මේ කියන සන්ධියේදී මම උන්නේ 4 වසරේ. අපේ පන්තිය තිබුනේ ටකරන් හෝල් එකේ. ඒ කියන්නේ ලොකු ඩොන්ග ගහකිනුයි ලොකුම ලොකු අඹ ගහකිනුයි හෙවන වැටිච්ච බිමට සිමෙන්ති නොදාපු දිග හෝල් එකක්. මේකෙ 3 වසර සහ 4 වසරේ පන්ති ටික තිබුන කියල තමයි මට මතක. මේකෙ ඉගෙන ගන්නවා කියන්නේ කකුල් දෙකේ හැමතැනම දුවිලි ගෑවෙන එකේ ඉවරයක් නැහැ. මොකද මේ වයසේදී අපිටත් එක විදිහකට ඉන්න බැහැනේ. ඒත් ඒක හරි අපුරු ගොඩනැගිල්ලක්.
එක දවසක් අපිට පන්තිභාර ගුරුතුමී කිව්වා ලබන සතියේ ඉඳල ඔයගොල්ලෝ ඉස්කෝලේ එන්න ඕනේ හවස් වරුවේ කියලා. ඉස්කෝලෙන් අපි හිටපු ටකරන් හෝල් එක ගලවලා අහක් කරලා අලුතින් හෝල් එකක් හදන්න පටන් ගන්නලු යන්නේ.
දැන් ඉතින් අපි වෙනද වෙලාවට නෙමෙයි දවල් 12:00 ට ඉස්කෝලේ එන්න පටන් ගත්තා.
මේ දවස් වල අපේ ඉස්කෝලෙට අලුත් තරුණ ගුරුතුමීලා දෙන්නෙක් ඇවිත් තිබුනා. මම හිතන්නේ අර දුෂ්කර සේවා වලට දාපු දෙන්නෙක්ද කොහෙද. ඒ දෙන්නගෙන් එක්කෙනෙකුට තමයි අපේ පන්තිය බාර වෙලා තිබුනේ.
මම හිටියේ "චිත්‍රා" ටීචර්ගේ පන්තියේ, එක දවසක් මම මොකක් හරි ගෙදර වැඩක් කරගෙන ආවේ නැහැ කියලද කොහෙද මාව ගෑනු ළමයි දෙන්නෙක්ගේ මැද්දෙන් වාඩි කරවලත් තිබ්බ මේ මිස්. අපි ඉතින් මේ දවස් වල තනිකරම වගේ කලේ සතර පොත. මේ මිස්ල දෙන්න ආවට පස්සේ අපේ ඉස්කෝලේ ලොකු වෙනසක් උනා. මීට කලින් කවදාවත් ළමයෙක් අපේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වේ පාස් වෙලා තිබුනේ නැහැ. මේ මිස්ල දෙන්නගේ කැපවීම නිසා අපේ ඉස්කෝලෙන් ළමයි තුන් දෙනෙක් ඉස්-ඉස්සෙල්ලම ශිෂ්‍යත්වේ පාස් උනා. ඒ මගේ චුටි අක්ක සහ තවත් ළමයි දෙන්නෙක්.
ඊට පස්සේ අවුරුද්දේ අපි එකොලොස් දෙනෙක් පාස් උනා. පස්සේ මම ගමේ ඉස්කෝලෙන් අස්වෙලා ටිකක් ලොකු ඉස්කෝලෙකට ගියා. මම ඉස්කෝලෙන් අස් වෙන්න කලින් ඒ මිස්ල දෙන්න අපේ ගෙදරත් ඇවිත් ගියා. ඒ ආපු දවසේ මම පුටුවක් උඩ නැගල අපේ මිදුලේ තිබුන පොඩි තැඹිලි ගහෙන් ගෙඩි දෙකක් කඩලා මිස්ලට බොන්න දුන්න කියලත් මට මතකයි.
අද ඒ තැඹිලි ගහේ උසත් එක්ක කාලය අපිව අතහැරලා කොච්චර පියාඹල ගිහිල්ලද කියලා තේරෙනවා.
අර මිස්ල දෙන්න එයාලගේ දුෂ්කර කාල සීමාව ඉවර වෙලා ටික කාලෙකට පස්සේ ඉස්කෝලෙන් අස් වෙලා යන්න ගියා කියලත් මට පස්සේ කාලෙක ආරංචි උනා.
එක දවසක් මම මේ විදිහට දවල් වෙලා ඉස්කෝලේ එන්න හදන දවසක අම්මා හොඳටෝම උන ගැනිලා නිදාගෙන හිටියා. අක්කල උදේ ඉස්කෝලේ යන හින්ද ගෙදරත් වෙන කවුරුවත් නැහැ. දැන් ඉතින් මම දවල්ට කන්න ගෙනියන්නේ මොනවද කියන ප්‍රශ්නේ මගේ හිතේ බලපෑවා. ඒ දවස් වල හැමදාම වගේ මගේ ගාව තිබ්බ දුඹුරු පාට පුංචි ප්ලාස්ටික් පෙට්ටියේ බත් එකක් අරගෙන යනවා ඉස්කෝලේ යද්දී. කඩෙන් කන පුරුද්දක් අපිට තිබුනේ නැහැ. අනිත් එක අපේ අම්මා ඒ දවස් වල හරිම අරපිරිමැස්මෙන් තමයි අපිව හැදුවේ සහ ගෙදරදොර වියහියදම් කටයුතු කලේ. කඩේ ගෙනියන්න පවා තාත්තගේ පරණ කලිසම් කපලා බෑග්මලු මහල තිබ්බා. නැත්නම් ෂොපින් බෑග් ගන්න සල්ලි නිකරුනේ යන නිසා.
ඉතින් මේ කියන දවසේ අම්මට නැගිට ගන්නවත් බැහැ, මම අම්මගෙන් ඇහුවා මෙන්න මෙහෙම.
මම : මං බත් ටිකක් උයන්නද අම්මේ
අම්මා : ඔයාට පුළුවනැයි පුතේ උයන්න
මම : මම දැකල තියෙනවනේ අම්මල උයන හැටි, මට පුළුවන් වෙයි
අම්මා : හොඳයි එහෙනම් හාල් හුන්ඩු දෙකක් වී එහෙම අහුලලා හෝදලා කරලා ගන්නකෝ, මම ටික ටික කියල දෙන්නම් උයාගෙන යද්දී.
මමත් ඉතින් වී එහෙම අහුලලා, හාල් ටික හොඳට හෝදලා මුට්ටියකට දාල ගත්තා. දැන් වතුර තියන එක තමයි ප්‍රශ්නේ. අම්මගෙන් ඇහුවහම අම්මා කිව්වා අතේ ඇඟිලි පුරුක් දෙකකට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න වතුර දාල මුට්ටිය අම්මගේ ඇඳ ගාවට අරගෙන එන්නකෝ කියලා.
ඉතින් මමත් එහෙම කලා. දාල තිබුන වතුර ප්‍රමාණය අම්මත් අනුමත කලා. මේ කාලේදී අපේ ගෙදර ගෑස් ලිප්, විදුලි බලය කිසි දෙයක් නැහැ.
ඉතින් දර ලිපට දර ටිකක් දාල භූමිතෙල් ටිකකුත් දාල ලිප පත්තු කරලා ගත්තා. බත් එක ලිපේ තිබ්බ, ටික වෙලාවකින් අම්මගේ උපදෙස් පිට අල හොද්දක් හදන්නත් පටන් ගත්තා. අලගෙඩි දෙක තුනක් අරගෙන සුද්ද කරලා, පෙති කැපුවා. ඊට පස්සේ රටළුණු(B ළුණු) ගෙඩියකුත් කපල ගත්තා. මිරිස් තුන පහ අම්මා කියපු ගානට හැඳි ප්‍රමාණයත් දැම්ම, ලුනුත් එහෙමයි.
මේ වෙද්දී බත් එකේ පෙණ දාගෙන උතුරනවා. ඉතින් ඒකෙ පියන ඇරලා (අම්මා කියන විදිහටනම් "වහුං ඇරලා") ගින්දරත් ටිකක් අඩු කලා. මේ ඔක්කොම කරන්නේ අම්මගේ උපදෙස් පිට.
ඊට පස්සේ බත් එක ඉදෙනකන් වෙන වැඩ මුකුත් කරන්න ගියේ නැහැ. පොල්කටු හැන්දක කූර පැත්තෙන් බත පොඩ්ඩක් කුරු ගාල අඩියේ වතුර එහෙම තියෙනවද කියලත් බැලුවා. පස්සේ බත් ඇට අමු නැහැ කියල තේරුනාට පස්සේ බත් එක ලිපෙන් බෑවා.
දැන් ඉතින් හොද්දේ ඉතුරු කොටස. කලින් දවසේ බිඳපු පොල් ගෙඩියක බෑයක් තිබිලා ඒක ගාල එහෙම ගත්තා. ඒකටත් අපේ ගෙදර තිබුනේ අර වාඩි වෙලා පොල් ගාන ජාතියේ හිරමණයක්. මම පොල් ගානකොට ඒක පිටිපස්සෙන් උඩ යනවත් එක්ක. ඉස්සර අක්කල එහෙම පොල් ගාද්දී අපි ඒ බංකු හිරමණේ පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා ඒක එහේ මෙහේ නොයන්න. කොහොම හරි මිටි කිරි ටිකක් වෙනම මිරිකලා ඊට පස්සේ ගත්තු දියකිරි වලින් අල හොද්ද ලිපේ තිබ්බා. මේ වෙනකං කිසිම කරදරයක් උනේ නැහැ. පස්සේ අල තැම්බිලාද කියල බලන විදිහත් අම්මා කියපු විදිහටම කලා. පස්සේ මිටිකිරි ටික එහෙම දාල එක පාරක් උතුරාගෙන එද්දී හැඳිගාලා පොඩ්ඩක් බලාගෙන හිටියා. ඊට පස්සේ ආපහු උතුරාගෙන එද්දී හැඳි ගාල හොද්ද බෑවා.
බතුයි හොදියි ඔක්කොම හදල ඉවර වෙලා අම්මගෙන් බත් බෙදල දෙන්නද කියලා ඇහුවහම අම්මා "එපා" කිව්වා. අක්කල තව පොඩ්ඩකින් එන නිසා එයාල ආවහම කන්නම් කියල කියපු නිසා මම නිකන් හිටියා. පස්සේ මේ බත් වලින් ටිකක් මගේ ප්ලාස්ටික් පෙට්ටියට දාගෙන රටළුණු දාපු අල හොද්දත් එක්ක ඉස්කෝලෙත් අරගෙන ගියා.
මෙන්න මගේ පළමු අරක්කැමි අත්දැකීම, සෙල්ලම් නැහැ හතරවසරේදී.
මට මේ කතාව එක පාරටම මතක් උනේ අද දවල්ට සහ රෑට දෙකටම මම කෑවේ මේ වගේම කෑම වේලක් නිසා වෙන්න ඕනේ.
පොඩි වෙනසකට තිබ්බේ එදා රතු කැකුළු බත් වෙනුවට අද සුදු බතුත්, එදා අල සහ ළුණු වෙනුවට අද අල, ළුණු සහ කරවල කෑලි දෙක තුනක් එකම හොද්දට එකතු වීම පමණයි.
හැමදේම එක වගේ, ඒත් අවුරුදු 22 කට පස්සෙත් ඒ විදිහටම ජීවිතේ විඳලා සතුටු වෙන්න පුළුවන් කම තියෙන එක ගැන මට ලොකු සතුටක් ඇති උනා.

හතර වසරේදී මෙච්චර හපන් කමක් කරා කියන්නේ දැන් හොඳට උයන්න පුළුවන් ඇති ලොකු පුතා ට :) අපේ ගෙදරත් ඉස්සර තිබුණා ඔය විදියේ හිරමණයක්...මාත් උඩ විසි වෙවී ඒකෙන් පොල් ගාල දීලා තියනවා අම්මට...
ReplyDeleteතරු පහේ හෝටලේකින් කෑවත් මට නම් ගෙදර හදන පොල් සම්බෝලෙයි බතුයි තරම් ඒ එකක් වත් රස නෑ.
ReplyDeleteනියමයි ලොකු පුතා. ලොකු පුතෙක් විදියට යුතුම්කම ගානට ඉශ්ට කරලා තියෙන්නෙ. මම හරි ආසයි ඔයවගෙ කතා අහන්න. මම පොඩි කාලෙ විඳපු දුශ්කරතා ඔය වර්ගයෙ ඒවා නෙවෙයි. මමත් ඒවා ලියන්නම්කෝ.
ReplyDeleteතව එකක් මමත් ඔහොම බත් උයන්න ඉගෙන ගෙන තියෙනවා ගෙදරදිම. ඔය ඇඟිලි පුරුක් දෙකෙන් වතුර ලෙවල් එක ගන්න එකහෙම ..
henryblogwalker the Dude
ඔය වයසෙදි ඔච්චර හපංකමක් කොරන්ද බැරිඋනත්...මටත් දෙයියනේ කියල බතක් උයාගන්ඩ පුලුවං...මචො.
ReplyDeleteහතර වසරෙදී බතක් ඉව්වා එහෙනම් නේද......
ReplyDeleteගෑණු ළමයෙක් උනාම උයන්න දැනගෙන ඉන්න ඕනෙ කියලා ඉස්සර අම්ම කියනවා දිල්ට යන්තම මතකයි...ඒත් අම්ම එක්ක ජීවත් උන කාලේ දිල් කවදාවත්ම උයලා තිබ්බෙ නෑ...ගමේ අම්මා ( ආච්චි අම්මා ) තමා දිල්ගෙ උයන කලාවේ ගුරුවරයා උනේ...උයන වෙලාවට එක එක මාළු පිණි එළවළු වලට එක එක විදියට කුළු බඩු ජාති දාලා ටික ටික උයන්න පුරුදු කලා...දැන්නම් උයන එක ගේමක් නෙමේ...වෙන්න මහත්තයා නම් කියන්නෙ දිල්ට උයන්න පැයක්වත් යන්නෙ නෑ කියලා...
කඩෙන් ගෙනත් මොන මොන ජාති කෑවත් තමන්ගේ අතින් හදාගෙන කන මොන දේත් රසයි කියලා දිල්ට හිතෙනවා...එදා ඔය විදියට ලොකු පුතා හදපු කෑම වේලත් රසට තියෙන්න ඇති...
හිනා වෙන්න එපා...දන්නෙ නැති නිසයි අහන්නෙ...මොකද්ද මේ ඩොන්ග ගහ කියන්නෙ ?
@ සයුරි
ReplyDeleteඕව් සයුරි මම හැමදාම උයාගෙන තමයි කන්නේ. ලොකුම දේ කියන්නේ මම උයන්න ආසයි. සතියකට එක දවසක් එළියෙන් කනවා. එහෙම කන්නෙත් එදාට බඩු මුට්ටු ගන්න එළියට යන්න ඕනෙ නිසා
අර හිරමනේ පස්සේ වාඩි වෙන එකනම් හරි චෝයි වැඩේ නේද
@ StArry aNgeL
ම්ම්.. සුරදුතිකාවකුත් ඇවිත්, ඔයාව සාදරයෙන් පිළිගන්නවා මෙහාට
ඕව් aNgel මටත් ගෙදර හදන(හෝ මම හදන) කෑමවේල මල් මසුරං
@ Dude
ඔව්ව මොනවද අයියේ, ඒක තමයි ජීවිතේ
අයියගේ කතා ටිකත් ලියන්නකෝ
මම අනිවාර්යයෙන්ම දන්නවා අයියගේ කතාව මීට වැඩිය ගොඩක් වෙනස් ඇති ලස්සන ඇති කියලා
අපිට ටිකක් හරි කලින් ඉපදිච්ච අය අපිට වැඩිය මේ ජීවන අරගලයේ යෙදුනා කියල මම දන්නවා
මගේ තාත්තගේ ජීවිත කතාව ඇහුවහම මට පුදුමත් හිතිලා තියෙනවා
තාත්තගේ ජීවිත කතාව බ්ලොග් එකේ ලියන්න හිතාගෙන ඉන්නවා, ඒත් ඒක පටන් ගන්න කලින් ගොඩක් විස්තර එකතු කරගෙන ඉන්න ඕනෙ
@ Raj
ReplyDeleteඒ මදෑ මචං, පොඩි කාලේ නෙමෙයිනේ ඇත්තටම ඕව දැනගන්න ඕනෙ. ලොකු උනාට පස්සෙනේ.
@ දිල්
මමනම් විස්වාස කරන්නේ ගෑනු පිරිමි භේදයක් නැතුව උයන්න දැනගෙන ඉන්න එක වටිනවා කියලා. මටනම් ඔය උයන වැඩේ කොයි වෙලාවෙත් සෙට් වෙන වැඩක්. ඉස්සර යාලුවන්ගේ බෝඩින් වලට ගියාමත් මම උයනවා. කොහේ හරි ට්‍රිප් ගියත් මම උයනවා. දැන් මෙහේ ඉඳගෙනත් උයනවා :)
කියල දීපු කෙනාගේ විදිහටම නෙමෙයි පොඩි පොඩි එක්ස්පරිමන්ට් ටිකක් කලාම තමන්ගේම කියල කලාවක් හදා ගන්න පුළුවන්.
එදා හදපු කෑමවේල විතරක් නෙමේ, කොහොමටත් මම උයන කෑම මට රසයි, ඉතින් මම සතුටින් කනවා :)
කොදොම උනත් දිල් දැන් උයන්න දන්නවනේ, ඒ කියන්නේ වෙන්න මහත්තයට බය වෙන්න දෙයක් නැහැ.
හිනා වෙන්නේ නැහැ දරුවෝ, මම මේ තාම ඩොන්ග වල ඉංග්‍රීසි නම හොයන ගමන්. ඒක විතරක් නෙමේ මම මීට පස්සේ ඔය වගේ වචන දාද්දි පොඩ්ඩක් හොයල විස්තරේ එක්කම දාන්නම්කෝ.
අම්මෝ ඔයාගේ ඔය කතාව කියවද්දී මට නම් ලැජ්ජත් හිතුනා. මොකද මගේ වැඩ සේරම අක්කා කරලා දුන්න නිසා උයන්න පුරැදු වෙන්න වුනමනාවක් තිබ්බේ නෑ. ඒකයි.
ReplyDeleteහතරෙ වසරෙදි බතක් මාලුවක් උයාගන්න පුලුවන් වෙච්චි එක මොනතරම් දෙයක්ද... මම උයන්න පටන් ගත්තෙ O/L කරලා ගෙදර ඉන්න කාලෙ...
ReplyDeleteඅර හිරමනේ උඩ යනවට වාඩිවෙලා ඉන්න එක මල්ලිත් කරල තියෙනව එහෙනම්... මාත් ඒ දවස්වල වාඩිවෙලා ඉන්නවා නැන්ද පොල් ගාද්දි...
අන්න අර මං කලින් කිව්ව බලු කේස් එක ගැන පෝස්ටුවක් දැම්මා... පුලුවන් වෙලාවක ගිහින් බලන්න....
@ batti
ReplyDeleteඒකට මොකද දැන් බට්ටිට උයන්න පුළුවන්නේ...
@ Miyuru
අපේ ගෙදර TV තිබුනේ නැහැනේ අපි පොඩි කාලේ. ඉතින් අම්මල අක්කල එක්ක කුස්සියට වෙලා එයාලට උදව් කරගෙන කතා අහගෙන තමයි මම හිටියේ.
උයන වෙලාවට චිමිනි ලාම්පුව කුස්සිය දිහාවට ගෙනියනවනේ, ඉතින් අපිත් ඒ දිහාවට පළගැටියෝ වගේ ඇදෙනවා. නැත්නම් පොඩි එළියක් ගාවට වෙලා තනියම ඉන්නත් කම්මැලිනේ.
බලු සීන් එක බලන්න මම එන්නම් දැන්.. :)
මාර ලියවිල්ලක් නේ ලොකු පුතේ! දැන් මෙතැන අමුතු දෙයක් නෑ නමුත් කියවන්න ආසාවේ බැරුවා. අන්තිමට හැඟීමකුත් එක්ක එළියට යන්නේ - ඒක තමා රහස - ජයවේවා!
ReplyDelete@ තිස්ස දොඩන්ගොඩ
ReplyDeleteතිස්ස අයියා... ඔයාගේ වචන වල තියෙන මේ විශේෂ ලක්ෂනයනම් කියල වැඩක් නැහැ මහත්තයෝ. පංකාදුයි :)
"එක දවසක් මම මොකක් හරි ගෙදර වැඩක් කරගෙන ආවේ නැහැ කියලද කොහෙද මාව ගෑනු ළමයි දෙන්නෙක්ගේ මැද්දෙන් වාඩි කරවලත් තිබ්බ මේ මිස්."
ReplyDeleteහික්z
@ Chanaka Aruna Munasinghe
ReplyDeleteඅඩේ මේ මකරා නේද... බොහොම සන්තෝසයි මේ පැත්තේ ආවට.
ඔව් මකරෝ, ඒ කාලේ හැටියට ඕක ලොකුම ලොකු දඬුවමක්
මං කොච්චර අමාරුවෙන්ද ඒ දඬුවම වින්දේ :(
http://cyberyaya.blogspot.com/2011/11/blog-post_12.html?showComment=1321078358859#c7230749317759134945
ReplyDeleteඔන්න ඔතනින් තමයි මෙහෙට එන්න පාර හම්බ වුණේ :)
followers Widget එක දාන්නකො
ReplyDelete@ Chanaka Aruna Munasinghe
ReplyDeleteආ.. මකරා ඇවිත් තියෙන්නෙ චුටි මහත්තයාගේ දිහාවේ ඉඳලා.
හරි හරි මකරෝ, ඒක පෙන්නේ නැතුව තිබිල දැන් හරි ගියා නේද.
අපිත් හතරෙදි හිටියේ බිම වැලි තියෙන පන්ති කාමරේක. උඩට පොල්ලතු දෙපැත්තෙ පැලලි. ඒකනං අන්තිම සුවපහසුයි. රස්නෙත් නෑ. එකම ප්‍රස්නෙ ඩෙස් මැටි කලවං වෙච්ච වැලි පොලොවෙ හරියට හිටින්නෙ නැති එක තමා.
ReplyDeleteමුල්ම වරට උයන කෑම එක ඉදිගෙන එද්දි දැනෙන සතුට ගැන ලොකු පුතා ලියලා නෑ. ඒ වගේ අද්දැකීමක් හම්බවෙන්නෙ ජීවිතේට එක පාරයි.
ඒකාලේ අපිත් බලාගෙන ඉඳලා වැඩ කරලා තියෙනවා. කැමතිනම් කියනවන්න, අපි බලාගෙන ඉඳලා කරපු වැඩක්.
http://cyberyaya.blogspot.com/2010/11/blog-post_18.html
මෙන්න මම මුල් වරට සීරියස්ලි යමක් උයපු හැටි
ReplyDeletehttp://status-chanaka.blogspot.com/2009/08/blog-post_5987.html
@ බුද්ධි
ReplyDeleteචුටි මහත්තයා අද නේද මුලින්ම මගේ නිවහනට ගොඩ වැදුනේ. සන්තෝසයි කොලුවෝ මෙහේ ආපු එක ගැනනම්.
අපේ පන්තියත් එහෙම තමයි බං, පොලව ඇදයි නොවැ.ඒ උනාට හරි සනීපයි තමයි.
මම හදපු මුල්ම කෑම එක දිහා බලාන සතුටු වෙන්න තරමක තේරුමක් ඒ කාලේ තිබුනේ නැද්ද කොහෙද චුටි මහත්තයෝ, ඒත් අදටත් කෑම උයල කාල මම සතුටු වෙනවා.
මම දන්නේ නැතුවයි උඹේ වැඩ.
උඹේ බ්ලොගේ (කෙහෙල් කොටුවේ) තියෙන හැම පෝස්ටුවක්ම මම කියවල තියෙන්නෙ චුටි මහත්තයෝ... :)
@ Chanaka Aruna Munasinghe
ReplyDeleteඋඹටත් කියන්න වෙන්නේ බුද්ධියට කියපු එකම තමයි. ඔන්න මම එතනට ගිහින් කමෙන්ටුවකුත් දැම්මා.
උඹේ සෝයා එක වගේම තමයි අපිත් මෙහේ උයන්නේ "පිටි කිරි" වලින්, පොල් ගිනි ගණන්නේ. ඒ වගේම "පිටි කල පොල්කිරි"ත් ගොඩක් ගණන් වගේම රසත් නැහැ. පිටි කිරි වල කියන්න තරම් වරදක් නැහැ.
ලොකු පුතා කොයි පලාතෙද ඉන්නෙ KSA වල? LULU hyper market එකේ පොල් ගෙඩියක් රියාල් 2යි.ගාලත් දෙනවා.ඔයා ලියන දේවල් අපි හැමොගෙම ජීවිත අතිතයට ගෙනියනව.
ReplyDeleteබොහොම ස්තුතියි රීඩර්... ඔයත් ඉන්නේ සව්දියේ වගේ නේද
Deleteඔබව සාදරයෙන් පිලිගන්නවා මගේ පුංචි බ්ලොග් එකට
මම ඉන්නේ දමාම් වල, අපිත් සමහර වෙලාවට කොබාර් තියෙන ලුලු එකට යනවා
පොල් අරගෙන කෑම හදනවට වැඩිය පිටි දාන එක ලේසි නිසා තමයි අපි වැඩියෙන්ම පිටි පාවිච්චි කරන්නේ
පොල් නැතුවම බැරි වේලාවකදීනම් අරගෙන එනවා ලුලු එකෙන් හරි නෙස්ටෝ එකෙන් හරි
මම ඉන්නෙ රියාද්වල. අද තමයි මම ඔයගෙ බ්ලොග් එක කියවන්න පටන් ගත්තෙ.ඔය ඕෆ් රෝඩ් වාහන, ඡායාරූප ශිල්පය වගෙ එවා මමත් ආශකරන දේවල් තමයි.දිගටම ලියන්න මගෙ ශුභ පැතුම්.
Deleteඒ කියන්නේ අපි ඉන්නේ ලේසියෙන් හම්බ වෙන්න පුළුවන් දුරකින් නෙමෙයි
Deleteමමත් ගොඩක්ම කැමැති කැලේ යන්න, ෆොටෝ ගහන්න වගේ දේවල් වලට තමයි
ඒත් බ්ලොග් එකේ ඒ ගැන වැඩිය ලියවුනේ නැහැ
ඉස්සරහට මම ලියන්නම් තවත් ඒ පැති ගැන
ස්තුතියි