අන්තිමට මේ විදිහට කීප වතාවක් ඉසුරුපායේ රස්තියාදු උනාට පස්සේ මට අපේ ගමට කිට්ටුවෙන් තියෙන අධ්‍යාපනයට ගොඩක් හොඳ බව කියවෙන ගෙදර ඉඳලම යන්න පුළුවන් ඉස්කෝලයක් ලැබුනා.
චුටි අක්කගේ අඩිපාරේ ගිහිං කොළඹ ඉස්කෝලෙකට යන්න ඕනේ වෙච්ච මට මේ ඉස්කෝල ගැන මුලින් කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් මේ ඉස්කෝලෙට ආවට පස්සේ මම තේරුම් ගත්තා මේ තමයි මට ගැලපෙනම තැන කියලා.
අර ඉස්කෝලෙන් අර බෝඩිමෙන් මිදිලා ආපහු ගමට, ගමේකම තියෙන ළමයි අතරට එන්න ලැබිච්ච එක ගැන මට පුදුම සතුටක් දැනුනේ.
එදා මුලින්ම මාව ඉස්කෝලෙට බාර දීපු දවසේ අම්මත් අපේ පන්තිය ගාව හිටියා හවස්වෙනකල්. එදා අපේ පන්තියේ සමිතියේදී ළමයින් දක්වපු දක්ෂතා දැකල අම්මටත් ගොඩක් සතුටුයි. අම්ම එදා හවස්වෙනකල් මම එනකල් හිටියේ මම මීට කලින් බස් එකේ තනියම ගිහිං නැති නිසා.
ඊට පහුවෙනිදා ඉඳල මම තනියම ඉස්කෝල ගමන පටන් ගත්තා වගේම ඒ ඉස්කෝලේ වටිනා සිහිවටන ගොඩක් මගේ ජීවිතේට එකතු කලා.
මම කලින් පෝස්ට් වල ලියපු හොරෙන් නාන්න යන ඇළ එහෙමත් තියෙන්නේ මේ ඉස්කෝලේ ගාව තමයි. අන්තිමට මම උසස්පෙළ කලෙත් මේ ඉස්කෝලේමයි.
ගුරුවරු සම්බන්ධව මට තියෙන අඳුරු මතකයන් මෙතනින් නිමා වෙන්නේ නැහැ. ඒ කතාවල් බ්ලොග් එකේ දානවද නැද්ද කියන දෙගිඩියාවක තමයි මම තාමත් ඉන්නේ. බලමු ඉස්සරහට....
...............................................................................................................
දැන් මේ කියන්න හදන්නේ 2005 වසරේදී වෙච්ච සිද්ධියක්......
මේ වෙද්දී මම උසස් අධ්‍යාපනය ලබනවා, ඒ කාලේ මට කැම්පස් එකේ ඉඳල ගෙදර යන්න එන්න බයික් එකක් අරගෙන දීල තිබුන අපේ අම්මල.
එක දවසක් මම අහම්බෙන් වගේ මගේ බයික් එකේ නැගල ඔය පැත්තෙන් ගියා. මම පිටකෝට්ටේ හිටියේ 1991 දිනේ. 2005 වෙද්දී ඒ පැත්ත මට මතක තිබුනට වැඩිය ගොඩාක් වෙනස්වෙලා. රජමහා විහාරයට හැරෙන තැනම පල්ලියකුත් හදලා. ඒ දවස්වල එතන හිස් ඉඩමක්ද කොහෙද තිබුනේ.
මට එක පාරට හිතුන අර ගෙදරට ගිහිං එන්න. ඒ ගෙදරට යන පුංචි පාර හොයා ගන්නත් බැරි උනා එක පාරටම. මම ඒ ළඟ තිබුන කඩෙන් ඇහුවා "සුනිල්රත්න" මහත්තයලගේ ගෙදරට යන්නේ කොතනින්ද කියලා. ඒ මනුස්සය කිව්වා එහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා "අර ඉසිපතනෙ වැඩ කරපු කෙනා" කියලා. ඒත් එයා දන්නේ නැහැ කිව්වා. අන්තිමට මම මට මතක විදිහට හරියි කියල හිතුන බොහොම වල් වැදිච්ච පාරකින් පහළට බැස්සා. එහෙට යන්න කලින් ඒ කඩෙන්ම කේක් ගෙඩියකුත් ගන්න මම අමතක කලේ නැහැ.
හරි එතන තමයි ගේ,,,,
ඒ ගෙදර ඉස්සර තිබ්බ පෙනුම දැන් නැහැ, ටිකක් පරණවෙලා ජරාවාස වෙලා වගේ ගතියක් තමයි මට දැනුනේ.
මම යද්දී අක්ක ගේ ඉස්සරහ ඉඳගෙන පොඩි එව්වෝ දෙන්නෙකුට කෑම කවනවා. මට මතක විදිහට එතන හිටියේ කෙළි පොඩ්ඩෝ දෙන්නෙක්ද කොහෙද, අක්ක තරුණ කාලේ මුණුවර තිබ්බ ඒ ළමයින්ගේ. අක්කනම් ඒ වෙද්දී තරමක් වයස පාටයි.
මම කවුද කියල අක්ක මුලින් අඳුනගත්තෙ නැහැ. ඉතින් මම කවුද කියල මමම අඳුන්වල දුන්නා, ඊට පස්සේ එයා සර්ට කතා කලා.
මෙන්න අර ඉස්සර අපේ ගෙදර නතරවෙලා හිටපු xxx ඇවිත් කියලා. සර් ඇවිත් මට ගේ ඇතුළට කතා කලා. මම ඉතින් සර් එක්ක ගේ ඇතුළට ගිහිං වාඩිවෙලා තේ එකක් එහෙම බොන ගමන් විස්තර කතා කලා. එයත් මගේ විස්තර ඇහුවා. මම කිව්වා මම දැන් කැම්පස් එකේ ඉගෙන ගන්නවා, තව මාස කීපෙකින් කෝස් එක ඉවරයි කියලත් කිව්වා. එයානම් දැන් හිටපු ඉස්කෝලෙන් අස්වෙලා අධ්‍යාපන කාර්යාලයේ කිව්වා වැඩ කරන්නේ. උදව්වක් ඕනෙනං කියන්න කිව්වා.
දැන් මොකටද උදව්...
මම එහෙම කිව්වේ නැහැ, හිතුනා විතරයි.
කොහොම උනත් අක්කනම් මගෙත් එක්ක වැඩිය කතා කරන්න ආවේ නැහැ, ටිකක් ලජාවෙන් වගේ තමයි එයා හිටියේ.
සමහරවිට ළමයි ලැබුනට පස්සේ අක්කල ජිවිතේ තේරුම් ගත්ත වෙන්නත් පුළුවන්. හැබැයි සර්ගේ මුණේ එදා වෙද්දීත් මම අර කපටි පෙනුම එහෙම්මම තියෙනවා කියල දැක්කා. කාලයත් එක්ක එයාගෙනම් වෙනසක් වෙලා නැහැ වගේ. ඉස්සර ඉඳලම බාගෙට තට්ටේ පෑදිලා තිබ්බ ඔළුගෙඩියේ මුදුන හරියේ තට්ටේ වහගන්න වවාගෙන හිටිය දිගු කෙහෙරැලි ටික ඒ විදිහටම තිබුනා.
එයාලගේ ළමයි එයාලගේ වයසත් එක්ක බැලුවහම ගොඩක් පොඩියි කියල මට හිතුනා. මම හිතන්නේ මේ ළමයි ලැබෙන්න ඇත්තේ ගොඩක් පස්සේ කාලෙක වෙන්න ඇති.
අන්තිමට මම අංකල් ගැනයි ඇන්ටි ගැනයි ඇහුවා. ඇන්ටි දැන් ටික කාලෙකට කලින් නැති උනාලු. අංකල් නම් බොහොම වයසට ගිහිං කන්දෙක ඇහෙන්නෙත් නැහැ. කාවවත් අඳුනගන්නත් බැහැ.
එයාට මාව අඳුන්වල දෙන්න හැදුවට හරිගියේ නැහැ.
දැන් ඒ ගෙදර වැඩකාරියෙකුත් නැහැ. මම ඒ ගැන අහන්න ගියෙත් නැහැ.
කොහොම නමුත් මම සර්ලගෙ ගෙදර ගියේ එයාලට රිද්දන්න හිතාගෙන නෙමෙයි. මම කැමතියි අතීතයේ සැරිසරන්න. ඒ වගේම මම කලින් ගෙවපු ජීවිතේකට එක පාරටම එබිලා බලන්න. ඒක මගේ එක පුරුද්දක්.
මේ වගේ කාලයක් තිස්සේ මග ඇරිච්ච ජිවිත එක පාරට හමු උනාම කලින් කොයි තරම් ප්‍රශ්න තිබුනත් මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා.
ඒ නිසා වෙන්න ඇති මට ලේසියෙන් කා එක්කවත් එක දිගට තරහවෙලා ඉන්න අමාරු.
මේ විදිහට මගේ ජිවිතයේ අවුරුද්දක් වැනි කෙටි කාල පරිච්ජේදෙකදී හමුවෙච්ච එක්තරා චරිත කිහිපයක් සම්බන්ධව මගේ හිතේ තැන්පත් වෙච්ච මතකයන් මෙතනින් නිමා වෙනවා.
මාත් එක්ක මෙච්චර දවස් රැඳී ඉඳල මගේ ඉස්කෝලෙ කාලේ 6 වසරේදී මම විඳපු බොහොම අපූරු සහ දුක්බර මතකයන් කියවපු කමෙන්ට් කරපු ඔබ හැමටම බොහොම ස්තුතියි.
චුටි අක්කගේ අඩිපාරේ ගිහිං කොළඹ ඉස්කෝලෙකට යන්න ඕනේ වෙච්ච මට මේ ඉස්කෝල ගැන මුලින් කැමැත්තක් තිබුනේ නැහැ. ඒත් මේ ඉස්කෝලෙට ආවට පස්සේ මම තේරුම් ගත්තා මේ තමයි මට ගැලපෙනම තැන කියලා.
අර ඉස්කෝලෙන් අර බෝඩිමෙන් මිදිලා ආපහු ගමට, ගමේකම තියෙන ළමයි අතරට එන්න ලැබිච්ච එක ගැන මට පුදුම සතුටක් දැනුනේ.
එදා මුලින්ම මාව ඉස්කෝලෙට බාර දීපු දවසේ අම්මත් අපේ පන්තිය ගාව හිටියා හවස්වෙනකල්. එදා අපේ පන්තියේ සමිතියේදී ළමයින් දක්වපු දක්ෂතා දැකල අම්මටත් ගොඩක් සතුටුයි. අම්ම එදා හවස්වෙනකල් මම එනකල් හිටියේ මම මීට කලින් බස් එකේ තනියම ගිහිං නැති නිසා.
ඊට පහුවෙනිදා ඉඳල මම තනියම ඉස්කෝල ගමන පටන් ගත්තා වගේම ඒ ඉස්කෝලේ වටිනා සිහිවටන ගොඩක් මගේ ජීවිතේට එකතු කලා.
මම කලින් පෝස්ට් වල ලියපු හොරෙන් නාන්න යන ඇළ එහෙමත් තියෙන්නේ මේ ඉස්කෝලේ ගාව තමයි. අන්තිමට මම උසස්පෙළ කලෙත් මේ ඉස්කෝලේමයි.
ගුරුවරු සම්බන්ධව මට තියෙන අඳුරු මතකයන් මෙතනින් නිමා වෙන්නේ නැහැ. ඒ කතාවල් බ්ලොග් එකේ දානවද නැද්ද කියන දෙගිඩියාවක තමයි මම තාමත් ඉන්නේ. බලමු ඉස්සරහට....
...............................................................................................................
දැන් මේ කියන්න හදන්නේ 2005 වසරේදී වෙච්ච සිද්ධියක්......
මේ වෙද්දී මම උසස් අධ්‍යාපනය ලබනවා, ඒ කාලේ මට කැම්පස් එකේ ඉඳල ගෙදර යන්න එන්න බයික් එකක් අරගෙන දීල තිබුන අපේ අම්මල.
![]() |
| මේ තියෙන්නේ ඒ කාලේ තිබ්බ මගේ බයික් එක වගේම බයික් එකක පින්තුරයක්.. |