මෙන්න දෙවෙනි කොටස... බැලුවේ නැත්නම් බලලම
එන්ඩලා...
පහුවෙනිදා උදෙන් ඇහැරෙද්දි උදේ 06:00 වෙන්න
ඇති ඕනෙනම්. කට්ටිය ලකලැස්ති වෙලා ඇවිත් පාතරාසයට වග කිව්වේ කැම්පස් එකේ
කැන්ටිමෙන්. කාල ඉවරවෙලා බඩු මුට්ටු ටිකත් පොදි බැඳගෙන බස් එකට දාගෙන පිටත් වෙද්දී
වෙලාව උදේ 08:00 විතර උනා. අපේ සත්කාරකයෙක් වෙච්චි චමිතත් අපි එක්ක වෙහෙරගල යන්න එක්කාසු
උනා.
| බුත්තලින් පිටත් වීමට පෙර... |
අපේ කොට්ස් හොඳ ගිටාර් වාදකයා, ඌ එන ගමන්
ගිටාර් කොටේකුත් අරගෙන ඇවිත් තිබ්බා. මුලින්ම අපි එද්දී ඒකෙන් පොඩි වැඩක් අරගත්තට
රහතන්ගල නැගපු දවසේ ඒවයෙන් වැඩක් උනේ නැහැ. ඔන්න දැන් වෙලාව හරි. වෙහෙරගල යන්න
ටිකක් දුර යන්න වෙනවා. ඒ වගේම දැන් අපි ඉන්නෙත් හොඳට කාල බඩකට පුරෝගෙන. ඒ වගේම
හොඳට සිංදු කියන්නත් පුළුවන් වෙලාවක. බුත්තල කැම්පස් එකෙන් එළියට ආපු වෙලාවේ ඉඳලම
සින්දු පටන් ගත්තා. සින්දු කියකිය ගියා කියල නැහැ වටපිට බලන්නත් අමතක කලේ නැහැ.
වෙහෙරගලට යන්න කිලෝමීටර 35 ක් විතර තිබුනා කැම්පස් එකේ ඉඳල.
අපි මෙහෙම යන අතරමගදී කැහැටු අලි හිඟන්නෙකුත් දැක්කා. ඒ කොයි හරියෙදිද කියල ටක්කෙටම මතක නැතත් පාර අයිනේ තිබ්බ විදුලි වැටක් අයිනට වෙලා තමයි ඒකා උන්නේ. ඉටි කොළයක් එලාගෙන, හිස් ටින් එකක් ළඟ තියාගෙන නොහිටියට ඌ හිටියේ හිඟා කන්න. මටනම් එවුන්ව දැක්කම මළ පනිනවා. ඒ ඌත් එක්ක නෙමෙයි, උන්ට කෑම දීල ඒ වැඩේට හුරු කරන මිනිස්සුත් එක්ක. මිනිස්සුන්ගේ තියෙන මෝඩ කමට උන්ට කෑම බීම දෙන නිසා උන් උදේ පාන්දර වෙද්දීම වැට අයිනට එනවා මොනවහරි හිඟා කන්න බලාගෙන. ඒකෙන් වෙන්නේ උන්ගේ සාමාන්‍ය අලි ජිවිතයට ලොකු බලපෑමක් එල්ල වෙන එක. මේ විදිහට වැඩිම හිඟන අලි ඉන්නේ උඩවලවේ. අපි අමතක නොකළයුතු වැදගත්ම කාරණය තමයි ඒ කැලේ ඉන්න වල් අලි බව, අළුත් විදිහ අනුවනම් වන අලි. මටනම් ඒ අළුත් හුච්ච්ක්කුව දිරවන්නේ නැහැ.

| ඉඳිකොළ වැව... |
මේ වැවේ නම ඉඳිකොළ වැව. ඒ වැවේ නම පළවෙනි වතාවට මම ඇහුවේ එදා. ඒ කියන්නේ 2006-04-30 වෙනිදා. අදටත් මට ඒ නම හොඳට මතකයේ රැඳිලා තියෙන්නේ ඒ අවට තිබ්බ සුන්දරත්වය නිසා වෙන්න ඇති. එතැනදී අපි සමනල්ලු කීප දෙනෙක්, කුරුළු වර්ග කිහිපයක් සහ ඇදගෙන වැටිලා තිබ්බ ගහක හැදිලා තියෙන ලස්සන කැලෑ ඕකිඩ් මල් පොකුරකුත් දැක ගත්තා. එතැන ටික වෙලාවක් ගත කරපු අපි බස් එකේ නැගල වෙහෙරගල දිහට යන්න පිටත් උනා. මේ වෙහෙරගල ප්‍රොජෙක්ට් එක බලන්න යන ගමන සෙට් උනේ මෙන්න මේ විදිහට. අපේ පහල බැච් එකේ උන්නු කුරූ ට්‍රේනින් උන්නේ ඒ ප්‍රොජෙක්ට් එකේ. උගේ අනුග්‍රහයෙන් තමයි අපි ඒ ගමන ගියේ. ඌ ට්‍රේනින් යන්න කලියෙන් මස් මාළු කිසි දෙයක් කාපු එකෙක් එහෙම නෙමේ. ඒත් ප්‍රොජෙක්ට් වල ජිවිතේ අනුව එහෙම ජීවත් වෙන්න බැරි නිසා අපි එහෙ යන කාලේ වෙද්දී ගේ නිර්මාංශ ජීවිතේට සමු දීලා හිටියේ.
අපි ප්‍රොජෙක්ට් එක කෙරෙන තැනට යද්දී එතන එක
විකාරයයි. කැලේ මැද්දේ මහ විශාල ප්‍රදේශයක් එළිපෙහෙළි කරලා ගස් කපල දාල, පත ගැඹුරු
කාණුවක් වගේ එකක් කපල, සමහර තැන්වල කොන්ක්‍රීට් දාල. හෝ ගාල වැඩ. පොඩ්ඩක් ඒ දිහා බැලුවට පස්සේ මටනම් ඒ බැලිල්ල ඇති උනා.
වෙහෙරගල ප්‍රොජෙක්ට් එක හදන්නේ ලුණුගම්වෙහෙර ජලාශයේ ජල හිඟයට විසඳුමක් විදිහට කියන එකත් අපිට දැනගන්න ලැබුනා. මෙතැනදී ඇත්තටම අපිට පරිසරය සම්බන්ධ දේවල් වලට වඩා වැඩිපුර බලාගන්න ඕනෙකම තිබ්බේ ඒ මහා ව්‍යාපෘතියේ වැඩ කෙරෙන විදිහ. සයිට් එකේ වැඩිපුර වැඩ කරපු ගස් කොළන් කපපු තැන් වල තිබ්බේ පුදුම අව් රස්නයක්. සයිට් එකේ අයිනකට වෙන්න තිබ්බ මැණික් ගඟ අවට පරිසරය හරි සුන්දරයි. ගඟ ගාව නතර කරලා තිබ්බ බැරල් වලින් හදල තිබ්බ පොඩි පාරුව වගේ එකේ නැගල එහා මෙහාටත් ගියා. එතන තිබ්බ සිසිලත් එක්ක අපේ උන් එතනට වෙලා පොඩි විවේකයක් ගන්න අමතක කලෙත් නැහැ.

| මැණික් ගං දෑල... |
| බැරල් පහුර... |
| විවේකයෙන්... |
| කුරූ ලාගේ ඔෆිසියක්... අපි බත් කෑවේ මෙතනදීය |
මේ ගමනින් පටන් ගත්තු කුරුල්ලෝ පස්සේ
එළවිල්ල උණක් මට්ටමට වැඩි දියුණු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒක හොඳටම උග්‍ර උනේ
අපේ කැම්පස් එකේ WUS එකෙන් හැම අවුරුද්දෙම
සංවිධානය කරන “සිංහරාජ වැඩමුළුවට” සහභාගී උනාට පස්සේ. දවස් හයක් සිංහරාජේ ඉඳලා කරපු එක එක අධ්‍යයන
කටයුතු, නිරීක්ෂණ සෑහෙන වැදගත් උනා. රාජකාරි කටයුතු වලදී පවා පරිසරය වෙනුවෙන් හැකි
අයුරින් පෙනී ඉන්න ඕනේ කියන අදහස මගේ ඔළුවට ආවේ එතනින් පස්සේ. ඒ වැඩමුළුවේ හොඳම
රිපෝට් එක උනේ මම ලියපු රිපෝට් එක.
ඊට පස්සේ වතාවේ අපි ගියේ බුන්දල. ඒ ගමන ගියේ
දහ දෙනයි. ඒ කතාව වෙනම කියන්නම්කෝ. බුන්දල යද්දිනම් මම අපේ ලොකු මස්සිනාගේ කැඩිච්ච
කැමරා එකක් ආපහු හදාගෙන අරගෙන ගියා. ඒත් ගමනේ බාගයක් යද්දී ඒ කැමරාව ආපහු කැඩුනා.
කුරුල්ලෝ ලක්ෂ ගාණක් හිටපු බුන්දල කලපුවේ ෆොටෝ ගහගන්න බැරි වෙච්ච එක ගැන මට අදටත්
දුකයි. ඊට පස්සේ කවදාවත් බුන්දල කලපුවේ ඒ තරම් කුරුල්ලෝ හිටියේ නැහැ.
අර කැමරාව ආපහු හදා ගත්තට ආයෙත් වතාවක්
කැඩුනා. ඊටත් පස්සේ තමයි Digital SLR කැමරා එකක්
ගන්න ඕනේ කියන අදහස ඔළුවට ඇවිත් හැකි ඉක්මණින් ඒක ක්‍රියාත්මක කලේ.
කුරූ ට්‍රේනින් ඉවරවෙලා රස්සාව කලෙත් එතන.වෙහෙරගල
වැව හදල ඉවර උනාට පස්සෙ කීප වතාවක්ම මම එහේ ගියා. දවස් ගණන් වාරිමාර්ග එකේ කුරූ ල වැඩ
කරපු තැන (නිදා ගන්නේ උයාගෙන කන්නේ බොන්නෙත් එතනම තමයි) නතරවෙලා ඒ අවට තිබ්බ
සුන්දරත්වය හැකි උපරිමයෙන් කැමරා එකේ සටහන් කර ගත්තා. වෙහෙරගල වැව යාල බ්ලොක් 5 සහ
ලුණුගම්වෙහෙර කියන වනෝද්‍යාන දෙකටම අයත්. කළින් ප්‍රොජෙක්ට් එක කරද්දී තිබ්බ
ආලපාළු ගතිය වගේ නෙමෙයි, දැන් එතන හරි සුන්දරයි. මිනිස්සුන්ට සල්ලි ගෙවල නතරවෙන්න
පුළුවන් බංගලාවකුත් වැව් ඉස්මත්තේ හදල තියෙනවා වනජීවී එකෙන්.
| මෙන්න මේ කොල පාට ගොඩනැගිල්ල තමයි කුරූ ගේ පසු කාලින ඔෆිසිය, කුස්සිය සහ නවාතැන උනේ... මම ගිහින් ලගා ගහන්නේ ඔකේ උඩ තට්ටුවේ... එහා පැත්තේ කන්ද උඩින් පේන්නේ වනජීවී එකේ බංගලාව |
ඔවුන් එසේ මුදල් ඉතිරි කරගෙන තිබුනේ හරි සරළ
ක්‍රමේකට. පස් කපන යන්ත්‍ර සහ පස් අදින ටිපර් වලින් සිදුකරන ප්‍රකට වංචාවක්
සිදුකිරීමේ මග ඔවුන් විසින් අහුරලා දමල තිබුනා. මේ ප්‍රොජෙක්ට් එක තිබුනේ කැලේ
මැද්දේ නිසා සේවක මහත්වරුන් වටපිටාවේ මිනිස්සු එක්ක එක්කාසු වෙලා කරන හොරකං ටිකත්
ඉබේම නතර වෙනවා. වාහන එළියට ගෙනියන්න අපහසු නිසා ඩීසල් හොරකමත් සිද්ධ වෙන්නේ
අඩුවෙන්. ඒ සියල්ල ඔවුන්ට වාසියක් උනා.
පස්සේ තීරණය උනේ ඒ ඉතුරු මුදල් වලින් වෙහෙරගල
අවට කැලේ තියෙන ගරා වැටුණු එහෙමත් නැත්නම් නිධන් හොරුන් විසින් විනාශ කරපු පැරණි
චෛත්‍යය අළුත්වැඩියා කරන්න යොදවන්න කියලා. මම පස්සේ කාලෙක ගියාම එහෙම තැනකටත් යන්න හැකියාව
ලැබුනා.
| මේ තියෙන්නේ අළුත්වැඩියා කරමින් පැවතුනු චෛත්‍යයක්... |
| මේ තියෙන්නේ වෙහෙරගල දැන් පෙනුම. මම ගියපු දවසේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල ගියපු නිසා වාන් දොරටු විවෘත කිරීම අරඹමින්... ඒකෙ පුදුම වෙන්න දේකුත් නැහැ, මම සෞදියට ගොඩ බැහැපු දවසෙත් වැස්ස එකේ. |
| ජලාශය... |
| පළමු වතාවට වාන් දොරටු හයෙන් පහක්ම විවෘත කල වෙහෙරගල... |
| මේ එදා අපේ උන් මැණික් ගඟේ තිබ්බ බැරල් පහුරේ නැගලා එහා මෙහා ගියපු තැනට ආසන්න තැනක්... |
මෙතනින් පහළ තියෙන්නේ වෙහෙරගල ආසන්නයේ සහ ලුණුගම්වෙහෙර දී මම ගත්තු ජායාරුප...
රහතන්ගල හරහා වෙහෙරගල ආපු ගමන එතනින්
අවසන්... එදා පටන් ගත්තු ගමන ඉදිරියට ගලාගෙන ගිය හැටි සැරින් සැරේ ලියන්නම්.
මේ වතාවේ ෆොටෝ වැඩියි කියල බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ... හෙහ්
මේ වතාවේ ෆොටෝ වැඩියි කියල බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ... හෙහ්