිව්වේ.//

    මෙචචර ගැඹුර තැනක්? ඔය කියන තරම් ගැඹුර නම් මේක මීට වැඩිය ප්‍රසිද්ධ වෙන්න ඕනනෙ බං? මම නං අහල නෑ රට අභ්‍යන්තර තැනක ඔච්චර ගැඹුර වලක් ගැන?

    ReplyDelete
    Replies
    1. දියඇලි වැටෙන තැන්වල මේ වගේ ගැඹුරු වලවල් තියෙනවා බන්. මේ කියන වල ගොඩක් ප්‍රසිද්ධයි. උඹ අහලත් ඇති.
      මාකෙළි ඇල්ල කියන දිය ඇල්ල අහල තියෙනවද. අන්න ඒක වැටෙන තැන තියෙන වල තමයි ඔය...

      Delete
    2. හරියට ගැඹුර කියන්න දන්නේ නැතිවුනත් ඒවගේ වලවල් තියනවා දැකලා තියනවා.දැරණියගල පැත්තත් ඒවගේ වලවල් වලට ප්‍රසිද්ධයි.ඇත්ත බොරු කොහොම වෙතත් ඒ ප්‍රදේශවාසීන්ගේ කතා අනූව ඒ වලවල්වල අඩි 4-5 වඩා වැඩි මාලුත් ඉන්නවළු.

      Delete
    3. වතුර පාර සැර දිය පහරවල් වල ඒ වගේ වලවල් හෑරෙන්න පුළුවන්. පොඩි පොඩි ගල්ගෙඩි වතුර පාරේ සැරට ඩ්‍රිල් කරනවා වගේ කැරකෙද්දී ඔය වලවල් වල ගැඹුර වැඩි වෙන බවක් මම අහල තියෙනවා.

      මාළු කතාව ඇත්ත වෙන්න ඕනේ මචං. ගඟරා කියන මාළුවා සෑහෙන ප්‍රමාණයකට ලොකු වෙන මාළුවෙක්. ආඳා උනත් අඩි 4 ක් 5 ක් දිගට වැඩෙන්න පුළුවන්...

      Delete
    4. කිතුල්ගල පැත්තෙ ඔහොම වලක් තියනවලු ...
      ගමේ කට්ටිය කියන්නෙ හැතැම්මෙ වල කියලලු ...
      ඒ කියන්නෙ ඒක හැතැම්මක් විතර ගැඹුරුයි කියලලු ...
      හැතැම්මක් කෙසේ වෙතත් මීටර් 200ක් වත් ගැඹුරු ඇති .... කොයි වෙලාවෙ බැලුවත් තඩි සුලියක් කැරකෙනව... බලන්ඩ බයයි ....

      Delete
    5. ඇනෝ,
      කිතුල්ගල තියෙන්නෙ කටාරම්ද කොහෙද. නම හරියට මතක නෑ. අපි ගිහිල්ල නෑව. ලොකුපුතා කියපු විදියෙ පරිසරයක තමයි තියෙන්නෙ. බැහැල නාන්න පුළුවන් ‍තරම් ගැඹුරට හෑරුනු වලවල් තියනව. අපි වරුවක් විතර නෑව දවසක්.

      Delete
    6. ඔය කටාරම් ටයිප් එකේ වලවල් විතරක් නෙමෙයි, දිය ඇලි වැටෙන වලවලුත් එන්න එන්න ගැඹුර වැඩි වෙනවා.
      අර වලේ ගැඹුර බලන්න ක්‍රමයකුත් අරගෙනම යන්න උනානම් හොඳයි.
      නමුත් නුල් පන්දු සහ බරු ක්‍රමය සාර්ථක මදි නේද දිය සුළි කැරකෙන තැන් වලට.

      ///බැහැල නාන්න පුළුවන් ‍තරම් ගැඹුරට හෑරුනු වලවල් තියනව. අපි වරුවක් විතර නෑව දවසක්.///
      අපේ බැච් එකේ උන් ඔක්කොම හතර දෙනෙක් මළා දියේ ගිලිලා, එතනින් පස්සේ මම ලොකු වතුර පාරවල් වලට බහිනවා අඩුයි.

      පීනන්න දන්නවනම් ගැඹුර ලොකු ගැටළුවක් නෙමෙයි. නමුත් හොඳට පීනන්න බැරිනම් අඩිය ගහන්න යන්න නරකයි.
      ඒ වගේම සුළි කැරකෙනවානම් පළාතක යන්න හොඳ නැහැ.

      Delete
    7. පීනන්න දැනගත්තත් නොදන්නා පලාත්වල බහින්න නරකයි. පාරක් මම නොගැඹුරු කවුරුත් නාන ඉසව්වක බැහැල... කොටින්ම මාව මැරෙන්න ගියා. ( අපරාදේ කියල කිව්වොත් තලනවා කට!)

      Delete
    8. ලොකු,මාකෙළි ඇල්ලේ අපි නාන්නත් ගිහින් තියෙනවානේ.
      ඇත්තටම මාකෙළි ඇල්ල පටන් ගන්නේ කොහෙන්ද?දැන් ඔය වලට වැටෙන වතුර එතනින් එහාට යන්නේ කොහාටද?

      Delete
    9. @ උපේක්ෂා ;
      ඔහොම කොන්දේසි දාල බැහැ බං මේ වැඩේ කරන්න. මාවත් වතාවක් ගිලෙන්න ගිහින් තියෙනවා අපේ පන්තියේ එකෙක්ව බේරගන්න ගිහින්.
      ඌ මගේ බෙල්ලේ එල්ලුනා, වෙලාව කියන්නේ එතන ගැඹුර ඕනෙනම් අඩි 8 ක් වගේ ඇති. මම ඌත් එක්කම යට ගිහින් පොළවට අඩිය තියලා ඌව උඩට විසික්ක කලා.
      අනිත් එවුන් ඌව ඇදලා ගත්තා. එතනින් පස්සේ මම අද වෙනකල් කාවවත් බේරගන්න ගිහින් නැහැ. එහෙම අවස්තාවක් උදා වෙලත් නැහැ.

      Delete
    10. @ Manoj Fernando
      ඔව් මචං, මම ඔය පාරවල් කිසි දෙයක් නැති කාලේ ඔය දිය අල්ල බලන්න ගියා අයිය කෙනෙකුයි තව අපේ මලයා ඇතුළු අච්චෝ බැච්චෝ ටිකකුයි එක්ක. මම එතකොට හතේ.
      මෝල්කාව හන්දියේ ඉඳලා යන්න ඕනේ පයින්. අපි දිය ඇල්ලෙන් උඩ ඉඳගෙන පාන් කාල වතුර බිව්වෙත් ඇල්ලෙන්මයි.
      ඇල්ල බලන්න පහළට බහින්න හරි හමන් විදිහක් තිබ්බෙත් නැහැ. ගස් වල එල්ලිලා පහලට බැහැල ඔය කියන වලේ ගැඹුර අඩු හරියේ නැවත් එක්ක.
      එතකොට මම හතේ පන්තියේද කොහෙද. ඇඳුම් අරගෙන ගියේ නැති නිසා පොඩි එවුන් වෙච්ච අපි නැවේ උපන් ඇඳුමෙන්.

      මාකෙළි ඇල්ල පටන් ගන්නේ ඒ කිට්ටුව තියෙන කෙළින්කන්ද අවටින් පටන් ගන්න පොඩි පොඩි දිය පහරවල් එකතුවෙලා.
      මාකෙලි ඇල්ලේ වතුර යකා වංගුව ගාවදි කුකුළේ ගඟට වැටෙනවා. එතනදීම තමයි විදුලි බලාගාරෙන් එළියට එන වතුරත් ආපහු කුකුළේ ගඟට වැටෙන්නේ. කකුලේ ගඟට අතරමගදී මගුර ගඟ එකතු වෙනවා.
      ඊට පස්සේ කුකුළේ ගඟ ගිහින් කළු ගඟට වැටෙනවා හොරණ ආසන්නයේදී. එතනට වෙන්න ඕනේ තුන්මෝදර කියන්නේ.

      Delete
    11. ලොකු පුතා:
      මම ඒ ගිලිච්ච මොහොත මට අද වගේ මතකයි. හැම තත්පරයක්ම මතකයි. මම ඒ වෙලාවේ කිසිම දෙයක එල්ලුනේ නැහැ. දැඟලුවේ නැහැ. බය හිතුනෙත් නැහැ. දැනටත් බයක් දැනෙන්නෙත් නැහැ. නමුත් බලාගෙන හිටපු හැමෝම බය උනා. තාමත් මට ඒක සිනාවක් ගේන සිද්ධියක්. මගේ කකුල බිම වැදුනේ නැහැ කොහොමවත්ම. ඒ තරම් ගැඹුරක් තිබ්බ එතන. සාමාන්‍ය ගැඹුරක් තිබ්බේ අනික් හැම තැනම. මම හිතන්නේ මාව ලොකු ගල් දෙබුක්කාවක් ඇතුලට තමයි ඇදිලා ගියේ.
      මාවත් බේරාගත්තේ උඩට විසිකර තමයි.

      පීනන්න දැනගෙන හිටපු , කොටින්ම පිහිනිමෙහි ඇති දක්ෂ උදවිය මම ගිලිලා මැරිලා තියෙන බව අහල තියෙනවා. ගොඩක් දුරට ඔහොම වෙන්නේ යහළුවන්ට වැඩ පෙන්න්නට යන්න ගිහින්. කොහොමත් ලිපියේ අනිල් දේවල් ඉදිරියට ලියමු.

      Delete
  16. නියමයිනේ... මගේත් හිත් ගියේ අර පළා පොළගාගෙ පින්තූරෙට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි ළමයෝ...
      නියම හරිය තාම ආවේ නැහැ, තව ටික දොහකින් ලියනවා ආයේ කතා දෙකක් නැහැ.
      වෙනදට වඩා ඉක්මණින් පෝස්ට් දාන්න මම එක හිතින් හිතාගෙන ඉන්නේ... :)

      Delete
  17. ඔය වගේ තැනකට යනකොට අපිවත් එක්ක පලකො, ලොක්ක උඹට ඉරිසියාකාරයො නෑ නේද ? ඒක හින්ද මගෙ නම මතක තියා ගනිං.
    අර නිසාන් පෙට්‍රල් එක දකිනකොට දුකයි බං, පට්ට වාහනේ .

    ReplyDelete
    Replies
    1. යන්න ඕනෙනම් මම අගෝස්තු 15 සෙනසුරාද වරුවෙන් ගෙදර ගිහින් 18 වෙනිදා වෙනකල් ඉන්නේ ඒ පළාතේ. එනවනම් වරෙන්...
      ඔය දවස් වලින් එකක මම අනිවා යනවා අර වල බලන්න.
      ඔන්න ආයේ කියන්න එපා කිව්වේ නැහැ කියලා.
      දැන් ලිස්ට් එකෙන් නම අහක් කර ගනින්.

      ///අර නිසාන් පෙට්‍රල් එක දකිනකොට දුකයි බං, පට්ට වාහනේ .///
      මටත් අර ලෑන්ඩ්රෝවර් බඩකඩිත්තුව දීපු කරදර මතක් වෙනකොට හැමදාම මේක මතක් වෙනවා...
      හැබැයි ඉතින් ඌවත් මම හොඳට හදාගෙන තත්ත්වෙකට ගෙනල්ල තමයි විකිණුවේ,
      ගත්තු එකා ආපහු කෝල් එකක් දුන්නෙත් නැහැ කියන්නේ ඌ අවුලක් නැතුව ඒක පදිනවා ඇති.

      Delete
  18. / දවල් අතේ පොඩි පහේ ඔපරේසමකට යන්න හිටියට ඒකත් කැන්සල් උනා. /

    මොකෝ මල්ලි අතේ කේස් එක? ලොකු අප්සැට් එකක් නෙවෙයි නේද?

    කෝකටත් විජැහින් ඔපරේසම කරගනින්..දෙකමයි නෙව තියෙන්නෙත්...:)

    නිදන් කතා ඇත්ත කියලයි මගෙත් අදහස..මම අනුරාධපුරේ ඉන්දැද්දි ඔය ගැන පොඩ්ඩක් විතර උඅනන්දුවෙන් හොයා බැලුව...

    ReplyDelete
    Replies
    1. ඕකත් හරියට අර "මරන්න එපා. නිදහස් කරන්න" කියල ටෙලිග්‍රෑම් එකක් ගහපු සිද්ධිය වගේ තමයි.
      එහා පැත්තේ ෆෝන් එකෙන් අහගෙන ලියපු කෙනා "මරන්න. එපා නිදහස් කරන්න" කියල ලියපු එකෙන් වැඩේ කචල් උනාලුනේ.
      මෙතන තිතක් නැති උනත් ඒ වගේ පොඩි සමාන කම තියෙනවා වගේ. ඇත්තටම අර එහා පැත්තේ ඉඳලා ෆෝන් කෝල් එක අහගෙන ටෙලිග්‍රෑම් එක ලිව්වේ උඹවත්ද රවී අයියේ...

      ඔපරේසම කරන්න හිටියේ අතේ නෙමෙයි බොලව්, කකුලේ. තාම ඒක කෙරුනේ නැහැ. ඔන්න ඉතින් අපේ වැඩවල හැටි සොබාව...

      නිධන් කතා ඇත්ත නෙමෙයිනම් අපේ පැත්තේ සභාවේ ලොකු එකා හයිබ්‍රිඩ් එකයි, ප්‍රාඩෝ එකයි ගෙනාවේ කොහොමද. හන්දියේ කඩ හතරක මුදලාලි ගොල්ලෝ එක රැයෙන් දුයුණු වෙලා ශ්‍රද්ධාව පහලවෙලා පන්සලේ පත සයිස් බුදු පිළිමයක්(අඩි 50 ක් 60 ක් උස) හැදුවේ මක්කටද.
      මම දන්න එවුන් සෙට් එකක් නිධානෙකින් ලැබිච්ච රත්තරං බුදු පිළිමයක් විකුණන්න ගිහින් පොලිසියට මාට්ටු උනාට පස්සේ ඒක වෙන පිළිමෙකට මාරු කරලා උසාවියේදී මුන්ව පොඩි දඩයක් ගහල බේරලා එව්වේ ඇයි.

      දැනට තියෙන තත්ත්වේ අනුව අන්ඩාපුරේ පැත්තට වඩා අපේ කලාපේ නිධන් වැඩියි කියල මට හිතෙනවා...

      Delete
  19. කොතනින් කොමෙන්ට් කරන්ඩ පටන් ගන්නද මන්දා ..
    කලු කොටි හමක් තියනවලු සඳරුවගෙ සීයගෙ ගෙදර අහල බලපං කොහොමද හම්බ උනේ කියල ...
    මට නං පලා පොලඟ තමා ලංකාවෙ ඉන්න ලස්සනම සරුපය ....
    පොටෝ එක ටිකක් ඕවර් ගිහිං වගේ .. ලයිට් රූම් ටිකක් අතුල්ලල ගත්ත නං හරි .....
    නිදං නං ඕනෙ නෑ .. සජිත්ට නං ඇමරිකා ගිහින් බාගෙට හරි සනීප කොරං එන්න පුලුවං උනා ... අපිට උනා නං තාම කොන්ද පන නෑ ....
    අනේ උඹ ඔය කොහෙ හරි යනකොට අපිවත් එක්ක යමං ...
    කිතුල් රා බිව්ව කාලයක් මතක නෑ .....

    ReplyDelete
    Replies
    1. මෙන්න බලපන් පුරවපු කළු කොටියෙක්...

      http://gaminievijith.blogspot.com/2012/05/18.html

      සඳරුවට කෝල් එකක් දෙන්නත් බැරි උනා කාලෙකින්. මචං මටනම් වැඩිය ලස්සන තඩි පොළොන්ඟු, පිඹුරු පැටව් එහෙම තමයි.
      පළා පොළඟත් වරදක් නැහැ, නමුත් උන්ව කොළ පාට පසුබිමේ හරියට කැපිල පේන්නේ නැති නිසාද මන්ද මම ඌට අංක එක දෙන්නේ නැත්තේ.

      ෆොටෝ එක අතඇරලා දාපන්, ඕක ගොඩ ගන්න මහන්සි වෙන එක අපරාදේ.

      සජිත් ගොයියට එහෙම අලකලංචියකුත් උනාද, මට ඒක මතක නැහැනේ බං.

      ///අනේ උඹ ඔය කොහෙ හරි යනකොට අපිවත් එක්ක යමං ...
      කිතුල් රා බිව්ව කාලයක් මතක නෑ .....///
      වෙලාවක යමල්ලා අපේ පැත්තේ, මම කිතුල් රා ටිකක් සෙට් කරලම කතා කරන්නම්.

      Delete
  20. අපේ එහා ගෙදර තිබුන කිතුලක් අපි පොඩිකාලේ ඒ ගෙදර මාමයි අපේ තාත්තයි එකතුවෙලා මැද්දා. (මම එක වසරෙදි විතර ).පලවෙනි තෙලිජ්ජ ටික දීලා තියෙන්නේ මට පොඩි එකා නිසා.පොඩි එකාගේ පොඩිකමට ඒ වීදුරුවම බීලා තවත් ඉල්ලලා.

    අර වල බලන්න යන වෙලාවක අර නේවි කාරයවත් එක්ක ගොහින් ඕකේ ගිල්ලවපන්කෝ...

    ReplyDelete
    Replies
    1. ///පොඩි එකාගේ පොඩිකමට ඒ වීදුරුවම බීලා තවත් ඉල්ලලා. ///
      පොඩි කාලේ එහෙම ඉන්න ඇති කියල එදා හැලපයියගේ ගෙදරදී තේරුණා... ;)
      අපේ ගෙදරට එහා ගෙදර ඉස්සර ඉඳල කිතුල් කැපුවා. ඒත් අපිට ආසාවට ටිකක් තොළ ගාන්න ලැබිල නැහැ.

      ///අර වල බලන්න යන වෙලාවක අර නේවි කාරයවත් එක්ක ගොහින් ඕකේ ගිල්ලවපන්කෝ...///
      ඕකව ඒ වලට දාල වැඩක් නැහැ බං, දැන් ඌව වතුරේ ගිලෙන්නේ නැහැල්ලු උඩ පාවෙනවලු...
      ඔන්න ඇල්කොහොල් වල වගේනම් ඝණත්වය අඩු නිසා ගිලෙයි.
      ඒත් ඉතින් ඌව ගිල්ලන්න තරම් ඇල්කොහොල් සල්ලි දීල ගන්නවට වඩා අපිට, සමාජෙට කොච්චර හානියක් උනත් ඔන්න ඔහේ ඉන්න අරිමු.

      Delete
  21. අපුරුයි ලොකු,
    නිධන් ගැන කියනකොට මට මතක් වෙන්නේ කුලසේන ෆොන්සේකා මහත්තයාගේ "තුන්යහළු වික්‍රමය" පොත.
    සමාජයට,පරිසරයට,සංස්කෘතියට හානියක් නොකර නිධන් අරන් දියුණු වෙන්න පුළුවන් නම් එකේ අවුලක් නැහැ කියන එකයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. මමත් පපුවේ බිත්තර තම්බ තම්බ බලපු පොතක් තමයි තුන් යහළු වික්‍රමය පොත. නිසි වයසේදී බැලිය යුතු පොතක් ඒක. ගොඩක් ලොකු උනාම ඒ පොතේ අගේ අඩු වෙනවා කියල හැඟීමක් මට තියෙනවා.
      නිධන් සම්බන්ධව මගෙත් තියෙන්නේ උඹේ වගේම ලිහිල් ප්‍රතිපත්තියක්. හැකිනම් එය රජයේ හෝ පුරා විද්‍යා අනුග්‍රහයක් යටතේ රජයටත් කොටසක් යන පරිදි සිදු කරන්න පුළුවන්නම් වඩා හොඳයි කියන අදහසක මමත් ඉන්නවා.

      Delete
  22. කතාව හරිම සිත්ගන්නා සුළුයි.ගොඩාක් විස්තර තිබ්බට වැඩියම මගේ හිත ගියෙ නැන්දම්මා සහ හාමිනේ විස්තර හොයාගන්න දැක්වූ දක්ෂතාවටයි.මටත් මනුස්සයෙක්ගෙන් කිසිම පුද්ගලික විස්තරයක් අහන්නට ඇත්තේ හරිම අකමැත්තක්.උඹට කියන්න මේ ලඟදි මම අපේ හිතවත් කට්ටියක් එක්ක මෙහෙ ට්‍රිප් එකක් ගියා.මම ගියෙ ඒ අයගෙ යාළුවෙකුගෙ වාහනේ.ගමන යනකල් ඌ මගේ, බිරිඳගේ සහ අපේ හත්මුතු පරම්පරාවෙම විස්තර ඇහුවා.ඒ පුද්ගලයා ගැන මට හරිම පිළිකුලක් දැනුනා.ආයෙම ඌ යන කිසිම ගමනක් නොයන්නට මම එදාම තීරණය කළා.මගේ යාළුවට මම ඔය විස්තරේ කියල ඌ ඇහුවෙ නැත්තෙ අපේ ආච්චිගෙ හොර මිනිහගෙ නම විතරයි කියල කිව්වා.

    ReplyDelete
    Replies
    1. ///මගේ හිත ගියෙ නැන්දම්මා සහ හාමිනේ විස්තර හොයාගන්න දැක්වූ දක්ෂතාවටයි.///
      ඒවා ඇවිල්ලා හැලපෙ අයිය කිව්වා වගේ ඔඩ් විදිහට නෙමෙයි උන්දලා දෙන්න කලේ, අනික ගැහෙ කටු උල් කරන්න ඕනෙද කියන්නෑහේ ඔය සමහර ගෑණු උදවියගේ තියෙන සුවිශේෂ දක්ෂතාවයක්ලුනේ ඕක.
      උඹට කියන්න හැලපෙ අයියේ මගෙත් එක්ක කැලේ යන යාළුවෙක් ඉන්නවා, අපිට වඩා ගොඩක් සීනියර් පොරක්. 2005/6 වගේ ඉඳල අපි ඉඳල හිටලා හරි කොහේහරි ගමනකදී සෙට් වෙනවා. කැලේ කොලේ එකට උයා පිහාගෙන කාල දවස් ගණන් ඉඳල තියෙනවා.
      ඒත් මම අදටත් දන්නේ නැහැ ඌ කසාද බැඳලද ළමයි බමයි ඉන්නවද කියන එකවත්.
      ඌ කවදාවත් උගේ පෞද්ගලික ජීවිතේ අපිත් එක්ක මික්ස් කරගෙන නැති නිසා තමයි අපි ඒ සරළ කාරණේවත් දන්නේ නැත්තේ.
      හැබැයි ඌ මගේ පවුලේ විස්තර හොඳට දන්නවා විතරක් නෙමෙයි මම හරහා මගේ හාමිනේගේත් හොඳ මිත්‍රයෙක් වෙලයි ඉන්නේ.

      ඔය කියන වරිගයේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක මේ ළඟදී අපේ ගමේ යන්න සෙට් උනා. පැයක දෙකක ගමනක්. ඌත් මගෙන් ඇහුවේ නැත්තේ ඔය කිව්වා වගේ බොහොම සුළු සුළු කාරණා ටිකක් විතරයි...

      Delete
  23. ලොකු පුතා...කථාව මසුරං..කුතුහලය ඇවිස්සිලා තියෙද්දි තමයි උඹ දෙකට කැඩුවෙ. ඊලග කොටසත් කියවන්න ආසාවෙන් බලා ඉන්නවා...අර ජීප්පුව වික්කද...ලස්සන වාහනේ බොල....

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි මචෝ...
      ඉතිරිය අද දානවා.
      ඒ ජීප් එක විකුණුවේ 2012 දී මචං, ඇත්තටම වයසේ හැටියට ලොකු කරදරයක් නොදීපු වාහනයක්...

      Delete
  24. මචන්. මටත් ආසයි පෝස්ට් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් එකක් දැනටමත් හදාගෙන තියෙන එකේ ලියමු, අපි සපෝට් එකක් දෙන්නම්...
      ඉක්මණට පටන් ගන්න...

      Delete
  25. මචන්. මටත් ආසයි පෝස්ට් ලියන්න.

    ReplyDelete