ඔහොම ගිහිං මම කොහොමින් කොහොම හරි 11 වසර පන්තියේ ඉන්න කාලේ. ඒ දවස් වල ඉස්කෝලේ ඇරෙන්නේ 01:30 ට. ඒත් සමහර දවස් වලට අපි කොහොම හරි කලින්ම එළියට පනින දවසුත් තිබ්බා.
වෙන මොකකටවත් නෙමෙයි එළියට යන්නේ නාන්න. අපේ ඉස්කෝලේ පිටිපස්සේ පොඩි පහේ ඇළ පාරක් තිබුනා.
අඩුම ගානේ සතියකට දවස් 5 ක්වත් මේ ඇලේ නෑවෙ නැත්නම් අපිට නිකන් මොකක්ද වගේ. සමහර දවස් වලට විද්‍යා පන්තිය කට් කරගෙන සෙනසුරාදාටත් නාන්න යනවා.
පිටිපස්සේ කියල කිව්වට ළඟින්මත් නෙමෙයි මේක තිබුනේ. කිලෝමීටරයක් දෙකක් පයින් ගාටන්නත් ඕනේ.
නිකන්මත් නෙමෙයි ගොඩක් දුර යන්න තියෙන්නේ නියරක් දිගේ.
කොහොමටත් අපි ඔතනට යන්න කලින් කඩෙන් ෂොපින් බෑග් කීපෙකුත් අරගෙනම තමයි යන්නේ අපේ ඇඳුම් කැඩුම් ටික දාල තියන්න.
මීට අමතරව අපිට තියෙන ලොකුම කරදරේ තමයි රොබින් හුඩ් පවුලෙන් අපිට එල්ල වෙලා තිබ්බ තර්ජනේ. මේ කියන රොබින් හුඩ් නෙමෙයි ඇත්තටම සැර. මැරියන් නෝනා. මේ වෙන කවුරුවත් නෙමෙයි අපේම යාලුවෙක් වෙච්ච ලසාගේ අම්මයි තාත්තයි. අපි මොන පාරෙන් ඇළට ගියත් මෙයාලගේ ගේ ගාවින් යන්නම වෙනවා. එහෙම අපි යනවා දැක්කොත් ඉතින් බැනුම් තමයි.මොකද මැරියන් දන්නවා අපි මේ යන්නේ හොඳ ගමනක් නෙමෙයි කියලා අනික ඉස්කොලෙනුත් පැනලා. ඒ මදිවට අනිත් ළමයි ඕ ලෙවල් විභාගේ ගැන මහන්සි වෙන කාලේ. අපරාදේ කියන්න බැහැ අපේ රොබින් මහත්තයානම් කිසි කරදරයක් නැති මනුස්සයා.
කවදාවත් අපිට තියා ලසාටවත් මුකුත් කියන්නේ නැහැ ලේසියෙන්.
මැරියන් නෝනා තමයි අපේ පන්තියට රසම රස බත් එක එවන්නේ. මම ඉතින් සමහර දවස් වලට එහෙ ගිහිං දවල්ටත් කාල එන දවස් තිබුනා.
එක දවසක් ලසත් ආව අපිත් එක්ක නාන්න යන්න. අන්න එදානම් මැරියන් නෝනට අහු නොවෙන්න කවදාවත් මනුස්සයෙක් පය නොගහපු හෙන දන් කැලෑවක් මැද්දෙනුත් යන්න උනා.
කොහොමින් කොහොම හරි මේ බාධකේ පහු කර ගත්තට පස්සේ තියෙන්නේ කුඹුර. ඒක තමයි අනිත් කරදරේ. ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ මේ තෙත් කලාපේ ගැන. හැමදාම වගේ වැහැලා වැහැලා සමහර දවස් වලට නියරවල් හොඳට මඩ වෙච්ච දවසුත් තියෙනවා.
මුලින්ම කරන්නේ නියරේ මඩ වගේ තියෙනවනම් සපත්තු දෙක ගලවලා ගන්නවා අතට. ඊට පස්සේ කලිසමත් නමා ගන්නවා උපරිම උඩට. දැන් ගමනේ යා.
ආපහු එන්න වෙන්නෙත් ඉතින් මේ පාරෙමනේ, එතකොට නාපු හරියෙන් වැඩක් නැහැ. ඒත් අපි සැලෙයි ඕවට.
මේ වැඩේට හැමදාම වගේ යන සෙට් එකකුත් හිටියා. මම, හසියා, නීනා, මේරා, තරා, මීට අමතරව ඉඳල හිටලා එන එව්වෝ උනේ බෝපයා, අබිලින්, ජූසා, නරිය, ලසා, අන්ජනය. (තව කවුද ආවේ කියල දැන් හරියටම මතක නැහැ. ඒත් මීට වඩා කට්ටියනම් හිටියා)
සමහර දවස් වලට පාන් ගෙඩියක් දෙකක්, බිස්කට් ටිකක් එහෙමත් අරගෙන යනවා ඇළ ගාවට. ඒත් කවදාවත් මත්පැන් වගේ දේවල්නම් අරගෙන ගියේ නැහැ. ඒ කාලේ අනිත් පන්ති වල ඉන්න ළමයි ඔව්ව පාවිච්චි කලාට අපි එහෙම කලේ නැහැ. අපි පොඩ්ඩක් උඩින් තමයි හිටියේ ශිෂ්‍යත්ව පන්තියක හිටපු නිසා. ඒ මදිවට කොහේ හරි මොකක් හරි බලන්න ගියත් අපි පෝලිම පනින්නේ නැතුව පිළිවෙලකට ඉන්නත් ට්‍රයි එකක් දුන්න.
ඒ නිසා අපි ඕවට නැහැ.
ඔන්න ඔහොම යන්තම් මේ කියන ඇළ ගාවට ගිහිං ඔක්කොම ඇඳුම් උනා දාල යට කලිසම(ජොකා) පිටින් තමයි අපි නාන්නේ. නානවා කිව්වට මේක නෑමක්ම නෙමෙයි. පීනන්න බැරි එවුන් පීනන්න පුරුදු වෙනවා.
කට්ටියක් වතුරේ සම්බෝල කඩනවා. ඒ කියන්නේ අර ගොඩ ඉඳං කරන එකම තමා. බෝලේ අතට අහු වෙච්ච එකා ළඟ ඉන්න එකෙකුට කෙළින එක තමා සෙල්ලම. තව උඩ ඉඳලා වතුරට පනින එක, වතුරේ ඔට්ටු සෙල්ලං, වැඩිම වෙලාවක් දිය යට සිටීම.... මේ වගේ නොයෙකුත් සෙල්ලං.
ඔන්න එක දවසක් මේ අබිලින් ගොයියා වතුරේ බැහැල ඉන්නකොට කවුරු හරි මේකව මුලාවේ දාලා. ඒ කියන්නේ අපිට වඩා අඩි දෙකක් විතර ගැඹුරු තැනක් "වැඩිය ගැඹුරු නැහැ" කියල මුට කියලා. මේකත් ඉතින් හොයන්නේ බලන්නේ නැතුව පැන්නා එතනට. මේ වෙලාවේ මමත් ඔය කිට්ටුවම තමයි හිටියේ.
පීනන්න දන්නේ නැති උන්ගේ තියෙන එක දෙයක්නේ කොච්චර පීනන්න බැරි උනත් උඩ ඉඳල පනින එකනම් පනිනවා ඇලේ වතුර හිඳෙන ගානටම.
මුත් ඉතින් අන්න එහෙම පැනිල්ලක් තමයි පැන්නේ. ඒත් ටික වෙලාවකින් මට තේරුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒ කියන්නේ කාගේ හරි අත් දෙකක් ඉහල පහල යනවා වගේ මම දැක්කා.
මමත් ඉතින් බලබල හිටියේ නැහැ, ටක් ගාල පීනුවා එතනට.
මම ගිය පරක්කුවෙන් මු එල්ලුනේ නැද්ද මගේ ඇඟේ, දැන් ඌ විතරක් නෙමෙයි මමත් යට.
මට ඒ දවස් වල තරමක් හොඳට පීනන්න පුළුවන්. හැබැයි මගේ කකුලේ කෙන්ඩ පෙරළෙනවා නිතරම වගේ. එහෙම වෙච්ච කෙනෙක් ඉන්නවනම් දන්නවා ඒකෙ තියෙන සනීපේ. ඒත් මම පස්සේ පස්සේ ඒකට හුරු උනා විතරක් නෙමෙයි කෙන්ඩ පෙරළුනාට පස්සේ අත් දෙක විතරක් ගහල පීනන්නත් හුරු උනා.
ඔන්න තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා අපි දෙන්නම තාම වතුර යට නේද ඉන්නේ කියලා. මමත් ඉතින් දැන් වතුර යට ඉන්න ගමන බොහොම අමාරුවෙන් මුටත් දෙකක් ඇනලද කොහෙද බේරුනා.
බේරිලා නිකන් හිටියෙත් නැහැ. වතුර යටට ගිහිං මේකව කකුල් දෙකෙන් උස්සල ටිකක් එහාට විසි කළා. වතුරේදී බර දැනෙන්නේ නැති නිසා එහෙම කරන්න පුළුවන්. අපි සෙල්ලමක් විදිහටත් ඒ වැඩේ කරනවා සමහර වෙලාවට.
මේ වෙලාවේ අහල පහල හිටපු අනිත් යාළුවො ටික අම්බිලියව ඇදලා අර ගත්තා. මමත් යන්තම් ගොඩට ආව. එදායින් පස්සේ අම්බිලියා ආපහු නාන්න ආවේ නැහැ.
ආ... තව දවසක් තවත් අපුරු වැඩක් උනා. ඒකනම් ඉතින් පව් වැඩක්. අපි දවසක් හැමදාම නාන තැන නැතුව අලුත් තැනකට ගියා. ඔන්න එදා හැමෝටම කලින් වතුරට පැන්නේ හසියා. ඌ පැන්නෙත් ඇලේ තිබුන ඒ දණ්ඩක් උඩ ඉඳලා. වතුර යටට ගිය මු ටික වෙලාවකින් ආවා බෙරිහන් දීගෙන. බලනකොට මු පැනපු පාරට මූව ගොඩක් යට ගිහිං නහය ගල් පොලවේ ඉලිලා නහය ටිකක් ගෙවිලා. ඒ විතරක්නම් මදෑ, රතු පාටට මොනවද එනවත් එක්ක. අපිත් ඉතින් දන්නා කියන බෙහෙත් කොළ කඩ කඩ නහයට තියල තමයි ඒ රතු පාටට එන එව්වා නවත්ත ගත්තේ. ඊට පස්සේ මු ගෙදර ගිහිං අපේ සිංහල ටීචර් වෙච්ච උගේ අම්මගෙන් හොඳට අහගෙන තිබුනා.
නාල ඉවර උනාට පස්සේ තමයි හොඳම හරිය තියෙන්නේ. ඒ කියන්නේ අපහු නියර දිගේ ඇවිත් කොහෙන් හරි මඩ හෝදගෙන සපත්තු දා ගන්න එක. ඒ මදිවට තව ප්‍රශ්නයක්. ජොකා තෙතයිනේ. මේකට ඔප්ෂන් දෙකක් තිබුනා. ඒක හොඳට මිරිකලා බාගෙට තෙත පිටින්ම අඳින එක එකක්, එහෙම නැත්නම් එයාව සාක්කුවේ දාගෙන යන එක තමයි අනිත් ක්‍රමේ. මේ කොයි විදිහට ගියත් කමිසේ උඩින් දාගෙන තමයි බස් එකේ ගෙදර යන්නේ. නැත්නම් කොහෙද.
මොකද අපි මේ නාල එහෙම ලක ලෑස්ති වෙලා ටවුන් එකට එන්නේ නිකම්ම නෙමෙයිනේ, අපිට වඩා අවුරුද්දක් පහළ ළමයින්ට පන්ති ඇරෙන වෙලාවත් බලලානේ.
මෙව්වා කොහොම උනත් අපි හැමෝම වගේ ඕ ලෙවල් පාස් වෙලා ඒ ලෙවලුත් කළා.

පලවෙනි වතාවට වගේ මේ පැත්තෙ ආවෙ. ඇයි 'ටෙස්ට් පෝස්ට්' කියල දාල තියෙන්නෙ?
ReplyDeleteඅපිත් ඉස්කෝලේ යන කාලෙ හොරෙන් පැනල නාන්න ගිය හැටි මතක් වුනා
@ Observer
ReplyDeleteඔබා අයියව සාදරයෙන් පිලිගන්නවා
අයියගේ කතාවත් ලියමුකෝඕ....
මගේ බ්ලොග් ඒකෙ දාන පෝස්ට් කොහෙවත් අප්ඩේට් උනේ නැහැ දැන් ටික දවසක ඉඳලා..
ඉතිං ප්‍රවීන බ්ලොග් කාරියකගේ උපදෙස් පිට පොඩි පොඩි බෙහෙත් ටිකක් කළා
ඒකයි Test Post කියල එකකුත් දැම්මේ
දැන් පොඩ්ඩකට කලින් ඉඳල අප්ඩේට් වෙන්න පටන් ගත්තා.
ඒත් මේ අලුත් පෝස්ට් එක තාම අප්ඩේට් උනේ නැහැ :(
යකො අපි එකම නැකතකද කොහේද ඉපදිලා තියෙන්නේ..කලොත් කරලා තියෙන්නේ එක විදිහේ වැඩමයි....මචො මාත් ඉස්කොලේ කට් කරලා නාන්ඩ ගිහින් තියෙනව බං....පොඩි කාලේ විතරක් නම් බැරියැ..ඒ ලේවල් කොරද්දිත්...
ReplyDelete@ Raj
ReplyDeleteහික් හික්... ඒකනම් ඇත්ත බං :)
මොනාද මේ සම්බෝල කැඩීම ? මට තේරෙන්නෙ නෑ...
ReplyDeleteබලන් ගියාම අපේ ඔක්කෝගෙම පොඩි කාලය මෙහෙමයි ගෙව්නෙ නේද ? මොන තරම් ලස්සනද.....හැබැයි ඉතින් භයානක කමකුත් තියෙනවා...තව පොඩ්ඩෙන් මොකද වෙන්නෙ?
@ දිල්
ReplyDeleteසම්බෝල කඩනවා කියන්නේ කවුරු හරි එක්කෙනෙක් බෝලයක් උඩ විසි කරනවා.
ඊට පස්සේ මුලින්ම බෝලෙ අල්ල ගන්න කෙනා ළඟ ඉන්න කෙනාට බෝලෙන් දමල ගහනවා. හරි වේදනාත්මක ක්‍රීඩාවක්... :)
ඔව් ඒකනම් ඇත්ත, මගේ යාලුවෝ හතර දෙනෙක් සහ මම දන්නා කියන තවත් කොල්ලෝ පස් හය දෙනෙක්ම මේ විදිහට ගිලිලා මැරිලා තියෙනවා.
මමත් දැන් වතුරකට බහින්නේ බොහොම කල්පනාවෙන්
අම්බිලියාට වුන වැඩක් දවසක් මටත් වුනා. මම ඉතිං දෙඩන් ගෙඩි දෙකක්වත් උස නෑ ඒ දවස් වල. ගෙදර ගල අයියලා අක්කලා ඇළේ නාන්න යද්දී මාත් යනවා එයාලා එක්ක. එයාලා ටිකක් ඇළ මැදට වෙන්න පීනුවා. මාත් ඇගිලි තුඩුවලින් හිටගෙන අරන් ගිය කෝප්පෙන් නානා හිටියේ. එක පාරටම මගේ කකුලේ මොකක්ද වැදුනා මට කකුල තියන්න බැරැව ගියා. අයියෝ දැන් දෙපාරක් යටගිහින් උඩට ආවා. තුන්වෙනි පාර යට ගියොත් නම් ආයෙ ඉතිං උඩ එනවා බොරැ බව නම් දැන ගෙන හිටියා. හොද වෙලාවට හිටපු අයිය කෙනෙක් පැනලා මගේ කොන්ඩෙන් ඇදලා අර ගත්තා. කියන්න බැරි වුනානේ ඇගිලි තුඩුවලින් ඉදිද්දී අපේ කට්ටිය අතරේ හිටියා තඩි සයිස් අයියෙක් එයා පීනද්දී මගේ ඇගේ වැදිලා. ඒකයි බැලන්ස් නැතිවුනේ.
ReplyDeleteහැබැයි ඉතිං එහෙමයි කියලා ඇළේ යන එක නැවැත්තුවේ නෑ. ගෙවල් ලගමයි තියෙන්නේ. ඊට පස්සෙනම් ඉතිං වතුර ඇතුලේ රවුමට කැරකෙන්නත් පුළුවන් වුනා.
(හැබෑටම මේ අය රෑට නිදි යන්නේ නෑද්ද? ඔක්කොම කමෙන්ට් කරලා තියෙන්නේ යක්කු ගස් යන වෙලාවටනේ)
රොබින් හුඩ් කිව්වෙ කෙහෙල්කොටුවෙ චූටිමහත්තයා වෙන්න බෑ නේද?
ReplyDeleteඅපි නම් කරන්නෙ ජොකා සාක්කුවෙ දාගෙන යන එක තමයි. අනික පාලු තැන්වල නම් ජොකා ඕනෙත් නෑ නිකම්ම තමයි පනින්නෙ. එතකොට ඒ ප්‍රශ්නෙත් නෑ.
අපේ ගේ පිටිපස්සෙත් පොඩී දොල පාරක් තිබ්බ අඩි දෙකක් තුනක් ගැඹුර ඇති. ඉස්සර අපි ඕකෙ පීනනවා. බඩ අඩියෙ වදිනවා අත් දෙක දෙපැත්තට දික් කලාම ඉවුරු දෙකම අල්ලන්න පුලුවන්. ඒත් මාර ආතල් එකක් ගත්තා. අද ඒ ඇලට බහින්නත් බයයි දනිස් දෙක ලඟට ගම් බූට්ස් නොදා. මී උණ හැදෙයි කියලා.
ආ අන්න ලොකු පුතාට ගාමිණී උත්තරයක් දීල තිබ්බා කුමණ ගැන.
henryblogwalker the Dude
කතා සෙට් එක නරකම නෑ.නියමයි දිගටම යමු,ලියමු
ReplyDeleteගොඩක් අය පීනන්න , වතුරෙ නටන්න කැමතී වගේම හෙන භයානකයි නොදන්න වතුරෙ යන්න.. කොච්චර නම් මැරිලා තියෙනවද ?
ReplyDelete@ batti
ReplyDeleteබට්ටිටත් වෙන වැඩ... අර ඇඟේ හැපිච්ච ලොකු අයියට දැනිල නැද්ද බට්ටේක්ව ඇඟේ වැදුනා කියලා. ඒකෙන් තේරෙන්නේ ඉතිං බට්ටිගේ ඇඟේ සයිස් එක තමයි
ඔන්න මමනම් මහ රෑ වෙනකන් හිටියේ නෑ බට්ටියේ, මෙහේ වෙලාව ඔයාලට වඩා පැය දෙකහමාරක් පස්සෙන්නේ තියෙන්නේ :)
@ Dede
නැහැ නැහැ මේ ඒ රොබින් නෙමෙයි, මෙයා කෙහෙල්කොටුවේ චුටි මහත්තයට ගොඩාක් කලින් හිටපු රොබින් කෙනෙක්
අර මී උන කතාවනම් හරිම ප්‍රශ්නයක් තමා, ආසාවකටවත් කුඹුරකට, පොඩි ඇළ පාරකට බහින්න බයයිනෙ.
ගාමිණී අයියව බලන්න තව පොඩ්ඩකින් යන්න ඕනේ
@ අනුප්‍රිය
ReplyDeleteබොහොම ස්තුතියි මචං...
@ Weni
ඒකනම් ඇත්ත, මම හොඳට ඕක විඳලා තියෙනවා. අපේ එවුන්ව ගිලිලා මැරුණට පස්සේ මිනී ගොඩ එනකන් එතන මුර කරන එකේ ඉඳල ගොඩ ගන්නකම්ම සහ මල ගෙවල් වලත් සති ගණන්.
ඒ පවුල් වල මිනිස්සු දුක් වෙන හැටි දැක්කට පස්සේ පුදුම දුකක් තමයි දැනුනේ.
මේ එක පෝස්ට් එකක් වත් මගේ රීඩර් එකේ අප් ඩෙට් වෙලා නැහැ නේ...ඇයිද මන්දා...මුල ඉඳං කියවන්න ඕන...
ReplyDeleteහොරෙන් බොල්ගොඩ ගඟේ නාන්න ගියපුවා මතක් උනා....
ReplyDeleteඅම්බිලියගේ කතාව ඇහුවම නම් බය හිතුනා....මොන සෙල්ලමක් උනත් ගොඩ ඉඳං කරනවට වඩා වතුරේ කරනන්න කවුරුත් වගේ කැමතියි..අපිත් දවසක් වතුරේ අත්තාපන් ගහන්න ගිහින් තව පොඩ්ඩෙන් මම මැරෙනවා....
ReplyDelete@ සයුරි
ReplyDeleteමගේ බ්ලොග් එකේ පහුගිය දවස වල පොඩි ප්‍රශ්නයක් තිබුනා. ඒ නිසා වෙන්න ඇති අප්ඩේට් වෙලා නැත්තේ
මමත් දැන් වැඩිය වතුරේ දඟලන්න යන්න කැමති නැහැ ඉස්සර වගේ
"අත්තාපන්" කියන්නේ මොනවද සයුරි, මම එහෙම සෙල්ලමක් අහල නැහැනේ :(
@ ඔබ නොදුටු ලොවක්.....
කවුරු කවුරුත් වගේ කොහේ හරි තියෙන දිය පාරක පැනල පිස්සු කෙළලා තියෙනවා නේද පොඩි කාලේ...
ඔන්න පළවෙනිම වතාවට මමත් මෙහාට ආවා.:)
ReplyDeleteෂා.. මරු වැඩනෙ කරලා තියෙන්නෙ....හැමෝගෙම පාසල් ජීවිතේ තරම් සුන්දර කාලයක් තවත් නැතිව ඇති ජීවිත වලට.:)දිගටම ලියන්න එහෙම කතා. කියවන බලාගෙන ඉන්නවා
@ හිතුවක්කාරි
ReplyDeleteහිතුවක්කාරී ව සාදරයෙන් පිළි ගන්නවා..
මේ වගේ කතා අපේ හිත්වල කොච්චරක්නම් හිර වෙලා තියෙනවද
මම මේ එකින් එක හොය හොයා එලියට දානවා
ලොකු පුතා මරු වැඩ තමයි කරල තියෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙ...:D අර යාලුවොන්ගෙ ජීවිත නැතිඋනාට පස්සෙවත් බය හිතුන්නැද්ද.... ඔයගොල්ලො වතුරෙ සෙල්ලම් කරනකොට කවුරුවත් ගලවල දාපු ඉස්කෝලෙ ඇඳුම් ටික හැංගුවෙ එහෙම නැද්ද? :) එතකොට පොත් ටිකට මොකද කලේ....
ReplyDelete@ Miyuru
ReplyDeleteඉස්කෝලේ කාලේ ඉතින් එහෙමනේ... ඒ උනාට අපි පොත් පත්, ඇඳුම් එහෙම හැංගුවෙ නැහැනේ, ඒ මොකද කියල මතකයක් නැහැ
සමහර විට හැමදාම එකට යන සෙට් එක නිසා වෙන්න ඇති :)
යාළුවො නැති උනේ ඉස්කෝලේ කාලේ නෙමෙයි අක්කේ, ඊට පස්සේ, දැන්නම් මම වැඩිය ඔව්වයේ යන්න කැමති නැහැ.
ඔයාගේ බ්ලොග් එක දැන් හරිද....
@ලොකු පුතා - අත්තාපන් මුත්තාපන් රෑ වෙනකං අල්ලාපන්....අල්ලන සෙල්ලමක් :)
ReplyDeleteඅනේ මල්ලි දන්න සෙල්ලම් ඔක්කොම දාලත් වැඩේ හරි ගියේ නෑ... ඔයා කියපු එකත් කලා... හෙට බලන්න ඕන කොහොමද කියලා... හරියනව නම් හරියන්න එපායැ මේ වෙනකොට නේද... හරි ගියේ නැතොත් අල්ලල දානව... ආයෙ ලියන්නෙ නෑ.. :'(
ReplyDelete@ Miyuru
ReplyDeleteඔන්න මම ඔයාගේ බ්ලොග් එකට ගිහින් පොඩි පණිවිඩයක් තියලා ආවා. ලියන එක නවත්තන්න නෙමෙයි, ට්‍රයි කරලා මේක කොහොම හරි ගොඩ දා ගන්න බලමු.
@ සයුරි
ReplyDeleteහරි හරි දැන් මතක් උනා, "අත්තාපන් මුත්තාපන් රෑ වෙනකං අල්ලාපන්"
අපිත් කරලා තියෙනවනේ මේ සෙල්ලම