Wednesday 8 February 2012

නිධන් හැරීමේ අවසානය

මේ නිධාන සම්බන්ධ කතාපෙලේ අවසාන කොටසයි. මුල කොටස් නොබැලු අය මීට පෙර ලියු කොටස් තුන මෙතනින් බලන්න
පළමු කොටස
දෙවන කොටස
තුන්වන කොටස


දිනක් ඔහු හා සම්බන්ධ වී නිධන් මංකොල්ලයේ යෙදුනු පිරිසේ කෙනෙක් මෑතකදී ගොඩ ගන්නා ලද නිධානයක කොටස් බෙදා ගැනීමට එහි එන ලෙස පවසා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දුන්නේලු. කටහඬ සහ දුරකථන අංකය ඔහු දන්නා පුද්ගලයාගේ වුවද මොහු හට යම් සැකයක් ඇති වූ නිසා ඔහු එම ආරාධනාව අනුව අගනුවර බලා නොගොස් සිටියේලු.
පසුව දැනගත් පරිදි එවර ඔහු හට ඇතිවූ සැකය නිසා ඔහු පොලිසියට අසු නොවූ බවත්, එම ඇමතුම ලබාදුන් පුද්ගලයා එය  ලබා දී ඇත්තේ පොලිසියට අසු වූ පසුව බවත් ඔහු මා සමග කිවේය. කෙසේ හෝ මොහුගේ සහයක් නැතිව සිදුකල අවසන් නිධන් මංකොල්ලයකින් අනතුරුව කණ්ඩායමේ සියල්ලෝම පාහේ සිර භාරයට ගත්බවත් පසුව මොහුට ආරංචි වී ඇත. මොහුට සැකයක් මතු වී තිබුනේ ඔහු සහභාගී නොවූ නිධන් හැරීමක් සඳහා කොටස් බෙදා දීමට කතා කල නිසා බවද ඔහු කිවේය.
කෙසේ නමුත් එම කණ්ඩායම තුළ කම්කරුවකු මට්ටමින් වැඩ කටයුතු කල මොහු ගැන පොලිසියෙන් පැන්නීමක් සිදු කර නොමැත. ගමෙන් පිට වී පතල් රස්සාව සඳහා ඔහු යොමුවී ඇත්තේ මින් අනතුරුවය.


තවත් දිනෙක නොදන්නා පුද්ගලයෙකු විසින් විකිණීමට කියා රැගෙන ආ ඉතා කුඩා බුදු පිළිමයක් ගැන හෝඩුවාවක් මා හට ලැබුණි. එය දැක ගැනීමට මා හට අවස්ථාවක් නොලැබුණේ එවකට මා අගනගරයේ රැකියාවක් කරමින් සිටි බැවිනි. ගම ආ විගස එහි ජායාරූපයක් මිතුරකු මාර්ගයෙන් දැකගැනීමට ලැබුනද එය කොහෙන් පැමිණ කොහේ ගියාදැයි සොයා ගැනීමට නොලැබී ගිය ඝනයට අයත් එකක් විය. එම ජායාරූපය ඉතාමත් අපහසුවෙන් කම්පියුටර කුණු කන්දල් ගොඩේ තිබී සෑහෙන පරිශ්‍රමයක් දරා සොයා ගැනීමට හැකි විය. මෙහි පල කරන්නේ ඒ නියම ජායාරූපයයි. එය රැගෙන ආ පුද්ගලයා පවසා ඇති පරිදි එය රත්‍රන් මිශ්‍ර එකකි. නමුත් බැලූ බැල්මට එසේ කිව නොහැකි උවත් එය ඉපැරණි බුදු පිළිම වහන්සේ නමක් බවනම් ඉඳුරාම කිව හැක. තැනින් තැන ඇති රන් පැහැයද දැක ගැනීමටද හැකිය.
මේ තවත් සිද්ධියකි. එය ආරංචි වුයේ මෑතකදී මා ලංකාවට මා නිවාඩු ගිය මොහොතකදීය. මෙය ලංකාවේ ප්‍රසිද්ධ පුවත් පත සියල්ලේම පාහේ ප්‍රධාන පුවතක් බවට පත් වුවක් බැවින් ඔබගේද මතකයේ ඇතුවාට සැකනැත. සොයා ගත් දිහාව පැහැදිලි නැතත් කිලෝ ගණනක් බර රත්‍රන් බුදු පිළිමයක් විකිණීමට ගිය පිරිසක් අත්අඩංගුවට ගත්බව කියවෙන පුවතකි ඒ. එහි ප්‍රධාන උප ප්‍රධාන චරිත කිහිපයක් මා දන්නා අයවල්ලු වීමෙන් මා පුදුමයට පත්විය. කෙසේ හෝ මොවුන්ගේ උත්සාහය වැරදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. මුලින් කියවුනේ එය රත්‍රන් බුදු පිළිමයක් බවය. පුවත්පත් වල පවා වර්ණ ජායාරුප මගින් එය ප්‍රදර්ශනය කර තිබු අතර එය රන් පැහැයෙන් දිදුළමින් තිබිණි. දින කිහිපයකට පසුව පුවත්පත් වල සහ උසාවියේදී කියවෙන්නේ අළුත් කතාවකි. එය ව්‍යාජ බුදු පිළිමයක් බවත් ව්‍යාජ පිළිමයක් විකිණීමට තැත් කිරීම එනම් වංචාවක් සිදු කිරීමට තැත් කිරීම යටතේ ඔවුන් දඬුවම් ලැබීමට යන බවත්ය.

නමුත් ඔවුන් විකුණන්නට ගොස් තිබුනේ කොහේ හෝ නිධානයකින් සොරා ගත් නියම රත්‍රන් බුදු පිළිමයක් බව පසුව කල විපරමකදී මා හට දැන ගන්නට ලැබුණි.
එසේනම් ඇත්ත බුදු පිළිමය නීතියේ රැකවල්ලු විසින් කොහේ හෝ සඟවාගෙන ව්‍යාජ බුදු පිළිමයක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරන්නට ඇත. සැකකරුවන් හටද එයට විරුද්ධ වීමට නොහැකි බව පැහැදිළිය. සැකකරුවන් සත්‍යය ප්‍රකාශ කළහොත් ඔවුන්ගේ දඬුවම් කාලය දික් වීමෙන් සහ ගෙවීමට සිදුවන දඩය විශාල වීමෙන් ඔවුන්ද අමාරුවේ වැටෙන නිසා ඔවුන් කට පියාගෙන සිටිනා බව සහතිකය. මෙහිදී සිදු වී ඇත්තේ හොරුන්ගේ හොර බඩු නීතිය විසින් මංකොල්ල කෑමකි.


මා හට මේ තොරතුරු වලින් බහුතරයක් සැපයු  ඉහතකී පුද්ගලයා ගමේ  ඉබාගාතේ ඇවිදිමින් හොර මැරකම් සහ මංකොල්ලකෑම් වැනි සමාජ විරෝධී ක්‍රියා නිසා හිරේ විලංගුවේ වැටෙමින් ජීවිකාව ගෙනයන්නෙකි. නිධන් මංකොල්ලය උදෙසාද ඔහු පසු කලෙක අත්අඩංගුවට ගනු ලැබූ බවක් මට දැනගන්නට ලැබුණි. තම බිරිඳගේ දරු ප්‍රසුතිය සඳහා ඉස්පිරිතාලේ යාමට පැමිණි ඔහු හට වෙනත් පිරිසකගේ දරුණු ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ බව පසු කලෙකදී මම දැනගත්තෙමි. එම ප්‍රහාරයෙන් ඔහුගේ අතක් සහ කකුල් දෙකම කොටස් වලට බිඳී යාමට ලක් වූ බවද දැනගන්නට ලැබුණි. 
මාස ගණනක අවෑමෙන් සුව වූ ඔහු තමාට අපරාධය සිදුකල අයගෙන් පළිගැනීමට ගොස් එය වැරදී හිරේ විලංගුවේ වැටීමටද ලක් වී ඇත. පසුව සිදුකල තවත් මංකොල්ලයක් අසුවී නැවතත් හිරේ විලංගුවේ වැටී සිටඇති ඔහු මෑතකදී නැවතත් නිදහස් වී ගම පැමිණ සිටිනු දැනගන්නට හැකි විය. බොහෝ වර හිරේ විලංගුවේ වැටෙමින් පොලිසියත් උසාවියත් ගෙදරත් අතර දිවිගෙවන මොවුන්ගේ ජිවිත වලට කවදා සතුටක් ලඟා වේද.
නිධන් හාරන්නකුගේ (හා/හෝ සමාජ විරෝධී කටයුතු වල යෙදෙන අයකුගේ) ජිවිතයේ ඇතුළාන්තය ගැන මීටත් වඩා කරුණු ඔබට කීමට අවශ්‍ය නැතැයි සිතමි. නිධන් වලින් ලැබෙන මුදලේ පැවැත්මක් නැති බවත් එය යස ඉසුරින් පිරුණක් නොවන බවත් කීමටයි මා හට උවමනා වුයේ.


පසුගිය නිවාඩු කාලයේදී ලංකාවට පැමිණි මාහට මොහුව පාරේදී හමු විය. සුපුරුදු ලෙසින්ම ඔහු හා කතාබහ කර සැපදුක් විමසා යාමට මම අමතක නොකලෙමි.  ඒ මගේ හැටිය. කෙනෙකුට එය වැරදි ලෙස පෙනෙන්නට පුළුවන් බවද මම දනිමි. 
ඔහු කුඩා කල මාගේ සෙල්ලම් සගයෙකි. අප සමග ගඩාගෙඩි කඩමින්, ගඟේ නෑමට යාමෙන්ද, නොයෙකුත් සෙල්ලම් කරමින්ද බොහෝ සමීපව කාලය ගතකල කුඩා කොල්ලෙකි.  මගේ හිතේ සිටිනා කුඩා සෙල්ලම් සගයා මරා දැමීමට මා හට නොහැකිය. එබැවින් දුටු තැනකදී වචනයක් දෙකක් ඔහු හා දෙඩීමට මම මැලි නොවෙමි.

කාලයත් සමග ඔහු සමාජ විරෝධී කටයුතු වල යෙදෙන්නෙක් බවට පත්වී ඇත. ඔහු කල වැරදි සඳහා නීතියෙන් සහ ස්වභාවධර්මයෙන් නිසි දඬුවම් ඔහුට ලැබී ඇත. එහෙයින් ඔහු හට තවත් දඬුවම් ලබාදීමට මා හට අයිතියක් නැති බව ඔබට වැටහෙනු ඇත.


නිධන් කතා පෙළ මින් අවසන් වනු ඇත. මා සමග රැඳී සිටි ඔබ සැමට තුති.....!!

42 comments:

  1. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ඒ අවනඩුව?

    ReplyDelete
    Replies
    1. ගොයම රකින නියරවලුත් තියෙන නිසා හිත හදා ගන්න බලමු

      Delete
  2. ඒ හොරු ටිකනම් පොලිසියට අහු වෙලා එහෙනම්...නියම වැඩේ කියන්නේ නිධන් හොරුන්ගෙනුත් හොරකම් කරලා වගේ අපේ පාලකයෝ :)

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙක්ව අහු උනාට අදටත් නිධන් මංකොල්ලය ජයටම කෙරීගෙන යනවා
      මේ වගේම තමයි සමහර වෙලාවට හෙරොයින් වගේ දේවල් අහු උනාමත් මේ වැඩේම කරනවා
      ලඟදි ලංකාදීප පත්තරේ තිබුනා හෙරොයින් ග්රෑම් 250 ක් ළඟ තියාගෙන අහු වෙච්ච මිනිහෙක්ගේ නඩුවක විස්තරයක්
      නඩුව ඔක්කොම අහලා ඉවර නඩුකාරයා අර මිනිහගෙන් අහලා "තමා හෙරොයින් ග්රෑම් 250 ක් ළඟ තබා ගැනීම සඳහා වරද කරුද නිවැරදි කරුද" කියලා
      ඊට පස්සේ ඒ මිනිහා කිව්වලු ස්වාමීණී "මගේ ගාව තිබුනේ හෙරොයින් ග්රෑම් 250 ක් නෙමෙයි 500 ක්" කියලා
      අන්තිමට ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියල කිව්වලු
      ඔන්න ඔහොමත් වෙනවලු අපේ රටේ.... :))

      Delete
  3. අපෝ මහ පුදුම හොරු....හොරුන්ගෙත් හොරු.....

    ReplyDelete
    Replies
    1. එයාලට කියන්නේ "කම්බ හොරු" කියලා....

      Delete
  4. හොරුන්ගෙත් හොරු ඉන්න අපේ රටේ මේවා මෙතනින් නතර වේවිද? කොහොම උනත් පහුගිය ලිපි ටිකේ අපිට හොද දැනුමක් ලැබුනා..

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල්නම් කොහෙන් නතර වෙයිද කියල හිතන්න බැහැ
      මිනිස්සු හොර මැරකම් කරන එකට මම මුකුත් කියන්නේ නැහැ
      නමුත් නීතිය රකින්න ඉන්න අය එහෙම කරන එකෙන් වෙන්නේ ලොකු හානියක්

      හිතන්න පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිධන් හාරන්න අනුබල දෙනවා කියලා
      ඒක සාමාන්‍ය මිනිහෙක් හරි දේශපාළුවෙක් හරි නිධන් මංකොල්ල කනවට වැඩිය ගොඩක් බරපතලයි....
      එහෙම ඒවත් වෙනවා, විස්තර සහිතව ලියන්න බැහැ යම් යම් හේතු නිසා :(

      Delete
  5. අනේ ඇත්තට... හොරු ටිකයි, හොරුන්ගෙත් හොරු ටිකයි ගිවිසුමක් ගහන්න ඇති උඹල කට පියාගෙන හිටියොත් අපි මෙහෙම කරලා දඬුවම අඩු කරල දෙනව කියල.... අන්තිමට පොලෝසියෙ උන්ගෙ කල්ල මරේ.... ඔය එක සිද්දියක් විතරයිනෙ.... තව ඔහොම මංකොල්ල කාගනිපුව මොනතරම් ඇත්ද?
    අර මනුස්සයට කතා කරන එක වැරැද්දක් විදියට දකින්නෙ නෑ මං නම්.... ඒක ලොකු පුතාගෙ මනුස්සකම...
    මේ කතා පෙළ ගෙන ආ එක ගැන ලොකු පුතාට ගොඩක්ම ස්තුතියි.... මම නම් නොදන්න දේවල් බොහොමයක් දැනගත්තා මේ ලිපි පෙලෙන්...

    ReplyDelete
    Replies
    1. එහෙම ගිවිසුම් ගහන්න දෙයක් නැහැ අක්කේ
      බලු කූඩුවකට දවසක් හරි පය ගහපු එකෙක් දන්නවා "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" කියල කියන්නේ නිකන් නෙමෙයි කියලා
      බලතල පාවිච්චි කරලා කරන වැඩනේ මෙව්වා
      උලත් එකයි පිලත් එකයි කියල හිතන එකෙකුට ඇරෙන්න ඇත්ත කියන්න බැහැ ඒ වගේ වේලාවකදී

      මම සයුරිට දීල තියෙන පිළිතුරත් පොඩ්ඩක් බලන්නකෝ...

      Delete
    2. අර ලංකාදීප පත්තරේ තිබ්බ එකා වගේ මුනුත් නඩුකාරයට කිව්වොත් කොහොම හිටියිද? අන්තිමට නඩ්ඩටත් හිතෙයි, 'බොලේ...මෙක මරු බිස්නස් එකනෙ... කොරල බලන්නෝන...' කියල... :D

      Delete
  6. සමාජය ගැන කියූ කතා පෙලක්.

    ReplyDelete
    Replies
    1. සමාජයේ නොදකින පැතිකඩක්....

      Delete
  7. මේ නිධන් කතා ඔක්කොම ආසාවෙන් බැලුව....මට තියෙන දුක ඉස්සරහටත් ඔය හොරකම් දිගටම වෙන එක ගැන...
    .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ.
      සැඟවිලා තියෙන නිධන් ටික ඉවර වෙනකල්ම මේ සෙල්ලම සිද්ධ වේවි....

      Delete
  8. නිදන් ගැන හුගක් දේවල් දැන ගත්තා මේ පෝස්‍ට් ටිකෙන්...

    අපේ පොලීසියෙ ඔය වගේ වැඩ නිසා හොද අයත් නරකයි කියලා හිතන්න වෙලා.. :((

    ReplyDelete
    Replies
    1. නිසු නංගි අදමයි නේද මෙහාට ආවේ
      සාදරයෙන් පිලිගන්නවා

      පොලිසියේ ඉන්නෙත් අපි වගේම මිනිස්සුනේ
      ඒ අය අතරෙත් අපේ සමාජයේ ඉන්නවා වගේම හොඳ සහ නරක උදවිය ඉන්නවා :(

      Delete
  9. හ්ම්..පන්සලක් බුදු පිළිමයක් කඩලා දාල නිධාන හොයන එක හරිම පහත් නීච වැඩක්..ඒ වගේ ඒවනම් මමත් පිළිකුල් කරනවා..ඒත් ඇත්තටම මට හිතාගන්න බැහැ..ඔයි කැළෑවක ගල් ගුහාවක වගේ තියෙන රජවරුන්ගෙ වස්තුවක් වගේ දෙයක් ගන්න පුලුවන්නම් ගන්න එක වැරැද්දක් තියෙනවද කියල..වැරදි දෙයක්නම් කිව්වෙ සමාවෙන්න..නිකන් මට හිතුන හැටි විතරයි මේ..මම නම් ඕවට කිසිම සම්බන්දයක් නෑ ඕන්..

    ReplyDelete
    Replies
    1. චෛත්‍ය, බුදු පිළිම කඩන උදවිය එහෙම කරන්නේ නිධන් හොයන්නම නෙමෙයි
      ලංකාවේ බෞද්ධ මූලයන් විනාශ කිරීමේ අරමුණ ඇතිව යම් යම් සංවිධාන ක්‍රියාත්මක උනා නිධන් හොරු මුවාවෙන්
      ඇත්තටම නිධන් හාරන අය බොහෝ දුරට නියමාකාරවම වගේ දන්නවා නිධන් තියෙන ස්ථානයන් ගැන

      ඔයා කියපු දේ ගැන මගේ මතය මෙහෙමයි
      මම මිට කලිනුත් කිව්වා වගේ සමහර නිධාන කාලයත් එක්ක විනාශවෙලා යනවා
      ඒ කියන්නේ මැණික් නිධාන වගේ ඒවා (මම අහල තියෙන විදිහට)
      ඒ වගේ ඒවා සහ නිකරුණේ ගස් ගල් යට හැංගිලා තියෙන නිධාන රජයේ මැදිහත්වීමෙන් ගොඩ අරගෙන රටේ දියුණුවට යොදවනවානම් හොඳයි කියන එක තමයි මගේ මතය
      ඒකෙන් කියවෙන්නේ නැහැ ඒවා රජයේ ඉන්න ලොකු ලොක්කන්ගේ සාක්කු වලට යා යුතුයි කියලා

      Delete
  10. කතා ටික නම් ආසාවෙන් බැලුවා. ඒත් වෙනදේවල් ගැන නම් හිතට දුකයි. :(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි...
      ලෝකේ තියෙන නරක පොඩ්ඩක් දැක්ක කියලා දුක් වෙන්නේ ඇයි
      මේ ලෝකේ කොච්චර ලස්සන සහ හොඳ දේවල් තියෙනවද බලල සතුටු වෙන්න

      Delete
  11. හ්ම්...හොඳ කතා පේළියක්....

    ReplyDelete
    Replies
    1. ඔබා මාමගේ කතා සාගරේත් එක්ක බැලුවහම අපි කියන කතා මොනවද කියල හිතෙනවා... :))

      Delete
  12. හොද කට ටිකක්ක් තියනව මෙතන මෙව ගොතපු එව නෙවෙයි නම්.................. , නිදාන කියනේ ඇත්ත කතාවක්..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා...
      මේ ඔක්කොම දේවල් සම්පුර්ණ ඇත්ත,
      ගොඩක් ඒවා මම ඒවා ගැන සොයා යාමේදී මට දැනගන්න ලැබුණු දේවල්
      මෙතන ලියන්න බැරි කමට සමහර දේවල් නොලියා හිටියා මිසක් කිසිම දෙයක් අතින් දැම්මේ නැහැ
      ඒ වගේම තමයි නිධන් කියන්නේ ඇත්ත දෙයක් බව මම හොඳින්ම දන්නවා
      ජයවේවා....!!

      Delete
  13. සමාජයේ තවත් ඇතුලාන්තයක්..හෙම්..පොඩිකාලේ මිතුරො ගමේ කොලේ කැලේ අපිත් එක්ක පොඩිකාලේ සෙල්ලම් කරපු ඈයො ලොකු වෙන කොට එක එක පැතිවලට යන්ව තම..නමුත් ඔවුන් පාරෙ තොටේ දැක්කම සිනහවකින් සංග්‍රහ කොරල වචනයක් දෙකක් දෙඩුවට මක්කා වෙනවද අනිවා මමත් එහේමයි..හැබැ ලොක්කො පරිස්සමෙන්..දන්නවනේ..බුරුව ගහනව බලං හිටියත් ඇති නොවෑ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බන්...
      මම එහෙම ජාමේ බේරගන්න ජාතියේ එකෙක් නෙමෙයිනම් මේ වෙද්දී කොහේ ඉන්නවද කියල හිතා ගන්න බැහැ... :))

      Delete
  14. නිදන් ගැන කතා ටික නම් හොඳයි... ආසාවෙන් කියෙවුවා...
    ඒත් ඔය පොලෝසියෙන් කොල වැඩේ නම් හරි නැතිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බීටා.
      එහෙම කියන්න එපා යාළු, පොලිස් මාමල පව්නේ... :)

      Delete
  15. //මගේ හිතේ සිටිනා කුඩා සෙල්ලම් සගයා මරා දැමීමට මා හට නොහැකිය.// මේක කියවද්දී මටත් මගේ පාසල් යාලුවෝ මතක වුනා අපිට වඩා පාසලේ හොඳින් ඉගන ගත්තු මගේ යාලුවෝ අද පාරේ.නීති රකින මිනිස්සු කරන වැරදි ඉතින් දෙවියොම තමා දකින්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් මගේ යාළුවො ගොඩ දෙනෙක් කාලයත් එක්ක මග ඇරීගෙන යනවා
      සමහර දේවල් මතක් වෙද්දී හිතට ගොඩක් දුකයි

      ඉන්න තරමක් දෙයියෝ හැදිලා ඉන්නේ මැටියෙන් හරි, සිමෙන්තියෙන් හරි, මොකක් හරි ලෝහයකින් හරිනේ
      කවුරුහරි ඉන්න තැනකින් උස්සලා වෙන තැනකින් තිබ්බොත් මිසක් තනියම ඇවිදින්නවත් බැරි උන් වහන්සේලා, මනුසතා කරන මේ වැරදි ගැන කොහොම හොයල බලන්නද සහෝදරයා

      (මම මේක කිව්වේ උඹට උපහාසේකටවත් අපහාසෙකටවත් නෙමෙයි මචන්, මට දෙයියෝ ගැන හිතෙන්නේ එහෙම නිසා)

      Delete
    2. නැ නැ මමත් දෙවියෝ ගැන හිතන්නේ නැහැ.කට වහරේට කියන්නේ දෙවියොම බලන්න ඕනේ කියල නේ එකයි එහෙම කිවුවේ.මොනවා වුනත් වැදගත් පොස්ට් ටිකක් ඉවර වුනේ.

      Delete
    3. මමත් ඒක තේරුම ගත්තා බං.
      මම ඉන්න රටේ ඉන්න මිනිස්සු අදහන දෙයියොත් එක්ක තියෙන කේන්තිය නිසා දැන් දෙයියෝ කියන නම ඇහුනත් තද වෙනවා බං :)
      මිනිස්සු ඕනේ එකක් අදහුවට කමක් නැහැ, අපිව ඒවයෙන් බයිට් වෙන්නේ නැත්නම්
      ඒත් ඉතින් මෙහේ කොහෙද ඒ සෙල්ලම්
      දෙයියට ඕනේ විදිහට තමයි අපිත් ඉන්න ඕනේ

      Delete
  16. පොලෝසිය කෝමත් ඕමය.. කතාව සිලාය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තිතියි යාළුවා

      පොලිස් මාමලාට එහෙම කියන්න එපාය
      නිල රථයෙන් අපේ ගෙදරටම පැමිණ මාව එක්කාසු කරගෙන ගොස් වාඩිවෙන්න පුටුවක් සහ බැලීමට ටීවී එකක් දමාදී දවල්ට කෑවේද කියා අසා බොහොම ආදරෙන් සැළකුවේද ලංකාවේ පොලිස් මාමලාය
      (ඒ මා උසස්පෙළ කරන කාලයේදී, වෙනකෙකු කල වරදක් වෙනුවෙන් මිනිස් ඇපයක්‌ වශයෙන් පොලිසි ගෙනගිය අවස්ථාවේදීය)

      ඉතින් මම ඔවුන්ට ටිකක් විතර මනාපය
      නමුත් වැඩිපුර ඇත්තේ අමනාපයක්ය :)))

      Delete
  17. මමත් අහලා තියෙනවා නිධාන හොරකම් කරන අයට එවල පල විපාක ලැබෙනවාලු කියලා

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සු දුක විඳිනවා, සමහරු තාම හොඳින් ඉන්නවා
      ඒක එහෙම වෙන්නේ ඒ ඒ මිනිස්සු කරලා තියෙන පෙර පින් අනුවත් වෙන්න පුළුවන්
      නමුත් ඒ කරන වැඩවලට අදාළ පල දීමක් කවදා හෝ ලැබේවි

      Delete
  18. ඔය හොරුන්ගෙන් කීයෙන් කීයද අහුවෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්... ගොඩක් වෙලාවට අහු වෙන්නේ පොඩි පොඩි උන්ව විතරයි
      ලොකු උන් එළියේ....

      Delete
  19. මං නං රැදී සිටියේ නෑ. අද තමා නිදන් සීරිස් එකම කියෝලා ඉවර කලේ. එක දවසක් කෑල්ලක් කියෝලා ගියාට පහුගිය ඒවා කියවන්න ලැබුනේ නෑ.

    වටිනා ලිපි පෙලක්. අර අසූචි කතාව වගේම තමා. නිදන් වලින් ගන්න දේවලුත් යාදෙන්න විදිහක් නෑනේ..... මං හිතන්නෙ කොච්චර නිදන් හැරූවත් ඒකෙන් ගොඩගිය ගිය මිනිස්සු නැතුව ඇති.

    ලියවිල්ල නං පංකාදුයි!

    ReplyDelete
    Replies
    1. හී...හී... එහෙම ප්‍රශ්නයක් නැහැ චූටි මහත්තයා
      ඒක ඇත්ත, එක එක්කෙනාට එකම වෙලාවට කර්මය පල දෙන්නේ නැති උනත් කවදාහරි පල දේවි
      ගොඩගියා වගේ පේන අය හිටියට එයාලගෙත් වෙලාව එයි කවදාහරි
      බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් එකට

      Delete
  20. සෑහෙන්න දුක හිතෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙනම් මොනා කරන්නද... ඔය නඩු භාන්ඩ අස්තානගත වීම නම් මම හොඳට දන්නවා..... කුඩු කියලා අල්ලන දේවල් පාන් පිටි පවුඩර් වෙන ඒවා ගැනත් අහලා ඇතිනේ.... සාමාන්‍ය මිනිස්සුන්ට හැප්පෙන්න අමාරුයි

    ReplyDelete