පළමු කොටසින්
"අපි ආපහු ඔය වැඩ වලට නැහැ බං" කියල අපි දෙන්න ආපහු හැරිලා යන්න හදද්දී ඌ අපිව නවත්ත ගන්න සෑහෙන්න ට්‍රයි කළා. ඒත් අපි දෙන්නගේ හිත් හොඳටම කලකිරිලා ඉවරයි ඒ වෙද්දී. මේ වෙනකොට වෙලාව රෑ 10:00 ත් පහු වෙලාද කොහෙද. සියාතුලගේ ගෙදර ඒ අහල පහලම තිබුනට අපිට එහෙ යන්න හිතක් තිබුනේ නැහැ.
----------------------------------------------------------------------------------
ඉතින් අපි දෙන්නත් එක්ක ගියා ඒ කිට්ටුවම තිබ්බ අපේ හොඳ යාළුවෙක් වෙච්ච "කස්ස"ලගේ ගෙවල් පැත්තට. ඌ ඒ කාලේ වෙද්දී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වගේම, විජය නිවාසයේ නායකයා. උන්ගේ ගෙදරට ගියාම අපේ උන් කවුරුවත් එහේ නැහැ. කස්සලගේ අම්මා කිව්වා එයාල "මේරා" ලගේ ගෙදර ගිහින් බැජ් හදනවා කියලා.
එහෙට යන්නත් කිලෝමීටර 6 ක් 7 ක් යන්න ඕනේ. ඒ මදිවට කිසිම ලයිට් එළියක් නැති පාරක මහා කළුවරේ.
අපි දෙන්න අස්පය නැති වෙච්ච කව්බෝයි ඩබලක් වගේ ටවුම දිහාට ගෑටුවා. ඒ දවස් වල අපිටත් ටවුන් එකේ ලොකු ලොකු අයියල එක්ක යාළු වෙන්න අඳුන ගන්න එහෙම උණක් තිබ්බ කාලේ. ටවුන් එකේ පැය ගනන් කට්ට කාල එහෙම අය කීප දෙනෙක්ව අඳුනගෙනත් හිටියේ.
ඔය අතරේ එක අයිය කෙනෙක් හිටියා, ඌ වලිවලට එහෙම වැඩිය නැති මගේ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් වෙච්ච එකෙක්. නම "කුලේ". කුලේ ගාව තමයි ටවුන් එකේ යතුර තියෙන්නේ, එහෙමයි ඒ දවස් වල හැමෝම වගේ කිව්වේ. ඒ කියන්නේ ටවුන් එක අරින්නේ වහන්නේ ඌ, මොකද උදේ පාන්දරම ටවුන් එකට ඇවිත් අන්තිමටම වගේ ටවුන් එකෙන් යන බුවෙක්. දිනපතා ටවුමේ සිද්ධ වෙන විශේෂ සිද්ධි හැම දෙයක්ම වගේ ඌ දන්නවා. ඉතින් ඌට එහෙම කියන එකෙත් වැරද්දක් නැහැ වගේ.
අපි දෙන්න මහා රෑ ටවුන් එකේ කැරකෙනකොට කුලේව හම්බ උනා. හිතේ දුකටත් එක්ක අපි ඌට සිද්ධිය කිව්වා. කතාව අහගෙන ඉඳලා ඊට පස්සේ ඌ ඒ වෙලාවේ කාගෙන මන්ද පුෂ් බයික් එකක් අපි දෙන්නට හොයල දුන්න යන දිහාවක පලයල්ලා කියලා.
වෙලාවේ හැටියට ඒකත් ලොකු දෙයක්නේ. ඉතින් අපි දෙන්න කලුවරේම අර තුන්කාලේ බයික් එකේ නැගල දැන් යනවා මේරලගේ ගෙවල් දිහාවට. අතරමගදී පාලුම පාළු හරියේදී දෙන්නට ටිකක් බය හිතුනත් එක්ක, ඒත් ඒ වෙලාවේ හිතේ ඇති වෙලා තිබ්බ කළකිරීම නිසා ඔව්ව මුකුත් ගානක් නැහැ.
මෙහෙම ගිහින් අපි දෙන්න එක්ක අර කියන ගෙදරට ගිහින් කතා කලා. මේරා ඇවිත් අපිත් එක්ක කතා කලා, කස්සත් එළියට ආව. ඒත් එක පාරටම තව කීප දෙනෙක් පොඩ්ඩක් වටපිට බලන්න ගත්ත අපි එක්ක තව කවුරු හරි ඇවිත් ඉන්නවද කියලා උන්ගේ ඔත්තු බලන්න.
ඒ මදිවට අපි දෙන්නව ගේ ඇතුලට ගත්තෙත් නැහැ, ඒත් අපිට උන් ඉන්න තත්ත්වය තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් තිබුනා.
පස්සේ එළියට පුටු දෙකක් ගෙනත් දීල තේ දෙකකුත් ගෙනාවා, ඒක බීල ඊට පස්සේ අපි දෙන්න එන්න පිටත් වුනා. වෙච්ච සිද්ධිය හරියටම කිව්වේ කස්සට විතරයි, ඒත් එහේ අපිට එදා රෑ නතර වෙන්න කියන්න උන්ටත් බැහැ.
දැන් ඉතින් අපහු රෑ 12:30 ට විතර ආපහු ටවුන් එකට ආවා. ඉතුරු කාලය ගත කරන්නේ කොහෙද කියන එක තමයි ප්‍රශ්නේ. මෙච්චර රෑ වෙලා නැත්නම් කස්සලගේ ගෙදරට ගිහින් හරි නිදා ගන්න තිබ්බ. මොකද ඌ ගෙදර නැහැ කියල නැහැ, උන්ගේ අම්මා අපිටත් අම්මා කෙනෙක් වගේ, ඒ ගෙදරට වද්ද ගන්නවා ඕනෙම වෙලාවක.
වෙනදා සංගීතයක් බැලුවත්, වෙන කොහේ හරි ගියත් කට්ටියම ඇවිත් රෑ නිදා ගන්න ඉස්කෝලෙට ගිහින් නිදා ගන්න දෙන්නගෙම හිත්වල කැමැත්තකුත් නැහැ. ලඟින් හිටපු එවුන් එකතු වෙලා හිත බින්දට පස්සේ ඒකෙ තියෙන වේදනාව ඔය හැමෝම වගේ දන්නවා ඇතිනේ. ඔක්කොම හරි, තිබ්බ කරදර මදිවට දැන් බයික් එකකුත් පරිස්සම් කරන්න වෙලා.
අන්තිමට දෙන්න එක්ක ඉස්කෝලේ ටිකක් පේන මානේ තියෙන බස් හෝල්ට් එකක රෑ ගත කරන්න තීරණය කලා. ඒකෙ තිබුණු සිමෙන්ති බංකුවෙ අපි දෙන්නට නිදා ගන්න යන්තමට වගේ ඉඩ තියෙනවා. වෙලාවට බයික් එකේ ලොක් එකක් තිබුනා, ඒක ලොක් කරලා යතුර සාක්කුවක දාගෙන අපි නිදා ගත්තා. අපිට ඇහැරිලා බලනකොට හොඳටම එළිය වැටිලා. වැඩට යන්න ආපු අක්කල දෙන්නෙක් සැරින් සැරේ අපි දිහා හැරි හැරී බලනවා. අපිට ඒකෙ වගක් නැහැ. බයිසිකලෙත් හොරු අරගෙන නැහැ ඉතින් හිතටත් සතුටුයි.
එහෙනම් අපි දෙන්න යමු කියල යන්න හදනකොට තමයි මට තරු පැන්නේ. මගේ අලුත්ම සෙරෙප්පු දෙක හොරු අරගෙන. ඒ මදිවට බයිසිකලෙත් හුලන් ඇරලා.
හොඳ වෙලාවට මම පරණ සෙරෙප්පු දෙක විසි කලේ නැත්තේ. ආපහු කස්සලගේ ගෙදරට ගිහින් පරණ සෙරෙප්පු දෙකත් දාගෙන හොඳටම බිඳුණු හිතත් අරගෙන ගෙදර යන්න බස් එකට නැග්ගා.
සියාතුවා අර බයික් එකට හුළං ගහලා අයිතිකාරයට බාර දීලම ගෙදර යන්නම් කිව්වා. මොකද උගේ ගෙදරට ගොඩක් ලඟයි ටවුමේ ඉඳලා.
එතනින් පස්සේ අර යාළුවො ඇවිත් එක එක කතා කියල සියාතුවගෙන් සමාව ඉල්ලලා තිබුනා. "උඹට නෙමෙයි බං අපි එහෙම කිව්වේ අරූ(මම) හිටපු නිසයි එහෙම කිව්වේ" කියලා. ඒත් සියාතුව නියම යාළුවෙක් වගේ මගේ පැත්ත අරගෙන ඉඳල තිබුනා. මොකද ඌ දන්නවා උන් ටික මගේ ගාවට ඇවිත් ආපහු කියන්නෙත් ඕකම කියලා. "සියාතු හිටපු නිසයි එහෙම කිව්වේ" කියලා.
පස්සේ ක්‍රීඩා උත්සවයට අපි පොඩියට වගේ උදව් කලා, වගේම අපේ නිවාසය පළමුවෙනි ස්ථානයත් ගත්තා. ඒත් ඒ කිසි දේකින් හිතේ සතුටක් ඇති වුනේ නැහැ.
එතනින් පස්සේ ඒ සෙට් එකත් එක්ක දැක්කහම කතා කලාට ලොකු හිතවත්කමක් ඇති උනේ නැහැ කවදාවත්. ඒක අදටත් එහෙමයි.
ඒත් සියාතුවා, කස්සා, කුඩ්ඩා එහෙම අදටත් මගේ හොඳ යාලුවෝ....
ගිය පාර නිවාඩු ගියහමත් මට මුන් දෙන්න හම්බ වුනා, නියම යාළුවන්ව සොයා ගන්න උදව් කරපු අර "වහල උඩ හිටපු මොහොත" මගේ ජීවිතයට හරි වටිනවා. මේ වගේ මොහොතවල් කොච්චර වටිනවද කියල මේ වගේ දේකට මුණ දීපු අය දන්නවා ඇති.
මම යාළුවෙක්ව ආශ්‍රය කරන්නේ බොක්කෙන්. බොරුවට යාළුකම් මගේ ගාව නැහැ, මට හිතට අල්ලන්නේ නැත්නම් මම කාටවත් ලං වෙන්නෙත් නැහැ.
කොහොම උනත් මේ විදිහට මගේ ජීවිතේට නොයෙකුත් අත්දැකීම් එකතු කරලා මගේ ජීවිතේට පන්නරයක් ලබා දීපු හැම දෙනාටම අද මම ස්තුතිවන්ත වෙනවා.

ලොකු පුතා,
ReplyDeleteඔහොම කතාවක් තියෙනවා ලංකාවෙ English Literature වලට උගන්නන. "Dear Departed" කියලා. වයසක තාත්තා මැරිලයි කියලා හිතාගෙන කට්ටිය කරන විකාර,. පස්සෙ තාත්තා ඇහැරිලා පහලට බැහැගෙන එනවා. තාත්තා අඳුරා ගන්නවා තමන්ගෙ ලමයින්ගෙ නියම ස්වභාවය.
henryblogwalker the Dude
යාලුවෝ ජීවිතයට ඕනෑ තමයි..ඒ උනත් අඳුනා ගත්තු...කතා බහ කරපු ඔක්කොම යාළුවො වෙන්නෙත් නෑනෙ...දිල්ගෙ ජීවිතේ බොක්කෙන්ම ආශ්‍රය කරන යාලුවො ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්...මොකද පණ දෙන්න වගේ කතා බහ කරන අය අපි හැරෙද්දී බෙල්ල කපන වෙලාවල් ඕනැ තරම් තියෙනවා...අනික එහෙම දෙයක් උනොත් හිත රිදෙනවා වැඩියි....
ReplyDeleteබලාගෙන ගියාම ලොකු පුතා එදා මාර කට්ටක්නෙ කාලා තියෙන්නෙ...දැන් අර " මේරා " කියන කෙනාගේ ගෙදර ඇතුලට එන්න ඔයාලට තහනම් උනේ ඇයි ? එතන මොනවත් නරක වැඩක්වත් උනාද ?
මම නම් යාළුවො ගැන ලේබල් ගහලා තියා ගන්නෙ නැහැ.. ඉන්න වෙලාවට වගේම නැති වෙලාවට මොනවා කිව්වත්, නොකිව්වත් .. මම බොක්කෙන්ම ඉන්නවා.. උන් අපිට මොනා කලත් ගානක් නැහැ..යාළුවොනෙ..යාළුවො කියන්නෙ ඒ නිසානෙ කියල හිත හදා ගන්නවා..අපි වාගේම යාළුවොත් කාලය එක්ක.. තාලය වෙනස් වෙනවා.. හරි වැරදි තේරෙනවා.. වෙනස් වෙනවා.. එතකොට අපි කවුරුහරි ගැන එක සිද්ධියක් නිසා ලේබල් ගහ ගෙන හිටියොත් අපි වැරදී නේද.. මගේ පුද්ගලික මතය මේක..මම අදහන දේ එහෙමම හැමෝටම අදාල වෙන්නෙ නෑ..
ReplyDelete@ Dude
ReplyDeleteඒකෙන් පස්සේ අර වයසක තාත්තා සියදිවි හානි කරගත්තා කියල එහෙම අන්තිම පිටුවේ වගේ ලියවිලා නැද්ද අයියේ.
@ දිල්
ඒක ඇත්ත, ඒත් ඒ කාලේදී අපිට ඉතින් හැමෝම යාළුවොනේ. ඒකනේ හිත් රිදෙන්නේ. ඒ වගේ යාලුවෝ එක්ක ආශ්‍රය අඩු කරලා දාන එක තමයි මම කරන්නේ. හැබැයි තරහ වෙන්නේ නැහැ. ඒ වගේම වැඩිය ලං වෙන්නෙත් නැහැ.
දැක්කහම සුහදව කතාබහ කරනවා එච්චරයි.
"මේරා" ලගේ ගෙදර එදා විජය නිවාසේ බැජ් හදනවනේ, ඉතින් අපිව ඇතුලට අරගෙන බැහැනෙ දේව රහස් එළිවෙන නිසා :)
@ Weni
ReplyDeleteඔව් වෙනී උඹ කියන කතාවත් හරි.
නමුත් මගේ ක්‍රමයට ගැලපෙන්නේ නැති සම්බන්ධකම් වලට මම ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. අත්ඇරලා දානවා නෙමෙයි. ආශ්‍රය අතේ දුරින්.
කාලානුරූපව සිද්ධවන වෙනස්කම් එක්ක යාළුකම වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත.
මේ මගේ තව යාළුවෙක්, කියවල බලන්න.
මගේ තාත්තා නැති වෙලා ටික කාලෙකින් මගේ ගාව තිබ්බ මෝටර් සයිකලේ විකුණන්න මම තීරණය කළා 110,000/- ට. ඒක ගන්න කැමති උනේ මම ඉස්කෝලෙන් අස්වුනාට පස්සේ දැනඅඳුන ගත්තු එකට කාගෙන, එකට බීගෙන ඉතාම ළඟින් හිටපු යාළුවෙක්.(පිට ගමකින් අපේ ගමට රස්සාවක් නිසා ආපු කෙනෙක්)
25,000/- ක් දීලා ඉතුරු ටික සතියකින් දෙන්නම් කියලා බයික් එක අරගෙන ගිය යාළුවා, ඒ සල්ලි නොදී කට්ටි පනින්න ගත්තට පස්සේ තවත් ඒ වගේ යාලුවෝ ආශ්‍රය කරන්න පුලුවන්ද මනුස්සයෙකුට.
සල්ලි නැති එකෙක්නම් කමක් නැහැ, උගේ නමටම ලොරි දෙකකුත් තිබ්බා ඒ වෙද්දී.
අවුරුද්දකට පස්සේ මිනිහගේ බාප්පා කෙනෙක් හරහා මට එන්න තියෙන සල්ලි වලින් කොටසක් ලැබුණා.
ඒත් ඒ වෙද්දී මට ඒකෙ වටිනාකමක් නැහැ. අපි අතරේ තිබ්බ යාලුකමේ වටිනාකම ඊටත් වඩා අඩු වෙලා නැතිම වෙලා ගියා.
ඔව ඔහොම තමයි බං...අර බයිසිකලේ හුලං අරින්ඩ ඇත්තේත් අරුන්ද දන්නැ..හුඟක් යාලුවො අපි ලඟ ඉන්නේ වාසියට තමයි..එක නේමේ උඹල පුදුම කට්ටක්නේ රෑ කාල තියෙන්නේ....
ReplyDeleteයාලුවෝ නම් මටත් එමට හිටියා . හොඳ එවුන් සහ .. පජාත එවුන් දෙගොල්ලෝම සම සමව . අන්තිමට මට හොඳම බැස්ටිය දුන්නෙත් මගේම යාළුවෙක් ..හොඳ එකාව අඳුනගන්න අමාරුයි
ReplyDelete@ Raj
ReplyDeleteනැහැ බං, මම හිතන්නේ ඒක කරන්න ඇත්තේ වෙන කවුරුහරි. මොකද උන්ට අපිත් එක්ක එහෙම තරහ වෙන්න තරමේ හේතුවකුත් නැහැනේ.
ඒක මහලොකු කට්ටක් නෙමෙයි මචං. හිත බිඳිච්ච එක තමයි වැඩිය අමාරු.
@ හිස් අහස
මම උඹේ "යාළුවෝ" සම්බන්ධ කතාව කියවල තියෙනවා.
ඔහොම තමයි බං අපිට ගේම් දෙන්නත්, අපේ හිත් රිදවන්නත් පුළුවන් ළඟින් ඉන්න අයටනේ.
එක පාරක් හිත බිඳුනොත් ආයේ හදනවා බොරු...සමහරුනම් ගානක් නැති ගානට ඉන්න හැදුවත් මටනම් අමාරුයි එහෙම ඉන්න...එහෙම අයව කොහු මිටක දුරින් තමයි තියා ගන්න ඕන :)
ReplyDelete@ සයුරි
ReplyDeleteඔව් සයුරි මමත් ඒ වගේ තමයි ගොඩක් වෙලාවට හිතන්නේ ;-)
යාළුවෝ ගැන මගේ නම් තියෙන්නේ ඒ තරම් සතුටු දායක ආකල්පයක් නම් නෙවෙයි. අදටත් මම දෙතුන් දෙනෙක් ඇරෙන්න යාළුවෝ නෑ. මොකද ඕන කාලෙට නැති යාළුවෝ දැන් කොහොමටත් වැඩක් නෑ. මම අන්ත අසරණ වුණු වෙලාවල් ඕන තරම් යාළුවෝ නිසා.
ReplyDelete@ බට්ටි
ReplyDeleteබට්ටිට යාලුවෝ නිසා වෙච්ච කරදරේකුත් මම දැක්කා බට්ටිගේ පෝස්ට් එකක.
ඔයාට එහෙම හිතෙන එකේ වැරද්දක් කියන්න බැහැ බට්ටි.
හැබැයි බට්ටියේ මටනම් යාළුවෝ ඉන්නවා තොගයක්ම. ඒත් හැමෝවම ලඟින්ම ආශ්‍රය කරන්නේ නැහැ. මම හොඳම යාලුවෝ කියල තෝරාගෙන ඉන්න උන්නම් බහුතරයක් මගේ දුකේදී, සැපේදී දෙකේදීම මාත් එක්ක හිටියා සහ තාමත් ඉන්නවා. මාත් එහෙමයි.
ඒ නිසා මගේ තෝරා ගැනීම ගැන මම සතුටුයි.
අන්න නියම යාළුවො
ReplyDelete@ Observer
ReplyDeleteඒකනේ ඔබා අයියේ..